.

.

Oct 11, 2016

කුණු වලින් නා ගන්නා පාලකයෝ - Poor Waste Management

Watch the Vedio by Derana TV

අම්මට සිරි ලංකාවේ තරම් ආත්මාර්තකාමි ජනතාවක් මේ විශ්වයේ කිසිම රටක ඉන්නවාදෝ කියා සිතෙන්නේ අප එදිනෙදා දකිනා දේ නිසාය. එය අපේ රටේදි පමණක් නොව පිටරටකදි මීටත් වඩා හොඳින් බලා ගන්නට පුළුවන. එසේ වීමට ප්‍රධානම හේතුව නම්, කිසිම හැදියාවක් නොමැති කමයි. නිදහස් අජ්ජාපනයක් කියා දෙයක් හඳුන්වා දී හැම එකාටම අජ්ජාපනයක් දුන්නද එයින් කිසිම සංවර්ධණයක් රටට ලැබුනේ නැති අතර, එයින් ඵලප්‍රයෝජන ලබා ගන්නේ වෙනත් රටවල උන්ය. මෙහේ ඉන්නා පිරිසගේ මාන්නය ඉහටත් උඩින් තිබෙනාතර, මහාචාර්යවරයාගේ සිට ගමේ රස්තියාදු ගහන එකා දක්වා, කිසිම හැදියාවක් උගන්වා නැති, කිසිම හැදියාවක් නැති, පිරිසක් මුළු රටේම සිටින්නේය.

අපේ රටේ අජ්ජාපනයේ මුල සිටම උගන්වන්නේ පිම්මේ දුවන "තරඟකරුවන්" පිරිසක් බිහි කිරීමයි. එයින් බිහි වන්නේ "තරහකරුවන්" පිරිසක් පමණි. උන් අනෙකාටද, රටටද, කොටින්ම දරුණු පීඩනයක් ලබාදෙන දෙමව්පියන් සමඟද, දරුණු වෛරයකින් සිටින පිරිසකි. උන් උන්ගේ වෛරය පිට කරනු ලබන්නේ තමන්ගේ දරුවන්ගෙන් හා සමාජයෙනි.

එසේ වන්නේ සෑම තැනෙකම ඇති කළමණාකරනය පට්ට ෆේල් නිසාවෙන් මිස වෙන කිසිවක් නිසා නොවේය. සුද්දා ගෙනගිය කළමණාකරනයට අනුව රට නිසි මඟක ගමන් කලද, වැඩවසම් චින්තනයක් සහිත පිරිසකට 56 දී ඉඩ දීමත් සමඟම, රට බල්ලාටම ගියේය. අද අප අපේ කසළ ටිකවත් කළමණාකරනය කර ගැනීමට නොහැකි ආඩම්බරකාර ජාතියක් බවට පත්ව ඇත්තෙමු.

එසේ වන්නේ ඇයි? ප්‍රධානම හේතුව රට පළණය කරන්නේ අමු හරකුන් පිරිසක් බැවිනි. සමහරක් පුකේ අමාරු තියෙනා උන් මේ සෑම දෙයකටම විසඳුම් ගෙන ආවද, ගොබ්බ පාලකයන් ඒවා පයිසෙකට ගනන් ගන්නේ නැතිය. බ්ලොග් කරුවන් ලෙස අප දන්නා හොඳම උදාහරණය, අපේ දොස්තර සරත් විමලසූරිය නිපදවූ අලි එලවන යන්තරේය. ඒ ගැන දැණුම්වත්ව, ඉන් ඵලප්‍රයෝජන ගන්නා පිරිසක් වෙනම වූවද, අහිංසක ගම්වාසින් නිතිපතා අලින්ගේ ගොදුරු බවට පත්වීම තුරන් කර ගත හැකි මේ අගනා නිශ්පාදනය ගැන සමහර විට මේ හා සම්බන්ධ නිළධාරින් හා පාලකයන් මෙලෝ හසරක් නොදන්නවා විය හැකිය. එක්කෝ දැනගෙන නොදන්නවා වාගේ ඉන්නවා ඇතිය. ඒ අපේ අති සෙරේස්ඨ ජාතියේ හැටිය. සිරි ලක දේ සිරි සැප දේ කියන්නේ බොරුවටය. සුද්දා හදලා දුන්නා නම්, කොමිස් කුට්ටියකුත් එක්ක, අලි නැති පැති වලටත් මේවා දාන්න ඉඩ තියෙනවාය.

මීතොටමුල්ලේ කුණු කන්ද ජාතික ප්‍රශ්ණයක් වී බොහෝ කල්ය. කොළඹ සුර පුරයක් කල ඝෝඨාභය උනත් කලේ, හැමෝම කරනා දෙයමය. උන්නැහේ කොළඹ සුර පුරයක් කොලේ මීතොටමුල්ල අවීචි මහා නරකාදිය කරලාය. එයාලා හිතුවේ කොළඹ හතේ අය ගැන ඉතරය. කොළඹ 7 සුර පුරයක් උනාට මීතොටමුල්ල ඉතරක් නොව කොළඹ 12 ද අපායක්මය. එක හේතුවක් වන්නට ඇත්තේ, ඒවායේ ඉන්නේ මුඩුක්කු කාරයෝ නිසාය. අනෙක් හේතුව අති බහුතරේ සුළු ජාතිකයන් වීමය. හැම පැත්තෙන්ම "සුළු උන්" වන නිසා උන් සදා සොත්ති බවන්තුතේය.

එයාලා ගිහින් මෙයාලා ආවාම මරික්කාර් කියලා සිරසේ පච කෙලිනා එකෙකුයි, මුසම්මිල් කියනා නගරාධිපතියායි කිව්වේ කුණු ජපනාට දීලා මාස තුනෙන් ප්‍රශ්ණයට විසඳුම් දෙනවාය කියලාය.  එහෙම කියලා ටයි කෝට් දාපු ජපන්නු දෙන්නෙක් තුන් දෙනෙකුත අරගෙන ඇවිත් පොඩි ඩ්‍රාමා කෑල්ලකුත් දැමුවේය. ඒ උනාට තවමත් කුණු ගොඩ් නම් එතනමය. අරුන් දෙන්නා හොයා ගන්නත් නැතිය. 

