.

.

Aug 9, 2016

නීතීපති බුදිද බං, ඔලිම්පුක් හා වැට් (23+) - End of the Olympic Committee & VAT


අපේ ඔලිම්පික් - එච්චරයි - එපමණයි.... (සුසන්තිකා ජයසිංහ)
 මේ හාල්පාරු ආන්ඩුව මෙලෝ දෙයක් නොදන්නා හාල්පාරුවන් පිරිසකගේ සෙප්පඩ විජ්ජාවක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටි. මහින්ද මහත්තයාගේ අධිකරණයකින් යහපාලනය සාධාරණය ඉල්ලා සිටීමම, එහි හොඳම එකය. ගෝඨාභය අත් අඩංගුවට ගන්න එපා කියා පෙස්සමක් අරගෙන ගියාම, ඒක මාස 8 කටම දෙන්නෙයි කියලා තීන්දු දෙන්නේ, මහින්ද මහත්තයා පත් වීම් දීපූ අති සෙරේස්ඨ සෙරේස්ඨාධිකරණ වින්ශ්චකාරියන්ය. කඩුවෙලින් ඇප දෙන්නේ නැති කොට, බැසිල්ට ඇප දීපං ඩෝ කියන්නේ නීතී පති දෙපාර්තමේන්තුවය. පා ගමනට තහනම් නියෝග ගන්න ගියාම, පුකට පයින් ගහලා එලවන්නේ, අධිකරණය ගූ ගොඩක් කල සරත් නන්ද සිල්වා නම් උන්මත්තකයාගේ සුරඹි දෙනුන්ය.

සද්දේ දමාගෙන ගෙනා වැට් එක ශුන්‍ය කලා කියලා ඊයේ අති සෙරේස්ඨධිකරණයෙන් කතානායකට දන්වලා එවලාය. මුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ විධායක ජනපති කෙනෙක් මුදල් ඇමති කමේ ඉඳගෙන කළ සෙල්ලම්, නිකන්ම නිකන් ඇමතියෙකුටත් කරන්න පුළුවන්ය කියලාය. කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේත් පිලිගත් සම්ප්‍රදායකට නෙමේය. මහින්දගේ කාලේ ඕක ශූන්‍ය කරලා එව්වා නම්, එවපු එකාගේ ඇට දෙක ශූන්‍ය කරන්නේ පාර්ලිමේන්තුවෙන්ය. මහින්ද දාපු සෙල්ලම් මෙයාලාට හිතන්නවත් බැරිය. දැන් රනිල් අඬන්නේ, මහින්ද කරා නම් අපිට කරන්න බැරි ඇයි කියලාය. අපිට නම් කියන්න තියෙන්නේ අපි ඔහේලාව ඔතනට ඇරියේ මහින්ද කරපුවා කරන්න නෙමේ කියලාය. ඒ වගේම කිව යුතුව ඇත්තේ, මහින්දගේ උන් එක්ක හැමිනෙනවානම් හත් පොලේ ගාගන්නේ නැතිව හතර වරම් නෝන්ඩි නොවී සද්ද නැතිව හැමිනෙන්නෙයි කියලාය.

මුන්ට විපක්ෂ නායක කමත් බැරිය, අගමැති කමත් බැරිය කියපු විමලයා මට අහු උනා නම්, අම්මපා VAT 69 බෝතලයක්ම එ යකාගේ කටේ වක්කරනවාය. හෙට අනිද්දා වෙන කොට ජනාධිපති විමර්ෂන එකේ උනුයි FCID එකේ උනුයි, වැලිකඩ ගියොත් එහෙම ඔහේලා පුදුම වෙන්නත් එපාය. මොකෝ ජොනි වෝකර් දෙන ටෝක් වලින් පෙනෙන්නේ, හෙට අනිද්දාම එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලාය. උන් කොමිසමේ ඉස්සරහා හිටං, කොමිසමෙයි FCID යේයි, ජ්නාධිපතිගෙයි, අගමැතිගෙයි රෙදි ගලවන්නේ, කිසිම අනුකම්පාවක් නැතිවය. ඒකට ප්‍රජාතන්ත්‍රවාදේ කියනවා නම්, අපිට කියන්න තියෙන්නේ අනේ තොගේ ප්‍රජාතන්ත්‍රවාදේ රෝල් කරලා දෙකට නැමිලා පශ්චාත් භගයේ ගහ ගනියව් කියලාය.

