.

.

Sep 25, 2014

දැන් (ඔක්කෝම) හරි(ද..?) - Ready to go cotton eyed joe

 
අම්මට සිරි ලංකාවෙ තියෙන්නේ අමුතු දේශපාළනයක්ය. උන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, රට හදන එක උනත්. දැන් ඉන්න හැම එකාම කරන්නේ, උන් හැදෙන එකය. ඒත් ඉතින්, ඒක උන්ගේ බිස්නස් එකක් උනත්, අපේ ජීවිත වලට බලපාන ඔක්කෝම දේවල් පාළණය කරන්නේ උන් නිසා, අපිට දේශපාළණේ ගැනත් කතා කරන්න වෙනවාය. අනික උන්ටත් අපිව නැතිව බැරිය. ඒ උන් ජීවත් වෙන්නේත්, අපි හම්බ කරන එකෙන් නිසාය. අනික උන්ගේ බිස්නස් කර ගන්න, අපේ මනාපේ ඕන නිසාය. ඉස්සර නම් ආවේ අවුරුදු පහ හයකට සැරයක් උනාට, දැන් උන් හැමදාම මනාපේ ඉල්ලගෙන එනවාය. ඡනදේ විතරක් නොව, ඡන්ද කොමසාරිසුත්, පට්ට් ජෝක් එකක් වෙලා තියෙන්නේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත්, රට කරවන මහ රජානෝ තෝරා ගන්නා මනාප සෙල්ලමත්, සජ්ජුරුවෝ රටේ නැතත්, යුව රජානෝ විසින්, ඊයේ සුභ නැකතින් පටන් ගත්තේය. සජ්ජුරුවෝත්, ඇමරිකාවේ නිව් යෝක් වලදි චන්ඩි ටෝක් එකක් දී, පළමු වෙඩි මුරේ ඉන්ටර්නැසොනල් ලැවල් එකෙන්ම පටන් ගත්තේය. දැන් ඉතින් ලංකාවට ආවට පස්සේ කියන්නේ, මම උන්දලට එහේ ගිහිල්ලාම කනේ ඇඟිලි ගහගන්නම කියලා ආවා කියාය. උන් කනේ ඇඟිලි ගහ ගත්තේ නැති උනත්, පොරි හැලෙන කතාවක් නම් දුන්නේය. මානව හිමිකම් ගැන ප්‍රශ්ණ තිබුනත්, ඇමරිකාවට කියන්න ඕන ටික කියපු එක නම් බොහෝම හොඳය. කොහොමත් ලබන මාර්තු මාසේ වෙනකොට අපේ මානව හිමිකම් හෙවීම කෙසේ වෙතත්, "අයිසිස්" කාරයෝ බෙලි කපන සීන් අම්බානක වැඩි වෙලා, කට්ටියගේම පටි රෝල් වෙන එකනම්, ඉර හඳ වගේ විශ්වාශය.

දැන් (ඔක්කෝම) හරි(ද..?)

අපේ රටේ සජ්ජුරුවන් වහන්සේ රට වැසියාට පට්ට ආතල් දෙනවාය. උන්නාන්සේ ගාව බූරුවා කුට්ටමක් තියෙනවාය. එකේ ඔක්කෝම ඉන්නේ බූරුවෝය. උන්නාන්සේ ඉඳලා හිටලා ඕක අනලා නැවත අපට බෙදනවාය. එහෙම බෙදන එක ටැලිවිසොමේ ලයිව් පෙන්නනවාය. ඕන්... සවුක්ක බලපු එකා, මහවැලියට තල්ලු කරනවාය. මහවැලි හාරගෙන කාපු එකා, සවුක්කෙ බලන්න දානවාය. එහෙම කරලා මාරු කරනවාය. ඒත් ඉන්නේ එකම බූරුවෝ සෙට් එකය. මුන් 1994 ඉඳන් කරපු මෙළෝ දෙයක් ඇත්තේ නැතිය. ඒත් ඉතින් එහෙම දෙන එක, උන් වහන්සේගේ තත්නෝසයය. අර බූරුවන්ගෙත් තන්තෝසයය. පාක්සිකයන්ගේත් තන්තෝසයය. අපිටත් ඉතින් මාර ආඩම්බරය. මොකෝ අපෙන් කන හිඟන්නෝ, තව වැඩිපුර සෙට් එකක් එක්කම කන නිසාය.

දැන් බලේ නැතත් විපස්සේ උනුත් කරන්නේ, ඒ වගේ පට්ට ආතල් වැඩය. රජ්ජුරුවන්ගේ පාටියේ වගේම අලි පාටියෙත් කචල් යනවාය. හැබයි එතන එහෙම කචල් යනකොට වැඩේ අවුල්ය. මොකෝ මහරජානෝ ගාවට නඩුව ගෙනිච්ච ගමන්, පැමිණිල්ලා ගෙනිච්ච එකාගේ වෘශණ කෝෂ හෙම ඉවත් කොරලා, අර බූරුවා කුට්ටම අස්සට ඔබනවාය. ගියපු ඔක්කෝම ටිකට උනේ ඒ සැන්තෑසියමය. එක අතකින් එහෙම යන එකත් හොඳය. එපා වෙලා ඉන්න එකා බලෙන් තියාගෙන ඉන්න ඕනා නැතිය. ලොක්කාගේ මාලිගාවේ තියෙන්නේ සැළුන් දොරක් උනත්, යනවා කියන එකෙක්වත් යන්නේ නැත්තේ ඒ නිසාය. ඒ කියන්නේ එපා වෙලයි කිව්වට එහෙම වෙලාත් නැතිය. අනික ඉතින් එපා උනත්, යන්න තැනක් නැතිය. මොකෝ අනිත් ඒවා ඉන්න තැනටත් වඩා අනාථය.

අනේ ඉතින් අපේ අලි පාටියේ නායක තුමාත් කරන්නේ, සජ්ජුරුවෝ වගේ එක එකාට එක එක පෝස්ට් දෙන එකය. එයා පක්ෂ නායක ඉඳලා ජාතික නායක වෙනවාය. තව එකෙක් සිරසයි ලක්බිමයි එක්ක එක්කහු වෙලා ගේම ඉල්ලන කොට, ඌව නියෝජ්ජ කරනවාය. ඌ නියෝජ්ජ කරන කොට ගේම ඉල්ලපු එකා, උප නායක් කොරනවාය.. ඊට පස්සේ ඔක්කෝම, හරීන්ට කියලා කේක් කපනවාය. තලතලත් බෙදනවාය. තව එකෙක් අයින් වෙන්න යනවාය. දෙන්නෙක් තරහ වෙලා යනවාය. තව එකෙක් මිරිස් කාපු එකාට අපහාස නඩු දාන්න යනවාය. එහෙට මෙහෙට වැනෙන කරු ආගිය අතක් නැතිය.

ඒ කෙසේ වෙතත් හරීන් මල්ලි ඌවෙන් 26 - 27% තිබ්බ පොතිශතේ 40% ට ඉතර උස්සලා දෙනවාය. ඒත් ඉතින් එයාලා පරාදයි කියලා එයාලාට තේරෙන්නේ නැතිය.. නගින් එක හොඳය.. හැබයි ඉතින් නැග්ගා කියා වන වන ඉඳලා හරියන්නේ නැතිය. ඕක ඔබා ගන්නත් පුල් ට්‍රයි එක දෙන්න ඕනාය. මොකෝ බැස්සොත් හෙම ඔබා ගන්න එක ලේසි නැති නිසාය. ඒ නිසා නැග්ග එක ඔබා ගන්නකන් කරන්න, තව බොහෝ වැඩ තියෙනවාය. ඒකට අර සැටලයිට් නෝනා කිව්වා වගේ, බොරුවට හරි, ආන්ඩුවම ගෝල්ෆේස් ගෙනත් පට්ට ගහලා කොට්ට මහනවා හරි කියන්න වෙනවාය. දින්නයින් පස්සේ උන් එක්ක මඟුල් කෑවත්. ඒ වගේ ආතල් එකක් දෙන්නේ නැත්නම්, ඔබා ගන්න එක බොහෝම අමාරුය.

