.

.

Jul 8, 2014

ඔරේන්ජ් බාර්ලි, මළ ගෙවල් හා සරත් අයියා - Orange Barley, Funeral & Sarath Aiya


පළවන කොටසට මෙතනින්....

රංගිගේ ඕරෙන්ජන් බාර්ලි රහ වැටිලා, ඒ ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙනින් මළදානයක් නේ. ඒ නිසා, අද කොහොම හරි ට්‍රයි කරලා, ඔරෙන්ජන් බාර්ලි ගැන ලියනවාමයි. මේ ඔරේන්ජන් බාර්ලි කතන්දරේ නැගලම යන නිසා, මගේ ගුරු ජී හෙවත්, කතන්දර උන්නැහෙත්, ඒ ගැන කතන්දරයක් ලියලාතියෙනවා. එයයි කතා කොරන්නේ, අන්තිම කැමත්ත ගැන. ඒ ගැනත් කතා කරමුකෝ ඉඩ තිබුනොත්.

පරණ, නාකි රිලව් සෙට් එකට, ඔරෙන්ජන් බාර්ලී කියන කොටම, ගොක් කොල පේන්න පටන් ගන්නේ ඇයි? ඒ කියන්නේ, මේ මළ ගෙවල් පේන්න පටන් ගන්නේ ඇයි? පෝඩ්ඩක් හිටහන්…. මේ ගොක්කොල කතාවත් වෙනස් වෙන්න ඕන. මොකෝ, දැන් එල්ලන්නේ සුදු ඉටි කොල පටි. හරි මේ සුදු ඉටි කොල පටි පේන්න පටන් ගන්නේ ඇයි? ඒ කාළේ මළ ගෙදරක යන්නෙම, ඔරෙන්ජන් බාර්ලී බොන්න නිසා. මරු වැඩේ කියන්නේ, අපේ පොඩි මෑනුත් ගමක මගුල් ගෙදරක ගියාම, මගෙන් හොරෙන් අහන්නේ තාත්තේ මෙහෙත් දෙන්නේ නෙස්කැෆේ නේ, ඩ්‍රින්ක්ස් දෙන්නෙ නැති පාටයි කියලා. 

ඔය ඩ්‍රින්ක්ස් කියන්නේ, ඔරෙන්ජන් බාර්ලි වලට. නැත්නම්, ඒක ගමේ මළ ගෙයක් නෙමෙයි කියලා තමයි පොඩි මෑන් කියන්නේ. අපරාදේ කියන්නේ, ඔය ඇලාගේ අම්මගේ මරණෙට ගියපු වෙලාවේ, ඇල්කේමියනම් මට බෝතලයක්ම දුන්න වාහනේ තිබිලා. අනික් උන්ට හම්බ වෙන්නේ එහෙම නැතිව ඇති. මම කියන්නේ අර ජී පී ආර් ඇස් වලින් මළ ගේ හොයාගෙන ගියපු උන්ට හෙම. මම තනියෙන් බොන්න හොඳ නැති නිසා. දමිතයටත් පොඩ්ඩක් දුන්නා. 

හැලපයගේ ගෙදර නම්, ඔරෙන්ජන් බාර්ලි එක්ක බොන්න, හැලපෙගේ ගුරුවරු පානය කරපු බීම වගේකුත් දුන්නා. ඒවල අප්සට් එකක්ද මන්දා, රනා”, එතන බ්ලොග් ගැන දේශණයක් පැවත්තුවා, පැයක් විතර. ඊට පස්සේ අටම්පහුරගේ එක. එයා බ්ලොග් ගැන පාලි හා සඟිස්කුරුත වලින් තමයි ලෙක්චර් එක කරේ. අනේ අර ගමේ අහිංසක මිනිස්සු, කට ඇරගෙන බලගෙන උන්නා, මොකක්ද මුන් මේ බොගක් ගැන කතා කරන්නේ කියලා. උන් හිතන්න ඇති. මේ නම් වැල්ලවත්තේ ගූ මෝලේ සෙට් එකක්ය කියල. එහෙම නැත්නම් සැන්ටිබෝඩ් එකේ හරි, ජාතික මළප්‍රවාහන සමාගමේ ඩිරෙක්ටර්ලා සෙට් එකක්ය කියලා. මට ඇති උන ආඩම්බරේට, මම කලින් මාරු උනා. එදා ආපු සුද්දට පින් දිදි.

