.

.

Jul 22, 2014

නිල් වලා, නීතිය හා අවංක නිලධාරි - Nilwala, Civil Servants & The Law

යූක්‍රේන පාර්ලිමේන්තුවේ චන්ඩි.

අපි හිතාගෙන උන්නේ, ආන්ඩුවේ ඉන්නේ එකම එක චන්ඩියෙක් කියාල. ඒ අපි කවුරුත් දන්න මහින්ද මහත්තයාය. මහින්ද මහත්තයා, ඒ කාළේ හිටන් චන්ඩියාය. චන්ඩින්ට, අයියා කියාද කියනවාය. ඒ නිසා එයාට කවුරුත් ආදරේට කියන්නේ, මහින්ද අයියා කියාය. හැබයි දැන් දැන්, චන්ඩි එකසිය ගානට වැහි වැහලාය. අද ඊට වඩා චන්ඩියෙක්, සිවුරක් දාගෙන, බවුද්ද ජනතාවට නායකයෙක් හොයනවාය. එයා වහන්සේ, ලොක්කා එක්කත් ගේම ඉල්ලනවාය.

එයා වහන්සේ කියන්නේ, එයාට ඕන එක්කෙනෙක් ගෙදර යවන්න පුළුවන් කියලාය. සිඳුවීම් සිද්ද වේගන යන ආකාරය අනුව නම්, කෙනෙක්, මෙයත් මාර පොරක් කියා හිතුවොත් ඒකේ වරදක් ඇත්තේත් නැතිය. අපිට නම් තව එකෙක් ඕනා නැතිය. මේ ඉන්න එක්කෙනා හොඳටෝම ඇතිය. එයා බවුද්ද නායකයෝ හොයන්නේ, මරක්කල මව්ලවීලාගෙන්ද කියා වෙලාවක හිතෙනවාය. මොකෝ එයා රැස්වීම ඔක්කෝම තියන්නේ, මරක්කලයෝ ඉන්න පලාත් වලය.

කාලයක්, එක දිගට, ප්‍රාදේශීයේ සභාපතිලා චන්ඩි පාට් දමාගෙන ගියේය. දැන් ගේමට බැහැලා ඉන්නේ, පාර්ලීමෙන්තුවේ චන්ඩීන්ය. එක්කෙනෙක්, හයි ඉස්පීඩ් 140 ට ගිහින්, අල්ලපු පොලිස් කාරයා වැලිගම්පිටි අරිනවා කියා ඉතා ආදරයෙන් කිව්වේය. මෙයා අයියා කෙනෙක් උනාට, වැජිටේරියන් එක්කෙනෙක් කියා පොලිස් පරීක්ෂණ වලින් සොයා ගත්තේය.

අන්තීමේදි, පොලීසියේ ඉන්න බැරි නිසා, ඒ යකා රැසිග්නේසොන් දුන්නේය. හරි පොලිස්පති කෙනෙක් නම්, ඒවා ඇක්සෙප්ට් කොරන්නේ නැතිය. හරියට මතුගම චන්ඩි මල්ලි, පාලිත තෙවරප්පෙරුමගේ රැසිග්නේසොන් එක, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇක්සෙප්ට් කොලේ නැතුවා වාගෙය. කොන්ද පණ තියෙන පොලීසියක් නම්, පරීක්ෂණ නිම වන තුරු, ඒ යකා පොලීසියේ ප්‍රොමොෂන් එකකුත් දීලා තියා ගන්න තිබුනේය.

ජනාධිපති තුමාටත් තිබුනේ, මේ යකා නැවත සේවයේ පිහිටුවන්නටය. එහෙම කලා නම්, තව තවත් ලොක්කා ජනප්‍රිය වෙනවාය. ඔය පාර්ලීමේන්තුවේ ඉන්න චන්ඩි, පාරේ යන හැටි මහින්ද මහත්තයා දකින්නේ නැතිය. එයාලා යන විදිය දන්නේ, පාරේ හැමදාම යන, අහිංසක ජහ මනයාය. කරන ලබ්බකුත් නැත. ඒත් රෙන්න බර හැදිලා වාගේ, යන්නේ උඩින්ය. සමහර විට මුන්, රෙන්න බර හැදිලා යනවාද කියන්න බැරිය. ඒ නිසා මුන්ගේ වාහන වලට, වාහනේ යන ගමන්ම කක්කා කර කර යන්න, අඩුම ගානේ පිස් පෝච්චියක් හරි දෙන්න කියලා, මම කතානායක තුමාට යෝජනා කොරනවාය.

පොලීසියේ ඉන්න ඕන එකා, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන එකා, ගෙදර ගියේය. ඌගේ කාරෙකත් ගිනි ගත්තේය. ඒ ගැන තවම පොලිස් පරීක්ෂණ යනවාය. සමහර විට මේ ආන්ඩුව බලයේ ඉන්නකම්, ඔය පරීක්ෂනේ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවය. නිල්වලාද මොකෙක්ද එකෙක් ග්‍රාමසේවකයෙකුට නෙලලාය. ඉස්සර අපේ පැත්තේ බ්ලූ ෆිල්ම් පිස්සෙක් හිටියේය. අපේ උන් ඌට නම දාලා තිබුනේ නිල් වලා කියලාය.

මේ යකාත් දැක්ක ගමන් මට හිතුනේ, අනේ අපේ රටේ දෙශපාලණේ කියලාය. මූට නොමිනේසොන් දුන්න ඉන්ටවල් බෝඩ් එකේ ඉන්න ඇත්තේ, මට්ට බූරුවෝ සැට් එකක් වෙන්න ඕනාය. මේ වගේ උන්ට නොමිනෙසොන් දීලා. අන්තීමෙදි පත් කරලා යැව්වා කියා, අපිට බනිනවාය. අපිට බනින නිසා අපිටත් කියන්න තියෙන්නේ, තොපි මේ වගේ ගොන් හරක්, මීට පස්සේ එවන්න එපා කියලාය. තොපිට ඕන මේ වගේ හරක් නම්, අපිත් උන්ව ඔතෙනට දක්කනවාය. මොකෝ.., ඕකත් දැන්, ඉස්සර අපේ හන්දියේ අවුරුදකට සැරයක් තියන, බයිලා මඩුව වගේ නිසාය.

