.

.

Jul 19, 2014

කතරගම දෙවියෝ - Katharagama


මාතලන්ට ඕන උනා, කතරගම දෙයියෝ හම්බ වෙන්න. මොකෝ ඔය ඌව ඡන්ද ප්‍රතිඵලේ ගැන සමීක්සොන, විස්ලේසොන, ප්‍රතිසත අනම් මනම් ගනන් හැදිලි කොරලා වැඩක් නෑ. කෙලින්ම කතරගම දෙයියෝ හම්බ උනාම වැඩේ ඉවරයි. ඉතින් ඔහේලා හිතන්න ඇති, ඔය අනෙක් උන් වගේ මම පළතුරු වට්ටියකුත් උස්සගෙන, දෙයියෝ හම්බ වෙන්න යන්න ඇති කියලා නේ.

නරපනුවන්ට තියෙන පෝලිමේ නෙමෙයි, VIP පෝලිමේ ගියත්, විනාඩි දෙක තුනක් ඇතුලේ ඉන්න බැරි සයිස් එකක් දැන් තියෙන්නේ. කතා කරන්න තියා. අතට අත දෙන්නවත් හම්බ වෙන්නේ නෑ. අනික, එහෙම හම්බ වෙලා වැඩකුත් නෑ. මේක නිකන් මේ දේශපාළණ සංවදයක් වගේ එකක් නේ. අනික එයාට ෆේස්බුක් එකවුන්ට් එකක්වත් ඉස්කයිප් වත් නෑ නේ.

පටන් ගත්තා වැඩේ. වහගත්තා කාමරේ. ඇඳගත්තා කිරිටොයියා වගේ සුදු සරමක්. උඩට සුදු මේස් බැනියම. බැඳගත්තා ඉනේ බෙල්ට් එක වෙනුවට, කුරහන් සාටකේ. තව ඒ පාටම එකක් අරගෙන ඔළුවේ බැඳගත්තා. මොකෝ, කරේ දාගත්තා නම් කතරගම දෙයියා උනත් බය වෙනවා, ලොක්කාය කියලා හිතලා. එහෙම හිතන එකකුත් නෑ. මාතලන්ට උඩු රැවුල නෑ නේ. ඒත් ඉතින් ඕක කරේ දාගෙන යන තව තුන් හතර දෙනෙක් ඉන්නවනේ. මොකටද නිකන් දෙවිවරු අපහසුතාවයට පත් කරන්නේ.

කෑම මේසේ පුටුවක් අරගෙන, ඒකේ ඉඳගන්න කෑල්ලේ. මල්, බුලත්, පළතුරු (ගෙඩි පූජාව) හඳුන්කූරු, කපුරු, පොල් ගෙඩියක්, අරවා මේවා ඔක්කෝම තියලා, Rs. 1000 කොලේකුත් තියලා, දන්න සොලෝක ගාථා අනම් මනම් ඔක්කෝම කියවනවා. කෝ.... ම්හූ..... ඒ පාර Rs. 2000 කොලයක් දාලා, ආයෙත් පටන් ගත්තා. කෝ... ඒත් නෑ.

ඒ පාර Rs. 5000 කොලයක් එහා ගෙදරින් ණයට ඉල්ලගෙන, ඒක තියලා, දන්න ඔක්කෝම එක්ක, කතරගම දෙවියෝ වඳින, නා දිං තිලක නදිං, කොහොඹ කළේ උකුලේ තියන්, මෝලම් පාරට නටලා සී ඩී එක දාලා, කාවඩි පාරකුත් දැම්මා. ඒත් ආවේ නෑ අප්පා.

මේ සද්දේ ඇහිලා නෝනා ආවා කාමරේට.

ඒ පාර මොකක්ද මේ නටන පිස්සුව? ඒ පාර තොවිල් නටන්න පටන් ගත්තද? දැන් කාලයක් තිස්සේ කාමරේ වහගෙන බොග දානවා. ගන්දස්සාරේ බෑ. අපිට ඉන්නත් නෑ. රටේම ඉන්න කාලකන්නින්ගෙන් එක එක කතා අහන්න වෙලා තියෙන්නේ අපිටයි, අර අහිංසක මගේ නැන්දම්මටයි. මොකක්ද ඒ පාර කරන්න හදන්නේ?

මම මොකා එක්ක වලි දාගත්තත්, නෝනා එක්ක වලි දාගන්නේ නෑ. ඔය ඉතින්.... බයටම නෙමෙයි. එහෙම කරන්න හොඳ නැති නිසා. ඒ පාර මම එයාට ඇත්තම කිව්වා. ඇත්තටම අපේ හාමිනේට මේ වගේ වැඩ ගැන විශාල අවබෝධයක් තියෙනවා. ඇත්තටම එයාට දුක හිතුනා.

දෙයියෝ එන්නේ නෑ අනේ... ඔයා හොයා ගෙන. නිකන් පිස්සු කෙලින්නේ නැතුව, ඔහේ යනවා එයා හොයාගෙන.

කොහොමද අනේ මම උඩ යන්නේ.? එයා ඉන්නේ දිව්ව විමානේ නේ...?

ඇයි අර ඔහේ ගාව පෙට්ටි වල දාලා තියාගෙන ඉන්නේ, පූජා කරන මල් වගයක්. ඒවා ගැහුවාම  හඳට යනවා කියලා නේද කියන්නේ?