සෝභිත නාඩගම

සොභිත හාමුදුරුවන්ටත් නිවන් දකින්න ඕනා කමක් නැතිවා වාගෙය. එයාට ඕනෙත් මේ රටේ සජ්ජුරුවන් වහන්සේ වෙන්නටය. එතකොටත් ඉඳින්, පට්ට ආතල් එකක් තියෙන්න පුළුවන්ය. දැන් අපි සෝභිත ජනාධිපති වෙලා කියලා, නිකමටම නිකන් ජෝක් එකක් වගේ හිතනවාය. ඕන් එතකොට නිර්මාල් රංජිත් දේවසිරි, ජනාධිපති වහන්සේ තුමාට දනගහලාම වඳිනවාය. එතකොට දැන් ඉන්න ලොක්කාට පවිත්‍රා පුක උඩ දාගෙන වඳින කොට, අපි හිනා වෙනවා වගේ, හිනාවෙන්න බැරි වෙනවාය. සමහර විට එහෙම පේන්න හිනා උනෝත් හිස ගසා දාන්නත් ඉඩ තියෙනවාය. ඕන් ජනාධිපති සෝභිත වහන්සේ තුමා, අය වැය කියවන්න පාර්ලිමේන්තුවට වඩිනවාය. එතකොට ජයම්පති වික්‍රමරත්න මුතු කුඩේ අල්ලනවාය. ඕන් අපිට හිනා යන්න එනවාය. ඒත් හිනා වෙන්න බැරිය. මොකෝ ගලක් බැඳලා, දියවන්නාවේ ඔබන්න ඉඩ තියෙනවාය. ඕන් ඔය වගේ සීන් බලා ගන්න ඕනා නම්, ඔහේලා සෝභිත හාන්දුරුවොන්ට මනාපේ පූජා කොලාට, මගේ අමනාපයක් ඇත්තේම නැතිය.


ජෙප්පනේ.. දැන්වත් ඉතින් මොනවා හරි කරන්න බලන්න.

"දැන්වත් ඉතින් මොනවා හරි කරන්න බලන්න" කියන්නේ, මාතලන් නෙමේය. සන්නාගේ "අම්මා" එලිදක්වන දවසේ, එයාගේ නෝනා එහෙම කිව්වාය කියා කිව්වේ, අපේ ලාල් කාන්ත සහෝදරයාය. මොකෝ ලාල් කාන්තගේ දෝනියන්දෑගේ ටියුෂන් වලට ඉතරක්, සුපියල් 30,000 ක් යන නිසා, චීචර් කෙනෙක් වෙච්චි එයාගේ නෝනාට, ලාල් කාන්තටත් කන්න දෙන්න විදියක් නෑ කියලා කියා තිබෙනවාය. දැන් ඉතින් ලාල් කාන්තලත් බලන්න ඕනෑ කොහෙන් හරි කන්න පුළුවන් විදියක්ය. නැත්නම් ඉතින් නෝනා දාලත් ගියොත් හෙම විප්ලව කරා වගේ නෙමේය.

ඒ නිසා පොර ටෝක් දෙන්නේ නැතිව, කරන්න තියෙන්නේ, ආයෙත් සැරයක් මොකෙක් එක්ක හරි කසාදයක් බැඳ ගන්න එකය. අලියාගේ පිටේ නැඟීමේ ඇලජික් ගතියක් තියෙන නිසා, දේශප්‍රේමී මහරජානෝ එක්ක සැට් වෙන එක වඩා හොඳය. අනිවාර්යයෙන් ජෙප්පෝ 30 ක් 40 දියවන්නාවට දාගන්න එක කජු කනවා වගේ ලේසිය. එතකොට ලාල් කාන්තගේ නෝනාටත්, "ශෂී" නෝනා වගේ, මහ සජ්ජුරුවොත් එක්ක "සී ෂෙල්ස්" පැත්තේ රවුමක් ගහලා, එහේ බෑන්ක් ඔෆ් සිලෝන් එකේ, කීයක් හරි තැනපත් කොරලා එන්න පුළුවන්ය. එහෙම නොකලොත් නවතින්න වෙන්නේ මල්වතු ගිහිල්ලා දන ගහලා නොව, සීනීගම දේවාලේ පලතුරු වට්ටි පෝලිමටය.

සොභිතලා, රනිල්ලා, අනුරලා, හොර ගල් අහුල අහුල ඉන්න වේලේ ලොක්කා ගෙමටත් බැහැලා ඉවරය. ලොක්කා නිවියෝක් වල පොර ටෝක් එකකුත් දිලා එන්නේ වීරයා වෙලාය. ආපු ගමන් ඔය විදුලි බල මන්ඩලේ සභාපතියි, ජයසුන්දර ගොයියයි එහෙට මෙහෙට ඇද ඇද ඉන්න ලයිට් බිලේ 25% අඩු කිරිල්ල ජහමනයාට දීලා ආයෙත් වීරයා වෙනවාය. ලොක්කාගේ දේසපාලන ගැට එහෙමය. තව තව ඒව අඩු කරන්නත පුළුවන්ය. හැබයි ඉතින් අපි ඔක්කෝම බලන්න ඕන, ලොක්කාගේ පවර් එකක් ටිකක් අඩු කරනා විදියක්ය.

එහෙම නැත්නම් ඉතින් ලොක්කා තුන් වෙනි පාරටත් පත් උනොත්, අපිට වෙන්නේ, වේල් දෙක, එක වේලකට සීමා කොරලා, ඇට දෙක කස කසා, රාවණා නින්දෙන් නැගිටලා එනකන්, පාර අයිනට වෙලා ඇන ගහගෙන, තටම තටමා ඉන්නටටය. මොකෝ..., අර මල්වතු හාන්දුරුවෝ, පිස්සු පීකුදු සවුක්ක ඇමතියාට කිව්වා වගේ, කන්න නැතිව රෙන්න විදියක් නැති හින්දාය..

90 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හා.... මචන්....සීදේවි.....
      මේ ඇනෝ ....සම හරක් උන්ට මා එක්ක තිබෙන්නෙ උන්ගෙ තාත්තල ...අම්මට නොහුකපු ඇම්මක් නෙ යකෝ....
      යකෝ.....මම පැය 24 න් 18 ක් අවදියෙන් ආතල් එකේ..... නිදා ගන්න පැය 6 යෙන් දෙකක්ම අර උඹ කියන ....හෙක්..හෙක්... බිම බලං ඉන්න මගෙ මල්ලි.....එල කෑලි වල ...කටේ......ඕ .....වෙන තැන් ඔල.....
      ඉරිසිය නොකර හැදෙන්න බලහං .....පුතේ.......
      ආසාව තිබ්බට ....ලගට එන්නෙ නැහැ....

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. හිතවත් සහෝදරයා.......තේරුම් ගත්ත....ඔයාට තියන ඇම්මට ගරු කරමි...
      මින් පසු මම කා හටවත් කමෙන්ට් නොකරන බවට....හා......බ්ලොග් නොලියන බවට පොරොන්දු වෙමි........
      ඔයා ගෙ සිත පෑරිල ....මළොත් ඔයා පවු......
      මං දාපු කමෙන්ට් මකමි.......bye ..... මචෝ.......

