.

.

Feb 20, 2017

මොන උක්තක්ද බං මේ රට...?



සැ: යු: "උක්ත" යනු කුණුහබ්බයක් නොවේ..

"උක්ත" "ආඛ්‍යාත" වීම භාෂාවේදි මෙන්ම, ජනවාරි 8 සිඳු වූයේ යැයි කියනා විප්ලවයක් තුල වුවද සිඳු වීමේ සම්භාවිතාවක් ඇත.. 


මිනිස්සුන්ට කන්න නෑ..
ලාබ හාල් කඩේ නෑ..
සතොසෙ පෝළිම්..
බොන්න වතුර නෑ...

සයිටම් එක තමයි තම්බලා බොන්න තියෙන්නේ
පාරක තොටක නිදහසේ යන්න නෑ..
හැමදාම, හැම තැනම පාරවල් වහගෙන උද්ඝෝෂණ..
රස්සාවකට රාජකාරියකට කොළඹ යන්න නෑ..
හැමදාම පාරවල් වහලා, ජල බවුසර් දාලා, වතුර ගහලා, කඳුළු ගෑස් ගහනවා
අයෝජකයන්ට සංචාරකයන්ට එන්නෙයි කියනවා
සුද්දෙකුට, ආයෝජකයකුට නිදහසේ යන්න බෑ..
ප්‍රධානම හෝටල් තියෙන පාරවල් වහගෙන,
පිට පළාත්වලත් එහෙමයි..
සුද්දෝ වරු ගනන් මහපාරේ..
හැමදාම උද්ඝෝෂණ, රැළි විරෝධතා..
ඒ මදිවට දන් අළුත්ම එක ඉස්කෝලවල "වෝක්ස්"..
මුළු පාරම උන්ට ඕන..
පොලීසියට තග දානවා ඇමතිවරු..
ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ..
දොස්තරලා සද්ද නැතිවම ස්ට්‍රයික්..

මේකටද යකෝ ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ...?
එක එක වේසාවන්ගේ..,
පොඩි පොඩි ප්‍රශ්ණ නිසා
බහුතරයක් පාරවල් වල පරිප්පු කන එකටද
එහෙම කියන්නේ..

මේකට නම් ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ...,
මේ වදේ නම් දැන් එපා වෙලා තියෙන්නේ..

මිනිස්සුන්ට සාධාරන මුදලකට කන්න දීපල්ලා
නිදහසේ පාරේ යන්න එන්න...,
වැඩට ගිහින් ගෙදර එන්න, හදා දියල්ලා

මහින්දට කෙල උනෙත්,
හොරා කාලා නෙමෙයි.. 
මිනිස්සුන්ගේ බඩට ගහලා...
දුප්පත් එකාට ටැක්ස් ගහලා...,
බල්ලොන්ගේ කෑම අඩුවට දීලා...

මිනිස්සු, හැම්, බෙකන්, චීස්, බීස්, උඩින්, පුඩින්, බාස්මති, කෝන් බීෆ්, ඉල්ලන්නේ නෑ
හාල්, පොල්, පරිප්පු, සීනී, හාල් මැස්සෝ, අල, ළුණූ ටික අඩු කරලා දියල්ලා..

මිනිස්සුන්ට තොපේ , විධායක බලේ, අධිකරණ බලේ, බලේ විමධ්‍යගත කිරීම, වියවස්තා, කොමිසන් සභා තියා පලාත් සභාත් වැඩක් නෑ

අත්‍යාවශ්‍ය කෑම ටික සාධාරණ මුදලකට මිනිස්සුන්ට දීලා..,
මිනිස්සුන්ට නිදහසේ පාරක තොටක යන්න හදලා දීලා

තොපි ඕන නාඩගමක් නටා ගනිල්ලා..

නැත්නම්..,

මිනිස්සු කවන පරිප්පු වල රස පේනවනේ...

මොකෝ අම්මට සිරි ලංකාවේ මිනිස්සු..,
අනික් රටවල මිනිස්සුන්ට වඩා බොහෝම වෙනස්... 

69 comments:

  1. නැතුව නැතුව අපි එහෙමයි.

    ReplyDelete
  2. මේකටද යකෝ ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ...?
    පොරජාතන්තරවාදේ....බම්බුව..

