.

.

Jan 11, 2015

රජු මාවත බැස යනවා (23+) - (fuc)King of the Road (13+)


By - Awantha Atigala
- මාතලන් -

මැදමුලන හංදියේ තේ කඩේටද, උදේ පාන්දරම දේශද්‍රෝහියෝද, දේශප්‍රේමියෝද, ළිඳ ළඟ සංගම් වල මහිලා සමිති උපාසිකාවන්ද, උපාසකයින්ද, සමෘධිලාභීයෝද, ජෙප්පෝද, අලියෝද, කොටියෝද, මදාවියෝද, පන් මලු එල්ලා ගත් හිඟන්නෝද, ගංජා කාරයෝද, කසිප්පු කාරයෝද, කුඩු කාරයෝද රැස්වන්නේ උන්ගේ දේශපාළණ සංවාද සදහා විල මැද බංගලාවට යන්නට බැරි නිසාය.

සිලි සිලි බෑග් එකේ දමාගත් සමෘධි කාඩ් එකෙන් හුළං ගහන ගමන් සිරියා(වතී) කිව්වේ, අනේතිං..., කෑමයි බීමයි අතටත් ගානකුයි එක්ක, ලංගමේ නැගලා ආයේතින් කවදා වට වන්දනාවේ යන්නෙයි කියලය බං.., බලහල්ලකෝ අපේ රජතුමාට පාත් වෙච්චි හෙනේ කියලාය. පඩත්තල වේස කොල්ලෙක් කිව්වේ, ලොක්කා හෙලිකොප්පරෙන් ආපු වෙලාවේ, වලව්වෙන් තේ එකක්වත් දුන්නේ නෑ නේ ඕයි කියලාය. එතකොට තව කොල්ලෙක් කිව්වේ, ඇයි බං දීපූ දොල දන් දිවිල්ලට, අම්මා අප්පගේ බූදලේ නෙමෙයි, අප්පා කුඩප්පගේ බූදලේට හිටන් කෙළවෙලාම යන්න ඇති කියලාය.

තා එකෙක් කිව්වේ, මක්කා උනත් හොඳ වෙලාවට මහ ගේ උකස් තිබ්බේ නැත්තේ, නැත්තන්නිතින් ගෙයක් ඉල්ල ගන්න වෙන්නේ ඩඩ්ලිගෙන් කියලාය. ඩඩ්ලිගෙන් කොහොමෙයි බං ගෙවල් ඉල්ලන්නේ උන්නෑහේ සිංගප්පූරුවට අපූරුවට මාරු වෙලා ගියාය කියලා, අර බින්දුගේ පුතා ඉන්ටනැට් අංජනමෙන් බලාගෙන, බලා උන්නා වගේ කිව්වේ බං කියලාය. ඒ ඩඩිලි නෙමෙයි හුත්තෝ, අරලිය ඩඩ්ලි... අරලිය ඩඩ්ලි... කියලා කියපු එකාට අනිකා කිව්වේ, එහෙම කියන්න එපාය හුත්තෝ කියලාය.

කඩේ උන්න සේනවේ වාද විවාද මැද්දේ, මීදුම මැදින් ඈතින් පෙනුනේ, කලසමක් ගහගත්තු උස හාදයෙක් මොකක්දෝ බඩකඩුත්තුවකුත් කරේ තියාගෙන එන, අපැහැදිලි දර්සොනයක්ය. අම්මට හුකා... ජූල්ම්පිටියෙද කොහෙද හිරෙන් පැනලා ටී 56 ත් කරේ තියාගෙන එන්නේ, මෙතන උන්නොත් මළ හත්තිලව්වයි වෙන්නේ, අපි කැපුනා සහෝදරවරුනි... කියපු ජෙප්පෝ ටික, ඔක්කෝටම කලින්, හෙමීටම ලිස්සලා, හීන් සීරුවෙන්, ඉතා පැහැදිලිවම මාරු උනේය.

කව්ද බං ඒ චන්ඩි මල්ලිද කියපු මදාවි සුමනේට්, පොලේ බන්ඩක්ක විකුනන, මැදමුලන බන්ඩි අක්කා කිව්වේ, ඌ නිවන් ගිහින් ගොඩක් කල්නේ ගොන් හරකෝ කියාය. එහෙනම් කව්දෝ යකෝ තුවක්කුවකුත් කරේ තියාගෙන එන්නේ, සරා ගොයියද දන්නෙ නෑ කියලා, තා එකෙක් කින්ඩියට කිව්වාම, තා එකෙක් කිව්වේ සම්පත් චන්ද්‍රපුෂ්පයා වෙන්න බැරිද බන් කියලාය. කඩමන්ඩියේ උන්ගේ අනාවැකි ඔක්කෝම අද්යාත්මවේදී වන්දරසිරි බන්ඩාරගේ අනාවැකි වගේම, පච වෙලා කිච වෙලා ගියේ, කලසමකුත් ගහගෙන ආවේ බුදුහාමුදුරුවන්ගේ ක්ලෝස් රිලෙටිව් කෙනෙක් වන, දුටු ගැමුණුගේ කසින් කෙනෙක් වන, අපේ මැදමුලනේ මහ රජ්ජුරුවෝය.

උන් හිටි තැන් අමතක උන හැම එකාම පෙරලි පෙරලි වඳින්න පටන් ගත්ත අතරේ, ඇසිලියා රෙද්දත් කරේ තියාගෙන, පූසටත් හුළං වද්දගෙන ගෙදර දිව්වේ, ලොකු කෙලීගේ පොඩි එකා උස්සගෙන එන්නය. සුරුස් ගා පොඩි එකාගේ පුච බෝලෙට පවුඩර් දාලා, ලොකු එකීගේ සෙන්ට් විදලා, ඇස්වහ මොට්ටුවකුත් තියලා, ජංගියකුත් අන්දාගෙන, උස්සගෙන දිව්වේ, මහරජ්ජුරුවන්ට කියලා බෞතීස්ම කොර ගන්නය. පොඩි එකා දික් කල ගමන් රජ්ජුරුවෝ ඇහුවේ, මූට පැම්පරයක් අන්දලද ඉන්නේ? මොකෝ දැන් මට පොඩි එකෙක්වත් තඹ දොයිතුවක ෂුවර් නෑ කියලාය. පැම්පරයක් නෑ සෑර්... කිව්වාම, ලොක්කා කිව්වේ, එහෙනම් උඹම ඔහොම අල්ලගෙන හිටින් කියාය.. මහ රජ්ජුරුවෝ පොඩි එකාගේ ඔලුවට අත තබා, යටි තොල හපා, බ්ලෙස් එක දීලා ඇහුවේ බබා....... මා......ව.....,  අ......දු.....න.......න....ව......ද...? කියලාය.

