.

.

Feb 2, 2016

සොරකම නීතීගත කරනු....!!! - Let’s legalise corruption !

 
 
මේ බොරුවට හෝ ඇත්තට, අළුතෙන් වියවස්ථාවක් ගේන්න හදනා කාලයක්ය. ඔය ගේන්න හදන වියවස්තාවට, හොරකන්, දුෂණ, වංචා, ලීගලයිස්ය කියලා කෑල්ලක් එල්ලුවා නම්, ව්‍යවස්ථාදායකයේ ඉන්නා උන්ට, ඒ කියන්නේ රට කරවන දේශපාලුවන්ට, රටේ ධනය හිතේ හැටියට මංකොල්ල කෑමට අවස්ථාවක් ලැබී, මේ අද තියෙනා කේස් එකක්වත් ඇති වන්නේ නැතිය.
 
ඒ නිසා කරුණාකර මේ යෝජනාවද, බුද්ධාගම ආරක්ෂා කොරනවා කියන එකට යටින් හෝ උඩින් එල්ලන්නේ නම් ඉතා අගනා බවත් නොකියාම නොහැකි අතර, හොඳම යෝජනවාට තෑග්ගක් හෝ යම් කිසි ගනනක් ලබා දෙනවා නම් අත යටින් දෙන්නේ නැතිව, ප්‍රසිද්ධියෙම දෙනවා නම් ඉතා අගය කරනා බවත් දන්වා සිටින්නට කැමතිය.
 
විධායකයට නඩු දාන්න, උසාවී ගේන්න බෑ වාගේම, බලයෙන් විසි උනත් විධායකයේ මෙන්ම වියවස්ථාදායකයේත්, ඒ මදි නම් අධිකරණයේත්, ඒත් මදි නම් ආන්ඩුවේ සේවකයන්ගේත්, හොරකම් කිරීමේ හා දූෂණ ක්‍රියාවන්වල යෙදීමේ අයිතිය කිසිවකුටත් අභියෝගයට ලක් කිරීමට නොහැකි ආකාරයට නීතී රීති අනිවාර්යයෙන්ම අළුත් වියවස්ථාවට ඇතුලත් කල යුතුමය.
 
එසේ කල විට යෝෂිතලාට නිශාන්තලාට වූ දේවත්, රවීට, ඇර්ජුන් මහේන්ද්‍රන්ලාට එල්ල වන චෝදනාවන්වත් කිසිවකුට එල්ල නොකල හැකි අතර, දූෂණය උගන්ඩාවේ මෙන් සමාජගත වනු ඇතිය. එවිට මහ උන්ට ටුවෙන්ටි පෙසෙන්ට් (20%) බැරි නම්, ෆිෆ්ට් පෙසෙන්ට් (50%) උනත් කෙලින්න පුළුවන් වන අතර, ආන්ඩුවේ සික්කන්ටත්, ආයතනයක් ඇතුලට ගන්න නම්, රුපියල් 100 ක 200 ක පගාවක් ගැනීමේ අනගි අවස්ථාවක් උදා වනාතර, එසේ දන් දීම මඟින්, ජහ මනයාට පන්සල් නොගොස්, තෙල්, මල් පහන් නොමැතිව, මහඟු පුණ්‍ය කර්ම කර ගැනීමේ අවස්ථාවද නිතැතින්ම හිමි වෙනාවාය.
 
මේ යෝජනාව විශේෂයෙන් මේ අවස්ථාවේ ගෙන එන්නට සිතුනේ, වියවස්ථාදායකයේ බහුතර පිරිසක් මේ අවස්ථාවේ අපහසුතාවයට පත්ව ඇති බව දැකීමය. එසේ ඔවුන් අප්සට් එකේ ඉන්නවා දැක්කාම බත් ඩිංගක් කෙසේ වෙතත්, වතුර බින්දුවක්වත් උගුරෙන් පහළට යවා ගැනිම අමාරුය. රෑට හරියට නින්දක් නැතිය. රජවරු වගේ ඉන්න ඕනා උන්, මයික් ඉස්සරහා බෙරිහන් දෙන හැටි දැක්කම, වැල නොකැඩි හිර ගෙවල් ගානේ යනවා දැක්කම, අපේ සිත් වලට වාවන්නේ නැති හන්දාය.
 
