.

.

Feb 14, 2016

දෙරණට මාධ්‍යකරණය කියා දීම - Tachnical defending better than legacy


යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.
 
මෙහෙත් එහෙම සෙට් එකක් උන්නේය. උන්ට කිව්වේ කොටි කියලාය. උන් ආන්ඩුවේ හමුදාවලට අහුවෙන්න කලින් සයනයිට් කාලා මලේය. එහෙම මැරුණ උන් අද බැලුවාම අමු හරක්ය. මොකෝ උන්ට ලැබුන ලබ්බක් නැතිය. මොලේ තියෙන උන් සරෙන්ඩර් වෙලා ආන්ඩුව එක්ක එකතු උනේය. උන් ගොඩය. අඩු ගානේ හිරගෙදරක හරි ජීවත් වෙනවාය.
 
යුද්ධය නොදැන යුද්ධය කරනවා වාගේම, දෙරණේ උන් දෙරණ කරන්නේ ජනමාද්දේ ගැන මෙළෝ දෙයක් දැනගෙන නොවේ. එක්කෝ ජනමාද්දේ ගැන දැන ගත්තත් මහ පොළොවේ වෙන්නේ මොකක්ද දැනගෙන නොවේ. එහෙමත් නැත්නම් පසුගිය ආන්ඩුවෙන් මොනවා හෝ ලැබී ඒ වෙනුවෙන් උන් කියනා දෙයක් කරනවා වෙන්නත් පුළුවන්ය. දෙරණේ අයිතිකාරයන්ටත් මහින්ද රාජපක්ෂට වගේම , FCID එකෙන් ගේම් තියෙන එක කවුරුත් දන්නා කාරනාවක්ය. FCID එක විසුරුවා හරින්නෙයි කියනා හොරුන්ගේ රඹ ටෝක් වලට, නිව්ස් වල ප්‍රමුඛස්ථානය හිමිවෙන්නේ ඒ නිසාය.
 
සමාන්‍යයෙන් කලින් කීවාක් මෙන් තමන්ට වඩා බලවත් එකා තමන්ට කෙලින්න එන වෙලාවට මොළයක් තියෙනා උන් නම් කොරන්නේ නිහඬ වෙන එකය. එහෙම නැත්නම් ආන්ඩුව එක්ක ඩීල් එකක් දාගන්නා ක්‍රොමයක් හොයනා එකය. කොටින්ම කියනවා නම් මහින්දත් එක්ක අම්බානක හොරා කාලා මෛත්‍රී රනිල් එක්කත් ගේම් එක දෙන්න සෙට් වෙලා ඉන්න අයියලා කොරන දේ කිරීමය. මොකෝ ඔය මහ ළොකු ප්‍රජාතන්තරවාදේය, යහපාලනයය, අරකය මේකය කිව්වාට, ඔය ඔක්කෝටම කලින් මේක අම්මට සිරි ලංකාව නිසාය.
 
වත්මන් ආන්ඩුව පත් කර ඇත්තේ ජනතාවය. ඒ මෛත්‍රිපාල ජනාධිපති අවුරුදු හයකට සහ රනිල් අගමැතිකොම දරණ හවුල් ආන්ඩුව වසර පහකටය. මහින්ද ඇතුළු හොර මදාවියන් පිරිසට හා දෙරණට නොතේරෙන යතාර්තය මෙයයි. විධායක ජනපති කම අහෝසි කරනවා කීවාට, එය තවමත් අහෝසි කොට නොමැති බවයි. රනිල් කියන්නේ රටේ අගමැතිවරයා වන බවයි. මේ ගොන් මාධ්‍ය සිතාගෙන ඉන්නේ තවමත් ජනපති මහින්ද කියලාය.
 
අද උදෑසන පත්තර කියවන්න සංඛ අමරජිත් වෙනුවට ආවේ වෙන කෙල්ලෙක්ය. ඒ ගැන සැකයක් ඇති වූයේ ඊයේ අගමැති තුමා බදුල්ලේදි දුන් ටෝක් එක නිසාය. බුකිය බැලුවාම වැඩේ කොන්ෆර්ම්ය. සංඛයාගේ වැඩ තහනම් කොරලාය. දෙරණ පාලනාධිකාරිය විසින් එදිනම කළ යුතුව තිබූ දේ පසු වී හෝ ක්‍රීයාත්මක කිරීමට තීරණය කර ඇත. එයත් ඔවුනට වාසි වන ආකාරයට.
 
සංඛ නැමැති ජඩමාද්දිය වේදියා කලේ අමන ක්‍රියාවකි. එයට කීමට වෙනත් වැදගත් වචනයක් නැත. බුකියේ ඉන්නා තිරිසනුන්ගේ ගනයට වැටෙන එකෙක්, රටේ ප්‍රධාන ජනමාධ්‍යයක නිව්ස් කියන්නේ නම්, එම රටේ තත්වය එයින්ම මැන ගත හැක. ඒ යාකා කල පාහර වැඩේ, රනිල් වික්‍රමසිංහ මාද්දියවේදින් නම් කොට පාර්ලිමේන්තුවේ කල කතාව හෙලා දැක ප්‍රකාෂන නිකුත් කල මාධ්‍ය සංගම් හෝ රටේ එකඳු ප්‍රධාන පෙලේ මාද්දියවේදියෙක් හෙලා දැක්කේ නැත. ඒ ගැන කතා කලේ මේ ආන්ඩුව පිහිටුවීමට පෙරමුණ ගත් සිවිල් සංවිධාන වල අය පමණි.
 
සංඛ හිතුවේ ආන්ඩුවට වඩා මහින්දලා පවර්ෆුල් කියලාය. දෙරණ වාද පිටියේදි හරීන්ගෙන් හා අජිත් පෙරේරාගෙන් "මගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ රනිල්ද...?" කියලා අහන්න තරමේ පොර ටෝක් එකක් චතුර කියන ළෝකයා (ළෝකයා සහ ළෝකයෝ කරන අත දරුවා) අහන්නේ ඒ නිසාය. මේ ටෝක් එක ඒ කාලේ දුන්නා නම්, චතුර නිකං H2O හෙවත් වතුර වගේ දියවෙලා යන්නම මක්කා හෝ වෙන්න තිබුනාය.

මුන් මාද්දිය නිදහස කියලා හිතන්නේ උන්ට හිතෙන ඕන දෙයක් කියන්න පුළුවන් කියලාය. මාද්දියවේදියා කියනා එකාටත් වගකීමක් මෙන්ම ආචාර ධර්‍ම කියා ජාතියක් තියෙනවා කියා මුන් දන්නේ නැතිය. අඩුම ගානේ අගමැති තුමාට අගමැති තුමා කියන්නවත් මුන් දන්නේ නැතිය. තුමා කෑල්ල නැතත් අඩු ගානේ අගමැති කියාවත් කියන්න දන්නේ නැතිය. ඌ අහන්නේ, "මගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ රනිල්ද...?" කියාය.
 
එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ හමුදාවේ මිනිමරුවෝ අත් අඩංගුඅවට ගත් දිනයේ මේ පඟර නැට්ටා දෙරණ අරුණේ ජාතිවාදය අමු අමුවේම වැපුරුවේය. රණවිරුවන් ගැන පොරි හැලෙන ටෝක් දුන්නේය. ඒ අවස්ථාවේ පමණක් නොව ඕනෑම අවස්ථාවකදි දෙමළ ප්‍රජාවට එරෙහිව පහර දීමට කිසිසේත් පසුබට වූයේ නැත. මේ යකා ජනමාද්දියවේදියෙක් කියා තේරෙන්න ඇත්තේ රනිල් කිව්වාම පසුව වෙන්න පුළුවන්ය. ඇත්තටම මෙවන් නාලිකා වලට බලපත්‍ර ලබා දෙනවාද යන්න දෙසරයක් සිතා බලන එක කොහොමටත් හොඳය. මොකෝ ජාතිවාදය නිසා මේ රට බැට කෑවා හොඳටෝම ඇතිය.

එයින් නොනැවති නිදහස් උත්සවය කොටස් දෙකකින් පවත්වනවා යන්න කුමක්දැයි නොදැන එය සමච්චලයට ලක් කලේද් මොහුමය. මෑතකදි උතුරේ ජාතික කොඩිය එසවීමට අකමැත්ත ප්‍රකාශ කලා යැයි කියා ඇමතිවරියක් පතුරු ගැහුවේද මොහුමය.
 