මහ ඇමතිලාත් චන්ඩියෝය. එක්කෙනෙක් කියන්නේ, මම ගියානම් අරූට පොරි හැලෙන්න දෙන්නේ කියාය. තව එකෙක්, මයික් ටයිසන් වගේ හපා කනවාය. ඊයේද කොහෙද, තව එකෙක් මල්ලිගේ නේබර් එක්ක, ක්‍රිකට් මැච් එකක් ගහලාය. සමහර විට, එහම ක්‍රිකට් ගහන්න යන්න ඇත්තේ, මෙයාගේ අයියා කෙනෙක් ක්‍රිකට් ගහලා, වේල්ඩ් කප් එක ගෙනාපු නිසා වෙන්න ඇතිය. එයාගේ තව අයියා කෙනෙකුත්, ක්‍රිකට් බෝඩ් එකේ පට්ට ගැහිල්ලක් ගහනවා කියා, වේස කොල්ලෝ කියනවාය.

මේවා ඉතින් නව නීදන් පිල්ලෙලාට, පට්ට ආතල් ගේනා සීන්ය. වෙලාවකට හිතෙන්නේ, විමල් උන්නෑහේ කියනා, බටහිර කුරුමන්තන කාරයෝ මුන්ද කියලාය. විමල් උන්නැහේ හරි, මුන්ගේ කරන්ට් වයර් වල ප්ලග් එක ගලවලා දානවා නම්, නිල් වලාලාගෙන් රජයේ සේවකයෝ ටික බේර ගන්නට පුළුවන්ය. හැබයි ඉතින් ඔය සෙල්ලම් දාන්න යන්නේ බලාගෙනය.

මොකෝ, මර්වින් සිල්වා, රූපවහිනියේ චන්ඩි පාට් දාන්න ගිහිල්ලා, කෑවේ පැණි බේරෙන්නය. එයාගේ පුතාත්, ඔඩෙල් එකේ අම්බානක කෑවේය. මොකෝ, මේ බැකප් වෙහිකල්, තාත්තා ඇම් පී, අනන් මනන් සීන් නිසා, පුතාලාටත් සහලවලා උණය. ඒත් ඉතින්, ඊටත් වඩා චන්ඩි ඉන්නවා කියා, මෙයාලාට අමතක වෙනවාය. ඒ තරම උණ සහලවලාය. ඔහොම කොට කොටා ගිහින්, කෙහෙල් ගහට කොටපු දාට, හොට පැටලෙනවාය. ඒ වෙලාවට අහක යන කාක්කොත් ඇවිත්, පුකට එකක් කොටලා පොඩි ආතල් එකක් ගන්නවාය.

ඒ වගත් මෙසේය... අබ සරණ හිමිවන්නේ, නිල් වලාටද, ග්‍රාමයාටද කියා, ජහ මනයා වන අපි ඉතා ආඩම්බරයෙන් බලා ඉන්නවාය.

ඔබ සැමට අබ සරණය.....!!!

සම හරක් විට. මේ ග්‍රාමයා මට මමම ගහ ගත්තා කිව්වොත්, ඔහේලා කලබල වෙලා, නිල්වලාගේ අම්මලාට අරවා මේවා කියන්න ඕනා නැතිය. මොකෝ ආචාර්ය මර්වින් සිල්වා ගහේ බැන්ද එකා, මමම බැඳ ගත්තා කිව්වාම, හතර අතේ නෝන්ඩි වෙලා, විලි ලැජ්ජාවේ සන්තෝසේ ඉන්න බැරුව, ආඩම්බරෙන් නහින්න වෙන්නේ, මට්ට මෝඩ අපිටම නිසාය.

106 comments:

  1. මාතලනො, මේ වැඩේ හරි යන්නෙ නෑ
    උඹ මෙදා පාර ඉල්ලපන් චන්දෙ ජනාධිපතිකමට
    ඉන්පස්සෙ මෙන්න මේ වගේ කැබිනට් එකක් හදාගෙන රටත් හදල තෝත් හැදියන්.
    මාතලන් - ජනාධිපති, සංචාරක ඇමති, මුදල් ඇමති + ,,,.
    රාජ් - රාජ්ය පරිපාලන ඇමති
    රාජ්ගෙ යාලු ඇනෝ - රාජ්‍ය පරිපාලන ඇමතිගෙ මාද්‍ය ප්‍රකාශක
    නලීන් - ජනමාද්‍ය ඇමති (හික වෙනවට කැමතිනම්)
    පත්තර මල්ලි - ලේක් හවුස් සබාපති
    කකා- ඉන්ජිනේරු සේවා සහ කාන්තා කටයුතු ඇමති
    කැපිටල් ඇනෝ - ඉන්ජිනේරු සේවා සහ කාන්තා කටයුතු අමාත්‍යාන්ශ අධීක්ෂන මන්ත්‍රී
    හැලපය- විදේශ ඇමති
    පොකු - බල ශක්ති ඇමතිනි හෝ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්
    අපූර්වි - විදෙශ රැකියා ඇමතිනී හෝ ඊස්‍රායෙල් තානාපතිනි
    පැරා - සෞක්‍ය ඇමති / අධ්‍යාපන ඇමති
    දේශකයා - සංස්කෘතික ඇමති
    විචාරක - ජේෂ්ඨ ඇමති සහ ජනාධිපති ආරක්ෂක උපදේශක
    ඉවාන් - තරුණ කටයුතු සහ කිතුල් පැනි කර්මාන්ත ඇමති
    බස්සී - ක්‍රීඩා ඇමතිනී සහ කිතුල් පැනි කර්මාන්ත අමාත්‍යාන්ශ අධීක්ෂන මන්තී
    කෙන්ජි - කාර්ය බාරයක් නොමැති ඇමති සහ කාන්තා කටය්තු අමාත්‍යාන්ශ අධීක්ෂන මන්ත්‍රී
    අගමැති - ඔය වැඩකට නැති මං වගේ ඇනෝවෙක් දාමු
    අර හින්දි පිස්සුව තද වෙලා ඉන්න කතන්දර පිල්ලියට හින්දිම කාල මැරියන් කියල දෙමු ඉන්දීය තානාපතිකමවත්.
    *** ඇනෝනිමසයා - විපක්ෂ නායක

    ReplyDelete
    Replies
    1. ඇ නෝ බොට හොඳින් කියන්නේ..... අඩෝ මට දුන්නේ නැත්නම් විදේශ සේවක ඇමති කම මාතලන් රට කොරන්න නෙවි ඕන

      Delete
    2. බොට මැලේසියා මහ කොමසාරිස්කම ඇද්ද?

