.

.

Apr 8, 2016

හර්ෂ ලොක්කා... නියමයි... ඔහොම යං.. - Harsha... Great Job man...!




හර්ෂ ලොක්කා ඉලක්ක කොට ලියන දෙවන ළිපියයි මේ. පළවන එක ලිව්වේ ලොක්කා කරපු පිස්සු වැඩක් ගැනය. ඒ නිදහස් චතුරශ්‍රයේ ගොන් පාට් එක ගැනය. මේක ලියන්නේ ලොක්කා, අගය කරන්නටය. ලොක්කා කිව්වාට, ලොක්කාවත්, අනික් උන්වත්, අවුල් වෙන්න ඕනා නැතිය. උන්නැහේගේ බුකියේ කොමෙන්ට් දැම්මත්, මාතලන් දාන්නේ, ලොක්කා කියලාය. මේ කවුරුත් අපි නියෝජනය කොරන්න යවපු අය නිසා උතුමානෝලා නෙමේය. තුමාලා නෙමේය. සිරිමතානෝලා නෙමේය. සෑර්ලා නෙමේය. සහෝදරයෝත් නේමය. එහෙම වෙන්න කොහොමටත් බැරිය. මොකෝ අපි එක අම්මාගේ බඩෙන් ආපු උන් නේමය. ලොක්කා කියන්නේ රැස්පෙක්ට් එකටය. මහත්තයා කියනවා වෙනුවටය.

සමහරු මගෙන් අහන්නේ, රනිල් ලොක්කා වෙලා, මහින්ද, මහත්තයා වෙන්නේ කොහොමද කියලාය. ඒක මම හිතන්නේ ගම නගරේ ප්‍රශ්ණයක්ය. අපේ තාත්තා, ගමේදී සැම්සන් මහත්තයාය, කැළණියේදි මිස්ටර් සැම්සන්ය. පිටකොටුවේදී සැම්සන් ලොක්කාය. එතකොට ප්‍රේමදාස පිටකොටුවේ වෙලත් ප්‍රේමදාස මහත්තයා වෙන්නේ කොහොමද කියලා එකෙක් අහන්න පුළුවන්ය. හේතුව, එයා කොළඹ උන්නත්, මුල් තිබුනේ ගමේ හන්දාය. සිරිසේන මහත්තයා ගමේ උනත් ලොක්කාය. සමහර විට උන්නැහේ යූ ඇන් පී එකෙන් රජ උන නිසා වෙන්න ඇතිය. ඔය මක්කා උනත්, ජේ ආර් නම් පප්පාය. ඒ, උන්නැහේ රජ උනේ මුත්තා කාලයේ නිසා වෙන්නැතිය. මේ කවුරුත් අපේ පිහිටෙන් රජ උන කස්ටියය. පාර්ලිමේන්තුවේ අපිව නියෝජනය කොරනා අපේම උන්ය. කොටින්ම මෙයාලා කාලා බීලා ආතල් එකේ ඉන්නේ අපිට පින් සිද්ද වෙන්නටය.

හර්ෂ ලොක්කා බලයට ආපු ගමන් ඇම්බියුලන්ස් කතාවක් කිය කියා ගියේය. ඒ කොළඹ අවට ඇම්බියුලන්ස් සේවයක් පටන් ගන්නවා කියාය. මේවා දියුණු රටවල් වල තියෙනා දේ වෙලා තිබුනේ ඉස්සරය. ඇම්බියුලන්ස් එකක වටිනාකම් ගොන් හරකුන්ට තේරෙන්නේ නැතිය. තේරුනත් මේක මහින්දගේ එකක් නොවන නිසා ඒකට විරුද්ධය. පෞදගලික රෝකල් වලින් ගාන මරා ගන්නා දොස්තර මාෆියාවත් විරුද්ධ උනේය. මේවා පටන් ගන්න දෙන්නේ නෑ කියා, ටෙලිවිසන්වල කුකුලන් කෙටවීමේ වැඩ සටහන් වලට ඇවිල්ලා තප්පුලෑවේය. ඒත්, මේ කුණු බල්ලෝ බුරද්දි, තවලම ඉදිරියටම ගියේය.

ඊයේ මේ සඳහා පුහුණුවට බඳවා ගත් අය ඉන්දියාවේ ට්‍රේනින් යවන මොහොතේ තිබුන උත්සවේ වෙලාවේ හර්ෂ ලොක්කා පොඩ්ඩක් නොව, සෑහෙන හැඟුම්බර උනේය. ඒ මේ මිනිස්සුන්ගේ තියෙනා නිර්ව්‍යාජ කමය. එජාපයේ ඉන්නා හැම එකාමත් අලි උනාට මහත්තුරු නෙමේය. ටයි කෝට් ඇන්දාට මහත්තුරු වෙන්නේත් නැතිය. එහෙනම් තිලක් මාරපන හා විජේදාස මහා ප්‍රාඥ්ඥයාත් මහත්වරු වෙන්නේ ඕනාය.  ඒත් අලින්ට ඡන්දය දුන් උන්, හර්ෂ හා එරාන් වැනි අය ගැන වෙනම බලාපොරොත්තු ඇතිව ඉන්නේය. ඒ බලාපොරොත්තු, ගොන් බාස් වැඩ වලට හොට දමා නැති කර ගන්න ඕනා නැතිය.

කාලකන්නි සීනීයෝ රොටි වලට මිනිස්ටර් කම් දෙන නිසා, මේ දෙදෙනාටම අප බලාපොරොත්තු වූ ඇමතිකම් ලැබිලා නැතිය. ඒත් වැඩක් කොරන එකාට ඇමතිකන් තිබුනත් නැතත් කරන්න ඕනා දේ කොරන්න පුළුවන්ය. ඒකට හොඳම උදාහරණය මෙයය. ඇම්බියුලන්ස් අයිති වෙන්නේ සවුක්ක අමාත්තන්සෙටය. ඒත් හර්ෂට දීලා තියෙන්නේ විදේශ නියෝජ්ජ එකක්ය. එතකොට අර කොහෙන් ගියත් අන්තීමට මැක්කාටම ඒන රචනාව වගේ, මේ ප්‍රොජෙක්ට් එකත් විදේශ එකට ඈඳා ගන්නා එක වැඩ කාරයෙකුට මහා දෙයක් නෙමේය.

