.

.

Jun 6, 2016

යහපාලනේ කුණු වැඩ හා වන ජීවී අධ්‍යක්ෂක ඉල්ලා අස්වීම - Sumith Pilapitiya's Resigning



මීතොටමුල්ලේ කුණු කන්ද පුත්තලමට කෝච්චියෙන් ගෙනියන්නත්.. ඊට පස්සේ කොළඹ එක් රැස් වන කුණු පුත්තලමට ගෙනියන්නත්, කලින් ආන්ඩුවෙත් ප්ලෑන් එකක් තිබුනා කියලා මගේ බොක්කක් මෑතකදි කිව්වා.. අද, වන ජීවී අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙලා තියෙන්නේ, විල්පත්තුව වන රක්ෂිතය මායිමේ තියෙන අරුවක්කාලූ කියන ප්‍රදේශයට කොළඹ කුණු ගෙනයන්න කැබිනට් මන්ඩලය ගත්ත තීරණයට විරුද්ධව.

කැබිනට් මන්ඩලයේ මූලාසනය ගන්නේ ජනාධිපති. උන්නැහේ මේ ඊයේ පෙරේදා මොකක්ද පරිසර උස්සවේකදි, නා ගහක් එහෙම ඉන්දලා. මාර "සිරා ටෝක්" එකක් දුන්නා පරිසර ඇමති කම එයාට තියා ගත්තේ ඇමති වරුන්ටවත් ඒක කරන්න බැරි තරමට බලපෑම් තියෙනවය, ඒ නිසා ඒක එයාගේ යටතට අරගෙන එයා ඒක ගුවන් හමුදාවටයි, නාවික හමුදාවටයි, යුධ හමුදාවටයි, ඇස් ටී ඇෆ් එකටයි බාර දීලා තියෙනවය, ලංකාවේ වනාන්තර වලට මක්කා හරි වෙනවා නම් ඒක කෙලින්ම එයාට කියන්නෙයි කියාලා.

අනේ ඉතින් අපිට ඔබ තුමාට කියන්න තියෙන්නේ, අර පොලොන්නරුවට පොඩ්ඩක් එහායින් කඳුරුවෙල පාර අයිනේ කුණු ගොඩක් දාලා, අලි එතනට ඇවිල්ලා වෙන විනාසේ දැකලා නැද්ද කියලා විතරයි. මේ කුණු ගොඩේ තියෙන ඉටි කොල ටික ඇති වන ජීවීන් ටික විනාස කරන්න. ඒ වගේම ඒ විල්පත්තුව පරිසර පද්දතිය විනාස වෙන්න. මීට කලිනුත් රිෂාඩ් බද්යුදීන් කියලා කාළකන්නියෙක් විල්පත්තුව විනාශ කරලා, ඒක නවත්ත ගත්තේ පරිසරවේදියොයි, නානසාරලයි, අරුනුයි මුනුයි එක්කහු වෙලා පට්ට ගේමක් දීලා. එහෙව් එකේ ආන්ඩුව මේ හදන්නේ විලපත්තුව කුණු ගොඩක් කරන්න.

ලංකාවේ වනාන්තර තියෙන්නේ 18% ටත් අඩුවෙන්. ඒ ටිකත් නැති උනොත් මේ රටට වෙන විනාශය ගැන කියන්න දැන් සිද්ද වෙන දේවල් ටිකම ඇති. අර යකා නම් අඩු ගානේ මිනිස්සු හරි ගිහින් පදිංචි කලා. මුන් කරන්නේ හදන්නේ විල්පත්තුව කුණු කන්දක් කරන්න. බලාගෙන ගියාම මුන්ට වඩා ඒ යකා දාස් ගුණයක් හොඳා...

කොළඹ මෙගා පොලිස් හැදුවම අනිත් පැති වල උන් පරිප්පු කන්න ඕන නෑ. මේ රටේ ළොකු පොරවල් කරන්නෙත් ඕක. තමන්ගේ වත්තේ කුණු පාරේ දාලා යන එක. ආන්ඩුව කරන්නෙත් ඒක. ඔය කුණු, කැත, කක්කි වැඩ නොකර, මොකා හරි එක්ක එකතුවෙලා කුණු ප්‍රතිචක්‍රීයකරන වැඩ සටහනක් ඉක්මනටම ක්‍රියාත්මක කලොත්, ඔය මොන සංවර්ධන යෝජනා ක්‍රමේටත් වඩා වටිනවා.