කට කනට ගත්ත පොඩි එකා කිව්වේ, ඩන්නෝ..... කියාලයා. හා... එහෙනම් කියමුකෝ බලන්න කියපු ලොක්කාට.. පොඩි එකා කිව්වේ,... ඔයා නේ අල තුමනදාත තීයගෙ ගුලි තාලා, ඉල්ලගෙන තාපු ගොන් ලද්දුලුවෝ.... කියලාය. පොඩි එකාගෙ කට වහගත් සිරියා, ගෙනාපු ඉස්පීඩ් එකෙන්ම පොඩි එකාවත් වඩා ගෙන ආපහු දිව්වේ, අරලිය ගහ මන්දිරේ ලී බඩු, මල් පෝච්චිවලට සිද්ද වෙන කතන්දරේ, කැම්පස් යන සුනිල් කොලුවාගෙන් අහලා තිබුන නිසාය.

අනේ සෑර් මක්කයි උනේ...? අහස පොළොව උහුලන්නේ නැති කේස් එකක් නේ සිද්ද උනේ..? අපි මේ දොඩ දොඩා උන්නෙත්, ඔබ තුමා අර පොළොන්නරුවේ මිනී මරපු, හොර ගෑණු තියාගෙන හිටපු, පොන්න රූකඩ සිරිසේනට පරාද වෙන්න කරපු කරුමේ මක්කැයි කිය කියා...., ඇත්තටම සෑර් මොකක්ද පරදින්න හේතුව ඈ... කියලා අහපු, කඩේ බුද්ධදාස මුදලාලිට ලොක්කා කිව්වේ, කව්ද කිව්වේ මම පැරදුනා කියලා. මම පරාද නෑ බුද්දේ, කොටි දිනුවා... කියලාය.

කොටි දිනන්න..? ඔහෙම නේ කිව්වේ, කොටි මැරුවය, රට එක්සෙසත් කලාය, නිදහසේ පියාය, මහ රජ්ජුරුවෝය, අපි හැමිනිලා හදපු අපේ ළමයින්ගෙත් අප්පච්චිය, අරකය මේකය කියා..., මල පැනලා හිටපු අදෝරිස් මුත්තාගේ කන පැලෙන ප්‍රශ්නෙන්, පොඩ්ඩක් හුළං ගිය මහ රජතුමා කිව්වේ, ඔව් ඕයි මැරුවය කිව්වට, මුන් කොටි ඔක්කෝන්ම මරළා නෑ නේ. බලාගෙන ගියාම, දකුණෙත් කොටි ලක්ෂ පණහක් විතර ඉඳලා තියෙනවා නේ අපෙ හාන්දුරුවනේ කිව්වම, හැම එකාම වට පිට බැලුවේ හාන්දුරුවෝ කෝ කියලාය.

ඉතින් උන් ටිකත් බුද්ධි අන්සෙ උන්ට කියලා, අයිඩෙන්ටිපයි කොරලා, ඔපරේසොන් එකක් කොරන්න තිබුනනේ සෑර්... කියලා අහපු නේවී සුදාට ලොක්කා කිව්වේ, මතක් කොරන්න එපා ඔය හුත්ති අන්සෙ, ඕකුන් එකෙක්වත් කිව්වේ නෑ නේ මට, ලක්ෂ පණහක් හැටක් රට වටේම කොටි ඉඳලා තියෙනවය, උන් ඔක්කෝම මට කෙලින්න ඉන්නෙය කියලා, කාළකන්නි වේසිගේ පුතාලා කියා එතුමාට හුරු පුරුදු බාසාවෙන්ම ඇදලා ඇරියේය.

දැන් උන් ආන් අරෙහෙ කොටි කොඩි දානවා, ආමි කැම්ප් වලට ගහනවා, කොල්ලෝ සරන් උස්සලා පුක පෙන්නනවා, කෙල්ලෝ පූසෝ පෙන්නනවා අපෙ හාන්දුරුවනේ.... කියලා සීගිරි ගලත් පැලෙන අමු කෙප්පයක් ඇදලා ඇරපු ලොක්කගෙන්, එතන හිටපු ෆේස්බුක් මල්ලි කෙනෙක් ඇහුවේ, උන් සෑර් එතකොට නේවී කෑම්ප් වලට ගල් ගහන්නෙ, පූසෝ පෙන්නන්නේ නැද්ද කියලාය. බොහෝම ආදරනීය බැල්මක් ඌ වෙත හෙලු ගෞතම බුදු පරපුරේ ලොක්කා කිව්වේ, තෝ ගිහින් ඒක තොගේ අම්මගෙන් අහගනින් කියලාය.

ඉතින් සෑර් සිරිසේන මරලා හරි රජකමේ ඉන්න නේ තිබ්බේ කියා, ඉතා දයාබරිතව, මානව ප්‍රෙමයෙන්, නවනීදන් පිල්ලෙ පන්නයේ, මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය වන, ඉතා වැදගත් ප්‍රශ්ණයක් යොමු කල, නිල් බලකායේ මර්ඩර් ඩිවිසොන් එකේ හිටපු අවුරුදු 52 ක් විතර තරුණ, නිල් බල්ලෙක් ඇහුවාම, ලොක්කා කිව්වේ, මරන්න කී සැරයක් ට්‍රයි කරාද ඕයි...., හැම සැරේම මගේ කරුමෙට ඕකා බේරුනා නේ ඕයි.., අන්තිම දවසෙත් ගේමක් දෙන්න බැලුවට, වෙඩි තියන්න එකෙක් වත් හොයා ගන්න නැති උනානේ ඕයි කියලාය.

ඉතින් සෑර් ඔය මෙගාපෝන් එකකුත් එල්ලගෙන, සැර් දැන් සීප් විකුනන්ද හදන්නේ, සීප් ඕන නම් මම දෙන්නම් කියපු, ස්වීප් ජගත්ට ලොක්කා කිව්වේ, ස්වීප් විකුණන්නේ කොහොමෙයි ඕයි...., ඇදිච්ච ස්වීප් එකටත් කෙලගත්තු එකෙක්. මම මේ මගේ ජීවිත පරදුවෙන් බේරගත්ත රට, එක එකාට කන්න නොදි, මමම කන ගේමක් ගෙනියන්න, රට රකින්න, වීදී නාට්ටියක් කරනවා.... ඒකට උඹලත් වරෙල්ලා.... කිව්වාම, එතන හිටපු නස්කූනියෙක් කිව්වේ, සෑර්.... ගලුයි, බතුයි, ගානකුයි දෙනවනම්, අපි රට රකින්න නෙමෙයි, සිරි ලක් අම්මට හැමනෙන්න හරි එන්නම් කියලාය.

උබලට බත් දෙන්නෙ කොහොමද යකෝ..., දැන් අර පොඩි උන් තුන්දෙනයි, ගෑනියි, රජ ගෙදර කෑමම ඉල්ලලා, මාව් මරන් කන්න යනවා...., ඒකයි මම මේ උදේ පාන්දරම මෙගාපෝන් එකත් උස්සගෙන, "කොටි නාඩගම" පෙන්න පෙන්න යන්නේ කියලාය. දැන් සෑර් ඕක.., එක පුග්ගල කෝලමක්ද කියා අහපු එකෙකුට ලොක්කා කිව්වේ, නෑ නෑ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා, එයාලාත් වෙන වෙනම කෝලම පෙන්නවා කිව්වම, විජේසිරියා ඇහුවේ, ඒ කව්ද මහින්ද අයියේ කියලාය. 