    ReplyDelete
  3. Not to worry, හාමුදුරුවො යමා මහ පෙලහර පෙන්නල බිග් මැච් තහනම් කොරාට පස්සෙ හරි යයි

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටියේ ඕ අයි සී, ටීම් එකත් එක්ක බස්සනවා කිව්වලු...

      Delete
  4. //මිනිස්සුන්ට සාධාරන මුදලකට කන්න දීපල්ලා//

    මිනිස්සුන්ට කන්න තියෙන තුට්ටු දෙකටත් නොවිද ඉඳපල්ලා
    කියලා තමා කියන්න තියෙන්නේ. රජය මිනිස්සුන්ට කන්න දෙනවා නෙවෙයිනේ. මිනිස්සුනේ රජය නඩත්තු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. බඩු අඩු වෙන්න නම් ටැක්ස් අඩු කරන්න එපාය.. අත්‍යාවශ්‍ය අහාරවලට බදු ගහන එකම රට,..

      Delete
  5. ටෞකණ්ඩ සහ පට්ටෞත්ති දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි..

    ReplyDelete
  6. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයො වෙන හින්ද පාංපිටි කන්නත් බෑනෙ.

    ReplyDelete
  7. //හාල්, පොල්, පරිප්පු, සීනී, හාල් මැස්සෝ, අල, ළුණූ ටික අඩු කරලා දියල්ලා..//

    ඇයි ගමේ පාරවල් ටික හැදීම, ජල පහසුකම් ලබා දීම, වැවක් දෙකක් පිළිසකර කිරීම වගේ දේවලුත් තියෙනවානෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල නම් ඒවා වෙනවා... කෑම තමයි ප්‍රශ්ණය...

      Delete
  8. රටක් දියුණු කරන්නනම් මිනිස්සුත් කැප කිරීම් කරන්න ඕන...ඒත් අපි කරන කැපවීම, ගෙවන ටැක්ස් වලට අවංක සාධාරණයක් වෙනවනම් විතරයි නියමාකාර සංවර්ධනය...මෙහෙ වෙන්නෙ හැම පුංචි තැන පටන්ම ගසාකෑම වෙන එකනෙ...දේශපාලකයගෙ පටන් පහළට අති බහුතරය බලන්නෙ කොහෙන් හරි රිංගලා වංචා සිදුකරන්න...අපේ රටේ බහුතර පොදු ජනතාවත් එහෙමමයි...

    ගිය ආණ්ඩුව වැටෙන්න එක ප්‍රධාන හේතුවක් වුණෙත් දරාගන්න බැරි බඩු මිළ...මේකටත් වෙන්නෙ ඒකම තමයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් විදියට කෑම ටික දීලා... පාරේ තොටේ යන්න නිදහස දීලා ඕන මඟුලක් කර ගත්තට මිනිස්සු මක්කත් කියන්නේ නෑ...

      Delete
  9. මහින්ද මහත්තයා, ප්‍රේමදාස මහත්තය ඉන්න කාලේ නම් මෙහෙම හැමදාම පාරවල් බ්ලොක් කරගෙන උද්ඝෝෂන නෑ.

    කලා නම් දුන්නා සොට් එක.

    අපි ඒ කාලේ ඒක වැරදියි කියලා මැරෙන්න හැදුවත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩි වෙද්දී එකේ පරිප්පුව කන්න ඕන අපිමයි.

    දෂ්ඨ නොකලත් පෙනේ පිප්පුවේ නැති නම් නයාව උනත් දරණුවට ගන්න සීන් එක තමා මේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ නය්යි හාමී ඇවිල්ලා හැම අහිගුංඨකයගේ නලා පාරට නටන පීචං නයෙක්..

      Delete
  10. අම්මෙ ඇත්තට එක එක කාලෙට එක එක එවා ඇදලා අරන් මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්නේ හංගනවා... තව ටික දවසක් ගිහාමනම් ඇත්තටම ක්‍රෝටන් තමා කන්න වෙන්නෙ... කෝ හාල් ?????????

    ReplyDelete
    Replies
    1. ක්‍රොටන් කොළ, කොස් කොළ, තේ කොළ තමයි කන්න වෙන්නේ...

      Delete
  11. දුක තමයි රන්ජනී

    ReplyDelete
    Replies
    1. චන්දේ තිබ්බොත් නම් බඩුම තමයි...

