.

.

Nov 15, 2015

සූර පප්පලා මොනවා කරයිද...? - asterix & obelix take on ISIS

ලාංකීය සමාජය තරමටම බිඳෙන-සුළු (fragile), ලාංකීය සමාජය තරමටම මරි මෝඩ සමාජයක් තවත් ඇතිනම් ඒ ප්‍රන්ස සමාජයයි. 9/11 සිද්ධීන් ගෙන් පසුව ඇමෙරිකාවේ හෝ 7/7 සිද්ධීන්ගෙන් පසුව ලන්ඩනයේ දක්නට ලැබුණු සාපේක්ෂව පරිණත හැසිරීම ප්‍රන්සයෙන් බලාපොරොත්තු වීම මෝඩ කමකි. ප්‍රන්සයේ වෙසෙන්නේද (ලංකාවේ මෙන්ම) තොප්පියක් බිම වැටුණද එකිනෙකාගේ බෙලි මිරිකා ගන්ට සූදානම් පිරිසකි. "වගකීමෙන් යුතුව හැසිරීම" කියා දෙයක් ලංකාවේ සේම ප්‍රන්සයේද නැත. පසුගිය දින දෙකක කාලය තුළ ඔවුන්ගේ හැසිරීමම ඊට මනා නිදසුනකි.
මුලින්ම සරම උස්සා ගත්තේ ඔලොන්දේ අන්කල්ය. ඔහු සිද්ධියෙන් පසු තම ජාතිය ඇමැතීමේ පළමු වාක්‍යය නිම කළේ මෙසේය. «C'est un acte de guerre et face à la guerre le pays doit prendre les décisions appropriées. » (“මෙය යුද්ධමය ක්‍රියාවක්. යුද්ධමය ක්‍රියාවකට මුහුණ දුන් රටක් ඊට ගැළපෙන තීරණ ගත යුතුයි.”) ම්ළවුන්ගේ පවුල්වලට ශෝකය පළ කිරීම පවා ඔහුට මතක් වූයේ අන්තිමටය.
La Pen
වෙලාව එනතෙක් පුල පුලා බලා සිටියේය සිතිය හැකි ල පෙන් නෝනා ද නියම හෙළ උරුම ටෝකක් දුන්නාය.
මෙවැන්නක් ලංකාවේ වී නම් අනිවාර්යයෙන්ම අපේ කුමාරයෙක් විසින් නිකුත් කරතැයි සිතිය හැකි ට්විටර් පණිවිඩයට සමාන වන්නක් නිකුත් කළේ හිටපු ජනපති පුත් ලුයී සාකෝසිය. « La faiblesse et l’incompétence du président Hollande devient un danger mortel pour la France ». මේ මාරක සිද්ධියේ වගකීම ඔහු ඔලොන්දේගේ ගිණුමට සම්පූර්ණයෙන්ම බැර කරයි.
අද ගේමට බැස්සේ ප්‍රන්ස අග්‍රාමාත්‍ය මැනුඑල් වල්ය. ප්‍රන්සය විසින් ISIS ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය යුතුය කියා පටන් ගත් ඔහු අවසන් කළේ ප්‍රන්ස හරයන්ට ගරු කළ නොහැකි සියළුම ප්‍රන්ස වැසියන්ගේ පුරවැසිභාවය අහිමි කළ යුතුය කියමිනි.
Manuel Valls
මේ හැරුණු විට ප්‍රන්ස දේශපාලුවෝ රාශියක් මේ වන විට එකිනෙකා පිට වරද පටවා ගනිමින්, එකිනෙකා පරයන්ට දේශප්‍රේමී වෙමින්, එකිනෙකා පරයන්ට රට යුද්ධයකට ඇදගෙන යන ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.
ප්‍රන්සයේ මුස්ලිම් ප්‍රතිශතය 5-10% අතර වෙතැයි සැලකේ. (ජාතීන් හෝ ආගම් වශයෙන් සංගණනය නොකෙරෙන නිසා මේ ගණන හරියටම දත නොහැකිය.) මේ පිරිස ගැන මම බිය වෙමි. 9/11 සිද්ධි වලින් පසුව ඇමෙරිකාවෙ මුස්ලිමුන්ට මුහුණ දෙන්ට සිදු වූ ඉරණමට වඩා භයානක ඉරණමකට මොවුන්ට මුහුණ දෙන්ට සිදු විය හැකිය. ප්‍රන්සයත් ලංකාව සේම “දේශප්‍රේමී” රාජ්‍යයකි.
ප්‍රන්සය මේ මොහොතේ පවතින්නේ හදිසි නීති (emergency) තත්වයන් යටතේය. හෙට ඔලොන්දේගේ පාර්ලිමේන්තුව ඇමැතීමේ කතාවෙන් පසුව එය වෙනස් වන්ට ඉඩ තියේ. ඉන් පසුව ඕනෑම දෙයක් විය හැකිය.