      Delete
    5. බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්කුන්ගේ ඒවා එහෙමම තිබ්බේ උඹ ගනන් ගන්නේ නෑ කියලා හිතලා.. මුන්ට වඩා උඹව බ්ලොග් ළෝකෙට වටිනවා.. බලපං චානුක වත්තෙගම.. වැඩක් නැති කොමෙන්ට් පයිසෙකට ගනන් ගන්නේ නෑ.. මම මේවා ඔක්කෝම අයින් කරන්නම්.. ඊළඟ එකේ පළවෙනි කොමෙන්ට් එකත් උඹ දාපන්..

      Delete
  2. මෙදා ලොක්කට අමාරුය.......25% අඩුකරනවා කී කථාව මිනිසුන්ට දැනුනේද නැත.

    ReplyDelete
    Replies
    1. ඒත් 51% ගන්න එක මහ දෙයක් නෙමෙයි.. ඒක ගත්තා නම් දිණුම් නේ..

      Delete
    2. මාතෙ, ගොඩක් අය අමතක කරන දේවල් තියෙනවා.

      1. 2010 දි ගොඩක් යූ එන් පී කාරයො, ජේ වී පී කාරයො මාමි යුද්දෙ දින්න නිසා කළ ගුණ සලකන්න දුන්නා. උන් ආයෙම සැරයක් එහෙම කරයිද නැද්ද?

      2. 2010 දි මාමිට ලොකු සුළු ජාතික අප්‍රසාදයක් තිබුණේ නැහැ. අද නානසාරට හා චම්පික රණවකට පින් සිද්ද වෙන්න 90% ක් මුස්ලිම් ඡන්ද හා 90% ක් දෙමළ ඡන්ද අනෙක් පැත්තටය.

      3. 2010 වෙනකොට මාමිගෙ පුතාලා, මල්ලිලා හා ගෝලයින් එච්චර පිස්සු කෙළලා තිබුණේ නැත.

      4, නියඟය නිසා මේ සැරේ යල මහ දෙකටම කෙළ වුණාය. ගොවි පවුල් 200,000 ක් අනාතය. දෙසැම්බර් වල ආහර හිඟයක් හා විශාල මිළ වැඩි වීමක් වන්නට නියමිතය. මේ අවුරුද්දේ සහල් නිෂ්පාදනය වී ඇත්තේ මාස දහයකට පමණලු.

      5. තොණ්ඩාගේ පුතා ජීප් එකට යටකර මරන්න හදපු එකත් මාමිගේ වැඩක් කියලලු තොණ්ඩා හිතාගෙන ඉන්නේ. ඇත්තද නැද්ද මන්දා. හැබැයි තොණ්ඩාට මලලු.

      6. හිටපු නැන්දි ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට බුදු සපෝට් එකක් දෙනවා ෂුවර්ය. එයාගෙන් ගියසැරේ ෆොන්සේකාට ලැබුණු දෙයක් නැත.

      7. මාමිට වඩා නැන්දිට හිතවත් බෑනලා ගොඩක් තවම සිරිලංකා එකේ ඉන්නවා. උන් පනින්නේ නැත්තේ වෙලාව හොඳ නැති නිසයි. වෙලාවක් හම්බ වුනොත් බර්ටියාගේ පුතා, සොයිසලා හෙමත් ෂුවර් නැත.

      8. මාමිගේ තීරණාත්මක වාසිය මුළු ගණනින් 5% ක් විතර සිංහල කතෝලික/ක්‍රිස්තියානි චන්ද ටික තවම එයාගෙ ඔඩොක්කුවේ වෙන එක. මේ ටික දිනා ගන්න එජාපයට නායකයෙක් නැහැ. හැබැයි නානසාරලා පාප් වහන්සේ එන කාලයට පිස්සුවක් කෙළියොත් මාමිට අබ සරණය.

      Delete
    3. 1. තාමත් එහෙම කරනවා නේද? මහා ළොකු ප්‍රථිශතයක් නැති උනත් 51% තියෙනවා. සිංහලයා ඉන්න මොණරාගලින් 58% තියෙනවා. මෑතකදි පැවත්වූ බස්නාහිරත් 53% තියෙනවා.. එජාපය තාම 40% ගත්තා විතරයි.. ඒ නිසා මේවල මහ ළොකු වෙනසක් වෙන එකක් නෑ.

      2. එතන පොයින්ට් එකක් තියෙනවා.. ඒත් බදුල්ල දිස්ත්‍රික්කයේ සුළු ජාතින් ඉන්න ප්‍රදේශවලත් පෙරමුණ දිනලා තියෙනවා.. ඒ වගේම සුළු ජාතින් නියෝජනය කරන පක්ෂ වල හැසිරීම මත ඒ ඡන්ද තීරනය වෙනවා.ඔවුන් සියල්ලම ඉන්නේ මහින්ද ළඟ නේද..?

      3. මෙළෝ රහක් නැති ශෂීන්ද්‍රලාට සලකන මිනිස්සු බේබිලාගේ ගේම් ගනන් ගන්නේ නැත. ඡන්දයට එන්නේ බේබිලා නොව බේබිලාගේ තාත්තාය.

      4. පොහොර සහනාධාරය හා නියං සහනාධාර ලබා දෙන තුරා ගොවියාගේ ඡන්දය මහින්දටයි.. එය මොණරාගලින් ඔප්පු කර ඇත.

      5. ඒවා වැල් බයිලාය. තොන්ඩලා මහින්දලා හොඳ යාළුවෝය..

      6. නැන්දාට කළ හැකි ලබ්බක් නැත.

      7. ජනපතිවරණය කලින් තියන්නේ උන්ගේ හැටි අපට වඩා හොඳින් ලොක්කා දන්නා නිසාය.

      8. නානසාරලාගේ නූල් තියෙන්නේ මහින්දගේ අතේය. ඒවා නටන්නේ මහින්දට ඕනා විදියටය.

      Delete
    4. Be optimistic, man. රනිල් මෙච්චර කල් දැඟලුවේ නැත්තෙ බොරුවට මහන්සි වෙලා වැඩක් නැති නිසා. ඒත් මේ දවස් ටිකට කරපු වෙනස පෙණුනා නේද? මහින්ද ඔය දින්නේ උපරිම ලෙස මැර බලය හා රාජ්‍ය බලය පාවිච්චි කරලා, නියං ආධාර බෙදලා, තමන්ම ඌවේ පදිංචි වෙලා ඉඳලා. මැතිවරණය සාධාරණව කෙරුණා නම් අනිවාර්යයෙන් යූ එන් පී එක දිනනවා. ජනාධිපතිවරණයකදි එයාට ඔච්චර සෙල්ලම් දාන්න බැහැ. මහින්ද 49% ට බැස්සුවොත් රනිල්ට දිනන්න පුළුවන්.

      Delete
    5. මගේ හඳහනෙත් තියෙනවා මම ඔප්ටිමිස්ට් කෙනෙක් කියලා..

