.

.

Jul 12, 2014

හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින් - Empty Tin Cans, Marketing & Tin Tin


දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේන් තමන්ගේ සිහිනේ සැබෑ කර ගන්න හතර වෙනි වතාවටත් ඇඹිලිපිටියෙන් පොරක් එනෙවා. හිඟන්නෙක් නෙමෙයි. ගොවියෙක්. ඌ තාත්තත් එක්ක කෙසෙල් වගා කරනවා. කෙහෙල් ගොවියෙක්. ගමේ කොල්ලෙක්. ගොවියෝ කියන්නේ මඩ හේදුවම රජවරුලු නේ. ඒ බයිලා. කසාදයක් හොයන කොට නම් ගොවියට තැනක් තියෙනවා. ඒත් උන් ගොවියෝ නෙමෙයි. නමට ගොවියෝ. ඇත්ත ගොයියා හැමදාම හිඟන්නෝ. ඒත් උනුත් ආසයි රජ වෙන්න. මේ හීනේ ඇම් ජී ධනුෂ්කයටත් තියෙනවා.

හැම එකාම අහනවා, හැමදාම දෙරණ ඩ්‍රීම් ඉස්ටාර් ගැන ලියන මාතලන්, මොකෑ මේ සැරේ නොලිව්වේ කියලා. ඒ මගේ හීනේ කුඩු උන නිසා. මොකෝ මගේ ඩ්‍රීම් ඉස්ටාර්, හර්ෂ දනෝෂ්. මම ඌ ගැන කලින්ම ලියනවා. ඒත් ඌ දිනන්නේ නෑ කියන එකත් මම හොඳටම දන්නවා. දෙරණේ අන්තිම සෙට් එකම පට්ට. සිරසේ දිනපු උන් මේකට ආව නම් අන්තිම 100 ටත් ඉස්සෙල්ලා හැලෙනවා. අනික දෙරණේ ෆයිනල් සෝ එකත් එක්ක බැලුවම, සිරසෙ එක පට්ට ගූ කන්දක්.

එකේ ජජස්ලට ඉන්නේ. සිරසෙන්ම ආපු දෙන්නෙකුයි. තව කොල්ලෙක් වෙන්න දඟලන, පිස්සු යකෙකුයි. අර සිරසෙන්ම ආපු උන් දෙන්නගෙන් එකෙක් හිතාගෙන ඉන්නේ, ඌ රවී ශංකර් කියලා. ඌ දෙන ටෝක් වලට, වයලින් සිතාර් හිටන් ඇඹරෙනවා. අනිත් එකීට බොක්කෙ තියෙන එක කියා ගන්න බෑ. හැම එකාට හොඳයි කියනවා. උන් දක්ෂයෝ. ඒත් උන්ව ජජස්ලට දාලා සුපර්ස් ස්ටාර් එක විනාශයක් කරනවා. දැන් මම හිතන්නේ මිනිස්සු ඒක බලනවට බලනවා මිසක්, ඒ ගැන කතිකාවක් වත් නෑ. වෙනදා වෙන්නේ සිරසෙ ඒවා අනිත් උන් කොපි කරන එක. ඒත්, අද උන් දෙරණ කොපි කරනවා. දෙරණේ නැගලා යන සින්දු මුනුත් කියනවා. ඒත් කිට්ටුවටත් එන්න බෑ.

හතර සැරයක්ම ආපු එකා මේ පාරත් මේ කලියුගයේ සින්දුම කියනවා. ඌ ඒවා නියෙමටම කියනවා. ඒත් වෙනසක් නෑ. ඇත්තටම මිනිස්සු වෙනස් දේට කැමතියි. මෙතනදි අළුත් පරපුරේ කේමදාස, ඒ කියන්නේ නදීක ගුරුගේට යමක් පේනවා. පොර ඒක ධනුෂ්කයට කියනවා.  තරුණයා ඔයාට ගැලපෙන්නේ මෙන්න මේ හැඩය. ඈ.... ඔයා  ඒ ප්‍රභවය තුල ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඈ.. කියලා ශුබ පතනවා. මේ වෙනස ට්‍රෙන්ඩ් එකක් වෙනවා. රණවිරු එකටත් යනවා. සිරසටත් යනවා. ආයේ පාරක් එම් එස් රජවෙනවා.

නදීක කියනවා වගේ, M S  ගේ ගීත, හැම එකාටම කියන්න බෑ. ඒත් ධනුෂ්කයා ඒවා එම් එස්ගේ පුතාලටත් වඩා හොදට කියනවා. මේ ගැන M S ගේ සින්දු කියන, සිරසේ ෂෝ එකකට එන සුසිල් ප්‍රනානදු වෝනින් එකකුත් දෙනවා. පොර හිතන්නේ M S අයිති එයාලට කියලා. M S අයිති එයාලට විතරක් නෙමෙයි. M S මේ මුළු ළෝකෙටම අයිතියි. කළාකාරයෝ හා නිර්මාණ ගැන ළෝකයේ තියෙන සම්මතේ නොදන්න, සම හරක් මේ විදියට හිතනවා. ඒක ඉතින් මේ වගේ ළිං මැඩි ඉන්න රටක, මහා පුදුම දේවල් නෙමෙයි.

M S ලගේ ටැලන්ට් එකට තක්සේරුවක් නෑ. M S ඉස්සෙල්ලම කියන්නේ බයිලා. පොර වාද බයිලා කප් ටික ඔක්කෝම උස්සනවා. ඒ නිසා එයා "බයිලා චක්‍රවර්ති" වෙනවා. ඒත් එයා බයිලම කියන්නේ නෑ. අපේ රටේ උන් සරළ ගී කියලා කියන, පොප් කියන, ජනප්‍රිය සංගීතයට එනවා. එයාම සින්දු ලියනවා. එයාම සංගීතය යොදනවා. එයාම ගායනා කරනවා. මේ ටැලන්ට් එක තියෙන අය බොහෝම අල්පයි. ක්ලෑරන්ස් විජේවර්ධනත් එහෙම කෙනෙක්.

අනික සරම් සල්වාර් ගහගෙන, පොප් කියන්න බෑ. ඒකට හරියන පට්ට පර්සනැලටි එකක් එම් එස්ට තියෙනවා. සාරවිට කාරයන්ගේ කෝට් නැතුව. සුද්දා අඳින විදියට කෝට් එක අඳිනවා. මහත්තයෙක් වගේ ටයි එකකුත් දානවා. මුණ බලන්න පුළුවන් සපත්තු දෙකකුත් දානවා. ඉතින් මෙහෙම කළු සුද්දෙක් දැක්කත් හූ තියන රටේ, M S නැග්ගම, මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මොකෝ M S ගේ සින්දු ජහමනයගේ බොක්කටම වදිනවා. M S කියලා වෙනම ඩාන්ස් එකකුත් තියෙනවා. ඒක M S ට යුනීක්. ඒවා ලේසී පහසු දේවල් නෙමෙයි. බලාගෙන ගියාම අද බලෙන් උගන්වන්න හදන ප්‍රසංගික කලාව, M S ලගේ නිහාල් අය්යලගේ ඇඟෙම තියෙනවා.

එතකොට එක තැන හිටගෙන ඉන්න අමාරුයි. මිනිස්සු නිකන්ම නැටවෙනවා. M S ලා ඇත්තටම සුද්දෝ වගේ හැදුන මිනිස්සු. ඒත් පොරගේ සින්දු වල තියෙන වචන ගැන අධ්‍යයනයක් කලොත්, එයාගේ සිංහළ දැණුම ගැන පුදුම හිතෙනවා. මම හිතන්නේ ලංකාවේ එකෙක්වත් ඒ ගැන කතා කරලවත් ලියලවත් නෑ. අපේ ජැකා නම්, මේ ළඟදි රණවිරු එකේ දෙන පඬි ටෝක් අතරේ "පාර පුරා මල් විසිරෙයි ඇඳපු චීත්තේ..." ගැන, අපූරු විග්‍රහයක් කළා. බොරු කියන්නේ මොකටද? මම ඔය ජැකාගේ පඬි ටෝක් වලට මාර මනාපයි. ඒවා අර ඩොරමඩලාවට ඇවිත්, ගොන් ටෝක් දෙන ටෙලි නාට්ටි ලෙක්චර්ගේ ඒවට වඩා රහයි. අනික ජැකා කියන්නේ ඇත්ත. කඩේ යන එක එයාගේ පෞද්ගලික දෙයක් නේ.

