.

.

Sep 15, 2015

පට්ට රටක් ඕයි.... - What a Country...!!!



අන්බානක් බිසි වූවද එහෙ මෙහෙ යනාතරේ වයර්ලැස් එකේ අපූරු වැඩ සටහනකට එහෙන් මෙහෙන් කන් දෙක ඔබාගන්න ලැබුනේය. මොකක්දෝ බඩකඩුත්තුවක යන වැඩ සටහනේ නම "රට යන අත"ය. වැඩසටහට ඕනම එකෙකුට කතා කරන්න පුළුවන්ය. අද කතා කරේ කොටදෙනියාවේ කිරි දරුවාගේ ඝාතනය ගැනය. කවුරුන් හෝ ඒ අහිංසක දරුවා අති අමානුෂික ලෙස ඝාතනය කොරලා අවසානය. 

පවුලෙ උන් ගැන පවා සැක සංකා පහලව ඇති බව පොලීසිය කියන්නේය. දරුවාගේ පියාත් ළමා අපචාර කේස් එකක් උසාවියේ තියෙන් එකෙක්ය. ඒ නිසා මොකා මේක කොලාද කියා තවම හරියකට කියන්නට බැරිය. මොකා කලත් අපේ පොලොස් මහත්තුරු ඕක කරපු එකාව අල්ලා ගන්නවා ඇතිය. ඒත් කරුමේ කියන්නේ කරුමේ පලදෙන්නේ පින පව අනුව නොව උසාවියේ නිසාය.

මිනීමරුවන් බේරන්නම සෙට් උන වෙනම ලෝයර්ලා සැට් එකක් ලංකාවේ ඉන්නවාය. උන්ට මිනීමරුවා අහිංසකයෙක් කිරීමට අවශ්‍ය වන්නේ සාක්කි නොවේය. මුදල් පමණය. කලකට පෙර කොළඹ හතේ මල් පාරේ නෝනා කෙනෙක් එස් ටී ඇෆ් කාරයෙකුට ගේමක් දීලා වැලිකඩ ගියා ඔහේලාට මතක ඇතිය. මෑතක මාතලන්ගේ ඇස් අදහා ගත නොහැකි වූයේ, ඒ මළහෝන්තුව, කුඩු දුමියා වාගෙම ගාඩ් එකක් දමාගෙන, සුපර් මාකට් එකේ සොපින් කරනායුරු දැක්ක වෙලාවේය. ඇස් දෙක සුවර් නැති නිසා, හතරෙන්ම බැලුවත් බාන්ඩේ ඒකිය. එතකොට මේ බඩු කෑල්ල එලියට ආවේ කොහොම්ද කියන්න එකෙක් වත් දන්නේ නැතිය.

ළමා අපචාරවලට ලයිසන් දුන්නේ මහින්ද මහත්තයාය. සාරුවා සුනිල් කියන ජඩයා වීරයෙක් වන්නේ ඒ අනුවය. මහින්දගෙ වටේ උන්න අති බහුතරය නොම්මර එකේ බඩු කාරයෝ වූවාට අමතරව, ළමා අපචාර කාරයොත් ප්‍රාදේශීය රජවරු කළේ ඒ මහතාය. නියමාකාරයෙන් නම් වැලිකඩ, ගාල්ලේ හෝ බෝගම්බර ඉන්නා ඕනා උන් අන්තීමට නොමිනෙසොන් ඉල්ලගෙන පොළොන්නරුවේ යහ පාල මහත්තයා ගාවටත් ආවේය. 

යහපාලත්, කුඩු එතනෝල් සුකිත බුකිත කාරයෝ ඔක්කොටම දුන්නත්, ළමා අපචාර කේස් කාරයෝ දෙන්නාට නොදුන්න එක නම් එක අතකින් පුදුමයක් උනාට, අහම්බයක් වෙන්නත් පුළුවන්ය.නොමිනේසොන් නොදුන්නාට ඒ වේසිගෙ පුතා සුවාදීනව එනවා කිව්වේ ඌටත් ඡන්දේ දෙන අදීන ජනතාවක් මේ පට්ට රටේ ඉන්නා නිසාය. ගෑණු 100 රේප් කොරලා පාටී දාපු එකා අදටත් එලියේ ඉන්නේ නීතීයේ අඩු පාඩුවක් වත් අරකක් මේකක් නිසා නොව අති දක්ස ලෝයර්ලා හා කලටි පොල් බැක්ග්‍රවුන්ඩ් එක නිසාමය.

නීතිය බල්ලාට ගියේ මහින්ද මහත්තයාගෙ කාලේ නෙමෙයිය. නීතිය බල්ලාට ගියේ සැටලයිට් නෝනාගෙ කාළයේ දියවන්නාව ළඟ බඩු ගහපු එකා චීප් ජස්ටිස් උන කාළයේය. ඌ සමහර වෙලාවට බඩුව ගහන්න දියවන්නාව ගාවටම යන්න ඇත්තේ, මේ පට්ට රටේ නියම ගැහිලි ගහනා උන් ආතල් ගන්න පොට් එක තියෙන්නෙත් එතනම නිසා වෙන්නත් ඇතිය. 

ඒ කාළකන්නිය නීතියේ මහ එකා ඌ දවසේ පටන්, අම්මට සිරි ලංකාවේ නීතිය බල්ලාට ගිහින් උසාවිය කියන තැන බලු බෙට්ටක්ම උනේය. උසාවියේ බඩු ගහපු උන් නඩු අහන්න පටන් ගත්තේය. කුඩු නූර් නඩු අහන උන්ට කොක්ටේල් පාටි දෙන එකා උනේය. අන්තීමට කුඩූ නූර්ට එදිරිව ජජ්මන්ට් එක දුන්න කොන්දක් තියෙන එකාට ඌ ගේම දීලා අදටත් ආතල් එකේ ඉන්නේ, වෙනින් කවුරුවත් නිසා නොව සරත් නන්දෙට පින් අත් වෙන්නටය. 

එහෙම ගියපු එකේ අද ඉන්නේ සරත් ආබෲලා වගේ පිස්සු හුටන් චන්ඩියෝය. අලි හොරුය. එහෙම උන් ඉන්නා තැනකින් මේ පට්ට රටේ අම්බ හරක් යුක්තිය පතනවා තරම් තවත් මෝඩකමක් මේ ළෝකේ නැත්තේමය. යහපාලගේ ආන්ඩුව යටතේත් දෙමළු පෙලන වධකාගාර පවත්වාගෙන යන කේස් එකක්ද එලියට ආවේය. අනික කැබිනට් එක ඇතුලට දාපු උන්ගෙන් භාගයක්ම නොම්මර එකේ ගේම් කාරයෝය. සතුටට දෙයකට අහන්න ලැබුනේ අගමැති නෝනා වන මෛත්‍රි මහා ආචාරිනි නෝනා යාලුවෙක් එක්ක ගිහින් පොතක් දොරට වැඩිමේ උස්සවයක් පැත්තකට වෙලා බලාගෙන උන්නු එක විතරය. අනික් ඔක්කෝම පෙර පරිදිම් නොම්මර එකේ බුල් ගේම්ය. 

අර රේඩියෝ වැඩ සටහන ගියේ සේයා දැරියගේ කුරීරූ ඝාතනය ගැනය. කවුරුන් හෝ ඒ දැරිවිය ඝාතනය කර අවසානය. වැඩ සටහනෙන් කොලේ ඒ ගැන මත විමසීමක්ය. පට්ට ජෝක් එක කියන්නේ ඒ වැඩ සටහනට කෝල් කරපු උනුත් ඔක්කොම වගේ මිනීමරුවන් වීමය. එකෙක් කිව්වේ, රජ කාළේ වාගේ ගස් දෙකක බැඳලා අත අරින දඬුවම දෙන්න කියලාය. තව එකෙක් කිව්වෙ අරාබියේ වාගේ බෙල්ල කපලා දාන්න ඕනා කියලාය. බොහෝම නිවිච්ච හඬකින් කතා කරපු එකෙක් කිව්වේ, කඹෙත් ඌගේ ගානේ ගෙනල්ලා එකෙක් නොවෙයි දහයක් උනත් එල්ලන්නම් කියලාය. 