      Delete
    3. බස්සිට පැණි විතරක දෙන්න මම ක්‍රීඩා ඇමති වෙන්නම් මාතලනො.සෙල්ලම් ඇමති කියලා නම වෙනස් කරමු

      Delete
    4. උඹ නං පට්ට අැෙනා්ෙවක් බං විලිලැජ්ජාෙව් සන්ෙතා්ෙස් බැරුවා..

      Delete
    5. මට නං නැතත් කමක් නෑ. මගේ මිත්‍රයට පොදු විනෝදාත්මක කටයුතු ඇමතිකම දෙන්න ඕන

      Delete
    6. මේ වගේ කැබිනට් එකක් මීට ඉස්සර පෝස්ට් එකක දැක්ක වගේ මතකයි.

      Delete
    7. // මේ වගේ කැබිනට් එකක් මීට ඉස්සර පෝස්ට් එකක දැක්ක වගේ මතකයි.//

      අටමනෙ බන් ලිව්වෙ.

      Delete
    8. //පත්තර මල්ලි - ලේක් හවුස් සබාපති//

      හොඳටම මදි. අර වෙල්ගම වගේ මට හරි එක නෑ කියල හැමදාම අඬයි. වෙළඳ එක වත් මුලින් දුන්නනම් එතනෝල් ටිකක්වත්.... ?

      Delete
    9. මටත් එකක් දෙනව් ඕයි

      Delete
    10. තරහයි ඇනෝ මටත් එකක් දිිපිය. පට්ටයි.

      Delete
    11. මටත් දෙනවනම් පොලිස් මාද්ය ප්‍රකාශක වගේ විනෝදජනක පාට් එකක් දෙන්න

      Delete
    12. ප්‍රා
      උඹ හොඳයි පත්තර කන්තෝරුවට. අර කීර්ති වර්ණකුලසූරිය වගේ වරහං ඇතුලෙ ඉංගිරිසි කෑලි දාල ලියන විමර්ශනාත්මක ලිපි ලිවිල්ලට.

      Delete
    13. ඇනෝ බොක්කා. ෆිට් තමා. ආතල් කෝටියයි බං

      ප්‍රා මචෝ.. ආන්න එකනෙ බං .. ලේක් හවුස් එකේ කඩේ යන්ඩ ? චැහ්. . අපේ අම්ම තාත්ත අහිංසකයි බං , බැණුං අස්සන එක පව් :D

      Delete
    14. ඔයගොල්ලන්ට පිංසිද්ද වෙන්න එහෙම කෑලි මම වැඩිය දැන් දාන්නෙ නෑ නෙ රාජ්.

      OK, පොලිස් මාද්ය ප්‍රකාශක දෙන්න බැරිනම් මහ බැංකු වැඩේ?

      Delete
    15. යකා්ෙ අැනා්ෙ මට දිය අාරක්ෂක ලේකම් කොම...!!!

      Delete
    16. ඩ්‍රැකී
      දැං ඉන්නෙත් උඹට 'සමානයෙක්' තමයි

      Delete
    17. මොකක්ද බං පෝස්ට් එකේ තිබ්බේ කියලත් මතක නෑ පට්ටේ හොඳ එක ..

      Delete
    18. මේක අටම්ගෙ ලැයිස්තුවට හපන් නෙව!! :D :D :D

      Delete
    19. මෙන්න අටන් ගේ සැලැස්ම .....

      බුද්ධශාසන අමාත්‍ය
      චතුෂ තුෂර කුමාර මැතිතුමා

      මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය
      ඉන්දික උපශාන්ත මැතිතුමා

      රාජ්‍ය කළමනාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍ය
      අරුණි ශෆිරෝ මැතිනිය

      වරාය සංවර්ධන අමාත්‍ය
      සරත් ලංකාප්‍රීය මැතිතුමා

      වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
      රවී වීරසිංහ මැතිතුමා

      දේශීය වෛද්‍ය අමාත්‍ය
      ආර් පි සුසන්ත

      ආර්ථික සංවර්ධන , සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය
      අභිත එදිරිසිංහ මැතිතුමා

      ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා , අන්‍යආගමික කටයුතු පිලිබද අමාත්‍ය
      හැලපයියා මැතිතුමා

      සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
      හිරු නැති හෝරාව මැතිනිය

      පශු සම්පත් කටයුතු
      රාජ්ගේ නවාතැන මැතිතුමා

      පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
      නිහිංසා මැතිනිය

      ක්‍රීඩා අමාත්‍ය
      සුදික කන්නංගර මැතිතුමා

      ව්‍යවස්ථා සංශෝධනය , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිලිබද අමාත්‍ය
      අජිත් පැරකුම් මැතිතුමා

      ධීවර කටයුතු පිලිබද අමාත්‍ය
      දුලිප් සිකුරාජපති මැතිතුමා

      ළමා සංවර්ධන අමාත්‍ය
      අනුෂ්ක ලක්මාල් මැතිතුමා

      කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය
      කෙන්ජි ඔගාවා

      ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ , ප්‍රවෘත්ති අමාත්‍ය
      නලින් දිල්රුක්ෂ මැතිතුමා
      ( මීට අමතරව රජයේ මාධ්‍ය ප්‍රකාශක )