මුන් ඡන්දේ දින්නෙත් කුණු ගොඩෙන්ය. ඊළඟ ඡන්දෙටත් ඕකෙන්ම ගොඩ එන්න සම හරක් විට ඔහොම්මම තියෙන්න අරිනවාත් වෙන්න ඇතිය. මොකෝ, අපි මේක කොලා අරක කොලා කියා කියන්න දෙයකුත් නැති නිසා, කුණු ටික අයින් කරන්න බැරි උනොත්, මම ඕක කනවා කියා ජනතාව කොර වෙන ටෝක් එකක් දීලා ආයෙත් ගොඩ යන්න පුළුව්න් හන්දාය. 

කලින් ඕක පුත්තලමට ගෙනියන්න ටෝකක් දුන්නේය. ඒ ඝෝඨාගේ යෝජනාවක්ය. ඊළඟට දැන් කොරන්න හදන්නේ ඒකලට ගිහින් දාන්නය. ඊයේ, ඒකල ඉන්න එකාලා මෙකාලා ඔක්කෝම එකතුවී පාරට බැස්සේය. උන්ගේ පිහිටෙන් ලකුණු දාගන්න ආ ප්‍රසන්න රණතුංගත් නිකන්ම කුණු හූවකුත් අසාගෙන ඉල්ලගෙන කෑවේය. කෙසේ වෙතත් ඒ මිනිස්සුන්ගේ උද්ඝෝෂණය අන්තීම සාධාරනය. ඒ වාගෙම බදුල්ලේ කුණු ගොඩට කව්දෝ හරකෙක් ගිනි තියලාය. නඟර සභාවේ ඉන්නා මෝල්ලුන්ගේ මොළයේ තරම එයින්ම පේනවාය. කුණු කන්ද ගැන ටී වී එකේ පෙන්නුවාම, උන් කලේ කුණු කන්දට ගිනි තියනා එකය. එයින් කොතරම් හානියක් පරිසරයට වෙනවාද යන්න මේ එකෙක්වත් දන්නේ නැතිය.

මුන් කසළ කළමණාකරනය ගැන අනෙකුත් කළමණාකරණයන් ගැන වැඩමුලුවලට යැව්වාම කරන්නේ බඩු ගහනා එකයි ෂොපින් යන එකයිය. ඉන් පස්සේ ෂොපින් කරපුවයි එයාර් පෝට් එකෙන් විස්කියි මලු වල පුරවාගෙන එනවා මිසක්ක ඔලු ගෙඩි ටික එහෙම්මමය. ඒ කියන්නේ අමු ගොමය. මේ ප්‍රශ්ණය ගැන නොම්මර එකේ ගොන් ටෝක් දෙන මහ ඇමතිවරු දෙන්නාම කතා කරන්නේ කුණු ගොඩ වෙනත් තැනකට ගෙන යන එක ගැන මිසක්ක කසළ කළමණාකරනය ගැන හෝ කසළ ප්‍රතිචක්‍රියකරණය ගැන නෙමේය. එහෙම ඒවා මුන් අහලාවත් නෑ කියා උන්ගේ ශරීර දැක්කාම හිතා ගන්නට පුළුවන්ය.

Cartoon - Awantha Artigala
ඒ කියන්නේ මහ ඇමතිවරු ළඟ තියෙන්නේද සාමාන්‍ය මනුස්සයා ළඟ තිබෙනා තියරිය මිසක් වෙන සොලියුෂන් එකක් නෙමේය. ඒ කියන්නේ තමන්ගේ කුණු ගොඩ අනික් එකාගේ වත්තට දමනා එකය. මේ කාළකන්නින්, මේවා ඉගෙන ගන්න රට පටවා මුදල් කාබාසීනියා කරනවාට වඩා, නිසි ලෙස කසළ ප්‍රතිචක්‍රිය කරනා වැඩ පිලිවෙලක් පවත්වා ගෙන යන බලංගොඩ ප්‍රාදේශීය සභාව පැත්තේ වත් යවනා එක මුළු රටටම යහපතක් වෙනවාය. 

කුණු ගොඩවල් තැන තැන ගිහින් දාලා හරි යන්නේ නැතිය. කළ යුත්තේ කසළ වර්ගීකරණය කොට, වෙනෙ වෙනම බඳුන් වලට බහා ප්‍රතිචක්‍රීයකරණය කිරීමය. එයින් වගාවට අවශ්‍ය පොහොර ලැබෙනවා පමණක් නොව, රැකියා පවා බිහි විය හැක. කොටින්ම මේ කිසිවක් නොදන්නා කාළයේ ජීවත්වූ, බෝතල් පත්තර කාරයන්ට මෙන්ම, පරණ කෝට් කාරයන්ටද හොඳ කලක් උදාවිය හැක. කුණු කියන්නෙ හොඳ ආදායම් මාර්ගයකි. එහෙත් මේ කාලකන්නි කරන්නේ, කුණු කොහේ හරි ගිහින් දානා එක කාට හෝ දී, ජරාව කෑම පමණි.

පට්ටම සීන් එක කියන්නේ රටේ පරිසරය බාරව ඉන්නේ රටේ නායකයාය. එහෙත් ඩෙංගු උවදුරද, කැළෑ කැපීම්ද, අනවසර මැණික් පතල් හෑරීමද. වැලි ගොඩ දැමීම්ද පමණක් නොව ඝෝඨා පිරිසිඳුව තබා ගත් කොළඹ නගරයද අද එකම කුණු ගොඩක්ය. තමන්ගේ අමාත්‍යශයේ වගකීම් ඉටු කර ගන්න බැරුව රටක වගකීම් දරන්නේ කෙසේද යන්න අපි වාගේ ගොන් හරකුන්ට මෙයින්ම තෙරුම් ගන්නට පුළුවන්ය. හැම දේම කරන්නේ පුකටම කෙල උනාට පසුය. බදුල්ලේ ගිනි නිවන්න හෙලිකොප්පර ඇරලා හරියන්නේ නැතිය. ඕක ගිනි තියපු එකා සොයා ඌට දඬුවම් කළ යුතුය. එමෙන්ම කුණු ගොඩ තව තැනකට පටවා පැලැස්තර අලවන්නේ නැතිව, කුණු සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහාම ඇති කළ යුතුය.

