.

.

Aug 29, 2016

Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි - Wi-Fi - A Broken Promise


 
- චානුක වත්තේගමයන්ගේ ලිපියකි -  


Free Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි. එය පොරොන්දු වූ ආකාරයෙන්ම කරන්ට නොහැකි බව මුල් අවස්ථාවේම හැමදෙනාම දැන සිටියහ. එසේම කවදාවත් ඒ වෙනුවෙන් සතයක්වත් වෙන් නොකෙරිණි. ආණ්ඩුවට අවශ්‍ය වූයේ බජට් එකක් නැතිව ප්‍රොජෙක්ට් එකක් කරන්ටය.

හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.

මේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ මුල්ම පිරිසෙන් කෙනෙක් හැටියට මගේ අදහස වූයේ, ආණ්ඩුවේ දායකත්වය අවම වුවද, පොරොන්දුව ආපස්සට ගත නොහැකි නිසා Free Wi-Fi සන්නාමය මුලට දාගෙන හැකි උපරිමය කරන්ටය. මුලදී අපේ උත්සාහය එක්තරා දුරකට සාර්ථක වන අයුරු පෙණිනි. Wi-Fi පිණිස වෙළඳපළක් ගොඩ නැඟෙන්නේ නම් යම් සීමාවකට යටත්ව පොදු ස්ථානයන්හි මිළක් අය නොකොට Wi-Fi පහසුකම් ලබා දෙන්ට විදුලි සංදේශ සමාගම් කැමැත්ත පළ කළෝය. ඔවුන්ගේ ශක්‍යතා සීමාව අපේ මුල් ඉර වූ 100 MB ඉක්මවා ගියේය. (100 MB සීමාව දා ගන්ට සිදුවූයේ යම් කුඩා සමාගම් කිහිපයක් තමන්ගේ Wi-Fi වෙළඳපළ බිඳ වැටෙන්නේය මැසිවිලි නැඟූ නිසා මිස ඊට වඩා දෙන්ට බැරි කම නිසා නොවේ.) ව්‍යාපෘතිය ඉදිරියට ඇදුනේ නම් අපේ ඊළඟ ඉලක්කය වූයේ 512 MB සීමාවය. මෙය සිහිනයක් නොව ප්‍රායෝගික ඉලක්කයකි.

Free Wi-Fi ව්‍යාපෘතියේ මුල් මං සලකුණට දිනකට ඉහත මම මෙසේ සටහන් කළෙමි.

What is Free Wi-Fi? It is offering ‘Vanilla Internet’ at no cost so that (a) it expands the Wi-Fi market; (b) increase the demand and thus result in (c) creating more business opportunities. It too is not a subsidy. It is what we call a ‘Freemium’ – You offer something free so that it generates more business. It is a viable business model.

අපේ Business model එක වූයේ 512 MB දක්වා නොමිළේ Wi-Fi පහසුකම් ලබාදී ඉන්පසු මුදල් ගෙවා භාවිතය පිණිස Wi-Fi වෙළඳපළ පුළුල් කිරීමය. විදුලි සංදේශ සමාගම් දැනටමත් ජාත්‍යන්තර ලින්ක පිණිස ආයෝජනය කර ඇති නිසා නොමිළේ ලබා දෙන කොටස පිණිස ඔවුනට අමතර වියදමක් නොයයි. අනෙක් අතට සාපේක්ෂව මිළ අධික mobile broadband වල සිට මිළ අඩු Wi-Fi දක්වා වෙළඳපළ ගමන් කරවිය හැකි ආකාරය අපට පෙණිනි. දැවැන්තම සමාගම් වූ ඩයලොග් හා ශ්‍රී ලංකා ටෙලිකොම් (මොබිටෙල්ද සමඟ) සිටියේ අපේ මතයේය. එනිසා සැබෑ අවශ්‍යතාවයක් වී නම් මේ ව්‍යාපෘතිය ඉදිරියට තල්ලු කරන්ට ලොකු බාධාවක් නොවීය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී මම පෞද්ගලිකව මේ මොඩලය අත්හදා බැලුවෙමි. 2 Mbps සබඳතාවයක් ඔවුන්ට ලබාදෙන ලද අතර 384 MB දක්වා නොමිළේද ඉන්පසුව mobile broadband මිළෙන් අඩකටද broadband පහසුකම් ලබා ගන්ට නීති සිසුන්ට ඉඩ සලසන ලදී. මුලදී ලාභයක් නොපෙන්වුවද ව්‍යාපෘතිය දිගට ඇදී ගියේ නම් අවසාන ප්‍රතිඵලය Win-Win වන්ට ඉඩ තිබුණේය.