ඉතින්, ගමෙන් ආපු බයියෙක්, ටයි කෝට් අඳින M S ගේ සින්දු කියන කොට, මාතලන්ගේ ඉඳන් දුක්ගන්නාරාල දක්වා, කැලුම් ශ්‍රීමාල් ගේ ඉඳන් උපුල් ශාන්ත දක්වා, ඔක්කෝම කොර වෙනවා. "තමුසෙ නම් මාර යකෙක්  ඔයි..." කියලා, දුක්ගන්නාරාලට කියවෙනවා. ඇත්තටම ඌ යකෙක්. මොකෝ M S ගේ ටෝන් එක ඇවිල්ලා තනිකර වෙස්ටර්න්. ඒක තනිකර බටහිර කටහඬක්. මට නම් C T ටත් වඩා, ඒක වෙස්ටර්න්. ඉතින් මේ පොන්න කටහඬවල් අතරේ, M S ලගේ වගේ පට්ට ටෝන් එකක්, මිනිස්සුන්ගේ බොක්කටම වදිනවා. කෙල්ලෝ තියා, කොල්ලොවත් පොන්න වොයිස් වලට කැමති නෑ. ඒ නිසා වචන අහුලලා දාල සින්දු කියන, "ලා සිඥෝට" උනත් මාකට් එකක් හැදෙනවා.

ඒත් මේ රියැලටි ෂෝ කියන්නේ, තඩි බිස්නස් එකක් ඒ බිස්නස් එකේදි ඔක්කෝම මාකට් වෙනවා. මාකටින් නැගලම යනවා. අපිත් ඉතින් මේවා මාකට් කරනවා. මිනිස්සු විඳවනවට වඩා විඳින්නයි කැමති. තනියෙන් සින්දුවක් අහන වෙලාවක, විරහ ගීයක්, සරළ ගීයක් ඇහුවට. පිරිසක් එක් උනාම, මිනිස්සු කැමති විනෝදෙන් ඉන්න. ඒ වෙලාවට මිනිස්සු කැමති, සික්ස් එයිට් බීට් එකේ සින්දු වලට. කොටින්ම වෙස්ටර්න් ඉස්ටයිල් එකට. වැදි සින්දුව උනත්, බටහිර ආරෙට හැදුවනම් විතරයි මාකට් කර ගන්න පුළුවන්. වැදි සින්දු ඕන් තරම් තියෙද්දි,. "ඕයේ ඔජායේ..." නැගලම යන්නේ ඒ නිසයි. ඔය පොඩි උන්ගේ වැදි නැටුමකට උනත් දාන්නෙ, ඒ සින්දුවනේ. මොකෝ ඒ සින්දුව වැදි සින්දුවක් උනාට, තියෙන්නේ අපේ වචන. සරළයි, සැහැල්ලුයි, රහයි. මතකේ හිටිනවා. දෙසරයක් අහන්න ඕන නෑ. එක පාරෙන් උන්ඩුක පුඡ්චෙටම වදිනවා.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකට, තුන් දෙනෙක් තේරෙනවා. තුන් දෙනා ඉස්ටයිල් තුනක්. ඔතනින් එකෙක් ඉන්නවා, ඌ තමයි සිඟින්වලින් ටැලන්ටඩ්ම. ඒත් ෆයිනල් එන්නත් කලින් ඌ කියනවා, ඌ තමයි ඩ්‍රීම් ස්ටාර් කියලා. ඌට ඉව තියෙනවා. ඌ දන්නවා ටැලන්ටඩ් උනත් ඌ මෙතනට ආවේ ලක් එකට කියලා. ඌ ගරිල්ලා මාකටින් කරලා, පීචං වෙලා නාගන්නෙ නැතුව, කොන්ද කෙලින් තියාගෙන, නියම මිනිහෙක් වගේ ඉන්නවා. දැන් ෆයිනල් ෂෝ එක, දැන් මාකටින් ඕනමයි. සම හරක් නම් ෆයිනල් එන්න කලින් ඉඳලම මාකටින් පටන් ගන්නවා.

තරුණයෝ, ගෑණු ළමයි වගේ අඬනවා. හොටු පෙරාගෙන අඬනවා ඒ හොටු එයාගේ ඇඟේ විතරක් නෙමෙයි, නිවේදකයගේ ඇඟෙත් ගානවා. අයියේ කලිසමක තිබුනෙ නෑ අයියේ කියනවා. ජොකා නැතුව සින්දු කිව්වේ අයියේ. ඔයාගේ ජොකා මට දෙනවද කියලා අහනවා. ඉතින් ජජස්ලටත් හොටු එනවා. අම්මා, ආප්ප වාටියට අත කැපිලා මලා කියනවා. තාත්තා කෝච්ච්යක් නවත්තන්න ගිහින්, මලා කියනවා. සමහර කෙල්ලෝ ෂෝ වලින් පස්සෙ දරුවෝ ඉන්න අම්මලා වෙනවා. මේවා ඇවිත් හිඟන මාකටින්. දැන් තරඟේ තියෙන්නේ, විශ්මිතයි දනුෂ්කයි අතරේ. ඉතින් මුන් දෙන්න දන්න මාකටින් ඔක්කෝම දානවා.

හරියට අර, රන් තලියට තරඟ කරපු සේරිවානිජයි, කඡ්චපුටයි වගේ. ධනුෂ්ක සේරිවානිජ. අනිකා කඡ්චපුට. ඌ පට්ට කුහකයා. ඌ ගාව ෆ්‍රෙන්ඩ්ෂිප් (යාළු කම්) බ්‍රදර්හුඩ් (සහෝදර කම්) ටීම් වර්ක් (කන්ඩාය්ම් හැඟිම්) නෑ. එකම ටාගට් එක රන් තලියට ගේම දෙන්න. ඒවා අර ෆයිනල් වලට කලින් මුන්ට තියන වැඩමුළුවලදි හොඳට පේනව. මූ ඉන්ද්‍රචාප ලියනගේලා, කෞෂල්‍යා ෆර්නෑන්ඩුලා කියන දේවල් පයිසෙකට ගනන් ගන්නේ නෑ. මොකෝ මූ දැනටමත් ඩ්‍රීම් ඉස්ටාර් වෙලා ඉවරයි. ඌ කලින් ඉඳන්ම එකසිය ගානට බොරු කියනවා. ඕන හරකෙකුට තේරෙනවා, මූ පට්ටපල් අමූලික බොරු කියන්නේ කියලා.

ඕන්න දෙවනියට එනවා විෂ්මිත, සින්දු දෙකක් කියනවා. දෙවනි එක ඌරූවරිගේ ඇත්තන්ගේ එකක්. අම්මට හුඩු, වැද්දෝ සෙට් එකත් ගම් පොජ්ජේ ඉඳන් මංගඡ්චලා. කැකුලියොත් ඇවිල්ලා. පට්ට මාකටින්. උන් එකසිය ගානට ඩාන්ස් එකකුත් දෙනවා. මූ හෙන අමාරුවෙන් බෙල්ල කරක කරක සින්දු දෙක ඉවර කර ගන්නවා, හුස්ම හිර කර ගන්නේ නැතුව. ෆයිනල් එකේදිත් මූ අමු කෙප්ප කෙලිනවා. අයියේ කිව්වට කමක් නැද්ද දන්නේ නෑ අයියේ කියලා, අවසර අරගෙනම, පට්ට පච සෙට් එකක් ඇදලා අරිනවා.

වැල්ලවත්තේ ඉන්න එකා, ෂෝ එකට ආවේ අම්පාරේ ඉඳලය කියනවා. බස් එකේ එන්නවත් සල්ලි තිබුනේ නෑ කියනවා. මාර පවු. ඒ තරම් හිඟන්නෝ. තාත්තා යුද්දෙදි තුවාල උනා කියනවා. මම හිතන්නේ ඇෆගනිස්ථාන් වෙන්න ඕන. මොකෝ මහින්ද මහත්තයා මෙහේ යුද්දේ ඉවර කළේ 2009 දී නේ. තාත්තා තුවාල වෙලා, අපි ඒ කාළේ මාර දුකක් වින්දා අයියේ කියනවා කියනවා. ඒ කියන්නේ ඝෝඨාභය මහත්තයා, ඌගේ තාත්තා තුවාල උන කාළේ,  පඩි ගෙවලා නෑ. එයාලත් මහ කැත මිනිස්සු. රණවිරුවන්ට අම්බානට සලකනවා කියලා මහ ළොකුවට කියන්නේ. බලාගෙන ගියාම මේ විෂ්මිත පුතාලා ඒ කාළේ හිඟා කාලනේ.

තුවාල උනා කියන තාත්තා, කිරි ටික වගේ, අපූරුවට ඉන්නවා. අනේ පුතේ, යුද්දෙන් ගේම දීපූ මහින්ද මාමටත් දැන් යුද්දේ මාකට් කර ගන්න එක අමාරු වෙලා, වෙන වෙන දේවල් මාකට් කර ගන්න ට්‍රයි කරණ වෙලාවේ, ඔයාගේ බයිලා වලින් ආයෙත් යුද්දෙ මාකට් කර ගන්න එක බොහෝම අමාරුයි. අනික ඉතින් ඒ තරම් හිඟන්නෝ නම්, අම්මටයි තාත්තටයි සරමකුයි ෂේට් එකකුයි, අම්මට රෙද්දයි හැට්ටෙකුයි අන්දලා, වැද්දෝ හපන විටකුත් හප හප ගෙනාවනම්, අපි උනත් ඇඳගන්නවා. පටන් ගත්ත දවසේ ඉඳලා මෙයාට අදින සමිතා මැඩම්, අනේ විෂ්මිතට එස් එම් එස් ගහන්න කියලා එයත් මාකටින් පාරක් දානවා. ඊට පස්සෙ බ්‍රේක් එකකට යනවා.

