.

.

Oct 20, 2016

අතිගරු ජනාධිපති තුමා වෙත, - To, His Excellency The President of SL




වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර මස 21 දින,
ගිරුවාගම්පත්තුවේ,
බැද්දේගමදීය.

අම්මට සිරි ලංකා ප්‍රජාතන්තරවාදී සමාජවාදී බෞද්ධ මූලධර්මවාදී ජනරජයේ,
අතිගරු පින්වත් ජනාධිපති උතුමානන් වහන්සේ,
ජනාධිපති නිල නිවස,
කොළම්පූර්.

සෙත් වේවා...!!!

පස් කන්ඩියක් කපා ගැනීම සඳහායි..

අති ගරු ජනාධිපති උතුමානන් වෙත ලියා දන්වමි,

අළුතෙන් අටවා ගත් පැල් කොටයට කක්කුස්සියක් සෑදීම සඳහා, පිලිකන්නේ ඇති පස් කන්ඩිය ඉවත් කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ අවසරය ලබා දෙන මෙන ගෞරව බහුමානයෙන් යුක්තව බැගෑපත්ව ඉල්ලා සිටිමි.

කක්කුස්සිය විවෘත කිරීම සඳහා ඔබ වහන්සේට හෝ පක්ෂ දෙකේ පාර්ලිමේන්තු නියෝජනයක් දෙදෙනකුට ආරාධනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

මේ අවසරය ලබා දීමේ ආනිසංසයෙන් ඔබ වහන්සේටත්, මැතිනියටත්, දරු දැරියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබි, කිසිඳු තැටමීමකින් තොරව එලිබැහීමට හැකි වීමට රත්නත්තරේ පිහිටත් සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ලැබේවා කියා ඉත සිතින් එකත්පස්වෑ හිඳ ප්‍රාර්ථනා කර සිටිමි.

තෙරුවන් සරණයි...!!!!

මීට,

ඔබ තුමාගේ යටහත් පහත් හිතවත් පුරවැසි,

මාතලන් අප්පුහාමි.

පසු සටහන - 

මින් මතුවට ගල් හෝ පස් කඳු ඉවත් කිරීමට ජනාධිපතිගේ අවසරය ඕනෑ කර තිබේ. මේ බලය විමධ්‍යගත කිරීමට පොරොන්දු දී පැමිණි උත්තමයෙකි.

65 comments:

  1. ඕක බ්ලොග් වල ලියල වැඩක් නෑ. පත්තරේ දාපන් මාතලන් ගොය්යෝ. අත්දුටුවය් සත්යය් ප්‍රතිපල තියනවා

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් පොලිටික්කො කියවනවා...

      Delete
    2. පත්තරවලට වඩා ගොඩක් ප්‍රබලයි මේක... මෙච්චර අමුවෙන් කියන්න බැහැ පත්තරවලට

      Delete
    3. හුකා 😳.. මාතෙ. මම එහෙනං අද ඉඳල උබේ බ්ලොග් එකේ කොමෙන්ට් කොරන එක නවත්තනව. බැරි වෙලාවත් හොලිඩේ එකකට ලංකාවට අවොත් කටුනායක ඉඳල ගෙදර යන්න වෙන්නෙ හිරුනිකාගේ ටයිප් එකේ ඩිෆෙන්ඩර් එකක තමයි හිටං .. 😳🙉🙈

      Delete
    4. ටිලාන් ආතර් ගේ නම මගේ ලිස්ට් එකේ තිබේ.
      මිට අතිගරු පති

      Delete
    5. හිතවත් අජිත් අයියා වෙත ලියමි.
      "වරදක් කලත්..,
      සිතකින් නොවේ..,
      රිදවන්නෙ,
      පළිගන්නේ, ඇයි ?
      ඔබ මෙන් මාතෙත්,
      මාතෙ මෙන් මමත්,
      මට මාගෙ ඇස් දෙක වගේ.." 🎶🎶

      මම නිකං ඉන්නෙත් බොහොම අමාරුවෙන් අජිත් අයියෙ.

