.

.

Aug 10, 2014

මාතලන් ආර්ථිකය. (සරදියෙල් ආර්ථිකය වෙනුවට) - Economy in Maathalan Style



මුලින්ම කීමට ඇත්තේ, නැවතත් ලැපට කෙලවී ඇති බවකි. පොඩි මෑන්ගේ බාරයේ පැවති එයට මේ ළෝකේ තිබෙන, නා නා ප්‍රකාර දේ ඇද බාගෙන, දැන් එය වයිරස්, බැක්ටීරියා, දිලීර පමණක් නොව, ජපන් ජබර වලින්ද පිරී ඇත. කිසිම දෙයක් කොටා ගැනීමට බැරිය. කොටා බානා විට, අර කලින් සඳහන් කළ වස් දොස් සිය්යල්ලෝම ඉස්කිරිම පුරා අරක් ගන්නවායා. එවිට, ඒවා නිපදවු පින්වතුන්ගේ අම්මාවරුන් මතක් කොට, ලැප නිවා දමනවාය. මක් නිසාද යත්, ලැප පොලොවේ ගැසුවොත් ඒ පාඩුවත් මටම නිසාය.

පාඩුව ගැන කතා කල විට මතක් වන්නේ එහි වුරුද්ධ පදය වන ලාභයයි. අපි ලභාලාබ ගුණුම හඳන හැටි ඉගෙන ගත්තේ බන්දුල ගුණවර්ධණ ටියුෂන් මාස්ටර්ගෙන්ය. ඒ කාළේ ඉඳන් දෙන්නේ පොර ටෝක්ය. එයා අපිට පන්තියේදී නම් කිව්වේ දිනෙක මේ රටේ රාජ්‍ය නායකයා වෙනවා කියාය. ඒ සඳහා බොරළුගොඩ සිංහයන්ගේ කූඩූවට රිංගු ගුරුන්නාන්සේ අද ඉන්නේ. අරලිය ගහ මන්දිරයේ කුස්සියේය. මහ රජතුමා ආර්ථිකේ භාර දුන්නද, එයාගේ මැතඩ් දල ජාතික නිශ්පාදනයට මෙළෝ දායකත්වයක් නොදුන් නිසා, අන්තීමේදි අජ්ජාපනේ භාර දුන්නේය. එතුමාට පුරුදු ඉස්තානයක් බැවින්. දැන් එය ටියුෂන් පන්තියක් කිරීමේ ක්‍රියාවලිය, ඉතාමත් කාර්යශූරව මනා ලෙස ඉටු කරමින් පැවතීම, එතුමාගේ ගෝලයන් වන අපගේ ඉමහත් චිත්තප්පිරිතියටම හේතු වන්නේය.

2500 න් මාසේ කන්න පුළුවන් කියපු නිසා, රටේ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ එතුමානෝ, තමන්ගේ ආර්ථිකය සාදා ගන්නා ඉට්ටැයිල් එක නම්, එකසිය ගානට කොහෙන් හෝ ඉඟෙනගෙන තිබෙනා බව නම් ඕනෑම කෙනෙකුට පෙනෙනවාය. ඒවා කෙසේ වෙතත්, විද්වතුන් සඳහා වූ වැඩමුළුවකදි, අම්මට සිරි ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා, අපේ චම්පික රණවකයන් දෙසු දේශණාව, ඔහුගේම දේශණාවක්දැයි සිත ගැනීමට නොහැකිව අන්ද මන්ද වී ගිය බව, මුලින්ම සඳහන් කළ යුතුය.

මන්ද, ඒ විදෙස් ආයෝජකයන් ගැන සඳහන් වන බැවිනි. එවිට මතුවෙන ගැටලුව නම්, මේ විදෙස් ආයෝජකයෝ කව්ද යන්නය. එනම් කුමන රටවල් වල උන්ද යන වගයි. ඔවුන් කිසි සේත්ම ජාතික චින්තනයට කෙලවන්නට එන බටහිර ආයෝජකයන් නම් විය නොහැකිය. වරක් ඔහු මහා ඉහලින් අගය කළ, අනාගත ළෝක බලවතා වන චීනය පමණක්, ඔහු මෙහිදී අදහස කලා විය හැකිය. චීනය මෙහේ ඇවිත් කරපු ආයෝජන නම් මල් හතයිය. එතුමා ඇමති කාලයේම කරපු නොරොච්චෝලේ මළ කරච්චලේ එයට හොඳම උදාහරණයය.

චානුක වත්තේගමයන්ගේ විවේච්නයට ලක් වන්නේ මෙයයි. ඔහු මෙම ළිපිය රාවය පුවත් පත සඳහා ළියනා ලද්දකි. එහෙත් ඒය ඊට සමගාමිව අන්තර්ජාලගත කිරීමට තීරණය කිරීම, සිහළ බ්ලොග් කළාවට කරණා ලද ඉමහත් ගෞරවයක් වශයෙන් සලකමි. සමහරකුට ප්‍රශ්ණයක් වී තිබුනේ, මෙම ළිපිය මා කිය වන්නේ නොමැතිව බ්ලොග් අඩවියේ පළ කල බවයි. බ්ලොග් නොකියවා කොමෙන්ට් කරනා බොහෝ අය මෙන්, මා එසේ කරන්නේ නැත. කියවීමට නොහැකි නම් කොමෙන්ට් කරන්නේද නැත.

මෙහිදි මට අවශ්‍ය වූයේ, මගේ මතය නොව. පිලිගත් විදවතකුගේ බ්ලොග් මැදිහත් වීම පමණකි. එමෙන්ම මා බලාපොරොත්තු වූ පරිදිම සමහර සංවදාත්මක කරුණු සඳහා චානුකයන්ගේ සහභාගීත්වයද ඉහලින්ම අගය කරන්නේ. ඔහු මුලින් කී පරිදි නොව, වෙන වෙනම පිළිතුරු සැපයූ හේතුවෙනි. අනෙක් කරුණ නම්, තිත්ත කුණුහබ්බ සහ තුන්වන පාර්ෂවයන්ට එල්ල කරනා මඩ ප්‍රහාර හැරුණු විට, අපගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම පටහැනි මතයන් වලටද, මගේ බ්ලොග් අඩවියේ කිසිඳු තහනමක් නොමැති බවයි. එහෙත් මගේ මතය සනාථ කිරීම සඳහා දිගටම පෙනී සිටිම, මගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියයි.

අපේ රටට කාර්මික නිශ්පාදන ආර්ථිකයකට ඉඩ නොමැති බව, මගේ පෞද්ගලික මතයයි. එහෙත් අපේ රට ගොඩ නැගීමට හැකි නිශ්පාදන ආර්ථිකයක්ද නැත්තේ නොවේ. ඒ කෘෂි ආර්ථිකයයි. දැනටමත් තේ සඳහා අප ලබා තිබෙනා කීර්තීනාමය, ඒ සඳහා බෙහෙවින් ඉවහල්වේ. එහෙත් අප තවමත් හේන් කොටමින්, කුඹුරු වගා කරමින්, ඇමරිකාවේ ජර්මනියේ, ජපානයේ මෙන්, මඩ සෝදා ගත් කල රජ කළ හැකි ගොවියන් වෙනුවට, වගා ණය ගෙවා ගත නොහැකිව, ජලය නොමැතිව, සිය දිවි නසා ගන්නා හිඟන ගොවි පරපුරක්  අපේ වියදෙමෙන්ම රකිමින්, මහා ප්‍රෞඩත්වකින් මොළේ ඉදිමවාගෙන සිටිමු. බුද්ධිමත් ජනතාවක් යැයි කටු ඔටුන්නක් දමා ඔවුන් ගොනාට අන්දවා සිටිමු.

මේ රට දියුණු කිරීමට නම්, සියළුම දෙනාගේ අවධානය යොමු විය යුත්තේ, මුලින්ම කෘෂි ආර්ථිකය කෙරෙහිය. එහෙත් බඩේ බත් දමා ගැනීමට වී වගා කිරීමෙන් නම්, කිසිම දිනෙක ඒ තත්වයෙන් දියුණුවක් අත්කර ගත් නොහැකිය. කුඹුරු කෙරුවාව කොරනා ඕනෑම එකෙක්, රටින් හාල් ගෙනත් කන එක, මීට වඩා ලාබ බව හොන්දින්ම දන්නවාය. එහෙත් කරන්නන් වාලේ කුඹුරු කෙටීම අදටත් සිඳු කරන්නේ, අප තුල තිබෙනා, තුන් වේලටම බත් කෑමේ මෝඩ තකතීරු, ළිං මැඩි චින්තනය නිසාය.

එහෙත්, තේ, රබර්, පොල් මෙන්, අපනයනය මුල් කරගත් ආර්ථික බෝග කෙරෙහි ගොවියා යොමු කීරිමෙන්, මීට වඩා රටෙත් ගොවියාගේත් ආර්ථ්කය ඉහළ දැමීම, ඉතාමත් ලෙහෙසි කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ, ඉතා සුළු චින්තන විප්ලවයක් පමණි. තුන් වේලටම බත් ඕනෑම නම්, ඒවා පිටරටින් ගෙනැවිත් කන්න දීම, මීට වඩා බොහෝ සෙයින් ලාබ දායකය.

අනෙක් ක්ෂේශ්ත්‍රය නම් සේවා ආර්ථිකයයි. දැනටත් සිඳු වෙමින් පවතින්නේ එයයි. අපටත් වඩා ජාතිය, ආගම ගෝත්‍රය ගැන, අති දරුණුම ආකාරයෙන් සිතනා මැද පෙරදිග, විශේෂයන් ඩුබායි ආර්ථික ක්‍රමය” (ඔටු පිටේ සිට ලැම්බෝගිනිය දක්වා) වැළඳ ගැනීමෙන් පසු අත් කර ගෙන තිබෙනා සශ්‍රීකත්වය ලබා ගෙන තිබෙනුයේ, සේවා ආර්ථිකය හා තරු හතේ සංචාරක කර්මාණ්තය තුලිනි. අප රටට සිඳුවී තිබෙනා කරුමය නම්, මේ එකඳු දෙයක් ගැනවත්, ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම හා දේශපාළණ කුහකත්වයයි. කැසිනෝ ලංකාවට ගෙනා අලි පාටියේ උන්ම, ජේම්ස් පැකර් එන විට විරුද්ධවන්නේ, මේ කුහක කම හේතුවෙන් මිස වෙන කිසිම හේතුවක් නොවනා නිසාය. (කැසිනෝ ෆෝභියාබ ගැන, මීට කලින් මාතලන් ලියා ඇත.)

මේ කුමන ප්‍රතිපත්තීයක් තුල හෝ ප්‍රතිලාබ ලැබිය යුත්තේ රටේ ජනතාවයි. එහෙත් අද සිඳු නොවන්නේද එයමය. එමෙන්ම ආයෝජයක්න් ආකර්ෂණය කර ගැනීමේ කිසිඳු පරිසරයක් අප රට තුල නැත. විදුලි බිල මුළු ලෝකයෙම වැඩිම රට මෙයයි. ආයෝජනයක් ආර්ම්භ කිරීමට වැඩිම කාළයක් හා වැඩිම ලියකියවිලි ප්‍රමාණයක් අවශ්‍ය රටද මෙයයි. කොමිසන් ගැහිලි ගැනද ඇත්තේ හොඳ ප්‍රතිරූපයක් නොවේ.

