.

.

Apr 20, 2016

වැට් බද්ද පත්තරෙන් දැකීම හෙවත් ජෝකර්ලන්තය - I Love My Jokerland



ඒ කාළේ, අම්මට සිරි ලංකාවේ ජෝකර්ලා සිටියේ බොහෝම අඩුවෙන්ය. ඒත් සිනමාවෙ හා වැයර්ලස් එකේය. එඩි ජයමාන්නගෙන් පටන් ගෙන අපේ කාළේ වෙනකොට සිනමාවේ උන්නේ, දොන්, බී ඇස් හා ඇන්තනී සීය. ජෝ අබේවික්‍රමද ජෝකර් පාට් වගේම අනික් ඔනෑම චරිතයක් රඟපාන්න පුළුවන් පොරක් වෙලා උන්නේය. ඉන් පස්සේ ආපු ෆ්‍රෙඩී සිල්වාද නොම්මර එකේ ජෝකර් කෙනෙක් වූවා පමනක් නොව, ටැලන්ට් රාශියකින් හෙබි ගායකයෙක්ද උනේය.

වැයර්ලස් එකේ උන්නේ, ඇනර්ස්ලි, බර්ටී හා සැමුවෙල් රොද්‍රිගූය.. එයිටාමතරව තවත් නොම්මර එකේ පොරක් වූ ගැමුණු විජේසූරියත් උන්නේය. ඔහොම බැලුවාම, ඒ කාළේ ජෝකර්ලා උන්නෙ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්ය. ඒ කාළේ තිබු ප්‍රසිද්ධ කියමන්ක් උනේ, මිනිසුන් හිනස්සන එක බොහෝම අමාරු වැඩක්ය කියලාය. ඒ නිසා මිනිසුන් හිනස්සන එවන් අයට සම්මාණයන් නොදීම පිළිබ්ඳවත් ඒ කාළේ කතා බහක් ගියේය.

කාළයෙන් කාලයට සියල්ල වෙනස් වනවා සේ, අද අපිට සොයා ගැනීමට අමාරූ වී තිබෙන්නේ, ජෝකර්ලා සොයා ගැනීම නොව, සිරා පොරක් සොයා ගැනීමය. ඉස්සර ඔය මොන ජෝකරයා හිටියත් හීරෝ උනේ ජෝකර්ලා නෙමේය. හීරෝලා වෙනම උන්නේය. ඔය ෆීල්ඩ් දෙකේ ඇරුනාම අනික් ක්ෂේශ්ත්‍රවල උන්නේ හොඳ පර්සනැලටියක් තිබු සිරා පොරවල්ය. 

එයිනුත් ජනතාව අතරට ගියේ පොලිටික්කන්ය. පක්ෂ බේදයකින් තොරව නායකයන් යැයි කට පුරා කිව හැකි වැදගත් පිරිසක් එයාලා අතරේ උන්නේය. විශේෂයෙන් වමේ පක්ෂවල උන් ප්‍රතාපවත් ධනපති පොරවල් ඒ අතරින් කැපි පෙනෙන පර්සනැලටීස් විය. උන්දැලා අද ඉන්නා හාල්පාරුවන් මෙන් කිසිම දිනක විකටයන් වෙන්න ගියේ නැත.

එහෙත් අද සිඳුවී ඇත්තේ කුමක්ද? එක හීරෝ කෙනෙක්වත්, සීරීයස් පොරක්වත් සොයා ගන්නට බැරි වීමය. මේක පට්ට ජෝකර්ලන්තයක්ය. සිනමාවේ ජෝකර්ලා තියා සිනමාවත් ඇත්තේ නැතිය. වේදිකාව කියා ඇති නාට්ටිවල ඇත්තේ, කිචි කැව්වත් හිනා නොයන, රූපවාහිනියද අරක්ගෙන ඇති, අමු කුණුහබ්බ ප්‍රසිද්ධියේ ඇද බානා නළු නිලියන් සෙට් එකක්ය. (කරුමයකට මෙයින් බූරුවෝ දෙන්නෙක්, නෙළුම් යායටත් ඇවිත් උන්නේය.) ජාතික රූපවාහිනියද ඔවුන්ට බිලි වී තිබීම කරුමයක්මය. 

රසවත් ටෙලියක් ඇත්තේම නැති තරම්ය. එක්කෝ මේ කාළකන්නි නළු නිලියන්ගේ කොමඩියකි. එහෙම නැත්නම්, ඉන්දියාවේ අඬෝවැඩියාවකි. එවායින් නොනැවති නිව්ස් හෙවත් ප්‍රවෘත්ති ලෙස දෙන්නේද පට්ට ජෝක්ස්ය. අපේ සඟිස්කුරුතියේ උරුමයක් වන් මර්ඩර් කේස් හා ඇක්සිඩොන්ට් ඇරුනාම අනික් ඔක්කෝම පට්ට කොමඩිය. එක්කෝ ජෝකර්ලාගේ වොයිස් කට්ය. නැත්නම් බහු රූ කෝලම්ය.

ජෝක්ස් ඉතරක් නොව සමහරක් වෙලාවට ට්‍රිබල් ඇක්ස් ඒවාත් යනවාය. රන්ජන් රමණ යකයි වෙල්ගම උන්නැහෙයි නයනා කුමාරිත් එක්ක නිදා ගත්ත හැටිත් ඒ අස්සේ යනවාය. මේවා මේ කතා කොරන්නේ උන්ගේ අවුරුදු උස්සව වලවත් පැදුරු පාටිවලවත් නෙමේය. උත්තරීතර (හරියට ලිය උනා නේද..?) පාර්ලීමන්ට් එකේය.

ඉතින් මෙහෙම අයියලා අතරේ ජනාධිපති තුමාත් සැකන්ඩ් වෙන්නේ මක්කටෙයි කියා හිතලා එයත් පට්ට කොමඩි කෑලී දානවාය. නිකන් වැස්සක් එනවා වගේ කියලා කියනවාය. බුරියානි හදපු හැටි කියනවාය. ඒ අස්සේ අවුරුද්දට ගමේ යන ජනාධිපති තුමා ගමේ අයට පට්ට ආතල් දෙනවාය. එතකොට කැබිනට් එකේ ගන්නා සාමුහික තීන්දු, ගමේ බයියලා දැක්කාම අමතක වෙනවාය. ඒවා එයා දැක්කේ පත්තරෙන් කියලා කියනවාය. වාසනාවකට පත්තර හරි තියෙනවාය. නැහ්නන් එතුමා මක්කත් දන්නේ නැතිව යනවාය.

බලයට පත් වීමට පෙර හොරුන්ට හා රාජපක්ෂ රෙජිමයට විරුද්ධව මහා හඬක් නැඟු අජිත් පී පෙරේරා අද විදුලි මාෆියාවේ තඟ හමුවේ ඉන්නේ කොහේද කියා හොයා ගන්නටවත් නැතිය. ලංකා ට්‍රාන්ස්ෆෝමස් කියා අටවාගෙන ඇති කොම්පැනිය තුල සිඳුවන මාෆියා කටයුතු ගැන එලිදරව් කරන්නේ ජෙප්පන් පමණය. ගෙදර යන්න හදපු සභාපතියා නවත්ත ගත්තේ, ඌව බ්ලෑක් මේල් කිරීමටදෝ කියා සැකයක් දැන් සැමටම ඇත්තේය. ඌත් එකෙකුටවත් බය නැති පොරක් බව පෙනෙන්නේ, වොයිස් කට් වලින්ය. එහෙම තග දාන්න ලේසියෙන් බැරි බව ඕන ගොනෙකුට තේරෙන්න ඕනාය. කට ඇරගෙන බලා හුන් පැනමා පේපර්ස් වලින් එලියට එන්නේ රාජපක්ෂලාගේ නම් නොව, චම්පිකලා ඇමතිකම් කොරපු කාලේ උන් සභාපතියාගේ නමය.

ඒවා ගැන යහපාලන ආන්ඩුව කටක් හොල්ලන්නේ නැතිය. ආන්ඩු බලය අල්ලලා තියෙන්නේ රට ගැන කිසිම දෙයක් හදාරලා නොවේය. ඇත්තටම එහෙම කරන්නට වෙලාවක් තිබුනේත් නැතිය. එජාපයේ බලය රැක ගන්න මහා බලු පොරයක් තිබුනේය. අන්තීමට පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගත්තේ ඩෙංගු මදුරුවා මරාගන්නවත් බැරි උන ඇමති කෙනෙක්ය. එයාට රට ගොඩ නගන්න වෙලාවක් ඇත්තේ නැතිය. එයා බලන්නේ පක්ෂේ ගොඩ දාගන්නය. ආයෙත් බලය ඕනා නෑ කියන කෙනෙක්, පක්ෂ හදන්න නහින්නේ මොකෑ කියලා වෙන කෙනෙකුට හිතෙන්නට පුළුවන්ය.