අපේ මුල් දකුණේ නේ. අම්මා ගාල්ලේ. ටවුමෙම වගේ. ගාල්ලේ එලියට් රෝඩ් එකේ. පාර අයිනෙම ගේ. ඒ උනාට පිටිපස්සට කන්දත් එක්ක ළොකු වත්තක් තිබුනා. මේක බොහෝම පරසණ ගෙයක්. ටිකක් ගාලු කොටුව අතුලේ තියෙන ගෙයක් වගේ. දැන් නම් රැනෝවෙසන් පාරවල් කීපෙකට ලක් වෙලා. ඒ කාළෙටත් නැති, මේ කාලෙටත් නැති මොකක්ද එකක් වෙලා. ඒත් මේ ගෙදර අපූරූ විශේෂත්වයක් තියෙනවා. වහල ගොඩක් උස නිසා. ගේ ඇතුල ඒ සී කරලා වගේ කූල්. අනික වහලේ තියෙන්නේ අමු හින්ගල උළු. 

මට මතක හිටින, බොහොම දැණුන මළ ගේ තිබුනේ ඔය ගෙදර. මළේ, මගේ දෙවනි ළොකු අම්මගේ ළොකු පුතා. මෙයා දෙවනි එක්කෙනා නිසා, අපි එයාට කිව්වේ පුංචි අම්මා කියලා. මම හිතන්නේ ඒ මරණෙදි වැඩියෙන්ම ඇඬුවේ අපේ අම්මා. එයාට දුක දරාගන්න බැරි උනා. අම්මා විතරක් නෙමෙයි. මළ ගෙදර ආපු හැමෝම බොහෝම කම්පා උනා. හේතුව එයා මැරෙණ කොට වයස 29 යි. නම සරත්, සරත් විමළධර්‍ම කිව්වම, ගාල්ලේ විතරක් නෙමෙයි කොළඹත් බොහෝම ජනප්‍රියයි.

29 වෙන කොට, පොර කරන්න තිබුන ඔක්කෝම කරලා හිටියේ. බැන්දේ පෑලියගොඩින්. ඇත්තටම කියනවනම් හතරේ කණුවෙන්. ඔය හතරේ කණුවේ, කොළඹ පැත්තට එන බස් නවත්වන තැන තිබුන ගෙදරින්. තාමත් ඒ ගේ තියෙනවා. ඒත් දෙකට බෙදලා. වල් බිහි වෙලා. කිසි එළියක් නෑ. ඔය ගේ ඒ කාලේ බොහෝම ලස්සන ගරු ගාම්බීරෙට තිබුන ගෙයක්. ඔය ගෙදරින් තමයි, සරත් අයියා බැඳලා හිටියේ. නිර්මලා අක්කා. කැළණිය සැන්ට් පෝල්ස් එකේ ඉන්ගිරිස් ඉගැන්නුවේ. 

සරත් අයියා මළේ, ගේ පිටිපස්සේ කැළණි ගං කොමලිය පතුලේ ගිලිලා. මෙයා යාළුවෝ තුන් දෙනෙක් එක්ක ගඟ ළඟට ගිහින් තියෙනවා සෙට් වෙන්න. ටික වෙලාවකින් අරුන් ටික ඇවිත් කියලා තියෙනවා. සරත් ගඟට වැටුනා කියලා. මුළු පෑළියගොඩම ආවත් ගොඩට ගත්තේ මිනීය. මේ මරණේ බොහෝම සැක කටයුතු උනාට. මොකවත්ම සිද්ද උනේ නෑ. ඔය මළ ගෙද,ර ඔරේන්ජන් බාර්ලි තිබුනද, මක්කද උනේ කියලා මට හරියට මතකයක් නෑ. හේතුව මගේ වීරයෙක් උන සරත් අයියා නැති එක මටත් මහා පාළුවක් උන එක. 

