.

.

Nov 21, 2015

අය වැය හා පරණ කාර් එකක් විකිණීමට තිබේ - Budget 2016 & Car For Sale



ඒ කාළේ අපේ වැඩිහිටියෝ පොඩිහිටියන් නින්දට දාන්නේ, සුරංගනා කතා කියලාය. කොහේවත් නැති පිච්චු පීකුදු ළෝකයක් ගැන කියනා කතා, බොක්කටම දාගෙන, ඉබේම නින්ද ගියාම, අර කතාවේ තිබුන ළෝකයේ හීනෙන් ජීවත් වෙන්නට පුළුවන්ය. ඊට පස්සේ වැඩිහිටියෝ උනාම, පූජේමී බුද්ධං කුසුමේන නේන කියා, මල් පූජා කිරීමෙන් ඒවන් ළෝක වල සැරිසැරීමේ භාග්ගිය උදා වෙනවාය.

යහපාලන ආන්ඩුවේ පළවෙනි බජට්ටුව ඊයේ පෙරේදා බොහෝම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ප්‍රසොන්ට් කලේය. කොයි බජට් එකෙත් කියනා ටික වෙනවා නම්, පට්ට ආතල්ය. ඕක මිනිස්සුන්ට ඉතරක් නොව ආන්ඩු පක්ෂේ ඉන්න උන්ටත් නින්ද යන, ඈණුම් යන, බඩකඩුත්තුවක් වෙලා තියෙන්නේ, ඔය කියනා ඔක්කෝම අර අපි පුංචි කාළේ අහපු සුරංගනා කතා වගේම නිසාය.

මේ කියන ඒවා වෙලා තිබුනා නම්.., මේක සුර ළෝකයක් වෙලා අහවරය. එහෙනම් අපේ ගෙවල් වල ඉන්නේ රෂියන්, මෝල්දෝවා, රුමෙනීයා හෝ අඩුම තරමේ, පිලීපීනයේ හරි කෑල්ලක්ය.

එතකොට අපේ කෑලිවලට හවුස් මේඩ් යනවා වෙනුවට, මේ හවුස් මේඩ්ලාගේ ඇඟට, නට් බෝල්ට්, ඉඳිකටු, කම්බි කූරූ බෝල මාලා ඔබන්න පුළිවන්ය. ඒ වාගෙම අපිටත්, ඔය කොහේ හෝ ඉඩක් කඩක් ඇති තැනකට අපේ කැමති දෙයක් ඔබා ගන්නත් පුළුවන්ය.

මහ බයියාට මේවා නොතේරෙන එක මහා ළොකු දෙයක් නෙමේය. උන්දෑ කොලේ පී බී ගොයියා ලියලා දෙන ගිනී පොළී ණය බෙදහැරීමේ ලේඛනය ලොක්කා වගේ කියවලා, කොහොමද බයියාගේ වැඩ..??? කියා, ලෝකයටම තමන් බයියා බව පෙන්නීම ඉතරය. උන්දැගේ කාලේ මුදල් ඇමති කම කොලේ අර පුන්සඳ වගේ මූණක් තිබුන රාජපක්ෂ මලයාය. මිනිහා ගල් ආඳාය. මිනිහා කියපු දේ ඇහුවා නම්, මේ බජට් එක ප්‍රොසොන්ට් කොරන්නෙත් ඔය මහ බයියාමය.

මේ බජට් එකෙන් අජ්ජාපනේට පලු යන්න වෙන් කොරලා තියෙනවාය. මේ වගේ රටකට වෙන්නම ඕනෑ මේකය. හවුස් මේඩ් කෙනෙක් ඇක්ස්පෝට් කලත්, ඒ කෑල්ල අඩුම ගානේ ඩිප්ලොමා එකක් එක්ක යැව්වා නම් මැද පෙරදිග කෙසේ වෙතත්, යුරෝපයට හරි කැනඩාවට හරි වත් පැන ගන්න පුළුවන්ය. විස්ස විජ්ජාල එකක් දෙකක් නොව තව තව හැදිය යුතුමය. ඒවායේ කලාව උගන්නලා හරියන්නේ නැතිය. කෙලින්ම රස්සා ඉලක්ක කොර අළුත් පාඨමාලා හඳුන්වා දිය යුතුය. දරිද්දරතාවෙන් හා ගොන්කමෙන් එලියට එන්න තියෙන එකම මග අජ්ජාපනේ නිසා ඒ වෙනුවෙන් තවත් මුදල් වෙන් කලද කිසිම අවුලක් නැත්තේය.

මහින්ද මහත්තයාට කෙල වෙලා ගියෙත්, පවුලේ උන් හොරා කාපු නිසාවත්, කාර් රේස් පැදපු නිසාවත් රගර් ගහපු නිසාවත් නෙමේය. පොඩි මිනිහාගේ බඩට හගපු නිසාය. මාතලන්ලා මේවා ලියා යැව්වාම් ඇක්නොලේජ්මන්ට් එකක් ආවාට, පනීඩේ ලොක්කාට ගියාද කියන්න දන්නේ නැතිය. එහෙම කොලා නම්, ලොක්කා හෙල්ලිල්ල බොරුය. ඒත් බලේ නිසා ඇස් පොට්ට වෙච්චි හොර නඩේ හිතුවේ, වැඩ වසම් කාලේ වගේ, ඔහේ දෙන දෙයක් කා වෙන දේ බලාගෙන ඉඳිය කියලාය. ඡන්ද කියන මළදානේ නොතිබුනා නම් එහෙම ඉන්න පුළුවන් උනාට. කරුමෙට බ්‍රේක් නෑ වගේ, ඡන්දයක් තියා ඉල්ලාගෙනම කෑවේ, පොඩි එකා කන එකට කෙලපු නිසාමය.

එහෙම බැලුවාම අත්තාවස්ස භාන්ඩ රාසියක මිල පහල දාලා තියෙනා එක පොඩි මිනිස්සුන්ට කොරාපු ළොකු දෙයක්ය. මෑත කාලයේ බඩු මිල අහස උසට ගිහිල්ලා, යහපාලන කස්ටියගේ අම්මලා මතක් කර කර හිටපු උන්ට දැන් සද්ද බද්ද නැතිව කාලා බීලා නිවි හැනහිල්ලේ ඉන්නට හැකිය.

අර කර් පෝමිට් වැඩේ නම් මල් හතය. ඒ ගැන මාතලන් වෙනම එකක් ලියන්න හිතා ගෙන ඉන්නා නිසා මෙතන වැඩු පුර ලියන්නේ නැතිය.

වව්නියාවේද කොහේද ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් හදනා එකත් බොහෝම හොඳ දෙය්ක්ය. ඕවා වව්නියාවේ ඉතරක් නොව මුළු ලංකාවේම ආරම්බ කොරනවා නම් හොඳය. එහෙත් ඉන්වැස්ටොර්ලාගෙන් ගොඩ යන්නට ඉන්නා ආන්ඩුවක්,  වැඩ කරන දින ගනන පහ දක්වා සීම්මා කිරීම නම්, ඉන්වෙස්ටොර්ලාගේ ආතල් එකට නම් අවුලක් විය හැක්කේය.

ළොකුම කෙලිය ඒක නෙමේය. යහපාලනේ ඉන්නා හිතවත් උන්ගෙන් වගේම ජනපති අගමැති රවී ගොයියාගෙන් කොරන්න තියෙන එකම ඉල්ලිම නම්, මාතලන්ගේ පවුල් ජීවීතේ කුඩු කොරන්න එපා කියලාය.

අපේ හාමිනා මහින්ද මහත්තයාගේ කෑල්ලක්ය. අපේ ගෙදර ප්‍රජාචන්ච්‍රවාදේ අපි රකින්නේ එහෙමය. හාමිනා මහින්දගේ කෑල්ලක් නිසා පුත්‍ර රත්නයද එහෙමය.

අපේ හාමිනාගේ පරණ කාර් කට්ට රැජිස්ටොර් කොරන්න දැන් සුපියල්ම 15,000 ක්ම ඕනාය. ඒ මදිවාට අර විනාඩි පහේ දුන් පරීක්සොනේට ළෝකයේ වටිනාම මුදල් එකකය් වන සුපියල් වලින් 5,000 ක්ම යනවාය. ඒ කියන්නේ කාරෙක පාරට දාන්න 20,000 ක්ම ඕනාය. මෙච්චර කල් උන්දෑ පලු ඇරියේ සිරිසේන ලොක්කාගෙයි රනිල් ලොක්කාගෙයි ඉතරය. එයාලා මූණට හම්බ වෙන්නේ නැති නිසා, දැන් පරිප්පුව කන්න වෙලා තියෙන්නේ මාතලන්ටය.

මක්කා කොලත්, මේක අපේ අම්මාටත් එච්චර හොඳ නැතිය. එයිටාමතරව අප නිවසේ පිගන් කෝප්ප හට්ටි මුට්ටි හා ඉඳල් කොහු වලටත් එච්චරම හොඳ නැතිය. ඒවාට යම් කිසි හානියක් සිඳු වුවහොත්, මාතලන්ට මතක් කොරන්න වෙන්නේ යහපාලන කස්ටියගේ අම්මලාය. ඒ නිසා අර "මැන්සොන් ටැස්" එක රෝල් කරලා පුකේ ගහ ගත්තා වගේ, මේකටත් මක්කා හෝ කරනා එක යහපාලනේට කොහොමටත් හොඳය.

පරණ කාර් තියාගෙන ඉන්නේ, මැද පන්තියේ මැද පන්තියෙත්, පහළම කොටසය. ඕක අළුත් ඒවාට ගැහුවා නම් අවුලක් නැතිය. මොකෝ අළුත් ඒවා ගන්නේ සල්ලි යහමින් තියෙනා උන් නිසාය. අනික පඩිය රුපියල් 2500 කින් වැඩි කොරන්න කියලා, ප්‍රයිවෙට් සැක්ටර් එකේ ඉන්නා උන්ගේ පරණ කාර් එකට 17,000 ක්ම (ඉස්සර වැඩ දෙකට ගියේ 3000 ක් පමණය.) කෙලියාම, එක ගෙවන්නේ කොහොමද කියා ආර්ථික උස්තාද් බන්ධුල ගුණවර්ධනයාටවත් තේරෙන්නේ නැතිව ඇතිය.

කොහොමත් මේක පරිසරය ආරස්ස කොරනා වැඩක් වෙන්න නම් බැරිය. මේක ඇවිල්ලා කලටි පොල් ගේමක්මය. එක්කෝ අලි පාටිය එපා කොරවීම සඳහා, යහපාලන ලොක්කා ඔබපු කේස් එකක් වෙන්න පුළුවන්ය, එහෙම නැත්නම්, හිටං ලොක්කා එපා කරවීම සඳහා, අලි පාටියේ උන් කරපු ගේමක් වෙන්න පුළුවන්ය.

කෙසේ වෙතත් මේක පරිසරයට ආදරයෙන් කොරාපු දෙයක් කියා ඔය පාටි දෙකෙන් එකෙකුටවත් කියන්නට බැරිය. මොකෝ රවී කරුණානායකය ගොයියා හෝඩී පොත කියවද්දී, උන්නැහේගේ දකුණු අත පැත්තේ උන්නේ නොම්මර එකේ කැළෑ පාලුවෙක් වෙන රිෂාඩ් බද්යුදීන් නිසාය.

ඕවා වැඩි කලාට අවුලක් නැතිය. ඒ පොඩි ගනනකින්ය. කසාද බඳිනා උන්ගේ ගාස්තු වැඩි කරලා මහින්ද ලොක්කා කෙලව ගත්තා වගේ. පොඩි මිනිහාගේ වාහනවලට හෙන ගහන බදු ගහලා ඔහේලාටත් කෙලවෙන කාළය වැඩි ඇතක නොවේ කියා ලියා තැබිය යුතුමය.

157 comments:

  1. අපරාදේ කියන්න බෑ!! කවදාවත් අපට අයවැයකින් ආතල් ගන්න නං අපේ පොලිටික් අයියලා ඉඩ තියන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. කිරි බවුසරයක් ගෙනාවත් වැඩක් නෑ.. තඩි ගූ බෙට්ටක් ඒකට දාගෙන එන කොට...