මට දිගටම මේ ව්‍යාපෘතියේ රැඳී සිටින්ට නොහැකි විය. අගෝස්තු මහ මැතිවරණයට පෙර ජූනි මස 30 වැනිදා (පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙන්) මම අමාත්‍යාංශයේ සේවයෙන් ඉවත් වීමි. මහ මැතිවරණයට පසු මම තොරතුරු තාක්ෂණ සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූයෙමි.

තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයද එහි ලේකම් තුමාගේ "පුතාලගේ වයසේ" ළමයින් දෙදෙනකුට බාර කරන ලද්දේය. මේ ළමයින් දෙන්නාට ක්ෂේත්‍රය ගැන අන්දෝ සංසාරයක අවබෝධයක් නොවීය. අදත් නැත.

තිත්ත ඇත්ත නම් 2015 අගෝස්තු මාසයෙන් පසුව මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්ට කිසිවකුට ඕනෑකමක් නොවීමය. Free Wi-Fi ව්‍යාපෘතිය බිඳ වැටුණේ කළ නොහැකි නිසා නොව කිසිවකුට ඒ ගැන උනන්
දුවක් නොවීම නිසාය.

අවශ්‍යතාවයක් ඇතිනම් අදත් මේ ව්‍යාපෘතිය යළි ආරම්භ කොට සාර්ථක කර ගත හැකිය මම විශ්වාස කරමි. අවාසනාවකට මා දැන් ඉන්නේ එළියේය. ඇතුළේ ඉන්නා කිසිවකුට ඊට උනන්දුවක් ඇති බවක් මට නොපෙණේ.

හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.

51 comments:

  1. නොදෝකින්, මෙක කියෙව්වම හිතෙනවා කටේ නරිවාදම් නේද මේ රෙද්ද පල්ලෙන් පෙරෙන්නේ කියලා. මදැයි අන්තර්ජාල පහසුකම් වැඩිවෙයි කියලා බලා හිටියා. අපි තවම ඉන්ටර්නෙට් යන්නේ 512 kbps වලින්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඔහේ කිව්වේ ටිකක් ඉවසාන හිටහන් කියලා හිටං... අපි මේ එකසිය ගානට එහෙම බී පේසොන් එකේ ඉන්න ගමන් අප්පා...

      Delete
    2. විචාරක තුමා, ඔබට පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනවා. චානුක කියලා තියෙන්නෙ 100MB සිට 512MB වලට වැඩි කරන්න හිටියා කියලා, එයින් අදහස් කරන්නේ අන්තර්ජාල සම්භන්ධතා වේගය නොවේ, දිනකට බාගත (download) හෝ උඩගත (upload) කල හැකි දත්ත පරිමාවේ මෙගා බයිට් (MB) වලින් අගයයි.