ආන්ඩු පක්ෂය හා විපක්ෂය කියලා එකක් තියෙනා එක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්සොනයක්ය. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රජාචන්ච්‍රවාදය ගැන විශ්වාසය තියනා පොදු විපක්ෂය (විනාශය) කියනා හොර කල්ලියට හා උන්ට සම්බන්ධ මාෆියා වලට බයේ, රටට යහපතක් වෙන දේවල් නවතා දැමිය යුතු නැතිය. අඩුම ගානේ මේ දේ හෝ ඉක්මනින්ම ක්‍රියාත්මක කලහොත් මේ ආන්ඩුව යම් දෙයක් කොරන්න යනවා කියන දේ මිනිස්සුන්ට වැටහෙන්නට පුළුවන්ය. 

එහෙම නැතුව කම්බා හොරෙකුට හා ඔහුගේ හොර නඩයට මෙන්ම මාෆියාවන්වලටවත්, කහ කඩ සිවුරු කාරයන්ටවත් බයේ උන්ට උත්තර බදිමින් කාලය කා දැමිය යුතු නැත. මහින්ද සමඟ ඩාන්ස් කොලා ඇතිය. දැන් වැඩ කරන්න ඕනා කාලය ඇවිත් ඇත. සිරිසේන ලොක්කාට පක්ෂය බේරා ගන්න කියා, අලි පාටියේ උන්වත් මේ ගමන යා යුතුය. නැතිනම් වෙන්නේ අලින්ගේ පිහිටෙන් රජ උන මහින්දගේ ගෝලයන්ට මෙන්ම, අලි පාටියටටහ් යන්නට රටක් සොයා ගැනීමට වෙන එකය.

නියමයි හර්ෂ ලොක්කා ඔහොම යං... ඔහොම යං...

92 comments:

  1. ඔහෙම යං ඔහොම යං ? කොහාටද ?

    ReplyDelete
    Replies
    1. ආසියාවේ ඈස්චර්යෙටද මක්කද එකට....

      Delete
    2. ගෝතලං

      යාන්තං ජහපාලනයට හුණු ගාන්න එකක් හොයාගෙන


      මුත් අනුරකුමාර වගෙ අමුඩෙ ගූ ගියත් වෙන එකෙක් රීල කියල කෑගහන එකානෙ

      Delete
  2. නිදහස් චතුරශ්‍රයේ සිදුවීම ලියු ලිපිය මාතලන් හත් පොලේ ගා ගත් අවස්තාවක් ..... තරුණ කෙනෙක් හැටියට හර්ෂගේ මැදිහත් වීම මම නම්
    වරදක් ලෙස දකින්නේ නෑ .... යම් කිසි සිවිල් බලයක් නැති දහස් ගානක් උද්ඝෝෂණ කලත් වැඩකුත් නෑ ...
    රනිල් ගැනත් මාතලන් ලා කිව්වේ ඕවාම තමා... අම්මා මුත්තා කාලේ මහින්දව ගෙදර යවනවා බොරු .... රනිල්ගේ පුක තමා කියලා අන්තිම මොහොතේත්
    ජේවීපී එක පෙන්නලා යහපාලන චන්ද කඩන්න තමා ට්‍රයි කලේ...
    කොහොමත් අනාගතේ මේ රට පාලනය බාර වෙන්නේ හර්ෂලාට තමා... දැන් ඉන්න ජෝකර්ලා ගේ කාලේ ළඟදීම ඉවර වෙයි ....

    ReplyDelete
    Replies
    1. හත්පොලේ ගා ගත්තේ කව්ද කියලා මිනිස්සු තීරණය කරයි....

      කොහොම හරි ඒ වැඩෙන් දිණුවේ මගේ මතය. සිඳු විය යුතුව තිබුනේත් එයයි....

      මම ලියන්නේ මට ඕන දේ මිසක් එක එකාට ඕන දේ නෙමෙයි...

      Delete
    2. කොහොමද දන්නේ නෑ තීරණය කලේ මතේ දිනුවා කියලා ... හර්ෂලාට පිස්සු වෙන්න ඇති හරක් සික්කලාට එරෙහි වෙන්න ...
      ඒ අහිංසක තරුණියට අපහාස කල එක අනුමත කරපු එකම කොමෙන්ට් එකක්වත් මම නම් දැක්කේ නෑ ...
      බොට ඕන දේ නැතුව අපිට ඕන දේ ලියන්න උඹ බෝග දාන්නේ මක්කටෙයි ... ඒ උනාට ඒවා කියවන අපිට හිතෙන දේ තමයි
      අපි කොමෙන්ට් කොටන්නේ ... උඹේ පිට කසන කොමෙන්ට් ඕන නම් ඒකට කුලීකාරයෝ ටිකක් දා ගනින් මහින්දයා වගේ...

      Delete
    3. දැන් එතන කපල් වලට ලව් කරන්න බෑ....

      Delete
  3. අර්ජුනයා වරායේ පිචිචු කෙලිනවා . හර්ෂ ලොක්කලා නිදිද ?

    ReplyDelete
    Replies
    1. එයාට Port වලට S කෑල්ල නෑ කියලා Sport එකත් ඉල්ලනවනේ....

      මේ මුළු ළෝකෙම් වර්ල්ඩ් කප් එකක් දිනල තියෙන එකම පුද්ගලයා

      Delete
  4. හි හි අනේ පවු හර්ෂ ලොක්කා හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මොකා කොහොම ආවත් අරක කරනවා මේක කරනවා කියලා අන්තිමට එකම දෙයයි කොරන්නේ අපේ අරින එක එච්චරයි....

      පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස

      Delete
    2. මේකත් ඇරිල්ලක්ද....?

      Delete
  5. සහතික ඇත්ත මාතලන්, හර්ෂ ගැන මේත් බලාපොරොත්තු තිබෙ. එරාන් ගැනත් එහෙම තිබේ. ඉස්සර දයා ගැනත් යම් බලාපොරොත්තුවක් තිබ්බත් දැන් නම් එහෙම එකක් උන්නැහැ ගැන මගේ නම් නැහැ. නමුත් කට පාලනය කළා නම් අජිත් පී යමක් කළ හැකි අයෙක්. ඒත් රංජන් කරන වැඩ මෑන් කරන්න ගිහින් නාගන්න එක නම් නැවැත්තිය යුතු යි. වෙන නම් තාම වැදුන එකෙක් නැහැ. ලොක්කා කියාවත් එකෙක්ට මම කතා කරන්නෙ නැහැ. මුහුණට හම්බු වුනු ඕනෙම වෙලාවක මිනිස්ටර්............. විතරයි.