      Delete
    2. ගුද මාර්ගෙ සුවස් ඇල මාර්ගෙ වෙනකන් රනිල්ට පුක දීපු මාතලං මොකට නාහෙන් අඩනවද?

      Delete
  2. අපේ අම්මලගෙ ගමේ බෝතලේ පංසලෙත් පරන ඔස්ටින් කාරෙකක් තිබුණා මාත්ලන්.
    හැබැයි ඔයවගේ කෑලි නම් හිටියෙ නෑ ඒ ගමේ ඔහොම කාරෙකට හේත්තු වෙන්න.

    ReplyDelete
    Replies
    1. උඹේ කෑල්ලත් එක්ක පොටෝ එකක් අල්ලලා දාහන් බෝතලේ ඇනෝ මලේ

      Delete
    2. //ඔයවගේ කෑලි නම් හිටියෙ නෑ ඒ ගමේ ඔහොම කාරෙකට හේත්තු වෙන්න.//
      උඹ කාරෙක අරන් මීරිගම දිහාට ආවනම් බෝතලයක් අරන් කාරෙකට හේත්තු වෙලා බොන්න තිබ්බ බං, නම බෝතලේ උනාට බාර් එකක් නැති අහිල ජොයිට් එකක් බං.

      Delete
    3. යකෝ මේවා පුද්ගලිකව කියහං....... නැත්තං බේබද්දෝ පිරෙයි......

      Delete
  3. \\ඕවා වැඩි කලාට අවුලක් නැතිය. ඒ පොඩි ගනනකින්ය. කසාද බඳිනා උන්ගේ ගාස්තු වැඩි කරලා මහින්ද ලොක්කා කෙලව ගත්තා වගේ. පොඩි මිනිහාගේ වාහනවලට හෙන ගහන බදු ගහලා ඔහේලාටත් කෙලවෙන කාළය වැඩි ඇතක නොවේ කියා ලියා තැබිය යුතුමය\\

    සහතික ඇත්ත මාතයියෙ..

    මේ යමපාලනේට වැඩි ආයුශ නෑ.

    ReplyDelete
    Replies
    1. මුන් එකාට එකා ගේම් අඳිනවා.. කොහොමත් ගේමෙන් හිටං ලොක්කා දිනයි.. රනිල්ගේ අවසාන ප්‍රේමයයි වාගේ...

      Delete
    2. සත් ගුණවත් යහපාලනේට යමපාලනේ කියලා අපහාස කිරීමට ගැන නම් මළ පනිනවාය, උණු උණුවේ කියවූ ලස්සන සපත්තු කතන්දරේ නොවේ නම් හොඳවායින්ම ලියන්න වෙනවාය.
      අපි ඉස්කොලෙදී ඉගෙන ගත්තු විදිහට ගවපාලනය කියන්නේ, ගවයන් ඇති දැඩි කිරීමයි, ගවයන් මිනිසුන්ව පාලනය කිරීම හේම නොවේය. ඒ ආකාරය‍ට යමපාලනය කියන්නේ යමයන්ව ඇති දැඩි කොරල පාලනය කිරිම වෙන්නෝන, ඒක කොරේ මැදමූලනේ උන්දෑය. එහෙම බලනොකට නිදහසේ නවාතැන කියල තියෙන්නේ ඇත්නොව, ඒ පාලනේට ආයුෂ තිබ්බේ නෑ,

      Delete
    3. ඇණයා

      මේකයි ඇණයෝ.. මට පක්ශ දේශපාලනායක් නෑ. කවුරු කරත් වැරැද්දට වැරැද්ද කියන්නයි හරි දේ ට හරිය කියන්නයි පුලුවන් මට්ටමින් දේශපාලනය ගැන කතා කරනව ඇරෙන්න කැපුවත් මේ පාටය කියන සංකල්පයක් මගේ නෑ. ඔය කාගෙ කාගෙත් දෙන පොරොන්දු රජ වුනාම නෑ නෙ. ඡන්දෙට එද්දි දීපු යහපාලන පොරොන්දු මොකවත් නෑ දැන්. ඒ නිසා මේක යහපාලනය කියන්න බෑ නෙ. ඒක නිසා යම පාළනය කිව්වා මිසක් ඔබ තුමා කිව්ව වගේ ගව පාලනය වගේ කේස් එකක් නිසා කියන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම තමයි ඇනයො මං කිව්වෙ මගෙ මතේ. මේ යන විදියට මේ ආණ්ඩුව ගැන යහපාලනයෙන් මිනිස්සු බලාපොරොත්තු වුන දේවල් නොලැබෙද්දි ඇතිවන අප්‍රාසාදය එක්ක ලොකු කාලයක් වසන්න වෙන්නෙ නෑ කියල මට දැනෙන දේ කිව්ව මිසක පාට පක්ශ වලට කඩේ යාමක් නොවන බව සලකන්න. මං මගේ මතය ස්වාධීනව ප්‍රකාශ කලා. ඒක ට එකඟ වෙන මෙන්ම නොවන අය ඉන්න බව මං දන්නවා. මං කාවවත් මගේ මතේට නම්මගන්න අදහස් ප්‍රකාශ නොකල බවත් කරුණාවෙන් සලකන්න.

      ඊට අමතරව ඔබ තුමා මගෙ පෝස්ටුව ලස්සන සපත්තු කතාව කියල කියපු එක ගැන අහිංසක ආඩම්බරයක් එක්ක ස්තූති කියනවා එහෙනම්.. ජය වේවා!!

      Delete
  4. දැනට මේකට හොඳක් කියන එකෙක් මුනගැහුනෙ නෑ ජාලෙ හැර. සාලයො මිල අඩුකලාලු! විලිලැජ්ජාවෙ බෑ ඕයි. මහින්ද ලොක්කගෙ පරණ පින්තූර වල දූවිලි බිහදාන්න වෙයිද මංද

    ReplyDelete
    Replies
    1. ඇයි රාජෝ ඔය තව අඩු කරලා තියෙන්නේ මදි නොකියන්න...

      Delete
    2. සාලයෝ නෙවෙයි කුම්බලාවො අඩු කරානං හරි බළලුන්ට හැමනිලා යන්න !! ඕ යේස්

      Delete
    3. පට්ට කතාව බං..... මං නං හිතුවේ පල්මානික්කම් සහ කටුවැල්බටු අඩු කරයි කියලා......

      Delete
  5. එකම හොදේ අද්දියාපනේ බජට් එක වැඩි කරපු එක විතරයි මට නං.. ඒත් ඉතිං ඒකත් පිල්ලි යනවනං ඔහේගේ මායියගේ පරණ කාර් කට්ට ලැයිසොං කරං පාරේ දුවන එක සැපයි අප්පා.. හැක්

    ReplyDelete
    Replies
    1. කාරෙකට යට කරන සයිස් එකක් තියෙන්නේ මචෝ...

      Delete
    2. අධ්‍යාපනයට වැඩි කරාට මොකද රෙදි නැතුව පොත් නැතුව පාසල් ගිහිං අැයි බං....

      Delete
  6. අයවැයේ කියන විධියටම වැඩ උනානං සිරි ලංකාව ඉල්ලං කාවක් වෙන්නෑ.

    ReplyDelete
  7. මාතා,

    මෙවර අය වැය සදහා තිබු හොදම යෝජනාව නම් සියලු රාජ්‍ය ආයතන පරිඝනක ගතකිරීමයි.
    මෙය මගින් රටේ මුදල් සංසරණය සහ අදාළ පුද්ගලයාගෙන් බදු ගැසිම සිදුකිරීමට අරමුණු කර ඇති.
    මෙහි ඇති හොද දෙයන් නම් විදෙස් වෙළදාමේ කිරීමට පහසුකම් ඇති වීමයි.

    වාහන බලපත්‍රය ගැන කිව්වහම අපේ පරණ කට්ටට සහ මොටර් බයිසිකලයට වසරකට 27500 පමණ ගෙවීමට සිදුවී ඇත.
    මිට මිලික හේතුව රජයට යම් මුදලක් ඇති පුද්ගලයන් හදුනාගැනීමට ඇති එකම විදිය මෙය වීමයි.
    මොකද ආදායම් මට්ටම උපයන විවිද පුද්ගලයන් ගැන පරිගණක තොරතුරු රජය සතුව නැති වීමයි (ධනපතියන්
    මුදල් බැංකු වල තබා නොගනී )

    නමුත් මේ ආණ්ඩුව අද පත්වී ඇති භයානක තත්වයෙන් ගොඩඒමට ගන්නාලද උපායක් තමයි මේ.
    බොහෝවිට මේ ආණ්ඩුවට කෙලවිමට මේක හේතුවෙයි.

    නිකං හිතපන් මාතා දුප්පත් මිනිහෙකුට වසරකට රුපියල් 7500 කියන්නේ, රටේ බොහෝ චන්ද දායකයන් නැතිවෙන පොටක්.

    මෙරජය paypal වැනි සේවාවක් ක්‍රියාත්මක කලානම් අද ඉතා කෙටිකලකින් විදේශ විනිමය උපයන මද්යස්ථානයක් වීමට තිබුන,
    මට පෙන්නේ මෙරජය මෙපිලිබද දැනුම බොහෝ සීමිත බවයි.

    මේගැන මම ලිපි 2 ලිව්වා (විවේක නිබුන නිසා මේ සතියේ ලිපි කීපයක් ලියාගන්න පුළුවන් උනා )

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන කරුමය ඕක තමයි..

      අර කොළඹ පාරවල් වන් වේ කොරන පෝස්ට් එකෙන් මම රාජ්‍ය නිළධාරීන් ගැන හොඳ පඩමක් ඉගෙන ගත්තා.. එකෙක් ඇහුවා සල්ලි දෙන්න පෝස්ට් එක අයින් කරන්න පුළුවන්ද කියලා.. උගේ එකක් විදියට ප්‍රසන්ට් කොරන්න..

      Delete
    2. මාතා,

      බොහෝ වැඩ අපරටේ හරියට නොකිරීමට දෙසපලන්යයන් හේතු උනත්, PayPal යොදා ලංකාවට මුදල් ගෙන්වාගන්න බැරි නිලදාරීන් ගේ මරි මෝඩකම් නිසයි. මා දන්නා තරමට මහින්දගේ කාලයේ සිට රනිල් දක්වා බොහෝ දෙසපලන්යයන් (මේ පිළිබද දැනුවත් ) නමුත් මෙය නොකෙරෙන්නේ මේ මුදල් ලංකාවට ලැබීමේදී උවමනා කරන තාක්ෂනය ( PayPal ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ තම පාරිබෝගිකයන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙසයි ) එනම්
      තම ගනුදෙනු කරුවන් ගේ මුදල් අපේ ලංකාවේ සොරුන් විසින් අව භාවිතා කරන්න උත්සහ කලොත් රටේ රජය අදාළ වැරදිකරු සෙවීමේ ක්‍රමවිදී ස්ථාපනය කලයුතුයි.

      මේසදහා ඉහල දැනුම ඇති නිලදාරීන් 200ක් පමණ උවමනා අතර ඔවුන්ට ඉහල වැටුප් ගෙවිය යුතුයි නමුත්, ඔවුන් උපයන මුදල ඉතා විශාල නිසා රටට දැරිය හැකියි.

      Delete
    3. //එකෙක් ඇහුවා සල්ලි දෙන්න පෝස්ට් එක අයින් කරන්න පුළුවන්ද කියලා.. උගේ එකක් විදියට ප්‍රසන්ට් කොරන්න..// මාතා මොකාද ඔ්කා..... යකෝ ඔය වගේ ඒවා හංගං ඉන්න ඒපා.... අපිටත් කියහං.... ඒකාව ඉවරම කරලා දාමු..... හෙණ ගහන්න ඒපැයි...

      Delete
  8. මොටෝ සයිකලේටයි, ඉඳල ඉඳල ගත්තු කාරෙකටයි කෙලල දාපු මේ අවයවේ ගැන මාත් ඉන්නේ සෑහෙන පැහැදීමකිං.