මේ ටෝක් දීමෙන් මේ නොදරුවන් බලාපොරොත්තු වෙන්නේ බුකියේ පොරවල් වීමටය. මේ දොලදුක සංඛයාටද එන්න ඇත. පොරට පත්තර කියවන්න හම්බ වෙන්නේ සති අන්තයේ විතරය. මෑතක් වන තුරුම සමබර ලෙස පුවත් පත් කියවු සංඛයාට ලෙඩේ බෝවෙන්නේ චතුරගෙන්ය. ඔපෙර ගායිකාව බැලලියක් කරන්නේ ඒ අනුවය. පත්තර කියවීම උගේ වැඩ සටහනක් වන "පට්ට පට පට" කරන්නේ එහෙමය. නියම මාද්දිය ආයතනයක් නම් එදාම වැඩ තහනම් කළ යුතුය. මන්ද මේ බුකිය නොවේ. රටම නරඹන නාලිකාවක් හේතුවෙනි. ඉන් පසු සමාව ගත්තද කළ යුතුව තිබුනේ එය නොවේ. අඩුම තරමේ අවවාදාත්මක ළිපියක් හෝ නිකුත් කිරීමය. නමුත් නොකලේද එයමය.
 
සංඛට මහත්මයකු වීමට අවශ්‍ය නම් දැන් කල යුතුව ඇත්තේ කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගෙන දැන්වත් ජනමාද්දියවේදිය යනු කුමක්දැයි ඉගෙන ගැනීමයි. එහි ඇති ආචාර ධර්ම මොනවාදැයි ඉගෙන ගැනීමයි. එසේ නැත්නම් කළ හැකි අනික් කාරනය නම් නැවත ආන්ඩු බලය කෙසේ හෝ ලබා ගැනීමට පේවී සිටින කම්බා හොරුන්ගෙන් හා නොම්මර එකේ මදාවියන්ගෙන් පිරි කන්ඩායම හා එකතුවීමයි. එහිදි හඩ්සන් සමරසිංහ වැනි මාද්දිය වේදීන්ගෙන් නියම ජනමාද්දිය වේදය ඉගෙන ගැනීමයි.
 
කෙසේ වෙතත් අද හවස දෙරණ ප්‍රවෘත්ති විකාශය බලද්දි නම් පුදුම දුකක් ඇති උනේය. රටේ ජනපති ඉන්දැද්දි මහින්ද ජනපතිගේ නිව්ස් මුලින්ම පෙන්නු දෙරණ, රටේ නායකයා වන ජනපති මෛත්‍රිපාලගේ නිවුසුත් පසුවට දමා, රනිල් මහත්තයාගේ නිව්ස් අයිටම් දෙකක්ම මුලින්ම පෙන්නු නිසාය. සම හරක්ට හොඳින් කිව්වාම තේරේන්නේ නැතිය. කන අතගාන්නම ඕනාය.
 
දැන් ඉතින් සංඛ ඉවත් කලාට ජඩමද්දියවේදීන්ගේ සංගම් පොරකාස නිකුත් කොරන්න ඕනා නැතිය. මොකෝ එයාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ රනිල් නෙමේය. දෙරණ ආයතනය නිසාය. රනිල් කරලා තියෙන්නේ ජනමාද්දියවේදින්ට ආචාර ධර්ම කියා දෙයක් තියෙනවා කියා කියා දීමත්, සංඛ්‍යාත වල අයිතිය ඇත්තේ
සංකලාටවත් චතුරලාටවත් නොව ආන්ඩුවට බව දැණුම්වත් කිරීමත් පමණය.
 
සංගම්වලින් එහෙම පොර ටෝක් දෙනවා නම්, ඒ ගමන්ම අර මහින්ද මහත්තයා මූදේ නාන පොටෝ එකක් බුකියේ දාපු එකකට, සේපාල් අමරසිංහයාගේ ගෙදර ජනේලයකට ගලකින් නෙලලා තියෙන එක ගැනත් ඒකේම සඳහන් කරනවා නම් බොහෝම හොඳය. මොකෝ බලේ නැතුවත් එයාලාගේ අය දෙන්නේ එහෙම ගේම් නිසාය.

123 comments:

  1. කාන්තාවන් පහත් කොට කතා කිරීම වැරදියි.. ඒක නෙව අගමැති තුමා කිව්වෙ.. අගමැති තුමාට දෙරණ එක්ක වෙන ගනුදෙනුවක් නෑ මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවේ දෙරණ පතුරු ගහුවේ ඊට කලින්. ඒකට සාධාරණ හේතු තියෙනවා. මහ ළොකු මාද්දිය නිදහස වගේම. රටේ අගමැතිටත් අයිතියක් තියෙනවා එයාගේ අහහස් කියන්නත්.

      Delete
    2. .


      සියල්ල දත් මාතලංතුමාගේ අනගි ලිපියකි යැ....!

      මෙතුමෝ මාධ්යය ගැන හසල දැනුමක් ඇත්තෙකියැ.....මාතලං තුමා ශංකයා මෙන් මාධ්යය ගැන නොදන්නා ගොජබියෙක් නොව මාධ්යය අරටුවකි...

      මෙතුමන් විසින් මැදපෙරදිග කලාපය තුල රථාචාර්ය ලෙස කරණ ලද ශ්‍රාස්ථීය ගවේශණ මනාව කැටිකොට ගනිමින් මේ ලිපිය ලියා ඇත්තාහ.

      කුලියට රනිල්ට කඩේ යන ස්වභාවක් සුපුරුදු පරිදි මේ ලිපියෙන්ද ගම්‍යය උවද ඒ ඒසේ නෙවේයැ....... ඒ දීමනා රනිලුන් මෙතුමාගේ ලිපිවල සාරගභ භාවය හේතුකොටගෙන දෙන තුටු පඩුරක් මැයැ....


      යැහපලනය අර්ථවත් කිරීමට උදෙසා මෙවරද සම්මාන ආදියෙන් මෙතුමා පුදදීම යහපාලකයන්ගේ පරම යුතුකමක්යැ....!



      .

      Delete
    3. අනේ අපේ මාරයා අයියා අද ඇනෝ ඇවිත්. චතුෂයෝ උඹට කොන්ද පණ නැද්ද මේක නමින් ඇවිත් කියන්න?

      Delete
    4. රනිල් ලොක්ක දෙරණට මාධ්‍ය සදාචාරය උගන්වන්න කලින් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා ජනමාධ්‍යවෙදීන්ව නම් කරන්න තියෙන සදාචාරේ මොකක්ද.....සංඛයා කල වැඩේ වැරදියි.....ඒත් මේතැන රනිල් ලොක්කා ගහන්නේ වෙන ගේමක්...

      කිෂානිට.. දෙරණට විරුද්ධව අපහාස නඩුවක් ෆයිල් කරන්න කම්මැලි නම් අර උදුල් කොළුවට වැඩේ බාර දුන්න නම් ඉවරයි....මොකද උදුල් මල්ලි මේ වගේ නම යන වැඩ වලට එක පයින්....

      Delete
  2. ජන මාද්‍යවේදියෙක් ලෙස ඔහුට කිසිසේත්ම එසේ ගායිකාවකට හෝ කිසිම කලාකාරියකට අපහාස වන අන්දමට ප්‍රසිද්ධ මාධ්යකින් කතාකිරීමට වටින්නේ නැත.
    It served him right.
    I think it would be lesson for the other also. All the media people supporting party politics should be warned by this.

    ReplyDelete
    Replies
    1. ඔව් ජාතිවාදයෙන් මේ රට බැට කෑවා ඇති හොඳටෝම...

      Delete
    2. තොගේ ජාතිවාදේ සිංහලයනට විතරක් වෙන්නෙ මොකද කියල අම්මගෙන් අහල බලපන්කො... උන්දැ දන්නව ඇති ටක්කෙටම.

      Delete
    3. උන්ම කියල උන්ම ආතල් ගන්නව පට්ට තියරිය.....

      Delete
  3. මාතලන් මහත්තයෝ "මාධ්‍යය සදාචාරය" ගැන වෙනම පොස්ට් එකක් දාන්නකෝ. අපිටත් ටිකක් දැනගන්න.

    "වත්මන් ආන්ඩුව පත් කර ඇත්තේ ජනතාවය. ඒ මෛත්‍රිපාල ජනාධිපති අවුරුදු හයකට සහ රනිල් අගමැතිකොම දරණ හවුල් ආන්ඩුව වසර පහකටය. මහින්ද ඇතුළු හොර මදාවියන් පිරිසට හා දෙරණට නොතේරෙන යතාර්තය මෙයයි" ප්‍රජාතන්ත්‍රවාදයෙ එහෙම "ෆික්ස්" කාලයක් තිබිය යුතුමයි කියල තියෙන්නෙ කොහෙද කියල වෙනම පොස්ට් එකකුත් දාන්න.

    අන්තිමට හරාකිරි (සේප්පුකු) ගැනයි කමිකසේ ගැනයි ටිකක් හොයල බලල වෙනම පොස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. පලවෙනි කරුණ හා අවසාන කරුණ ගැන අන්තර්ජාලය පරිහරනය කොරන්න.

      දෙවනි එක සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිහරණය කරන්න. (හැබයි ඉතින් මරලා හරි ගන්න සෑර් කියලා ඒකේ නම් නෑ.)