මහින්ද මහත්තයා කියන්නේ හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ එකම දෝනියන්දෑ වන දුලාංජලි ප්‍රේමදාස හොර සල්ලි එක්ක මාට්ටු උන වෙලාවේ එයා ඒක අනුමත කොට ඒ මුදල් ලීගලයිස් කොලා කියලාය. ඒ නිසා එයාගේ පුතාට මෙහෙම කොරනා එක හරි නැතෙයි කියලාය. එතකොට දහම් කොළුවා පොලීසියේ කාටද කෙලිය වෙලාවේ ඒ යකා බේරපු බවය. අර දහම් කොළුවාගේ කතාව කිව්වත්, ප්‍රේමෙලාගේ කතාව ඇදගත්ත එක නම් වැඩක් නැතිය. මොකෝ සජිත් තාම ජනාධිපති නොවනා නිසාය. සමහර විට ජනාධිපති සජිත් උනා නම් රාජපක්ෂලාට මෙහෙම දේවල් නොවන්නත් බොහෝ විට ඉඩ තිබෙන්නේය.
 
ඊළඟට අඬන්නේ අගමැති වෙන්න සූට් මහගෙන උන්නු, ජනාධිපති කම නූලෙන් මිස් උන, නිමල් සිරිපාල උන්නැහේය. එයා FCID එකට විරුද්ධය. එයා කියන්නේ ඒක විසුරුවා හරින්න ඕනා කියලාය. කරුමේ කියන්නේ ඒකත් CID එක වගේම, පොලීසියට අයිති එකක්වත් කියා එයා දන්නේ නැතිය. එක්කෝ දැන ගත්තත්, මුන් ටික කවදා හෝ එයාටත් කෙලිදෝ කියා බය වෙල වෙන්න ඇතිය. ඒ නිසා පක්ෂය තීරණය කරනා ඕනෑම වෙලාවක ආන්ඩුවෙන් ඉවත් වෙන්න එයාලා ලෑස්තිය. අපි නම් කියන්නේ ජනපති කොමිෂන් වල පච වැඩ වලට වඩා පොලීසියේම අංශයක් වන, FCID එක අපට විශවාසයි කියලාය. පෞදගලික පලිගැනීම් වෙන්නේ කොමිසන් වලින්, මිසක් පොලිසිවලින් නොවනා නිසාය. (නියාමාකාරයෙන් ක්‍රියා කොරනා කළ)
 
තව නියෝජ්ජ ඇමතිලා සෙට් එකක් වැලිකඩදී මහින්ද මහත්තයා එක්ක සාකඡ්චාවක් පවත්තලා එලියට ඇවිල්ලා කියන්නේ, යෝෂිත ඇතුලේ තියන එක අසාධාරණ නිසා ඇමතිකන් වලින් ඉල්ලා අස්වෙන්න සූජානම් කියලාය. එයාලා මහින්දට එහෙම, කිව්වාට ඊට පස්සේ මෛත්‍රිට කිව්වේ මොකක්ද කියන්න මේ වෙනකන් එකෙක්වත් දන්නේ නැති උනත්. එයාලාගෙන් එක්කෙනෙක් වෙන අර මොළේ අවුල් නැතෙයි කියා සැටිපිකට් එකක් තියෙන මුතූ උන්නැහේ කියන්නැහේ, රවීගේ මස්සිනා ඇතුලට දාන්නේ නැත්තේ ඇයි කියනා ප්‍රශ්ණේ නම්, අපිටත් තියෙනවාය.