      අන්තර්ජාල වේයග ගණනය කරනු ලබන්නේ තප්පරයකට බාගත (download) කරගත හැකි දත්ත පරිමාවේ අගය කිලෝ බිට් (Kb), මෙගා බිට් (Mb), ගිගා බිට් (paGb) යන අගයන් වලින්ය.
      උදාහරණයකට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ලබාදෙන වේගය උපරිම අගයක් ඇති පැකේජයක වේග සීමාවා 16Mbps ලෙස සටහන් වේ. එයින් අදස් කරන්නේ සෑම තප්පරයකදීම මෙගාබිට් 16ක් හෙවත් මෙගා බයිට් 2ක් (පොඩ්ඩක් ඉන්න, බිට් සහ බයිට් කියා දෙනවා) අපට බාගත (download) කරගත හැකි බවයි. සරළ උදාහරණයකින් කියනවානම් සාමාන්‍ය ප්‍රමාණයේ MP3 සිංදුවක් මෙගාබයිට් 5ක් වෙතැයි සැලකුවහොත් (MB), තප්පර 2 1/2 ක දී බාගත (download) කරගත හැකිය. 700 මෙගාබයිට් (MB) වන චිත්‍රපටයක් තප්පර 350 හෙවත විනාඩි 6 කින් බාගත (download) කල හැකිය.

      බිට් (Bit) සහ බයිට් (Byte) යනු දත්ත පරිමාව මනිනු ලබන මිණුම් දණ්ඩකි. මෙයින් බිට් යනු කුඩාම අගය වන අතර, බිට් 8 ක් යනු බයිට් 1 කට සමාන අගයකි.

      Delete
    3. විචාරක තුමා, ඔබට පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනවා. චානුක කියලා තියෙන්නෙ 100MB සිට 512MB වලට වැඩි කරන්න හිටියා කියලා, එයින් අදහස් කරන්නේ අන්තර්ජාල සම්භන්ධතා වේගය නොවේ, දිනකට බාගත (download) හෝ උඩගත (upload) කල හැකි දත්ත පරිමාවේ මෙගා බයිට් (MB) වලින් අගයයි.

      අන්තර්ජාල වේයග ගණනය කරනු ලබන්නේ තප්පරයකට බාගත (download) කරගත හැකි දත්ත පරිමාවේ අගය කිලෝ බිට් (Kb), මෙගා බිට් (Mb), ගිගා බිට් (Gb) යන අගයන් වලින්ය.
      උදාහරණයකට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ලබාදෙන වේගය උපරිම අගයක් ඇති පැකේජයක වේග සීමාවා 16Mbps ලෙස සටහන් වේ. එයින් අදස් කරන්නේ සෑම තප්පරයකදීම මෙගාබිට් 16ක් හෙවත් මෙගා බයිට් 2ක් (පොඩ්ඩක් ඉන්න, බිට් සහ බයිට් කියා දෙනවා) අපට බාගත (download) කරගත හැකි බවයි. සරළ උදාහරණයකින් කියනවානම් සාමාන්‍ය ප්‍රමාණයේ MP3 සිංදුවක් මෙගාබයිට් 5ක් වෙතැයි සැලකුවහොත් (MB), තප්පර 2 1/2 ක දී බාගත (download) කරගත හැකිය. 700 මෙගාබයිට් (MB) වන චිත්‍රපටයක් තප්පර 350 හෙවත විනාඩි 6 කින් බාගත (download) කල හැකිය.

      බිට් (Bit) සහ බයිට් (Byte) යනු දත්ත පරිමාව මනිනු ලබන මිණුම් දණ්ඩකි. මෙයින් බිට් යනු කුඩාම අගය වන අතර, බිට් 8 ක් යනු බයිට් 1 කට සමාන අගයකි.

      Delete
    4. ඔබතුමා විසින් කියා ඇති විස්තරයේ සඳහන් කරුණු ඔබතුමා තරමටම නැතත්, ඊට ආසන්න මට්ටමකින් මම ද දන්නා බව මා දැඩිව විශ්වාස කරනවා.