ඕන් එනවා, මිනිස්සු ඉල්ලන එකා. ඌ ඇවිත් කියනවා, "ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ..." කියලා. (කොහොමද සින්දුවේ වචන සෙට් එක. ඕකම සේකර ලියලා අමරදේව කිව්වනම් මාර ගීතයක් වෙනවා.) කස්ටියම කොර වෙනවා. වෙන උන්ට දෙන, රැකෝඩ් කරපු, විසිල් චියර් ඕන නෑ. කන පැලෙන්න විසිල් ගහනවා. සුද්දන්ගේ ෂෝ එකක වගේ, සින්දුව අතරෙත් චියර් එක යනවා. අම්බ කුහක, වෛජයන්තත් අප්පුඩි ගහනවා, හොල්මන්ද බේරේ පොල්කොල වෙනවා. නිලියෝ පුටුවේ නටනවා. චන්ද්‍රිකා ඇන්ටිත් චියර් කරනවා. ජැකා පුටුවේ ඉන්නේ හෙන අමාරුවෙන්. මාතලන්ට නදීෂා හේමමාලි යටට ඇඳලා ආපු නැති එක පේන්නෙත් නෑ. ඒක පෙන්නන්නෙත් හාමිනේ.

ශේප් එකේ වැද්දොත් තාලේ අල්ලනවා. නදීකයා ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා. සමිතට එයා ගැනම දුක හිතිලා ලැජ්ජ වෙනවා. ඒක ඉවරවෙලා මූ ඉස්ටේජ් එකේ එහාට මෙහාට යනවා. බෙලෙක්කයක් පෙරලෙන සද්දයක් ගිහින් නවතිනවා. ධනුෂ්කයා එනවා ඉස්ටේජ් එකේ ඉස්සරහට. මියුසික් නැවතිලා.... කාට හරි වාතයක්, එහෙම නැත්නම් පඩයක් ගියත් ඇහෙන් සයිස්. මේන් මූ එක පාරටම කියනවා, "හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවීතේ මල්ලි.... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි..." කියලා. සහතික ඇත්ත නේ යකෝ. අනික මේ මල්ලී කියන කෑල්ලෙන් නංගීලාවත් අමතනවා.


මේ සින්දුවෙන් ඌ එකසිය ගානට මාකට් වෙනවා. මේ සින්දුව ජනප්‍රිය සින්දුවක් නෙමෙයි නේ. මේ ෆයිනල් එකට එනකන්. ඌට මේ සින්දුව දීලා තියෙන්නෙත් දෙරණේ ලොක්කෙක්. කොහොමද උන්ගේ මාකටින්. මූ සින්දුවට අතිනුත් කෑලී දානවා. "අපේ පාටිය පිරිමි පාටියයි..... අපි ඡන්දේ දෙන්නේ වාසියටයි.... කොයි කාගේ ආන්ඩුවත් අපිට එකයි.... අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි..." කියන එකට, මූ "ප්‍රජාතන්ත්‍රවාදයයි සහෝදරවරුනි.." කියන කෑල්ලකුත් දානවා. ඔය කෑල්ල තියෙනවා නේද, ඕක මාර මාකටින් කෑල්ලක්.

මූ ඒ සින්දුව ඇතුලේ, ජෝතී, මිල්ටන් පෙරේරා, මොහොදින් බෙග් කියන ලෙජන්ඩ්, එහෙම නැත්නම් පුරාවෘත තුන, ජීවත් කරවනවා අපූරුවට. ඒ විතරක් නෙමෙයි, ඇන්තනි සී, සෙනාධීර රූපසිංහ, බන්දු මුණසිංහ කියන නළුවෝ තුන් දෙනාම, ඉස්ටේජ් එකට ගේනවා. සෝ එකේ නම "දැන් මතකද" වෙනින් කවුරුවත් නෙමෙයි, ලෙනින් මොරායස්ගේ වැඩක්. එදා මේ ෆිල්ම් එකේ හිටපු එක්කෙනෙක් ඕඩියන්ස් එකෙත් ඉන්නවා. ඒ සුමනා අමරසිංහ. එයාට සන්තෝසෙ උහුලගන්න බැරුව කම්මුල් පුපුරන්න යනව. ඒ නිසා කම්මුල් දෙක අතින් අල්ල ගන්නවා.

අර මහා පතංගර ඉස්ටේජ් එක, ගිනි පෙට්ටියක් වගේ වෙනවා. ධනුෂ්ක යෝධයෙක් වෙනවා. ඌට ඉස්ටේජ් එක ඇඹිලිපිටියෙ කෙහෙල් කොරටුව වගේ. ඌ තාත්තත් දාගෙන බයිසිකලේ පදිනවා වගේ මයික් එකත් අරගෙන ඉස්ටේජ් එක පුරාම යනවා. ඒ තඩි ඉස්ටේජ් එකත් ඌට මදි. කෙහෙල් ගෙඩියක් කනවටත් වඩා ලේසියට මූ සින්දු කියනවා. අනික් උන් වගේ, සරිගම පද බෙල්ල අස්සේ, නහය අස්සේ, බඩේ, පුකේ හිරකරගෙන නහින්න යන්නේ නෑ.  එකෙක්ගෙවත් ඇස් දෙක වෙන කොහේවත් යන්නේ නෑ. ඒකයි ටැලන්ට් එක කියන්නේ. කැමරා කාරය්න්ටත්, මියුසික් දෙන් උන් ටික හිටන් අමතක වෙනවා. මෙච්චර කල් විෂ්මිතට රෙදි නැතුව කඩේ ගියපු සමිතා, ලැජ්ජාවටම නැගිටලා චියර් කරනවා. කීර්ති, ධනුෂ්කගෙ මාකටින් වැඩේ මතක් කරනවා. අහිංසක තාත්තා විකිනෙනවා. ඒත් එක බොරුවක් නෙමෙයි, පට්ට ඇත්ත. මෙච්චර කල් නොආපු අම්මත් ඉන්නවා. දැක්ක ගමන් ඒ මිනිසුන්ගේ තත්වය පේනවා. ආයේ වටයක්, M G ට ඕන නෑ. පොර තමයි ඩ්‍රීම් ඉස්ටාර්.

ඒත් ඉතින් අපේ රටේ උන් ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්. ආයෙත් කඡ්චපුට එනවා. මොකක්ද සින්දුවක් කිව්වා, මට නම් මතකත් නෑ. ආයේ සැරයක් ඌ ගොන් මාකටින් වලට යනවා. "අයියේ, මල්ලි ඇහුවා අයියේ, තෑග්ග මොකක්ද කියලා... මම කිව්වම කාර් එකක් කියලා... එයා කිව්වා, අපිටත් කාර් එකේ රවුමක් යන්න පුළුවන් කියලා.... අපි ජීවීතේට කාර් එකක ගිහින් නෑ අයියේ...." කියනවා. යන්නේ ඉසිපතනෙට. ඒ පාර නම් පට්ට හූවක් එනවා. මොකෝ මූගේ ගොන් මාකටින් නිසා. දැන් මිනිස්සු එහෙමමත් අන්දන්න බෑ.

ධනුෂ්කයා අහනවා, "මගෙන මොනවද ඕන කියලා.. ඒක පට්ට.. ඌ කියනවා, මම එස් එම් එස් ගහපු ඔක්කෝටම සින්දු කිය කියා, රට වටේම යනවා කියලා. පොසිටිව් මාකටින්. බ්‍රේක්, විරාම, ඇඩ්, ත්‍යාග ප්‍රධානෝත්සව, අරවා මේවා හැට හුටා මාරකට පස්සේ, ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්ක වෙනවා. ඌ තාත්තා ගාවට දුවනවා. අර කුහකයගේ මූනෙන් පේනවා ඌගේ කුහක කම. අනේ අර ඌ ආබාධිතයි කියපු තාත්තා කිසි ලෙඩක් නැතුව, අම්මත් එක්කම ඇවිල්ලා, මෙච්චර කල් ලස්සනට තිබුන දෙරණ ඉස්ටේජ් එකේ රෙනවා. අරූ තාත්ගේ කරේ නැගලා අත වන වනා රෙනවා. ඒ පාර, අර ගූ කරත්ත ඔක්කෝම ඉස්ටේජ් එකෙන් අමාරුවෙන් බස්සලා, රන් තලිය සේරීවානිජට දෙනවා.