පොඩ්ඩක් ගැස්සිලා විජේ දිහා බලපු ලොක්කා කිව්වේ විමල් උපාදංශයයි.., මම ගොනා පිලයි.., නානසාර මහ රහත් වන්සේයි.., කියලාය. එහෙනම් මම ඉතින් යන්න යනවා මට යන්න අවසරයි කියපු මහරජානෝ යන ගමන් කිව්වේ. හෙට බන් කොළඹ යන්නෙයි කියලා. නැත්නම් පක්සෙ නායක කමටත් කෙල්වන්නයි යන්නේ අර පට්ට වේසී. අඩු ගානේ ඒකවත් නැතුව, ආයේ ජිල් පිට් දාන්න වෙන්නේ නෑ කියලාය. 

ඉතින් ඒක නැති උනොත් ඔබ තුමාට විමල් උපාදංශගේ පක්සේ නායකයා වෙන්න බැරිය අපේ හාන්දුරුවනේ කියලා කින්ඩියට කියපු එකෙක්ට කිව්වේ, බැරි වෙලා හරි මගේ පක්ස නායකකමටත් කෙල උනොත් හෙම, ඔම ඕකගේ පස්සෙ නායක කම නෙමෙයි, බොකු බඩවැලුත් එලියට ගන්නවා කියලාය.

මහ රජානෝ ගියයින් පස්සෙ, කොන්ඩේ වවාගත් හිඟන්නෙකුයි, ඔළුවේ කොන්ඩේ නැති, මූණ පුරා කොන්ඩේ තියෙන හිඟන්නෙකුයි, රබානකුත් අරගෙන කඩේ ගාවට ආවේය.. අර කොන්ඩෙ දිග වෙහෙරේ ලියද්දක් වගේ හිඟන්නා එකා සින්දුවක් කිව්වේය..

අද මාවත යන දුගියා...
හෙට ළෝ අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...
රජු මාවත බැස යනවා...


ඌගේ ගීතය අහවර උනායින් පස්සෙ, අර ජන මූසල පෙණුමක් තියෙන හිඟන්නා කිව්වේ...

උඹේ සපත්තුව වැළඳ බදා....
උඹේ සබුක්කුවෙ පහර කකා....
ගත කල මනරම් සොඳුරු දිවිය ඒ...
උතුමානනි අද කරති නිගා...


නැටුම් හා රැඟුම් අවසානයේ රබාන පෑ ජන මූසල හිඟන්නාට, හැම එකාම, පහේ කාසී දහයේ කාසී වෙනුවට, කඩේ වටේ තිබුන පත ගල් ගෙඩි අහුලාගෙන අරුන්ට කෙලලා ඇර, මල අතට අරගෙන කිව්වේ, ඔන්න ඔය වේසිගේ පුතාලා තමයි, අපේ මහ එකාට කෙලියේ, දැන් ඉතින් කෝච්චි මැදමුලනේ මිදුලට එන්නේ නෑ. කොළඹ යන්න මාතරටම යන්න වෙනවා කියාය.. හිඟන්නෝ දෙන්නා මැදමුලන පැත්තට දිව්වේය.

101 comments:

  1. හැබෑව හැබැව ලස්ස හැට දෙකක්ම අමු කොටි. මේ විදියට සිරිසේන මරල හරි දින්නේ නැත්තේ ඇයි සැර් කියල අහන එක කොයි තරං සාදාරණද??

    ReplyDelete
    Replies
    1. එතන කොයි තරම් සංවේදි කමක් තියෙනවද, බවුමික අන්ඩවාතයක් තියෙනවද, නිර්මළ දහමක් තියෙනවද?

      Delete
    2. මාතලන් දැක්කද ලංකාදීපේ ලිපිය?

      රනිල්ගේ අරුණෝද මෙහෙයුම

      Delete
    3. කැලණියෙත් ඉඳල තියනව හරියට කොටි. කොලොන්නාවෙ ඉන්න ඔක්කොමත් මුස්ලිම් වෙන්න ඇතියි කියමුකො. මොරටුවත් කොටි නෙ.

      එතකොට කැලණියෙ කොටි ඉල්ලන්නෙ අර කැලණි රාජධානිය වෙන් කරන්නෙයි කියලද? අඩේ ....කාටත් එපාවුන ආචාර්ය මර්වින්ට එතකොටවත් චාන්ස් එකක් ලැබෙයිද?

      Delete
    4. ඇයි ගම්පහත් කොටිනේ , තව චන්ද 12500ක් වැටුනානම් කෑගල්ලෙත් කොටි

      Delete
    5. යකෝ මේකේ සමූල ඝාතනයක් කරන්න වෙනවා කොටි ටික මරන්න...

      Delete
    6. ඇයි බෞද්ධ පුනරුදයේ, පුනර්ජීවනයේ නගරය පානදුරේ? එහෙත් කොටි ;)

      Delete
  2. //අපි හැමිනිලා හදපු අපේ ළමයින්ගෙත් අප්පච්චිය,//

    පට්ට ඕයි පට්ටම සිරා...මෙන මම කෑති මාතලන්ගෙ ලිපි...!

    ReplyDelete
    Replies
    1. මට අපේ හාමිනෙත් ෂුවර් නෑ බං... එයත් මහින්දට මාර මනාපයි...

      Delete
    2. Patta sira kathawa maatha.....////අපි හැමිනිලා හදපු අපේ ළමයින්ගෙත් අප්පච්චිය,// Kangaru Malli

      Delete
  3. යකෝ අපේ ගෙදර මිනිස්සු මාවත් ආමි එකට අල්ලලා දෙයිද දන්නෑ මං කොටියෙක් කියලා! පණ බයේ ඉන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඊළඟ සටනෙදි මාත් මාට්ටු... ගොඩක් උන් දන්නවා මම කොටියා කියලා..

      Delete
  4. පට්ටයි මචෝ.. හිනාවෙලා පණ ගියා..

    ReplyDelete
    Replies
    1. අනේ පණේ... පණ ටික තියා ගනින්.. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාළේ...

      Delete
  5. හැබැයි ඉතින් මහින්ද මාමි තමයි උතුරේ වසන්තයක් කරලා "කොටි" ටිකට පණ දීලා උන්ට කොළඹට එක්ක කෝච්චිත් දැම්මෙ. අනික අර ලංකාවෙන් එක වෙච්ච පාක්‍යරාජුත් "කොටි"යෙක් ඔය කියන විදියට. මං කල්පනා කරන්නෙ අපේ මහින්ද මාම ඒ කොටි පැටියගෙ ඔලුව අතගාන්න ගියෙ අහවල් එහෙකටද කියල.

    ඒ මදිවට මාමි කියපි "හම්බ"යො සේරම මක්කම යවනව කියල. අනේ ඉතින් මාමි ඇයි එහෙම කලේ කියල මට හෙන ප්‍රස්නෙ.

    මොනව වුනත් යුද්ධෙ දින්න කියල පත කෙප්පයක් කෙලල තියෙන්නෙ. අන්තිමට ලංකාවෙ ලක්ෂ ගානක් කොටි!!