මෙහෙම උන් බහුතරයක් ඉන්නා සමාජයක්, මේ තරම් කෲර සමාජයක් වෙන එක, එක අතකින් බැලුවාම මහා පුදුමයකුත් නෙමෙයිය.

101 comments:

  1. මොනව උනත් පොඩි එකී මලා......පවු
    මොකාව එල්ලුම් ගස් යවන්නද මන්දා......මේවා කිවුවට වැඩක් නෑ මාතා අයියේ

    ReplyDelete
    Replies
    1. කිව්වට නම් වැඩක් නෑ තමයි.. ඒත් එකෙක් දෙන්නෙක්ගේ හරි මොළේ පෑදෙනවා නම් එච්චරයි...

      Delete
  2. අපේ කට්ටිය උපදෙස්නම් දෙයි නහුතේට..
    එල්ලන්න ඔනේ විදිහ
    බාන විදිහ
    පෙරලන විදිහ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙන්ඩෝ මම හැමදාම කියන්නේ මේක පට්ට ගෝත්‍රික රටක් කියාලා...

      Delete
  3. උඹ හරි... ලංකාවේ වැඩ්පුරම ඉන්නේ අවස්ථාව අනුව සංවේදි වෙලා බයිල ගහන අය.. මේක මෙහෙම උනාට මතකද බාලා පොඩි කොල්ලා මරපු වෙලාවේ කතා... බොරු බයිල බං..

    ReplyDelete
    Replies
    1. මොකෝ අපි මැරිල උපන්නෙයි?

      Delete
    2. බාලා නෙමෙයි තව ටිකෙන්, මාතලනුයි කතන්දරයි දෙන්නත් මරලා දානවා...

      Delete
  4. අනේ මාතේ, ඔය කෙලි පැටික්කි ලබන අඟහරුවාදා වෙනකොට හැමෝටම අමතකයි. දැන් අර කොකා කෝලා සිද්ධිය ගැන කතා කරන එකෙක් වත් නැහැනෙ. ලංකාවනෙ බං.

    ReplyDelete
    Replies
    1. අනිවා......
      නඩුකාරයෙක් ගෙදර වැඩට හිටි මනුස්සයාට කරදර කරන්න ගිහින් එළියට ආපු සීන් එකටත් දැන් වෙච්ච දෙයක් නෑ නේද?මෑන් තාමත් නඩු අහනවාද?

      Delete
    2. ජනපතිනියකට මරා දැමූ සිය සැමියාගේ මිනිමරුවන් අල්ලාගන්න බැරිවූ රටක්

      Delete
    3. මම දැක්කා දෙන්නෙක් කොකා කෝලා බිබී මරපු එකාව එල්ලන හැටි කතා කරනවා.. කෝකා කෝලා නීට් නම් නෙමෙයි ගැහුවේ...

      Delete
  5. මට තියෙන අවුල මේ පොඩි කෙල්ලගේ සීන් එක වවාගෙන කන වේ* මාධ්‍ය ගැන

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කොහෙද බන් ජනමාද්දියවේදියෝ... ඉන්න තරමක් ඉන්නේ ජඩ මාද්දිය වේදියෝ...

      Delete
  6. මාතා කියන විදිහට මේක අම්මටසිරි ලංකාව නිසා මේ ගොං ආතල් අරුමයක් නොවේය.
    අර පොඩි දරුවා මොනවා කරන්නද මාතෙ. මාද්‍ය කාරයොත් හදන්නෙ මොනවහරි කරලා ජනප්‍රිය වෙන්න. මැරුනු පොඩි එකා හරි විකුනාවි.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවල ඉන්න උන් දෙවනි සැරේටත් දූෂණය කරලා මරලා දාලා පොඩි ආතල් එකක් සමඟ හොඳ ගානකුත් හොයා ගන්නවා...

      Delete
  7. දෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ නැතිවෙන්නේ නෑ. ඒ වගේම මානසික විකෘති අපරාධ අඩුවෙන එකකුත් නෑ මොකද ඒවා කරන්නේ පිස්සුවෙන් නිසා, ඒත් සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම්(කුලියට, චන්ඩිකමට හෝ මංකොල්ලකෑමට කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂනය, හොරකම වගේ වෙන අපරාධයක සාක්කි නැතිකිරීමට කරන මිනීමැරුම්) අඩුවෙන්න ඉඩක් තියනව.
    එනිසා අඩුගානෙ අවුරුදු කීපයකට හරි ඒක ක්‍රියාත්මක කරල බලන්න ඕනෙ නේද මාතලන්?වෙන මොනව නැති වුනත් මහජන මුදලින් ඩෙත් රෝ එකේ ඉන්න උන් නඩත්තු කිරීම නවතී.
    කලාතුරකින් අහිංසකයෙක් එල්ලන්න බොහොම පොඩි චාන්ස් එකක් තියනව. ඒත් මරණ දඬුවම ලැබිල එය ක්‍රියාත්මක කිරීමට පෙර තව ප්‍රිකෝශන්ස් ගන්න පුලුවන් ඒක අවම කරන්න.
    ඔන්න ඔහෙ කරල බලමු නේ?

    ReplyDelete
    Replies
    1. Pra Jay සහ මාතා,

      අපේ රටේ මිනිසුන් (ගැහැණුන්ද ඇතුළුව ) හරිම බොලද විදියට තමයි සිතන්නේ. ශ්‍රී ලංකාවේ මරණ දඩුවම නීතිගත කිරීමට පෙර අපි ඉතා ස්වාදීන අපරාද පර්යේෂණ දෙපාර්තමේන්තුවක් ඇති කල යුතු වෙනවා ඊට අමතරව දියුණු Forensic science අංශයක් ඇති කලයුතු වෙනවා. ඒ වගේම අදිකරණ පද්දතිය දුෂිතයන් තොර තැනක් බවට පත්කලයුතු වෙනවා.
      මිට පසුවයි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සිදුකල යුත්තේ,

      මතක තබාගන්න මෙයින් නැති කල හැක්කේ Pra Jay කියන විදියට //සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම්(කුලියට, චන්ඩිකමට හෝ මංකොල්ලකෑමට කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂනය, හොරකම වගේ වෙන අපරාධයක සාක්කි නැතිකිරීමට කරන මිනීමැරුම්)// පමණයි

      අපරටේ මෙවැනි අපරදකරුවන් ගේ මනස වැඩකරන විදිය සහ ඔවුන් මෙවැනි දෙයට පෙලබුන හේතුව දැනගැනීම ඉතාම වැදගත්,
      ඇමරිකාවේ FBI ආයතනය පවත්වාගෙන යන Behavioral Science Unit (අපරදකරුවන්ගේ හැසිරීම විද්‍යාත්මකව විමර්ශනය කරන ආයතනය ) වැනි දියුණු එකක ඇතිකලයුතු වෙනවා.

      අප සිටින්නේ මෙතෙක් ලෝකය පැවති පරිසරයේ නෙමෙයි, ඉදිරියේ අපට මෙවැනි අබියෝග වලට මුහුණ දීමට සිදුවන්නේ දියුණු රටවල ඇති ආරක්ෂක පද්දතියකින් තොරවයි.

