.

.

Nov 9, 2016

තුරුම්පු ජයග්‍රහණය කිරීම - Naughty America Won


From - Facebook
ලියන්න උන්නේ අම්මට සිරි ලංකාවේ ජනාධිපති ගැනය, එහෙත් ලියන්නට වෙලා තියෙන්නේ ඇමරිකාවේ අළුත් අතිගරු ජනාධිපති උතුමානෝ ගැනය. මාතලන්ද සතුටු වන්නේ හිලරි ක්ලින්ටන් දිණුවානම්ය. එහෙත් හෙරලි නෝනාට වඩා විශාල ජයග්‍රහණයක් ට්‍රම්පට් ලොක්කාට ලැබෙනා බව ඇමරිකාණු රූපවාහිනී හා වෙබ් අඩවි කියවන විට බොහෝම පැහැදිලි විය. එබැවින් මාතලන් කී අනාවැකිය අද ඇත්ත වෙලා තියෙනවාය.



මාතලන් ඕවා කියන්නේ හඳහන් බලලා නම් නෙමේය. විවිධ දත්තයන් හා මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනන නිසාවෙන්මය. අද මුළු ලෝකයම ඔල්මොරොන්දම් වී ගියද මාතලන්ට එසේ වන්නට අවශ්‍ය නැත්තේ, මේ බව කලින්ම දන්නා නිසාය. මාතලන් පුදුම වන්නේ හෙරලි නෝනා දිණුවානම්ය.

මාතලන්ට, බයි මිතුරන් මෙන්ම ටොයි මිතුරන්ද, මේ දෙකටම අයත් නොවනා මාතලන් වන් මිතුරු මිතුරියන්ද බොහෝය. මෙයින් බයි මිතුරන් ට්‍රම්පට් ලොක්කාගේ ජයග්‍රහණය ඉත සිතින් ප්‍රාර්ථනා කලද, ඔහු ජයග්‍රහණය කරතැයි කිසි ලෙසකින් වත් සිතුවේ නැත. ඒ තබා මාතලන්ගේ ඇමරිකාවේ සිටිනා මිතුරන්ද කීවේ හෙරලි නෝනාට ගේමක් නැතයි කියලාය.

එහෙත් ඊශ්‍රායලයේ සිටියදි, යුදෙව් ඇමරිකාණුවන් මෙන්ම අනෙකුත් ඇමරිකාණුවන්ද ආස්සරේ කොට ඇති මාතලන් හොඳින්ම දන්නා දෙය නම්, ඇමරිකන් කාරයෝ අපේ බයියන්ටත් වඩා නොම්මර එකේම බයියන් බවය. අපේ ගොන් බයියන් මෙන් නොව ඔවුන්ට එසේ සිතීමටද ඕනෑ තරම් හේතු ඇති බවද අප දන්නවාය.

හෙරලි නෝනා පැරදීමට ප්‍රධානම හේතුව, ඇෆ් බී අයි ලොක්කා විසින් අවසාන මොහොතේ, නැවත වරක් ඊ මේල් හුටපටය ඇද්ද බවට ඉන්ටර්නැෂනල් ටැලිවිසොන් චැනල් වල ටයි කෝට් ඇඳ ගත් නෝනා මහත්තුරු එකසිය ගානට ටෝක්ස් දෙනවාය. එයාලා එහෙම කියන්නේ මෙච්චර කාලයක් කඩේ ගියපු එකේ ලැජ්ජාව වසා ගන්නටය. එයාලා හෙරලි නෝනාට කඩේ ගියේ ඔය ටයි කෝට් ගලවලා දමලාය. කොටින්ම අද දිනයේත් ට්‍රම්පට් ලොක්කා ඉදිරියෙන් ඉන්දැද්දීත්, මේ නෝනා මහත්තුරු කීවේ, පැන්සිල්වේනියාවේ එක ආවාම හෙරලි කන්න පුළුවන් කියලාය. සී ඇන් ඇන් එකේ උන්ට තිබුනේ එකම එක ප්‍රාන්තයකි. ඒ ෆ්ලොරිඩාවයි. අන්තීමට හෙරලි නෝනා එකෙනුත් කුජීතම වෙලා ගියේය.

මෙහෙම උනේ ඇයි..?

ප්‍රධානම දේ හෙරලි නෝනාට කියන්නට දෙයක් නැති වීමයි. හෙරලි නෝනා නියෝජනය කළේ වසර 8 ඔබාමාගේ අසාර්ථක පාලන යුගයයි. එපමණක් නොව, තවත් අසාර්ථක පාලකයකු වූ බිල් අයියා ඇයගේ වල්ලබයා වීමද තවත් එක් වීක් පොයින්ට් එකකි. ඒ කාළයේ කතා කිරීමට ඇත්තේ මොනිකා ලෙවන්ස්කි ලොලි පොප් කාපු එක පමණක්මය. එහිදි ඔහු ජනතාව ඉදිරියේ බොරු කීවේය. පසුව හොටු පෙර පෙරා බොරු කිව් බවද පිලි ගත්තේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් කලේ තවත් බොරු කාරියක හා අසාර්ථක විදේශ ලේඛම්වරියක වූ හෙරලි නෝනාට කෙලින්ම ගහනා එකය. මේ ස්ලෝගන් එක ඔක්කෝම ස්ලෝගන් වලට වඩා නැගලාම ගියේය. ඔහු ඇය සැමවිටම හැඳින් වූයේ පච හිලරි ලෙසය. (Crooked Hillary)

ඔය කවුරුන් මක්කා කීවද හෙරලිට වඩාත් අවාසි සහගත වූයේ, අවසාන මොහොතේ තම දරුවා ඇමරිකාව වෙනුවෙන් කැප කළ "කැප්ටන් ඛාන්" නම් මුස්ලිම් ජාතිකයා තම රැස්වීමකට කැඳවීමයි. ජාතිවාදයට ඇමරිකාව ලංකාව කියා කිසි වෙනසක් නැත. කැප්ටන් ඛාන් තම බිරිඳ සමඟ පැමිණි මුල් අවස්ථාවේ එය ලෝකයෙම අවදානයට ලක් වූවද, ටික දිනකින් ඒ උණුසුම මැකී ගියේය.