අම්මපා හැබෑව. ඕක අමතක උනානේ. හරි හරි නෝනා එහෙනම් එලියට යන්න. මම මලක් පූජා කරලා ඒ පැත්තේ ගිහින් එන්නම්.

ඔන්න දැන් මම මේ හඳට යන ගමන්. "සින්ග්" ගාලා කන ගාවින් SA-11 මිසයිලයක් ගියා. නූලෙන් බේරුනේ. අප්පට හුඩු මේ කොහෙද මම? යුක්‍රේන් පැත්තට ඇවිත්. තව පොඩ්ඩෙන් MH-17 එකට වෙච්චි දේ මට වෙන්නේ. ටක් ගාල හැරිලා මගේ 5G ෆෝන් එකෙන් නැවිගේටරේ දාගෙන කතරගම පැත්තට ආවා. නිකන් හාල් පාරු දෙවිවරු හිටියට තේජස් පොරක් පේන්න නෑ. එකෙක්ගෙන ඇහුවම එයා කියපි. කතරේ දැන් මෙහේ නෑ. එයා ඉන්නේ වැඩහිටි කන්ද පැත්තේ කියලා. ඒ පාර කතරගමින් ආප්පයක් කාලා ආයේ ගියා වැඩහිටි කන්ද පැත්තට.

එකෙක් දෙන්නෙක්ගෙන අහගෙන, හොයාගත්තා කතරගම දෙයි හාන්දුරුවෝ ඉන්න තැන. ඉතින් මම ගිහින් දෝත් මුදුන් දීලා වැඳලා පැත්තකින් ඈඳීගත්තා.

Who are you..?

අම්මටම හැමිනියන්.., මම උඩ ගියා.

මම මේ මාතලන්.

ආ හින්ගල පුළුවන්?

අනේ හොඳටම පුළුවන් දෙයි හාන්දුරුවනේ.

මම හිතුවා, පොත්තත් සුදු නිසා, සිංහල බැරුව ඇති කියලා. මොකෝ ඔය VIP එකෙන් එන ගොඩක් අයට හින්ගල බෑ.

තව ගොඩක් අය එනවා ඇති ඔබ වහන්සේ බැහැ දකින්න.?

අපෝ එනවා. ඒ උනාට මම එයාලට පේන්න යන්නේ නෑ. ඔහේ තමයි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රීයය හාන්දුරුවන්ට පස්සේ මාව හම්බ උනේ.

අනේ කොච්චර දෙයක්ද. මම හිතුවේ ඔබ වහන්සේ අර ගොල්ලත් එක්ක හැමදාම සෙට් වෙනවා ඇති කියලා.

මොන ගොල්ලොද?

අර සාටකේ දාගත්ත සෙට් එක.

හපෝ මතක් කරන්න එපා.

ඒ මොකෝ මයේ දෙයියෝ?

නෑ ඉතින් මගේ ටයිටලෙටත් කෙලියේ ඒ සෙට් එකනේ.

ඒ කිව්වේ කතරගම කෑල්ලට? එතකොට ඔබ වහන්සේ දැන් කතරගම දෙයියෝ නෙමෙයිද?

පිස්සුද..? මම ඇවිල්ලා ජේශ්ඨ කතරගම දෙවියෝ. හරියට අර ජේශ්ඨ කතිකාචාරයවරු, මහාචර්‍රයවරු, ඇමතිවරු වගේමයි.

එතකොට ඔය මිනිස්සු ඔබ වහන්සෙට කියලා, පෝලිමේ ඇවිත් පූජා කරන ඒවා අපරාදෙනේ?

නෑ ඉතින් එහෙමමත් නෑ. මට පූජා කරාට, මට කන්න හම්බ වෙන්නේ නෑ නේ. ගේන උන්ම මළ පෙරේතයෝ වගේ ඒ ටික කනවනේ.

නෑ මම කිව්වේ සල්ලි කොල?

ඒවා අපරාදයක් වෙන්නේ නෑ. ඒවට වග කියන්න ඉතින් කපු මහත්තුරු, නිළමෙවරු ඉන්නවනේ. කී දෙනෙක් නම් ඕකෙන් කාළා බීලා ඉන්නවද?

අනේ.., එහෙනම් මම ආපු කාරනෙන් වැඩක් නෑ?

ඒ මොකක්ද ඒ?

ඌවේ ඡන්දේ ගැන ඔබ වහන්සෙගෙන් ප්‍රෙඩික්ෂන් ටිකක් අරගෙන, මගේ වගේ දාන වැඩේ.

ඒකට ඉතින් මම හම්බ වෙලා හරියන්නේ නෑ නේ. ගිහින් කතරගම දෙවියෝ හම්බ උනා නම් හරි.

ඒ කිව්වේ අර ඌවේ මහ ඇමතිට ඉල්ලන දෙයියද?

එයා මොන දෙයියද..? දෙයියා ඉන්නේ කොල්ලුපිටියේ.

ඕන දෙයක් ඉල්ලගන්න, දැන ගන්න, ඒ දෙයියා ගාවට ගියා නම් හරි.

.o0O0o.