      ගුවන්සේවා ‍අමාත්‍ය
      මලිත් කුෂාන් මැතිතුමා
      ගුවන්සේවා ‍නියෝජ්‍ය අමාත්‍ය
      තරියාගේ කෙරුවාව මැතිතුමා

      ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
      රසික නානායක්කාර මැතිතුමා

      සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ
      කොන දෙමළ ප්‍රසන්න මැතිතුමා

      ආපදා කළමනාකරණ අමාත්‍ය
      සෙන්නා කුරුන්ද මැතිතුමා

      ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
      විදානෙ මලදානේ මැතිතුමා

      සෞඛ්‍ය අමාත්‍ය
      ප්‍රදීප් චන්දන මැතිතුමා

      නැවත පදිංචි කිරීම් , ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
      රසික සූරියආරච්චි මැතිතුමා

      ග්‍රම සංවර්ධන අමාත්‍ය
      සදරුවන් හිස්අහස මැතිතුමා

      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
      මොඩන් ෆේට්රියට් මැතිතුමා

      අධ්‍යාපන අමාත්‍ය
      හෙන්රි ජයවර්ධන මැතිතුමා

      උසස් අධ්‍යාපන අමාත්‍ය
      සංවේදී මැතිතුමා

      අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍ය
      වැප් නිශාන්ත මහතා

      අධිකරණ අමාත්‍ය
      දයානන්ද රත්නායක මැතිතුමා

      සමාජ සේවා අමාත්‍ය
      බුද්ධි ප්‍රසාද් මැතිතුමා

      පරිසර වන සම්පත් කලමනාකරන අමාත්‍ය
      ගාමීණිගේ විජිතය මැතිතුමා

      කම්කර සබඳතා හා ඵලදායීතා සංවර්ධන අමාත්‍ය
      ඉවාන් ගෙඹිලූෂා මැතිතුමා

      විනෝද කටයුතු පිලිබද අමාත්‍ය
      පත්තර මල්ලි මැතිතුමා

      තැපැල් හා විදුලි සංදේශ
      අමිල චතුරංග මැතිතුමා

      දැනට කිසිවෙකු නම් නොකරන ලද ඇමති මංඩලය
      ගරු අග්‍රමාත්‍යතුමා
      ආරක්ෂක ඇමතිතුමා
      මහාමාර්ග කටයුතු
      ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය
      පළාත් පාලන හා පළාත් සභා
      කර්මාන්ත හා වානිජ කටයුතු
      ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්
      විදුලිබල හා බලශක්ති
      රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
      ආර්ථික කටයුතු
      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
      පාර්ලිමේන්තු කටයුතු
      තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
      කෘෂිකර්ම
      ප්‍රවාහන
      තැපැල් හා විදුලි සංදේශ
      රාජ්‍ය කළමනාකරන හා ප්‍රතිසංස්කරණ
      ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
      ඛණිජ තෙල් කර්මාන්ත
      රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
      විදේශ කටයුතු
      සමාජ සේවා
      තාක්ෂණ හා පරියේෂණ කටයුතු
      වැවිලි කර්මාන්ත අමාත්‍ය


      සිංහල බ්ලොග් පෙරමුණේ
      මහ ලේකම් ,
      පක්ෂ නායක ,
      ඇතුලු පක්ෂයේ අනිකුත් නිල තනතුරුවලටද මෙතෙක් නම් යෝජනාවී නොමැති අතර , ඒ සදහාද නම් යෝජනා කොට පත්කරගත හැක.

      මිට අමතරව රජයේ යම් යම් තනතුරු කිහිපයකට නම් යෝජනා කොට ඇති අතර ඒ තනතුරු සහ යෝජනා කරන ලද අයලුවන් පහත දැක්වේ , අනිකුත් තනතුරු සදහාද නම්යෝජනා කොට ස්ථිරකරගත හැක

      පුරාවිද්‍ය කොමසාරිස්
      විචාරක මැතිතුමා

      සුරාබදු කොමසාරිස්
      වේසකයා මැතිතුමා

      අන්තරායකර ඖෂධ පාලන අධිකාරි
      ජනිත් අරන්දර මැතිතුමා

      සභාපති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ඨාව
      දමිත් ගූණවර්ධන මැතිතුමා

      ජාතික කිරි මංඩලයේ සාභාපති
      අපුර්වී ඔමාය මැතිනිය

      සිංහල බ්ලොග් පෙරමුණට ජයවේවා , සිංහල බ්ලොග් දිගුකල් දිනේවා , ශ්‍රී ලංකා මාතාව බැබලේවා .

      Delete
    20. පෝස්ට් එක මතක නෑ දැං.. ආයිත් කියවන්න වෙනව...

      අර රාජ්ගෙ ඇනෝටත් මොකක් හරි අමාත්‍යංශයක් දෙන්න වෙනව... වැදගත් පුද්ගලයෙක් නෙ... අපේ පොලිසිය වගේ වැඩිපුර නිදා ගන්න පුළුවන් තැනක් හොයලා දුන්නොත් මෑන් එපා කියන එකක් නෑ... හි හි

      Delete
    21. සීනි ඇමතිකම මට ඕන.

      Delete
    22. නිදහස් ආයෝඡන ප්‍රවර්ධන මංඞලයේ සභාපති කමකට මාව සලකා බලන්න ඒ අමාතංශය ගන්න කෙනා.

      Delete
    23. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    24. I WANT TO BE THE MINISTER WITHOUT PORTFOLIO

      Delete
    25. මාව මාතා ජනාධිපතිගේ official ෆොටෝ ගන්න එකා කරපන්. ඉතුරු ටික මම කරගන්නම්..