මෙයිටාමතරව සොරකම අනුමත කරනා තවත් සෙට් දෙකක් ඉන්නවාය. ඒ මහින්දගේ ඒකාබද්දද මළබද්ද විපක්සේ හා අපේ සටේ අභීත මාද්දියවේදින්ය. මලබද්ධ විපක්සේ, දිනේස් ගුනවර්දන සිරිමතානෝ කියන්නේ, අපිට හොරකම් කොරන්න දෙන්නේ නැහ්නන්, රාජ්ජ උස්සව වර්ජනේ කොරනවා කියලාය.

ඒ කතාව නම් සහතික ඇත්තය රාජ්ජ දේපල මංකොල්ල කන්න බැරි නම්, එහෙව් රාජ්ජෙක උස්සව වලට සහභාගී වනවාට වඩා මහින්ද මහත්තයා එක්ක, ඔය රන් වැටක් පූජා කොරන එකකට, කොටහලු ගේකට වගේ ප්‍රයිවට් එවාට ගියාම අහවරය. මොකෝ අපේ අති සෙරේස්ඨ මාද්දියවේදියෝ මහින්ද කක්කුසියට ගියත් එතනටත් එන නිසාය.
 
ඒ වගේම මහින්ද මහත්තයාගෙන් නොමිළේ බීපූ ජඩමාද්දියවේදින් එකෙක්වත්, "සෑර් මේකේ චෝදනා මෙන්න මේවාය... ඒ ගැන කියන්නේ මක්කාද...?" කියා අහන්නෙ නැති එකෙන් පේන්න්, උනුත් මේවාට පට්ට මනාපයි කියලාය. මොකෝ ඔය හොරකම් කොරනා සල්ලි වලින් දන්සෑල් දාලා වගේ, මාසෙකට වතාවක් හරි කන්න බොන්න දෙන නිසාය.

මේ ආන්ඩුවේ උන් එහෙම දෙන්නේ නැති මළප්‍රේතයෝ වන අතර, කොයි වේලෙත් කොක්කක් දාන්න බලාගෙන ඉන්නා උන්ය. ඒ නිසා නිදහස් මාද්දිය වියාපාරය පවා රනිල්ට විරුද්ධව ප්‍රකාස නිකුත් කොලාට මව්බිම මාධ්‍ය වේදියාගේ ශරීර අබාධයන් පවා ගර්හාවට ලක්කොට තර්ජනය කල විමලයාට විරුද්ධව කටක් අරින්නේ නැත්තේ , ඒවායේ වීඩියෝ කෑල්ලක්වත් වත් හොයා ගන්න නැත්තේ, නිදහස් මාද්දිය වියාපාරයත් හොරක්ම් ඉදිරියේ "නිරුවත් මාද්දිය වියාපාරයක්" වන නිසාත්, රට බීම ටිකකට, සැන්විච් කෑල්ලකට, රටම උනත් විකුනාගෙන කෑවාට කිසි අවුලක් නැති සැට් එකක් වන නිසාමය.
 
ඒ වගත් මේසෙය..

65 comments:

  1. දුෂනය නීතිගත කරනු.. අනාගත පරම්පරාවන් යුක්තියේ නාමයෙන් දඩුකදේ ගැසීම වළක්වාගමු..

    ReplyDelete
    Replies
    1. ඒක හරි අනාගතේ ගැන හිතන්න ඕන වර්තමානයට වඩා...

      Delete
  2. ඇනෝල අපි සොරකමයි දූෂනයයි නීතිගත කරන පැත්ත‍ෙ. එහෙම කළේ නැහ්නං පුළුවන් එකාට කාල බීල සැනසිල්ලේ ඉන්න විදිහක් ඕන කියල අඛණ්ඩ උද්ඝෝෂණයට තල්ලුවක් දෙමු.

    ReplyDelete
    Replies
    1. කාලා බීලා සැනසිල්ලේ ඉන්න නම් හොරකන් කොරන්නම වෙනවා අප්පා...