සටහන - කතරගම ගැන හොඳින් දන්නා කෙනෙකු පැවසූයේ, කතරගම දෙවියන් එහි නොමැති බවත්. දැන් වැඩ සිටින්නේ, වැඩහිටි කන්දේ බවත්, එහි භාවනානුයෝගීව සිටින බවත්, කතරගම පුද බිම "කඩවර" දෙවියන්ට බාර දී ඇති බවත්ය. "කඩවර" යනු එසේ මෙසේ දෙවියකු නම් නොවේ. දෙවිවරුන් ගැන දන්නා කෙනෙකුගෙන "කඩවර" දෙවියන් ගැන විමසා දැනගන්න.

109 comments:

  1. පිරිසිදු බෞද්ධ දර්ශනය අනුගමනය කරමි. කිසිදු දෙවියකු නොඅදහමි. එබැවින් සැනසීමෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. එතකොට බණ කියලා ඉවරවෙලා දෙයියන්ට පින් දෙන කොට මොකෑ කරන්නේ?

      Delete
    2. මම සිංහල බෞද්ධයෙක් වෙමි ත්‍රිවිධ රත්නය මගේ රෝද තුන වන අතර හින්දු ඇදහිලි (දර්ශනය නොවේ) ස්පෙයාර් වීල් එක වෙයි
      දෙමලුන්ට ඊලාම් දේශපාලනයට හින්දු ආගම ගලපා ගැනීමට නොහැකි වීමට බලපාන ප්‍රධාන හේතු දෙකෙන් එකක් වන්නේ මා වැන්නන්ය
      ඇමරිකාව වැනි රටවල සිටින බුද්ධාගම අදහන සුද්දන්ට හින්දු ආග බලු බෙට්ටක් වැනි වුවද මට එය නිල් මැණිකකි

      Delete
    3. ඉතින් හරිනේ මාතලන්. සම්‍යක් දෘටික දෙවි වරුන්ට අපි කළ පින් අනුමෝදම් කරවනවා. එය චාරිත්‍රයක්. ඇදහීමක් නෙවෙයි.

      Delete
    4. විචා..
      උන්ට පින් දෙන්නෙ අහවල් මගුලකටද? අදහන්නෙ නැත්නම්..

      Delete
    5. දෙවියන් ඇදහීමත් දෙවියන්ට පින් දීමත් හාත්පසින්ම වෙනස් කාරනා දෙකක් නේද ???

      Delete
  2. කඩවර කියන්නේ අර බාගයක් යකා බාගයක් දෙයියා පොර නේද?
    මටනම් කඩවර කිව්වම මතක් වෙන්නේ ඉස්සර පොඩි කාලේ බලපු කඩවර ටෙලිය , හිටියේ නිහාල් ප්‍රනාන්දුයි රාධා ද මැල් දෙන්නා , එල ටෙලියක්. බලනවනම් අන්න ටෙලි.

    හැබැයි මාතලන් කියන එක කතාවක් ඇත්ත . ඔය සශීන්ද්‍ර කාරයට මිනිස්සු දෙයියෝ වගේ තම සලකන්නේ ඒ පැත්තේ , අනේ අහිංසක මිනිස්සු මිනිහගේ අතින් අල්ලන්න බලාගෙන ඉන්නවා එන දවසට , දැක්කම බඩ පිරෙනවලු , පින් පාටලු. හැබැයි මහජන දිනේට මිනිසු ගෙනත් දෙන ලියුම් එදා හවසම කුණු ගොඩේ තිබෙඔලා හම්බවෙනවා ඒ දීපු මිනිස්සුන්ටම . ආපහු එක අරන් යනවා ඒ මිනිස්සු මේ ලියුම් අර ලේකම් කාරයෝ විසි කරලා මහඇමති තුමාට දෙන්නේ නතුව, මහඇමති තුමා දන්නවනම් උන්ව එල්ලූ ගස් යවනවා කියා කියා .. මිනිස්සු මෝහනය වෙලා ඉන්නේ .. කවදා තේරුම් ගනීද දන්නේ නෑ. ඔය යකා මේ සැරෙත් 80% පන්නනවා මනාප් ප්‍රතිශතය මටනම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. පට්ටම ටෙලි නාට්ටිය මචෝ. රාධා ඩි මෙල් ම්ම කැමතිම නිලියක්.

      අනේ පවු අර හරේන්ද්‍රයා...

      Delete
    2. කඩවර එකේ නිලන්තිගේ ඇක්ටිං කොහොමද?මොකද්ද බං හරේන්ද්‍රය ගෙ කතාව.

      Delete
    3. නිලන්ති තමයි අර කාගේත් අක්කා නේද? මං හිතන්නේ එයා කරපු පලවෙනි ප්‍රහාන චරිතෙද කොහෙද ඒක , මටනම් එකේ අල්ලලා ගියේ අරූ ඒකිගේ කරාඹු දෙක ගලවාගෙන පනින කෑල්ල ,

      හරේන්ද්‍ර නෙවෙයි හරීන්

      Delete
    4. නිලන්ති විජේසිංහ ගේ පළමුවැනි ටෙලි නාට්‍යය ඒ නාට්‍යය වගෙයි මටත් මතක. සිනමා නිළියක වශයෙන් ඇය මුල් වරට රඟපෑවේ පූජිතයෝ චිත්‍රපටියේ කියලයි මම හිතන්නේ. ඇය රූප සුන්දරියක් ලෙස තේරී පත්වුණ කාලෙදියි ඒ චිත්‍රපටියේ රඟපෑවේ.

      http://www.films.lk/uploads/photos/artists/Nilanthi-Wijesinghe_2645.jpg

      Delete
    5. කඩවර කියන ටෙලි නාට්‍ය මමත් බලලා තියෙනවා. කොහොම උනත් ඒකේ අර නිලන්තිගෙ චරිතයටනම් මම කැමතිම නෑ. ඒවගේ චරිත කතා වලට ඇතුල් නොකළයුතුයි කියලා මම හිතනවා. මොකද ඒක කාන්තා පරපුරටම නිග්‍රහයක්.

