.

.

Jun 5, 2016

මෛත්‍රිට හා රනිල්ට අයත් කොම්පැනියක් ගිනි ගනී - Kosgama Blast


මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට අයත් යහපාලන සමාගමේ ගබඩා සංකීර්ණයක් වූ කොස්ගම සාලාව අවි ගබඩාවේ ගින්නකින්, එම ප්‍රදේශය පුදුකුඩුඉරුප්පු ප්‍රදේශය මෙන් එකම සුන් බුන් ගොඩක් වී ඇති බව, "ලංකා ජී නිව්ස්" වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

ප්‍රදේශවාසින් හා මේ ස්ථානය පිළිබඳව දැණීමක් ඇතිව උන් ජනතාව, මෙය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් අවි ගබඩාවක් ලෙස වැරදි වැටහීමකින් උන් බව, දේශප්‍රේමී මාධ්‍යන් තුල පළවන පුවත් වලින්ද, ඔවුන්ගේ වෙබ් අඩවි වලින්ද, එමෙන්ම දේශප්‍රේමීන්ගේ බුකි සටහන් වලින්ද අනාවරනය වෙමින් පවති.

මේ අතර, ඒ අසල ඇති කන්දක් නාය යන බවද "දිවයින" පුවත්පතේ ගූ විජ්ජාග්නයින් විසින් සොයාගෙන ඇති අතර. එම කනදේ ජීවත් වූ ජනතාව බ්ලූමැන්ඩල් පෙදෙසේ දිවයින කාර්යාලයේ තාවකාලිකව නවතා ඇති අතර, කැන්ඩොස් ආයතනය ඔවුන්ගේ ආහර අවශ්‍යතාවයන් සපුරමින් පවති.

අවුරුදු ගනනාවක් තිස්සේ මෙවන් භයානක ගබඩා සංකීර්ණයක් ජනතාව බහුලව ගැවසෙන ස්ථානයක් පවත්වාගෙන යාමට එරෙහිව, විමල් වීරවංශ හා ප්‍රභාත් ගම්මන්පිල මහත්වරුන් මේ වන විට සෙරේස්ඨාධිකරනයට පෙස්සමක් ඉදිරිපත් කර ඇති අතර, ගම්මන්පිල මහතා වැඩි දුරටත් සඳහන් කළේ, ඩලස් අලහප්පෙරුම හා බන්දුල ගුණවර්ධන යන යුධ විසේසග්නයින් හා එක්ව, තවත් පෙස්සමක් ජීනීවා හී මානව හිමිකම් කමිටුව වෙතද යොමු කිරීමට ක්‍රියා කරන බවයි.

42 comments:

  1. වෙලාවට හරි කරුමෙටහරි ගොන්මන්පිලලට ආයෙත් කියවන්ට වමාරන්ට මාතෘකාවක් හම්බ වෙලා ඇත..🙈

    ReplyDelete
    Replies
    1. පුදුමයි නොකිව්වොත් කොටින්ගේ වැඩක් කියලා...

      Delete
    2. අම්මටහුඩු..!! සිරාවටම ඕයි..!! 😂👍

      Delete
  2. ඔවුව්වා ඔහොම තමා, ගනන් ගන්න එපා....ඇයි නාමල් ගේ ශැන්ග්‍රි ලා හෝටලේ සිරිසේන විවුර්ත කොලේ....ඒකත් එහෙම තමා....

    ReplyDelete
    Replies
    1. ඒක නාමල්ගෙද....? අර ඩුබායි වල එක නම් එහෙමයිලූ නේ...?

      Delete
    2. ඔවු ඒකත් එකක් තමා....

      Delete
    3. සා රස සැහෙන ආතල් එකක් ගන්නවා මේ සීන් එකෙන්!

      Delete
    4. //සා රස සැහෙන ආතල් එකක් ගන්නවා මේ සීන් එකෙන්! //

      ඔවු ඒකත් එකක් තමා....

      Delete
    5. ++++++++++++++++++++++++++++

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එකාගේ බද්ද වෙච්ච් විපක්ෂයේ නායකයාගේ මහා ගෙදර කොස්ගම බොරළු ගොඩ වලව්වේ ඉඳන් කරපු උප්පරවැට්ටියක ප්‍රතිපලයක්

    ReplyDelete
    Replies
    1. දැන් කෑ ගහයි පිස්සූ බල්ලා වගේ....