    ReplyDelete
    Replies
    1. මක්කම යවනවා කිව්වේ නානසාරට කියලා වෙන්න ඇති... ප්ලේන් එකෙන් යවනවයි කිව්වේ නෑ නේ..

      Delete
    2. උඹල ලංකාවෙ කොටි වෙච්චි එතකොට ඩයස්පෝරාව අපි නෙවැ … චැහ් !!!!

      හත්ඉලව්වයි… එයාපෝට් එකෙං බ්ලොක් කරයිද මංද අපිව..

      Delete
    3. අවුලක් නෑ නේ බං.. රට කොටියට ගියා නේ.. එන ගමන් කොටි කොඩියකුත් අතේ අරගෙන වරෙන්..

      Delete
    4. එහෙ ඉන්නෙත් ඩයස්ලද PM? මං හිතුවෙ හාරිස්පෝරාව කියල

      Delete
    5. හැරිස්පෝරාව ඊට හපං !! අම්මෝ :D

      Delete
    6. අහිංසක බුරු බබාට මඩ ගැසීම සඳහා භාවිතා කරන සියළු වචන සපුරා හෙලා දකිමි. :)

      බයයි මේවයෙ අකොමන්ට් කරන්නත් දැන්. අර අතිඋත්තම හිටපු ජනාධිපතිතුමාගේ පරාජයෙන් මානසික අසහනයට ලක්වෙච්ච අය ඇවිත් කියන ඒවා දැක්කම හිත කීන් කීන් ගානවා...

      Delete
    7. ඒ මචෝ මහින්දෝදය විජ්ජාගාර වල හදපු ටෙස්ට් ටියුබ් ළමයි.. ශුක්‍රාණු මහින්දගේ...

      Delete
  6. දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි!

    http://sinhala.lankanewsweb.net/exclusive/15287-2015-01-11-11-25-44

    කියන්නෙ ඔන්න මංගල සමරවීරගෙ සයිට් එකේ......!!!

    ඒත් ගානක් නෑ සද්ද වහල ඉමු මොකද මහින්ද ආයෙ බලේට ආවොත්!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බලු පැටියා කූඩූවේ නොදැම්මොත්, අර අප්පට කළ දේම ජහ මනයා කොරයි..

      Delete
  7. බොසා මේ ……
    "අපේ සභාපතියි ලේකමුයි ඡන්දෙ ඉල්ලුවම අපි සභාපතිට වැඩ කරලා ලේකං ලඟට ගියා.දිනල තියෙන්නේ අපේ පක්ෂෙ නේ.ඇයි අවුල්ද??."
    ඒ කීව වාගෙ කොච්චර උනත් මහින්ද ගැනත් නොබල ඉන්න එකක් නෑ බං... ඔච්චර නහින්න ඕනැ නෑ කියල ලොක්කට කියමු :D

    ReplyDelete
    Replies
    1. ඇඬුවයි කිය්ලත් කිව්වේ බං.. සතුටටත් ඇඬෙනවා නේ බං...

      Delete
  8. මෛත්‍රීපාලනයක් සුබ අනාගතයක් ඔන්න සජින්වාස්ලත් මෙත් වඩන්න ගිහන්....

    ReplyDelete
    Replies
    1. මම එදා ඕක උඹට කිව්වා නේද? ඔය ඔක්කෝම මහින්දට පුක හරවනවා කියලා... මේ ජරා වැඩේ වෙනස් වෙන්න නම්. පරණ ඡන්ද ක්‍රමේට, අළුත් මැතිවරණයක් තියන්නම වෙනවා.. මොන ලබ්බ කරන්නත් බහුතරේ ඕන නේ බන්ස්...

      Delete
  9. අපි පොඩි ළමයි. අපිට ඔය කඩපිල්වල රස්තියාදු නොගැහුවට මේ දවස්වල හරියට හෝම් වර්ක්ස්.
    ගණන් හදන්න තියෙනවා. චිත්‍ර පාට කරන්න තියෙනවා. භූගෝලෙට සිතියම් පාට කරන්නත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුදෝ එකෙක් කියලා තිබුනා ආසන මට්ටමෙන් සිතියම ඇන්දා නම් නියමම කොටියා කියලා.. පුල්ලි හැම තැනම...

      Delete
  10. දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
    අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා ……
    (ඉරාජ්/දුකා)

    ඔහොම යං ……… !!!

    ReplyDelete
    Replies
    1. දාගැබක් හදන්න ගිහින් කෙළ උනාය කියලා සමහර කොටි නම් කියන්නේ..

      Delete
  11. මම ගල් කටස් එකක් අරං අදම යාපනේ යනවා අර ආමි කෑම්ප් ඉස්සරහා කොඩි දාපු කොටි මරන්න.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා දැක්කද ලංකාදීපේ ලිපියක් තිබුනා මහින්ද ජනවාරි 8 රෑ කරපු කියපු දෑ ගැන.

      අපේ ජෙනරාල් ගැන මතක් වෙලා ගූ බයේ ඉන්නේ කියන්නේ.

      රනිල්ගේ අරුණෝද මෙහෙයුම

      Delete
    2. ඔහේ කොහේද කොටි වෙඩි තියන්න යන්නේ.. ඔහෙත් නොම්මර එකේ කොටියනේ.. දැන් නිකං දේශප්‍රේමී ටෝක් දෙන්න එපා.. එක්සත් රට කෑලී කෑලී වලට කඩන්න දර දිය ඇදලා... බෙදුම්වාදියා...

      Delete
    3. ඔය කටස් එක අරන් ගිහින් වෙඩි තිව්වන්ම් බලන්ඩ අර මෛත්‍රී ට තුරුල් වෙලා ඉන්න කොටි හපුවට.

      Delete
  12. හොඳට අනාගන්නවා නේද? දැන් චම්පක අච්චර කොටියෙක් කියපු කරුනා ව සිරි ලංකා පක්සෙට ගත්තා නේද?
    සජින් වස් නම් ඉතින් හොඳ හාදයනේ..... සනත් ඉතින් හොඳ ක්‍රීඩකයනේ...

    යහපාලනේ කරන්න ගවයො ගත්තම සිදු වෙන්නේ ගවපාලනේ...

    ReplyDelete
    Replies
    1. උම්බෑ කිය කියා මරණ බයේ
      කිරි ටික මුලදී බොයි
      පස්සේ මරා කයි
      මිනිසා දරුණු ඇයි ??
      මේ එළදෙන අසයි

      උම්බෑ කිය කියා මරණ බයේ …… :D :D

      Delete
    2. හා මචෝ... අන්න ලේ බැංකුවේ වේකන්සිස් තියෙනවලු...

      Delete
    3. හැබෑටම බං උන් රජා ගාව ඉද්දිනම් හරිම හොඳයි , සිරිසේන ගාවට ඇවිත් නෝටි වැඩ කරයි ද දන්නේ නෑ :P

      Delete
    4. දුමින්ද නගමුවගේ චන්ද 50,000 හේ පාටියට ගිහින් ඇවිත් වගේ , 50,001 ක් ම ලැබුනානේ .