    ReplyDelete
    Replies
    1. ජනපතිද ඇතුලුව සිරි ලංකා කාරයෝ මෙළෝ දෙයක් නොකරපු එකේ පාපය නේ මේ ගෙවන්නේ... එයාට අවශ්‍ය රට හදන්න නෙමෙයි පක්ෂේ හදන්න.. එයා මැයි පලවෙනිදා දැන ගනීවී එයා කව්ද කියලා...

      අලින්ට එහෙම නෙමෙයි.. ළොකු වගකීමක් තියෙනවා.. පක්ෂයේ ගෞරවය රක ගන්න...

      Delete
    2. මාතා,

      හර්ශ ගැන මමත් බලාපොරොත්තු වුනා නමුත් කණගාටුයි කියන්න මේ යක්කු පස්ස හෝදන්න දන්නැති ගානට වැඩකරන්නේ.

      මෙලගදී හොද වැඩක් උනා උබ අහන්න ඇති පාටලී කියනවා නව රජය මහින්ද කියපු ගානටත් වඩා පසුගිය කාලයේ ණය ගත්බවත් ඒ ණය ගත්තේ මහින්දගේ කෙටි කාලින ණය ගෙවන්න බවත් කිව්වා උබට මතක ඇති.

      මේ වෙනකම් මේ රජයට බැරිවී තියනවා පෙන්වන්න මෙන්න මහින්ද හොරට ලබාගන තයන ණය ප්‍රමාණය මෙන්න අපි ගත්ත ණය ප්‍රමාණය, මෙන්න මහින්දගේ ණය අපි ගෙව්වා කියල.

      පැහැදිලි ලේකන මගින් මෙතක් පෙන්වන්න බැරිවී තියනවා. ඉතින් මෙතෙක් හොරකම් කම්බ හොරු කියනවා අපේ කාලේ අඩුගානේ මේවා කරා අරව කරා කෝ මෙට්ච්චර නය අරගෙන තොපි මොනවද කලේ කියල කෝචෝක් දානවා.

      මාතා මම මේ රජයේ ඇත්තට වෙනදේ කියන්නම්, මට ලැබෙන තොරතුරු අනුව මේ රජයේ බහුතරයක් හොරකම් කරන්නේ නෑ තවම හැබැයි මේ රජයේ කීපදෙනක් ඉන්නවා නැතිවෙන්න හොරකම් කරන, ඉදිරියේ උබට තේරෙයි වෙනස.

      මහින්දගේ කාලයේ හොරු ගොඩක් කල හොරකම්වලට සමාන හෝ සමහර විට වැඩි නොරකම් මේ කීපදෙනා කරනවා. එකයි ඇත්ත.

      Delete
    3. දැන් උඹ ඉන්දික තොටවත්තගේ ජොබ් එකත් කරනවද.... එයා කියලා තිබුනා කැස්ත්‍රෝ මාර්තු 31 ට පෙර මිය යනවා කියලා... කැස්ත්‍රෝ කෙනෙක් කියුබාවේ මැරිලා තියෙනවා හැබයි ෆිදෙල් කැස්ත්‍රෝ නෙමෙයි....

      Delete
    4. // මාතා මම මේ රජයේ ඇත්තට වෙනදේ කියන්නම්, මට ලැබෙන තොරතුරු අනුව මේ රජයේ බහුතරයක් හොරකම් කරන්නේ නෑ තවම හැබැයි මේ රජයේ කීපදෙනක් ඉන්නවා නැතිවෙන්න හොරකම් කරන, ඉදිරියේ උබට තේරෙයි වෙනස.

      මහින්දගේ කාලයේ හොරු ගොඩක් කල හොරකම්වලට සමාන හෝ සමහර විට වැඩි නොරකම් මේ කීපදෙනා කරනවා. එකයි ඇත්ත. //

      ආමෙන්!

      Delete
    5. මාතා වැඩිය කතා ඕනේ නෑ. මේ රජයට තියෙන්නේ මහින්ද කෙටිකාලීනව ගත්ත විශාල ණය ප්‍රමාණය සන්කයා දත්ත මහින් ජනතාවට ඉදිරිපත් කිරීමත් යහපාලන රජය ලබාගත් ණය මුදල් මහින්දගේ අන්‍ය ගෙවීමට යොදවපු සන්කයාලේකනත් ඉදිරිපත් කිරීමයි.

      එහෙම නැතිව නිකන් සුරංගනා කතා එපා මත, මම ඊයේ දැක්ක කරුණාරත්න පරණවිතාන පාටලිව හෝදනවා රෙදි නැතිව, යකෝ CCTV කැමරාවේ වීඩියෝ ඩිලීට් වෙනවා මොනවද බන් මේ වෙන්නේ ?

      Delete
    6. ණය හොයා ගන්නේ කොහොමද ගන්න පුළුවන් හැම තැනින්ම ගත්තාම... හරියට මුළු ගේම උකස් තියලා.. ගෙදර තිබුන බඩු මුට්ටු මක්කද කියලා හොයනවා වගේ කේස් එකක් මේක.. අනික තවමත් මහින්දගෙ මාෆියාව සෑම තැනම සිටීම.. හොඳම උදාහරණය නෙළුම් යාය සම්මාණ උළෙල ගැන අජිත් ලියලා තියෙන දේ...

      ඇක්සිඩන්ට් එකකට මෙච්චර බය වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ හිටං

      Delete
    7. මාතා,

      //ණය හොයා ගන්නේ කොහොමද ගන්න පුළුවන් හැම තැනින්ම ගත්තාම... //
      ඈ යකෝ එතකොට යහපාලනය විශාල ණය අරගෙන මහින්දගේ ණය ගෙව්වා කියල නේද කිව්වේ ඉතින් අඩුගානේ ඒ ගෙව්ව ඒවායේ ලිස්ට් එකක් වත් දෙන්න බැරිද ?
      https://www.facebook.com/patali.champika/videos/1699670950314416/

      //ඇක්සිඩන්ට් එකකට මෙච්චර බය වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ හිටං//
      සුදු ඇදගෙන විලිලජ්ජනතිව තම වරද පිළිගැනීමට බැරි මිනිහෙක් කිසිවිටකත් විශ්වාස කරන්න බෑ හිටන්, එම පුද්ගලයා ඉගනගත් මිනිහෙක් නම් සාමානය මෝඩයෙක්ට වඩා බයානකයි හිටන් ඇත්තට ලෝකයේ වෙන්නේ මොකද්ද කියල උබලට නොතේරිම ගැන කනගාටුයි හිටන්.

      Delete
    8. අපිට හොඳට තේරෙනවා... ඒත් තිබුනට වඩා හැම අතින්ම මේ පාලනය අපිට හොඳයි.. ඔයාට අප්සෙට් නම් මැයි පලවෙනිදට කිරුලපනට යන්න... ඔය සා රසත් සෙට් වෙයි....