      මිනිසුන් හැටියට අප ලෝකය දෙස හැගීම්වලට වාසග නොවී බුද්ධිමත් ලෙස බැලීමට කාලය පැමිණ ඇත.

      Delete
    2. දියුණු කළ යුතු සීමාව කොතැනද? අමරිකන් සමාජයේ මරණ දඬුවමට ඇති පිළිකුල ප්‍රිස්න් බ්‍රේක් ටෙලිය තුලින් එලියට දැමුව හැටි සලකා බලන්න...

      Delete
    3. ගස් ලබ්බ,

      මෙහි දැක්වෙන්නේ අහිංසකයකු විදුලි පුටුවට යවා අවුරුදු ගණනාවකට පසු ඇත්ත අපරදකරු අසු වීමේ සිද්දියයි.
      දියුණු යයි කියන ඇමරිකාවෙත් නිතිය ක්‍රියාත්මක වන අමන සොරුපය ඔබට දැකගත හැකි වනු ඇති.

      https://www.youtube.com/watch?v=gyTHVCNcKjA

      මෙනිසා තමයි අවම ලෙස ස්වාදීන ක්‍රමයක් අවශ්‍ය වන්නේ, එහෙම නැති උනොත් ඇත්ත අපරදකරුවන් නිදහස් වන අතර
      අහිංසකයන් එල්ලුම් ගස් යාමයි සිදුවන්නේ. අර සින්දුවක් තියෙන්නේ "පහත් තැනින් ගලා බසී ජලේ..." කියල.

      Delete
    4. එතකොට මචෝ අයිසිස්ලගෙයි අපෙයි අතර වෙනසක් නෑ නේද... උනුත් මරණ දඬුවම දෙන්න හෙන රුසියො මචෝ...

      Delete
    5. මාත මචෝ,

      මෙහි තේරුම් ගතයුත්ත නම් isis මෙන් හැම එහෙකටම බෙල්ල කැපීම නෙමෙයි.
      රටේ නිතිය ස්වාදීනව ක්‍රියාත්මක වනවානම් පමණයි මරණ දඩුවම ක්‍රියාත්මක විය යුත්තේ,
      මෙය ක්‍රියාත්මක නොවීමෙන් Pra Jay කියන විදියට //සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම්(කුලියට, චන්ඩිකමට හෝ මංකොල්ලකෑමට කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂනය, හොරකම වගේ වෙන අපරාධයක සාක්කි නැතිකිරීමට කරන මිනීමැරුම්)/

      වැනි මිනීමැරුම් අවම වෙනවා උබට තේරෙන විදියට කියනවනම් සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම් නිසා මැරෙන්න සිටි පිරිසකගේ ජිවිත
      බේරෙනවා. තව සරල විදියට උබට කිව්වොත් 2009 වෙනකන් ප්‍රබාකරන් නමැති මිනීමරුවා මරා දැමීම නිසා අද වනවිට බෝම්බ පිපිරීමෙන් මැරෙන පිරිස
      ගේ ජිවිත බේරෙනවා වගේ.

      මෙනිසා තමයි ලෝකයේ දියුණු රටක් වන ඇමරිකාවේ මෙය පවතින්නේ, මම හැමදාම මැක්කාගේ කතාව වගේ සදහන් කරන සිංගප්පුරුවේ මෙය පවතින්නේ (මතක තියාගනින් සිංගප්පුරුවේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයකට වඩා ලග තබා ගත්තොත් ඔහු ටත් ලැබෙන්නේ මරණිය දණ්ඩනය බව )

      මේ සියල්ලන්ගේම වාසි සහ අවාසී පවතී, අප සිතිය යුත්තේ මෙහි වාසි අවාසි වලට වඩා වැඩිද අඩු ද යන්නයි.

      රටක පාලනය කරන ක්‍රම 2 පවතී 1. ජනතාවට කරුණාවෙන් කරනා වටහා දෙන අතර 2. වැරදි කරන්නන්ට දඩුවම යන දෙකම උවමනා වෙනවා.

      අපි බුද්ධ ධර්මය අගයන කරුණාව ගැන ලෝකයට දෙසාබාන ජාතියක් නිසා අපට මෙය සුදුසු නැති බවයි බොහෝ පණ්ඩිතයන් පවසනු ඇති නමුත් මේ පණ්ඩිතයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරා නැති බවයි කිවයුත්තේ.

      උදාහරණයක් ලෙස විනය පිටකයේ අපුරු කරුණක් සදහන් වෙයි. එනම් කොසොල් රජු ගේ රටේ හමුදා බටයන් අඩු වීමට පටන් ගනී හේතුව වන්නේ ඔවුන් පැවිදි වීමයි, මෙය දැනගත් කොසොල් රජුගේ අග්‍ර පුරෝහිතය (අගමැති ) දෙන නියෝගය වන්නේ පැවිදි වන බටයට කිසිදු හිරිහැරයක් නොකර අදාල පැවිදි කරන නායක හාමුදුරුවන්ගේ හිස ගසා දමන ලෙසයි, මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ කොසොල් රජුට උද්ගෝෂණය කර අදාල නිතිය වෙනස් කිරීම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ විනය පනවනවා භක්ෂුන් අතර පැවිදි කරන විට රාජ්‍ය හමුදා බටයන් පැවිදි නොකළ යුතුයි කියා සංගයා අතර නීතියක් පනවනවා.

      මිට අමතරව මුගලන් මහා රහතන් වහන්සේ ගාතනය කරන්නේ සොරුන් 500 විසින් එම සොරුන් 500 අජාසත්ත රජු අත්අඩංගුවට ගෙන පණපිටින් බෙල්ල දක්වා පස්වල වලලා ඔලුවට පිදිරු දමා ගිනි තැබූ බවයි සදහන් වන්නේ (මාතා උබේ නැන්දම්මා නිතර පන්සල් දාන දෙනබව උබ ටික කලකට පෙර සදහන් කළා උබට වැඩි විස්තර නන්දම්මගෙන් දැනගන්න පුළුවන් මචෝ )

      Delete
    6. I used to live in singapore for some time.death panalty did / does not stop drug smuggling.it is not even a deterance control.
      My point is death penalty does not scare criminals.they will xalways take their chances.

      Delete
    7. ඇමරිකාව දියුණු රටක් ආර්ථික අතින්... ඒත් මනුෂිකත්වයෙන් උන් අයිසිස්ලටත් එහා... උන්ට වඩා චීනය හොඳා.. චීනා අනිත් රටවල උන්ගේ මානුෂික අයිතිවාසිකම් කඩන්නේ නෑ නේද...?

      මම දියුණු කියලා අදහස් කරන්නේ මනුස්සත්වයෙන් දියුණු කියන එක...

      ඇමරිකාව ඇත්තටම නෝටී..

      Naughty America

      Delete
    8. Anonymous,
      Singapore being a commercial hub I am sure they will not manage to eradicate drug smuggling, but bear in mind, they will not smuggle drugs in containers as we do!

      මාතා ,

      100% ඇමරිකාව ගැන !! ඉරාකයට කලදේ හොද උදාහරණයක් !