      Delete
    2. mama ahuwe obathumaage adahas. internet eke ewwa neweyi. හරාකිරි (සේප්පුකු) ගැනයි කමිකසේ ගැනයි japan culture eka paththen balanna kiyala upadesakuth dennam.

      " මරලා හරි ගන්න සෑර්" kiyala "viplawa" karapu aya gana katha karanna deyak naanee.

      Delete
    3. " උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය" නෙවෙයි මහත්තයෝ "සතුරාට අහුවෙන්න කලින්" මොකද හිරකාරයෙක් වෙන එක සමුරායි වරු සැලකුවේ බොහොම පහත් දෙයක් හැටියට. බඩ කපාගෙන මැරෙන එක බොහොම අමාරු දෙයක් හැටියට සලකනවලු. මොකද බඩ කපාගත්තහම මැරෙන්න ගොඩක් කාලයක් යන නිසා. ඒ වගේම හරාකිරි කියන දේ ජපානයේ චාරිත්‍රයක් ලු.

      පලවෙනි කරුණ ගැන අන්තර්ජාලය පරිහරණය කරනවට වඩා විශ්ව ව්‍යාප්ත වූ සමානාත්ම තාවයකින් සහ සධාරනත්වයකින් යුක්ත වෙච්ච ඔබතුමා වැනි උතුමෙක්ගෙන්ම අහන එක තමයි ගොඩක් වැදගත්. මොකද ඔබතුමන්ලා බුදුන්, ජේසුස්, මහම්මද් තුමන්ලටත් වඩා පොරවල්නේ. ඒ මිනිස්සු නිකන් කකා බිබී ඉන්නනෙ කැමති වෙලා ඉඳල තියෙන්නෙ.

      Delete
    4. ඔහේට ඔය ආගමික ශාස්තෘවරු ළොකු උනාට මට ළොකු නෑ... අද ඕන දෙයක් අන්තර්ජාලයේ තියෙනවා.. ඒවා තෙරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ... මම මෙතනෙ කතාකරේ හරාකිරි ගැන නෙමෙයි වෙන දෙයක් ගැන... මෙතනෙ මේ පොතක් නෙමෙයි ලියන්නේ බ්ලොග් පෝස්ට් එකක්.. ඒක මටත් දිග වැඩියි... ඒ නිසා අන්තර්ජාලේ ඒවා තෙරෙන්නේ නැත්නම් ඉන්ගිරිසි දන්න එකෙක්ගෙන් හරි අහගන්න.. මටත් තේරෙන්නේ නැති ඒවා මම දන්න කෙනෙක්ගෙන් අහ ගන්නවා..

      Delete
    5. mata oheth raniluth my3th mahindath loku naa. habayi obathumanlage mahaloku yahapaalaneyi madya nidahasayi redda palle beerenakota hirikithayi

      Delete
    6. මාධ්‍ය නිදහස් කියන්නේ ජනතාවට අයිති සංඛ්‍යාතවල බල්ලෝ රෙන එක නෙමෙයි.

      Delete
  4. මෙම පුද්ගලයා කල ක්‍රියාව වැරදියි. ඔහුට ජනමාධ්‍යවේදියෙක් සතු ගුණාංග නැත

    ReplyDelete
    Replies
    1. දෙරණේ එකෙක්වත් නෑ.... අර කෙල්ලෝ දෙන්නා ඇර...

      Delete
  5. මාත,
    සංක කරපු වැඩේ නම් හරිම වැරදියි, අපි කල්පනාකළ යුතුයි අපි කියන දෙයක් නිසා කාට හෝ අපහාසයක් ඇති වෙනවද අපේ වචනය නිසා තව කෙනෙකුට මානසික පිඩාවක් ඇති වෙනවද කියල, මේ සිද්ධියේ නම් මම සියලු කුණු සංකා කළා වගේ වැරැද්ද ඔහුට පැටවීම වැරදියි,
    මෙම ආයතනයේ නිෂ්පාදන අංශ ඔහු කියන්න යන්නේ මොනවද කියල කලින්ම දන්නවනේද ? හිතන්න ඔහු මේ වැඩ සටහන ඉදිරිපත් කරන විට පසුබිමෙන් ඇසෙන්නේ “දන්නෝ බුදුන්ගේ” මේ කාන්තාවගේ ගීතයයි, මෙය බොහෝ දෙනා එකතු වී කරපු දෙයක් උනත් සංක ව බිල්ලට දීල අනෙක් අය බේරෙනවා.
    අනෙක් අතට දෙරණ එක අයිතිකරුවෙක් සරත් අමුණුගම ඇමතිවරයාගේ දියණියක්, එතකොට තවම දෙරණට දේසපාලන බලය තියනවා, අනෙක් කාරණය මහින්ද ගැන බොහෝ දෙනා සිතා ඉන්න විදියේ අහිංසක තැනක නෙමෙයි ඉන්නේ, කල්පනාකලොත් ඩොලර් බිලියන 1 හොරකම් කළා කියන්නේ රටක් පෙරලන්න හොදටම ප්‍රමාණවත්, මේ මුදල් යොදා ඔහුට ඕනෑම වෙලාවක ජනමතය මෙහෙයවීමට සංවිදාන ඇතිකල හැකියි, මේ නිසා මහින්දව අල්ලනවා කියන්නේ ඉතාම භයානක දෙයක් කුමන හෝ හේතුවකට අද ඔහුව පාලනය කිරීමට ජානාධිපතිට සිදුවී තිබෙනවා.
    මටනම් හිතෙන්නේ මහින්ද මයිත්‍රී රනිල් කියන හැම දෙනාම දැන් සිටිනේ එකිනෙකා ගැන විශාල බයකින්.

    ReplyDelete
    Replies
    1. මේවා සංඛ තනියෙන් කරන වැඩ නෙමෙයි.. මේ ඇවිල්ලා මහින්දලාගේ ගේමේ මීඩියා ප්‍රොපගැන්ඩා එක. ඒත් සංඛලා ඉතරක් නෙමෙයි හැම එකාම දැන ගන්න ඕන දේ තමයි කන කොට කන්න වෙන්නේ තනියමයි කියන එක. මහින්ද නාමල්ට ඊයේ කියන්නෙත් ඒකයි.

      Delete
    2. ඩොලර් බිළියන 1 ක් යනු රුපියල් බිළියන 140 ක් (ආසන්න වශයෙන්), ඒ කියන්නේ මිලියන 140,000 ක්
      මහින්ද ඔය ගාන හොරකං කලා කියල කියනවානම් කරපු විදිහත් කිව්වනම් නේද මහත්තයෝ හොඳ
      රටේ කරපු ව්‍යාපෘති වලින් ඔය තරම් ගානක් හොරකං කලානම් රට ඇතුලේ හයිවේ, එයාර් පෝට්, සී පෝට් සහ තවත් මාර්ග පද්ධති විශාල ගණනක් හැදුනේ කොහොමද කියලත් කියල දෙනවද, ඒවායේ වැඩ කරපු කොම්පැණි මහින්දට සල්ලි ටික සාක්කුවේ දාගන්න ඉඩ දීල ඒ ඒ ව්‍යාපෘති නොමිළේ කරලා දුන්නා කියලද මහත්තයෝ ඔයා මේ කියන්නේ

      Delete
    3. ඒවා ඉස්සරහට කියලා දෙයි ආන්ඩුවෙන්ම.. පොඩ්ඩක් කලබල නොවී ඉන්න..

      මහින්දම කියන්නේ හොරකම් කරපු අය ඇතුලට දාන්න කියලා, දරුවන්ගෙන් පලි ගන්නේ නැතිව.

      Delete
  6. කවුජ යකෝ මගේ පන්චියේ ගායිකාවන්ට අපහාච කොරන්නේ? ජෙනවා චොපිට වැජක් මගේ සංක්යාත අලොකෙෂන් චහනම් කොල්ලා.

    ReplyDelete
  7. අඩෝ මිස්ටර් මාතලන්. මේ දවස් ටිකේම උබේ ලියුම් කියෙව්වත් කොමෙන්ට් කොරන්ට බැරි උනා. රොම්බ සොරි වේවා. දැන් දැන් මේ ජඩ මාද්‍ය වෙසියෝයි ගොන්මන් දිනේෂ් ඇතුළු වංශ සෙට් එක දාන සෙල්ලම් දැක දැක ඔහොම මයිත්‍රී රනිල් කන් අස් වහගෙන ඉන්න කොට අරුන් ලංකාව ලිබියාවක් කරල නතර කරන කාලෙනම් වැඩි ඇතක නම් නෙමේ කියලනම් තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ගැනත් මම ලියන්න ඉන්නේ... මෛත්‍රිපාල බබා හුකුං කරද්දි මිනිහා අඩි 6ක් යට ඉන්නේ කියලා දැන ගන්න කොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙල තියෙයි.