      Delete
    5. මම දැක්කා දාලා තියෙනවා පෙරටුගාමි පිස්සෝ, අපි මේ ආන්ඩුවේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා. අනේ ඊට හොඳයි පුකේ ඇඟිල්ල ගහගෙන කටේ දාගත්තා නම්. බැසිල්ගේ ගොන් වැඩ.

      Delete
  13. Former Army Commander Sarath Fonseka and Opposition Leader of the Uva Provincial Council Harin Fernando have threatened to resign from the UNP-led coalition and form an independent group in protest of the latest defections from the UPFA.

    They have strongly expressed their disappointment over defections of Vinayagamoorthi Muralitharan, Sajin Vaas Gunawardena, Anura Vidanagamage and Udith Lokubandara.

    It is learnt that Fernando has personally contacted Prime Minister Ranil Wickremeisnghe to show his displeasure over the recent developments. Wickremesinghe, in response, had told Fernando to remain calm as it was a problem within the Sri Lanka Freedomn Party (SLFP).

    However, Fernando and Fonseka had alarmed the government that they would immediately resign if government posts were given to post-election defectors such as Sajin Vaas Gunawardena, Uditha Lokubandara, Anura Vidanagamage and Vinayagamoorthi Muralitharan.

    “Those are the people who attacked our supporters during the presidential election and now they are joining President Maithripala Sirisenaw when their candidate is defeated. We have made a collective decision to break away from the government and form an independent group if they join the new government. We have no problem if they defect from the Rajapaksa faction of the Sri Lanka Freedom Party (SLFP) and support President Maithripala Sirisena. But, they should not join the new government,” Fernando told ‘Asian Mirror’ this morning.

    ReplyDelete
  14. //""කෙල්ලෝ පූසෝ පෙන්නනවා අපෙ හාන්දුරුවනේ""// කාලෙකින් උතුරේ ට්‍රිප් එකක් ගියෙත් නෑ අප්පා :P

    ReplyDelete
    Replies
    1. හුරතලට ඇති කරන පූසෝ බන්ස්... කට තිරස් උන්...

      Delete
    2. ඕ යේස් …… ඒ පූෂන්ට මීයො පේන්න බෑ !!

      එලෝල ගිහිං හපා කනවා !!!!

      Delete
  15. State media conduct is still despicable under Maithri rule.. This is not what we expected..

    ReplyDelete
  16. /මැදමුලන හංදියේ තේ කඩේටද, උදේ පාන්දරම දේශද්‍රෝහියෝද, දේශප්‍රේමියෝද, ළිඳ ළඟ සංගම් වල මහිලා සමිති උපාසිකාවන්ද, උපාසකයින්ද, සමෘධිලාභීයෝද, ජෙප්පෝද, අලියෝද, කොටියෝද, මදාවියෝද, පන් මලු එල්ලා ගත් හිඟන්නෝද, ගංජා කාරයෝද, කසිප්පු කාරයෝද, කුඩු කාරයෝද රැස්වන්නේ/

    හඳහන්කාරයො විතරයි දැන් එහෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා ආයේ හඳහන් විශ්වාස කොරන එකක් නෑ.. බෝල එක්ක මල පැනපු පාරට එයාගේ බෝල දෙකත් විසි කලාලු...

      Delete
  17. //මහරජ්ජුරුවන්ට කියලා බෞතීස්ම කොර ගන්නය.//

    මාතා මුන්ට කියන්නේ මගේ අතට අාපු ළමයි කියලා. අතට ඒන්න උන්ට විකාරද බං... අනික අම්මාගේ අතේ ඉන්නේ කියන්නවත් තේරෙන්නැති උන් සුභ අනාගතයක් කියනවාලු...... අපිට ද අවුන් මාතා????

    අා............ සුපිරිම කතාව ඒක නෙමෙයි... කේ පී තාම ලංකාවේ... මල්ලිලා ඉක්මනට ම රට ගිහිං තමන්ගේ අමාත්‍යංශ ලේකම්ලත් ගිහිං...

    අනික තමා විදේශීය කුමන්ත්‍රණ කිය කිය හිටපු උන් රටින් පැනලා අැමරිකායට යන්නේ........ කාට ද මේවා කියන්නේ බං.... හිතේ තියාගෙනම ඉන්නද???

    ReplyDelete
    Replies
    1. අර ඉවාන් කියනවා වාගේ මේ ආතල් තව ටික දවසක් තියෙයි.. දැන් තියෙන්නේ බලය ට්‍රාන්ස්වර් වෙන කාළේ. පට්ට එකාධිපතියෙක්ගෙන් පස්සේ, එක පාරටම ප්‍රජාචන්ච්‍රවාදේ බලාපොරොත්තු වෙන්නත් බෑ.. කොහොම හරි අනික් රට වලට වඩා අපි ඉදිරියෙන් ඉන්න එකම ළොකු දෙයක්...

      Delete
  18. මං ආසම ලොජික් එක :-

    "අපේ සබාපති තරඟකලා
    අපේ ලේකම් තරගකලා
    අපි අපි අපේ සබාපතිට සපෝර්ට්කලා
    අපේ සබාපති පැරදුනා
    අපේ ලේකම් දිනුවා
    අපේ ලේකම් දිනුවහම එයා අපේ සබාපති වෙනව, අපි එයාට සපෝර්ට්කරනව
    එතකොට අපි තාමත් අපේ සබාපතිටම තමය් සපෝර්ට් "

    කවුරුමොනවා කිව්වත් මේ වගේ නිර්මාණශීලී තර්කානුකූල නම්යශීලී ප්‍රබුද්ද ප්‍රගතිශීලී චින්තනයකින් යුත් අය යහපාලනයකට ඕනැ කියල හිතෙන්නෙනැද්ද?

    ReplyDelete
    Replies
    1. හිතෙනවා ප්‍රා. හැබැයි යහපාලනේට නෙවෙයි සර්කස් පැසිපියා එකේ ජිම්නාස්ටික් පෙන්නන්නයි ජෝකර්ටයි … ඕයේස් එකෙන්ම !!!

      Delete
    2. හැමදාම සීරියස් යහ පාලන කතාම අහගෙන ඉන්න බෑනේ. දැන් සුමනදාසත් නැති එකේ වෙන කවුරුද අපිට එන්ටටේන්මන්ට් දෙන්නේ?
      යූඑන්පී විනෝද සමය පිස්ස ඇට්ටනායකගෙන් දැනට ඉවරයි , දැන් සිරි ලන්කා.
      මං නම් උන්ට හරි කැමතියි,

      Delete
    3. අවංකවම කියනවා නම් මම ඕකට මාර මනාපයි.. ඇයි අර තව කිව්වේ..
      අප්පච්චි මලා..
      ඒත් ඉතින් මිනීය ගෙදර තියාගෙන ඉන්න බෑ නේ.
      අපි ඇඬුවා..
      (බොරුවට වෙන්න ඇතී)
      නෑ ඇත්තටම ඇඬුවා..