      බැරිද පොදු සමාවක් දෙන්ට අඩුම ගානේ ඔයාගේ උපන්දිනේ දවසටවත්.

      මට පවනේ.

      මිට

      ටිලාන් අතුර් හිටං

      🙈

      Delete
    6. හා හා හා :) ආතර් මල්ලි , මට පවනේ කිව්වේ මොකක් හරි ඇදල වත්ද ඉන්නේ. පොදු සමාව පති තුමා ගෙන් තමා ඉල්ලන්න වෙන්නේ. . මම මේ පණිවුඩේ නේ දුන්නේ.

      Delete
    7. ඒකනේ ආතර් මල්ලි අපි වෝනින් දුන්නේ බලාගෙනයි කියලා කුණුහබ්බ කියන්නෙ හිටන්...

      Delete
    8. අජිත් අයියේ. මම ඔය නැටුම් වතුරට අමතරව කිසිම ශාකසාරයක් දුමක්‌ පිටි වර්ගයක් භාවිතා නොකරමි. ඒත් හැමවෙලාවෙම ඉන්නෙ මොනවහරි කොරපු විදිහටය.

      අවුලක් නෑ නේ..?? 👍🏽

      Delete
    9. හැක් හැක් මාතෙ. උබ හිතනවද බං වලක් කපාගන්ට බැරි රටේ කුනුහබ්බයක් කියන්ට දේවි කියල. හැක් හැක් හැක්.

      ඔයත් පිච්චු දොඩවනව.. 😜😜😜😂😂😂😂
      🤓

      Delete
  2. සුපියල් කෝටි 400 ක් හොයන්න ගස් කපන්න හදනවලු කොහෙද රටක...
    එහෙව් එකේ ඔය කඳුනම් මොනවද...

    ReplyDelete
    Replies
    1. ඒවා නම් බයියන්ගේ ක්‍රියේෂන්ස්.. උන් දැන් අමු කැවිලා ඉන්නේ...

      Delete
    2. ලොකුපුතා පැවසූ පරිදි මේවායේ ආදායම යන්නේ රජයට නොව ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් අතට බව පෙනේ. වත්මන් රජයට හිටපු විපක්ෂයේ සිට සම්බන්ධ වූ පිරිස් දශක ගණනාවක ඇරියස් කවර් කිරීමට පටන් ගෙන තිබෙන බව පෙනේ. දැනටමත් හොරණ ප්ලාන්ටේෂන් නමැති රජයට අයත් අයත් සමාගමේ අක්කර පණහක් පමණ ප්‍රදේශයක ගස් කැපෙමින් පවතී. (මේවායේ කොන්ත්‍රාත් එජාප හිතවාදීන්ට ලබාදී ඇතැයි පැවසේ.) ඔබ හොරණ ප්‍රදේශයට ආසන්න අයෙක් නම් මේ ගැන විස්තර සහිතව දැනගත හැකිවනු ඇත. මීට අමතරව දුම්බර සහ රට මැද රක්ශිත වලද තිස්සමහාරාමයේ රක්ෂිත භූමි ප්‍රදේශ ද මෑතදී සුද්දකර දමා ඇත.

      Delete
  3. ඉස්සරහට රෙන්න යන්නත් ලියුම් ඕනේ වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ වගේ තියෙයි... ඕන ඊයේ කියලා ප්‍රභූවරුන් අත් අඩංගුවට ගන්නවා නම් එයාට කියලා ගන්න ඕන කියලා.. මරු ප්‍රජාතන්ත්‍රවාදේ...

      Delete
    2. ශා..... වෙන මොකුත් වැඩක් නැති වෙයි උන්නැහැ ට...