Cartoon by - Awantha Artigala
මේ පිස්සු හිටං හුටංලාගේ වැල් බයිලා පැත්තකින් තියලා දැන් අදාල මාත්තුරුකාවට එනවාය. ඒ ඊයේ අර මැතිව් අබේසිංහ ගෝල්ඩ් මැඩල් එක දිනපු වෙලාවේ, දාපු වොයිස් කට් එකක් ගැනය. එතනදි ඔලිම්පුක් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු කිව්වේ, තව මාස දෙකක් බලා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අම්මට සිරි ලංකාවේ ඔලිම්පුක් කමිටුවට පුකට පයින් ගහලා එලවනවා කියලාය. එතකොට අපේ එකෙක් පරිසාධන මට්ටමේ ඉන්නවා නම්, ඌ ඊළඟ ඔලිම්පික් එකේ ගමන් කරන්නේ සිංහ කොඩිය යටින් නොව, ඔලිම්පික් කොඩිය යටින් කියලාය. මේ බව ක්‍රීඩා අමාත්‍ය බල්ටි උස්තාද් දයාසිරි ජයසේකරත් තහවුරු කලේය.

බලාගෙන ගියාම මාස දෙකකින් එහෙම කොරන එක අසාධාරනයි නේ ඩෝ කියා, ඕන ගොනෙකුට හිතෙන එක පුද්මයක නොවේමය. ඒත් මුන්ට චෑන්ස් එක දීලා තියෙන්නේ 2009 සිටය. ගැටලුව තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යන්ශයේවත්, හිටපු ඇමතිගේවත්, එයාගේ සෙල්ලම් සැක්‍රටරිගේවත්, ඔලිම්පුක් කමිටුවේ වත් නෙමේය. නීතී පති දෙපාර්තමෙන්තුවේය. උන් කියනවාය කියන්නේ 72 ද 73 ද ක්‍රිඩා පනත අනුව, කමිටුව කියන දේ කොරන්න බෑ කියලාය.

අපරාදේ කියන්නේ, හිටපු ක්‍රීඩා ඇමතියා කියූ මසුරන් කතාවක් අදටත් මාතලන්ට හොඳට මතකය. ඒ යකා කිව්වේ, මුන්ට කන්න බොන්න දීලා, විටමින් දීලා, අතිනුත් ගානක් දෙනවාට වඩා, හරක් ටිකක් හැදුවානම් ඊට වඩා ප්‍රයෝජනයක් තියෙනවාය කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. සුසන්තිකා ඔලිම්පික් ගෙනාවේ ඔය මුකුත් තීලා නෙමේය. සමහරක් විට මහින්ද මහත්තයා මෙන්ම කුමාරයන් තිදෙනාත් ජාතික ක්‍රීඩව වන රගර් ක්‍රීඩාවට මුල් තැන දී කටයුතු කල නිසාත්, ඒ අයට කවදාවත් ඔලිම්පුක් යන්න බැරි නිසාත්, ඔන්න ඔය මළදානේ අල්ලලා දාහන් කියා කිව්වද දන්නේත් නැතිය.

ක්‍රීඩා ඇමතිවරයාත් කලේ ජාතික ක්‍රීඩාව නගාලන එකය. එයා නාවලපිටියේ රගර් ග්‍රවුන්ඩ් හැදුවා පමණක් නොව, නාවලපිටියේ රගර් ටූනමන්ට් හිටන් තිබ්බේය. තව ටික කලක් බලේ උන්නා නම්, නාවලපිටියේ උන්ට තවත් ජාතික ක්‍රීඩවක් වන, නයිට් කාර් රේස් බලන්නත් තිබුනේය. රේස් බලලා අහක්ක වෙලා වයඹ ගල් ෂොට් එකක් දාගෙන රෂියන් කෑලී එක්ක ඩාන්ස් එකක් දාලා තේ පඳුරු අස්සෙන් යන ගමන් ලෙච්චිමිලාට වගේම,  නයෙකුට පොලෙඟෙකුට කියලා පොඩි ආතල් එකකුත් ගන්න තිබුනේය.

නිදහස් චතුරශ්‍රයේ උදේට පුක අඹර අඹරා වෝකින් රේස් පුරුදු වන උන් මොන මලදානයකට එහෙම පුරුදු පුහුණු වෙනවාද කියා මට නම් තේරෙන්නේ නැතිය. අනික් උනුත් කරන්නේ අර මැද්දේ තියෙන ග්‍රවුන්ඩ් එකට වෙලා කයිය ගගහා ඉන්න එකය. හේතුව උනේ ක්‍රීඩවෙන් දිනන්නේ නැතිව හොඳට කාලා බීලා ඉන්න ක්‍රම ඒ කාලේ තිබුන එකය. ඒ නිසා උන්ට තරඟ දිනන්න ඕනා නැතිය. ඇමතියා හා බේබිලා ෂෙප් නම් හැමදාම බොක්කේ උණු බත්ය. හවසට ඩ්‍රින්ක්ස් එක හා බයිට්ය. තරඟාවලියක් තියෙන කොට ටුවර් එක ෂුවර්ය. අතට ගානකුත් ෂුවර්ය. දිනන්න ඕනා නැතිය. ඔලිම්පික් වල කියනවා වාගෙම සහභාගිත්වය පමණය.