අලි පාටියේ අය බලාපොරොත්තු උන ආයෝජන එන පාටකුත් නැතිය. දැන් මහ බැංකුවේ ලොක්කයි ඇමතියයි පාත්තරෙත් අරගෙන හිඟා කන්න ගිහිල්ලාය. මෙහෙම හාල්පාරු ආන්ඩුවක් තියෙන රටක එකෙක්වත් ඉන්වෙස්ට් කොරන්න එන්නේ නෑ කියලා, අපි නම් එදා ඉඳන්ම කියනවාය. හේතුව පටන් ගන්නා කොටම කරපු නා ගැනීමය. එනම් පෝට් සිටිය නවතා දැමීමය. අල්ලනවා කියපු හොරු ඇල්ලුවේ නැතිය. උන් එලියේ ඉඳන් දත කන්නේ ආයෙත් ආන්ඩු බලය අල්ලා ගැනීමටය. එහෙව් රටක (නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක) ඉන්වෙස්ට් කොරන්න එන එකා අමු පිස්සෙක් වෙන්න ඕනාය.

චීනෙට ගියපු වැඩෙත් සාර්ථක නැත්තෙය. පෝට් සිටියේ ප්‍රශ්ණයත් එහෙමමමය. දැන් කෙලින්න යන්නේ රටේ ජනතාවටය. එකට කැබිනෙට්ටුවේ ඉඳගෙන තීරණවලට එළඹ, පස්සේ ජනතාව ඉදිරියේ පත්තර ජෝක්ස් දාන නායකයන් සදා වාසනාවන්මය. කොහොමත් මේ රජය ජනතාව අතර අන්තෙටම අප්‍රිය වූ ආන්ඩුවක්ය. ආන්ඩුවකට වඩා මේකට පාන්ඩුව කියලා කියන එක වඩාත් හොඳය. 

ඒ අස්සේ අළුතෙන පත් වෙන්න යන ජෝකර් කෙනෙකුත් පට්ට ජෝක් එකක් දාලා තියෙනවා අද උදේ බුකියෙන් දැක්කේය. ඒ මෙතක් කලක් අල්ලන්න බැරි උන හොරු ඔක්කෝම අල්ලනවාය කියලාය. එයාගේ කතාව අනුව අපට නම් පෙනෙන්නේ මෙච්චර කල් හොරු අල්ලන්න බැරි උන එකම හේතුව හිටපු පොලිස්පතිය කියලාය. 

මොකෝ එයා ඇර වෙන එකෙක්වත් වෙනස් උනේ නැති නිසාය. නීතීපතියා ආවෙත් ඔහොමය. මහින්දගේ කාලයේ පොලොස් මාද්දිය ප්‍රකාසක කියලා එක්කෙනෙක් ජෝක්ස් දදා පට්ට ආතල් එකක් දුන්නේය. දැන් ඒ මදි පාඩුවටත් එක්ක. පොලිස්පති කෙනෙක්ම ඇවිල්ලාය. "පැරා" බුකියේ කිව්වා වගේ පූජිත මෙන්ඩිස්ට පස්සේ අපිට ඒ නමම තියෙන ජෝකර් කෙනෙක්ගේ ආතල් බලන්නත් ඉඩ තියෙනවාය.

අළුත් පරපුරේ උන් පොලිස් කෝළම දැකලා නැත්නම්. ඕන් පොඩි උන්නේ, උඹලාට ඉස්සරහට පොලිස් කෝලම බලා ගන්න ලැබෙනවාය. එයිටාමතරව රාජපක්ෂ පරම්පරාවේ රජ ගහේ නාඩගමද, පොදු විපක්ෂේ බහු බූත කෝලම්ද, එජාපයේ අලි කෝලම්ද, එයිටාමතරව අපේ මෛත්‍රි මහත්තයාගේ පත්තර කෝලමද බලා, ආතල් එකේ වැට් බදුත් ගෙවාගෙන, මැතිවරණ්යක් එනකන් කොමීඩියන්ලාගේ කොමඩි බල බලා උන්නාම කන්න නැතත් බඩ පිරිලා මහත් වෙන්න පුළුවන්ය.

105 comments:

  1. මාතලන්

    මේකත් බලන්නකො

    මේ ඉන්නෙ තවත් මෙලෝ රහක් නැති අමුම අමු ගොබ්බ කේප්ප එලදෙනක්. මේකිවත් දිගේලි කොරන්න තියෙන්නෙ කොටදෙනියාවෙ කොණ්ඩයගෙ වත්තෙ තියෙන ගාය යන්න. කොලඹින් රෝසි නෝනෙටත් ගේමක් දීල ගොඩ ගියපු මල හෝන්තුවක්. මරා කල්ලියෙ හිටපු ජෝකර්ල පරාදයි මේ වගේ මල හොන්තුවලට. නොදකින් !

    ReplyDelete
    Replies
    1. එයත් පිච්චු හොඳම එක උනත්, කියපු කතාව නම් සහතික ඇත්ත.. ගියපු එක්කෙනාට නෙමෙයි ඉන්න කෙනාටත් වලංගුයි...

      Delete
    2. අඩ සඳ වන් නලලතේහි - චන්දන තිලකය ඇතේ
      උඳුපිල වැනි කෙස් කලඹට කිතුල් රෑන පැරදෙතේ

      පරයන ඉඳුනිල් කැට - දෙනෙතෙහි ඇති රන් වට
      වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට

      හස‍රැලි නැත්තම් මුහුනේ - සිතුවිලි ලස්සන නැහැනේ
      වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ

      කරදර බාධක මැද්දේ - දිවිගඟ පහලට පැද්දේ
      ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ ……

      හුරේ …… ඔහොම යං සුදෝ. අරින්ඩෙපා :D

      Delete
    3. සුදෝ කිව්වේ, මටද, හිරුනිකාටද....?

      Delete
    4. හැක් … හිරු අක්කට බොල හිරු අක්කට :D

      Delete
    5. මට අද දවල්ට කන්න ඕනෙත් නැහැ ඒ සුන්දර මුහණ දැක්කට පස්සේ

      Delete
    6. හහ් හා. හිරුණිකාට හිරු-නිකර් වෙන්න පහර දෙනව නේද හිරු මාධ්ය ජාලයෙන්?

      Delete
    7. කාම සූත්‍රයට අනුව ලිංගික ක්‍රියාවකට ස්ත්‍රියක් තෝරාගන්නා විට, ඇය කළුනම් ඒකාකාර දිලිසෙන තද කළු පැහැයෙන් යුතුවිය යුතුයි.(සුසන්තිකා ජයසිංහ වගේ) සුදුනම් රන්වන් පැහැ සමක් තිබිය යුතුයි (පූජා උමා ශන්කර් වගේ). ඒ වගේම පමණට වඩා සුදු අයෙක් සුදුසු නෑ.
      හිරුණිකා කියන්නෙ පමණට වඩා සුදු කෙනෙක්.

      Delete
  2. මේ යකා අර සාරස කියනව වගේ කැබිනෙට් එකේ ඉන්ග්‍රීසියෙන් කතා කොරනකොට නිදි.
    පහුවදා දිවයිනෙන් තමයි දැනගන්නෙ කැබිනෙට් තීරන ටික

    ReplyDelete
    Replies
    1. අම්මපා නිමල් සිරිපාලත් එක්ක ජෝඩු දාලා නිදා ගන්නවද දන්නේ නෑ හිටං...

      Delete
    2. ඇත්තටම මාතලන් මතක් කරපු එක හොඳයි ඔය නිමල් සිරිපාලගෙ නොහොබිනා පුරුදුවලින් කුජීතම එක ගැන ... බොහෝ වෙලාවට පාර්ලිමේන්තු වේදීත් කොට සිරා නිදි ...රැස්වීමක වාඩි වූ සැනින් නිදි කිරා වැටෙනවා ... විනාඩි පහක්/ හය හතක් වත් නැගිටගෙන ඉන්න බැහැ .... කොහොම ඇමති කෙනෙක් හැටියට කටයුතු කරනවද මන්දා .... මුල් පුටුවක වාඩි වී හැම තැනම නිදි .... බොහෝ උපහාසයට ලක් වෙලා නිව්ස් වෙබ්සයිට් වල නිතරම වාර්තා වුණා. ෆේස්බුක් එකේ බුවාට "දොයි සිරිපාල" කියන විකට නාමයෙන් අමතන්නෙ. ඔහුව දන්න හඳුනන කෙනෙක් ඉන්නවනම් කරුණාකර වහාම මේ ජරා පුරුද්දෙන් මිදෙන්න කියන්න .... සේවයක් කරන්න ඇහැරිලා ඉන්න එපැයි.