ස්තූතිය - හිතවත් චානුක වත්තේගමයන්ට

80 comments:

  1. ඇතියංතන් දැන් අපේ රට ප්‍රංශෙ වගේ කියල කිව්වෑකි. පහුගිය කාලේ ඉතියෝපියාව වගේ කියල අහල ඇතිවෙලා තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව .. කොච්චර නම්බුද...

      Delete
    2. Ian
      +++++++++++++++++++++++++++ PATTA

      Delete
    3. ප්‍රංශය දැන් නම් අපේ වගේ... මෙහෙත් බුඩිස් අයිසිස් කාරයන්ට මාර නිදහසක් දීලා තියෙන්නේ.. උන් රනිල්ලට ජාති ආලෙන්ම ආයේ ගේම දෙනවා..

      Delete
  2. සරණාගත කඳවුරු ගිනි තියලා... අම්මට සිරි ලංකාවේ 1983 මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. නොදකින් කාළකණ්නි යක්කු..!!!!!

      Delete
    2. අපේ උන් වගේම තමයි.. :3

      Delete
  3. ආය ඉතිං උන් මොකෝ අපි මොකෝ නේද...

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම මනුස්සයොනේ...

      Delete
  4. ලංකාවේ පහුගිය දශක කීපයේ ම අාණ්ඩුව වෙනස් කරේ ඒල්ටීටීඊය.... 9/11 ප්‍රහාරයෙන් පස්සේ බුෂ් කතා කරලා කිව්වෙත් මේ ටිකම තමා.... අන්තිමට ඉවක් බවක් නැතුව උඩ පැන පැන ගැහුවා..... ඒ ප්‍රහාර අැතුලේ මානුෂාවාදී නීතියවත්, සාධාරණ යුධ න්‍යායන්වත් තිබුණේ නැහැ.... බුෂ්ගේ අාණ්ඩුව පෙරළුවෙත් අල් කයිඩා ත්‍රස්තවාදයම තමා..... අද ප්‍රංශයේ දේශපාලනයට බලපෑම් කරන්නෙත් අයිඒස් ත්‍රස්තවාදය.... අන්තිමට බැලුවා ම බටහිර පෙරදිග කියලා වෙනසක් නැහැ හැම තැනකට ම බලපෑම් කරන්නේ ත්‍රස්තවාදය...... බටහිර මැදපෙරදිග හසුරුවන්න හැදුවාට අැත්තට ම වෙලා තියෙන්නේ මැදපෙරදිග ත්‍රස්තවාදය බටහිර හසුරුවන ඒකයි......

    ReplyDelete
    Replies
    1. උන්ම වදලා, උන්ම හදලා, උන්ම කවලා, පොවලා, දැන් ඉල්ලගෙනම කනවා...

      Delete
    2. කුරුටුගේ කතාවට මමත් එකඟයි.

      Delete
  5. ප්‍රන්ස අගමැතිගෙ කතාවෙ වරද මොකක්ද? මුන් (අයි එස් අයි එස්)ගෙ දෙමව්පියො සරනාගතයන් ලෙසින් යුරෝපා රටවලට ආපු මිනිස්සු,ඔය තරුණ ත්‍රස්තයන් යුරෝපා වැසියන්ගේ මුදලින් නියම යුරෝපීයයන් ලෙසින් අද්යාපනය ලබා පසුව අරාබි රට වලට ගොස් පුහුනුව ලබා ඇවිත් මේ අපරාධ කරන්නෙ.යුරෝපා වැසියන් විසින් හැමට එකලෙසින් සලකන නිසායි ඔවුන්ට මේ දේ වෙන්නෙ. ඔබ මධ්‍යස්තව ලිව්වත් ඊයේ හිටපු ත්‍රස්තවාදියකුගේ බ්ලොග් එක අන්තවාදීන්ට අනියමින් සහය දක්වා තිබුනා.

    ReplyDelete
    Replies
    1. මේක මම ලියපු එකක් නෙමෙයි.. ඒත් ඒ ළිපිය හා මම එකඟයි...