      Delete
    26. මම ජනාධිපති උනොත් මහින්ද මහත්තයා වගේම, බ්ලොග් ලියන එකෙක්වත් ගන්නේ නෑ. බුකියේ උන්ට තමයි තැනක් දෙන්නේ. :)

      Delete
  2. හරියන්නේ නැහැ මාතා වැඩේ. මුන් දැන් ගෝලයෝ නොදා කෙලින්ම වැඩට බැහැලා ඉන්නේ. Blue වලා කියනවා නීතිගරුක මන්ත්‍රී කෙනෙක් හැටියට උසාවියට බාරවුනාලු. උඹ නොමිනේෂන් කතාවක් කියපු නිසා කියන්නේ..Mr, Blueවලා යුඇම්පියෙන්නේ දිනුවේ. ඕකා රට යවන ඒජන්සි කාරයෙක් නේ. පරිස්සමින් හිටපන් මහ ඇමති ගහයි බැට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. //මුන් දැන් ගෝලයෝ නොදා කෙලින්ම වැඩට බැහැලා // ++++++++

      Delete
    2. යුද්දේ තිබ්බ කාළේ මේ චන්ඩි කෝහේද දන්නේ නෑ උන්නේ. ඒකනේ මම යුද්දෙට ආස.

      Delete
  3. "කරන ලබ්බකුත් නැත. ඒත් රෙන්න බර හැදිලා වාගේ, යන්නේ උඩින්ය"
    මුන් තාමත් යන්නේ මෙහෙමද බන්..... ඔය ආරක්ෂක රථ පෙලවල් එකදිගට එහෙම යන්න බෑ කියලා නීතියකුත් ගෙනත් තියෙනවා නේද ??
    අනික මම මේ කල්පනා කොරේ අර ඔයාලගේ ගෙවල් පැත්තේ හිටිය "නිල් වලා " දැන් බොගක් ලියනවද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රියාගේ සිතුවිලි

      Delete
    2. මං හිතුව ඉවාන් පවුලූෂා බ්ලොග කියල :D

      Delete
    3. //මුන් තාමත් යන්නේ මෙහෙමද බන්.//

      මං හිතන්නෙ බං ඒවගෙ 80 වට අඩුවෙං යන්න බෑ ඇංජිම මිස් කරනවා .. !!!

      Delete
    4. නෑ වෙන්න බෑ මැලේ.. පත්තරයා බ්ලොගක් කියන්නේ නෑනේ

      Delete
    5. අනේ පල මැර කකා, :p

      පත්තරේ, සිරාවටම ඒකද?? :o

      ඉවාන්, ඇයි බං මේ තියෙන්නෙ. පත්තර මල්ලි :D :D

      Delete
    6. එහෙනම් උ බෝග දාන එකෙක් නෙවි කොමෙන්ට් දාන එකෙක් වෙන්න ඇති

      Delete
    7. මොකාගෙද බං ඒක ?? චැහ් … :D

      Delete
    8. ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ..

      Delete
  4. පූසා අන්ධ නම් මීයන්ට ඌ ඉස්සරහා හෙළුවෙන් වුවද නැටිය හැකිය...

    ජනතාව නම් පූසා අන්ධ වී සිටී.. නැතහොත් නිර්වින්ධන මානසිකත්වයෙන් මත්ව සිටී...
    ඒහෙයින් මෙවන් මීයන් අම්බානෙට දගලයි...
    ජහමනයා සිය මත්බව නැතිකරගන්නට අන්ධ බව නැති කරගන්නට කැමති නැත...
    ඉතින් මෙවන් මීයන් රගනා රැගුම් උන්ට පේන්නේද නැත

    ReplyDelete
    Replies
    1. උන් නිදි නෑ. මේ ගොබ්බ ජනතාව ඉල්ලන්නේ මේවා තමයි. ඒකනේ යූ ඇන් පී එකෙත්මහත්වරු එලවලා. ගොන් බයියන්ව ඉල්ලන්නේ. ගොබ්බයන්ට මුන් වීරයෝ..

      Delete
  5. තෙවරක් පෙරපු කෙනාගේ එක බාර නොගෙන ඉන්න තරං රනිල් ඉක්කමසිංහට කොන්දක් තිබුණා...
    ඇති යංතං මෑන්ට එහෙමඑකක් තියනව කියල ඇහුවමයි...

    අවුලක් නෑ සෝ එකේ ඉතුරු ටිකත් පුරුදු විදියට බලමු... එකම කථාව හැබැයි අධ්‍යෂක අප්පට් වෙයි කියලා හිනාවෙවී බලමු.. තව අවුරුදු හයක්ම..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. රනිල්ලගේ තියෙන මහත්මා කම තව කෙනෙකුට වෙන විදියකට පේන්න පුළුවන්. ඒත් අද සමාජයට අවශ්‍ය එහෙම කෙනෙක් මිසක්, නිල්වලා නම් නෙමෙයි.

      Delete
  6. කටු කන බල්ල සැරයි කියන්නෙ ඕකට තමා මාතයිය...අර මේ දවස්වල පුංචි වලව්ව කියල කතාවක් යනවා....ඒකෙනුත් ඕක මනාවට පෙන්නනවා....

    එළාර හොදයිළු එලාරගෙ ඇමතිලා කටිටියළු හොද නැත්තෙ.....පොත්පත් වලත් තියෙන්නෙ එහෙමලු.....ඒ පුරුවාදර්සෙද දන්නෑ දැන් ඉන්න මන්තිරි ඇමති ගොල්ලත් ගෙනියන්නෙ.....හැබැයි ඉතින් මහින්ද අන්කල්ට අර දවස්වල සම හරක් නූතන ගැමුණු කියලත් නම් පට බැන්දා කියල ලාවට වගේ මතකයි.....එ්ත් ඉතිං අනුගාමිකයෝ එලාරගෙද කියල සැකයි ඔය එකෙක් දෙන්නෙක් ඇරෙන්නට

    ReplyDelete
    Replies
    1. එළාරවත් එළාරගේ ඇමතිලාවත් නරක කේස් එකක් නෙමෙයි එතන තියෙන්නේ. බලය සඳහා යුද්ධයක්. ඒකෙන් ජය ගත්ත එකා මහාවංසෙන් භාගෙක වනනවා දාගෙන. ඒත් අපේ ගොන් හරක්ට අමතක වෙච්චි දේ තමයි ඊට පස්සෙත් හින්දු ආගම අදහපු දෙමළ රජවරු අන්තීම වෙනකන් උන්නය කියන එක,

      Delete
    2. //එළාරවත් එළාරගේ ඇමතිලාවත් නරක කේස් එකක් නෙමෙයි

      බලං හිටිය ද?