      Delete
  3. මාතලන් උන්නැහේ...
    හිටන්තුමා අගමැතිකමින් පහ කොරලා රනිල්තුමාගේ බොක්ක සෝදයිදෝ?

    මොනා උනත් ඒ වගේ සක්කිලි වැඩ ස ර ස තුමා අනුමත නොකරමි!

    පොඩ්ඩක් අවදියෙන් ඉන්නවා හොඳයි.... අද කල යුතු දේ හෙට කල් නොදමනු!

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ. එහෙම දෙයක් තමයි වෙන්න යනවා වගේ පේන්නේ.. මහින්ද එක්ක ආයේ සෙට් උනත් පුදුම වෙන්න දෙයක් නෑ..

      Delete
  4. අම්මපා මුලු රටේම තියෙන වැදගත් තනතුරු කයිවාරුකාර පුස් පඟරනැට්ටන්ගෙනුයි මෙලෝ වැඩක් බැරි චාටුකාරයොන්ගෙනුයි අමුම අමු ගොබ්බ කොමිටල් ගෑනු පිරිමෙන්ගෙනුයි පිරිල යනහැටි අපිටත් බලන් ඉන්න වුණානෙ දෙවියනේ. ඉස්සර මරා කල්ලිය ප්ත්කරපු ගොබ්බයෝ යාලුවෝ නෑදෑයො පන්දම්මුන්ට බැන බැන හිටපු අපිට දැන් අපිටම බැනගන්න සිද්දවෙලා.

    //ඒ අස්සේ අළුතෙන පත් වෙන්න යන ජෝකර් කෙනෙකුත් පට්ට ජෝක් එකක් දාලා තියෙනවා අද උදේ බුකියෙන් දැක්කේය. ඒ මෙතක් කලක් අල්ලන්න බැරි උන හොරු ඔක්කෝම අල්ලනවාය කියලාය. එයාගේ කතාව අනුව අපට නම් පෙනෙන්නේ මෙච්චර කල් හොරු අල්ලන්න බැරි උන එකම හේතුව හිටපු පොලිස්පතිය කියලාය.

    මොකෝ එයා ඇර වෙන එකෙක්වත් වෙනස් උනේ නැති නිසාය. නීතීපතියා ආවෙත් ඔහොමය. මහින්දගේ කාලයේ පොලොස් මාද්දිය ප්‍රකාසක කියලා එක්කෙනෙක් ජෝක්ස් දදා පට්ට ආතල් එකක් දුන්නේය. දැන් ඒ මදි පාඩුවටත් එක්ක. පොලිස්පති කෙනෙක්ම ඇවිල්ලාය. "පැරා" බුකියේ කිව්වා වගේ පූජිත මෙන්ඩිස්ට පස්සේ අපිට ඒ නමම තියෙන ජෝකර් කෙනෙක්ගේ ආතල් බලන්නත් ඉඩ තියෙනවාය.

    අළුත් පරපුරේ උන් පොලිස් කෝළම දැකලා නැත්නම්. ඕන් පොඩි උන්නේ, උඹලාට ඉස්සරහට පොලිස් කෝලම බලා ගන්න ලැබෙනවාය.//

    සම්පූර්ණයෙන්ම එකඟයි මාතලන්

    අලුත් පොලිස්පති උන්නැහේ පුදනකොටම කාපි යකා කියල කටින් බතල කොල හිටවන්න නම්දරාපු උත්තමයෙක් කියල පෙන්නවල තියෙනව. ඇත්තටම දැන් තමයි තේරෙන්නෙ හිටපු පොලිස්පති ඉලන්ගකෝන් කියන්නෙ කොයිතරම් වැදගත් මහත්මයෙක්ද කියල. ඔහු එස්ටීඑෆ් එකෙන් ලබාගත් විනය, හික්මීම වෙන්නැති.

    දැන් ඉතින් මාද්දිය පොරකාසෙයයි පොලිස්පතියයි තර්ඟෙට ආතල් දේවි. හනේ හෆොයි වෙච්චි දෙයක්.

    එජාප-සංධාන-ටීඑන්.ඒ-ජවිපෙ-මු.කො බලුපූට්ටු ආන්ඩුවේ ගොන් පාටුයි, එකාබද්ද මලදානේ කොමිටල් එක්ක ජවිපෙ වෙනම දාන ගොබ්බ පාට් වලිනුයි උඹලට ආතල් වුණාට අපිටනම් වෙන්නෙ අපේ පිත ඇවිස්සිලා ආයුස අඩුවෙන එක.

    ReplyDelete
    Replies
    1. ළෝකෙන් උතුන් රට ලංකාවයි...
      ලංකාවයි බොල ලංකාවයි..
      ළෝකෙන් උතුන් රට ලංකාවයි...
      අම්මට සිරි මේ ලංකාවයි..

      Delete
    2. ලෝකෙන් උතුම් රට ලංකාවයි- ඒකෙන් වැඩක් නැත මුං කෑවයි...

      Delete
  5. මාතලන්, හැන්දෑවට මලක් ගහමුද?
    ඕව සේරම අමතක වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වියදමත් ඉතිරියි බං හැන්දෑවට ටැලිවිසොන් නිව්ස් බැලුහාම...

      Delete
  6. Replies
    1. Point nemei machan Joint ekak dala wedi seeni plain tea ekak gasala doyya ganin. Ethakota point eka point out wewi. :D

      Delete
  7. Replies
    1. The point is හිරුණිකාගෙ බුරිය

      Delete
    2. What about හිරුණිකා's "Hiru" mark Knicker (Hiru-Knicker) ?

      Delete
  8. හිටං මහත්තයා හීනෙන් දොඩවනවාද මන්දා. ජනාධිපතිකම කරන්නේ කොහොමද කෙසේවෙතත් ජනාධිපති කෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියන එක මරාගෙන්වත් ටියුෂන් ගන්න වෙයි. පෙර පිනකටද කොහෙද සෝභිත හාමුදුරුවෝ කලින්ම අපවත් උනේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් පින්ඩපාතෙට වහ වළඳලා අපවත් වෙන්නේ....

      Delete
  9. පහුගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා චන්දෙ දාන්න මගෙන් වියදම් වෙච්චි මුදල අපරාදේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් අපරාධයක් නෙමෙයි.... ඒක තිබුනා නම් මීට හපන්... එහෙනම් මේ පරිප්පුවම කන්න වෙනවා කට වහගෙන... අද අඩු ගානේ අඬන්න හරි පුළුවන්...

      Delete
    2. // පහුගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා චන්දෙ දාන්න මගෙන් වියදම් වෙච්චි මුදල අපරාදේ.. //

      අයියෝ සල්ලි!

      Delete
    3. එකම වෙනස - රජ නාඩගමට වඩා නිකම්ම විකට නාට්‍යය තාම ටිකක් හොඳයි

      Delete
    4. "තාම ටිකක් හොඳයි"

      හොඳ කොයි හරියෙන්ද කියල කියපන්. රෙද්ද.

      මේ මල හෝන්තු විකට නාඩගංකාර හැතිකරේ "තාම ටිකක් හරි හොඳයි" කියන්නෙ එක්කො උපතින්ම මන්ද බුද්ධික මොන්ගල් අපතයෙක්. නැත්නම් මුන් එක්ක එක පතේ හොරාකන ජුගුප්සාජනක කාල කණ්ණියෙක්. හිටපු පාදඩ කාලකණ්ණි හොර හැත්ත තව හොඳයි මේ අමුම අමු ගොබ්බ කේප්ප මීහරකුන්ගෙ අමුම අමු ගූ වැඩ දැක්කම.

      Delete
  10. මිනිස්සු උදේට පත්තරේ බලනවා රට යන අත මොකක්ද කියල දැනගන්න.

    ගෙවුන දවසෙ රටේ මොකක්ද වෙලා තියෙන්නෙ, රටේ ඉදිරි ආර්ථික සැලසුම් මොනවද, කැබිනට් තීරණ මොනවද.. ඕවා දැනගන්නයි පත්තරේ බලන්නෙ.

    වැඩේ කියන්නෙ අපේ රටේ ඒ තීරණ අරන් ඒවා මෙහෙයවන්න ඕන එකාත් ඒවා දැනගන්නෙ පත්තරෙන්ලු.