      Delete
    2. ලනoකවෙ ගොඩක් යුද්දේ ගැන කතා කරන්නේ TV එකෙන් NEWS යද්දි යුද්දේ දැකපු එව්න්...... උදේ හවස යුද්දේ කියන්නෙ මොකක්ද කියල ඇස් දෙකෙන් දැකපු එව්න්...... ඊට වඩා වෙනස්........ මමත් එ ගොඩේ එකෙක්....... 82 ඉදල "ඉවර කරල දානකල්ම" මo දැක්ක.........
      {හරි විනෝදයි මචo
      ......}

      Delete
  6. ඔබ කියන දේ හරි . හැබැයි මුස්ලිම් එවුන්ට ගහන එක ගැන මගේ හිතේ පොඩි සතුටක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි තම්බියෝ බලෙන් තොගේ කොණ කැපුවද?

      Delete
    2. නෑ නෑ පල්ලෙහටම ඇදලා ස්ටෙප්ලර් කටු ගහලා උඩට එන එක නතර වෙන්න

      Delete
    3. //හැබැයි මුස්ලිම් එවුන්ට ගහන එක ගැන මගේ හිතේ පොඩි සතුටක් තියෙනවා.//

      නොදකින් කාළකණ්නි යක්කු..!!!!!

      ISIS කාළකණ්නින් ගෙයි උඹලා ගෙයි කිසිම වෙනසක් නෑ. කොටින්ම උඹලා දෙගොල්ලොන්ගෙයි කොටින්ගෙයිත් කිසි වෙනසක් නෑ....

      Delete
    4. මුස්ලිම් උන්ටද... මුස්ලිම් ආගමේ නාමය යොදාගෙන ඉන්න ත්‍රස්තවාදීන්ද...?

      Delete
  7. මාතලන් මමනම් ඔය ප්‍රන්ශය ගැන දන්නෙ අපි පොඩි කාලෙ අවුරුද්දට බෝතලේ අපෙ අම්මලගෙ ගමේ ගියාම ප්‍රංශ අදින කාලෙ ඉඳල

    ReplyDelete
    Replies
    1. අපේ අප්පච්චි නම් බෙලි අත්තේ.. එයා මේ දවස්වල කෝපී කඩේ දාං අදිනවා...

      Delete
  8. මාතා,

    මෙන්න හේතුව ප්‍රංශයේ බෝම්බ පිපිරීමට http://www.bbc.com/news/world-europe-34738177
    මේක තමයි සිංහලෙන් "අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා " කියන්නේ

    ReplyDelete
    Replies
    1. හුටා යකෝ ටික්කා පොස් වෙලා කඩ්ඩෙන් ලියනවා ....මාර පුශ්නේ

      Delete
    2. ටික්ක කියන අපතයට මොකෙක් හරි මෙව්ව ලියල දෙනවද කොහෙද. නැත්නම් ඕක දන්න ඉංග්‍රීසි. සිංහල වත් දන්නෙ නැති එකා නැත්නම් මොකෝ මේ හිටු කියල්ල කඩු කෑලි වනන්නෙ.

      Delete
    3. උන් දවස් දෙකකට කලින් කිව්වා යුරෝපය ලේ විලක් කරනවා කියලා...

      Delete
  9. සරණාගතයො මුවාවෙන් එන හැම නයෙක්ම රෙද්ද පල්ලෙ ඔබා ගත්තු යුරෝපෙට දැන් කනෝ....කනෝ...කියන්න වෙලා.අනික් අතට ඇමෙරිකාව ප්‍රමුකව යුරෝපා සෙට් එක කිරි දීල හදපු කොටි පැටවු තමයි දැන් මෙල්ල කර ගන්න බැරි කොටි තඩියො වෙලා ඉන්නෙ.කොහොම වෙතත් අරාබි සරණාගතයො ගැන යුරෝපෙට තියෙන කැක්කුමෙන් අරික්කාලක් වත් අරාබි කලපෙම ධනවත් රටවල් වන සවුදි,කටාර්,ඩුබායි වගේ රටවලට නැහැනේ.කෝ ඔය එක රටකවත් ජාතියේ ආගමේ නාමයෙන් එක සරණාගතයෙකුට රැකවරණය දෙනවද?ඇයි ජපානෙ සිංගප්පුරුව කොරියාව වගේ රටවල් සරණාගතයින් ගැන යුරෝපෙ තරම් වෙස්සන්තරල නොවන්නෙ.ඒක තමයි ඒ රටවල් අදටත් ගැටුම් වියවුල් නැතුව තියෙන්නෙ.විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදයට රටකට රිංගන්න දුන්නොත් ඒ රට විනාශයි.තුර්කිය වගේ මුස්ලිම් රටක් අදටත් තවත් අරාබියක් නොවී තියෙන්නේ ආගම රාජ්‍යයෙන් වෙන් කරපු ඒ සිස්ටම් එකට පිං සිදු වෙන්න.ඒක නිසා තමයි හිටපු ඕස්ට්‍රේලියා අගමැතිනිය කිව්වෙ පුළුවන් නම් අපේ රටේ නීතියට යටත්ව ඉන්න නැත්නම් පිටවෙලා යන්න කියල.මෙව්වා අපිටත් හොඳ පාඩම්.