      Delete
  4. ///අම්මට සිරි ලංකා ප්‍රජාතන්තරවාදී සමාජවාදී බෞද්ධ මූලධර්මවාදී ජනරජයේ,///

    මාතේ, හිටන් තුමයි නළුවෙක්ක නොවන මොළයයි කෙලින පිස්සුවේ හැටියට ආපහු ඕක ළඟදීම අම්මට සිරි ලංකා ප්‍රජාචන්ච්‍රවාදී සමාජවාදී බෞද්ධ මූලධර්මවාදී ජනරජය වෙන සයිස් එකක් නේද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාතේ ඇත්තටම නම වෙනස් කරලද බන්? දන්නේ නැති නිසා අහන්නේ.
      //අම්මට සිරි ලංකා ප්‍රජාතන්තරවාදී සමාජවාදී බෞද්ධ මූලධර්මවාදී ජනරජයේ,//

      Delete
    2. වෙන්න දෙයක් නෑ වෙලා ඉවරයි... මුන්ට වඩා ඒ අතින් මහින්ද හොඳයි... මොකෝ ඒ කාලේ තමයි තිබුනේ නියම මිහිඳු බුදු දහම..

      Delete
  5. කැලෑ ඇත්තේ ගස් කපන්න බෑයි කියලා බෑ
    කඳු තියෙන්නේ පස් කපන්න බෑයි කියලා බෑ
    කල්බ් තියෙන්නේ වලි දාන්න බෑයි කියලා බෑ
    යහපාලනේ කිසිම දෙයක් බෑයි කියලා නෑ

    ReplyDelete
    Replies
    1. බලේ ලැබුනේ මටයි හිටන් බෑයි කියලා බෑ
      ඒ හින්දා මමයි රජා බෑයි කියලා බෑ
      රෙන්න ගියත් මට හියහන් බෑයි කියලා බෑ
      මීට පස්සේ මට නොකියා කිසිම දෙයක් බෑ බෑ බෑ..... උම්බෑ...

      Delete
  6. හිටපු රජතුමා හොඳයි කියල හිතිලම නැද්ද මාතෙ. අයවැයෙනුත් හොඳ කුට්ටියක් කඩාගෙන කියලයි ඊයේ ටෙලිවිසොං එකේ උන්දැලනම් කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තේ අපි ඇවිල්ලා මොකාගේ උනත් හොඳ දේට හොඳයි කියනවා පිස්සු කෙලියම ඒවා පිස්සු කෙලිනවා කියලත් කියනවා...

      Delete
  7. ඕක මොකක් ද බං ආණ්ඩුවට විරුද්ධ තීන්දු දුන්නාය කියලා සීජේ ගෙදර යපහු අය ළග හැදුණ වැඩුන කස්ටියනේ...... ඒකනේ බං දූෂණ නෝනත් අනිත් පැත්ත හැරීගෙන එද්දිම ගෙදර යැව්වේ....... රජයේ නිලධාරීන් ආණ්ඩුවට පක්ෂපාත වෙනවා කියලා දිව්රුම් දීලානෙවැ බං තියෙන්නේ......... මුන්ට මේ දිව්රුම අමතක වෙන හැටි බලහල්ලාකෝ........ හොද වෙලාවට කලින් රස්සාවවත් ඉතුරු වෙලා තිබුණේ....... අර්ජුන්ටත් කලින් රස්සාව තිබුණානං යන්න තිබුණා නේද??????? අපරාදේ අප්පා........ දැන් ඉතින් අර කෝටි ගාන පොතේ දාලා පොලිය දෙකට බෙදාගෙන තමා ඉන්න වෙන්නේ........

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා බං... ඉස්සර මේ වගේ වංචා ගැන කියකිය යූඑන්පීය ඇවිද්දා වගේ අද අර කට්ටිය ඇවිද්දිදි අනිච්චේ කියලා හිතෙනවා. ඇයි මන්දා.................??????

    ReplyDelete
    Replies
    1. දුක සැප නිති පෙරලේ... රිය සක ලෙස ලෝ තලේ...