      මා කිව්වේ මෙයයි. මා දැනට පාවිච්චි කරන්නේ, Sri Lanka Telecom Home Unlimited නමැති, අන්තර්ජාල පැකේජයයි. 2009 දී ලබාගත් මේ පැකේජය, මා අද දක්වා ඉතා සාර්ථකව පාවිච්චි කරනවා. එහි බාගත කිරීම් වේගය තමා 512 kbps වන්නේ. නමුත් මේ වේගයෙන් මම, online video බලනවා. මගේ සියලුම බ්ලොග් ලිපි ලියන්නේ, online සිටිමින්. මා එක් මසකට 40 GB ඉක්මවා බාගත කිරීම් කරනවා ටොරන්ට් මගින්. අගනා චිත්‍රපටි මෙන්ම විවිධ වටිනා මෘදුකාංගත් ඒ අතර වනවා.

      මේ පැකේජ් එක අද අලුතෙන් දෙන්නේ නැහැ.

      මට දුක හිතුනේ අච්චර වේගයක් ගැන කතාකරන අපි, තවම මෙච්චර පහළ වේගයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීම ගැනයි.

      Delete
    5. මම අවුරුදු 2කට කලින් ඔය Telecom Home Unlimited සම්බන්දය වෙනස් කර ගත්ත Web Family/Web Family Plus එකට ඊට හේතුව මෙය 60GB ලබාදීමත් 14MBPS ලබාදීමත් කියන කාරණාවයි
      ඔබ 40GB ඉවර කල වහාම ඔබේ සම්බන්දය 16KBPS වලට අඩුවන බව ඔබ දන්නවා ඇති.

      නමුත් Web Family/Web Family Plus එකේ 30GB ලැබෙන්නේ උදේ 8 සිට රාත්‍රී සිට රාත්‍රී රාත්‍රී 12 දක්වාත්
      30GB ලැබෙන්නේ රාත්‍රී 12 සිට උදේ 8 දක්වාත් ය

      ඔබ හරියට බැලුවහම නව පැකේජය Home Unlimited වලට වඩා වටිනවා

      Delete
    6. Don't be sad Mr. Wicharaka. I work abroad, and my whole office has 512Kbps unlimited connection only and we pay 60,000 in rupee amount per month. I didn't know that you still have an unlimited volume connection (true the speed is limited to 512Kbps, but what you have is a gem). I don't think any ISP in Sri Lanka offer packages with unlimited volume of data anymore.

      Delete
    7. There is no such thing call unlimited in Sri Lanka once you use 40GB quota your speed become 64kbps, problem is all this time you have 512kbps. but for new packages you have 14MBPS connection speed and once you use 60GB quota your spped becomes 64kbps, so what is worth?

      Delete
    8. @ ලාංකික සිතුවිලි.

      Home Unlimited පැකේජයේ 40GB පැන්නට පසු 16 kbps නෙවෙයි 64 kbps වලට අඩු කරනවා. මට දෙතුන් වරක් වෙලා තියනවා. මම දිනකට පැය 10 ක පමණ අන්තර්ජාලයේ ඉන්නවා. ටොරන්ට් බාන ගමන් ඔන් ලයින් ලිපි ලියනවා, ඒ ලිපිවලට අදාළ යූ ටියුබ් වීඩියෝ බලනවා. මේ වේගය හොඳටම ඇති.

      අලුත් පැකේජ් වල වේගය සහ මම දවසකට පාවිච්චි කරන ප්‍රමාණය බැලුවම දින කීපයකින් මම කෝටා එක ඉවර කරනන්නවා. අමතර අධික මුදලක් ගෙවන්න වෙනවා තවත් දත්ත ලබාගැනීම සඳහා.

      @ මම.

      Totally agree with you and sad to hear that you are paying a big money for internet.