      Delete
  8. DERANA , yanu sinhala jaathiwaadie gon bijjanta aathal dena kamakata nethi aayathanayak bawa owun visinma oppu kota aetha.

    ReplyDelete
  9. Replies
    1. සුදු වෑන් වලට වඩා, මෙහෙම වෝනින් එන එක ළොකු දෙයක්.

      Delete
    2. කොහෙද බොල සුදු වෑන් ආවේ? ඔය එක්නැලිගොඩයා, ලසන්තයා ඇර මරපු එක මාජ්ජවේදියෙක් කියපන් මහින්දගේ කාලේ. මේවා තමයි නියම ප්‍රොපගැන්ඩා.

      Delete
    3. මොකටද සුදු වැන්? මරා එව්වා එව්වේ තමාගේ පවුලට හරි ජඩ යහළුවන්ට හරි තර්ජනයක් වෙනකොට විතරයි.

      රනිල්ටයි මාතටයි තද වෙලා තියෙන්නේ මොකද? ගායිකාව කවුද? පූසා පැනල වගේ එලියට.

      ඊටමතරව, ඇන්ජලින්ගේ හරි අමරදේවගේ හරි එකක් එදා උඹලගේ ඔය ජනප්‍රිය තාලයට කිව්වනන්ම් බලන්ඩ තිබ්බ ගිනිකෙළි.

      Delete
    4. දන්නෝ බුදුන්ගේ බයිලාවක් විදියට කිව්වට අවුලක් නැද්ද දන්නෙ නෑ...

      Delete
    5. කිව්වට කමක් නැහැ ලොකු ගණන් වලට ටිකට් විකුණලා, රනිල්වත් ඉස්සරහින් තියාගෙන කොරන පුද්ගලික සංදර්ශනයක. එහෙම නැතිව මේ වගේ පොදු අවස්ථාවක නෙවෙයි. ඊහෙම තැනක බ්රෙසියරය නෙවෙයි ජංගිය ගලෝල දැම්මත් අපිට මොකෝ?

      Delete
  10. මචං මාතේ හරාකිරි ඉස්කොඩ් කියල එකක් නැ , හරාකිරි කියන්නේ තමන්ගේ කඩුවෙන් බඩකපාගන මැරෙන එකට , එහෙම කරන්නේ සතුරන් අතින් මියයන්ඩ තියන අකමැත්තට නෙමෙයි , සටනකදි තමන් පරාජයට පත්වෙලා තව දුරටත් ජීවත් උනොත් පරජයේ අවමානය නිසා , එහෙම සියදිවි නසාගන්නේ සමුරායිවරු , ඒ ආභාෂය අදටත් ජපනුනු අතර තියන නිසා තමයි උන් වැඩියෙන් සියදිවි නසාගන්නේ.

    ReplyDelete
    Replies
    1. පලයං බං යන්න බොරු කියන්නැතුව.
      ඔය උඹ දන්න ජපන් සන්ස්කෘතිය තමයි.

      Delete
    2. අටමා, සොරේවා සෙන් සෙන් චිගව්‍යෝ!!!
      දමේ යෝ!!

      Delete
    3. @ AnonymousFebruary 14, 2016 at 5:10 PM , උඹ දන්න ඇත්ත ටික කියපං

      Delete
    4. @ chef-architect ඔය ගැනත් කමෙන්ට් එකට එකතු කරන්නත් හදලා නිකන් හිටියේ

      Delete
    5. එහෙම ඉස්කොඩ් එකක් තියා සයනයිට් ස්කොඩ් කියලා ඉස්කොඩ් එකකුත් නෑ... මම කිව්වේ බඩ කපාගෙන මැරෙන එක ගැන. දෙරණේ උන් කරන්නේ ඒකනේ..

      රනිල් බ්ලේඩ් එක දෙනවා බඩ කපා ගන්න..

      Delete
    6. චෙෆාකි හරි. එහෙම මරාගෙන මැරුනේ කමිකාසේ වරු. ඒගොල්ලෝ ප්ලේන් වලින් ගිහිල්ලා බෝම්බ බැඳගෙන, විශේෂයෙන් සතුරු යුද නැව් වල චිමිනියට පැනලා, ඒ නැව් විනාශ කරලා මරාගෙන මැරුණා.

      Delete
    7. // මචං මාතේ හරාකිරි ඉස්කොඩ් කියල එකක් නැ , හරාකිරි කියන්නේ තමන්ගේ කඩුවෙන් බඩකපාගන මැරෙන එකට //

      ඒකට කියන්නේ සෙප්පුකු කියා ය

      Delete
    8. ඕන දෙයක් අපේ කර ගන්න දෙයක් තියෙනවා නේ... ඔය සෙප්පුකු අරපුකු මේ පුකු ඒවා මේවා කිව්වට අපේ උන් දන්නේ නෑ... හරාකිරි කිව්වම එළකිරි වගේ අපේ උන් දන්නවා මොකක්ද කේස් එක කියලා...

      Delete
    9. - AnonymousFebruary 14, 2016 at 5:44 PM

      ඇනෝ සන් නිහොන්ගො ජෝසු නේ

      Delete
    10. විචාරක තුමා.. ලියන්නකෝ කමිකසේ ගැන ලිපියක්. මම අහල තියන හැටියට කමිකසේ කියන්නෙ දිව්‍යමය සුළඟ කියන එකටලු. කුබ්ලායි ඛාන් ජපානේ ආක්‍රමණය කරන්න ආපු අවස්ථා දෙකේදීම ඔහුගේ නාවික යාත්‍රා විනාශ වෙලා තියනවලු කුණාටුවකින්. ඊකටලු දිව්‍යමය සුළඟ කියන්නෙ.
      කොහොම වෙතත් කමිකසේ කියන මරාගෙන මැරෙන ගුවන්යානා කණ්ඩායම ගැන ලිපියක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ බ්ලොගයෙන්.

      Delete
    11. අනේ විචාරක තුමා මෙන්න මේ මනුස්සයට හරාකිරි ගැන පොඩ්ඩක් ලියලා දාන්න..

      ඒ ඇරෙන්න. සෙප්පුකු අරපුකු මේ පුකු ගැන වගේම යුකියෝ මිෂිමා ගැනත් ලියලා දාන්න. තව ඉඩ ත්බුනොත්, කෙන්ජුට්සු, බටෝජුට්සු, ලයිජුට්සු, සෝජුට්සු වගේම කරාතේ සහ පොලු පයිට් ගැනත් ලියලා දාන්න.

      Delete
    12. ammaaa maathalan mahaththayata maareta mala paninawane. mama hithuwe sarwa loka sadhaarana dasa desa pathalaawuu mahaa karunaawen inna obathumaata malapaninne naa kiyalaneee

      Delete
    13. අනේ එහෙම පැනිල්ලක් නෙමෙයි... මේ ඔහේ වෙනුවෙත් පතල මහා සප්ත කරුනාව.. විචාරක ඕවා ගැන ලියනවා නේ.. ඉතින් එයා ලියයි.. ඔයා කියවලා හැදෙන්න බලන්න.

      Delete
  11. උදේ පත්තර කියවන එව්වා බලන්නෙ නෑ.

    අපේ රටේ ජනමාධ්‍ය වේදියෝ වැඩිහරියක් 'ඕපාදූප කියවන්නෝ නැත්නම් ලියන්නෝ. මේක කිව්වේ මගේ මාමා..අවුරුදු 60ක් පත්තරවල.තාම වැඩ කරන්නේ ඇයි කියලා අහන කොට කියන්නේ "දැන් ඉන්න එවුන්ට නිව්ස් එකෙයි ඕපදූපෙයි වෙනස දන්නෙ නෑ. නිව්ස් අයිටම් එකක් වත් හරියට ලියාගන්ට බෑ. ඒ හින්දා තාම යනවා" කියලා.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ මහත්තයා මාද්දියවේදියෝ කියන උන් නැති කරලා සට්ටැඹියෝ ටික්ක හැදුවා. උන් තමයි තවමත් ඉන්නේ. ඒක නේ මහින්ද මහත්තයා රෙන තැනටත් කැමරා උස්සගෙන දුවන්නේ.

      Delete
    2. උදාගම් හදලා මාජ්ජවේදීන් ට ගෙවල් එහෙම ලබා දුන්නේ යූ ඇන් පී ප්‍රේමදාස ය

      Delete
    3. Sa rasa thuma,
      ethin eka hondha wadakne.

      Delete
    4. ඔව් සා රස හරි... ඒත් උන්ගේ මිනිසත් කම ඒ මිනිස්සු ගාවම තියෙන්න ඇරියා... ප්‍රේමදාසගේ කාළේ තරම් විකල්ප පත්තර තිබුනේ නෑ කිසිම කාළෙක. අනෙක ඒ මනුස්සයගේ චරිතෙට ගහපු මඩ පත්තර.

