.

.

Nov 28, 2016

වැල, වරකා, කොස් පොලොස් හා කිස් (23+) - Artocarpus heterophyllus (Koss & Kiss)



කිරි රහ ගැට පොලොස්
කර කර සිටින විට කිස්
දැකලා අපේ ලොකු මිස්
මාව අල්ලා බැන්දනේ ගස්

මිසිස් වෙන්නට කලින් අපෙ මිස්
එන්න කී වා කිරන් නට කොස්
වැඩියෙ කෑවොත් පුතේ ඩිස් මිස්
හොරෙන් කෑවම රහයි කිරි කොස්

නාඹර පට්ටි හරකා
ගා ලෙන් පැන පි පොරකා
මක්කට ඇඹුල් ගොරකා
කොටුව පැනලා කාපි වරකා

වැට ළඟ සිට එලා දැල
ටාසන් එතැයි බල බල
දිවටත් උනයි කෙල
කාලා බල පිය හරි රහයි වැල

- x - 

සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කාලා නිදි, කාලා භූසන, මහා කවි මාතලන් විසින් රචනා කොට, හුදී ජන පහන සංවේගය උදෙසා ප්‍රසිද්දියට පත් කොරනා ලදි... 

43 comments:

  1. සැරදේ කිවිඳානෙනි සැරදේ

    ReplyDelete
  2. සැරද (මංදා) මහා කිවිඳුනි..

    ReplyDelete
    Replies
    1. සැරයි සැරයි... හැබයි රහයි...

      Delete
  3. ව ර කා හෙවත් වැල මදුලක ඇති ර ස ය
    නෙ ත කා සමහරෙක් සිංහල පෙර වෙ ස ය
    ස ල කා ‍පරදෙසින් ගෙණනා මිල උ ස ය
    නොයෙකා පල රැගෙණ කති ඒ වේ වි ස ය

    ReplyDelete
    Replies
    1. ස ර සා බඳින කයි පද නම් බෝ හැඩය

      Delete
    2. ඔවුවා ජනකවි හිටන්...

      Delete
  4. වැඩක් නෑ මෙකනම් 8-වසර වගේ.

    ReplyDelete
  5. අපි ඕවට නෑනේ, අපිට දැන් බෑනේ

    ReplyDelete
    Replies
    1. ඔයත් වයසක්ද අප්පා... ඕක තමයි විසේම වයස...

      Delete
  6. ඔහේව ගස් බැන්ද ලොකු මිස්ගෙ කවුරුහරි පස්සෙ කාලෙක පාලිමන්ට් ගියා ද?

    ReplyDelete
    Replies
    1. කැළණිය පැත්තෙම නේ අප්පා....

      Delete
  7. අනේද කියන්නෙ මාතේ මචෝ. මිල්ෆ් ලට මගෙත් ලොකු මනාපයක් තියේ. හිටං 😊

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ මාත් මනාපයි... දැන් අනිත් පැත්ත...

      Delete
  8. පොඩි මෑන් කියලා බ්ලොග් එකක් තියෙන්නෙ අන ඒක මතක් වුණා. පොඩි මෑන් ගැන තොරතුරක් දන්නෙ නැද්ද? මිනිහා දැන් ලියන් නැත්තේ ඇයිද කියලා.සුපිරි භාන්ඩයක්. අපරාදේ......

    ReplyDelete
    Replies
    1. මිනිහ දැන් බ්ලොග්එ ක ලියන්නෙ නෑ. ඒත් FB නම් අප්ඩේට් දානවා. වෙලාවක් නෑ දැන් පොරට.

      Delete
    2. පොඩි මෑන් දන් ලොකු වැඩක් කරනවා.
      යමන් කියන ට්‍රැවල් කම්පනි එක උගේ සහ මිතුරු පිරිසකගේ.
      ෆේස් බුකියේ රිද්ම කසුන් කියලා හොයන්න - ඇහි බැමේ කරාබුවක් දාපු බුවා තමා බුවා

      Delete
    3. ඌ දැන් පොඩි මෑන් කෙනෙක් නෙමෙයි ළොකු මෑන් කෙනෙක්.

      https://www.facebook.com/ridmakasun?hc_ref=SEARCH

      Delete
    4. තැන්කියු වේවා...හොයගත්තා මෑන්ස්ව

      Delete

  9. සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කාලා නිදි, කාලා භූසන, මහා කවි මාතලන්තුමනි මේ ඉයරය කලා කරුවන්ට සුබනැත්තේමය. ඒ බැවින් හුදි මහජන ලාම්පු සංවේගයට පත් නොකරන්නට කටයුතු කරනු මැනව.