      Delete
    9. විචාරක Wicharaka,

      සමාවෙන්න, එය 64KBPS වියයුතුයි. හැබැයි නව සම්බන්දයෙ ඔබට මෙහෙම ප්‍රශ්නයක් තියනව ඔබ Tab එකෙන් සහ අනෙක් device එකකින් අන්තර්ජාලය තුල youtube යනවනම් ඉතා ඉහල data ප්‍රමාණයක් නව ක්‍රමය තුලදී වැයවෙනවා, ඉට හේතුව ඉතා ඉහල පැහැදිලි තාවයෙන් යුතු youtube movies ලබාදීමයි
      ඔබ පරිගණකයෙන් නරබනවානම් ඔබට අදාළ movies අඩු පැහැදිලිතාවයෙන් ලබාගෙන data බේරගන්න පුළුවන්.

      ඔව් ඔබ විශේෂ මොඩමයක් ලබාගෙන වේගය පාලනය කිරීමට හැකියාවක් නැත්නම් හොදම දෙය පැරණි පැකේජයේ සිටීමයි.
      පවුලේ අනෙක් අය පාවිච්චි කරනවානම් ඔබට පාලනය කිරීම අපහසු වෙයි.

      Delete
  2. 100mb දෙනවට වඩා හොඳයි නොදීම ඉන්න එක

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නෝටි ඇමරිකා එන්න කලින් බඩු බනිස්...

      Delete
  3. මාතලන් පුතේ ,
    පුතාගේ වත්තේ බොග දාන්න එන එවුන් ගාන දැන් මිලියන දෙක පනින්න ඔන්න මෙන්න නේද පුතේ , මේවා දැකල අර පුතා කියන සම්හරක්ගේ පුක සොරි පුතේ පපුව පැලෙයිද දන්නේ නෑ නේ . ඒ වුනත් පුතේ පාදයාත්රාව්කට කෝටි දෙකක් ගිය රටේ වත්තක බොග දාන්න ලස්ස විස්සක් එන එක මහා කජ්ජක්යැ . ඕවා ගැන හිතන්නේ නැතිව යහ පාලනේ කෙලින් කරන්නපුලුවන් දෙයක් ලියපං පුතේ
    තෙරුවන් සරණයි
    මීට
    දනුද්දර හිරිපිටිය මයා ,
    ගරු ලේකම්
    තරුණ බෞද්ධ සංගමය
    කොතලාවලපුර
    රත්මලාන

    ReplyDelete
    Replies
    1. හිරිපිටිය මාමේ,

      මාමලගේ පුක හිරිවැටෙනවා නේ මාමේ මේවා දැක්කාම. මාමලගේ නෑයෝ දාපු අමු කුණුහබ්බ දාන්න බැරි නිසා ඇනෝලා ඔක්කොටම කෙලලා ඇරියා. මම හිතුවේ නෑ නේ මාමලගෙ සෙට් එකටත් කුණුහබ්බ දෙක තුනක් පුළුවන්ය කියලා. දැන් මාමා නෑයෝ වෙන්නේ අම්මගෙ පැත්තෙන්ද තාත්තගෙ පැත්තෙන්ද? දැන් එතන ඩුප්ලිකේසොන් රෝඩ් එක වගේ නේ මාමේ. පොන්නයෝ ටික පට්ට ආතල් එකක් ගන්නවා නේ මාමේ..

      මමාගේ පුකේ අමාරුව ඉක්මනින් සුව වේවා..

      මීට

      මාතලන් හු. පුතා..

      Delete
  4. කමෙන්ට්ස් මොඩරේට් කිරීම හෙලා දකිමු !
    මේකද යහපාලනේ :D

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු එහෙම තිබා නම් මේකත් ඩුප්ලිකේසොන් රෝඩ් එක වගේ වෙනවා..

      පොඩො පොඩි කුණුහබ්බ එක්ක ඇනෝලා ගොඩා.........යි..

      Delete
  5. යහපාලන පිත්තල ටොපි

    ReplyDelete
  6. චානුකලා ඉන්න කාලෙ වැඩේ යන බව පෙනුන. නමුත් දැං නං වැඩේ හබක් වගේ. මමත් වයිෆයි ඉල්ලන්න කියල ආපු ලියුමට උත්තර යැව්ව. නමුත් ලැබුන $යියක් නෑ! :-(

    ReplyDelete
    Replies
    1. චීයා මේන් මෙයත් ෆිල්ති වර්ඩ්ස් යූස් කරනවා...