      Delete
    9. ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව මම නම් හිතන්නේ. දැනට ජීව විද්‍යාත්මක සාක්ෂි තහවුරු කරන ජීන් ටෙක් ආයතනය පුද්ගලික ආයතනයක්. රජයේ රසපරීක්ෂක දෙපාර්තමේතුවේ ඩී. එන්. ඒ. තහවුරු කිරීමේ අංශයක් තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවගේම දැනට විද්‍යාත්මක මතය ඉදිරිපත් කරන ආයතනවල විද්‍යාගාර පවා පරීක්ෂණ සහ ක්‍රමාංකන විද්‍යාගාර සදහා වූ ISO 17001 තත්ත්ව සතිකය මම දන්නා තරමින් නම් ලබාගෙන නැහැ. මරණීය දඩුවම ක්‍රියාත්මක කරනවා නම් මෙම විද්‍යාත්මක සාක්ෂි මීට වඩා ප්‍රබල විය යුතු බවයි මම හිතන්නේ. මීට හොදම උදාහරණයක් තමයි කොටකෙතන සිදුවීමකදී පොලිසිය විසින් වෙනත් පුද්ගලයන්න් 3දෙනෙක් පැහැරගෙන වද දී බොරු කට උත්තර සදා උසාවියට ඉදිරිපත්කර පසුව එම බොරුව උසාවිය හමුවේ හෙළිවී සක කරුවන් 3දෙනාම නිදොස් කොට නිදහස් කිරීම. සාක්ෂි අනුව එම පොලිස් නිලදාරීන් අදාල දිනයේ සිට ඇත්තේ කොළඹ. මෙවැනි පොලිසියක් සිටින රටක මරණ දඩුවම ක්‍රියත්මක කිරීමට සිතීම ම අනුවන කමක්.

      Delete
    10. mathalan,
      chine kiyanne podi ewunwa uyala kana prasiddiye minimas pawa wikunana ratak

      Delete
  8. මං ඔය කියන TNL ගුවන්විදුලියේ වැඩ සටහන ඇසුවා,එක වයස්ගත කටහඬකින් කියනවා සැක කාරයාගේ සිරුරේ තැනින් තැන කපා කුණුවී යන්නට ඉඩ හැරීම හොඳය කියා, ඒ වැඩ සටහන එකම පිස්සුවක්.

    ReplyDelete
    Replies
    1. අර හඩ්ඩා කුණුහබ්බ කියපු එක ඊට හොඳා...

      Delete
  9. මේ දරුවා මේ විදියට පව්කාරී අපරාධකාරයෙක් අතින් විනාශවුනු පළවෙනි දරුවත් නෙවෙයි අවසන් දරුවත් නෙවෙයි. වරදකාරයන් අත් අඩංගුවට අරගෙන නීතියෙන් දියහැකි උපරිම දඬුවම දෙන්න ඕනෙ කියන එක තමයි මගේ පැතුමත්.

    මටත් අසාධාරණයක් වුනාම ඒ ගැන ආවේගයට පත් වුනාම, හැඟීම් බර වුනාම මරාගෙන මැරෙන්න හිතිලා තියෙනවා ඕනෙ තරම්. නමුත් පියවි සිහිය ආවාම හෙමිහිට වැටහෙන්න ගන්නවා යථාර්ථය.

    ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවානම් මේ අපරාධකාරයා එල්ලන එක වෙනම දෙයක්. නමුත් මූව එල්ලන්න එල්ලුම්ගහ ඉල්ලන එක ගැන මට කියන්න තියෙන්නේ, මෙච්චරයි.

    ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන සහ නීතිය ගැන අපට විශ්වාසයක් තියෙනවද? සෑහීමකට පත්වෙන්න පුලුවන්ද? ලංකාවේ අපරාධයක් කරලා ඉන් පස්සේ සල්ලි වියදම් කරලා හොඳම නීතිඥයෝඅල්ලලා නිදහස් වෙන්න බැරිද? ඒ එක්කම ඔය ක්‍රමය යටතෙම අහිංසකයෙක් හිරේ යන්න එල්ලුම් ගහට නියම වෙන්න බැරිද? හොඳ නීතිඥයෝ අල්ලන්න සල්ලි වියදම් කරන්න බැරි නිසාම හෝ අර එහෙම පුලුවන් එකෙකුගේ පවකට කරගහන්න වෙන අහිංසකයෙකුට සිද්ධ වෙන අවස්ථා ඇත්තෙම නැද්ද?

    ඇත්තෙන්ම අපරාධකාරයෙක්ව මරලා දාන එක කොච්චර ම්ලේච්ඡ ක්‍රියාවක් වුනත් ඒක රටටත් ලාබයි, බදු ගෙවන එකාටත් ලාබයි. සමහරවිට ඌව හිරේ තියාගෙන ඉන්න බදු ගෙවන උන් අතර අර උගෙ අතින් අපරාධයට ලක්වුනු පවුලේ සාමාජිකයොත් නෑයි කියන්න පුලුවන්ද?

    නමුත් ඔය නීතිය යටතෙම අහිංසකයෙක් එල්ලුවොත් පස්සේ ඒ වරද අන්ඩූ කරන්න ඩිලීට් කරන්න පුලුවන්ද?

    ඒ එක්කම අරාබින්ගෙ ම්ලේච්ඡ නීතිය ගැන එක මොහොතක් කම්පාවෙන අපි අරාබියේ නීතීය මෙහෙට ගේමු කියලා කෑ ගහනවා. රජ කාලෙ දඬුවම් ඉල්ලනවා, එල්ලුම් ගහ ඉල්ලනවා, ඒ මදිවට මම දැක්කා ආයෙම ආයුධ පෙන්නන්න එක්ක යමු කියලත් යෝජනා කරනවා. අපි ඒවගේ නොවන සමාජයක් ඇති කරගන්න මොන තරම් පැතුවද කියලා දැන් අපිට ගානක් නෑ.

    මේ තියෙන්නේ හැඟීම් බර වීම. තව සති කීපෙයකින් කී දෙනෙකුට මේ දරුවා මතක තියෙයිද?

    මම මේ ලඟදි දැක්ක මේ කියමන මෙතනට කොච්චර ගැලපෙනවද බලමු.

    Don't do something permanently stupid when you are only temporarily upset.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කියන ඔක්කොම ඇත්ත. සල්ලි තියන අයට මිනීමැරුම් වලින් නිදහස් වෙන්න වැඩි චාන්ස් එකක් තියනව. ඒත් සල්ලි තියන අයගෙ මිනීමැරුම් හුඟක් පවුල් ප්‍රශ්න මත . ( දේශපාලන හා බිස්නස්වලටත් කරනව )
      ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි නැති, ආයුධ පුහුණව ඇති අය මංකොල්ල කෑම ස්ත්‍රී දූශනය වගේ අපරාධ වල සාක්කි නැති කරන්න මිනීමරනව , තවත් කොන්ත්‍රාත් කරනව.සල්ලි තියන අය ඔවුන්ව භාවිතාත් කරනව. එල්ලුම් ගහෙන් ඔය මොක්කුන්ගෙන් හරි ටික දෙනෙක් හරි බය කරන්න පුලුවන්. සමහර පාතාලෙ එවුන් ඒක පිලිගන්නව.

      එල්ලුම්ගහ සම්පූර්ණ හෝ හොඳ විසඳුමක් නෙමෙයි.අහින්සකයෙක් එල්ලුම් ගහට යාමට පොඩි චාන්ස් එකක් තියනව. ඒත් මරන දඩුවම දීපු ගමන් ක්‍රියාත්මක කරන්නෙ නෑ. තව ප්‍රිකෝශන්ස් තියනව.
      සමහර වැරදි කාරයින් මුදල් හෝ ඉන්ෆ්ලුවන්ස් වලින් බේරිලායන්නත් පුලුවන්. කිසිදෙයක් සර්ව සම්පූර්න නෑ.

      ඒත් පුලුවන් සෑම ක්‍රමයකටම වැරද්ද තහවුරු කරගත් පසු මරණ්දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ටිකක් හරි සමහර මිනීමැරුම් අඩුවෙන්න චාන්ස් එකක් තියනව

      Delete
    2. හොඳ පොඩි.. අද මත්ද්‍රව්‍ය නඩු වලට හිරේ යන්නෙ කුලියට.මරණ දඬුවමටත් එහෙම නොවෙයි ද? කවුරු කලත් අපි මිනී මරන ජාතියක් නෙමෙයි ප්‍රා.. අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ ට්‍රයි කරනවා එතනින් එලියට එන්න.සැක නම් මේ කොමෙන්ට් බලන්න..

