.

.

Jun 28, 2016

අළුත් බල්ලෙක් ( II කොටස ) - A New Dog ( Part II )



<< පළමු කොටස මෙතනින් >>

- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඉන්ඩිවිජුවල් ක්ලාස් එකට යන්නත් කලින් බේබී හාමු ගම ගිනි තිබ්බා. මම තාම සර් එක්ක හින්දු සිංදුව කියන්නෙත් නැතුව, මේ යකා මාව සර් එක්ක යහන් ගත කරලත් අහවර උනා. ඇත්තටම, සමහර විට ඌට මගේ යටි හිත කියවන්න පුළුවන් ඇති. සමහර අයට එහෙම හැකියාවක් තියෙනවලු නේ.

බලු වැඩ කරන්න එපා බේබී හාමු කියලා මම කිව්වාම. එයැයි මගෙන් ඇහුවේ..,

මමද යකෝ උඹද... බලු වැඩ කරන්නේ.... කියලා.

ඇත්තටම එයා තමයි බලු වැඩ කරන්නේ. ඒ කියන්නේ බැල්ලියෝ කී දෙනෙක් එක්ක යනවද. මම තාමත් අහිංසක බැල්ලියෙක් නේ. මම ඕවා එයාට කියන්න ගියේ නෑ. හපා කන්න පැන්නොත් හෙම.

ක්ලාස් එකට ගියාම, මගේ හෝප්ස් ඔක්කොම කුඩු උනේ, ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කිව්වට, ඒකත් කුඩා පරිමානයේ ගෲප් ක්ලාස් එකක් කියලා දැනගත්ත වෙලේ. 

අනික, ඒක තියෙන්නේ සෙයිලමේ මුදලාලි කෙනෙක්ගේ ගෙදර. මුදලාලිගේ දුවත් මම වගේම මේ ඉන්ඩිවිජුවල් සිස්ටම් එකට අකමැති උනත්, පස්සේ කැමති වෙලා තියෙන්නේ, සර්ව නැති වෙයි කියලා බයට. අනික, සර්ට මේක මග අරින්න බැරි වෙලා තියෙන්නේ, ක්ලාස් පටන් ගන්න කලින් සර් මුදලාලි ගාව එකවුන්ට්ස් වැඩ කරලා තිබුන හේතුවෙන්. ඒත් අද, සර්ට ඕන නම් මුදලාලිත් සල්ලි වලට ගන්න පුළුවන් ඇති. අනික මුදලාලිගේ වෑන් කබල් වගේද සර්ගේ වාහන දෙක.

ඔහේට නම් ෆ්‍රීලූ නේද අනේ..?

මක්කැයි ඔහේලා මේ දොඩන්නේ..?

ඔය හැමෝම කියන්නේ...

බොරු අනේ.. ඉරිසියාවට කියන්නේ... සර් අපේ අප්පච්චිගේ යාළුවෙක්... ගණු දෙණු කර ගන්නේ ඒ දෙන්නා.. කොහොමත් අප්පච්චි මගේ අතට සල්ලි දෙන්නේ නෑ අනේ..

හපොයි ඔයාගේ තාත්තා ලෝබයෙක් නේ.. මක්කැයි එයා කරන්නේ..?

එයා මක්කත් කරන්නේ නෑ.. 

මොකෑ.. මක්කත් කරන්නෙ නැතෙයිය කිව්වා...?

ඔව් අනේ... එයා යුනියන් ලීඩර් කෙනෙක්.. ඔහේලගේ අප්පච්ච්ලටත් කියන්න, ඇහැක් නම් එහෙම ජොබ් එකක් කරන්නෙයි කියලා... එයැයිට සම්පූර්ණ නිදහස දීලා තියෙන්නේ, යුනියන් වැඩ කරන්න.. සමහර දවසට ටී වී එකෙත් ඉන්නවා..

කොච්චර ෂෝක්ද අනේ... ටී වී එකේ ඉන්නවා කියන්නේ නියමයි නේ..

ඔව්... අපේ ආච්චි අම්මත් එදාට තාත්තා කුණු වෙන්න බීලා ආවත් මක්කත් දොඩන්නෙ නෑ..

ඔහේ මාර ඕපන් අයියෝ...

ඒ මගේ හැටි.. අපේ අප්පච්චිත් එහෙමයි..

