.

.

Jun 11, 2016

වී වෙනුවට ගංජා වවමු...! - Lets plant Ganja instead of Rice Cultivation

 
මාතලන් මේ කතන්දරේ ලියන්න උන්නේ, බොහෝ කලෙක පටන්ය. ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් පරසිද්ද එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් ඊයේ මේ ගැන කතා කොලේ, මාතලන්ගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.

උන්නැහේ කියන්නේ, අපේ සිරිසේන ලොක්කයි. රනිල් ලොක්කයි, බලයට පත් උන දවසේ හිටං ළෝකේ වටේ ගියාට, යන්නේ හිඟා කන්නෙයි කියාය. ඔය මහා පොරවල් හම්බ උන වෙලාවට, හලෝ හව් ආ යූ මසං කියලා කරන්නේ, කීයක් වත් දෙන්න බැයිද මසං කියලා අහනා එකය. ඒ වෙනුවට, ඔහොම යන වෙලාවට, වරකා මදුලක් අරගෙන ගිහිල්ලා, ඇන්ජෙලා මර්කල් නෝනාගේ කටේ ඔබා, දිස් ඉස් පැණි වරකා..., දෙන්නම් මගේ මැනිකා..., ජර් මනියට පැණි වරකා... කියා, පොඩි මාකටින් පාරක් දා, වරකා මාකට් එකක් හදාගන්න ට්‍රයි කොරන්නේ නැත්තේ ඇයි කියලාය.

බරක් ඔබාමාට මදන මෝදයක් දීලා, වයි ඩෝන්ට් යූ ට්‍රයි මසාං... අවර් ග්‍රේට් කින්ග් රාවණා ෆ්ලයින්ග් ආෆ්ටර් ටේකින් දිස් මැඩිසින් මසං... කියලා, ගංජා කන්ටේනර් ටිකක් ඇමෙරිකාවට පටවා ගන්න ට්‍රයි එකක් දෙන්නේ නැත්තේ මොකෑ කියලාය. (මේ විදියටම කිව්වේ නැත. මාතලන් කිව්වා නම් කියන්නේ එහෙමය.) ලාල් කාන්ත ලොක්කා කියන්නේ සහතික ඇත්තය. අපේ හරක් මේ දිව්‍ය අවුසදේ අහු උන ගමන් ගිනි තියලා විනාශ කොරලා දානවාය. මුන් මේ හෙල ඔසුවේ වටිනාකම දන්නේ නැති ගොන් හරක්ය.


අපේ රටට සුද්දා ආවයින් පස්සේ, බොහෝ හොඳ දේ වගේම වර්චස් දේත් පුරුදු කරලා ගියේය. සිකැරට්, අරක්කු, තේ, හා කිරිපිටි කියන්නේ ඔය වාගේ දහ ජරාවය. සුද්දා එන්න කලින් අපේ උන් ඕවා වෙනුවට කෑවේ බිව්වේ, ගංජා, කිතුල් රා, රණවරා, බෙලිමල්, කොළ කැඳ හා මව් කිරිය. වැස්සිගේ පැටියාගේ කිරි ටික උදුරා ගත්තේ නැතිය. ඌ මරාගෙන කෑවෙත් නැතිය. මසක් කන්න ඕනෑ වූ විට, බැද්දට වැදිලා සතෙක් බාගෙන ඇවිත් ගමටම බෙදුවේය. එහෙම නැත්නම් වැද්දන්ගෙන් සප්ලයි එක කොර ගත්තේය. (හරක් මස් කඩ වහන්න දඟලන හරකුන් හා උන්ට බය පාලක හරකුන් සිටිනා තාක් ලංකාවේ කිරි කර්මාන්තය නංවනවා බොරුය.)

අපේ කාළේ හැම ගෙදරම වවලා තිබුනේ මල් නැති ගස්වත්, ක්‍රෝටන්වත්, බිගෝනියාවත් බෝගන්විලාවත් නෙමේය. තිබුන තරමක් තිබුනේ බෙහෙත් පැලෑටිය. ඉස්සර කැළණියේ අපේ ගෙදරටත්, ඇත්තෝර, කළු උක්ගස්, කෝමාරිකා වාගේ බෙහෙත් පැලෑටිත්. කැඳ හදනා හාතාවාරිය, පොල්පලා හොයාගෙන ආපු මිනිස්සුන්ට එවා දෙන්න පුළුවන් උනේ, ආච්චි අම්මාට පින් සිද්ද වෙන්නය.

ඒත් ආච්චි නැති උනායින් පස්සේ, අම්මා කොලේ, බාබන්ඩේසියා, බෝගන්විලා හා ඕකිඩ් ජාති වවනා එකය. මාතලන් නම් ආරේ ගුන නෑරේ කියන්නා සේ, වෙලේ කොරටුව දිගටම කොරගෙන ගියේය. මෙයිටත් කලින් කාළේ, සෑම ගෙයක් ඉදිරිපිටම වාගේ ගංජා පැලයක් වවා තිබුන බව කියන්නේ, අපි නොව, රොබර්ට් නොක්ස් හා ලෙනාඩ් වුල්ෆ් කියනා සුදු මහත්තුරුය. ඒ කියන්නේ නීල් ආමිස්ටොරොන්ග් මහත්තයා හඳට යන්න කලින් අපේ උන් හඳට ගිහින් තියෙනවා කියායා. ඒ අපි ආඩම්බරකාර හෙළයෝ නිසාය.

සුද්දා අපේ උන්ට සිකැරට් හා අරක්කු දුන්නේ නොමිලේය. නිකං දෙනවා නම් දෙමළ පත්තරේ ඉතරක් නොව ඕන ගූ බෙට්ටක් ඉඹලා පිලිගන්නා අපේ කස්ටිය, ගංජා වලටයි රා වලටයි ගුඩ් බයි කියා, සුද්දා වගේ, ඒවා ගැහුවේ, සුදු වෙයි කියලා හිතාගෙන වෙන්න ඇතිය. අදටත් අපේ උන්, සුදු වෙන්න කියා, රටේ ළොකේ තියෙන ක්‍රීම් ජාති මූනේයි පුකෙයි උලාගෙන සුදු කබර හැදිච්ච උන් වගේ ඉන්නේ ඒ නිසා වෙන්න ඕනාය. 

සුද්දා ඕවා නිකං දෙන එක ටික දවසකින් නැවත්තුවාම, අපේ උන් ඕවා බොන්න කරන්න තියෙන දහ ජරා වැඩ ඔක්කෝම කරන්න පුරුදු උනේය. හොරකම් මැරකම් ඔක්කෝම පටන් ගත්තේ මේ මළඳාන නිසාය. නිදහසින් පස්සේ, හරක් මස් කන්න එපා කියා රට වටේම ගිය හරක්, මේවා නවත්තන්න හීනෙන්වත් හිතුවේ නැත්තේ, උනුත් නොම්මර එකේ රේන්ද කාරයෝ (අරක්කු කොම්පැනි අයිති කාරයෝ) වූ නිසාමය.

අනෙක අපේ පැරණි පොත් පත් වල තියෙනාකාරයට ගංජා අපිට ඇවිල්ලා තියෙන්නේ දිවිය ළෝකයේ සිටය. දෙයියන්ගේ නායකයා වන "හොනරබල් ඉන්දරේ", එයාගේ ප්‍රියතම පානය වන අමුර්තේ, අසුරයන්ට අහු වෙයි කියලා හිටං, කිරි සයුරට හැලුවේලු. ටික දොහකට පස්සේ, මහමෙර අතට අරගෙන කිරි සයුර කළඹන අස්සේ, ඔයින් බින්දු කීපයක් කොහේ හරි තිබුන ලීක් එකකින් මහ පොළොවට වැටිලා තියෙනවාලු. ගංජා හටගෙන තියෙන්නේ එයින්ලු. ඒ හන්දා ඒ පොත් පත් කියන්නේ, ගංජා, අමූර්තේ සමාන දිවිය ඖෂධයක්ය කියනා එකය. මේ ගැන අපේ වෙදනා අපට වඩා දන්නවා ඇතිය.

මෙවන් වටිනාකමක් නොතේරි අපේ උන් සුද්දාගේ දහ ජරාවම ගැහැව්වට, ජැමෙයිකාවේ උක් වවන අම්මා කෙනෙකුගේ බඩේ උපන්, තාත්තත් නැති දුප්පත් කොල්ලෙක්, මේවා නිසා විනාශ වෙන ජීවිතත්, උපයන සියළු දේ මේවාට වියදම කොරනා හැටිත් දැක, නැවතත් ගංජා උරන ලාබ දායි වැඩේ උක් ගොවියන්ට හුරු කලේය. සුද්දාට මේ ගේම දිරෙව්වේ නැතිය. උන් බැලුවේ මූ කොහොම හරි මරලා දාන්නය.

ඇමරිකාවේ ගෙදර, තම මිතුරන් හා සිටිනා විටදි, සී අයි ඒ එකෙන් වෙඩි තියලා මරන්න හැදුවත්, ඌ බේරුනේය. ඌ සටන ජය ගත්තේය. ඒ වෙනින් කවුරුවත් නොව බොබ් මාලේය. අපේ උන් බොබ් මාලේ පුකේ ගහගෙන ගියාට ඕවා දන්නේ නැතිය. බොබ් මාලේ මලේ ගංජා ගහලා නෙමේය. පිලිකාවක් නිසාය. ළෝ ප්‍රකට නිර්මාණ රාශියක් බිහි වෙන්නේ, මේ ත්‍රයිලෝක විජය පත්‍ර වලට පින් අත් වෙන්නය. කපුගේගේ වොයිස් එකේ තිබුනේත් මේවාමය.


අපට අද වන තෙක් බොබ් මාලේ කෙනෙක් නැතිය. ඒ නිසා, සිකැරට් හා අරක්කු නිසා, ජීවිත නැති කර ගන්නා උන් බොහෝය. (ඕවා උනත් මළ පෙරේතයෝ වගේ ගහන්නේ නැත්නම් අවුලක් නැත්තේය. ඒත් මඟුල් ගෙදරක ගියත් ඉස්මුරුත්තාවට කෙලලා අරින සවුදම් ජෙමාලාත් එක්ක ෂෝසල් විදියට වැඩේ කොරන්න දන්නේ කීප දෙනාය.) රටේ අගමැතිත් කුඩු කන්ටේනර් පිටින් ගෙනත් ප්‍රකෝටිපතියෝ වෙනවාය. අහිංසක කොල්ලෝ හිර ගෙවල් වලය. එහෙම නැත්නම් මැරිලා යනවාය. ඒ උන්ගේ පවුල් පිටින් විනාශය. එහෙත් ගංජා බීලා මැරිච්ච එකෙක් අද වන තෙක් හොයා ගන්නට නැතිය. ගංජා ඒ තරම් ගානකුත් නෙමේය. අද ඇමරිකාවේ මෙන්ම ළෝකයේ මේ පිළිබඳ පර්යේෂන පවත්වන වෛද්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ගංජා දිව්‍යමය ඖෂධයක් බවය. එමෙන්ම සිකරැට් හා සසැදීමේදී එය ශරිරයට කිසිම ආකරයකින් හානියක් නොකරනා බවය. (ඒ කිව්වට බත් උනත් ඕනාවට වඩා ඕනෑම නැත.)