      Delete
    3. හොඳ පොඩි.. අද මත්ද්‍රව්‍ය නඩු වලට හිරේ යන්නෙ කුලියට.මරණ දඬුවමටත් එහෙම නොවෙයි ද? කවුරු කලත් අපි මිනී මරන ජාතියක් නෙමෙයි ප්‍රා.. අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ ට්‍රයි කරනවා එතනින් එලියට එන්න.සැක නම් මේ කොමෙන්ට් බලන්න..

      Delete
    4. ප්‍රා ජේ සමඟ එකඟයි !!! ++++++++++++++++++++++++++++++

      Delete
    5. // කවුරු කලත් අපි මිනී මරන ජාතියක් නෙමෙයි ./// ????????අපි එහෙම නෙමෙයි? හ්ම්ම්. අලුත් අදහසක්. හිතල බලන්න ඕනෙ GL.

      ආයුධ පෙන්නන්න යාම වගේ extra judicial killings සහ මහජනයා නීතිය අතට ගැනීම වගේ vigilantism සමාජයට අහිතකරයි. හැබැයි සෑම දේටම bleeding heart liberal විදිහට සිතා (මාත් හිතන් ඉන්නෙ මං ලිබරල් කියල තමයි ඒත් ඒකටත් සීමාවක් තිබිය යුතුයි) සැම විටම දඬුවම් දීම නොව ප්‍රතිශෝධනය කල යුතුයි කීමත් අපේ වගේ රටකට නොගැලපේ.
      "You are liberal until u get mugged in street and u are conservative until u experience police brutality "වගේ එකක් තියනවනෙ

      අපි කොයිතරම් ආගම සදාචාරය ගැන උඩඟු වුනත්, කොටට අඳින්නෙ නැතිවුනත් , අහුවෙන හැම වැඩිහිටියටම වැන්දත් ඒවා නෙමෙයි වැදගත් සමාජයීය ලක්ෂණ. අපේ සමාජයීය ආචාරශීලීත්වය අඩුයි, social consciousness හා ස්වේච්චාවෙන් නීති පිලිපැදීම අඩුයි දියුණු සමාජත් එක්ක සාපේක්ශව. හැම රටකම වැරදි වෙනව. ඒත් අපේ සමාජයේ ආකල්ප එතරම් දියුණු මට්ටමක නෙමෙයි තියෙන්නෙ.
      ඒවගේ සමාජයක දඬුවම යන සංකල්පය වැදගත්. මං මේ ලමයගෙ සිද්ධිය නිසා නෙමෙයි කියන්නෙ.
      ලංකාවෙ විශේශයින්ම පාතාලයේ අපරාධ යම් ප්‍රතිශතයකින් මරණ බය නිසා අඩු කරන්න පුලුවන්.
      ලන්කාවෙ නීතිය interrogatory විදිහට නෙමෙයි තියෙන්නෙ. සාධාරණ සැකයෙන් ඔබ්බට හා innocent until proven guilty beyond reasonable doubt ඉන්ග්‍රීසි සිද්ධාන්ත හා නීතිඥයන්ගෙ උපක්‍රම ආදිය නිසා චුදිතයෙක් වරදකරුවෙක් කර මරණ දඬුවම දීම අසීරු කාර්යයක්. ඔබලා හිතන තරම් ලේසියෙන් අහින්සකයන්ට ඒක වෙන්නෙ නෑ. දැනට ඩෙත් රෝ එකේ ඉන්නමිනිස්සු බැලුවහම තේරෙයි. කොහොමත් තව evaluations කල හැකි ක්‍රියාත්මක් කිරීමට පෙර.
      ඉන්ෆ්ලුවන්ස් හා සල්ලි ගැන - සල්ලි තියන මිනිස්සු 10 නඩු වලින් දෙනෙක් බේරිලා ගියයි කියල හිතමු. එක දුප්පත් මිනිහෙක් ගෙයක් බිඳින්න ගිහින් පොඩි ලමයෙක්ව දූශණය කරල මැරීම ගැන මරණ දඬුවම ලබුවොත් පෝසත් මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ කියන උපකල්පනය උඩ ඔහුට දඬුවම් ලිහිල් කල යුතුද?

      පොලීසිය කුඩු පැකට් දාල අල්ලන එක ගැන මටත් ප්‍රශ්න තියනව. ඒත් එහෙම නොවන් සාදාරණ සැකයක් නෙමෙයි කිසිම සැකයක් නැතුව ප්ලෑන් කරල ගෑණු , ලමයි දූශණයකර මරපු අය ඩෙත් රෝ එකේ ඉන්නව.

      මං කියන්නෙ absolute දෙයක් නෙමෙයි. මරණ දඬුවම සම්පූරණ හෝ දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි.
      ඔය හැම දියුණු යුරෝපීය රටකම සමාජය දියුණු වීමට පෙර මරණ දඬුවම තිබුන.
      මං කියන්නෙ ලංකාව වගේ සමාජයක දඬුවම නිසා සමහර වර්ගවල අපරාධ යම් මට්ටමකට වැලකිය හැකිය් කියල හිතෙනව. සමහර විට සාක්කි ඇතුව මිනීමරපු එකෙක් නැතිවෙන්න දෙයක් නෑ කියල වැඩියෙන් මරණ අවධානම තියනව. කරලම බලලන්න ඕනෙ. යුද්ධයකදී තිරිසන් ත්‍රස්තවාදීන් මැරීම සාධාරනයි.
      තිරිසන් මිනීමරුවන්ට නීත්යානුකූලව මරණ දඬුවම????

      මං කියන්නෙ ඒක අහපු ගමන් දැනුවත් කලයුතුයි, සමාජය වෙනස් කල යුතු යි ආදී හම ගහපු තියරීස් වලින් මරණ දඬුවම හෙලා නොදැක එය necessary evil ලෙස හිතල බලන්න කියල

      පෝස්ට් දහයකට ඇතිවෙන්න කමෙන්ට් කලා. මාතලන් මට මරණ දඬුවම දෙන්න ඉස්සෙල්ල යන්නම්. නිමි.

      Delete
    6. මහින්ද කාළෙත් ක්‍රියාත්මක නොවුනු මරණ දඬුවම යහපාල මහත්තයගේ කාළේ ක්‍රියාත්මක වෙන එකක් නෑ කිසි සේත්ම. ඒත් ජිනීවා වල ඉන්න උන්ට අපේ ෆේස්බුක් කාරයෝ ටික දාන ඉස්ටේටොස් ටික දැක්කා නම්, චැනල් ෆෝ අරවා මේවා ඕනැන්නෙ නෑ ලංකාව කියන්නේ අමු මිලෙඡ්චයෝ ඉන්න රටක් කියන්න.

      මරපු එකා ගැන හොයන්න තමයි පොලීසිය හා නීතිය තියෙන්නේ. ඒත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ මහා අමුතු විදියකට. රෝම ලන්දේසී නීතිය නෙමෙයි දැන් තියෙන්නේ. අර රජ කාළේ තිබුන ගෝත්‍රික නීතිය. ඒකනේ නීතී හදන්න යන උන් කිසි බයක් නැතිව නීතීත් කඩාගෙන ඩබල් ඉරි කපාගෙන පාරේ යන්නේ.