      Delete
    2. මොන පිස්සුද ...

      අන්න රනිල් තුමා එතුමා ගේ පාසල් මිත්‍රයා වන දිනේශ් තුමා ගේ බොරලුගොඩ වලවුවටත් ගොඩ වෙලා ....

      ආපදා කලමනාකරණ රැස්වීමෙදි දිනේශ් තුමාට තැන්කියු එකකුත් දුන්නේ......

      Delete
    3. පිස්සු බල්ල වගේ කෑගහන්නෙ උබගෙ රනිල් නෙ

      Delete
  5. මෙම පිපිරීම මුල් කරගෙන, හමුදා කඳවුරු ළඟ සිටීම සාමන්‍ය ජන ජීවිතයට බාධාවක් බව සාධාරණීකරණය කර ඉදිරියේදී තවත් හමුදා කඳවුරු උතුරු නැගෙනහිරින් ගලවා ඉවත් කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. අවි ගබඩාවක් හා හමුදා කඳවුරක් කියන්නේ නම් දෙකක්.. ඒත් එහෙම කියන්නත් ඉඩ තියෙනවා...

      Delete
    2. පසුගියදා කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සලකා බලමින් උතුරැ පළාතේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කල යුතු යයි දෙමළ ජාතික සන්ධානය අද යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය

      Delete
  6. හැබෑටම මොකද්දෑ පුපුරලා තියෙන්නේ...................?

    ReplyDelete
    Replies
    1. හොයාගන්න විදියක් නෑ... මොකුත් එතන තිබුනෙත් නෑ කියයිද දන්නේ නෑ....

      Delete
    2. කඳවුර තමන්ම පුපුරුවාගෙන.

      Delete
    3. ලමාතන් ,
      සැල්වෙසෝන් ආමි එකේ පැන්සෝන් එකන් දිරිය ගෙවන කෙනක් මාගලක් දිග විස්ලෙසක්නක් කරලා ඔබාමටත් උපදෙස් දීලා ලු මාරයි ඔයි !

      Delete
  7. පිපිරුවෙ නෑ කියයිද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඕන නම් එහෙම කියන්නත් පුළුවන්... මොකෝ දැන් එතන මුකුත් නෑ....

      Delete
  8. දැන් යාපනේ කට්ටිය බස්/වැන් අරගෙන කොස්ගම ට්‍රිප් එකක් එයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...
      උන් එයි දැන් කොස්ගම
      කවි ලියයි
      විසාලා වගේ සාලාව ගැන
      වතුර ටැංකිය ගැන

      Delete
  9. කොටි ඩයස්පෝරාවට රට පාවා දීම වෙනුවෙන් පොරොන්දු උනු තවත් පොරොන්දුවක් යුද හමුදාව අවි බලයෙන් දුර්වල කිරීමේ උපායක්

    ReplyDelete
    Replies
    1. අන්න හරි නෝමා...ඕකම තමයි වෙලා තියෙන්නේ....(බයියන් 50-60 මැදට වී බයියෙකු බවට රූපාන්තරනය වෙමින්...)
      කටුස්සා

      Delete
    2. අර ඇමරිකන් කාරයොත් මේ ටිකේ මෙහේ උන්නා නේ....

      Delete
  10. (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.06, පෙ.ව‍‍.7.20) යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය.

    ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන බවයි.

    ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි.

    ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ.

    එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය.

    මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය.

    කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි ලංකා ඊ නිව්ස් සමග අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය.

    ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය.

    මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.

    එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.

    ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

    ReplyDelete
    Replies
    1. රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම
      in Featured, LNW SPY June 6, 2016

      ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.

      ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද එජාපයේ කොලු ගැටුම හා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තේන් සියල්ලම අනාවරණය කර ගැනිමට අපට හැකි වි තිබේ.

      අදාළ මෙහෙයුම පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම 2010 සිටම හමුදාව පාවාදෙමින් සිය වරප්‍රසාද රැක ගැනිමට හිගමනේ යෙදෙන වෙල්විදානලාගේ සරත් ෆොන්සේකා මෙන්ම රනිල්ගේ කොලු සුරතලා වන සාගල රත්නායක මෙන්ම එජාපයට හිතවාදි අප කලින් අනාවරණය කල නාදුනන මේජර්වරයාද සිටි.