කුණු ටික කළමණාකරනය කර ගන්න බැරිව, මෙගා පොලිස්, ෆයිනෑන්සල් සිටි තියා තව්තිසාව මැව්වත් වැඩක් නැතිය. මොකෝ තව්තිසාවට එන්න වෙන්නේ නහය අකුලාගෙන නිසාමය. එයාර්පෝට් හයිවේ එකේ ඇවිත් පෑලියගොඩින් බේස්ලයින් පාරට දානා කොටම එන කුණු ගඳ දෙමටගොඩ සමන්තා එක හරියට එනකල්ම හොඳට දැනෙනවාය. ජයවර්ධනපුරටත් එසේමය. මේවායෙන් ඇති වන ලෙඩ රෝග ගැන කවර නම් කතාද, මීතොටමුල්ලේ උන් සුවාසේ හැදිලා මැරෙණවාට වඩා කුඩු ගහලා මැරෙණ එක් සැපයි ඕයි කියා කුඩු ගහන්නේ ඒ නිසා වෙන්නත් ඇතිය.

64 comments:

  1. අපේ කැම්පස් එකේ මේ විදිහට කසළ වර්ගීකරණය කරලා දාන්න භාජන ගෙනත් තියලා පිලිවෙලට වැඩේ කලා. කෙල්ලෝ කොල්ලොත් අපරාදේ කියන්න ඕන නෑ කුණු වෙන වෙනම භාජනවලට දැම්මා. සභාවේ කුණු ට්‍රැක්ටරේ ඇවිත් අපූරුවට වෙන වෙනම දාලා තිබුණු කුණු ටික එක ගොඩට හලාගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි

      Delete
    2. මේ රටේ මිනිස්සු හදන්න ලේසියි. ආන්ඩු හදන්නයි අමාරු. පේනවනේ යහපාලන ලොක්කගේ කෙරුවාව.

      Delete
  2. බලංගොඩ ගැන ඇහුවම සතුටක් ආවා...ඒ අපිත් බලංගොඩ උන් හින්දා...පාරේ සහ ඉවක් බවක් නැතුව කුණු දාන උන්ට පුකට වෙඩි තියන ගරිල්ලා හමුදාවක් හදන්න ඕන...

    අසංක

    ReplyDelete
    Replies
    1. බලංගොඩ එක මගේ දෑසින්ම දැක්කා. ඒක ඒ විදියටම දිගටම යනවා නම් බොහෝම හොඳයි.

      Delete
  3. පොහොරත් ගණන් එකේ ඇත්ත තමයි මාතයියෙ ඒව ගෙනත් අනුරාධපුරේ පැත්තට ගෙනැත් දැම්මනම්. දාල විතරක් මදි ඒව කොම්පෝස්ට් කරල ගොවීන්ට දුන්නනම් කොච්චර වටිනවද

    ReplyDelete
    Replies
    1. බැර ලොහ කොච්චර තියනවද ඔය කුනු වල දිරන හැම දේම කොම්පෝස්ට් නමෙයි

      Delete
    2. එහෙම කරන තැන් අනන්තත් තියෙනවා. කරුමය කියන්නේ ඒ වගේ දේවලට දිරි දීමක්. ප්‍රචාරණයක් නැති එක විතරයි. ඔය පහළ ප්‍රසන්නයා දාලා තියෙන්නේ ඉස්පිරිතාලයක් ගැන.

      Delete
  4. අයිකොනික් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකේ පස් වැනි තට්ටුවෙන් උඩ ඇති අපාර්ට්මෙන්ට් එකකට ගොස් ජනේලයක් අරින්න......

    මීතොටමුල්ලේ ආශ්චර්යය දැනෙනු ඇත...

    ReplyDelete
    Replies
    1. ඒ සී තියෙද්දි මක්කටෙයි මෙයා ජනෙල් අරින්නේ...

      Delete
  5. මට හිතෙන්නේ මේ සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය අවශ්‍යයි කියලා. කසළ වර්ගීකරණය කලාට මදි, ඒ කසළ වෙනම එකතු කරන්නත්, වෙනම බැහැර කරන්නත් අවශ්‍යයි. ප්ලාස්ටික්, වීදුරු වගේ රීසයිකල් කරන ඒවා රට යවන්නට පුළුවනි, ලංකාවේ රීසයික්ලින් පහසුකම් නැත්නම්. ඒ වගේම තමයි අනිත් කසළ විනාශ කිරීම සඳහා ඉන්සිනරටර් (සිංහල වචනය නොදනිමි) පහසුකම් අවශ්‍යයි. මේවා ඔය නගරසභා වලට කල නොහැකියි. මෙච්චර කාලෙකට ඕක කරගන්න බැරිවුනේ ඕවට වගකිවයුතු උන්ගෙන් ඇහුවනම් ගමකට උත්තර දෙයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ආන්ඩුවම උනත් සුද්දට හරි කොම්පැනි කාරයන්ට හරි දෙනවා නම් මීට වඩා දෙයක් රටට වෙනවා...

      Delete
  6. මගේ යාලුවෙක් අල්ලපු ඉඩමට කුණු විසිකරල මළා.

    ReplyDelete
    Replies
    1. අල්ලපු වත්තෙ එකාගෙං පොරෝ පාරක් කන්න ඇති.

      Delete
    2. මම කියන්න ගිය දේ ප්‍රසන්නයා කියලා

      Delete
  7. කුණු සින් එකේ ඊයේ ප්‍රසන්න චාටර් උන එක නම් පට්ට. එතන මොලයක් තියෙන ඇවුන් හිටි නිසා හොඳයි. දැන්නම් කුණු ගොඩකින් හරි දේශපාලන වාසි ලබාගන්න තත්වෙට විපක්ෂය හෝ වේවා ඒ තැනට පත්වෙච්ච එක ගැන මුළු පාර්ලිමේන්තුවම ලජ්ජා වෙන්ට ඕනි.