      Delete
    9. මේකෙ 13.10 පටන් බලන්න https://www.facebook.com/patali.champika/videos/1696274920654019/

      මම සාමාන්යෙන් ඉඟුරු දීල මිරිස් ගන්නේ නෑ

      Delete
    10. හැබැයි මචෝ මැයි පළවෙනිදා සිරිසේන උතුමා තමන්ගේ තරම තේරුම් ගනී

      Delete
    11. ඒක මම නේ කිව්වේ... මම කතා කරන්නේ බැරි බැරියාව රෝගය තියෙන සිරිසේන හා පිරිස ගැන නෙමෙයි.. එජාපය ගැන...

      Delete
    12. // ඔයාට අප්සෙට් නම් මැයි පලවෙනිදට කිරුලපනට යන්න... ඔය සා රසත් සෙට් වෙයි.... //

      කවුරු ගියත් නොගියත් සා ර ස තුමා එදාට එතැන ය.
      අපි පොර ටෝක් හුටාමාරක් දී එදාට ගෙදරට වී බුදියන ටයිප් කස්ටිය නොවෙමු!

      Delete
    13. අපි නම් ඔය එකෙඋටාත් කඩේ යන්නේ නැත.. තම දිනය වෙනුවෙන් පාලක පන්තියේ උන් උස්සාගෙන යන කම්කරු හරකුන් දැක ප්‍රීතී වන්නේය..

      Delete
    14. සරසා තුමාටත් මාත තුමාටත් මෙය ප්‍රසිධ්දියේ නරබා අපහසුවට පත් නොවන්න
      https://www.youtube.com/watch?v=xIraCchPDhk

      Delete
    15. ලංකා උඹගේ වීඩියෝ බලන්න වෙලාවක් අපට නෑ... මම උඹට කිව්වා වගේ ඒකේ තියෙන දේ කෙටියෙන් කියන්න...

      Delete
    16. //මම සාමාන්යෙන් ඉඟුරු දීල මිරිස් ගන්නේ නෑ//

      තියෙන්නේ එච්චරයිනම් මොනව කරන්නද බොස්. පැණිරස දේ නෑ. දැවිල්ල විතරයි.

      ඉතින් ඉඟුරු දීලා මිරිස් ගන්නවා, මිරිස් දීලා ගම්මිරිස් ගන්නවා, ගම්මිරිස් දීලා ඉඟුරු ගන්නවා.

      තිබුන ඉඟුරුවලට වඩා දැන් තියෙන මිරිස් සාපේක්ෂව ටිකක් හොඳයි. එච්චරයි

      Delete
  6. අනිත් සියලු පව් පැත්තක තිබ්බත් මේ කරපු වැඩේ ඉතාම ඉහලයි. අපතයෝ කොච්චර උදැල්ල දැම්මාද? මරාගේ වසලයෝ කියපු කතා කොච්චර කඩාකප්පල්කාරීද? මට ආන්ඩුව සමග යම් යම් විවේචන තිබුනත්, මේ වැඩේ ගැන තිබුනේ දැඩි භක්තියක්. රට වටේම ක්‍රියාත්මක විය යුතු වැඩ පිලිවෙලක්.ලෙඩෙක් ගොඩදාගන්න දන්න මහන්සිය දන්නේ ලෙඩාගේ භාරකාරයොයි, දොස්තරලා ඇතුලු සේවකයොයි පමනයි. පයිලට් ප්‍රොජෙක්ට් එක ඌව, සහ උතුරු මැද වුනානම් හොඳ බව තමයි මගේ පෞද්ගලික මතය. එහෙම නොවෙන්න හේතු තියෙන්න ඇති.Aru.
    හැම දෙයක්ම මරාගේ වාසියට හරවා ගන්න හදන JO එක දැන් JOKE එකක්ම වෙලා ඉවරයි.

    Well done and hats off to Harsha and the clan for 'good work'.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචෝ....

      හර්ෂගේ එළ වැඩ වගේම... ජෝන් බාස් ගේ ගොන් වැඩත් අපි ලිවිය යුතුයි....

      Delete
  7. හර්ශ තුමා ගේ උපදෙස් සහ කාලීන මැදිහත්වීම නිසා උපුල් ජයසූරිය සෙනොක් එකේ සබාපති තුමා සමග ෆොක්ස්වැගන් කරුමාන්ත්සාලාව කුලියපිටියට ගේන්න ගිවිසුම් අස්සන් කොරල, කරුමාන්තසාලාව හදල, දස දහසක් තරුන තරිණියන් ට රැකියා දීල කරපු ඒ වික්‍රමාන්විත ක්‍රියාව අපි අගේ කොරන්න ඕනේ...

    VOLKSWAGEN ASSEMBLY PLANT AGREEMENT SIGNED - Kuliyapitiya factory to have US $ 26.5 m investment
    Sri Lanka entered the era of modern automobile industry yesterday with the ground breaking agreement signed by the Board of Investment of Sri Lanka with M/s Senok Automobile (Pvt) Ltd and Volkswagen AG to set up in Kuliyapitiya an assembly plant for Volkswagen Automobiles.

    http://ceylontoday.lk/22-100893-news-detail-volkswagen-assembly-plant-agreement-signed-kuliyapitiya-factory-to-have-us-265-m-investment.html

    ReplyDelete
    Replies
    1. බලමු නේ.... මහින්දත් අවුරුදු නවයටම මක්කත් කොලේ නෑ නේ.. යුද්ධෙ ඇර...

      Delete
    2. සරස ගොයියෝ.....හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහාම බලා හිටපන්. මොකද උඹලා හඳ බලන්න ගියොත් බලුබෙටි පාගගෙන ගමම ගඳ ගස්සවනවා උඹලගේ මහ එකා වගේ. (උඹ බං බොලන් කිව්වට තරහ ගන්න එපා උඹත් බය්යෙක්නේ )Aru.

      Delete
    3. // සරස ගොයියෝ.....හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහාම බලා හිටපන්. මොකද උඹලා හඳ බලන්න ගියොත් බලුබෙටි පාගගෙන ගමම ගඳ ගස්සවනවා උඹලගේ මහ එකා වගේ //

      හා මචන් ... උඹ කියන කම් තමයි හිටියේ...