මොකෝ මැරෙන්න කලින් දවසේ අපේ ගෙදර ඇවිත්, කට්ට සම්බලත් එක්ක බත් කාලා යන කොට . මම එයත් එක්ක පාර ගාවට ගියා. එයා මට කිව්වා අළුත් ලෙදර් බෝලයක් ගෙනත් දෙන්නම් කියලා. මොකෝ එයා කලින් දීපූ ලෙදර් බෝලේ, වෙලේ වැටිලා හොයා ගන්න බැරි උන නිසා. පොර ඒ කාළේ ක්ලබ් ගහපු නොම්මර එකේ ක්‍රිකටර් කෙනෙක්. ගාල්ලෙ මහින්දෙටයි, කොළඹ නාලන්දෙටයි දෙකටම ප්ලේ කරලා තියෙනවා.

ඊළඟ දවසේ හැන්දවේ තාත්තා ගෙදර ආවේ කළබලෙන්. එයා ඇවිත් අම්මට කිව්වා. "අර සරතයයි ගෙවල් ගාව සෙනග පිරිලා හිටියා, මොකෝ දන්නෙ නෑ...?" කියලා. අපේ අම්මා බොහෝම කළබල උනා. ඒ ගෙදර තවත් අය ඕන තරම් ඉන්දැද්දී, අම්මා කිව්වා, "ඊයේ මම මහා නරක හීනය දැක්කා, සරත්ට මොකක් හරි වෙලා ඇති කියලා...." ඊට පස්සේ අපි ගෙදර ඉන්දැද්දි. ආච්චියි, අම්මයි, තාත්තත් එක්ක ආයේ හතර කණුවට ගියා. එදා රෑ තරම් අම්මා අඬපු දවසක් මම ජීවීතේට දැකලා නෑ. මොකෝ ඒ තමයි අම්මගෙත් පළවෙනි දරුවා. අම්මව අස් වැසුවේ ආච්චි. ඒත් මුළු රෑම ඇඬුවා.

මේ ළඟදි අපේ ගෙදර පොඩි පින්කමක් තිබුනා අම්මගෙයි තාත්තගෙයි මැරේජ් ලයිෆ් එකේ ෆිෆ්ටියට. ඒ කියන්නේ ගෝල්ඩ් ජුබිලියට. එදා අනුශාසනාවක් කරපු හාමුදුරුවෝ දේශනා කළා, "මේ අම්ම බොහෝම වටිනා අම්මා කෙනෙක්, බොහෝම වටිනා කියන දරුවෝ නම දෙනෙක්, (මං ගැන දන්නවා නම්, හාමුදුරුවෝ ජීවිතේට වදාරන්නේ නෑ ඔය කතාව.) ආදරෙන් හදා වඩාපු මැණියෙක්....."ය කියලා. මේ කතාවට මාත් හොල්මන් උනා. 

පස්සෙ බැලින්නම්, අපේ ප්‍රීතියා, (පුංචි අම්මගේ බාල පුතා) හාමුදුරුවොන්ට මහා පදරංග ජාතකේම දිග ඇරලා. මොකෝ, මේ පුංචි අම්මගේ ළමයි 6 දෙනාම හම්බ උනාට පස්සේ තමයි, අපේ අම්මා දීගෙක යන්නේ. ඉතින් මේ දරුවෝ තමන්ගේ දරුවෝ වගේ හදලා තියෙන්නේ, අපේ අම්මා. අපේ පුංචි අම්මා නිකන් සිරිමාවෝ වගේ අමුතු කැරක්ටර් එකක්. ඔය කතන්දරේ හාමුදුරුවෝ දෙසන වෙලාවෙ නම්, අම්මා ඇඬුවේ නෑ. බොල්ලෑ කටත් එක්ක, බොහෝම සුන්දර ආඩම්බර හිනාවකින් මූණ පිරිලා යනවා මම බලාගෙන උනා. 

අපරදේ කියන්නෙ පුංචි අම්මත් ඒ වගේම හිනා උනා. තාත්තටත් හරි ආඩම්බරයි. මොකෝ, ඔය සෙට් එකම හැදුනේ වැඩුනේ, කැළණියේ අපේ ගෙදර නිසා.