    මෙහෙම ගියොත් වැට් බද්ධ වැඩි කල එකත් පත්තරෙන් දැනගත්තා කියල කියයි ශුවර්

    මූ බලයට ආපු ගමන් පරණ උන් ටිකවම ආයෙගත්තා. කොහොම හරි දැන් අලුත් ආණ්ඩුවක් කියල තියෙන්න පරණ මූණු ටිකමයි. මහින්දටම ආවේණික මරුමුස් වැඩ ටික ඇරුනම කිසිම වෙනසක් නැහැ. රට යන අතක් හිතා ගන්න බැහැ.

    රට හදන්න කියල අපි බලයට ගෙනාපු එකාට ඕන වුනේ රට හදන්න නෙමේ, පක්ෂය ආයෙ හදාගන්න. මුල ඉඳලම බණ්ඩාරනායකගෙ අම්මගෙ රෙද්දක් කියෝ කියෝ ඉද්දි ලාවට වගේ හිතුන මූ පක්ෂයක් නිසා රටටම කෙළවයිද කියල.

    කෝම හරි ඒක වුනා. පක්ෂය වෙනුවෙන් රටට කෙළෙව්වා. පක්ෂය බේරගන්න නාමයෙන් ඔක්කෝම හොරු ටික ආයේ ආණ්ඩුවට ගත්තා. විධායක ජනාධිපතික්‍රමයත් අහෝසි.. ආ සොරි.. ඒක වුනේ නෑ.

    මම මේ ආණ්ඩුව තුළ දකින වැදගත්ම වෙනසක් තියෙනවා හැබැයි. සාමාන්‍යයෙන් රටට ජෝක් සපයන්නා වන රනිල් වෙනුවට දැන් ජෝක් සපයන්නා වෙලා තියෙන්නෙ අපි පත් කරගත්ත එකා.

    ඒ අතින් හරි අපේ ජනපති ඉදිරියෙන් ඉන්න එක ගැන සතුටුයි. කෝම හරි ගිය ඡන්දෙ ලං වෙද්දි මහින්දයා කියන කියන එක ආපහු උගෙ පැත්තටම කැරකිලා ඇවිල්ලා ඌට කෙළ වුනා. ආණ්ඩු බලය ගත්ත දවසෙ ඉඳල ගමරාළට උනෙත් ඒක.

    කොච්චර පිස්සු කෙළියත් අපේ වෙලාවට වැඩ කරන ජනපති චන්ද්‍රිකා රට ඉස්සරහා ජෝක් එකක් වුනේ නෑ. මොන දහං ගැටේ දාලා හරි, මොකක් හරි කියලා බොරුවට හරි ආත්ම ගෞරවය බේර ගන්න දන්නවා ඒ ගෑණි (වෙන මුකුත් බැරි වුනාට)

    ගමරාළයාට ඒ අතින් මුකුත්ම බෑ. ප්ලෑනක් නෑ, අනාගතයක් නෑ, පාලනයක් නෑ. තියෙනවා කියල මෙච්චර බූරු ජනතාවක් වෙච්චි අපිව අන්දගන්නවත් බෑ.

    ගමරාළ හැම අතින්ම ෆේල්.

    ReplyDelete
  11. To VAT or not to VAT? හැම්ලට්ට වුනදේ ආණ්ඩුවටත් වෙයිද?

    ඉස්සර ජනාදිපති කෙනෙක් හිටියා ඔක්කොම අන්පොපියුලර් දේවල්වලට ඇමතිලට බැණුම් අස්සන්න සලස්සල තමා හොඳ වුන. එහෙමනැත්නම් වන්දිබට්ටො ලව්ව ආර්තික ගාතකයො ගැන කියෙව්ව. අන්තිමට මිනිස්සුන්ට මතකනෑ කාගෙ වැරැද්ද කියල. හැබැයි වැඩිපුර මිස්ටේක්ස් වුනත් ඒ කාලෙ කරන්න ගත්ත මගුලක් කලා මොකා මොනව කිව්වත්. ආර්තිකේට කෙලවෙලා තියෙන්නෙත් ඒ නිසා තමයි. හැබැයි කොරන්න ගත්ත දේ කලා

    දැන් ජනාදිපති ඉන්නෙ ඉරේසර් එකේ වැඩේ කරන්නද? කරන්න යනවා නොකර ඉන්නවා දානවා ආපහු ගන්නවා අන්තිමේදි බැක් ටු සීරෝ. බෙරේ පලුවකුත් නෑ

    ReplyDelete
    Replies
    1. // දැන් ජනාදිපති ඉන්නෙ ඉරේසර් එකේ වැඩේ කරන්නද? කරන්න යනවා නොකර ඉන්නවා දානවා ආපහු ගන්නවා අන්තිමේදි බැක් ටු සීරෝ. බෙරේ පලුවකුත් නෑ //

      ඒ අස්සෙ ඉන්දියාව පාපිස්සෙන් අදිනවා කියලත් ආරන්චි පැතිරෙන්නේ...

      Delete
    2. රජයට බරක් නොවී රජයේ ජනප්‍රිය පාසැල් බලුපොරයට නොවැටී පුද්ගලික පාසල් වලට මුදල් ගෙවමින් තම දරුවන් යවන දෙමව්පියන්ට, රජයට බරක් නොවී පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ටික ගන්න ලෙඩ්ඩුන්ට, කිසිදු බදු ප්‍රතිපත්තියක් තබා කොමන් සෙන්ස්වත් නොමැති රජයක් විසින් ගන්න ලද අමුම අමු ගොබ්බ ඕලමොල නැති ඔලමොට්ටල තීරණයක් ලෙස VAT බදු රෝහල් ගාස්තු සහ පුද්ගලික අධ්‍යාපනයට පැටවීමෙන් පෙනේ. මෙමගින් පහල මධ්‍යම පන්තිය නැවත නැවතත් රජය මගින් නොමිලේ ලබාදෙන මෙම සේවා වෙත යොමු වෙනු ඇත.

      මේ අයුරින් බලන විට සෑමවිටම කාලකණ්ණි රාජපක්ෂ රෙජීමයට බැන බැන මෙම ආණ්ඩුවේ දහසකුත් එකක් වැරදි වසා දමන්නට උත්සාහකරන උන්ට තව දුරටත් විලි වසා ගැනීමට රෙදි කප්පරකුත් තවත් ටිකක් උවමනා වනු නොඅනුමානය. මෙම පුද්ගලික අද්යාපන හා රෝහල් සේවා ලබා ගන්න අයට එදා වේල සදහා සුලු ව්‍යාපාර, ටැක්සි, වෑන්, ත්‍රීවීල් දුවන අය පවා ඇතුලත් විය හැක. එමෙන්ම මීට කලින් Telecommunication Levy හදුන්වා දුන්නේ VAT බද්දට විකල්පයක් ලෙසට බවද මොවුන් අමතක කර ඇත. විදුලි සංදේශ සදහා බදු පැනවීම මගින් Whats App, Viber, Skype වැනි ක්‍රම වලට ජනයා යොමු වීමෙන් තව දුරටත් රජයේ ආදායම පහල යනු ඇත. නමුත් සැමට එක විකල්පයක් තිබේ ඒ අන්ත දූෂිත කාලකණ්ණි රාජපක්ෂ රෙජීමය නමැති මුවහමට තඩි බාමින් ඇඟ බේරා ගැනීමයි.

      Delete
    3. ආඬි හත් දෙනාගේ කැඳ හැලියට උනෙත් ඕකමලු නේ... අන්තීමට එකෙකුටවත් කැඳත් නෑ...

      Delete
  12. ඇල්ලුවොත් කවුද මාමා රට කරන්නේ...... දැන් ඉතින් නෙලුං සෙට් එකටවත් රට කරන්න යන්න වෙනවා... ඇයි අලුත් පොර හෙට අනිද්දා ම අර පොකුණ මැද මාලිගාව වටලනවානේ...... බඩුම තමා....

    ReplyDelete
    Replies
    1. ආටක නාටක බල බලා ආතල් එකේ ඉන්න එකයි තියෙන්නේ...