M G, ලොක්කගේ දේශපාළණ වැඩ සටහන් වලට එක්කාසු කරගන්නවා කියලා, නිව්ස් එකක් එනවා. ඒ කියන්නේ, ලොක්කා M G ගෙන් මාකට් වෙනවා. ඒකේ අවුලක් නෑ. ජෝතිත් අලියගෙ පිටේ නැගලම කඩේ යනවා. ඒත් ඉතින් අපිට කියන්න තියෙන්නේ හිස් ටින් එකක් නම් වෙන්න එපා කියලයි.

භාතිය සන්තුෂ්ගෙන පස්සේ, හොඳ නිර්මාණයන් ආවේ බොහෝම අඩුවෙන්. කීප දෙනෙකුගෙන්. බහුතරයක් ඉන්නේ, පොන්න වොයිස් තියෙන ගායකයොයි. හොටු පෙරාගෙන අඬන එකම ජාතියේ මියුසික් වීඩියෝයි. මිනිස්සු වෙනසක් ඉල්ලනවා. මේ ඒකට හොඳම කාළේ. M S සිංදුම නොකියා. M G කෙනෙක් වෙන එක තමයි ළොකුම දේ. දෙරණෙන් හොඳ ගායකයෝ ටිකක් හොයා ගත්තට, සිරසේ උන් තරම් උන්ව පේන්න නෑ. සිරසෙ සුපර්ස්ටා කප් එක ගහපු උන්, මෙළෝ රහක් නැති උනාට. ෂෙහාන්, සුරේන්ද්‍ර, අමිලා නදීෂානි රටේ නමක් ගදා ගත්තා. ඒත් දෙරණේ උන් දකින්නේ දෙරණෙම විතරයි.

ඒක දෙරණෙන් කරන වැඩක් නම්. ඒක කැත වැඩක් කියන එක තමයි කියන්න තියෙන්නේ. එපා වෙලා තියෙන සිංහළ ගීත කලාව ඇත්තටම හිස් ටින් එකක් වගේ. ඒත් පෞර්ෂයක් තියෙන. පට්ට කටහඬක් තියෙන. වැඩියෙන්ම කතා බහට ලක් වෙච්ච රියලටි ඉස්ටාර් විදියට, උඹට වෙනවා මේ හිස් බෙලෙක්කේ විසි කරලා, පිරිච්ච පුන් කල්සක් ජනතාවට දෙන්න. ඒක, මේ හිස් ටින් වගේ ජීවත් වෙන අපේ හිත් සනහාන්න, ගොඩාක් ඉවහල් වේවී. කාලේකට පස්සේ ජනතාව ජයගත්තා. ජනතා කැමත්ත ජයගත්තා. ඒ ජනතාවටත්, එම් ජී ටත්, මම මගේ හිස් ටින් එකට, මිරිස් කරලක් ගන්න තියෙන, සුපියල් පහෙන් තට්ටුවක් දාලා ආචාර කරනවා.

මම දැක්කා, උඹ ළඟදි ගමේ යනවය කියලා. අනේ ඊට පස්සේ හරි, අර විෂ්මිතයගේ මල්ලිව කාරෙකේ රවුමක් එක්කගෙන පලයන්. උඹට අපි වෙනුවෙන් කරන්න පුළුවන් ළොකුම උදව්ව ඒක. මම මේ කතාව දැක්කේ ෆේස් බුක් එකෙ. ඒක ලියපු එකාට පින්.

මේ ටිකේ මම දවසට කීප වතාවක් මේ වීඩියෝ එක බලනවා ඒත් තාම මට එපා වෙලා නම් නෑ.

95 comments:

  1. මොනවා කියන්නද මං නම් මෙවා බැලිල්ල වැඩිය නෑ හැබැයි කස්ටිය කතා වෙන නිසාම විඩියෝ ටික බැලුවා MG දිනන වෙලාවේ දෙවැනි තැන ගත්ත එකා ගේ මූන නම් ඉරිසියාව හොදට තිබුණා ...දැන් නම් මූට අයිතිකාරයෝ ඉදියි හිණේ සැබෑ උනාම ...මොනවා උනත් දිනපු ඇම්.ජී ගැන මගේ නම් බොක්කෙන්ම සතුටුයි ඒ ඌ අපේ එකෙක් කියා හැගෙන නිසා ය,...

    M.G ජය හොද නිර්මාණ ටිකක් කරන්න ලැබෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං...දැංනං මං තමයි මූව මේ තැනට ගෙනාවේ කියන උං සෑහෙන්නම ඇති

      Delete
    2. අනිවා නැතනම් ඉතින් අනික් උන් ටිකට වෙච්චි දේම තමයි..

      Delete
  2. ඕකට තමයි සත්‍යය ජය ගනී කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ බොහෝම කලාතුරකින් නේ ඒ දේ වෙන්නේ..

      Delete
  3. මෙන්න මේ තාක් ලියවෙච්ච හොඳම විචාරය මාතලන්ගෙන්.

    මේ අදහසට සම්පුර්නයෙන් එකගයි.

    මම සිරස වැඩසටහනත් දෙරණ වැඩසටහනත් , මේ වැඩසටහන් දෙකෙන් එකක්වත් බැලුවෙ නැහැ. නමුත් එම් ජී ධනුෂ්ක දිනුවට පස්සෙ මම ඔහු ගැයූ ගිත සමහරක් යූ ටියුබ් එකෙන් බැලුවා. මේ අවසන් වැඩසටහන මාසෙකට විතර ඉස්සර අහම්බෙන් අතරමගකදී එක් නිවසකදී ධනුෂ්ක ගී ගැයු වැඩ සටහන බැලුවා. ඒ වෙලාවෙදි මම ඒ ගෙදර අයට අනාවැකියක් කියල ආවා මොන හේතුවකින් හරි ධනුෂ්ක අවසන් තරගයට ආවොත් ඔහු මේ තරගය දිනනව කියල. වැඩේ ඒ ආකාරයෙන්ම සිදු වුනා.

    ධනුෂ්ක කට්ටකලා හැදිච්ච එම් එස් කොල්ලෙක්. ඌට එම් එස්ගෙ ස්ටයිල් එක නියමෙට යනවා. වෙන මොනව නොකිව්වත් බ දකින දකින දිනක මහද පොකුණු තලාවේ... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ..." සිංදුව කිව්වනම් ඒකම දින්න ඇති කියලයි මට හිතුනේ. එම්එස්ගෙ බටහිර ස්ටයිල් එක ඔහුගෙ පුතුන්වන සුසිල්ටවත්, සුනිල්ටවත් කියන්න බෑ අඩුම තරමින් මලයා වෝල්ටර් වත් කියන්නෙ නැහැ. ඒක ඇල්ලුවෙ ධනුෂ්ක විතරයි.

    මම සුපර්ස්ටාර් වැඩසටහන්වලින් අවසන් අදියර දෙකක් දක්වාම අඛණ්ඩව බලල තියෙන්නේ අජිත් බණ්ඩාර හිටපු වැඩසටහනත්, සුරේන්දු හිටපු එකත් විතරයි. සාමාන්‍යෙයන් මේ වැඩසටහන් විකාශය වුනේ සිකුරාදා සෙනසුරාදා දවස්වල නිසා මට පුංචි අත්දැකිම් කිපයක් තියෙනවා ඔය එස් එම්එස් ගැන. සාමාන්‍යෙයන් නයිට් ක්ලබ් වල මේ වැඩසටහන් දාලා තියෙනවා.බොන්ඩ සෙට්වෙන පිරිස් විවදාකාරයෙන් රසයක් තියෙන සෙට් . මනෝපාරක් දාගෙන බොන එවුන් වගේම ෆන් එකෙට සෙට් වෙච්ච අයත් ඒ අතරෙ ඉන්නවා.
    සාමාන්‍යෙයන් ජෝති, මිල්ටන්,(දෙන්නම) එම් එස්. වගේ අයට හොඳ ඉල්ලුමක් තියෙන්නෙ මේ තැන්වල. මේවට සෙට්වෙන අයගෙන් එස්එම්එස් හම්බ වෙනවා.

    අනික ධනුෂ්ක අවසන් තරගයේදි හිස් ටින් එකක් ගිතය ටර්නිංග් පොයින්ට් එකක් විදියට ගත්තමා බලන් හිටපු අයට ඒක දැනුනා. එතරම් ජනප්‍රිය නොවුනත් කියන්න තරම් විශේෂයක් නොතිබුණත් ගීතය ඇතුලේ ඔහු වැඩකෑලි ටිකක් දැම්ම නිසා ජයග්‍රහණය තහවුරු වුණා.