අදත් ඔරේන්ජන් බාර්ලි ගැන ලියා ගන්න බැරි උනා බලමු ඊළඟ එකෙන් වත්..

90 comments:

  1. නොදකින් විතරක් අදත් ඔරේන්ජන් බාර්ලි නැහැ.

    ReplyDelete
    Replies
    1. මළ ගේ දවස් හතක් තියෙනවා නේ බං...

      Delete
  2. මදැයි. ඔරේන්ජන් බාර්ලි කියලා දැක්ක ගමන් සේරම වැඩ පැත්තකට දාලා ෆෝන් එකෙන්ම මංගැච්චුවා. මේකත් හැලපස්ටයිල් එකට පඳුර වටේ තලලනේ... අයියූ....

    ReplyDelete
    Replies
    1. හැලපකඩේ තව හොඳයි, කොහේ කොයි පඳුර වටේ ගියත් අන්තිමේදී කෙහෙල් පැලේ ලඟට එනවා.

      මාතලන් කරන්නේ මේ බස්සිලා වගේ පොඩි ළමයින්ට ඔරේන්ජන් බාර්ලි අරන් දෙඤ්ඤං කියලා රවටන එකයි!

      Delete
    2. @කකා...+++++++++++++++++++++++++++

      Delete
    3. මාතෙයා ඉතිං කියන දේ මූණට කියන මිනිහනේ කකා.. හිතේ එකයි බඩේ එකයි තියං දුක් විදින්නේ නෑනේ .නැද්ද මං අහන්නෙ ??

      Delete
    4. මේක පඳුරු තැලිල්ලකුත් නෙමෙයිය කියලා ඔය කකා කියන්නේ...

      Delete
  3. //හැලපයගේ ගෙදර නම්, ඔරෙන්ජන් බාර්ලි එක්ක බොන්න, හැලපෙගේ ගුරුවරු පානය කරපු බීම වගේකුත් දුන්නා. // .
    //මම කලින් මාරු උනා.//
    මේ මේ තනියම නෙමේ නේද මාරු වුණේ මාත් එක්කම නේද? ගුරුවරුන්ගේ පානයත් නරකම නැ නේද?

    ReplyDelete
    Replies
    1. ෂික් මට මාරු වෙන්න බැරි වුනානේ..... අන්තිමට උතුර දකුණ නම් මාරුවුනා එතන ඉඳලා

      Delete
    2. තො කොහෙ යන්නද නැගිට ගන්න බැරි කොට

      Delete
    3. ඇ මාතයෝ මීට හොද නැද්ද $%&$ $*&*@$

      Delete
    4. නලියගෙත් වෙලාව හොඳයි..

      Delete
  4. දැං දැං හැම කෙනාටම පදුරු තැලිල්ල දරුණුවටම බෝ වේගන යනව වගේ...
    හැක්...
    ආවෙ ඔරෙන්ජං බාර්ලි බොන්න වුනේ....???????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ක මක්කවත් නැති මළ ගෙයක් නේ..

      Delete
  5. ඔරේන්ජ් බාර්ලි වලට හැමදාම බාලගිරි දෝසෙ වගේ. මටනම් පේන්නෙ...මාතලන් අයියා එන්න යන්නෙ වෙන පොටකට..

    ReplyDelete
    Replies
    1. පොට කැඩිලා වගේ මචෝ...

      Delete
  6. මේ පඳුරු තැලිල්ලත් නරකම නෑ…. හැබැයි ඉතිං ඔරේන්ජන් බාර්ලි ගැන ලියවෙත්දි තව පෝස්ට් හත අටක් වත් ලියවිලා තියෙයි. :D

    සරත් අයියා වගේ සමහර චරිත තියෙනවා ජීවත් කෙටි කාලයක් තුල බොහෝ දේවල් එක් රැස් කර ගන්නවා. මුදල් වේවා ගෞරවය වේවා අත්දැකීම් වේවා හිණිපෙත්තටම යනවා ටික කාලෙකින්. ඒත් ආයුෂ කෙටියි. අවුරුදු අනූගනන් අසූගනන් ඉදලා වත් ඇතමෙක්ට කර ගත නොහැකිවූ දේවල් ඒ අයගෙ ජීවිතේ කරගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා සරත් අයියා කියන්නේ එළ බුවෙක්..