    ඔය ප්‍රශ්නෙට නගර සබාවම කෙලින්ම සම්බන්ද වෙලා ගානක් අරන් හරි ගෙවල්වලට වෙන වෙනම කුණු එකතු කරන බාස්කට් දීල කෙලින්ම වැඩේ පටන්ගන්ට පුළුවන්. (ඒත් සමහරකට කිසි ගතියක් නෑ බයිසිකලේ හරි කාර් එකේ හරි යනගමන් කුණු මල්ල කොහෙටහරි විසි කරලා දැම්මේ නැතිනම්. ඕක ලංකාවේ සාමාන්‍යයෙන් වෙන දේ)

    මමත් සතියට පැය 4ක් යාර්ඩ් මෑන් ජොබ් එකක් කරනව. මිනිස්සුන්ගෙ සිගරට් කොට මුලින් අහුලනකොට කුණුහබ්බ විද්ද. දැන් මමත් කවදාවත් සිගරට් ෆිල්ටර් එක පාරේ වත් බිමවත් නොදා බින් එකටම දානව. මොකද සුද්ද කරන මිනිහ තමයි ඒකෙ ආනිසංස දන්නෙ.

    ලංකාවට ඕක පුළුවන් තද නීති රීති දාල පටන්ගන්න. ඒත් ඉතින් පාර්ලි-හුන්තුවේ ඉන්න ඇවුන්ට ඊට වඩා ලොකු ජංගි බ්‍රා කේස් තියෙන නිසා මීතොටමුල්ලේ කුණු ජා ඇලට නෙමෙයි විහාරමහාදේවි පාක් එකට දැම්මත් පුදුම වෙන්ට දෙයක් නෑ.

    මොනා කරන්ටද බන්. රටේ විස්තර පත්තර බලල විතරක් දැනගන්ට ඉන්ට අතිගරු ජනාදිපති වරයෙක් ඉන්නකන් මේ සිරි ලංකාවට දෙයියන්ගේම පිහිටයි හිටං. 😳🔨...

    ReplyDelete
  8. ඔය කුණු ප්‍රශනෙට සාර්ථක විසඳුමක් දීල ‍තියෙන්නෙ බලංගොඩ නගර සභාව විතරයි. ඇයි අනික් උන්ට ඕව කරන්න බැරි. අනික මිනිස්සු උනත් දැනගන්න ඕන කඩේ ගිහිල්ල එනකොට ෂොපින් කවර දහයක් විස්සක් විතර ගෙදර අරං නෑවිත් ඉන්න.

    අර අවන්තගෙ කාටුන් එකේ තියෙන එකට වෙන්නැති රී සයික්ලිං කියන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. මහ ඇමතිවරු දෙන්නම කිව්වේ කාටුන් එකේ තියෙන දේ තමයි... නෙද්දකින් මෙහෙව් හරක්..

      Delete
  9. "දොස්තර සරත් විමලසූරිය නිපදවූ අලි එලවන යන්තරේ" ලිපිය බැලුවමනම් හිතෙන්නේ අපෙ මිනිස්සුන පෝස්ට් වල තියෙන්නෙ සිංහ ලේ වුණාට. ඇග ඇතුලේ තියෙන්නෙ සුද්දගේ ලේ කියල

    ReplyDelete
    Replies
    1. සුද්දගෙ ලේ විතරක් තිබුණනම් අපි මීට වඩා දියුණුයි...මටනම් හිතෙන්නේ;

      සුද්ද ලේ + සිංහ ලේ = සුද්ද සිංහ ලේ

      අපේ ඔය 'සුද්ද සිංහල' ගතිය හින්දා තමයි කොහෙටවත් නැති අසමජ්ජාතියෝ බිහිවෙන්නේ...

      අසංක

      Delete
    2. දැක්කේ නෑ කාලෙකට පස්සේ අර නාන සාර හාමුදුරුවෝ..!!

      Delete
    3. කොමිස් වලට තමයි මෙහේ ඔක්කොම කොරන්නේ.

      Delete
    4. මරු කතාව "කුරුටු ගෑ ගී පවුර"

      Delete
  10. මාත ,

    වැඩේ මේකනේ මචෝ උබට මතකද මිට අවුරුදු කියපකට පෙර ඇමරිකාවට සංක්‍රමණය වී කසල ප්‍රතිච්ක්රිකරණය කිරීමෙන් කෝටිපතියෙකු උන කෙනෙක් නැවත ලංකාවට පැමිණ නව වැඩපිළිවලක් පටන්ගැනීමට උත්සහ කල විට එය ක්‍රියාත්මක නොවුනේ දෙසපලන්යයන් විවිද අල්ලස් ඉල්ලු නිසා බව ඔහු සදහන් කළා.

    සමහරවිට ඔබට මෙය මතක ඇති නැත්නම් මෙය කියවන කෙනෙකුට මෙය මතක ඇති ඔහු මට මතකවිදියට දිවයින පුවත්පතට සාකච්චාවක් දී තිබුන.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං මතක නැත්තේ... ඔය මීතොටමුල්ල කුණු කන්ද බලන්න කී දෙනෙක් ආවද.. මේ ආන්ඩුවේ උනුත් ජපන්නුන්ගෙන් කොමිස් ඉල්ලන්න ඇති. ඒකයි කන්ද තාම එතන තියාගෙන පැලැස්තර විසඳුම් දෙන්නේ.

      Delete
  11. What is worse than ten dead people in one garbage bin?
    A: One dead person in ten garbage bins!
    ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. හැම තැනම ගඳ ගස්සනවා.

    ReplyDelete
    Replies
    1. කරන්න යන්නෙත් එහෙම එකක් නෑ... බලය විමධ්‍යගත කිරීම... හොඳ හොඳ සීන් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි...

      Delete
  12. http://www.lankadeepa.lk/index.php/articles/467322

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බෑ කියන ඒවා.. කරන්න බැරි දේවල් නෙමෙයි නේ...

      Delete
  13. කුනු එකතුකිරීම සහ පාලනය කාන්තාවන්ට ලබා දෙන්නට ඕනි.. කාන්තාවන් තමයි කුනු කේස් වලට හොදම කස්ටිය..
    ජපානේ එහෙමයි කියල මම බ්ලොග් එකක දැම්මා..

    දැන් කවුද පාරට කුනු දාන්නේ...වෙන් කරල දෙන්න කිව්වම කවුද වෙන් නොකර බඩු දෙන්නේ.. වැඩියෙන්ම සොපින් බෑග් එන්නේ කොයි ගෙදරින්ද? සොපින් බෑග් නැතුව කෑම දෙන එක ගැන කඩකාරයො දැනුවත් කරන්නේ කෝමද?