අපේ උන් මේවායෙන් බේතක් හදාගන්නවත් ඉඩ දෙන්නේ නැතිය. දේශිය වෙදුන්ට මෝදකේ සාදා ගන්න ගංජා ටිකක් තබා ගැනීමේ අවසර දී තිබුනත්, ජරාව කන ඇක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ මහත්තුරු නිසා මෑතක මගේ හිතවතෙකුටත්, ඌත් එක්ක වැඩ කරපු හත් අට දෙනෙකුටත්, රස්සාව නැති උනේය. ඌ කිව්වේ අරුන්ට ජරාව දෙනවා ඇර බිස්නස් එකක් කොරගන්න බෑ කියලාය. පොඩි උන්ට ඕවා තහනම් උනාට, සපරගමුවේ මහ ඇමතියාම ඔය බිසිනොස් එක කොරලා අතේ මාට්ටු උනෙත් මෑතකය. ඝෝඨාභය රජකමට ගේන්න හදනා ඔය පැත්තේම ගොයියාත්, ඕවා ට්‍රාන්ස්පොර්ට් කිරීමේ ව්‍යාපාරයේ කුප්‍රකට පොරක්ය. එතකොට පුෂ්පකුමාර කියලා පොල් හා සම්බන්ධ මැතිතුමෙකුත් තනමල්විල පැත්තේ රාජ්ජ අනුග්‍රහයෙන්, කිසි අවුලක් නැතිව වැඩේ කොරගෙන යන්නේ, ඇක්සයිස් එකේ මහත්තුරු එයාලාගේ හේන් වල ඇක්සයිස් කොරන්න එන්නේ නැති නිසාය.

වී වගාව කියන්නේ නොම්මර එකේ හිඟන වගාවක්ය. ඒක වවනා වී ගොවියෝ කියන උන් පරම්පරා ගනනක අමු හිඟන්නෝය. නොම්මර එකේ ණය කාරයෝය. ණය ගෙවා ගන්න බැරිව වහ බීලා මැරෙනා උන් අනන්තය. ජෙප්පන්ගේ නාමල් ගොයියා වගේ උන් කරන්නේ මඩ සෝදාගත් කල තොපි මහ රජවරුය කියා, අර අහිංසක උන් ගොනාට අන්දා, අමුඩ ගස්වා, කොළඹ ගෙනත්, වැඩට යන බවලත් උදවියට උන්ගේ පුකවල් පෙන්නා පෙර ආලිංගන උත්තේජන සපයා දීමය. ඕවා දකිනා ගෑණු උදවියගෙන්, රෑට ගෙදර ආවම පුක බේරාගන්න බැරිය. එජාපයේ අයත් ඕවාට කැමති නිසා මේවා වැඩි වැඩියෙන් තියනා තරමට උනුත් මනාපය.

එයා කියන්නේ, රසායනික පෝරම දමා, අම්මට සිරි ලංකාවේ ජනතාව, වකුගඩු රෝගයෙන් සුවයන්පෝෂිත කරන්න ඕනා කියාය. ඔය වගාව පටන් ගන්න තැන සිට සහනාධාරය, අස්වැන්න මිළදී ගන්නත් ඕනා රජයමය. ඒකත් උන් කියනා ගානටය. අතින් දීලා හරක් බලනවා කියන්නේ මේවාටය. හැබයි ඕක නැවත්තුවොත් හෙම, අපේ අවුරුදු 2500 අති සෙරේස්ඨ ඉතිහාසේ විනාශය. සඟිස්කුරුතිය අහවරය. සිට්ටාචාරේ කුඩු පට්ටම්ය. අම්මපා මුන් බත් කන හරක්ය.

වී වගාවට තරම් වතුර ඕනා වෙනත් භෝගයක් නැතිය. දැන් අපේ ජල සම්පතද හිඳි යමින් පවති. ඇත්තටම මේ ගැන වෙනම ලියන්න ඕනාය. ඉදිරියේදි මේ පුරස්නය තවත් උග්ගර වෙනවාමය. දැනටමත් කුඹුරු වලට වතුර දෙන එක වර්චස් වෙලා, වතුර හුවමාරුව සඳහා හෙළ බසෙහි භාවිත වන වදනද එහෙ මෙහෙ හුවමාරු වෙනවාය. ඒත් ගංජා වවන්න වතුර ඕනා නැතිය. කන්නේ එනකන් ඉන්න ඕන නැතිය. වගා ණය, සහනාධාර, වැලේ වැල් නැතිවීම, වෙලේ වල් නැති කිරීම්, ගසක වැලකින් එල්ලීම්, කෘෂි රසායන උගුරෙන් පහලට හලාගෙන නිවන් යෑම්, මක්කත් ඕනා නැතිය. ත්‍රයිලෝක පත්‍ර ඇට ටිකක් ඉහලා බලාගෙන උන්නාම අහකය.

දුඹුරු පැල කීඩෑවන්ගෙන්, ගිරවුන්ගෙන්, වී කුරුල්ලන්ගෙන්, වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, කචල් එකකුත් නැත්තේය. අලි ගම් වදින්නේත් නැතිය. බජිරි, ගොජිරි, බට දැල්ල, වෙල් මාරුක් වලින් කරදරේකුත් නැතිය. වගාවට ගිහින් කොලයක් කඩාගෙන ආතල් එකකුත් ගන්න පුළුවන්ය. වි පඳුරු වලට වඩා මේ පඳුරු උස නිසා, පඳුරු අස්සෙ සෙල්ලම් කරන්න උනත් පුළුවන්ය. මේ රටට ගැලපෙනම වගාව මෙයය. ඉතිහාසේ රජවරු වැව්වා කියා, පුක ඉරා ගන්නත් ඕනා නැතිය. (තාමත් වවන්නේත් ඒ ක්‍රමයටමය) දැන් ලාබයක් ලැබෙනා දෙයට යොමු වෙන්න ඕනා කාළේ ඇවිල්ලාය.  ගංජා මෙන්ම, වල්ල පට්ටාද වවන්න මිනිසුන්ට ඉඩ දිය යුතුය. හාල් අඩු මිලට රටින් ගෙනත් කන්න පුළුවන්ය.

අපේ රටේ උන්ට මේකෙන් බෙහෙතක් හදා ළෝකයට දෙන්න බැරි උනාට, සුද්දන්ගේ ව්‍යාඝ්‍රා ගසා ජොගින් ට්‍රැක් ගලවන්න නම් පුළුවන්ය. ඔය මදන මෝදකය ටැබ්ලට් එකක් කරලා ළෝකයට දෙන්න අපේ උන්ට තාමත් බැරිය. මෙහේට එන සුද්දන්ට ඕවා හොඳට ප්‍රමෝට් කරන්න පුළුවන්ය. වෙනත් රටවල මේවායින් කොක්ටේල් හදලා දෙනවාය. ටොපි තියෙනවාය. බිස්කට් තියෙනවාය. ව්‍යාඝ්‍රා වෙනුවට කංසා පෙත්තක් හදා හොඳ නමක් දා මාකට් එකට දැම්මා නම් සිලෝන් ටී වාගෙම නැගලා යනවා කියා අපේ මහ උන්ට කවදාවත් තේ රෙන්නේ නැතිය. සමහර විට තේ කොල කෑමට පටන් ගත් දිනයක තේ රෙන්න පුළුවන්ය. මේහේ එක රොකට් එකක් අහු උනත්, පොලීසියේ ලගින්න වෙනවාය. මේවා පිටරටින් ගේන්න ඕනා නැතිය. ඇඟළුම් කර්මාන්තයටත් අවශ්‍ය කරන සියළු දේ ගෙන්නේ පිටරටින්ය. මේක එහෙම නෙමේය. සිරිලක දේ සිරිසැපදේය. වියදම අඩුය. මහන්සිය අඩුය. රසායනික පෝර තියා කාබනික පෝරවත් ඕනා නැතිය.  

අපේ උන්ට මේකෙන් සිකැරට් එකක් හදා ගන්නවත් බැරිය. අඩුගානේ සිකැරට් වෙනුවට මේවා හදපිය කියා ටුබෑකෝ කොම්පැණියටවත් කියන්න එකෙක් නැතිය.


හෙළ වෙදකම හා ඉතිහාසයට නෑකම් කියනා නිසා, හාන්දුරුවරු සිවුරු කරට ගෙන පුක එලියේ දාගෙන සංග බජව් දානා එකකුත් නැතිය. එහෙම ආවොත් කොරන්න තියෙන්නේ, අට පිරිකර "නම පිරිකර" කරනා එකය. පාත්තරේට රොකට් එකකුත් දාලා දන් දුන්නාම, වැඩේ අහවරය. ප්‍රේමදාස මහත්තයා කන්ඩලම හැදුවේත්, දන් දෙනවාට අමතරව පංච කල්යානියන් දන් දීමෙන්ය. නැතිනම් ඒවා හදනවා බොරුය. බුදු හාන්දුරුවෝ දේසනා කොරලා තියෙන්නේත්, ඇස් හිස් "මස්" ලේ දන් දෙන වැඩ, පෙරුම් පුරනා බෝධිසත්වයන්ටම කරන්න පුළුවන් දේ විනා, පව් කාරයන්ට හිතෙන්නේ වත් නැති දේවල් කියලාය

ඔය ගංජා, ගහෙත් පිරිමි ශාකයක් හා ගෑණු ශාකයක් තියෙනවා කියා මාතලන් දැන් ගත්තේ ඊශ්‍රාලයේදිය. මල් එන්නේ ගැණු ගහේය. කොලේ සැර පිරිමි ගහේය. මල් පිපුනත් නැතත්, අපේ උන් නම් දෙකටම කියන්නේ, මල් කියාය. ඒ "හදාසා" ඉස්පිටිතාලේ හිටපු දොස්තර කෙනෙක්ය. එහෙත් වැඩේ තහනම් උනාට, මේ ගැන පර්යේෂන යනවා කියල කිව්වේත් මගේ බොක්කක් වූ ඒ දොස්තර මහත්තයාය. දොස්තර මහත්තයා හා අපේ මිතුරු මිතුරියන් සමඟ මාතලන්ද මේ පිළිබඳ සමහර දිනවල පර්යේෂන වල යෙදුනාය. ඒවා වෙනම කතාය. මාතලන් හඳට යන්න ඉගෙන ගත් හැටිත් බොහෝත් සුන්දර් කතාය. ඒවා පස්සේ වෙලාවක කියන්නම්ය.