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම පැහැදීමක් තියෙන්නේ..

      Delete
  9. මොටෝ සයිකලේටයි, ඉඳල ඉඳල ගත්තු කාරෙකටයි කෙලල දාපු මේ අවයවේ ගැන මාත් ඉන්නේ සෑහෙන පැහැදීමකිං.

    ReplyDelete
    Replies
    1. සුරංග බයියෝ තොපේ බයි ගමේ අයවැය කියන එකට කියන්නේ අවයව කියලද තෝ නම් පට්ට පඳුරු බයියෙක්

      Delete
  10. ...//ඔහේලාටත් කෙලවෙන කාළය වැඩි ඇතක නොවේ කියා ලියා තැබිය යුතුමය//...

    වැඩිය දුවන්න දෙන්න නම් හොඳ නෑ තමා.කලින් සෙට් එකනම් අවුරුදු ගානක් සේප් එකේ ඇදගෙන ගිහින් මඤ්ඤං කෙලියේ.මේ සෙට් එක පුදපු ගමන් කාපි යකා ජාතියේ ......

    ReplyDelete
    Replies
    1. මුන්ට සමාජය ගැන කිසිම දැක්මක් නැති පිරිසක්..

      Delete
  11. ප්‍රොජෙක්ට් එකේ රෝද වලින් දුවන මම නම් මේ තියනවැයි කියල දැනට අහන්න ලැබුණ ඉලෙක්ට්‍රික් කාර්වලට කෙලෙව්වා කියන එකට ඇර අනෙත් ඒව්වාට සපෝට්ය. සෝෂල් මීඩියෝ කාරයෝ ටික ෂේප් කරගන්න අමතක වීම නම් හෙනම අැබැද්දියකි. සැලකිය යුතු ඩිරෙක්ට් ටැක්ස් එකක් නැති රටේ එහෙව් ක්‍රරමයක් පටන් ගන්න රටේ හරිහැටි නඩත්තුවෙන රෙජිස්ටරයක් තියන එකම දේ වාහනය,
    - අද්ධියාපනේට ඕසෙට වෙන් කොරාට, හරි සැලැස්මක් නැති නිසා භාණ්ඩාගාරෙම පුස්කාලා පරිපූරක ඇස්තමෙන්තු වලින් එළියට යයි.
    - හරියට නම් වෙන්න ඔන වාහන වලින් උපයගන්න සේරම පොදු ප්‍රවාහන ක්‍රම දියුණු කරන්න යොදවන එකය.

    ReplyDelete
    Replies
    1. එක්කෝ පොදු ප්‍රවාහනේ දියුණු කරලා මේවා කලා නම් කමක් නෑ...

      Delete
    2. ලොන්ත ඇණයෝ
      අනුන්ගේ සල්ලි වලින් වාහන පදින උඹ වගේ ලොම්පොල් එකෙකුට මේ ටැක්ස් අවුල් නැති උනාට තමන්ගේ සල්ලි වලින් වාහන අරගෙන තෙල් ගහගෙන ඉන්සුරන්ස් කරගෙන දුවන මිනිස්සුන්ට මේ ටැක්ස් හොඳට දැනෙනවා බුරුවො
      ඇණයා කියන්නේ රනිල්ගේ ගූ පවා කන්න පුළුවන් එකෙක් බව මේ කියන ගොන් කතා කියෙව්වම තේරෙනවා

      Delete
  12. වාහන රෙජිස්ටාර් බද්ද කියන්නෙ අලුතෙන් මෙව්ව කොරනකොට ගහන එක නෙමෙයිද? අවුරුද්දක් ගානෙ ගන්න ආදායම් බලපත්තරෙටත් 15000ක් කෙලවෙනවද එතකොට?

    ReplyDelete
    Replies
    1. සජ්ජාගේ පඩංගුව,

      ඔබතුමාගේ කොමෙන්ටුවෙන් තමයි මට තේරුනේ ගොඩ දෙනෙකුට මේගැන ගානක් නැත්තේ ඇයි කියල.
      ගොඩ දෙනෙක් හිතනවා ඇත්තේ වනාහන මුලින් ලියාපදිංචි කිරීමට යන මුදල කියල.

      වාර්ෂිකව දුම්පරික්ෂවට රුපියල් 5000
      ආදායම් බලපත්‍රයට රුපියල් 15000 වාර්ෂිකව

      Delete
    2. ස්තුතියි ලාංකික සිතුවිලි.. ඇත්තටම මේ සම්බන්ධ තවත් දේවල් ගොඩක් ඇදෙන්නෙ අයවැය විවාදයෙන් නේද?? මේ වියදම සෑහෙන්න දැනෙන කාරණාවක් එහෙම බැලුවම...

      Delete
    3. පහුගිය ආන්ඩුව ණය ගෙන කොටසක් ගසා කෑව ණය ගෙවන්න පොදුවේ හැම මිනිහගෙන්ම බදු ගහන කෑම ජාති වලට බදු ගහන එකද නැත්නම් එම පාරවල් පාවිච්චි කරන වාහන වලින් බදු ගහන එකද හරි?

      Delete
    4. අවුරුදු තුනකට කලින් රෙජිස්ටර් කොරපුවා ආයේ රෙජිස්ටොර් කොරනවය බං...

      @ ඉයන්
      එතකොට ණය ගත්තේ පරණ ලදරං තියෙන මිනිස්සුද...

      Delete
    5. සජ්ජාගේ පඩංගුව,

      //ඇත්තටම මේ සම්බන්ධ තවත් දේවල් ගොඩක් ඇදෙන්නෙ අයවැය විවාදයෙන් නේද?

      ඔවු තාම ගිනිකෙළි පටන් ගත්තේ නෑ


      Ian,
      //නැත්නම් එම පාරවල් පාවිච්චි කරන වාහන වලින් බදු ගහන එකද හරි?//
      මචෝ එතකොට ඇවිදින මිනිස්සු, බස්වල යන අය පාර පාවිච්චි කරන්නේ නැද්ද?

      මාතා,
      තව අවුරුදු කීපයක් මහින්ද ලොක්ක හිටියනම්, අපිට අහවල් එක උගස් තියල තමයි බදු ගෙවන්න වෙන්නේ.
      හුග දෙනෙක් දන්නේනෑ මහින්දගේ කාලෙ කරපු ආජෝජන වලින් ප්‍රතිලාබ ලබන්නනම් ඒවා සුම්පුර්නයෙන් ඉවර කලයුතු බව.

      උදාහරණ :- හම්බන්තොට වරාය ඉදිකිරිම ඉතා හොද දෙයක් නමුත් එය සම්පුර්ණ නොකර මත්තල ගුවන් තොටුපල පටන්ගැනීම ඉතා මෝඩ වැඩක් මොකද වරායෙ වටිනාකම තියෙන්නේ බොරතෙල් පිරිපහදුව කිරීමට පහසුකම් සහ ගබඩා පහසුකම් ඇතිනම් පමණයි.

      Delete
    6. ඇවිදින මිනිස්සු සහ බස් වල යන මිනිස්සු පාවිච්චි කරනවා. බස් එකක 20-30 ක් යනවා. ඒ මුදල බෙදී යනවා. ඇවිදින මිනිස්සුන්ටනම් බදු ගහන්න බැහැ බං.

      Delete
    7. maathaa ඒ ණය ගත්තෙ ලදරං වාහන තියෙන අය නොවුනට ඒ ගත්තු කට්ට්ය ගෙවන්නේ නැහැනේ. රටක නමින් ණය ගත්තම රටේ අය ගෙවන්න ඕන. ඒව වෙනස් කරන්න බැහැනෙ මචං.

      Delete
    8. Ian,
      //ඇවිදින මිනිස්සුන්ටනම් බදු ගහන්න බැහැ බං//
      එක අතකින් උබේ කතාව ඇත්ත. නමුත් ඇවිදින අයත් වක්‍ර බදු වලින් ගෙවනවා. මේ අයවැයේ ඇති වැදගත්ම දෙය නම් සියලු ආයතන පරිගණක ගත කිරීම.
      අපේ ගෙදරත් කාර් කැට්ටට සහ බයික් එකට රුපියල් 27500 පමණ ගෙවන්න වෙනවා. නමුත් මම සුබවාදීව මෙදිහා බලනවා මොකද අන්තර්ජාතිකව ගනුදෙනු කිරීමට ආර්ථිකය හැඩගැස්වීමට අදාළ මුලික පියවර මෙහි සදහන් වෙනවා (ඉදිරියට බලමු ක්‍රියාත්මක වීම )

      මිනිසුන්ගේ පවතින්නේ දැඩි නිහඩ බවක් මේ බදු පිලිබදව මට තෙරෙන විදියට හුගදෙනාට ට වැටහී නෑ මේ පිළිබද .

      Delete
    9. //පහුගිය ආන්ඩුව ණය ගෙන කොටසක් ගසා කෑව ණය ගෙවන්න පොදුවේ හැම මිනිහගෙන්ම බදු ගහන කෑම ජාති වලට බදු ගහන එකද නැත්නම් එම පාරවල් පාවිච්චි කරන වාහන වලින් බදු ගහන එකද හරි?//

      බොස් ඒක මාර කතාවක්නේ .. ආන්ඩුවෙ උන් ගසා කෑවනං ඒක ගෙවන්න ඕන පාරෙ යන අපිද ගසා කාපු උන්ද ?? අච්චරක් ගසා කෑවා අපි බලයට ආවම අයකර ගන්න ක්‍රියා කරනවා කියලා ටෝක්ෂ් ඉෂූ කරලා දැන් ඒව වගේ වගක් නෑ.. ඊට හොඳ නැද්ද විධිමත් ක්‍රමවේදයකට ඒව අයකරගන්න වෑපිලිවෙලක් සකස් කරලා ඒකෙන් අරික්කාලක් හරි එකතු කරගන්නවා ??

      හොරු ටික රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවා.. ඒ මදිවට දැන් ඔයා කියනවා පාරවල් පාවිච්චි කරන වාහන තියන මිනිස්සුන්ගෙන් ඒක අයකරගන්න එක හරිලු … හරි හත්තිලව් කතාවක්නේ ආයිබෝං ඒක !!!

      Delete
    10. මචං හැම ගසා කෑමක්ම අන්තිමට ගෙවන්නේ මහ ජනයා තමයි. පහුගිය කාලේ ණයට අරගෙන පාරවල් හැදුවාම ඒවා ලැබුණේ නිකන් නෙමෙයි. ඒ ණය ගෙවන්න ඕන. ඒ ණය ගෙවන්න ආයිමත් ණය ගත්තනම් ඒවා ගෙවන්නෙ අපේ ලමයින්. අද තියෙන තත්ත්වෙට පරම්පරා තුනකට ණයයි. අපේ දරුවන්ගෙන් ණය අරගෙන අපි කනවා වගේ. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහන්නත් පුලුවන්. එහෙම කලාම හැමදේම පොදුවේ ගණන් යනවා. අර සිබ්බාබ්වේ වල කලා වගේ. පාන් රාත්තලක් රුපියල් දාහක් වගේ එනකන් උනත් පුලුවන්. ඒකේ තියෙන අවාසිය තමයි කිසිම ආදායමක් නැති වුන් නොකා මන්දපෝශණයට යනවා. ඒක නොකර පාරවල් වල වියදම් ඒවා පාවිච්චි කරන අයගෙන් අයකර ගැනීම වරදක් නෙමෙයි. මේවා ජනප්‍රිය නැති දේවල්.

      Delete
    11. ගසා කාපුවා ආයිමත් ගන්න එකනං ඔය කියන තරම් ලේසි නැහැ. හොස්නි මුබාරක් හොරකම් කරපු ඩොලර් බිලියන් අනූවෙන් තාම රටට ලැබිල තියෙන්නේ මිලියන එකටත් අඩු ගාණක්. හොරු වගේම හොරුන්ගේ සල්ලි රකින රටවලුත් තියෙනවා. ට්‍රස්ට් ස්ට්‍රක්චර්ස් වගේ හංගන ක්‍රමත් තියෙනවා. එහෙම කලාම අයිතිය වෙන කෙනෙකුගේ වගේ පෙනෙන්නේ. ඒ වුනාට බෙනෙෆිශල් ඕනර්ස්ල වෙන අය. ඒ ලියවිලි රහසිගතයි. ඒ ඒ රටවල නීතිවලින් ඒවා එලියට දැමීම තහනම්. රාජපක්ශලා තමන්ගේ වැඩවලට මොලේ නැති මිනිස්සු නෙමෙයිනෙ.

