.

.

Mar 16, 2015

කිරි වෙහෙර වඳින කවි.. - Hommage to Kiri Vehera


කිරි ටික වගේ දිව රෑ බැබ ලෙන                            වෙහෙර
අද නම් එකම කිල්ලකි කතරේ                             වෙහෙර
පල් හොරු ඇවිත් ඉඳ ගෙන පාමුල                        වෙහෙර
පාලම් කොකුන් රැනක් වඳිනවා                            වෙහෙර

පුරාණයේ විරුවන් ඉඳි කළ                                  වෙහෙර
රජ මැතිඳුන් නිති වැඳ පිදුවා                                  වෙහෙර
හොර දෙටුවන් බූදලයට ගත්                                 වෙහෙර
දේවා ලයත් කා මුන් කෑ..වා                                    වෙහර

 

අග්ගලා කජු වගේ අපි ගිල් ලා                              වෙහෙර
සැමදා ඇවිත් වැන්දත් අපි මේ                              වෙහෙර
කෙලවී ගියා රජකම මගෙ බුදු                              වෙහෙර
එහෙම මට උනේ ඇයි කියපන්                            වෙහෙර

 

තනමල්විල මල් නෙළුවා අපි                               වෙහෙර
පකිස්ථාන් කුඩු බෙදුවා අපි                                  වෙහෙර
රස පිරි එත නෝල් අඩුවක් නෑ                            වෙහෙර
සුදු වෑනේ රවුමක් යන වද                                   වෙහෙර

 

ෆොරින් ටුවර් අද අප හට නෑ                               වෙහෙර
හොරා කන්න විදියක් නෑ රන්                             වෙහෙර
ටෙන්ඩර් නැති කොමිසන් නැති දා                       වෙහෙර
කොහොමද නිදා ගන්නේ කියහන්                       වෙහෙර

 

දාගෙන බැකප් වෙහිකල් අපි ආ                           වෙහෙර
මිනී මරුවෝ පෙරහර විත් පිදු                              වෙහෙර
අද ඒ මොකුත් නෑ අපි කුඩු විය                            වෙහෙර
මෙහෙම උනේ මොන පවකට දෝ                      වෙහෙර

 

අඩියක් ගහන්නත් විදියක් නෑ                             වෙහෙර
බඩුවක් ගහන්නත් විදියක් නෑ                             වෙහෙර
සොමියක් නැති ජීවිතයකි දැන්                            වෙහෙර
පඩියක් අරන් බත් කන්නද අපි                            වෙහෙර

ගෙදරට වෙලා ඉන්නට නෑ මට                           වෙහෙර
මේ ගොන් හරක් එනවා තවමත්                            ගෙදර
මේ හොර රැලට අනුකම්පා කර                          වෙහෙර
අගමැති කමක් වත් දෙනවයි සුදු                         වෙහෙර


ගෑණුන්ගෙන් ඉන්නත් නෑ බුදු                             වෙහෙර
ආන්ඩුවෙන් ඉන්නත් නෑ බුදු                               වෙහෙර
වෛරී දේශ පාලණයේ උන්                               වෙහෙර
නිතරම පනිනවා ගෙදරට කිරි                             වෙහෙර


පොලිට්‍රික්ස් වලට වේලාවක් නෑ                             වෙහර
අල්ලස් කොමිසමට යනවා අපි                                නිතර
වැලිකඩ යන්න නම් බෑ මගෙ බුදු                         වෙහෙර
බලේ නැතිව මොන රෙද්දද කිරි                          වෙහෙර

-o()o-

87 comments:

  1. පරාජයට හේතුව නං මේ වෙහෙර
    රත්නපුරේ යන්නට වදිනෙමු වෙහෙර
    යන්න එන්න මං නැතිවිය අද වෙහෙර
    කරන දෙයක් කරහං අපි දිනවා වෙහෙර

    අර අග්ගලා.. වෙහෙර කතාව මාරු වෙලාද බං..

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හැදුවා.. දැන් බලහන් තත්වේ...