මක්කා උනත් ආන්ඩුවේ කක්කා තීරණවලට එරෙහිව කොන්ද කෙලින් තියාගෙන ඉල්ලා අස්වුන මේ වගේ මනුස්සයන්ට අපේ ප්‍රණමය පුද කරන්නම ඕන... උන්නැහේ මෑතකදි, අලි හොරු ටික එකතු වෙලා, අලි ටික ආයෙත් උන්ටම ගන්න ජනාධිපති තුමත් එක්ක සෙට් වෙලා තිබ්බ මීටීමේදීත් කෙලින්ම ඒ වැඩේට විරුද්ධ උන කොන්දක් තියෙන මනුස්සයෙක්.. එමෙන්ම එතුමා දැනට ළෝකයේ සිටින වන ජීවී විෂය පිළිබඳව සිටිනා ඉහළම බුද්ධිමතුන් 10 දෙනා අතර ඉන්න කෙනෙක්... එහෙම මිනිස්සු මේ රටේ ඉන්න කාළකන්නි දේශපාලුවන්ටයි හොර නිලධාරින්ටයි කොහොමත් ගැලපෙන්නේ නෑ..

දැන් ඉතින් අලි ටික ආයෙත් අලි හොරුන්ටම යයි.. කුණු ටික විල්පත්තුවට යයි...

පට්ට යහපාලනේ ඕයි....!!!

නියම සිරා ටෝක් ඕයි....!!!

73 comments:

  1. කෙරූ නිසා පෙර යහපාලන ආලේ
    ගිහින් නැවතියන් දැන් ඉස්පිරිතාලේ!

    ReplyDelete
    Replies
    1. වැරදි වැටහීමක් ළොක්කා.... අපි ඇත්තටම ජෙප්පන්ටත් වඩා විප්ලව කාරයෝ.. ඒත් අපිට ගැලපෙන පස්සයක් තාම නෑ... ඒ නිසා අපි පාවෙන ඡන්ද වෙලා තියෙනවා...

      Delete
    2. අනේ පව් පාවෙනවා චන්දෙ යුඑන්පියට

      Delete
    3. // අපි ඇත්තටම ජෙප්පන්ටත් වඩා විප්ලව කාරයෝ.. ඒත් අපිට ගැලපෙන පස්සයක් තාම නෑ... //

      ඔයි කතාව නම් ඇත්ත.....

      Delete
    4. සරසෝ,
      ඔයාගෙ පොල් මල්ල ඇනෝලට වහල දාලනෙ.
      අනේ චූටි ඔන්නොහෙ ඇරල දාන්න, ඇනෝල පව්නෙ අප්ප.

      Delete
    5. අපකීර්තිමත් ඇනෝ කෙනෙක් ට දොර වැහුවනේ..... සාදාරන ඇනෝ ලාටත් එකම සැන්ටැන්සිය .... ඇනෝ ඇවිත් ගේම දීම ජාතික පුරුද්දක් නේ...මක්ක කොරන්නද.. ඔහෙගේ නමින් ම ආවනම් නරකැයි?

      Delete
    6. මෙන්න වාහන ගන්න ලිස්ට් එක


      ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ - රුපියල් හත් කෝටියක්

      ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අනූලක්ෂයක්

      විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක - රුපියල් නවකෝටි දසලක්ෂයයි

      නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක්

      නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

      සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

      ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි

      විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

      රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

      තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන - රුපියල් හත්කෝටියක්

      විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

      කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

      වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

      අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල - රුපියල් හත්කෝටියයි

      බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - රුපියල් හත්කෝටියයි

      නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

      නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

      ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා - රුපියල් හත්කෝටියයි

      කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

      විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

      රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි

      රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

      වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

      Delete
    7. අප්පට සිරි ගජ කිව්වලු. කුඩු කාරයින්ටයි, එතනෝල් කාරයින්ටයි දැඩි දඬුවම් දීලනේ...

      යහපාලනේ දිගුකල් දිනේවා..!!!