එමෙන්ම ආයෝජනයක් ආරම්බ කිරීමට සුදුසු රටවල් අතර ඇති තත්වයද, යහපත් තත්වයක් නොවේ. ත්‍රස්තවාදිය මුලිනුපුටා දැමූවා යයි පම්පෝරි ගැසූවද, ඕනෑම අවස්ථාවක මහා ත්‍රස්තවාදයක් රටතුල ඇතැයි, ආඩම්බරයෙන් පාරාම්බාන්නෙද එකම පිරිසයි. සංචාරයකයන් සඳහා ආගන්තුක සත්කාර කිරීමෙන් මුලු ලෝවම් දිනාගෙන උන් අප, අද ඒ වෙනුවෙන් එකතු කර ගෙන තිබෙන්නේ කළු පැල්ලම්ය.

කෙසේ හෝ ජනතාවටත් සහන සලසමින්. කෘෂි (ධීවර හා සත්ව පාලනයද් ඇතුලත්), සේවා හා සංචාරක ආර්ථිකයක් මගින්, මේ රට සුර පුරයක් කළ හැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා පුරුදු පුහුණු මිනිස් ශ්‍රමය අප සතුව දැනටමත් ඇත. ශ්‍රමය ආනයනය කිරීමට කිසි සේත්ම උවමනා නැත. (පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ආන්ඩුවේ ආයතනවල, අයිස් කර්මාණ්තයේ යෙදි සිටිනා පිරිස, මුල් වටයේම මේ සඳහා යොමු කිරීමේන්, ඒවායේ පාඩුවද මග හරවා ගත හැක) එමගින්, දේශීය ජනතාවගේ ආර්ථික තත්වය හා ජීවන තත්වයද යහපත් වේ.

ඒ සියල්ල කිරීමට පෙර. බලි තොවිල් මල පෙරේ චින්තනය මාධ්‍ය තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුවේ. ටයි කෝට් දා සුපිරි වාහන වලින් වැඩට ගොස් ඇවිත්, හැන්දෑවට පවුල් පිටින් එකිවි අත්ම්මා බලන උගතුන් හා විද්වතුන් සමග නම්, මේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිට ඇර, වෙන සරණක් ඇත්තේම නැතිය. ඇති එකම එක සරණ, අබ සරණම පමණක්ය.

159 comments:

  1. // ඒ සියල්ල කිරීමට පෙර. බලි තොවිල් මල පෙරේත චින්තනය මාධ්‍ය තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුවේ. ටයි කෝට් දා සුපිරි වාහන වලින් වැඩට ගොස් ඇවිත්, හැන්දෑවට පවුල් පිටින් එකිවි “අත්තම්මා” බලන උගතුන් හා විද්වතුන් සමග නම්, මේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිට ඇර, වෙන සරණක් ඇත්තේම නැතිය. ඇති එකම එක සරණ, අබ සරණම පමණක්ය.//


    කාලෙකින් උඹ එකඟ වෙන්න පුලුවන් දෙයක් කියල තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මටත් ඔන්න ඔය ටික තමයි අල්ලලම ගියෙ.මෙව බලන වුන් පත් කොරල යවන වුන් තිරන ගන්න රටක මිට වඩා මොනව ලැබෙන්නද මයි ඩියර්

      Delete
    2. රටක් දියුනු වෙන්න නම්,සමාජයේ විනය,හැමෝටම ඉහලින් තිබිය යුතු,නීතිය අනිවාර්යයි.එහෙම නොවුනු රටක් ,කවදාකවත් ඉදිරියට යන්නෙ නැහැ.ලංකාවෙ නැත්තෙම ඒ දේවල් නේද?

      Delete
    3. අත්තම්මලා උගත් විද්වත් පාලක පන්තියේ සුරතලියන් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    4. ඇයි අත්තම්මලා විතරක්.. චංගුමීද මොකක්ද මලදානෙකුත් ආදර්සෙට ගන්නේයි කිව්වා නේද ළමයින්ගේ තාත්තා..

      Delete
  2. තව සැරයක් කියවල එන්නම් මචං .......

    ReplyDelete
  3. මාතා උඹ දේශපාලනේට ගියාට (??) පස්සෙත් මේවම කියයිද?? මේ මඩ ගොහොරුව වෙනස් වෙන්න ඕන. වතුර දාලා හෝදන්න ඕන.. ක්ලෝරීන් දාලා සුද්ද කරන්න ඕන..මොකද බහින එකා මඩ නා නොගෙන ඉන්න නං...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ දේශපාලනයට ගියාට පස්සේ ටෝක් දෙන්න කාලේ කොහෙද. යන තැනකට මොනවා හරි එකතුකරගන්නවා මිසක්.

      (යන තැනකට කිව්වේ ප්‍රංශේ ස්විට්සර්ලන්තේ වගේ පුංචි යුරෝපීය රටකට)

      Delete
    2. මම දේශපාළණයෙන් අයින් උන එකෙක් බං.. ඒ උනාට ලිබරල් ධනවාදයට මනාපයි..

      Delete
  4. සංචාරක ව්‍යාපාරයෙන් රට දියුනු කිරීමනම් කිසිසේත්ම යහපත් ක්‍රමයක් නෙමෙයි
    තායිලන්තෙට වෙලා තියෙන දෙයින් අපි පාඩමක් ඉගෙනගත යුතුයි

    මට කාලෙක ඉඳන් තියෙන ගැටලුව තමා ඉතාලිය දියුනුවුන විදිය එහේ රස්සා කරන නෑයන්ගෙන් ඇහුවට උන්ටත් මේක තේරෙන්නෙ නෑ ජපානේ චීනේ කොරියාව වගේ රටවල් ගැනම හොයන්නේ නැතුව මැලේසියාව ඉතාලිය ඊස්‍රායලය වගේ රටවල ක්‍රම වේදත් අධ්‍යයනය කිරීම හොඳයි උදාහරණයක් හැටියට මැලේසියාව උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ ගනිකා වෘත්තිය නීතිගත කරනවානම් බෞද්ධ ගෑනුන්ට ගනිකා වෘත්තිය තහනම් කරලා මිත්‍යා දෘෂ්ඨික ගෑනුන්ට අවසර දුන්නැහැකි

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ සංචාරක ව්‍යාපාරය කෙතරම් දියුණුද කියා දන්නේ නැද්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය කිසිම දියුණු රටක් එකක් අනෙකෙන් වියුක්ත කරල අරගෙන ඒ මත දියුණු වෙලා නෑ.

      එහෙම උනොත් එකක් වැටෙනකොට ඒ උඩ යැපෙන සමස්ථ ආර්ථිකයම හාන්සි. ඩුබායි වල උනේ ඒකයි මීට කලින්. ප්‍රධාන ආයෝජනය, කර්මාන්තය ගෙවල් හදල විකිණීම. ඒක වැටුන, ඒ එක්ක සියල්ල කඩා වැටුන. තෙල් තිබ්බ නිසා ආයි යන්තම් පන ගහල ආවට හැමෝටම ඒක කරන්න බෑ.

      දැන් ඉතාලියෙ බැලුවොත් ගෘහභාන්ඩ සහ ආශ්‍රිත යන්ත්‍ර, රෙදි සහ හම්, ඔලිව් සහ වයින් වගේ දේ මහාපරිමාණෙන් අපනයනය කරද්දි විශාල වශයන් සංචාරකයො රෝමෙ, පොම්පෙයි, වැනිස් වගේ තැන් වලට වලට ඇදෙනව.

      Delete
    4. විකිවලින් මේ රටවල “ආර්ථික ඉතිහාසය“ සරල කියවීමකින් ,දළ අදහසක් ගන්න බැරිද?

      කකා ඉතාලියේ සංචාරක ව්‍යාපාරයෙන් විකුණන්නේ මොනවද?ටාගට් කරන්නේ කාවද?ලංකාවේ ..?

      ඉතාලිය තමයි ලෝකයේ 1 වයින් වෙළෙන්දා.කාටවත් වයින් නිපදවීමට චැලෙන්ජ් කරන්න බැ.කෘෂිකාර්මාන්තයෙන් ස්වයංපෝෂිතයි.සංචාරක ව්‍යාපාරය දළ ජාතික ආදායමේ උඩ තැනක තිවුනත්,එය සම්පුර්ණයෙන්ම කඩා වැටුනත් ආර්ථිකයට විසාල බලපෑමක් නැ.අනික් අපනයන ආදායම් වුනත් එ‍‍ෙහමයි.
      දේසපාලන & සමාජිය සාමකාමි බව ආර්ථික වර්ධණයට අනුලෝමව සමානුපාතික වේ.

      Delete
    5. හ්ම්ම්..100% එකගයි ........

      Delete
    6. සංචාරක කර්මාණ්තේ නිසා වැටිච්ච රටවල් විතරක් පේන්නේ ඇයි? ඕක නේ කරුමය..

      Delete
    7. ඉතාලිය දියුණු වුනේ දෙවන ලෝක යුද්දයෙන් පස්සේ කාර්මික වෙළඳ පොළත් එක්ක. ෆියට් හා එකී නොකී කර්මාන්ත විප්ලවය එක්ක. දකුණේ මිනිස්සු industrial city වලට migrate කරන්න ගත්තා. turin, genoa, milan වගේ.
      වැඩි විස්තර ඕනේ නම් 'italian economic miracle' key words වලට සර්ච් කරන්න.



      Delete
    8. ඉතාලියේ සංචාරක ව්‍යාපාරය ගැන කතාවට ඉතාලියේ කිසිම නගරයක් සංස්කෘතික වටිනාකමක් නැති තැනක් නෑ. බලන්න දේවල් ගැන කීවොත් ලිස්ට් එක දවස් කීපයක් ලියන්න පුළුවන්. එන සංචාරකයොත් ඒ වගේ. කණ පැලෙන හීතලෙත් මෙහේ සංචාරකයෝ දවසකට එන ගාණ ලංකාවට මාස කීපයකට එන ගාණ හා සමාන වෙයි. අද වෙනකොට සංචාරක ව්‍යාපාරය කියන්නේ ඉතාලියේ ප්‍රධාන ආදායම් මාර්ගයක්.

      Delete
    9. මල්මීගේ දර්ශක නම් වැරදියි.