      Delete
  2. අපි කැපුවත් නිල් හෝ මහින්දවාදියෝ නෙවෙයි. මහින්ද කරපු වැරදි මොනවද කියන එක අපට පැහැදිලියි. පැවති ආණ්ඩුව දූෂිතයි මහින්ද හොරුන්ට හොරාකන්න දීල හිටිය විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂෙ හොරුත් අරගත්තා කියල මතක තියාගන්න ඕනෙ කවුරුත්. හැබැයි මේ රටේ හැම වංචාවක්ම හොරකමක්ම උනේ මහින්දගේ කාලේ කියන්න තරම් පක්ෂ පාට වලට බෙදිල කුහකයෝ වෙන්න අවශ්‍යත් නෑ. අනෙක මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා රට ස්ථාවර සුරක්ෂිත තත්වයකට ගෙන ආපු කාරනේ මේ කිසිවකින් වහන්නත් බෑ. වෙන්න ඕනේ මහින්ද තමන් අතින් වෙච්ච වැරදි තේරුම්ගෙන ඉදිරියේදිවත් ඒවා නිවැරදි කරගන්න එක. එහෙම උනොත් රට රැකෙන බෙදුම්වාදී උමතුවට ඉඩ නැති වංචාවෙන් තොර දේශපාලනේකට මහින්ද එක්ක එකතුවෙන්නනම් සිරිසේන රනිල් චන්ද්‍රිකා පිල එක්ක ඉන්න පිරිසට වඩා අති විශාල පිරිසක් ඉන්නවා. එකේ කතා දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නිසා වෙන්න ඇති සිරිසේන දිණුවේ.. වැරදි හදාගන්න නෙමෙයි.. කරපු වැරදි වලට ඇතුලට නොදාන එකයි වැරද්ද.. ඒවයේ රඟේ තේරෙයි කොයි කාට කාටත් ඉදිරියේදි.. මෙහෙම පිස්සු නටන්න දුන්නොත්..

      Delete
    2. සිරිසේන දිනපු කාරනේ කාටත් පැහැදිලියි. සිරිසේන රටේ බහුතර චන්ද කොට්ඨාශගනනක් පරාද වෙද්දී උතුරෙනුයි නැගෙනහිරිනුයි ගෙඩි පිටින් දෙමළ හා මුස්ලිම් වර්ගවාදී චන්ද අරගෙන දිනන හේතුවත් දැන් පැහැදිලියි. අපි දන්නව මහින්දට ඇඟිල්ල දික්කරන යුඇන්පී එකේ තරම. මේ රටට දූෂිත වංචාකාරී දේශපාලනයයි ජනමතය නැතිවෙනකොට මැර බලය යොදන එකයි හඳුන්වා දුන්නේ එජාප යයි. ඒක අමතක කරන්න බෑ. අපට මෙතන මහින්දගේ ආණ්ඩුව හොරකම් කරා කියන කාරනේට වඩා මහින්ද් විදෙස් බලවේග වල පදේට නටන්නේ නැතුව යම් මට්ටමකට හරි කොන්ද කෙලින් තියාගෙන බෙදුම්වාදය පරාජය කරමින් රට රැක්කා කියන එක වැදගත්. ඒ නිසයි අපි කියන්නේ අනෙක් වැරදි හදාගත්තු මහින්දගේ රට රකින නායකත්වය ඕනේ කියලා. එහෙම නැතුව අපි කියන්නේ නෑ වංචාව කරන එවුන්ට ඔහේ නිකම් කැහිල්ලට චන්දේ දෙන්න ඕනේ කියලා.ඉදිරියේදි රඟේ තේරෙයි සිරිසේනයි දෙමළ සන්ධානෙයි එංගලන්ත අගමැතියි රනිල්ගේ ගෝලයොයි ඊලාම්වාදයට වැඩෙන්න ඉඩ දෙනකොට. හකීම්ගේ ප්ලෑන් මිනිහ කියන්නෙත්නෑ රටට. තව ඒව එලියට එනකොට ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න වෙන්නේ යහපාලන කට්ටියට.

      Delete
    3. තේ කෝප්පයේ කුනාටු දකින මහින්ද හැදු වැඩූ ගොන් හරක්...

      Delete
    4. තේ කෝප්පයේ කුනාටු දකින්නේ ඔක්කොම දේශපාලකයෝ හොරු කියල හොඳටම දැනගෙන මහින්දගේ ආණ්ඩුවේ විතරක් වැරදි අල්ලගෙන පෙර පැවති ආණිඩු කරපු ඊටත් වඩා හොර මැර ජඩකම් අමතක කරන අය. අපට භයානකකමෙන් වැඩි ප්‍රශ්න ඉස්සරවෙලා තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනෙ ප්‍රශ්න ලෙහාගන්න යනකොට. කවුරු කොහොම කිවුවත් බෙදුම්වාදය ඔලුව උස්සන එක දේශපාලන වංචාවට වඩා භයානකයි ඒ නිසා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ඉස්සර වෙලා බෙදුම්වාදී වර්ගවාදී ප්‍රශ්න ඔලුව උස්සන එක වලක්වන්න. භයානක ප්‍රශ්නේ භයානකකම තේරුම්ගන්න එක තේ කෝප්පයේ දකින කුනාටුවක් නෙවෙයි. නියම කුනාටුවට මුහුනදෙන්න වෙන්නේ ප්‍රශ්නේ බැරෑරුම්කම තේරුම් ගන්නේ නැතුව තමන්ව තමන් විසින්ම රවටාගෙන අඳ ගොළු බීරි චරිත රඟපාන්න ගියහම.