      Delete
  13. වැස්සක් එනවා වැස්සක් එනවා මට ඉක්මනට යන්න ඕන

    ReplyDelete
    Replies
    1. හා සෑර් ගිහින් එන්න හිටං

      Delete
  14. ජනතාව විසින් ඉල්ලා සිටින්නේ මෙවැනි තමන් රුවටෙන බව පෙන්වමින් ඔවුන් ලවා තමන්ගේ එදිනදා වැඩ ටික සදහා යම් උදව්වක් ලබාගැනීමට හැකි පුද්ගලයින්වය. ඔවුන්ට අවශ්‍ය දේශපාලකයින්ව රුවටීමටය, තමන්ගේ දරුවා පාසලකට දමාගැනීමට, දරුවකුට රස්සාවක් සොයාගැනීමට හෝ තමන් චන්දය දෙන පක්ෂය මොන මගුලක් කරමින් හෝ රට පාලනය කිරීමෙන් තමන්ට තෘප්පතියක් ලැබීමට.

    ඒ වාගේම මාධ්‍ය කාරයේ පත්තර වල දාන්නේද නිවුස් වලට දෙන්නේද දේශපාලකයින් කියන කතාවල හරයක් ඇති කොටස නොව ජනතාවට කතාකර ආතල් එකක් ගතහැකි කොටස් ටිකය. ඒ අනුව දවසින් දවස ටීවී එකේ යන කතා සෙට් එකට අනිත් එකා මොන හෝ කියන බයිලයක් ටීවි එකේ දානවාය. මිනිස්සුන්ටත් අවශ්‍ය ගෙදරගියාට පසු නින්ද යනකම් කරන්න දෙයක් නැතිනිසා ටීවී බැලිමටය, තරුණ පරපුරනම් නිවුස් බලන්නේ නැතිය ඔවුන්ට පෙස්බුක් තියෙනවාය, සමහර දේශපාලකයින් කියන කතා ජොක්ලෙස පෙනුනාට ජනතාවට එවැනි කතා අසන්නේ නැතුව අද ජිවත්වන්නට බැරිය. එබැවින් ජනතාව සෑමදිනකම කවුරුන්හෝ විකාර වැඩක් කරනතුරු හෝ ජොක් කාරයකු වනතුරු බලා සිටිනවාය

    එලෙස බලා සිටින්නේ ජිවත්වනතුරු දවස් ගෙවා දමන්නටය, තමන්ගේ අවුල පිට කෙනෙකුගේ ප්‍රශ්නයක් ලෙස වටහා ගැනීමටය, තමන්ට කෙලවී තිබෙන්නේ තමන් අනුන්ගේ ජොක්වලට හීනා වෙමින් උන් පස්සේම ගිහිල්ලා ගැටයකට අසුවී සිටින බව තේරුම් ගෙන එය වෙනස්කර ගැනීමට මැදිහත්වන තුරු ඉදිරියටත් මෙලෙසම සිටිමට වෙනු ඇත. අතීතයේදී දිනපතා මියගිය ගණන දෙසද, අද දිනයේ කවුරු හෝ ජොක් එකක් කරන තුරුද, අනාගයේදී තවත් මෙවැනීම දෙයක් වනතුරු බලාසිටිනකම්ම ජනතාවට අඹසරණය.....

    ReplyDelete
    Replies
    1. බහුතර ජනතාවක් ඔබ කියන මතයේ නම් නෑ...

      Delete
  15. ඔහොම යන්....උදේට ඉර නගිනවා සවසට ඉර බසිනවා නම් අවුලක් නැනේ හෙටත් ඔහොමයි..එහින්දා ඔහොමම යන් ලමාතන්

    ReplyDelete
  16. Maathalan, Koheda aluth IGP ge prakashaya thibbe? link eka denna puluwanda?

    ReplyDelete
    Replies
    1. බුකියෙ කොහෙද බං ලින්ක්ස් හොයන්නේ... ඔන්න බොගක තිබුනා නම් දාන්න තිබුනා...

      Delete
  17. Maathalan, Koheda aluth IGP ge prakashaya thibbe? link eka denna puluwanda?

    ReplyDelete
  18. තන්තෝසයි බං තන්තෝසයි...
    අදත් ගහන්න ඕනේ කරටි කැඩෙන්න. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. අපිටත් මාර තන්තෝසයි....

      Delete
  19. machan mekata R Premadasa yam durakata waga kiyanna.. Lalith wage minihekwa eelanata udata ganna lasthi karala thibba nam rata me taram wala pallata yanne na... Ranil kiyanne gobba hukannek.

    ReplyDelete
    Replies
    1. In my opinion, Upali Wijewardhana is the best probable leader produced by the UNP to develop the country. The next is Lalith Athulathmudali. Unfortunately both of them departed before becoming a national leaders. Premadasa was efficient & hard working leader whom understood the needs of the poorest half but he could not inspire the professionals and the educated middle class due to his lack of education and knowledge. Rajapakse & Premadasa both had quite similar characteristics despite the family background and the large family tree, relatives and friends of MR regime who intervene the state activities in a substantial level as opposed to the Premadasa Regime. Both MS & RW are inefficient and not charismatic enough to lead a struggling nation in to substantial height. Instead, we need to find out a new leader with sufficient leadership skills in order to replace of this useless muppets and clowns.

      Delete
    2. ඉංග්‍රීසි බැරි හීනමාන සිංහලයෝ තමයි රනිල් උගතා කියන්නේ. හරි හැටි ඉංග්‍රීසි දන්නා ලෝකේ පිලිබඳව ශාස්තීර්ය දැනුමක් තිබෙන අය දන්නවා රනිල් කොයි තරම් ගොන් හරකෙක් ද කියලා. මේ ලඟදි ලංකාවට ආපු IMF කණ්ඩායමේ සුද්දෙකුත් රනිල්ගේ ආර්ථික නුගත්කම ගැන ප්‍රසිද්ධියේ අදාස් පල කරලා තිබුනා.

      Delete
    3. රනිල් හරකෙක්ද නැද්ද කියලා අනාගතේ තීරණය කරයි...

      හැබයි ඉතින් අතීතය ගැන කතා කරලා නම් කිසි සෙතක් වෙන්නේ නෑ..

      Delete
  20. මාතා මට මතක් උනේ මේකේ මාතෘකාව දැක්ක ගමන් සරසා තුමා කොමෙන්ටුවකින් මිට පෙර කියපු දෙයක් ඒතමයි කැබිනට් රැස්වීම අපේ හිටන් තුමාට නොතේරෙන ඉංගිරිසියෙන් කලාද කියල කවුද දන්නේ ?
    ඇත්තටම රටකට ගිය කලක් තවම හරියට අය වැය ඉන්දිරිපත් කලේ නෑ හැබැයි බොරු කයිවාරුව.

    මාතා ඔන්න කිව්වා තව මාස 2කයි සති 2කයි තියෙන්නේ මේ රටේ මිනිසුන්ට ඇත්ත හරියට තේරෙන්න (ඔන්න මේක කිව්වේ ඉන්දික තොටවත්තාගෙන් අහල නෙමේයි ) පුලුවන්නම් රුපියල් ඩොලර් වලට මාරුකරගන්න ඔබට එසේ කලොත් සැබෑ වෙනසක් තේරෙයි හැබෙයි එහෙම නොකලත් සැබෑ වෙනසක් තේරෙන්න හොදටම ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම මාස 2 යි සති 2 කින් අපිට අමතක උනත් උඹ අපිට කියපන්කෝ මක්කයි උනේ කියලා...

      Delete
  21. පොඩ්ඩක් හිටහන් බං ජනතාව කල්පනා කරන්නේ ගාල්ලේ යනවද කිල්ලපනේ යනවද කියලා..

    ReplyDelete
    Replies
    1. මම නම් අංගොඩ යන්න හිතාගෙන ඉන්නේ...

      Delete
  22. // පොඩ්ඩක් හිටහන් බං ජනතාව කල්පනා කරන්නේ ගාල්ලේ යනවද කිල්ලපනේ යනවද කියලා.. //

    ඔන්න ඔහේ ඕනෙ පුxක් කියලා කිල්ලපනේ ම යන් මචන්!

    ReplyDelete
    Replies
    1. ඔව් සරසෝ....මෙහෙම ගියොත් ඉතින් කිරුළපොනෙන් කුණු මෝලටත් ලඟයි. මම සරස මචංට නෙමේ කිව්වේ ලොක්කා මචංට. ඔව්..ඔව්...ඒ ලොක්කට තමයි.

      Delete
    2. //කුණු මෝලටත් ලඟයි //

      අනේ අරු සීයේ...
      දැන් එතන කුනු මෝලක් නැත...
      "කුනුමෝල වත්ත පාර" "නාමල්වත්ත පාර" ලෙස රිබ්‍රෑන්ඩින් කොරන ලදී!

      Delete
    3. සරස....ඇත්තටම එතන කුණු මෝල නැද්ද?????