      Delete
    4. සරසයෝ....කවුරුත් කියනකම් ඉන්න එපා මරා වගේ. උඹම තේරුම් ගනින්. මරා වරද්ද ගත්තෙත් අනිත් අය කියපු දේවල් කරන්න ගිහිල්ලා කියලා අපි නෙමේ කියන්නේ රජ්ජුරුවෝ එක්ක හිටිය වන්ද්භට්ටයෝම තමයි. Aru.

      Delete
    5. // සරසයෝ....කවුරුත් කියනකම් ඉන්න එපා මරා වගේ. උඹම තේරුම් ගනින්. //

      අපි මේ නොතේරුම් විදියට මෙහෙම්මම ඉන්නම්... උඹලා ඉතින්ග් හොඳින් තේරුම් අරගෙන සාරෙට හිටපල්ලකෝ....

      Delete
    6. //හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහාම බලා හිටපන්// Maathalan, April 9, 2016

      //2500 න් කන බන්ධුලයයි, රුපියල් සීයේ හිඟන්නයි.. ඇමරිකන් ඩලසුයි ජීනීවා ගිහින්... උන් ටික ඇඳන් ඉන්න හැටි දැක්කම කිසි කෙනෙක් ඉන්න තැනක ඉන්න බෑ.. නෝන්ඩි වෙනවා.. මොකෝ හිනා යන්නේ වෙන තැනකින්.. මුන් ජිනීවා බ්ලාස්ට් කරන්න හිටපු උන්.. අද වන්දනාවේ යනවා.. මම හිතන්නේ මහින්ද එක්ක යන්න නැතුව ඇත්තේ... අල්ලලා විදුලි පුටුවේ ඉන්දවයි කියලා වෙන්න ඇති. විමලයත් ලෙමන් පෆ් කේස් එක නිසා නෝන්ඩි. අනික් උන්ටත් නඩු පිට නඩු.. ඒ නිසා ලෙඩ අඩුම තුන් කට්ටුවක් යවලා තියෙන්නේ..

      යන කොට මුන්ගේ රෙදි නැති උනාලූ.. අපරාදේ රෙදි අරගෙන ගියේ. අමු හෙළුවෙන්ම යන්න තිබුනේ. මුන් ටික බහුබූතයෝ වගෙ ජිනීවා ඉන්න්වා දැක්කම මට මතක් උනේ අජිත් කුමාරසිරිගේ හේයි ජිනීවා.. ඊට පස්සේ මතක් උනේ සිඤ්ඤෝරේ.... // Maathalan, April 1, 2016

      Delete
    7. උඩ තියෙන කොමෙන්ට් එකට සොරි වෙන්ටෝනැ. ඇගිල්ල දිහා බලා ඉන්නැයි කියා කියා ඇත්තේ මාතලන් නෙමෙයි.

      Delete
  8. මහින්ද මොනවා කරත් හරි, මේ ආණ්ඩුව කරන දේවල් වැරදී කියන්ඩ ගොඩක් දෙනෙක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. හරක් කියන්නේ උන්ට තමයි... වෙන කියන්න දෙයක් නෑ...

      Delete
    2. මහින්ද කොරපු ඔක්කොම වැරදී කියපු උන්නේ දැන් බලයේ ඉන්න‍ෙ....

      Delete
  9. අනේ මාතලන් ගොනෝ.. මේ වගේ සිල්ලර දේවල් ලොකු වෙන්නේ මාතලන් වගේ බයියොන්ටම තමයි. යකෝ ලංකාවෙ මීට කලින් ඇම්බියුලන්ස් දුවනවා දැකලා නැද්ද? ගූගල් එකේ ගහලා බලපන් "ambulance sri lanka" කියලා. දැනට ලංකාවෙ ක්‍රියාත්මක ඇම්බියුලන්ස් සේවාවල් කීයක් තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. තොට ගූ ගල් අහුලන්න දන්නවා උනාට ගොන් වස්සෝ ඒවා ගෙවීමක් කරලා ගන්න ඕන ඒවා... මේක නොමිලේ සේවයක්.. එක ඇම්බියුලන්ස් එකක් නෙමෙයි 600 ක්.

      Delete
    2. ඉතින් ඕකට ඉන්දියාව ගාව ගන්න ඕනි කමක් නෑනේ. ඇම්බියුලන්ස් ටිකත් ඉන්දියාවෙන් ආධාර විදියට ගත්ත්නන් අහවරනේ? මොකටද මේ ඉන්දියන් සෙට් එකක් ගාව ගෙන තියෙන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න.

      Delete
    3. කොහෙද ඉන්දියන් සෙට් එකක් ඉන්නේ...

      Delete
    4. ඇයි මහත්තය‍ෝ ඉන්දියන් ඇන්ජීඕ එකක් නෙමේද ඕක කොරන්නෙ? ඔච්චර මහන්සි වෙලා ලන්කාවට කරන්න් ඉන්දියන් කාරයන්ට තියෙන පු* අමාරැව මොකක්ද දන්නෑ?

      Delete
    5. ඇන් ජී ඕ තමයි මහත්තයෝ බිසිනොස් කරන්නේ.. එහෙම නැතුව රාජපක්ෂලයි ආන්ඩුවයි විතරද බිස්නස් කොරන්න ඕනා...

      Delete
    6. ඉතින් මහත්තයෝ ඉන්දියන් ඇන්ජීඕ එකකට ලන්කාවට ඇවිත් කරන්න තියෙන ඔය තරන් බිස්නස් එක මොකක්ද? ඈ? ඉන්දියාවෙත් ලක්ස ගනන් ඉන්නවා ඇම්බියුලන්ස් නැතුව.

      Delete
    7. ලොක්කා, ඉන්දියාවටම දෙන්ඩෝන ඇයි කියන පුරස්නේ එනවා නේද? ළඟදී ජැර්මනිය "අපි දෙඤ්ඤං" කියල තුබුණට ගාණකටවත් අරන් නෑ. ඉන්දියාවේ තලතෙල් බූරුවෝ වගේඩ්ග ජැර්මන් උන්දෙලා?

      මෙතන වෙන ගේමක් යනව කියල කුඩුලාල්ගේ මීටරේට වැටිල තියෙන්නේ. මාතලං ලොක්ක කොලේ වහල ගහනව. හර්ෂයගේ එකවුන්ට් එකට මොණරු බර ගාණක් වැටිල ඇති.