ඔහේ හරි ලකී අනේ...

මළා මුනුත් මගේ හිත කියවනවද...? අර මොකෝ ලකී කිව්වේ..?

එහෙම අප්පච්චි කෙනෙක් ලබන්න...

ආ එක මිසක්ක... එක නම් ඇත්ත මෙයා...

මේ වැඩේ හරියන්නේ නෑ. සර්ට කිසිම උනන්දුවක් නෑ වගේ හින්දි සින්දුවක් කියන්න.. දවසක් මම තීරණයකට ආවා.. ක්ලාස් ඉවර වෙලා යන ගමන් කොමියුනිකේෂන් එකට රිංගලා මගේ සිහිණ කුමාරයාට ගත්තා කෝල් එකක්..

සර් මට සර්ව තනියෙන් හම්බ වෙන්න ඕන...

කව්ද මේ කතා කරන්නේ...?

සර් මම සඳලි...

ඉතින් සඳලි... ඔයාට ක්ලස් එකේදි ඕන දෙයක් අහන්න පුළුවන් නේ... 

නෑ නෑ සර් මේ වෙන දෙයක් ගැන සර්..

හ්ම්... හ්ම්... මට තේරෙනවා... ඊළඟ දවසේ ක්ලාස් එකෙන් පස්සේ අහවල් තැන ඉන්නකෝ, මම ඔයාව එතනින් පික් කරන්නම්...

හරි සර්... තැන්කිව් සර්... මම එතන ඉන්නම්..

ඒයි... ඒයි... කෝල් එක ගත්තා නම්, සල්ලි ගෙවලා යනවා...මෙතන නොමිලේ මල් කඩන්න බෑ...

වස ලැජ්ජාවයි අනේ... මේ කෙල්ලෝ ටික ඔක්කෝම අහගෙන ඉන්න ඇති.. හින්දි සින්දුවල කෝල් එක ගත්තයින් පස්සේ සල්ලි ගෙවන්නේ නෑ නේ... බොරුවට නෙමෙයි ඇත්තටම මට අමතක උනා..

මුන්ගේ ගඳ ගහන, දාඩිය දාන, කතා කරන ටික ඔක්කෝටම ඇහෙන, දොර කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන ජරාව වගේද, හින්දි ෆිල්ම් වල තියෙන බොක්ස්.. කොච්චර ලස්සනද? එක කකුලක් දනහිස ගාවින් නවලා හිතේ හැටියට ආදරේ කරන්න පුළුවන් නේ. ඉස්සර මෙහෙත් ඔය වගේ ඒවා තිබුනලු. එවා නැති උනේ සමහර කාලකන්නි ඕක ඇතුලේ කක්කා කරන්න පටන් ගත්තාම කියලා අපේ අප්පච්චි දවසක් අපිට කියලා දුන්නේ, ඔය වගේ එකක් හින්දි ෆිල්ම් එකක දැකලමයි.

දැන් ඉතින් අහන්න එපා එදා මොනවද උනේ කියලා. ඕන ගොනෙකුට තේරෙනවා නේ මොකක්ද වෙන්න ඇත්තේ කියලා. වෙන දේ මොකක්ද කියලා නොදැන ඉන්න මම බබෙක්ද? ඕක සුළු දෙයක් උනාට, ආසියානු කාන්තාව සාම්ප්‍රදායිකව පුරුදු වෙලා ඉන්නවා ඕකට ළොකු වටිනාකමක් දෙන්න. ඇයි අනේ අතිනුත් ගානක් ගෙවලා උන් එක්ක යන එකේ අපේ මොනවා හරි වටිනාකමකුත් තියෙන්න එපයි. ඒ නිසා ඒ වටිනාකම අපි එකතු කරන්න ඕනමයි.

අනික රෙදි නැන්දත් කීයක් හරි හොයා ගන්නේ ඕකෙනුයි ජම්බු ගහෙන් වැටුන වෙලාවේ විතරයිනේ. ඉතින් ඒ සම්ප්‍රදාය රකින එක අපේ යුතුකමක් නේ. රෙදි නැන්දගෙන් ඕක ෂෙප් කරගන්න බොහොම සුළු දෙයක්. එයා එහෙම අසරන උන අයට කීප සැරයක්ම පිහිට වෙලා තියෙනවා කියලා කිව්වේ අපේ අම්මා. අක්කත් එක්ක එයා කතා කරන්නේ ඕවා තමයි. අවුලක් නෑ රෙදි නැන්දට මම නැති උනාට අපේ අක්කා ඉන්නවා නේ.