      Delete
    12. සහතික ඇත්ත ඉයන්... මිනිස්සුන්ට තමයි මේ අර්ථ ක්‍රම යටතේ සියළු පව් ගෙවන්න වෙන්නේ..

      ඒත් මෙහෙම ණය ර්කවරි කරණ ක්‍රමයක් මම ඇහුවාමයි..

      මිනිස්සුන්ට ලෙඩක් හැදුනාම බෙහෙත් දීලා සනීප කරන්නත් පුළුවන්.. ඒ වගේම බෙහෙත් දීලා සදාකාලික නිදි කරන්නත් පුළුවන්...

      Delete
    13. ලංකා සිතුවිලි,
      //
      ඔබතුමාගේ කොමෙන්ටුවෙන් තමයි මට තේරුනේ ගොඩ දෙනෙකුට මේගැන ගානක් නැත්තේ ඇයි කියල.
      ගොඩ දෙනෙක් හිතනවා ඇත්තේ වනාහන මුලින් ලියාපදිංචි කිරීමට යන මුදල කියල.

      වාර්ෂිකව දුම්පරික්ෂවට රුපියල් 5000
      ආදායම් බලපත්‍රයට රුපියල් 15000 වාර්ෂිකව//

      මේක ගත්තෙ කොහෙන්ද?

      Delete
    14. රජයේ සේවකයො 1,400,000 කට 10,000 ගාණේ අවුරුද්දක් දෙන්න බිලියන් 163 ක් ඕන. මේක රවී ගේ ගෙදරින් ගේන්නේ නැතුව, බදු වැඩි කිරීමට විරෝධය පෑ යුතුය

      Delete
    15. රාජ්,
      මෙන්න මෙතනින්

      http://www.gossiplankanews.com/2015/11/budget-speech-2016-proposals.html

      Delete
    16. ලංකා සිතුවිලි, / Maathalan ,

      මේක වනාහන මුලින් ලියාපදිංචි කිරීමට යන මුදල නේද ?.
      ආදායම් බලපත්‍රයට රුපියල් 15000 වාර්ෂිකව
      කියලා කොහෙන්ද ගත්තෙ ?

      Delete
    17. රාජ්,

      http://www.dailymirror.lk/96457/new-tax-structure-to-discourage-motor-vehicle-use-cmta

      එය ලියාපදිංචි ගස්තුවයි ගොසිප් අඩවිය වැරදියි. තවම ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 700

      Delete
    18. Motor Vehicle Entitlement Certificate
      558. Honourable Speaker, in the interim budget presented on 29 January, this year, I proposed to
      introduce motor vehicles import registration license fee for importers who import motor
      vehicles for business purposes. However, it being a uniform fee, large scale vehicle
      importers would have gained an undue advantage from this measure. In view of this, instead
      of the said license fee, I propose to introduce a vehicle import fee to obtain a Vehicle
      Entitlement Certificate for each vehicle. This certificate will be issued by the Department of
      Inland Revenue and the certificate will be necessary for opening of Letter of Credit for
      importing a vehicle. I propose a Vehicle Entitlement Certificate fee of Rs. 2,000 per Motor
      Cycle and Three Wheeler, Rs.15,000/- for a Motor Car and Rs.10,000/- per vehicle for all
      other vehicles.
      Revenue License and Emission Test
      559. Periodically, revenue license fee should have to be reviewed in accordance with road
      maintenance costs and environment costs with the view of enhancing Provincial Council
      revenue. Accordingly, I propose to revise revenue license fee for motor vehicles. A fee
      charged on the certificate of emission test will be enhanced to Rs. 5,000. Issuance of vehicle
      emission certificates will be liberalized and opened up for competition by allowing more

      Delete
    19. ලංකා සිතුවිලි,
      නිවැරදි වාර්තාව ගන්න නං යන්න ට්‍රෙෂරියට. වාර්ශිකව 15000ක් යන කතාවක් නෑ.

      Delete
  13. Rajapaksha methidunge agaya thava thava therenna badu vediveyan. Saadu saadu

    ReplyDelete
    Replies
    1. රාජපක්ශ මැතිඳුගෙ අගය (වත්කම ) බිලියන දහ අටක් කියල තමයි හිතන්නෙ.

      Delete
    2. අපෝ එයාගේ අගය හොඳටම තේරුන නිසා තමයි.. නිකං තව තව ගූ වෙන්නේ නැතිව ආතල් එකේ ඉන්න විශ්‍රාම ගැන්නුවේ...

      Delete
  14. වාහනයක් ගන්නම ඕනෙනම් ලෑන්ඩ්මාස්ටරක් ගනිල්ලකෝ ඒවාට ඔය අනම් මනම් බදු බලපානේනේ නැනේ ගොඩට මඩට දෙකටම හොඳයිනේ යන ගමන වාහනයකින්නේ යන්න ඕනේ.ඉතිං එහෙව් එකේ ලෑන්ඩ් මාස්ටරේ ගියාම මොකැයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත බං.. වෙසක් බලන්න යන්නත් පුළුවන් කුඩේකුත් අරගෙන...

      Delete
  15. ඇයි බං මුං අපිටම කෙලින්නෙ..අඩුම තරමෙ පෙට්‍රල් සුපියලක් හරි අඩුකරානම් හිතසනස ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අපිටම කෙලින්න හේතුව මේකයි. ෆොකස්ඩ් බද්දක් නැත්නම් එම වියදම හැමදෙනා අතර බෙදී යයි. රජයේ වියදමින් වැඩි ප්‍රමාණයක් යන්නේ ණය ගෙවීමටයි. පහුගිය අවුරුදු 9 දී ණය ප්‍රමානය තුන් ගුනයක් උනා. වැඩිම ප්‍රමාණයක් පාරවල් සඳහා ණය අරගෙන තිබෙන බැවින් ඒවා ගෙවීමට වාහන නැති බස් වල යන අයත් සමාන දායකත්වයක් දැරිය යුතුද? එසේ නොවීමට කරන්නේ වාහන හිමියන් ගෙන් බදු ප්‍රමාණයක් අයකරගැනීමයි. වාහන අයිතිය තියෙන්නේ රටේ ජනගහනයෙන් 10% කට පමණයි. ඒ කියන්නේ පවුල් මිලියනයක්. මේ මිලියනයෙන් ආදායම් බදු ගෙවන්නේ පනස්දාහක් විතර. අනික් අයට වාහන ගන්න සල්ලි තිබ්බට ආදායම් බදුවලින් හැංගිලා. එතකොට කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි වාහන හිමියන්ට ෆෝකස් වෙන බද්දක් ගහන එක.

      Delete
    2. මුන්ට ගහන්න ලේසිම තැනකට තමා ගහලා තියෙන්නේ.. ඔය බලපත්තර් නැතිව ටැපික් කාරයන්ගෙන් බේරිලා ගමන් යනවා බොරු.. දැන් බැලුවාම අත්‍යාවශ්‍යම ගමනක් පොලිසීයේ උන්ට ජරාව දීලා යන එක රෙජිස්ටොර් කොරනවට වඩා ලාබයි..

      @ Ian
      පෞද්ගලික අංශයට වැඩි කරන්න කිව්වේ 2500 යි. ඒකත් බහුතර ආයතන කරන්නේ නෑ.. එතකොට දෙන්නගෙම එක එකතු කලත් 5000 යි. ඉතුරු 12000 ගෙවන්නේ ඉයන්ද? රනිල්ද? ලොක්කද?

      Delete
    3. පාරවල් වල ණය ගෙවන්න වෙන්නෙ රනිල්ටවත්, මටවත් නෙමෙයි බං වාහන පාවිච්චි කරන වුන්ට. හරි මේක නොදැම්ම කියමු. එතකොට ගෙවන්න වෙන්නෙ පොදු මුදල් වලින්. එතකොට අතු පැලේ ඉන්න බයිසිකලයක් නැති එකත් ඒ ණය ගෙවනවා. වැඩිවෙච්ච ආදායම වියදමට හවුල් කරන්න බැහැ. 2500 පෞද්ගලික සේවකයන්ට කිව්වට වාහන පාවිච්චි කරන්නෙ පෞද්ගලික සේවකයො විතරද? වාහනයක් දුවන්න වාහනෙයි පෙට්‍රල්වුයි තිබුනට බැහැ. පාරවල් තියෙන්න ඕන. ඒව නඩත්තු වෙන්න ඕන. එකට මෙච්චර කල් තිබ්බෙ රුපියල් 1000 ක විතර වාහන බලපත්‍ර ගාස්තුවක්. ඒක වැඩි කරල තියෙන්නෙ. ඒකෙන් ඔක්කොම ලැබෙන්නෙත් නැහැ. අරක්කු වලට කෙලල තියෙන්නෙ ඉතුරු ටික පියවන්න.

      Delete
    4. එතකොට මෙච්චර කල් නඩත්තු කලේ කොහොමද...?

      හැම රෙද්දම මිනිස්සුන්ගෙන් ගන්න නම් මක්කටද ආන්ඩු. ටැක්ස් ගහනවා කියලා මෙහෙම හෙන ගහන ටැක්ස් ගහලා නෑ කිසිම රජයක්. කොටින්ම මහින්ද රාජපක්ෂ රෙජීමය පවා..

      මේවා නෙමෙයි මේකට උත්තරය, දූෂණය නාස්තිය වලක්වන එක. ඒක බූවල්ලෙක් වගේ හැම තැනටම විහිදිලා තියෙන්නේ. අනික දරා ගැනීමට නොහැකි රාජ‍ය සේවක පිරිස හා වියදම්.. එක්කෝ උන්ටත් ටැක්ස් ගහන්න ඕන.. ඒවට පිලියම් නොදා මේ වගේ ගොන් තකතීරූ තීරණවලට එන්නේ මහ පොළොවේ පය ගහලා ජීවත් නොවන, සීතල කාමරවල ඉන්න හරක්.. ඕක රවීලට, හර්ෂලට, එරාන්ලට ගානක් නැතිව ඇති, ඒත් මාසේ පඩියෙන් ජීවත් වෙන අපිට ඕවා හොඳටම දැනෙනවා... අනික වාහනෙන් ජීවත් වෙන (ස්වයං රැකියා) මිනිහෙකුට මේවා දරා ගන්න පුළුවන්ද...?

      Delete
    5. වියදම් වලට මුදල් හොයන්න ක්‍රම හතරක් තියෙනවා. එකක් පොදු බදු වැඩි කරන එක. ආහාර වල එහෙම. එතකොට වාහන තියෙන නොතියෙන හැම එකාටම වදිනවා. දෙවෙනි ක්‍රමය සල්ලි අච්චු ගහන එක. ඒක කලාම උද්ධමනය නිසා හැමදේම ගණන් යනවා. තුන්වෙනි ක්‍රමය අනාගතයෙන් ණය ගැණී,අ. මහ බයිය කලේ ඕක. අපේ වැඩවලට අපේ දරුවන්ගෙන් වියදම ගන්නවා වගේ වැඩක් ඒක. අනික් එක තමයි යූසර් පේ ක්‍රමය. ඒ ඒ දේවල් පාවිච්චි කරන අයගෙන් අදාල වියදම පියවා ගැණීම.

      Delete
    6. වියදම් අඩු කරන යෝජනා නම් එකයි දැක්කේ...

      Delete
    7. ඇයි සීරෝ බේස්ඩ් බජටිං එක. ඒකෙන් ගිය අවුරුද්දෙ ආයතනයක හරි අමාත්‍යාංශයක වියදම මොකක් උණත් ඒ මත අළුත් ඇලොකේශන් ඉල්ලන්න බැහැ. අලුත් වියදම් ඔකොම අලුතින් ජස්ටිෆයි කරන්න ඕන. මේකෙන් ඔහේ වියදම් කරපුව අඩුවෙයි. මාතෙට මොනව හරි අදහස් තියෙනවද වියදම් අඩු කරන්න?