එහෙත් හෙරලි නෝනා,  අවසාන මොහොතේ ඔහු තම චන්ද ව්‍යාපාරයට එකතු කර ගැනීම සියතින්ම ගෙල සිඳ ගැනීමක්ම විය.   එමෙන්ම පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බර්නි සෑන්ඩර්ස් හා තරඟ කළ කාලයේද, හෙරලි නෝනා පට්ට ෆේල් එකක් බව ලෝකයාම දැන ගත්තේය. ඇත්තටම ට්‍රම්පට්ට වඩා බර්නී සෑන්ඩර්ස් හිලරි කුඩු කළේය.

මේ වෙන විට ට්‍රම්ප් ලොක්කා ජාතිය හා ආගම විකුණා අවසානය. ට්‍රම්ප් කියනා විදියට ඇමරිකාවේ අයිති කාරයෝ ඔවුන්ය. එක අතකින් එසේ කීම සාධාරණය. ඇමරිකාව ගොඩ නැගුවෝ ඔවුන්ය. එය, අම්මට සිරි ලංකාව ඉස්සර මොකාගේ උනත්, දැන් හින්ගල බවුද්දයන්ගේය කියනවා හා සමානමය. මොන බයිලා ගැහුවත් ඕනෑම පුද්ගලයෙක් පට්ට ජාතීවාදිය. සම හරක් ජාතිවාදින් මෙලෙස හැඳින්වීමට අකමැති නිසා, දැන් එයට කියන්නේ ජාතිකවාදී බව කියාය.

මිනිසා තුල සහජයෙන්ම ඇති මේ තිරිසන් ගතිය මර්දනය කොට තිබෙන්නේ දරුණු නීතී රීතී තුලින්ය. ආගම් වලට මේ දේ කළ නොහැකි බව අද ලෝකයේ සෑම දෙසින්ම ඔප්පු වී ඇති කරුණකි. එහෙත් ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ එකා මෙන් ජීවත් වීමට නොව වෙන් වෙන්ව ජීවත් වීමටය. ලෝකයේම තත්වය දරුණු අතට ගමන් කරමින් සිටී. මිනිසත් කම් වෙනුවෙන් තිබූ නීතී රීති බල්ලාටම යමින් පවති. කඩා දැමූ බර්ලින් තාප්ප වෙනුවට, අළුතින් අළුත් තාප්ප ඉඳිවෙමින් පවති. ඇමරිකාවේ ට්‍රම්ප් ගන්නේ මේ වාසියයි. ඇත්තටම මේ නියම ඇමරිකාණූ ජාතිකයායි.

ලෝකයේම් මානුෂික අයිතීන් වලට පයින් ගසමින්, තමන් මහා මානුෂික මිනිසුන් ලෙස සළු පිළි පොරවාගෙන ඇමරිකාණූවා කළ ගරු රඟපෑම අවසාන කලේ ඩොන්ල්ඩ් ට්‍රම්පට් මහතාය.

ට්‍රම්පු ලොක්කා ගැහුවේ ඒ තුරුම්පුවයි. උන්නැහේ කීවේ මැක්සිකෝ බෝඩරයේ තාප්පයක් ගහනවා කියලාය. ලතින් ජාතිකයන් මෙන්ම මුස්ලිම් ජාතිකයන්ද ඔහුට අරහංම විය. ඔහු වටා කළු ජාතිකයින් සිටියේද නැත. එපමණක් නොව ඔහු කාන්තාවන් පූසාගෙන් අල්ලා තමන් ළඟට ඇදගන්නාවා යැයි කියමින් කාන්තාවන්ටද නිග්‍රහ කළේය. එනයි ඔහු කාන්තාවන් පයිසෙකට නොගන්න බවද ඔප්පු කලේය. ඇත්තම කතාව නම් කොහොමත් කාන්තාවන් යනු ට්‍රම්පට්ට සෙල්ලම් බඩු වැනි දේ බව ඔප්පු කොට අවසානය.

කාන්තාවන්ට මෙන්ම, සුළු ජාතින්ට කළ හැකි සෑම නිග්‍රහයක්ම කළේය. කොටින්ම ඔවුන් තම රටවලට යවනා බවද කීවේය. එමෙන්ම මෙතක් කලක් සික්ඛා පදයක් මෙන් ආරක්ෂා කළ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම ක්‍රමයට (American System) පලු යන්න ගැහුවේය. එසේ ගැහුවා පමණක් නොව ඇමරිකාවේ පරම සතුරා වන රුසියාව හා රුසියාවේ පුටින් ලොක්කා හොඳම මිතුරා බවට පත් කර ගත්තේය.

මේවා ලෝකයේම දේශපාලනය හොල්මන්ද බේරේ කොරනා ප්‍රකාෂයන්ම විය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ලොක්කා කිව්වේ, මේ වගේ එකෙක්ට ඡන්දය දෙන්න එපා කියලාය. අද ඇමරිකාවේ උන් උන්නැහේගේ කලිසම ගලවා ඔලුවේම ඔතලා දැම්මේය.

ට්‍රමපට් ලොක්කා මිචිගන්වල පැවති අවසාන රැලියේ කළ කතාව, ඕනෑම ඇමරිකානුවකුගේ මයිස් ඉස්මයිල් කරන කතාවක්ම විය. ඔහු කතා කලේ සමාන්‍ය ජනතාවටය. ඇමරිකාණුවන් විසින් වසා දමා වෙනත් රටවල ආරම්බ කළ කර්මාන්ත නැවත් තම රටට ගෙනෙනා බව ඔහු කීවේය. එමෙන්ම වෙනත් රටවල සිට ගෙනෙනා නිශ්පාදන වලට 35% බද්දක් කෙලින්ම ගසනා බවද ඔහු කීවේය. තවත් නොයෙකුත් පොරොන්දු මැද, චන්දය ප්‍රකාෂ කරන දින තෙක් කතා කල ඔහු තම ඔරලෝසුවේ වෙලාව බලමින් කිව්වේ, ඇමරිකාවේ නිදහස් දිනය අදයි කියාය.

ට්‍රම්ප් එසේ රියල් ඇමරිකන් කාරයාගේ බොක්ක කිති කවද්දි හෙරලි නෝනා කලේ ජොන් බොන් ජෝවීයා හා ලේඩී ගාගා එක්ක බයිලා නටනා එකය. එපමනක් නොව තමන් ජනාධිපතිනිය යැයි සිතු මේ උද්දච්ච ගැහැණිය නිදි වරාගෙන තමන් පිලිගන්නට උන් තම ප්‍රදේශයේ ජනතාවට එක වච්නයක් හෝ කතා නොකර ගෙදර ගියේය. (තමන්ට ඡන්දය දුන් අයට ස්තූතී කිරිමටවත් ඇය අවසානයේ ආවේ නැතිය.)

