.

.

Feb 26, 2016

රනිල් මහත්තයෝ, බලාගෙන ලොක්කා - Ranil, be careful ...!

 
 
එට්කාද මක්කාද කියා මොකක්ද ගිවිසුමක් හෙවත් කොල කෑල්ලක් අස්සන් කරනවාමයි කියා රනිල් ලොක්කා කියනවාය. තාම මේකේ සැකිල්ලවත් හදලා නැති උනත්, එජාපයේ නම් ඇට සැකිලිත් කුඩු වෙන්නම හතර අතේ කනවාය. ඒ ගැන කතා කතා කරන්නේ එජාපේ උන් විතරය. සමහර විට රනිල් ලොක්කා බලනවා ඇත්තේ මහින්ද අයියා දාපු පාට් දැම්මොත් වැඩේ හරි කියා වෙන්න ඇතිය. ඒත් මහින්ද මහත්තයා ඔහොම හත් පොලේ ගා ගත්තේ නැතිය. ඒවා කොරන්නේ සද්ද බද්ද නැතිවය. ඔහොම තග දාන්නේ නැතිය. අපේ හාන්දුරුවනේ කියා මහා නායක හාන්දුරුවන්ගේ පශ්චාත් පශ්චාත් භාගත් ග්‍රීස් නැතුවම ධාතු වලින් ස්නානය කොරලා දානවාය.
 
ෆොන්සේකා අත් අඩංගුවට ගත්තොත් දතේ පන්සල ඉස්සරහා සත්තියක්ග්‍රහනය පානවා කියන කොට, පන්සල් දෙකට කෝල් එකක් දීලා අහන්නේ අපේ හාන්දුරුවෝ හෙටත් දන් වළඳන්න මනාපද කියලා ඉතරය. එහෙම සාමයෙන් සමාදානයෙන් කරුණු සාකඡ්චා කොට පිරිවරත් සමඟ ඇවිල්ලා පළතුරු මල්ලයි අට පිරකරෙයි දීලා දන ගහලා වැඳලා පිරිත් නූලකුත් බැඳගෙන යනවාය. අර ගොල්ලෝ නිවන් ගියා වගේ ඉන්නවාය.
 
ඉස්ටැයික් කොරන උන්ට පෙලපාලි යන උන්ට මක්කාවත් කියන්නේ නැතිය. ප්‍රගතිශීලී උනාම එහෙමය. ප්‍රතිගාමී පිස්සු හුටංලා වගේ සීඝ්‍රගාමි ටෝක්ස් දෙන්නේ නැතිය. එයා හොටහලු ගෙදරක යනවාය. කුපිත වූ ජහමනයා පොලු අරගෙන අරුන් දෙරි ගහනවාය. එහෙම දෙරි ගහපු එකෙක් අද නියෝජ්ජ කතානායක කමෙත් සිටිනවාය. අඩු ගානේ ඒ මහත්තයාගෙන් වත් උපදෙසක් ගන්නවා නම් බොහෝම හොඳය.
 
අපේ අති සෙරේෂ්ඨ මාද්දියවේදින්ගේ නම් සඳහන් කොරලාම තග දානවාය. තරංගෙ ආයේ දෙන්නේ නෑ කියනවාය. ඉතින් මාද්දිය අයිති කාරයෝ, මාද්දියවේදීන්ට ගඩොල් භාගෙන් කෙලලා ආයතනේ රැක ගන්නවාය. ඔය ගේම් දෙන්නේ එහෙම නෙමේය. කුපිත වූ ජනතාවා ඇමරිකාවේ මැරයින් එකේ උන් බින් ලාඩන්ට දුන්නා වගේ සද්ද බද්ද නැතිව ආයතනයට ඇවිල්ලා බෝම්බ ගහලා කුඩු කරලා දානවාය. එහෙම නැත්නම් බයික් වලින් ඇවිල්ලා ඔළුව කුඩු වෙන්න තියනවාය.
 
කොහොමින් කොහොම හරි දැන් රනිල් ලොක්කා ආයේ වතාවක් 2004 වගේම නාගෙන අවසානය. ඒ කාළේ නා ගත්තේත් ගිවිසුමක් ගහන්න ගිහිල්ලාය. ඒ කොටිත් එක්කය. අද නාන්න යන්නෙත් ගිවිසුමක් නිසාය. ඒ එට්කා නිසාය. රනිල්ට ගහන්න සෙට් වෙල ඉන්නා වමේ උනුයි, මහින්ද කල්ලිය වගේ දේසප්පෙරේමියි, ජෙප්පොයි, ඔක්කෝම එක පෙලට සෙට් උනේය. රට ගිහින් එනකොට අමාත්තියන්ස තුනක් සැටලයිට් නෝනා අත්කරගත්තේය. රනිල් ලොක්කා කට වහගෙන උන්නේය. අන්තීමේදි ඉලෙක්සොන් එකෙන් කන පැලෙන්න කෑවේය.
 
දැන් ඉන්නේත් රනිල්ලා සප් එක දීලා පත් කර ගත්ත ජනාධිපති කෙනෙක් උනත් ඒයා වැට උඩ ඉන්නා කෙනෙක්ය. එයා ගේම ගහන්නේ ජනාධිපතිකොන් නැති කොරන්න නොව, ආයෙත් පාරක් ජනාධිපති වෙන්නේ කොහොමද කියන ගේමේය.
 
අදත් රනිල්ට බහුතර බලයක් නැත්තේය. මහින්ද වාදින්ට තලු මර මරා කන්න අලි පාටියේ අය මාත්තුරුකා අම්බානක දීලා ඇත්තේය. අලින්ට චන්දේ දීපු උනුත් කලකිරිලාය. මද්දියස්ත උන් ගැන කතා කරන්න ඕනා නැතිය. ජෙප්පෝත් ඉන්නේ රනිල්ට විරුද්ධවය. ලාල් කාන්තයා කියන්නේ පාර්ලිමේන්තුවේ අනුමත උනත් එට්කා ක්‍රියාත්මක කොරන්න දෙන්නේ නෑ කියාය.
 
මේවා එසේ මෙසේ ටෝක් නෙමේය. ජෙප්පෝ 88-89 කාළේ 60,000 මරා දැම්මේත් මෙහෙම කේස් එකක් නිසාය. ඒකට ෆුල් බැක් එක දුන්නේ අද මහින්ද දර්ශණය නියෝජනය කරනා එකල සිරිමාවෝ අම්මාය. වැඩේ පටන් ගත්තේ එයාලාය. ඒ පිටකොටුවේ බෝධිය ලඟින්ය.
 
එදා සිඳු උනේත් ඉන්දීය විරෝධයක්ය. ඒ, අද එයාලත් හොඳට කන බොන පලා බබාලා එපා කියාය. එහෙම කිව්වේ ඒක ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමක් නිසාය. උන්ගේ පන්ති පහෙන් එකක් වෙන් වෙන්නේත් ඉන්දියාවටය. ඉතින් මේ එන්නේත් ඉන්දීය විරෝධයක්ය. ජෙප්පෝ එයට විරුද්ධය. මහින්ද ප්‍රමුඛ දේසප්පෙරේමියෝ උන්ට තකට තකය. මේ දොගොල්ලන්ට පක්ෂ වෘත්තිය සමිති කියන උනුත් මහ පාරේය.
 
රනිල්ට බැක් කොරන්න එකෙක් වත් නැතිය. කොටින්ම අළුත්ගමයා කියනවා වාගේම ජනාධිපති මෛත්‍රිපාල මේ ගැන කටක් හොල්ලන්නේ නැතිය. මහින්ද අළුත් පාටියක් හදන්නේත් නැතිය. අළුත්ගමලා බලාගෙන ඉන්නේ මහින්ද අගමැති වෙනකන්ය. මුන්ට විරුද්ධව හඬක් නගන්න එජාපයේ පොරක් නැතිය. මාද්දියවේදියෝත් නැතිය. වෘත්තියවේදීයෝත් නැතිය. කොටින්ම ජනතාවටත් මෙළෝ දෙයක් නොදුන් නිසා උනුත් අද රනිල්ට නැතිය. ඒ නිසා නටනා විගඩමක් බොහෝම පරෙස්සමෙන් කල්පනාවෙන් කොරනා එක අලි පාටියේ කාටත් හොඳය.
 
ඇත්තටම අද රනිල්ට ඉතිරිව ඇත්තේ මහින්ද නැවතත් බලයට පැමිනියහොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට වන විනාශය ගැන බියක් ඇත්තවුන් පමණක්මය. ළෝකයා සමඟ එක්ව මේ රට දියුණු කල හැක්කේ එජාපයට පමණයි කියා හිතෙන උන්ට පමණය. අනෙක් හැම එකාටම රනිල්ට කෙල වූවාට කිසිම කම්පාවක් නැත්තේය. මොකෝ මහින්ද ආවොත් උන් සියල්ලන්ම නිවන් ගියා වගේ නිසාය.
 
විශේෂ - 
මේවා කියවා බ්ලොග් එක්කත් මල පන්න ගන්න ඕනා නැතිය. සමහර විට වෙන ගේමක් යටින් තියෙනවාත් ඇතිය. අප කියන්නේ සාමාන්නිය ජනතාව හැටියට අපට පේනා දේය.

127 comments:

  1. ඇත්තටම අද රනිල්ට ඉතිරිව ඇත්තේ මහින්ද නැවතත් බලයට පැමිනියහොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට වන විනාශය ගැන බියක් ඇත්තවුන් පමණක්මය. ළෝකයා සමඟ එක්ව මේ රට දියුණු කල හැක්කේ එජාපයට පමණයි කියා හිතෙන උන්ට පමණය. අනෙක් හැම එකාටම රනිල්ට කෙල වූවාට කිසිම කම්පාවක් නැත්තේය. මොකෝ මහින්ද ආවොත් උන් සියල්ලන්ම නිවන් ගියා වගේ නිසාය//+++++

    ReplyDelete
  2. මාතො...

    මටත් හිතෙන්නේ ඔය අන්තීම වාක්කියේ කියලා තියෙන දේ වගේ දෙයක් ය...

    තාමත් ප්‍රින්ට් කරලා නැති ගිවිසුම යි.කවුරු කොහොම විරුද්ධ වුනත් අපි ඕක අස්සන් කරනවාමයි කීමයි, කොහොම සම්මත කලත් කරන්න දෙන්නේ නෑමයි කීමෙයි මොකක්දෝ නූල් සූත්තරයක් තියෙන ගතියක් තමයි පෙන්නේ...අනිකාට කතා කරන්න මාතෘකාවක් තව එකෙක් හදා දෙනවා වගේ වැඩක් තමයි මේ වේගෙන යන්නනේ....