      Delete
    10. ඇමරිකාව කියන්නේ ලෝකේ විශාල වශයෙන් බ්ලූ ෆිල්ම් හදන රටක් (වැඩිම රට නොවෙන්න පුපුවන්) නමුත් එහි චිත්‍රපට කර්මාන්තය රැඳිලා තියෙන්නේ ඒකෙන් නෙමෙයි එහෙ වැඩියෙන්ම මුදල් උපයන්නේ සමහරවිට එක ශෘංගාරාත්මක දර්ශනයක් වත් නැති චිත්‍රපටියක් වෙන්න පුලුවන්
      ඒවගේ තමයි සංචාරක කර්මාන්තය කැසිනා් වෙග් අංශ අාර්ථිකයක ප්‍රධාන අංග වීම හානිකරයි උම්බලකඩ කෑල්ලක් වෙග් තිබුනටනම් කමක් නෑ

      Delete
  5. //ඒ සියල්ල කිරීමට පෙර. බලි තොවිල් මල පෙරේත චින්තනය මාධ්‍ය තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුවේ// මාධ්‍ය ආයතන දෙක තුනක්ම වහලා දාන්න වෙයි. විශේෂෙන්ම මව්බිම එහෙම. :D

    දියුණු වෙන එක කෙසෙ වෙතත් අපේ උන් ඔය මළ විකාර වලට රැවටෙන්න හරි ආසයි නොවැ.

    ReplyDelete
    Replies
    1. මේ රට දියුණු වෙන්න නම්. ඉස්සෙල්ලා මාධ්‍ය හදන්න ඕන, දරුණු නීතී රීතී මගින්. ගිණි අවි ගිණි කෙලි කියන පාතාල කේස් රූපවාහිණියෙන් පෙන්නන රටක් නේ මේක. වැඩියෙම බලන්නේ පොඩි උන්..

      Delete
  6. //ඒ සියල්ල කිරීමට පෙර. බලි තොවිල් මල පෙරේත චින්තනය මාධ්‍ය තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුවේ. ටයි කෝට් දා සුපිරි වාහන වලින් වැඩට ගොස් ඇවිත්, හැන්දෑවට පවුල් පිටින් එකිවි “අත්තම්මා” බලන උගතුන් හා විද්වතුන් සමග නම්, මේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිට ඇර, වෙන සරණක් ඇත්තේම නැතිය//

    ටයි කෝට් දාගෙන යන සුපිරි වාහනෙත් දෙහි ගෙඩි තුනයි මිරිස් කරල් පහයි එල්ලලා නේ තියෙන්නේ. ටයර් වලට කුර ලෙඩ හැදෙනවටද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මේක මාර ක්වෝට් කිරිල්ලක් නෙව බං... හැක්...

      Delete
    2. නැතුව අලුතින් පොස්ට් ලියන්නද කියන්නේ. හැක්... හැක්...

      Delete
    3. ඔන්න ඔය කොටස තමයි මටත් හොඳටම හිතට ඇල්ලුවේ...

      Delete
    4. ඔය ලෙඩේට තවමත් බෙහෙත් සොයා ගෙන නොමැත..

      Delete
  7. අයියන්ඩි ලිපිය කිවේවට දේශපාලන සංවාදයකට එකතු වෙන්න තරම් දේශපාලනික දැනුමක් නෑ.
    නොදන්න දෙමලේට ගිහින් වරිගේ නහගන්නේ මොකටද කියලා දන්න බ්‍රා එකක් මහගෙන ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. දාපන් මචන් පහක්.................. මමත් එන්නම් පිටෝන් බලන්න.... නොදන්නා මගුල්වල කොමෙන්ට් කොට කොට ඉන්නේ නැතුව

      Delete
    2. අන්න ඒ වැඩේට මාත් එන්නං බං නැතුව කොහොම මේවට උත්තර ලියන්නද මං.

      Delete
    3. එළද බ්‍රා.. ඔයා බ්‍රා ගැන මගේ ළිපිය කියවලා තියෙනවා නේද?

      Delete
    4. ඒ ලිපි පෙල මගේ ලෝක්කත් බැලුවා. පුුවන්නම් ඔයාගෙන් ඉල්ල ගන්න කියලත් කිව්වා. එල ද බ්‍රා.

      Delete
  8. සෑහෙන්න එකඟයි.
    උඹ කිව්ව වගේ කෙනෙකුගෙ ලිපියක් දාන්න ඒ අදහස් වලට එකඟ වියයුතුමයි කියල එකක් නෑ.
    කෘෂි ආර්ථිකයකට යන්න දුර තියනව සෑහෙන්න. රටෙන් සීයට හැටක් විතර ප්‍රධාන භෝග කිහිපයක් වවනකොට ඒව කන්නෙ මොකාද?
    ඒ වගේම දැන් තියන අධික මිල ගොවිතැන නැවැත්වීමට ක්‍රමයක් හදන්නත් ඕන. අද ලංකාවෙ වී කිලෝවක මිලට ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න පුළුවන් වීම තුල විකෘතිය පැහැදිලියි ‍නෙව.

    ReplyDelete
    Replies
    1. වී ගොවිතැන පාඩු ලබන්නේ නිසි කළමණාකරණයක් නොමැති කමින්.අක්කරේ භාගේ හුණ්ඩු අරික්කාල් වගා කරන්නේ නැතිව ගොවියෝ එකතු කරලා ගොවි සමාගම් පිහිටුවල මහා පරිමාණ නිෂ්පාදනයක වාසි ලබා ගන්න ඕන.අනික වාණිජ වශයෙන් වාසිදායක ප්‍රදේශ සහ වී වර්ග හඳුනා ගන්න ඕන..කොටින්ම මේ තියෙන පොළොන්නරුවේ වී මෝල් කාරයෝ කීප දෙනෙක් විසින් පාලනය කරන සම්ප්‍රදායික වී වගාව වාණිජ වශයෙන් ලාභදායි ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් වන තැනකට ගන්න ඕන.එහෙම උනොත් පාළු වෙච්චි වෙල් නියර උඩින් ගාමන්ට් එකේ වැඩට යන ගොවි පුත්තු දූරු ආපහු කුඹුරට බහීවි.එත් කවුද මේවා කරන්නේ ඇමති මහින්ද යාපා!???????

      Delete
    2. අද තියෙන කෘෂිකර්මාණතයක් ගැන නෙමෙයි මම කියන්නේ වෙළඳ පොළ කෘෂි ආර්ථිකයක් ගැන මචෝ.. ඒ කියන්නේ අපනයනය මුල් කරගත් කෘෂි ආර්ථිකයක්.. අපිට කෙලින්න නෙමෙයි.

      Delete
  9. යකෝ මම මේ කාර්මික ආර්ථිකයක් ගැන... සංචාරක ආර්ථිකය ගැන ලිපියක් ලියාගෙන යන ගමන්.... මදැයි කොලා.... දැං ඉතිං ආයෙම ලියන්න වෙනවා.....
    හිටුකො... අතාරින්නෙ නෑ.... බොටයි චානුකටයි කන්වල ඇඟිිලි ගහගන්න ලියනවා...

    ReplyDelete
    Replies
    1. // කන්වල ඇඟිිලි ගහගන්න ලියනවා...//

      වැළ පත්තරවල ලියන ඒව බලල සමහරු වෙන වෙන තැන්වල ඇඟිලි ගහගත්ත කියල අහල තිබ්බට ලියාපු එකක් බලල කන් වල ඇඟිලි ගහන්න යන සින් එකක් ඇහුවමයි :P

      Delete
    2. හයිියෝ කෙමි.....

      Delete
    3. ලියහන්කෝ බලන්න.. අපිටත් කියවන්න.. කියවලා කොමෙන්ට් එකක් දාන්න..

      Delete
  10. මා හිතමිත්‍ර ප්‍රවීන දේශපාලන-ආර්ථික විශ්ලේශක මාතලන්ගේ ලිපියකට කමෙන්ටුවක් ලිවීමට තරම් මාහට දැනුමක් නොමැතිවීම ගැන කණගාටුව පලකරමි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ.. සයිඩ් සපෝට් එකත් වටිනවා.. නිකං පොටෝ එක දැක්කත් ඇති..

      Delete
  11. මට ආර්ථික විද්‍යාව පේන්ට බෑලු. :D

    ReplyDelete
  12. දේශපාලනය ගැනනං දැනුම බිංදුවයි මාතේ..බිත්‍ති අල්ලං නැගිටින්නං හිමීට .…

    ReplyDelete
    Replies
    1. //දේශපාලනය ගැනනං දැනුම බිංදුවයි //
      ඇයි අර "තිතට" දේශපාලන පාඨයවත් PM අහල නැද්ද?

      Delete
    2. ආ අපේ ආදර්ශ පාටෙ නේ ප්‍රා.. අපි ඒවට රෙෂ්පට් එකෙන්ම :D

      Delete
    3. අපි හැමෝම දේශපාළන සත්වයෝ වන්නෙමු.

      Delete
  13. උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයකු සතුව පවතින ආර්ථික විද්‍යා දැනුමවත් නොමැති ආර්ථික විද්‍යා උපදේශකයො ඉන්න රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.

    ලැප ඉක්මනට හදාගන්න. බැරිමනම් ෆෝමැට් කරල ගන්න.

    ReplyDelete
    Replies
    1. මයික්‍රෝසොෆ්ට් ඩිෆෙන්ඩර් එකවත් දාගෙන නැද්ද?

      පුතාට වෙනම යුසර් එකවුන්ට් එකක් හදන්න. තාත්තා ඇඩ්මින් රයිට්ස් තියාගන්න.

      Delete
    2. මොකක් හරි කරන්න ඕන.. අපි නොදන්න ටැක්නොලජි..