      Delete
  7. හයියෝ.....................මදෑ දුවගෙන ආවා ඔරෙන්ජම් බාර්ලි බොන්ඩ. අන්තිමට හුළං. යකෝ හැලපයා ආශ්‍රය කරන්ඩ එපා. ඔය ලෙඩේ තවත් වැඩිවෙයි.

    ඔන්න අපි බිව්ව බාර්ලි. අපි පුංචි කාලේ 1950 දශකයේ අග භාගයේ තිබුණා, ආනයනය කළ ඔරෙන්ජම් බාරලි. එව්වයේ නම, ෂ්වෙප්ස් Schweppes ( http://en.wikipedia.org/wiki/Schweppes) බුදු අම්මෝ දිවියලෝක රහක් තිබුනේ එව්වයේ. ඊට පස්සේ තමයි ඔය ඇලිපන්ට් හවුස් එකේ අලියා බීම, තව අර සිංහයා සිසිල් බීම එහෙම ආවේ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයෝ ඒ කාලේ සුද්දා වෙන්න ඇති නේද ඕවා ගේන්න ඇත්තේ. ඒ කාලෙත් මහ ගානක් වුනාද ඒවා ඔහේ?
      මොකො දැන්නම් Schweppes පොඩි කෑන් එකක් ලංකාවෙදි ගන්නවා කියන්නේ අර අලියා හෝ පියෝ බෙවරේජස් මෙගා බෝතල් කිහිපයක් ගන්න පුළුවන්. ඒ වුනාට ඉතින් බීම කලවම් කරන්න මට නම් වෙන කිසිම දෙයක් හරියන්නේ නෑ.

      Delete
    2. රංගි/විචාරක.....ඔය Schweppes කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන සමාගමක්. අද වෙනකොට මේ කම්පැනිය බොහෝ දුරට නිපදවන්නේ Tonic water, Dry ginger ale,Bitter lemon,Soda වැනි chasers.ලෙමනේඩ් හදනවා. මේ හැම එකකම leading brand එක තමයි Schweppes. මොවුන්ගේ Malvern කියන වතුර එක තමයි චාල්ස් කුමාරයා බිව්වේ. ඒවා පස්සට ලියමු.

      Delete
    3. අරූ අයියා +++++++++++++++++

      Delete
    4. ෂ්වේප්ස් ගෙන්නුවේ කවුද කියලනම් මතක නැහැ. අපි පොඩි එවුන් නේ. ඒවා විකුණුව වාහනෙත් හරි අමුතුයි. ඒ ලොරියේ ඉදිරියේ කැබ් එකේ සිට පසුපස දක්වා ඉහලින් හරි මැදින් පොල්ලක් තිබුනා. ඒ පොල්ලේ පල දෙකකට හිටින්න ටාපොලීන් හෝ කැන්වස් රෙද්දක් දමා තිබුනා. ක්‍රෙටර්ස් වල දමා ඒ කාලේ සිසිල් බීම විකිණුවේ මේ සමාගම විතරයි.

      Delete
    5. ඔය කියන මළදානේ කොහේ හරි දැකලා තියෙනවා. තාමත් බැරි උනා කොහේද කියලා මතක් කර ගන්න.

      Delete
  8. ඔරේන්ජ් බාර්ලි බොන්න වෙන්නේ ලබන ආත්මෙදි තමා , ඊට කලින් නෙස්කෆේ එහමත් බොයි .

    ReplyDelete
    Replies
    1. නෙස්කැෆේ කලින්ම දුන්නා නේ..

      Delete
  9. හරි මචං උඹ හෙමිහිට ලියපන්. අපේ මලගෙවල් වලටවත් ඉවර වෙන්නේ නැතැයි. අර රවියා අවුරුද්දක් තිස්සේ විමලේගේ වාන් පතුල් ලියන්නේ අපි ඔය අවුරුද්දක් තිස්සේ හැමදාම කියවන්න යන්නේ.
    නැතිව ඉතින් මොනවා කරන්නෙයි කියලැයි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඔක්කෝටම හපන් රවියගේ තැලිල්ල...