    කොහොමත් මේ රටේ සිද්ධවුණේ සාමන්‍ය ජහමනයා හැටියට අපිට පෙනිච්ච් දේ නොවන නිසා අවසාන වාක්‍යය ඇත්ත වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩිය....

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදයත් ඕනෑවට වඩා ඕනෑ නැත.

      ඒක හොඳින් තේරුම් ගත්ත කෙනෙක් තමයි ජේ ආර් උන්නැහේ. දැන් හැම එකාම ජනපති ක්‍රමේට බැන්නට ඒකෙන් හොඳට කනවා නේ. එකෙක්වත් ඕක අයින් කරන්නේ නෑ.

      කොහොමත් මම කියන දෙයක් තමයි මේ රට හදන්න නම් සුන්දර එකාධිපතියෙක් ඕන කියන එක. රනිල් ඒකට ගැලපෙනවා. හැබයි ඉතින් ඒකාධිපතියෝ හැසිරෙන්නේ ඔහොම නෙමෙයි.

      Delete
    2. මාතලන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව.

      Delete
  3. දොස්තරලා ට පුස් පාට් දමන්න ගොස් ඇන ගත් සඳ....

    බය වුනු තරම... ඇමතියා වුනත් ලෙඩ වුනාම සින්ජොප්පූරු යන්නේ ලෝකල් දොස්තරලාට අපි බයයි මල්ලියේ හන්දා ය!

    ReplyDelete
    Replies
    1. දොස්තරලා නම් එකෙක්වත් ගනන් ගන්නේ නෑ සා රසෝ...

      මොකෝ ඕකත් තව එක ජොබ් එකක් ඉතරයි කියලා මිනිස්සු දැන් දන්නවා... අනික මෙතනෙ තියෙන්නේ දොස්තරලා එක්ක ප්‍රශ්ණයක් නෙමෙයි.. දොස්තර කමට මුවා වෙල ඉන්න හොර මාෆියාවක් එක්ක ගේමක්..

      Delete
    2. //දොස්තරලා නම් එකෙක්වත් ගනන් ගන්නේ නෑ සා රසෝ.. //

      ඔහෙට වැරදිලා...
      ගනන් ගන්න ඔනේ වෙලාවට කවුද දොස්තරලා ගාවට යන්නේ...?
      දොස්තරලා ගාවට යන්නේ බෙහෙත් ගන්න වුනාම කියලා අද වත් ඉගෙන ගන්න.....

      Delete
    3. ඔව් බස් එකේ යන්නෙත් ගමනක් යන්න ඕන උනාම විතරනේ... රෙන්න බස් එකේ යන්නේ නෑ නේ... රෙන්න යන්නේ පයින්...

      Delete
  4. තව ඉවසන්න පුරුදුවෙන්න වෙයි දෙගොල්ලොටම.....
    මාතේ කියන තරම් රනිල් අනාගෙන නෑ....

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඉඳහිටලාවත් පෙනේ පුප්පන්නේ නැති නයාව, ගෑණු දරමිටි බඳින්න ගන්නවා. අම්මපා.

      Delete
    2. හොර දොස්තරලට පාට් දැමීමවත්, හිඟන මාද්දියවේදීන්ට පාට් දැමීවත් නෙමෙයි මෙතනෙ ප්‍රශ්ණය. මේක හවුල් ආන්ඩුවක් කිව්වට. හවුලේ ඉන්න අනික් සෙට් එක කම්බා හොඋර් වීම. උන් ඉන්නේ මෛත්‍රිපාලටත් ගේම දීලා ආයේ මහින්ද ගේන්න. මුන් ඇවිල්ලා නියම මළ පෙරේතයෝ. කොච්චර කෑවත් එපා වෙන්නේ නැති ජාතියක්.

      ජෝන් සෙනෙවිරත්න මහින්ද කොනිත්තන්න එපා කියන්නෙත්. අළුත්ගමගේලා මහින්ද අගමැති කරන කතා කියන්නෙත් නිකන් නෙමේ නේ..

      Delete
  5. //මේවා කියවා බ්ලොග් එක්කත් මල පන්න ගන්න ඕනා නැතිය. සමහර විට වෙන ගේමක් යටින් තියෙනවාත් ඇතිය. අප කියන්නේ සාමාන්නිය ජනතාව හැටියට අපට පේනා දේය.//
    ඇත්තටම අද රනිල්ට ඉතිරිව......... එජාපයට පමණයි කියා හිතෙන උන්ට පමණය//

    ඇත්තය.මේ තියෙන්නේ මරා ගෙදර යැවීමට උත්සහ ගත්තවුන්ගේ හදවතේ තියන බයයි.මරාගේ තකතීරුකම් එපාවෙලා රනිල්ව විශ්වාසකලවුන්ගේ බයයි.ඒත් හිතාගන ඉන්න විදිහට රනිල්ටත් වෙන ප්ලෑනක් නොතිබ්බොත් කෙලවෙන්නෙත් ඒ විශ්වාසෙටයි.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ ප්ලෑන හරි... ඒත් හොරුත් එක්ක හෙළුවෙන් ඉන්න උන් සෙට් එකක් ඇතුලේ තියාගෙන ඒ දේ කරන්න පුළුවන්ද කියන බය අර කියපු මිනිස්සුන්ට තියෙනවා...

      Delete
  6. Replies
    1. නයා පොඩි උන්ට පෙනේ පුප්පන්නේ නෑ..

      මෙයා කරන්නේ කබ්බෝ ෆෝම් කරන එක...

      Delete
  7. "ඇත්තටම අද රනිල්ට ඉතිරිව ඇත්තේ මහින්ද නැවතත් බලයට පැමිනියහොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට වන විනාශය ගැන බියක් ඇත්තවුන් පමණක්මය. ළෝකයා සමඟ එක්ව මේ රට දියුණු කල හැක්කේ එජාපයට පමණයි කියා හිතෙන උන්ට පමණය"
    මේක සහයෝගයත් සීග්‍රයෙන් අඩුවීගෙන යනවා දොස්තර වරුනට පාර්ට් දාපු එකෙන් සැහෙන පිරිසක් අඩුවූ බවක් පෙනෙනවා. (මේ කියන්නේ ඒ කලේ ඉඳන් රට බේරා ගන්න කතා කරපු දොස්තරලා ගැන නොවේ...) මේ වෙලාවේ එක එක කල්ලිය (රනිල්ගේ, ජවිපෙ, ජනිපෙ ඇතුළු මහින්ද එක්ක නැගිටින්න හදන පිරිස ) තමන්ගේ ගොඩ වැඩිකරගන්න හදන එකයි වෙන්නේ.. ඒ අතරින් හරිදේ මොකක්ද කියලා තේරුම් ගන්න පිරිස වැඩි වුනානම් රටට හොඳයි..

    ReplyDelete
    Replies
    1. දොස්තරලා නෙමෙයි නේ මෙතනෙ විරුද්ධ වෙන්නේ.. දොස්තර මාෆියාව. එතනටයි ගහන්න ඕන පුක නැති වෙන්න. කොහොමත් මේ විරෝධතා සහ ඉස්ට්‍රයික් තියාගෙන රටක් හදන්න බෑ.

      Delete
  8. ගම් පෙරළියේදී
    වත්තක් ගන්න බැරි උනු
    ඉන්ග්‍රීසිය හරියට බැරි
    එහෙත් ළමයි ඉන්ටනැශනල් ස්කූල් වලට යන
    කස්ටියගේ මානසිකත්වය
    නාගරික ධනපති පංතිය හොඳින් දනී.
    මේ ඒ වගේ ගේමක්ද.

    ReplyDelete
    Replies
    1. නාගරික ධනපති පංතියෙත් ටොයියෝ වගේම අමු බයියොත් ඉන්නවා. මහින්ද එක්ක ඉන්නේ ඒ පිරිස. උන් ප්‍රමාණයෙන් වැඩියි.. ඒකයි භයානක කම.

      Delete
    2. නාගරික පන්තියේ ‍ටොයියන්ගෙන් රටට උන හොදක් නැත. උන්ට ඕනා කාලා බීලා ඔහේ සිටීමටය. උන් ව‍ගේ ආත්මයක් නැති උන් දෙලොවටම වැඩක් නැත.

      Delete
    3. සුද්දන්ගෙන් පස්සේ රටට දෙයක් ලැබුනේ ඔය කළු සුද්දෝ වැඩියෙන්ම ඉන්න එජාපයෙන් ඉතරයි... සිරි ලංකා එකෙන් ලැබුනේ යුද්ධය දිණපු එක ඉතරයි...

      Delete
  9. අර උඩුවේ හාමුදුරුවන්ගේ ගෙදර වත්තට අලිපැටියෙක් ගෙනත් දැම්මා වගේ , රනිල්ගේ මිදුලටත් මිනිස්සු ආණ්ඩුවක් ගෙනිහින් දැම්මනේ , දැන් මිනිහ ඒක කරන්නේ කොහොමද කියලා හොයනවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...

      අවුරුදු ගානක් බලයේ ඉඳලත් කිසිම ප්ලෑන් එකක් තීලා නෑ... ප්ලෑන් එකක් නැති උන්ට... දෙවනි ප්ලෑන් එකක් කොහොමවත් තියෙන්න බෑ නේ...

      අනික මුන් හොඋර් එක්ක හුරතල් උනා. ඉන්න ඉතුරු හොරුන්ටත් රුපියල් 100 ක් දීලා එයාලා එක්ක එකතු වෙන්න කියලා ප්‍රසිද්ධියේම ආරාධනා කරනවා.

      අන්තීමේදි වෙන්නේ එයාලා ප්‍රසිද්ධියක් උහුලන වැඩේ මහින්දගේ සෙට් එක මෙයාලට කරලා දැමීම.

      Delete
    2. බලයේ ඉඳලා වෙනුවට විපක්සේ ඉඳලා කියලා එන්න ඕනේ මචෝ...

      Delete
    3. දිග කොමෙන්ට් එකට කලින් මේ ප්‍රතිචාරයට තම්බ්ස් අප් එකක්

      Delete
    4. ඇත්තමයි බන්. රනිල් තරම් පින් චාන්ස් ලැබුන දේශපාලකයෙක් නැති තරම්. පක්ෂ නායකත්වයේ ඉඳලා පින් චාන්ස්.