      Delete
    8. කලින් දීපූ එකක් තම්යි ඔය අඩු කරලා තියෙන්නේ ... කර් පෝර්මිට් එක..

      තව එකක් තමයි බැකප් වෙහිකල් අයින් කරන.. එකෙකුට කීයක් තියෙනවද...?

      සම හරක්ගේ පොඩි උන්ටත් බැකප් වෙහිකල්.. හමුදාවේ වාහන කීයක් අපේ ඉස්කොලේ ගාව තියෙනවද...? එහෙම ඒවා අපි ඉස්කෝලේ යන කාලේ තිබුනද..? මේවා කාගේ සල්ලිද...?

      Delete
    9. මහින්දට කියපු රෙද්දම තමයි කියන්න තියෙන්නෙ..හැම ලඩ්ඩටම බදු ගහල පියවන්න බලනවනම් මක්කටද ආන්ඩු.
      අනික වාහන කතාව...කව්ද බං රෝද හතරෙන්ම විතරක් පාරවල් වල යන්නෙ. රෝද හතරක් තිබ්බ පලියට උන් සල්ලි කාරයො නම්...පුදුමයක් තම්යි..සමහර පරන කාර් තියෙනව බයික් එකකට වඩා මිල අඩු..සමාර විට ලක්ශ දෙකක් වෙයි..ඇයි උන් ඒ වගේ කබල් කාර්(කබල් නොවන හොඳින් නඩත්තු කරන ඒවාත් ඇත.)තියන් එන්නෙ. රටපුරා සවාරි යන්නද....බඩුදාන් ආතල් ගමන් යන්නද..නෑ...තම්න්ගෙ අම්ම තාත්තට බේත් ටිකක් ගන්න යන්න..දරුවෙක් ලෙඩ උනාම ඉස්පිරිතාලෙට අරන් යන්න.වැස්ස වෙලාවකට් දරුව ගන්න ඉස්කෝලෙට යන්න...
      සමහර වෙලාවට උන් එක එලියට ගන්නෙ මාසෙකට හතර පස් වතාවයි..එතකොට උන්ට අසාධාරන නැත්ද මචංලා..!

      Delete
    10. ඉයන්,
      ///පාරවල් වල ණය ගෙවන්න වෙන්නෙ රනිල්ටවත්, මටවත් නෙමෙයි බං වාහන පාවිච්චි කරන වුන්ට. ///
      දැනටත් අපි ඒවට ගෙවනවානේ, අදායම් බලපත්‍රය හරහා. මම 2012 මගේ ලොරියට 8,000/- ක් ගෙව්වා. ඊට පස්සේ හැම අවුරුද්දෙම 1,000 ගානේ වැඩි වෙලා 2015 දී මම ගෙව්වා 11,000/- ක්.
      අන්න ඒ පිළිවෙලට වැඩි වෙන එකට මිනිස්සු ලොකුවට අකමැති වෙන්නේ නැහැ. නමුත් එක පාර ලොකු මුදලක් වැඩි කරන එක වැරදියි...

      කාර් තියෙන අය 2,200/- ඉඳල 3,000/- වගේ ගෙවද්දී තමයි මම 11,000/- ක් ගෙව්වේ.
      දැන් මොකක්හරි මගුලක් වෙලා 15,000/- කින් ගාන වැඩි කරනවා වගේ දේකට ගියොත් කොහොමද. සෙල්ලම් නැහැ 26,000/- ක්. දුමේ 5,000/- නැතුව.

      එහෙම නැතුව ෆ්ලැට් රේට් එකකට ගියොත් බර වාහන වලට වෙන පාඩුව අඩුයි. සැහැල්ලු වාහන හිමියන්ට ගොඩක් පාඩුයි.

      අනිත් එක තමයි පාරේ වැඩියෙන්ම තියෙන්නේ ත්‍රිවිල් සහ බයික්. ඒවට මේ වැඩිවීම අදාළ නැහැ කියන එක සාධාරණද. ඒවා යන්නේ පාරේ නෙමෙයිද...

      ඒ වගේම පාරේ බස් එකේ යන මිනිහත් පාර පාවිච්චි කරනවා. ඒ මිනිහා පාර හදපු එකේ පොඩි හරි වාසියක් ගන්න ගමන් කීයක්හරි නොගෙවා ඉන්න එක සාධාරණද...

      පාරවල් හදද්දී පේව්මන්ට් එකත් හදනවා. ඒකටත් ලොකු වියදමක් යනවා. ඒවයේ මිනිස්සු දහස් ගාණක් ඇවිදිනවා. ඒ මිනිස්සුන්ගේ කීයක් හරි ගන්න ක්‍රමයක් නොහදා රෝද 4 ක් තියෙන එකාගෙන් විතරක් ගන්න එක විතරක් කොහොමද සාධාරණ වෙන්නේ...

      Delete
  16. මචංලා ,
    ඔය දුං රිපෝට්ටු දෙන කොම් පැණියෙයි රවී කරුණානයගම් ගෙයි සම්බන්දෙ හොයල බලපල්ලා එතකොට උඹලට තේරෙයි.
    කෙසේවෙතත් උන්නැහැලාගෙ ආර්ථික පොරොති පත්තිය මහජනතාවට නොතේරීම ගැන දුකය. ඒහින්දා සුට්ටි පැහැදිලි කිරීමක් කොරමි.

    දුං පරීස්සන ,රෙජිස්තර ගාස්තු ඉහල යන විට මහජනයාට වාහන ලයිසොං කොරන්ඩ බැරිය ඒ හින්දා වාහන ගෙවල් ඔල ගාල්කොරලා බස් ඔල කෝච්චි ඔල ප්‍රවාහනය වෙනවාය.

    එතකොට ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවාය. නගර ඔල වාහන තද බදය අඩුවෙනවාය. පරිසර දූෂණය අඩුවෙනවාය. ඉන්ධන ඔලට යන සල්ලිත් ඉතුරුවෙනවාය.

    මහජනතාව බයිසිකල් ඔල ගමන් බිමන් යන්ඩ පටන් ගන්නවාය. එනයින් උන්ගෙ සවුක්කිය රැකෙනවාය.

    පාරේ වාහන අඩු හින්දා පාරවල් කැඩෙන්නෙ නැත නඩත්තු වියදම් අවම වෙනවාය. තවද පා රෙ වාහන අඩු හින්දා මහ එව්වන්ට බකප් වාහන සැට් එකක් දාගෙන මහජනයාට පශ්චාත් භාගය පෙන්නාගෙන විගස මහජනයාට සේවය කිරීමට යන්නට හකිය

    චීනෙත් ඔහොමය

    මුංට ඔය ආර්තික උපදෙස් දෙන්නෙ කෞටිල්‍යගෙ බාප්පගෙ පුතා
    (හර්ෂ උන්නැහැ නෙවෙයි හරිය) වෙන්ඩ ඕනෑය.

    අනෙක් යෝජනා ගැනද ඔය අනුසාරයෙන් හිතාගන්ඩ ඕනෑය.

    ReplyDelete
    Replies
    1. දුම්පරීක්ශන ගාස්තුව වැඩි කිරීම ගැන වැඩි කැමැත්තක් නැත්ත එම වැඩි කිරීම යන්නේ ආණ්ඩුවට මිස දුම් පරීක්ශණ ආයතනයට නොවේ. තවද ලාෆ්ස් සහ ඩ්‍රයිව්ග්‍රීන් වලට තිබූ දුම් පරීක්ශණ ඒකාධිකාරය නැති කරන බව කිව්ව දකින්න ඇතැයි සිතමි

      Delete
    2. මුන්ගේ පුකට දුං ගහන්න ඕන වැඩිකරපු වැඩි කිරිල්ලට..

      Delete
  17. bitch kiyawo dum dum dum dum !!!!!
    bitch kiyawo dum dum dum dum !!!!!

    ඔයයි මමයි !!!!!!

    bitch kiyawo dum dum dum dum !!!!!
    bitch kiyawo dum dum dum dum !!!!!


    bitch kiyawo dum dum dum dum !!!!!

    ReplyDelete
    Replies
    1. කො යකෝ මේකට කොමෙන්ට් ...ටියුබ් ලයිට් වගේ නේද

      සිංගල් මෝල්ට් ඩබල් ඩිස්ටල් පොඩ්ඩක් වැඩි වුනා බන්

      https://www.youtube.com/watch?v=IPQGOEz_a2s

      Delete
    2. //ඩබල් ඩිස්ටල්// කියන්නේ මොනවද බයියෝ

      Delete
    3. විචාරක ලොක්කාගෙන් අහගන්

      Delete
  18. "අර කර් පෝමිට් වැඩේ නම් මල් හතය. ඒ ගැන මාතලන් වෙනම එකක් ලියන්න හිතා ගෙන ඉන්නා නිසා මෙතන වැඩු පුර ලියන්නේ නැතිය."

    මොකද මාතලං උබටත් "professional jealousy" ලෙඩේ හැදිලද ?

    ReplyDelete
    Replies
    1. සහනාධාර ලබා දිය යුත්තේ වරප්‍රසාද ලත් උන්ටද? එහෙම නැත්නම් හිඟන්නන්ටද...?

      Delete
    2. මෙක සහනාධාරයක් නොවේ රජයට ගෙවන ඩියුටිය කීයක් හරි අඩුවෙන් ගෙවීමක් . මෙම සහනය නොදුන්නොත් වෘත්තීයවේදීන් කීයෙන් කීදෙනාටද සම්පුර්ණ ඩියුටි ගෙවල කාර්එකක් ගන්න පුලුවන් . මේ රටේ දුක්විඳ විඳ පිටරටකට නොයා තවමත් ඉන්න අපිට තමයි බුවල්ලෙන් ගහන්න ඕනෑ

      Delete
    3. එතකොට පෞදගලික අංශයේ ඉන්න වෘතීයවේදින් ගන්නේ කොහොමද....?

      Delete
  19. හිත රිදෙන කතන්දර බෝමයි...............

    ReplyDelete
    Replies
    1. ලියන්නයි තියෙන්නේ...

      Delete
  20. රුපියලේ අගය කෘතිමව පාලනය නොකරන මේ රජයේ ප්‍රතිපත්තිය නිසා රුපියල බාල්දුවීම වැලක්වීමට විදෙස් වලට මුදල් ඇදීයාම වලක්වන එක හොඳ දෙයක්. එක නිසා වාහන මිල වැඩි කිරීම ආර්ථිකයට හොඳයි කියමුකෝ. දුවන වාහන වලින් රජයට ආදායම් ගන්න ආදායම් බලපත්තර ගාස්තුවත් වැඩිකිරීම නොසලකා හරිමුකෝ. නමුත් ඒකාධිකාරී දුම්පරීක්ෂණ සමාගම් වල ලාභය වැඩිකරන්න අයවැයෙන් දුම්පරීක්ෂණ ගාස්තුව වැඩිකරන්නේ මොන හු__ද? හරිනම් කරන්න ඕන තවත් ආයතන වලට දුම්පරීක්ෂණය කරන්න පහසුකම් සලසා. තරගකාරීත්වයක් ඇතිකර දුම්පරීක්ෂණ ගාස්තු අඩුකරන එක නේද? එහෙම තිබුනා නම් මිනිසුන් වාහනවල සවිස් කරන අවස්ථාවල දුම් පරීක්ෂනයකුත් කරගෙන තෙල් වැඩියෙන් යනවා නම් එන්ජිම ටුයුනප් එකත් කරගෙන පරිසරදුෂණය අඩුකරාවී. දුම්පරීක්ෂණ කියන්නේ වාර්ෂිකව වැඩිමිලට බලෙන් කරවන්න යන එකෙන් වෙන්නේ තවත් පරිසර දුෂණය වැඩිවන එක.