      Delete
  7. හෙහ් හෙහ්. මෙව්වට හිනා වෙනව හැර වෙන මොනව කරන්නද මාතෙ.

    ReplyDelete
  8. //මම අමාත්‍යාංශයේ සේවයෙන් ඉවත් වීමි. මහ මැතිවරණයට පසු මම තොරතුරු තාක්ෂණ සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූයෙමි. //


    වෙලාවකට දුකත් හිතෙනවා මේ යහපාලනේ ගේන්න හොරනෑ වාදනය කොල පයිඩ් පයිපර් ලා ගැන අෆ්ෆා!


    //තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයද එහි ලේකම් තුමාගේ "පුතාලගේ වයසේ" ළමයින් දෙදෙනකුට බාර කරන ලද්දේය. මේ ළමයින් දෙන්නාට ක්ෂේත්‍රය ගැන අන්දෝ සංසාරයක අවබෝධයක් නොවීය. අදත් නැත. //

    adding insult to the injury.... යහපාලන පොල්හගෙන් වැටුනු නලාකාරයන් ට හරීන් ඇන්නා වගේ කියන්නේ මේ වැනි අවස්තා වලටය!

    ReplyDelete
    Replies
    1. ඒත් අර යමපාලනේට වඩා සතුටුයි අප්පා... වයි පයි සුපියල් පනහක කඩෙන් ගන්න බැරිය..

      Delete
  9. මගේ යාලුවෙක් වයිෆයි නැතුව මලා

    ReplyDelete
    Replies
    1. වයිප් එක්ක චැට් කලේ නෑ කියලා වෙන්ටෑ...

      Delete
  10. කඩ වුන පොරොන්දුව කියන්නේ ඉස්සෙල්ලාම එන එකනේ,

    Free දෙන ඒවා කැඩුනාම හදන්නේ කවුද? Free අවශ්‍ය නෑ, තරඟකාරී මිළට තිබ්බාම ඇති, වේලෙන කොමියුනිකේෂන් වලට මිටර් 100 විතර Wi-Fi දෙන්න පුළුවන් මොඩියුල් එකක් හඳුන්වා දුන්න නම් ඇති, Wi-Fi ගංවතුරක් ඇති වේවි.

    ReplyDelete
    Replies
    1. තී වීල් වල ඒ සී බස් වල එහෙම නොමිලේ දෙනවා අප්පා...

      Delete
  11. ඔය වගේ එවුවනම් චන්දෙට දෙන සීනි බෝල , හොරකම් නැවතුනාම රට සංවර්ධනය කරන්ඩ පුළුවන් කියන එක ඔප්පු කරල පෙන්නුවොත් ඇති.

    ReplyDelete
    Replies
    1. මෙයාලත් හොරකම් කරනවා වගේ පෙනේ..

      කෘෂිකර්මේ බිල්ඩිමට කෝටී 100 ක් සබීතට ගෙවන ලදි.. පරම්පරා හතක් හොඳ බඩු ගහන්න තිබුනා ඒ සල්ලි වලින්..

      Delete
  12. අපි මුන්ව පන්නල මහින්දවා ආයේ ගේමු. වයි ෆයි විතරක්යෑ එතුමා කොයි තරම් දේවල් නිකම් දුන්නද?

    ReplyDelete
    Replies
    1. මහින්දලට එන්න කියමු
      අයේ හොරා කන්න කියමු
      එහෙම කනවා බලන් හිටං
      සතුටු වෙමු අපි.

      Delete
    2. මහින්දට හොරා කියන එක දැන්වත් නවත්තපන් බන්. ඔක දැන් පරණයි.