      Delete
  10. ලාංකේය දේසපාලනේ නිව්ටන් නියමය:
    රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාප ආණ්ඩුවක උපරිම ආයුකාලය අවුරුදු දෙකකි.

    ReplyDelete
    Replies
    1. උඹ හරි...

      නොවිය හැකි දෙයක් නොවේ... අවශ්‍ය සංඝටක සියල්ල සර්ව සම්පූර්ණයි උතුමානනි...

      Delete
  11. එයා ගේම ගහන්නේ ජනාධිපතිකොන් නැති කොරන්න නොව, ආයෙත් පාරක් ජනාධිපති වෙන්නේ කොහොමද කියන ගේමේය.//
    සිරාවටම ....
    මටනම් තවම ඔය ගිවිසුම ගැන ලොකු අවබෝදයක් නැහැ..ඉතින් නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න ඕනේ නැනේ

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි බං රනිල්වත් දන්නෙ නෑ.....

      Delete
    2. මාතා,
      යකෝ ඉතින් එහෙව් නොදන්න ගිවිසුමද කවුරු අකමැති උනත් අස්සන් කරනවා කියන්නේ?
      අම්මපා මොන ලබ්බක්ද බන් රනිල් කරන්නේ,
      වෙනදේ සරලයි මචෝ මේක මහින්ද නොකළේ මේ ගිවිසුම ගැහුවනම් රටේ ඇති වෙන ප්‍රශ්න තම පාලනයට කරදර බව දැනගෙන.
      මේකට මහින්දට විරුද්ද වෙන්න පුළුවන් උනා මොකද චීන මහින්දට උදව් කළා දැන් මේ ගිවිසුමට අත්සන් කිරීමට මෙච්චර වලි කන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි මේ ගිවිසුම ගැහුවේ නැත්නම් ඉන්දියාව අපට දීල තියන ඇමරිකානු ඩොලර් බිලියනය වහාම ඉවත් කරනවා, මහින්දට වගේ චිනගෙන් කිසිම උදව්වක් රනිල් ට නෑ ඔන්න ඕකයි ඇත්ත තත්වය.
      (චීන අපට ආදාර කලේ අපට ආදරේ නිසා නෙමේයි මහින්ද කලෙත් හොරකම තමයි නමුත් රනිල් ට ඉන්දියාවට බර වෙනවා වෙනුවට චිනත් සමග හොද සම්බන්දයක් තබා ගැනීම වැදගත් )

      Delete
    3. ඔව් ඉතින් මහින්ද ඒ වෙනුවට චීනට ගෝල්ෆේස් එක, වරාය, හම්බන්තොට සින්නක්කර ලියලා දුන්නා නේ... රනිලුත් මක්කා හරි දෙයි.. මොකෝ අර බිලියන ගාන උඹට දෙන්න විදියකුත් නෑ නේ.. මේ රටේ මිනිස්සු කන්න බොන්නත් එපාය..

      Delete
    4. මාතා,
      මචෝ මම හිතන්නේ මේ වෙලාවේ රනිල් කරන්න ඕනේ මේ ගිවිසුම ගසන බව කියමින් කාලය ලබාගැනීමයි, අපි කලයුත්තේ මේ ගිවිසුම ගසන්න නොදෙන බව කියමින් රජයට පීඩනය දීමයි.
      එතකොට රනිල් ට කියන්න පුළුවන් මොදිට, අපේ රටේ පීඩනය අඩුවෙනකම් පොඩ්ඩක් කල්දෙන්න කියල, ඒ අතර රනිල්ට කෙසේ හෝ සොයන්න වෙනවා විකල්පයක් අරමුදල් සම්පාදනයට.
      කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ ?

      Delete
    5. මාතේ,
      මේ ගිවිසුම ගැන එහෙන් මෙහාන් අහුල ගත්ත දැනුමක් තමයි මට තියෙන්නේ සමහරු කියන්නවා මේ නිසා ඉන්දියාවේ QC ලා ලංකාවේ පැකට්රි වල අඩු පඩියට වැඩ කරන්න පටන් ගනී කියලා එහම උනොත් මට කෙලවෙන්නවා කියන්න ඒක අමතුවෙන් කියන්න ඕනේ නැනේ සමහරු කියනවා මේක අදාල වෙන්නේ IT section එකට විතරයි කියලා මම ඉයන්ගේනුත් ඉල්ලීමක් කරා මේ ගැන සරල උදාහරනත් එක්ක හොද නරක දෙකම දැන්නෙන ලිපියක් ලියන්න කියලා ..අයියන්ඩි මේක සරල කරලා ලිපියක් ලියපන්කො..උබ දන්නවනේ මම රටේ ලෝකේ ගැන යමක් හොයාගන්නේ බ්ලොග් වලින් කියලා

      Delete
    6. @ ලංකා සි
      උඹ කියපු දේ ඇනෝ කෙනෙක් කලින් ලියලා තිබුනා..

      @ එළද බ්‍රා
      එකෙක්වත් නොදන්න දෙයක් ගැන මක්කා ලියන්නද බං.. ඒකනේ මම කිව්වේ මේක අර ඇතා ගැන තියෙන අන්ධභූත ජාතක කතා වස්තුව වගේ එකක් කියලා...

      Delete
    7. මාතා,
      පසුගිය දවස් වල වැඩ ටිකක් වැඩි උනා මට බ්ලොග් බලන්න බැරි උනා,
      // උඹ කියපු දේ ඇනෝ කෙනෙක් කලින් ලියලා තිබුනා..//
      සන්තෝසයි එකෙක් හරි ඉන්නවනම් මේ ගැන තෙරෙන, වැඩේ කියන්නේ මේ ගිවිසුමට කොටසක් එකයි කොටසක් විරුද්දයි, මේ දෙපිරිසම කරුණු සොයන්නේ නැතිවයි විවේචන කරන්නේ හෝ පක්ෂ වෙන්නේ

      // එකෙක්වත් නොදන්න දෙයක් ගැන මක්කා ලියන්නද බං.//
      එනිසා තමයි මේ ගිවිසුම මම විවේචනය නොකරන්නේ මම කියන්නේ අඩුගානේ ගිවිසුමට අදාළ භාණ්ඩ හා සේවා ගැනවත් දැනුවත් කරන්න කියල. මොකද එතකොටයි පලදායි සාකච්චාවක් වෙන්නේ
      එල ද බ්‍රා මෙන්ඩා,
      මේ ගිවිසුම අපට සහ ඉන්දියාවට වාසි සහගත ලෙස ඇති කරගන්න පුළුවන්, නමුත් සුදුස්සන් සුදුසු තැන නැතිව (අලිබබා නැතත් හොරු හතලිහ සමග ) ගැහැව්වොත් අපට සොරිම තමයි මොකද ඉන්දියාව තමාට අවාසි වන කිසියම් දෙයක් තිබුනොත් දිවිය ලෝකෙයි මහපොලවයි වෙනස් කරනවා තම වාසිය ලැබෙන ආකාරයට සකස් කිරීමට.
      අද ලෝකයේ මහාපරිමාණ ඔවුෂධ මාෆියාව සමග සටන්වදින එකම රට ඉන්දියාවයි, ඒ තම නිෂ්පාදන ආර්ක්ශා කර ගන්න. ඉන්දියාව කියන්නේ රජය තාන්ත්‍රික ලෙස අතිශයෙන් බලවත් රටක්.

      Delete
    8. ඕකම තමයි මම අන්තීමට විශේෂ කියන කොටසින් අදහස් කලෙත්.... මේකේ අපි නොදන්න ඇජෙන්ඩා අනන්තවත් ඇති.. යුද්ධයේදි වගේම, ක්‍රිකට්වල ෆාස්ට් බෝල් වලදිත් මේ ක්‍රම අනුගමනය කරනවා...

      Delete
  12. ///මේවා එසේ මෙසේ ටෝක් නෙමේය. ජෙප්පෝ 88-89 කාළේ 60,000 මරා දැම්මේත් මෙහෙම කේස් එකක් නිසාය.///

    මා මේ ලිපියේ දුටු ඉතා වැදගත්ම කොටස මෙසේ උපුටා දක්වමි...

    ඒ දවස්වල JVP ප්‍රා එක, JVP කළු බළල්ලු, JVP කහ බළල්ලු, JVP හමුදාව, JVP පොලිසිය එහෙම එකතු වෙලා ජෙප්පෝ නොවෙන එවුන්ව හොය හොයා මරපු සිද්ධියක් විතරයි වගේ සිද්ධ වෙලා තියෙන්නේ හිටං...

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් කොටින්ටත් ඩෙඟා නටන්න ඉඩ දීලා ඉන්න තිබුනා... ත්‍රස්තවාදියා මොකෙන් ආවත් විනාශ කරලා දාන්න ඕන. ඔළුව උස්සන්න බැරි වෙන්නම.

      Delete
    2. නැහැ බං, මම කියන්නේ වෙන දෙයක්. මෙතන උඹ ලියල තියෙන දේ තේරෙන්නේ මෙන්න මේ විදිහට...
      ජෙප්පන් විසින් 88-89 දී 60,000 ක් දෙනා මරා දමා ඇති ලෙසිනි...
      දෙගොල්ලොම එකතුවෙලා නේ 60 ක් 70 ක් අහවර කලේ...
      උඹ ඒ ක්‍රෙඩිට් එක ජෙප්පන්ට විතරක් දෙන්න හදන එකටයි මගේ විරෝධය. හෙහ් හෙහ්...

      Delete
    3. නෑ නෑ.... ජෙප්පන්ට තමයි ඒකේ තනිකර ක්‍රෙඩිට් එක බින්දුවක්වත් අඩු නැතිව යන්න ඕන...

      Delete
    4. එහෙනම් පහුගිය යුද්දෙන මැරිච්ච කොටි, හමුදා, පොලිස්, සිවිල් මරණ සියල්ලේම සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්නේ ඕනේ LTTE එකටනේ, ඒත් දැන් උඹලම කියනවනේ ආමි එකෙනුත් අරවා මේවා කලාය මානව හිමිකම් කඩ කලාය එහෙම කියලා...
      තව එවුන් තප්පුලන්නේ ප්‍රභාගේ කොළුවව ආමි එකෙන් මැරුවය කියලත්...
      මේ සරල සුගම විදිහටම ඒ ඔක්කොම උන්ගේ අකවුන්ට් එකට බැර කරන්න බැරි මොකද මචං...