කෙසේ හෝ බ්‍රෙක්සිට් වලින් පටන් ගත් ජාතිවාදය ලෝකයේ දියුණු රටවල් ආක්‍රමණය කරමින් සිටී. ඇන්ජේලා මර්කෙල් නෝනාද දැන් ජරමනියේ උන්ට පෙන්නන්නට බැරිය. මින් පෙර නගර සභාවකට තියා මරණාධාර සමිතියකටවත් ඉල්ලලා නැති, නියෝජනය කල රිපබ්ලිකන් පක්ෂයේ උන්ගේ සහාවයත් නොලද ට්‍රම්පට් ලොක්කා, අවසානයේ තනියම තම ජය කණුව කරාම ගියේය. 

ඇමරිකවේ මෙන්ම ලෝකයේ ගමනද, ජනවාරි මාසයෙන් පසු බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබේ. ඇමරිකාවේ සිස්ටම් එක වෙනස් කරන්න යාම සෙල්ලම් දෙයක් නොවේ. කෙනඩිට අත් වූ ඉරණම ගැන ට්‍රම්පට් ලොක්කාට මතක ඇතයි සිතමි. 

මෙයින් අපේ මෝඩ බයියන් උද්දාමයට පත් වීම නම් පස්ස් පැත්තෙන් හිනා යන කරුණක්ය. මන්ද ට්‍රම්පට් ගොයියා කරනවා යැයි කියපු දේ කලොත් හෙම, අපේ රටට යන්නට වෙන්නේ හොම්බෙන්ම නිසාය. අපේ හරක් නොදන්නවා උනාට, ලංකාවේ භාන්ඩ හා සේවා නිශ්පාදන වලින් 40% කට වඩා යන්නේ ඇමරිකාවට නිසාය. 

86 comments:

  1. වාර දෙකක් ඩෙමොක්‍රැට්ස්ලා දිනලා තිබුන නිසා වෙනසකට රිපබ්ලිකන් පාලනයක් ඕනෑවෙන එක ස්වාභාවිකයි.
    ඒත් සැන්ඩර්ස් ආවනම් ට්‍රම්ප් පරදින්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒත් නෑ.... ට්‍රම්පට් මිනිස්සුන්ගේ බොක්කට කතා කළා... ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරණ උන් ඒ දේ ගනන් ගත්තෙ නෑ...

      Delete
    2. "...ඒත් සැන්ඩර්ස් ආවනම් ට්‍රම්ප් පරදින්න තිබුනා..."
      බර්නිට එහනම් ඇපත් නැහැ!!

      Delete
  2. trumh lokkata kranna deyak na ban. amerikan company thama maha ekawa palanaya kranne. company walata ona widiyata natanna wenawa moka oya putuwata awath. balapan mokada wenne kiyala.

    ReplyDelete
    Replies
    1. ඒවා හරියන්නේ නෑ... මූ බිස්නස් කාරයා නේ... පුටිනුත් බිස්නස් කාරයා...

      Delete
  3. ඔසාම බින් ලාඩන් ගොඩ අරගෙන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. මූව මරල ඔබාමා කරල තියෙන්නෙ යුධ අපරාදයක්.

    මීට නව පරපුරේ සහජීවන ඇමෙරිකන් සොන්නයෙක්.

    ReplyDelete
    Replies
    1. ඉතුරු බින් ලාඩන්ලටත් ගේම දෙනවා කියලා ආපු කෙනා ඒවා ගැන පර්යේෂණ තියන එකක් නෑ...

      Delete
  4. ඔබාමා සිල් රෙදි බෙදලා ද දැන් නැ

    ReplyDelete
    Replies
    1. ඔබාමත් නෑවා... මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දේවල කරලා...

      Delete
  5. මාතා,
    පැරාගේ අඩවියේ දාපු කොමෙන්ටුව මෙහෙමම දානවා
    මේක රනිල් ටත් සිරා ටත් හොදපාඩමක් !!
    විග්නේශ්වරම්ලා ලග දෙකට නැවි නැවි ඉදල අන්තිමේට කරගන්නේ ජාතිවාදී බලවේගයකට බලය දබාදීමයි.
    මහලොකුවට ඇමරිකාවේ සියලු ජාතීන්ට අයිතිවාසිකම් කතාකර කර අන්තිමට බාගෙට කළු ඔබාමට බලය දීල
    මිනිසුන්ට ඇති උනාම අද ජාතිවාදී ටරම්ට බලය දීල තියනවා.

    කොච්චර සමානත්වතාවය ගැන කිව්වත් මිනිස් මනසේ ජාතිවාදය ගැන විශාල කැමැත්තක් තියනවා, ඇමරිකාවේ
    ඔබාමාගේ පාලනය නිසා ඔහුට විරුද්ධ වන මිනිසුන් බහුතර සුදුජාතිකයන් සිතන්නේ තමන්ට සිදුවූ අසාදාරණයට මේ සුළු ජාතික
    නායකයා හේතු වෙන බවයි, අපේ රටෙත් වෙන්නේ ඕකම තමයි.

    ඊයේ පැරා කියනවා ආබාදිත සෙබළුන් අර්ථසාදක ලබාදීම සාදාරන නෑලු හැබැයි ඔහු කියන්නේ නෑ අවුරුදු 5 මන්ත්‍රී වෙච්ච කෙනාට
    ජීවිතාන්තය දක්වා අර්ථසාදක විශ්‍රාම වැටුප් සාදාරන වන්නේ කොහොමද කියල.

    යාපනේ ද්‍රවිඩ කල්ලි වලට නිදැල්ලේ හැසිරෙන්න දෙන රජය මේ අහිංසක ආබාධිත සෙබළුන්ට පහර දෙනවා. මේවා තමයි ඉදිරියේදී
    ජාතිවාදී නායකයකුට බලය ලැබීමට තියන තුරුම්පු.

    මහලොකුවට ලෝකෙට කාන්තා විමුක්තිය ගැන කියන ඇමරිකාව දෙසපාලනයයෙකු වෙච්ච හිලරි ව ප්‍රතික්ෂේප කරලා ට්‍රම්ප් වගේ වහිලු කාරයකු පත්කරගෙන තියනවා මේවා මේ ගවපාලනයේ ඉන්න හරක්ටත් හොද පාඩම්.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන තමයි ලියන්න උනේ. ඒත් ඊට වඩා මේක අපිට බලපානවා.