    සාමන්යෙන් දුම්පරීක්ෂණයක් රුපියල් 200 ට කලත් කරන ආයතනයට ලාභයක් ගන්න පුළුවන් දෙයක්

    අයවැයෙන් හීලියම් කාර් මිල අඩුවුනා දන්නේ නැද්ද?
    http://mahakalu.blogspot.com/2015/11/helium-cars-for-sale-in-sri-lanka.html

    ReplyDelete
    Replies
    1. මුන්ගේ පුකටත් දුං ගහලා එලවන කාළේ වැඩි ඈතක නෑ.... මුන් ගැහුවේ මේ ආන්ඩුව පිහිටුවන්න පෙරමුණ ගත් ගෲප් එකට...

      Delete
  21. අවුලක් නෑ.. මොකද අවුල තේරෙන්නෙත් නෑ.. ග්‍රීක් වගේ.. (ග්‍රීසියේ අත්දැකීම නොලැබේවා.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මප බං. මටත් ඔය වගේ තමයි. ග්‍රීක් තව හොඳයි බලාගෙන යනකොට.

      Delete
    2. අමු හිංගලෙන් නේ බං ලියලා තියෙන්නේ..

      Delete
    3. අමු හිංගලෙන් ලිව්වට තේරෙන්නෙ නැත්තෙ වෙන්න යන දේ.. මම මේ මේකෙ කොමෙන්ට් වත් කියව කියව බලන්නෙ මක්කෙයි මේ කොරන්න හදන්නෙ කියලා.

      Delete
  22. පහුගිය ආණ්ඩුවෙන් තුන්ගුණයක් කරපු ණය ප්‍රමානේ ඒගොල්ලෝ ඇවිත් ගෙවන්නේ නැහැ. ඒව ගෙවන්නේ මහජනයා තමයි. අනික තමන්ට අදාල වන ලාභ අලාභ වලට අය වැය දිහා බලාගෙන ඉන්න අයට වෙන දේවල් පෙනෙන්නේ නැහැ.

    සල්ලි කොල වලින් තියෙන කළු ආර්ථිකය අඩුකරන්න ක්‍රියාමාර්ගයක් ගත්ත පලමුවෙනි අයවැය. ඩිජිටල් නොම්මරෙන් බදු නොගෙවීම අඩුවෙනවා. හතරවටේ බදු සහන දෙන එක නවත්වලා තියෙනවා. අභාවිත වෙන වාහන පර්මිට් නවත්වලා තියෙනවා. ප්‍රේමදාස යුගයෙන් පස්සේ අලුත් විශ්ව විද්‍යාලයක් හදනවා. වෛද්‍ය හැරුනාම අනික් අංශවලට පුද්ගලික විශ්ව විද්‍යාල රජයට සමඟ ඇතිකරනවා. එයින් පිටරටට යන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිවෙනවා.

    පරණ බස් චැසි සහ දුම් රිය චැසි වල අලුත් බොඩි ගසා විශාල බස් සහ කොච්චි පෙට්ටි ප්‍රමාණයක් ප්‍රවාහනයට එකතු කරන්න යෝජනා වෙලා තියෙනවා. කොමිස් ගහල ඊට පස්සේ කස්ටම් එකේ පගාගහල බස් ගෙන්නන එක අඩුවෙයි. එලවළු, පලතුරු සහ මාලු නිශ්පාදනයෙන් 40% අපතේ යන එක වලක්වන්න ශීතාගාර පිහිටුවන්න මුදල් වෙන් කරලා තියෙනවා. එලවලු නිශ්පාදන වැඩිකාලෙට මිල කඩා වැටෙන එක නවත්වන්න එම එලවලු පලතුරු ශීතාගාර වල ගබඩා කරලා අවාරෙට විකුනගන්න ගොවියන්ට ක්‍රමවේදයක් යෝජනා වෙලා තියෙනවා. පලතුරු යුශ නිශ්පාදනයට වගේ අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න පහසුකම් දීලා තියෙනව. එමඟින් පලතුරු වාරවලදිත් මිල ගණන පවත්වාගෙන යන්න පුලුවන් වෙයි.

    කර්මාන්ත ඇතිකිරීමට අදහස් තියෙන විශ්ව විද්‍යාල සිසුන්ට ඇපේට තියන්න දේවල් නැතුව ණය දෙන ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. කර්මාන්ත ඇතිකිරීමට අදහස් තියෙන මුදල් නැති අයට වෙන්චර් කැපිටල් ක්‍රමයට මුදල් සහ කලමණාකරණ දැනීම දෙන්න ක්‍රමයක් යෝජනා වෙලා තියෙනවා. මේවායින් වෙන්නේ ආණ්ඩුවේ රස්සාවල් බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගේ අදහස් වලින් නිශ්පාදනා අරම්භ කරලා පිටරටින් ගෙන්වන දේවල් මෙහි නිශ්පාදනය, හැකිනම් අපේ නිශ්පාදන අපනයනය, රැකියා අවස්ථා ඇති කිරීම.

    ReplyDelete
    Replies
    1. ඔය කියන එකක්වත් මහින්දගේ නිළධාරිත් එක්ක ඉදිරි වර්ෂය තුල කලොත් මාතලන් දේශපාලනය ලියන එක නවත්තනවා.

      ඇයි ප්‍රයිවට් මැඩිකල් කැම්පස් ඉතරක් හලලා තියෙන්නේ ඒකට විරුද්ධ නිසා. අනික් ඒවා හරි පටන් ගන්නවා නම් හොඳයි.. ඒත් ඕවා ඇස් බීත් දීපූ ඩ්‍රීම්ස්.. කවදාවත් එලි නොවනා.. මම නම් හිතන්නේ ආර්ථිකය ගැන හිතනවට වඩා හැම එකාටම වෙලා තියෙන්නේ බලය රැක ගැනීම පට්ට ගේමක් දෙන්න..

      කොහොමත් ඕක අකුල ගන්න වෙනවා... නැත්නම් ඉතින් මුන් මේ ගහන්නේ උන්ව පත් කරන්න ඉදිරියෙන්ම හිටපු පන්තියකට...

      Delete
    2. මාතෙ රජයක පළමු අයවැය අවුරුදු පහක සැලැස්ම ඇතුලත් වෙන එකක්. මේකෙන් එකක් හරි සිදුවුවහොත් යන චැලේන්ජ් එක භාරගනිමි.

      Delete
    3. බජට් එක හදලා තියෙන්නේ අවුරුදු පහකට නෙමෙයි අවුරුද්දකට.. ඒ කියන්නේ ලොන්ග්ටර්ම් ඒවා හිටං මේ අවුරුද්දේ පටන් ගන්න ඕන.. ඕවා කෙසේ වෙතත් සිරිසේන ලොක්කා අලින්ට උගන්වනවා මතක හිටින පාඩමක්... ආයේ සංසාරෙදි ගොඩ එන්න බැරි වෙන්න.. සෙට් එකක් ලොක්කා එක්ක එකතු වෙයි.. අනික් උන්ට හුප්පෙ තමයි..

      Delete
  23. ලෙල්ල හුටං වාහනේ ලංසොං කොරන්න ලීසිං කොම්පැනියකට උකස් කරන්න වෙයි වගේ.. වැහ්

    කමක් නෑ.. සාලයෝ අඩුුකරලනේ...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. එන්න නංගි මල්ලී... බොන්න කොත්ත මල්ලී..
      බයිට් එකට සාලයෝ ටික බැදලා ගනිමු මල්ලී..

      Delete
    2. ඔය වාහනේ දීපං ළමයෙකුට :D .… ඕ යේස්

      Delete
  24. I also planned to sell my old car.. this is too much.

    ReplyDelete
    Replies
    1. මාත් විකුනනවා ...එත් බන් කවුද ගන්නේ මේ විස්තර දන්නා එවුන් ...

      Delete
    2. මාත් විකුනනවා .. 15000 තියන එකෙක් ඉන්නවා නං බෝතලේකුත් ඇරං වර :D

      Delete
    3. බස් එකක පලය මචෝ දාඩිය පෙරාගෙන, ජැක් එකක් ගහගෙන, ඩැයිවර්ගෙයි කොන්දගෙයි අම්මට බැන බැන...

      Delete
  25. මේ යන විදිහටනම් පරන කාර් එකක්වත් ගන්න පුළුවන් වෙයිද කියල සැකයි. ඒවත් ගනන් යයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ගනන් යයි නෙමෙයි කුණු කොල්ලෙට් විකිනෙයි....

      Delete
  26. දැක්කොතින් දෑසින් මේ ලස්සන ලෝකේ
    මක්කා හිතෙයිදෝ හත් දෙයියනේ .........
    ඉක්කා වැටෙයිවී හත් දෙයියනේ
    මයේ අම්මා පල්ලා ආයෙත් ඇවිල්ලා
    ඩොලේ බැදේවි සත්තයි අනේ ...

    සාරි මාල කූරු වළලු
    නැව් ගානේ ගෙනෙන්නේ
    ඒවාට කවුදෝ ආස නොවන්නේ
    වරෙල්ලා යමල්ලා //
    ගොහින් ලඟට ගනිල්ලා
    රඟේ උජාරුව බලපල්ලා

    මන්ද නගෝ අන්දමන්ද වෙලා
    බලා සිටින්නේ
    නුඹලා එහෙනේ ඉන්නට ඕනේ
    බැද්දේ වැටි හැලප තලප
    කුරහන් ඇයි ගිලින්නේ
    ඉගිලී යන්නයි මටත් හිතෙන්නේ
    වරෙල්ලා යමල්ලා ....

    ගායනය - එච් ආර් ජෝති පාල / ෆ්‍රෙඩි සිල්වා
    (මුවන් පැලැස්ස 2 )

    ReplyDelete
    Replies
    1. යනවා නම් අනේ මං අරන්.....
      යන තැනකට යන්න රත්තරං....
      හිඟා කකා කොලපතක් අරන්....
      ලුනුයි බතුයි කමුකො රත්තරං....

      Delete
  27. Maitrith kelawaganna thamayi hadanne!Muta molayak thiyanawa kiyala hithuwata uth Marata dewani naha!

    ReplyDelete
    Replies
    1. පුදගල වෙනස් වීමක් පමණයි...

      Delete
  28. අද උඹ මීට වඩා ලියයි කියලා තමා මංනං බලා හිටියේ. වාහන කෙලියට වඩා කෙලි තියෙනවානෙ බං මේක අස්සෙ. එක්කො උඹ කම්මැලි වෙලා. නැත්තං බුසී වෙලා.
    උඹ රජයේ ආදායම් ගැන ලියාපු හිංදා මං වියදම් ගැන විවාදෙට එක්වුනා මචෝ.

    ReplyDelete
    Replies
    1. හප්පේ දෙයියො දැක්ක වගේ. කොහෙද ගිහින් හිටියෙ මදුවෝ? ආෆ්ටර් ලෝං ටයිම්.

      Delete
    2. ටිකට් එක ඇදෙන්න ලංවෙලා හිටියේ....

      Delete
    3. මාරියක් කන්න තිබුන චෑන්ස් එක නූලෙං මිස් උනා..චැහ්

      Delete
    4. ෂැක්! මට වැඩිය කෝප ගංට එපා කීවනෙ මේ දොස්තර මහත්තයා.

      Delete
    5. කැරම් ගහන්නත් ප්‍රැක්ටිස් උනා.

      Delete
    6. මම කාඩ් පැක් දහයක් ගෙනත් තියාගෙන හිටියේ.

      Delete
    7. මේකේ තියෙන ගොඩක් ඒවා අමු බයිලා.. වෙන දේවල් ගැන තමයි ලිව්වේ.. හිතේ අමාරුවට බොන්නත් නෑ... බීලා හමාරයි...

      වෙනස මාරයි..
      බීලා හමාරයි...

      Delete
    8. මේවාට කියන්නේ අැදගෙන නානවා කියලා නෙමෙයි ලිදට බැහැලා ම නාගන්නවා කියලයි..