අද උන්, ග්‍රීන් හවුස් වල ගංජා වවා, බෙහෙත් මෙන්ම තෙල් ද සාදා, ඒවා ඇමරිකාවට පටවන්න පටන් අරගෙනත් අහවරය. (ඩොකියුමෙන්ට්‍රි පොරොගැරෑම් පහළ එල්ලා ඇතිය.) උන් ට්‍රයි එක දෙන්නේ, වෙපන්ස් වලටත් වඩා, "කෝෂර් කැනබීස්" (Kosher Cannabis) හෙවත්, හලාල් ගංජා රට පටවා, විදෙස් විනිමය හොයන්නය. ඒ කැන්සර් හා තවත් නොයෙකුත් ආබාධයන් සඳහා නිපදවූ බෙහෙත් මඟින්ය. උන් නියමිත මාත්‍රා අනුව ඒවා පොඩි උන්ටත් නිර්දේශ කොරනවාය. ඒ අපේ කාලයේම නිදහස ලැබූ, ස්වාධීන චින්තන ඇති, ළෝකටම බුද්ධිමතුන් බිහි කරනා ඊශ්‍රායලයය. මේ කළු ගල් ගොඩවල් ගැන රඹ ටෝක් දෙන, ටයි බයි දා ගත් පඬියන් යැයි කියා ගන්නා උන්, ටී වී චැනල් වල බයිලා ගසමින් කටින් බතල හිටවනා, අම්මට සිරි ලංකාවය.

මෙහේ නිශ්පාදන හදන්න බැරිනම්, අඩුගානේ ඊශ්‍රායලය හා එක්ව සැපයුම්කරුවකු වීමටවත් උත්සාහයක් ගන්නේ නම්, අපේ වී ගොවියා නගා සිටුවිය හැකි බව, ලාල් කාන්තලාවත් ආන්ඩුවට වටහා දෙන්නේ නම්, එය ජාතික යුතුකමෙක්මය. ඊශ්‍රාලයෙන් මෙහි පැමිණි මාගේ මිතුරු මිතුරියන් සැවොම කිව්වේ, මේ රට සුරපුරයක් කරන්න, රට වටේම තියෙන මහ මුහුදම ප්‍රමාණවත් කියලාය. එහෙත් අපේ උන් ඒකෙන්වත් නියම ඵල ප්‍රයෝජන ගන්න හිතලාවත් නැතිය.

අරක්කු සිකැරට් වෙනුවට ගංජා බොමු. ගංජා තහනම ඉවත් කරනු...!!!!

ඒ වගත් මේසෙය..

ඊශ්‍රායලයේ ගංජා වැඩ සටහන ගැන සැකසුනු මේ සබැදි හා වීඩියෝ, මේ ගැන උනන්දුවක් දක්වනා උන්ට බලා කියා ගන්නය. අනික් උන් මෙතන ඇවිල්ලා කුණුහබ්බ කෙලලා ගියාට අවුලක් නැතිය. ඒ අපේ අති සෙරේස්ඨ සඟිස්කුරුතියය..

1. Marijuana gives hope to parents of brain-damaged baby

2. This is Charlotte

3. Israeli marijuana is coming to America

 

   


 

111 comments:

  1. මල් සුගන්දේ දම් සුගන්දේ සිහිල් සුලං රැලී පාවෙලා.. රෙගී ස්ටයිල් එකට ගායනා කරමින් වවන්නත් අදින්නත් ඇහැකි අප සැම එක්වෙලා..නැද්ද බොස්..!!!!

    ReplyDelete
    Replies
    1. මල් මිටක් තියන්න ඔබ අතේ
      මට කියා කොයින්ද මල් වනේ
      ජීවිතේ විසල් නදී තෙරේ
      තුරු හිසත් මලත් ඔබයි මගේ...
      තුරු ලතා පවා දුකින් වගේ
      අතවනා.. හොයන්නෙ ඔබ කොහේ..

      Delete
    2. බස්නාහිර පලාතේ කුඹුරු ගොඩකර ගංජා වවමු - ගරු අගමැතිතුමාගේ සංකල්පයක්

      Delete
  2. කොච්චර ගිනිතියල විනාශ කරනවද මේ හරක්..
    රෙද්දෙ සඟිරිස්කුරුතියය..

    ReplyDelete
    Replies
    1. මේ වගේ හරක් ඉන්නා රටක් ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

      Delete
  3. අපි වවමු රට නගමු.
    ඕකට සිගරට් කොම්පැනිය කැමති වෙයිද බං.

    ReplyDelete
    Replies
    1. උන් තමයි කීය උනත් වියදම් කරන්නේ ඔය තහනමට..

      Delete
    2. ඒ ඉස්සර, දැන් උන් තමා තහනම අයින් කරන්න දඟලන්නේ. හිතාගන්න පුලුවන්ද ඇයි කියලා!

      Delete
  4. Last week:

    Don’t import vehicles now -Ranil
    2016-06-10 Daily Mirror

    Today - Sundaytimes.lk
    Luxury vehicles for ministers: Funds were given in April

    Amid growing protests against the Government’s now-suspended move to allocate a huge amount for the import of luxury vehicles for ministers and deputies, it has been now revealed that the Treasury had transferred the funds in April, while the supplementary estimate was presented last Tuesday.

    http://www.sundaytimes.lk/160612/news/luxury-vehicles-for-ministers-funds-were-given-in-april-197214.html


    ReplyDelete
    Replies
    1. yes,it is not relevant. pls forgive me. it was relevant only earlier & not now. let it happen. advice fully taken.

      Delete
  5. ඕනේ නං රාජ්‍ය අනුග්‍රහයෙන් ම වැඩේ කරලා ලොක්කෝ යටිමඩිත් ගහගෙන, කුට්ටියක් කඩාගෙන ගමේ විකුණගෙන, හවසට ගෙදර සෙට් වෙලත් ගහන ගමන් මලට තිත කියලා නමකුත් දාලා වැඩසටහනකුත් කරන්න බැරියෑ නේද මාතා........

    ReplyDelete
    Replies
    1. රජය ගෑවෙනවා කියන්නේ ඉතින් ඒකත් හබක් තමයි...

      රජයෙන් මොකක්ද බං සුද්දගෙන් පස්සෙ හරියට කරේ...

      Delete
  6. 'අපේ රටට සුද්දා ආවයින් පස්සේ, බොහෝ හොඳ දේ වගේම වර්චස් දේත් පුරුදු කරලා ගියේය. සිකැරට්, අරක්කු, තේ, හා කිරිපිටි කියන්නේ ඔය වාගේ දහ ජරාවය.'

    එහෙනං මාතලන් දවසක් කිව්වේ අරක්කු, පාන් ලංකාවට හදුන්වලා දුන්නට සුද්දට වදින්න ඕනි කියලා. දැන් කියනවා දහ ජරාවක් ලු. උබේ කටේ මහ ගෙඩි දාන්න එපයි.

    ReplyDelete
    Replies
    1. අරක්කු ගැන එහෙම කිව්වද කියා මතකයක් නම් නැත...

      පාන් ගැන නම් අදත් ඉන්නේ ඒ මතයෙමය...

      Delete
  7. වැරදිලවත් බී නොමැත. සුවඳනම් හඳුනමි.

    ReplyDelete
    Replies
    1. බොන එකක් ගැන නෙමෙයි කියන්නේ... අර්ථික භෝගයක් ලෙස වවන්න කියන එක ගැන... ඊශ්‍රායල් කාරයට පුළුවන්නම් අපිට බැරි ඇයි...?

      අර අන්තීමට තියෙන වීඩියෝ එක බලන්න.. එවෙලෙම රෝග නිවාරනය වෙන හැටි..

      Delete
    2. එතකොට මේ මොකක්ද මාතලන්?

      /* අරක්කු සිකැරට් වෙනුවට ගංජා බොමු. ගංජා තහනම ඉවත් කරනු...!!!! */

      ඖෂධ ලෙස වෛද්‍ය නිර්දේශ සහ අධීක්‍ෂණය යටතේ ගංජා පාවිච්චිය ගැන මා එකඟයි.

      Delete
  8. හුකා... මල් හතයි.
    -මීට මල්මි

    ReplyDelete
  9. එකෙන්ම එකඟයි බං.

    ReplyDelete
    Replies
    1. ගොවිතැන් කරන උන් දන්නවා බං ඒකේ කට්ට... විප්ලව කරන උන් කුඹුරට බහින්නේ නෑ නේ..

      Delete
  10. +++++
    ගංජා වවනවානම් අපනය සඳහා පමනක් වැවීමට ඉඩදිය යුතුයි. අපනයන තත්වයේ නොමැති ගංජා විනාශකලයුතුයි. නීති කඩන්නන්ට දැඩි දඬුවම් පැමිනවිය යුතුයි.

    මේක මගේ හිතට ආපු අදහසක්.
    http://marcuspriyanthaperera.blogspot.com/2015/12/enrique.html
    මේකෙ තියෙන PHENOMENA චිත්‍ර‍යට අදහස අරන් තිබෙන්නේ ගංජා වලින් වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මීට වඩා ලස්සන චිත්‍රයක් තිබුනා ජනක රත්නායකගේ... ඒක ඒ කාළේ මම විශාල කරලා බිත්තියේ ඇන්දා... සමහර විට මේ චිත්‍රයෙන් ආභාශයක් ගන්න ඇති.. හැබයි ඒක චිත්‍ර කතාවකට ඇන්ද එකක්...

      ඇයි අනේ අපනයනයෙන් පස්සෙ විනාශ කරන්නේ මෙහේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද... ඔහේ ළිපිය කියවලා නැති පාටයි... ගංජා වලින් සිකැරට්, අරක්කු වගේ මිනිස්සු මැරෙන්නේ නෑ..

      Delete
  11. මාතලනෝ පැන්ෂන් ගිය පොලිස් ලොක්කන්ගෙ සංගමෙන් පරිස්සම්වෙයං, උඹ උන්ගේ පේටන්ට් ගත්ත බිස්නස් එකට තට්ටුකරන්නයි යෝජනා කරන්නේ, සුදුසුකම් නැති උනුත් මල් සප්ලයිකරන්න ගත්තාම මාකට් එකේ මිළ බහිනවානේ, දැං ඉතිං උඩවලව පැත්තේ සුද්දෝ දක්කන් යනවනම් පරිස්සමෙන් පලංය ගොඩකවෙල පහුනාම සබ්කොන්ට්‍රෑක් එකට මල් වවන ගොය්යෝ උබව මකලදායි.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවල අනු දැනුම ඇතිව පාර්ලිමේන්තුවේ කීප දෙනෙක් කරගෙන යන බිසිනොස් එක ජනසතු කොරන්න කියලා තමයි බං මේ කියන්නේ... ඇයි බං ගොයියෝත් ප්‍රාඩෝ වල ගියාම හෙන ගහනවද.. රනිල්ලට ඕනා එහෙම ජනතාවක් හදන්නෙයි කියලත් උදේ හවා කියනවනේ..

      Delete
  12. පෝතලංගේ අදහසේ වැරැද්දකුත් තියෙනවා. මොකද, ගංජාවල ඇති ක්‍රියාකාරී සංයෝග කෘතිමව නිපදවීමට පටන්ගතහොත් ගංජා වලට ඇති ඉල්ලුම හදිසියේම බිඳවැටෙන්න පුළුවන්. වී වගාව අතහැර ගංජා වැවීම ඒ තරම් හොඳ අදහසක් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බතින් තොර ළොවක් නොමැති වෘෂභයනට එවන් සිතිවිලි පහළ වීමෙම අරුමැයක් නොවන්නේමැයි..

      බත් වෙනුවට එහෙම දෙයක් හොයා ගත්තොත් මොකෑ කරන්නේ...?

      Delete
  13. මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි.....

    රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු
    මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි

    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිහින ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි

    ගායනය - චන්දන ලියනආරච්චි

    (කාලෙකට කලින් අරූ අයියා මතක් කල ගැලපෙන ගීතයක් ...)

    ReplyDelete
    Replies
    1. දවසක් චැනල් එකක වැඩ සටහනකට ආවා කමල් අද්දර ආරච්චියි මහේන්ද්‍ර පෙරේරයි... කොහොම හරි ඔය කතාව අතරේ මල් ගැන කතාවක් ආවා.. මුන් දෙන්නටම හිනා ගියා.. මල් නම් ජයරත්න.. ජයරත්න මල් කතාවත් ආවා.. එතකොට මහේන්ද්‍ර කියනවා හදිසි මල් අවශ්‍යතාවයක් උනොත් එයා කෙලින්ම අමතන්නේ කමල්ලු.. එයා ගාව තියෙනවලු පොඩි පොඩි පෙට්ටිවල තැන්පත් කරලා ඉතාමත් ආරක්ෂා සහිතව.

      Delete
    2. ඔයා හම්බ වෙනකන් හිටියේ දෙයක් දැනගන්න.
      "හැඩකාරයි මං පොඩි කාලේ" කියන සින්දුවේ මුල් ඉංග්‍රීසි සින්දුව මොකක්ද?

      Delete
    3. ජගත් මෙන්න ,,
      https://www.youtube.com/watch?v=F9YqCP_B7EU&app=desktop

      Delete
  14. මතකද ජේ.ආර් පප්පාගේ කාලේ හිටපු "ගංජාහුටං " කියන මන්තිරියා !

    ReplyDelete
    Replies
    1. ජිනදාස වීරසිංහ... බලහන් ඉතින් ඒ වගේ ව්‍යවසායකයෙක් මේ ලාල් කානතලයි කස්ටිය ගිනි බිඳලා නිවන් යැව්වා නේ...

      Delete
  15. සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
    Replies
    1. වී ගොවිතැන කියන්නේ සාපයක්... කාලකන්නි මැති ඇමතිවරු හා රාජ්‍ය සේවය මේන්ටේන් කරනවාට වඩා පාපයක්... ඊට වඩා හොඳයි උන්ට පිං පඩිය දීලා... මිනිස්සුන්ට ලාබේට පිටරටින් ගේන එක.. මහ පොළොවත් බේරෙනවා.. පාරිභෝගිකයින්ටත් සෙතක් වෙනවා.. මේක ගොන් මාන්නේ බේර ගන්න කරන වැඩක්...

      Delete
  16. මගෙන් නොකෙරුනු යුතුකම ඔබ අගේට කර තිබෙනවා. එයට තුති. ගංජාවල ඉතා හොඳ විෂබීජ නාශක ගුණයක් තිබෙනවා. ඒ නිසා ඒ කාලේ අපේ බෙහෙත් බොහොමයක් ම ගංජා යම් යම් ප්‍රමාණවලින් යුතු ව නිර්මාණය වූවා. නමුත් ගංජා තහනමත් එක්ක ඒ ප්‍රමාණය නැතුව බෙහෙත් නිෂ්පාදනය කරන්න වුනා. ඒකෙන් වුනේ එම ඖෂධවල ත්බ්බ ඇන්ටිබයොටික් ගුණය නැතිව යාම. දේශීය වෙදකමේ පරිහාණියට එයත් බලපෑව. (තව බොහෝ කරුණු එක්ක ) ඒ කාලේ ගංජා දාල මස් ඉව්වහම ඉතා මෙලෙකට මස් තිබෙනවා. මේ වගේ අපි පාවිච්චි කළ ගංජා උරන්නත් ඇති. ඒ කොහොම වුනත් ඉතා හොඳ අදහසක්. අද ලෝකයේ ගංජා තහනම ලිහිල් වේගෙන යනවා. ඒ එහි ප්‍රයෝජන හඳුනා ගන්නා නිසා. දැන්වත් අපි ඒක කරන්න ඕනෙ. මට මතකයි 1999 විතර මනුවර ගංජා බෙදා දීම කරන්න වුනා. එදාට මහනුවර පොලෝසිය උදේම ටී 56 දෙකකුත් අරන් මගේ පස්සෙ යනවා. මාව බේර ගන්න නෙමේ ගංජා ටික බේර ගන්න. මේ ගැන බොහොම රස කතා තියනවා. නමුත් ඒ හැම එකක් යටම තිබෙන්නේ දේශීය වෙදකමේ ඛේදවාචකයේ සටහන්.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු වෙනස් වෙන්න අකමැතිම ජාතියක් නේ... අනික අප්ඩේට් වෙන්නේ නැති. ඒකට අකමැති ජාතියක්. මේ වගේ වාර්ථා මෙහේ පත්තරයකවත් දාන්නේ නැත්තේ ඇයි කියලා වෙද මහත්තයා දන්නවනේ. මුලින්ම සමාගමකට පෙන්නලා ගානක් කඩා ගන්න බ්ලෑක් මේල් පාරක් යනවා. ඊට පස්සේ ළිපිය පලවෙන්නේ නෑ. මෙහේ තියෙන මාෆීයා එක්ක මේවා කරන්න අමාරු වෙන්න පුළුවන්. කසිප්පු ලීගලයිස් කරන්න කතා කරපු ජෙයරාජ්ලා මැරෙන්නේත් කොටි නිසාම නෙමෙයි. ජනාධිපති වෙලත් ඩෙංගු උවදුර මර්ධනය කර ගන්න බෑ. ඒවටත් හේතු තියෙනවා නේ. ඉතින් මේ රටට අවශ්‍ය මහා චින්තන විප්ලවයක්. එහෙම නැතිව සම්ප්‍රදායික දේශපාලන අඳබාලයන් නෙමෙයි. මොළයක් තියෙන පාලකයෝ නම් පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් එකක් නවත්තයිද..? යුද්ධේ නැවතුනෙත් මල්ලිටම කෙලපු නිසා... නැත්නම් ඉතින් හැම එකාම ඒක ප්‍රධාන ආදායම් මාර්ගය කර ගත්තා නේ..

      Delete
    2. ඉතා හොද ලිපියක් මාතා, ඒවගේම වෙදමහත්තයා මේක සදහන් කල එක වටිනවා මම දේශීය වෙදකම ගැන පසුගිය මාස කීපයේ තරමක සොයාබැලීමක් කළා
      ඉතා දක්ෂ දේශීය වේද මහත්වරුන් සිටිනවා ඔවුන් කර ඇති සේවාව විශ්මිතයි. නමුත් දේශීය වෙදකමේදී මේ දක්ෂ මිනිසුන් අතර විවිද ක්‍රම කීපයක් දැනගත් සොරුන් පිරිසකුත් සිටිනවා මෙනිසා නිසි වේදමහතා තෝරාගැනීමට මිනිසුන් දක්ෂ වියයුතුයි.

      ගංජා ගැන කිව්වහම පහල ඩොක්ටර් රුවන්ට කොමෙන්ට් කරන්නම්

      Delete
  17. කැනබිස් වල වේදනා නාශක ගුණය​, ෆිට්ස් (epilepsy) සමනය කිරිමේ හැකියාව තියනව​. නමුත් වැඩන මොලයට හානි කරනවා
    Cannabis use and Mental Health
    Posted on July 15th, 2015
    Dr. Ruwan M Jayatunge
    Cannabis sativa (Marijuana) has been used throughout the world medically, recreationally and spiritually for thousands of years (Maule, 2015). It is the most commonly used illicit drug in the world (Wittchen et al., 2009). Despite being illegal in many countries it is easily obtainable and even homegrown (Delisi te al., 2006). According to the Results from the 2011 National Survey on Drug Use and Health the rate of marijuana use has had a steady increase since 2007. Cannabis use continues to constitute social and public health problem.

    http://www.lankaweb.com/news/items/2015/07/15/cannabis-use-and-mental-health/

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්... නමුත් CNN එකේ ඩොක්ටර් රාජ් ගුප්තත් ඉඳලා තියෙන්නේ ඔය වගේ මතයක... දැන් ඔහු ඒ ගැන සමාව අයදිනවා (අවසාන වීඩියෝව.) දැන් ඇමරිකාවේ ගොඩාක් ප්‍රාන්තවල තහනම ඉවත් කරලා... මේ වාර්ථා සියල්ලම ඩොක්ටර් කියනවට වඩා අළුත් වාර්ථා.. අර අවසාන එකට ඉහලින් තියෙන ඊශ්‍රායලයේ දොස්තරගේ වැඩ සටහනත් නරඹන්න.

      Delete
    2. කනගාටුයි ඩොක්ටර් ඔබ මේ ගැන තවම යාවත්කාලින වී නෑ
      මේ බලන්න https://www.youtube.com/watch?v=NEp-KkCOq_o

      ඔබට කියන්න පුලුවන්ද මෙයින් මරුන පිරිස
      https://www.youtube.com/watch?v=d88tWJEVsUk

      ඔබ මිට විරුද්ද වෙනවනම් ඉස්සර වෙලා අරක්කු සිගරට් සියල්ලම සහමුලින්ම තහනම් කිරීම කලයුතුයි
      මොකද ඒවායෙන් ලක්ෂගන්නන් මියයන නිසා

      Delete
    3. සුද්දන් එන්නට පෙර ඉතා සශ්‍රීක ආර්ථිකයක් තිබ්බ රටක් මේක සුද්දට කලින් උඩරට රාජධානිය ඇතිවීම කියන්නෙ අපේ අවසානයේ ආරම්භය. හයවන පරාක්‍රමබාහුගෙන් පස්සෙ ඇතිවන ඇඳ වැටීම පළමු රාජසිංහගෙන් සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි අපේ විද්‍යාව ගැන හොයන්න ඕනෙ හයවන පරාක්‍රමබාහුගෙන් එහාට. අපේ පොත් වැඩිහරියක් අද තියන්නෙ එන්ගලන්තෙ, ලඟදි මට මුන ගැසුනා පුස්කොළ පොත් 136ක එකතුවක් ඇති කැනඩා ජාතික සුද්දියක්. මේවා තිබෙන දැනුම කොහොමද නැවත ලබා ගන්නෙ????ඒකට අපිට අයිතියක් තියනවා. අපේ පොත් පරිවර්ථනය කරලා ඔක්ස්ෆ්ඩ්වල පාවිච්චි කරනවා. දෙකක් තුනක් ලියන්නම් තව බොහොම තියනවා. මම මේ එක පොතක් ගෙන්න ගන්න පුදුම මහන්සියක් වුනා. අවසානයේ මගේ ඇමරිකා මිතුරෙක් මාර්ගයෙන් ගෙන්නා ගත්තේ. භෛසජ්ජ මංජුසා වලියන්නෙ දඹදෙණි යුගයේ ලියන්නෙ දඹදෙණි යුගයේ මුළු ත්‍රිපිටකය ම පී ටී එස් විදියට තියනවා. අටුවාව ත්‍රිපිටකය තව නොයෙක් පොත් මෙතන ලියන්න නාමාවලිය දිග වැඩියි. මේවායේ දැණුම භාවිත නොවෙනව නම් ඇයි මෙච්චර මහන්සිවෙලා පරිවර්ථනය කරලා, ඉතාම ලස්සනට ප්‍රින්ට් කරලා තියන්නෙ?????????????