      Delete
    4. // සරස....ඇත්තටම එතන කුණු මෝල නැද්ද????? //

      http://wikimapia.org/#lang=en&lat=6.880026&lon=79.878062&z=18&m=h

      Delete
    5. සරස........මොකද මරා ලොක්කා 23 බැංකොක් යනවයි කියන්නේ....ඔයිල් ඩීල් එකක්ද? මුන් අඩු නොකරන එකේ ලොක්කාවත් මොකක් හරි ඩීල් එකක් දාගෙන ආවොත් ලොකු දෙයක් අප්පා.. පයි මැලවෙනිදට ඉස්සෙල්ලා එයිනේ නේද? ලොක්කා නැතුව කිල්ලපනේ ගිහිල්ලා වැඩකුත් නැහැ....ඒකයි නිකමට ඇහුවේ?

      Delete
    6. ලොක්කා මාරු වෙන්න වගේ යන්නේ... මොකෝ හයිඩ් පාක් ගියා කියලා මක්කත් උනේ නෑ නේ... ක්ලයිමැක්ස් එකෙන් පස්සෙ ආයෙත් සෙට් වෙන්නේ එහෙම එකෙක්..

      Delete
    7. ////ඔන්න ඔහේ ඕනෙ පුxක් කියලා කිල්ලපනේ ම යන් මචන්!////

      වෛද්‍යවරු කුණුහරුප කීම හොඳ දෙයක් නෙවෙයි.

      Delete
  23. අනේ මන්ද මාතෙ රට පෙරටද? රිවස් එකට යනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. රිවර්ස්... රිවර්ස්... පොඩ්ඩක් බලහන් තාප්පෙට කෙල වෙයිද කියලා...

      Delete
  24. ///////රසවත් ටෙලියක් ඇත්තේම නැති තරම්ය.//////////

    ගොළු තාත්තා හොඳයි.....මද්දහන හොඳයි බලන්න වටිනවා සත්තකින්ම.

    ReplyDelete
    Replies
    1. ගොළු තාත්තා නම් මළ ජරාවක්....

      Delete
    2. අපෝ ඔයා වගේ වෙළද දැන්වීම් වලටත් අසවල් වැඩේ වෙන කුනුහරුපයන්ට හොද වෙන්න නම් ඉතින් ටෙලිනාට්‍ය ස්වාසිලන්තේ වගේ බලුකිස්තාන් ඝනයේ තැනක හදල ගෙන්න වේවි.
      චික් කුණුහරුප ඩ්‍රයිවරයා.

      Delete
  25. රාජිතයා කියන හැටියට මේක "රොබින් හුඩ් වැට් "ගැහිල්ලක්ලුනේ. පුද්ගලික පාසල්වලින් එන වැට්එක රජයේ පාසල් වලට දෙනවාලු. පුද්ගලික රෝහල් වලින් එන වැට් එක රජයේ රෝහල් වලට දෙනවාලු . මේ විදියට අනිත් ඒවාත් බැලොන්ස් කොරලා අය වැය නිකම්ම බැලන්ස් වෙන්ඩ හැරිටයනං ඔය පාර්ලිමේන්තුව ඕනනෑනේ .

    ReplyDelete
    Replies
    1. හැබයි අන්තීමට වෙන දේ ගැන නෝ කතා... හිඟන්නන්ගෙන් අරගෙන එයාලා ඉස්මුරුත්තාවටත් එහා කන එක...

      Delete
  26. ඇත්තටම පුදුමයි රටේ ජනාධිපතිට රටේ ප්‍රශ්ණ පේන්නෙ නැති එක. පේන්නෙ නැද්ද නැත්නම් පේන්නෙ නෑ වගේ පත්තරේ බලාගෙන ඉන්නවද දන්නෑ. රටේ විපක්ස නායක ෆෙඩරල් ඉල්ලනවා සද්ද නෑ... ඇමතිවරු වැරදි කරනවා සද්ද නෑ... මිනී මරණවා සද්ද නෑ... බූරියානි හැදුවම මදෑ.. ආ ඇයි අධි වේගී, අධි ධාරිතා ‍ෆ්‍රී වයි-ෆයි සේවය ලබා දුන්න එකටත් රොම්බ තෑංක්ස් කියන්ඩ ඕනි..

    ReplyDelete
    Replies
    1. අමු බොරු නේ බං... දැන් ඔය කියලා බද්ද වෙනස් කරනවද...? ගමේ ගියාම වැල් බයිලා ගහනවා... කොළඹ ඇවිල්ලා වෙන මඟුලක් කරනවා...

      Delete
  27. අළුත් පොලොස්පති තුමා ගේ දක්ෂතාවේ පැය 6ක් එක දිගට කතා පැවැත්වීමය කියන්නේ. මගේ කම්පනාව ඉයර්ප්ලග් බිස්නස් එකක් පටන්ගන්නයි.

    ReplyDelete
    Replies
    1. හොඳ සෝභන කාරයෙක් කියලා නම් පේනවා...

      Delete
  28. කෙසේ නමුත් ගරු අමාත්‍ය ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිඳුන් ඉතා තර්කානුකූලව කරන මෙම පැහැදිලි කිරීම බලන්න.

    මෙන්න ක්ලිප් එක.

    බලන්න එතුමා අවම වශයෙන් රටට රු. ලක්ශ 100කට වඩා ඉතිරි කර දී තිබෙනවා. ඇත්තෙන්ම අනෙක් මහජන නියෝජිතයිනුත් මෙහෙම හිතුවොත් මෙම බදු බර ටිකක් හරි අඩුකරගත හැකියි.

    ReplyDelete
    Replies
    1. එයාම නේද බැන්ස් එකක් ඉල්ලලා තිබුනේ...

      Delete
  29. යහපාලන රජයට දැන් සල්ලි නැත. ඔවුන්ට සල්ලි දෙන අයකු ද නැත. බටහිර හා ඉන්දියාව තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරති. ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජනයාගෙන් මුදල් ණයට ගැනීම පමණකි. වැට් බද්ද වැඩිවීමත් සමග බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නො හැකි ය. ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි ය. ඒ අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි.

    ආණ්ඩුවට චීනයේ පිහිට පැතීමට සිදු වී ඇත. එකල චීන ආධාර ගැන රනිල් චී කීවේ ය. ඔහුට චීනය යනු චී ණය විය. ඔහු රාජපක්‍ෂ රෙජිමය චීනයට රට විකුණන බවට ලතෝනි දුන්නේ ය. වරාය නගරයෙන් වන පරිසර දුෂණ, මුහුදු කෑම ගැන චම්පකලා බෙරිහන් දුන්හ. අද රනිල් චී ණය ලබාගැනීමට මහින්දගෙන් උපදෙස් ගෙන ඇත. වරාය නගරයෙන් දැන් පරිසර දූෂණය නොවන බවට රනිල් වගබලාගෙන ඇත. ඒ සඳහා කාගේ දෝ විශේෂඥ වාර්තාවක් ද ඔහු සතු යැයි පවසයි. වරාය නගරයේ වැඩ අවුරුද්දකට වැඩි කලක් නවතා දැමීම නිසා අපට චීනයට කොතරම් වන්දියක් ගෙවීමට සිදුවේවි ද? වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපට මිස රනිල්ට හෝ රවි කරුණානායකට හෝ නො වේ.

    බටහිර හා ඉන්දියාව රනිල් සමග මිතුරු යැයි කීව ද ඔවුන්ගෙන් අපට ආධාර නො ලැබෙයි. දූශිත අශීලාචාර මරා කල්ලිය ඔවුන්ගෙන් ලබාගත් ප්‍රමාණයවත් ඔවුන්ගෙන් ලබාගැනීමට රනිල්ට නො හැකි ය. අද අන්ත දූෂිත මරා කල්ලියේ ප්‍රබල දූශිතයින් රැසක් (දේශපාලකයින්ටත් වඩා වෙනත් තක්කඩි ව්‍යාපාරිකයින්/ නිළධාරීන්) රනිල් සමග ය (මෙහි මෛත්‍රිපාලගේ පාලනයක් නැත. ඔහු නාමික ජනාධිපති කෙනෙකි).

    ජනමාධ්‍යයට පනවා ඇති තහංචි දන්නේ ජනමාධ්‍යකරුවන් ය. රනිල් කිසිවකු නොකළ අන්දමට පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කරයි. ඒ භිෂණය නො වේ ද? ඇමතිවරුන් අතර දූෂිතයන් ඇති බව හෙළිදරවු වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැයි කියූ එතනොල් මන්ත්‍රී අද ඇත්තේ කොහේ ද? මහා බැංකු කොල්ලය ගැන ඊනියා දූෂණ විරෝධීහු නිහඬ වෙති. ආර්ථිකය කඩා වැටෙමින් ඇත.