      Delete
  29. අපිට නම් කාර් නැතිය. එහෙයින් ඕනේ ලබ්බකින් අපිට කමක් නැතිය. :D

    ReplyDelete
    Replies
    1. යකෝ, ලබ්බෙන් ගමන් කරන්න හදන්න එපා. අනතුරුදායකයි. ඔන්න අපිනම් කමක් නැහැ (බැහැලා නිසා)

      Delete
    2. හා... හා... හා...!!! ළභ්භඨ අථ නොථභණු..!!!!!

      Delete
    3. එහෙනම් අවුලක් නෑ.. අඩු ගානේ කාර් එකක් ගන්න වත් හිතේ නැතෙයි...?

      Delete
  30. උගෙ රෙද්දෙ අය වැය. ඕවා කරොත් බලමු. ඊලඟ ඡන්දෙන් ගෙදර යන්න ආස හිතිලා. මාතෙ මේක යහ පාලනේද? ජහ පාලනේ ද?

    ReplyDelete
  31. අපේ මනුස්සයට කාර් කට්ටක් වත් ගමු කිය කිය උන්නෙ. දැන් ඉතිං ඒකටත් කටුව වදියිද මංදා.

    ReplyDelete
    Replies
    1. අමතරව 20000 කුත් හොයා ගන්න වෙනවා....

      Delete
  32. Hukaaa...!! Madey kiyak hari ekathu kala eken lease ekak dala waahana kattak aran mokak hari koranta plan kala. Me yaha paalane ewunta ahinsakayo ekka mokak hari awulak wage. Me okkoma ithin aanduwa peralenawata baye inna tike unge bada purawaganta misak wena kehel malakata nemei. Balamu munge VEHICLE PERMIT CANCEL koraida kiyala.. Redda thamayi..

    ReplyDelete
  33. යකෝ, අන්න 225 කින් වැඩිකරලා, ඒක දන්නැද්ද තවම?

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා කෙලින්න යන බව.. ඒත් තාම ගනන් හිලව් හරියට ආවේ නෑ...

      Delete
  34. මාතලං බොස් .. මුං හිතන් ඉන්නෙ වාහන කියන්නෙ "කාර් " කියල විතරද බං ?? ලීස් කරල ඩිමෝ බට්ටෙක් අරන් පාර අයිනෙ නවත්තගෙන පළතුරු ගෙඩියක් ටී ෂර්ට් කෑල්ලක් විකුනගෙන ඒකෙන් හොයාගන්න කීය හරි ලීස් එකට පුදලා..තෙල් වියදම අයින් කරලා ලෙවකාල පවුලක් නඩත්තු කරගෙන ගොඩ යන්න හදන අහිංසක මිනිස්සු වගේ අයට මෙහෙම කරන එක හරිද ??

    ReplyDelete
    Replies
    1. මදැයි ඩිමෝ බට්ටෙක් අරන් පාර අයිනෙ නවත්තගෙන බ්‍රා ටිකක් විකුනගෙන ඡිවත් වෙන්න හිතාගෙන හිටියා..

      Delete
    2. ඉතිං බ්‍රා වෙනුවට වල්ල වැහුම් විකුණපංකෝ.

      Delete
    3. වාහනය තම ආදායම් මාර්ගය කර ගත්ත කී දාහක් ඉන්නවද...? පරණ වාහන තියෙන්නේ සල්ලි තියෙන් උන් ළඟඳ...? මොකා ආවත් නැති බැරි එකාට තමයි කෙලින්නේ..

      Delete
  35. මෙච්චර හොඳ අයහපාලනේටද බනින්නේ ඈ

    ReplyDelete
    Replies
    1. මොන යහපාලනයක්ද බං... අරකෙම කොන්ටිනූයූ පාරක්...

      Delete
  36. ඔයා මේ බන කතා කරනවා , විමල්ට ය වයේ මොක්කකත් තේරුනේ නල්ලූ, ඉතින් කොහෙද අපිට තේරෙන්නේ, අනික ඉලෙක්ට්‍රික් කාර් වලට ගහපු බද්ද නම් වැරදිලා ගහපු එකක් වෙන්න ඇති, මොකද හීලියම් වලින් දුවන වාහන එනකන්වත් බද්ද අඩු කරනවා නැත්තන් , මට හිනා යනවා ඕයි

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ මීට කලින් හීලියම් වලින් දුවන වාහනයක් දැකලම නැද්ද..

      නිකං යනවා ඔයි යන්න..

      දැකලම නැහ්නන් මෙතනින් බලා ගනින්..

      https://www.facebook.com/photo.php?fbid=945141102200424&set=a.435957819785424.92342.100001136283170&type=3&theater

      Delete
    2. හීලියම් වලින් යන වාහන නම් උඩයන බැලුන් නේ. මම හිතන්නේ Google loon ගැන හිතලා කරලා තියෙන්නේ

      Delete
  37. පොස්ට් එකයි කමෙන්ට් ටිකයි තේරැනා ඒ වුනාට අයවැය තේරැනේ නෑ..

    ReplyDelete
    Replies
    1. උඹට තේරෙයිද බං හිටපු ජනාධිපතිටත් නොතේරෙන එකේ...

      Delete
  38. සීයට හාරසීයක් විතර ආනයනයේදී ගෙවල තියන වාහනයකට මෙහෙම බදු ගහන එක අසාධාරණයි කියන එක මුන්ට හිතෙන්නෙ නැද්ද මන්ද ?
    පහසුවෙන් යන්න පුළුවන් ප්‍රවාහන සේවා තිබ්බනම් මේ වාහන තියන එවුන්ගෙන් සීයට පනහක් වාහනයක් ගන්නෙ නෑ.
    මේ මංකොල්ල කෑම ඇරෙන්ඩ වෙනදට වඩා හොද දැක්මක් සහිත අයවැයක්.

    ReplyDelete
    Replies
    1. දැක්මක් නම් හැම අය වැයේම තියෙනවා... ක්‍රියාත්මක නොකරන එකයි වරද...

      Delete
  39. රජයේ සේවකයො 1,400,000 කට 10,000 ගාණේ අවුරුද්දක් දෙන්න බිලියන් 163 ක් ඕන. මේක රවී ගේ ගෙදරින් ගේන්නේ නැතුව, බදු වැඩි කිරීමට විරෝධය පෑ යුතුය

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් බලාපොරොත්තු උනේ, 2002 - 2004 වගේ විප්ලවීය තීරණයක් අරගෙන රාජ්‍ය සේවය කප්පදු කරයි කියලා.. ඒත් මේ සැරේ නම් කරන්න සැරසෙන්නේ පෞද්ගලික අංශයටත් එහා උන්ගේ ගාන වැඩි කරන්න වගේ.. රටක් ගෙනියන්නේ කොහොමද මෙච්චර හිඟන්නෝ ගොඩක් නඩත්තු කර කර..

      Delete
  40. ඇක්සිඩන්ට් එකකදිත් 10 000 ගෙවන්ඩ ඔනෙලුනීද,දුම් සහතිකෙට 2000ක් (බයික් වලට) මටනම් මුකුත් තේරෙන්නේ නෑ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නැති එකත් ළොකු දෙයක්..

      Delete
  41. මේ අයවැය තුළ 2016 අපේක්‍ෂිත ආදායම රුපියල් බිලියන 2047ක්. වියදම ගත්තොත් බිලියන 2787යි. මේ අනුව බලනවිට අයැවය හිඟය රුපියල් බිලියන 740යි. මේවා ආණ්ඩුවේ අපේක්‍ෂිත ඉලක්කයි. ඇත්තම ගත්තොත් මේ ආදායම් ලැබෙන්නේ නැහැ. වියදම වැඩි වෙනවා. මේක සුපුරුදු තත්ත්වයක්. මේ නිසා පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් පියවාගන්න වෙනවා. 2015 අයවැය හිඟය රුපියල් බිලියන 675යි. අයවැය හිඟය වැඩිවෙලා. වියදම් ලැයිස්තුව වැඩිවෙලා. 2014 අයවැය හිඟය 5.7යි. 2015 6%යි. 2016 ඇස්තමේන්තුව 5.9%යි.
    ආදායම වුණු රු. බිලියන 2047න් රු. බිලියන 1584ක්ම බදු ආදායම්. ආණ්ඩුව අයවැයෙන් සොච්චම් බඩුමිල අඩුවීමක් පෙන්නුවා. මේ අඩුකිරීම් සඳහා ආණ්ඩුවට වැයවන්නේ රු.මිලියන 3,000ක්. නමුත් ජනතාව මත පටවන බදුවලින් ගන්න ප‍්‍රමාණය අතිවිශාල ලෙස වැඩිකරලා.


    ජාතිය ගොඩනැගීමේ බද්දෙන් පමණක් රු.මිලියන 90,000ක් හොයනවා. බඩුමිල අඩුකරන්න වැයවන රු. මිලියන 3,000 අඩුකළොත් රු.මිලියන 87,000ක් ලාභයි. වරාය හා ගුවන්තොටුපොළ බද්ද වැඩිකරලා. ආණ්ඩුව ඒකෙන් රු. මිලියන 30,000ක් හොයනවා. දුරකතන ගාස්තුව වැඩිකරලා රු.මි. 4,000ක් හොයනවා. අයි.ඞී.ඞී. ගාස්තු වැඩිකරලා. මැදපෙරදිග ලාංකිකයෝ ලක්‍ෂ 20ක් පමණ සේවය කරනවා. ඒ අයට කතාකරන දුරකතන ගාස්තු වැඩිකරලා. වෙනත් ගාස්තු හා අයකිරීම් මගින් රු.මි. 75,000ක් හොයනවා. සොච්චම් බඩුමිල අඩුකිරීමක් කරලා ජනතාව මත විශාල බදු බරක් පටවලා. මේක රාජපක්‍ෂ පාලනය කළ දේම තමයි. කලින් තීරුබදු අයකිරීම කාණ්ඩ 4ක් යටතේ සිදුවුණා. තිරුබදු නැති, 7.5%, 15%, 25% බදු ප‍්‍රතිශත වශයෙනුයි. දැන් එය තීරුබදු කාණ්ඩ 3ක් දක්වා වෙනස්කර තිබෙනවා. ඒ, තීරුබදු නැති, 15%, 30% වශයෙනුයි. සැබැවින්ම මෙහිදී සිදුකර ඇත්තේ, 7.5%ක්ව තිබූ බදු 15%දක්වාත්, 25%ක්ව තිබූ බදු 30% දක්වාත් වැඩි කිරීමයි. ගුවන්තොටුපොළ බද්දත් 5%කින් වැයකරලා. විදේශවල සේවයට යන අයට අමතර ඩොලර් 5ක් ගෙවන්න වෙලා. ආණ්ඩුව බදු මතින්ම ආදායම හොයනවා.

    ReplyDelete
    Replies
    1. ණය ප‍්‍රශ්නය ගත්තොත් රාජපක්‍ෂ පාලනය, 1950 සිට 2005 දක්වා රට ලබාගත් ණය වගේ තුන් ගුණයක ණය තමන්ගේ 2005-2014 කාලයේ ගත්තා. ඊනියා යහපාලන ආණ්ඩුවත් යමින් සිටින්නේ ඒ පාරෙමයි. 2014 දෙසැම්බර් බිලියන 7390ක්ව තිබූ ණය ප‍්‍රමාණය 2015 ජූලි මාසය වන විට මාස 07ක කාලය තුළ රු.බිලියන 600කින් (කෝටි 60,000කින්) වැඩිවුණා. මේ ආණ්ඩුවත් ණය අරන් තිබෙන්නේ කලින් ආණ්ඩුව වගේම ඉහළ පොලී ප‍්‍රතිශතවලටයි. 2015 මැයි මාසයේ ආණ්ඩුව ඩොලර් බිලියන 2.5ක් ණය ගත්තේ 6.5%ක පොලී ප‍්‍රතිශතයකටයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස අඩුවෙලා තියෙද්දි තමයි මේ ණය අරන් තියෙන්නේ.