      Delete
  12. මිනිස්සුන්ගේ ඔළු වල ප්‍රාජාතන්ත්‍රවාදයක් පිළීබද අදහසක් නැති කාලයක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලාගෙන ටෞකන්ඩ පරිප්පු කෑමක් තමයි

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රජාතන්ත්‍රවාදද බං ගෝත්‍රිකයන්ට... කම්බා හොරුන්ට.. මිනීමරුවන්ට.. ත්‍රස්තවාදින්ට... උන් නම් ළද නිදහසෙන් මැක්සා ගන්නවා...

      Delete
  13. නල්ල මලේ ජනතාවක් අපිට ඇතේ
    සාරුවාට කතිරෙ ගහපු
    අත කොටාට ඔළුව නවපු
    චන්ද්‍ර පුෂ්‍ෂයාට මනාප දීපු
    අන්ත දූෂිත ජනතාවක් අපිට ඇතේ
    හොරු කුඩුකාරයෝ මිනී මරුවෝ
    එතනෝල්කාරයෝ ස්ත්‍රී දූෂකයෝ
    තම පාලකයන් ලෙස පත් කර ගන්නා
    කාලකන්නි ජනතාවක් අපිට ඇතේ

    ReplyDelete
    Replies
    1. මම නම් ජනතාවට දොසක් කියන්නේ නෑ... මොකෝ ඡන්ද ලිස්ට් හදන්නේ ජනතාව නෙමේ නේ... මොකාට හරි ඡන්දය දෙන එන ජනතාවට හිස නමා ආචාර කරන්න ඕන... ඒ නිසා තමයි පිස්සෝ එලවන්න හරි පුළුවන්...

      Delete
  14. කඳුලු ගෑස් රබර් උන්ඩ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට ඊලඟ අයවැයෙන් කොච්චර වෙන්කරන්න හිතාන ඉන්නවද දන්නෑ :)

    ReplyDelete
    Replies
    1. මහින්දත් ඒවා ගෙන්නලා තමයි ගෙදර ගියේ...

      Delete
  15. ඔව්වට රටේ ජනාදිපති තුමානම් කියන්නේ හිටං "මහින්දගේ කාලේ රටට අහිමි වී තිබූ නිදහස" කියලයි.

    හනේ අම්මප.! මොනවා කියන්නද,? හරක් උම්බෑ කියන්නෙ නැතිව උඩු බුරන්නද..??

    🙈🙉🙊

    ReplyDelete
    Replies
    1. උන්දෑ නිදහස කියන්නේ මහින්දට දීලා තියෙන නිදහස වෙන්ටෑ...

      Delete
  16. බලමු රැග් පිටින් දාලා සතියක් ඇදගන්න පුළුවන් වෙයිද කියලා... මහින්ද මාත්තියාට නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වත් තිබුනා ජාමෙ බේර ගන්න.මෙයාලට තියෙන්නෙ මහින්ද කුමන්ත්‍රණ ලු. එතනත් එලියට එන්නෙ බැරි කම.ජේ.වී.පී බිල්ලෙක් මවනවා... ඒකවත් හරියට මවා ගනීද චොර වෙලා සයිටම් සී.ඊ.ඕ වගේ රටෙත් නොහිට යන්න වෙයිද දල්ලෑ...
    ඒ මදිවට ලියුම්,කෝල් නැතුව රස්සා තියා පරස්සාවක් වත් සෙට් නොවෙන සීන් එකකට තල්ලු වේගන යන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒවා නවතින්න නම් සෑහෙන කාළයක් යයි...

      Delete
  17. දෙස්පලුවෝ හිතාගෙන ඉන්නේ අපිට ටෞකණ්ඩ සහ පට්ටෞත්ති දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි..කියලා හැබැයි දවසක තොපිට අපි කියලා දෙනවා ටෞකණ්ඩ සහ පට්ටෞත්ති දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ආරස්සාවයි..තොපිට කියලා ...
    එත් බැහැනේ බන් මුන්ට පාඩමක් උගන්න අපි ජන්දෙන් පරාද කරාට ලිස්ට් එකෙන් ආයා එනවනේ බන්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. එළවන උන් ජාතික ලයිස්තුවෙන් ආයේ ගෙනවා... ඕකට ජාතික ලයිස්තුව නෙමෙයි කියන්න ඕන.. එක්තරා ජාතියක ලැයිස්තුව කියලා...