      Delete
  10. මදැයි ඔරෙන්ජං බාර්ලි ටිකක් බොන්න ආවා.අපේ රිදී නැන්දා කිව්වෙ ඔරෙන්ජං බාරලි කියල.දවසක්දා මගුල් ගෙදරකින් කට කපල අරක්කු වීදුරුවක් ගහල ඇවිත්
    තිබාසෙට ඔරෙන්ජං බාරලි වීදුරුවක් බිව්වා බුදු මැණිකේ කියල අපේ අක්කට කිව්වලු.
    මම ඔය කතාව දවසක්දා ලිව්වත් එක්ක.

    ReplyDelete
    Replies
    1. Rangee,
      here you are,
      http://helapakade.blogspot.com/2013/04/blog-post_10.html

      Delete
    2. හැලපයක් කාල ඔරෙන්ජං බාර්ලි ඩිංගක් බොන්න කියල ගොඩවැදුනෙ. කොහෙද අපෙ හැලප කඩේ අයිය හැලප දෙනව තියා අඳුනන්නෙ නෑ වගේනෙ ඉන්නෙ. ඔය කියන ඔරෙන්ජං බාර්ලි මේ කපේ හම්බ වෙන පාටක් නෑ වගේ

      Delete
    3. කෝ කැන්ගරු මල්ලි ඒ පැත්තෙ එනවැයි.ආවනං හැලප ඇති පදං.

      Delete
    4. කීප දොහක් ආව අයියණ්ඩි. කොමෙන්ටුනම් දැම්මෙ නෑ. මම අර මීරිගම සෝමයගෙ "අල්ලස් එකේ උස බුවා" මම මුහුණු පොතටනම් පොඩි මැසේජ්ජුවක් දැම්ම. ඔයා වගේ බුවෙක් බොගට සෙට් උන එකනම් පස්ටයි..... මම මාතා පල්ල කියල පරන පෝස්ට් කියවනවනෙ මේ දවස් වල.... එක මලොත් එහෙම හෙන පාඩුවක් බොගට (මම ගානෙ ඔරෙන්ජන් බාර්ලි) එක ඉවර උන ගමන් අයියගෙ බොබ පීරනව මම

      Delete
    5. ඒයි කැන්ගරුවා උඹ මිරිගමද මචං..... එහෙමනං විස්තර ටිකක් කියපන් මගේ බ්ලොගේ ඇති මේලය උඩින්ම දාලා

      Delete
    6. මම මූණු පොතට රික්වෙස්ටුවක් දැම්ම ඇඩ් කොර ගනින් මාව

      Delete
    7. ඔරේන්ජන් බාර්ලී තමයි හින්ගල නම...

      Delete
  11. පඳුරේ සයිස් එක.... අද හෙට බාර්ලි බොන්න වෙන්නේ නැතිවෙයි වගේ....

    ReplyDelete
  12. හැලපයගේ ජොබ නැති කරනවා උඹ ඒ පාර.. ඔව් ඉදගෙන.. ඒවට ඉඩ දෙන්න බෑ ඔව් හිටගෙන..

    ReplyDelete
    Replies
    1. හැලෙපෙලගේ අරූලගේ අහලකටවත් යන්න පුළුවන්ද බං අපට..

      Delete
  13. රෝහණිට වුන දෙයක් නෑ ,මෙකත් එහමම තමයි ...කොම වුනත් අර සරත් අයියා ගේ කතාව සැහෙන දුක් කතාවක්,මං හිතන්නෙ හැම පවුලකම ඔහොම අකාලේ මිය ගිය අය ඉන්නවා,...

    ReplyDelete
    Replies
    1. අමතක උනොත් මතක් කරහන්.. ගල් රෝලක කතාවකුත් තියෙනවා භාගෙට ලිය වෙච්චි.. මේ ළඟදි එකෙක් ඊයක් විදලා තිබුනා හොඳටෝම බැනලා..

      Delete
  14. පව් බං සරත්ලා කියන්න හොඳ පපුවක් තියෙන මං වගෙ උන්..
    හැමෝම කියන්න වගේ හැලප ශෛලිය නැගල යනවා.