ඔය වගේ දෙයක් ගැන කලින් එක්ස්ප්‍රීරියන්ස් තියෙන්නත් බෑ නේ. ඉතින් මමත් හිතාගෙන උන්නේ, කැඩපතක ඡායා එකේ, විජේ, ස්වර්ණාගෙ වටිනාකම් උදුර ගන්න වෙලාවේ, කාමරේ දොරෙනුත් එලියට ලේ ගලනවා වගේ, මර්ඩර් කේස් එකක් කියලා. අනේ බැලින්නම්..., එක්ස්පීරියන්ස් තියෙන කෙල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක්ම කියපු කතාව ඇත්ත.

මම හිතන්නේ, වසන්ත ඔබේසේකරට පිටපතේ අවුලක් හරි, එක්කෝ එහෙම දෙයක් ගැන එක්ස්පීරියන්ස් නැති කේස් එකක් තියෙන්න ඇති. සමහර වෙලාවට එඩිටර්ගේ අවුලක්ද කියන්නත් බෑ නේ. ආට් ඩිරෙක්ටර්ගේ කේස් එකක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ගාවට ෆ්‍රෙෂ් එකක් එන්න විදියක් නෑ නේ. එහෙම බැලුවාම, ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා හරි පවු.  ඒක නිසා තමයි එයාලා පේපර් ඇඩ් දාලා ආධුනික නිලියක් හොයන්නේ.

ඉතින් මමත් කලේ බොරුවට හොටුයි කඳුළුයි පෙරාගෙන ඇඬුවා. කොච්චර සෙල්ලක්කාරයා උනත් එයා බය උනා. ඇත්තටම ගෑණු මොකට අඬනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. පන පිටින් දිවිය ළෝකයට ගියාම අඬන්නේ මොකටද අනේ. එහෙනම් කරන තරමක් දන් පින් කටයුතු කරලා දිවිය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරන්නේ හොටු පෙරාගෙන අඬන්නද අනේ. එයා මට බය වෙන්න එපා අපි දෙන්නගෙම කැමැත්තෙන් නේ උනේ කියල අර හැම පොතේම, ෆිල්ම එකේම, ටෙලි නාට්ටියකම තියෙන දෙබස කිව්වා. මට හිනහත් ආවා. ඒත් මම එක පෙන්නන්නේ නැති හොඳටම ඇඬුවා.

ඒ තමයි මගේ ජීවීතේ පළමු රඟපෑම. ඉස්සෙල්ලම හින්දි සින්දුවක රඟපාපු දවස. කොල්ලෙක් නාන්න ගෙනියන බල්ලෙක් වගේ බය වෙලා ඉන්නවා දැක්ක දවස. හැබයි මට මෙහෙමත් හිතුනා. 

මම රඟපානවා වගේ, සර්ත් රඟපානවද කව්ද දන්නේ...?

- නිමි නොවේ -  

පසු සටහන -

බඹර පහස ලබන මලක නොව වෙනත් මලක සුවඳ උරා බිව් පසු, බිහිවූ සිතිවිලි සමුදායකි... නැක්ස්ට් ඇපිසෝඩ් එකෙන් ඉවර කොරන්න බලන්නම්

55 comments:

  1. // බොක්ස්.. කොච්චර ලස්සනද? //
    මේක දැකල තියනවද? http://www.dailymail.co.uk/news/article-1232331/The-red-phone-box-Britains-smallest-library.html

    ReplyDelete
    Replies
    1. Phone Booth සෝ එක බැලුවද.... තව පට්ට සෝ එකක් බැලුවා Phone Booth එකෙන් ගේමක් දෙන.. මතකෙට එන්නේ නෑ...

      Delete
    2. ඩොක්ටර් හූ?

      Delete
    3. ඒකත් නෙමෙයි...