      Delete
    6. http://www.films.lk/ArtistDetails.php?id=491

      Delete
    7. කඩවර කියන්නෙ නියම ටෙලියක්.නිහල් ප්‍රනාන්දුගෙ පර්සනැල්ටිය නියමෙට තිබුන ටෙලියක්

      Delete
    8. @වනිතා හඬ

      ඒවගේ චරිත සමාජයේ තිබුනට කමක් නෑ කතා වලට ඇතුල් කරාම තමයි අවුල.... එහෙමද ?

      Delete
    9. නිලන්ති දක්ෂ නිලියක් තමයි. සුද්දිලාගේ කතාවේ චරිතයට මම කැමතියි.

      Delete
  3. කතරගම දෙය්යෝ හම්බවෙන්ට ගියේ අර උඩ දෙන්නත් එක්කද? :)

    ReplyDelete
    Replies
    1. තනියෙම අනේ. එයාලත් එක්ක යන්නේ වෙන ගමන් බිමන්..

      Delete
  4. ඒ කියන්නේ කතරගම දෙයියන්ව ත් දැන් වැඩිහිටි නිවාසෙකට ගාල් කරලද?

    ReplyDelete
    Replies
    1. දෙවියොත් එක්ක ගණු දෙණු කරන අය කියන හැටියට නම් ගොඩක් කාළෙකට කලින්.

      Delete
  5. ඕං මචෝ කතරගමයි මලුයි කිව්වම පොඩි ෂීන් එකක් මතක් උනා..

    අපේ නැන්දයි එයාගෙ එයාගෙ අඳුරන ෆැමිලි දෙකකුයි උංගෙ වෑන් එකේ කතරගම යන්ඩ සැට්වෙලා මාවත් පටෝගෙන ගියා උඹත් වරෙං කියලා... රෑ එහෙ ඉඳලා උදේ මට කිව්වා දුර යන්න එපෑ පුතේ තංගල්ලට වත් එලවපං එතනින් මාම ගන්නං කියලා..

    මාත් ඉතිං එලෝගන එද්දි දොදොල් ගන්ඩයි කිරි ගන්නයි ඕනෙ කියලා නැවැත්‍තුවා අයිනෙ කඩේක අර දොදොල් පට්ට එල්ලලා තියන. කට්ටිය බැහැල ගිහිං බඩු තෝරනවා එක විකාරයයි ..

    මං ඉතිං ඩ්‍රයිවිං සීට් එකට වෙලා එහෙම්ම හාන්සි වෙලා හිටියා.. ටිකකිං කොල්ලෙක් ඇවිත් මගෙන් ඇහුවා මල්ලි උඹද මේකෙ ආවෙ කියලා . මං ඔව් අයියෙ කිව්වා..
    ඌ කියනවා..

    " ලබන පාරත් හයර් එකක් එද්දි මේ කඩේම නවත්‍තපං මචං ඈ. "
    කියලා ගුලි කරල ඩැෂ් බෝඩ් එකට දැම්මා
    පොර මාරු .. :D උගෙ හිතේ මං හයර් එකක් ඇවිත් කියලා.

    මොනවද දන්නවද තිබ්බේ. මල් පැකට් එකකුයි රුපියල් 200 කුයි. !!!! මල හත්තිලව්වයි තව පොඩ්ඩෙං :D

    ReplyDelete
    Replies
    1. මල් පැකට් කරලම දෙන්න ඇත්තේ කතරගමට යන කොට පරවෙයි කියලා වෙන්න ඇති. රුපියල් 200 නම් පූජා වට්ටියට..

      කියලා වැඩක් නෑ මචෝ ඔය ගමනේ තියෙන ආතල් නම්. මම ආසම අර අනේ අපෙනුත් ගන්නකෝ කියන මල් කෑලීවලට.

      Delete
    2. පත්තරේ ඔය කඩේ මොකක්ද කියපං..

      Delete
    3. @ සී.ජේ.
      දොදොල් ගන්නද, මල් ගන්නද, 200 ගන්නද?

      Delete
    4. වාහනේ හඳට යයි කියල බයේ මාමට එතෙන්දීම වාහනේ ගන්න උනාලු.

      Delete
    5. හා හා කඩේ කියන් නෑ සල්ලි දෙන්න දොදොල් ගෙනත් දෙන්නං විදානෙ :D
      ඇනො මචං . මං හිතන්නෙ 200 ගන්ඩ වෙන්න ඕනැ බං
      හැලපයියේ. හිත හොඳින් දුන්න දේ විසිකරන්න හොඳයෑ .නැද්ද මං අහන්නෙ :D හැක්

      Delete
    6. මම ඔය දොදොල් කඩ පේලිය ගාව මාස හය හතක් ජීවත්වුනා. නියම සෙට් එකක් හිටියා. එතන කෙලවරේ බාර් එක කරේ අපේ යාළුවෙක්. බදුල්ලේ පොරක් ගාමිණි කියලා. ආතල් පැත්තක් බන්. මේ කියන්නේ 1985 විතර.