      දියුණු රටක මෙහෙම දෙයක් උනා නම් දැරිය ගැන දුක් වෙලා කනගාටූ වෙලා මල් කළබක් හරි ඉටිපන්දමක් පත්තු කරලා හරි තම ශෝකය කනගාටුව ප්‍රකාෂ කරලා කඳුලක් හලලා එනවා. මොකෝ ඒ මිනිස්සුන්ට නීතිය ගැන අධිකරණ ක්‍රමය ගැන විශ්වාසයක් තියෙන නිසා.

      ඒත් මෙහේ...

      මිනීමරුවා ඉල්ලලා ගේ වටේ සෙනඟ ඌව හරි ඒකිව හරි මරලා දාන්න. නඩු අහලා තීන්දු දීලා දරුවගෙ තත්තා මරන්න තමයි කස්ටිය සෙට් වෙන්නේ. සමහර් විට ඌ ළමා අපචාර කාරයෙක් උනත්, මෙතනදි අහිංසකයෙක් වෙන්න පුළුවන්.. ඒකට තමයි පොලීසිය තියෙන්නේ..

      මිනීමරුවෝ මරන්න ඉල්ලනවා නම්.. පොලීසියට තියෙන්නේ ඔය ඉන්න ඔක්කෝටම වෙඩි තියලා මරලා දාන්න.. මොකෝ උනුත් මිනීමරුවෝ නේ...

      Delete
    7. In my opinion ,Capital punishment is not a solution. It is vengeance. People who will suffer with capital punishment are the family and parents of the condemned and not the person who will be executed.

      We don't know what lies for us in the future , imagine your son gets condemned to death some day , would you be able to bear that ?
      I have a son and he is growing up fine.
      Pundits could argue that one has to raise their children in a god fearing manner , but we have seen criminals coming from good upbringings.

      Delete
  10. සිද්දියෙන් සිද්දියට කලබල වෙලා මරණ දඬුවම ගෙනෙව් කියල කෑ ගහල වැඩක් නෑ.. ඊලඟ සිද්දිය වෙනකොට ඊට කලින් සිද්දිය අමතක වෙලා පාටි දාන ඒකනේ කරන්නේ..
    අම්මප.. පට්ට රටක් තමයි ඕයි!..

    ReplyDelete
    Replies
    1. තව ටික දවසක් යනකොට ඕක අමතකයි.. ඊට පස්සේ කස්ටිය සෙට් වෙලා ගීතව නදීශව දූෂණය කරනවා.. මෛත්‍රිපාල මැරෙණකන් බලාගෙන ඉන්නවා.. මුකුත් නැත්නම් රෑට රෑට ලොලිටාවන්ගේ පෝන් බලනවා...

      Delete
  11. /* මෙහෙම උන් බහුතරයක් ඉන්නා සමාජයක්, මේ තරම් කෲර සමාජයක් වෙන එක, එක අතකින් බැලුවාම මහා පුදුමයකුත් නෙමෙයිය. */

    බුකියේ කතා දැක මටත් හිතුණේ ඒකමයි!

    ReplyDelete
    Replies
    1. ඔයා දවසක් පෝස්ට් එකක් ලියුවා නේද මරණ දඩුවම ගැන. මට මතකයි එහෙම එකක් .

      Delete
    2. මම බුකියේ උඩ පහල ගියේ මාර බයෙන්.. එකසිය ගානට මිනීමරුවෝ වැහි වැහැලා...

      Delete
  12. සිද්දිය සම්බන්ධයෙන් මෑන්ට මරණ දඩුුවම දුන්නය කියමුකෝ..
    හැබැයි දැං මේ කෑ ගහන උන්ම ආයෙත් කෑ ගහයි..
    "මරණ දඩුවම එපා"
    හැබැයි.. නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි..
    මුදලට යට නොවිය යුතුයි..

    සාරුවාට විරුද්ධව පැමිනිලි කරපු මිනිස්සුම ආයේ ඒ පැමිණිලි ඉල්ලා අස්කර ගත්තා..
    ඒ සල්ලිවලින්ද, තුවක්කුවෙන් ද කියන්නනං හරියට දන් නෑ..
    කොහොම උනත් මේ සාරුවා ස්වාදීනව මේ පාර චන්දෙට ආවා.. ජන්ද කීයද නං දන්නෑ.. හැබැයි ඒ ගෝතයන් පිට උඩ තියාගෙන ඉන්න උනුත් තාම අපේ රටේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මේක පිස්සෝ පිරිච්චර රටක් මචෝ.. එකෙම වෙනස පිස්සෝ ටික ඔක්කෝම එලියේ.. පිස්සු නැති උන් ටික පිස්සන් කොටුවේ...

      Delete
  13. "What a Country !!!" උපුටා ගැනිම මාතලන් ගෙන්.

    ReplyDelete
    Replies
    1. වෙන මොකක් කියන්නෙයි...

      Delete
  14. මේ දරුවා ගැන මුල්ම පෝස්ට් එක කියවද්දී ඇඟ හිරිවැටිලා ගියා.. ඒ වගේම පුදුම අසරණකමක් දැනුණා.
    අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කරන්නේ රැල්ලට. හැමෝම මේ සිදදියේදී එල්ලුම් ගහ පටන් ගන්න ,,,, රංජන් රාමණායක මහතා කියන විදියට මුස්ලිම් නිතිය විදියට දඬුවම් දෙන්න....
    මෙයාලා කියන විදියට ඔය කෙනා අල්ලලා මරලා දැම්මා .. ඊට පස්සේ අපේ රටේ අපරාධ නවතීවි.. අනේ මන්දා. මං නම් හිතන්නේ අපි කෙලවර ඉඳන් මර්දනය පටන් ගන්න එක තේරුමක් නෑ . අධ්‍යාපන ක්‍රමය තුළ වෙනසක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ මුස්ලිම් නීතිය ගේන්න කියන රංජන්ම.. අපේ රිසානගෙ බෙල්ල කපන වෙලාවේ මෙහේ හෙන සද්දයක් දැම්මා අරාබී කාරයන්ට විරුද්ධව.. බලාගෙන ගියාම ඌත් අරාබියෙක්නේ...

      Delete
    2. ඔව් මටත් පුදුම හිතුණා. බලාගෙන යද්දී හැම එකාම එකයි

      Delete
  15. රට කරවන්නට ගොන් වස්සන් පාර්ලිමේන්තු යවන ජනතාවක් ඉන්න රටක් කවදාවත් හදන්න බැහැ ....
    මේ දුවන ක්‍රමයත් එක්ක නීතිය තව තවත් වල් වදින එකම විතරයි වෙන්නේ... .මිනිස්සු ධාර්මික වෙන්නනම් පාලකයින් ධාර්මික විය යුතුයි... .ධාර්මික පාලකයින් පත්කරගන්න නම් මිනිස්සු බුද්ධිමත්ව චන්දය පාවිච්චි කල යුතුයි... මේ පුංචි දරුවාගේ සිද්දියට අනේ අපොයි කියන මිනිස්සු දාහක් අරන් කාටද චන්දෙ දුන්නේ කියල අහල බැලුවොත් තේරෙයි එයාල බහ්තරයක් නීති හදන්න යවල තියෙන්නේ කරත්තේ බන්දින්නවත් සුදුසු නැති උන් නේද කියල... රටේ වෙන අපරාද වලට වක්‍රාකාරයෙන් වගකිවයුත්තේ මහජනතාවමයි...

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය කතාවට විරුද්ධයි... මොකෝ මිනිස්සුන්ට ගන්න වෙලා තියෙන්නෙ කැමති බඩු නෙමෙයි.. කඩේ විකුණන්න තියෙන බඩු...