      Delete
  3. සොරකම නීතිවිරෝධී දෙයක් වෙලා තිබුණද???
    මං දන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. නීතී විරෝධී නම් නෑ... ඒත් කැත විදියට දේශපාලන පළිගැනීම් වලට යොදා ගන්නවා නේ...

      Delete
  4. මාත,
    http://www.divaina.com/2016/02/02/news20.html
    වරාය පිවිසුම් ගාස්‌තු 4000% කින් වැඩි වෙලා දැනට රටේ තිබෙන භාණ්ඩ තොගය ඉවර වී ඊලග තොගය පැමිණි විට මේ වැඩිවූ මුදල (වරාය පෞද්ගලික පිවිසුම් ගාස්‌තුව රුපියල් 280 සිට රුපියල් 11,77) භාණ්ඩයේ මිලට එකතුවුනහම අද පවතින මිල 100% ට වඩා වැඩිවෙලා තියෙයි.
    මෙහෙම මංකොල්ල කෑවහම ඔය හොර නම් ගාගන්න ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය පත්තර කාරයොන්ට ගණන් වරදිනවා. කෝටි සහ මිලියන් වරදිනවා. ඒක නිසා මේක 4000% ද දන්නෙ නැහැ.

      Delete
    2. හොරකම් කරන්නේ දේශපාලකයො විතරක් නෙමෙයි. මම දන්න උදාහරණයක්. ෆොරස්ට් ඩෙපර්ට්මන්ට් එකෙන් දැව ප්‍රවාහණය කරන්න පර්මිට් ගන්න ඕන. මිලියනයක් වගේ වටිනා දැව ලොරියකට පර්මිට් ගාස්තුව රු.190/=. ඒක විතරයි ආණ්ඩුවට යන්නේ. හැබැයි පර්මිට් එක ලියන්න රු 5,000 දෙන්න ඕන. මේක සීනියර් ෆොරස්ට් ඔෆිසර්, ෆොරස්ට් ඔෆිසර්, ප්‍රමිට් ලියන්නා, අත්සන් කරන්නා සහ පොත් නිකුත් කරන ප්‍රාදේශීය කාර්‍යාලයට. මේවගේ වෙලාක පර්මිට් එකේ ගාණ රු 4000-5000 ක් කලට කමක් නැහැ. එහෙම කලොත් අර ෆොරසට් එකේ කට්ටිය පත්තරේට දෙන්නේ 200 ය 4000 කලා , සියයට 2000 කින් වඩි කලා කියල.

      Delete
    3. ඉයන්,
      සමාවෙන්න මෙතන මගෙත් වරදක් වෙලා තියනවා 11,77 නෙමෙයි 11,778
      බලන්න මගේ ගණන් බැලීම වැරදිද කියල
      රුපියල් 280 සිට රුපියල් 11,778
      ඒ කියන්නේ (11498 /280) * 100 = 4106 %

      Delete
    4. ඉයන්,
      මෙහිදී වරායට අතුල්වල සියලුම පුද්ගලික පිවිසුමක් වෙනුවෙන් මේ මුදල අයකරනවා කියන්නේ ආනයනය කරන කන්ටේනර් මුදාගැනීමට වරායට යන අයට මේ මුදල් ගෙවීමට සිදුවෙනවා, ශ්‍රී ලංකාව පාරිබෝගික භාණ්ඩ මේ වනවිට 90% පමණ ආනයනය කරන නිසා මේ මුදල භාණ්ඩ මිලට එකතුවීම වැළකිය නොහැකියි.
      බොහෝදෙනා තේරුම් නොගත් දෙයක් තමයි ආනයන බදු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වල පැවතියේ 2.5 % දැන් වය 12.5 වී ඇති බව, මේ නිසා මිල විශාල ලෙස මේ වනවිට ඉහල ගොස් අවසන්.