      Delete
  18. රටට හෙන ගැහිලා ගියත් එක දවසට එක පචේ ගානෙ තිබුනොත් රටක් පාලනය කොරනවා කියන එක මහ ලොකු දෙයක්ද මාතලන් ගුරුතුමෝ.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් ඒකාබද්ධ මළබද්දේ ආන්ඩුවට කරනා සේවයට අපේ ප්‍රමාණය පිලිගන්වන්න ඕනා...

      Delete
  19. ඉන්ගිනේරු පිටේ නම් ජේස්ට ජෙප්පෝ නවකයන්ට හොදටම වද දීලා නිර්මාණ දැක්මකුත් තිබ්බලු දෙන්න පුළුවන් වද ටික ඔක්කොම දුන්නා. අචාර්යවරු මේ ගැන පොලිසියට වැඩේ බර දෙන්න සුදානම් කරලා සංගමේ ජෙප්පන්ට තර්ජනය කළාට පස්සේ ලෝකෙට පෙන්න පඩ ෂෝ ඉදිරිපත් කළාට දෙමවුපියෝ විදියට අපි කියන්නම් අපේ දරුවන්ට මොනවගේ වදද ජේස්ට කාලකන්නියෝ දුන්නේ කියල . තොපිට කවද හරි මේවට හෙන ගැහුවේ නැත්නම් බුදු දහම බොරු

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචියි දෙන්න තියෙන වද තිස් දෙකම දීලා කරන මවාපෑමක් කියලා...

      Delete
    2. ඇනෝ.. කොන්ද පන නැති දරුවෝ හැදුවාම කැම්පස් එකේ නවක වදෙන් බේරුනත් උන් රස්සාවකට ගිය දවසටත් වෙන්නේ කොහේ හරි ඉන්න කාලකන්නි මානසික රෝගී ලොක්කෙකුගෙන් ජීවිත කාලය පුරාම නවක වදයට එහා වදයක් විඳින්න. දරුවොන්ට උගන්නපල්ලා අසාදාරණයට එරෙහි වෙන්න. දෙමාපියෝ විදිහට ඉගෙනගනිලා තමුන් වියදම් කරලා උගන්නපු දරුවට වද දෙන්න බලන් ඉන්න එවුන්ට එරෙහි වෙන්න. උඹලාට කොන්ද පන තියෙනවද ඔය කියන කැම්පස් එක ඉස්සරහට ගිහින් ගේට්ටුව හරහට වාඩි වෙලා උන්ට එරෙහි වෙන්න..නෑ.. කොන්ද පණනැති කමට හෙන ඉල්ලලා දේවාල ගානේ පොල් ගහන වැඩක් නැහැ බං.. කොන්ද පන තියෙන එකෙක් විදිහට තමුන්ගේ දරුවට උගන්නන්න කොන්ද පන ඇතුව සමාජයට මුහුණ දෙන්න. කොන්ද පන තියන දෙමවුපියෙක් විදිහට තමුන්ගේ දරුවා වෙනුවෙන් මීට වඩා මැදිහත්වීමක් අවශ්‍යයි එයාලාට හසුරුවාගන්න බැරි සමාජ තත්වයන් වලදී. ඒ අතින් අඔයාලගේ දරුවනුත් ඔයාලත් බොහොම දුර්වල මිනිස්සු විදිහටයි මම දකින්නේ. හිත රිදුනානම් සමාවෙන්න.. මම නවක වදය හරි කියන එකේ නෙවෙයි මේ කිව්වේ.