      Delete
  2. //අනික රෙදි නැන්දත් කීයක් හරි හොයා ගන්නේ ඕකෙනුයි ජම්බු ගහෙන් වැටුන වෙලාවේ විතරයිනේ. ඉතින් ඒ සම්ප්‍රදාය රකින එක අපේ යුතුකමක් නේ. //

    දැන් බොහෝ රටවල වගේම ලංකාවෙත් 'කන්‍යා භාවය' ප්‍රතිස්ඨාපනය කරන ඉතා කුඩා ශල්‍ය කර්මයක් තියෙනවා. නවලෝක, ආසිරි, ලංකා හොස්පිටල් වගේ ඒවායේ මේ ශල්‍ය කර්මය කරනවා. කන්‍යා භාවය ප්‍රතිස්ඨාපනය කරන්න බැරි වුණත් කන්‍යා පටලය ප්‍රතිස්ඨාපනය කරන්න පුලුවන්.

    ඕන තරම් ගෑණු එක්ක ඉඳලා විවාහ වෙනකොට කන්‍යාවන් හොයන පිරිමින්ට නම් මේක හොඳ කලේ පාරක්. මේ ශල්‍යකර්මය ගැන විස්තර මේ ලින්ක් එකේ තියෙනවා . වැඩි විස්තර සඳහා ප්‍රා ජේ ගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සර පුංචි බොරැල්ලේ රේඩියෝ එකේ නම යන දොස්තර මහත්තයෙන් උන්නා... මිනිහා බොක්ස් ෆික්ස් කරලා, බොක්ස් ඔෆීස් රෙකෝඩ්ස් තිබ්බා...

      රෙදි නැන්දලා දන්න මෙතඩ් ඒකුත් තියෙනවා... හැලපෙලා විචාලා දන්නවා ඇති ඒවා...

      Delete
    2. චෙෆා නම් ඕවා දන්නෙ නැහැ සුවර්

      Delete
    3. පව් එයා... එයා බබා...

      Delete
    4. //වැඩි විස්තර සඳහා ප්‍රා ජේ ගෙන් අහන්න //

      මොකාද යකෝ ප්‍රා ජේ ගෙ කන්‍යා පටලෙ කඩපු එකා..

      ඌටනං හෙණම ගහලා අකුලෝලම පල !!!

      Delete
    5. The Physician can bury his mistakes, the architect can only advise his clients to plant vines.

      Delete
    6. පටල හදන්නනම් බෑ, ගොන්නු ඉන්නවනම් අරං වරෙල්ල ලාඩං ගහල දෙන්නම්.

      Delete
    7. පත්තරේ, මේවගේ 'සියුම්' දේවල් ගැන ප්‍රාජේට හොඳ වැටහීමක් තියෙනවා කියන එකක්යි මම කිව්වෙ

      Delete
    8. අලුත් ඒවා ඩිසයින්කරන ආකිටෙක්ට්ලා හා සාදා දෙන ඉන්ජිනේරුවන් සිටී

      Delete
    9. නැතිවෙයියෑ ඉතිං හෝද හෝද මඩේ දාද්දි :D

      Delete
    10. කන්‍යා පටලය කියන්නෙ ස්ත්‍රීන්ගෙ පවිත්‍ර බවේ සංකේතය. අපේ සිංහල සංස්කෘතියට අනුව කාන්තාවන් තමන්ගෙ රහස් අවයව තමන්ගෙ පුරුෂය හැරෙන්නෙ වෙන පුරුෂයෙක්ට දකින්නවත් සැලැස්සුවෙ නෑ. අද රටකට ගිය කලක්.

      Delete
    11. අර රතු ඩයි වෙනුවට වැරදිලා කොළ ඩයි දාල වෙච්ච සංගෙදිය මතකද.

      Delete
    12. @ පත්තරේ

      // ඌටනං හෙණම ගහලා අකුලෝලම පල !!! //

      පිස්සුද යකෝ ඉයන්ට හෙන ඉල්ලන්ඩ තොට පිස්සුද

      ඔය ඇස්පනාපිටම දීකිරයි බළලයි දෙන්නම ඉන්නේ

      Delete
    13. ප්‍රා ජේ ඕවත් කරනවද ඉයන් ?

      Delete
    14. අපේ කොල්ල කොළ බොක්කටම දීල 'කිවුවලු අම්මයි තාත්තයි.

      Delete
  3. බඹර පහස ලබන මලක් දෝ ...
    පසු සටහන භයානකයි

    ReplyDelete
  4. විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමීවි
    සිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවළක් ලැබුණත්
    අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ…

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝ…

    ReplyDelete
  5. අනේ හරි ෂෝක් අනේ.ඒ උනාට මැදින් කෑල්ලක් අඩුයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මැදදි සඳිලි මැචුවර් වෙලා නේ හැලපේ...!