සහභාගිත්වය ක්‍රීඩකයන් ඉතරක් නෙමේය. නිළධාරීනුත් යනවාය. මේ වර එකටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුට නිළධාරින් 40 කට අධික පිරිසක්ය. අම්මට හැමනෙන්නද ඩෝ එච්චර පිරිසක් යන්නේ කියා, ඔහේලාගේ හිතේ සාධාරන ප්‍රශ්ණයක් පැන නගිනා එක ලාංකිකත්වය මිස ඉරිසියාව හෙම නෙමේය. ඒයාලා යන්නේ, ආන්ඩුවේ සල්ලි වලින් සුන්දර යුවතියකගේ බඩ උඩ ඩිප්ස් දමන ක්‍රිඩාව කොරන්නය, සමහර උන්ට ඒක බැරි නම්, වත් ජාත්‍යන්තර ක්‍රීඩාවක් වන, පොල් ලෙලි ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙන්නය. එයිටාමතරව තරඟයට ෂොපින් යෑමේ ක්‍රීඩා ඉසව්වටත් පෙනී සිටිනවාය.

ජාත්‍යන්තරයේ නමක් තියෙන එකම ක්‍රීඩාව වන ක්‍රිකට් වලටත් උනේ ඒකමය. නිලි මස් කාපු එකාගේ පුතා ටීම් මෙම්බර් වෙන්නේ එහෙමය. ඌ නිළධාරින් පයිසෙකට ගනන් ගන්නේ නැතිව, කන පැලෙනන් ගහලා ෆ්ලයිට් එකේ දොර ඇරලා හුජ්ජා කරන්න යන්නෙත් ඒ නිසාය. කොහොම හරි එදා ක්‍රීඩාව උලා කෑ උන් තාමත් එහෙමමය. ඔය හේමසිරි ප්‍රනාන්දුට එකසිය ගානට කේස්ය. ඒත් තාමත් සභාපතිය. පාපන්දු වල උන් මනිලාල්ට නම් ඉනටර්නැෂනල් එකෙන්ම පුකට පාරක් දුන් නිසා, එලියට විසි උනේය. ක්‍රිකට් බෝඩ් එකේ තිබුන අන්තිම සත පහටත් කෙලිය දන්දෙනිය කියන අමු හොරා, තාමත් බැඩ්මින්ටන් ගහනවාය. බලාගෙන ගියාම ඒ තැන්වලත් තාමත් ඉන්නේ මහින්දගේ ගෝලයන්ය.

සත් ගුණවත් මහින්ද මහත්තයාට ජාත්‍යන්තර ඔලිම්පුක් කමිටු පයිසෙකට වැඩක් නැතිය. ජී ඇස් පී ප්ලස් තඹ දොයිතුවක වැද ගැම්මක් නැතිය. යුරෝපෙට මාළු යවන එකත් එහෙමය. මානව අයිතිවාසිකමුත් එහෙමය. ඒ තියා, තමන්ගේ බලයට කෙල උනත් කිසි ගානක් නැතිය. මොකෝ රටම රාජපක්ෂකරණයකට ලක් කොට අවසාන නිසාය.

ඉදින් නීතීපතියා වෙනස් උනාට එතන ඉන්න අනෙක් උන් ඔක්කෝම රාජපක්ෂලාය. ඒ අය ඉන්නේ හෙට දිනයේ මහින්ද මහත්තයා ආයෙත් බලයට එනකන්ය. බලාගෙන යන ආකාරයට ඒ දිනය වැඩි ඈතකත් නෙමේය. ඉතින් එයාලා ආයෙත් බලයට ආවාම, රාජපස්ස බේබිලාට ආයෙත් රගර් ගහන්න, නයිට් රේස් යන්න පුළුවන්ය. ශිරන්ති නෝනාට කප් එක දීලා සතුටු වෙන්න පුළුවන්ය. ක්‍රීඩා ඇමතිට මහින්ද මහත්තයාට වැඳලා සතුටු වෙන්න පුළුවන්ය. සැක්‍රටරි නෝනාට මහින්දානන්දට වැඳලා හෝ ඉඹලා සතුටු වෙන්න පුළුවන්ය. අපිට ඔය ඔක්කෝම විගඩන් බලාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්ය.