      සාලාව යුධ හමුදා අවි ගබඩාව තුල යුධ හමුදාවට අයත් නවිනතම ආයුධ ඇතුලු ආයුධ අමරිකානු ඩොලර් බිලියන 4.5ක් ඉක්මවා ගබඩා කර තිබු අතර එම සම්පූර්ණ අවි තොගය අපට අහිමි විමත් සමග යුධ හමුදාවේ අවි බලය සියයට 60%කින් පමණ අඩුවි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

      සාලාව යුධ හමුදා අවි ගබඩාව එකවරම පිපුරුමට ලක්වුයේ කෙසේද?
      විද්‍යාත්මක පදනමක් මත සියලුම අවි ගබඩා කර තිබු සාලාව යුධ හමුදා අවි ගබඩාව මතුපිටින් සිදුකෙරෙන ගිනී තැබිමකින් හෝ අඩුම තරමේ බෝම්බ ප්‍රහාරයක් මගින් හෝ විනාශ කල නොහැකි බව ආරක්ෂක ප්‍රධානින් අද දිනය පුරාද විටින් විට මාධ්‍ය හරහා තහවුරු කර සිටියා.ඒ වැනි යම් ප්‍රහාරයකින් ගින්නක් ඇති වුයේනම් එය නිවාදැමිම සදහා අවශ්‍ය තරමටත් වඩා ස්වංක්‍රිය ආරක්ෂක පද්ධතියක් එය සතු වුවද අවසානයේ එම පද්ධතිය ක්‍රියාත්මක වුයේද නැති බව නොරහසකි.

      ඒසේනම් අනිවාර්යයෙන්ම කඳවුරු තුල තිබු ආයුධ සතුරා අතට පත්විම වැළැක්වීම සදහා වු ආයුධ විනාශ කිරිමේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය.ඒවැනි තත්ත්වයකදි පමණක් හදිසි ගිනී මැඩපැවැත්වීමේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවන බවද ආරක්ෂක අංශ හරහා තහවුරු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු
      වාර්තාකරු අනාවරණය කළා.

      සැකය තහවුරු වන අකාරය….
      පිපුරුම 5.45ට සිදුවන අතර පලමුව පුපුරා යන්නේ එම ගබඩාවේ උණ්ඩ රැස්කර තිබු ගබඩාවය ඒ සමගම පනාගොඩ කඳවුරේ සිටි හමුදා භටයන් සහ පොලිසිය යොදවා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට කටයුතු කිරිම.පයිප බාස් කෙනෙකු ආරක්ෂක ලේකම්වරයෙකු වු රටක ඒ තරම් වේගයෙන් මිනිසුන් ඉවත් කිරිමේ මෙහෙයුමක් හෝ එවන් අදහසක් ඔහුන්ට පහල නොවන බව තහවුරුය.

      එපමණක් නොව ඉරිදා දිනයක් මේ සදහා යොදවා ගත්තේ කදවුරේ සෙබලුන් වැඩි පිරිසක් එදින නිවාඩු දිනයක් ලෙස සලකා කඳවුරෙන් ඉවතට පැමිණ සිටිම සහ ඉතිරි වි සිටි අනිකුත් හමුදා සාමාජිකයන් අත්‍යවශ්‍ය කරුණක් බව සදහන් කරමින් පනාගොඩ හමුදා කඳවුරට කැදවා තිබිම. (cont.)

      Delete
    2. වික්‍රමසිංහගේ Facebook මෙහෙයුම

      "කොස්ගම සාලාව යුධෝපකරණ ගබඩාවේ අද ඇති වූ ගිනි ගැනීමේ තත්වය නිසා එම කඳවුර තුළ ගබඩා කොට ඇති යුද උපකරණ ගිනි ගනිමින් තිබේ .අප ප්‍රථමයෙන් එම කදවුරෙන් කිලෝමීටර තුනක දුරක පදිංචි ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස දන්වා ඇති අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම දුර ප්‍රමාණය තවදුරටත් වැඩිවිය හැකිය .දැනටමත් මෙම සිදුවීමෙන් ඇතිවිය හැකි හානිය අවම කිරීම සදහා අදාල පියවරයන් රැසක් ගනිමින් තිබේ. මෙම සිදුවීම හැකි ඉක්මනින්, අවම හානියකින් කළමනාකරණය කිරීමට එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය අදාල අංශ වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි."