      අපේ අපනයන ආදායම බිඳවැටිලා. 2005දී 26%ක් වුණු අපනයන ආදායම රාජපක්ෂ පාලනයේ අවසානය වුණු 2014 වෙද්දී 14.9% දක්වා අඩුවුණා. 2015 පළමු මාස 08 තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 7147ක්. ආනයන වියදම ඩොලර් මිලියන 12,559යි. හිඟය ඩො.මි. 5412යි. 5%කින් කඩා වැටිලා. වෙළඳ පරතරය ඉහළ ගිහින්. රාජපක්‍ෂ පාලනයේ වසර 09 තුළ වෙළඳ ශේෂය 400%කින් කඩා වැටුණා. මේ ආණ්ඩුවේ පළමු මාස 08 තුළ වෙළඳ ශේෂය 05%න් කඩා වැටී තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව තුළ සිදුවූ දේම පුනරාගමනය වෙමින් තිබෙනවා. අයවැය ඇතුළේ ජනපි‍්‍රය ලෙස පේන්න ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීම නිසා ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒත් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභය අඩුවෙමින් තිබෙනවා. 2014දී ඩොලරයක් සඳහා රු. 131ක් වුණා. දැන් ඒක රු. 144 දක්වා කඩා වැටිලා. මෙහි නතර වීමක් නැහැ.

      එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණය කාලයේදී දැන්වීම් දාලා තරුණයින්ට කිව්වා වාහනයක් ගන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා කියලා. ඒත් දැන් මේ අයවැය ඇතුළේ වාහනයක් තියෙන කෙනාත් රිම් එකෙන් යන තත්වයට පත්කරලා. හිමිකම් සහතිකයකට රු. 15,000යි. දුම් පරීක්‍ෂාවට රු. 5,000යි. ඊට අමතරව ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදු දේපොළකට අනතුරක් වුණොත් අනතුර සිදුකරපු කෙනා ඒකට ගෙවන්න ඕන. දැන් ඊට අමතරව ආණ්ඩුවට රු. 10,000ක් ගෙවන්නත් සිදුවී තිබෙනවා. ඒක හරියට ගහෙන් වැටුණු කෙනාට ගොනා ඇන්නා වගේ වැඩක්. බල්ලෙක් පැනලා බයිසිකලෙන් වැටුණු මිනිහට ආණ්ඩුවටත් සල්ලි ගෙවන්න වෙලා.

      මිනිස්සු ඉතාම අමාරුවෙන් මුදල් එකතු කරලා වාහනයක් ගත්තා. දැන් ආණ්ඩුව ඒකත් හීනයක් කරලා. වාහන බදු විශාල ලෙස වැඩිකරලා. ඉලේක්ටි‍්‍රක් වාහනයටත් 50%ක බදු වැඩිකරලා. ඒක ලක්‍ෂ 25 කින් විතර මිල ඉහළ යනවා. වෙනත් රටවල පරිසර හිතකාමී වාහනවලට ධෛර්යය දෙනවා. මෙතන කරන්නේ ඒකේ දුම් පරීක්‍ෂණය නැති නිසා ඒකට අදාළ බද්ද කලින් ගහලා සල්ලි හොයන එකයි.

      සහනාධාර මිලට පොහොර දුන්නේ ඒ පොහොර වගාවට යොදවන බව සහතික කරගන්න. දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ ඒක නවත්වලා රු. 25,000ක් දෙන්න. යල-මහ කන්න දෙකක් තිබ්බත් අවුරුද්දටම එක පාරයි. මේකෙන් වෙන්නේ මේ සහනාධාරය අතරමැදියෙකුට විකිණෙන එකයි. ඊට පස්සේ ආණ්ඩුව මේක අසාර්ථකයි කියලා නවත්තලා දානවා. මේ අතර තේ සහ පොල් ආදායම කඩා වට්ටන යෝජනාත් මේ අයවැය තුළ තියෙනවා. කලිනුත් තේ මිශ‍්‍ර කිරීම නිසා අපේ රටේ අපනයන තේ වෙළඳපොළ කඩාවැටුණා. දැන් ආණ්ඩුව තවත් තේ ආනයනය කරන්න ඉඩ දීලා, තේවලට තිබුණු අපේ කීර්තිනාමය කඩා වට්ටන්න මඟ සලස්වලා.

      Delete
    2. රජයේ සේවකයෝ බලාගෙන හිටියා රු. 10,000ක් තමන්ගේ මූලික වැටුපට එකතු වෙනකන්. මේක ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් විදියටත් තිබුණා. පහුගිය දවසක මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙත් උත්තරයක් දුන්නා "අපි කිව්වොත් කිව්වා" කියලා. නමුත් මේ අයවැයෙන් ඒක කරලා නැහැ. ඒකට වංගුවක් දාලා විශ‍්‍රාම වැටුප දීමේදී ඒ පිළිබඳව සලකා බලන බව කියා තිබෙනවා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වරප‍්‍රසාදයක් වෙලා තිබුණු විශ‍්‍රාම වැටුපත් අවසන් කරන්න ආණ්ඩුව යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව 2016 සිට බඳවා ගන්නා සියලූ රජයේ නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප අහිමියි. ඒ වෙනුවට ඔවුන්ට දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක් හදන බව කියනවා. දැන් රජයේ සේවක තීරු බදු සහන වාහන බලපත‍්‍රය අහෝසි කරලා. බොරුවට මුදලින් රු. 50,000ක් දෙන බව කියනවා.පෞද්ගලිකව වාහනයක් පාවිච්චි කරන්න බැරි කරලා මෙහෙම සල්ලි දෙන බව කීම විහිළුවක්.

      රජයේ බැංකුවල අඩු පොලියට තමන්ගේ රන් භාණ්ඩ උගස් කරලා ජනතාව සහනයක් ලැබුවා. රජයේ බැංකුවලින් මෙම උගස් ගැනීම් සඳහා 25%ක් වෙන්කරලා තිබුණා. දැන් එම ප‍්‍රමාණය 05%කට සීමා කරලා. තමන්ගේ කණකර උගස් කරන්න ගියාම රජයේ බැංකුවලින් කියාවි, තමන්ගේ මුදල් ප‍්‍රමාණය අවසන් බව. ඔවුන් මුදලාලිලා වෙතට තල්ලූ කරලා. ආණ්ඩුව විපක්‍ෂයේ සිට කිව්වා කැසිනෝ නතර කරන බව. දැන් නම වෙනස් කරලා බදු සහන දෙනවා. ටික කාලෙකට කලින් නගර ශාලාව අසල කුප‍්‍රකට සූදු රැජින විසින් පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් තිබුණා. ඒකේ රැජිනෝ සූදු ක්‍රීඩාව පැවැත්වුවා. ඒක සමාජ ශාලාවල පවත්වන එක කී‍්‍රඩාවක් පමණයි. මේ අයවැයෙන් රැජිනෝ සූදු බද්ද මිලියන 200 සිට මිලියන 5 දක්වා අඩු කරලා. මෙහෙම සහන දෙන්නේ මුදල් ඇමති එක්ක මෙයාලාගේ දේශපාලන සම්බන්ධයක් නිසාද කියන එක සොයා බැලිය යුතුයි.

      ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකට මේ අයවැයෙන් අතපොවා තිබෙනවා. විශේෂයෙන් ඉඩම් වෙළඳපොළටත් ප‍්‍රාග්ධන වෙළඳපොළටත් විදේශිකයන්ට ඇතුළුවීමට මෙයින් ඉඩකඩ විවෘත කර තිබෙනවා. මේක රාජපක්‍ෂලා ටික ටික කරගෙන ආපු දේ ඉදිරියට ගෙනයාමක්. මේ ආණ්ඩුව ආනයන අපනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. මේක වැව් බැම්ම කඩාදාපු අයවැයක්. සියල්ල විනාශ කරමින් ඉදිරියට යන ආර්ථිකයක්. මේ නිසා ආණ්ඩුවට එකවර මුදල් ටිකක් ඒවි. නමුත් ඉදිරිය අති බිහිසුණුයි. දේශීය ව්‍යාපාරිකයින්ට, නිෂ්පාදකයින්ට මරු පහරක්. 1977දීත් මෙය දක්නට ලැබුණා. මුලින් අලංකාරයි. ටික කලක් යනකොට රටේ ආර්ථිකයේ සියල්ල කුණුවී යනවා. පහුගිය සන්ධාන පාලනයත් ඊට කලින් පැවති එජාප පාලනයනුත් අනුගමනය කරගෙන ආපු ආර්ථික මොඩලයම තමයි මේ ඉදිරියට ගෙනයමින් තිබෙන්නේ. ඒ මූලෝපාය තමයි මේ අනුගමනය කරමින් තිබෙන්නේ. දෙගොල්ල වෙන වෙනම කරල පෙන්වපු බංකොලොත් ආර්ථික ක‍්‍රමය දැන් එකට ඉඳගෙන කි‍්‍රයාත්මක කරනවා. නමුත් රටට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය ඉහළ නංවන, එහි ප‍්‍රතිලාභ ජනතාව වෙත ලැබෙන නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක්.

      Delete
    3. Thanks for the long comment.. highly appreciated

      Delete
  42. මේ ආණ්ඩුවත් ණය අරන් තිබෙන්නේ කලින් ආණ්ඩුව වගේම ඉහළ පොලී ප‍්‍රතිශතවලටයි.

    හෙට දිනයේ දී (November 24) රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. එහිදී දින 182 ක හා දින 364 පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් මිලියන 9,000 හා 16,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 15,000 ක් වටිනා බිල්පත් ඉදිරිපත් කර තිබුණ ද, මහ බැංකුව ඒවායින් ලංසු භාර ගත්තේ රුපියල් මිලියන 12,429 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකි. පොළී අනුපාතය ස්ථාවරව පවත්වා ගෙන යාමේ තීරණයන් මත මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

    ඊට පෙර සතියේ පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක බිල්පත් ඉදිරිපත් කෙරුණ ද, එහිදී භාරගනු ලැබූයේ රුපියල් මිලියන 5,780 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු පමණි.

    ReplyDelete
  43. ආදායම් බලපත්‍ර ගැන තියෙන මතය වැරදියි වගේ.....Motor Vehicle Entitlement Certificate
    558. Honourable Speaker, in the interim budget presented on 29 January, this year, I proposed to
    introduce motor vehicles import registration license fee for importers who import motor
    vehicles for business purposes. However, it being a uniform fee, large scale vehicle
    importers would have gained an undue advantage from this measure. In view of this, instead
    of the said license fee, I propose to introduce a vehicle import fee to obtain a Vehicle
    Entitlement Certificate for each vehicle. This certificate will be issued by the Department of
    Inland Revenue and the certificate will be necessary for opening of Letter of Credit for
    importing a vehicle. I propose a Vehicle Entitlement Certificate fee of Rs. 2,000 per Motor
    Cycle and Three Wheeler, Rs.15,000/- for a Motor Car and Rs.10,000/- per vehicle for all
    other vehicles.
    Revenue License and Emission Test
    559. Periodically, revenue license fee should have to be reviewed in accordance with road
    maintenance costs and environment costs with the view of enhancing Provincial Council
    revenue. Accordingly, I propose to revise revenue license fee for motor vehicles. A fee
    charged on the certificate of emission test will be enhanced to Rs. 5,000. Issuance of vehicle
    emission certificates will be liberalized and opened up for competition by allowing more

    ReplyDelete
  44. කවදාවත් සිරි ලන්කාවට නොලැබෙන යහපාලනයක් නොලැබීම ගැන කිසිම දුකක් නැතත් මුන්ගේ වරදින් ආයිත් රජ පාලනයක් එයිද කියන එක ගැන හිතනකොටනම් බයයි

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙත් ඒකම තමයි.. ගියපු එකාට වඩා, ඉන්න එකා එහෙම වෙයිද කියලා...

      Delete
  45. මන්නාරමෙන් තෙල් හම්බුනාම ඔව්වට විසදුම් ලැබෙයි.
    ..( ඡන්ද ලන් වෙද්දිනම් තෙල් හම්බෙනව මන් හිතන්නෙ,ලෝකෙම රටවල් විකල්ප බලශක්තියක් පාවිච්චි කරන්න ගත්තට පස්සෙ තමයි මුන් තෙල් අදින්න හිතන් ඉන්නෙ)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න