      Delete
    5. මාතලං මේ අජිත් කුමාර කියන කතාව හරි, අපිට ලොකු බෙදුම් වාදී ප්‍රශ්ණයක් ඉතුරු වෙලා තියනවා, කොටින්ට බේත දුන්නාට පල්ලෙහා බෙදුම්වාදීන්ට (අජිත් කුමාරලාට) දුන්නේ නෑනේ, උන්ටත් නුදුන්නොත් රටේ මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න තියන්නේ නෑ.

      Delete
    6. බෙදුම්වාදේ තියෙනවා මහින්දගෙයි එයාගේ වටේ ඉන්න උන්ගෙයි සරම් අස්සේ.. අහු උන වෙලාවක අතගාලා බලහල්ලා.. බෝලයක් වගේ අහුවෙයි...

      Delete
    7. /// වංචාවෙන් තොර දේශපාලනේකට මහින්ද එක්ක එකතුවෙන්නනම් සිරිසේන රනිල් චන්ද්‍රිකා පිල එක්ක ඉන්න පිරිසට වඩා අති විශාල පිරිසක් ඉන්නවා /////

      වංචාවෙන් තොර ??????????????????????????????
      මහින්ද එක්ක????????????????

      Delete
    8. //මේ රටට දූෂිත වංචාකාරී දේශපාලනයයි ජනමතය නැතිවෙනකොට මැර බලය යොදන එකයි හඳුන්වා දුන්නේ එජාප යයි.//

      100% එකඟය......

      //තේ කෝප්පයේ කුනාටු දකින මහින්ද හැදු වැඩූ ගොන් හරක්...//

      මහින්දගේ මුල් කාලයේ තේ කෝප්පයේ කුනාටු නොදකින ලද ගොන් හරක් වන අප සියල්ලෝම ද මීට ඇතුලත් විය යුතුය... මේවා මීට පෙර දුටුවා නම් රට මේ තත්වයට පත්වෙන්නේ නැත...

      මහින්ද නම් පුද්ගලයා තුල 2010ට පෙර සුවිශාල දේශප්‍රේමී චරිතයක් දුටුවෙමි... තමුත් එම දේශප්‍රේමියා මරාදැමුවේ ඔහු වටේ සිටි දූෂිතයන් රංචුවයි....

      ඉන් එක් කුප්‍රකට චරිතයක් නම් මර්වින් සිල්වාය...
      2010 මහ මැතිවරණයේදී ඔහු මහින්දගේ ගුණ ගයා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවනියට හෝ තුන්වැනියට චන්ද ලබාගති....
      ඔහු දැන් මහින්දගේ කුණු එලියට දාන බැවින් ශ්‍රීලනිපයේ තනතුරක් ලැබීමට නියමිතය....(http://dayal-bathee.blogspot.com/2015/03/blog-post_16.html)
      අනාගත මැතිවරණයකදී ඔහු මෛත්‍රී/රනිල් ගේ ගුණ ගයා නැවත පාර්ලිමේන්තු එනු ඇත....

      ඉන් පසු ඔහු වැනිවුන් සියල්ල එකතුවී "මහින්ද හැදු වැඩූ ගොන් හරක්..." හා "මහින්ද නොහැදු නොවැඩූ ගොන් හරක්..." සියල්ලටම සැමදා කරා සේ "පස්සේ කරනු ඇත"..... නියම Ass Charya යනු එයයි

      Delete
    9. //මහින්ද නම් පුද්ගලයා තුල 2010ට පෙර සුවිශාල දේශප්‍රේමී චරිතයක් දුටුවෙමි... තමුත් එම දේශප්‍රේමියා මරාදැමුවේ ඔහු වටේ සිටි දූෂිතයන් රංචුවයි.... //

      ම්ම් දේශප්‍රේමී චරිතවල පොදු ලක්ෂණ මන්ත්‍රීකාලෙම හොඳට ප්‍රගුණ කළ කෙනෙක්, මම කිව්වේ කුණු වෙන්න බීලා අහිංසක ගැණුන්ට සරම උස්සලා පෙන්නනවා වගේ දේශප්‍රේමී ලක්ෂණ. ෂුවර් එකට එයා ass charya නම් පෙන්නන්න නැතිව ඇති, පෙන්නුවේ ඉස්සරහ පැත්තනේ.