      Delete
  2. මේ හුන්ඩුවක් විතර රටේ ඉන්න මිනිස්සු වැඩියි දැන්. මිනිස්සු මදිවට සත්තු. අලියෝ, ඌරෝ, මොනරු වගේ සත්තුත් සැහෙන්න වැඩියි.

    ඔය කෑලා තිබුනා කියලා, සත්තු හිටියා කියලා මක්කරන්නද මිනිස්සුන්ට ඉන්න නැත්තන්. වැඩිපුර වටින්නේ මිනිස්සුන්ද සත්තුද? මම නං කියන්නේ ඔය සත්තු වත්තේ ඉන්නවනේ සත්තු. ඒ ටික හිටියම ඇති.

    අනික් කැලා එලි පෙහෙළි කරලා මිනිස්සුන්ට වගා කරන්න පදිංචියට ඉඩ දෙන්න ඕනි. සත්තු ටික වඳ කරලා දාන්න ඕනි. උන් හිටියයි කියලා වැඩක් තියෙනවද? කාලකන්නි අලි, ඌරෝ වගේ සත්තු ඇවිල්ල මිනිස්සුන්ගේ වගා ටිකත් පාලු කරලා යනවා. කොළඹ ඉදන් බන කියන්න එපා ලොක්කා. ඈත ගම් වලට ගිහිං මාසයක් දෙකක් ඉදලා බලන්න මිනිස්සු විදින දුක.

    ලංකාවේ කැලා වල ඉන්න අලින්ගේ ප්‍රමාණය හොදටම වැඩියි. අනික මිනිස්සු ප්‍රමාණය අනුව වගා කරනං කොහොමත් තව ඉඩම් ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔය සත්තු මරණ එකම මිනිස්සුන්ට ආදේශ කරපු මේ වගේ ගවයින් පාර්ලිමේන්තුවෙත් හිටියා...

      Delete
    2. ඌරො නං දියවන්නාවෙ ඉන්නව. අලි දෙතුන් දෙනෙකුත් ඉන්නෙ.

      Delete
  3. රෙස්පා නිගා....

    ReplyDelete
    Replies
    1. හලෝ තංගල්ලේ මෞර්‍ය රාජ්, යහපාලනේට රෙදි උස්සගෙන කඩේ ගියානේ චූටි, ඔයා.? කොහොමද ඔයාගෙ දුර දක්නා නුවණ? ටිකිරි මොලේ ගොම නේද තිබිලා තියෙන්නේ?
      රාජපක්ශලාට ගමේ තිබිච්ච ගෞරවය සහ ඔයාලව කවුරුවත් සතේකට ගනං නොගැනීමේ හීනමානය සහ ඊරිසියාව නේද චූටි නේ ඔයාට තිබිච්ච එකම අරෝව?

      Delete
    2. AnonymousJune 8, 2016 at 8:39 AM
      තාම බලං ඉන්නෙ අප්පච්චි වලෙන් නැඟිටිනකල්ද?

      Delete
  4. මිලියන් විසි දෙකක් මේ රටට හොඳටම වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැඩියි.... ජන ඝනත්වය වැඩිම රටක්... ඒවට විසඳුම් හිතලවත් නැතිව ඇති....

      Delete
  5. අපේ පරිසර ඇමටියට ගහන්න ඕනෙ මඩු වලිගෙන් , හිටං .

    ReplyDelete
    Replies
    1. ඒක ඉල්ලගන්න වෙන්නෙත් එයාගෙන්ම නේ....

      Delete
  6. චීනේ කුණු ලංකාවට එන නිසා ලංකාවේ කුණු එහෙට පටවන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ස්වීඩනය වටේම රටවල්වල කුනු ගන්නවා.
      හැබැයි සල්ලිවලට නෙවෙයි සල්ලිත් එක්ක.

      Delete
    2. කාටෙයි කියන්නේ....

      Delete
  7. මක් කරන්නද සත්තලන් කිව්වලු...