      Delete
    4. අපේ මිනිස්සුන්ට අපේ දේවල අගයක් නෑ නේ... අනික දන්න ඔක්කෝම ගෝලයට දෙන්නේ නෑ.. දැණුම බෙදා ගන්නේ නෑ.. පර්යේෂන කරන්න තැනක් නෑ.. කරන්න උනන්දු එකෙකුත් නෑ.. ගුරු මුෂ්ටියද මක්කද ලබ්බක් නිසා සියල්ල අහිමි උන ජාතියක්...

      ඉතින් සුද්දා අපේ ඒවම උන්ගේ ඒවා වගේ අපිට විකුණනවා... ෂුවර් එකට ඔය ඊශ්‍රායල් කාරයෝ ගංජා ගැන ඉගෙන ගන්න ඇත්තේ ඉන්දියාවෙන්.. ඉන්දියාවේ එක පූජක පිරිසක් ඉන්නවා පත ගංජා සුරුට්ටු ගහන.. මම හිතන්නේ උන් ශිව අදහන උන්... උන් එක්ක ඊශ්‍රායල් කාරයොත් අනන්ත ඉන්නවා.. අනිවාර්යයෙන් උන්ගේ ආයුර්වේද පොතක් උස්සගෙන යන්න ඇති..

      Delete
    5. වෙදමහත්තය මගේ මවගේ පාර්ශවයෙන් පරම්පරා 4ට පෙර වේදමහත්තුරු නමුත් ඔවුන්ගේ දරුවන් වෙදකම තෝරාගත්තේ නෑ මිට හේතුව මා දන්නා තරමින් වෙදකමෙන් සත පහක්වත් උපයල නෑ එච්චර විතරක් නෙමෙයි රෝගියෙක් ගෙදරට ආවිට ආහාර පාන පවා නොමිලේ ලබාදීලා තියනවා.
      මෙවැන්නක් කළහැකි වී ඇත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් පැවතීම නිසයි නමුත් මේ ඉඩම් දරුවන් ආතර බෙදී යනවිට මුදල් නොගෙන මේ සේවාව කිරීම නොහැකි තත්වයට පත්වී තියනවා.

      වෙදකම සලකල තියන්නේ පුජනිය දෙයක් ලෙසයි, රෝගියෙක් සනීප වුවිට ලැබෙන ආත්ම තෘප්තිය තමයි මෙයින් උපයන ධනය.
      ජීවත්වීම සදහා වගා කිරීමයි මේ අය කරලා තියෙන්නේ.

      මගේ මවගේ පියාත් ඔහුගේ සහෝදරයන් පිරිසත් ඉංග්‍රීසි අද්‍යාපනය සදහා යොමුවීම නිසා මේ වෙදකම පරම්පරාවෙන් ගිහින් නෑ.
      තව වැදගත් දෙයක් තියනවා ඒ තමයි නිල වෙදකම මේ නිලවලින් ශරීරයේ ඇතිවන විවිද සංකුලතා පාලනය කිරීමටත් බයානක රෝග
      සදහා ප්‍රතිකාර කිරීමටත් යොදාගන්නවා, මේවා තමයි බොහොමයක් ගුරු මුෂ්ටි බවට පත්වී තියන්නේ, ගුරු මුෂ්ටි ඇතිවී ඇත්තේ නිසි පරිදි මේ
      දැනුම ලබා නොගත් මිනිසෙකු කිසියම් වැදගත් උපක්‍රමයක් දැනගත් විට ඔහු එය යොදන්නේ මිනිසුන් අද්දවා ගැනීමටයි නමුත් ඔහුගේ දැනුම සම්පුර්ණ
      නෑ මෙනිසා ඔහු කෙරේ පහදින බොහෝ අය අනතුරට පත්වෙනවා අවසාන ලෙස වරද බැර වන්නේ දේශීය වෙදකම සදහායි.

      මිට අමතරව සොබාවික ශාක පේටන් කිරීමක් කල නොහැකියි, මෙනිසා තමාගේ පැවැත්ම සදහාත් මේ ගුරු මුෂ්ටි පාවිච්චි වෙනවා, කෙසේ වෙතත් මෙනිසා වී ඇත්තේ වටිනා ක්‍රම යටපත් වීමයි. නමුත් අදත් ඉතා දක්ෂ වේදවරු මෙරටේ සිටිනවා.

      මෙතන Rohana Ranasinghe වෙදමහත්තයා කියන දෙය මම පුද්ගලිකව දැනුවත් වෙලා තියනවා අද එංගලන්තයේ කවුතුකාගාරයේ තියන ඉතා පැරණි සිංහල පොත් ඉතා විශාල ලෙස පරිවර්තනය වන බව දන්නේ අතලොස්සක් පමණයි.

      Delete
    6. @ Lankika SithuwiliJune 12, 2016 at 8:02 AM ඔබට මගේ ඉංග්‍රීසි ලිපිය තේරිලා නැහැ. පරිවර්තනය කරගෙන කියවන්න​. පිලිතුර එහි සඳහන් වෙනවා

      Delete
  18. අපි තුමා ඒ කාලේ ඔය දේ කියන කොට මාතලන් ලොක්කා එයට විරුද්ද විය...
    දැන් වත් ඇස් ඇරීම ගැන ස ර ස තුමා ගෙ බලවත් සෝකය!

    http://maathalan.blogspot.com/2014/08/economy-in-maathalan-style.html




    Sa rasaAugust 11, 2014 at 6:48 AM
    චානුක තුමා ආර්තික විද්යා උපදෙසයක් දුන්නේ චම්පක තුමා ගේ කතාව කිච කරලාය. මහාචාර්ය මාතලන් තුමා ද මාතලන් ආර්තික ක්‍රමය කියාදුන්නේය. ඉන්දික Lion තුමා රජය වියාපාර කරන නොකරන විදිය මහජනතාවට කීයාදීමට විරුද්දය.
    ඉහත තුමන්ලාගේ කතා ඇසුවාම මං තුමා ගේ ආර්තික උන්ඩුකපුච්චය ටියුන් විය. මෙනා මහත්වරුනි මගේ සිරි ලංකා ආර්තිකය නැංවීමේ ක්‍රමවේදය:
    අපි අපිට තියනා දේ විකිනීමට උත්සාහ කරමු. තියෙනා දේවල් අතුරෙන් වඩිම ඉල්ලුමක් ඇති දේ වැඩි වැඩි වැඩියෙන් විකුනමු.... මා දන්නා පරිදි විදෙශිකයන් ගෙන් වැඩිම ඉල්ලුමෙ ඇති ශ්‍රි ලාංකික නිශ්පාදනය නම් ගංජා ය.
    රජය විසින් නීති සම්පාදනය කර මොනරාගල අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නිදහසේ ගංජා වගාකිරීමට ඇති නීතිමය අවහිරතා නැති කල යුතුය. එම දිස්තික් වල නේවාසිකව සිට ගංජා පානය කිරීමට නීතියෙන් අවසර දිය යුතුයමේ ක්‍රමවේදය අනුගමනය කලොත් සන්චාරක වියාපාරය අහස උසට දියුනු වනු ඇත.
    විදේශික ගංජා ලෝලීන් මත්තලින් මෙරට පැමින මලක් දෙකක් ගසා සැප විඳිනු ඇත. මීට අමතරව terminal illness වලින් පෙලෙන රෝගීන් ද better pain management ලබාගැනීමට මෙහි එන බැවින් පුද්ගලික රෝහල් කීපයක් ද එම එකේ පටන් ගත හැකිය...

    මෙන්න සරස තුමා ගේ ප්‍රායෝගික ආර්තික ක්‍රමවේදය....

    ReplyDelete
    Replies

    Maathalan - Priyantha HewageAugust 11, 2014 at 9:48 AM
    වැරදියි.. විදේශිකයෝ වැඩිපුරම එන්නේ ඇක්ටිවිටීස් සොයාගෙන. ඔය බේරුවලයි, නැගෙනහිර පැත්තෙයි තිබුනට මෙහේ ඇත්තෙම නෑ. නයිට් ලයිෆ් නෑ. සුපිරි සංචාරක ව්‍යාපාරය ඇත්තේම නෑ. අර සෝමවංශ අංකල් කිව්වා වගේ චූන් පාන් එකෙන් කිඹුලා බනිස් කන උන් එන්නේ. එහෙම උන් එක්ක මොන ටුවරිසම් ද...?


    Uditha MeeghathennaAugust 11, 2014 at 10:40 AM
    මොනව උනත් ගංජා වවන යෝජනාවට මගෙත් සහයෝගය


    Sa rasaAugust 11, 2014 at 8:39 PM
    ඔබ තුමා කියන්නේ විදෙශ සන්චාරකයින් එන්නේ ඇක්ටිවිටීස් සොයාගෙන කීයලා.... අපි ගංජා නීත්‍යානුකූල කලොත් මෙතෙක් ලංකාව දෙස නොබලපු ganja smokers ටික මෙහේ එන්න පටන් ගන්නවා.... ඔය Holland වල වගේ....

    සැබෑවටම මෙම නීතිය ක්‍රියාත්මක උනොත් එක රැයකින් ලංකාවේ ඇති සියලුම හෝටල සන්චාරකයන් ගෙන් පිරෙනවා...
    අනෙක් අතට ගංජා වගෙ වල් පැලාටියක් ලේස වැවෙන දෙයක් මිස බොහෝ ශ්‍රමය කැප කර සාදන බෝගයක් වැවීමට තරම් අපෙ කස්ටිය කැපකිරීම් කරන්නේ නැහැ... අපි ඉතින් සොබාවයෙන් ම කම්මැලියි නේ...ඉතින් මේක win win situation එකක්


    විලෙන් තන මල්
    නෙලා වන මල්
    ගසන මන කල්
    ජීවිතේ ....මල්!

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම ඉගෙන ගන්නවා නේ... හැබයි දැනට එන වැඩිම පිරිස එන්නේ මම කියපු දේවලට තමයි.. මම කියන්නේ උන්ටම දෙන එක නෙමෙයි... මේක ආර්ථික භෝගයක් හා අපනයන භෝගයක් ලෙස වවන එක ගැනයි.. අනික වී වගාවට ආදේශකයක් ලෙස වැවීම ගැනයි... ඒ වගේම කැසිනෝත් දාන්න ඕන... මේ තියෙන කැසිනෝ ඉස්සරහා නැවත්තුවම උන් අහනවා මේවටද උඹලා කැසිනෝ කියන්නේ කියලා... හැබයි එදත් මම විරුද්ධ වෙලා නම් නෑ...

      Delete
    2. // අපි හැමදාම ඉගෙන ගන්නවා නේ... //

      thas my man!

      Delete
  19. Aththa thamayi!Mama ona tharam dakala thiyanawa samahara atha palath wala minissu hama denama wage geta pitipasse ganja gahak dekak wawala thiyenawa!Hawasata soosthiyakin ange pathe rudawa aragannawa.Oka maha aparadayak widihata salakenne ayi kiyala matath therenne naha.