      Delete
  20. ඔය ඉංගිනේරු පිටයේ තමා නවක වදය වැඩියෙන්ම තියෙන්නේ . අන්තරේ ඉන්න ජේ වී පි හැත්ත ඔක්කොම හොර හැදුනුම්පත් හදාගෙන ගජේ ගහගෙන ඉන්නේ අක්බාර් ශාලාවේ. දේශණ ඉවර උන ගමන් පාරෙන් අනිත් පැත්තට නවකයෝ දක්කාගෙන යන්නේ පෝලිමේ . සිස්ය සංගම් වල ඉන්න ඔලුව උදුම්මවා ගත්ත ජෙප්පෝ සිසුන්ට අමනුසිකව වද දෙනවා . අක්බාර් ශාලාවට විනයරක්සක නිලදාරින්ට ඇතුල්වෙන්න අළුගෝසු ජෙප්පෝ ඉඩ දෙන්නේ නැහැ . මේක පාලනය කරන්න රටේ නිතිය අනුව පොලිසියට හමුදාවට බර දෙන්න ඕන එහෙම නොවුනොත් කිසිම දෙමාපියෙක් තමාගේ දරුවා අනාගතයේදී පේරාදෙණියට එවන්නේ නැති වෙනවා . මෙම අමන සිස්යන සංගම් තහනම් කලොත් මෙම වැරදි වැඩ නවත්තන්න පුළුවන් එකට විශ්ව විද්යාකල පරිපාලනය වගේම අචර්යවරුත් එකට වැඩ පිළිවෙලක් යොදන්න ඕන මේක ජාතික අවස්ය්තාවයක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා කොන්දක් තියෙන පාලකයෝ පිරිසක් බිහිවෙන්න එපාය...

      Delete
    2. පාලකයින්ගෙන් සාධාරණය ඉල්ලලා පලක් නැහැ.. පීඩිතයින්ගේ කොන්දේ ශක්තිය නැති නිසා පාලකයින් දැක්කා නොදැක්කා ගානට සිටීම අනවශ්‍ය කරදර වලින් ඉවත්වී සිටීමක් විදිහටයි මම දකින්නේ.. පීඩිතයින් කොන්ද සවිමත් කරගතපු දවසට පාලකයින්ට කොන්ද තිබුනා හෝ නැතා හෝ තද තීරණ ගන්න සිද්ද වෙයි. එහෙම බැරි කොන්ද පන නැති වෙඋන් තනතුරු දාල යාවි..

      Delete
  21. පිරිසිදු අලි බෙටි 113 ක් තිබුනනම් “දියව්..“ කියනකොටම ඩෝං..පටෝරියං...මේ අවුරුදු දෙකට හාරපන්සීයකට බඩු පැකට්. මොකෝ අැමිනෙස්ටියෙන් කරදර ද.. ? යුරෝපා හවුලෙන් සම්බාධක ද..? මොනම අවුලක්වත් නෑ.
    අවාසනාවට අලිබෙටි 106 යි ඉතුරු ටික බුලත් අත්...

    ReplyDelete
    Replies
    1. අන්නේකයි... හොඳ වෙලාවට මිනිස්සු එකෙක්ටවත් පිස්සු කෙලින්න බලේ නොදුන්නේ... එහෙනම් ඉතින් මේ සිස්සයන්ට දෙයියන්ගෙම පිහිටයි... අපායේ ආරස්සාවයි...

      Delete
  22. තොපි ඕන නාඩගමක් නටා ගනිල්ලා..

    මාතලන් ඔය නාඩගම් නටන එවුන් ටික ගෙන්නලා උන්ට හොඳ උසස්ම සම්මාන උළෙලක් පවත්වලා කියක් හරි හොයාගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයාගෙන් තමයි අහන්න ඕන... මොකෝ හොඳ බිස්නස් කාරයනේ...

      Delete
  23. ///ඒ මදිවට දන් අළුත්ම එක ඉස්කෝලවල "වෝක්ස්"..
    මුළු පාරම උන්ට ඕන..///

    ඉස්සර කොළඹ අවට හරක් විතරයි ඕක කලේ, දැන් දැන් ගමේ ඉස්කෝල වලටත් ලෙඩේ බෝවෙලා...
    ඒ ගිය ගමනෙදී තමයි තෙවරක් පෙරාපු එකා පොලිසියට අනින්න අන්දෙක දික් කරන් ගිහින් තිබුනේ...

    ReplyDelete
    Replies
    1. එක්කෝ ඇඳිරි නීතිය දාලා කරන්නෝන... එතකොට මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නවනේ...

      Delete
  24. මාතලන්..
    අපේ රටේ මිනිස්සු 99% ක් දන්නේ නැහැ එයාල දුක් විඳිනවා කියල.. එක දන්නේ ලෝකෙට සාපේක්ෂව ලංකාව දකින බොහොම සුළුතරයක් විතරයි.. නිකමට බස් එකකට කෝච්චියකට නැගල එක එකාගෙන් අහගෙන ගියොත් ඔයාල දුක් විඳිනවාද කියල 90% ක් දෙනා කියන්නේ "අපොයි නෑ අපි තුන්වේල කාල සතුටෙන් ජීවත් වෙනවා " කියලයි..

    හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ. ඒත් උන් කියන්නේ රට පට්ට දියුණු උනා කියල. ඒ වගේම තමා යහ පාලනයත්.. විසිල් විතරයි.. බල්ටි නෑ.. ඒ වගේම රටට ව්‍යවසායකයින් ගෙන්නගන්න ඕන, රටේ මානව සම්පත දියුණු කරන්න ඕන කියන ජවිපෙ කියන්නේ සයිටම් එක වහන්න ඕන කියලයි.. උන් නිකමටවත් කියන්නේ නෑ සයිටම් එකේ ප්‍රමිතිය හදල රටට වැඩදායී ලෙස පවත්වාගත යුතුයි කියන එක. මේ ඔක්කොම කුණුහබ්බ බන්.. ඔක්කොම කරන්නේ හන්ගාගත්තු අරමුණක් සාක්ෂාත් කරගන්න ජනතාව මීමා කරන්න උත්සහා කරන එක විතරයි.මේ එකෙකුටවත්ජ ඕනෑකමක්න නැහැ ජනතාවගේ ජීවන ාතත්වය නගා හිටුවන්න.. ඒ තමා තිත්ත ඇත්ත.. ඉතිං ජනතාව දිය හැලියේ ඉන්න කකුළුවෝ හා සමානයි.. උන් දන්නේ නැහැ යටින් ගින්දර දාල තියෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා මචෝ... අපි පොඩි කාළෙට වඩා රට සෑහෙන දියුණුයි... ඒ දියුණුව අපි නම් දැක්කේ 1977 න් පස්සේ.. නමුත් 1994 දි ඒක නවතුනා.. ආයෙත් පටන් ගත්තේ 2009 ට පස්සෙ.. නමුත් එතන මහා ගසා කෑමක් සිද්ද උනා... මොකුත්ම උනේ නෑ කියන්න බෑ.. නමුත් අදටත් අවම පහසුකම් පවා නැති පිරිස වැඩියි.. උඹ කියනවා වගේ මිනිස්සුන්ට මහා සැප සම්පත් ඕන නෑ.. කාළා බීලා ඉන්න තියෙනවා නම් එච්චරයි.. ඉන්දියාවෙ එහෙම කෑම මාර ලාබයි... මම ජීවත් උන රටවලත් ආදායමට සාපේක්ෂව කෑම බොහෝම ලාබයි.. ඒත් මේ රටේ ගම්බ කරන ටික කන්න මදි.. ඒකයි කරුමය..

      Delete
    2. ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු හම්බුකරන එව්වයින් වැඩි කොටසක් වියදම් වෙන්නේ කන්න.. ඊය අමතරව ලංකාවේ මිනිස්සුන්ට කන්න ආනයනය කරන ආහාර ඔක්කොමත් කොලිටිය අතින් බාල ඒවා. ගිනි ගානට කන්න දීලත් ඒ දෙන්නෙත් බාල ජරාව.. ඒක අනික් ප්‍රශ්නය.

      රටට ආදායමක් නැතුව තනිකරම බදු වලින් යැපෙන රටක පැවැත්ම උදෙසා ජනතාවට බදු පිට බදු ගහනකොට ආහාර මිල ඉහල යන එක නවත්තන්න බැහැ බන්. මිනිස්සුන්ට නොකා ඉන්න බැරි නිසා උන් ලේසියෙන්ම බදු එකතු කරගන්න ආහාර වලට බදු පටෝනවා.. ඒත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තරම් මානව දයාවක් තියන එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවද????

      ප්‍රශ්න වලට දේශපාලුවන් පස්සේ ගියා ඇති බන්.. ඕක හරියට එළුවාගේ බිජ්ජ වැටෙනකම් බල්ලා පස්සෙන් ගියා වගේ වැඩක්.. රටට විකල්පයක් අවශ්‍යයි.. ඒත් මේ තියන දේශපාලන ප්‍රවාහයන් එකකින්වත් ඒ විකල්පය එලියට එන්නේ නැහැ.. ඒකයි කරුමය.. දැන් රටට කවුරු හරි රොබින්හුඩ් කෙනෙක් අවශ්‍යයි මේ හොර තක්කඩි ටික අපායට දක්කන්න.. ඉස්සරනම් ප්‍රභාකරන් හරි හිටිය.. ඌත් මරාගත්තයින් පස්සේ ඉතින් මුන් එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වැළඳලා උන්ගේ දරුවොත් වැලඳලා උන්ගේ දරුවොත් වැළඳලා රටම ඉවරයක් වෙනකම් බදු ගෙවමු.. කල්පනා කරලා බලහන් පේනතෙක් මානෙක විකල්පයක් තියෙනවද කියල..
      (ඔන්න උඹ අර කලින් ලිපියක කමෙන්ට් එකක ලියල තිබ්බ වගේ රාජිත ජනාධිපති වුනොත් විසඳුමක් ලැබෙයි කියලනම් කියල මාව හිනස්සලා මරන්න එපා..)