    කුණු වැරැද්දෙන් කොටහක් අපිටත් බාර ගන්න සිද්ධ වෙනවා, දැන් කාලේ පුළුවන් කම තියෙන ඉඩකඩ තියෙන එවුන් පවා අහක යන කුණු ටිකෙන් කොම්පෝස්ට් හදා ගන්නේ නැහැ...
    ගෙදර තියෙන මල් පැලේට, එළවළු පැලේට කඩෙන් ගෙනත් මොනවා හරි පෝරක් දානවා...
    ඒ මදිවට ගෙදර කුණු ටික ගෙදරින් එළියට යවන්නේ පරිසරයට තවත් විනයක් වෙච්ච කඩෙන් සල්ලි දීලා ගන්න පොලිතින් කවරෙක දාලා...

    ReplyDelete
    Replies
    1. ඕකත් මහ ගොන් කතාවක් බං... ඔය අපිත් වග කියන්න ඕන කතාව...

      රටක පාලකයෝ ඉන්නේ නීතී රීති හදලා රට දියුණු කරන්න... උන් ඒ දේවල් නොකරනවට මිනිස්සු පලි නෑ...

      හොඳම උදාහරණය ඝෝඨා කොළඹ පිරිසිඳුවට තියාගත්ත එක.. ටොපි කොලයක් පාරේ තිබුනේ නෑ... ඒත් උන්නැහෙත් කුණු ටික මීතොටමුල්ලට දැම්මා මිසක්.. ඒක ප්‍රතිචක්‍රීයකරණය කරන වැඩේ කලේ නෑ...

      Delete
  8. super markets වල පොලිතින් බෑග් පරිබෝජනය වැඩි.එළවලු තුනක් ගත්තොත් බෑග් හතරයි.පොළේ ගියොත් නම් ඔක්කොම එකම බග් එකේ ගේන්න පුළුවන් .super markets වලට කඩදාසි බෑග් පරිහරණය කරන නීතියක් අවශයි

    ReplyDelete
    Replies
    1. ඔය සුපර් මාකට් පොලිතින් බෑග් කෙරුවාවට එංගලන්තය සාර්ථක ක්‍රමයක් ගෙනාවා. ඒක අති සාර්තකයි. ලියන්න වෙලාවක් නැහැ ඒ ගැන. සමාවෙලා එංගලන්තයේ ඉන්න කෙනෙක් ඒ ගැන ලියන්න. දැන් සමහරු අඬනවා ගෙදර කුණු ටික දාගන්නවත් ශොපින් බෑග් එකක් නැහැ කියලා. මෙහේ ඇවිල්ලා රවුං ගහලා හෝ පාටි මෙම්බර්ස්ලාට කතා කරලා යන ගමන් මේවත් ඔලුවට දාගෙන යන එක හොඳයි කියලා යෝජනා කරනවා.

      Delete
    2. බෑග් එකක් 5p.. නිකන් දුන්න කාලේ නම් මිනිස්සු ඕන තරම් අරන් ගියා. ඒත් දැන් 5p මහ ගානක් නොවුනත් මිනිස්සු දෙපාරක් තුන් පාරක් හිතනවා 5p වියදන් කොරන්ට කලින්. වේල්ස් වල නම් පොලිතින් බෑග් නැතිම තරම්.

      Delete
    3. මේ නීතී රීතී ගෙනත් මේ රට හදන්න නේද ඔය හරක් ටික අපි පාර්ලිමේන්තුවට දක්කන්නේ...

      Delete
  9. කිසිම දෙයක් කරගන්න බැරි පරිසර ඇමතිකම ලමයට බැරිනම් ගෑනිට දීලහරි කරගන්නයි තියෙන්නෙ. මේව විනාස නොකර හිටං.

    ReplyDelete
    Replies
    1. දැන් රජ ගෙදර බලන්න එන්නලු... ඔක්කෝම අමතක කරලා...

      Delete
  10. කුඩු කන්ටේනර්කාරයගෙ පුතා දැන් කුනු කන්ටේනර් වැඩේ බාරගෙන. අනේ මෙහෙමත් ඇමතිලා.

    ReplyDelete
  11. මේ රටේ මිනිසුන්ට ගැලපෙන දේසපාලුවෝ තමයි හම්බවෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සුන්ට කියන එක සාධාරන නෑ... බහුතරයකට කියලා කිව්වා නම් හරි...