      Delete
  6. කතරගම දෙයියොත් අතරමං වෙලා වගේ මුන්ගෙ වැඩ නිසා.

    වෙලාවට මාතලන් අයියා සාටකේ ඔළුවෙ ඔතන් ගියේ නැත්නම් ශෂින්ද්‍ර දෙයියා කියලා රැවටෙන්න තිබුනා රැවුල නැති නිසා. ඌ දෙයියාටත් රැවුල නෑනෙ. :D :D

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒකයි ඔළුවේ ඔතාගෙන ගියේ...

      Delete
  7. මාතලන් අයියා,
    බ්ලොගර් එකෙන් දේවාලයක් දාගන
    වෙස්ටර්න් යුනියන් එකෙන් පඬුරු දාන සෙටම්න්ට් එකකට
    දෙයියන්ව කැමති කරවගන්න බලමුද

    ReplyDelete
    Replies
    1. කතරගම දෙයියන්ගෙන් අවසර ගන්න වෙනවා මචෝ...

      Delete
  8. අයියෝ මාතලේ....කතරෙගෙන් අහන්න එපැයි ගෑණු දෙන් නෙක් එක්ක ඔළුව උස්සන් ජීවත් වුනේ කොහොම ද කියලා.දැන් එයාල යහතින් ඉන්නව ද කියලත්...කොහෙද ඉතින් ගමනක් ගිහින් ඉවරෙලා මිසක යන්න කලින් කියන පුරුද්දක් මේ පිරිමින්ට නෑ නෙව...මටත් තිබුන අහගන්න ප්‍රශ්ණ ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතුවයි මේ වැදගත් දෙයක් ඇර. ඔහේලගේ ළිද ළඟ සංගමේ කතා වෙන වං හුං කතා කොරන්න ගියැයි කියලා. ගෑණු කීයක් හිටියම මට මොකෑ. දෙයියෙක් වෙලා වැඩක් තියෙයි. අඩු ගානේ හතරක් පහක් වත් නැත් නම්.

      Delete
    2. ඔය දෙවිවරුයි සම්ප්‍රදායික පිරිමියි සේරම කාම පිස්සෝ.

      Delete
    3. මාට්ටු වෙන්නේ සම්ප්‍රදායික පැරනි මෝඩ ගෑනු. පිරිමින්ට මාට්ටු වෙන සම්ප්‍රදායික කාන්තාවන් දැන් නෑ.

      Delete
    4. මොකද වනිතා ඇන්ටි ඔයා පිරිමින්ට අකැමැති .අයාලේ ගිහින් මාටුවෙලා මිනිහ # # තට සිපර් එකක් හයි කරලා ඉබ්බෙක් දැම්මද .....

      Delete
    5. ඇන්ටි සමිප්‍රදායික නුතන කන්තාවගේ නංගිද?

      Delete
    6. //අයාලේ ගිහින් මාටුවෙලා මිනිහ # # තට සිපර් එකක් හයි කරලා ඉබ්බෙක් දැම්මද//

      මාලු කටු දාන්න ඇති දෙන්නටම කෙලවෙන්න . . . ඒකයි ඔය ඔරොප්පුව

      Delete
    7. කාමය, මෝඩ ගෑනු සහ පිරිමි ඇර වෙන දෙයක් මේ යෝදිට පේනනෙම නෑ.

      Delete
  9. දෙයියන්ගේ රටේ කට වරද්දාගැනීම දේව උදහසට ලක්වන්නකි.. මේ කියපු දේවල්වලට අනුව මාතලන් දේව උදහසට ලක්වන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙකි.. දැං ඉතිං දෙයියන්ගෙන් සමාව භාජනය කල යුතුය.. එසේ මෙසේ නොව 200ක් විතර එක්ක, ජීවමාන කතරගම දෙයියන් ජනතාව අමතන වෙිදිකාවකදී, බුලත් හුරුළු දී. ඔන්න මේ පාර නං අපි දෙයියයට.. කියා දෙයියන් සතුටු කල යුතුය..
    නැත්නං වන්නේ කටුගෙදර කඩුවට වෙච්ච දේය.. ගොනියක දමා... එක්කෝ ඕන නෑ... කෝකටත් ගිහිං සමාව ගත්තනං හරි..

    දෙ වි පි හි ට යි !!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් එක්කෙනෙක් තරහා උනාම. තිස් දෙකෝටී අනූ නම ලස්ස, අනු නම දාස්, නමසිය අනූ නමයක් තව ඉන්නේ..

      Delete
  10. කතර ගමේ සුරිඳුට අනේ දොස් නොකියන්
    එතෙර කලේ එතුමයි මා අධ්‍යාපන කතරෙන්

    ReplyDelete
    Replies
    1. දරුවෝ දුන්නේ වෙන දෙයියෙක් වෙන්ටෑ..

      Delete
  11. adanam hoda deyak liyala kollupitiye eka deiya nemei **ri **iy oka okage parapurai katharetath erala thamai nawthinne

    ReplyDelete
  12. මමනම් ඔය දෙවිවරු තුට්ටුවකට ගනන්ගන්නේ නෑ. දෙවිවරුත් එකයි රටේ දේශපාලනේත් එකයි. අපේ රට සම්ප්‍රදායිකත්වයේ පතුලෙම තමයි තාම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ !!
      එතකොට ස්ත්‍රී විමුක්තිය ?? එකට මොකෑ වෙන්නෙ ??