      Delete
    5. http://www.sinhala.srilankamirror.com/news/item/11127-port-again-case

      Delete
    6. http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=49243:2016-02-02-11-50-47&catid=34:news&Itemid=62
      වැඩේ නැගල යන පාටයි

      Delete
    7. උඹත් ගොම්මන්පිලලා වගේ නේ... කළබල නොවී හිටහන්...

      Delete
  5. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ ග්‍රාම නිලධාරියා ළඟනම් චක්‍රලේකනයක් වගේ ලිස්ට් එකක් තිබුනා.
    කොස් ගස් පර්මිට් එකකක් - රුපියල් 100යී.
    චරිත සහතිකයක් රුපියල් 50යි.
    ආදි වශයෙන්
    ඌ සමහර වෙලාවට අමතක උනාම ලිස්ට් එක බලලයි ගාන කියන්නෙ.
    එයිටාමතරව.. ආ වෙන මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ගියපාර මෙකුත් නොකියම ගියේ ඇයි බෝතලේ ඇනෝ.... හිතට මෙව්ව එකයි. ඒකට හරි යන්නත් එක්ක එයිටාමතරව කෑල්ලත් කියල දාපන් මචෝ පීස්.....

      Delete
    2. එයිටාමතරව පොඩි ගානක් ගන්න ඇති.. නැහ්නන් බෝතලයක් හරි භාගයක් හරි..

      ඒත් මේ ගැහිලි එහෙම නෙමෙයිනේ බං....

      Delete
  6. හැබැයි හොරකම නීතිගත කලොත් හොරකම් කරන එක නවතීවි.
    හැක්.. මේ අම්මට සිරි ලංකාවනේ...

    ReplyDelete
    Replies
    1. බොහෝ විට.. එතකොට ඔක්කෝම කරන හින්දා නොකර ඉන්නත් ඉඩ තියෙනවා...

      Delete
  7. හොරකමේ තව මොනවද නීතීගත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මාතා.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව.. ඒත් පොඩි පොඩි අඩු පාඩු ඇති ඒකනේ සතියකට හරි ඇතුලට යන්නේ...

      Delete
  8. ඇවන්ට් ග්‍රේඩ්, තාජුඩීන්, අරලිය ගහ මන්දිරේ කුමන්ත්‍රන ආදී දේ ඉවරයි... දැන් සී එස් එන්....

    ඒක ඉවර වුනාම ???

    ඒ අතර ශෙයා මාකට් එක අහවරයි....

    අපිට දැන් සනීපයි!

    පිස්සු කෙලින්නේ නැතුව දැන් වත් ඔය පොල් කොස් දෙල් අල බතල ටිකක් වගා කොරගත්තොත් නරකද??? ලඟදීම එවුවා රොහිත බේබි ගේ රොකට් එකේ නැගලා ඉහල යනවා...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං සරසා ඒක චන්ද්‍රිකාවක්.............

      අපි දැන් රෑට කාලා ඒක දිරවනකං ඒළියට ගිහින් උඩ බලාගෙන රෝහිත බේබිගේ චන්ද්‍රිකාව යනකල් දතකකා බලාගෙන ඉන්නවා......... අම්මපා අපේ රට දියුණු වෙන්න කොයි තරම් වටිනා දෙයක්ද ඒ දරුවා කරේ...... අන්න දරුවෝ....... ඔය ලංකාවට පේන අහසේ යන්නේ ඒ චන්ද්‍රිකාවනේ.... ඒ අතින් අපි කොයිතරම් නං වාසනාවන්තද???????????

      Delete
    2. හොරා කාපුවා ටික ආයෙත් ගත්තාම පැස්ටෝල් පවා අඩුවට දෙන්න පුළුවන් වෙයි හිටං

      Delete
  9. සොරකම *නැවතත්* නීතිගත කලයුතුයි කියල නේද වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම නේන්නම් එන්න ඕනා...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නීති ගත නොකලත් බලයේ ඉන්න එකාට හොරකම් කිරීමට ඇති අවස්ථා වැඩිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් නීතිය තියෙන්නෙත් එයාලගෙ අතේ නේ...