      Delete
    5. ප්‍රේමදාසගේ කාලෙ තිබ්බෙ විකල්ප පත්තර ටිකක්. මරාගෙ අශීලාචාර අධම කාලෙ මඩ වෙබ් අඩවි, මඩ ෆේස්බුක් පිටු වැහි වැහැල අම්බානක මඩ ගැහුවෙ. ප්‍රේමෙට වැඩිය හපන් වෙන්න මරාව කුජීත වෙලා ගෙදර යැව්ව. දැන් ඒ සෝශල් මීඩියාම සිරාටයි රනීටයි එරෙහිව වැඩේ දෙනව. කොහොම වුණත් රට වටකර වැට බැන්දත් මේ සාක්ශරතාව තියුණු යුගයේ මොකෙක්ටවත් මාධ්‍ය මර්දනය කරන්න බැහැ. හැබැයි ඉතින් වැරැද්ද නිව්ස් විශ්වාස කල නොහැකි වීම. මේ යන විදිහට ඉක්මනින් පියවර නොගත්තොත් එජාප සුලුතර ආණ්ඩුවට වැඩිකල් නොගිහින් බලය අහිමි වෙනව.

      නිදහස් පක්ශෙන් මුක්කු ගහපු සෙට් එකෙන් ලොකු පිරිසක් අයින් වුණොත් ආණ්ඩුව අමාරුවෙ. අවස්ථාවාදී හකීම්ල බදුර්දීන්ලයි සමහරක් ටීඑන්.ඒ මන්ත්‍රීලයි ගානකට විකිණෙයි. ආණ්ඩුව විසුරුවල ඡන්දයක් තිබ්බත් එජාපයට ලැබුණු ආසන ටිකවත් ශුවර් නැහැ. ඒ නිසා කොහොම හරි මරා කල්ලියට හිස ඔසවන්න නොදී කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලය රැකගන්න වෙනව. අන්ත දූශිත ජාතිවාදී ගෝත්‍රික බයි ගොබ්බයො ටික දෙනෙක්ව මරල හරි බලය රැක ගන්න වෙනවමයි.

      Delete
  12. මාධ්‍ය වල පැත්තෙනුත් මේක හිතන්න වෙනවා මාතේ. සෙන්සේශනල් දේවල් ඕනෙනෙ මිනිස්සුන්ව ඇදගන්න. රේටිං බැස්සම ඇඩ් වලින් ගාණ කපා ගන්න බැරි වෙනවනෙ. ඒක නිසා මාසෙට දෙතුන්වතාවක් කාව හරි පැහැරෙගෙන යන එක, මරා දාන එක, බිලියන් කුට්ටියක් හොරා කන එක, දෙසිය පණහක් අරගෙන යූ එන් එකට වගේ ගිහින් වර්ල්ඩ් ඔෆ් ඇස්ටෝරියා එකේ වැඩිහිටිෆිල්ම් බලල සැපදෙන එක වගේ මොනව හරි මේ යහපාලනය කට්ටිය කරන්නෙ නැත්තේ මාධ්‍ය බංකොලොත් කරන්න. ඒවට ඉඩ දෙන්න බැහැ. මොනව හරි කියාල, කාට හරි අපහාස කරල හරි එන්නේ සල්ලි නේ. සල්ලි ඥාව් ගන්නේ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ලැප් ටොප් දෙන්නේ නෑ. මාසෙකට සැරයක් බොන්න දෙන්නේ නෑ. මෝටර් සයිකල් නෑ. ගෙවල් දෙනවා කියලා කියන්නේ නෑ. බැංකොක් සවාරි දෙන්නේ නෑ. කොටින්ම එයාලට කිසිම ආතල් එකක් දෙන්නේ නෑ. මෙයාලා දන්නේ නෑ එයාලා හතර වෙනි බලවේගේ බව. එහෙම කස්ටියක් ගනන් ගන්නේ නැති එක කේස් එකක් නේන්නම්.

      Delete
  13. මම හිතන විදියට නම් මාඩ්‍යවේදියො සහ කාලාකරුවො කියන උන් ඉන්න ඔන සමජෙ අනිත් උන් ඉන්නවට වඩා හුගක් උඩ තැනක. ඒත් අපේ රටේ ඒකෙ අනිත් පැත්ත උන් ඔක්කොමට වඩා පහල පඩියක වාඩිවෙලා වරෙල්ල උබලත් මෙහෙට කියල අඩගහන ජාතියෙ පිස්සො ටිකක්.

    ReplyDelete
    Replies
    1. මේ රට විනාශ කලේ දේසපාලුවන්ට වඩා ජඩමාද්දියවේදියෝ...

      Delete
  14. කොහොමටත් සංඛ අමර්ජිත් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස අන්තිම දුර්වලයි.

    1. ඔහුගේ අධික ස්ථුල භාවය නිසා රූපවාහිනියට ගැලපෙන්නේ නැහැ.

    2. අධික ස්ථුල භාවය නිසාදෝ ඔහු කතාකරන අතර හතිදානවා.

    3. ඔහුගේ යෙදුම් බොහොමයක් වියලියි කර්කශයි.

    ReplyDelete
    Replies
    1. ඌරෙක් ගෙනාව නම් හරි ප්‍රවෘත්ති කියවන්න...

      Delete
    2. මට නම් ඌගේ අවුලක් තිබුනේ නෑ...

      කාගේ හරි ගුලියක් කන්න ඇත්තේ... නැත්නම් ඒ යකා චතුර වගේ ගොන් කතා කියන්නේ නෑ.. උඹ අහලා තියෙනවද චතුර කාටුන් කියවන හැටි... වමනෙ යනවා..

      Delete
  15. ගොබ්බයෙකු ලෙස ඉපදී බයියෙකු ලෙස ජීවත් වන ස ර ස තුමාට නම් ඔයි කියනා ඔපෙරා ගායිකාවගේ බෑඟැරිල්ල ඇසුනේ හීට් එකට බැලලියන් කෑ ගසනා අන්දමට ය.

    ස ර ස තුමා බයියෙකු වූ නිසාම මාතලන් ප්‍රමුක වෙන්ඩපොශ් සින්කල බොග් නාට්ටන් ට මෙන් "අපිත් ඔපෙරා දනිමු... ඔපෙරා අනර්ගය" කියා පඬි වදන් දීමට අවස්ය නැත.... ජීවිතේට නෑසූ ඔපෙරා අසමින් පොශ් තත්වයක් ප්‍රදර්ශනය කිරීම අවශ්ය නැත..


    අන්තිමට කිව යුත්තේ දරුවන් ගේ අද්යාපනයට, පවුලේ දියුනුවට කියා විදේස ගත වී එහෙන් ලබාගත් අහවල් දේවල් සිරි ලන්කා වාසී අපේ මූනේ උලන්න එන්නේ නැතිව එහෙටම වී මහ රැජින චූන් දමමින් ඉන්නවා නම් අසරන අපට දාහෙන් සමපතය කියා ය.
    අපිට ඔන්න ඔය නිහාල් නෙල්සොන් ලවා වත් දන්නෝ බුදුන්ගේ ගායනා කර ගැනීමට පුලුවන..



    ඒ වගත් මෙසේම අස්ගිරි පාර්ශවයේ මහ නායක බඩ මැද බුරියානන්ද වම්හ!

    ReplyDelete
    Replies
    1. ගායිකාවට අපාහාසයක් උනා නම් නඩු දාන්න තිබුනා... ඒ වෙනුවට අගමැති කෝටුව අතට ගැනීම ප්‍රජාතන්ත්‍රයට විරුද්දය...
      ඔය කෝටුව ඊලඟට එයාට විරුද්ද සිඅලු දෙනා වෙත යොමු වන බව නම් පැහැදිලි ය!

      Delete
    2. ඔතන තියෙන්නේ ගායනයේවත් ගායිකාවකගේ කේස් එකක්වත් නෙමෙයි බං...

      මහින්ද සරණං ගඡ්චාමී මානසික රෝගය.. මහින්දගෙ නම් ගූත් සුවඳයි කියන රෝගය..

      Delete
    3. ඉංදියාවෙන් කවුරුහරි ගෙනත් කියෙව්වනං කුවුරුත් මොකුත් කියන්නෑ.

      Delete
    4. කෝමද දීපිකා පදුකෝන් වගේ කෑල්ලක් පත්තර කියවන්න ආවා නම් හෙම...

      Delete
    5. Sa rasa

      ඔතන තියෙන්නේ මාධ්‍යකාරයාගෙවත්, ගායිකාවකගේ කේස් එකක්වත් නෙමෙයි බං...