      Delete
    2. සම්ප්‍රදාය බිඳදමා ස්ත්‍රී විමුක්තිය කෙසේ හෝ ජය ගන්නවා.

      Delete
    3. එළ කෙල්ලෙක්නේ...

      Delete
    4. ස්ත්‍රී විමුක්තිය ලැබෙයි පතුලෙම ඇනෙන විට..

      Delete
    5. ඉස්ලාමයට අනුව අල්ලාහු... පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් නොවෙයි නමුත් එතුමා මිනිසාගේ යහපත සඳහා පුරුෂ ආධිපත්‍යය නිර්දේශකර තිබෙනවා

      Delete
    6. යටට ඇඳලඳ දන්නේ නෑ අල්ලා...

      Delete
    7. හරි..හරි කොහොම හරි ඡයගන්නවා බිද දමා..

      Delete
    8. @ AnonymousJuly 20, 2014 at 11:08 PM
      ++++++++++++++++++++++++++++ (වැට තව දිගයි ඈ)

      Delete
    9. අනේ වනේ මෙතනත් නාන්නෙ නැතිව යනවද පව් නොදී....

      Delete
  13. පොල් උඩු රවුලකුත් වැව්වනං කොහොමද සනීපෙ.සාටකේ දාගත්ත කෙලිම්ම ඇතුලෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් කොහොමද ගාඩ් එක නැතුව යන්නේ...?

      Delete
  14. "දැන් කාලයක් තිස්සේ කාමරේ වහගෙන බොග දානවා. ගන්දස්සාරේ බෑ. අපිට ඉන්නත් නෑ."
    - අපිටත් ඉන්න නැති එකනෙවැ කරුමෙ

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹලා අහවල් එකටය මේ ගඳ ගහන කාමරේ අස්සේ රිංගන්නේ.. ඔය දේවාල වගේ ඒවා තියෙන්නේ. වැදගත් මහත්වරුන්ගේ.

      Delete
  15. >>ඒ පාර මොකක්ද මේ නටන පිස්සුව? ඒ පාර තොවිල් නටන්න පටන් ගත්තද? දැන් කාලයක් තිස්සේ කාමරේ වහගෙන බොග දානවා. ගන්දස්සාරේ බෑ. අපිට ඉන්නත් නෑ. රටේම ඉන්න කාලකන්නින්ගෙන් එක එක කතා අහන්න වෙලා තියෙන්නේ අපිටයි, අර අහිංසක මගේ නැන්දම්මටයි. මොකක්ද ඒ පාර කරන්න හදන්නේ?<<
    ++++++++++++++++++++++++++++++++++++++++
    දැනුයි ආවෙ ......
    සේරම කියවල එන්නම්.... දෙයියට මොනව හරි අපහස කොරල තිබ්බොත් .....
    යාලු කම් ....... went කියල හිතපන් ...මචෝ..... හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. තාම කියවලා ඉවර නැතෙයි..

      Delete
  16. මටත් දැන් කතරගම දෙයිය කිවුවම මතක් වෙන්නෙම ෂශි අයියවමනෙ.මිනිහ බස්නායක කමයි මහ ඇමතිකමයි දෙකම කොරන්න ඔනනිසා කතගම දෙවාලෙ විහාර දෙවාල පනතින් අයින්කරගත්ත නේද.එගැන කිසිම ප්‍රසිධ්දියක් මිඩියාවලින් ගියෙත් නැ.

    ReplyDelete
    Replies
    1. මේ කතන්දර ටික අපූරුවට හෙලි කලා සමන්ත විද්‍යාරත්න. මම එ පැත්තේ නම් මම ඡන්දේ දෙන්නේ ඌට.

      Delete
    2. @Maathalan - Priyantha Hewage
      අනේ මන්දා බං. උඹ වෙලාවකට සමන්ත විද්‍යාරත්නට ඡන්දෙ දෙනවා කියනවා (ඌවෙ හිටියනම්) තව වෙලාවකට ලාල්කාන්තට ඡන්දෙ දෙනවා කියනවා...
      ඒ වුනාට ආවඩන්නෙම මහරජාටනෙ බං.. හහ්.. හහ්..

      Delete
    3. රජ්ජුරුවන්ට කඩේ නොයා හාල්පාරුවන්ට කඩේ යන්නය.

      Delete
  17. කතරගම් දෙය්යෝ ඉදල හිටලා පෙනී යනවලු දෙය්යෝ....... කතරගමදී

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් ගිහින් කතා කරලම ආවා.

      Delete
  18. ඕනෑම කෙනෙක්ට තවත් කෙනෙක්ව සුළු මොහොතකට හෝ රවට්ටන්න පුළුවන්............ ඒ වගේ එකම මනුස්සයව නොනවත්වාම හැමදාමත් රවට්ටන තැන තමයි කතරගම .... ඉපදුන දා ඉඳන්ම හැම අව්රුද්දේම කතරගම ගිහින් දෙයිය්යෝ හම්බවෙන කට්ටිය අපේ ගමේ ගොඩක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ගේ උගත් කම තමයි ඔය පෙන්වන්නේ..

      Delete
  19. මිස්ටර් කතරගම විතරද හම්බ උනේ?? වල්ලි නෝනා සහ තේවානි නෝනා හම්බ උනේ නැත්ද? එහෙම නැත්නම් මිස්ටර් K අලුත් කෑලි දෙකක් හොයා ගෙනද?