      Delete
    5. මාතලන් දීපන් අපේ ලොකු එකාට උත්තර

      Delete
    6. // ලොකු පුතාFebruary 26, 2016 at 11:02 PM//

      එල එල ලොකු පුතා තුමෝ!

      :D

      Delete
    7. එල් ටී ටී යුද්දේ නිසා මැරිච්ච ඔක්කෝම උන්ගේ ක්‍රෙඩිට් එක යන්න ඕන කොටින්ට තමා... කොටි නැත්නම් කොහෙද රණවිරුවෝ...

      ප්‍රභාකරන් කියන්නේ එළ පොරක් කියලා ඝෝඨාභයත් කිව්වා... ඇත්ත ඒක තමයි...

      Delete
    8. ප්‍රභාකරන්ගේ කොලුවා මරපු කතාව ගැන නම් කියන්න තියෙන්නේ.. උඹේ දරුවා ඒ වෙනුවට ආදේශ කරලා බලපන් කියලා විතරයි...

      Delete
    9. මම ආණ්ඩුවට විරුද්ධව යුද්ධ කරන්න ගියේ නැහැනේ බං, මගේ ළමයව එතනට දාල හිතන්න. උඹත් දැන් ලාභ තර්ක වලට එන්න පටන් අරගෙන...
      මම ආණ්ඩුවකට විරුද්ධව යුද්ධයක් කලත් යුද්ධය අස්සට මගේ ළමයි ගෙනත් තියා ගන්න තරම් මෝඩ වෙන්නෙ නැහැ මචෝ...
      අනික ප්‍රභාගේ ළමයි සදාකල් උතුරේ හිරවෙලා හිටපු ළමයි නෙමෙයිනේ...

      දෙපැත්තෙන්ම බුලට් දහස් ගණන් එහෙ මෙහෙ යන තැනක ඉන්න පොඩි එකෙක් නෙමෙයි, මහ එකෙක් උනත් කොයි වෙලාවේ හිල් වෙයිද කියල තේරුම් ගන්න බැරි උන් දේශපාලන බලය ගන්න ගොතපු කතා රහට විඳින එවුන් අනිත් කොටි නායකයින්ගේ ගෑණු සහ ළමයි හමුදාවට අහුවෙලා බේරගෙන ආපු ඒවා ගැන නිහඬයි...
      ඇයි ඔය කියන විදිහට උන්වත් මරල දාන්න බැරි උනේ...

      ප්‍රභාකරන්ගේ කොළුවා මරනවා බලං හිටිය වගේනේ බං උඹල කතා කරන්නේ...

      88/89 ඔක්කොම මරණ වල ක්‍රෙඩිට් එක යන්න ඕනේ JVP අකවුන්ට් එකට නම් ඔය කියන විදිහට ප්‍රභාගේ පුතාව මැරුවත් උඹේ තියරිය අනුව ඒක යන්න ඕනේ කොටින්ගේ ක්‍රෙඩිට් එකට...
      මොකද 88/89 ෆේස් ටු ෆේස් යුද්ධයක් නෙමෙයි නේ තිබුනේ, ගෙදරට ගියා ඇදගෙන ආවා, කෙල්ලෙක්නම් රේප් කලා, පස්සේ වධ දුන්නා, මැරුවා, ටයර් එකේ දැම්මා පිච්චුවා...
      ඒ වගේ මරණ දස දහස් ගාණක් කිසි අවුලක් නැතුව ජෙප්පන්ගේ ගොඩට විතරක් දාන්න පුළුවන් උඹලට මේක විතරක් කොටින්ගේ ගොඩට දාන්න බැරිකම මොකක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ...

      Delete
    10. ඉතින්ළොකු පුතේ ඒක ඔයා කැමති ගොඩකට දාගන්න. මාතලන්ට අවුලක් නෑ..

      දරුවා ගන ඇදලා ගත්තේ මම නෙමෙයිනේ ඔහේ නේ.. ලාබ තර්ක ගොඩ නැගෙන්නේ ඒ උඩ.. ඇත්තටම ඒවා ලාභ වැඩ තමයි මොකා කලත්..

      ඔය මැරුවයි කියන කාළේ ලංකාවේ හිටපු ඔක්කෝම තරුණ තරුණියෝ මැරුනේ නෑ... ඉල්ලගෙන කාපු පිරිස සහ.. ඒ කාළේ පැවති කාලකන්නි ක්‍රමයට අහු උන අහිංසකයෝ කීප දෙනෙකුත් ඔතන හිටියා.. යුද්ධය කියන්නේ ඒකයි.. අද සිරියාවේ පේන්න තියෙන්නෙත් ඒකයි..

      Delete
    11. ///දරුවා ගන ඇදලා ගත්තේ මම නෙමෙයිනේ ඔහේ නේ.. ලාබ තර්ක ගොඩ නැගෙන්නේ ඒ උඩ.. ඇත්තටම ඒවා ලාභ වැඩ තමයි මොකා කලත්..///

      මචන් ප්‍රභාගේ දරුවා ගැන කිව්වේ යුද්දෙදි මැරිච්ච එකම ළමයා වගේ ඒ ළමයා ගැන කතා කරකර කිඹුල් කඳුළු හෙලන ගොබ්බයො මේ රටේ ඉන්න නිසා, කැබිතිගොල්ලාවේ, අම්පාරේ, රටපුරා බස් බෝම්බ වලින් මැරුණේ ඔටු පැටව් කියල හිතාගෙනද ඒ ළමය ගැන විතරක් කතා කරන්නේ...
      මම පෙන්නුවේ ඒක,
      මොකද කොටි සිංහල ගම්බිම් වලට පැනල අමු අමුවේ කපල කොටලා මරල දැම්මේ, බඩදරු අම්මලාගේ බඩ කපල බඩේ ඉන්න ළමයින්වත් එළියට ඇදලා අරගෙන මරල දැම්මේ ඒ ළමයි අඩු ගානේ යුද්ධයක් මැද්දේ ඉඳලද...
      උන් ගං බිම් වලට පැනල පර්පස්ලි කරපු මිනීමැරුම් ඒවා...
      ඒවා ගැන කතා කරන්න කටක් ඇරියේ සහ අරින්නේ නැති එවුන්ට අවසාන යුද්ධය අස්සේ රිංගගෙන ඉඳල මැරිච්ච ප්‍රභාකරන්ගේ පුතා ගැන විතරක් කැක්කුමක් එන එක ගැනයි මම කතා කලේ...

      අනිත් මිනිස්සුන්ව හිර කරගෙන හිටියට ප්‍රභාකරන්ගේ පවුලේ උන් LTTE එක පැත්තේ හිටියේ බලෙන් තියා ගත්තු නිසා නෙමෙයිනේ, කැමැත්තෙන්නේ...
      ආමි එක ඉන්න පැත්තට එන්න කියල නිවේදන නිකුත් කලාම පැනගන්න පුළුවන් වෙච්ච සාමන්‍යය මිනිස්සු කී දාහක් ආවද ආමි එක ඉන්න පැත්තට, ප්‍රභාකරන්ටත් තිබුනනේ අවසාන මොහොතේ හරි ළමයත් එක්ක පවුලේ අයව යවන්න ඒ පැත්තට...

      Delete
    12. එහෙම ආපු දරුවා නේන්නම් යකෝ බිස්කටුත් කන්න දීලා මරළා දැම්මේ.. ඒ මරපු ඒවුනුත්... ඒක සාධාරණය කරන උඹලා වගේ උනුත් ප්‍රභාකරන් වගේම අමු තිරිසන්නු කියලා විතරයි මට නම් කියන්න තියෙන්නේ...

      Delete
    13. ඉතින් ඕකත් දාපන් බන් කොටියාගේ එකවුන්ට් එකට....

      Delete
    14. ///එහෙම ආපු දරුවා නේන්නම් යකෝ බිස්කටුත් කන්න දීලා මරළා දැම්මේ.. ///
      මේ ගැන තියෙන පැහැදිළි සාක්‍ෂි මොනවද...
      එහෙම පැහැදිළි සහ ඔප්පු කරන්න පුළුවන් සාක්‍ෂි පෙන්නුවොත් මමත් පිළිගන්නවා එක අමානුෂික වැඩක් සහ දඬුවම් දිය යුතු වරදක්ය කියලා...

      ///ඒ මරපු ඒවුනුත්... ඒක සාධාරණය කරන උඹලා වගේ උනුත් ප්‍රභාකරන් වගේම අමු තිරිසන්නු කියලා විතරයි මට නම් කියන්න තියෙන්නේ...///
      JVP කාලේ මේ වගේ යුද්ධයක් නොවූන අවස්ථාවක ගෙවල් වලට පැනලා අරගෙන ගිහින්, දස වධ දීලා, දුෂණය කරලා (ගැහැණු පිරිමි බේදයකින් තොරව), මරල දාල, බල්ලෝ බළල්ලු වගේ ටයර් සෑයේ යවපු ඔක්කොම ඒවායේ වැරැද්ද ජෙප්පෝ පිට විතරක් දාල අත පිහිද ගන්න කතා කරන උඹල බෝධිසත්වයෝ,
      ඒක පාර්ශවීය සහ පිළිගන්න අපහසු ෆොටෝ කෑල්ලක එල්ලිලා ප්‍රභාගේ පුතා හමුදාවෙන් මැරුවා කියන අදහසේ එල්ලිලා ඉන්න උඹලගේ ගොබ්බ අදහසට විරුද්ධව තර්ක කරන අපි තිරිසන්නු, නියමයි මචං උඹේ බුද්ධිය...
      ඕවා බංකොලොත් තර්ක මචෝ...

      රබර් සෙරෙප්පු දාගෙන ඉන්න ආමි කාරයෝ ඉන්න ෆොටෝ එකක් විශ්වාස කරල උඩ බලාගෙන කෙළගහ ගත්තා කියල උඹල සත්පුරුෂයෝ වත්, බෝධිසත්වයෝ වත් වෙන්නේ නැහැ මචං...

      මේ බලපන්කො අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමා කියන්නෙත් එහෙම උනේ නැහැ කියලනේ. ඒ දවස් වල නෙමෙයි දැනුත් එයා කියන්නේ එහෙමයි. ෆීල්ඩ් මාර්ෂල් තුමත් මහ තිරිසනෙක් නේ මේ කියන විදිහට...

      http://www.tamilguardian.com/article.asp?articleid=17010

      Delete
    15. මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...

      බුද්ධිය දෙන්න බෑ....