      Delete
  14. මටනම් හිතෙන්නේ කෘෂි ආර්ථිකය කෙරෙහිනම් ලොකු විශ්වාසයක් තියන්න බෑ.මොකද කාලගුණය වගේ අපට වෙනස් කල නොහැකි සාධක සෘජුවම කෘෂිකර්මාන්තයට බලපානවා.ඒ වගේම ශාක වලට වැලදෙන රෝග(පොල් වලට හැදුනු මයිටා රෝගය,පලතුරුවලට හැදුනු පිටිමකුනන්ගේ උවදුර)නිසා බොහෝසේ අස්වනු හානි සිදුවිය හැකියි.කෘෂි ආර්ථිකයක් මත පදනම්ව සිටියහොත් ඉහත කී තත්වයන් නිසා ආර්ථිකයට ලොකු බලපෑම් වෙන්න පුළුවන්.ඒ වගේම කාර්මික අංශය කොහෙත්ම අමතක කරන්න බෑ.යම් තරමක් දුරට කාර්මික අංශය කෙරෙහි අවධානය යොමුකල යුතුයි.මම ඉන් අදහස් කරන්නේ නෑ අප මෝටර්රථ,ගුවන්යානා නිපදවිය යුතුයි කියල.ඉදිකටුවේ සිට අප චීනයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන්නට පටන්ගතහොත්(එය යම්තාක් දුරකට සාපේක්ෂ වශයෙන් වාසි වුනත්)එය අහිතකරලෙස ගෙවුම් ශේෂයට බලපෑ හැකිය.(මන්ද දැනටමත් ගෙවුම් ශේෂලේඛණයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතා විශාල වශයෙන් වැඩි වීමයි.එය රුපියලේ වටිනාකම අඩුවීමටද හේතුවේ)එම නිසා අප යම්තාරමක් දුරට කාර්මික අංශය කෙරෙහි අවධානය යොමු කලයුතුය.(නමුත් කාර්මික අංශය ආර්ථිකයේ වැදගත්ම අංශය නොවිය යුතුය).අපි වැඩි වශයෙන් අවධානය යොමු කල යුත්තේ සේවා අංශයටයි.සේවා අංශයේ මූලික වශයෙන් තොරතුරු තාක්ෂනය කෙරෙහි අවධානය යොමු කලයුතුබව මගේ මතයයි.මන්ද එය සදහා යටිතල පසුකම් වෙනුවෙන් යන වියදම (හෝටල් හා සංචාරක කර්මාන්තයට සාපේක්ෂව)අඩුබවයි.එමෙන්ම අධ්යාසපන සේවා,සෞඛ්යා සේවා,හෝටල් හා සංචාරක සේවා දියුණු කලයුතු බවයි.(බොහෝරටවල අධ්යා පන,සෞඛ්යව සේවා ඉතා ලාබදායක විදේශවිනිමය උපයන සේවා අංශයි.නමුත් අපේ රටේ පුද්ගලික විශ්වවිද්යායල ආරම්භ කරන්න හදනකොට රෙද්ද උස්සන් එනවා නේ හැටහුටහමාරක් එවුන්)ඒ වගේම අප නුපුහුණු ශ්රවමිකයන් විදේශ ගතකරනවට වඩා පුහුණු ශ්රදමිකයන් විදේශ ගත කරනවානම් විශාල විදේශ ආදායමක් අපට ලබා ගත හැකි බව මගේ අදහසයි.(නමුත් අපේ රජය නුපුහුණු ගෘහසේවිකාවන් යවනවට වඩා ඉන් ඉහලට දෙයක් ගැනනම් හිතන්නේ නෑ.අඩු තරමේ වැඩිම විදේශ විනිමයක් රටට ලබාදෙන ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව ගැනවත් සොයාබලන්නේ නැතිකොට)මේ අනුව මගේ මතය නම් රටේ වැදගත්ම අංශය විය යුත්තේ සේවා අංශය විය යුතු බවයි.අවසාන වශයෙන් ඔය මොන රෙද්ද කරත් වැඩක් නෑ රටේ යහ පාලනයක් නැත්නම්. මුලින්ම රටේ යහපාලනයක් ඇතිකොට ඉහත කරුණු ගැන අවධානය යොමු කල යුතුයි. මාතලන් මම අවුරුදු 3ක පමණ සිට ඔබගේ බ්ලොග් පාටකයෙක් වුවත් කොමෙන්ටුවක් දාන ප්‍රථම වතාවයි මේ.

    ReplyDelete
    Replies
    1. කාළගුණයට අභියෝග කළේ අවුරුදු 2000 ගනනකට කලින් හිටපු මිනිස්සු. අපේ උන්ට ඒ ටික මේන්ටේන් කර ගන්නත් බෑ. ලෙඩ රෝග වලට බේත් හොයන්න. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන බව බෝග වවන්න තමයි ගොවි පර්යේෂණ කටයුතු ආයතන තියෙන්නේ. මොන ලබ්බක්ද ඒවයෙන් කරන්නේ. ඔබේ අදහස් බොහොම වටිනවා.. නොකල හැක්කක් නොමැත කියලා. අපි යුද්ධයෙන්ම ඔප්පු කලා නේ. වෙලා තියෙන්නේ අවශ්‍යතාවයක් නොමැති කම හා කැපවීමක් නොමැතිකමයි.

      Delete
    2. කොස් මාමාAugust 11, 2014 at 11:08 PM

      ගල් ගොඩවල් වැලි ගොඩවල් බහුල ඊශ්‍ර්යලයේ නිශ්පාදනය කර අපනයනය කරන එළවළු පලතුරු, සෞදි කාන්තාරයේ දිනකට කිරි ලිටර් 40-50 ගන්නා එළදෙනුන් (Almarai Al Badiah farm in Saudi Arabia.) .
      ලංකාව කොපමන සම්පත් තියෙන රටක්ද .1948 ඉදන් පගා කාරයො .කොමිස් කාක්කො රටකෑවා. මාතලන් දැන් ආර්ථික න්‍යායන් හොයනවා රට ගොඩගන්න පුක තමයි. රටක් නගාසිටුවිමට අංක 1.ආත්ම අභිමානයක් ඇති මිනිස්සු සිටිය යුතුයි.

      Delete
    3. ආප්ප අභිමානේ ගන්න වෙන්නේ ජැකීගේ ආප්ප කඩෙන් තමයි. ඒක තියෙන නිසා වෙන්න ඇති ඔක්කෝම රට රටවලට පනින්නේ..

      Delete
  15. මෙව්වා ගැන කොච්චර කථාකලත් කටයුතු සිදුවන්නේ මහතැන්වලට හිතැගි පරිදිම නේද??

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. මහතැන් දැණුවත් කිරීම නොකඩවා කළ යුතුයි.. ජනමාධ්‍යයක් යුතුකම් එයයි. ඒත් උන් මොනවද කරන්නේ. රජ කතයි හොලමන් කතයි පෙන්වනවා රජ්ජුරුවන්ට.

      Delete
  16. මචෝ, වී වගාව නැති කරන එකනන් එච්චර හොඳ දෙයක් නෙවේ.වී වගාව කරන්නැති රටවලුත් දැන් වී වගාවට යන්නේ බත ප්‍රධාන ආහාරයක් බවට පත් වෙලා නිසා. අනික වී නිෂ්පාදනය කරන්න ඕන එදිනෙදා පරිභෝජනයට විතරක්ම නෙවේ, හදිසි ආහාර හිඟයකදී පාවිච්චියට ගන්ට. food security ගැන අහලා ඇතිනේ. බොහෝ රටවල් වල ආණ්ඩු තමන්ගේ සහල් stock කරගෙන අඩු මිලට වෙනත් රටවල් වලින් ගේනවා එදිනෙදා පරිභෝජනයට. අපට ගැලපෙන්නේ නැති මහා දේවල් නොකර අපිට ආදායම් ඉපයිය හැකි අංශ දියුණු කරන එක තමයි කරන්ට ඕන. අනික අපේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර රැක ගන්නේ නැතුව මොනවා කරත් වැඩක් නෑ. පිටරට ආයෝජකයෝ එයි...ඇවිත් තමන්ගේ ආයෝජනය recover කරගෙන ආපහු යයි. නමුත් අපේ රටේ ව්‍යාපරිකයෝ තමයි ඔය කවුරුත් නැතිවෙලාවට ඉන්නේ.

    යුද්ධය කාලේ සංචාරක හෝටල් රැක ගත්තේ අපේ දේශීය සංචාරකයෝ, නමුත් දැන් සාමාන්‍ය දේශීය සංචාරකයෙකුට තමන්ගේ වත්කමේ හැටියට ගිහින් නවතින්න තැනක් වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ආයෝජකයෝ ගේන්න ඕන දාලා යන උන් නෙමෙයි පදිංචි වෙන උන්, මැද පෙරදිග වගේ. වී වගාව ලංකාවේ ආර්ථික බෝගයක් නෙමෙයි. මට හරිම පුදුමයි මේ ගොවියන්ට මොළේ කළඳක්වත් නැද්ද කියලා. හැමදාම පඩුයි කියලා අඬනවා. ආයෙත් ඒකම වවනවා. දුම්කොළ වවන එකා ගොඩ. දේශිය සංචාරකයන්ගෙන් ගොඩ එන්න බෑ මචෝ..

      Delete
  17. මේකනෙ මාතලන් බොසා සීන් එක,
    උඹට තේරෙන තරම් දෙයක් මහරජාගෙ උපදේශක ගැන්සියටවත්, ආර්ථික විශේෂඳයොන්ට වත්, කබර - රාලලටවත් මැටි ඇමතිලාටවත් නැති එකනෙ.
    ගොවිතැන සම්බන්ධ කාර‍ණා ටිකටයි සේවා ආර්ථික කතන්දරෙටයි සෑහෙනම දුරට එකඟයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතමයෙන් චින්තන විප්ලවයක් කරන්න ඕනා..

      Delete
  18. ඔය ටික මෙ system එක ඇතුලේ කොරන්ඩ පුලුවන් වෙයිද

    ReplyDelete
    Replies
    1. කරන එකෙක් ඉන්නවා නම් ඕනෑම සිස්ටම් එකක් ඇතුලේ කරන්න පුළුවන්.

      Delete
  19. //ලභාලාබ ගුණුම හඳන හැටි ඉගෙන ගත්තේ බන්දුල ගුණවර්ධණ ටියුෂන් මාස්ටර්ගෙන්ය.//
    මෙන්න බොරුවක්. බන්දුල උගන්නන්නෙ උසස්පෙල් ඉකොන් සහ කොමර්ස්. ඔය කියපු ගිණුම හදන්නෙ එකවුන්ට්ස් වලට. එතකොට අපිට මේකෙන් ගම්‍ය වෙන්නෙ මාතලන් බන්දුලගෙ ක්ලාස් ගිහින් නැහැ කියලයි.

    //අප තුල තිබෙනා, “තුන් වේලටම බත් කෑමේ” මෝඩ තකතීරු, ළිං මැඩි චින්තනය නිසාය//

    හරියට හරි මචං. අපිත් උදේට බේකන් එක්ක බිත්තරයි, දවාලට බතුයි, රෑට පානුයි ලුකයි කමු සුද්දො වගේ. බේකන් යුරෝපෙන්, බිත්තර ඉන්දියාවෙන් ගේමු, මොකද ලංකාවට වඩා ලාභනෙ :P


    //කෙසේ හෝ ජනතාවටත් සහන සලසමින්. කෘෂි (ධීවර හා සත්ව පාලනයද් ඇතුලත්), සේවා හා සංචාරක ආර්ථිකයක් මගින්, මේ රට සුර පුරයක් කළ හැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා පුරුදු පුහුණු මිනිස් ශ්‍රමය අප සතුව දැනටමත් ඇත. ශ්‍රමය ආනයනය කිරීමට කිසි සේත්ම උවමනා නැත. (පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ආන්ඩුවේ ආයතනවල, “අයිස් කර්මාණ්තයේ” යෙදි සිටිනා පිරිස, මුල් වටයේම මේ සඳහා යොමු කිරීමේන්, ඒවායේ පාඩුවද මග හරවා ගත හැක) එමගින්, දේශීය ජනතාවගේ ආර්ථික තත්වය හා ජීවන තත්වයද යහපත් වේ.//

    මේක ඇවිත් සමාජවාදී ක්‍රමය. ඕක සාර්ථක වෙන්නෙ නෑ. කල යුත්තේ, libertariansල කියන්න වගේ "අපි පහසුකම් සහ හිතකර වාතාවරණයක් ගොඩනගමු. අයෝජකයින් තෝරගනියි වඩා සුදුසු සහ ලාභදයි ව්‍යාපාර. එහෙම නැතුව කල යුත්තෙ මොන ජාතියෙ ඒවද කියන එක පාළකයොවත්, උපදෙස් දෙන ඇම්බැට්ටයොවත් තීරණය කරන්න යන්න ඕනෙ නෑ.