එදිනේ, මහින්ද මහත්තයා "ඔබට සතුටුයිද දැන්.." කියා අපෙන් අසා සිටින්නට පුළුවන්ය..

එතකොට අපට කියන්න තියෙන්නේ, ඔබේ සැප මගෙ සතුටයි.... මහරජානනේ... කියලාය..

යහාපලනයේ හාල්පාරුවන් ඇතුලු ඔබ  සැමට තෙරුවන් සරණයි හිටං ...!!!

71 comments:

  1. \ යහාපලනයේ හාල්පාරුවන් ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි හිටං ...!!!
    same to u mathalan

    ReplyDelete
  2. මාතලන් තුමාත් සාදාරන සමාජේ සහ පුරවැසි බලේ සමග සියලු ගනුදෙනු නැවැත්තුවැයි?

    ReplyDelete
    Replies
    1. පිස්සුද... මම මේ ඉන්වෙස්ටොස්ලා එනකන් බලා ඉන්නේ හිටං...

      Delete
  3. කවුරු බලේ හිටියත් අපි ඈස්චර්යවත් ජාතියක්. වංගුවෙ පිරිත් කියල අනතුරු වලක්වන පොලීසියක් තියන එකම මදිද? ඔලිම්පික් එකට කනප්පු ඇවිදවන, වාලම්පූරි කරකවන, දෙහි කපන, රැස් විහිදුවන ඉවෙන්ට් ටික ඇතුලත් වුනාම බලන්නකො ගාල්තැන්නට වඩා ගෝල්ඩ් දිනන හැටි

    ReplyDelete
    Replies
    1. ඝඹ දෙව් වන්දනාව.. පඬුරු ගැට ගැසීම.. දිය යටින් ගින්දර ගෙන යාම.. පිල් මාරුව.. තියන්නෙයි කියන්නකෝ මේවා..

      Delete
  4. මාතේ උඹ වැරදියි . ඔය දන්දෙනිය කරුන්කයාගේ ගෝලයා . කරුන්කයා, රනිලා, මහින්දලා එක පිලක් ඒක තේරුම් ගනින්

    ReplyDelete
  5. මතෝ යහපාලනය ගැන හිත හිත දුක් එපා බන් .........උබේ ප්‍රෙෂර් වැඩිවෙල ලෙදවෙඉ බන්........

    ReplyDelete
    Replies
    1. නෑ මට ඇති දුකක් නෑ.. එහෙම ආවොත් උඹට කියලා දුකට පුං ගහ ගන්න එන්නම්කෝ... අපිට ඕන උනේ මහින්ද පාරට ඇදලා දාන්න.. ඒ වැඩේ හරි නේ.. මෙයාලට උනත් එච්චරම තමයි.. ඒක මේ අද ඊයේ මාතලන් කියවන්න එන ඔයා වගේ පොඩි බබාලට තේරෙන්නේ නෑ මෙයා...

      Delete
  6. පව් බන් බහුසෘතය .....

    ReplyDelete
    Replies
    1. මහින්ද එනකන් බලා ඉමු අපි..

      Delete
  7. maathoo mama meka umbagen ahannamayi hitiye...umbage puka sudu ban..tharaha nathiwa kiyapanko

    ReplyDelete
    Replies
    1. මහින්ද එනකන් බලා ඉමු අපි..

      Delete
    2. මහින්ද ගියානේ .......යහපලානේ එනකන් තණකොළ බුදිමු.

      Delete
  8. මරාගෙ කාලේ හරකුන්ට තොපි පිදුරු කාපියව් පුන්නක්කු බීපියව් කියල අණ කරලම දුන්නා!
    දැන් හරකුන්ට සොච්චමක් අතට දීල ඔයාල කැමති දෙයක් කන්න මෙයාල කියනවා.
    හරක්නෙ බං අයියේ අපි ඔය පොජාතන්තවාද ඒවා මේව අපිට හරියන්නෙ නැහැ!

    ReplyDelete
    Replies
    1. ප්‍රොජාතන්තවාදී විදියටම ඇරලා යයි...

      Delete
  9. Mathalan, why
    Don't you cry
    think hi fi
    don't be shy


    ReplyDelete
    Replies
    1. මහින්ද එනකන් බලා ඉමු අපි..

      Delete
    2. මහින්ද ගියානේ .......යහපලානේ එනකන් තණකොළ බුදිමු.