      Delete
  10. හදිසි ගිලන්‍රථ සේවාවක් ආරම්භ කිරීම හොද වැඩක්ය. ඊයේ නුගේගොඩදි කොච්චියේ හැප්පුනු කොල්ලෙක්ව ගෙනිච්චේ පාරේගිය කන්ටර් 1ක් නවත්තාගෙනය. එකට පටවන්නත් ස්ටේසම ඉස්සරහ විනාඩි 15ක් විතර තියාගේන හිටියාය. එකේ කලුබොවිලට යන්නට තවත් කාලය යන්නට ඇත. ටික දිනකට කලින් පපුවේ අමාරුවක් හැදුනු මිනිහෙක්ව නුගේගොඩින් බස්සව කලුබෝවිල යැවිමට ස්ටේසමට භාර දුන්නේය. හදිසි ගිලන්‍රථ සේවාවක් තියේනවානම් මෙවැනි අවස්ථා වලදි වටිනවාය. ආණ්ඩුවට සල්ලි නැත්නම් ණය අරගෙන හෝ පටන් ගැනීම සහ ඒ සදහා විදේශ වලින් ආධාර ගැනීමනම් අවුලක් නැත. ලන්කාවේම බැරිනම් ප්‍රධන නගර වලවත් පටන්ගත යුතුය. පටන්ගන්නවා වගේම වැඩේ පිලිවෙලකට ඉස්සරහට ගෙනියන්නත් ඕනැය. සුදු අලියෙක් වගේ වැඩක් නොවන තත්වයට පවත්වාගෙන යැමට වගබලා ගන්නට වෙනවාය. මොකද සමහර ඉස්පිරිතාලවල ගිලන්‍රථ තිබුනාට එවට තෙල් නැත. තෙල් ටික හොරෙන් ඇදලා සහ තෙල් වලට අවශය තරමට සල්ලි දිලා නැත.

    සමහරුන් කියන ආකාරයට ගිලන් රථවල ඔත්තු සේවා එනවාය. රෝ ඔත්තු සේවයට ලන්කාවට එන්නට ගිලන්‍රථ ඕනැයැයි සිතිමනම් ගොන් කමක්ය.

    මාතලන්ට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න ලොක්කලා ඉස්සරහට දාගෙන මහත්තයලාටික අන්තිමට වැඩේදීලා තියෙන්නට පුලුවන. ඒ වගේම හර්ශලා වැඩකාරයෝද වටේ ඉන්න කට්ටියගෙන් ඇද ගන්න ගන්න කට්ටියද කියල බලන්න තාමත් ඉක්මන් වැඩිය...

    ReplyDelete
    Replies
    1. ////සමහරුන් කියන ආකාරයට ගිලන් රථවල ඔත්තු සේවා එනවාය. රෝ ඔත්තු සේවයට ලන්කාවට එන්නට ගිලන්‍රථ ඕනැයැයි සිතිමනම් ගොන් කමක්ය. /////////

      මේ කතාව හරියට හරි. රෝ කාරයාට ලංකාවට එන්න ඇම්බියුලන්ස් එකක්ම ඕනේ නැහැ කියලා ලෝකෙම දන්නවා JO කාරයෝ හැර. ඉන්දියාවේ දේශපාලන අතපෙවීම් මීට වඩා එහා ගිය මාතෘකාවක්.Aru

      Delete
    2. ගිලන් රථ සේවය මොකක්ද නොදන්න කරක් තප්පුලෑවට කව්ද අනේ ගනන් ගන්නේ...

      මේවා ලියන්නේ ඒ නිසාමයි... හර්ෂලත් අයියලා වෙන්න යන නිසා තමයි කලින් වතාවේ කපලා දැම්මේ...

      Delete
  11. මාතො මට නම් හර්ෂ සික්කට දාපු පාට එක ගොන් වැඩක් නොවේ. එය සිවිල් බලය සම්බන්ධව ලංකාවේ අද තත්ත්වය බව මට සිතෙනවා.
    ඒ ගැන පස්සේ කතා කරමු.

    ලංකාවේ ගිලන් රථ ඕනෑ තරම් තිබෙන බව ගොබ්බයෙක් කොමෙන්ට් කර තිබෙනවා. නමුත් ඒවායේ කෙරුවාව ගැන මේ ගොබ්බයො දන්නේ නැහැ. රෝ කාරයට ගිලන් රථය උවමනා නැහැ, ලංකාවේ සෙල්ලම්කරන්න. උදා : රනිල්ගේ කලින් ආණ්ඩුව පෙරලන්න ලොකුම සේවය චන්ද්‍රිකාට කලේ එවකට සිටි ඉන්දියන් තානාපති. එය ඉන්දියාවේ agenda එකට අනුව සිදු වූ දෙයක්. කොමෙන්ටු දාන ගොබ්බ බයියෝ මේවා දන්නෙවත් නැහැ වගේ ලියනවා.

    ReplyDelete
    Replies
    1. සිවිල් බලයට ප්‍රසිද්දියේ හැමිනෙන්නත් දුන්නම නියෙමට තියේවී..

      ඒ ගොබ්බයෝ මක්කුද බං... උන් මෙළෝ දෙයක් නොදන්න, මහින්දගේ පඩෙත් සුවඳයි කියන මී හරක් රැලක් මිස....

      Delete
    2. දැන් ඉන්දියාවෙ ඇම්බියුලන්ස් වල කෙරුවාව ඊට වඩා හොඳයි කියන්නෙ කොහොමද? සවුක්ය සේවෙ අතින් ලංකාවද ඉන්දියාවද ඉදිරියෙන් ඉන්නේ? නෑ මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ.

      Delete
    3. ඒක ඔයා හොයා ගන්න... සවුක්ක නෙමෙයි.. මුළු ළෝකයේම ආර්ථික වර්ධන වේගය වැඩිම රට...

      Delete
    4. මාතො, මම සිවිල් බලය ලෙස අදහස් කලේ උඹ අදහස් කළ දෙයට නොවේ. අනෙක මේ ප්‍රශ්නය පටන් ගත්තේ ප්‍රසිද්ධියේ කළ අහවල් අලුගුත්තේරු වැඩක් නිසා නොවේ.
      සමහර සික්කල උණ පෙන්වන්නේ තමන්ගේ බොස් පොරක් කියලා හිතාගෙන. බොස් උන්ට පෙන්වාගෙන ඉන්නෙත් ඒ විදියට. මුන් බොහොමයක් මැරෙන්න භයේ හමුදාව හැරගිය උන්. සමහර සික්කෝ හිතාගෙන ඉන්නේ උන් රණවිරුවෝ අංක 2 කියලා. උන්ට මිලිටරි උණ.

      ඇනෝ නොඉපදුන දරුවන්ට හඳහන් හදන්නේ නැතුව ගොත්රවාදයෙන් එලියට වරෙන් බං.