      Delete
  3. රුපියල් හාරසීයයක් වියදම් කර චන්දය දිනන පැත්තට පනින්න ක්‍රමයක් තියනවාය.
    පහත පියවර අට අනුගමනය කරන්න.
    1. චන්දය දා උදේ නැගිට දත් මැද මුණ හොදා ගන්න
    2. රුපියල් හාරසීයක් උඩ සාක්කුවේ දමා ගන්න
    3. චන්ද පොළ මගහැර වෙන පාරකින් කඩ පොලට යන්න
    4. රුපියල් හාරසීය දී බට්ටෝ වැලක් මිලදී ගන්න.
    5. කඩපොළට ගිය පාරෙන්ම නැවත ගෙදර පැමිණෙන්න
    6. පොඩ්ඩක් අනුමතවී කබරයා පොලවේ ගසුවාසේ දවසම බුදියාගන්න
    7. අවසන් ප්‍රතිපලය දෙන තෙක් සීරුවෙන් නිදිමරාගෙන ඉවසාගෙන සිටින්න.
    8. අවසන් ප්‍රතිපලය දුන් විගස ගිනිකුරක් ගසා බට්ටෝ වැල පත්තු කරන්න

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    ReplyDelete
    Replies
    1. ඔහේ බාර් වල බොන්න දෙන්නේ නොමිලේද?

      Delete
    2. එදාට බාර් වහලා... කලින් අරගෙන තියා ගන්න ඕන ඉතින් කේන්ති ගන්නෙ නැතිව..

      Delete
    3. එදාට බාර් ඉස්සරහින් වහන්නේ පස්සදොරේ ට්‍රැෆික් වැඩි හින්දයි,

      Delete
    4. බීම සහ ගෙම්බා ගැහිල්ල අතර සම්බන්දයක් නැත.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් ලොක්කා මුන් ඔක්කෝටම සලකනවා වගේ මචෝ...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  5. අර 40 ශ්‍රී ලොරිය කවුරුහරි ගත්තද?

    ReplyDelete
    Replies
    1. කියන්න දන්නේ නෑ හරියටම..

      Delete
    2. මට දැන ගන්න ඕනෑ ඒ ලොරිය දැන් ඉන්න අයිතිකාරයාගෙ නමට රෙජිස්ටර් කරලාද නැද්ද කියලා. ඒ දවස් වල නම් කිව්වෙ නෑ කියලා. පස්සෙ කලාද දන්නෙ නෑ. කවුරුත් ඇහුවට කියන්නෙත් නෑ. ආත්මාර්ථකාමියෝ!

      Delete
    3. ආර් ඇම් වී එකට ගානක් දුන්නාම.. ඉන්ගිරිසි අකුරු වලට අළුත්ම නොම්මරයක් උනත් ගන්න බැරිය.. දිස් ඉස් සිරි ලංකා මයි ඩාලින්..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  6. උඹටත් මේ අනුංගෙ ලොරි ගැන හොයනවට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද? ඇයි උඹ ඒක ගන්න ද?
    අනික, සාමාන්යොයන් වාහන අයිති කාරයෝ තමන්ට වාසනාව ගෙනාව වාහනයක් පරණ වුනා කියලා විකුණන්නෙ නෑ. අහලා නැද්ද අර ඔටාරත් එයා බිස්නස් පටන්ගත්තු කාලේ පාවිච්චි කරපු 14 ශ්රීඋ ස්ටේධන් වැගන් එකක් තවම තියාගන ඉන්නෙ.
    එහෙව් එකේ, පරණ වුනත් හොඳ වර්ගයේ, හොඳට හම්බකරන්න පුළුවන් එකක් වෙන ඔය වාහනේ විකුණයන්න තරම් ඔය අයිතිකාරයා මාර මෝඩයෙක් කියලා මමනම් හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ගොනෝ අයිතිකාරයා මාර මෝඩයෙක් නිසා නෙවෙන්නම් ඔය කබල් ලොරියට කර ගැහුවෙත්.... ඕක තියන් හිටියොත් තමා මෝඩකම ලෝකෙටම පේන්නෙ...

      Delete
    2. අයිතිකාරයම ලොරිය තියාගත්තට අව්ලක් නෑ.. අපිව යට කරගෙන යන්නේ නැත්නම්..

      Delete
  7. ලොක්කට නැවත රජ කරන්න දියයුතු නොවේ.ලොක්කා කොයි තරම් ගැට ගැහුවත් වැඩක් නැහැ.ලොක්කාගේ ගැට ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන් නම්.කරන්න අමාරු හෝ බැරි දෙයක් නෙමේ එක.හැබැයි ඒ විදියට ජනතාව දැනුවත් කිරීමේ හැකියාව හොඳටම තියෙන්නේ ජවිපෙ එකට.
    විපක්ෂ වේදිකාවේ තියෙන්නම ඕනේ හඬ තමයි උන්ගේ හඬ.නමුත් හඬ තිබ්බත් ජවිපෙ එකට තියෙන ජන්ද ප්‍රමාණවත් නැහැ.එක ඌවෙන් දැක්කානේ.එහෙම නම් කරන්න ඕනේ ජන්ද තියෙන තැනකට ජවිපෙ හඩ ගෙන එකයි.එහෙම කෙරුවොත් ජවිපෙත් ගොඩ,මේ යන නරා වලෙන් රටත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ජනතාව තරම් දැනුවත් ජනතාවක් ලෝකේ තවත් නැහැ,, ඒත් කතිරේ ගහද්දි ගහනවා බන් රජාටම

      Delete
    2. එජාපෙට කතිකයෝ නෑ.. වැඩ කාරයෝ උන්නට වැඩක් නෑ, කතිකත්වය නැතුව.. ඒ කියන්නේ මුඛරි කම.. ජෙප්පන්ට මේක නියමෙටම තියෙනවා.. ඉතින් ජෙප්පෝ සප් එක දෙන පැත්තකට වාසියි.. ආන්ඩුවේ නම් වාචාලයෝ සෙට් එකක්ම ඉන්නවා නේ..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. උන් අළුත් ජෙනරේසොන් එකක් අල්ලගෙන තියෙනවා.. පෙත්තප්පුලා ටිකක්.. පාඩම් ටික නම් නියමෙටම කට පාඩම්..

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  9. හැබයි ඉතින් නැග්ගා කියා වන වන ඉඳලා හරියන්නේ නැතිය. ඕක ඔබා ගන්නත් පුල් ට්‍රයි එක දෙන්න ඕනාය. මොකෝ බැස්සොත් හෙම ඔබා ගන්න එක ලේසි නැති නිසාය. ඒ නිසා නැග්ග එක ඔබා ගන්නකන් කරන්න, තව බොහෝ වැඩ තියෙනවාය. හැක් හැක්... පට්ටම තමයි කියන්න වෙන්නේ. ඔබන දවසක් වෙනකං නග්ග එක කෙලින් තියා ගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා. මනෝජ් කිව්ව වගේ අලියගෙ කරේ සීනුව ගැටගහගත්තොත්නම් ලෝකෙටම ඇහෙන්නසද්දෙ දෙන්න පුළුවන් වෙයි.. සජ්ජුරුවො ගෙදරින් පැන්නුවම බැරියැ ඕන්නම් පරන තරහ මරහ පිරිමහ ගන්න.. ඉඟුරු දීල ඔනේ මිරිස් ගන්න

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචෝ.. එහෙනම් හොඳ ගේමක් තියෙයි.. නැත්නම් ඉතින් වන් හෝස් රේස්...

      Delete
  10. සෝභිත හාමුදුරුවො රජ උනොත් (හීනෙන් හරි) ඇත්තටම හොදා ජෝගි ටිකක් බලා ගන්න පුළුවන් නේ. :D :D

    ලොක්කා තුන් වෙනි වතාවට ඉල්ලන එක නවත්තන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. වික්ටර් අයිවනුයි.. පෙන්ෂන් ගියපු සී ජේයි නවත්තන්න නේ හදන්නේ..

      Delete
    2. මාතෙ, මරු ඩබලනෙ බං සෙට් වෙලා ඉන්නෙ පොදු අරමුණක් වෙනුවෙන්! ඕකුන් දෙන්නා නයි වෛරයි නේද ඉස්සර?