      Delete
    2. Well said lanka withuwili. 👊🏽. Mathe, need to comment. But life is fucking busy. Another Great post as usual. 👊🏽👊🏽👊🏽👊🏽

      Delete
  6. This is a good analysis of the campaign maathe....respect...!

    ReplyDelete
  7. වල් වාසිත් නැතුව තුරුම්පුවලින්ම කපෝති ගැහුවා නේද. හොඳ ලිපියක්. ප්‍රජාතන්තරේ මචෝ.

    ReplyDelete
    Replies
    1. මයිකල් මුවර් කියන්නෙත් අපි උඹ වගේ ඔළුව අවුල් පොරක්නේ.... පොර ඉන්නේත් අපි වගේම මුනිස්සුන්ගේ පැත්තෙ. පොර තුරුම්පුවාට බැක් කලා අන්තීමට...

      Delete
  8. 40% our exports to US? is this correct? any reference for this?

    ReplyDelete
  9. ඔය ඔක්කොම පැත්තකින් තියල බලපුවාම,
    කිසිම වැදගත් දෙයක් නැතුව හාල් වෙවී හිටපු ලාංකිකයින් මේ ඡන්දෙන් සෑහෙන සැනසීමක් ලබාගත්තා.බුකිය පොපියන චමත්කාරයක්.
    ඒ කියන්නේ..... වෙනකන්ම බලන් ඉන්න වෙනවා මොනව වෙයිද කියලා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වගේ වගක් නැතිව ඉන්න පිරිසකුත් ඇති... ඒත් හැම දේ ගැනම වෙනස් කෝනයකින් බලන වෙනස් විදියට හිතන පිරිසක් මේ රටෙත් ඉන්නවා..

      Delete
  10. මම නම් කැමතියි බොරුකාරි දිනන්නෙ නැතුව ට්‍රම්ප් දින්නට. ඩිමොක්‍රටික් පක්ෂය හැමදාම හිටියෙ බෙදුම්වාදීන් පැත්තේ. රිපබ්ලිකන් පක්ෂය පමණයි ඒ අතින් ලංකාවට උදව් කලේ.

    ReplyDelete
    Replies
    1. ඔරුව පෙරලුනොත්...

      ගානක් නැහැ, පෙරලුනු පිට හොදයි කියනවා!

      Delete
    2. පුටින් එක්ක එකතු වෙනවා කියන්නේ අයිසිස්ලට එහෙම අල්ලාහු අක්බාර් නෙමෙයි.. සම්මා සම්බුදු සරණම තමයි....

      Delete
  11. මෙහෙත් සියලු ටොයි වාදීන්ගේ ආතල් තියෙන්නේ ඊලග ඡන්දය වනතුරු පමණයි..සමස්ථ ලංකාවේම මීළගට තියෙන ප්‍රථඹ මැතිවරණයෙන්ම මහින්ද ගෑවුනු තැන උඩින්ම දිනනු ඇත..
    සැබැවින්ම සිදුවන්‍ේන කඩාවැටීමයි..කඩාවැටීමට හේතුවක් කල්පනා නොකරන ලෝකයේ මිනිසුන් සිතන්නේ එය පාලකයින්ගේ ජාති ආලය අඩුවීම නිසා සිදුවන වගකි..

    ලංකාවද ඇත්තේ මොකා ආවත් ගොඩගන්න බැරි තැනක..එත් හැමෝම කතාවෙන්නේ එයා හිටියනම් එහෙම නෑ කියල.. කොළඹ ඉතිරි වෙද්දි ගම්පලාත් ඔක්කොම පෙර පරිදි මහින්දම දිනනවා.. සෝසල් මීඩියා එන ටොයි මැජෝරිටිය කොර වෙලා යනවා ඊලග ලංකාවේ මැතිවරණයෙන්..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් නම් එහෙම වෙන එක ගැන මහා ලොකු අනාවැකි කියන්න ඕන නෑ.. මහින්දම ඕන නෑ.. ඒ මතයට නායකත්වය දෙන ආන්ඩු විරෝධී ඕනම බලවේගයක් අනිවාර්යයෙන් ජය ගන්නවා.. සිකැරට් අරක්කු වලට කෙලිය එකම් ඇති මුන්ට හෙන ගහන්න..

      Delete
    2. Special Brew (500ml) ටින් සහ Gold Leaf මිළ ගණන් වෙනස් වූ අයුරු...
      අරක්කු ගැන විස්තර නැහැ බං...

      2008 Beer (100~110/-) SG (15/-)
      2009 Beer (100~130/-) SG (16~18/-)
      2010 Beer (130/-) SG (18/-)

      අවුරුදු දෙකක ඩේටා මිසින්...

      2013 Beer (160~170/-) x
      2014 Beer (170~200/-) SG (28/-)
      2015 Beer (357~330/-) SG (30~33/-)
      2016 Beer (330/-) SG (35~50/-)

      Delete
  12. ඊයේ ඇමෙරිකාවේ වුනෙත් ජනවාරි 8දා අම්මට සිරි ලංකාවේ වෙච්ච ජාතියේ වැඩක්ම තමයි. අපි දිනුවා කියලා මහා ලොකුවට උඩ පනින සාමාන්‍ය ජනතාවට වෙන්නේ සුපුරුදු පරිදි හොම්බෙන් යන්ඩයි. කලිසම් කෝට් කාරයොයි, රෙදි බැනියම් කාරයොයි රජ සැප විඳියි. තම තමුන්ගේ මඩිය තර කර ගනීවි. ඒ වුනාට මේ වගේ රටවල තියෙන විශේෂත්වය තමයි පැරදුනු එකාත් ආධාරකරුවොත් මහජන මතයට හිස නමලා, වැදගත් විදියට පරාජය පිලි අරගෙන දිනාපු උන්ට රට කරන්ඩ හෝ කන්ඩ ඉඩ දීලා යන්ඩ යන එක. දෙපාරක් චන්දෙ පැරදිලත් තවමත් "මමයි ජනාධිපති" කියා හිතාගෙන මළ පෙරේතයා වගේ රජ කමට බැල්ම දාගෙන ඉන්න අධි මානසිකත්වයක් හෝ සිවුරු කාරයෝ දාලා පෙළපාලි යවලා කොහොම හරි බලය අල්ලා ගන්ඩ උත්සාහ කිරීමක් හෝ මේ රටවල දකින්ඩ නෑ . හැබැයි මේ ජයග්‍රහණයේ අවසාන ප්‍රතිපලය වෙන්නේ පහුගිය ආණ්ඩුව කාලේ ඇමෙරිකාව ලෝකය වෙනුවෙන් යම් සේවයක් කළා නම් ඒ සේරම නැවතිලා සැබෑ ධනවාදී රටක් ලෙස ඇමෙරිකාව ඉස්මතුවීම විතරයි. සාමාන්‍ය ජනතාවට සැපයෙන සේවා නැති කරලා සල්ලි කාරයන්ට තව තවත් පොහොසත් වෙන්ඩ මාර්ගය පෑදෙයි. එතකොට ඉතින් කාට කාටත් හිතෙයි මේ අපි කර ගත්තේ මුහුණ එක්ක තරහ වෙලා නහය කපා ගත්තා වගේ වැඩක් නේද කියලා.