      Delete
  13. අනේ මචෝ වයිෆයි ඕනැ නෑ..රත්තරං බඩු වල පොලිය ඕනැත් නෑ.ඇමැති මන්ඩලේ 30 ට බස්සන්න ඕනැත් නෑ.ඇමැති සෑර්ල පෝමිට් ගත්තට අවුලකුත් නෑ.ඉස්කෝල බිල්ඩිං වලටත් ගණං හදල පෙන්න්නන 6% අවුලකුත් නෑ පිස්තෝලෙ සෙල්ලං එකක් හන්දා එව්වො රෙද්ද පල්ලෙ දාගත්තට අවුලකුත් නෑ.. යකාට පලච්චාවෙ ඒව..

    ඔය උත්තමයො ආතල් නොදී දැන්වත් කටවහං ඉන්නවනං ඒකම ඇති බුදුන් දැක නිවං දකින්න.. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මට දුක මුන්ට හොරා කන්න කිසිම දෙයක් සෙට් වෙන්නේ නෑ නේ... ආන් ඒකට මහින්දගෙ බඹරේ..

      Delete
  14. අනේ, රු. 500 ක විතර ඩේටා ටිකක් දාගත්තනම් පැය විසිහතරම ‍ෆ්‍රී wi fi තමා...

    ReplyDelete
    Replies
    1. හර්ෂද සිල්වා හිතන්නෙත් ඔහොම නේ...

      Delete
  15. ෆ්‍රී වයිෆයි කෙසේ වෙතත් බලාපොරොත්තුව උනේ තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙයි කියලා.සෝක් එකට ඩොලර් හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක් වෙච්චි.පේ පෑල් කාරිය හදලා ලාබෙට ජාලගතවෙන්න දීල.. හොඳ පණ ඇති සයිබර් ක්‍රයිම් ඉන්වෙස්ටිගේශන් සැට් එකක් බස්සලා සැපේ ඉන්න ඇහැකි නෙව.අමුතුවෙන් මහ ලොකු වියදම් කොරන්න කියලයැ.. වරායෙ පල් වෙන ලක්සුවරි වාහන ටික වෙන්දේසි කොලත් සල්ලි ටිකක් හොයාගන්න බැරියැ..
    අනේ අපොයි..

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩේසි ආච්චිගේ මැනික් සල්ලි එන කොට රට සව්බාග්ගිමත් වේවී ඉබේම..

      Delete
  16. හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.////////////////// ++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. රසික පොන්ස් හැම තැනම කොමෙන්ට් ගහනවා. පව් ඌ. උගේ බ්ලොග් එක සින්ඩි වලිනුත් අයින් කරලානේ තියෙන්නේ. දැන් රිදිලා ඉන්නේ උපරිමේට.

      මාතේ මං දැක්කා පැරාගේ බ්ලොග් එකෙත් ඌ රිලා තියෙනවා. ගනන් ගන්න එපා එව්වා. මොකද ඌ මානසික ලෙඩෙක් කියලා ඔක්කොම දන්නවා. උගේ බ්ලොග් ඒකෙ දැන් බ්ලොග්කාරයෝ කොමෙන්ට් දාන්න වත් යන්නේ නෑ. ඌම ඇනෝ දාගෙන පොන්න ආතල් තමයි ගන්නේ.

      Delete
  17. // Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි... හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය. //

    කෛරාටික සහ මෝඩකම කියන දෙක compatible ද බන්?

    ReplyDelete
  18. හෆොයි බුවාව එළියටත් විසික්ක වෙලාද...
    කතාවටත් කියනවනේ "කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල" කියලා...
    නොමිළේ wi-fi තියා කිසිම දෙයක් ගන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබ්බෙවත් නැති නිසා මටනම් මේකේ අවුලක් නැහැ...

    හැමදේම නිකං බලාපොරොත්තු වෙන සමාජයකට බනින අතරේ නිකං wi-fi ගන්න හිතන එක ගැලපෙනවද මන්ද...