    ReplyDelete
    Replies
    1. කෝ බලන්න පපුව..

      Delete
    2. ඒ කියන්නේ ඔයාල ඒ කාලේ බෝඩිබිල්ඩිනුත් කරාද

      Delete
    3. සරත්ලා ට හොඳ පපුවක් ඇති බව මමද පිලිගනිමි.. එලිය බොඩි බිල්ඩින් ය.. ඇතුල වෙඬරු වැනිය..

      Delete
    4. සරත් අයියා හල්ක් වගෙ පොරක්නේ බොල !!!

      Delete
    5. ඔන්න පැතුම් නං හල්ක් වගේ..

      Delete
    6. සරත්ලා ඒළ බුවාලා නේ කොහොමත් ජනාධිපති තුමා උනත් බයයි ඔය සරත් කියන නමට. කොහොමද ඒක....

      Delete
  15. මෙතනත් ගොක්කොල ආ වැරදුනා සුදු ඉටි රෙදි පටි, සුදු ඉටි රෙදි පටි, සුදු ඉටි රෙදි පටි (එක දිගට කියන්න ගිහින් කෙලව ගත්තට මම නෑ ඔන් )

    ReplyDelete
  16. ම්ම්...පුදුමයි.... මල රෙද්දවල් නොලිය මේ වගෙ මතක සටහනක් ලිව්ව එක....
    කියල වැඩක් අබ සරනෙල කියන බොරු....
    දිගට ඇදගෙන ගිහිල්ල ...ඔරේන්ජි බාලි.......නැති වුනත් .....සං කුවික් වලින් හරි නැවතියන් මචෝ....

    ReplyDelete
    Replies
    1. සීනී නැති කහටත් දීලා තමයි මචෝ නවත්තන්නේ..

      Delete
  17. මාතා...උඹලාගේ සරත් අයියා ගැන දුකයි. මට ඔය සරත් විමලධර්ම කියන නම හුරුයි වගේ. ටික කාලයකින් නික්මයන බොහෝ අය ඒ වෙනකොට බොහෝ දේ කරලා.

    උඹේ ඔරෙන්ජං බාර්ලි එනකම් බලන් ඉන්නවා. නොලිය ඉන්න එපා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා ගොඩක් උන් දන්නවා මචෝ..
      අනිවා ඔරෙන්ජන් බාරිලි දෙන්වාමයි..

      Delete
  18. //අපේ මුල් දකුණේ නේ. අම්මා ගාල්ලේ. ටවුමෙම වගේ. ගාල්ලේ එලියට් රෝඩ් එකේ. පාර අයිනෙම ගේ. ඒ උනාට පිටිපස්සට කන්දත් එක්ක ළොකු වත්තක් තිබුනා. මේක බොහෝම පරසණ ගෙයක්. ටිකක් ගාලු කොටුව අතුලේ තියෙන ගෙයක් වගේ. දැන් නම් රැනෝවෙසන් පාරවල් කීපෙකට ලක් වෙලා. ඒ කාළෙටත් නැති, මේ කාලෙටත් නැති මොකක්ද එකක් වෙලා. ඒත් මේ ගෙදර අපූරූ විශේෂත්වයක් තියෙනවා. වහල ගොඩක් උස නිසා. ගේ ඇතුල ඒ සී කරලා වගේ කූල්. අනික වහලේ තියෙන්නේ අමු හින්ගල උළු. //

    යකෝ කොයි හරියෙද ? මට ඉස්සර පෙත්තරේ කන්ද පාමුල ඉඳලා මහින්දෙ ලඟට යනකල් ගෙවල් කටපාඩං... හැම ගෙදරකම හිටපු කෙල්ලොත් ටික ටික වෙන්න දන්නවා.....

    ඇලා

    ReplyDelete
    Replies
    1. හත් දෙයියනේ ජපං බටු ගෙඩිය වාගේ ඉදගන මේකා

      මාතයගේ හිටපු මස්සිනෙක්ද කොහෙද

      Delete
    2. නම ගම ඔක්කෝම පෝස්ට් එකේ තියෙන්නේ බන්ස්...

      Delete
  19. හත් දොහේ පින්කමටවත් ඔරෙංජං බාරලි දියන් මචෝ....