      Delete
  16. මගේ දූට අවුරැදු එකොලහයි.මොන වෙලාවෙ බැලුවත් අප්පචිචි කියන ගමන්මයි.වෙලාවකට මට එයාව අත්දෙකෙන් උස්සලා මගේ ෆිටි එක පෙන්නන්න කියලා කියනවා.එයාගේ ලොකේ වීරයා මම,ශක්තිවන්තම අප්පචිචි මම,හොදම අප්පචිචි මම,කොටින්ම එයාගේ මුලු ලොකේම මම,ඒයාට මම ලග ඉන්නකොට දැනෙන්නේ ආරක්ෂාවක්,ඇත්තෙන්ම හැම දුවෙක්ම පුංචි කාලේ හිතන්නේ එහෙමයි,අද මගේ දූගේ උපන්දිනය,මැරැණ පුංචි දූගේ උපන්දිනය හෙට,

    ReplyDelete
    Replies
    1. දුවට සුභ උපන් දියක් වේවා කිව්වා කියන්න...

      Delete
  17. අඩු තරමෙ,නරක මිනිස්සුන්ව හෙලා දැකල,හොඳ මිනිස්සුන්ව ඉදිරියට ගේන්න තරම්වත්,මිනිස්සු දැනුවත් වෙන්න ඕන.එහෙම නොවී, මොන නීති ගෙනාවත් මේ දේවල් වෙනස් වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිහට මේ රටේ කිසි තැනක් නෑ නේ.....

      Delete
  18. හැමෝම පුළුපුළුවන් වෙලාවට රටේම අයට මෛත්‍රී භාවනව කරන්න. රටට හොඳක් වෙයි. නොවුනත් මේව අහල කළබල වෙලා තියෙන අපේ සිතවත් නිවෙයි.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී භාවනාවෙත් නම වෙනස් කලා නේද....?

      එහෙව් රටක් මේක....

      Delete
  19. අර බැනර් එක අල්ලං ඉන්න සැට් එකට දූලා නැතිව ඇති නේද බං?

    ReplyDelete
    Replies
    1. ලොලිටාවන්ට ප්‍රිය සැට් එකක් වෙන්ටෑ.....

      Delete
  20. අපෝ මේ වගේ දෙයක් වුණාම තීන්දු දෙන්න කොච්චර නං පිරිසක් ඉන්නවද අපේ රටේ. දැනටම මේ සිද්ධියට අදාළව මරන්න ඕන එවුන්ව ලිස්ට් හදලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මිනීමරුවෝ සැට් එකක් ගේ වට කරගෙන ඉන්නවය කියන්නේ...

      Delete
  21. පොසොන් කාලෙට අනුරාධපුරේ ඉන්න පික්පොකැට් කාරයො ටික අල්ලලා කුඩු කරනවා .. !!! පොසොන් ඉවර උනාම උං ඇරියසුත් අල්ලලා ආයෙ පොකැට් ගහනවා ……
    මේකටත් ඒකම තමා.

    ReplyDelete
  22. වෙන මොනවා ඉතින් කියන්නද.. පට්ට රටක් ඕයි කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ජාතික ගීයට අර "මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නේ පිස්සූ..." කියන ගීතය දාන්න බැරිද දන්නේ නෑ....

      Delete
  23. මේ වගේ දෙයක් ඇති වුනාම මිනිස්සුන්ගේ හිතේ ආවේගයන් ඇතිවීම ස්වාභාවිකයි. ඒ නිසා ඒ මිනිස්සු ඒ දේවල් කිව්වේ මිනීමරු මානසිකත්වයෙන් කියලා කියන්න අපිට පුළුවන් කමක් නෑ. හිත උණු වෙන හැම එකෙකුටම ඒ ඝාතනය දැක්කම එහෙම දේවල් හිතෙන එක සාධාරණයි. ලෝකේ ඉන්නේ හොඳම උපාසකයා වුනත් මෙහෙම දෙයක් ඇහුවම " ඕකුන්ව මරලත් මදි" කියලා කටින් පිටවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ මිනිස්සු ස්වාභාවයෙන්ම කෲරයි කියලා හිතන්න බෑ.
    එල්ලුම් ගහ අථුඅ හෝ නැතුව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් සමාජයක් හදන්න ඕන. එත් ඉතින් කවදාවත් ඒක එහෙම වෙයි කියලා නම් හිතන් බෑ

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ... දියුණු රටවල එහෙම වෙන්නේ නෑ..... මම ඒක අත්දැකලා තියෙන නිසා කියන්නේ...

      එහෙම වෙන්නේ ඒ රටවල මිනිස්සුන්ට නීතිය ගැන විශ්වාසයක් තියෙන නිසා...

      Delete
  24. උන් මරන්නේ නැතිව මක්ක කොරන්න කියලද බන් මාතලන් අය්යේ උඹ කියන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ මම කියන්නේ ඕකුන් හිරේ තියන් තව නඩත්තු කරන්න ඕනෙද කියල. නඩු ඇහුව එකෙක් දෙන්නෙක් එල්ලුවා..... එතකොට කරන එවුන් දෙපාරක් හිතයි.

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. එතැනදි සිද්ධ වුනේ මිනිස්සු තාවකාලිකව අධි සංවේදී තත්වෙකට පත්වෙලා ඉන්න අවස්ථාවක ඒක ජඩමාධ්‍යයකින් විකුණගෙන කාපු එක කියලයි මම හිතන්නෙ. සේරටම කලින් මීඩියාවල උන්ට එතික්ස් උගන්නන්න ඕන. පියවරෙන් පියවරට ඒ අපරාධය වුන විදිය විස්තර කිරීමම මොන තරම් පහත්ද? පුංචි දරුවෙකුට උනත් ආත්මගරුත්වයක් තියෙන්නෙ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු තාවකාලිකව අධි සංවේදී තත්වෙකට පත් වෙලා //
      මෙන්න මේක තේරුම් ගන්න බැරුව අලියගේ කිරිජ්ජපල්ලක් නෑ කියලා හතීරටේ දෙස් දෙවොල් තියනවා කූරයි ම්ලේච්චයි නෝටියි කුජීතයි කියලා…


      ධ්‍යස්ත විග්‍රහයක් .. !! පට්ටයි බස්සි මචං..

      Delete
    2. //"ධ්‍යස්ත විග්‍රහයක්"// ඇහුවමයි :P

      Delete
    3. මං ඉතිං මෝඩයා නෙවැ.… තරහ අවසර :D

      Delete
    4. මේ රට මේ තරමටම විනාශ කළේ මාද්දිය... මම හැමදාම කියන දෙයක් ඒක...

      Delete
  27. මේ සිද්ධියෙදී මරණීය දන්ඩනය ඕනෙ කියන වීරයො කී දෙනෙක් ගබ්සාවට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පක්ෂද?

    ReplyDelete
    Replies
    1. ගබ්සාව නීතිගත වෙන්න ඕන. මේක ලෝකෙ දියුණු හුගක් රටවල් නීතිගත කරල තියෙන්නෙ. ලංකාව වගේ ගෝත්‍රික රටවල් තමා ගබ්සාවට විරුද්ධ.

      Delete
  28. සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
    දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
    කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

    දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
    කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
    රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා

    ගී පද : සුනිල් ආරියරත්න
    ගායනය නන්දා මාලනී.

    ReplyDelete
    Replies
    1. ජතික ගීයට මේකත් නරකම නෑ....

      Delete
  29. mathoo nikam dodwanna epa banz meka karapu ekata yahamin mudal thibba nam kauruth me gana katha karanne na. R Diminda Silvata me wage case ekaka thiyena bawa danawada chandrik gahanu lamayinge wayas adu karannath haduwa salli baleta

    ReplyDelete
    Replies
    1. දුමින්ද සිල්වාට ඒක ට බේත් හම්බ උනා නේද කල් ගිහින් හරි...