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා නෑ දැන් භාවනානුයෝගීව ඉන්නේ. සසර කළකිරෙනවා ඇති මේ සීන් දැක්කම.

      Delete
  20. හහා... අනේ පව් කතරගම දෙයියෝ

    ReplyDelete
    Replies
    1. පව් අප්පා මොනා කරන්නද ඉතින් අපි කියලා. අපි දෙයියොය..

      Delete
  21. ඌවේ ජන්දය ලං වෙනකොට මාතලම් ගෙන් පොස්ටුවක් බලපොරොත්තු වෙන්න පුළුවන් ද ඒ ගැන ?කොම උනත් කතරගම දෙවියන් ගැන මුකුත්ම කියන්න දෙයක් නෑ දෙවියවන්ව වදින නොවදින එක මිනිස්සු ගේ අයිතියක් ,පන්සල් නැති තැන දේවාල වලට මිනිස්සු යෑම සාමාන්‍යයයි .....

    ReplyDelete
    Replies
    1. බලමු අපි.. තවම කල් වැඩියි.. විස්ලේසොනේකට යන්න.

      Delete
  22. මාතලන් අන්න උඹ ගැන ලෙසටම කියල තියෙනවා ඇනෝනිමසයා.
    ඒක බලලවත් හැදියන්

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ.. ඔය පෝස්ට් එක ගැන මම කලින්ම කියලා ඇති.. ඒවට තමයි කියන්නේ තුන් කල් දක්නා නුවණ කියලා.. ඒවා හැමෝටම නෑ.. මගේ අනාවැකිය ගැනත් පෝස්ට් එකේ තියෙනවා.. කොහොමද මගේ ගරිල්ලා මාකටින්..

      Delete
  23. උඹට මතක ඇතිනෙ මම ලිව්ව කතරගම දෙය්යො කියන්නෙ ගොපය්යෙක්ද කියන කතාව. ඒ සීන් එක වෙච්චි ගමනෙදිම අපිට හම්බු උන ඔය වැඩහිටි කන්දෙ මග දේවාලෙක කපුවෙක් කිව්වෙ "ඉස්සරනං මේවගෙ අනුහස් තිබිල තීනවලු, ඒත් දැන් එහෙමට මුකුත් නෑ මල්ලි" කියල. ඌ එහෙම අවංකව කිව්වෙ ගමේ කමට. මොකද ඔය වැඩහිටි කන්ද අයිති අපේ රත්මලානෙ කල්දෙමුල්ලෙ රාහුල සාදුට ( ලඟදි වැළිගම්පිටි ගියා ) . උන්දැ ප්‍රේමෙත් එක්ක ගේම ඉල්ලල නොමැරි ගොඩ ගිය එකම කෙනා වෙන්නැති. ප්‍රේමෙ මුලු කතරගමටම සැළකුව ගමුදාවෙන්, වැඩිහිටි කන්දට කිසි දෙයක් නොකර.

    කතරගම දෙය්යො ඉන්නෙ වැඩහිටි කන්දෙ නෙමෙයි, කැබිලිත්තෙ මහ සියඹලාවෙලු. යුද්ධ කාලෙනං බල්ලෙක්වත් ගියෙ නෑ. ඒත් දැන් ෆෝ වීල් ජීප් කාරයොයි සල්ලි තීන අය්යලයි යන්නෙ එහෙ, මහ දේවාලෙ නෙමෙයි.

    උඹ මේ ඡන්දෙ අස්සෙ ගොනා හැරෙව්වෙ හොඳ විදියකට නෙමෙයි පුතේ. කහ එහෙම දාල මොළ සෝදන්නද මේ පටන්ගන්නෙ ආයි?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මැච් එක ගහන්න කලින් ග්‍රවුන්ඩ් එක හදාගෙන ඉන්න එපාය. අනික ඉතින් අපි ලංකාවෙත් ඉන්න එපාය.

      Delete
    2. මම අහලා තියෙනනෙත් කතරගම දෙවියෝ ඊන්නේ කැබිලිත්තේ කියල තමා... එතැන ගහක් විතරයි තියෙන්නේ. නමුත් බොහෝ බැතිමතුන් එතැනට නම් යන්නේ හොඳට පේ වෙලා එහෙම.

      Delete
    3. කැබිලිත්තෑවෙත් නෑ දැන්. මොකෝ ගෑණු ගිහින් එතන කිලි ලු. වැඩහිටි කන්දේ තමයි ඉන්නේ. හම්බ උනාම මම මතක් කොලා කියහල්ලකෝ. මාව හොඳට අඳුනනවා.

      Delete
    4. සම්ප්‍රදායික ගැහැනු ගිහින් වෙන්නැති,,,,නූතන ගැහැනියගේ කිලි නෑය කියන්නේ....

      Delete
    5. චෙෆ්
      එතකොට නූතන ගැහැනියගෙ තියෙන්නෙ හි කිලි ද???

      Delete
  24. කතරගම දෙයියොන්ගෙත් ආර්ථික තත්වය මේ දවස්වල බැහැල ඇති..ඒකයි 5000 තිබ්බත් ආවෙ නැත්තෙ.. ගොයියා හිතන් ඇති මාතලන් අයියා තව කොළ දෙකක්වත් තියයි කියල..

    ReplyDelete
    Replies
    1. ඒකමත් නෙමෙයි එයාටත් එපා වෙලා..