    කුනු ටැට්ටරේ ‍සතියට දවස් දෙකක් වත් හරියට ගෙන්වාගන්නේ කෝමද? කුනු මග දාල යන කුනු ටැට්ටර් කාරයා කවුද?

    ඕක මම හිතන්නේ කොමියුනිටි වැඩක්... බොහෝවිට නිවසේ සිටින වැඩට සිටින කාන්තාවන් සහ නිවසේ සිටින කාන්තාවන් ටික එකතු කරගත්ත නම් ප්‍රාදේශිය සබාවකට ඕක ලේසියෙන්ම කරගන්න පුුලුවන් වැඩක්.. ප්‍රාදේශීය සභාවම ඕෆ්ම කරමු.. පංසලකට පල්ලියකට එකතු වෙන කිහිප දෙනා ගමේ සිටින ගැහැනු කන්ඩායමක්..එකතු වුනෝත පාරට වැටෙන කුනු සහ කලමනාකරණ්‍ය නොවූ කුනු අපිටම පාලනය කරගන්න පුලුවනි..

    අරුණි ෂපීරෝ සමග සම්පූර්ණයෙන් එකග නොවූවත් අපේ වගකීම් අපි දේසපාලුවන්ට හෝල් සේල් පවරලා එයාලටම බනින්න ඉන්න එකත් දැන් ෆැෂන් එකක් වෙලා.. සැබැවින්ම ඔය වගේ දේවල් මහා දඩුවම් දීල දැඩි නීති වලින් ‍කරනවාට වඩා කස්ටිය එකතු වෙලා මුලින් අපි වෙනස් වෙලා ඊළගට අල්ලපු ගෙදර එකා වෙනස් කරලා ඉන් පස්සේ නාහෙට අහන් නැති එකාට පොඩ්ඩක් කියල බලලා.. ඒත් බැරිනං පංසලේ පල්ලියේ ඉන්න පිංබත් උන්නාන්සෙලා සෙට් වෙලා.. ආන්න එහෙම කරන්න අපි අලුතින් හිතන්න ඕනි..

    හරියට කුනු වර්ග කරල දෙනව නම් පත්තර ටික වෙනමයි.. බෝතල් වෙනමයි.. යකඩ වෙනමයි..ලිබඩු වෙනයි ඕගනික් ඒව වෙනයි කියලා...කොටස් කොටස් විකුනගත හැකි..

    ReplyDelete
    Replies
    1. waste is wealth කියලා තමයි කියන්නේ. ඒක හරියට මුදල්වෙනවා බොහෝ රටවල.

      Delete
    2. ලංකාවේ ජනතාව එහෙම හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි. සරණ වගේම තමයි. කරන්නෙම හූනොයි කැරපොත්තොයි අල්ලන එක පන්සලේ උන්නත්. මුන් හදන්න නම් දරුණු නීතී රිතී ගේන්න ඕනා. ඝෝඨා කොළඹ ලස්සනට තියාගෙන උන්නේ එහෙමයි. 56 විප්ලවයෙන් පස්සෙ මේක තනිකර වැඩවසම් ජනතා මානසිකත්වයක් තියෙන රටක් කලා. දොස්තරලා පවා හැමදේම ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අනිත් විකාරේ වී ගොවියෝ. අනික දැන් 1994 ඉඳන් රට පාලනය කරන්නේ ඒ කාළකන්නි. ඉතින් කොහෙද රටක් හදන්නේ.

      Delete
  14. මාතා මේ මට මෙහෙ බිස්නස් යාළුවෙක් කියපු කතාවක් . කුණු හරියට ප්‍රතිචක්‍රියකරණය ද මොකක්ද කරන්න ඒ කියන්නේ recycle කරනන් සහ කාබනික කුණු වලින් බලාගාරයක් හදන්නත් එක්ක එයාගේ දන්නා බ්‍රිතාන්‍ය සමාගමක් ඉදිරිපත් වෙලා. මුන් පගා දෙනවා අඩුයි කියල උඹ දන්නවනේ. ගිය ආණ්ඩුව කාලේ දී මගේ යාළුව එයාගේ බ්‍රිතාන්‍ය යාලුවට ටෙන්ඩර් දාන්න කියල. බලන කොට ටෙන්ඩර් වැඩේ බොරුවක්. යන වියදමින් ඇමැතිට , ලේකම්ට හා තව බලවත්ම ඇමැති කෙනෙකුට දෙන්න කොමිස් ඉල්ලලා. සුද්ද බැහැ කියල. ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුව යටතේ ආයේ උත්සහ කරාලු. මිනිහ මට කිව්වා එකම වෙනස බ්‍රිතාන්‍ය සමාගම් වලට දැන් ආයෝජනය කරන්න දෙනවලු. එක්තරා මැඩම් කෙනෙක් නියෝගයක් දාල තියනවලු සුද්දෙක් අනිවාර්යයෙන්ම බෝඩ් එකේ ඉන්න ඕනේ කියල. වැඩේ හරි කියල හිතාගෙන අහල බැලුවාලු. ගිය සැරේ වගේ තුන්දෙනෙකුට දෙන්න නම් නැහැ ඒත් ඇමතියෙකුට දෙන්න ඕනෙලු ගාන. සමාගම ආයේ කියල බැහැ කියල. සමාගම වෙන අප්‍රිකානු රටක කියල ආරන්චියි.

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුවේ උනුත් රට හදන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ උන් හැදෙන්න. අනික සිරාගේ ළඟ ඉන්නේ ඔක්කොම කම්බා හොරු හා පට්ට ෆේල් උන්. ජරා පප්පලා. මහින්දගේ ගෝලයෝ.. ඉතින් වෙසක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්. ඕන් දැන් අපි කියපුවා ඇත්ත වෙලා අවසානයි.

      Delete
  15. කුණු ගැටළුව ඇත්තටම විසඳන්න ඔය කට්ටියට තියන වුවමනාව "ඇත්තම" නම් බළන්ගොඩට ඇවිත් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බලංගොඩ එක මගේ දෑසින්ම දැක්කා. ඒක ඒ විදියටම දිගටම යනවා නම් බොහෝම හොඳයි.

      Delete
  16. මසුරං නැති රටේ මාතේගේ කටේ දාන්න දෙයක් නැති එක ගැන දුක්වෙමි. මාතලංට දිවැස් පොඩ්ඩක් තිබේ යැයි අදහන්නට දැන්නං පුළුවන.