      Delete
  12. සිරාවටම තමන්ගේ හිතට එකඟව රස්සාව කරන්න බැරි කමට රටේ ලෝකේ අයගේ ඇස් අරවන්න මෙතුමා කොන්ද කෙලින් තියාගෙන ගත්තු තීරණය අපූරුයි.

    දැන් අපි හැමෝම කරන්න ඕන ජහපාලන ආන්ඩුවෙන් BOT බැරි නම් ගිනිපොලියට නයක් අරන් හරි කුනු ප්‍රතිචක්‍රීකරන ප්‍රොජෙක්ට් එකක් පටන් ගනිව් කියලා ආන්ඩුවට බල කරන එක

    ReplyDelete
    Replies
    1. කුණු වැඩක් නිසා ජරාවත් එකසිය ගානට එහෙ මෙහෙ වෙනවා ඇති... ඒක නේ අදටත් සොලියුෂන් එකක් නැත්තේ...

      Delete
  13. ඔහොම අස්වෙන්න ගියොත් නිලධාරීන් වැඩි දෙනෙකුට අස්වෙන්න වෙයි. එතකොට ඒ දරුපවුල් වලට කන්න දෙන්නෙ පොලෝසියෙන්ද..?

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වලනම් පොලෝසියෙනුත් කන්ට වෙනව.

      Delete
    2. ඉස්සර 1988 - 89 කාලෙදිනම් පොලෝසියෙන්, ආමි කාරයින්ගෙන් විතරක් නෙවෙයි ජෙප්පො, ප්‍රා, කහබළල්ලු සහ තවත් නොදන්නා කාලකණ්ණින්ගෙනුත් හොඳට කන්න ලැබුණා.

      Delete
    3. හැක් උඹ කොහොමද ඉතුරු උනේ

      Delete
    4. ඇයි දැන් ඔය 186 ක්ද කොහෙද ඉල්ලා අස්වෙන්න යන්නේ... උන්ට හොරකම් කරන කොට අගේට ඉන්න පුළුවන් ගොට්ටත් අල්ලගෙන... ඒවා ප්‍රශ්ණ කරන කොට තමයි ඉල්ලා අස්වෙන්න යන්න...

      යනවානම් පලයව් කියන්න කොන්දක් නෑ මුන්ට... ජේ ආර් වගේ... හාල් පාරු නායකයෝ... දෙන්නම...

      Delete
  14. ඔහොම අස්වෙන්න ගියොත් නිලධාරීන් වැඩි දෙනෙකුට අස්වෙන්න වෙයි. එතකොට ඒ දරුපවුල් වලට කන්න දෙන්නෙ පොලෝසියෙන්ද..?

    ReplyDelete
  15. කුණු වලට කරන්න පුලුවන් දේවල් හතරයි තියෙන්නෙ
    Land Filling වැලලීම නැතිනම් බිම් ගොඩ කිරීම
    Incineration පුච්චා දැමීම
    Recycling ප්‍රතිචක්‍රීකරනය
    Composting දිරායාමට සලස්වා පොහොර වශයෙන් භාවිතා කිරීම

    ලෑන්ඩ් ‍ෆිලිං වැඩේ කරනවානම් බිමට ගණකම ප්ලාස්ටික් ෂීට් පවා එලලා කරන්න ඕනෙ නමුත් හැම තිස්සෙම ඒවා වැඩ කරන්නේ නෑ. ඒ මදිවට ඕවා යට කර කර ඩිඕඩිරයිසර් පවා ගහන්න ඕනෙ. එහෙම කෙරෙන්නේ නෑනේ.

    පුච්චන් එක ලේසිම වැඩේ. නමුත් ලෑන්ඩ් ‍ෆිලිං වගේම පරිසරයට හානි දායකයි. ගිණිතියන්න අවශ්‍ය ඉන්ධන හැටියට කුණු ගොඩෙන්ම එන බයෝ ගෑස් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. අර වගෙ නොතේරූ කුණු ගොඩකට කරන්න තියෙන ලේසි ක්‍රමයක්.

    ප්‍රතිචක්‍රීකරණය හරියට කලොත් බර වියදං. ප්ලාස්ටික් වෙනම. වීදුරු වෙනම. ලෝහ වෙනම කඩදාසි වෙනම. ඉස්සෙල්ලම මේවා වෙංකරගන්නත් වෙනවා. අන්තිමේදි හුඟක් වෙලාවට තේරුම් යනවා රිසයිකල් කරන්න අලුතෙන් හදනවට වඩා වියදමක් යනව කියලත්. නමුත් පරිසර හිතකාමී යම් දුරකට.