    ReplyDelete
    Replies
    1. ela ano macho manna pothalan kiyanne pransa karayanta thmbinta pukath denna kiyala wennethi oya hamba wesige puthalawa rataka 4maimata wadda ganna hoda ne me mathalan keriya isis karayanta eka wachanekin waradakkiyanne ne mu arabinta guide wedei pimpi wedei karana nisa

      Delete
    2. ටික්කාNovember 15, 2015 at 11:17 AM
      Agreed.... +++++

      ඇර බොට ගිය කල

      Delete
  10. අනුන්ගේ තුවාලයට පෙන්වා සතුටුවුණා වූ දැන් උන්දලාට පිඹ පිඹ ඉන්නට දැන් තමුන්ගේම කියා තුවාල තියන එක ගැන හිතද්දී හිතට පොඩි ලල් එකක් තියෙනවාය.. ඒත් මැරෙන්නේ කව්රු උනත් මිනිස්සු කියලා මතක්වෙද්දීම ඒ ලල් එක ටිකක් මෙව්ව වෙනවාය ..

    ReplyDelete
    Replies
    1. මටත් දුක ගහන්න ඕන උන්ට නොගහා, අහින්සක මිනිස්සුන්ට ගහනවට...

      Delete
  11. අපිත් ප්‍රන්ශේ වගේ තමා , ඇයි අවුල්ද ?
    එයාලට අයිෆල් තියෙනවා අපිට නෙලුම් කුළුණ තියෙනවා . ඉතිං තව මොනවද?

    ප්‍රන්ශුවා ලොක්කත් යහපාලනිස්ට් කෙනෙක් වෙන්න ඇති නේ ?

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩා...................ඔන්න දැනුයි තේරුණේ අපිත් ප්‍රන්සේ වගේ කියලා. අපි ප්‍රංශ ක්‍රමේට ( නෑ එක්කෝ ඕන් නෑ)

      Delete
    2. ලව්පූස් වගේ ලෝක පූජිත ලේඛකයෙක් ප්‍රංශ ලිපි French letters පිලිබඳව හසල දැනුමක් ඇති

      http://www.merriam-webster.com/dictionary/french%20letter

      www.urbandictionary.com/define.php?term=french+letter

      Delete
    3. මොන බලවතා උනත් මේ වගේ වෙලාවට අඤ කොරෝස් වෙනවා... උඹට මතකද 9/11 වෙලාවේ ගහනවා කියන මැසේජ් එක බුෂ්ට දුන්න වෙලාවේ පොරගේ මූණ...

      Delete
  12. හැමෝම ඔයවගේ තමයි..
    උලව් ජාතිය රකින්න කියලා අතදරුවෝ පවා මරාදානවා

    ReplyDelete
  13. ප්‍රංශ ජාතික ගීය අරාබි බසින්ද ගැයීමට ඉඩදිය යුතුයි. එවිට මුස්ලිම් වරුන්ට මේක අපේ රට කියලා හැඟීමක් එනවා.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව

      Delete
    2. jagath pathirana

      ප්‍රංශයට මුස්ලිම් උප ජානාධිපතිවරයකු පත්කල යුතුයි. එල්ටීටීඊ සංවිධානය පීඩිත ජාතීන්ගේ ජාතිකවාදී සංවිධානයක් නමුත් මුස්ලිම් සටන්කාමී සංවිධාන ජාත්‍යන්තරවාදී සංවිධාන. එමනිසා එල්ටීටීඊ සංවිධානය සමඟ යුද්ධ කිරීම වැරදියි. නමුත් සමාජවාදී නොවන ජාත්‍යන්තරවාදී අරමුනු වෙනුවෙන් සංවිධාන පිහිටුවීම තහනම්. ඒවා විනාශ කල යුතුයි. එහෙම තමයි මාක්ස් කියලා තියෙන්නේ.