      Delete
  7. මට නං බොහොම කණගාටුයි මේ කේස් එකට. මොකවත් නිසා නෙවේ මූ පත්වීම ගත්තෙ පහුගිය 6/10දා. ඌට රාජ්‍ය සේවය එපා නූනොත් ඇති.
    චන්ඩි නං කවදා හරි සල්ලං වෙනව. අනිවාර්ය හා ප්‍රමාණවත් අව්‍යතාවය 'වඩා ලොකු චන්ඩියෙක්' හමුවීම විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බන් රාජ්....මම නිව්ස්වලටත් දැක්කා මිනිහා අළුතෙන් පත්වීමක් ලැබුනු කෙනෙක් කියලා...කොච්චර තිගැස්සීමකට පත්වෙනවා ඇද්ද? ආපහු ඉතින් හරියට රාජකාරි කරන්න යන්නේ නැහැනේ.

      රාජ්.....ඔය නිල්වලා පාර්ලිමේන්තුවට ආවේ අලියාගෙන් නිසා, මේ වගේ කේස් එකකට යුඇන්පියට බැරිද විනය පියවරක් අරගෙන පක්ෂෙන් නෙරපන්න. එතකොට මන්ත්‍රීකම අහෝසිවෙනවනේ.

      Delete
    2. වෙන රටක වගේ නං ඕ කියන තරමෙ දෙයක් වෙයි...
      ඒත් අර මාත කියන්න වගේ
      මේක අම්මට සිරි ලංකාවනෙ...
      ඕ වගේ කේස් තමා නැගලම යන්නෙ

      Delete
    3. පක්ෂෙන් නෙරපන්න බෑ අරූ . ඒකට වාරණ නියෝගයක් දාලා තියෙන්නේ අධිකරණයෙන්, උන් ආණ්ඩුවට ගිය වෙලාවේ උපේක්ෂාටයි ,නිල්වලාටයි මනුෂටයි තුන්දෙනාටම විනය පරීක්ෂණ වලින් වැරදි කාරයෝ කරලා පක්ෂෙන් නෙරපුවා . එත් උන් උසාවි ගිහින් එකට තහනම් නියෝගයක් ගත්තා.

      Delete
    4. ඉවාන්....හැබැයි බ්ලුවලාගේ කේස් එක ඒ කැටගරියට වඩා වෙනස් ක්‍රිමිනල් කේස් එකක් නේද? මම දන්නේ නැහැ හරියටම. නිකන් අහන්නේ.

      Delete
    5. කෙලින් වැඩ කරන මිනිහෙකුට මේ සමාජයේ කිසිම තැනක් නෑ. බ්ලොග් කළාවෙත් එහෙමමයි.

      Delete
  8. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑලුනෙ.

    යකෝ බලන් ගියාමා ලංකාවෙ මාර චණ්ඩි තොගයක්නෙ ඉන්නෙ ඇත්තට.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ මොකද පත්තරයට බල්ලා කියා කියා බනින්නේ

      Delete
    2. මම එහෙම එකක් කිව්වද?? හරි පුදුමයි බං, මට මතක නෑනෙ.!!!!! :D

      Delete
    3. බල්ලා ඇවිත් යට කෙරුවම බලාගනිංකො … කොහොමද ඉවාන් පාරට ස්ටිකරයක් වෙලා ඉද්දි. අම්මේ මට තියන සතුට !!!

      Delete
    4. හැබයි ඉතින් චන්ඩි නොන්ඩි වෙලා නෝන්ඩි වෙන දවසකුත් එනවා. උදාහරණත් ඕන තරම් තියෙනවා.

      Delete
  9. PLEASE DO NOT USE THE WORD ' PUKA ' WITHOUT MY PERMISSION ==
    =KAKKA PORA=

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් ඇනෝ පෙර ආත්මෙ ඉඳන් එන කකාගෙ තරහකාරයෙක්.

      Delete
    2. සංසාරගත බැඳීමක් !!!

      Delete
    3. මල් පුඡාකරලත් කියන්නේ
      මතු උපදින සංසාරේ
      අපි හමුවෙමු අම්පාරේ කියලාලු.

      Delete
    4. THARAHA KARAYO OHOMA COMMENT KARANAWADA?

      Delete
    5. ගරිල්ලා මාකටින්

      Delete
  10. \\\\ඔය පාර්ලීමේන්තුවේ ඉන්න චන්ඩි, පාරේ යන හැටි මහින්ද මහත්තයා දකින්නේ නැතිය. \\\\\
    ඔහේ තංගලු ගිහින් නෑ වගේ ලඟදි මාතේ....මහින්ද අයියා මේ ලඟදි දවසක මටත් අතවනන් ගියා තංගල්ලේ මාරකැට්ටුව ලඟදි...හරි අපූරුවට තනියම BMW තඩියකුත් එලවගෙන..ගමේදි එහෙමද දන්නේ නෑ නේ....?
    අයියා ඔක්කෝම දන්නවා..ඒකනේ අර මන්දිරයටම අඬගහලා කාමරයකට දාලා නෙලන්නේ...

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ හා ඝෝඨාභය රාජපක්ෂ ආන්ඩු මාරුවක් උනත්, ෆොන්සේකා මෙන්ම ආරක්ෂා කළ යුතුමයි. ඒත් මේ හාල්පාරුවන්ට මොන බැකප් වෙහිකල්ද?

      Delete
  11. චන්ද ඌශ්නෙ
    චන්ද ඌශ්නෙ

    ReplyDelete
  12. චෝප්පෙට වුනත් ගේම දුන්නේ පොඩි එකෙක්. ඔය කොයි චන්ඩියා වුනත් අම්බානක කන සවසක් එනවා. එදාට කන්නේ ජීවිතේටම ඇතිවෙන්න.