      වෙන්ඩපොශ් ටොං ගොයියො කියන අමුම අමු ගොබ්බ මොලේ කලඳක් නැති මීහරක් රනිල් හාමුගේ වහල්ලු ටිකක් "රනිලං සරණං ගඡ්චාමී" මානසික රෝගය.. රනිලගෙ නම් ගූත් සුවඳයි කියන රෝගය. කොටින්ම රනිලගෙ ගොබ්බ සෙට් එක යුරෝපය/ යූ.එස්.ඒ වැනි පිටරටවල තියෙන මොකක් හරි මගුලක් දැක්කම ඕක ගෙඩි පිටින් කොපි කරල මෙහෙට ගෙනත් අතඇරල රට්ටු හිනස්සන ගොන් පාට් එකක් දානව. ඉතින් මේ මැටි මෝල්ලු ටිකත් "අම්මට හුඩු මාර සුපර්, පිස්සු කොර, හෙනම මැජික්" කිය කිය අපිට ගොං ආතල් දෙනව

      Delete
    6. ඉතින් සා රස බයියෝ නාහෙන් අඬනවා... මොකෝ උන් අමු බයියෝ නේ... උන් නටන්නේ ඕයේ ඔජායේ වලට...

      Delete
  16. කොහොමත් හඩ්ඩා කැමතිවෙයි මාධ්‍යකරණය උගන්නන්න..මොකද මේ දවස් වල මිනිහාටත් යන එන මං නෑනේ.... බොම්බේ ලුකින් කල්කටා වගේ ගෙදර වෙලා කහ කහ ඇති......

    ReplyDelete
    Replies
    1. සට්ටැඹියකු වන්නේ කෙසේද කියන එක නියමෙටම කියලා දෙයි... ආයි ඩිග්‍රී බිග්‍රි මක්කත් ඕන නෑ...

      Delete
  17. මෙක කියෙව්වට පස්සෙ ඔය සීන් එක බලන්නම හිතිල youtube එකෙන් විඩියො එකක් හොයාගත්ත බලපු නැති අයට ඔන්න ලින්කුව
    https://www.youtube.com/watch?v=ceL1U2Fn9t8

    ReplyDelete
  18. My3 තුමාට කියල මඩු වලිගෙන් දෙකක් තැලුවානම් ඕවා හරියනවා. අහගෙන ඉන්න පුළුවන් විදියට තවමත් කතා කරන්න දන්නේ ජාතික රුපවාහිනියේ ඈයෝ විතරයි හිටං.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්ත මොන ආන්ඩුව ආවත් බලාගෙන ඉන්න පුළුවන් පෙනුමෙනුත් වැදගත් උන් ඉන්නේ එතනෙ විතරමයි.

      Delete
  19. ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සහ ඒවා ක්‍රියාත්මක වේදැයි විමසීමට සහ ජනතාවගේ පැමිණිළි ගැන සොයා බැලීමට අධිකාරියක් අවශ්‍යයි.

    ලංකාවේත් එහෙම එකක් තියෙනවා, තියෙනවා කියා මතකයක් ඇත. පුවත්පත් සේවා මණ්ඩලය?

    ReplyDelete
    Replies
    1. දැනට තිබෙන්නේ පත්තරවලට විතරයි. ඒක ස්වයං නියාමන වැඩක් විදියට පටන්ගත්තේ. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම. හැබැයි ගොඩක් අය ඒක අනුගමනය කරන්නේ නෑ. රූපවාහිනි නාළිකාවලට නම් එහෙම එකක්වත් නෑ. රසික අයියා කියන්නෙ මං හිතන්නෙ පුවත්පත් මණ්ඩලේ ගැන. පුවත්පත් මණ්ඩලේ කියන්නේ නම් පවතින ආණ්ඩුවට ඕනෑ හැටියට මාධ්‍ය හතරැස් කරන වැඩක්. මහින්දගෙ ගෝලයො ටික මෛත්‍රී යටතෙත් තාම එතැන. ආචාර ධර්ම අමුතුවෙන් හදන්න අමාරුයි. මොකද කිසිම වෘත්තියමයභාවයක් නැතුව කරන්න පුළුවන් හුදු ජොබ් එකක් බවට අද වෙද්දි ජනමාධ්‍ය අපගමනය වෙලා. ඉතින් ඕන එකෙකුට ඇත්තටම මේක කරන්න පුළුවන් ගානට දැන් ඇවිත්.

      Delete
    2. බිඟුන් කියලා තියෙනවා වගේ පත්තරවලට විතරයි මගේ හිතෙත් ඕක තියෙන්නේ.

      ඕකෙත් සල්ලි හුටපටයක් ගිහින් මක්කද ළොකු කේස් එකක් උනා වගේ මතකයි.

      Delete
  20. Calls people pimps, dogs, gypsies, frogs, devils in parliament. Threatens journalists. Angry over the use of the word (not calling someone) belali. Yahapalanaya shining.

    ReplyDelete
    Replies
    1. Evan some says PAKAYAA

      Threatening is better than Killing...

      Delete
    2. Threatening is just the beginning. Ohoma yang ohoma yang.

      Delete
  21. ගායිකාවට අපහාස කරපු එක වැරදියි. උඹ මෙතන කෙහෙල්මල් බ්ලොග් කදමල්ලෙ රටේ ඉන්න හැම එකාටම කරන්න පුලුවන් නරකම විදිහට අපහාස කරනව. එහෙම කරන උඹ මාධ්‍ය නිදහසක්වත් සදාචාරයක්වත් ගැන කියවන්න එන්න එපා ලැජ්ජයි. අනුන් ගැන ලියන්න කලින් උඹ ගැන හොයල ඉදපං. උඹ කුනුහරප වලින් මිනිස්සුන්ට මඩ ගගහ මෙතන මහත්මයෙකු වෙන හැටි කියෝනව. අනේ බන් ගොනෙක් උනාට කමක් නෑ ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. උඹත් ඒ වැරැද්දම කර කර අනිත් උන්ට කියනව කරන්න එපා කියල. පජාතයි ඕයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොහෝම පරෙස්සමෙන් මේ වැඩේ කරන්නේ. එකක් ඉල්ලගෙන කන්න තියෙන අක්මැත්ත. අනික එහෙම කරන්න අපට අයිතියක් නැති වීම. හැබයි වැරදි කියලා පේන දේට ගමේ ක්‍රමයට තදින් පහර දෙනවා.

      ඒ වගේම ප්‍රතිපත්තියක් විදියට කොමෙන්ට් එකකින් හරි එහෙම වෙල තියෙනවා නම් ඒවත් ඉවත් කරනවා. ඒ කියලා හොරාට හොරා කියන්න බය වෙන්නෙත් නෑ.

      අනික මේක බ්ලොග් එකක්. එතනෙ යම් කිසි නිදහසක් තියෙනවා. මාතලන් බ්ලොග් කලාවයි පුවත් පත් කලාවයි දෙක හොඳට හඳුනනවා ඒ නිසා බ්ලොග් වල ලියන විදියට අනෙක් ඒවයේ ලියන්නේ නෑ. දන්නෝ දන්නවා.

      Delete
  22. මාතලන්
    ලංකාවේ ඉන්න බෝතල් ජනමාජ්ජවේදියෝ ගැන කියල වැඩක් නෑ.හිතාගෙන ඉන්නේ සියල්ල දත් අය කියල.මෙන්න ඉරිදා දිවයිනේ අනුර සොලමන්ස් කොන්කෝඩ් එක ගැන දන්න තරම පෙන්නලා තියනවා.අඩු ගානෙ විකපීඩියා බලන්නෙවත් නැද්ද මුන් මොනව හරි දන්නෙ නැතිනම්.
    1969 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එක්‌ව පැයට කිලෝමීටර් 2180 ක වේගයෙන් යන මඟී ගුවන් යානයක්‌ නිපදවා එයට කොන්කෝර්ඩ් යන නම තැබුවේය. එහි ගමන් කළ හැකි වූ මඟීන් ගණන 128 කි. 1976 දී මෙවැනි යානා 62 ක්‌ සාදන ලද අතර, ඒවා මඟී ප්‍රවාහනය සඳහා යොදවන ලදී. එහෙත් මේ යානාවලින් පරිසරයට කරන විශාල හානියක්‌ විය. එනම් මේ යානය ගමන් කරන විට වාතය සමඟ හටගන්නා අධික ඝර්ෂණය නිසා විශාල ගිගිරුමක්‌ ඇති විය. එම ගිගිරුමට පෘථිවිය වටා තිබෙන ඔසෝන් ස්‌ථරයේ හිල් හැදෙන්නට විය. ඒ බැවින් 2003 නොවැම්බර් 26 වැනිදා කොන්කෝඩ් යානා විශ්‍රාම ගන්වන ලදී.

    ReplyDelete
    Replies
    1. ජලාශවල ජළය සිඳුනු විට විදුලි බලය ඇන හිටී. කියන එකට විජ්ජාත්මක හේතුව පැහැදිලි කරන්න කිව්වම අපේ එකෙක් ඒ කාළේ ලියලා තිබුන එකක් මතක් උනා..

      හරි පව් නේ..