      Delete
    2. ඒ හරියෙදි පොඩි බ්ලූ කෑල්ලක් බැලුවාම වැඩේ කොම්ප්ලීට්...

      Delete
  6. අයියේ, ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනව. අදත් හරීම ලස්සනයි. දිගටම ලස්සනට කරන්න කියලා අපි ඔයාට සුබ පතනවා. අපි හරිම ආසවෙන් අයියේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ. අයියේ, අපිට දෙන්න පුලුවන්ද, අමරසිරි පීරිස් මහත්තයගේ මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ගීතය.

    ReplyDelete
    Replies
    1. පත්තරමල්ලිඅයියගේ නංගෙක්

      Delete
    2. හැක්.. මේ අපේ සිංදු ඇනෝගෙ කස්ටමර් නංගි බබා නෙ ප්‍රා :D
      සිංදු අයිය ඇවිල්ල ගෙඩිය පිටිං සිංදුව දෙයි නංගි.එතකං ඔහොම ලයින් එකේ ඉන්ඩ.

      Delete
    3. අනේ මෙයාට කවුරු හරි එයා ඉල්ලන සින්දුව දෙන්නකෝ...

      Delete
    4. ඉකි ගසා හඬන අතීතයක.. කඳුළු එක්ක ගනුදෙනු කරනා..
      මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා..//

      හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
      මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා..
      නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා..
      මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..//

      රිදුමක් වාගේ කිසිදා නිම නොවෙනා..
      සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
      උහුලනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා...
      මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...//

      Delete
  7. අනිත් කොටහත් ඉක්මනින් කියවන්න ඕනෙ. මං මේ කල්පනා කළේ එක 'ඇනියෙක්' ඉන්නවා හැම් කොමෙන්ටුවකම උගේ යාලුවෙක් '. .....අහවල් දේ කරලා මගේ යාලුවෙක් මලා ' කියන. ඉතින් හින්දි සින්දුවක් කියලා යාලුවෙක් මලේ නැද්ද දන්නේ නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න නැතිව ඇති.. ඒක නේ ඌ නාවේ...

      Delete
  8. දක්ෂිණ ලංකා අධිවේගී කේස් එකක් කියලා තමයි උඹ කියන්නෙ එතකොට නේද?
    උඹ කිව්වට පස්සෙ මටත් හිතුන අර ‍ෆිල්ම් එක හොයාගෙන බලන්න. ඒක සිනමාත්මක කරන්න කරපු වැඩක්ද නැතිනං අමුම ගොං කමනිසා කරපු වැඩක්ද ඒක?

    ReplyDelete
    Replies
    1. ඒකෙත් සමහර තැන් නාය ගිහිල්ලා කියනවා වගේ කේස් එකක්...!

      Delete
    2. උඹගේ ප්‍රශ්ණය පැහැදිලි මදි බං...

      Delete
    3. අධිවේගී කේස් = fast case ඒකි මාර fast case එකක් බං කියන්නෙ.

      දක්ෂිණ ලංකා නොහොත් උඹලෑ ගම්පළාතෙන් කියලා හිතෙන්නෙ ඔහේ මක්කටැයි ඩයලික්ට් එක නිසා

      Thus දක්ෂිණ ලංකා අධිවේගී කේස්

      Delete
    4. ආන් එහෙම හරකට වගේ කිව්වම නියමෙට තේරෙනවා....

      Delete
  9. සිරා කතාවක් නේ මාතේ. ඔන්න මාත් පටන් ගත්තා ලියන්න මගේ රුසියන් කතාවත්. දේශපාලනේ කතා කරලා ඇති වෙලා.

    ReplyDelete
    Replies
    1. බොහොම කෙටියෙන් ලියන්න උන්නේ වැඩෙ දිග්ගැහෙනවා නේ...