      Delete
    5. මට දුක ඒ සික්කොන්ටත් අන්ත තත්වයකට ඔහේලා වගේ මහත්වරු පත්වෙන එක...

      Delete
    6. නැත. මෙය මිනිසුන්ගේ නිදහස පිලිබඳ ප්‍රශ්නයක්. මේ දුපතට ඒවා මැජික්.

      Delete
    7. දූපතට මැජික් වන්නේ.. දූපත ගැන නොදන්නා උන්ටය.. මේ වෙනුවෙන් හඬ නඟපු රැඩිකල් පොරවල් එකෙක්වත් මුන් ලව් කරනවාද කරන්නේ වෙන මළදානයක්ද යන්න දැක නැත්තේය...

      Delete
  12. හර්ෂලොක්කාගෙන් වැඩක් ගන්නවා මදි

    ReplyDelete
  13. හර්ෂලොක්කාගෙන් වැඩක් ගන්නවා මදි

    ReplyDelete
  14. මේ ඕට්ටේලියාවේය.... ඇම්බියුලන්ස් ටිබුනාටම, පැරා මෙඩික්ස් ලා හිටියාටම බඩ සුද්ද නොවනා බව යමක් කමක් දන්නා උදවිය දනිති!


    පාදෙනිය තුමා ගේ අනසකට යටත් සිරි ලන්කා හොස්පිටිතාලවලට ඇම්බුලන්ස් කස්ටිය ලෙඩ්ඩු බාරදෙන්න ආ විට කොපමන වේලා බලා සිටින්නට වේද?

    AMBULANCES spent more than 146,000 hours waiting to hand over patients at Victoria’s 40 largest hospitals in one year.

    The waiting times are for the 2013-14 financial year and are contained in Ambulance Victoria documents obtained by Leader Newspapers under Freedom of Information.

    The hospital with the most ambulance waiting time in 2013-14 was the Royal Melbourne Hospital, with a total of 12,850 hours.

    There were 21,648 patients transferred at the hospital during that period.

    More than 19,000 taken to the Austin Hospital over that time collectively waited more than 11,000 hours to be transferred.

    With 21,998 patients, Frankston Hospital had a total transfer time of 9603 hours.

    ReplyDelete
    Replies
    1. මහින්ද දැම්මා නම්... උපුටා දක්වන එකකුත් ඉන්ගිරිසියෙන් දාහන්කෝ... අනේ තොපි වගේ හරක්.... උඹ මේ වෙනුවෙන් වෙහෙසන එක ගැන මට තියෙන්නේ කාලකන්නි සතුටක්...

      Delete
    2. ඔහේ නොදන්නවා වුනාට ඕට්ටේලියාවේ හොස්පිටිතාල වල වැඩකරනා / වැඩ කල උදවිය ඕවා දනිති!

      Delete
    3. //අනේ තොපි වගේ හරක්....//
      මාතේ මේ එකක් කියන්නං... අහිංසක සත්තුන්ට අපහාස කරන්න එපා සාරස තුමා වගේ ගල් මූසල ගොබ්බ බයි නොදත් දත් දොස්තරයෙක්ව උන්ට සමාන කරලා.

      Delete
    4. In every country EMS has to wait at the hospital for some time after handing over the patient because there is a lot of paper work and procedures to follow. That doesn't mean that the patient is unattended. As soon as patient comes to the hospital he receives medical attention depending on the operational capacity and patient load. Yes if wait times are high and should be looked into ways to reduce it. For all those people who think ambulances are a taxi service that only bring the patients to hospital all I have to say is that you don't even understand the basics of EMS.

      Delete
    5. Frankest on hospital total transfer time -9603hrs
      Number of patients 21998
      Transfer time per patient 26mins
      What's the big deal really

      Delete
  15. ලංකාවේ රෝහල්වල මීට වසර විස්සකට පමණ පෙර රෑට දොස්තරලාව ගෙවල්වල සිට හදිසි අවස්ථාවලට ගෙන එන්නට ඇම්බියුලන්ස් පාවිච්චි කරන බව මා දැක තියෙනවා.

    සිඩ්නි නගරයේ දී මාත් එක්වරක් ඇම්බියුලන්ස් එකකින් ගොස් තියෙනවා.

    මෙන්න ඒ ගමන ගැන මා කියු කවියක්.

    බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
    හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
    කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
    වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

    එහි කියවෙන පරිදි ඒවායේ ඇතුලේ අත්‍යාවශ්‍ය සියළුම වෛද්‍ය පහසුකම් (ඊසීජී, ඩීෆීබ්‍රිලේටර් යනාදී) තියෙන බව කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. ඇම්බියුලන්ස් එකක වටිනාකම නොදන්නේ ඒ ගැන නොදන්න හරක්.. වෛද්‍යවරයෙක් කියන සා රසයත් මේකට විරුද්ධ වෙන කොට ඒ මිනිස්සු ගැන පුදුම අප්පිරියාවක් ඇති වෙන්නේ..

      Delete
    2. Sometimes I think that " sa rasa" is trolling everybody. Best way to answer this sort of person is to ignore his. That want be a problem since does not bring anything useful to the table.

      Delete
  16. පහුගියකාලේ මොකද්ද පෙර පාසලකට ඇම්බියලන්ස් සර්විස් එකක් තිබුනලු නේද ?

    ReplyDelete
    Replies
    1. අම්මන්ඩිගෙ ඉස්කෝලෙටලු නේ...?

      Delete
  17. යහපාලනයට ඡන්දෙ දුන් බහුතරය (මමද ඇතුළුව )
    එදා - රාජපක්ෂ ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය නෑ හොරු ඉන්නෙ මුන්ව එළවන්න ඕන
    අද - බලපුවාම මීට වඩා හොදයි රාජපක්ෂ ආණ්ඩුව

    ගොඩ සුද්දන් (මාතලන් ඇතුළුව )
    එදා - මහින්දව එළවන්න බෑ මොකාටවත්. මහින්ද ඔබ සුන්දර මිනිසෙකි
    අද - රෙදි නැතුව යහපාලනේට කඩේ යමු