    මේ සටහන ලියන විටත් කුණුගොඩෙන් එන මහා කර ගඳ නැහැයට දැනේ. බදුල්ලේ කුණුගොඩ පැසවන්නට පටංගත්තේ පහුගිය මහරජ්ජුරුන්නාන්සේගේ කාලයේය. එතුමානෝ, නෝනානෝ, බේබියානෝ, සිරිපාලයානෝ, ඩිලානයානෝ ඇතුළු සෑහෙන දෙනෙක් ඒ කාලේ බදුලු ආවේ හෙල්ලිකොට්ටඋරෙන්මය. නැත්තං පාරෙ ටැපික් වැඩිවෙනවාය. ඔය හෙල්ලිකොට්ටර බාන්නේ මේ කුණු ගොඩට යාබදවම ඇති පිට්ටනියටය. ඉතිං උඩිං බහින රජ්ජුරුවන්ට මේ කුණුගොඩ දැකලා කේන්ති ගෙහුං "වහාම මේක අහක්කරපිය" කියා ලොක්කන්ට සැල්ලෙක දැම්මේය. යකෝ කුණුගොඩක් ගාවට බෑහැක්ද මහේශාක්ය රජෙක්ගෙ හෙලිකොට්ටරයක්. ඉතිං අක්කර ගානක් විසාල මේ කුණූගොඩ කොහාට හෝ කොරන්ඩම ලොක්කන්ට උනේය. ඉතිං ඒකට ඉඩමක් වෙන්කරගන්න ඕනැ නිසා හනික මැනුං දෙපාර්තමේන්තුවට කෝල්ලෙකක් දුන්නේය. අපේ ලොක්කෝත් රජ්ජුරුවන්නෙ ඕඩස් නිසා පහුවදාම මනින්න ලැහැත්තිවුනේය. මුලින්ම මේක ගෙනිහින් දාන්න ලැහැත්ති වුනේ නගරයටත් වඩා උසින් පිහිටි 'කැන්දගොල්ල' දිහාවටය. එගම වාසීන් කොතරං මහරජ්ජුරුවාදීන් වුනත් මනින්න ගිය අයට දෙන්ඩ ආවේ කැති පොලු අරගෙනය. අපේ එවුං යංතං පණ බේරං වෑන්නෙකත් අරං පැනගත්තෝය. එගම් වාසීන් නුවනක්කාරයෝය. ඒ ගමට මේ කුණුගොඩ ගෙනිහිං දැම්මානං වැස්සක් ආ සැනිං ජලමූලාශ්ර බරගානක් දූෂණය වෙනවා සත්තයිය. ඉං පස්සේ තවත් ගමකට කුණුගොඩ ගෙනියන්න හැදුවත් එගම වාසීන්ද කැති පොලු ගෙන සිය ගම රැකගත්හ.

    ඒ ගමන කුණු ගොඩ එතැනම තියෙන්න අරින්න විය. කොටසක් උඩිං බහින රජ්ජුරුවන්ට නොපෙනෙන්න යංතං පස් දමා වැසීය. සමහර කාලවලට ඔය කුණු ගොඩ අවුස්සා පොලිතින් හොයා පුච්චයි. එදාට අපේ ගෙවල් පැත්තෙ ඉන්න බැරි තරං කුණු ගඳය. රජ්ජුරුවෝ ගියායිං පස්සේ කාටවත් කුණුගොඩ ප්රචශ්ණයක් නැතිවිය.

    ඉං පස්සේ ඊයෙ පෙරේදා මේ අවට ඩෙංගු වැඩිවුනේය. ඒවට හේතුවත් නගර සභාවේ ගොං වැඩය. රුපියල් දාහට දෙදහට අල්ලසට ඇල දොලවල් උඩත් ගෙවල් හදන්න අවසර දුන්නේය. දැං බදුල්ල ටවුමෙත් වතුර බහින්න තැනක් නැත. අපේ ගෙදරට පාරෙං එහා පැත්තේ ගොං හරක් උංගේ ගෙදර කුණු ගෙනත් පාරේ අපේ ගෙවල් පැත්තෙන් දමති. උංට වැරැද්ද කියන්නට ගොස් මගේ රීරිමාංස කන්න ආ බැවින් මං ආයේ කියන්න ගියේ නැත. උං හිතන හැටියට පාරෙං මෙහා පැත්තේ කුණු දැමූවිට ඒවායේ හැදෙන මදුරුවෝ කන්නේ අපේ ගෙදර අයයි. නමුත් දිට්ඨදම්ම වේදනීය පලදීමෙන් උන්ගේම ගෙවල්වල උන්ට ඩෙංගු හැදුනේය. ඒ වගේ හරක් නිසාත්, නගර සභාවේ පෙරේතයෝ නිසාත් ටවුමේ ඩෙංගු වැඩිවෙලා ඇත. මේ වැස්ස නැති ඉඩෝරය කාලේ මෙහෙම නං වැස්සොත් කොහොම හිටීද?

    මේ අල්ලපනල්ලේ මිනිස්සුංගේ ගෙවල්වලට පැන වතුර පිරෙන තැං අල්ලා හොඳ දඩ ගැහිල්ලක් ගහන්නට නගර සභාවේ ගොං මොල තීරණයක් ගත්තේ ගිය සතියේය.බොරදියේ මාලු බෑමට පෙර තමුන්ගේ කුණු ගොඩ සුද්ද කරන්නට ගත්තේ නියම තීරණයකි. නැත්තං මිනිස්සුන්ගේ ගෙවල්වල පරීක්ෂා කරන්න ගිය කල මිනිස්සු නගර සභාවේ කුණුගොඩ පෙන්නා නගර සභාවේ උන්ට බැණවදිනවා සිකුරුය. එනිසා සිම්පල් ඇන්ඩ් ඇමේසිං තීරණයක් නගර සභාවේ අය ගත්තෝය.

    ඊළඟ කොටහ බලන්න.......