      Delete
  14. දැන් මේ ලිපියෙන් අපේ සමහර ලාංකිකයො පට්ට අභිමානයට පත්වෙයි 'අපිත් ප්‍රංසෙ වගේ'කිව්ව කොටස අල්ලගෙන.

    ReplyDelete
    Replies
    1. ප්‍රංශය ගැන දුක් වෙන අයට සිටිසන් දෙනවා කියන්නේ...

      Delete
  15. ප්‍රංශෙ කියන්නෙ යුරෝපෙ රටවල් අතරිනුත් දියුණුම රටක්. ප්‍රංශෙට එක අඩියක් තියල තියනවනං ඒක තේරෙනව. ලංකාවෙ ගෝත්‍රික මිනිස්සු බෝම්බ පිපිරීමෙන් පස්සෙ කොටියට කිරි පෙව්වෙ ප්‍රංශෙ කියල නටනකොට මන් හිතුවෙ මාතලන් ප්‍රංශෙ පැත්තට කතා කරල පෝස්ට් එකක් දායි කියල. ඒත් උඹ උන්ව අපේ ගෝත්‍රිකයන්ට සමාන කරල. යකෝ ප්‍රංශෙ මිනිස්සුත් අපි වගේ උනානං උනුත් අද තුන් වෙනෙ ලෝකෙ රටක්. උන්ට දේශප්‍රේමය තියනව අපේ උන් වගේ කටින් නෙමේ හදවතින්.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බං යන්න. ප්‍රංශ කාරයො ගෝත්‍රිකයෝ තමයි... ශිෂ්ටාචාර විනාශ කරලා මන්කොල්ලකාපු කාලකන්ණි .. උන්ගෙ දියුණුව ගැන විවාදයක් නෑ.. ඒක උන්ගෙ දක්ෂතාවය. ඒ ගැනත් කතාවක් නෑ. හැබැයි උනුත් කහ මලෙන් නාපු ජාතියක් නෙවෙයි... හැබැයි මෙහෙ ඉඳල එහෙ "අඩිය ගහල" පොර ටෝක් දෙන උඹල තමයි ගෝත්‍රිකයෝ...

      Delete
    2. නිකන් පලයන් හම්පඩ පඩංගු ලියන හාල්පාරුව. තෝ දන්න ප්‍රංශෙ? තෝ හිතන් ඉන්නෙ සුද්දොන්ට අල්ලන ගයිඩ් කෙනෙක් මොකෙක් හරි බක පඬියෙක්ගෙ තකතිරු කතාවක් අල්ලගෙන ලියපු මේ පල් හෑලි කියෙව්වම ප්‍රංසෙ ගැන සියල්ල දත් වෙනව කියලද? ඉස්සෙල්ල ප්‍රංස ඉතිහාසය සිංහලෙන්වත් කියෝපිය. වෝල්තේහ්, ශොං-ශක් රූසෝලගෙ සමානාත්මවාදී දර්ශනය, මිනිසාගේ සමානාත්මතාවය මත පදනම් වූ කෝදෙ සිවිල් දේ ෆ්‍රොන්සේහ් (කෝදෙ නපෝලිඕං), ප්‍රන්ස සිරිත් විරිත්, සම්ප්‍රදායන් සහ ලෝකය ශිෂ්ට සම්පන්න තැනක් කරන්නට ප්‍රන්සය කළ අනගි දායකත්වය. අනෙක් හැම අධිරාජ්‍යයක්ම වගේ ප්‍රන්සයත් සාපේක්ෂව යම් අපරාධ කළබව ඇත්ත. නමුත් ප්‍රන්සෙ සාපේක්ශව කියන්නෙ මිනිස් නිදහසේ උපරිමය ඇති රටක්. ඔය 5%-10% ක මුස්ලිම් තක්කඩි ප්‍රන්සෙට රිංග ගත්තෙත් ඕකයි. මෙම සිද්ධියත් එක්ක (පරී නුවරට ගහපු එක ) අනෙක් ඕනෙම රටක වගේ ප්‍රන්සෙත් මිනිස්සු ආවේගශීලී වුණා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා උන්ව පොඩ්ඩක් සෙට්ල් කරන්න ලොක්කො ඔක්කොම ඒ පැත්තට කතාකරත් උන් ඇත්තටම මොළේ පාවිච්චි කරල වැඩ කරයි. කුලප්පු නොවී බලන් හිටු මොකෑ වෙන්නෙ කියල.