      Delete
    3. වික්ටර් අයිවන්ට ඒකටත් උත්තර තියෙනවා බං

      Delete
  11. ලංකාවේ දිනපතා පත්තර වලට ලිපි ලියන මිනිස්සුන්ට මේ වගේ කෙලින් මොකුත් ලියන්න බැරි ඇයි? ,පැහැදිළි සරළ සිංහලෙන්,, කොච්චර ෆේස් බුක් එකෙන් මහරාජට බැන්නත් , බ්ලොග් වල , වෙබ් සයිට් වල එයාගේ ගොන් කම් ගැන කතා කලත් කතිරේ ගහද්දි අපේ උන්දලාගේ ඇගිලි වලට මොනාහරි වෙනවා ඇති, මන් හිතන් නෑ ඔය මනුස්සයා මැරිලා යනකල් අපේ මිනිස්සු වෙන ජනාධිපති කෙනෙක් තෝර ගනී කියලා,, හම්මේ මෙදා දීලා තිබ්බ ටෝක් එක,

    ReplyDelete
    Replies
    1. ඕක තමයි ඇත්ත කතාව.. ලොක්කා තරම් පොලිට්‍රික්ස් කාරයෙක් මගේ ජීවීතේට දැකලා නෑ..

      Delete
    2. /ලංකාවේ දිනපතා පත්තර වලට ලිපි ලියන මිනිස්සුන්ට මේ වගේ කෙලින් මොකුත් ලියන්න බැරි ඇයි?/

      උන්ට කෙලින් තියා ඇදේට වත් මොකුත් ලියා ගන්න බෑ තනියම. වෙන කෙනෙක් කියන දෙයක් තමයි අහගෙන ලියන්නේ. පත්තර රන් වෙන්නෙ එළියෙ ඉන්න මිනිස්සු ලියන දේවල් වලින්.

      Delete
    3. ඔව්, අපේ නලින් අයියලගේ පත්තරේ ළගම උදාහරණෙ, අනේ මෙහෙමත් රටක්,

      Delete
    4. නලීන්ලා ඇත්ත ලියයි, උඹ ඔහේ ඌට රස්සාවක් සෙට් කලොත් නම්..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  12. මාතලන් උබ මොනවා කිව්වත් මේ සැරේ ලොක්කට කෙලවෙනවා උබට බ්ලොග් ලියල නවත්වන්න බෑ . ඊයේ ලොක්කගේ මෙහෙයුම් කාර්යාලය අරින්න ගිහින් තියෙන්නේ එකයි එක නිසා උබ දාන්නම හිත හදාගන්නින් හොදේ
    තෙවන වරටද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (25) කොළඹ දී, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනද එම අවස්ථාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් වර්ජනය කර තිබිණ.

    කාර්යාලය විවෘත කරන ලද්දේ කොළඹ 7 ග්‍රෙගරි මාවතේ අංක 45/3 දරණ ස්ථානයේ පිහිටි නිවසක ය. මෙම නිවසේ අයිතිකරුවන් වන්නේ අබාන්ස් සමාගමයි.

    එජනිසයේ අපේක්ෂකයාගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා මෙන්ම, ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී නොවිය.

    පැමිණ සිටි එකම ඇමතිවරයා වුයේ, එච්.එම්. ෆවුසි මහතා පමණි.

    සාමාන්‍යයෙන් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරද්දී ශ්‍රීලනිප භික්ෂු සංවිධානයේ මහා සංඝයා වැඩැම්මවිය යුතු වුවද පැමිණ සිටියේ ගලබොඩඤානිස්සර හිමියන් සහ ඔහුගේ ගෝල හිමිනමක් පමණි.

    බැසිල් ඇමතිවරයා ගෙන් තනතුරු ලබා ගත් සංස්ථා සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු පමණක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

    ReplyDelete
    Replies
    1. බැසිල් එක්ක ගේමක් හැමෝටම තියෙනවා.. ඒක ඇත්ත.. ඒත් ලොක්කා ගාව ඔක්කෝටම චූ යනවා.. ඒක එයාගේ ටැලන්ට් එක.. පරණ උනුත් ලොක්කා ගාව ඇඹරෙන හැටි දැක්කම.. ඇත්තමයි.. මට මාර ලැජ්ජ හිතෙනවා..

      Delete
    2. රජාට අද තියෙන පවර් එක කාලයත් සමඟ වෙනස් වෙයි. දැන් 2009 තිබිච්චි පවර් එකෙන් බාගයක් නැහැනෙ.

      Delete
    3. 2009 කියන්නේ අති විශේෂ අවස්ථාවක්..

      Delete
  13. මාමි ගෙනාවෙත් ජනතාවය, මාමිව යවන්න ඕනාත් ජනතාවය, මාමි අනිවාර්යයෙන් තුන් වෙනි තැනටත් ගේම ගහනවාමය, ඒ සඳහා ලාංකීය දේශමාමක දේශ හිතෙයිශී ජනයා එකෙන්ම පෙට්ටියට කතිරය දමා තමන්ගේ පෙට්ටියට ඇඩ්වාන්ස් එකක් දෙනවාය, මාමි චින්තන තුන් වන අදියරේ ආශ්චර්යය පෙන්නනකොට ජනයා පට්ටටෙටම අන්දය, ඒ නිසා ඒ මහත්පල මහානිසංස වූ අස්චර්යය දැක ඒ වට්ටියට ඇත ගසා ගැනීමට ජනයාට පිනක් නොමැත.

    මාමි බුරු කුට්ටම අනලා බුරුවා සොයන්න කොළ බෙදනවාය, අන්තිමේ සියලුම ජෝඩි ටික මාමි ළඟය, බුරුවාගේ කොලේ පමණක් දෙකෝටියක් පමණ ජනතාව ළඟය, මාමි බුරු කුට්ටම අනන්නේ මාමිගේ ක්රමෙටය, එනම් බුරුවාට උගේ පිට උද තියෙන්නේ ලුණු බව හැඟුණු විටම ඌ ව මාරු කරයි, ඒ මාමි තමන්ගේ තැන රැක ගන්න මිසක ජේ ආර් මෙන් නැගෙන මිනිහාට ඉනිමග දුන්නේ නැත, එමෙන්ම ඒ මිනිස්සුන්ටද මුල අමතක වුනේ නැත, ගාමිනී දිසානායකයන් මහවැලියත්, ප්‍රේමාදාස ගමුදා හා නිවාසත් (වසර 2000 සැමට සෙවණ) ලලිත් ඇතුලත්මුදලි මහපොළ හා වරායත් සාදු අතර ලංකාවේ අවසාන නැව මහපොලද පරණ යකඩ වලට කැපෙන්නට ළඟ හෝ කැපී අවසානය, එත් කෙපීගෙන් ආපු නව කොහෙද දැන් නැත, සමහර විට හම්බන්තොටට ලෑන්ඩ් කරන්නේ ඒවා විය හැකිය. මාමිට වඩා එකෙක් හරි උඩින් යනවාට මාමි කැමති නැත. ජනප්‍රසාද ට්‍රික්ස් මාමි ගහන්නේ එහෙමය, මාමි රටට ආදරේ කෙහෙල්මලක් නැත, මාමි ආදරේ නැන්දිටවත් තුන් බෑ ජටිලයන්ටවත් නොව පුටුවටය, විදායකයටය.

    ජේ ආර් පප්පා වත් විදායකයට ඔතරම් ලොල් වුයේ නැත, ජේ ආර් පප්පා ගෙනාවට හරියට වැඩ ගත්තේ මාමිය.