    කොම්පෝස්ට් කරන එක එලම වැඩේ නමුට් න්කවලං වෙලා තියෙන ප්ලාස්ටික් ලෝඩ් එකත් එක්ක ලේසි නෑ ඒක. පරිසර හිත කාමීනම් තමයි. මේක මහාපරිමානයෙන් කරනවට වඩා ලේසියි ගෙවල් වලදිම තම තමා කරගන්න එක.


    Was I talking bullshit?

    ReplyDelete
    Replies
    1. Was I talking bullshit?////

      may be ;)

      Delete
    2. උඹ හිතන්නේ මේ රට කරවන උන් මේ දවල් නොදන්නවා කියලද....?

      මේ රටේ මොකක්දෝ කරුමයක් තියෙනවා බං...

      Delete
  16. සජිත් මැට්ටගෙ පක්කලි සෙට් එකක්, යාලේ කැලේදි මරපු කොටියෙකුගේ දත් ගලවල අහු වෙච්ච කේස් එකෙකුත් එකෙකුත් තියෙනවා නේද?

    උන්ව අල්ලපු යාල භාරකාර නිලධාරියට වන ජීවී ඇමති මෝලා කියල තියෙනවලු සජිතයගෙන් සමාව ගන්න කියල.

    කුණු කේස් එකට අමතරව අලි කේස් එකයි, මේ කොටි දත් කේස් එකත් බල පැවද දන්නේ නෑ DG ගෙ ඉල්ලා අස් වීමට.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ.. එහෙම දෙයක් නම් ඒක උනත් කියන්න බය මනුස්සයෙක් නෙමෙයි මෙයා...

      Delete
    2. මෙයා නම් බය නැති මනුස්සයෙක් වෙන්න ඇති, ඒ වුනාට ප්‍රේමදාස ගෙ පුතාත් ප්‍රේමදාස වගෙයි කියලා එයාත් දන්නවා ඇති නේ?

      Delete
  17. සිරා කියන කතා විස්වාස කරන්න පුළුවන්යැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න අපා මල්ලි... ඒවා සිරා ටෝක්ස්...

      Delete
  18. ඔය කුණු කන්ද අරගෙන මක්කද කොරන්න ඊයේ පෙරේද ගිවිසුමක් අස්සන් කොලා නේද සුද්දොත් එක්ක. මක්කැයි එකට වුණේ.

    ReplyDelete
    Replies
    1. ඕක ගාවට සුද්දෝ කී දෙනෙක් එනවා පෙන්නුවද...? කුණු ගොඩට වඩා ජරාව ඉල්ලනවා ඇති හැම එකාගෙන්ම..

      Delete
  19. කුණු ටිකයි වනජීවී ලොක්කයි සතාසරුපයයි යකාට පලච්චාවෙ… !!! අතිගරු ජනාධිපති උතුමා ඉෂූ කරන ටෝක්ෂ් නෙවැ කාල ඉන්න බැරි මාතයියෙ..ඕ යේස්.
    එක්කො කට වහං හිටුකො ආතල් නොදී .…චැහ්

    ReplyDelete
  20. මේ ග්‍රාමසේවකයි ,අර ආඩම්බරකාර තාත්තයි දෙකම එකයි .
    අහිංසක ජනතාව දෙපැත්තට බෙදිලා කතිරේ ගහනවා .
    එක්කෙනෙක් මුකුත්ම දන්නේ නැහැ වගේ හිටියා .
    අනිකට අල්ලපු වැටේ දේ පෙන්නේ නැහැ .
    යහපාලනේට සුබ අනාගතයක් .!!!!!!!!!!