    ReplyDelete
    Replies
    1. අද මාතලන් කියවන්න ආපු එකෙක්

      Delete
  18. සුපිරි කුලයේ පකීර්ලා
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති අජිත් ඩයස් ය. ප්‍රධාන විධායක නිලධාරියා සුරේන් රත්වත්තේ ය. (චරිත රත්වත්තේ ගේ සොහොයුරා) අජිත් මෙන්ම සුරේන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රාජකීය විදුහලේ මිතුරන් වන අතර අගමැතිවරයාට ‘රනිල්‘ යයි ආමන්ත්‍රණය කළ හැකි මට්ටමේ පුද්ගලයෝ වෙති. වසර 2002 දී එජාපය බලය ලබා ගත් අවස්ථාවේදී ත් මෙම කණ්ඩායම ආණ්ඩුව තුල ඉතා බලවත් විය. අගමැතිවරයා සමග ඇති දැඩි පෞද්ගලික මිත්‍රත්වය නිසා මෙම පිරිස විෂය බාර ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අනෙකුත් නිලධාරීන තඹ පයිසෙකට ගණන් ගන්නේ නැත. මෙය යහපාලන ආණ්ඩුවේ සුපිරි කුලයයි. ශ්‍රී ලංකන් ගුවන් සේවා මෙහෙයැවීමට පැමිණ ඇත්තේ ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ පකීර්ලාගෙන් සමන්විත මෙම සුපිරි කුලයයි. එහෙත් පසුගිය වසරක කාලය පුරා මෙම පකීර්ලා සිදුකළ කෙං ගෙඩියක් නැත.

    දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සමාගමකට නවක සේවකයන් බඳවා ගන්නේ නැත. එය සරල න්‍යායකි. එය අවබෝධ කර ගැනීමට ව්‍යාපාරික පකීර්ලා විය යුතු නැත. පණ අදිමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සඳහා නවක කළමනාකරණ පුහුණු නිලධාරී තනතුරු සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ මොන මගුලකටදැයි යන්න මේ පකීර්ලා පැහැදිලි කරන්නේ නම් මැනවි ය.

    ReplyDelete
  19. එතකොට ඔයාට සුපිරි කුලය අරහං. බයියන් කුලය හොඳද? ඈ.....

    ReplyDelete
  20. // එතකොට ඔයාට සුපිරි කුලය අරහං //

    ඔහෙට වැරදිලා... ස ර ස තුමා එම කියනා සුපිරි කුලයට ගොඩක් කැමැතිය.... එහි ඉන්ක්ලූශන් ක්‍රයිටීරියා කියවන්න... // අජිත් මෙන්ම සුරේන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රාජකීය විදුහලේ මිතුරන් වන අතර //

    ReplyDelete
  21. අඩෝ මිස්ටර් මාතලන්. උබ ඔය කිව්ව වගේ "හිටන් පකයට" පක්ෂෙ බේර ගන්ට කියල පුක දෙන අතරෙ (මහින්දට මේ හිටන් පකය කොච්චර බයද කියල දැන් තේරෙනව) රනිල් ලට තියෙන්නෙ ඔය පොර්ට් සිටියත් ගොඩ දාගත්ත වගේ කොහොම හරි රටට දෙයක් කරන එක. (අපරාදේ යුද්දේ ඉවර උනේ)

    ReplyDelete
    Replies
    1. එයාට ජනපති කම හම්බ වෙලා... බන්ඩා ලන්ඩන් ගියා වගේ වෙලා තියෙන්නේ...

      Delete
  22. වැඩේහොඳ හිතින් වෙනවා නම් එච්චරය.කුඩු දුමියාත් පැල්පත්වාසීන්ට දාන මාන යාන වාහනාදියෙන් සංග්‍රහ කරන්නේ වාසිය මිනිස්ස්සු ගන්න එකේ අපිට ඉන්දියාවෙන් දෙනදේ ගත්තාම මක්කවත් වෙන්නේ නැතිය.
    හර්ශ ඇඬුවේ නම් තමා හහපාලනයේ බොක්කෙන් ඉන්න බව පෙන්නන්නටය.පත්තරෙන් තමා ජනාධිපති බව දැනගත් සිරිසේන මහතාත් යහපාලනය ස්ථාපිත කලේ තමාගේ කඳුලෙනි.
    හැබැයි...
    කඳුලට තියෙන තැන ලේ වලට නැත.
    වැඩිම මනාප ගත්,වැඩ කරන,පාර්ලිමේන්තුවේ වැදගත් ආකාරයට හඬ නඟන,පක්ශය වෙනුවෙන් ලේ වලින් අත්සන් කල බුද්ධික පතිරණ හාල් කෑල්ලක් වෙන්නේත්,
    මනූශ,තෙවරප්පෙරුම,සීනි ඇමති,ජෝන් පොලිස් වැන්නවුන් පොරවල් වෙන්නේත් නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටය.
    හිත ගැස්සෙන්නේ මේවා පේන විටය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ නියම තැනට ඇනේ ගහල තියනවා

      Delete
    2. එකෙකුට ඒ විදියට පේන්නත් පුළුවන්... තවෙකෙකුට මට පේන විදියට පේන්නත් පුළුවන්.. ප්‍රජාචන්ච්‍රවාදි රටක් නේ...

      Delete
  23. කවුරු මොනා කිව්වත් මාතේ ඇම්බියුලන්ස් ගේන එකනම් බොහොම හොඳයි. අනික හොද දක්ෂ දොස්තරලත් ඉන්දියාවෙන් හරි කමක් නැහැ මෙහෙ ගෙනල්ල ලංකාවේ පඬි දොස්තරලගේ ගැස් බස්සන්න පුලුවන්නම්. අඩුම තරමේ සාමාන්‍ය මිනිහෙකුට සාදාරන මුදලකට බෙහෙතක් ගන්න පුළුවන් වෙයි. හර්ෂට ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් දොස්තරලට නම් එන්නම දෙන්න ඕන... මුන්ගේ මාන්නේ නැති වෙන්න...

      Delete
    2. ටුවරිස්ට් ගයිඩ්ලටත් එන්ඩ දෙමු.

      Delete
  24. Mata pena widiyata meka nikam bombay looking calcutta wageya. Harsha wa sirasa hadin vuye consultant economist kiyalaya. Meke theruma I dont know y. Ecomnomist ha ambulance athara sambandaya mokakda.

    ReplyDelete
  25. Mata pena widiyata meka nikam bombay looking calcutta wageya. Harsha wa sirasa hadin vuye consultant economist kiyalaya. Meke theruma I dont know y. Ecomnomist ha ambulance athara sambandaya mokakda.

    ReplyDelete
    Replies
    1. ඒකයි මම කිව්වේ... වැඩක් කරන එකාට සබ්ජෙක්ට් එක මක්කා උනත් අවුලක් නෑ... මහින්දට දැන් කිසිම ඇමති කමක් නැතිව.. තාමත් හැම එකටම හොට දාන්නේ...

      Delete
    2. මහින්දට පුදුම බයක් නේ තියෙන්නේ....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න