    ReplyDelete
    Replies
    1. "...ඒ වුනාට මේ වගේ රටවල තියෙන විශේෂත්වය තමයි පැරදුනු එකාත් ආධාරකරුවොත් මහජන මතයට හිස නමලා, වැදගත් විදියට පරාජය පිලි අරගෙන දිනාපු උන්ට රට කරන්ඩ හෝ කන්ඩ ඉඩ දීලා යන්ඩ යන එක..."

      කෝ අර 29 වතාවක් පැරදිච්ච ගොබිලා පෙරේතය ගල බදාගත්තා වගේ යන්නේ නැතුව ඉන්නකොට කටයි පුකයි වැහිලද තිබ්බේ?

      Delete
    2. /* හැබැයි මේ ජයග්‍රහණයේ අවසාන ප්‍රතිපලය වෙන්නේ පහුගිය ආණ්ඩුව කාලේ ඇමෙරිකාව ලෝකය වෙනුවෙන් යම් සේවයක් කළා නම් ඒ සේරම නැවතිලා සැබෑ ධනවාදී රටක් ලෙස ඇමෙරිකාව ඉස්මතුවීම විතරයි. */

      ඇමරිකාවට ලෝකය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය තමයි, ලෝකේ වටේ අනුන්ගේ දේශපාලන සීනි කිරන්න යන්නේ නැතුව, සැබෑ ධනවාදී රටක් විදිහට ශක්තිමත්ව නැගී සිටින එක.

      Delete
    3. ///කෝ අර 29 වතාවක් පැරදිච්ච ගොබිලා පෙරේතය ගල බදාගත්තා වගේ යන්නේ නැතුව ඉන්නකොට කටයි පුකයි වැහිලද තිබ්බේ?///
      ++++++++++++++++++++++++++

      ඇමරිකාව අනිත් රටවල් ගැන බලන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවනම් ඒක මුළු ලෝකෙටම සෙතක්...

      Delete
    4. තිස්ස. මම නම් හිතන්නේ ඔහොම නෙමෙයි. ඔය ඇමරිකාව රන් කරන්නේ වෙනම් සෙට් එකක් කියන එක ප්‍රසිද්ධ බොරුවක්. එහෙම නම් ඉතින් ඇමරිකාවෙයි චීනෙයි වෙන්සක් නෑ නේ. ඔතන උනේ මෙතක් පත් උන ජනපතිවරු උන් කියන කියන විදියට නටන්න යෑම.

      ඇමරිකාවේ ජනාධිපති කියන්නේ ලෝකයටම බලපාන තීන්දූ තීරණ ගන්න පුළුවන් කෙනෙක්. එතකොට ඔය ආයතන් එපා කියද්දි ජෝජ් බුෂ් ඉරාකෙට ගැහුවේ ඇයි. එයාලගේ බිස්නස් එක නිසා. පොට අත් උන ලැජ්ජාව නිසා.

      මෙවර ජයග්‍රහණය සෑම තැනම වෙනස් කම් ඇතිවන එකක්. ඇමරිකාවේ අපි නොහිතපු දේවල් වෙන්න පුළුවන්. ඔහු ආසියාවේ නැගිටීමට කැමති නෑ. අවුට්සෝස් බිස්නස් වලට කෙලෙවෙන්න බොහෝම ඉඩ කඩ තියෙනවා.

      කොහොම නමුත් ඔහු වෙනසක් කළත් නොකලත් ඒක දරුණු අභියෝගයක්. මොකද කළ දේ නොකළොත් ඔහු ජනතාව අතර අප්‍රසාදයට පත් වෙනවා.. සිස්ටම් එක වෙනස් කරන්න ගියාමත් සමහර ආයතන වලින් ජීවීතයට තර්ජන එන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා.

      කොහොම වෙතත්, විදේශ ප්‍රතිපත්ති හා වෙළඳ ගිවිසුම් වල විශාල වෙනස් කම් වෙන්න පුළුවන්. මම හිතනවා ලෝකයෙම බොහෝ වෙනස් කම් වෙයි කියලා. එහෙම නැත්නම් අර දෙවනි දේ වෙයි.

      Delete
  13. //////ඒ වුනාට මේ වගේ රටවල තියෙන විශේෂත්වය තමයි පැරදුනු එකාත් ආධාරකරුවොත් මහජන මතයට හිස නමලා, වැදගත් විදියට පරාජය පිලි අරගෙන දිනාපු උන්ට රට කරන්ඩ හෝ කන්ඩ ඉඩ දීලා යන්ඩ යන එක. දෙපාරක් චන්දෙ පැරදිලත් තවමත් "මමයි ජනාධිපති" කියා හිතාගෙන මළ පෙරේතයා වගේ රජ කමට බැල්ම දාගෙන ඉන්න අධි මානසිකත්වයක් හෝ සිවුරු කාරයෝ දාලා පෙළපාලි යවලා කොහොම හරි බලය අල්ලා ගන්ඩ උත්සාහ කිරීමක් හෝ මේ රටවල දකින්ඩ නෑ .////////////////

    +++++++++++++++++=රජ කමෙන් වහගන්න පුලුවන් දේවල් තියෙනවනේ...හොරකම, වල්කම, මැරකම වගේ දේවල්. ඒක තමයි රජකමට ලොල්.