    ReplyDelete
  21. මම මේ බැලුවෙ බන්, යහපාලනේ, ගංවතුර, සාලාව අවි ගබඩා කේස් පැත්තකින් තියල කුණු කේස් එකවත් මේ මනුස්සය හරියට කරාවිද කියල. මොකක්ද බන් මේ ඇවුන්ට ඇත්තටම කොරන්ට පුළුවන් දේ??? හික් හික් හික්. ලබන ආත්මෙ තමා බන් අපි හිතන් ඉන්න එව්ව මුන් කරන්නෙ. එක්කො මුළු පාර්ලිමේන්තුවේම ඔලු හොදන්ට ඕනෙ. ඒත් වැඩක් වෙන්නේ න බන්. මොකෝ මුන්ගේ මොලේ රිප්ලේස් කොරන්ට බෑනේ හිටන්..!!

    ReplyDelete
    Replies
    1. මේක හැදෙන රටක් නෙමෙයි බං....

      Delete
  22. මේ මහත්මයා අස්වෙන හේතුව කියල තියනවද ?

    ReplyDelete
    Replies
    1. හේතුව නම් උඩින් කියපු දේ තමයි... හැබයි දැන් කතාවක් යනවා සජිත්ගෙ පොරක් යාල කොටියෙක් මරලා ඒක ෂේප් කරන්න යන නිසාය කියලා..

      Delete
  23. Hitan loketama pora talk didi lankawe thiyana serama uthsawayatama sahabagi wenawa arenna wena karana iti gediyak naha!Aththatama SUMITH mahathmaya wage boho denekuta rajaye sewaya epa wela thibunath rassawa dala yanna arthika sawiya nathiwa athi!

    ReplyDelete
    Replies
    1. ඒක ආන්ඩුවේ රස්සාවක් නෙමෙයි පත් කිරීමක්... ආන්ඩුවේ ඉන්න උන් සංසාරෙදි අස් වෙන්නේ නෑ...

      Delete
  24. U can start dividing it from begining. Here we have four types of garbage colletors. Plastic,metal then bottles,then paper and not re usable vontent. If u start from the single person it wont be much expensive i guess.

    ReplyDelete
    Replies
    1. This was in reply to dude. Sorry for mistake. Im on phone.

      Delete
  25. ප්‍රතිචක්‍රියකරය අරකය මේකය කියල වැඩ නං පටං ගත්ත ඒත් ඒ පටං ගත්ත දවස් වලට විතරයි.. මට මතකයි කුනු ජාති හතරකට පාට හතරෙ බාස්කට් රිත්තක් ගෙන්නල තිබ්බ. ඒත් ඒවැං හරි හමං වැඩක් වුණේ නෑ( මේ පැති වල නං)
    සිරා හොදයි කටිං බතල හිටුවල ගොන්නුන්ට ආතල් දෙන්න

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා ආතල් එකක් ගන්නවා ඇර කරන්න වෙන දෙයක් නෑ...

      Delete
  26. අපද්‍රව්‍ය කළමනාකරණය සිදුකිරීමේදි ලංකාවේ ප්‍රධාන බාධාව වී ඇත්තේ ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් නොමැතිවීමය, එබැවින් දැන් පවතින ඕනෑම ආණ්ඩුවකට සිදුකිරීමට සිදුවන්නේ පවතින යාන්ත්‍රණයන් යටතේ එකතුකරනු ලබන කුණු කිසියම් හෝ ස්ථානයක ගොඩගැසීමටය. එය මීතොටමුල්ලද, වෙනත් ගමක් හෝ නගරයක්ද, ගම්පොලද, විල්පත්තුවද හෝ වෙන අඩුම විරෝධයක් එන තැනක්ද යන්න පමණක් පවතින රජයටත් තිරණය කිරීමට සිදුවී ඇත.

    එහැර රජය විසින් කලින් කලට යෝජනා කරනුලබන කිසිදු ව්‍යාපෘතියක් දිර්ඝකාලීනව සාර්ථකව ක්‍රියාත්මක නොවන්නේ තවමත් එය සාමාන්‍ය මිනිසුන්ට, දේශපාලන අධිකාරින්ට ගැටලුවක් ලෙස නොදැනෙන නිසාය. මෙය තවමත් පළාත් පාලන ආයතනවලට කුණු දැමිමට තැන් හොයන්නට සහ තනි තනි මිනිසුන්ට කුණු විසිකරන්නට තැනක් සොයාගන්කම් පමණක් තිබෙන ප්‍රශ්නයක්ය. එයින් පරිසරයට ඇතිවන බලපෑම පිලිබදව සැලකිය යුතු බලපෑමක් සිදුකිරිමට මමද ඔබද ඇතුලු කිසිවකුට පුලුවන්වී නැත.