    මාමි තුන්වන වරටත් එම අලි පාටියට වලක්වන්නට බැරිය, මාමි පට්ටෙට බ්‍රේන් වොෂ් කර හමාරය. මාමි තරම් ජනතා ප්‍රසාදයක් දිනා සිටිනා පුද්ගලයෙකු ලංකාවේ නොමැත. මාමිට තවමත් බහුතරය ඇත්තේ එතනය.

    ඉතින් ඔක්කොම හරිය, දැන් පටි තදකර ගත කාලය නොව පටි බුරුල් කර කලිසම් පාත් කරන දෙකට නැවීගෙන සිටීමට කාලය ඉදිරියට එළඹේ, මොකද මාමිගේ නම් ආයේ බහින් නැති වෙන්නම නැග ඇත, මාමිට හිල් සපයන්න දැන් ඉඳන්ම අර මොනවා උනත් යුද්දේ දිනන්නේ කියන පච්චාත් යුද ජයග්රාහී බඩේ බත් වත් නැතිව රීගන්න තටමන උගුඩුවන්ට ලැහැස්ති දැන් කාලය එළඹ තිබේ.
    මාමි හිර වෙච්චා අයින් කර ලොකු හිලක් හදලා දෙයි බඩට යන හිලට වඩා ඉක්මනට බදින එලියට එන්න.

    ජවිපෙට නම් මේ යන විදියට අබ සරණය. ඒ නිසා උන් ගැන දුකක් නැත.දුක කටුස්සාගේ කරේ රන් බදින උන් ගැනය, අහක යන නයි රෙද්ද අස්සේ දමා ගන්න උන් ගැනය, මොකද ඒ නයි උන් පමණක් නොව අහක ඉන්න අපවාද කන නිසාය.

    ඇත්තෝ කති බොති නැතෝ ලෙව කති පමණි කාල් මාක්ස් කිව්වේ සිතා සිටින උන්ට කියන්නට තිබෙන්නේ ඇති එකාට ඇති වුනේ කෙසේදත්, නැති උන්ට නැති උනේ කෙසේදත් සොයා බලන ලෙසය. නැති එකා හැමදාම ලෙව කා යුතුද නැත.

    අවසන් වශයෙන් මාතලන් වෙත - "දාර්ශනිකයෝ විවිදාකාරයෙන් ලොව සිදුවීම් කොටින්ම ලෝකය විවරණය කරති, නමුත් ගැටලුව වනාහී එය වෙනස් කිරීමය, මානුෂික චින්තනයට සැබෑ සත්‍ය ග්‍රහණය කොට හැකිද යන්න න්‍යාය පිලිබඳ පැනයක් නොව ප්‍රායෝගික පැනයකි, මිනිසා සත්‍ය එනම් බලය හා යතාර්ථය යන චින්තනයේ මෙමෙ පාර්ශවයන් සනාත කර ගත යුත්තේ භාව්විතය තුලිනි, භාවිතයෙන් තොර යාතාර්තවත් බව හෝ යතාර්තවත් නොවන බව පිලිබඳ කෙරෙන වාද විවාද විචාර නිකන්ම පුස්සකි - කාල් මාක්ස්"

    මාතලන් අපි මොන දේ ලිව්වත් ඒවායේ අතල් එකක් මිස ඇති දෙයක් නැහැ, කොටින්ම දේශපාලන මත දැක්වීම් සම්ප්‍රප්ලාප් ටිකක්ම මිස වෙන දෙයක් නැහැ නේද? ඇත්තම කතාව මේ ඇවිත් අර හරියට හිතේ දුකට එතකොට කවි කියවෙනවා වගේ වැඩක් නේද? හබටු මිනිස්සු කවදා හරි ඇත්ත තේරුම් ගත්ත දවසට එක රජෙක්වත් රජ කම් කරන්නේ නැහැ, ඒ දවස නම් කවදා ඒවිද කියන්න මම සුමනදාස ගල්මන්ගොදවත්, මජුල පීරිස්වත්, චද්‍රසිරි බණ්ඩාරවත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අපි කියන දේත් කියවිය යුතු අය කියවනවා.. එහෙම පොඩි පොඩි වෙනස් කම් උනත් තියෙනවා.. විවේචනය කියන දේ සාහසික විදියට නැතිව මෙහෙම වෙන එක හොඳයි කියන එකයි මගේ අදහස. මොකද විමලනාත් වීරරත්නගේ කොළමෙන් ගහන ගැහිල්ල රාවය පත්තරෙන් කියන දෙයට වඩා බලවත්.. මේ බ්ලොග් එකත් දේශපාලුවෝ කීප දෙනෙක්ම බලන බවත් මම දන්නවා.. ඉතින් අපි දිගටම ලියනවා..

      ඒ අපිට කරන්න පුළුවන් දේ..

      උඩ කොමෙන්ට් එක බලන්න.. ඒක මෙතනට එන්නේ නෑ නේද.. මම මේක නොලිව්වා නම්..

      Delete
    2. හ්ම්ම්ම්ම් ඔව්, එත් ඇත්තම කතාව දුකයි, ඒ දුකට අපිත් වැරදි කාරයෝ, මොනා කරන්නද? ලිවිය යුතු දේ ලිවිය යුතුයි, කිව යුතු දේ කිව යුතුයි, එහෙත් මෙවන් විවේචන, එහෙමත් නැත්තම ජන මතය, මිනිස්සුන්ගේ පපු කුහර ඇතුලේ තියෙන දේ දන්නේ මොන පාලුවාද? එහෙම එකෙක්වත් නැහැ, හැබැයි හිටපු ඒ වගේ මිනිස්සු කිහිපයක් නිසා අද මේ ඉන්න තැනට ආවත් ඇත්තටම කන බත් ගුලියක් පවා උගුරෙන් පහලට යන්නේ හරිම අමාරුවෙන්. තව ඉස්සරහට බලමුකෝ. ජය වේවා.

      Delete
  14. මේ පෝස්ට් එක සමග කෙලින්ම සම්බන්ධ නොවුනත් මාතලන්ගේ යම් ක්රිලයාවන් පිලිබඳ විවේචනයකි. මාතලන් යනු බ්ලොග් ලොව සියල්ලෙහි තීරකයාද ? මාතලන්ට අනුන්ගේ සිතිවිලි පාලනය කරන්නට සහ බලකරන්නට හැකියාවක් ලැබෙන්නේ කෙලෙසද?
    මේ කමෙන්ට් එක දාන්නේ ,මෑතකදී ඉවාන් පවුලූෂා ගේ කෙටිකතාවක් හොඳම කෙටිකතාව ලෙස හුවා දැක්වීමේ අසාර්ථක උත්සාහය පිලිබැඳවයි . ඇත්තෙන්ම කෙටිකතා කරුවෙක් ලෙස ඔහු අතිශයින් අසාර්ථක බව ඕනෑම කෙනෙකුට වැටහේ, කිසිදු රසයක් නොමැති කෙටිකතා ,නියමයි මාරු යනුවෙන් හුවාදක්වා ,මේ අපතයෙක් ප්රෙමෝට් කරන්නට මාතලන් කීයක් ගත්තේදැයි අපි නොදනිමු. මීට වඩා හොඳ කෙටි කතා සිය ගණන් බ්ලොග් වල පළවෙද්දී ,මෙලෝ රහක් නොමැති කතා හොඳම කතා ලෙස පෙන්වන්නේ ඔබට තිබෙන කුමන බලයකිනද , අනික අපිටත් ඒ කෝණයෙන් බලන්න අනකිරීම්ට ඔබට ඇති හැකියාව කුමක්ද?
    මොහුගේ කතා කිසිදු රසයක් නොමැති බව නොබියව ප්රරකාශ කිරීමට තරම් කොන්දක් තිබීම ගැන හැලපයාට ස්තුති විය යුතුය. විශේෂයෙන්ම බීට්ල් වැනි පැරණි බ්ලොග් කරුවන් පවා ,මේවා ඉස්තරම් කතා ලෙස හැඳින්වීම ගැන අපට නම් අපුලය .
    කරුණාකර මාතලන්ට කියන්නට තිබෙන එකම දෙය නම් , ගූ ගොඩවල් රන්තලි ලෙස අර්ථ දැක්වීමෙන් වලකින්න කියන කාරුණික නිවේදනයයි .