    හැබැයි ජෝතිගෙ සිංදු අතර හයර් නෑ ෂුවර් නෑ වගේ ගීතත් කේමදාස මාස්ටර් ජෝතිට හදපු සේරා, ඕංමහත්තුරු බලාසිටින්නා, අපිකොයි කවුරුත් සටන්කරන්නට වාසිටියේ වගේ ගිත සමාජගත නොවුන ගිත වුනාට ඒවයේ සමාජ ගැටලු කතාකරනවා ජෝතිගෙ ගීවල වැදගත්කම ඒකයි



    ReplyDelete
    Replies
    1. දයා....උඹේ කමෙන්ට් එක..මාතාගේ පෝස්ට් එක වගේම සුන්දරයි. මා දකින ගීතය සහ ඒ තුල ඇති ආදරය මෙයයි. මම ගීතය තුලින් තරම් රස විඳින මාධ්‍යයක් තවත් නැහැ. මම හිඟන්නෙක් වෙන්නේ මූල්‍යයම පැතිවල වුනත්...මම මට හිතෙන විදිහේ රස විඳීමේ රජෙක්. මාතාගේ පෝස්ට් එක වගේම උඹේ කමෙන්ට් එක මම මට පුදුම ආතල් එකක් දුන්නා. මම වගේ හිතන එවුන් තව ඉන්න බව මම තේරුම් ගත්තා. ධනුශ්කලා වෙනස් වුනත් මින් ඉස්සරහට, මගේ රස හැඳිනීම වෙනදා වගේමයි.

      Delete
    2. මම මේ එකක් වත් බැලුවේ නෑ. හැබැයි අහම්බෙන් මේ එම්.එස්. ගේ සිංදු කියන කොල්ලා එක දවසක් දැක්කා. පොඩි කාලේ මම එම්.එස්. ගේ ගීත කටපාඩම් කළා. අපේ තාත්තා මට බැන්නා. ඒත් අත ඇරියේ නෑ.

      කවුරුවත් අහපු නැති ගීතයක් කියපු එක කොල්ලට වාසියට හිටිනවා. මොකද නැත්තනම් ඔතන ඉන්න විශාරද කට්ටිය ඒකෙ අඩුපාඩු කියලා, කොල්ලට ලැබෙන්න තියෙන එස්.එම්.එස්. ටික අඩු කරනවා. මාතලන් කියනවා වගේ, අද පිරිමි කටහඬක් තියෙන, ගායන හැකියාවක් තියෙන එකෙකුට මාකටිං අවශ්‍ය නෑ. එම්.එස්.ට ලංකාවේ තියෙන තැනත් මේකෙන් පේනවා.

      Delete
  4. අපිට කොයින්ද පුසෝ බලමාලු කිව්වහේ ... අපි කොමද ඔය සුපර්ස්ටර්ලා බලන්නේ.... එත් ඔය හිස්ටින් එක සින්දුව මේ කොල්ල කියනවා ඔබේ බැටේ දැක්කම මම දැන ගත්තා මේ කොලුවා තැනකට එන විත්තිය මම මෙන්න මෙතැනත් කියලයි ආවේ

    ReplyDelete
    Replies
    1. උඹ කියපු එකක් උනාමයි !!! වැරදිලා නේද බං කිය උනේ එහෙම :D

      Delete
    2. මම කියනකොටත් එක වෙලා ඉවරයි බන් ........ හි .හි.හි........

      Delete
    3. ඒක මේ විචාරයේ හොඳ කමක් නෙමෙයි. පුද්ගලයාගේ හා ජනතා ජයග්‍රහණයේ සතුට හා ආඩම්බරය. එත් කොට ඒ ගැන කතා බහ කරන එකත් සතුටක්. අන්න ඒ දේ තමයි ඔය කාටත් පෙනෙන්නේ. දැනෙන්නේ. රටක් හැටියට මේ වගේ හදවතින් සතුටු වෙන්න පුළුවන් අවස්ථා බොහෝම අඩුයි නේ..

      Delete
  5. ඒ තාත්තා තමංගෙ පුතා දිහා බලලා සතුටු වෙන විදිය දැක්කම මට කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් ආවා.... ආඩම්බරයි සෑහෙන්නම.......

    ReplyDelete
    Replies
    1. හේතුවක් ඇතිව ආඩම්බර වීම. සම හරක් හේතුවක් නැතුවත් ආඩම්බර වෙනවා නේ.

      Delete
  6. මම දන්න අයගෙන් සීයට අනුවක්ම හිස් ටින් එකක් සිංදුව අහල තියෙන්නෙ ධනුෂ්ක කිව්වට පස්සෙලු.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං මම ඇහුවෙත් එදාමයි. මම හිතුවා මූ නාන්න යනවා කියලා. අන්තීමෙට ඌ දිනෙව්වේ ඒ සින්දුව..

      Delete
  7. මාතලන් මම මේ කියන වැඩ සටහන අහන්නේ ඔය එම් ජී දිනුවට පස්සේ.
    කොටින්ම මම දැන් එම් ජී ගේ ෆෑන් කෙනෙක්. සින්දු කියන ස්ටයිල් එක අස්සේ මට කීයටවත් ඔහු අර මෑත කාලේ ආව භාගෙට අඬන ඇඹරෙන ගායකයෝ කියන අද වෙනකොට හඳුන්වා දෙන කෙනෙක් කියලාවත් හිතුනේ නෑ.

    ඒ විතරක් නෙමෙයි මාතලන්ගේ මේ විචාරයත් බොහොම සුපිරියි. උඹට මාධ්‍යකාරයෙක් වෙන්නයි තිබුනේ ඇත්තෙන්ම. මේවගේ සටහන් තවදුරටත් ලියන්න හැකි වේවා. ( කලින් පෝස්ට් එකත් මරු ඈ ! )

    ReplyDelete
    Replies
    1. වෙන්න දෙයක් නෑ මාතලන් මාධ්‍ය තරුවක් තමයි

      Delete
    2. ඕ යේස්.. භාවිතා කරන සෝෂල් මීඩියා ඇතුලේ උඹ ලොකු කැටයමක් කපනවා ලොක්කා !!!
      මේ ලිපිය සාක්කි ඕං . වැඩේ බැලන්ස් !!! ටොපේ ටොප්.

      Delete
    3. බලාගෙන මචෝ මේ අහිංසක ගෙම්බා පුපුරලා මැරෙයි...

      Delete
  8. Patta lipiya Maathalan,adupaduwak ne Angasampurnayenma liyala,AAi apita ekathu karanna kisideyak ne akurak neerama hari,mama me derana show eka youtibe saha gossip lanka ekn beluwe.maathlange (Matamathka hetiyata)blog eke dekala.supiri.uta puluwan JOTHI-MS hidasa purawnna.(ekaeka uwa nethi nokeruwoth)Ranjan-Düsseldorf.

    ReplyDelete
    Replies
    1. අපි සුභවාදීව බලගෙන ඉමු රන්ජන්... ස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
  9. පොඩ්ඩක් ඉදිං මචං .....

    ReplyDelete
    Replies
    1. තාම ඉන්නවා බොක්කෝ...

      Delete
  10. Harima lassana lipiya! Kiyanna bari tharam lassanayi.Thanks.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ළිපිය නෙමෙයි.. සිඳුවීම හා පුද්ගලයා..

      Delete
  11. චන්දන ලියපු පොස්ට් එක කියෙව්වට පස්සේ කීප වතාවක් හිස් ටින් එකක් සින්දුව ඇහුවා. උඹේ සටහනත් එළ

    ReplyDelete
  12. දැන් දැන් කරලියට එන කිසිම රියැලිටි වැඩසයහනකට මගේ කිසිම මනාපයක් නෑ. ආසාවෙන් බැලුවෙ ශ්‍රී ලංකන් ලයිෆ් විතරයි.

    මේ වීඩියෝ ක්ලිප් එකනම් කීපසැරයක්ම බැලුවා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ලබන එකට මං යනවා . PM - DDS කියලා SMS ගහපං ඈ !!!

      Delete
    2. මේ අපේ කොල්ලෙක් මනෝ ... මට නම් එක නිසා අඩම්භරයි .. සංවෙදනා බොගියේ ඊඩ තියන්න M.G සිංදුවක් කරපු දවසක ඒ ගැන ලියන්න . :D

      Delete
    3. ආ ඊළඟට උඹද. එහෙනම් ඉතින් ඇස්.ඇම්.ඇස් ගහන්නම්. ඩී.ඩී.එස් කියන එකට ඩී.ඩී.ටී. කියල ගහන්නද?

      අනිවා, මචං අනිවා.. ඌ උගේ සිංදුවක් අරන් ආව දවසට අපි ලියමු.

      Delete
    4. මම නම් බලනවා. මොකෝ සංගීතයට මම බොහෝම මනාපයි. අකමැති ඒවා යන වෙලාවට රිමෝට් එකේ සයිලන්ස් බටන් එක ඔබනවා..