      Delete
  10. මාතේ හැම ජහපාලන කරුවන්ට වගේම උඹට තියෙන්නේ වෛරය ..
    මහින්දගේ අපුල්ලන්න ලං වෙන්න ඉඩක් නැතිවීම .. මොකද දිග පොලිමක්නේ තිබුනේ .. නැතිනම් උබත් නිකම් ඉදියි විමලාට වගේ උඹටත් සැප ගන්න දුන්නනම්.
    ඔච්චරම රටට ආදරේ නම් මාතෙට තිබ්බේ පුකට ගිනි තියාගෙන මැරෙන්න ..
    මහින්ද හැදියන් නැත්නම් තෝව පාරට ඇදල දානවා කියල..
    හරක් වෙනුවෙන් දිවිහානි කරගන්න රටේ .. මහින්ද වෙනුවෙන් උඹ ගිනි තියා ගත්තනම් මහින්ද හැදෙන්න ඉඩතිබුන ...
    කිසිම අනතුරු ඇගවීමක් නැතිවනේ ගේම දෙන්න කඩේ ගියේ..

    ReplyDelete
    Replies
    1. //මාතේ හැම "ජහපාලන කරුවන්ට" වගේම උඹට තියෙන්නේ වෛරය .. //

      හිකිස් හික්... උඹට තියෙන්නේ මොකක්ද දන්නේ නෑ...

      Delete
    2. කිසිම වෛරයක් නැහැ .. නයින්ගෙන් වත් මුගටින්ගේන්වත් , එළුවෝ පස්සේ යන නරින්ගෙන්වත් ..කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ..
      අපිට ඕනෑ ආණ්ඩුවක් .. කොන්ද තියන ආණ්ඩුවක්
      අපිට ඕනෑ විපක්ෂයක් ..කොන්ද තියන විපක්ෂයක් ..

      උපේක්ෂාවෙන් බලාගෙන හිටපන් ..වෙන්ඩ තියන දේ කොහොමත් වෙනවා .. උඹලට අපිට වලක්වන්න බැහැ ..
      උඹල මොන විදියට පීප්පුවත් මුන්ට තේරෙන්නේත් නැහැ තේරුම් ගන්නෙත් නැහැ ..
      මම කියන්න හැදුවේ දැන් ඉන්න උන් වගේ මොංගල් නපුන්සක චරිත වලට වඩා .. මහින්දට හොද සංවේදී නහරයක් තිබ්බ ....

      Delete
    3. හිකිස්... පුහ්... ඒ සංවේදි නහරේ පුකේද දන්නේ නෑ තුබුනේ.. සංවේදි එක විසංවේදි වෙලා වෙන්ටෑ ඉල්ලගෙන කෑවේ..

      නිකා ඉඳහන් බං ආතල් නොදී...

      Delete
    4. //මහින්දට හොද සංවේදී නහරයක් තිබ්බ ....// hikis

      Delete
    5. ඕකනේ මාතේ ,, ඔබතුමාට තියෙන්නෙත් පොර මේනියාව ..තමන්ගේ ලිවීමේ හැකියාව මත ගොඩ නැගුන සිවිල් සමාජ පතිරුපය පාවිච්චි කරලා අනුන්ගේ මත චප්ප කලාම ඔක්කොම හරි කියල හිතනවා ..
      ඔබ හා මා වාද කලා කියල වෙන සුගතියක් මටනම් නැහැ. හැබැයි ඔබ හිතනවා නම් මනුෂ වගේ මේකෙන් යහපලානේ පුක හෙදෙනවා කියල ..ඒක ඔබගේ මතය..
      මම කියන්නම් මහින්දගේ සංවේදීතාවය ගැන ..
      ඩි බි , චන්ද්‍රිකා , රනිල් , සිරිසේන වගේ මහින්දත් අහම්බෙන් රජ උනා කියල හිතනවා නම් ඒක ලොකු වැරද්දක් ..
      මහින්ද මුල ඉදලම ගේම් ප්ලැන් එකක ආවේ , ඔටුන්න හිමි කුමාරයත් එක්ක සෙට් වෙලා , මර්වියා වගේ එවුන් ලව්වා ගානට පක්ෂෙන් පන්නල , කම්කරුද , සාසනද , ධිවරද බලන්නේ නැතිව ලැබුණ ඉඩේ තුන් අඩිය පාගල , ජනාදිපති වෙච්ච චන්ද්‍රිකත් නොදැනම විපක්ෂනායක වෙලා , පස්සේ අගමැති වෙලා , හතුරෝ ඔක්කොම එක මිටියට අරගෙන ජනාදිපති වෙලා , පස්සේ උන් ඔක්කොම එක මිටියට පොළොවේ ගහල , ලොකුම ගේම් කාරයා චප්පම කරලා දාල , තුනෙන් දෙකේ බලය අරන් , UNP හදපු වියවස්තාවට නියම අර්ථයක් දුන්නේ මහින්ද .
      පස්සේ සිරිසේනට ආච්චි වැහිච්ච හින්දා ගොඩ ගියාට , නැත්නම් රනිල් තාමත් මහින්ද ලව්වා සිරිකොත ඉස්සරහ තාර දානවා ...
      මේකයි මහින්දගේ සංවේදීතාවය ...
      මේ විදියට ගියොත් අද ජහපාලනය කරන දේවල් වල පල නෙලන්නෙත් වෙන කරුවත් නෙමයි මහින්ද කියලයි මගේ මතය ..