      Delete
    10. බෙදුම්වාදී ප්‍රශ්නය තේරුම්ගන්න බැරි ඒ වගේම බෙදුම්වාදී ප්‍රශ්නයට වඩා තුට්ටු දෙකේ ආර්ථික වාසි වැදගත් වන කොටසට කරන්න පුළුවන් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් නිදහසේ ජීවත් වෙන්න තියෙන රටත් අනතුරට පත් කරන එක. මේ අය තමන්ට කන්න බොන්න දෙනවනම් මොකෙකුට උනත් පක්කලි සර්විස් එක කරන්නේ තමන්ගේ රට විතරක් නෙවෙයි අම්ම තාත්ත උනත් අමතක කරලා. කොටියට දුන්න බෙහෙත අවබෝධතා ගිවිසුම් ගහලා කොටිය ශක්තිමත් කරලා අපේ හමුදා කඳවුරු එක පිට එක වනසන්න ඉඩ දීල සතුටු වෙච්ච කාලකන්නින්ට දෙන්න මහින්දට අමතක වෙච්ච එක තමයි අනෙක් කරුමේ.

      Delete
    11. @ ඇනෝ from ඇනෝ
      //දේශප්‍රේමී චරිතවල පොදු ලක්ෂණ//

      මා මහින්ද යනුවෙන් පුද්ගලයෙකු සිටින බව දැනගත්තේද ඔහු අගමැති වුවාට පසුවය... එබැවින් මම පවසන ලද්දේ මා දැන සිටි 2006-2010 කාලය ගැන පමණි...

      Delete
    12. අජිත් අමතක කරන්න එපා උතුරු,නැගෙනහිර ඉන්නෙත් මේ රටේම මිනිස්සු කියලා.හරිනම් අපි සතුටු වෙන එකයි කරන්න ඕනේ මේ වගේ මැතිවරණයකදී ඔවුන් සක්‍රියව ජන්දය භාවිතා කරන්න ඉදිරිපත් වීම ගැන,

      බෙදුම්වාදීන් ගැන කියනවා නම් මහින්ද තරම් බෙදුම්වාදියෙක් නැහැ කියලායි මට නම් හිතෙන්නේ පැරදිලා කරන කාලකන්ණි ජාතිවාදී ප්‍රකාශ දිහා බැලුවාම.

      Delete
    13. උතුරු නැගෙනහිර ඉන්නෙත් අපේ රටේම මිනිස්සුනම් ඇයි ඒය ඒවිදිහට හිතන්නේ නැතුව ස්වයං පාලන කතා ගේන්නේ. ඒ අයත් පුළුවන්නේ මේ රටේම මිනිස්සු විදිහට හිතලා රටේ අනෙක් පලාත් වල ඉන්න දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්න හැටියට ජීවත් වෙන්න. ඒ අය මහින්දට නොදී මෛත්‍රීට චන්දේ දුන්නේ ඇයි? මහින්දගෙන් ගන්න බැරි දේ මෛත්‍රීගෙන් ගන්න බලාගෙන. ජාතිවාදය එකක් රටක ජාතික අනන්‍යතාවය තව එකක්. උතුර දෙමළ මිනිස්සුන්ට විතරක් අයිති වෙන්න ඕන කියන සිද්ධාන්තය තුල ඉඳිමින් බලය ජනවර්ගයක් අතට පත්කරන්න ඉල්ලන්නේ ජාතිවාදයක් නැතුව ද? ඒ අය අපේ රටේ විදිහට හිතන නිසාද?

      Delete
  3. බස් පුරවලා බයියෝ එනවා වෙහෙර
    මාව බලන්නයි දන්නවදෝ වෙහෙර
    වටේ ගිහිං මට වැන්දත් උන් වෙහෙර
    වෙහෙර වඳින්නට උන් එන්නෑ වෙහෙර

    ReplyDelete
    Replies
    1. අමතක වුනා! පට්ටෙත් හොඳ එක.

      Delete
    2. එකෙක්වත් ඇතුලට නොදාන එකේ වරද...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කවුරු හරි ලනුවක් දීලා තියෙනවා බෝධිපූජා තිබ්බාම ආයේත් එන්න පුලුවන් කියලා...පව් අනේ මෙයාලා....කෝ බං බොදුබලේ සෙට් එක...?