      Delete
    3. AnonymousNovember 16, 2015 at 4:34 AM

      මචන් ඔය සජ්ජ කියන එකා ගල්වැඩපොලක් කරන එකෙක්. ඌ දන්නෙ ගල් විකුණල හම්බුවෙන සල්ලිවලින් නෙට් ඇවිත් යූඇන්පීය වෙනුවෙන් කඩේ යන්නයි ලමාතන් ල ගහන ගහන බයිල වලට එහෙයි පද කෙලින්න විතරයි. මෙව්ව නිකන් බලල ආතල් ගන්න විතරයි. ඕකුන්ට උපදෙස් දෙන්න ගිහින් තොගේ වටිනා කාලෙ අපරාදෙ.

      Delete
    4. ප්‍රංශෙ ගැන මාර කැක්කුමක්නෙ තියෙන්නෙ මුන්දට.. හරි ලොකු ඇති.. සමහර එවුන් හිතාන ඉන්නව රටකට ගිහිං ටිකක් කල් එහෙ හිටියම ඒක මාරයි, ඒක තමා හෙනම ලොකු , අපේ මොනවද තියෙන්නෙ කියල. අපේ රටවල් එක්ක බැලුවම දියුණු කොයි රටවලුත් ලොකුයි තමයි. "සමහරක්" වෙන කොහෙටහරි තොලොංචි වෙලා ඉඳන් මෙහෙ හදන්න ඔපීනියන් දෙන්න , සංසන්දනේ කොරන්න වළි කනව. හැබැයි මහත්තයෝ කොච්චර දියුණු උනත් ඔය කොයි රටෙත් හිඟන්නොත් ඉන්නව. අපේ පැත්තෙත් එකෙක් ඉන්නව. බීල බීල නැත්තටම නැති වෙලා ඉන්නෙ. ලොකු හාඩ්වෙයා එකක සිමෙන්ති පටවන්න යනව. කතා කලොත් හාඩ්වෙයා එකේ මහත්තයගෙ පැජරෝ, ගෙවල්, බිල්ඩින්, බිස්නස් වල වරුණාව..
      අනිත් ඇනෝ වෙත...සත්තලන්.. ගල් වැඩපොළ මගේ , කඩන ගලත් මගේ, ගල තියන වත්තත් මගෙ.. එක එකා ගාව කඹුරන්නේ නැතුව මං පාඩුවේ ගල කඩාගෙන ඉන්නව. ඇයි අවුල්ද? සරම ගහගෙන බෝක්කුවක් උඩ ඉන්නත් මට පුළුවන් , කෝට් බෝට් ඇඳල ලොකු තැන් වලට යන්නත් පුළුවන්... මොකෝ නරකද??

      Delete
    5. ඒක නිසා වෙන්න ඇති සරණාගත කඳවුරු ගිනි තිබ්බේ... ප්‍රංශ ආන්ඩුව ඒ ගැන මුකුත් නොකලේ...

      83 මෙහේ උනෙත් ඕකමයි... මම කියන්නේ නෑ ඒ දේම එහේ වෙනවා කියලා.. නමුත් මේ ළිපියේ තියෙනවා වගේ උන්ට හැඟීම් පාලනය කොර ගන්න බැරි උනා..

      Delete
    6. ප්‍රංසේ කෙසේ වෙතත් ඇනෝලා දෙන්නම් මාර දියුණුයි කියලා හොඳින් පේනවා...

      Delete
  16. එ කියන්නේ අපි වගේ එවුන් ඒරොප්පෙත් ඉන්නව ඇ
    හතුටුයි හුතුටුයි

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් ඉන්නවා මෙයා...

      Delete
  17. එපාම කරපු එක අන්තවාදය. ඒකෙනුත් මුල් තැනට ආගමික අන්තවාදය. ජාතිවාදයටත් වඩා අප්‍රසන්නයි ඒක.

    ReplyDelete
    Replies
    1. ආගම් "අදහන්නේ" මෝඩයෝ... ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු...