      පොඩි එකා බිස්කට් කාලා ඌම වෙඩි තියාගෙන මැරිලා බං.. මහින්දගේ කාළේ ඔක්කෝම මැරුනෙ එහෙමයි... 88 - 89 ජේ වී පී කාරයෝ කියන්නේ මක්කත් නොකරපු අහිංසක දරුවෝ ටික්ක.. උන් මරපු උන්ට හෙන හතම ඝහන්න ඕන..

      හරි නේ මචෝ දැන් සන්තෝසයිනේ...

      Delete
    16. ///මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...

      බුද්ධිය දෙන්න බෑ....///

      ඒක දැනගෙන ඉන්නවා කියන එකම ලොකු දෙයක් මචං...

      දකින්න තියෙන තොරතුරු විශ්ලේෂණය කරලා තීරනේකට එන්න බුද්ධිය ඕනේ තමයි, එහෙම බැරි උන් අනුන්ගේ අදහස් කුළියට අරගෙන ගිරව් වගේ කියවනවා, ඒක තමයි ඇත්ත...

      පොඩි එකා බංකරයක් ඇතුලේ බිස්කට් කකා ඉන්නවා, ඒ බංකරේ කාගේද, කවුරු හදපු එකක්ද, මොකක්ද කින්ද මන්ද පේන්නේ නැතිවෙන්න ෆොටෝ එකක් ගහල තියෙනවා...
      ඒක අපේ හමුදාවේ බංකරයක් කියන්න හෝ කොටි බංකරයක් නොවේ හෝ කියන්න කිසිම සාක්ෂියක් නැහැ,

      ඊළඟ ෆොටෝ එකක තියෙනවා පොඩි එකා මැරිලා ඉන්නවා, එතනම අවට පේන්න තියෙන කකුල් හිමිකරුවන් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්නේ සෙරෙප්පු දාලා. ඒ අපේ හමුදාවනම් පුදුම බංකොලොත් හමුදාවක්නේ අපිට තිබිල තියෙන්නේ. අඩු ගානේ සපත්තුවත් නැහැ...

      ඒ ෆොටෝ දෙක හරහා කොටි හිතවාදීන් මේක හමුදාවේ ඇඟේ ගහන්න හදනවා. දීපු හරි ගත්තු හරි බුද්ධියක් තියෙනවනම් ඒක පාවිච්චි කරලා හිතල බැලුවොත් ඕක හමුදාවේ ඇඟේ ගහන්න බැරි බව තේරුම් ගන්න බැරි කමක් නැහැ...

      මේ ෆොටෝ දෙක බලලා අපේ බුඩ්ඩිමත්ය කියල හිතාගෙන ඉන්න උන් උඩ පැන හුරේ දානවා, අඩු ගානේ ෆොටෝ එකේ Meta Data හරහා කැමරාව කොහේදී, කවුරු, කාට විකුනපු එකක්ද කියල තොරතුරු හොයාගෙනද මේ ගොබ්බයො ඕක හමුදාව පිට පටවන්න හදන්නේ...

      එහෙම කලොත් කිසි කරදරයක් නැතුව ඒක මොන පාර්ශවයට අයිති කැමරාවක්ද කියල අහුවෙන නිසා වෙන්න ඇති ඒ ගැන හොයන්නේ නැතුව ෆිල්ම් හද හද කොටින්ගේ දුක විකුණා විකුණා කතන්දර කියන්නේ...
      ඒවට අහුවෙන බුද්දිමත් මිනිස්සු ඉන්න රටක් අප්පා මේක...

      ///පොඩි එකා බිස්කට් කාලා ඌම වෙඩි තියාගෙන මැරිලා බං.. මහින්දගේ කාළේ ඔක්කෝම මැරුනෙ එහෙමයි... 88 - 89 ජේ වී පී කාරයෝ කියන්නේ මක්කත් නොකරපු අහිංසක දරුවෝ ටික්ක.. උන් මරපු උන්ට හෙන හතම ඝහන්න ඕන..

      හරි නේ මචෝ දැන් සන්තෝසයිනේ...///

      උඹ එක උත්සාහයක් දැරුවද මේ ළමයාගේ මරණය හමුදාව කලා කියල ඔප්පු කරන්න, නැහැ...
      "එහෙම ආපු දරුවා නේන්නම් යකෝ බිස්කටුත් කන්න දීලා මරළා දැම්මේ.." කියන එක සාක්ෂියක්ද, තර්කයක්ද...
      කවුරුහරි කියපු එකක් ඔහේ කියවන එක විතරයි කලේ...
      ඒ නිසා තමයි මේ උඩ කියල තියෙන වගේ ඒවට බංකොලොත් තර්ක කියලා කියන්නේ... ;)

      Delete
    17. ඔය ඔක්කෝම උඹ කියපු විදියට වෙල තියෙන්නේ....

      අපිට පිස්සු බං.... අපි අමු හරක්.... වරදක් උනා නම් සමාවෙන්න ඕන...

      කරුමේ කියන්නේ රටේ වාසනාවට ඒ අමු මෝඩ හරක් ප්‍රමාණය බුද්ධිමතුන්ට වඩා වැඩි උනා 2015 ජනවාරි 8 වෙනිදා...

      ඒක ඉතින් උඹ වගේ බුද්ධිමතුන්ගේ කරුමේ... පොල් ගහලවත් අපේ බුද්ධිය වරධනය කරන්න පිහිට වෙයන් සත්තරනේ...

      Delete
  13. රනිල් සොඳුරු විදිහට එකාදිපතියෙක් වුනා ,ගොඩ කාලෙකට කලින් ,එක මතලන්ලට අමතක වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. නෑ අපිට අමතක නෑ.. ඒ කාළේ ඒකාධිපතියා රනිල් නෙමෙයි නේ..

      ඒත් රනිල්ලා උනත් ඒ වැඩේ හරියටම ඉවරයක් නොකල නිසා අදටත් ඉතිරි වෙච්ච රිලව්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ...

      Delete
  14. මාතා මේක දේශපාලනයේ ම ලක්ෂණයක් තමයි. මිනිස්සු තීරණ ගන්නේ පවතින දේශපාලන රාමුව සහ පැවති දේශපාලන රාමුව ගැන සන්සන්දනාත්මකව බලලයි. නමුත් යම් වෙලාවක පැවති ක්‍රමයෙහි ඇතිවෙලා තියෙන වෙනස්කම් ගැන පවතින ක්‍රමයට වඩා විශ්වාස කරන්න හැකියි නං ආණ්ඩුවක් පෙරළීමේ හැකියාවක් තියෙනවා. ඒත් පැවති ක්‍රමයේ තිබූ ප්‍රධානම චරිතය තව දුරටත් විපක්ෂ දේශපාලනයේ ඉන්නා නිසා රනිල්ගේ සියලු ක්‍රියාකාරකම් ඔහු සමග සන්සන්දනය වෙනවා. ඒ නිසා ම තමා රනිල් තාමත් රැකිලා ඉන්නේ... නමුත් ඔහු ඉවත් වුණානං මේ තත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තියෙනවා. දැනට තියෙන තත්වයේ හැටියට රනිල්ගේ මොන නාඩගම වුණත් රැකෙන්නේ මහින්ද හින්දම තමා.......

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් ගිහිල්ලත් තාම රටේ ප්‍රධාන චරිතය මහින්ද...

      එ කියන්නේ මෙයාලා මහින්ද ගෙදර යැව්වා කියන්නේ අමූලික බොරුවක්.. පට්ට ස්වයං වින්දනයේ යෙදීමක්.. මේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න තව කල් තියෙනවා.. ඊට කලින් රට ගොඩ අරගෙන ඉන්න ඕන.. ඊට පස්සේ පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න..

      Delete
  15. My comment is based on what I have read on this subject from various sources

    As is understood , govt is struggling to prevent rupee from falling , to stabilize exchange rate and avert a crises. India has provided to govt, late last year a six month period currency SWOP loan of USD 1.11 Billion to tackle this problem. If India withdraws this facility country is in trouble.

    Ran knows that he should not do any harmful thing to the country. This big noise must be to please India so that he could buy time till funds from western friends come. He must be on a balancing act. We need to be patient....

    Over to you Maathalan for your expert comments?
    Sorry, I am not familiar with Sinhala key board.

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ මාර ඔළුවක්... ඒ ගැන සැකයක් නෑ...

      නමුත් කාලකන්නි දේශපාලනය රනිල් දන්නෙ නෑ... එජාපයේ සජිත්ලා කරූලා පරාජය කරපු ආකාරයට, මහාරාජා වගේ පොලිටිකල් ඇජෙන්ඩා තියෙන ගල් ආඳෝ පරාජය කලාට, මදාවී දේශපාලනය පරාජය කරන්න පුළුවන්ද කියන සැකයක් මට තියෙනවා. සැටලයිට් නෝනා 2004 එජාපය පරාජය කල එක ගැන කනගාටු උනේ පස්සේ. ඒත් ගේම දීලා ඉවරයි. ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩියි. මෛත්‍රීලා මේ ගැන නිහඬව සිටීම බොහෝම භයානකයි..

      ඒත් මම අර අන්තීමට කීවාක් මෙන්ම, ඔබත් සඳහන් කරනාකාරයට මෙහෙම ඇජෙන්ඩා එකක් යනවා වෙන්නත් බැරි නෑ..

      Delete
    2. \\රනිල් කියන්නේ මාර ඔළුවක්... ඒ ගැන සැකයක් නෑ...//
      අනේ හැබෑට. මාතලන් ගිහින් රනිල්ගේ ඔලුවේ දිග පලල මැනගෙන එන්න ඇති මගෙ හිතේ.

      Delete
    3. අනේ හැබෑට. මාතලන් ගිහින් රනිල්ගේ ඔලුවේ දිග පලල මැනගෙන එන්න ඇති මගෙ හිතේ//

      හොද සංවාදයක් යන අතර මෝඩ තර්ක දාන එකට මම එකග නැහැ. උබට කියන්න පුලුවන් උබගේ එකගතාවය මට පාන්ද කියලා ඒ උනාට ලිපියන් වගේම කොමෙන්ට් වලිනුත් හොද දැනුමක් එකතු වෙනවා මට ලිපිය තරමටම කොම්මෙන්ට් වටිනවා

      Delete
    4. This argument looks decent on first look, but it has a major flaw.
      Western countries are in difficult economic waters and they will not do anything to damage their relationship with India. If a western country agrees to give us some aid, it'll come only after indian recommendations.
      As of now, the only way is China way.
      But they also know we are on our knees, so if they grant some help we will have to agree for strict terms and conditions.
      ECTA looks to be a dummy, Ranil is checking how deep the water is. Now he knows who are the players that he needs to buy out to suppress any opposition.