    අද මාතලන් කර්න්නෙත්, ඊයෙ චානුක කලෙත්, පෙරේද චම්පික කලෙත් අන්න ඒ නොකල යුතු දේයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මචන් පාන් කන්න ලුක ගේන්නේ මොන රටෙන්ද

      Delete
    2. ඒව අපේ ඉන්දික මලයගෙ හේන් වල වවනව ... මචං......
      අර බැසිල් මාමි දෙන බිජ්ජෙ ඇට වලින්.....

      Delete
    3. සමාජවාදි අල බතල වවන එකක් නෙමෙයි මේ කියන්නේ වෙන කතාවක්.. තේරුම් ගැනීමේ අවුලක් ඇති බව පෙනේ..

      ඉකෝන් වලත් ගනං තියෙනවා..

      පිටරට ගිහිනුත් කරවලයි බතුයි කන උන් එක්ක මොන ආර්ථික විප්ලවද..? ඉස්සෙල්ලේ ගං කබර චින්තනය වෙනස් වෙන්න ඕන.

      එහෙනම් ඔයා කියන්නකෝ බලන්න කරන දේ..

      Delete
    4. //සමාජවාදි අල බතල වවන එකක් නෙමෙයි මේ කියන්නේ වෙන කතාවක්.. තේරුම් ගැනීමේ අවුලක් ඇති බව පෙනේ..//

      අවුල තියෙන්නෙ මාතලන්ට. මාතල්න් යෝජනා කරනව අහවල් ව්‍යාපාර තමයි ලංකාවට හරියන්නෙ, ආන්ඩුව ඒවට වැඩිපුර ( හෝ පමණක්) උදව් කල යුතුය කියල. ඒක සමාජවාදී ක්‍රමය මිසක් ධනවදී ක්‍රමය නෙමෙයි.

      //ඉකෝන් වලත් ගනං තියෙනවා..//

      ලාභාලාභ ගිණුම් කොහෙද බං ඉකොන් වල උගන්නන්නෙ????.


      //පිටරට ගිහිනුත් කරවලයි බතුයි කන උන් එක්ක මොන ආර්ථික විප්ලවද..? ඉස්සෙල්ලේ ගං කබර චින්තනය වෙනස් වෙන්න ඕන.// (ඔන්න මාතලන් බැස්ස මඩට)

      මාතලන්ගෙ අදහස් මාර ප්‍රජතන්ත්‍රවාදීයිනෙ. රටෙ ඉන්න එක විතරක් නෙමෙයි, රටින් පිට ගිය එකා කන නොකන දේත් වෙනස් කරන්න හදන්නෙ. ඔය වගේ දේවල් අපි දැක්ක සෝවියට් රුසියාවෙදි, සහ තාම දකිනව උතුරු කොරියාවෙදි. ජන මනස වෙනස් කරල, පාලකයො කැමති දේට මිනිස්සු පොළඹවගන්න හදනව.

      //එහෙනම් ඔයා කියන්නකෝ බලන්න කරන දේ..//

      ඔය තියෙන්නෙ බං උඩ බැබැලි බැබලි ලියල. "කල යුත්තේ, libertariansලා කියන්නා වගේ "අපි පහසුකම් සහ හිතකර වාතාවරණයක් ගොඩනගමු. අයෝජකයින්/ ව්‍යවසායකයින් තෝරගනියි වඩා සුදුසු සහ ලාභදයි ව්‍යාපාර" යන්නය. එහෙම නැතුව කල යුත්තෙ මොන ජාතියෙ ඒවද කියන එක පාළකයොවත්, උපදෙස් දෙන ඇම්බැට්ටයොවත් තීරණය කරන්න යන්න ඕනෙ නෑ. "

      දැන්වත් තෙරුනාද ඉකෝන් සෑර්ගෙන් එකවුන්ට් ඉගෙනගත්තු මහත්තයට?

      Delete
    5. බ්ලොග් සංවාද වලදී මා මුහුණ දෙන ඉතාම අප්‍රසන්න අත්දැකීමක් වන්නේ කෙනකු මා නොකී දේවල් කියුවාය උපකල්පනය කොට ඒවාට පහර දීමය.

      අහවල් ව්‍යාපාර වලට රජය ආධාර දිය යුතුය මම කොතැනක හෝ කියා නැත්තෙමි. ඇත්තමට කවුරුන් සේ එසේ කරන්නේ නම් එය වැරදිය. කිසිම ව්‍යාපාරයක් තෝරාගෙන රජය ඊට ආධාර කළ යුතු නොවේ. ආධාර කිරීම හෝ නොකිරීම හැම දෙනාටම එක සේ විය යුතුයි.

      සේවා ආර්ථිකයක් ගැන අප අවධානය යොමු කළ යුතුය මා කියන්නට එකම හේතුව මෙතෙක් අප ඒ අංශයෙන් වැඩි ප්‍රගතියක් පෙන්නා තිබීමයි. වාණිජ-කෘෂිකර්මාන්තය ගැන මාතලන් කතා කරන්නේද එනිසාමය සිතමි. ඒ හැරෙන්නට මේවා ගැන අපි රෝමෑන්තික නොවෙමු. කවුදෝ උඩින් කියා ඇත්තාක් සේ ගංජා වැවුවත් හම්බවෙන්නේ සල්ලි නම් අපි ඊට උදව් කරමු. ඇත්තමට මගේ පෞද්ගලික මතය ඇමැරිකාවේ මෙන් ගංජා නීති ගත කොට ක්‍රමානුකූලව වැවීම හොඳ බවයි.

      CW

      Delete
    6. අපිට යෝජනා කරන්න බෑ. ඔයාට යෝජනා කරන්න හොඳයි.. පුකේ ඇඟිල්ල ගහලා ගඳ බලනවා කියන්නේ ඕකට මචෝ. අපිට නම් පඩේ ගියාම ගඳ දැනෙනවා. ඔය කතාවම කියන තව ප්‍රසිද්ධ කෙනෙකුත් බ්ලොග් ලියනවනේ..

      Delete
    7. එක දෙයක් අමතක උනා.. එතකොට ඉකෝන් ක්ලාස් එකේ දේශපාළණය, ආදරය හා සෙක්ස් උගන්වනවා දැලම නැද්ද...? නිකං යනවා අයිසේ යන්න වැඩක් බලාගෙන..... :)

      Delete
  20. //කැසිනෝ ලංකාවට ගෙනා අලි පාටියේ උන්ම, ජේම්ස් පැකර් එන විට විරුද්ධවන්නේ, මේ කුහක කම හේතුවෙන් මිස වෙන කිසිම හේතුවක් නොවනා නිසාය.//එ ජා ප ය මෙහිදි විරුද්ද ජේම්ස් පෑකර් ට දෙන අසිමිත බදු සහනයටය්

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ඇනෝ .....

      Delete
    2. එහකොට ඔය ගාර්මන්ට් වලට දුන්නේ වෙන මක්කත් හරි වෙන්න ඇති. එහෙම දෙයක්වත් නොදි කොහෙද ඉන්වෙස්ටර්ස්ලා ගෙන්නේ..

      Delete
    3. ජේම්ස් පැකර් ට දුන් බදු සහනය ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට හිමි විය යුතුය. මෙතැනදී බලය හිමි අය තෝරා ගත් පිරිසකට බදු සහන දීම ට විරුද්ද වීම යනු බදු සහන දීමට විරුද්ඩ් වීම නොවේ ආර්ථිකය an inclusive economy විය යුතුය. බදු සහන නොව ලංකාවේ බොහෝ බදු කපා හැරිය යුතුය ඒ සුළු පිරිසකට ව්‍යාපාර කිරීමට නොව සහනය හැමෝටම ලැබෙන පරිදි විය යුතුය. රට දියුණු වෙන්නේ එවිටයි. කොතලාවලට සල්ලි තියේනම් පැකර් ට තරගයක් දීමට සැම අවස්තාව තිබිය යුතුය.

      Delete
    4. පෑකරයන්ට දුන් බදු සහනය සහ ගාර්මන්ට් සහ අනෙකුත් ආයොජන සදහා දුන් බදු සහන සර්වතෝබද්‍ර Mඅතලන් විසින් අද්යනය කළ යුතුව ඈත. එපමණක් නොව ක්‍රවුන් කෑසිනෝව ඉදිකිරිමට ලබා දුන් බුමිය සහ ඒ සම්බන්ද ගිවිසුම්ද අද්යනය කළේ නම් වටනේය.

      Delete
    5. උදිත හරි... ගාමන්ට් ෆැක්ටරි පටන් ගන්න ලංකාවේ බූමී පුත්තරයන්ටත් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට දෙන සහනයම දුන්නා..

      Delete
  21. දියුණු රටවල් බොහොමයක් සේවා ආර්ථිකය මත යැපෙන බව පේන්නෙ. ලෝකයම ගත්තත් 63% ක්.

    අපේ රටේ කුඹුරැනම් අනේ මන්දා... කවුදෑ කොටන්නේ?

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_sector_composition

      Delete
    2. මේවා ගැන අවබෝධයක් නොමැති අයට කෙතෙක් කීවද පලක් නොවේ..

      Delete
  22. මේකට කොමෙන්ට් දාන්නනං බන්දුල සර්ගෙ ටියුෂන් එකෙන් ඉගනෙගෙනම එන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. එයාගෙන් ඉතින් ආර්ථික විජ්ජාව නෙමෙයි ගැල විජ්ජාව නම් ඉඟෙන ගත හැකී.

      Delete
  23. මහා පරිමානෙන් කරන ව්‍යාපෘති අස්සේ මහජන මුදල් දේසපාලකයන් යටිමඩි ගහගන්න එකනම් වෙනවා ව්‍යාපෘතියෙන් රටට වෙන සෙත මොක උනත්. මෙච්චරකල් හැම ආන්ඩුවක්ම කරපු ව්‍යාපෘති වල හැටියට ඒව සාර්ථක උනානම් කොච්චර රට සෞභාග්‍ය සම්පන්න වෙන්න තිබුණද? එහෙම උනානම් අපි මැරෙන්නෙත් සෞභාග්‍ය උහුලගන්න බැරුව ඒකටම යට වෙලා හුස්ම ගන්න බැරුව.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මෙයා..

      Delete
  24. මාතලන් දීප්තිගේ වී වෙනුවට රෝස කන්සෙප්ට් එක උස්සල වගේ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. හැබයි ඒකත් හොඳ කොන්සෙප්ට් එකක්.. ඔය ඔක්කෝටම කලින් මගේ නෑ කෙනෙක් කුඹුරු ගොවි තැන අත ඇරියේ කුණු බැනුම් අහගෙන. අද මෙහේ නෙමෙයි වෙන රටවලත් ෆාම් තියෙනවා..