    ReplyDelete
    Replies
    1. සුද්දා මේක තහනම් කලේ උන්ගේ ඒවා විකුනගන්න. අපේ හරක් තාම ඒ තහනම ගෙනියනවා.. මොකෝ මුන්ට බද්දක් හම්බ වෙන්නේ නෑ නේ.

      Delete
  20. මේ ගිණී තියන එවුවා ජැමැයිකන් එවුන් දැක්කනම් උන් ගින්නට පනිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා... ආයේ දෙකක් නෑ... කොහොමද උන්ගේ රොකට් වල සයිස් එක....

      Delete
  21. අන්න එකනේ.. හැබැයි කොළඹ KG නම් පට්ට ජරාවක්! ඊට වඩා හොඳයි සපත්තු පොලීහ් ටින් එකක් හුරාගෙන කෑවානම්!

    ReplyDelete
    Replies
    1. ඔය කේරල මල ජරාවක් ගහලා මෑතකදි මට කුකුල් ලෙඩෙත් හැදුනා... බොරු නම් අටමාගෙන් අහපන්කෝ...

      Delete
  22. මේ වැඩේ බැරිනං ඇයි වල්ලා පට්ටා ක්‍රමානුකූලව වවලා පිටරට යවන්න උත්සාහ නොගන්නේ?

    ReplyDelete
    Replies
    1. ගෑණූ ඉන්නවනේ පිරිමින්ටත් වඩා... වහල්කමට පටවන්න... යවන වයසත් අඩු කරන්න කියලා තිබුනේ.... කාළකන්නිකම ඇර වෙන මොකක්ද බං... මහ බැංකුවට දාන්න ලංකාවේ එකෙක් නෑ... සිංගප්පූරුවෙන් හොරෙක් ගේනවා... ඔය මළදානේ අපේ ගෙවල් ගාව සල්ලි එක එකාගෙන් අරගෙන පොලිටය දෙන සීලවති අක්කට දුන්නා නම් ඒත් කරනවා... ඔයිට වඩා හොඳට..

      Delete
  23. ඔන්න මචන් ලීගලයිස් කරල එක්ස්පෝර්ට් කරන්ට පුලුවන්නම් හොදම අයිටම් එක. ලංකාවේ තණමල්විල තියෙන මල් වලට ගහන්නනම් කිසිම මලක් නෑ බන්. ඉස්සර අපෙ යාලුවෝ සෙට් එකනම් රුපියල් 3000/- විතර දීල ග්‍රෑම් 50ක් විතර ගෙනත් කොළ දඬු අයින් කරල හොඳම ටික තමයි ස්මෝක් කරන්නෙ. මම කියන්නේ මේ 1998 විතර.

    ඒත් මෙහේ ජොයින්ට් කියල තියෙන්නේ මෙව්ව.

    Cheese
    Lemon
    Synthetic
    Skunk
    Amnesia

    අන්තිම දෙක තමයි වැඩිපුරම. පුදුම ගඳක් තියෙන්නේ. හැබැයි බන් ලංකාවේ පාර්ලිමේන්තුව ඔය වැඩේට අතගැහුවත් කොමිස් කුට්ටි පාස් උනාට පස්සෙ ගොවියට හිතෙයි ද දන්නේ නෑ මිට වැඩිය හොඳයි වී ටිකක් වගා කොරගෙන හිටියනම් කියල. එච්චරටම ඉතින් අපේ පාර්ලිමෙන්තුවේ ඉන්නෙ දේශ හිතයිශි මිනිස්සුනේ. ඒවගේම පහල තියෙන ඩොකිමෙන්ට්‍රි එකත් බලහන්. එක මම බලපු හොඳම එක. ජය වේවා..!!

    'The Culture High'
    https://youtu.be/zPFIEiIKjsQ

    ReplyDelete
    Replies
    1. සාමාන්නිය ජනතාවට තහනම් උනාට, පාර්ලිමේන්තුවේ ඉන්න අය බිසිනොස් එක ගජරාමෙට කොරනවා... කිසි ගේමක් නැතිව...

      Delete
  24. සද්ද බද්ද නැති සුන්දර වටපිටාව.. රස වෑහෙන පළතුරු.. සංගීතය.. කංසා.. එක් කරගෙන ටුවරිසම් වල අලුත්ම පෙරලියක් කරන එක ලංකාවෙ සිම්පල්.
    මම මේ කිව්වෙ රට යවන එකට අමතරව.
    හැබැයි පිටින් අඩුවට හාල් ගෙන්නන උත්තරෙන් අපේ රටේ කන්න ටික වවාගන්නැතුව නවත්තන එක නම් ඉල්ලන් කෑමක්.එක එකාගෙ ඇජෙන්ඩා වලට නටන්න වෙනවා හාල් නැවක් ගෙන්න ගන්න ඊට පස්සෙ.ටෙක්නික් එක නම් වෙනස් කරන්න ඕනෙ.
    මොනව උනත් පුංචි පැලෑටියෙන් වැඩක් ගන්න පුළුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බං යන්න... කුරහන් ගේන්නෙත් පිට රටින්... අල ළුෑණූ පරිප්පු ඔක්කෝම එන්නේ පිට රටින්... නුවර එළියේ අල පකිස්තාන් ඒවට වඩා ගනන්.. ඕක තමයි අපේ උන්ගේ තියෙන ගෝත්‍රික ගතිය..

      Delete
    2. ඒ විතරක් නෙමෙයි මාතයියෙ ලුණු පැකට් එකත් දැං එන්නෙ ඉංදියාවෙන්.ඇයි කේ ජී? ඉතිං ඒ ක්‍රමේ හරිද? ගෝත්‍රික බැරි නම් මොන ගතියෙන් හරි කන්න බොන්න ටික වත් රට ඇතුලෙ විස අඩුවෙන් හදාගන්න කරන අරගලේට ගස්ලබ්බා සපෝට්.

      Delete
    3. එහෙනම් අහවල් රෙද්දටද බං උඹලා ආන්ඩුවලට බනින්නේ... දෙන දේ කීයට හරි කාලා වෙන දේ බලාගෙන ආඩම්බරෙන් හිටපල්ලා...

      Delete
    4. බතින් තොර ළොවක් නොමැති වෘෂභයනට එවන් සිතිවිලි පහළ වීමෙම අරුමැයක් නොවන්නේමැයි..

      Delete
    5. rata thula haal nipadameema thamaoi hari.

      Delete
    6. @ජගත් පතිරණ.
      //// හුකෑස්.. පාං පෙත්තක් බටර් ගාගෙන ගිලිනවාට වඩා සම්බෝලයි බතුයි මට නම් රහයි තමයි.ඒක සංස්කෘතියත් එක්කත් බැඳුනු කාරණාවක්.ඔයාට නොතේරෙනවා ඇති.ඉතිං මට පාං ද? හෙහ් හෙහ්

      මාතයියා.. අපනයන භෝගයක් විදිහට කංසා වැවීම හොඳ යෝජනාවක් තමයි. කොරහේ කිඹුලෙක් පෙනෙනවා.ඔන්න ඔහේ කියලා දාන්නම්.
      ඇෆ්ගනිස්ථානය,පකිස්ථානය වගේ රටවල් පොපි වගාව ලෙසටම කරන රටවල් නෙ.කොටින්ම පොපි අස්වැන්න නෙලන කාලෙට අමෙරිකාව ඇෆ්ගනිස්ථානෙට සටන් විරාමෙකුත් දුන්නා.නමුත් මේ වගාවන් හා මුදලත් එක්ක බිහිවුනු පාතාලය විසින් ත්‍රස්ථවාදයක් පතුරා හැරීම නිසා ඒ රටවලට හානියක් වෙලයි තියෙන්නෙ.
      ඉතිං කංසා වගාවට අවසර දීමත් එක්ක රජයේ මැදිහත්වීම මොන වගේ තිබිය යුතුයැයි හිතනවාද?

      Delete
    7. නටන්න බැරි එකෙක් කිව්වලු... කීයටවත් නටන්න බෑ බං... පොළොව ඇදයි කියලා.. ඒ පාර හොඳට හදලා දුන්නාම මූ කියනවලු :ලෙවල් එකකුත් අරගෙන ඇවිල්ලා තැන් දෙක තුනක පොඩ්ඩක් ලෙවල් එක ඩුයි කියලා... අපේ රටේ කිතුලට ගිය එකාටත් උත්තරයක් තිබුනා බං.. සමහර වෙලාවට ඌ උඹලැයි සීයා කෙනෙක් වෙන්ටැති.. උඹ මොකෙද බං මහ ළොකු දොස්තරලත් අපඩේට් නැති එකේ.. ඇමරිකාවේ ප්‍රාන්ත 24 ක අවසර දීලා තියෙන්නේ, මෙහේ දොස්තරලා තරම් මොළයක් නැති උන් වෙන්නැති එහේ ඉන්නේ.. අනේ හුකේ නන්නානේ.. උඹයි මායි හඳපානේ..

      Delete
    8. හෙහ් හෙහ් හෙහ්..

      Delete
    9. මේ තියෙන්නෙ මම උත්තර දීපු හැටි..
      http://gaslabba.blogspot.com/2015/05/blog-post_26.html

      Delete
  25. ගංජා ව්‍යාපාරයක් පටන් ගන්න වගේ

    ReplyDelete
    Replies
    1. අවසර දුන්නොත් මාත් බහිනවා වැඩේට...

      Delete
  26. ලංකා නිවුස් වෙබ් එකට නියම නිවුස් නැති වු විට පලකරන මේ ලිපි සඳහා මාතලන්ට මුදල් දෙන්නේ නැහැ නේද ඇයි ඒ ? මාතලන්ට දැන් මුදල් අදාළ නැත නිසා පොරසිදදිය ඊටවඩා අදාළ නිසා ද ? නෑ නෑ මේක සල්ලි යන්නේ අජියගේ ලෝටස්ලෑන්ඩ් එකවුන්ට් එකට නේද

    ReplyDelete
    Replies
    1. පිස්සුද මට නම් ගෙවනවා ඩොලර් වලින්... වැඩිය සද්ද බද්ද දාන්නේ නැත්තේ, වැට් මෑන්ගෙන් බේරගන්න අමාරුනේ...

      අනික ඉතින්, ගඳ ගගහා වේලී වේලී ගියපු බොගට, වටිනාකමක් දුන්නේ උන් නේ..

      Delete
    2. අනිවාර්යෙන්ම මොකක් හරි සම්මානයක් ලැබෙයි ටයි එකක් දාගෙන එන්න එක දෙනදාට

      Delete
    3. හං මචං... උඹ ටයි එක ගෙනෙන්... මම ටයි පං පං ගාලා දාගන්නම්... අප්පුඩියක් ගහපන් හොඳේ... කුහක කම පැත්තකින් තියලා...

      Delete
    4. සම්මාන මතක් වෙනකොට ටයි පං පං ගානවනේ .....

      Delete
    5. මගේ නම් එහෙම නෑ.. උඹලගෙ එහෙම වෙනවා කියලා මේ කොමෙන්ට් වලින් හොඳට පේනවා..