      Delete
  13. මම වැඩිය super star බලන කෙනෙක් නෙමේ, හේතුව වෙලාව නැතිකම. ඒත් එදා, අහම්බෙන් මං T V එක ලග වැඩි උනේ, බත් පිගන අතේ තියන්, බත් ටික කාල blog එකට set වෙන්න, ඒත් එකපාරටම දාල තිබුන chanal එකේ, යනවා, මේ හිස් ටින් එක ඔළුව , උස්සල බලන කොට දැකල පුරුදු නැති කොල්ලෙක් සින්දුවක් කියනවා, අපුරුවට

    මාතලන් අයියේ..... ඔයාගේ විචාරය balance හැමෝටම, ධනුෂ්ක සුපිරි තරුවක්..... අනිත් අය ගැන මං දන්නේ නැ, ඒ සින්දුව නම් මට නියමෙට ඇල්ලුවා,,,,,,

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව මුළු ලංකාවටම අල්ලලා තියෙන්නේ. මම හිතන්නේ ලංකාවේ මේ තාක් බිහිවෙච්ච ටැල්න්ටඩ් සහ ලකීම කොල්ලා..

      Delete
  14. මාතලන් අයියණ්ඩි..මේක +++++++++++
    මමත් ඕවා බලන කෙනෙක් නෙවෙයි ඇත්තටම..බුකියේ දිගට හරහට මම දැක්කා ඔය හිස් ටින් කතන්දරේ..ඒවුණත් බලන්න කම්මැලිකමට හිටියා..සඳුන් සෙවණේ චන්දන අයියාගෙ පෝස්ටුව දැක්කම තමයි යූටියුබ් එකේ බැලුවේ..කොල්ලා නම් නියමෙටම කියනවානේ M S ගේ සිංදු..මම ඉස්සරවෙලා හිතුවේ ඒක ඇත්තටම M S ගේ රෙකෝර්ඩිං එකක් කියලයි.එච්චරටම නියමයි..මහන්තත්තකමෙන් සහ මූඪකමෙන් හිස උදුම්මවාගත් තවත් පිස්සු සුපර් ස්ටාර් කෙනෙක් නොවේවා කියන එක තමයි මේ පොඩි කොල්ලා වෙනුවෙන් මගේ අවංක පැතුම..
    මෙච්චරකල් මාතලන්ගේ පෝස්ටු කියවලා තිබ්බට අද එක නම් සිරාවටම වැදුණා..ජය!

    ReplyDelete
    Replies
    1. එහෙම වදින්නේ ළිපියේ අඩංගූ දේ නිසා...

      Delete
  15. මම එක දෙයක් විතරක් කියන්නම්. තාරුන්‍යය දෙස නිවැරදි සහ විවෘත මනසින් දකින උඹ වැනි එවුන්ට, නාකි මගෙන් සැලියුට් එකක්.!!!!!!වෙන කියන්න දෙයක් උඹ ඉතිරි කරලා නැහැ.

    මම ඔය වැඩ සටහන ගැන ලියවුනු තැන්වල දාපු කමෙන්ට්ස් නිසා මම සතුටු වෙනවා. මම ඒ තාත්තාගේ දෙපා සිඹිනවා. දරු සෙනෙහස දෝර ගලනවා. සත්තයි මාතා.

    ReplyDelete
    Replies
    1. අරූ අයියා.. ඒ තාත්තගෙ අව්‍යාජත්වය මම හොඳටම දැක්කා.. බොරු සෝබන ,මරිෂි කොම්බු , නෙමෙයි ඒ මනුස්සයාගේ අවංක සතුට . දරු සෙනෙහස, ආඩම්බරය. !!!

      ඩ්‍රීම් ස්ටාර් සේරම දේ වලට වඩා ඒක මට වැදුනා බං . අම්මපා !!!!!

      Delete
    2. අපේ හාමිනේ ෆෝන් දෙකම තියාගෙන එස් එම් එස් දාහක් විතර ගහන්න ඇති. මාව මරාගෙන කන්න යනවා සමහර ඒවා රිජෙක්ට් කියලා. ඉතින් බං මම මක් කොරන්නද?.. ඒ මචෝ ධනුෂ්ක එයාගේ දරුවෙක් උන නිසා..

      Delete
  16. Dream star සීසන් 5 එකේ කිසිම තරගයක් මම බැලුවේ නැහැ. එත් final එකට පස්සේ සඳුදා අපි වැඩට ගියාම අපේ සෙට් එක දීපු comment අහල මම නිකමට you tube එකේ මේක හොයල බැලුව. හිස් ටින් එකක් සින්දුව පට්ට විදියට මේ MG කාරය කියනවා. ඔය සින්දුව මීට කින් මම නම් අහල තිබුනේ නැහැ. MG කියනවා අහුවයින් පසේ තමයි එකේ ඔරිගීනල් එක ගැනත් හොයල බැලුවේ. කොහොම හරි මාතලන් මට මේ වගේ දේකුත් කියන්න ඕන..
    සිරස ගෙනාපු ට්‍රෙන්ඩ් එක කොපි කරපු දෙරණ මේ වතාවේ සිරස අභිබවා ගිහින් සිරසෙන් බිහිවෙච්ච කිසි කෙනෙකුට හැරෙන්නවත් බැරි විදියේ තරුවක් බිහි කරලා තියෙනවා, මේ සැරේ නම් සිරස පරාදයි. එක සිරස පිළිගන්න එකක් නැහැ. එත් එක තමයි ඇත්ත. මාතලන් කියල තියෙනවා වගේම MG කවදාවත් MS නොවී MG ම වෙනවනම් එදාට තමයි MG ගේ වටිනාකම.

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ජෝතිගේ හයර් නෑ ෂුවර් නෑ වගේ ගීතත් කේමදාස මාස්ටර් ජෝතිට හදපු සේරා, ඕංමහත්තුරු බලාසිටින්නා, අපිකොයි කවුරුත් සටන්කරන්නට වාසිටියේ වගේ සිංදු හොයල අහල බලන්න අන්න සිංදු වචන මොලෝ රහක් නැති වුනාට ජෝතිගෙ හඬත් එක්ක ඒවයේ මියුසික් පාට්ස් කියල වැඩක් නෑ දසේල කේමදාසල ජෝති අලුතින් උපද්දලා වගේ සිංදු ඊළඟ තරු තෝරන කාලෙ ඒවත් එලියට එයි.

      Delete
    2. දයා කියනවා වගේ පැරණි ගී වලට ඉල්ලුමක් තරුණ පරපුරෙන්ම එන්නේ. මේ හොටු සින්දු උන්ට එපා වෙලා නිසා. අපි ප්‍රාර්ථනා කරමු අළුත් රැල්ලක් බිහි වේවා කියලා.

      Delete
  17. ඔය ස්ටාර් බැලිල්ල නවත්තල ගොඩක් කල්ය, එත් මාතලන් දනොෂ් ගැන කිව්වට පස්සේ එක බැලුවා, මේ අවසන් තරන්ගේත් බැලුවේ නැත. ඒත් මේ විචරේ කියෙව්වම බලපු නැති එක ගැන දුක හිතුනේය. මාතලන් මේ විචාරය කරන්නේ හුදෙක් සින්දුව බල්ලා අපෝ එයා ට වඩා අරය අහෝන්දයි නැත්තම් මෙයාට වඩා දිනපු කෙනා කොහොමත් හොඳයි යන සරල සීනිබෝල විචාරයක් ලෙස නොවන බව පැහැදිලිවම පෙනුනි .
    මාතලන් මේ ෂෝ වක අධ්‍යනය කර ඇති බවට හොඳින්ම අපිට දැනෙන්නට සලස්වා තිබුනේ මෙන්න මේ වැකියෙනි
    //""මාතලන්ට නදීෂා හේමමාලි යටට ඇඳලා ආපු නැති එක පේන්නෙත් නෑ. ඒක පෙන්නන්නෙත් හාමිනේ.""//

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      උඹේ කටේ සීනි කිලෝ දෙකක් දාන්න ඕන. :D :D

      Delete
    2. ආයෙ මක්කද ගිනි ගින්දර ටෝක්ෂ් එක බොස් !!!

      Delete
    3. මම මචෝ මුන් සෙට් එකටම වශී වෙලා උන්නේ. උඹ පෞද්ගලිකවත් දන්නවනේ මම මියුසික් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියලා...

      Delete
  18. විනොදත්මක අර්තයෙන් මේ ලිපිය කියවන්න හොඳයි. මොකද මැද පෙරදිග ගැන දාපු කොමෙන්ට් පලකරන්නෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ නොවන ඕනම දෙයක් දානවා. ආ... තව එකක්.. අපේ අම්මයි නෝනයි මතක් කරලා එවන ඒවත් දාන්නේ නෑ.

      Delete
  19. එම් ජී සිංදු කිව්ව විදියවත් විෂ්මිත සිංදු කියපු විදියවත් වැඩක් නෑ.මං මේ උඩට පහලට කර කර තාම බලන්නෙ මාතා මේ ඔක්කොම එකට ගොනු කරල ලියලා තියෙන විදිය. විශිෂ්ඨයි අති විශිෂ්ඨයි මාතයිය වසරේ හොදම විවේචනාත්මක ලිපියට හිමි සම්මානය ඔබට හිමි වෙනවා ඒකාන්තයි ඕං

    ReplyDelete
    Replies
    1. නිකා හිටහන් බං කිංඩිය නොදා.. අපිට මොන සම්මානද බං.. උඹලා තමයි අපි ලබපු සම්මාන..