      Delete
    6. පිස්සු නම් කෙලින්න එපා මචෝ.. පොර මේනියාව.. සිවිල් සමාජ ප්‍රතිරූපය.. අම්මගෙ රෙද්ද.. ඒවා බලාගමුකෝ කවදා හරි මූණට මූණ හම්බ වෙච්චි දවසක.. මාතලන් කියන්නෙත් මේ විශවයේ එක ජීවියෙක් විතරයි..

      උඹලගේ කොමෙන්ට්ස් නත්නම් මේක ලිවිල්ලත් කිසි වැඩක් නැති දෙයක් වෙනවා.. ඒත් ඉතින් අර කතාව තව දුරටත් ඉදිරියට ලිව්වා නම් තමා වටින්නේ..

      මහින්දට උනේ සංවේදිතාවය වැඩි වෙච්චි එක.. එයා හිතුවා එයා සුද්දෝධන පරපුරේ කෙනෙක්ය. දුටුගැමුණු පරපුරේ කෙනෙක්ය. ඒ නිසා එයා රජෙක් වෙන්න ඕන කියලා හිතාගෙන 18 ගෙනාවා. රජෙක් වෙන්න තමයි ඡන්දේ තිබ්බේ.. ඒත් මේ රටේ ගොබ්බ වහල්ලු වගේම. මොළේ තියෙන පිරිසක් වැඩි පුර උන්නා.. ඒකෙන් කෙලවෙලාම ගියා..

      ඊයේ ඩේසි ආච්ච්ගේ කෝටී 15 කට කෙල උනා.. ඉඩම් දෙකකට කෙල උනා.. මහින්දට ආයේ නෝ චෑන්ස්.. ඒ නිසා උඹේ මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒ ටික කර ගනින්.. නැත්නම් ඒ කාළය අපරාදේ..

      Delete
    7. හිකිස්... පුහ්... ඒ සංවේදි නහරේ පුකේද දන්නේ නෑ තුබුනේ.. සංවේදි එක විසංවේදි වෙලා වෙන්ටෑ ඉල්ලගෙන කෑවේ..

      නිකා ඉඳහන් බං ආතල් නොදී...

      - Maathalan (August 10, 2016)

      නෑ ඔහු සොඳුරු මිනිසෙකි.. අපි එය දැක ඇත්තෙමු. ඒ සමාගමය විඳ ඇත්තෙමු..

      - Maathalan (January 09, 2015)

      Delete
    8. සොඳුරු... සංවේදි... මොකක්ද වෙනස.. ලයිෆ්බෝයි.. ජර්ම් කිලර්...

      Delete
    9. සමා අවසර.. ආතල් කැඩුවා නම් සමාවෙන සේක්වා . ඔන්න අපි නැවැත්තුවා ආයේ ලියන්නෙත් නැහැ ..ඔබ යන මගක අහම්බෙන්වත් එන්නෙත් නැහැ
      මම වෘකයින්ට බයයි මල්ලියේ....

      Delete
  11. නුඹ නාඩන් - නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික් කමිටුවට කෙල වෙන එක මට මාර පාඩමක්.. ඒ වගේම පාඩුවක්...

      Delete
  12. මහින්දගේ කාලේ ඕක ශූන්‍ය කරලා එව්වා නම්, එවපු එකාගේ ඇට දෙක ශූන්‍ය කරන්නේ පාර්ලිමේන්තුවෙන්ය. /// ... I had the same feeling... This is too much... IF MR was the president, None would give a court order like this..

    ReplyDelete
    Replies
    1. පෙනේ පුප්පන්නේ නැති නයි... ගෑණු දර මිටි බඳින්න ගන්නවලු...