      Delete
  18. දියුණු හා ශීලාචාර රටවල් අතුරෙන් ප්‍රංශයේ වෙනත් රටවලට වඩා xenophobia පොඩ්ඩක් තියනව නේද?
    (ඉන්ග්‍රීසි දැනගෙන හිටියත් විදේශිකයෙක් ඉන්ග්‍රීසියෙන් අහන දේට උත්තර නොදීම වගේ සරල දේවල සිට සංකීර්ණ දේශපාලනය දක්වා)

    හැබැයි ඒවගේම අතිශයින් ලිබරල් අදහස් ඇති අයත් හුඟාක් ඉන්නවා. බහුතරය මං හිතන්නෙ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ISIS වගේ සම්පූර්ණ 100 % අමනුස්ස පිස්සන් නිසා ඒ ලිබරල් අයත් තමන්ගෙ ලිබරල් ගතිය කලාවට, තම සමාජයට, ලිංගිකත්වයට ආදී දේවල්වලට සීමාකරගෙන විදේශිකයින් දිහා සැකයෙන් හා බයෙන් බලන්න පුරුදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රන්සෙ විතරක් නෙමෙයි මුළු යුරෝපයේම එය අඩු වැඩි වශයෙන් තියෙනව. Racism and xenophobia are steadily growing in Europe. නමුත් සාපේක්ෂව ප්‍රන්ස ජාතිකයන් ඉතාම ලිබරල්වාදී සහ වර්ණභේදවාදය ඉතාම අවම පිරිසක්. යම් ජාතිවාදී පිරිසක් සිටිනබව ඇත්ත. ඇත්තම සිද්ධිය නම් ඔවුන් තම බසට බෙහෙවින් ආදරය කිරීමයි. තම රටේදි තම බස හැර වෙනත් විදෙස් බස් (විශේෂයෙන්ම ඉන්ග්‍රීසිය ) යොදාගන්නා විදේශිකයින්ට ඔවුන්ගෙන් ඇතැමුන් දැඩි අකමැත්තක් දක්වනවා. ඒක තමයි ප්‍රධාන හේතුව. නැතිනම් ජර්මනියේ නව නාසිවාදීන්, බ්‍රිතාන්‍ය ජාතිවාදීන් ප්‍රන්ස වැසියන්ටත් වඩා උග්‍ර ජාතිවාදයක් පෙන්වනවා. ප්‍රන්සයේදී හැකිතරම් ප්‍රන්ස බසින් දොඩන්න. කැඩිච්ච ප්‍රන්ස උනත් ඕකේ.

      \\ ISIS වගේ සම්පූර්ණ 100 % අමනුස්ස පිස්සන් නිසා ඒ ලිබරල් අයත් තමන්ගෙ ලිබරල් ගතිය කලාවට, තම සමාජයට, ලිංගිකත්වයට ආදී දේවල්වලට සීමාකරගෙන විදේශිකයින් දිහා සැකයෙන් හා බයෙන් බලන්න පුරුදුවෙනවා.\\

      මේකටනම් සම්පූර්ණයෙන් ම එකඟයි.

      Delete
    2. ඇත්ත මේවා වලින් වෙන්නේ හොඳ මිනිස්සුත් ආයෙත් ගෝත්‍රිකයෝ වෙන එක...

      Delete
  19. ඕනෑම හොරෙකුට 'මට මේ රටේ ඉන්ඩ බෑ' කියල පනින්ඩ තිබ්බ රට ISIS ල එකත් නැතිකරා.
    අල්ලාහු අක්බර්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. මේකනම් සහතික ඇත්ත. කොටින්ම 1988-89 දි මර්දනයට ලක්වෙච්චි ජවිපෙ සාමාජිකයො රැසක් පවා කිසිදු බාහිර සහයක් හෝ පැහැදිලි සාක්ෂි නොමැතිවම ප්‍රන්සයේ රැකවරණ ලැබුවා සෝමවංශ ඇතුළුව. දමිළ ජාතිකයන් ලක්ෂ 1 1/2 කට වඩා පහසුවෙන් එරටට පැනගෙන ලංකාවේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේ ඔවුන්ගේ මානුෂීය නිදහස්කාමී ලිබරල්වාදී ප්‍රතිපත්තිවල පිහිටෙන්.

      Delete
    2. ඇත්තටම ඒ රටවල බුද්ධි අංශ ලැජ්ජාවට පත් වෙන්න ඕන... වෝනින් දීලත් කිසිම පියවරක් නොගත්ත එක ගැන...

      Delete
  20. සූර පප්පලා මොනවා කරයිද...? හැමිනෙයි ඒච්ච්රයි .......

    ReplyDelete
    Replies
    1. හැමිනෙයිද හැමිනවයිද

      Delete
  21. අන්න දෙනවා.... ඔහොම ගහලා රටවල් ඉතුරුවෙයිද දන්නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඉවර නොකලොත් මෙහෙත් ඕකම තමයි...