      Delete
    6. /// මගේ නම් එහෙම නෑ/// දැන් එක හෙලවෙන්නේ වත් නැතිද

      Delete
    7. කොල්ලෝ ගහන්නේ නෑ බං..

      Delete
  27. 'Lets plant Ganja instead of Rice Cultivation'

    Bad English. It should be corrected like this.

    'Let's grow 'Ganja' (Cannabis) instead of Paddy cultivation'.

    ReplyDelete
    Replies
    1. හා මචං.... මගේ ඉන්ගිරිස් නෙමෙයි හින්ගලත් බෑඩ් කියලා සම හරක් කියන්නේ ... මම පොත් වල තියෙන විදියට ජීවත් වෙන එකෙක් නෙමෙයි... හැබයි මම කියන දේ මිනිස්සුන්ට තේරෙනවා..

      ඉන්ගිරිසි ඔත් වලින් ඉගෙන ගත්ත උන්ට ඕවා ළොකු උනාට... සුද්දන්ට ඕවා ගැටළුවක් නෑ... කියන දේ තේරෙනවා නම් එච්චරයිනේ...

      Delete
  28. මාතලං , මලක් ගහලා තියෙන එකා විතරයි බං ඒකෙ ගුනේ දන්නේ .

    අපේ බ්ලොග් පෝස්ට් උනත් මෙයිට වඩා සාර්ථක වෙනවා මලක් ගැහුවොත්

    ReplyDelete
    Replies
    1. එතකොට ලියන්නේ මහ පොළොවෙ පය ගහලා නෙමෙයි නේ හඳේ ඉඳන්... එහේදී ගුරුත්වාකර්ෂණේ අඩුයි නේ... ඉතින් සිතුවිලි පාවේනවා.... අල්ලගෙන ගොන්පීටරේට දාන්න ඉතරයි තියෙන්නේ...

      Delete
  29. ඕලන්දෙන් එන ඒවා හම්බවෙලා නැද්ද? ෆූහ් !

    ReplyDelete
    Replies
    1. මචං....ගංජා වර්ග බොහෝමයක් තියෙනවා. AK47, වයිට් විඩෝ.බ්ලු ඩ්‍රීම්ස්, ගර්ල්ස් ස්කවුට් ආදී වශයෙන්. මේවාගේ ආතල් වශයෙන් ඩිෆරන්ට් එෆ්ෆෙක්ට්ස් කියලා කියනවා. වෙනම සමාජයක් ඇතුලේ ලංකාවෙත් තියෙන බව දන්නවා. ග්‍රෑම් එකක් 15000ක් විතර බවත් අහලා තියෙනවා. මේක වෙනම මාතෘකාවක්.

      Delete

    2. Here are some common terms for marijuana, with some more familiar than others:

      Pot. Weed. Grass. 420. Ganga. Dope. Herb. Joint. Blunt. Cannabis. Reefer. Mary Jane. Buds.
      Stinkweed. Nuggets. Chronic. Tobacco. Hay. Rope.
      Gangster. Skunk. Boom. Blaze. Ashes. Block. Boo.
      Broccoli. Burrito. Burnie. Charge.

      Geographic Street Names for Marijuana

      There are also street names and nicknames for the various geographic regions where marijuana is produced. These names include:

      Acapulco Gold.
      Panama Gold.
      Black Russian.
      Texas Tea.
      Indo.
      Maui Wowie.
      Thai stick.
      Mexican.
      Colombo.


      Cultural Marijuana Terms

      There are also cultural terms for marijuana that vary throughout distinct geographic regions. For example, marijuana is called “dagga” in South Africa. North Africans call the drug “kif.” In Jamaica, it is called “ganja.” The Spanish term is “mota” and the Hawaiian name for marijuana is “pakalolo.”

      Delete
  30. අපේ වෙද මහත්තයලා නං දැනට ටික කාලෙකට කලින් ඒ අයගේ ගංජා කෝටා එක වැඩි කරගන්න කතා කරා.. මක්ක උනත් මාතේ, ඔය කතාව ඇති වෙච්චි දවස් වලම මට හිතුනා මේක මසුරං කතාවක් කියලා.. ඇයි යකෝ වැඩි පුර හොයන්න පුලුවන් කම තියෙද්දි වහ බොන්න වෙන ඒවා වවන්නේ..

    මටත් හිතිල තියෙන්නේ දිගටම ගංජා ගහන්න.. මේ සිකැරැට් එපා වෙලා ඉන්නේ.. හැක්..

    තහනම පන්නනු.. වී නවතනු.. ගංජා වවනු..

    ReplyDelete
    Replies
    1. ටොපිට ගංජා ගහන්න කියන්න නෙමෙයි යකෝ මේක ලිව්වේ...

      හොයියන්ට වී වවලා වහ බොන්නේ නැතිව ගංජා වවලා ප්‍රාඩෝ එක්ක යන්න ආන්ඩුව උනන්දු කරවන්න..

      (මලක් ගැහුවට අවුලකුත් නෑ ඉතිං..... හිටං...)

      Delete
  31. පලවෙනි දව්සෙ ගන්ජා ගහ්නකොට හැදුන කැස්ස නිසා ගන්ජා එපා උනා

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ මටත් උනා.. පස්සෙ අවුලක් නෑ.. ඉස්සර මට මලක් ගහන්න ඕන උනාම.. තනකොල ටිකක් උදළු ගාලා ගිහි ගොඩක් ගහනවා.. පස්සේ තමයි හඳට යන්නේ.. නැත්නම් අහල පහල මිනිස්සු බලනවා නේ දුමක් නැතුව කැළෑවක් ගිනි තියලා තියෙන්නේ මොකාද කියලා...

      Delete
  32. මලක් වෙලා ඔබ පිපෙන්න......

    මචං මේ පාර ලන්ඩන් චන්දෙට cannabis is safer than alcohol(CISTA)කියන සංවිධානෙන් පොරක් චන්දේ ඉල්ලුවා. සැලකිය යුතු චන්ද ප්‍රමානයකුත් ගත්තා.

    ගංජා තෙල්, ගංජා ඇට, ගංජා ඇට පිටි මෙහෙ කඩවල්වලින් ගන්න පුලුවන්. ඇට සහ තෙල් සැලඩ්ස් වලට ගන්නවා. මේදේවල් කරන්නේ මේකේ තියෙන ඖෂධීය ගුණය නිසා. පිටිවලින් පාන් වගේ දේවල් බේක් කරන්න පුලුවන්. ගංජා කෙඳිවලින් ඇඳුම් හදනවා. මට hemp shirt එකක් තිබුනා යාලුවෙක් දීලා.very expensive.. හරි පහසුයි ඒ මැටීරියල් එක. hemp seed oil මිලි 500ක් රුපියල් 2000 පනිනවා. මේවාගෙන් වැඩගන්න පුලුවන් පුච්චන්නේ නැතුව.

    ගංජා පත්‍රයත් නරකම නැහැනේ....ලොල් නොවී පොඩි ලල් එකක් ගන්න අය බොහෝයි..

    ReplyDelete
    Replies
    1. අපේ උන් මොන්වද දන්නේ... අරක්කු සිකැරට් වලට වඩා අති භයානක බෝම්බ වගේ ජාතියක් කියලා...

      හරක් ඉන්න රටක ඉපදුනාම උන් වගේම ඉන්න එපාය බං...

      Delete
  33. ගංජා නීතිගත කරන්නය කියා ලෝකයේ බොහෝ රටවල උද්ඝෝෂණ කරනු මා අසා දැක තිබෙනවා. නමුත් දිගු කාලීනව ගංජා භාවිතයෙන් ශරීර සෞඛ්‍යයට අයහපත් ප්‍රතිපල අත්වනබව වෛද්‍ය මතයයි. ගංජා ශාකයේ ඇති යම් මුලද්‍රව්‍ය මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් සඳහා වේදනා නාශකයක් ලෙස දැනට ලෝකයේ රටවල් කිහිපයක්ම භාවිතා කරනවා. මේ මෑතකදී ඕස්ට්‍රේලියාවෙත් මේ සඳහා නීති සම්පාදනය වුනා.

    ReplyDelete
    Replies
    1. @බඩ් ඉන් ඔස්..... ඔය කියන්නේ මරියුවානා ස්මෝකින් ස්ටේට් එකෙනේ බං. ගංජා කිව්වුම ස්මෝකින්ග්ම නැතුව, වෙන ප්‍රොඩක්ට්ස් හැටියටම එලියට ගන්න පුලුවන්නේ. මම සූස්ති බුවෙක් නෙමේ. නොගහා ඉන්නෙත් නැහැ. මම කියන්නේ ඒකෙන් ගන්න පුලුවන් එකොනිමකල් වාසි. ගංජා කියන්නේ ඔතලා ගහන සූස්තියක්, ජොයින්ට් එකක් වගේ ලිමිට් කරලා දාන එක මහා අපරාදයක්. මට සල්ලි තියෙනවා නම්, මම ගංජා බයි ප්‍රොඩක්ට්ස්වලට ඉන්වෙස්ට් කරනවා නීත්‍යානුකූලව.

      Delete
    2. ඕනෑම දෙයක් ඔනෑවට වඩා එපා කියන්නේ එක තමයි... බත් උනත් වැඩිපුර කෑවම නොයෙක් ලෙඩ එනවනේ...

      Delete
  34. හරියට කියවගන්න දුන්නෙත් නෑ....අයියෝ.මේ මාතලන්......මට ආව දවසක් අදහසක්.....මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයිලුනෙ...ඒත් මට හිතුනෙ ගොඩක් මේ ගොවියො දුප්පත් මේ මිනිස්සුන්ට සල්ලි නෑ සමහර වෙලාවට කන්ඩ නෑ...ඒ හින්ද මේ මිනිස්සු රජ වුනොත් එහෙම සැප විදින්ඩ බලනව මිසක්ක රටේ දියුණුවක් හොයන්නෙ නෑ...අනික දැන් mr උනත් ඕය වාක්‍ය දාගෙන කාලයක් චන්දෙ කොරානෙ.මිනිහත් ගොවියෙක් මිනිහත් කොරේ ඔය සැප අසීමාන්තිකව හෙව්ව එක කියන එකයි මගේ මතය

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවනේ......ඔය සාපේක්ශ සැපට සීමා නැහැනේ. අපි ඔක්කොම පිස්සෝ වගේ දුවනවා. ඕක හාමුදුරුවනේ ගිහි පැවිදි භේදයක් නැතුව දුවන දිවිල්ලක්. තමන්ගේ යුතුකම් කොටස අවසන් වෙච්ච තැනදි තමයි මිනිස්සු පොඩ්ඩක් තෘප්තිමත් වෙන්නේ. මේක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ආගමික සන්දර්භයක් අස්සේ නෙවෙයි කියලා මම හිතනවා. ඔය බයිලා කියන බොහෝ අයට, බොහෝමයක් දේ අත හැරගන්න බැරිව (බැරිව නොවේ..ආස නැහ අතාරින්න ) පට්ට ටෝක් දෙදි කුණු ඇඟට ටොෆි දෙනවා. ඇඟට වඩා අමාරුයි හාමුදුරුවනේ සමහරුන්ගෙ හිතට ටොෆි දෙන්න. පොඩි හාමුදුරුවනේ...නිකං ඉන්න ගමන් වටපිටාවේ භෞතික මිනිසුන් ගැන පොඩි හිතුවිල්ලක් දාන්න. නොපෙනෙන සයිබරය ඊට වඩා හපන්. පට්ට චූන්..