      Delete
  8. ගොරොවන තරමට වහින්නේ නැත. මට හිතෙන හැටියට නම් මේ මමත් මෙහේ ඉන්නවා කියන්න කියපු කතාවකි.
    post නැතත් comment වලට අටෝ ගත්ත බ්ලොග් එකක් දැන් මටත් ඇත.
    පුළුවන් වෙලාවක post එකකුත් දැමීමට හිතේ තිබේ.

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න... ඒක තමයි වෙන්න ඕන...

      Delete
  9. බොට ඕක ඔහොම ඩිරෙක්ට් ලියන්න බැහැ අඩේ ප්‍රොටොකෝල් අනුව ඒ නිස ලියාපිය ග්‍ර‍ාමසේවක හරහා, ප්‍රාලේ හරහා, දිස්ත්‍රික් ලේකම් හරහා, පළාත් ලේකම් හරහා, ජාතික පස් ඇමති වක අතිගරු ජනාධිපතිට කියලා.

    ඒ වගේම, පළාත් සභාව බයිපාස් කොරලා මෙහෙව් වැඩක් ලේසියෙන් කොර ගන්නට සැලැස්සුවාට ඉස්තුති වෙයල්ලා.

    ReplyDelete
    Replies
    1. උන් මක්කටෙයි ආයේ ලොක්කා කිව්වයින් පස්සෙ. දැක්කේ නෑ දිල් රුක්ෂි නෝනෙට වෙච්චි දේ..?

      Delete
  10. එතුමාගෙන් අවසර ලබාගෙන කමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලට නම් ඉයන් ගෙන් තමයි... එයත් කරන්නේ සිරා කරන දේවල් තමයි...

      දැන් වැඩේ වෙනවද...? ආන් පලු යන්න විචාට ගහලා පැරාගේ එකේ...

      Delete
    2. ඒකනේ ඔය යකාට කියන දෙයක් තේරුම් ගන්න මොළයක් කියල එකක් තියෙන එක යැයි

      Delete
  11. විල්පත්තුවට අදාළ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා ගැන නෝ කතා නෝ සිනා... ආන්ඩුවත් එක්ක ඉන්නවා නම් හොරකම් නෙමෙයි ඕන දෙයක් කරන්න පුළුවන් කියලා නේ කියන්නේ හිටන්...

      Delete
  12. "තුන්පත් මලෙන් පවන් සැලේ " කියලයි ඔය වගේ ලියුම් පටන් ගන්නේ .. අපිනම් ඉවර කරන්නේ "සැපෙනි.. සැප වේවා !!" කියලා.

    ReplyDelete
    Replies
    1. පැත්ත පළාත නුව මිනිස්සු උනත් වෙනස් නේ...

      Delete
  13. ඉතිං හරිනෙ සාමාන්‍ය ජහමනයට ජනපති අවසරයක් ගන්න කීදෙනෙක් හරහා යන්න වෙනවද එතකොට සරලවම බලයයි මුදලයි දෙකම විමධ්‍යගත වෙනව. අපිට සතුටුයිනෙ දැන් හා ද

    ReplyDelete
    Replies
    1. පරාක්‍රමභාහූ යුගයට යන ගමන් හිටන්...

      Delete
  14. මටත් අපේ ගේ ළඟ තියන වේ හුඹහ අයින් කොරාගන්ඩ පෝමිට් එකක් ගන්න විදිහක් කියාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මුන්නැහේට අමතරව නයි හාමිගෙනුත් අවසරයක් ගන්න වෙයි...

      Delete
  15. "මින් මතුවට ගල් හෝ පස් කඳු ඉවත් කිරීමට ජනාධිපතිගේ අවසරය ඕනෑ කර තිබේ. මේ බලය විමධ්‍යගත කිරීමට පොරොන්දු දී පැමිණි උත්තමයෙකි."