    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල හා ඔහුගේ වන්දිභට්ටයන් ගාල්ලේ දී හමුවන්නේ ශ්‍රී. ල. නි. ප. මිය ගොස් නොමැති බව පෙන්වීමට ය. ඒ රැළියට සෙනග ගෙන ඒම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට යන බව සැළ ය. ඇතැම් විට එ ජා ප මෙන් ම ඉන්දියාවද රැළියට ආධාර කිරීමට ඉඩ ඇත. කොපමණ මුදලක් වියදම් කළත් ශ්‍රී.ල.නි.ප. නැවත ඉපදවීමට නො හැකි ය.

    ReplyDelete
    Replies
    1. //////යහපාලන රජයට දැන් සල්ලි නැත. ඔවුන්ට සල්ලි දෙන අයකු ද නැත. බටහිර හා ඉන්දියාව තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරති. ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජනයාගෙන් මුදල් ණයට ගැනීම පමණකි. වැට් බද්ද වැඩිවීමත් සමග බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නො හැකි ය. ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි ය. ඒ අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි. /////////////

      ඇනෝගේ කමෙන්ට් එකේ මේ කොටස තමයි අද රටේ තත්වය. මේ සත්‍යය අපීට පිලිගන්න වෙනවා. අපේ ජනතාවට කර ගහන්න වෙන්නේ දශක හතරක හෝ පහක වවපු අස්වැන්නයි. බොහෝ කාලයකට පෙර මෙවැනි තත්වයකට මුහුන දුන් අවස්තාවන්හිදි තායිලන්තය වගේ රටවල් වල පුරවැසියන් කෙරූ පරිත්‍යාගයන් ගැන යම්කිසි මතකයක් තිබේ. අපේ පාලකයින්ගේ බඩජහරි දේශපාලනය නිසා ඇතිවී තිබෙනා මෙවන් තත්වයකට පුරවැසියා වන්දි ගෙවීමට සුදානම් තරම් දේශප්‍රේමිත්වයක් මේ අවස්තාවේ ඉලිප්පී එයිදැයි සිතීම අපහසුය. පාලකයින් ඒ වෙනුවෙන් කරනා කැපවීමක්ද නැතිබව ඇස් පනාපිට පෙනේ. කැපවීම් කෙසේ වෙතත් ඒවා දිරිමත් කිරීමේ අනුමත කිරීම්ද පෙනේ. උදාහරන ඕන තරම්.

      විපක්ෂයට අවශ්‍ය වන්නේ කුමක්ද? විවේචනය විය යුතුය. පක්ෂ පවතිනේත්ත්, පුද්ගලයින් පවතින්නේත් පවතින ණය උගුලෙන් රට ගලවා ගැනීමෙන් පමනි. දැන් කඉඅ යුත්තේ කුමක්ද? ප්ලිලිතුර ඇත්තේ ආර්තික පකීර්ලා සහ දේශපාලන පකීර්ලා අතය. පෙරලා දමනවා නම් පෙරලා දැමිය යුත්තේ රට හෝ පුරවැසියා නොව මේ උගුලය. නගා සිටිවිය යුත්තේ රටක් වල පල්ලට දැමු අපතයන් නොව, රටට අවම වශයෙන් හෝ හුස්ම පොදක් දිය හැකි වැඩ පිලිවෙලක්ය. අහෝ අපි!!!!!!!

      Delete
    2. අප කරන්නේද දන්නා තොරතුරු මත අපේ අදහස් අකුරු කිරීම පමනය. විසඳුම් ඇත්තේ තකතීරු පාලකයින් අත නොව, උගත් බුද්ධිමත් ක්‍රම සම්පාදකයින් හා ආර්තික විශේෂඥයින්ගේ උපදෙස් මත පිහිටා තීරන ගන්නා පාලකයින් අතය. අපේ අවාසනාවකට මේ සියල්ලක්ම පෙනී සිටින්නේ තම පෞද්ගලික අභිමතාර්ථ සහ පටු පක්ෂ අරමුනු වෙනුවෙන් පමනක්ම වීම බව, මෛත්‍රී-චන්ද්‍රිකා -මහින්ද මෙන්ම රනිල් ඇතුලු ගැන්සියද, වම, දකුණ මෙන්ම ද්‍රවිඩ-මුස්ලිම්-කතෝලික යන ආකාරයෙන් ගොබ්බ දේශපාලන හෝ අදේශපාලනික සංවිධානද නොදන්නවා නොවේ. නොදන්නේ යටහත් පහත් පොන්න පුරවැසියන් වන අප පමනි.

      Delete
    3. ඇත්තටම සිඳු වුනේ පුදගල වෙනසක් පමණයි... මිනිසුන් ප්‍රාර්ථනා කල ක්‍රමයේ කිසිම වෙනසක් සිඳු වෙලා නෑ.. මහින්ද ගාව හිටපු හොරු ටික මෛත්‍රි ගාව ඉන්නවා.. ඒ ගොඩට රනිලුත් එක්කාසු වෙලා.. දැන් නිකන් නයි කයිද රෝස්පාන් වගේ පාන්ඩුවක් තියෙනවා.. එකාට එකා පන බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ කෙලීද කියලා...

      Delete
  30. මම නම් දැන් ඉන්නේ සමාන්තර ලෝකෙක , මෙහෙ තාම ජනාධිපති මහින්ද , ෆුල් මාවලස් ඕයි .

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි බං රටම ඉන්නේ ඒ ළෝකේ... ඊයෙත් දැන් ඉන්න එක්කෙනා මහින්ද ගැන ටෝක්ස් දෙන්නේ...

      Delete
  31. ඔය වෙල්ගමගේ සීන් කෝන් එක නං මෙහෙම මෙව්වා එකක්. පොර ආසයි. ඒ වුණාට බෑ. ඒ වුණාට කැමතියි වලා කියලා පෙනී ඉන්න. ඒ වුණාට ඉතින් මතුගං පැත්තෙ නං එයා ගහපු ගැහිල්ලක් නැහැ. කාටත් පුළුවන් හංකඩ තමයි එයා මහ ලොකු ගැහිලි විදියට පෙන්නන්නෙ. අපි නො දන්න කෑලි. අන්න ඒකට සමරසිංහ. මෑන්ස් ගහනවා ලෙවල් එකකුත් නැතිව. හැබැයි කයිය ගහන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතා කියන්න එපා මචෝ... මහින්දලා කොහොමත් වැඩ කාරයෝ නේ.....

      Delete
    2. සමරසිංහ ඉස්කෝලේ යන කාලෙත් (1973/74) කොළඹ හතේ ලේඩීස් කොලේජ් එක පැත්තේ නිතරම සෙවල පෙරා ගෙන කරක් ගහපු එකෙක්.

      මේ ලියන මම ඒකට සාක්කි.

      Delete
  32. මාතලන් දැන් ඔය වැට් බද්ද 15% වුනාට පස්සේ ඔබ පවුලේ ආදායමට සහ වියදමට එය බලපාන සරිලන සරල බජට් එකක් මගින් අපි වැනි සම හරක්ට පුක කහනවට කහන් ගමන් කියවන්න ලියමු බලන්නත් එක එක්ක සැමට

    ReplyDelete
    Replies
    1. දැන් යන වියදමට 5% විතර එකතු කර ගනින්... මොකෝ ආන්ඩුව ගහන ගාන නෙමෙයි වෙළෙන්දා ගහන්නේ....

      Delete
    2. මාතලන් ඔබේ කෙටි පිළිතුර ඉතාම නිවැරදියි
      ඇත්තටම සිද්ද වෙන්නට නියමිත මෙය තමයි. ඒ වගේම මේ නව ක්‍රමය එහි නිවැරදි අරමුනින්ම ක්‍රියාත්මක වුනොත්, ඒක රටේ නිවැරදි මුදල් සංසරනයකට හා මූල්‍ය පද්ධතිය මත රජය සතු පාලනය ඉතාමත් ක්‍රම්වත් වීමට බල පානවා. මුදල් සංසරණය වැඩි වීම අනිවාර්‍යයෙන්ම බලාපොරොත්තු විය හැකි දෙයක්.