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. කන්දෙගමයා ( සජීව බාලසූරිය ) යනු මාතලේ දිස්ත්‍රික්කයේ කන්දෙවත්ත නම් සුන්දර ග්‍රාමයේ උපන් පශ්චාත් උපාධිධාරියෙකි. ඉබ්බන්වල හන්දියේ මහවැලි ගොඩනැගිල්ලේ සිට සයිබරයට එයි.

    බ්ලොග් ලොවට හාපුරා කියා පැමිණි මේ මහවැලි තරුණයා සිය බ්ලොගයට එන ලෙස මාතලන්ට ඇරයුම් කරයි.

    ReplyDelete
    Replies
    1. අපි දන්න සින්දු බලන්න උඹේ බොගට එන්න ඕනය...

      Delete
  32. 1. I don’t know why මෙහෙම වෙන්නෙ ඇයි?

    2. ඇත්ත, මේක ජඩමාධ්‍ය කරුවන්ගෙ තවත් සුනඛ මෙහෙයුමක්.

    3. කොමෙන්ට් කරපු බහුතරයක් කියන අදහස්( ජනප්‍රිය අදහස්) ධාර්මිකයි, ප්‍රජාත්න්ත්‍ර වාදීයි, මානුෂිකයි....... නමුත් ප්‍රායෝගිකයි ද කියලා හිතල බලන්න. Lee Kuan Yew සිංගප්පූරෙ හදපු හැටි ( මුල් යුගයෙ නීතිය ක්‍රියාත්මක කල හැටි) මට වඩා මේ බ්ලොග් එකට එන අය දන්නව ඇති. අද සිංගප්පූරුවෙ තත්වය ගැන දන්න අය කියන්න ආසයි මට අහන් ඉන්න.

    4. දියුණුයි කියන මහා පරජාත්‍රන්තවාදී සටවල් ඔල වෙන අපරාධ ගැනයි, පොලෝසියේ කෙරුවාව ගැනයි දන්නො දනිති. උන්ගෙ ක්‍රමේම තමයි මද පමණින් ලංකාවෙත් තියෙන්නෙ.(උන්ගෙ නම් සමහර ජඩමාධ්‍ය කරුවන් නොවන ජනමාධ්‍ය කරුවන් ඉන්නවා ඈ)


    5. දූෂණය වුනෙ, මැරුනෙ තමන්ගෙ දුව නම්............?(දක්ෂ පොලීසිය අපරාධකාරයා අල්ලයි. අධිකරණය නිසි දඬුවම්දෙයි....................... බලා හිටපල්ලා.....)((ඇයි සැකද?? දැන් ඔය තාජුඩීන්ගෙ මිනීමරුවො අල්ලන්නෙ. FICD එකෙත් පර්‍රස්සන කොරන්නෙ))

    ReplyDelete
  33. මාතේ, ඔය ගොඩක් උන් කෑගහන්නේ නැතිවිච්ච දැරිවිට තියෙන ආදරේට නෙවෙයි බන්. තමුන්ගේ එකෙකුටත් ඔහොම වෙයි කියන බයට. මේ දවස්වල මුණුපොත අන්තර්ජාලය ගන්න දෙයක් නැහැ. කොච්චර එපා කිවුවත් අහන්නේ නැතිව අර පොඩි ඒකිගේ මැරුණ පින්තූර දානවා. ඒ දරුවා ගැන පොඩ්ඩක් හරි අනුකම්පාවක් තියෙනවනම් ඔය පින්තූර පලකරයිද?අපේ කස්ටිය හිතාගෙන ඉන්නේ අපරාධ කාරය ඉවර කරාම අපරාධ ඉවරයි කියලා. අපේ සිරි ලංකාවේ තියෙන අවුල බන් අනිත් එකාට ගරු කිරීමක් නැති එක. තව එකෙකුගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නේ නැති එක. අපි දෙමලාගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නේ නැහැ. හම්බයගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නේ නැහැ. අපිට විරුද්ධ දේශපාලන මතයක් දරණ එකෙකුගේ ජීවත්වීමේ අයිතිය පිලිගන්න්නේ නැහැ. කොටින්ම කියනවනම් අපේ නොවන කිසිම එකෙක් අපිට වැඩක් නැහැ. ඒ මදිවට අපිට ඉන්නෙත් ගහන්න මරන්න උල්පන්දන් දෙන පුජ්‍ය පක්ෂයේ උදවිය. ඉතින් කොහොමද බන් රටක් හදන්නේ.

    ReplyDelete
  34. මේ නීති පද්ධතියම පුර්ණ ප්‍රතිසංස්කර්ණයකට ලක් කල යුතුයි.සේයා දැරියගේ ඝතකයා සංවිධනාත්මක මිනිමරුවකුට වඩා විකෘති මනසක් තියෙන අපරාධකරුවකු විය යුතුයි.මෙව්වා සමාජීය ගැටළු.මෙව්වා ගැන දිගින් දිගටම රටේ සංවාදයක්,කතාබහක් ඇතිවේනම් හොඳයි.නමුත් අවසනාවට ඔක්කොම සති දෙකෙන් අමතකයි.

    ReplyDelete
  35. සුපිරි කථාව බොස් .

    ReplyDelete
  36. මේක කරේ විශ්ව රංගනාත් ....

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ ඇනෝ ... ?

      Delete
    2. විශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්වා පොඩි ළමයි හුරතල් කරද්දී උනත් ලිංගික හැගීම් එනවා කියලා. මන් ඇහුවා ඒ කොහොමද බන් කියලා. ඌ කියනවා නිකම්ම නිකම් හිටියට එන්නේ නැහැ ටිකක් අත පත ගාන්න ඕනේ කියලා. මට තේරුණා ඌ මොනවා හරි සීන් එකක් කරන බව. මාත් නොදන්න ගාණට තව විස්තර ඇහුවා උගෙන්.

      Delete
  37. සුන්නි මුස්ලිම් වරුන්ගේ තාවකාලික විවාහය ලංකාවට හඳුන්වා දෙනු,
    බහු බාර්යා විවාහය නීතිගත කරනු,
    දෙමාපිය අවසර ඇතිව බාල වයස්කාර විවාහයට ඉඩ දෙනු. විවාහක ශිෂ්‍යාවන්ට පාසල් යාමට අවසර දෙනු,
    මදි පාඩුවට ගණිකා වෘත්තිය නීතිගත කරනු.

    ReplyDelete
  38. යම් පුද්ගලයෙකුට වැරදීමකින් සිර දඬුවමක් පැනවුණොත්, එය නිවැරදි කළ හැකි යි පසුව හෝ ඒ පුද්ගලයා නිර්දෝශ යි කියා ඔප්පු වුව හොත්.

    එහෙත් යම් පුද්ගලයෙකුට වැරදීමකින් මරණ දඬුවම පැනවුණොත්, එය නිවැරදි කළ නොහැකි යි, පසු කලෙක ඒ පුද්ගලයා නිර්දෝශ යි කියා ඔප්පු වුව හොත්.

    මෙය යි මරණ දණ්ඩනයේ ඇති භයානකකම.

    ReplyDelete
  39. Menna me wal wesa ballo ara podi daruwage maraneth wikunan kaala den keendareth wikunan kanawa.. Nodakin me wage sakkili..

    http://www.hotandfastnews.com/2015/09/blog-post_70.html?m=1

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන රගන්නෙ නැතුව එතෙන්ට ගිහින් කියපන් ඕක. මෙතන කිව්ව කියල වෙන්නෙ මාතලන් ඇවිත් කියයි ඕව ගෝත්‍රික අදහස් අම්මට සිරි ලංකාවෙ හිංගල මෝඩයින්ව හදන්න බෑ කියල එතනින් එහාට දෙයක් වෙන්නෙ නෑ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න