      Delete
    2. @Gayan Dewapriya වී වෙනුවට රෝස කන්සෙප්ට් එක මුලින්ම 2000 දී ටාජ් එක්සෝටිකා හෝටලයේදී එවකට චන්ද්‍රිකා ගේ සාරි පොටේ මුදල් ලේකම් පී බි ජයසුන්දර විසින් කියන ලද්දකි. දැන් මහින්ද සෙවනේ චින්තනය රෝ ස වෙනුවට වී... වී... වී... කියන්නෙත් ඒ පී බි මය. දීප්ති මුල් ලිපිය ලන්ඩන් සඟරාවට ලීවේ එම පී බි ගේ දේශනය මූලාශ්‍රය කොට ගෙනය.

      Delete
    3. පී බී ඕක කියන්න ඇත්තේ.. ආර් ප්‍රේමදාස මහත්තයගේ මස්සිනා පොඩ්ඩ ස්ටඩී කරලා වෙන්න ඇති. ඔය පී බී ගේ ජොබ් එක කරන අය කොම්පැනි වලත් ඉන්නවා. එයාලට කියන්නේ ඩෙබ්ට් කොන්ට්‍රෝලර් කියලා..

      Delete
  25. මාතලන් ලංකවේ ආර්ථිකය මේ තරමින් දුවන්නේ කරනා දෙකක් නිසා මම හිතන ආකාරයට

    1) තවම අප නය ගෙවීමට පටන් ගත්තේ නැති නිසා
    2)පව්ලේ අය සල්ලි පිට යවනවා කියා මෙහෙම කරකවන නිසා

    ReplyDelete
    Replies
    1. නෑ ඒක නෙමෙයි ඇත්ත.. කළු සල්ලි ආර්ථිකය නිසා.. දන්න උන් කියන විදියට ඒක 55% කටත් වැඩියි..

      Delete
    2. මම (2)න් කිව්වේ එක තමයි

      Delete
    3. අප පිට රටින් නය ගන්නවා කියා කරන්නේ
      පව්ලේ සල්ලි ටික මෙහෙට ගෙනල්ල ඒවාට පොලිය
      ගෙවන එකට එතකොට ගඩාපිට උන වගේ පිටරට සල්ලි
      ප්‍රිස් වෙන්නේ නැ පොලිය එන්න තව අව්රුදු 15 යනවා

      Delete
  26. කෘෂිකර්මාන්තයයි තුන්වේලට බත් කෑමයි ගැන ආඩම්බරෙන් කතා කරන්නේ මේ රටේ ඉන්න සම්ප්‍රදායික මිනිස්සු ටික. ඒ අය නූතනත්වය ගැන දන්නේ නෑ. හාල් පිටරටින් ගෙන්නගෙන බැරිනම් රටම නැවතත් බටහිර සුපිරි රටකට ලියල දීල හරි අපි මේ සම්ප්‍රදායිකකමෙන් ගැලවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනී වනී ඔයාව දැකපු කල්.මම නං ආසම කුක්කු බොන්න.

      Delete
    2. තුනී ලෑලිවල කුක්කු කොයින්ද අනි. ඔයා වනි නැතුව වෙන කෙනෙක් අල්ලගන්න.

      Delete
    3. ඒකනෙ නලිය ..... හැලප හිතන්නෙ එයා වනිතා කියල දාගෙන තිබ්බට සත්‍ය වනිතාවක් කියල......
      එයාගෙ එක කොටසක පින්තුරයක් දාල තිබ්බ අපේ අටම.......

      Delete
    4. එකෙන්ම ඇන්ටි අපි ෂපෝට් . අරින්ඩෙපා .… ඔහොම යං …

      Delete
    5. හැලපයියේ අර ප්‍රේමලතාගේ කතාව වගේ මේකත් ලියන්නේ උඹම නේද? නැත්තන් ඉස්සර උඹත් එක්ක ගල් කපන්න ආපු පාර්ශවයේ කෙනෙක්ද? ඒවයින් වැඩක් නෑ පට්ට ආතල් වනිතා හඬ ලියහන් ලියහන් තව හොඳට.

      Delete
    6. බලන්නකෝ ඉතින් ඔයාට තේරෙන දේ මෙයාලට නොතේරෙන හැටි..

      Delete
    7. මෙම ස්ත්රී රත්නය විසින් පළකරන්නට යෙදුනු කමෙන්ටුවෙහි පුරැෂාධිපත්‍යය හා කාමය යන වචන නැතිවීමම මදිද හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා, මේක හාස්කමක්, හසන්ත හාස්කමක්...

      Delete
    8. ඇන්ටි...ෂපෝට එකක් ඔනේනම් කියන්ඩ ලැඡ්ඡා වෙන්ඩ එපා අරි..

      Delete
  27. sancharaka wiyapare diyunu karala mathalange guda margei genige yoni margei pradana adayam marga karagaththoth rata diyunu wei oi

    ReplyDelete
    Replies
    1. මේක තමයි මචෝ හොඳම කොමෙන්ට් එක.. මොකෝ ලංකාවෙ අති බහුතාය ඉන්නේ උඹ වගේ මට්ට බූරූ මතේක..

      Delete
  28. ඩුබායි ආර්ථිකය (?) ඒ තත්වය ලබාගත්තෙ සේවා ආර්ථිකය හා තරු හතේ සංචාරක කර්මාන්තය නිසානෙවෙයි ඔවුන්ගෙ ප්‍රාග්ධන සංචිතය නිසා. ලංකාවට (ආසියානු රටවලට) තියෙන එකම ගැලවීම ලෝක නිශ්පාධනයට ලාබ ශ්‍රමය විකිනීම විතරයි. අපි අමතක කරන දේ තමයි ලෝක නිශ්පාධනය භූග්ලීකරනය වෙලා කියන එක. තනි රටේ ආර්ථික ජාතික රාජ්‍ය කතා දැන් අදාල නෑ. ජාතික රාජ්‍යවලට දැන් තමංගේ ආර්ථිකය පාලයන කරගන්න බෑ. අපිට නිශ්පාදන කරන්න ප්‍රාග්ධනය නෑ. තියෙන එකම දේ ලාබ ශ්‍රමය (බුද්ධිමය ශ්‍රමය ඇතුලුව) විකිනීම. එතනිං මෙහාට කොරන්න පුලුවං ලබ්බක් නෑ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තවදුරටත් ලාභ ශ්‍රමය නැහැ. බංගලාදේශ්, ඉන්දියා, නේපාල්, චීනය වගේ රටවල් වල තරම් ලංකාවේ ශ්‍රමය ලාභ නැහැ. ඒ නිසා තවදුරටත් ලංකාවට ගෘහ සේවිකා ඇරෙන්න ලාභ ශ්‍රමය විකුනන්න බැහැ.

      Delete
  29. නානසාර හාමුදුරුවෝ හොයන ජාතික නායකයා කරන්න මෙන්න සුදුස්සා

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මේ.. අපේ අම්මට කිබුහුන් යනවට මම හරි අකමැතියි..

      Delete
  30. චානුක තුමා ආර්තික විද්යා උපදෙසයක් දුන්නේ චම්පක තුමා ගේ කතාව කිච කරලාය. මහාචාර්ය මාතලන් තුමා ද මාතලන් ආර්තික ක්‍රමය කියාදුන්නේය. ඉන්දික Lion තුමා රජය වියාපාර කරන නොකරන විදිය මහජනතාවට කීයාදීමට විරුද්දය.
    ඉහත තුමන්ලාගේ කතා ඇසුවාම මං තුමා ගේ ආර්තික උන්ඩුකපුච්චය ටියුන් විය. මෙනා මහත්වරුනි මගේ සිරි ලංකා ආර්තිකය නැංවීමේ ක්‍රමවේදය:
    අපි අපිට තියනා දේ විකිනීමට උත්සාහ කරමු. තියෙනා දේවල් අතුරෙන් වඩිම ඉල්ලුමක් ඇති දේ වැඩි වැඩි වැඩියෙන් විකුනමු.... මා දන්නා පරිදි විදෙශිකයන් ගෙන් වැඩිම ඉල්ලුමෙ ඇති ශ්‍රි ලාංකික නිශ්පාදනය නම් ගංජා ය.
    රජය විසින් නීති සම්පාදනය කර මොනරාගල අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නිදහසේ ගංජා වගාකිරීමට ඇති නීතිමය අවහිරතා නැති කල යුතුය. එම දිස්තික් වල නේවාසිකව සිට ගංජා පානය කිරීමට නීතියෙන් අවසර දිය යුතුයමේ ක්‍රමවේදය අනුගමනය කලොත් සන්චාරක වියාපාරය අහස උසට දියුනු වනු ඇත.
    විදේශික ගංජා ලෝලීන් මත්තලින් මෙරට පැමින මලක් දෙකක් ගසා සැප විඳිනු ඇත. මීට අමතරව terminal illness වලින් පෙලෙන රෝගීන් ද better pain management ලබාගැනීමට මෙහි එන බැවින් පුද්ගලික රෝහල් කීපයක් ද එම එකේ පටන් ගත හැකිය...

    මෙන්න සරස තුමා ගේ ප්‍රායෝගික ආර්තික ක්‍රමවේදය....

    ReplyDelete
    Replies
    1. වැරදියි.. විදේශිකයෝ වැඩිපුරම එන්නේ ඇක්ටිවිටීස් සොයාගෙන. ඔය බේරුවලයි, නැගෙනහිර පැත්තෙයි තිබුනට මෙහේ ඇත්තෙම නෑ. නයිට් ලයිෆ් නෑ. සුපිරි සංචාරක ව්‍යාපාරය ඇත්තේම නෑ. අර සෝමවංශ අංකල් කිව්වා වගේ චූන් පාන් එකෙන් කිඹුලා බනිස් කන උන් එන්නේ. එහෙම උන් එක්ක මොන ටුවරිසම් ද...?

      Delete
    2. මොනව උනත් ගංජා වවන යෝජනාවට මගෙත් සහයෝගය

      Delete
    3. ඔබ තුමා කියන්නේ විදෙශ සන්චාරකයින් එන්නේ ඇක්ටිවිටීස් සොයාගෙන කීයලා.... අපි ගංජා නීත්‍යානුකූල කලොත් මෙතෙක් ලංකාව දෙස නොබලපු ganja smokers ටික මෙහේ එන්න පටන් ගන්නවා.... ඔය Holland වල වගේ....

      සැබෑවටම මෙම නීතිය ක්‍රියාත්මක උනොත් එක රැයකින් ලංකාවේ ඇති සියලුම හෝටල සන්චාරකයන් ගෙන් පිරෙනවා...
      අනෙක් අතට ගංජා වගෙ වල් පැලාටියක් ලේස වැවෙන දෙයක් මිස බොහෝ ශ්‍රමය කැප කර සාදන බෝගයක් වැවීමට තරම් අපෙ කස්ටිය කැපකිරීම් කරන්නේ නැහැ... අපි ඉතින් සොබාවයෙන් ම කම්මැලියි නේ...ඉතින් මේක win win situation එකක්


      විලෙන් තන මල්
      නෙලා වන මල්
      ගසන මන කල්
      ජීවිතේ ....මල්!