      Delete
    2. එයා කෑවේ ජනතාවගේ සල්ලි නේ... ගොයියෝ කන්නෙත් එහෙමමයි.. ඉතින් මේ කියන්නේ ස්ව ශක්තියෙන නැගී සිටින්න පුළුවන් ක්‍රමයක්...

      Delete
  35. ගංජා වැවිල්ල කෙසේ වෙතත් වී වගාව නවත්තලා වෙන මොනවා හරි අදායමක් ලැබෙන දෙයක් වවන්න කියපු කතාවට නම් මාතගේ කටේ මසුරන් දාන්න වටිනවා.

    වවන්නත් සහනාධාර, කපන්නත් සහනාධාර, විකුනන්නත් සහනාධාර. සහනාධාර දිදී ගේම ගහන්න සිද්ද වෙලා තියෙන්නේ ඔය වගාවේ මොකක් හරි අවුලක් තියන හින්ද නේ. එහෙම බලෙන් වැඩේ ගෙනිහින් කිසිම වගතුවක් නැහැ. විකුනන්න පුළුවන් දෙයක් වවපල්ලා කියල පැත්තකට උනා නම් කට්ටිය අතට කීයක් හරි එන දෙයක් වවා ගනී. නැත්නම් වගාව අතහැරලා දායි.

    පරිණාමය වෙන්නේ නැති උන් වඳ වෙලා යනවා...

    ReplyDelete
    Replies
    1. සහනාධාර සිස්ටම එක නවත්තන්නේ නැතිව මේ රට ගොඩ ගන්නවා බොරු.... හැම එකාම ඉන්නේ කාගෙන් හරි කන්න බලා ගෙන...

      Delete
  36. ගංජාවල මත් කුඩුවලට සාපේක්ෂව අඩු විනාශයක් නේද තියෙන්නෙ. ගංජා අතෑරල සිගරැට් වලට ඇබ්බැහි කළේ සුද්දා උංගෙ බිස්නස් මාර්කට් කරගන්න.
    ඔය මල්පබා කලාකාරයො ගංජ ගහල හොඳ නිර්මාණ කරනව නේද. සමහර නළුවො සුපිරි රඟපෑම් දෙන්නෙ මල් වඩියක් උරල. ගොඩක් සිංදු ලියන අයයි, කියන අයයි එහෙම තමයි.
    දැං හවසට සුදර්ශියෙ නුග ගහ යට මල් පිපෙන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නේ නෑ... හැබයි එදා මල් වලට ප්‍රේම කරපු උන් අදත් මල් වලට ප්‍රේම කරනවා...

      Delete
  37. ගංජාවල මත් කුඩුවලට සාපේක්ෂව අඩු විනාශයක් නේද තියෙන්නෙ. ගංජා අතෑරල සිගරැට් වලට ඇබ්බැහි කළේ සුද්දා උංගෙ බිස්නස් මාර්කට් කරගන්න.
    ඔය මල්පබා කලාකාරයො ගංජ ගහල හොඳ නිර්මාණ කරනව නේද. සමහර නළුවො සුපිරි රඟපෑම් දෙන්නෙ මල් වඩියක් උරල. ගොඩක් සිංදු ලියන අයයි, කියන අයයි එහෙම තමයි.
    දැං හවසට සුදර්ශියෙ නුග ගහ යට මල් පිපෙන්නෙ නැද්ද.

    ReplyDelete
  38. සුද්දො ගංජ තහනම් කරපු එක ගැන ලිපියක් පත්තරේක තිබුන හේතුව ඒකෙ විදිහට මෙහෙමයි.
    උන් හැමදාම යුද්ධ කලත් පරාද වෙනවලු , 200 විතර හමුදාවකට 50 ක් විතර සිංහල සොල්දාදුවො ඇවිත් මහ විනාශයක් කරනවලු. අන්තිමට මේකට හේතුව හොයාගෙන යද්දි සිංහල සොල්දාදුවො හවසට මලක් ගහල උගෙ ලෝකෙ රජ විදිහට හිතන මානසිකත්වය තමයි මේ මොරාල් එකට හේතුව කියල තමයිලු ගංජ තහනමක් ගෙනාවෙ.
    ගංජ වවල එක්ස්පෝර්ට් කරන්න ඕනෙ කතාව අපි කිවුවෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදං. ඒ කාලෙ ඇට පුපුරන රොකට් ගහන කාලෙ එංගලන්තෙ ඉදං එකෙක් ගෙනාව සුපිරි ( නටු නැති, ඇට නැති රොකට් එකක් ගහන ගමන් )
    අනිත් එක වල්ල පට්ට , දර යාර වලට විකුණනව ඇරෙන්ඩ ලාබයක් නැති සබොර ගස් ටික වෙනුවට මෙච්චර වටින වල්ල පට්ට ගස් ටිකක් හිටවන්ඩ අපේ එවුන්ට හිතක් පහල වෙන්නෙ නැත්තෙ ඇයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඔය වෙද පප්පගේ අරිෂ්ඨෙට දාලා තියෙන්නෙත් මේවය කියලා කියනවනේ... අරාබි වෙළෙන්දෝ මෙහේට එන්න හේතුවත් ඒකය කියලා කියන්නේ.. ඉස්සර ඕනම මැල්ලුමකට මෙයින් කොලයකුත් දානවලු.. ඇත්තටම ගංජා ගහනවට වඩා ඖෂධයක් හා උත්තේජකයක් විදියට තමයි භාවිතා කරලා තියෙන්නේ.. මට මතකයි ඉස්සර අපේ එකෙක් උන්නා බුලත් විඩෙත් එක්කත් පොඩ්ඩක් ගන්නවා.. ෆුල් ෆිට් පොර.. ඔය දැන් බාබුල් ගහනවා වගේ තමයි...

      Delete
  39. ලංකාවේ ගංජාවැනි මත්ද්‍රව්‍යයක් වගාකිරීම සහ විකිණිම සිදු නොකරන්නේ එම මත් ද්‍රව්‍ය බොහෝ රටවල්වල තහනම් ද්‍රව්‍යයක්වන බැවින් එවාට අලෙවි කිරීමට නොහැකිවීමත් මත්ද්‍රව්‍ය වෙළදාම මගින් රටේ තත්වයට යම් ගැටලුවක් ඇතිවීමට ඉඩ තිබෙන බැවින්ය.

    ගංජා තහනම ඉවත් කිරීම මගින් ලංකාවේ සියලුම ස්ථානවල කිසිදු අපහසුවකින් තොරව ගංජා වගාකල හැකි බැවින් දේශියව විශාල වෙළදපොලක් ඇතිවීමේ ඉඩ ඉතාමත් සීමීතය. සංචාරක කර්මාන්තය වැනි දෙයකදී සංචාරකයින්ට යම් ප්‍රමාණයක් දක්වා විකිණිමෙන් යම් මුදලක් ලැබිමට හැකියැයි අපේක්ෂාකලද ගංජා සදහාවන තහනම ඉවත්වීම මගින් ඒ සදහා වැඩි පිරිසක් යොමුවීමත් අවදානම අඩුවීමත් නිසා මිල මට්ටම ඉතාමත් පහල තත්වයකට යාහැකි බවයි මම සිතන්නේ, රටින් පිටතට ගංජා විකිණිමට ඇති හැකියාව සහ එලෙස තහනමක් නොමැතිව විකිණිය හැකි රටවල් පිලිබදවද මාහට අවබෝධයක් නොමැති බැවින් ඒ පිලිබදව අදහසක් නිවරදිවම ප්‍රකාශ කිරීමට නොහැකිය.

    මාතලං යෝජනාකරන පරිදි අගය වැඩිකල වෙනත් රටවල තහනමකට ලක්විය නොහැකි ද්‍රව්‍යයක් නිශ්පාදනය කිරීමට කටයුතු කරනු ලැබුවහෝත යම් සීමීත කාලයක් දක්වා පමණක් එමගින් හොද ආදායමක් ලැබිය හැකියැයි සිතමි.

    ----ප්‍රදීප් මංගල----

    ReplyDelete
    Replies
    1. ඇයි කෙටි කාළයක්... ලිංගික උත්තේජන ඖෂධවලට තියෙන ඉල්ලුම සදාකාලිකයි...

      Delete
  40. මේ අදහස නිවැරදි කාලෝචිත එකක්.ඒත් වාජීකරණයටයි, ඖෂධ වලටයි පමණක් කොටු කිරීම ඒ සොබාදමෙි අති විශිෂ්ඨ නිර්මාණයට කරනා අවමානයක්. වී ගොවිතැන සඳහා නවීන තාක්ෂණය හා දැනුම යොදා ගැනිමෙන්
    පවතින පසුගාමී ඉරණමින් මුදවා වඩාත් උසස් ලාබදායි පහසු තත්වයකට ගැනීමයි කලයුත්තෙ. කංසා තහනම් නොකරන්නට පෙනඩෝල් පෙත්තක වත් මුලු ලොවම ගිලගෙන සිටින ඖෂධ මාෆියා බූවල්ලාට මේ රටේ විකුණාගත නොහැකි බව සුද්දා හොඳින් දන්නා නිසාත් දැනට ලාභදායි ව්‍යාපාරයක් ලෙස මේ රටේ තක්කඩි දේශපාලුවන්ට ඉල්ලමක් වන නිසාත් තහනම නිරුප්‍රදිතව පවතී. මෙය කර්මාන්ත 50000 කට වඩා යොදා ගත හැකි අමුද්‍රව්‍යයක් වේ. ප්ලාස්ටික්,ෆයිබර්,පෙට්‍රල්,ඩීසල්,කොස්මැටික්,ඖෂධ,වැනි නිෂ්පාදන සඳහා මහා කර්මාන්ත පුරවරයක් බවට මේ රට පරිවර්තනය කිරීමට මෙම ශාඛයට හා රටට සැබෑ ආදරයක් සංයුක්ත මොළ පද්දතියකට ඉතා සුලු කාලපරිච්චේදයක් ප්‍රමාණවත් වනු ඇත.බොක්කෙන් හිතන අපේ පාර්ලිමේන්තු හීන් බබාලාට නම් මේවා හීන පමණක් නොව වහකදුරුද වනු ඇත.ප්‍රමුකත්වය ගතයුත්තේ ඒ පිළිබඳ අවබෝදයක් හා අවංක වුවමනාවක් ඇති පිරිස්ය. ඒ සූස්තිකාමීන් නොව දෑහිතකාමීන්ය.මේ පිළබඳව උස්හ ඩක් නැගීමට ප්‍රබල එකතුවක අවශ්‍යතාවයක් පවතී. ඒ සඳහා ආරාාධනාා.

    ReplyDelete
  41. දැන් එතකොට කේ.ජී. කියන්නේ මොනවද. දැනුයි මේක දැක්කෙ.

    ReplyDelete
  42. Very good article. I am facing many of these issues as well..

    ReplyDelete
  43. Thanks for sharing your thoughts on linked internet page. Regards

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න