      Delete
  19. මොන මගුල නැතත් එකක් තියනව.විජාතික කුමන්ත්‍රණ විදුලි පුටු කතා ආයෙ ඇහෙන එකක් නෑ.සේරටම වඩා මෝඩයො රවටපු සාත්තරකාරයො පීචන් වුනා
    යහපාලනය වුනත් වෙයි කියල හිතෙනව.ඒ රනිල් ගැන තියන විශ්වාසය නිසා.දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක සම්බන්ධතා පවත්වන රාජ්‍ය තන්ත්‍රිකයෙක් නිසා.රනිල් නිසා රට ශීලාචාර වෙයි කියල හිතෙනව.
    රාජ්ගෙ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුවකුත් මෙතනම අත අරිනව.

    දැන් මහින්දට සියල්ල නැතිවෙනව.ඒක ස්ථිරයි.ඔහු ලඟ සිටින සියළුදෙනා ඉවත් වෙනවා.ආරංචිය දැනටත් වැලනොකැඩි යනවලු.ශ්‍රීලනිප සභාපතිකමෙන් ඔහුව ඉවත් කරන එක සිම්පල් වැඩක්.
    අලුත් ආන්ඩුවෙ වරදාන වලට කෙළ හලන පිරිසක් ඉන්නව.තව අයට ඇමති සැප ටික කලකටවත් අමතක කරන්න බෑ,සේරටමත් වඩා කරපු හොරවැඩ එලිකරනව කියල බ්ලැක්මේල් කළානම් තුනෙන් දෙක හදාගන්නත් අමාරු නෑ.
    ලංකා දේශපාලනයේ මහින්ද යුගය අවසානයයි.ඔහුට කරන්න දෙයක් දැන් ඇත්තෙම නෑ.කෙනෙක් ඔහුට බියවෙනව කියන්නෙ හොල්මනකට බය වෙනව වගෙ දෙයක්.
    හැබැයි රටේ ජාතිකවාදී බලවේග එක් කරගෙන වෙනම ගමනක් ඔහු ගියොත් බලපෑම් කණ්ඩායමක් ලෙස ස්ථාපිත වේවි.හිටපු ජනාධිපතිවරයෙකු නායකත්වය දෙන එහෙම කණ්ඩායමක් මීට පෙර තිබූ ඒ වගෙ ඒවට වඩා බලවත් වේවි.එහෙත් ආයෙ කවදාවත් ආන්ඩු බලය නම් ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මේ දේශපාලන පෝස්ට් අතරෙ හඳහන් ගැනත් වෙනම පෝස්ට් එකක් ලිව්වොත් හොඳයි නේද? අපේ ජහමනයාගේ ආකල්ප ලොකුවට වෙනස් වෙන්නේ නෑ. ඒත් ටික කාලයකට හරි සුලු දෙනෙක් හරි මිත්යාවෙන් පොඩ්ඩක් ඈත් කිරීම පිනක්

      Delete
    2. Pra Jay @
      මෙතන වෙන්නෙ ජහමනයගෙ මනස සකස් කිරීමේ බාහිර ක්‍රියාවලියක්නෙ.මේක හොඳින්ම පෙනුනෙ 2005 න් පස්සෙ සෙනසුරු මාරු වුන කාලෙට ප්‍රධාන නගර වල තොරන් ගහල වගෙ පාන් පත්තුකරනව.කපුටන්ට පාන්තිර ගිල්ලනව.සෙනසුරා යන්නෙ කපුට පිටේලු ඉතින් කපුටව ශේප් කරගෙන සෙනසුරාගෙන් මිදෙන්නයි ජහමනයට ඕන.මිත්‍යාව රාජ්‍ය අනුග්‍රහයෙන් සමාජගත වුන නිසා තක්කඩියන්ට කල්ල මරේ වුනා.

      මෙතන වරද තියෙන්නෙ බොරුකාරයන්ගෙ නොවෙයි.ශාස්ත්‍රයෙ.මේ ශාස්ත්‍රය පට්ටපල් බොරුවක් කියල බය නැතිව කියන්න පුළුවන්.
      මේ ශාස්ත්‍රයෙ පදනම එක බොරුවක් වැරදුන විට තව බොරුවක් කියන සංකල්පය.ඉතින් මේ වගෙ බොරු ක්‍රම රාශියක් තියනව.දළ කේන්දරේ වැරදිනම් භාව කේන්දරේ.ඒකත් වැරදිනම් විංශෝත්තරී දශා, ඒක වැරදිනම් තත්කාලෙ ඔන්න ඔය විදියට ක්‍රම විසි පහක් විතර තියනව.ඒ නිසා කරදරයක් නැතිව මෝඩයො හතර අතේ කරකවන්න පුළුවන්.
      මාධ්‍ය එක්ක සෙට් වෙලා ආටිකල් එකක් දාගත්තනම් කලින් කිව්ව කියල අනාවැකි ටිකකුත් එක්ක ( මොකෙක් වත් ඕව හොයන්න යන්නෙ නෑ )සල්ලි වැහි වහිනව.

      මේ තක්කඩි විද්‍යාවට එරෙහිව නැගී සිටිය යුතුමයි.මිනිස්සු බය කරල බොරු කියල ගන්න සල්ලි මුන්ට යා දෙනවද මන්ද

      Delete
    3. සාත්තරකාරයා පීචං උන් නෑ බොලව් !!!

      ඉරහඳ තාරකා ට්‍රැක් පැනලා .. යන්න ඕන පාරෙ නෙවෙයි වෙන රූට් එහෙක ගිහිං .. ඔය දෙක අල්ලලා පොලේ ගහන්ඩෙපෑ. ඈ.… යන මගුලක කියල පල …

      නැත්තං ඕව වරදින්න මොකෝ පුරුදුවෙන්න කරනවද සුමනේ ?? චැහ් ..

      කොටි හැත්ත ඉරයි හඳයි නොමඟ යවලා.. ඕ යේස්!!!!

      Delete
    4. මේ සද්දේ තව ටික කාලයක් තියෙයි, ඊට පස්සේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය , ඊට පස්සේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක , මිනිස්සු කූල් ඩවුන් වෙනවා . ඔය අතරේ කියපු විදිහට බඩුමිල අඩු කරොත් තව ටිකක් කූල් ඩවුන් වෙනවා. අර සිංහලයාගේ සතිදෙක මෙතනටත් බලපානවා . ඊට පස්සේ මහින්ද කරපු දේවල් සිරිසේන කරනවා බලබල ,බැන බැන මිනිස්සු ආපහු පරණ විදිහටම ඉන්නවා ...

      Delete
    5. //මෙතන වරද තියෙන්නෙ බොරුකාරයන්ගෙ නොවෙයි.ශාස්ත්‍රයෙ.//
      +++++++
      ඊයෙ ෆෙන් ශුයි කාරයෙක් කියනවා තක්කලි ගෙඩියේ බටහිර ගුරුකම්.

      ප්ලැනට් ඔෆ් ද ඒප්ස් වල සීසර් අපිටවඩා බුද්ධිමත්

      Delete
    6. //""ප්ලැනට් ඔෆ් ද ඒප්ස් වල සීසර් අපිට වඩා බුද්ධිමත්""//

      පට්ට............. හිනා වෙලා මලා .