    ReplyDelete
    Replies
    1. බොදු බලේ ආවොත් සුළු ජන ඡන්දවලට කෙලවෙනවනේ.. ඒ නිසා මේ ටිකේ හංගලා ඉන්නේ.. ඊයේ ඝෝඨා කිව්වේ එයා දන්නෙවත් නෑ කියලා. පව් එයා බබා.. ආමි ඩිෆෙන්ඩර් ගාඩ් බලෙන් අරගෙන යන්න ඇත්තේ ඝෝඨගෙ පුකට ගහලා..

      ඔතන බොදු බලේ නැති උනාට නොම්මර එක සංඝ හරක් බානක් හිටියා.. මට ඔකුන්ගේ නම් ම්තක නෑ.. එකෙක් කවි කියන් එකෙක්.. අනිකා බන කියන එකෙක්.. මේ වගේ හරක් රැලක් නේ රට පාළණය කළේ දකින කොටත් දුකයි අප්පා...

      Delete
    2. මම නම් හිතන්නේ නෑ මචෝ ඕකුන්ට එච්චරම මොලයක් තියෙනවා කියලා බොදු බලේ හංගන්න....

      Delete
    3. එයාලට කට වහගෙන ඉන්න ඕඩර්ස් දීලා තියෙන්නේ අළුත් පෙරමුනක් හදාගෙන යනවා වැඩිහිටි සමිති සහ ඇල්වතුරත් නවල බොන හාමුදුරුවන් යොදාගෙන අවුරුදු වෙනකොට කළඑළි නටයි.

      Delete
    4. //අළුත් පෙරමුනක් හදාගෙන යනවා වැඩිහිටි සමිති සහ ඇල්වතුරත් නවල බොන හාමුදුරුවන් යොදාගෙන අවුරුදු වෙනකොට කළඑළි නටයි.//

      හෙට තඹුතේගම දී පෙරහුරුවක් තියනවා, අන්දන්න

      Delete
    5. බොබසේ තියන්නෙ ගිනි පූජානෙ

      Delete
  6. කිරි වෙහෙරට මල් නෙලුවට
    මගෙ මතකය මට සුවඳයි
    මල් අරගෙන ගිය ගිය ඔයාට
    සම්මා සම්බුදු සරණයි …

    ගිණි අව්වට පිච්චි පිච්චි
    දෑත දෙපය කකියනකොට
    අහම්බෙන් වගේ පිපුණා
    සොඳුරු සිත් මලක් දොරකඩ …

    - ශෂිකා නිසංසලා -

    ReplyDelete
    Replies
    1. ආ.. බොක්ක කෙහෙද යකෝ මකබැවුනේ? ප්‍ර ඔයාට නෙමෙයි.

      Delete
    2. හැක් හැක් :D

      වින්ටර් එක මේ ලෝකෙන් තුරන් වේවා !!

      Delete
    3. ඔය තාලේට සින්දුවක් ලියන්නත් හදලා පස්සේ කයි ටික පද බැන්දා..

      පොටෝ එක දැක්ක ගමන් මට හිනා ගියා.. පස්සෙ දුක හිතුනා...

      Delete
  7. පඩි නැති පිනට දෙක පුන උන් හැර නිතර
    වැඩි පිරිසකට තිත්තව බලු වුනු මජර
    තඩි ගොන් රජෙක් ඉඳගෙන හරකුන් අතර
    'අඩි දෙමි' යලි සිතා වඳිනව කිරි වෙහෙර :-)

    ReplyDelete
    Replies
    1. මේන් යකෝ කවි.. අපරාදේ උඹලා නොලියන්නේ..

      Delete
    2. මේ වගේ කවි සෙට් එකක් දාල, කඩහන්කො බ්ලොගේ මකුළු දැල් ටික.

      Delete
  8. දරමින රජ කිරුළ
    සිඳ බිඳ රටේ හරසර
    කර අමන පෙළහර
    අහෝ මිහිඳුත් නොදිටි මොක්පුර

    ReplyDelete
    Replies
    1. නෙත් හැර බලන්
      වියරුව රඟනා
      අමන රැල...

      Delete
  9. දත් කැකුලු පාලා
    සුරතල් සිනා සීලා
    බොළඳ බස් දීලා
    කෙලී සියොළඟ දූලි ගාලා

    ReplyDelete
    Replies
    1. මං බාලේ ඇතිකළ තලගොයි පැටියා
      මට තනිවට මිදුලේ පෙම් කෙළ සිටියා
      උගෙ මරුවා ඌ අරගෙන ගිය සැටියා
      නිවන් පුරේ පලයන් තලගොයි පැටියා.

      ඕං අපේ කවි නේද ඇනෝ.