    ReplyDelete
  10. මිස්ලා මිස් කිරීම මහා පාපකර්මයකි!

    කැම්පස් එකේ හිටපු "මිස්" කෙනෙක් ලඟදි කරකාර බැන්දා... එදා ඉතිං මං කවි පද බැන්දා...


    හර බැර මැදින් කෝලිත්තම් කරපු ළදේ
    ප්‍රේම වඩන ආලිත්තම් කරපු ළදේ
    ලැම විල මැදින් පුන් නැබ ඔබේ පෙනුණි ළදේ
    අල්ලං උඹව ඉඹගන්නට ඕනේ ළදේ

    කොටු කොටු පිටුව මැද හදවත් අදිනවද
    අටු කොටු පුරවලා දීගෙක යනවාද
    හිටු හිටු කිය කියා කොල්ලා දෙනවාද
    සට සට හඩින් හංසයෝ පියඹනවාද

    වැහි නැති වන්නියට පෑයූ සඳ වැන්නී
    පුළුකුල නලවමින් ලැසි ගමනින් යන්නී
    ලෝබ නැතිව කොමළ සිනා පතුරන්නී
    ඔබමය අනේ කාගේත් සිරි කැන්දන්නී

    ReplyDelete
  11. එල ද බ්‍රා
    අපිට කවි බැරි උනාට
    රස විදින්නෙමි එලට
    මතාගේ කවි හැකියාවට
    හිතෙනවා තොලක් දාන්නට

    ReplyDelete
    Replies
    1. අඩෝ බ්‍රා ලොක්කා.. ඊයා... බොලා මෙතන දේදුණු විප්ලවේ කොරන්නෙයි හදන්නෙ ..?? 🙈

      Delete
    2. දාන්න පහක් ...ඒ කියන්නේ මගේ කවිය හොදයි ..

      Delete
    3. හායි ✋🏾... හොඳයි හොඳයි. උබට හොඳ හැකියාවක් තියෙනව. 🙃

      Delete
    4. ඔයම යං.... ඔහොම යං

      අපි පටන් ගත්තෙත් ඔහොම තමා...

      Delete
  12. බැරි උනාට අපිට කවි ලියන්නට
    හැකිය අපිට කවි රස්විදින්නට
    මතාගේ කවි හැකියාවට
    අම්මපා හිතෙනවා තොලක් දාන්නට

    ReplyDelete
    Replies
    1. මාතේ කියන්නේ තොලක් දාන්න වටින පොරක් ...ඕකා බිලා මාවයි අටම්ව්යි කොටුවට එක්කරගෙන ඇවිත් තේ සිගරට් අරන් දීලා බස් එකටත් නග්ගලයි ගියේ ...

      Delete
    2. ඔයම යං.... ඔහොම යං

      අපි පටන් ගත්තෙත් ඔහොම තමා...

      Delete
  13. මාතාලන් කයි පහනවා අපූරුවට

    ReplyDelete
    Replies
    1. උඹලා තමා මුලින් මේවට බැක් කොලේ හිටන්.. ඒවා මතක වෙන්නේ නෑ කවදාවත්...

      Delete
  14. මොනවද බං වැල කියලා අමු කොස් දාලා තියෙන්නේ....... වැල නං වැල ඈ............

    ReplyDelete
    Replies
    1. මට දුන්නනම් වැල වරකා කරලා දෙනවා

      Delete
    2. කොලුවා වැල කාලා තියෙනවා වගේ එහෙනම්....

      Delete
  15. යකෝ ඉයේ මම කොමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි මේකට කෝ ඒක. හා කමක් නෑ ගැට පොලොස්, පැහුනු පනා, වැල වරකා කොස් කිරමින් හෙරලි(ය) රසයි කියමින් අනුභව කර හුදී ජනයාගේ ලාම්පු කනගාටුව උදෙසා අත්දැකීම් පතල කරන මාතලන් ගුරුතුමාට අපේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. හැප්පි හැප්පි කොස් කිරන්

      Delete
  16. ඔව් ඔව්... සීත කාලෙ තමා ගෙවාගන්න අමාරුම.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න