      Delete
  10. මක්කැයි ඔහේලා මේ දොඩන්නේ..?//////අපේ පාසලේ බෝඩිමේ දකුණු පලාතෙන් ආපු බුවෙක් හිටියා. මිනිහා ලඟත් ඔය වචන සෙට් එක තිබ්බා. ක්‍රිකට් ගහන්න කණ්ඩායම තෝරන කොට මිනිහා කියනවා අපි දොඩං එමු කියලා. කොල්ලෝ කියන්නේ උඹ දොඩං හරි ජමනාරං හරි කමක් නෑ බැට් කරලා ෆීල්ඩ් නොකර මාරු උනොත් නෙලනවා කියලා

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය පැත්තේ එකෙක් ගුරු තනතුරක් ලැබිලා මහනුවර පැත්තේ ගිහින් "ඇහැක් විදියට කනක් අඳින්නෙයි" කිව්වම ඒ පැත්තේ උන් හොල්මන් උනාලු..

      මේ දෑස කුමටද සෝ එක මාත ඇස් කේ සිනමා එකේ පෙන්නුවේ "මේ දෑස මක්කටෙයි.." කියලා වෙනස් කොරලා...

      Delete
  11. //ඔහේට නම් ෆ්‍රීලූ නේද අනේ..?// --> ඔගේලට වැඩ නැතෙයි?
    //ද?// කියලා නෙවෙයි ප්‍රශ්ණ අහන්නෙ "යි" කියලා (ආවයි?, කෑවයි? ...)

    ReplyDelete
  12. //බලු වැඩ කරන්න එපා බේබී හාමු කියලා මම කිව්වාම. එයැයි මගෙන් ඇහුවේ..,//
    කිව්වාම --> කීවාම, ඇහුවේ -->ඇහැව්වෙ

    //හපොයි ඔයාගේ තාත්තා ලෝබයෙක් නේ.. මක්කැයි එයා කරන්නේ..?//
    ඔයාගේ --> ඔහේගෙ , එයා --> එයැයි

    //එයා මක්කත් කරන්නේ නෑ.. //
    මක්කත් --> මක්කවත්

    //අප්පච්ච්ලටත් // තාත්තටත්

    //යුනියන් වැඩ කරන්න// කරන්න --> කොරන්න​

    //සර් මට සර්ව තනියෙන් හම්බ වෙන්න ඕන..// ඕන --> ඇහැකෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... එත් දැන් එහෙ බාසාවත් වෙනස් හොඳෙයි... මීටත් වඩා ඉන්ගිසිරිස් කෑලී ඕන තරම් යූස් වෙනවා... මේ පරන මිනිස්සු නෙමෙයි.. අළුත් ජැනරේසොන් එක...

      Delete
    2. අනේ යනවා ඕයි යන්න. අලුත් ජැනරේසොං එක කොහෙද ඕයි කැඩපතක ඡායා බලන්නෙ. ඒක දැනට අවුරුදු තිහකටත් කලිං එකක්නෙ . පච කෙලින්න එපා ඕයි මාතලං

      Delete
    3. ඉතින් මාත් ඒ ජැනරේසොන් එකේ නේ...

      Delete
    4. මාතෙත් ඉතිං හැට පැනපු නාකියෙක්නේ. අපි වගේ කොල්ලෙක් නෙමෙයිනෙ.

      Delete
  13. දවසින් දවසට ඉන්ටෙරෙස්ටින් වෙනවා වැඩි වගේ... ඉක්මණට ලියපන් බං...

    මේක මරු...
    එච්චරයි...

    ReplyDelete
  14. සුජීව අයියාගේ කතාව කොයි හරියෙන්ද පටන් ගන්නේ?

    ReplyDelete
    Replies
    1. සුජීව කිව්වේ... සුජීව දිසානායකද? එහෙම නැත්නම් සුජීව ප්‍රසන්නආරච්චිද...?

      Delete
  15. පට්ට පට්ට. ඊළඟ එකෙන් මොනවා වේවිද? සරුයි බෙබියයි කෙල ගනීද බොලේ?

    ReplyDelete
  16. කතාව හොඳයි. ළාවට වැල කතා ස්ටයිල් එක යනවා. මාතලන්ද දන්නෙ නැහැ ඒවත් ලියන්නෙ.

    ReplyDelete
  17. හුට්ට පටස්...
    'අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ..' කිව්වලු

    ජයවේවා..!!

    ReplyDelete
  18. Abortion For Her (AFH) is a London based private abortion clinic that is specialized in providing medical and surgical abortion services. We also have a group of experts that helps you to choose the right contraception advice.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න