      Delete
    4. විදේශකයන් ගෙන් වැඩිම ඉල්ලුමක් ඇත්තේ අපේ කොල්ලන්ගේ පස්ස පැත්තටය
      එය නීත්‍යානුකූල කල හැකිදැයි අධ්‍යනය කල යුතුය

      Delete
    5. නරකම නෑ යෝජනාව. ඕක ගංජා කිවම නේ අවුල. අපි ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට ගෙනෙමු.. මතට තිත වගේ... මලකි ඔබ... කියලා.. මල් පූජා කරන්න එන උන්ට. එයාට්පෝට් එකෙන්ම මදන මෝදකයක් දෙමු..

      Delete
    6. මලකි ඔබ, හිලකි මම ! ආසියාවේ "ආස්" චර්ය, නියම ස්ලෝගන් එක . ඕනෙම නම් ඇමරිකන් ඉන්ග්ලිෂ් වලින් "ඈස්" චර්ය කියන්නත් පුළුවන් , ගිව මී අ ෆයිව් බ්‍රෝ !

      Delete
  31. මලපෙරේත චින්තනය රටින්ම අතුගාල දාන්න ඕන. ඔය චින්තනේ සන්ධානේ පැත්තේ වගේම ජයටම යූඇන්පී පැත්තේ ත් තියෙනවා. ඒ හින්ද දෙගොල්ලොම චින්තනේ වෙනස් කරන්න අකමැති නම් ආයේ දෙපාරක් හිතන්නේ නැතිව දෙගොල්ලන්වම අතුගාල දන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙන එකක් නෑ කාළෙකට. දෙගොල්ලගෙන් එකෙක් තමයි ඉතින්..

      Delete
  32. කාලීන හොද ලිපියක් මචං .....
    ලංකාව කෘෂිකාර්මික රටක් බව කවුරුත් දන්නවනෙ .........
    දැන් උතුරු/නැගෙනහිර පවා ජයටම වී ගොවිතැන කෙරෙන නිසා ...රට තුල පාරිභෝනයට පමණක් අවැසි සහල් නිෂ්පාදනය කලාම ඇති.... නිසි අධීක්ෂණයක් යටතේ....
    බොරුවට 30 ට අරන් ගබඩාවල පුරෝගන ඉදල 15 ට ඊලග කන්නේදී සත්ව කෑම වලට කියල බම්බුවගේ මල්ලිලට ම විකුනන්නෙ නැතිව..... ගොවියට නිසි මිලක් තිබෙනව සැමදා .....
    එළවලු....පලතුරු....මල්......සුරතල් මාළු වැනි දේවල් රට තුල ක්‍රමවත් අයුරින් වගා කිරීම/ඇති කිරීම කලයුතුයි.....සුරතල් මසුන්ට ඉහල ඉල්ලුමක් තිබෙනව .....
    අතිරික්ත එළවලු/පලතුරු කිට්ටුම රටවල වෙළද පලට යැවීම කල හැකිය.....
    ඕකිඩ්/රෝස/අන්තුරියම් & කානේෂන් මල් ක්‍රමවත්ව වැවීම කළහොත් ....අරාබි කරයේ හෝටල වලට සැපයිය හැක....නොකඩවා,,,,,සතියට තුන් වරක් බැගින් හොද මිලකට...
    ඔය වගා කටයුතු වලට බිංදු ජල තාක්ෂනය පිළිබද ගොවියන් දැනුවත් කල යුතුය....
    වැසි ජලය සුරැකීම/බිංදු ජල තාක්ෂනය පිළිබද ඊශ්‍රායල වැනි රටකට හොද නිලධාරින් යවා අප රටට හදුන්වා දිය යුතුය...
    මෙවැනි දේ කරන විට අතුරු නිෂ්පාදන බිහිවෙනව ... සෝස්/ජෑම් .... සෑදීම මෙන්ම ඒවා බෝතල්/ටින් කිරීම..... එළවලු/පලතුරු/මල් පිටරට වලට යවද්දී ආරක්ෂක ඇසුරුම්....යනාදිය....මෙවැනි දෑ නිවෙස්වල කුඩාවට පවා කර ප්‍රධාන ආයතන වලට දිය හැකියි....
    ඔවැනි දේවල් අපේ ලග රටවලට යැව්වත් කල්ල මරේ....
    අද ආයජකයො බංග්ලාදේශයට යන්නෙ නිමි ඇදුම් කර්මාන්තයට...
    අද අපේ රටේම ගාමන්ට්,,,,,,පොල් ( ඩේසි කේටඩ් & තෙල්)කරපු එව්වො වියට්නාම් /තායිලන්ඩ් වල බිසිනොස්.....
    ලංකාවෙ රෙද්දවල් විකුනල මැලේසියාවෙන් ගෙවල් දෙක තුනක් අරන් දැම්මත් හොද ඒරියල් එහෙකින් ...අවුරුදු දෙකෙන් ඩබල් ...මිල....
    අඩු ගානේ අපේ ඇමතිල .... පලා බබාලා කෝටි ගණන් වියදම් කරල රටවලට ගිහිල්ල බලාගෙන ඇවිල්ල ...ගස් යට වැටිල කුණු වෙලා යන වරක මදුලක් පිටරට යවන හැටි සිතුවද මන්ද,,,

    ReplyDelete
    Replies
    1. බලහං ඉතිං..... උඹ අපිට බැන්නට, අපට වඩා ආර්ථික හා දේශපළණික දැණුමක් උඹට තියෙනවනේ..

      Delete
    2. අම්මාපල්ල! මූ ඔය වැදගත් දෙයක් කිව්වමයි! :-)

      Delete
    3. හෙක්....හෙක්........අඩෝ රාජ් මල්ලිය .......
      මම වැඩිය නොකිය හිටියෙ ලංකාවට ඇවිල්ල කරලම පෙන්වන්න.....
      දැන් නම් එන එක අතහැරල බං .....

      Delete
  33. //මේ රට දියුණු කිරීමට නම්, සියළුම දෙනාගේ අවධානය යොමු විය යුත්තේ, මුලින්ම කෘෂි ආර්ථිකය කෙරෙහිය. // මමත් එකඟයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ නේ..

      Delete
  34. පුංචි උදාහරණයක් දෙන්නම් මෙච්චර කල් ඩුබායි වල මාකට් එක තිබුනේ ඕමාන් ඉන්දියා වගේ රටවලින් එන කුරුම්බා ගෙඩියට.ඩිරාම් හතරක් පහක් වගේ කර උන කුරුම්බා ගෙඩියක් .නමුත් මෑතක ඉඳන් කවුදෝ මොලේ තීන උන් ටිකක් මෙහෙට ලංකාවේ තැඹිලි එවනවා.දැන් ලංකාවේ බඩු විකුණන කඩවල විතරක් නෙමේ සමහර සුපර් මාකට් වල පවා අපේ තැඹිලි ගෙඩිය මාකට් .හැබැයි එකක් ෂුවර් තව ටික කලකින් ඉන්දියන් උන් අපේ තැඹිලි වවල මාකට් එක අල්ලනව.නමුත් පොඩියට හරි මෙහෙම දෙයක් වත් වෙනව නම් කීයක් හරි රටට එනව .

    ReplyDelete
    Replies
    1. කරනවනම් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. එකෙක්වත් නොකරන එකයි කරුමේ..

      Delete
  35. මේ අනුව,මල්මිස් නිගමනයන් වන්නේ
    ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සදහා වඩාත් උචිත වනුයේ
    1.මාතලන්,චානුක, වැනි ලාංකික උගත් විද්වත් ආර්ථික උපදේසකයන් විදේස රටවල් වෙත අපනයනය කිරීම .
    2.ලොව පුරාම ඇත්තේ පට රෙදි වුවද,“පට ලී“ ඇත්තේ ලංකාවේ පමණක් බැවින්,එය පුදුම 7 ට
    එක් කොට,මොරටුව ලී බඩු පුරවරයේ ස්ථිරව ස්ථානගත කොට,ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්සකය බවට පත් කිරීම.

    ReplyDelete
    Replies
    1. අපි ගියාම නියමෙටම තියෙයි.. පට ලී වලට මක්කා කලත් මම මාර මනාපයි..

      Delete
  36. බටහිර රටවල්වල ලක්ෂ ගණන් ආසියානු ජනතාව ඉන්නවා සැම ප්‍රදාන නගරයකම. මේවයේ ආසියානු food items ගන්න පුළුවන්. ඒ කිව්වේ හැම දෙයක්ම ...එළවලු (කන්කුන්, ගොටුකොල,....), , පලතුරු (අබ, අන්නාසි, ....... කුරුම්බා) දහසක් දේ තියෙනවා. මේවා අරගෙන බැලුවහම ඔක්කොම එවන්නේ තායි, Indonesia, Malaysia වගේ රටවලින්. අපේ රටින් මොකවත් නැහැ (කලාතුරකින් MD වගේ දේවල් සමහර කඩවල විතරක් තියෙනවා).

    කැනඩාවේ ගොවියෙක් කිව්වා තිරිගු වගේ බෝග වගකරනවා නම් අක්කර 500-1000 වඩා වගකරොත් තමයි ලාබ ගන්න පුළුවන් කියල. ලංකාවේ අක්කර කිහිපයක් කුබුරු කරන ගොවියාගේ අනාගතේ මොකද්ද? (මම කියන්නේ නැහැ ලංකාවේ අක්කර සිය ගනම් ඕන කියල ලාබ ලබන්න.). කුඩා කුබුරු වලට වඩා සමහරවිට වෙන බෝගයන් (market එක ඉල්ලකක කරගත් අන්තුරියම්, ඕකිඩ් මල් වගේ ) දේවල් වලින් ලාබ ලබන්න පුළුවන්.



    ReplyDelete
    Replies
    1. අපි කුරුඳු යවනවා පිර රට. මුදලකුත් ලැබෙනවා. ඒත් ඒක මීට වඩා කොලිටියට කලා නම් ලැබෙන මුදල අති විශාලයි.. ගොවියත් ඒක දන්නවා. ඒත් උන් කරන්නෙත් නෑ.. අනේ මන්දා පුදුම මානසිකත්වයක් තියෙන රටක් මේක.

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. මාතලන් ලොක්කව පොදු අපේක්ෂකයා කරලා දාන්න විදිහක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. උඹට දෙන්නම්, නාවලගේ බැනට් කුරේගේ පෝස්ට් එක..

      Delete
    2. බැනට් කුරේ තානාපති සේවයේ කලින් නොහිටියාට ඔහුට සන්චාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුලයි. ඔහු බොහෝ කල් ජපන් සචාරක ක්ෂේත්‍රයේ නියැළුන පරිනත පුද්ගලයෙක් ඉතින් අපි ඔහුට යම් ගෞරවයක් දක්වමු නේද

      Delete
    3. ඉතින් කවුද අගෞරවයක් කළේ..