    ReplyDelete
    Replies
    1. නොදකින් මෙහෙමත් බල්ලෝ, පැලෙයි තෝ ඉරිසියාවේ පොන්නයා

      Delete
    2. මම ලියන්නේ මට හිතෙන දේය.. එය කියවන නොකියවන එක ඔබගේ වැඩකි.. එය කියවිය යුතුමය කියා කිසිම තැනක කියා නැත..

      Delete
    3. // අනික අපිටත් ඒ කෝණයෙන් බලන්න අනකිරීම්ට ඔබට ඇති හැකියාව කුමක්ද? //

      // ගූ ගොඩවල් රන්තලි ලෙස අර්ථ දැක්වීමෙන් වලකින්න //

      හනේ මන්දා ... කකුළුව කෙලින් යන්න දුන්නු උපදෙස් මතක් වෙනවා.

      ඇනෝට කැමති දේ මාතලන් ලියන්නෙ නැත්නම් මෙහෙම වත් කරලා බලන්න.

      Delete
    4. ප්‍රොෆයිල් ඇනෝ,, මටත් මේ උඩ ඇනෝ කමෙන්ට් එක දැකපු වෙලාවේ ඕක හිතුණා,ඒත් ඉතින් මොකුත් නොකියා හිටියේ ඊළගට එයා මට මොන කුණුහබ්බෙන් උත්තර දෙයිද දන්නේ නැති නිසා, මේ වගේ අයට කියවන්න මන් පෝස්ට් එකක් ලියලා තියෙනවා මගේ බ්ලොග් එකේ,
      මේක කියවන්න http://omageheena.blogspot.co.il/2014/02/sometimes-its-understandable.html

      Delete
    5. //""කරුණාකර මාතලන්ට කියන්නට තිබෙන එකම දෙය නම් , ගූ ගොඩවල් රන්තලි ලෙස අර්ථ දැක්වීමෙන් වලකින්න කියන කාරුණික නිවේදනයයි""//

      ඇනෝ -- උඹට හොඳ රචනා විලාශයක් නම් තියෙන බව පේනවා , ඉතින් ඔය හැකියාව භාවිතා කරලා ,වැඩදායි යමක් කළා නම් පිළිගැනීමක් ලැබෙයි නේද ?


      @ ඔමා - ඔමාගේ පොස්ට් එක ආපහු කියෙව්වා , ඒ වගේ ටොප් ලිපි ලියපු ඔමා දැන් කොහෙද දන්නේ නෑ :P , හැබැයි අපේ ප්‍රොෆයිල් නැති ඇනොට ගැලපෙනම පොස්ට් එක .

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඉවාන්.. අනවශය දේට හොට නොදා ඉන්න පුරුදු වෙයන්..

      Delete
  15. හැබැයි පුතෝ අපි නොහිතන වෙලාවක හැංගිච්ච ඉස්කොප්ප ආසියෙක් පාත්වෙයිද කියලාත් හිතෙනවා වෙලාවකට. (අපේ ජනරාළ නෙවෙයි හරිය?)

    ReplyDelete
    Replies
    1. අපරාදේ ජනරාළ කර ගත්තේ... මේ තමයි ජනරාළගේ වාරේ.. ඉක්මන් කොටයි කියන්නේ නිකන්ද...?

      Delete
  16. Tika welawakin Kenji kiyana ekata renna Bara wela Naha wage. Reela Naha.

    ReplyDelete
  17. පවිත්‍රාව අගමැති කරන්න හදන කතාවක් කනින් කොනින් ආරංචි වෙනවා ... කොහෙද මම අර ප්‍රපොසල් එක ගෙනාපු වෙලාවේ මාතලන් පවිත්‍රට කැමති වුනානම් අද ගොඩනේ .. :P

    ReplyDelete
    Replies
    1. ‘නිකං ගොන් පාට් දාන්ඩ එන්ඩ එපා අපිට. හොරකං කරල හොරකං කරල ආණ්ඩුවට කෙලවල දැන් එනව ඒව අපේ පිට දාන්ඩ. මෙච්චර කල් අපිත් ඉවසන් හිටිය. තමුසෙ හිතුවෙ අපි පොන්නයො කියලද? මේක අහගන්නව හලෝ. මට මේ උලව් ඇමති කම නැතිවුනොත් මම හෙට ඉදන් කෝට් බෑය දාගෙන ආයිත් උසාවි යනව. තමුසෙ මොනව කරන්ඩද? තමුසෙට පුළුවන් ආයිත් ඇමරිකාවට පැනල යන්ඩ විතරයි. එකක් මතක තියාගන්නව. අපි ආයිත් තමුසෙලගෙ බොරු පාට් වලට බය වෙන්නෑ කියල' යනුවෙන් බල ශක්ති සහ පරිසර අමාත්‍ය එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාට ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින කීපයකට පසු මුව නොසෑහෙන සේ බැණ වැදී ඇත.

      සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එසේ බැණ වැදී ඇත්තේ ඔහු, ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකට දුරකතනයෙන් බැණ වැදීමට පටන් ගත් අවස්ථාවේදීය.

      ‘පසුබෑමක් තියෙනවා. නමුත් ජයග්‍රහණය කරනවා' යනුවෙන් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් ඌව පළාත් සභාවේ ඡන්ද ප්‍රතිඵලය සමාලෝචනය කරමින් මාධ්‍යයන් වෙත දැක්වූ අදහස් සම්බන්ධයෙන් එසේ බැසිල් අමාත්‍යවරයා කෝපයට පත්වී දුරකතන ඇමතුමක් දී තිබේ.

      සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙම අවස්ථාවේ සිට ඇත්තේ තමන්ගේ නිවසේ අය හා හිතවතුන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. බැසිල් අමාත්‍යවරයාගේ තර්ජනයෙන් උන්හිටි තැන් අමතක වී ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නිවස දෙක වන ලෙස කෑ ගසමින් ‘තමුසෙල 2005 කොහේද හිටියෙ? අයිසෙ අපි තමයි පක්ෂෙ බලයට ගේන්න ගුටි කෑවෙ. වෙඩි කෑවෙ. ජීවිත පූජා කලේ. තමුසෙල මොනවද කලේ. තමුසෙල කලේ ඇමරිකාවෙ ඉදන් පැරිෂුට් එකෙන් අරලියගහ මන්දිරයට බැහැල ලවක් දෙවක් නැතුව හොරකම් කරපු එක විතරයි. තමුසෙල ආණ්ඩුවත් කෑව. පක්ෂෙත් කෑව ඕයි. තමුසෙලගෙ කුප්ප වැඩ නිසා අපිටවත් පාරෙ බැහැල යන්ඩ නෑ. මේ හැම එකෙන්ම කෙල වෙන්නෙ එදා ඉදල දුක් විදපු සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට. කෙල වුනහම තමුසෙල ඇමරිකාවට මාරු වෙයි. ආයිත් යූඑන්පී කාරයින්ගෙන් ගුටි කන්න වෙන්නෙ අසරණ ශ්‍රී ලංකා කාරයින්ට' යනුවෙන් පවසා ඇත. දැඩිලෙස කෝපයට පත්වී සිටි ප්‍රේමජයන්ත අමාත්‍යවරයා හෘද රෝගියෙකු බැවින් ඔහු අස්වැසීමට පවුලේ උදවියට මහත් වෙහෙසක් ගැනීමට සිදුවී ඇත. නිවසේ රැස්ව සිටි හිතවතුන් තුෂ්නිම්භූතව ගල් ගැසී සංවාදය අසා සිට ඇත.