      Delete
  25. අතට අත දෙන්ඩ කතරේ මොකද ඔච්චර ගණං උස්සන්නේ.අත් දොළහක්ම තියෙනවා නෙව.

    ReplyDelete
    Replies
    1. අත් දොළහක් තිබුනට පෝලිමේ කී දෙනෙක් ඉන්නවද? ඒ කාලෙට නම් ඇති. ඒත් දැන් වී අයි පී සෙට් එකටත් මදි.,

      Delete
  26. යකෝ ගල් වලට වඩා ගොඩක් දේවල් මල් වලට කරන්න පුළුවන්නෙ ........මචං කඩවර හම්බ වුණොත් කියපංකො මට ඩ්‍රාමා එකට ඇඩ් දෙක තුනක් හොයා දෙන්න කියලා ....මම ට්‍රාන්ස්පෝර්ට් පහසුකම් හැටියට මලක් ගෙනත් දෙන්නම්...........

    මල් වලට චෙක් කරන එකක් නැහැ.කුඩු කන්ටේනර් ගෙන්නන අයත් යනනෙ ඔය දොරකඩින්

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අයට තමයි දෙවිවරු මනාප

      Delete
  27. උඹ අහන්න එපැයි බං මතා මේ පාරවත් බර්ත් ඩේ එකට එනවාද කියලා.අර ගිය පාරත් එනවයි කියලා ආවේ නැහැ නෝටියා.හැබැයි දැන් කතරේ ඉස්සර වගේ නොවී හරි ගණන්ලු.රාජ ඌශ්ණේ කියලා කියන්නේ.මොකෝ එයයිගේ බස්නායක ගේ බාප්පා මහින්ද මාමා වෙච්චි නිසා.

    ReplyDelete
    Replies
    1. දැන් එයා එන්නෙම නෑ ලූ. එයා මොන දෙයියද කියලා මගෙන් ඇහුවා..

      Delete
  28. පුදුමයි ඔහොමවත් හොයා ගන්න පුළුවන් උනා....

    ReplyDelete
    Replies
    1. ඔහේට කියන්න. සෑහෙන අමාරු උනා. ඔය මම හින්දම හොයා ගත්තා මිසක්. වෙන කාවවත් හම්බ වෙන්නවත් කැමති නෑ.

      Delete
  29. උන්නාන්සෙටත් එහෙනම් ජේශ්ඨ පට්ටමක් දීලා පැත්තකට කරලා තියලා වගේ.. කොහොමද අපේ බුවාලගේ වැඩ..

    ReplyDelete
    Replies
    1. එයා කව්ද අප්පා... මහානායක හිමිවරුත් බල්ලට දාලා ඉන්න එකේ..

      Delete
  30. මේ ඔය කතරගම මටත් සපෝට් එකක් දෙයිද දන්නේ නෑ නේ?
    වැලේ වැල් නැතිව ඉන්නේ.

    ඒත් කතරගම මටත් වඩා වැලේ වැල් නෑ කියලාත් මට නිකම් හීනියට හිතෙනවත් එක්කනේ.

    ReplyDelete
    Replies
    1. පව් අප්පා එයා. දැක්කාම දුක හිතෙනවා.

      Delete
  31. දැන් කතරගම දෙයියෝත් අයියන්ඞිගේ යාලුවා එතකොට ඈ...?

    ReplyDelete
    Replies
    1. මොනවද ලොක්කා මේ කතා කරන්නේ..

      Delete
  32. කතරෙට වඩා බලවත් බං කපුවෝ....ඔය නඩුවෙන් දිනපු කපුවාගේ ලඟම ඥාතියෝ ඉන්නවා මෙහේ. උන් හොඳ මිනිස්සු. ඔය නඩුව ගැන මට විස්තර කිව්වා. සාටකයෝ ඔතන දාලා යන්නේ නැහැ. එදා සමන්ත විද්‍යාරත්න කිව්වා...මහ ඇමති කමෙන් ගියත් ඌවේ සාටකයා කතරේ දාලා යන එකක් නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මහ ඇමති කමෙන් යන්නෙත් නෑ..

      Delete
  33. කතරගම දෙයියෝ කියල කොහොම ඉවර කරන්නද මේ ඉල්ලීම්.... පොර එක හින්ද පැත්තකට වෙලා ආතල් එකේ ඇති.

    ReplyDelete
    Replies
    1. කී දෙනෙක්ගේ ඒවා බලන්න කියලද?

      Delete
  34. ඩිංගක් බිසි නිසා බොග පැත්තෙ එන්න බැරි වුන්ඩ් ටික දවසක්. සිරා පෝස්ටි කීපයක්ම දාල වගේ මාතලන් ගොයිය... ගුඩ් ගුඩ් වෙරි ගුඩ්.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් මේ ටිකේ නිවාඩු වැඩියි..

      Delete
  35. හරි...මෙතන විවිද අය විවිද මත ඉදිරිපත් කරලා තියෙනවා..කතරගම දෙවියන් හා එහි ඇදහීම පිළිබඳව ඇති සියලුම සැක සංකා දුරුකරගන්න පහත ලිපිය කියවන්න..මේක ලියල තියෙන්නේ කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති
    රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය,
    ආචාර්ය අලුත්වැවසෝරත නා හිමිපාණන් විසින්..
    http://upashantha.blogspot.com/2013/05/blog-post.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න