      Delete
    7. පත්තරේ... පට්ටයි බං....... :-)

      Delete
    8. විදුලි පුටු කතා, බෙදන කතා, කොටි කතා නැති වෙන්නේ නෑ.. මේවා වපුරන මහ එකාගේ ඉඳන් හැම එකාම කම්බ හොරු.. මුන්ගේ හඬට ඉඩක් දෙන්න නරකයි. නමුත් රූපවාහිනියට දාන්නෙත් එහෙම එකෙක්. මේක ව්‍යසනයක් වෙනවා. බලන්න බොරුද කියලා, යහ පාළණේ පටන් ගන්න කලින්. ඒකාධිපති පාළණේ බලය බිඳින්න ඕන. නමුත් පාරදෘශ්‍ය නීතීමය රාමුවක් තුල. වැඩේ ලේසි වෙන්නේ නෑ. අපි හිතුවේ උන් ගාව තොරතුරු තියෙනවා කියලා. මෙන්න මළදානේ අපෙන් ඉල්ලනවා තොරතුරු. හරියට පොලීසිය වගේ. උන් කියන්නේ අපිට හොරාව අල්ලගෙන එන්න කියලනේ.

      Delete
    9. දැනටමත් සහෙන මිනිස්සු සයිලන්ට් ළමයි. ඔය බොරුවට කෑගහන්නේ කීප දෙනෙක්. හෙට අනිද්දාට බඩගිනි වුනාම මොන ඡන්දද?
      මට හිතෙන්න ලංකාවට මේ වගේ පාලකයෝ බිහිවුනේ ඒ රටට/මිනිසුන්ට ගැලපුනේ ඒ වගේ මිනිස්සු හින්දා කියලා.
      යකෝ මෙච්චර කරප්සන්ස් තියෙනවා තාමත් කබ පෙරාගෙන පස්සෙන් යනවා.

      සුදාරක ඔය ගැන ලියලා තිබුනා කලින්.

      Delete
    10. ඒකාධිපති පාළණයක රඟ.. උන්ට නිවහල් චින්තනයක් නෑ.. හරි වැරැද්ද පේන්නේ නෑ.. අඳුනගන්න බෑ.. උන් හිතන්නේ ළොකේ තියෙන හොඳම චින්තනේ, මහින්ද චින්තනේ කියලා...

      Delete
  20. දැන්වත් මඩ නොගහා ඉඳපන් පරයා

    ReplyDelete
    Replies
    1. මොකක්ද දැන්වත් කියන්නේ. ඒ කාළේ කිව්වේ කඩේ යනවා කියලා නේද? පල පරයෝ යන්න. ඒ කාළේ ගියා.. දැන් බල්ලා මාක්..

      Delete
    2. එක ආපහු ආව විතරයි ආයේ එනවා අවුරුද්ද මැද . මාතලං ගිය පාර වගේ බෝතලයක් ගහන්නත් බැරි උනා. මූව හොයා ගනින් ලොන් හැලිච්ච් නාකි බැලූ සිංහයෝ මුන්ට ගෙදරට ගිහින් ගහන්න යන්න මාත් එනවා. මං නෑනේ ඔය මෛත්‍රී දේශපාලන.

      Delete
    3. සිහින දැකීමට කිසිවකුටත් බාදා නැත...

      Delete
    4. මාතලන් උබ වැඩ කරන රෝල් එක මම දන්නවා. මෙන්න උබලා ගේ පක්ෂයේ රෝල් එක
      1-මහින්දට පහර ගසා ඔහු පරාජය කිරීම්(දැනට සම්පුර්ණ කර ඇත )
      2-සිරිසේනගේ පාලන වැරදි වෙවෙචනය. මහින්දට නැවත හිස එසවීමට බැරිවෙන්න මඩ ගැසීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරේම(දැනට කරමින් පවතී)
      3-එක්සත් ජාතික පක්ෂ නවරජයක් පිහිටුවීම පිනිස තම ගුණ වැයීම. අන් සැමට පහර ගැසීම(ඉදිරියේදී කිරීමට නියමිතය)

      මේ රෝල් එක අනුව මාතලන් දැන් සිරිසේන උන්නැහේද විවේචනය කරයි. මේවා දැකලා කට්ටිය මාතලන් වර්ණනා කරනවා වැරැද්ද දැක්ක තැන කතා කරන බුවෙක් ලෙස නමුත් මේ යන්නේ රෝල් එකක.

      වෙන බ්ලොග් කාරයෝ මේවාට රවටුනාට මම මේවාට රැවටෙන්නේ නැති බව මතක තියා ගන්න.

      Delete
  21. සඳරුවාගෙ පෝස්ට් එකක් කියෙව්ව වෑඅ. මේකට කලින් කියෙව්වෙ ඒක. ඒකෙ ආතල් එක මේකෙන් තවත් වැඩිවුනා.

    ReplyDelete
    Replies
    1. එයිට ආතල් අපේ නයිට් එක. ඒත් අපිට ඌ වගේ රහට ලියන්න බෑ...

      Delete
  22. ලොක්ක හෙන....... අහිංසක විදියට ගියා කිව්වට එහෙම්මම වෙලා නෑ වගේ කියන කරන කතාබහ වලින් පේන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙම යන්න එයා බබා.. යන්නම ඇති කියලා දැන් දෙන ගේම් වලින්ම පේනවනේ...

      Delete
  23. Patta liwilla mathalan,Mathalan ge Hodama style eka,Den Paththara balana kota My3 puduma ethi me inneth,Man mada kiyala.---(ranjan)

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ පොරවත් හිතන්නේ නැතිව ඇති මේ තත්වෙට එයි කියලා. මේ දෙවනියා. පළවෙනියා ඩී බී.

      Delete
  24. තවමත් ලංකාවේ එක හමුදාපති කෙනෙක් අඩුයි

    http://www.army.lk/pastcommanders.php

    ReplyDelete
    Replies
    1. එයා නෙමෙයිලූ නේ යුද්දේ දින්නේ.. ඒ නිසා මහින්දගේ පොටෝ එක දාවි එතනට..

      Delete
  25. ආං ඇමති මණ්ඩලේ දැම්මා..
    කැබිනට් 27, ජාතික 11, නියෝජ්‍ය 08...

    පට්ට ආතල් ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හික් ..හික්ම.. තමාය.

      Delete
    2. පොටෝ එකකටවත් මදි නේ බං...

      Delete
  26. බඩ පිරෙන්න බත් ටිකක් කෑව 09 දා දවල් .....ඇඹුල් තියල් එක්ක මචෝ........
    ගොඩක් කියන්න තාම වේලපහ වැඩියි........
    ලිපය නම් හුකන ලිපියක්.......පට්ට මචං ......

    ReplyDelete
    Replies
    1. එහෙනම් කෑම දිරෙව්වයින් පස්සෙ, හෙමිහිට ලියපන්කෝ..