    ReplyDelete
    Replies
    1. අරූ මේ දේශපාලනේට උඹ පැටලෙන්න එපා මේ විදියට, take a drink machan then think a while and have a nice nap. Awake. Think. then write Machan.
      - මොණරවිල

      මේක කියන්නෙ මේ මේකේ ඇඩ්මින් වෙන එක්තරා විදියකට බ්ලොග් අවකාශෙ හොඳම කුලුමීමෙක් වෙන මාතලන්ටත් එක්ක, අම්මප ඕකත් අනින්න ගියාම ආයි ඉතින් දවාලක් රැයක් නෑ. එහෙම නේද ?

      අරුණ උඹ දැන් මචං හොඳටම බීල වැඩියි මම. මාතලන් මේ මූට කියපිය "අවුල්වන්නට පෙර" ආයි නවත්තප්පු තැනින් පටන්ගන්න කියල.

      -මොණරවිල

      Delete
    2. යකෝ තාම බොනවා තියා කඩේ ගියෙත් නැහැ...පට්ට සීතලයි. බොම්දෝ නොබොම්දෝ හිතමින් ඉන්නේ.

      Delete
    3. අරුණ උඹ දැන් මචං හොඳටම බීල වැඩියි මම වගේම.

      මාතලන් මේ මූට කියපන් මචං සමාවෙලා
      "අවුල්වන්නට පෙර" ආයි නවත්තප්පු තැනින් පටන්ගන්න කියල.

      අපි දන්නව මාතලන් කියන්නෙත් අපි වගේ තමන්ගේ වියදමින් අනුන්ට අරන්ත්හො දිදී අපි වගේම හොඳට කන බොන පොරක් කියල.

      මාතලන් රටක නායකයා කරන්න ඕන කන බොන පොරක්. එහෙම නැතිනම් කන බොන එවුන්ට ඉරිසියා නොකර වැදී බන නොකිය ඉන්න පොරක්. ඔය ගැන පුලුවන්නම් ලියපන් බැරි නම් ඕන නැහැ , උඹ ඔය මගුල් ලියල කෙල උනාම අපි ඉඳීද මචන්?

      -කන බොන හු _ _ මොණරවිල

      Delete
    4. නිවැරදි කිරීම - අපි දන්නව මාතලන් කියන්නෙත් අපි වගේ තමන්ගේ වියදමින් අනුන්ට බිල් නොදී අපි වගේම තමන්ගෙ වියදමෙන් හොඳට කන බොන පොරක් කියල.

      Delete
    5. @ Aruna Perera

      මචං once you mentioned the fact that one your female batchmates have met with a grievous accident while travelling in a jeep. Is she G_ _ _ _ _ a ? a sister of famous Ami_ _ _ _ a ? We all were / are close relations .

      If I am not mistaken it happened just after the famous Ramani
      Bartholomeusz incident is it correct Aru?

      -peacock lake

      Delete
    6. පීකොක් ලේඛ...කයාණනි....අමි**ගේ සොයුරිය..මට නම මතක්වෙන්නේ නැහැ. වාහන අනතුරක්. 1980 මුල් භාගයේ. ජීප් එකක්ද කියා ශුවර් නැත. මම දැන් කඩේ ගියෙමි.

      Delete
    7. "...ඒ වුනාට මේ වගේ රටවල තියෙන විශේෂත්වය තමයි පැරදුනු එකාත් ආධාරකරුවොත් මහජන මතයට හිස නමලා, වැදගත් විදියට පරාජය පිලි අරගෙන දිනාපු උන්ට රට කරන්ඩ හෝ කන්ඩ ඉඩ දීලා යන්ඩ යන එක..."

      කෝ අර 29 වතාවක් පැරදිච්ච ගොබිලා පෙරේතය ගල බදාගත්තා වගේ යන්නේ නැතුව ඉන්නකොට කටයි පුකයි වැහිලද තිබ්බේ?

      Delete
    8. එයාලා මේකෙන් පුදුම ස්වයං වින්දනයක යෙදෙනවා. ඒත් ට්‍රම්පට්ගේ පක්ෂයේ මෙහේ නියෝජනය එකසත් ජාතික පක්ෂය බව වත් මේ ගොන්නු දන්නෙ නෑ.

      Delete
  14. Replies
    1. නැත නැත සාරස සොයුර ඒ "SIRANIXIT" එනම් දෙදෙන ම වියයුතුය. මෙහි පතම නම යෙදුවෝ මමය .

      Delete
    2. එසේය මයුරවිල මැතිඳුනි!

      Delete
    3. බොහෝ කල් ඉන්න වෙයි..

      Delete
  15. ට්‍රම්පට සිද්ධ වෙනවා කියපු දේවල් කරන්න. නමුත් එතැනදී තමයි නියම අභියෝගය එන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එයා කරනවා කියපු සේරම දේවල් කරයි කිසිම අභියෝගයක් නැතිව. ඒ කියන්නේ කපනවා කීව සේරම කපයි, දෙනවා කීව දේවල් තියෙනවා නම් ඒවා අමතක කරලා දායි . සෙනේට් එකේත්, කොන්ග්‍රස් එකේත් බලය ට්‍රම්ප්ට ලැබිලා තියෙන හින්දා මෙතෙක් කල් මේ රටේ Democratic පක්ෂයෙන් සාමාන්‍ය මිනිසුන්ගේ යහපතට කළ හැම දෙයක්ම ආපසු හරවයි. ලංකාවේ ලොක්කා වගේ පත්තර වලින් බලලා නෙවෙයිනේ මේ ලොක්කා වැඩ කරන්ඩ යන්නේ. ඉන්ඩකෝ cabinet එක නම් කරන කල්. එතකොට කාට කාටත් තේරෙයි ගොනා හැරෙන්නේ මොන පැත්තටද කියලා.

      Delete
    2. අනේ මේ, ඩිමෝක්‍රෝටික පක්ෂේ කරපුව වැඩිවෙලා තමයි මිනිස්සු ට්රම්ප්ට ගිහින් කතිරේ ගහන්න ඇත්තේ

      Delete
    3. මම හිතනවා ඔහු කියපු දේ කරයි කියලා.. ඔහු කුළු මීමෙක් වගේ මනුස්සයෙක්.. නියම ඇමරිකාණුවෙක්.. එහෙම කරන්න ඔහු බය වෙන්න ඕනත් නෑ.. ඒ කියපු දේ කරා හිලරිට ඡන්ද උන් අමනාප වෙන්නෙත් නෑ.. විශාලම දේ පුටින්ගේ සහය..