      Delete
  12. හොරකම නීති ගත කරලා කම්බ හොර කමත් නීතිගත කරන්න ඕනි. මොකද හොරකමෙන් ලබන අදායමෙන් බදු ගෙවන්න වගේ උනොත් ඒවටත් හොර කරනවනේ.. හනේ.. මටනම් පිස්සු වගේ මෙයා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම හොඳම හොරකමට නෙළුම් යාය වගේ සම්මාන උළෙලකුත්....

      Delete
  13. හෑම හොරකමක්ම නවත් විට යුතුය. පහත සදහන් ක්‍රියකරනකාරකම්ද පොදු දේපල සොර ගැනීමට ඇතුලත් විට යුතුය.
    පදික වේදිකාවෙ වෙලදාම් කිරීම - මහජනතාවට අයත් දෙයක් පුද්ගලික පාවිච්චියට ගනීමකි.
    නිල වාහන පව්ලේ පාවිච්චියට යොදා ගනීම.
    පාසැල් ගුරුවරු ටියුශන් දීම -- රජයෙ ගුරුකමෙන් ලබා ගත් ජනප්‍රිය බාවය යොදා ගනිමින් මුදල් ඉපයීමකි
    වය්ද්යවරු චැනෙල් සෙවයෙ යෙදීම
    අයබදු නොගෙවා මුදල් උපයන නීතිවේදීන් -ගෙවීමට රිසීට් ලබා නොඩෙ න
    තව බොහො ඇතත් ලිවීමෙ පහසුව සදහා මෙතනින් නවතිමි.
    ඇන්න කොරොස්

    ReplyDelete
    Replies
    1. //ඇන්න කොරොස්// හිකිස්..

      ඇනෝලා.. තොපි නම් පට්ට ක්‍රියේටිව් සෙට් එකක් බොලව්..

      Delete
    2. රාජකාරිවෙලාවෙන් පිට චැනල්සේවය සහ ටියුශන් හොරකමක් නොවේ. එහෙත් එය සදාචාරත්මකද කියන එක ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. !

      Delete
    3. හොරකම නීතීගත කරාම උසාවී වලට වැඩ අඩු වේවී...

      Delete
  14. මහින්ද උගෙ පුත්තු,හොරකම් කරන කොට,මිනීමරනකොට,අවල කෙලියෙ යනකොට,නොදැක්ක වාගෙ හිටිය.වටේම ඉන්න එවුන් දහජරා වැඩ කරන කොට,උන්ව තවත් ඉහලට ගෙනාව.දැන් ඉන්ට්‍රබල් එක ඉවරයි,යන තැනකට ජම්පරයක් මහගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ.වටේ හිටපු උන් දන්නව ඊලඟට මොකද වෙන්නෙ කියල.යහපාලනේ තියෙන අවම ප්‍රජාතන්ත්‍රවාදෙත් ඇති මුන් රොත්තම හිරේ දාන්න.

    ReplyDelete
    Replies
    1. මහ එකාට එන්න තිබුනේ අන්තීමට.. ඊට කලින් ගෝලයෝ ටික දාන්න තිබුනේ...

      Delete
  15. // යහපාලනේ තියෙන අවම ප්‍රජාතන්ත්‍රවාදෙත් ඇති මුන් රොත්තම හිරේ දාන්න. //

    Are you sure?

    ReplyDelete
  16. Horakam karapu ewwo serama hire dammoth parlimenthu yanne apida?