      Delete
  27. මාතලන්,
    මම ඊයේ උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා උඹ මරා ට මඩ ගහන එකක් සම්බන්ධව. කමෙන්ට් වැඩි නිසාද දන්නේ නැහැ ඒක පබ්ලිෂ් වෙලා නැහැ.
    ඒක මේ යන ටොපික් වලටත් අදාළ නිසා මම මෙතන දානවා.
    උඹල සමාජගත කලයුත්තේ "ඇත්ත" කියල මම විශ්වාස කරනවා. උඹ එහෙම හිතන්නේ නැත්නම් මේක මකල දාපන්...

    මෙන්න අදාළ පෝස්ට් එක:
    http://maathalan.blogspot.com/2015/01/maithree-era-looters-vagrants.html

    @ Himal HapuarachchiJanuary 10, 2015 at 3:11 AM
    දේශපාලනයෙන් මුදල් හම්බකිරීමට‍, තමන්ගේ ව්‍යාපාර සඳහා අයථා වාසි ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව නැති කරල 100% ක් ම මහජන සේවය සඳහා කැපවූ දෙයක් බවට පත් ‍ක‍ර‍ොත් ඔය ලිස්ට් එකේ ඉන්න අයත් ඔය ලිස්ට් එකට අනාගතයේ එන්න බලාගෙන ඉන්න අයත් නිකම්ම හැලිල යයි....

    @ Maathalan - Priyantha HewageJanuary 10, 2015 at 4:16 AM
    ඒවා නම් ඉතින් විශ්වාස කොරන්න අමාරුයි ඒත් 2000% - 3000% නම් ගහන එකක් නෑ..

    මගේ රිප්ලයි එක උනේ මෙන්න මේක:
    ප්‍රොජෙක්ට් එකකින් 2,000% , 3,000% ක් ගහනවා කියන කතාව කියන්න උඹත් අට පාස් නැද්ද බන් මාතේ.
    මහින්දලා “ගැහුවා කියල කියපන්” ඒත් මේ වගේ විකාර ප්‍රතිශත දාන්න එපා. උඹ විතරක් නෙමෙයි උඹ මේ ලඟදි සම්මාන දීල හදා වඩා ගත්තු බස්සි ත් මේ ප්‍රතිශත කතාවම දාල තිබුනා.

    කටුනායක හයිවේ එක හදන්න ගිය වියදම මිලියන 45,000 යි. (කලින් රනිල්ගේ රජයෙන් ගෙවපු මිලියන 5,444 නැතුව)
    ඒ මිලියන 45,000 න් 2,000% ක් කොමිස් ගැහුවනම් පාර හදන්න ඉතුරු වෙන්නේ මිලියන 21.5 යි.
    උඹ හිතනවද කටුනායක හයිවේ එක ඒ ගාණට කරන්න පුළුවන් කියල...

    නමුත් උඹ වගේම රටේ බහුතරයක් ඒ අභව්‍ය ප්‍රතිශතයන් විශ්වාස කලා සහ තාමත් කරනවා...
    එහෙම නැත්නම් උඹ ඇත්ත තේරුම් අරගෙනත් මඩ ගහනවා

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්න එපා ළොකු පුතේ... ළිං ගෙම්බන්ට ඕවා තේරෙන්නේ නෑ.. මඩ ගහන්න දෙයක් නෑ.. එයා හදාපු උන්ම ඒ දේ කරයි.. මාර මඩක් නේ මාතලනුයි බස්සියි ගහලා තියෙන්නේ.. හොරා කන්න හොඳයි... කියන එක නරකයි.. මහින්දට නෙමෙයි, මෙයාලට උනත් එච්චරයි..

      Delete
    2. අනිත් දේ ඉස්සෙල්ලා බ්ලොග් ගැන ඉගෙන ගනින්. කොමෙන්ට් එක එහෙමම තියෙනවා. කොමෙන්ට් 200 ට වැඩි උන ගමන්, කොමෙන්ට් බොක්ස් එකට පහළින් එනවා "Load More" කියලා මැසේජ් එකක්.. ඒක ප්‍රෙස් කලාම.. ඔක්කෝම කොමෙන්ට් පෙනවා.. කළබල උනාම කොරොස් කටෙත් අත දාන්න බෑ..

      Delete
    3. කලබොල වෙන්නේ නැද්ද බන් අමාරුවෙන් ටයිප් කර ගත්තු අහවල් එක මිස් උනාම... :)

      හොරා කන එක ගැනනම් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්.
      අපේ රටේ දේශපාලනයේදී හොරා නොකන්නේ මැරිච්ච උනුයි ඉපදෙන්න ඉන්න උනුයි විතරක් වෙන්න ඕනේ.

      නමුත් ජන්දෙදි මඩ ගහන්න කියපු මේ වගේ ප්‍රතිශත උඹල තාමත් කියවන එකයි වැරදි...

      Delete
  28. චික්... පිටරට ඉන්න අපිවගෙ සිංහල ඩයස්පෝරාවට චන්දෙ දෙන්න දුන්නා නං මටත් සිංහල කොටියෙක් වෙන්න තිබ්බානෙ..

    ReplyDelete
    Replies
    1. දැන් නෝ චෑන්ස්... බලමු ඊළඟ වතාවේ වත්... එහෙම කතාවක් තියෙනවනේ...

      Delete
  29. ඡන්දෙ දිනල ජයපැන් බීල දවස් 5කින් මේ පැත්තෙ ගොඩ උනේ.. හැක් හැක්.. ආපහු යුද්දයක් (දේශපාලන) කරන්න කරුණු යෙදෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. තාම ගිනි කන වැටුණු පිස්සෝ ටිකක් නහින්න දඟළනවා..

      Delete
  30. 1. Ranil
    2. Ravi
    3. Eran
    4. Premadasa
    5. Naveen
    6. Harsha
    7. Swaminathan
    8. Gayantha
    9. Mangala
    10. Hakeem

    රාජකීයයන් වන අප ජ වි පෙ ට සහ අනෙකුත් කඩේ ගිය පාර්ශවයන් හට ඉස්තූති කිරීමට කැමැත්තෙමු!

    Floret!

    ReplyDelete
  31. මොනවා වුනත් අපි ඕනෑවට වැඩිය සන්වේදී ජාතියක්. අර ලොක්කා යන මුල්ම පින්තුරේ දැක්කම ඇත්තම කියනවානම් හිත පොඩ්ඩක් ගැස්සුනා. ඒත් එතකොටම මතක් උනා යකෝ පැරදුනාම ඉතින් යන්න එපායැ කියලා.
    මට නම් අර මෙගාෆෝන් නාඩගම දැක්කම මර්වින්මයි මතක් වෙන්නේ. බලා ගෙන ගියාම ලොක්කා ඇතුලේත් මර්වියෙක් ඉදලා තියෙනවා.

    හැම පක්ශයම දෙකඩ කෙරූ මරා අන්තිමේදි ශ්‍රිලනීපයත් දෙකඩ කලේය?

    ReplyDelete
    Replies
    1. මර්වියා මදාවියෙක් කලෙත් මහ රජ්ජුරුවෝ තමයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න