      Delete
  23. Lankawe inna shrestathama janamadya wediya keerthi warnakulasuriyay. Kese wethath agamathithuma hama labbakatama atha gaseema waradiy

    ReplyDelete
    Replies
    1. නමට කීර්ති කෑල්ලක් තියෙන නිසා වෙන්ටෑ.... එයත් මාද්දියවේදියෙක්ද...?

      Delete
  24. දෙශපලුවොය් මාද්යවෙදියො සහ චිවරදාරින් ගෙන් රටට උන විනාශය මිනිය නොහැකිය

    ReplyDelete
    Replies
    1. අනික් උන් දෙගොල්ලා එක්ක දේශපාලුවා තුනට එන්නේ...

      Delete
  25. මාතා මෙතන පොර ටෝක් දෙන්නෙ නිකන් මුගේ බ්ලොග් පඩංගුවෙ හරී සදාචාරෙ තියනවා වගේ. යකෝ එක එකාට හොරා කියන්න උබට පුලුවන් නම් බැලලියක් වගේ කියන්න ඌටත් පුලුවන්. ඒකට අගමැති රෙද්ද උස්ස්න්න ඕනෙ නෑ

    ReplyDelete
    Replies
    1. හොරුන්ට හොරා නොකියා වෙන මක්කා කියන්නද ඕන නම් මහත්හොරු කියලා නම් කියන්න පුළුවන්...

      Delete
  26. වැරැද්ද අපේ මල් පත්තර මාමා හෙවත් බන්දුල මල්කුමාර මහතාගේය , ඒ මහතා මුල් පිටුව කියා පත්තර කියවීම ලස්සනට කළේය. ඒ දැකපු අනික් පොරවල් පත්තර කීම ගේමක් නැතිය කියා සිතා මල්කුමාට මහත්තයාට වඩා පොරක් වීම සඳහා උඩ පැන්නෝය .
    එත් මල් කුමාර මහතා යනු දශක ගණනාවක් පළපුරුද්දක් ඇතිව ගේමට බැස්ස කොල්ලෙකි, ඒ නිසා කොලේ ඉරාගන්නේ නැතිව (මුල්පිටුවේදී) පත්තරේ කියෙව්වේය.අනික් කොලු කුරුට්ටෝ ටික පෙරලන පෙරන කොලේ හතරට ඉරාගත්තෝය. ඒ වගත් මෙසේමය‌‍‍ :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචෝ... එකෙකුට බෑ ඒ අහලකටවත් එන්න...

      Delete
    2. මල් කුමාරත් ඒක කොපි කලේ පත්තර මල්ලිගෙන් නේද , නුවන් ඒක ඊටත් වඩා හොදට කලා , මල්කුමාරත් සමහරක් ඒවට ඇඹරුනත් , සමහරක් එවා හිනාවෙලා සද්දෙට කියුවත් ( ලාවට වගේ ) නුවන් එහෙම කලේ නැ

      https://www.facebook.com/nu1li?fref=ts

      Delete
  27. .මාතලන් මේ පොස්ට් එක ඇතුළුව පහුගිය පොස්ට් වලින් පැහැදිලි වෙන්නේ උඹ ගැන මිසක් සංක ගැන හෝ අර ගායිකාව ගැන නෙවෙයි. උඹ ලියන්න ලියන්න උඹේ හෙළුව එලියට එනවා. මහින්ද ඉන්න කාලේ උඹ මහින්ද හොඳා කිව්වා අපිට මතකයි. ඒ උඹ කියන යුද්දේ පහු බහීමද ඒ කාලේ කලේ ? දැන් උඹලා කියන්නේ ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය එපා කියලද ? 106ක් අරන් යූ.ඇ න් .පී. ආවම මෙහෙමනම් 5/6 කාලේ කොහොම තියෙන්ට ඇත්ද ? මාධ්‍ය සදාචාරේ ඕනේ උඹලගේ ආණ්ඩු තියෙනකොට විතරද ?

    ReplyDelete
  28. jaathika maadhya gaththama
    madai borui jaathiwaadhayai paksagrahi kamai wadipurama thiyanne Divaina saha Deranei.
    ewala liyana ha ediripath karana ayawa highlight welaa thiyanne ema nisai.

    ReplyDelete
    Replies
    1. කියලා තියෙන දේ පැහැදිලි නෑ...

      Delete
    2. ඔය සෙනරත් ප්‍රනාන්දු කියන බුවා කියන්නෙ මොනවද කියල ඌත් දන්නෙ නැතුව ඇති. එක්කො කුඩ්ඩෙක් නැත්නම් මලක් ගහල කමෙන්ට් කොටන එකෙක්.

      Delete
  29. http://www1.kalaya.org/2016/02/blog-post_13.html
    http://www1.kalaya.org/2016/02/blog-post_14.html

    ReplyDelete
  30. මගේ යාලුවෙක් පත්තර කියවල මළා.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Maathe, ada enne Lap eken (No Sinhala)
    Sena kiyanna hadanne, Derana/Divaina (Jathika Maadya) wage ewa amu gon, pakshagrahee, mada gahana, jaathiwadee JADAMAADYA. ewaye inna apathayo highlight wenne eka nisa kiyala, mata therena widihata.

    menna me link ekath methana alawanawa, if you feel this is inappropriate to this post, please remove/delete, no worries. You have not fucked us even 1% the Governments did us so far (therunada manda :D)

    https://www.youtube.com/watch?v=5YBMD8OiYWY

    ReplyDelete
  33. Maathe, ada enne Lap eken (No Sinhala)
    Sena kiyanna hadanne, Derana/Divaina (Jathika Maadya) wage ewa amu gon, pakshagrahee, mada gahana, jaathiwadee JADAMAADYA. ewaye inna apathayo highlight wenne eka nisa kiyala, mata therena widihata.

    menna me link ekath methana alawanawa, if you feel this is inappropriate to this post, please remove/delete, no worries. You have not fucked us even 1%, the Governments did us so far (therunada manda :D)

    https://www.youtube.com/watch?v=5YBMD8OiYWY

    ReplyDelete
  34. යමෙකුගේ මාද්යකරණය පක්ෂපාතියි කියන්න ඇඟිල්ල දික්කරන්න නම් ඒ ඇඟිල්ල දික්කරන කෙනා අපක්ෂපාතී විය යුතුයි මාතලන්. අපේ අසිරිමත් ශ්‍රීලංකාවේ බහුතරයක් මාද්යවෙදීන් ව්‍යංගයෙන් කුමන හෝ දේසපාලන පක්ෂයකට පක්ෂව තමුන්ගේ මාද්‍ය කටයුතු මෙහෙයවනවා. දෙරණේ සිද්දිය පූර්ව සහ අපර දේශපාලන පක්ෂ නියෝජනය කෙරෙන එව්වා වගේම මාතලන්ගේ මේ ලිපියත් දේශපාලන පක්ෂ නියෝජනය කරනවා. ඒ නිසා දෙරණේ චතුරගේත්, සංඛ අමරජිත්ගේත් මේ ලිපිය ලියන මාතලන්ගේත් වෙනසක් මමනම් දකින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. You spot on mate. Well said !

      Delete
    2. ඔයාට පේන්නේ නැත්තේ ඔයා ළඟදි ඉඳලා මාතලන් කියවන කෙනෙක් නේ... අනික ඔයා කියවන්න එන්නේ ඔයාගේ මතයට විරුද්ධ ළිපි විතරයි. එ කියන්නේ මේ වගේ ඒවා අනුඩව විවේචනය කරලා ලියන ඒවත් කියවන්න එන්න. එතකොට මාතලන් කව්ද කියලා තේරෙයි.. මාතලන් කවදත් ඉන්නේ සාධාරණ පැත්තේ..

      ඔයා කියන්නේ සංඛ කරපු දේ හරි කියලා නම්.. මේ ළිපිය ඔයාට ඇලජික්... නමුත් මධ්‍යස්තව බලන ඕන එකෙක්, සංඛ වැරදියි කියලා කියනවා..

      එහෙම වැරදි නැත්නම් ඇයි ඊළඟ දවසේ එයාලම සමාව ගන්නේ..

      Delete
    3. මාතලන් ඔයා වැරදි තැනින් මගේ කමෙන්ට් එක අල්ලාගෙන තියෙන්නේ.. මම මෙතන කොතැනවත් කියල නැහැ සංඛ හෝ චතුර හරි කියල. ඒ වගේම මම කියන්නෙත් නැහැ රනිල්ට හෝ මයිත්රීට පක්ෂග්රාහීව මාද්යකරණය හරි කියලත්. මම එකෙන්ම පිලිගන්නවා පක්ෂග්රාහී මාධ්‍යකරණය වැරදියි කියල. සංඛ අනිවාර්යෙන් සමාව ගතයුතුයි ඒ ප්‍රකාශය වෙනුවෙන්.