      Delete
  16. ඔය කියනා මාෆියාවට අයත් නොවනා දොස්තර ලා කී දෙනෙක් සිටීද ???

    රාජිත සහ ෆීලික්ස් පෙරෙරා මවුන්ට් එලිසබෙත් ඉන්නේ මාෆියාවට මුහුන දෙන්න හැකියාවක් නැති නිසාද?

    ReplyDelete
    Replies
    1. මාෆියාවක් කියන්නේ එකෙක් නෙමෙයි නේ... උඹත් ඒකේ ඇති...

      මවුන්ට් එලිසබත් ගියේ මෙයාලා විතරක් නෙමේනේ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උරුමයක්.. ඒවා ගැන ජෙප්පොවත් කතා කරන්නේ නැත්තේ ඒක නේ...

      අපේ සල්ලි වලින් මහා නායකෙකුත් අපවත් වෙනකන් වැඩ උන්නේ ඒකේ නේ...

      Delete
    2. ඉක්ටා ද මොකද්ද ගිවිසුමටත් කලින් දෙපැත්තටම ගේම ඉල්ලන හූනියම් දොස්තරලා ඉන්දියාවෙන් ගෙන්නගෙන හූනියන් යුද්දයක් නම් ඔන් ගොයින් කියලා කතාවක් ද පැතිරේඅ...

      Delete
    3. ඒවට නම් ඉතින් නම් දරාපු හරක් නේ... මුන් දන්නේ නෑ මිනිස්සුන්ගේ බලවත් බව...

      Delete
  17. Ranil kiyanne asarthaka palakayek, Maathalan wage kenkuta aie eka noterenne,,,

    ReplyDelete
    Replies
    1. හීනමානෙ බන්.. වෙන මොනවත් නිසා නෙමෙයි..

      Delete
    2. රනිල් මේ සහ එජාප ආන්ඩු රටට කරපු දේවල් වෙන එකෙක්වත් කරලා නෑ.. සිරි ලංකා කාරයන්ට කියන්න තියෙන එකම දේ යුද්ධය දිණපු එක විතරයි... මේවා ඔහේලා දන්නේ නෑ... අවුරුදු 35 ට අඩු එකෙක්වත් දන්නෙ නෑ...

      Delete
    3. අනේ යකෝ ඕවා කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. රටක ආණ්ඩුවක ප්‍රධානම වගකීම තමයි රටේ ජාතික ආරක්ෂාව. සවුක්ක්‍ය, යටිතල පහසුකම්, අධ්‍යාපනේ ඇතුලු අනෙක් හැම රෙද්දක්ම එන්නෙ ඊට පස්සෙ. ජේ ආර් පප්පා ඇතුලු හූඇන්පී ආණ්ඩුව යුද්ධෙට සම්පූර්ණෙන්ම වග කියන්න ඕනි. 83 කළු ජූලියේ architects ලා කවුද? මහා ලොකු රාජජ තාන්ත්‍රිකයෝ. අනේ බන්.

      අනිත් එක දැන් බයියෝ කතා කරන්නේ මහින්දගේ අවුරුදු නමය ගැන විතරයි. උන්ට යූඇන්පීයටත් වඩා චන්ද්‍රිකාව අරහං. ඉතින් යූඇන්පී, සිරි ලංකා කියලා අමුම අමු ගෝත්‍රිකයෙක් වගේ වර්ග කරන්නේ කවුද?

      Delete
    4. ගෝත්‍රිකයෝ වරග කලා කියලා ඔච්චර කේන්ති ගන්න ඕනය... ගෝත්‍රිකයෝ, ගෝත්‍රිකයොම තමයි...

      Delete
    5. සිරිමාවෝගෙ ශ්‍රී ලංකා එකේ කෑලිත් දැන් හොයාගන්න නෑ. ඒ වගේමයි ජේ ආර් ගෙ "liberal" යූඇන්පීයත්. දැන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන මුග්ධයාගේ ඇම්බැට්ටයෝ පාලනය කරන අමු bureaucratic පක්ෂයක්. තවදුරටත් ගෝත්‍රික මානසිකත්වයකින් යූඇන්පී, ශ්‍රී ලංකා කියලා වෙන් කරන්න බෑ.

      Delete
    6. අපෝ නෑ... තාමත් තියෙනවා... පර්සනැලටිය බැලුවත් වෙනසක් තියෙනවා... විශේෂයෙන් මළබද්ධ විනාශය කියන එකේ ඉන්න උන්ගෙයි.. එජාපයේ ඉදිරිපෙල උන්ගෙයි අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා...

      Delete
  18. දැන් මේකනේ මාතලන්

    මෙයාලා මහින්ද පරද්දුවා කියන්නේ බොරුවක් - මෙයාලා කියන විදිහට තාම හැමතැනම මහින්ද
    මහින්ද කොටි පැරද්දුවා කියන්නෙත් බොරුවක් - මහින්ද කියන විදිහට තාම හැමතැනම කොටි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචන්. චන්දෙ කාලෙ කොටි නැගිටිනවා කියපු බයියන් ගේත්, හොරු නැගිටිනවා කියපු ටොයියන් ගෙත් කිසිම වෙනසක් නෑ.

      Delete
    2. තව ලැජ්ජා නැතුව ඊයේ කියනවා ජේ ආර් කියලා දුන්නලු බොක්සිං ක්‍රීඩකයෙක් වගේ ප්‍රතිවාදියාට වැටෙන්නම් ගහන්න ඕන කියලා... ජේ ආර් නම් එයාගේ ප්‍රතිවාදියාට ගැහුවා ආයේ නැගිටින්නම බැරි වෙන්න.

      Delete
    3. මෙයාලා මහින්ද පරද්දුවා කියන්නේ බොරුවක් - මෙයාලා කියන විදිහට තාම හැමතැනම මහින්ද
      මහින්ද කොටි පැරද්දුවා කියන්නෙත් බොරුවක් - මහින්ද කියන විදිහට තාම හැමතැනම කොටි

      niyama adahahsa

      Delete
    4. හරියටම හරි ඉවාන් . ගිය අවුරුද්දේ සිරිසේන දිනුවා කිව්වට ... ඔහු 2014 නොවැම්බර් වල හිටපු තැනයි , 2015 නොවැ වල ඉන්න තැනයි ගැන හිතන්නත් වෙනවා.

      මේ ලඟදි මිතුරෙක් කීවේ . ..කොටි ඉන්නකොට අඩුම ගන්නේ යාපනේ තිබුනා ...දැන් යාපනේ කෝ ? කියලා ය

      Delete
    5. කැමති හෝ අකමැති ජනදිපටි අගමති අපි හැමෝගෙම ඔය ජන්දේ දුන්නා මම දුන්නේ නැහැ කියලා කර අරින්න බැහැ මහින්ද ගැන හිතන්නේ නැතුව මෙයාලට තියන්නේ වැඩ කරගෙන්න යන්න රනිල් අසර්තකනම් අවශ්‍ය කාලයදී වෙන කෙනෙක් එයි ඒ මහින්දම වෙන්න ඕනේ නැනේ රටේ දේශපාලනය කරන එකම පවුල රාජපක්ෂ පවුල විතරක් නෙමිනේ හැකියාව තියනවනම් ඊළගට රට කරවන කෙනා උබ වෙන්නත් පුලුවන් මම වෙන්නත් පුලුවන්

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  19. මේ ගිවිසුම ගැන නම් මට මුලින්ම ඇත්තේ , අපිට ඇති වාසි මොකුත් කටක් ඇරලා කියන්නේ නැත්තේ ඇයි කියලා පැනයකි .
    විපක්ෂයත් ගොන් පාට් අවාසි ගෙනහැර පාන අතර , ආණ්ඩුවෙන් ඒවා එසේ නොවන බව පමණක් කියයි . මේ වැනි ගිවිසුම් වල වාසි මෙන්ම අවාසි ඇති බව යථාර්තයයි . අවාසි පෙන්වා දීම විපක්ෂයේ භූමිකාව වෙන අතර , ආණ්ඩුව කළ යුත්තේ ඒ අවාසි කළමනා කරණය කරන අයුරු සහ තරාදියේ අන් පැත්තට ගිවිසුමෙන් අපිට ලැබෙන වාසි ගොඩ ගැසීමය . එවිට රටට ඒ ගැන නිවැරදි තීරණයක් ගත හැකිය . දැනටනම් මට ඇසී ඇත්තේ , දුප්පත් මිනිස්සුන්ට නොමිලේ ඇම්බියුලන්ස් වල මුල අවුරුද්දේ යන්න ලැබෙනවා ( නොමිලේ කිව්වට ඒ පිරිවැය දරන්නේ ආණ්ඩුවයි . ඒ කියන්නේ අපේ බදු සල්ලිය . ) , ඉන්දියාවේ මිනිස්සු ගොඩක් ඉන්න නිසා අපිට ඇමරිකාවට ගේමක් දෙන්න පුළුවන් වැනි විහිලු සහගත කතා විතරමය . අඩුම ගනනේ මේ ගිවිසුම අවුරුදු කීයකටද , ඒ කාල සීමාවේ අපේ ඉලක්කයන් මොනවාද කියා වත් තවම රටට කියා නැත . ඒ කියන්නේ එක් අතකින් මේ තියෙන්නේ නැවතත් රනිල්ගේ බෝයිස් ක්ලබ් ගේමක් බව පෙනේ. ඒ කියන්නේ යු ඇ න් පී බොහෝ දෙනා අපි වගේම මේ ගැන හාන් කවිසියක්වත් දන්නේ නැතුවා වාගේය . එක අතකට උන් ගැන දුකකුත් ඇතිවේ . එහෙම කලත් රටට හොඳ නම් කමක් නැත . එහෙම හොඳ නම් නොකියා ඉන්නේ ඇයිදැයි කියා සැකයකි . මෙහි ඇත්තේ කෙටි කාලින අයවැය පරතර , වෙළඳ ශේෂ යම් දුරකට පිරවීමේ හිලව්වට , ඉන්දියානු ආරක්ෂක වළල්ල පුළුල් කිරීමද කියා සාධාරණ සැකයක් ඇතිවේ . එහෙම නැත්නම් මේ යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තරයේ ට්‍රැක් එකට වැටීම නිසා අපිට ලැබෙන ආර්ථික වාසි වලින් කොටහක් , අල්ලපු ගෙදර චන්ඩියා බලෙන් ඩැහැගැනීමේ උත්සාහයක් දැයි ද කියා විකාර සිතිවිල්ලක්ද ඇතිවේ .