    ReplyDelete
    Replies
    1. මළ බත දුන්නයින් පස්සෙ හරි දෙනවා..

      Delete
  20. අර දේශාගේ බ්ලොග් එක එක පාරක් පත්තරේ අල්ලා ගත්තා වගේ මතාගේ බ්ලෝග හැලපයියායි,රවීයයියායි අල්ලාගෙනද කියලාත් හිතුණා මේ තැලිල්ලට...:)

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මට හිතෙන දේ ලියන එකානේ.. මම ආස විදියක් දැක්කොත් ඒ විදියට ලියනවා..

      Delete
  21. ඔරෙන්ජන් බාර්ලි යට ජයවේවා!!! තව කතා ලියවෙවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුමට... මේ කතන්දර ඉඹේ ලියවෙන්නේ බං... තුන් හිතකවත් තිබුන කතාවක් නෙමෙයි ලියන්න පටන් ගන්නකොට.

      Delete
  22. ඉස්සර ඔරේංජං බාරලි මළ ගෙදරක සංකේතය වුනා වගේ නෙස්කැෆේ වලටත් ඒ ටිකම වෙයි කියලා මට පේන්නේ.

    ReplyDelete
  23. හරියන්නෙ නැ.ලග කඩෙකවත් තිබුනොත් අරන් බොනව /මිතයටත් පොඩ්ඩක් දුන්නා./අනෙ උබෙ පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹනේ කිව්වේ පෝඩ්ඩක් ඇතිය කියලා...

      Delete
  24. දැං එතකොට කෝ ඔරේන්ජ් බාරලි???

    ReplyDelete
    Replies
    1. තාම හන්දියේ ටොනික් කඩේ.. දැන් ගෙනත් බායි මචෝ...

      Delete
  25. මට පේන්නේ අපිට දැන් මෙහෙමම දවස් 7ම අදින්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. අර කිව්වා වගේ තුන් මාසේ දානෙට හරි දෙනවා..

      Delete
  26. ගොඩක් හොඳ මිනිස්සු ඉක්මනට යන්න යනවා !!!!!

    ReplyDelete
  27. මෙයාලාගේ මේ කන, බොන පෝස්ට් දැකලා පොඩ්ඩිගේ බරත් වැඩිවෙලාලු...:D

    ReplyDelete
    Replies
    1. හා ඉන්"ට" මම එනකන් ක්ලිනික් එක්කන් යන්න :P

      Delete
    2. ඔයා දන්න බර අඩු කරගන්න ක්ලිනික් ඔය පැත්තේ තියෙනවද පැණිලූශා ? :P

      Delete
    3. අප්පට බොල ඉවාන් ක්ලිනිකුත් යනවද .. හත්ඉලව්වයි !!

      Delete
    4. කසාද බැන්දයින් පස්සෙ එහෙම වෙනවා පොකූ...

      Delete
  28. දිනේෂ් කිව්වා වගේ බාර්ලි කතා අහන්න දින හතක් හෝ තුන් මාසයක් යාවි

    ReplyDelete
    Replies
    1. අවුරුද්දටත් පොඩි බජව්වක් දානවා නේ..

      Delete
  29. අර උඩම ෆොටෝ එකේ ඉන්නේ පත්තර මල්ලිද? නැත්තම් රේල් පාරේ ගිටාර් ගසන තවත් පිස්සෝ සිටීද ?

    ReplyDelete
    Replies
    1. හෑ :D මට පිස්ස කීව නේද ? අපේ ගෑනිද කිව්වෙ ???

      Delete
    2. ඒකේ හාමිනෙත් හිටියා නේද?

      Delete
  30. ඔරෙන්ජං බාර්ලි පැත්තකින් තියහල්ලකො..... අර රොකට් රෝහිණීට මොකැයි වුනේ? අපිත් අර එළුවගෙ අහවල් එක පස්සෙ යනව මෙකගෙ බොගට අහු වෙනව (ඒකෙත් පොඩි ආතල් එකකුත් තියෙනව හැබැයි)

    ReplyDelete
    Replies
    1. එයයි ඉන්නවා.. අමතක උනේ නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න