    කාලය සියල්ල විසඳනු ඇති.

    ReplyDelete
    Replies
    1. කාලය විසඳාදුම් දෙනකොට බැරිය මහත්තයෝ,
      මේක හරියට පිළිකාවක් වගේ ප්‍රමාද නොකර බෙහෙත් කරන්න ඕනේ ඕකුන්ට.කොහොද ඉතිං ලොක්කට පණක් නැහැනේ එහෙම දෙයක් කරන්න.කතා කරන්නේ නම් විනය ගැන හැදියාව ගැන.තමන් ගාව ඉන්න උන් වරදක් කෙරුවාම නැහැ සද්ද.

      Delete
    2. අනේ කාළය මීටත් වේගයෙන් ගමන් කරනවා නම්..

      Delete
    3. මුන්ට තේරෙන්නේ නැහැ බන්, මුං වැඩ කරන්නේ හැම තිස්සෙම විනය තකා

      Delete
  13. අපේ පැත්තෙත් ඉන්නවා බිගෙන ගහමරාගෙන නිදන් හරලා ගෙවල් කඞලා සිගරට් වැන් එක මංකෝ්ල්ල කාලා ප්‍රෙදශිය සභාවට පත්වුන ඞබලක් එකේක් අක්කු අනිකා අඡා තවම බුරැ ගහනවා බිලා ටවුමේ වලි ඒ වුනාට මිනිස්සු උන් දෙන්නට මාර කැමති. වෙඑකක් තියා අපිත් දැක්කාහම අක්කු මන්ත්‍රිතුමා කියලා අත්දෙක අල්ල ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි කරුමේ. අපි නම් ක්‍රියාකාරි දේශපාළනෙන් ඉවත් උනේ චන්ඩින්ව පක්ෂේ ඇතුලට ගත්ත දවසෙමයි. නිකන් නෙමෙයි පක්ෂය හා නායකයන් විවේචනයට ලක් කිරීමෙන් අනතුරුව. අද ඒක මේ මිහිපිට ඔප්පු වෙලා ඉවරයි.

      Delete
    2. මචං උඹ ක්‍රියාකාරී දේශපාලනෙන් අයින් උනේ සිරිල් මැතිව්ලා ගෝනවල සුනිල්ලාගේ කාලෙමද? වෙල්ඩන් මචං උඹ කොන්ද කෙලින් තියෙන ඇත්ත කතා කරන සුපිරි කොල්ලෙක්.

      Delete
  14. @ maathalan
    // පාර්ලීමේන්තුවේ ඉන්න චන්ඩි, පාරේ යන හැටි මහින්ද මහත්තයා දකින්නේ නැතිය. //
    දකින්නෙ නැති බව ඇත්ත. ඒ වුනාට යන්නෙ එහෙමයි කියලා දන්නවා. හැබැයි නොදන්න ගානට ඉඳලා අපිව අන්දනවා. ඕකුන් පාරෙ යන හැටි විතරක් නෙවෙයි, අහවල් වැඩේ කරන්නෙ කොහොමද කාත් එක්කද කොයි වෙලාවටද කියන එකත් ලොක්කා ටක්කෙටම දන්නවා ඇති බං.

    ReplyDelete
    Replies
    1. නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න පුළුවනි.හොරට නිදාගෙන ඉන්න එකා කෙලමෝලෙන් ඇනලවත් ඇහැරවන්න බැහැයිලුනේ.
      කියාපු කතාවට ඇනොගේ කටේ මසුරං දාන වටිනවා.

      Delete
    2. මේ සංස්කෘතිය මොකා හෝ නැවත්විය යුතුමයි.

      Delete
  15. ඔය මහා ඇමතිගේ මල්ලිත් අශෝකේ කොල්ලෝ ටිකට ගැහුවා නේද විකට් පොල්ලෙන් , අර ආත්මීය ක්‍රිකට් නායකයා .

    ReplyDelete
    Replies
    1. සම හරක්ට ඒවා අමතකයි නේ... නොම්මර එකේ චන්ඩි සෙට් එකක් තමයි මෙයාලත්. දන්නෝ දනිති. නිකංද 77 කෑවේ...

      Delete
  16. මාතලන් මොනවා කියනවද මන්දා. මන් කන හයියද බලන්න තට්ටු කරපු පාරට කන පැලුනා.

    _මීට ග්‍රාමසේවක_

    ReplyDelete
    Replies
    1. ඔය දේ නොකිව්වොත් තමා පුදුමේ..

      Delete
  17. හප්පට සිරි දැන්නෙ දැක්කෙ, පාර්ලිමේන්තුවෙ වලියක්නම් 'මිරිකීම' කියන දේ අනිවාර්‍යයි වගේ.

    දැන් ඔය උඩ ෆොටෝවෙ යූක්‍රේන පාර්ලිමේන්තුවේ වළිය මැද්දෙ එකෙක්ගෙ කට මිරිකනවා.…… ඕකම අපේ රටේ උනා නම් අරූගෙ ඇටේ මිරිකනවා…… කලිනුත් මිරිකලා තියෙනවා නොවෑ. :D :D

    ReplyDelete
    Replies
    1. ඒ මිරිකන එක නම් මිරිකුවා ආයේ නෑ රහත් වෙන්නම.. මර්වින් සිල්වාට ජාතියේ උපහාරය.

      Delete
  18. හෙහ්, මොන පිස්සුද ගැහුව මිනිහා අහිංසකයා.. මතලන්ලත් අහිංසකයන්ට මඩක් ගහලා ලියන්නමයි බලාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම අහිංසකයි. අපි තමයි නරුමයෝ...

      Delete
  19. ම්ම්ම්...... මේ ඔක්කොම කයි කතන්දර යන්නේ ලොකු තැනගේ..... පිටින්..... ඔක්කොටම පලි එයා කියල තමයි කට්ටිය කියන්නේ.....

    මෙන්න මේකට මොකද කරන්නේ......? කවුද මේවට පලි....?