      ටික වේලාවකින් කෝපය සංසිදවා ගෙන ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ජනාධිපතිවරයා අමතා ඇත. ‘සර් මට බැසිල් ඇමතිතුමා බණින්න ආවා. මටත් තදවුනා. මමත් කෑ ගැහුවා. මට කරන්න දෙයක් නෑ. මං ගෞරව කරන්නෙ ඔබ තුමාට විතරයි. අපි ඔබතුමා එක්ක හැමදාම ඉන්නව' යනුවෙන් පවසද්දී සාවදානව අසා සිටි ජනාධිපතිවරයා අවසානයේ කියා ඇත්තේ ‘සුසිල් තනියමද ඉන්නෙ? ඔයා බැනපු එක කාටවත් ඇහුන්නෑ නේද? මේවා මීඩියාවල යන්න දෙන්න එපා. අපි කතා කරල විසදගම්මු. කලබල නොවී ඉන්න' කියාය. කෙසේ වෙතත් අප වෙත වාර්තාවන ආකාරයට මෙම අවස්ථාවේදී බැසිල් අමාත්‍යවරයා සිට ඇත්තේ ජනාධිපතිවරයා සමගය.

      කෙසේ වෙතත් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ශ්‍රීලනිප ජේෂ්ඨ ඇමතිවරුන්ට මෙම සිද්ධිය පවසා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (25) කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටවූ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බැසිල් අමාත්‍යවරයා විසින් විවෘත කිරීමේ උත්සවය සියළුම ජේෂ්ඨ අමාත්‍යවරුන් වර්ජනය කොට තිබේ. මේ බව නොදැන එහි පැමිණි ෆවුසි අමාත්‍යවරයාද ටික වේලාවකින් එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත.

      Delete
    2. එහෙනම් ඉතින් සුසිල් ප්‍රේමජයන්තටත් ජේෂ්ඨ ඇමතිකමක් බුදු ෂුවර්..

      Delete
    3. මොකක්ද ඉවානයෝ ප්‍රොපෝසල් එක.. මගේ මතකේ ගැන උඹ හොඳට දන්නවනේ...

      Delete
    4. ෂිඃ.... ඒක එයා දැක්කද දන්නේ නෑ...

      Delete
  18. මාතේ , ලොක්කා 50.1% ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා, මොකද ඌවේ චන්ද සියල්ලම ලොක්කට දීපු චන්ද , අනික් පළාත්වලත් එහෙමයි (වයඹ හැර) . ඒ නිසා ලොක්කට දිනන එක මහා අරුමයක් නෙවෙයි . අපේ දේශපාලන විචාරකයෝ ගැන කොහොමත් මට පුදුමයි, හැමදාම රතු එලි.
    ඕනෑම පරාජයක් ජයක් බවට පත්කරලා විචාරය . දයාසිරි වාර්තාවක් තියල දිනපු වෙලාවෙත් කිව්වේ ජනතාව රාජපක්ෂ පාලනයට අතුල් පහරක් දුන්නා කියලා

    ReplyDelete
    Replies
    1. මොකා පිලිටික්ස් දන්නේ නැති උනත් ලොක්කා නම් පොලිටික්ස් ඇන්ඩ් පොලිට්‍රික්ස් දෙකම හොඳට දන්නවා.. පේන ඇත්ත හා වෙන දේ ලිව්වාම සම හරක්ට තද වෙනවා.. ඒත් ඉතින් මහ පොළොවෙ ජීවත් වෙන අපි හීන ළෝකවල ජීවත් වෙලා වැඩක් නෑ නේ..

      Delete
    2. මාතේ, මෙහෙම වත් කියමු තේරෙයිද බලන්න.

      උඹට අවුරුදු 25 දි කරපු වැඩ කීයක් එහෙමම කරන්න පුළුවන්ද දැන්? මීට අවුරුදු දහයකට කලින් කරපු වැඩ කීයක් කරන්න පුළුවන්ද දැන්? ලොක්කාටත් එහෙම තමයි. 2005 දී කළ ඒවා එහෙමම 2015 දී කරන්න බැහැ. යම් පිරිහීමක් තියෙනවා. එකම ප්‍රශ්නය ඒ පිරිහීම ඇත්ද යන්නයි. (මේ කතා කරන්නේ ශරීර ශක්තිය ගැන නෙවෙයි.)

      Delete
    3. ඇත්ත.. ඒත් බලගන් මේ ඡන්දෙදි අළුත් ගුන්ඩු ගොඩක් දෙනවා.. ඒවා මිනිස්සු අම්බානක කනවා.. එහෙම උන් විපක්ෂේ නෑ.. කොටින්ම විපක්ෂෙට විකල්පයක් නෑ.. තියෙන එකම ගෙනියන්න මක්කටෙයි මචෝ වෙන උන්..

      Delete
  19. ජනතා විමුක්ති පෙරමුන නැති විපක්ෂයක් හරියට ලයිට් නැති තොරනක් වගේ.අපි දැක්කනෙ ගිය ජනාදිපති වරනයෙදි,අන්තර්ජාලයෙ තිබුන තදබදය.අනිත් පක්ෂවල කතාකරන්නවත් කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඒක මම හැමදාම කියන දෙයක් නේ..

      Delete
  20. lankawe chandadayakayanta awashya kathawai,kathawe anthargathaya mokaunath kamakne,papuwata wadinna panapihituwala denawanam ona borukarayekuta kemathi,eki wachalayan hemadama ihalin inne,UNP ekata den karanna thiyenne Pacha gasyata,polawal Gane hitapu Thel,beheth karayo tikak wath Allagena Mod karala gannai,(untath hondata senaga innawa)Eth,karumeta unuth den wandawelayana jathiyak wela.lokka denneth ewage,eka eka banis walata eka eka keselwage.talksne.(Ranjan-D)

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ළඳ අමුම අමු සත්‍යය..

      Delete
  21. සිංහල බ්ලොග් වල උරුමක්කාර ඇනෝ ලට කරදරයක් නිසා මා සමු ගනිමි.......
    සියල්ලන්ටම ........................සයොනාරා'''''''''''!...................

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්කුන්ගේ ඒවා එහෙමම තිබ්බේ උඹ ගනන් ගන්නේ නෑ කියලා හිතලා.. මුන්ට වඩා උඹව බ්ලොග් ළෝකෙට වටිනවා.. බලපං චානුක වත්තෙගම.. වැඩක් නැති කොමෙන්ට් පයිසෙකට ගනන් ගන්නේ නෑ.. මම මේවා ඔක්කෝම අයින් කරන්නම්.. ඊළඟ එකේ පළවෙනි කොමෙන්ට් එකත් උඹ දාපන්..

      Delete
  22. හැමදාම මතක් කරන්න බෑ මල වදේ..

    ඒ වගත් මේසේමය..

    ReplyDelete
  23. මේ ලිපිය නියමයි... මේක තමා දැන් සහ අනාගතයේ ලංකාවේ දේශපාලනය ගැන නියම විග්‍රහය..... වැරැද්ද වෙන්නේ.... මේවගේ දේවල් මිනිස්සු කියෙවුවට චන්දෙ දවසට අමතක වෙන එක.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න