    රනිල්ගේ තග නම් , ටිපිකල් රෝයල් තගකි... රෝයල් එකේ ඒ ශ්‍රෙණියේ චන්ඩි , බොහෝ විට තර්ස්ටන් එකේ නාලන්දේ බී , සී ශ්‍රේණියේ චන්ඩින්ගෙන් බඩ කට පුරවා ගනිති . .. (මට විටෙක හිතෙන්නේ රනිල්ට මහින්දගේ තග ගැන ෆැන්ටසියකුත් , මහින්දට රනිල්ගේ මෙව්වා එක ගැන ෆැන්ටසියකුත් ඇතැ දෝ කියාය ). රනිල් තග දාන්න ගොස් අනාගන්නේ , මහින්ද බුද්ධියට කතා කරන්නට ගොස් අනාගන්නා ලෙසමය .

    ඔහේ ලියන්න ගිහින් ප්‍රතිචාරය දික් වුනා ඒ ගැන සමාවෙන්න .

    ReplyDelete
    Replies
    1. හරි සාධණීය කමෙන්ට් එකක්. මේ කමෙන්ට් එක තුලින් හොඳ සාකච්ඡාවක් ගොඩනගන්න.

      ///////රනිල්ගේ තග නම් , ටිපිකල් රෝයල් තගකි... රෝයල් එකේ ඒ ශ්‍රෙණියේ චන්ඩි , බොහෝ විට තර්ස්ටන් එකේ නාලන්දේ බී , සී ශ්‍රේණියේ චන්ඩින්ගෙන් බඩ කට පුරවා ගනිති . .. ////////////
      මේ කතාව සම්පූර්ණ ඇත්ත.Aru

      Delete
    2. හම් මේ අරෑ දැකීමත් සතුටක්

      Delete
    3. රනිල්ට තග දාන හැටි කියලා දුන්නේ ඒක නිසාමයි... ඉස්සර ආනන්දේ උන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ උන්ට නෙලන කොට අපි නම් කලේ උන් එක්ක ගහ ගන්න ගිය එක නෙමෙයි. කොල්ලුපිටියේ පාතාලේ ගානක් දීලා බස්සපු එක. නැත්නම් උන් රෝයල් එක ඇතුලට ඇවිල්ලා නෙලලා යන්නේ.

      ඔය ඉක්කාව ගැන මාතලන් නම් අදහසක් ප්‍රකාශ නොකරන්නේ ඒක හරියට අර අන්ධයෝ සෙට් එක ඇතා ගැන කිව්වා වගේ කේස් එකක් නිසා...

      අලි පාටියේ උන් අලි හින්දම උන් හිතනවා අලියගේ පිටේ නැගලා හරි නැට්ටේ එල්ලිලා හරි දිවිය ළෝකේ යන්න..

      අන්ධ බයියෝ නම් අලියගේ ගුද මාර්ගයේ ඇඟිල්ල ගහලා කෑ ගහනවා ඊයා කක්කී කියලා..

      දැනට නම් තියෙන්නේ එහෙම කේස් එකක්..

      ඒ අස්සේ පාදෙනිය ගේමක් දෙනවා වකුගඩු විකුනගෙන කාපු මාෆියා ගේම් එකට පොර අත් අඩංගුවට පත් වෙන කොට ජාතික වීරයෙක් විදියට ඇතුලට යන්න..

      Delete
    4. අර ඇතෑ ගේ උපමාව නම් හොඳටම ගැල පෙනවා

      ඉස්සර අල්ලන සෙල්ලම් කරන කොට අහු වෙන්න එන කොටම ටයිම් ටයිම් කියන් නේ

      Delete
    5. //ඒ අස්සේ පාදෙනිය ගේමක් දෙනවා වකුගඩු විකුනගෙන කාපු මාෆියා ගේම් එකට පොර අත් අඩංගුවට පත් වෙන කොට ජාතික වීරයෙක් විදියට ඇතුලට යන්න..//


      නියුරොලොජි සහ නෙෆ්‍රොලොජි ගැන නොදන්නා වසු පැටවාට සමාව දෙන්න!

      Delete
    6. ඩොකාලගේ කේස් එක මම හිතන්නේ ඩොකාලා Vs ආණ්ඩුව ගේමක් හැටියට නෙමේ. ඒක තනිකරම පාදෙනිය Vs රනිල් & රාජිත ගේමක් විදිහට.

      එට්කා ගිවිසුම මොකක්ද කියලා අපි දන්නේ නැති වුනාට, මේ වෙනකොට ඉන්දියන් බලධාරින් දන්නවා ඇතිනේ. මේ සම්බන්ධව ඉන්දියන් මාධ්‍ය තුලින්වත් යම් මතයක් එලියට ආවොත්, නියමිත නිශ්චිත කරුනු ගැන වංශලාට, ගම්මන්පිලලාට වාද කරන්න පුලුවන්. ඒක ජවිපෙටත් අදාලයි. නැත්නම් මේ කරන්නේ කනා මුට්ටියට ගහනවා වගේ වැඩක්. ව්‍ය්වස්තාව ගැන විවාදයටත් වෙලා තියෙන්නේ ඔය ආනිසංසයම නේද? මේ වාද විවාද තුලින් කරන්නේ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න යට කරගෙන එට්කා සහ කොන්ස්ටිටුය්ශන් ගල් රෝල ඉස්සරහට ඇදෙන එකද කියලා සැකයක් මතුවීම වලක්වන්න බැහැ. පහුගිය 23/24 දවස් දෙකම පාර්ලිමේන්තුවේ කාලය කා දමමින් කරේ ඔය කනා පොල්ලෙන් ගැහීම නොවේද? බඳින්න ඉන්න කෙල්ලව කාමරේ අස්සේ තියාගෙන, බලන්න එන එකාගෙන් අහනවා තෝ කැමතිද කියලා. රනිල් ගේමක් ගහන්නේ නංගි පෙන්නලා අක්කාව දෙන්නද කියලා සැකයක් මතු වෙනවා. විපක්ෂයේ අදහස් මුවහත් කරගත යුතු වෙන්නේ හරියටම මනමාලි පෙන්නපු දවසට කියලා මට හිතෙනවා. JP කිව්වා වගේ දැන් විය යුත්තේ පක්ෂ, විපක්ෂ කවුරුත් කරුනු එකතු කර ගැනීමයි. පොල් කෝටියක් ගැහුවත් දෙයියෝ අපිට එට්කා ගිවිසුමවත්, යෝජිත ව්යවස්තාව පාර්ලිමේන්තුවට වඩම්මවන්නේ නැහැනේ. ඒක කරන්න වෙන්නේ ආණ්ඩුවට එහෙම නැත්නම් ඉන්දියාවට (එට්කා ගිවිසුමට ආදාලව නම් )Aru

      Delete
    7. සා රස මහතාට කියවීමට පමණයි...!

      http://lankaenews.com/news/3471/si

      Delete


    8. //සා රස මහතාට කියවීමට පමණයි...! //

      මාතලන්....වෛද්ය පාදෙනිය ලබා තිබෙන විසෙස පුහුනුවෙන් පසු ඔහුට වකුගඩු සම්බන්ද කිසිම සල්යකර්මයකට සම්බන්ද වීමට හැකියාවක් නැහැ.... පාදෙනිය දොස්තර මහතා ලමා ස්නායු වෛද්යවරයෙක්!!



      ඔහෙලගේ ආන්ඩුව මහ ලොකුවට සද්ද දාලා ඇල්ලුවා කී කනිශ්ට වෛද්යවරුන් ටත් වකුගඩු රෝගියෙකුට සල්යකර්ම කිරීම තබා ඒ ගැන හිතීමට වත් අයිතියක් නැහැ...

      ඔය වකුගඩු ශල්යකර්මයට සම්බන්ද සහ කල හැකි, කිරීමට අවසර ඇති කිසිම වෛද්යවරයෙකු ඔහෙලගේ ආන්ඩුව නම් කලේ නැහැ....

      මේක තමයි ඇත්ත!

      Delete
    9. එයා නෙමෙයි ඉන්දියාවේ එකත් ශෛල්‍යකර්‍ම කරලා නෑ... මාෆියාවේ ලීඩර්ස්ලා පමණයි.. ඔය සීන් එකෙන් පස්සේ ඕකුන් මාද්දිය සාකච්ඡා වලට එන්නෙත් නෑ.. හත් පොලේ ගාගෙන ඉන්නේ...

      Delete
    10. මාතා,
      ඔවුෂද මාෆියාව ගැනනම් මගේ කිසිම තර්කයක් නෑ නමුත් මාතා මේ සිද්දිය නම් ඉන්දියාවේ ඔඋෂධ සමාගම්මුත් ශ්‍රී ලංකා රජයත් එකතුව කරන වැඩක්.
      මේ ගැන ඉන්දියාවේ මාද්ය කතා කලාට ඉන්දියාව් නීති අංශය තවම නිහඩයි.
      සිදුවී ඇති දේ සරලයි, ඉන්දියානුවෝ ලංකාවට පැමිණිය අඩුමිලට ආරක්ෂිතව ප්‍රතිකාර ගන්න නිසා ඉන්දියාව තුල ඇති ඔවුෂද මාෆියාව ට පහර වැදුන ඔවුන් කලේ මාද්ය යොදාගෙන පහර් දීමයි, පාදෙණිය කියන්නේ හිටපු රජයේත් මේ රජයත් සමග හැප්පුන කෙනෙක් (ඔබට මතකද මහින්දගේ කලේ පාදෙනියගේ ෆියිල් එක අරගෙන කරපු දේ ?) ඉතින් ඔහුට මඩ ගහන්න තමයි මෙය කලේ, මේ වයේ තියනවා ඩබල් ගේම්.
      දැන් ඉන්දියාවේ ඔවුෂද මාෆියාව ට උවමනාදේ සිදුවෙලා තියනවා ලංකාවේ දේසපාලනයන්ට උවමනා දෙය වී තියනවා. මේකයි ඇත්ත.

      Delete
    11. පාදෙනිය ගිය ආන්ඩුව එක්ක හැප්පීම කෙසේ වෙතත් මහින්ද මහත්තයාගේ සට්ටැඹියෙක් වෙලා කොළඹින් ඡන්දේ ඉල්ලලා පැරදුනා කියලා නම් කොළඹ අපි දන්නවා...