      අනික් අතට දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක කියා සිටියේ කුමක්ද?

      අපි පුලුවන් තරම් ඉක්මනට එම ප්‍රදේශයේ ජනතාව් ඉවත් කලා.ඒ නිසා ජිවිත හානී සිද්ධ වුනේ නෑ…යන බණේ පමණකි.

      ජනපති සිරිසේන සහා අගමැති රනිල් කොස්ගම සාලාව හමුදා කදවුරේ ගින්න ගැන පෙර සිට දැනසිටියේද?

      පිපුරුමෙන් පසුව මෛත්‍රී අතුරුදහන්

      වෙනදාට හැම රෙද්ද අස්සේම රිංගා තමන්ගේ නැති පෞරුෂවය සාදා ගැනිමට ප්‍රකන ජනපති සිරිසේන අද දකින්නවත් නැත.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිද්ධිය සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට ඔහුගේ දිව නොනැමෙන්නේ තමන් කල පාපි ක්‍රියාව ඉතාමත් නුදුරු දිනකදිම පඩිසන් දෙන බව දන්නා නිසා ජනතාව ඉදිරියේ හිටං කතාවක් කරන්නට ඔහුට බැරි නිසාවේනි.

      එයට තුඩු දෙන කරුනු වනුයේ
      01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.
      02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.
      03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.
      04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?
      05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?
      06. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.

      ඉහත කරුණු එකිනෙකට ගැලපීමේදී තහවුරු වන්නේ මෙය යම් සැලසුමක ප්‍රථිපලයක් බවය. ඒ අන් කවරක්වත් නොව යුධ හමුදාව සම්පූර්ණයෙන්ම මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමය.

      මන්ද ජාත්‍යන්තරය හරහා රට බෙදිමේ මෙහෙයුමක යේදි සිටින යහපාලකයන්ට යම් දිනයක මේ රටේ ප්‍රගතිශීලි ජනතාව පොලිස් බල්ලන් දමා මර්දණය කරන විට රට වෙනුවෙන් යුධ හමුදාව නැගි සිටිම පාලනය කිරිමට යහපාලකයන් දැන් සිටම කටයුතු කර අවසන්‍ ය.

      එහෙන් කොටින්ගේ හංගපු අවි ආයුධ නවීන මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හමුවෙද්දී මෙහෙන් හමුදාව සතු අවි ආයුධ විනාශ වෙනවා හරිම සාමාන්‍ය සිදුවීමක් නේද? ඔය විනාශ වෙච්චි අවි ආයුධ වෙනුවට ආදේශක ලැබේවි කියලා හිතනවද?ලොවෙත් නෑ…යුද්දෙ නැති එකේ ආවුද මොකටද?මහින්ද කලාවගේ මුදල් නාස්තියක් අපි කරන්නේ නෑ කියලා මුන් නොකිව්වොත් ඕං බලහල්ලාකෝ තව ටික දවසකින් රටේ නායකත්වය දුර්වල කිරීම පළමු පියවර,හමුදාවෙ ජේෂ්ඨයින් ඉවත් කිරීම දෙවැනි පියවර, බුද්ධි අංශය විසුරුවාහැරීම තුන්වැනි පියවර, ආයුධ ශක්තිය දුර්වල කිරීම සිව්වැනි පියවර… පියවරෙන් පියවර මේ යන්නේ කොයිබටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද? ඒත් ඉතින් චේතිය ආරක්ෂක ලේකම් කියන පයිප්ප බාස් කියාවි ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ කියලා ඔච්චරයි වෙන්නේ… මිනිස්සු හිනාවෙලා නිකන් ඉඳීවි … කුණාටුවක පෙරනිමිති පහල වෙද්දී සූදානම් නොවෙන මිනිස්සු කුණාටුවට අහුවෙලා විනාශ වෙන එක නවත්තන්න බෑ… එහෙම කියලා නිකන් ඉන්නත් බෑ දැන්වත් එකාමෙන් එක් වී බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙමු..