    මේ අවස්ථාවේදී රනිල් සහ එජාපය වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයින් මෙය මෛත්‍රිපාලගේ අවුලක් සහ දුර්වලතාවයක් ලෙස පෙන්වමින් තමන්ගේ ගොඩ ආරක්ෂාකර ගැනීමට කටයුතු කරමින් සිටිනවාය, එහෙත් එජාපය විසින් අවුරුදු 50කට වැඩි කාලයක් පාලනයකරනු ලබන කොළඹ නගරයේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මහනගර සභාව විසින් සැලකියයුතු දෙයක් කර නොමැත. අනෙක් නගර හා ප්‍රාදේශිය සභාවන්ද ඒ ආකාරයේමය. මෙවැනි තත්වයන් යටතේ නිලධාරින් ඉල්ලා අස්වීම මගින් මෙයට පිලිතුරක් ලැබේයැයි සිතන්නට නොහැකිය, මන්ද ඔහු විරෝධය දක්වන්නේ විල්පත්තුවේ කුණු දැමිමට පමණය (ඔහු ඉල්ලා අස්වීමට අදාල හේතුව මම දන්නේ නැත මෙහි මතුකර තිබෙන්නේ කුණු දැමිමට විරෝධය දක්වා කියාය), වෙනත් තැනකට කුණු දැමිම පිලිබදව ඔහුට ගැටලුවක් නැත. මෙතෙක්කල් ලංකාවේ හැම ගමකම, නගරයකම පාරවල් පුරා කුණු දමමින්යන සෑම අවස්ථාවකදීම එම ප්‍රදේශවල ජනතාවගෙන් විරෝධයන් ආවාය. හැමෝටම විරෝධය දක්වන්නට අවශ්‍යවන්නේ තමන්ගේ තැන කුණු දමන්නට එනවිට පමණය, එම තත්වය වෙනස්වී සියලු දෙනාම මෙම ගැටලුව විසදනලෙස බලපෑම්කරනතුරු කොහේ හෝ කුණු දමනවා ඇත, කුණු දමනතැන මිනිස්සු එයට විරුද්ධවනු ඇත....

    තමන්ගේ තැන කුණු දැමිමට පමණක් විරුද්ධවන්නන් විරයින්වන්නටද ඉඩ ඇත.... .

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      හැබයි පරිසර ඇමති සහ රටේ නායකයා සිරිසේන මිසක් රනිල් නම් නෙමෙයි...

      නමුත් සජිත් සම්බන්ධ කතාව ඇත්තක් නම්... අපි ඒවත් හෙලා දකිනවා දෙකක් නැතිව...

      Delete
  27. අන්තිමට දුක කියන්න වත් කෙනෙක් නෑ.. අපි අපිම කියාගෙන අපි අපිම බැන බැන අපි අපිම දුක් වෙනවා.. උං කාර් ගෙන්නගන්නවා.. අපි කැප කොරනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කාර ගත්තට අවුලක් නෑ බං ඒවා අපේ නේ... අපේ සල්ලි නේ..

      Delete
  28. සුමිත් ලා එහෙමයි.. කොන්ද කෙලින් මිනිස්සු.. :) ඔය සිරා ලා බිරාලා වගේ නැවෙන උන් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තද.... අපි දන්නේ නෑ නේ.....

      Delete
  29. කුණු කතාවගැන මටනම් සැක සහිතය. මොකද යහපාලනයත් එක්ක ඒ ප්‍රොජෙක්ට් එක යට ගිය නිසා. ඒකට ගත්ත ලෝක බැංකු නයටත් උනු දෙයක් නැහැ (ගෝඨාභය හිටියනම් ඕක හේතුවක් වෙන්න තිබුනා. ).

    හැබැයි සජිත් ප්‍රේමදාසට යටින් හතුරු dailymirror එකට අනුවනම් මේ ඉල්ලා අස් වීමට හේතුව අලි පැටව් හා යාල සතුන් දඩයම් ගැන ප්‍රශ්නයක්.

    http://www.dailymirror.lk/110716/Why-did-Wild-Life-Department-chief-resign-

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න