      Delete
  16. අනේ හුකේ! ලංකාවේ එවුන්ට ගෝත්‍රික කියකිය, යැන්කියෝ ඒවා කොරනකොට හුරේ දාන ගොබ්බයො

    ReplyDelete
    Replies
    1. කියවා තේරුම් ගත නොහැකි අම්බරුවෙක්...

      Delete
  17. ට්‍රම්ප්ගේ ජයග්‍රහනය දැක මාතලන්ට ඇඳන් ඉන්න වස්තරේම බඩ යෑම ගැන අපගේ කනගාටුව

    ReplyDelete
    Replies
    1. ට්‍රම්පට්ගේ ලංකා නියෝජනය කුමක්දැයි කියා වත් නොදන්නා ගොන් බයියකුගේ කොමෙන්ටුවකි..

      Delete
  18. හෙරලි නෝනා හෙර

    ReplyDelete
    Replies
    1. පසුගිය පාලනයට දූෂන චෝදනා තියෙනවා පැලෙන්න.. ට්‍රම්පට් මේකත් මතු කළා...

      Delete
  19. ට්‍රම්ප් ,

    කවුද බොලේ මේ ට්‍රම්ප්?
    කොහේ සමුපකාරෙටද චන්දෙ ඉල්ලලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් නම් ඉල්ලලා නෑ කවදාවත්.. ඒත් හිලරි නම් සමූපාකාර ඡන්දෙට ඉදිරිපත් වෙයි කියලා බුකියේ තිබුනා...

      Delete
  20. //. ඇමරිකාණුවන් විසින් වසා දමා වෙනත් රටවල ආරම්බ කළ කර්මාන්ත නැවත් තම රටට ගෙනෙනා බව ඔහු කීවේය. එමෙන්ම වෙනත් රටවල සිට ගෙනෙනා නිශ්පාදන වලට 35% බද්දක් කෙලින්ම ගසනා බවද ඔහු කීවේය. තවත් නොයෙකුත් පොරොන්දු මැද, චන්දය ප්‍රකාෂ කරන දින තෙක් කතා කල ඔහු තම ඔරලෝසුවේ වෙලාව බලමින් කිව්වේ, ඇමරිකාවේ නිදහස් දිනය අදයි කියාය.// කරලා බලයි චීනා එක්ක. සේද්දක් කරයි. හේ හේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු සඳහන් කළේ චීනය ගැන නෙමෙයි.. මැක්සිකෝවට ගියපු වාහන කර්මාණ්තය ගැන. හැබයි චීනට ඕන හැටියට කරන්න නම් වෙන්නේ නෑ. මෙතනදි පුටින් මැදිහත් වෙයි. සිංගප්පූරුව, ඩුබායි එහෙම දැනටත් බය වෙලා ඉන්නේ.. පළමු අවුරුද්ද දෙක බොහොම තීරණාත්මකයි.. අයිසිස්ලටත් අබ සරණයි. ඇමරිකාවත් ආරක්ෂාව අතින් අනතුරේ.

      මූ චීනා පයිසෙකට ගනන් ගන්න එකෙක් නෙමෙයි... එන්නෙම ඇමරිකාව යලිත් ගේට් කරනවා කියලා.. ඉතින් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.. සමහ විට ඇමරිකාව නැති වෙන්නත් ඉඩ තියෙනවා.. ආයෙත් නම්බර් වන් වෙන්නත් ඉඩ තියෙනවා..

      Delete
    2. ඇමරිකාව ග්‍රේට් යනුවෙන් නිවැරදි විය යුතුයි...

      Delete
  21. ට්‍රම්ප් ඇවිල්ල බිස්නස් කාරයෙක්. වලි වලට යනවට වඩා හීන් නුලෙන් මොනවා හරි කරයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... මොනවා නැතත් ට්‍රම්ප්ගේ බිසිනොස් ටිකක් නම් ලෝකයේ හම තැනම එයි... බොහෝ කාළෙකට කලින් ඔහුගේ ඉනටර්වීව් එකක ඔහු මේ කතාව කිව්වා මට හොඳට මතකයි..

      Delete
  22. හොඳ විශ්ලේෂණයක් මාතේ... අනිත් එක තුරුම්පු ලොක්කා දිනපු එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා... මොකද ඔය සහජීවනය සමානාත්මතාවය වගේ කතන්දර කියලා බලයට එන උන් මෙලෝ රහක් නෑ කියලා ගොඩක් රටවල උන්ට තේරිලා තියෙන්නේ. බලාගෙන ඉමු. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනේ...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... නොසිතු දේ බොහෝමයක් සිඳු විය හැකි කාළයක්...

      Delete
  23. කියෙවෙමි ...හොඳ විශ්ලේෂණයක්

    ReplyDelete
  24. දැන් ලෝකවාසී ජනතාව අසන ප්‍රශ්ණ:

    මේ ජන්ද ප්‍රතිපලය ඇමෙරිකාවේ ජනමාධ්‍ය සහ මැතිවරණ නිරීක්ෂකයන් නුදුටුවේ ඇයි? මේ පත්තර සහ ටී වී කාරයෝ දැන දැනම කොලේ වැහුවාද?
    ට්‍රම්පට් ගේ ට්‍රම්පට් මැතිවරණ කතා යතාර්ථයක් වේද? ජයග්‍රහණයෙන් පසු ඔහු මුලින්ම කල කථාවද මැතිවරණ කාලයේ කළ කථාවලට වඩා බොහෝ වෙනස් වූයේ ඇයි?
    ඇමෙරිකාව යනු රුසියාව නොවේ. පුටින් රුසියාවේ දාන සෙල්ලම් ට්‍රම්පට්ට ඇමෙරිකාවේ දාන්න හැකිවේද?

    ReplyDelete
    Replies
    1. 1. නෑ ඇත්තටම අපේ මිනිස්සු වගේම උන් මහ පොලොවේ වෙන්නේ මොකක්ද කියන දේ දැනගෙන උන්නේ නෑ. ඔය දේම නේ මහින්දට උනෙත්. ජනතාව එක්ක ඉන්න මිනිස්සු සිද්ද වෙන දේ දන්නවා. අමරදේවගේ මරණය ගැනත් මම ඔය දේම කිව්වා. සම හරක් මාව මරාගෙන කන්න ගියා. ඒත් මම කියපු සියල්ලම ඇත්ත උනා.