      Delete
  11. You very good write this. Racism people no any where this like insidant hapen.

    ReplyDelete
  12. ආණ්ඩුවක් පත්කරලත් කුලී ලියන්නට සැනසීමක් නැති හැටි

    හිත රිදෙන දේවල්මයි වෙන්නේ....


    ගිහින් සුමනදාස හම්බවෙලා කේන්දරේ බලාගනින්

    ReplyDelete
    Replies
    1. සුමනදාසගෙන් බලලා තොපේ එකාට වෙච්චි දේ වෙන්නද...?

      හැබ්යි සුමනෙටත් මල් තියලා වඳින්න ඕන ඒ කරපු ජාතික යුතුකමට...

      Delete
  13. මේක පුපුරනකොටම මම දැනගත්තා දෙතුන්ගොල්ලම මේකෙ වරද අනිකා පිට පටවන ගමන් මේකෙන් දේශපාලන වාසිය ගන්න හදයි කියලා. මොකද මෙච්චර පරක්කු කියලා බැලුවේ.

    ReplyDelete
    Replies
    1. මේක මේ ලාංකිකයන්ට අයත් එකක් නෙමෙයි.... රනිල්ටයි මෛත්‍රිටයි අයිති එකක්....

      මෙහෙම හරක් එක්ක ඉන්න පින් කරලා තියෙන්න ඕනා...

      Delete
  14. මහින්ද කියල තිබුනේ මේක ගොඨාභය වෙන තැනකට අරගෙන යන්න සැලසුම් කරපු ගබඩාවක් කියල, අපරාදේ කියන්න බෑ කොයිතරම්නම් සැලසුම් තිබිලද මහින්දට නේද....?
    මුල් අවුරුදු 10දී ඔයටික කරගන්න බැරිවුන එක තමයි වැඩේ, තව ඕනේනම් අවුරුදු 2ක්ම තිබුනනේ....

    කොහොමටත් ඔය ආයුධ ගෙනැල්ල තිබුනේ කොහෙට හරි ගහල ඔයිට වඩා ලොකු විනාශයක් කරල දාන්නනේ, දැන් ඉතින් අවශ්‍යතාවයට කලින් පුපුරල වෙන තැනක්නේ විනාශාවෙලා තියෙන්නේ, මටනම් බය හිතෙන්නේ තව කීයක් අපේ අතින් යාවිද කියල ආපහු අපිටම කෙලින්න ආයුධ ගෙන්වන්නයි, කැඩුනු බිදුණු ගෙවල්ටික හදන්නයි.

    අනිත් අතට යුද්දෙ නැති එකේ ආයුධ බිස්නස් කරන කට්ටියටත් කීයක් හරි හොයාගන්න හොද වෙලාවක් මේක....

    ReplyDelete
    Replies
    1. මරා යුධ විසේසග්නයෝ නේ මේ රටේ ඉඳලා තියෙන්නේ...

      Delete
  15. බය්යන්ට සැනසිල්ලක් දෙන්නෙම නෑ මේ ගවපාලනය .....එකක් ඉවර වෙනකොට එකක් කක්කි නානවා පොඩි එඋන් වගේ.......අර්ටික ඔස්ටර්ල අර්ටිකය හොදටම කරනවා........ආරක්ෂාව බාර එවුන් එක හොදටම කරනවා....පාරවල් කදංඇඋන් එහා හොදටම කරනවා.....කෙහෙල්ගේදී බෙදංඇඋන් එහත් සුපිරියටම කරනවා.....බැලුන් අරිනැඋන් එකත් හොදටම් අරිනවා......වොල්ක්ස් වගොන් ගගනෙක ලක්ෂ විසිපහට බෙදා බෙදා යනවා......සන්තෝසේ විලිලජ්ජාවේ බෑ ටෝඉයන්ට....

    ReplyDelete
  16. ගිණි නිවීමේ පුහුණුවකදි ද දන්නෑ උනේ කියන්නෙ. මම නෙමෙයි.. රටේ ආරක්ශක අමාත්‍යාංශයේ ලේකම් තුමා.
    අඳෝමැයි..
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න