      Delete
    12. ඇත්තටම ඔය ක්‍රියාවට රිජුව සම්බන්ද මහාචාර්යවරයා නම් කරන්නවත් යහපාලන ආන්ඩුවට කොන්දක් නැත. සෞක්‍ය අමාතාන්සය මගින් පත් කල කමිටුවේ වාර්තාව සෞක්‍ය ඇමතිට පිලිගන්වා සති කීපයකි. එහෙත් එම වාර්තාවෙන් චූදිතයන් වූ බලසම්පන්න දොස්තරලා ගැන සඳහනක් හෝ නැත...

      බොරුවට උම්බෑ නොකියා එම වාර්තාවට වූ දේ සහ එයින් චෝදනාවට ලක්වූවන් නම් කරන්න!

      සන්හිඳියාවට අස්පැට් වෙයි කියලා බයයි නේද?

      Delete
    13. එවා දන්න අය දන්නවා... පාදෙනියත් එක්කෙනෙක්... එද ඉඳලා ඔය සංගමේ උන්ගේ කටේ පිට්ටු...

      Delete
    14. වාර්තාව දැක්කද? ගංජ හීනද?

      Delete
  20. තාමත් රෙඩි නොමැති ගිවිසුමක් අත්සන් කරනවා කීමත් එහෙම ඒකකට විරුද්ධවීමත් ප්‍රස්නයකි

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය මලදානේ ගැන කතා නොකරන්නෙම ඒක නිසා...

      Delete
  21. අනුන්ගේ වතු වල කක්කුස්සි වලවල් හාරලා දෙන ආතලුත් තියනවනේ දැන්. ඒකාබද්දේ එවුන් පුකෙනුත් හිනාවෙනවා මෙව්වට.

    ReplyDelete
    Replies
    1. මේවා නම් අමු ගොන් වැඩ කියලා තමයි කියන්න තියෙන්නේ...

      නාමල් ගාව තියෙනවා නිධන් හොයන්න ගෙනාපු නියම බඩු... ඒ ටික හොයා ගත්තා නම්, මෙහෙම නාන්න ඕන නෑ...

      Delete
  22. මේවා කියවා බ්ලොග් එක්කත් මල පන්න ගන්න ඕනා නැතිය. සමහර විට වෙන ගේමක් යටින් තියෙනවාත් ඇතිය. අප කියන්නේ සාමාන්නිය ජනතාව හැටියට අපට පේනා දේය.++++++++

    මේක තමයි වැදගත්ම ප්‍රවුර්තිය මටනම්.. :) අහෝ රනිල් කෙලියිද මොක් පුරට?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ... උන්ට වැඩ බෑ කියලා අපි පලිද බං...

      Delete
  23. එට්කා ගැන එක එකා විස්තර කරන හැටි අහද්දී මට මතක්කුනේ අන්ධයො අලියගෙ හැඩේ විස්තර කරපු හැටි. ඒත් ගිවිසුම ගැන පැහැදිලි ප්‍රකාශයක් නොකර රනිල් හතර අතේ තග දාන්නෙ මොන වඩිගපටුනක් නටන්ඩද කියල මටත් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඕක විස්තර කරන්නේ එහෙමමයි..

      රනිල් ගජගා වන්නම නටනවා... අන්ධයෝ එකසිය ගානට කොමෙන්ට්ස් දෙනවා...

      Delete
  24. අනේ මන්දා රනිල් මාර මොලයක් කියල කියන හැම වෙලාවකම මට මතක් වෙන්නේ පරණ කතාවක්.

    කඩයක් තිබ්බලු මැරිච්ච මිනිස්සුන්ගේ මොල විකුණන (live මොල ). එතන තිබ්බ මොලවලින්, දොස්තරලගේ ඉන්ජිනේරුවන්ගේ, විද්‍යාඥ්යින්ගේ මොල වලට වැඩිය දේශපාලකයෙක්ගේ මොලේ ගනන් වැඩිලු. හේතුව ඇහුවහම ලැබිච්ච උත්තරේලු ඒක පාවිච්චි කරලම නැති නිසා තමයි ඔච්චර ගනන් කියලා.

    රනිලුත් ඔය විශිෂ්ඨ මොලේ පාව්ච්චි කරලම නෑනේ. පාවිච්චි කරපු බොහොම විරල අවස්ථා එක දෙකත්...........(එක්කෝ ඕනේ නෑ....මට බෑ පාර්ලිමේන්තුවේ බැනුම් අහන්න...)

    ReplyDelete
    Replies
    1. බලේ තියෙන වෙලාවට මොලේ නෑ. මොලේ තියෙන වෙලාවට බලේ නෑ. කාටත් එහෙමයි. හරියට අර හයිසන්බර්ග් ගේ අන්සර්ටන්ටිටි තියරිය වගේ.

      Delete
    2. අවුරුදු 30-35 ට අඩු උන් දෙශපාලනය කියලා හිතාගෙන ඉන්නේ මහින්ද... මොකෝ දැකලා තියෙන්නේ එච්චරනේ...

      Delete
    3. මට නම් ඊට වැඩිය ටිකක් වයසයි මාතලන්..එක නිසා මහින්දට කලින් රනිල් ව දැකීමේ වාසනාව මට ලැබුනා. එතුමාගේ විශිෂ්ඨ මොලෙන් හදපු අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව පෙලපාලි ගිහිල්ලා ගුටි කන්නත් පින තිබ්බා. ඒ විතරක් ද එතුමා අපේ අසහනේ නැතිකරන්න හදනකොට හැංගිලා ඉඳලා පන බේර ගන්නත් උනා නේ.

      Delete
    4. ඒවට විරුද්ධ් වීමේ ප්‍රතිඵල නේ අදටත් ආන්ඩුවේ රැකියා හිඟන උපාධීදාරින් ඉන්න රටක් වෙල තියෙන්නේ... නිකන් හම්බ වෙන එකක් නිසා උපාධිවලත් මෙළෝ වටිනාකමක් නෑ...

      රනිල්ව දැකලත් තියෙනවා නම් කියන්න තියෙන්නේ අමු බයියෙක් කියලා විතරයි...

      Delete
  25. උගත් පරිණත දේශපාලකයා වෙනුවට රනිල් මරදානේ චොප්පෙට ඇක්ට් කරන්න යනඑක නම් කණගාටුයි. මේ ආණ්ඩුවත් පරණ පීල්ලටම වැටෙනබව දැන්නම් හොඳටම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. රනිල් තත්වය නැති කර ගන්න එක ගැන නම් මටත් කනගාටුයි...

      ඒත් යකාගේ හ්/ටියට විමානේ කියන්නැහේ.... බූරුවන්ගේ හැටියටලු පාලනේ...

      Delete
  26. මම ස්වාධීන රූපවාහිනියේ ගිය කොදෙව්වේ කලාව සංවාදය නැරඹුවා. එයින් මට පෙනුන අන්දමට පොනිලා දැඩි ඇන්ග්ලෝමේනියාවකින් යුත් අයෙක්. ඒ අතින් යැන්කි ඩිකී දෙවියෙක්.
    නලීන්ද සිල්වා මහතා දක්වන අන්දමට මේ රජයේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ ඉන්දියාවට සහ බටහිරට ගැතිවීම සහ චීනයට බියවීමයි. එම මතයට මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. නාථ සිල්වා කිව්වා නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අමු ගොබ්බ කතාවක්ම තමයි...

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. Pra JayFebruary 28, 2016 at 11:21 PM

    රටේ ආර්ථිකය දියුණුවෙලා ආදායම පහලට ගලා ආවොත් ( වෙයිද, එයිද දන්නෙ නෑ, ඒත් ආවොත් ) මෙහෙ ලොකුම පාඩුව වෙන්නෙ කාටද?
    ඒ අය පොල් නෙමෙයි වට්ටක්කා හරි ගහනවා.

    ReplyDelete
    Replies
    1. හරක් පට්ටි තියෙන අයට මාර පාඩුවක් වෙයි නේ....?

      Delete
  29. Eng.Palitha Abeywardena (President of Sri Lanka Engineers Association) speaks at the Mega Rally against Indo-Lanka 'ETCA' Agreement
    https://www.youtube.com/watch?v=a2ycNHzCd5o

    ReplyDelete
    Replies
    1. අලියා ගැන කියන තවත් අන්ධයෙක්

      Delete
  30. "මෙයාලා මහින්ද පරද්දුවා කියන්නේ බොරුවක් - මෙයාලා කියන විදිහට තාම හැමතැනම මහින්ද
    මහින්ද කොටි පැරද්දුවා කියන්නෙත් බොරුවක් - මහින්ද කියන විදිහට තාම හැමතැනම කොටි"
    කවුරු වුණත් එල comment එක!

    ReplyDelete
  31. මාතේ දැන් වසරකටත් වැඩියි යහපාලනයට. කරපු දෙයක් කියහන්කෝ අපිට දැනගන්න. ආසාවෙන් ඉන්නෙ දුන්න පොරොන්දු ඉටු වෙනකන්. කෝ මචෝ හොරු අල්ලන්නෙත් නෑ. වොක්සවැගන් එකේ ජොබුත් නෑ. උඹලාවත් කියහන්කෝ රනිල් අයියට ඒවා දෙන්න කියලා. මොකෝ අපි කිව්වට අහන එකක්යැයි. උඹලාට ඉක්ටා නොතේරෙන ගානට ඉන්න පුළුවන්. ඒත් දුන්න පොරොන්දු අමතක වෙන්න තරම් මානසික අවුලක් නැහැනේ. එතකොට කිව්වේ නැහැනේ ඔය ඉක්කාව ගැන. උඹ උපාධිධාරින්ට ඔච්චර බනින්නේ ඇයි. දොස්තරලාවත් දෙකේ කොලේට දාන්න එපා. උන්ගෙන් එකෙක් දෙන්නෙක් බලු වැඩ කලාට හැමෝම එහෙම නෑ. උඹ ලෙඩ උන වේලාවක (එහෙම වෙන්න එපා) උඹට දෙවියො නෙවෙයි ලෙඩේ ගැන ඩොකෙකුයි ඔන වෙන්නෙ. ඉන්දියානු දොස්තරලාට නම් මම විරුද්ධයි. මොකද උන්ගෙන් අවුරුදු 6ක් විතර බෙහෙත් අරන් තියන නිසා. වෙන ඒවා හොයලා දාන එකේ ඔය ඉක්කාද මොකාද ගැන හොයලා බලපන්කො.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න