      2. එතනදි ඔහු කළේ කපටි වැඩක්.. අනික ජනවාරි 20 වෙනකන් ඉන්න එපාය. මෙහේ වගේ නෙමෙයි නේ. අපි බලමු.

      3.දානවා.. ප්‍රධානම හේතුව රුසියාවේ සහාය. ඇනෙලා මර්කෙල්ට මක්කත් කරන්න බෑ.. යුරෝපයේ සංකෙමනික ප්‍රශ්ණ නිසා ඇන්ජෙලා චොර වෙලා ඉන්නේ.. ඊළඟ චන්දයෙන් ජර්මනියෙත් හිට්ලර් කෙනෙක් ආවම පුදුම වෙන්න එපා.. දැනටත් පොඩි පොඩි ඡන්ද වලින් ඇන්ජෙලාගේ අයට ඇපත් නෑ.

      Delete
  25. "ලංකාවේ භාන්ඩ හා සේවා නිශ්පාදන වලින් 40% කට වඩා යන්නේ ඇමරිකාවට නිසාය"
    වැදගත්ම ටික............

    ReplyDelete
    Replies
    1. ඔය ටිකටත් කෙල උනොත් හෙම අබ සරණම තමයි...

      Delete
  26. ඇමරිකාවේ මොකා ජනාධිපති උනත් අන්තිමේට ක්‍රියාත්මක කරන්නේ එකම ප්‍රතිපත්තියක්. චන්ද කාලේ කියන දේවල් චන්දෙන් පස්සේ දාට සුරංගනා කතා අතරට එකතු වෙනවා.
    බලපල්ලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕක ජනප්‍රිය බොරුවක්.

      Delete
  27. ලංකාවටත් ඕන අපි හැමජාතියම ශ්‍රීලාංකික ගාන එකෙක් නෙවෙ... අනිත් ජාතින් සුලුජාතින් විදියට සිටිය යුතුයි එකම භාශාව සිංහල පමණයි ගාන ගමන් ජාතිය ආගම රට සංවර්ධනය කරන ජාතිවාදී නායකයෙක් ඔන.... ඔය සහජිවනෙන් ඉන්න ගිහින් කෙල නැතුව ඇරගත්තා මදෑ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාව කොහොමත් ගෝත්‍රික රටක්. ඒකේ ආයේ අළුතෙන් පත් කරන්න දෙයක් නෑ. ඉන්නෙත් නොම්මර එකේ එහෙම පොරක් තමයි.

      Delete
  28. මම නම් දැක්කේ දෙන්නාගේ පර්සනලිටිවල තිබූ නොගැලපීම. ට්‍රම්ප් ඡන්දදායකයින්ට, ඕඩියන්ස් එකට හොඳට ආමන්ත්‍රණය කලා. හිලරිට ඒක කරගන්න බැරි උනා.

    හොඳ ලිපියක්. ලිපිය විතරක් නෙමෙයි කොමෙන්ට් වලිනුත් ගන්න හුගක් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උනේ හිලරිට කියන්න දෙයක් නොමැති වීම.

      Delete
  29. මටත් හිතෙන්නේ අපි මෙහෙන් යවන ටික යවා ගන්නත් බැරි වෙයි වගේ! කොහොමත් ඇමරිකාවේ ටිකක් උගත් කියන සෙට් එක ඉන්නේ සෑහෙන්න බය වෙලා

    ReplyDelete
    Replies
    1. ටොයි බයි වෙනස බොහෝම පැහැදිලියි. වික්ටරි ඉස්පීච් දෙන තැන්වල සිටි පිරිසගෙන්ම ඒක පැහැදිලිව පෙනුනා.

      Delete
  30. //. ඇමරිකාණුවන් විසින් වසා දමා වෙනත් රටවල ආරම්බ කළ කර්මාන්ත නැවත් තම රටට ගෙනෙනා බව ඔහු කීවේය. එමෙන්ම වෙනත් රටවල සිට ගෙනෙනා නිශ්පාදන වලට 35% බද්දක් කෙලින්ම ගසනා බවද ඔහු කීවේය. තවත් නොයෙකුත් පොරොන්දු මැද, චන්දය ප්‍රකාෂ කරන දින තෙක් කතා කල ඔහු තම ඔරලෝසුවේ වෙලාව බලමින් කිව්වේ, ඇමරිකාවේ නිදහස් දිනය අදයි කියාය.//

    It's very difficult for him to keep this promise to his American voters.

    Example:
    Ford Motors,GM-Chrysler & Toyota North America are already opened many factories in Mexico and several Latin American countries. They know it's the only solution to keep the cost of Automobile Manufacturing low.

    Specially Ford and GM will never listen to "Trumpet". The famous saying is... "if Ford Collapse...then America will collapse".

    Most of the fruits & vegetables are imported from South America to USA. If he want to add 35% tax...then, I must say "God bless to American people". They will kill each other to get food items.

    So..
    Maathalan lokkaa
    It's little bit difficult promise to keep.

    Srilankan diaspora in North America are disappointed bcs of "Herali Nona". They thought to drag all "War Heros of Srilanka" to Hague with the help of her presidency.
    But they announced "Maha Veera Sathi" in North America to remember war heros who "sacrificed" their lives to get separate "Motherland" for their people. It's a "HUGE EVENT" this year.
    Believe me....
    Srilankan Government has become "A SLEEPY PUSSY CAT" For them.

    ===Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. But I'm pretty sure that there will be huge changes in economy, security and foreign policy. Please read his economic plan. Hope for the best.

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. පික්ෂුද බං මාතෙ 🙈 උබ දැක්කයි හිලරි නෝන උළුවස්සක් උඩ නැගගෙන ජනතාව අමතනව ? හොඳම සීන් එක තමයි ඒ අස්සෙ ලේඩි ගගා නෝන කියනව ට්‍රම්ප් මරල හරි ජනපතිවෙන්ට කියල හිටං. ලංකාව වගේද ඇමෙරිකාවේ වෙන මෙව්ව 😂😂😂😂😜😜😜

    ReplyDelete
    Replies
    1. බුකියේ කොල්ලෝ නම් කිව්වේ මයික්‍රොසොෆ්ට් එකට ගිහින් වින්ඩෝස්වල එල්ලුනාය කියලා හිටන්...

      Delete
  33. ජුලියන් ගෙ මේ ඉන්ටවිව් එක පොඩ්ඩක් බලහන්කො.

    https://youtu.be/_sbT3_9dJY4

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න