    ReplyDelete
  17. උං කුණූ ගොඩ වටකර ටකරං ගසා ඒක ඇතුලේ ගිනි තිබ්බේ එක රැයිං දවා අලුකරන්නං කුණු ගොඩ කියාය. දැවිතෙල් ලීටර් කීපයයි ගිනිකූරයි විතරයි වියදම. වැඩේ වැරදුනේය. කුණුගොඩ හෝ ගාලා ඇවුලුනා වෙනුවට හෝ ගාලා දුං දැම්මේය. එතැන තියෙන පාරම්පරික කුණු, ඉටිකොල, ප්ලාස්ටික්, පරණ බෙහෙත්, විෂ රසායනික, සියල්ල රත් වෙවී වාෂ්ප වෙවී දුං දැම්මේය. මුළු ටවුමම වසා ගත්තේය. කරපු ගොංකම ඇතුන් දමාවත් අදින්න බැරි විය. පහුවදා උදේ වනවිට අපිට ගෙයිවත් ඉන්න බැරිය. හුළගෙන් ඒ මේ අත කරකැවූ විෂ දුමාරය අපේ පෙනහළු පුරවා දැම්මේය.

    දවල් දහය වනවිට නගර සභාව මුලින්ම කලේ තමුංගේ වැරැද්ද වහගැනීමය. පීකරේ කැබ් එකේ බැඳගෙන අපූරු නරිවාදමක් කියාගෙන ගියේය.

    "අපි අපූරුවට තියං හිටි කුණු ගොඩට කඩාපක්කල්කාරී ලෙස ගිනි තබා ඇත. අනේ ගිනි තිබ්බේ අපිනං නෙමේය. ඒ වුනාට මේකෙං අපහසුතාවට පත්වුන අය හිටීනං මුකආවරණ දාගන්නය. හුස්ම ගන්න අමාරුයි නං ඉස්පිතාලෙං බෙහෙත් ගන්නය. අන්න එතන සියලු පහසුකං සලසා ඇත. ඉස්තූතියි"

    නමුත් ඒක රෙද්ද පල්ලෙං බේරුනේය. අන්තිමට හෙලිකොට්ටර ගෙනැත් වතුර ඉසින තැනට වැඩේ ඇදුනේය. තවපොඩ්ඩෙං කැති පොලු ගන්නේ මහියංගනේ මිනිස්සුය. ඒ තොපේ ගින්න නිවන්න ලොග්ගල්ලා ඔයත් මාපාකඩත් හිඳිනවා කියාය. අපි කැමරා මානාගෙන හෙලිකොට්ටරෙං ලබ්බට පුරෝගෙන ඇවිත් වතුර ඉහිනවා පොටෝ ගත්තෙමු. වීඩියෝ කොලෙමු. බුකියටද දැම්මෙමු. අද උදේ විතරක් වතුර ඉහලා හෙලිකොට්ටර දෙකම ගියේය. අපිට හෙනම දුකයි.

    නමුත් කුණු ප්රවශ්ණය ඉතිරිය. නගර සභාවේ ලොක්කන්ට වඩා කුණු කළමනාකරණය ගැන දැනුමක් කුණු ටැට්ටරේ කොල්ලන්ට ඇත. උං ටැට්ටරේ කොටස් වෙංකරගෙන කඩදාසි කාඩ්බෝට් වෙනමද, බෝතල්, යකඩ වෙනමද වෙන්කරගෙන ඒවා බෝතල් පත්තර කඩේට දී ආදායමක් ගනිති. ඉලෙක්ට්රො නික් බඩු තිබ්බොත් ටැංකිය ගාව පාරිස්ට දෙයි. එහෙම ගත්තු හොඳ ට්රාඩන්ස්පෝමර් දෙකක් පාරිස් මට දුන්නේ එකසිය පනහකටය. ඉතිං ටැට්ටරේ කොල්ලො සෙට්ටෙකට හිස නමා ආචාර කරමු.

    දැං කළ යුත්තේ කුණුගොඩ අවුස්ස අවුස්සා විජ්ජා නැටීම නොව ඒක කොතැනකට හෝ විධිමත්ව බැහැර කිරීමය. මෙදාපාර කුණු ගොඩට ගින්නෙං බේරා ගැනීමට වියදං කල මුදල ක්රැමවත්ව ආයෝජනය කලා නං කුණුගොඩෙං බදුල්ල මුදවා ගන්නට තිබුනි. සමහර විට මේ කුණුගොඩ කොළඹටම අද්දවා පෝට් සිටියටම යට කරන්නට තිබුණි.

    ලොක්කන්ගේ රට යෑම ගැන මාතේ කියා තිබුණ නිසා මේකත් කියමි. දැං බදුල්ලේ පලාත් සභාවෙ ඉන්න මඩුල්ලෙන් රියදුරෝ කා.කා.සලාගේ පටන් සියල්ලම සභාවේ වියදමිං රට ගිහිං ඇත. තායිලන්තේ ගිහිං පත්තායා වේ නටපු නැටුං අපිද දන්නෙමු. ඔය පලාත් සභාවෙන් රට නොගිය අය මං දන්නා තරමිං සමන්ත විද්යාාරත්න සහ තවත් අයෙක් පමණි. රට ගිය එවුන් පුහුණුවී ඇවිත් කරන වැඩ දුටු විට හිතෙන්නේ පිටරටවල එවුන්ට පිස්සුද කියාය.

    මේ සටහන ලියුවේ මාතලන්ගේ ලිපියට ඌනපූර්ණයක් ලෙසය. මේ කොමෙන්ටෙක උපුටා ඕනැ අහක පළකලාට කිසිම තරහක් නැත. මං ලියුවා කියා ලියන්න ඕනෑත් නැත. මාතලන් මෙවැනි දෙයක් කතා කලාට මෙන්න මගේ ආචාරය. (තොප්පිය අතට ගෙන ජපනෙක් මෙන් දෙකට නැමී ආචාර කරමි)

    ReplyDelete
    Replies
    1. යකෝ මේක යවන්න ඕනේ පත්තරේකට. එතකොට ඔක්කොම ඇත්ත එළිවෙනවා.

      Delete
    2. හා හා විචා මාමේ..!! පත්තරේට එහෙම දානව නෙමෙයි..!! අපේ සිරිසේන තුමා දැක්කොත් එහෙම ඔය කුණු කන්ද හෙටම අස් කරයි.!! කටිං..!!

      Delete
    3. වෙබ් එකට නම් දැම්මා. පත්තරේකට යැව්වා නම් හරි.
      http://nelumyaya.com/?p=6685

      Delete
    4. උඹේ කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා වටිනවා.. මාතලන් කවදත් ඉන්නේ ජනතාවගේ පැත්තේ...