    ReplyDelete
    Replies
    1. එයාම තමයි පලි.. මොකෝ එයාට පුළුවන් එක පාරෙන් මේ ඔක්කෝම නවත්තන්න.

      Delete
  20. මම මචං මේ ටිකේ දරුවො දෙන්නගෙ ඉගෙනුම් කටයුතු වලට පුර්ණ කාලය යොදවා ඇති බැවින්...අප්පට සිලි ලංකාව ගැන කිසිත් නොසිතමි.......
    මේව ලියන /කියවන ........ඔයාට/ඔබට ........
    අබ සරණයි'''''''''! ....................................

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.. නිකං ලේ පුච්ච ගන්නවට වඩා...

      Delete
  21. මාතා කියන එකට මම ඇග්‍රී වෙනවාය. ඔය මැති ඇමති බුවාලා උඩින් ඉගිලෙන්න දඟලන එකට 50% වග කියන්න ඕන M.S.D. එකේ බුවාලාය. M.S.D. පොරවල් ලොක්කගෙන් ලකුණු ගන්න හෙන සීන් දමනවාය, සමහර ඇමති බුවාල ඒ ගැන නොදන්නවාය. උන්ගෙ සීන් නිසා ගෙදර ගිය ඇමති පොරවලුත් ඉන්නවාය.

    ReplyDelete
    Replies
    1. උන් පාට් දාන්නේ නිකන් නෙමෙයි. අරූගේ ඕඩර්ස් නිසා. ඕකුන් නැතුව යන මන්ත්‍රිවරුත් ඉන්නේ. යනවද නොයනවද කියලා දන්නේ නැති. එහෙම උන්ට ගෞරවයක් හැටියට ඒ දේත් ලියන්නම ඕන.

      Delete
  22. මාතලන්, ගොනා තණ කාල පොල් කන්න හැරෙනකොට විමල් හිමීට පස්ස ගහල ඉන්නෙ. චම්පිකයත් එහෙමයි. ඔය තමයි ලොක්කට ඉස්සෙල්ලම හේත්තු වෙච්චි උදවිය. ඉතුරු ටිකත් ලෙසටම වෙයි. කවුද සුද්දෙකුත් කියල තීනවනෙ History repeat itself, first as tragedy, second as farce කියල . අපිට දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න විතරද මaන්ද තීන්නෙ.

    ReplyDelete
    Replies
    1. එයාලා කරන්නේ පොලිටික්ස් නෙමෙයි පොලිට්‍රික්ස්..

      Delete
  23. ඇයියකො දාස්ගානක චන්දෙන් පාලිමන්ට් ගිය එකාට කොස්ගහක අතුපාහින්න බැරිනම් ඔය එම් පි කම මොන මගුලකටද.ගිරමය ඔනවට වැඩියි.ගහන්නම තමයි ඔන.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. අහවල් එකටෙයි එහෙනම් පාර්ලිමේන්තු යන්නේ..

      Delete
    2. මේ උත්තලාට තේරෙන්නේ නැහැ බන්, 18 ගේන කොට රනිල් අැහුවා ලොක්කගේන් පොලිස් කොමිසමේ බලතල අඩු කරන්නේ ඇයි කියලා.
      ලොක්කා කිව්වා වීර කැටිය, තංගල්ල පොලීසි වලට මට ඔින ඕ අයි සි ව පත් කරගන්න බැරි නම් ජනාධිපත් කම මොකටද කිලා?

      Delete
  24. අනේ මන්ද..අපි හරි ආශ්චර්යවත් වාසනාවන්ත ජනතාවක්..කොච්චර පින් කරලා තියෙන්න ඕනද අප්පා මේ වගේ නායකයෝ ලබන්න....

    ReplyDelete
  25. මාතලන් අයියණ්ඩි, ආත්ම තෘප්තිය තකා මෙහෙම ලියනෙක හොඳයි, නමුත් අත් ගෙවෙනකල් ලිව්වත් කට කැඩෙනකන් කිව්වත් අපේ ජහමනතාව තාමත් මේ මුලාවට හරි ආදරෙයි. එයාල කැමති නෑ කඩතුරා අයින් කරල ලෝකය දිහා බලන්න. ම්මේ ලාපකයන්ම ජහමනතාවට මේ දේශපාලනය දකින්න පුරුදු කරපු විදියක් තියෙනවා, ඒ පුරුද්දෙන් මිදෙන්නෙ අපේ ඇත්තො සූදානම් නෑ තවම.

    ReplyDelete
    Replies
    1. ඔය කොයි දේත් එපාවෙන වෙලාවක් එනවා..

      Delete
  26. මාතා....කොමන්වෙල්ත් ගේම්ස් ආපු අපේ සයිකල් ටීම් එක මෙහේ මෝටර්වේ එකේ ප්‍රැක්ටිස් කරලා පොලිසියෙන් නැවැත්තුවා. මුන්ව යට වෙච්ච නැති එක පුදුමයි. මිනිස්සු පොලිසියට කෝල් කරලා...බයිසිකල් ටික ට්‍රක් එකක පටවලා,,මුන්ව හෝටලයට ගිහින් බස්සලා. වස ලැජ්ජාව බන්. ෆොටෝත් දාලා තිබුනා. මචං 50ක් විතර නිලධාරී ආවා...මේ ළමයින්ට කියලා දෙන්න ඕන නේද?

    ඕපනින් දවසේ ඊයේ බීබීසී ටීවී කමෙන්ට්‍රි එකටත් කිව්වා අපේ එවුන් යනකොට. පව් වැඩේ බන්.

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩාවේ ඉන්නේ අමු හරක් සෙට් එකක්.. ඔය සයිකල් පදින්නේ ඔක්කෝම වගේ ත්‍රිවිධ හමුදාවේ උන්. උන් මෙහේ පාට් එහෙත් දාන්න යන්න ඇති.

      Delete
  27. කොස් ගහකටලු නේ කෙස් එක? හරි සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. හේතුවක් නැතිව මටත් මාර ආඩම්බරයි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න