      Delete
  20. මම මගේ බ්ලොග් එකේ මීට කලින් තිබුණු සීසන් 4 ගැන ලිපියක් ලියා ඇති. දැකල නැත්නම් කියවන්න මෙතැනින්.http://nihalw.wordpress.com/2013/01/06
    දෙරණ ඩ්‍රීම් ස්ටාර් මුල සිටම බලන කෙනෙක් මම. මාතලන් ගේ අදහස් වලට ගොඩක් දුරට මම එකඟයි.
    මමත් මේ ගැන ලියන්නයි හිතන් හිටියේ. ඒ හිතන් හිටිය ටික කමෙන්ට් එකක් විදියට මෙහෙම දානවා.
    ධනුෂ්කගෙ ගායනා විලාශයට මම කැමතියි. ගායකයන් නොවන අපිත් සමහර විට ඔය පාටි වලට එහෙම ගියාම සිංදු කෑලි කෑලි කියනව. කෙනෙක් ගීයක් ගයන්නෙ සතුටු වෙන්න. විරහ ගී ඇරුනහම. ගීයක් ගයන විට ගායකයාගේ මුහුණ විකෘති වෙනව නම් , හුස්ම ගන්න බැරුව දඟලනව නම් ස්වර හිර වෙනව නම් එතන හොඳ ගායනයක් නෑ. මම ඔය පිච් ගැන ටෙම්පෝ ගැන දන්නේ නෑ. වික්ටර් රත්නායක "තොටුපල අයිනේ ගීතය අදින විට ඔහුගේ මුහුණ ව්කෘති වෙනවද ? නෑ. MS උනත් එහෙමයි බොහොම සුමටව පහසුවෙන් ගීය ගයනව.
    මේ තරඟ වලට ගායනා කරන ගී , උන්ගේ දෙමාපියන්ටත් වඩා පරණයි. දැන් දැන් හැදෙන ගී ජනතාව අතරට නොයන්නේ ඒවා නී රස නිසයි. එදා මිල්ටන්ලා ජෝතිලා බෙග්ලා ගැයූ ගී තමා තවම මහජනයා ඉල්ලන්නේ.
    මේ තරඟ වලට දෙන තෑගි ප්‍රමාණය වැඩියි. ඒකයි පැරදුනාම හොටු පෙර පෙර අඬන්නේ. උන් හොඳටම දන්නවා ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙ එක්කෙනයි කිය. ඒත් පැරදුනාම අඬනවා. දිණුම පැරදුම බාර ගන්න ලෑස්ති නෑ. ඒ කුහක කම. විශ්මිතගේ කුහක කම ඔහුගේ මුහුණෙන් පෙනෙනවා.

    මීට කලින් ශ්‍රී ලන්කන් ලයිෆ් කියල මේ වගේම වැඩ සටහනක් තිබුණා. ජය ගත්තේ තුෂාර ධනන්ජය. විජය කුමාරතුංගගෙ කට හඬ තියෙන නිසා. ඊට පස්සෙ ඔහුට මොනවා වුනාද දන්නෙ නෑ. ඔහු දිනුවෙ විජය නිසයි. MG ධනුෂ්ක දිනුවෙත් MS නිසයි කියල මට හිතෙන්නේ. MG ධනුෂ්ක කවදා හරි මේ සංගීත ෆීල්ඩ් එකට ඇවිත් ඔහුගේම ගීයක් ඔහුගේම හඬින් ගැයුවොත් ජනප්‍රිය වෙයිද ? අන්න එහෙම උනොත් ඔහු දිනුම්.

    හර්ෂ ධනෝෂ්ටත් මම කැමතියි. ඒත් මේ ශෛලියට පොදු මහජනයා කැමති වෙන්න තව ටිකක් කල් යයි. අනෙක තමා මේ මනාප ක්‍රමය. එයින් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඔය මනාප ක්‍රමයම නිසා රටට වෙලා තියෙන විනාශ දැන් පැහැදිලියි නේද.?

    ReplyDelete
    Replies
    1. මානප ක්‍රමෙන් කෙලවෙච්චි කතාව නම් සහතික ඇත්ත. ඒක එපා කියලා තමයි මමත් කියන්නේ. කීප සැරයක්ම ඒ ගැන ලිව්වත් එක්ක. ඒත් ඉතින් අපි අපි උනත් නොදැනුවත්වම මාකට් වෙන එක තමයි වෙන්නේ.

      Delete
  21. Maathoo,M.G ge sindu tika thun hathara parak ahuwa baluwa.ube report eka pas paarak kiyeuwa.ammapa..boru nemei.M.G wage great porak allagena.anthimata marketing paara set une maatho,bota.

    ReplyDelete
    Replies
    1. තැටිය රත් වෙලාවේ රොටිය පුච්ච ගත්තේ නැත්නම් ෆේල්...

      Delete
  22. MS ගෙ සින්දු වලට වැඩි මනාපයක් තිබ්බෙ නැතත් ජීවිතේටම අහලා නොතිබිච්ච 'හිස් ටිං එක' ෆයිනල් එක දවසෙ MG ගෙන් ඇහුව දවසෙ ඉදන් මගේ ප්‍රියතම ගීතයක් වෙලා. ඒ විතරක්යැ වැඩ කරන වෙලාවට පවා නොදැනීම ඔය සිංදුව කියවෙන තරමටම ඒ සිංදුව තාමත් විඳිනවා… ඒක උගෙම දක්ෂ කම.

    MG ධනුෂ්ක උඹට ජය…………

    (ධනුෂ්කගෙ සිංදුව තරමටම අද පෝස්ටුවත් මාර පට්ට කියන්නෙ පට්ටෙත් පට්ට. ඒ ගැනත් නොකියම බෑ.)

    ReplyDelete
    Replies
    1. හිස් ටින් එකක් වාගේ අපේ මේ - ජීවිතේ මල්ලී :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. පෝස්ට් එක පට්ට ධනුෂ්කයා නිසා බං.. ඒවට තමයි කියන්නේ බ්ලොග් මාකටින් කියලා..

      Delete
  23. මාතේ .. ආයෙ කියන්ඩ මොන මගුලක් වත් නෑ මගේ හිතේ තියන දේ ඒ විදියටම ලියවිලා !!!! ආයෙ මක්කද සුපිරි. පට්ට බැලන්ස් .. ඇනලයිස් පාර කොර !!!!

    ඇත්ත කියන්න් එපෑ..අකිල ගෙ ප්රසන්ටේෂන් එක නං මම බැලුවෙ ලෝක අමාරුවෙන්.මට නං දිරෙව්වෙම නෑ.සමහරවිට තව අත්දැකීම් ලබද්දි අඩු පාඩු හදාගනී.

    MG දිනපු එකට මම පට්ට සතුටුයි..උගේ ගායනය මම විඳපු නිසා වගේම ඌ දිහා බැලුවම තේරෙන එකාට තේරෙනවා ඌ කවුද කියන්න. ඊට එහා අවශ්‍ය නෑ.. !!!

    ReplyDelete
    Replies
    1. ඒකා කාල තියෙන කට්ට බැලුවාම සිංදු කියන්නේ ඇඟේ හයියට. මුලු ජීවිතේම නිකං කරවෙච්ච රෝස් පාන් එකක් වගේ. ඔය විදියට ආව අනික් එකා අජිත් බණ්ඩාර මට උන් ගැන සතුටු ආයෙ අමුතුවෙන් බිමට වැටෙන්න පැදුරක්වත් වැති එවුන් නිසා

      Delete
    2. 100% ක් එකඟයි දයා අයියා.. හදවතින්ම මම සතුටු වෙනවා MG ට ජයග්‍රහණය ලැබුණ එකට. මිනිහා දෙමව්පියෝ දිහා බැලුවාම අප්‍රමාණ සංතෝෂයි ඒ අයට යම් සාධාරණයක් ඉෂ්ට වීම ගැන..

      Delete
    3. ඌට සින්දු කියන එක නිකන් කජු කනවා වගේ.. ආන් ඒකයි බෝන් ටැලන්ට් කියන්නේ. දැන් ඉන්න හොටු සින්දු කියන උන් පුක ඉරාගන්නවා නේ බං සින්දුවක් කියන්න. අපේ ගෙවල් ගාව ගුරෙක් හිටියා ඌට කාළි මෑණිද කව්ද ආවේස උනාමත් ඒ වගේ..

      Delete
  24. මේවා බලන්ට වෙන්නේ නෑ අනේ...:(

    ReplyDelete
    Replies
    1. ඒකනේ සත්තරනේ මෙහෙම දාන්නේ..

      Delete
  25. MG වැඩ්ඩා. සිරසට වඩා දෙරණ ගොඩ ගියේ අරුන්ගෙ කාලකන්නි විනිශ්චය නිසා.