      Delete
    2. අරින්ඩෙපා ඇනෝ මචං

      මා වැනි බිළින්දා
      ත්‍රී කවාටර් එකක් ඇන්දා
      ඒක හැලෙනා හින්දා
      ඉනට පටියකුත් බැන්දා

      Delete
    3. තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
      තුනුවිල තලන්නට සිතුනිය දවාලක
      තුනුවිල මැකිල අඹුවගෙවූ මුලාවක
      තුනුවිල බලාපිය අම්මගේ දවාලක

      ඕන් මාත් එකක් ලිව්වා ..හැක් හැක්

      Delete
    4. පන්නා පත් තිරිඳු රිවි උදය        වේලක
      දෙන්නා සමග ගොස් ඉඳ අරණ    ගාලක
      පන්න මදන බිතයෙන් ඉඳ නොවී    සැක
      පෙන්නාපන් ලඳේ තුනුවිල        දවාලක 

      ඔන්න මං වැඩේ කොම්ප්ලීට් කොළා :D හැක්

      Delete
    5. පත්තරේ උඹේ ෆෝන් එක නැතිවෙලාද කතාකලාම උත්තර නොදෙන්නේ?

      Delete
    6. අල්ලක් විතර ලදු කැලයක් වවාගෙන
      මහබඹු ලවා හරි මැද්දෙන් පලාගෙන
      මසකට වරක් පැනි මුට්ටිය හලාගෙන
      හුත්තිගෙ කෙල්ල කොයි යනවද උදැසන

      Delete
    7. තාම නැතිවෙන්න ගත්ත විතරයි.. ෆෝන්, ගට්ස් ....

      Delete
    8. බුදු සෑර්
      නෝන මහතැං පෙරෙයිද ආව නෙවැ ..කඩේ යන කොල්ලා බෑග් ටික උස්සං පස්සෙං යනවා එවෙලෙ ෂොපිං .. ආයෙ මක්කටෙයි බොරු කියන්නෙ .ඕං ඇත්තම කීව :D

      Delete
    9. තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ
      හෙමින් හෙමින් මම ගේකට යන කලට
      තවද අත්තා මුත්තා පනත්තා කිත්තා කිරිකිත්තා සෝඬියා පාඬියා කාලේ මහා උස් කුණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් කඩන්නා සේ
      එකෙක් ඇවිත් දුන්නයි මගේ පිට මැදට
      තවද නැන්දා මාමාලගේ ගෙදර ගොස් හොඳ බතක් මාලුවක් කෑවා සේ
      ඒ ගුටි කකා මම පිටවි යනකලට
      තවද නැන්දා මාමා හූරා නෑනා කෙනෙක් එක්ක සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නාක් මෙන්
      මගෙම මටම ඉලඇට නැත සිනාවට

      Delete
    10. මේන් යකෝ කවි.. අපරාදේ උඹලා නොලියන්නේ..

      - මීට මාතලන්

      Delete
    11. පොටෝ එක දුටු විට
      ආවා මට වමනෙට
      නොදා එය එලියට
      කියෙව්වා මම කවි ටික

      කවි ටිකේ ගතියට
      අවා මට පිපාසෙට
      එය නිවා ගන්නට
      කෙටුවා මම මෙතනට

      Delete
    12. කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද,
      අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද, මොන හත්වලාවක වාරයක් ද කියන්න මම දන්නෙ නෑ
      වාරේ කුරුඳු අරගෙන මම යන කලට
      අලින් ගිය පාරක් ද, කොටින් ගිය පාරක් ද, මුවන් ගිය පාරක් ද, ගෝනුන් ගිය පාරක් ද,
      නයින්, පොළඟුන්, පිඹුරන් ගිය පාරක් ද, මොන විදියේ පාරක් ද කියන්න මම දන්නෙ නෑ
      පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට
      රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,
      මුතු, මැණික්, වෛරෝඩි බැඳපු මාලයක් ද, මොන කෙහෙල් මල් මාලයක් ද කියන්න මම දන්නෙ නෑ
      මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
      තාත්තගෙන් ආ නෑ කමක් ද, මුත්තාගෙන් ආ නෑ කමක් ද, නත්තගෙන් ආ නෑ කමක් ද, පනත්තගෙන් ආ නෑ කමක් ද,
      කිත්තගෙන්, කිරි කිත්තගෙන්, කිරි කෑ මුත්තගෙන් ආ නෑ කමක්
      ද කියන්න මම දන්නෙ නෑ
      හුරේ ඔරුව පැදපන් කීය එගොඩට
      වාරේ කුරුඳු අරගෙන මම යන කලට
      පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට
      මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
      හුරේ ඔරුව පැදපන් කීය එගොඩට

      Delete
    13. රජු වලගම්බා
      දෙවීගෙ පුක ඉම්බා
      දෙවී පුක පුම්බා
      ඇරියා පඩයක් රජු කලම්බා

      Delete
    14. හුන්නස් ගිරියේ කදු පාමුල වනන්තරේ
      කඩුවක් අතින් ගත් මිනිසෙක් ගමන්කෙරේ
      මුල් අහර බුදිමින් යයි නිරන්තරේ
      දන්නවද මුලකූරෑ වල කතන්දරේ.