    මාතලන්,
    පස් කොහොම වුනත් ඔය ඒ එක්ක මුලින් කියල තියන වර්ගය නම් ජනාධිපතිතුමන්ගේ විෂය පථයට යටත් කිරීම අග්‍රාමාත්‍යතුමාගේ බලතල කප්පාදු කිරීමකි. ඇයි ඉයන්ල මේව ගැන කතා නොකරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉයන්ලට වෙන ලොකු ලොකු වැඩ තියෙනවා අයියා.
      බ්ලොග් පොලිසියේ සාජන් වෙලා අනුන්ගේ බ්ලොග්වල කොමෙන්ට් මකන්න චන්දෙ ඉල්ලනවා මෙයා.

      Delete
    2. ගල් වලට ගහන්න නම් අමාරුවෙයි ලොක්කා..

      Delete
  16. ජනාධිපති තුමෝ...ඕන් ඔය කඩදහියට ඉක්මන් කොරලා අවසරේ දීලා දාන්න. නැත්නම් මු රෙන්නේ අපෙ පිලිකන්නේ.


    නියම ලියුම මාතා...

    ReplyDelete
    Replies
    1. අරූ අයියෙ. උබ තුමා රෙකමන්ඩ් කොර ඇමෙරිකන් ස්පිරිට් නම් එළ ඈ. දැනුත් එයින් රෝල් අප් එකක් ගගහ මේ කොටන්නෙ. 👊🏽

      Delete
    2. ඔව්. ඒක හොඳයි. No additives,

      Delete
    3. එහෙම අයත් නැත්තෙ නෑ... සම හරක් තමන්ගේ වත්තේ අනුන්ට රෙන්නත් දෙන්නේ...

      Delete
    4. එකෙක් පැරා උගේ වත්තේ රෙන්නේ රසිකයා.

      Delete
  17. වලි රාජු ගේ අයියා
    පස් සිරා වෙයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. පස්සිරා නෙමෙයි මරු සිරා වෙලා නවතින්නේ...

      Delete
  18. කොරන්න වෙන වැඩකුත් නැති එකේ ලියුමක් වත් අස්සං කොරන්න ආස ඇති.. නැහ් නං ජනාධිපති කෙනෙකුට තියා වැඩක් කොරන ග්‍රාමනිලධාරියෙකුට වත් ඔව්වට හුරතල් වෙන්න ඇහැක?
    තමුන් කියන දේ කවුරුත් අහන්නැතුව විහිළුවකට ගන්නවා කියල තේරුනාම කොරන වැඩ..
    වැව් කණ්ඩියක හෝටලයක් හදන්නත් පෝමිට් එකක් ගන්න බැරිවෙයිද දල්ලෑ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් බෑ ඩඩ්ලි ගැන නම් සලකා බලන්න පුළුවන්....

      Delete
  19. ඒ කියන්නෙ දැං ලැට්වල කපන්නත් අවසර ගන්න වෙනව ද?

    ReplyDelete
    Replies
    1. වලට ඕන නෑ... ඒත් කන්ඩියක කපනවා නම් කේස්... නැත්නම් ඉතින් ගෙපැලක් අටවගෙනත් ඉවරයි නේ...

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. පස් කන්ඩිය කපාගත්තට කමක් නෑ....

    කක්කුස්සි වලවල් එහෙම හාරනව නෙවෙයි හිටං..............

    ReplyDelete
    Replies
    1. අපි නම් හාරන්නේ නෑ...

      ඒත් හාරපු ඒවා තියෙනවා නම් වහලා දානවා... මොකෝ ගන්දස්සාරේ ඉන්න බෑ නේ...

      Delete
  22. කක්කුස්සි වලවල් කපලත් හමාරයි

    ReplyDelete
    Replies
    1. රෙන්නත් අවසර ගන්න වෙයි අර උඩින් කිව්වා වගේ හිටන්...

      Delete
  23. මොකෑ නැත්තේ අපි ඇවිල්ලා මොකාගේ උනත් හොඳ දේට හොඳයි කියනවා පිස්සු කෙලියම ඒවා පිස්සු කෙලිනවා කියලත් කියනවා..
    අන්න එකයි මෙන්ඩ උබට කැමති

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න