      Delete
    3. අයියෝ එතකොට 5% නේ බන් වැඩි වෙන්නේ ඕක මොකද්ද ඔච්චර ලොකු ගානක් නොවෙනෙ 20000 කට වැඩිවෙන්නේ 1000 නේ ඒ මාසෙකට දසකට රු 33.33 බන් ටුක් ටුක් එකේ කිලෝ මිටරයක්වත් යන්න බැනේ .......අනේ මෙහෙම තණ්හාවක් මේ වයිමාගේ තියරිය බාවිතා කරපන්

      Delete
  33. රනිල් දන්නවා ලංකාවේ ඉන්න හරක්ට සුමානෙන් ඕව මතක නැතුව ගිහිල්ල තමන්ට ආයි රාජකීය මොලයක් , මිස්ට ක්ලීන් කියල අමතන බව සහ චන්දයකදී තමන්ට යලිත් වැඩිපුරම මනාප ලැබෙන බව.

    ඊට අමතරව ලංකාව කියන්නේ මැරුණම ඔක්කොම නරක අමතක කරලා ගුණ කියන , අනේ අපොයි කියන පොන්නයෝ පිරිච්ච රටක් කියලත් මිනිහ දන්නවා. ඒ නිසා මැරුණම මිනිස්සු ගරහයි කියලවත් බයක් නැහැ. එක නිසා මිනිහ ඩෝන්ට් කෙයා. Well done Ranil. You are the MAN!. You know how to rule AssHoles.

    ReplyDelete
    Replies
    1. ඒවා කෙසේ වෙතත්... හෙට අනිද්දම රනිල්ට කෙලවෙන සයිස් එකක් තියෙන්නේ... මැයි පලවෙනිදයින් පස්සෙ බොහොම තීරනාත්මකයි... එයා පොලොන්නරුවේ ගිහින් ගැහුවේ රනිල්ට මිසක් වෙන කාටවත් නෙමෙයි... ඉතිහාසය රිපීට් උන අවස්තාවන් බොහෝමයක් තියෙනවා..

      Delete
  34. චීනයේ තිබුන ලාබ ශ්‍රමය රදා පැවතුනේ ගම්මාන වල සිට චීන නගරවලට ඇදුන අතිවිශාල ජනතාව එක්ක. දැන් ඒ ජනතාව පැමිණීම සීමා වෙලා..ඒ කියන්නෙ ඒක උපරිම මට්ටමට ඇවිත්..දැන් 2008දී චීනයේ සේවකයෙක් ගත්ත සැලරි එකට වඩා දැන් ගන්න සැලරි එක වැඩියි.. ඒ කියන්නෙ චීණ ශ්‍රමය තව දුරටත් ලාබ නෑ..

    ඒ නිසා වෙනත් සමාගම් චීන සීමාවෙන් පහල ඇති අග්නිදිග ආසියාතික රටවල් කරා ඇදෙනවා.. ඔය අතර ලංකාවට තියෙන ලොකුම වාසිය ඉන්දියාවට යටින් තියෙන එක විතරයි.. ඊට අමතරව ලංකාවේ ශ්‍රමය, විදුලිය, සේවා සැපයීම, ඉඩකඩම් වෙන් කරගැනීම, අයෝජකයින්ට යහපත් වූ කම්කරු නීති..ඔ්‍ය කිසිවක් ලංකාවෙ නෑ..

    ලංකාව ආයෝජකයින් බස්සලා දියුනු කරන්න පුලුවන් වුනේ 1992-93 කාලේ..ඒ කාලෙ ලංකාවෙ ශ්‍රමය ඇත්තටම ලාබයි.. ඒකනේ පේමදාස ලොක්ක ගාමන්ට් තෛාගයක් දැම්මෙ..දැන් ඒ ක්‍රමය ටිකක් ය්ල පැන ගිහින්..මොකද අපිට වඩා ලේසියෙන් ශ්‍රමය ගන්න පුලුවනි සවුත් ඊස්ට් ඒෂියා රටවලින්..

    අපේ අය ඊට එහාට හිතන්න ඕනි..අවාසනාවට හිතන්න සහ වැඩ කරන්න එකෙක් වත් නෑ.. එක අතකින් පෙරලුවේ අපරාදෙ..මරා හිටියනං උගේ තිබුන අල්ටිමේට් පවර් එකෙන් අඩුතරමේ මොනවා හරි දැනෙන වෙනසක් කරාවි..

    දැන් ඉන්න උන්ට හෙම මේ සිස්ටම් එක වෙනස් කරන්න බලයක් නෑ,.බලය තියෙන වපසරියෙ හරි වැඩ කරන්න මුන්ට තේරෙන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක එක හේතුවක්... අනික පාලනය වෙනස් උනාට.. රටේ පාලනය ස්ඨාවර තත්වයක් නොපැවතීම.. එමෙන්ම පරණ නිලධාරි පැලැන්තිය පාලනය කර ගැනීමට නොහැකිවීම...

      හොඳම උදාහරණය විදුලි බල මණ්ඩලය...

      Delete
  35. මාතලංට අමතක වෙලාද මන්දා. චන්ද්‍රිකා නෝනගෙ ලෙංචිනා නාඩගම.එ්කත් ඉඳහිට රඟ දක්වනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකට නම් කොල්ලෝ හූ තියලා දැන් පෙන්වන්නේ නෑ නේද....?

      ඒ ඇරෙන්න ඩිලාන්ගේ කටින් දෙන්නේ සිරිසේනට ඕන දේ....

      Delete
  36. සිරිසේන උන්නැහෙ තාම ජනාධිපති භූමිකාවට බැහැල නැහැ. එයා තම ඉන්නේ ග්‍රාමසේවක චරිතයෙන් උත්තාපනයවූ, වැඩ බැරි ගොබ්බ කැබිනට් ඇමති මනසිකයේ. එය සෞක්‍ය ඇමති වෙලා ඉන්නකොටත් සෞක්‍ය සේවයේ කෝටියක් ප්රශ්න තියෙද්දී, අමුඩ ගහගෙන දැඟලුවෙ සිගරට් පැකට් එකේ පින්තුර දානවා වගේ සිල්ලර වැඩ වලට. එකෙන් රටේ සෞක්‍ය සේවයට වුන බලපෑම මොකක්ද?

    ජනාධිපති කමේ ඉඳගෙන, තක්කඩි කහකඩයින්ගෙ අනුසාසනා වලින් රට පාලනය කරනවා කියල දැන් මොනවද කරන්නේ? රටේ ජනතාවට යහපතක් වෙන කිසිම දේකට ජනාධිපති බලතල පාවිච්චි කරලා තියෙනවද? දළදා මාලිගාව ළඟ පාර අරින්න බැරිද ජනාදිපති නියමයෙන්? පානම අසරණ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්නය, යුධ සිරකරුවන් නිදහස් කිරීම වගේ ප්‍රශ්න ජනාධිපති බලයෙන් විසදන්න බැරිද? ඒ වගේ ජනතාවට බලපාන, සරලව විසදන්න පුළුවන් ගැටළු ගැන නැසූ කන්ව ඉඳිමින්, ජනතාවට එපාවූ අපතයන්ට ඇමතිකම් දෙමින්, මහින්දයගෙ පට්ට හොරුන් එක්ක ඩීල් දමමින් ඉටු කරන්නේ ජනතා අභිලාෂයන්ද?

    එයා විසිහතර පැයම දඟලන්නේ අපිට තුට්ටු දෙකක් නොවටිනා 'පක්ෂ නායකත්වය' රැකගන්න.
    ඒ අතරේ මේ වගේ 'පත්තර ජෝක්ස්' දන්නේ ගමේ බයියන්ට මෝඩ අතල්දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු නායකයෙක් නොවන බව දිනෙන් දින ඔප්පු කරමින් සිටිනවා...

      Delete
  37. බරපතල දේශපාලන විග්‍රහයක් හා සාකච්චාවක්.

    හැබැයි ඉතින් ඔය දරුවෝ ටික වැඩිය කලබල වෙන්න එපා
    අපේ ජනාධිපති තුමානෝ කිව්වනේ එයා සීතල කාමර වල ඉඳන් තීරණ ගන්න ආර්ථික විසේසඥයන්ව එලවලා දානව කියලා.
    ඒත් ඉතින්....
    හෙට එතුමානෝ " මම එහෙම කිව්වද හිටං? මට එහෙම කියන්න පිස්සුද හිටං? කියල අහන්නත් ඉඩ තියෙනවා......

    ReplyDelete
    Replies
    1. අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ...

      Delete
  38. යකඩෝ.. මේ හොටවල් ටිකයි සිස්ටොම් එකයි වෙනස් නොකර මොකා ආවත් මේකම තමා.. කොච්චර *ක ඉරාගෙන ලිව්වත් මෙච්චරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න