    ReplyDelete
  19. "හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය."
    ඇත්තම ඇත්ත.

    ReplyDelete
  20. We need a leader like vickramabahu karunaratne.

    ReplyDelete
  21. ඕවා මොනාටද අයිසේ ,ප්‍රජාචංචවාජේ ලැබිලා තියෙන්නේ ඒ මදැයි

    ReplyDelete
  22. ඉරාන් වික්‍රමරත්නට රනිල්ගෙන් කුණු බැනුම්.
    සිංගප්පුරු ගමනටත් එන්න එපා කියලා.

    පොර්ට්සිටිය පිලිබදව හා වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිලිබදව සත්‍ය හෙළි කරමින් මාධ්‍යට ප්‍රකාශයක් කළ ඉරාන් වික්‍රමරත්න කැදවා ඉතා පහත් ලෙස රනිල් වික්‍රමසිංහ බැන වැදී ඇත.සාගල රත්නායක විසින් දිගින් දිගටම ඉරාන් හට දුරකථන ඇමතුම් ලබා දෙමින් සිදු කල ප්‍රකාශය වැරදීමකින් සිදු වූ බව කියන ලෙස බලපෑම් කර ඇති අතර ආණ්ඩුවේ බොරු නිසා තමන් විසින් ගොඩ නගාගත් කිර්ති නාමය විනාශ කර ගැනීමට තමන් සුදානම් නැති බවත් සාගල මෙන් රනිල්ට යට වී සිටින්නට තමන් සුදානම් නැති බවත් ඉරාන් සාගලට පවසා ඇත.ඉන්පසු රනිල් වික්‍රමසිංහ විසින්ම ඉරාන්ට කතා කොට තාම හමුවෙන ලෙස දන්වා ඇත.අද උදැසනම රනිල් හමුවූ ඉරාන්ට සාගල ඉදිරිපටදී ඉතා පහත් ලෙස බැන වැදී ඇති අතර සාගල රත්නායක සිනහසෙමින් ඒ දෙස බලා සිටි බවත් ඉරාන් ව්‍යාපාරිකයෙක් හට පවසා ඇත.

    අද දින (31) රාත්‍රියේ රනිල්.ඉරාන් හා තවත් ඇමතිවරු කිහිප දෙනෙක් සිංගප්පුරුව බලා පිටත්ව යාමට සුදානම් කර තිබු බවත් එම ගමනටද ඉරාන්ට සහභාගී නොවෙන ලෙස රනිල් දැනුම් දුන් බවත් ඉරාන් දුක් බරව ප්‍රකාශ කොට ඇත.ආණ්ඩුව ගෙනෙන්නට කැප වූ අයට වඩා ලිංගික කටයුතු වෙනුවෙන් කැප වූ අයට (සාගලට) රනිල් සලකන බවත් ජනතාව තමන් බොරු කාරයෙක් ලෙස නොසිතන පරිදි තමන්ට හැකි දේ සිදු කරන බවත්.තමන් ඉතා පහත් ලෙස කළ දේශපාලනයේ ප්‍රතිවිපාක තමන්ට අත්විදින්නට සිදු වී ඇති බවත් ඉතා ඉක්මනින් දේශපාලනයෙන් සමු ගන්නා බවත් එදිනට රනිල් හා සිදු කල සියලු ක්‍රියාවන් එලියට දමන බවත් තම ව්‍යාපාරික මිතුරාට පවසා ඇත.

    ReplyDelete
  23. "හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය."
    ඒක නෙමේ ඇත්ත. යහපාලනේ වැරදි තියනව. ඒත් හිටිය ආණ්ඩුවට වඩා දාහකින් හොදයි. ලින්ක් එකේ කතාව අහපන් හැමෝම.
    https://www.youtube.com/watch?v=n_cHPIgxC10

    ReplyDelete
  24. වොල්ක්ස් වගන් එක අපහු එනවි කියන්නේ කක්කුසි කටා ........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න