      Delete
  13. යහපාලනේ තියෙන්නේ තනිකරම මාද්‍ය සන්දර්ෂන විතරයි බන්. මහමැතිවරණෙදි යහපාලනේ හරි පැත්තට ගෙනියන සුක්කානම ජේවීපීයට දෙන්න කියලා අපි කට කැඩෙනකම් කිව්වේ ඒකයි. කෝ ජහමනයා දුන්නේ යූ.එන්.පී යෙයි පෙරමුණෙයි හිටපු කාලකන්නි ටිකටමනේ

    ReplyDelete
    Replies
    1. අර ඇමරිකාවේ ඉන්න උදිත මීගස්තැන්නයා බුකියේ අහලා තිබුනා, ඇයි අම්මට සිරි ලංකාවේ "ටෝක් ෂෝ" තියන්නේ නැත්තේ කියලා.. ඌ ඇමරිකාවෙ නිසා ඌට පේන්නේ නැතිව ඇති.. අපි නම් හැමදාම හවහට සිරිසේන මහත්තයගේ ටෝක් ෂෝ බලනවා නිව්ස් වලින්...

      Delete
    2. But dude, the JVP also having the same; only show off in front of camera's & nothing more. They doesn't have a proper vision nor ability or capacity to make a real change. Simply criticizing and trying to get the attention. That bloody corrupted MR regime had done at least something to the country through their heavily corrupted administration. Though all others UNP+JVP+TNA & the civil societies just having loud mouths but could not execute anything. What a pity?

      Delete
    3. ජේ.වී.පී එකට? මේ හාදයට පිස්සුද? ඊට වඩා හොඳයි ගැරඬියට මීයො බාර දෙන එක.

      Delete
  14. JVP ekata marketing ba. ekayi waraa ?
    marketing karanna puluwan eka gantareth galawagena MR langta giya...
    Poster set eka Gunrathnama aragena giya
    Jokersla tika Siri ayya aragena giya...

    ithuru wela inne .........

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තාමත් වැඩි බලය තියෙන්නේ කඩාගෙන ගිය උන්ට නෙමෙයි... ජෙප්පන්ටමයි...

      Delete
  15. ඊනියා ක්‍රීඩා තරග,විදෙස් සවාරි ඈ මෙකී නොකී වරදානමය ක්‍රියා මඟින් අහිංසක මහජන මුදල් නාස්ති කළ මරා පාලනය අවසන් කර ජනයා සුඛිත මුදිත කිරීම සඳහාම ස්ථාපිත යහපාලන ක්‍රියාදරයින්ගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත අනුවණ අන්දමින් විවේචනය කරමින් කකුලෙන් අදිනා මෙම ලිපිය තොරතුරු දැනගැනීමේ පනත යටතේ තහනම් කලයුතුයි.
    (ඊස් ඇට් ගොඩයන්න පොටක් හොයමින්)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගියත් කමක් නෑ නොගියපු උන්... මේ හරක් මහින්දගෙ කාළේ ඩේලී නිව්ස් එක එඩිටර් හිටපු එකාවත් හොර අයින්ටියක් ගහලා අරගෙන ගිහින් හිටං...

      Delete
  16. ඉතිං අයියේ, අවුරුදු හතරකට සැරයක් ගිහින්, අනික් රටවල ඔලිම්පුක් බලලා ආවම මදිද. ලේසි පාසු ඔලිම්පුක් ද තියෙන්නේ.

    අයියේ අයියේ, අනේ අයියේ ,අර පින්තූරේ සුසන්තිකා නැන්දා ඉන්නේ ඇඳුම් ඇඳලද?

    මීට

    ඔලිම්පුක් මල්ලී.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ නම් දිව්වේ ඇඳුම් ඇඳගෙන. මෑතක නම් ඇඳුම් නැතිව දිව්වා කියලා පත්තර වල තිබුනා... පව් ඒ මිනිස්සු ජාත්‍යන්තර සම්මාන දින්නට. ඒ මිනිස්සුන්ගේ සමාජ මට්ටමෙන් එහාට ගෙනියන්න සමත් වෙලා නෑ. ඒකි රැවටිලා.. ලැබුනු දේ සියල්ලම වෙන උන් අරගෙන. කොහෙද උන්ව සමාජගත් කිරීම කෙසේ වෙතත් ඒකට සෙල්ලම දාපු සෙල්ලං සේන කෙනෙක් නේ ඒ කාළේ උන්නේ.

      Delete
  17. මටත් යන්න ඕන බ්‍රසීල් කෑල්ලකට ටෝක් කරන්න. උන් පට්ට ලස්සනයිලු නේද මාතෙ.