      Delete
  22. ප්‍රංසකාරයෝ බේර ගන්න කියලා හෙට අනිද්දට ඇමරිකානු හමුදාව සිරියාවට ගොඩබහින්න බැරි නෑ

    ReplyDelete
    Replies
    1. කාපූ කෑම් මතක ඇත්නම් ආයේ බහින එකක් නෑ කොහාටවත්..

      අනික බහින්න ඕන් නෑ නේ... ටැක්නොලජි එක පට්ට දියුණුයි නේ...

      Delete
  23. අපේ නායකයන්ට වගේ ප්‍රංශ නායකයන්ටත් ගොඩක් ගැණු කේස් තියෙනවා.දැන් ඉන්න උන්නැහේට නම් කොහොමද දන්නේ නැහැ හැබැයි කලින් හිටපු " නිකලස් සර්කෝසි"ට නම් ඔය වගේ චෝදනා ගොඩක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. බඩු ගැහුවට අවුලක් නෑ... රට හරියට කරලා...

      Delete
    2. බඩු ගැහුවාට අවුලක් නැහැ.අවුල උන් බඩු ගහන්න රටේ මිනිස්සුන්ට ගහන බදු ගැනයි අවුල මාතේ.

      Delete
    3. ලොකු තැන්වල ඉන්න මොකත් ඔහොමයි මොන රටේ උනත්. අර ඔබාමට ඉන්නෙ ඔය කලු ගෑනු කෙනා විතරනම් ඒක ලෝක පුදුමයක්. සංචාරක කර්මාන්තෙ ඉන මාතලන් සුද්දන්ටයි සුද්දියන්ටයි දීල නැත්තන් ලෝකෙ කියන්න තියන ලොකුම බොරුව ඒක.

      Delete
  24. මාතා අයියගෙ පෝස්ට් වල හොදම හරිය තමා ඇනොලගෙ ගැටුම. පුද්ගල මඩ නැතුව අදහස් ගැටෙනව නම් හොදම දේ සමජෙට යයි

    ReplyDelete
  25. දැං ඉතින් කියපංකෝ ගෝත්‍රික නොවෙන රට මොකක්ද කියලා. එංගලන්තෙද නැත්තම් ඇමරිකාවද? ඒක තමයි බොලව් කියන්නේ ලංකාවට විතරක් මේවා ලඝු කරන්න එපා කියලා.

    ReplyDelete
  26. ප්‍රංශය එහෙ එන්න නිදහස දෙන ගමන්ම, ඔවුන්ගේ නීති මාලාවට එන එවුන්වත් හසු කර ගන්නවා. බුර්කා එහෙම අඳින්න තහනම්. ඒ තරම් ලිබරල් රටකට මොකටද ඒවා කියලා හිතනවා ඇති. මට හම්බ වුණා 2013 දී යාලුවෙක් එවපු ෆොටෝ එකක්. ඉස්ලාම් භක්තිකයෝ පාරේ ප්‍රේයාර්ස් කරනවා. ප්‍රංස කාරයෝ අන්තවාදය ප්‍රිය කරන්නේ නැති පාටයි.

    ReplyDelete
  27. ප්‍රංශ දේශපාලනය ගැන කතා කිරීමට නොයමි ඒත් යුදපෝන් නැතිව පාලුවෙන් හිටපු අපේ එවුන් නම් දැන් තලුමර මර පුටින් රැසියන් වෝ පෝන් සහ ප්‍රංශ ශෝ එක බලන බවකුත් පෙනෙනවා

    මේ කියන්නේ ඊට සංවේදී වීම කියන එක නොවේ

    ReplyDelete
  28. මං නං ප්‍රංශය ගැන දන්නේ පීසා කුළුන රට විදියට විතරයි.ඒත් මුස්ලිම් ආගම නාමයෙන් ව්‍යාප්ත වන ත්‍රස්තවාදය නං වලක්වන්නම ඕන.නැත්තං ඊලඟට ආයේ අපිට වෙන්නේ තවත් ජාතියත් එක්ක යුද්ධෙක පැටලෙන්නයි.බලවත් බවලත්තු කොටින්ට වගේම මේකටත් මානව හිමිකම් ගාව ගනී.එකම අවුලේ වර්ෂන් 02ක් අපිට ඕන නෑනේ

    ReplyDelete
  29. Muslim nam kaalakanni jaathiyak ...siravatama.... un naththam loke udhdha nathi tharam... o_O

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න