    ReplyDelete
  17. "දැන් රනිල් ලොක්කා පලාත් සබා වලට පොලිස් බලතල දෙනවනේ..... මහින්ද ඇතුව හෝ නැතුව ඒකබද්ද විපක්සේ සක්කිලි රැල දකුනු පලාත් සබා බලය අල්ලා පොලිස් බලතල අතට ගෙන ඔය සොරිසේන ප්‍රමුක හොරිකඩ රැල කතරගම බාර හාර වෙන්න එද්දී දකුනු පලාත් සබා පොලිසියෙන් අත් අඩන්ගුවට ගන්න තම ප්ලෑන් එක..."

    උපුටා ගැනීමකි

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට ලංකාවෙ ලොකුම මුදල් වංචාව කරපු රනිල් බබයි, මහබැංකුවෙ ලොකු බබයි ඇතුළට ගන්නෙ නාමල් බබා ජනාධිපති වුණාමද? පාර්ලිමේන්තුවෙ ඉන්න කුඩු,එතනෝල්, මිනීමරු, පගා කප්පම් මරුවො ගන්නෙ කවදද?

      Delete
    2. ප්‍රාදේශිය සභාවේ නායක කමවත් ලැබෙයි කියලා බලාගෙන ඇත්තේ...

      Delete
  18. මාතා.............. රනිල් කියන්නේ පහුගිය කාලේ මේ විදිහට මාධ්‍ය අායතන කිහිපයකට සද්දේ දාපු කෙනෙක්... කාලයක් සිරස උඩ පැන පැන රනිල්ට ගැහුවෙත් ඔය නිසා...... ඒ හරහා තමා අර නිවාස ලක්ෂ 50, ලක්ෂ 5, අර ගම් 200 මේ ගම් 200 කිය කිය ඉන්නා ඉලක්කම් අැමතිතුමා උස්සන්න සිරස වැඩ කරේ.......

    ReplyDelete
    Replies
    1. මාධ්‍යට තියෙන නිදහස අගමැතිට නැද්ද...? මාධ්‍ය කියන්නේ දෙවියන් වහන්සෙද...?

      Delete
  19. mokakhari heathun nisaa horu saha me rajaya atharath deals thiyana bawa thamai watahenne.
    (giya rajaye amathihoru yahapaalanaya athuleth ennawane)
    nathnam me wenakota godaak horu enna oone athule.

    ReplyDelete
    Replies
    1. මහින්ද මුන්ට පුකේ අරිනකම්ම ඩීල් දදා ඉඳියි...

      Delete
  20. Me rate nidahas madya kiala ekak ne bn.private channel,news papers labaya aramunu kiyanne labaya aramunu karagatta business.unta one issara ITN,JATHIKA RONPAWAHINI news balapu unwa akarshane karagena fansla gana wedikaraganna.SIRASA witarai tikak wenas wenne.ekata hetuwa sirase aitikara Kili Rajamahendrantai uge pitipasse inna Indian RAW ekatai one Lankawe deshapalaneta atha danna.Sajith,Rosi,Buddika Pathirana,Susara dinal,Hirunika,Sarath Fonseka..... Wage unwa hena porawal karala,Rajamahendrange aramunu walata hariyana widihata news dana eka tamai un karanne.

    ReplyDelete
    Replies
    1. සිරස උන් නෙමෙයි, මහ එකාම අල්ලලා ඉවරයි...

      Delete
  21. යෝජනාව නම් හරි. තව ඕකට දාන්න ඕනේ ඕනෑම එකෙක් පරලොව යැවිය හැකිය කියලත්.

    ReplyDelete
  22. ඇයි යකෝ ඉතුරු සිල් පද හතර? එව්වට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. එව්වත් මෙහෙමම එක පාරම දැම්මා නම් හරි...

      Delete
  23. මෛත්‍රී, සිරිපාලගේ කට වහයි.

    අද උදෑසන කැබිනට් මණ්ඩලය ජනාධිපති නිල මැදුරේදී පැවැත්විණි. නිමල් සිරිපාල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය ආරම්භ වීමත් සමග ප්‍රකාශයක් කරමින් FCID ආයතනය විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් විය.