      Delete
  39. How to eradicate this "Bali thovil chintanaya"from the media ?

    ReplyDelete
    Replies
    1. සිම්පල්... මෙච්චර නීතී රීතී ගෙන එන එකේ. අගවිනිසුරු එක රැයින් ගෙදර යන රටේ. එක පැයෙන් ඕක වෙනස් කරන්න පුළුවන්.

      Delete
  40. අප රටේ මනාව සැලසුම් කොට පවුල් කැඩීම, විරහ වේදනාව සහ ලිංගික දුක මත ගොඩ නැගුනු ආර්ථිකයක් හා සමාජ සංස්ථාවක් ස්ථාපිත කොට ඇත.
    මෙයට දර්ශනය සපයා ගෙන ඇත්තේ පව් කල අය දුක් විඳිති යන පදනමේ සිටයි.
    මේ විරහ වේදනාව විඳිය යුතුම දුකක් ලෙස අපට ඒත්තු ගන්වා ඇත.

    දන්නා කාලයේ ඉඳන් රාජ්‍ය කෙරෙන ත්‍රස්තවාදය
    යුද්ධ, කැරලි
    වෙළඳ කලාප
    නුපුහුණු ශ්‍රමිකයන් පිට රට පැටවීම- මෙය සුද්දාගෙ කාලයේ පටන් සිදුවිය.
    ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල කියන්නේත් හැකි තරම් ශ්‍රමය
    පිට රට පටවන ලෙසයි,
    හැකි තරම් ණය ගන්නා ලෙසයි.
    මෙය දැනුවත්ව කෙරුනු හා කෙරෙන සූක්ශම දේශපාලන ව්‍යාපෘතියකි.
    චම්පිකට පමා වී හෝ යම් පොටක් පෑදී තිබේ. විනාශකාරී සුදු කරපටි ව්‍යාපෘතිවලට එරෙහි ජනබලවේගයක අවශ්‍යතාවය මතු කරන්නේ එබැවිනි.

    ඉන්දියන් හාල් ලාබෙට තිබුනට ඉන්දියන් කාරයොත් දැන් ඉන්දියන් හාල් කන්නෙ බයෙන්,
    ජාන තාක්ශණ හා බීජ හොරකම නිසා,
    ලාබෙට තියෙන කෑම පරිස්සමින්
    අපේ ප්‍රධාන ආහාර බෝග ටික අනිවාර්‍යයෙන්ම අපිම ආරක්ශිතව නිපදවාගත යුතුමයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මිළ අධිකයි ලොක්කා.. ඒක විකාරයක්. කොටින්ම ගොවියා රකින්න පාරිභෝගිකයා මරාගෙන කෑම මළම මළ විකාරයක්..

      Delete
  41. ආසාවෙන් කියවු ලිපියක් .අදහස් දැක්වීමට නොහැකිවීම ගැන කණගාටුයි.
    “අදහස් “ වලට මිලක් තියෙනවා.
    සංචාරක කර්මාන්තය කිවුවම ,මේ ක්ෂේත්‍රයේ උපන්දා සිට අත්දැකීම් තියෙනවා.වගේම ඒනිසාම මේ පිළිබදව විධිමත් අධ්‍යාපනයකුත් ලැබුවා.
    මගේ පශ්තාත් උපාධි නිබන්ධනයට මා යොදාගත්තේ සංචාරක සංවර්ධනය අදාල මාතෘකාවක්.මාතෘකාව දාන පමාවට “සංචාරක ක්ෂේත්‍රයේ“ ප්‍රතිපත්ති සම්පාදකයන් මෙය ඩැහැගත්තා.මා මහන්සි වී ලියන දෙයින් කාටවත් ඉල්ලම් පාදා දෙන්නේ මොකටද.මම වැඩේ මාතෘකාවෙන්ම නැවැත්තුවා.සොරුන්ට සොරකම සාර්ථකව කරගන්න පුලුවන් වුනේ නැහැ කොච්චර නැටුවත්.අනුන්ගේ පානෙන් එළිය බලන්න !

    ආණ්ඩු මාරු වෙනකොට විතරක් නෙමෙයි ඇමතිලා වෙනස් වෙනකොටත් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරන රජයක් සමග මොන ව්‍යාපාර කිරිල්ලක්ද මාතලන්.

    බැසිල්ගේ ආර්ථික සංවර්ධනයේ ඇතැම් අංශවල ඉතා සාර්ථක ව්‍යාපෘති ඇති බව මං පිළිගන්නවා.නමුත්,සංචාරක අංශය සම්බන්ධයෙන් නම් බිදක් වත් එකග නැහැ වගේම,පුද්ගලික කාරණාත් ඇතුළු තවත් කාරණා නිසා කිසිසේත්ම ඔවුන් සමග වැඩකරන්නත් එදත්,අදත් එකග නැහැ.ඇත්තටම කණගාටුයි.මොකද ජීවිතේ වැඩි කාලයක් මා යැපුනේ තනිකරම සංචාරක ක්ෂේත්‍රය ආස්රිත ඉපැයීම් වලින් නිසා.

    KFC බැටර් ,වගේ අපේ ව්‍යාපාරවල රහස් අප වෙතම තබාගත යුතු වෙනවා,තරගයකින් තොරව හිස ඔසවා සිටීමටනම්.ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුල අතැම් පවුල්/සමාගම් කිපයක් සදාකාලික ආධිපත්‍ය රදවා තබාගෙන ඇති බව ඔබ ‍ෙහාදින්ම දන්නවා ඇති.
    බන්දුලලා ඔවුන්ගේ දැනුම බඩගෝස්තරවාදය සදහා උපයෝගී කරගන්නවානම්,සාමාන්‍ය ව්‍යාපාරිකයනුත් එයම කිරීම වරදක්ද!

    ReplyDelete
    Replies
    1. @පිනි... දකින්නත් ආසයි ඔබව.....
      හොද අදහස් දැක්වීමක්......
      ලියන්න .... ඉදල....හිටල ...හරි ඉඩක් ලැබුනම .... හෙක්...හෙක්... ඉදගෙන ....

      Delete
    2. සහතික ඇත්ත පිනි.. මේක ව්‍යාපාරයක් නෙමෙයි, තනිකර විකාරයක්. සල්ලි හොයන්න විතරයි ඕන පට්ට ටැක්ස් ගහලා ටිකට් කඩලා. මොනවද සංචාරකයට දෙන්නේ..

      Delete
    3. පිනි එහෙනම් පශ්චාත් උපාධිය කරේ නැද්ද? අනේ අපොයි ! කුහක නොවී තමුසෙගෙ අදහස් මෙතන කියනවා ඕයි, අපිත් ආසයි උගතෙක් ලියන දෙය කියවල යමක් ඉගනගන්න, මෙය කාරුණික ඉල්ලීමකි

      Delete
  42. oya arthika niyamayan okkoma boru lokkka.
    Salli wiyadam karna ekata wdiyen laba ganna puuwan method ekaka api haduwoth loke inna okkoma loku companies enawa aye katha dekak na. e wagema kelloth inna innna ona Bangkok wala wage.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාන්. මක්කා කියනවාද කියා තේරෙන්නේ නැත.

      Delete
  43. රුපියල් 2500න් මාසයක් ෙනාමැරි ඉන්න පුලුවන් කියන එක න්‍යායාත්මකව අැත්තක් ඔයා මෙග් ගාවට එනවා නම් මම ඔයාව කූඩුවකට දමලා 2500න් ෙනාමැරී තියලා ෙපන්නන්නම්

    ReplyDelete
    Replies
    1. කවුරු හරි දෙනවා 2500 නෙමෙයි සතයක් වත් නැතිවත් කන්න පුළුවන් ඔය දේශපාලුවෝ වගේ. අවුරුදු පහෙන් පෙන්ෂන් දෙන ජොබ් කොයි ළෝකෙද තියෙන්නේ.

      Delete
  44. ලංකාව සේවා අංශය පිලිබද මීට වඩා අවධානය යොමු කරන්න ඕන කියලා හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. මේ රටේ කාළකන්නි දේශපාළඥයෝ තිබුන චාන්ස් හිටන් නැති කර ගත්ත කාළකන්නි පිරිසක්.

      Delete
  45. This article is thought provoking, definitely has merit for further discussion but only if you would accept divergent poits of view. For other ignoramus this too will be a post where they are free to unleash their venom on a free thinker. Typical Jeppas

    ReplyDelete
    Replies
    1. රටේ නැති උනාට මෙතන නියම ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා සහෝ...

      Delete
  46. මාතේ...හිතට එන තියරි මෙතන ලියන්න හිතෙන්නේ නෑ මචෝ...

    ReplyDelete
    Replies
    1. ලියහන් චෙෆාකී කිසි අවුලක් නෑ...

      Delete
  47. ලන්කාව කියන්නෙ ලොකෙ ජන ගනත්වය වැඩිම රටක් (ඉන්දියාව සහ චීනෙටටත් වඩා වැඩියි අපෙ ජන ගනත්වය ). ඒ කියන්නෙ අපෙ රට කෘශිකර්මයට සුදුසු රටක් නෙවෙ කියන එකයි. දැනටත් ලොකු ඉඩම් ප්‍රමානයක තෙ, වී සහ රබර් තියෙන නිසා මහා පරිමාණ නව භොගයකට මෙ රටෙ ඉඩ අඩුයි.

    ReplyDelete
    Replies
    1. පර සුද්දන්ගෙන් මේ රටේ බැල්ලියන්ට ජාතක වෙච්ච තොපිල වෙගේ බලු හුත්තිගේ පුතාලට තමයි මේ රට කෘෂිකර්මයට සුදුසු රටක් නෙවෙයි කියන්නේ. අඩෝ බැල්ලිගේ පුතෝ මේරට අද ර්යේ පහල වුන රටක් නෙවෙයි පකයෝ මේ රට මිනිස්සුන්ට අවුරුදු 2500 කට වඩා ලිඛිත ඉතිහාසයක් තියන රටක්. එහෙවු අවුරුදු 2500 කට වඩා ඉතිහාසයකට උරුමකම් කියන්නේ මේ රට පැවත ගෙන එන කෘෂිකර්මාන්තයට පිං සිද්ධ වෙන්නේ හුත්තෝ.

      Delete
  48. අඩෝ උඹගේ පුතා පාවිච්චි කරන්නෙත් තොගේ ලැප් එකද යකෝ ඌ තෝ ලැප් එකේ දාගෙන ඉන්න වැල බලනවා ඇති යකෝ, අනික ඌ sex කියලත් google සර්ච් කරනවා ඇති. උඹල වගේ යුටොපියන් කන්සෙප්ට් දරන පොරවල් වලට ඒක මාර ප්‍රශ්නයක් නේ.

    ReplyDelete
  49. aie amathaka unada loku loku companya walata TAX Holidays dena eka atheethayata balapana paridi. 2001 ranil kara wage.
    ane me mathalan lokko pohe nikam pada talk dala dala anthimata ranilata kade yana hati apita uganwanna neda handanne . api ahuwei owata.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න