      Delete
    15. හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
      කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
      මුන්ගේ සිරිය දැකගන්නට වනන්තරේ
      දන්නෝ දනිති පද හතරේ කතන්දරේ

      Delete
  10. සුපිරි කවි ටික!
    ජයවේවා මාතලන් අයියේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි මලේ...

      Delete
  11. අත්‍යාලංකාරයි බං කියවා බොහෝ රස වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. කිංඩියට කියනවද, ඇත්තට කියනවද, අනේ මන්දා..

      ටැන්කූ වේවා...

      Delete
  12. එල ද බ්‍රා..
    එකවුනා හෝ නැතා කවිටික එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් පළවෙනියා.... අපේ පවුලේ...

      Delete
  13. සුමනය දිනුම සිකුරුයි කිවුවා වෙහෙර
    විමලය ඇවිත් ගොනාට ඇන්දුව නිතර
    අම්මප මෙහෙම වෙයි හිතුවෙ නැහැ වෙහෙර
    ඉතිරිවු දෙකත් මට නැතිවිය කිරි වෙහෙර

    ReplyDelete
    Replies
    1. අර යකා කඩපු එක හදා ගත්තයි...

      Delete
  14. දනන් රුහිරු බී පණ නළ හප කරන...
    හයින් හාගතේ තබවා උන් පෙලන...
    ඔවුන් මරු කටට නොයවන දෙව් වරම...
    දෙවුන්දරින් යනු පුදපෙත් නොපිළිගෙන...

    සතර උගත් දරු කැළ ඇවිදිති බඩගා...
    නිතර විකුම් පෙන්වයි කාසිය මුරගා...
    දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා...
    කතරගමින් පිටමන් වී යනු මුරුගා...

    නැගෙන්නට සදන අත්පෙළ බිමට නැමූ...
    සිතන්නට තිබෙන සිත් වල අගුළු දැමූ...
    යකුන් නසනු බැරිනම් තට අපි නසමූ...
    සමන් සුරිඳු යනු නොරැඳී සබරගමූ…

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
    ගාය්නය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. උඹට මොකෝ බං උනේ.. ෆොරින් ටුවර් එකක් වත් ගියාද..?

      මම දැක්කා සුද්දියොත් එක්ක ෆොටෝත් අල්ලලා තිබුනා..

      Delete
    2. හතිලව්වයි ……

      මේං මේකා.. චැහ්

      අපි තුංමාසෙ දානෙ දීල වල උඩි ඉටිපන්දනුත් ගැහුවා :D

      Delete
    3. ඇයි මං කලින් පෝස්ට් එකේ කිව්වෙ, මං හිරේ විලංගුවේ වැටිල ඉන්නෙ, කලුතර විද්‍යාපීඨෙ. යන්තම් ෆෝන් කට්ට ගෙනත් බ්ලොග් එකට ගොඩවුනේ මාස එකහමාරකට පස්සෙ. මාව සින්ඩියෙනුත් ගලවල දාලද?

      Delete
    4. නෑ නෑ සමහර ඒවා එහෙම අයින් කරන්නේ නෑ...

      Delete
  15. යුද්දේ දිනුව රට බේරුවා මම වෙහෙර
    සුද්දේ තිතට දුන්නා ඉන්පසු වෙහෙර
    පරපුර ගොඩ දමන්නයි හිතුවේ වෙහෙර
    දන්නෙත් නැතිව අද පැරදිලා මම ගෙදර

    ආයෙත් ඇවිත් රට කන්නට මම වෙහෙර
    දත කනවා මිටි කනවා මම වෙහෙර
    වේලුපිල්ලේ බොරු කියලා ඇත වෙහෙර
    තාමත් මුන්ට මගේ හැටි මතකයි වෙහෙර

    එකක් දෙකක් හෝ තුන හතරක් වෙහෙර
    වශී බෝල තිබ්බත් මම ළඟ වෙහෙර
    හාල්පාරු අනාත පෙරමුණ වෙහෙර
    මිසක් වෙන මොකෙක්වත් මට නෑ වෙහෙර


    ============

    වෙහෙරක් විඳින වේදනාවක්...