    සිරස පලවෙනි තරුව තෝරපු ෆයිනල් එකට වඩා හයවෙනි සිරස තරුව තොරපු ෆයිනල් ෂෝ එක ගූ...

    කරන්න දෙයක් නැහැ. විනාසයට හේතුව හිතවත්තු, තමන්ගෙ උන් විනිශ්චය මන්ඩලේට යොදා ගැනීම..

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඒක තමයි වුනේ... විනිස්චය මණ්ඩලයක් කියන්නේ දැනුම අවබෝධය භාවිතය සහ එයින් ලැබු පරිණත බවයි. එහෙම නැතුව සුපරු ස්ටාර් වුන පළියටම විනිස්චය කරන්න බෑ මම මේ විනිශ්චය මණ්ඩලවල දැකපු හොඳම සහ දක්ෂතම තුන්දෙනා තමයි ජගත් වික්‍රමසිංහ, සමිතා, සහ චන්ද්‍රිකා සිරිවර්ධන හිටපු විනිශ්චය මණ්ඩල ඒවයින් දුන්න විනිශ්චය 100% නිවැරදියි

      Delete
    2. එක මචෝ ලෝ බජට් හයි ප්‍රොෆිට් ගේමක්. සිරස ගුලිය කාපු එකා මොන ගූ ගොඩක් උනත් බලනවා..

      Delete
  26. පට්ටම ලිවිල්ලමක් මාතලං අයියා.. (මම ඉතිං පට්ට කියන වචනේ හැම තැනම භාවිතා කරන එකෙක් නෙමෙයි..)

    ReplyDelete
    Replies
    1. වල්ල කෑල්ලත් + කරපං බොකුස් ....

      Delete
    2. දේශ්
      මම කොහොමටවත් ඔය “පට්ට“ කියන වචනේ භාවිතයක් නැහැ.

      Delete
    3. මාත් මේ මතක ඇති කාලෙකින් පාවිච්චි කරාමයි දයා..

      Delete
    4. ලිවිල්ලේ නෙමෙයි මචෝ පට්ට තියෙන්නේ, සිද්දියේ...

      Delete
  27. පෝස්ට් එකෙන් පස්සේ තමයි MG ගැන දැනගත්තේ...
    සින්දුත් ඇහුවා... එල කොල්ලෙක්.. එල ලිපියක් අයියේ !

    ReplyDelete
    Replies
    1. බොහොම දෙනෙක් දැකලා තියෙන්නේ මේකේ දැම්මයින් පස්සෙයි. ඒළකිරි එකේ දැම්මයින් පස්සෙයි..

      Delete
  28. තමන් ගේ සින්දු තරුනයෙකු ගායනා කරනවා අසා, තමන්ටත් වඩා හොඳින් ගායනා කලා යැයි පැවසීමට තරම් නිහතමානී වූ සුසිල් ප්‍රෙමරත්න මහතා ගැනත් සඳහන් උනා නම් අනර්ඝය!

    ReplyDelete
    Replies
    1. එහෙම දේවලුත් උනා. ඉතා ඉහලින් ඇගයිය යුතු දෙවල් කුක ප්‍රවීණයෝ ඉන්න රටක.

      Delete
  29. මචංස්ලා.මං අද ඔය හිස් ටින් එක ලයිව් ඇහුවා.M Gගෙදර යන ගමන් පැල්මඩුල්ලේ නැවතිලා සින්දු ටිකක් කියලා ගියේ.පට්ට බං.පට්ට කියන්නේ වල්ල පට්ට.U නලයේ බලනවා වගේ නෙමෙයි.ඇත්තටම පොර දැක්ක ගමන් කියන්න පුලුවන් පවුඩර් බබෙක් නෙමෙයි.1න් ම වල බැහැලා ඉන්න.පොලවෙ පයගහලා ඉන්න කොල්ලෙක් කියලා.පේන තරම් ලොකු ශරීරයක් තියන එකෙකුත් නෙමේ.කාලෙකට පස්සේ මුකුත් පාවිච්චි කරන්නේ නැතුව ලයිව් සින්දුවකට විසිල් 1ක් ගැහුවා......

    ReplyDelete
    Replies
    1. ඒකම ළොකු දෙයක් නේ බං..

      Delete
  30. The best review of DDS. Very Professional..

    ReplyDelete
  31. කාලෙකට පස්සේ බ්ලොග් ලෝකෙට පිවිසුනේ. මේ කොල්ලව අපිට අල්ලලා යන්න හේතුව නම් ආයේ දෙකක් නෑ, එම්.එස්. ගේ යලි ඉපදීම. එම්.එස්.ට පණ දෙන්න එයාගේ පවුල් වල අයට බැරි වුන බව අපිට ඒත්තු යන්නේ, එම්.එස්.ට ආවේනික නර්තන ශෛලිය උන් ගාව නැති නිසා, සහ අයියාගේ/තාත්තගේ ගායන ශෛලිය අපිට නිකංම පිහිටලා ඇති කියන අධි තක්සේරුවේ ඉඳන් ගායනා කිරීම. මම ඒ කාලේ එම්. එස්. ස්ටේජ් එකේ ගීත ගයද්දී පහල යටට වෙලා අහගෙන ඉන්නේ ගීත අහන්නම විතරක් නෙවෙයි. වැටුනොත් අල්ලා ගන්න හිතාගෙන. ඇයි අම්බානක ගහලනේ එන්නේ. :). මේ කොල්ලා අපිට නැති වෙලා ගිය එම්. එස්. අර උඹ කියනවා වගේ එම්.ජී. කෙනෙක් වෙලා දුන්නොත් එදාට අපිට සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එම්.එස් ගේ සිංදු කියන එම්.එස්ගේ ළමයින්ගෙන් හොඳටම කියන්නේ සරත් ප්‍රනාන්දු කියලායි මට හිතෙන්නේ.

      Delete
    2. උඹ දන්නවනේ මම මේ සින්දු වලට තියෙන කැමත්ත. වේදිකාවේ මගේ ප්‍රියතම තමයි, එම් එස්. ඇන්ටන් ජෝන්ස් සහ නිහාල් අයියා...

      Delete
  32. ඔය මඟුල් බලන්නෙ නං නෑ. වෙලාවකුත් නෑ. නමුත් උඹේ විචාරය නං පට්ට. ෂෝ එක නොබැලුවත් රසවිඳින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ.. බොහෝ දෙනෙක් ඔය කතාව කියලා විෂ් කළා..

      Delete
  33. එම්.එස් ගේ සින්දු පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙනවා ඇති වෙන්න.මොකද අපේ තාත්තාගේ කැමතිම ගායකයෙක් නිසා.එම්.ජි දිනපු එක හොඳයි.අර වැල්ලවත්තේ එකත් අවුලක් නැතත් එම්.ජි දිනපු එකට මම වඩාත් කැමතියි.ගයනි අන්තිම තුන්දෙනා වෙනකම් එන්න තිබුණේ.

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් හිටියනම් එලියයි තමයි...

      Delete
  34. අවංකවම මම රියැලිටි ෂෝ බලන එකෙක් නෙවෙයි. මේ ලිපිය කියෙව්වට පස්සේ හිතෙනවා පොඩ්ඩක් බලලා එන්න....

    ReplyDelete
    Replies
    1. මුළු ෂෝ එකම බලන්න ඕන නෑ. වෙන වැඩක් කරන ගමන් පොඩ්ඩක් හොට දානවා ආතල් එකක් යනවනම්. නැත්නම් ඉතින්පැය ගානක් විනාසයි..

      Delete
    2. මටත් මම ඔය සින්දුව ඇහුවෙත් youtube එකෙන්.

      Delete
  35. විචාරයත් අගේට ලියල තිවෙනවා මාතලන්. කොලුවත් බොහොම අගේට සිංදු ටික කියනවා. ඒත් මෙතෙක් තිබුනු ස්ටාර් තරඟ වලින් බිහිවුන එවුන් ගැන හිතුවම, මොකද්දෝ අවිනිශ්චිත බවකුත් දැනෙනවා. මමත් ඔය හැමෝම වගේ MG දිනුවට පස්සෙ තමා කොල්ලගෙ සිංදු හොය හොය ඇහුවෙ. මොනා වුනත් MGට තමුන්ගෙම නිර්මාන වලින් අනන්‍යතාවයක් ගොඩනගාගන්න ලැබුනොත් කාලාන්තරයක් අල්ල හිටී මයෙ හිතේ.

    මාතලන් තෙලිදිය වාඩිය පැත්තෙත් ඉඳ හිටලා ඇවිත් යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ඌ සුරේන්ද්‍ර වගේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගනී කියලා..

      Delete
  36. නියමයි මාතලන් මාත් රියැලිටි ෂෝ බලන එකෙක් නෙවෙයි.මේක කියෙව්වම බලන්න හිතේනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න