      මම ලඟකදී ඉඳන් මාතලන් කියවන කෙනෙක් නෙවෙයි.. අනික් කාරණය ඔයා එක්ක එකඟ වෙන්න පුළුවන් පොස්ට් වල මම ඔයා එක්ක එකඟ වෙලා කොමෙන්ට් දාල තියෙනව ඔයාට මතක නැතුව ඇති ඔයා හුඟක් ලිපි ලියන නිසා. එත් මාතලන් මේ දේශපාලන කතිකාවත ඇතුලේ මම ඔයාගේ සාධාරණ භාවය් දකින්නේ 60-40 වගේ න්‍යායකින්. සමහරවිට 70-30 වගෙත් වෙන්න ඉඩ තියෙනව. සාධාරණය නම් 50-50 හරි ආකාරයෙන් බෙදී යායුතුයි. මද්‍යස්තව මාතලන්ගේ ලිපි කියවන පාඨකයෙක් විදිහට මට දැනෙනදේ තමයි මේ..

      සංඛ කරපු ප්‍රකාශය මාධ්‍යවේදියෙක් විදිහට ඉතාමත් පිළිකුල් සහගතයි.. එත් සාධාරණ පැත්තේ කියන මාතලන් සංඛට එරෙහිව අගමැතිතුමා භාවිතා කරපු වාග් විලාශය ගැන කතා නොකරන්නේ ඇයිද කියන එක මට ප්‍රශ්නයක්.

      සාධාරණය නම් සන්ඛලාට වගේම රාජපක්ෂලාගේ දූෂණ වලට එරෙහිවත්, රවී ප්‍රමුඛ ආණ්ඩුවේ උන්දලාගේ දූෂණ වලට එරෙහිවත් එකසේ හඬ නැගීමයි.

      Delete
  35. මාධ්‍ය සදාචාරෙ..? මේ ලංකාවෙ...? කවද්ද..?

    ReplyDelete
    Replies
    1. Never ever ! LoL !

      Delete
    2. මේ රට හදන්න නම් සිංගප්පූරුවේ කලා වගේ අති දරුණු නීතී රීතී ගේන්න වෙනවා.. එහෙම නැතුව ගෝත්‍රික මානසිකත්වයක් සහිත් මිනිස්සු අජටාකාශ යුගයකට ගෙනියන්න බෑ...

      Delete
  36. මාතලන් රනිල් අර ඉන්දියාවෙ කෝවිල් ගිහින් බාරහාර ගොඩක් පුද පූජා හෙම කරා නේද? ඌ නම් උඹලටම හරියන නායකය ! මෙහෙ පන්සල් පල්ලි යන් එවුන්ට පට්ට ගෝත්‍රික ගොබ්බයො කිය කිය අපහාස කරකර ඉන්දියාවෙ කෝවිල් අස්සෙ රිංගනව. මාත උඹත් අනිත් උන්ට අපහාස කරකර කේන්දර බලනව නේද මාමන්ඩිව විකුණල? බලනකොට රනිල් අර පොල් හොරකම් කරපු එවුන්ට වඩා අන්තයි ! මෙ ගොනා මහජන මුදල් කෝටි ගනන් වියදම් කරලනෙ ඉන්දියාවෙ පොල් ගහන්න යන්නෙ. මරා කල්ලියෙ ගොඩේ ටයිප් හොර හැත්තටම කැපෙන ටොයියො කියාගන්න ටයිකෝට් අඳින වෙන්ඩ පොශ් බයියො (නම විතරක් වෙනස්) සෙට් එකක්. නොදකින් තොපි ඔක්කොම එකයි. අපරාදෙ මරා කල්ලියෙ ගොන් පාට් ඇතිවෙලා වෙනසකට කියල මගෙ චන්දෙ දාන්න ගිහින් පිච්චිච්ච පෙට්‍රෝල් ටික. දෙශපාලනේම තිත්තයි ඕයි.

    ReplyDelete
    Replies
    1. උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම්...

      කනගාටුවෙන්න එපා..

      උඹලට හරියන පක්ෂේ ළඟදීම එනවා... කම්බා හොරුන්ගේ පක්ෂය.

      Delete
    2. මීට අනාථ නාථ සිල්වා...

      Delete
    3. මහින්ද අපි ඔබට ආදරෙයි.. ඔහු සුන්දර මිනිසෙකි.. අප එය විඳ ඇත්තෙමු... ඒ සමාගමය දැක ඇත්තෙමු...

      මීට මාතලන් බයියා. (2015 ජනවාරි 09 දිනදී ය)

      Delete
  37. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් කේන්ති ගොස් ඇත. සංඛ කිෂානිට බැළලියක් යැයි නොකී නමුත් රනිල්ට ඒ එසේ තේරුම් ගොස් ඇත. එයින් රනිල්ට සිංහල භාෂාව ගැන ඇති අවබෝධය ද හෙළි වෙයි. ඒ කුමක් වුවත් සංඛ කිෂානිට බැළලියක් යැයි කී පදනමෙන් (ඒ එසේ නොවුවත්) ඔහුට අද සේවය හැර යෑමට සිදු වී ඇත. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. රනිල් සංඛ දෙරණ හා වෙනත් මාධ්‍යයන් ගැන කියමින් "මේ බල්ලන්ට මෙවැනි බලු වැඩ කිරීමට ඉඩ දිය නොහැකි" යැයි කියා ඇත. ඔහුගේ ප්‍රකාශයෙහි අදාළ කොටසට පහත සඳහන් සබැඳියෙන් සවන් දිය හැකි ය.

    https://youtu.be/s4lhKKKaVvg?t=305

    බැළලියන් ගැන මතක් කිරීම නිසා දෙරණ ආයතනය සංඛ ඉවත්කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද දෙරණ ආදර්ශයට ගෙන "ඇතැම් ජනමාධ්‍යවේදීන් බල්ලන්" යැයි කී රනිල් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කරන්නේ ද? සංඛගේ සේවය අත්හිටුවීමට මෙන් ම එයට ද මම විරුද්ධ වෙමි. රැකියාවක් නොමැතිව ගෙදර සිටීමේ කටුක අත්දැකීම මටද ඇත. ඒ නැතත් යමකු රැකියාවකින් ඉවත්කිරීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. මීට අනාථ නාථ සිල්වා...

      Delete
  38. අනේ හුකේ මාතලන්ට අනුව මාධ්‍යවේදියෙක් ගායිකාවකට බැළලියක් කිව්වොත් වැරදියි. ඒත් මහාචාර්ය කෙනෙක්ට නාථ සිල්වා කියන්න හොදයි. නාථ නෙමේ පොන්නයෙක් කියලත් පරණ පෝස්ට් වල තිබ්බ මතකයි. එකම වෙනස මාතලන් මාධ්‍යවේදියෙක් නෙමේ. හැබැයි කිසි දෙයක් නොකරපු ප්‍රගීත් එක්නැළිගොඩට මාධ්‍යවේදියෙක් කියන රටේ මාතලන්ට මාධ්‍යවේදියෙක් කියන්නත් බැරි නෑ. තව දෙයක් නලින්ද සිල්වට මහාචාර්ය පට්ටම දුන්නෙ මම නෙමේ ගෝත්‍රික සුද්දො ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔය නාථ සිල්ව දන්න දෙයක් නෑ. ඕක PHD දෙකක්ම කරගෙන තියෙන්නෙ නාථ දෙය්යො පස්සෙ ගිහින්. බලපන් මාතලන් එහෙම එකෙක්ද උට ඊට වඩා කොච්චර අධ්‍යාපන සුදුසුකම් තියනවද. ඌ අද විදේශිකයො ළගින් ආශ්‍රය කරන තත්වෙට පත්වෙලා තියෙන්නෙ. අර සිල්වට පුලුවන්ද විදේශිකයෙක් දිහා හැරිල බලන්න.

      Delete
  39. මල් මාමගේ පත්තර කියවන තරම් රසට කවුරුවත් පත්තර කියවන්නේ නැති නිසා දැන් ඔය පත්තර කියවන වැඩසටහන් බලන්නේ නැත.අගමැති වුනත් රනිල්ගේත් වචන භවිතාවේ අවුල් තියෙනවා.උන් එහෙම කතා කරනවා කියලා අගමැතිත් එහෙම කතා කෙරුවොත් මොකද වෙන්නේ.

    ReplyDelete
  40. මාතලන් මිනිස්සුන්ට පෞද්ගලික පහර දීම් වලට යන්න එපා. ඔහුගේ මතයට ගහන්න. ඒත් පුදගලයට ගහන්න එපා.

    ReplyDelete
  41. That fellow "Mathalan" is an ace NGO Kakka. So is the fellow called "Para". These types of ass-lickers of the White Christian Western Imperialists have soiled Kottu and have made once very much popular blog-role unpopular among many intelligent and scholarly contributes and readers. In other words Kottu has now become a shit-hole of NGO Kakkas.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න