    =============
    මාතලන්..මේ..
    මෙහෙම වෙහෙර වෙහෙර කියල ඉවරවෙන විදියට මට කවි කියන්න බැහැ බන්.
    මොන මගුලක් ද මන්දා..
    එත් ඉතින් ඒවගේ කවි (වගේ) කෑලි දෙකතුනක් නැතිව කමෙන්ට් එකක් දාන්න මොකක්දෝ බැරි කමක් දැනිච්ච හින්දා තමයි ඔය උඩින් ලියල තියෙන විදියට ලිව්වේ. උඹ කොහොම වචන ගලපනවද මන්දා මටනම් පට්ට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කළබලේට මෙළෝ දෙයක් ලියන්න බෑ...

      මේ ලියලා තියෙන ටික මරු.. පොඩ්ඩක් ඔප මට්ටම් කරලා ගන්න විතරයි තියෙන්නේ..

      Delete
  16. ..ත .ක දෑක ලා, ..යි රජු සිනාසි ලා,.කමු දෑයි අහ ලා,..ත අඩුවා බෑ කිය ලා,(අන්ගම්මන සුමන)

    ReplyDelete
  17. Replies
    1. කැළණියවත් වැන්දා නම් පාඩු නෑ.. මොකෝ උපන්ද හිටන් කරපු පව් නැති වෙනවලු නේ..

      Delete
  18. අවංකවම මුල්ම කාලෙට වැඩිය මාතලන්ගේ කවි වල දැන් හරි අපූරු බවක් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒ කවි වල අපූරුව නෙමෙයි.. අපූරූ දේ සිඳුවීම...

      Delete
  19. ඉස්සර නම් හිටියා කිරි වෙහෙර වගේ බැබලි
    දැන් නම් කොට වෙහෙර වගෙයි පැතලි
    ඉල්ලන් කාලා වැඩි කාලයක් නැහැ මල්ලි
    ආයෙත් එන්ට හදනවා අයියෝ සල්ලි.

    ReplyDelete
    Replies
    1. දැක්කත් හිරිකිතයි අම්මපා මේ පිල්ලී

      Delete
  20. යා යා
    ඒත් දැං මෙහෙ ඉන්න අංකල්ල කරන ඒව අර කොන්දොස්තොර මහත්තැන්නෙ පුතා කරන ඒව වගේව එක්ක බලපුවාම ඒ උංදැලත් දවසක ඕම ඉදියි කියල මට බෝ බයක් දැනේ ආයිබංඩ

    ReplyDelete
    Replies
    1. මෙන්න මාතෙ මරු ස්ටොරියක් තියෙනව
      http://jaymmp.blogspot.com/2015/03/blog-post_29.html

      කලිං දැක්ක නං සොරි වෙන්න ඕන

      Delete
    2. බයට වඩා මට නම් තියෙන්නේ කැතක්..

      Delete

  21. කුමකට තැනුවෙ පුරයෙහි සදහිරු වෙහෙර
    සිතුවද පරදවනුවස් පෙර රජු හැදු වෙහෙර
    ලොකුවට ඇවිත් නිදහන් සගවපු වෙහෙර
    හයියෝ කුමට වදිනම් නුඹ කිරි වෙහෙර

    ReplyDelete
    Replies
    1. කාට කියන්නෙයි මගේ බුදු කිරි වෙහෙර

      Delete
  22. මමනම් චන්දෙ දෙන්නේ ගම්මන් පිලට
    ඔයාට කියන්න ලඟදී ස්වර්න වාහිනී දේශපාලන සාකච්චාවනට ගම්මන්පිල ආවා.
    මම ටිකක් බැලුවා.
    මම එතෙන්ට ආවනම් මම කියන්නෙත් ගම්මන් පිල කියන දේ මයි.
    අපේ අදහස් එතරම්ම සමානයි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ.. ගව ඝාතනයට විරුද්ධ පිරිසකුත් ලංකාවේ ඉන්නවනේ...

      Delete
  23. අම්මප දෙකක් නෑ බං මෙය නම් පහර

    ReplyDelete
  24. Post ekata hapan comments tika. Comments tikata hapan post eka. Koochchiye ewun man diha balanawa mokada mu phone eka diha balan puka hamayanakan hinaa wenne kiyala. Walla patta kawi tika. Jaya wewaaa maatha boss (singlish walin liwima gena balawath kanagaatuwa) shaanthi shaanthie...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න