      Delete
    5. නියම කොමෙන්ට් එක ශ්‍රංගයො.

      //නගර සභාවේ ලොක්කන්ට වඩා කුණු කළමනාකරණය ගැන දැනුමක් කුණු ටැට්ටරේ කොල්ලන්ට ඇත.// මේ කතාවනං සහතික ඇත්ත.

      Delete
  18. හැබැයි මෙහෙමයි. මෙහෙත් වෙන වෙනම කුණු වෙන් කරන්න ඒවා තියලා තියෙන්නේ. ඒ උනාට ඉතින් කවදාවත් හරියට ඒවට අදාල කුණු වැටෙන්නේ නෑ. ඉතාලි කාරයොත් හරක් වගේ වැඩ කරද්දී අපේ අය ගැන මොන කතාද ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඉතාලී කාරයෝ කියන්නේ කොහොමත් අපිරිසිඳු ජාතියක්...

      Delete
    2. ඒ වුනාට උං අනිත් සුද්දො වෙගෙ නෙවි පුක හෝදනව

      Delete
  19. කරත්තෙ බඳින්න ඕන එවුන් පාර්ලිමේන්තු යවල ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැහැ බන් මාතලන්.. සිමෙන්ති කොට්ටෙට , ටකරන් තහඩුවට, අරක්කු කාලට චන්දෙ දෙන ජනතාවක් ඉන්න රටක් ඔතනින් ඉහලට ගියොත් පුදුමෙනුත් පුදුමයි බන්. ප්‍රශ්න විසඳන්න උවමනාවක් තියෙන මිනිස්සු අපේ රටේ පාලනය ඇතුලේ නැහැ බං. ප්‍රධාන පක්ෂ දෙකක් ප්‍රශ්න මාර්කට් කරලා මිනිස්සුන්ගේ චන්දෙ අරගෙන ධනය සහ බලය උපයනවා. තවත් පක්ෂ කීපයක් ජාති වාදය වගේ දේවල් අවුලුවලා බලය උපයන්න හදනවා.. තව පක්ෂයක් අපේ ප්‍රතිපත්ති හොඳයි අපි හොරකම් කරන්නේ නැහැ කියල යල් පැනගිය තියරියක් කර තියාගෙන යනගමන් බලයට පත්වීමේ උත්සහයක් දරනවා.. ඔය එකෙක්වත් ජනතාවට ආදරේ නැහැ බං.. උන් හැමෝටම ඕන උන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න විතරමයි.

    ReplyDelete
  20. පාර්ලිමේන්තුවේ සෙට් එකම ඔය කුණු කන්දකට දාලා ගිනිතිබ්බ නම් ප්‍රශ්නෙ තරමක් දුරට විසඳෙනව :D

    ReplyDelete
    Replies
    1. උන්ව නම් ඔතනට දාලා හරියන්නේ නෑ...

      Delete
  21. අනේ එපා යකෝ. නහය තියං ඉන්නෙ කොහොමද අපි.

    ReplyDelete
  22. නාගරික සංවර්ධනේ සභාපති ඉඩම දෙන්නෙ නෑයි කියලා මහ ඇමති කියනව. දුන්නොත් මාස 8න් පුලුවන්ලු

    ReplyDelete
    Replies
    1. හරකෙක්... ඒ කියන්නේ එතනට ගිහින් දාන්න.. මුළු කඳුකරයම එකම කුණු ගොඩක්..

      Delete
  23. ඔය කුණු ප්‍රශ්නයට ස්ථිර සාර , කඩිනම් විසඳුමක් ඕනේ නම් කළ යුත්තේ එකම දෙයකි . දියවන්නාව මැද ගොඩ ගැසීමය . ( හැබැයි එතැන දැනටමත් කුණු කන්දක් තියෙන නිසා වැඩක් වේද මන්දා )

    ReplyDelete
    Replies
    1. ඒක අයින් කර ගන්න බැරි නිසානෙ මේ ඔක්කොම ලෙඩ...

      Delete
  24. කාන්තාවො ෆෝම් කරල ගන්න එක නම් ප්‍රායෝගිකයි.හැබැයි අළුත් සිස්ටම් එක පුරුදුවෙනකන් වැඩි කල් අල්ලන් ඉන්න බෑ වලි දා ගන්නවා.අපේ ගමේ පාර හදන්න බැරුව දශක ගානක් ඉඳලා අර පහුගිය කාලෙ ගම නගිනකොට දිරිය වනිතා සංගමයක් කියල එකක් අටවගෙන පාරත් හදාගත්තා,මීයො අල්ල අල්ල හිටපු කෙල්ලො සැලුන් දා ගන අද හොඳට ඉන්නවා,සමහරු වවනවා.
    සිස්ටම් එකක් ප්ලෑන් කරල වැඩේට බහින්නයි මොනිටර් කරන්නයි විතරයි ඕනෙ.හරියට කෙරෙනවා කියල දැන ගත්තම මිනිස්සු ඒකට අනුගත වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සාමුහිකත්වයෙන් අරකෙන් මේකෙන් හදන්න පුළුවන් රටක් නෙමෙයි මේක.. පේන්නෙ නැද්ද සංහිදියාව අමු හෙළිවැල්ලෙන් නටනා හැටි..

      Delete
  25. මමත් ඉල්ලුවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න, ලංකාවේ කවුද වෙන කරන්නේ, කොහොමද අබලි ප්ලාස්ටික් ලබන්නේ ගොඩක් විස්තර.හම්බුනා ලෙසටම! මම දන්නවා ප්ලාස්ටික් වලින් සල්ලි හොයන්න ඒවගේම ඔය ලංකාවට ගෙන්වන ගොඩක් පිටරට මගුල් මෙහෙම හදන්නත් අයිඩියා එකනං කිව්වේ නැහැ, මම මොකද නිකන් පු****කේ අරගන්නේ මගේ අයිඩියාස් කියලා. අනේ හුකේ කියලා මගේ වැඩක් කරගෙන ඉන්නවා. මේ හු**ලාට එකෙක්ටවත් රට හදන්න ඕන කමක්වත් රට ගොඩදාන්න ඕන කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් රීසයිකල් කරන අය ගොඩක් ඉන්නවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න