    එම ප්‍රකාශය ජනාධිපතිවරයා මැදිහත් වී අතරමග නැවැත්වූ අතර "කාටවත් FCID විසුරුවා හරින්න කියන්න අයිතියක් නෑ එම ආයතනය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී පිහිටවපු එකක්. යෝෂිතව අත්අඩංගුවට ගැනීමේ කිසිම පලි ගැනීමක් නෑ. අවුරුද්දකට වැඩිය පරික්ෂණ කරලා බොහොම පැහැදිලි සාක්ෂි ඇතිව තමයි ඒක කරලා තියෙන්නේ. අනික ශිරන්තිවත් අත්අඩංගුවට ගන්න ඕනාවටත් වැඩියෙන් සාක්ෂි තියන විත්තිය ඔය කොයි කවුරුත් දන්නවනේ. ගෑනු කෙනෙක් නිසා තමයි මම ඒකට ඉඩ නොදී ඉන්නේ. මීට පස්සේ ඔය කථා කොහෙවත් කියන්න ලෑස්ති වෙන්න එපා. එහෙම උනොත් මටවත් කරන්න දෙයක් නැති වෙයි" යනුවෙන් ජනාධිපතිවරයා උස් ස්වරයෙන් පවසා ඇත.

    මේ ප්‍රකාශයත් සමග නිමල් සිරිපාල මහතා සහ කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඔහු සමග කසුකුසු ගගා සිටි සියළුදෙනා නිහඩවී ඇත.

    ReplyDelete
  24. හොරකම නිතිගත කරනු,,,
    මොකට දුක් විදිනවාද මෙච්චර simple plan එකක් තියෙද්දි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... ජනමතවිචාරණයකින් උනත් අනුමත වෙනවා... බයියෝ අදටත් කියන්නේ ඒක නේ...

      Delete
  25. වල් බූරු නිදහස කියන්නෙ ඕකටයි... ඉස්සර මහින්දට තියා රජගෙදර බල්ලටත් විරුද්ධව කටක් අරින්න බය වෙච්ච එව්වො දැන් ජාතකේම අදිනව... හුජ්ජ කොල්ලොත් ගේම ඉල්ලනව..ඒ නිදහස ලංකාවෙ හාල්පාරුවො දකින්නෙ නෝන්ජල් කමක් කියල.. හොරු අහනව ඇල්ලුවද කියල, ඇල්ලුවම පලිගත්තෝ කියල අඬනව...කිව්වත් වගේ පන්සිල් පද පහම නීතිගත කලා නම් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. රනිල් නම් ගේම එතනින් නැවත්තුවා.. ඒත් අර පොඩි එකා තාම නානවා...

      ඔය ලෙඩේට බෙහෙත් නෑ නේ...

      Delete
  26. හොරු යනු අහින්සකයින්ට කියන තවත් නමකි. ඒ නිසා නීතිගතකිරීම වහාම කල යුතුය.

    ReplyDelete
    Replies
    1. මම ඔය මොකවත් කරලා නෑ හාන්දුරුවනේ...

      Delete
  27. ජීවිතේට පවු(හොරකම්) කරලා නැති කෙනෙක් ඉන්නවානම් යෝෂිතට පළමු ගල ගහන්න. නැතිනම් එයා නිදහස් කරන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මහින්දටම තමයි පළමු ගල ගහන්න වෙන්නේ.. එයා කියනවනේ එයා මක්කත්ම කොළේ නෑ කියලා...

      Delete
  28. මගේ පුතත් ඔය මනි ලෝන්ඩරින් කොරණවා මොකද උෘට දෙන පොකට් මනි වල ඉතුරු සල්ලි සාක්කුවේ තියෙද්දිම කලිසම වොශින් මැසිමට දානවා. හැමදාම මනි ලෝන්ඩරිං !

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ එකා ඌත් එහෙමයි... මම ළන්නගදි කිව්වා තෝව FCID එකෙන් අල්ලගෙන යයි කියලා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න