    ReplyDelete
    Replies
    1. පුරුතුගීසී භාෂාව දන්නවා නම් හරි...

      Delete
  18. මාතලන් ගුරැතුමා යහපාලන ආණ්ඩුව ගෙනඒමට කැපවීමෙන් කටයුතු කර ඇති බව ලියනා දේවල් සහ කමෙන්ට්ස් දෙස බැලූවිට පෙනී යයි. රාජපක්ෂවරැ සමග මෙතරම් එදිරිවීමට කරුණ කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මහින්ද එනකන් බලා ඉමු අපි..

      Delete
    2. //"රාජපක්ෂවරැ සමග මෙතරම් එදිරිවීමට කරුණ කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි."//
      ඒකනේ රාජපක්ෂවරු හරිම ශෝයිනේ
      -ඉවාන් පවුලුශා--

      Delete
  19. මාතේ එකනේ කියන්නේ "ලංකාවේ අපි හරි වෙනස් ඒ වෙනසට ගරු කරන්න කියල "

    --ඉවාන් පවුලූශා --

    (ප්‍රොෆයිල් එකට මක්කද බක්කක් වෙලා .හදාගන්න විදිහක් නෑනේ )

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වෙනස නම් දරාගන්නත් අමාරුයි... පට්ට වෙනසක් අප්පා.. අපිත් අර සිස්ටොන් එකට හුරු වෙලා...

      Delete
  20. මගේ යාලුවෙක් යහපාලනයට බැනල මලා

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං... එහෙම ඒවා තාම නෑ... ඒ ඉස්සර..

      Delete
  21. මටනම් හිතාගන්නත් බෑ මෙච්චර බලාපොරොත්තු තියාගෙන යහපාලනයක් ඇතිකරලත් අච්චර සෙනගක් හොරාකාපු මහරජා එක්ක පාගමන් ගිය එක. මට දුක මේ මිනිස්සු මෙච්චර මෝඩද කියලා. දැන්නම් සියළු වාද භේද අත ඇරලා අළුත් ව්‍යවස්ථාව සම්මත කරන්න ජානාධිපති අගමැති දෙපලට උදවු කළයුතුයි කියලා කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අළුත් ව්‍යවස්ථාව හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු සිරි ලංකා නිදහස් පක්ෂයේ පෙර සිටද, එජාපයේ මෑතක සිටද, ජනයා ඇන්දවීමේ අජරාමර කෙප්පයකි..

      Delete
  22. ඈ බන් මාතෙ. ඇත්තටම ලංකාවේ ජනාදිපති මයිත්‍රිපාල සිරිසේන මහත්තයද බන්? සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ. නොදෝමකින් බන්. මේ මජර ආණ්ඩුව කියන කරන දේ අහල දැකල මුන් ගැන කථා කරන්නවත් ලියන්ටවත් හිතෙන්නෙ නැහැ. 😡🙄

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මහින්ද කියලා... දකුණු කොරියාවේ වෙන සීන් වලින් නම් පේන්නේ එහෙමයි..

      Delete
  23. තවත් එක් පඹයෙක් හදන්නට
    ගිහින් එක්කහු වෙනව වෙනුවට
    උපන් කමතට පොහොර වෙන එක
    සැපකි-සතුටකි පිදුරු ගහකට.


    ලංකාවෙ මිනිස්සුන්ගේ දේශපාලන යතාර්තය.

    ReplyDelete
    Replies
    1. මහින්ද එනකන් බලා ඉමු අපි..

      Delete
  24. මාතයියෙ පෝස්ටුව පුරාම යහපාලනේ දෝරෙ ගලනවා

    ReplyDelete
    Replies
    1. යහපාලනේ නම් දෝරේ ගලනවා... මට බය ගලන ගැලිල්ලේ හැටියට යහපාලන ඟං වතුරෙම ගිලෙයිදෝ කියලා හිටං..

      Delete
  25. සහභාගිත්වය ක්‍රීඩකයන් ඉතරක් නෙමේය. නිළධාරීනුත් යනවාය. මේ වර එකටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුට නිළධාරින් 40 කට අධික පිරිසක්ය.////////// ammatasiri

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවේ තමයි...

      Delete
  26. ක්‍රීඩකයින්ට වඩා නිලධාරීන් ඔලිම්පුක් බලන්න යන රට අම්මටසිරි ලංකාව විතරද..

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එකාට මම උගන්වන්නේ නිළධාරියෙක් වෙන්න.. එතකොට නාකි වෙලා යන්නත් පුළුවන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න