      උඹ ඔය නොමිනේට් කරන දේශපාලකයෙක් ගාව මාස හයක් රස්සාවක් කරලා සමීප වෙලා බලපන් ඔය ස්ටේජ් එකේ රට ජාතිය ජනතාව ගැන තියන කැක්කුම ඇත්තටම ඒ පපුවල් ඇතුලේ තියෙනවද කියල. ඒ සත්‍යය දකින්නනම් ඒ උදවිය ළඟ රැකියාවක් කරලා බලන්නම වෙනවා.. වෙන කුමනාකාරයෙන් ලං උනත් එයාලගේ සත්‍ය ස්වරූපය එයාල එලියට පෙන්වන්නේ නැහැ.

      Delete
    3. මම සමාන්‍යයෙන් සුබවාදීව හිතන එකෙක්... මම හිතනවා රනිල් හා සිරිසේන සුසංයෝගය රට ගොඩ දායි කියලා... අපි මල පැනලා මක්කා කීවත සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙක්...

      Delete
    4. ///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ.///
      mewa prasiddhiye kiyanna epa ban. Poddak hari molayak thiyena toyi janathaawa ellilaa marei lajjaawata...

      Delete
    5. ///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ.///
      mewa prasiddhiye kiyanna epa ban. Poddak hari molayak thiyena toyi janathaawa ellilaa marei lajjaawata...

      Delete
  25. ඊළඟ වතාවේ මම නම් ජනාධිපති කරන්න කියන්නේ රංජන් රාමනායකව

    ReplyDelete
    Replies
    1. අපි නම් මේ දවස්වල චතුර සේනාරත්නට වැඩ...

      Delete
  26. උක්තයක් සහ ආඛ්‍යාතයක් නැති පාලනයක්.

    ReplyDelete
  27. මන් කාලයක් ජපානෙ වැඩ කරා. ජපානෙ අපිට වඩා සිය ගුණයක් දියුණුයි කියල අහන්න දෙයක් නෑනෙ. ඒත් ජපානෙ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ සමහර පැති වලින් ගත්තම ලංකාවෙ උන්ට අන්තයි. ඇත්තම කිව්වොත් ලංකාවෙ උන් අඩු පඩියට වඩ කරත් ජොලියෙ ඉන්නව. ඒත් එහෙ මිනිස්සුන්ට ජීවිතයක් නෑ. පාන්දර නැගිටල වැඩ පටන් ගත්තම ඊළග දවසෙ එළි වෙනකන් උනත් වැඩ කරන්න වෙනව. වැඩිපුරම ගෑනු අයගෙ ජීවන තත්වෙනම් ලංකාවට වඩා හුගක් අන්තයි. ලංකාවෙ සමහර ආයතන තියනව රෑ වෙනකන් වැඩ තියනව එහෙම උනත් ගෑනු අයට වේලාසන යන්න දෙනව. ඒත් ජපානෙ එහෙම යන්න දෙන්නෙ නෑ. ගෑනු අයට කියල කිසිම සැලකිල්ලක් නැති රටක් ජපානෙ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ... අපේ උන් පට්ට කම්මැලියෝ...

      Delete
    2. උඩ ඇනෝ කියල තියන කතාවෙ ඇත්තක් තියනව. මාතලන් කියල තියන කතාවෙත් ඇත්තක් තියනව ඒත් මේ දෙකම සම්පූර්ණ හරි කියන්න බෑ. මන් පිළිගන්නෙ නෑ ලංකාවෙ හැමෝම කම්මැලියි කියල. ඒත් ඔය ඇනෝ කියල තියන විදිහට ලංකාවෙ ගෑනු අය හුගක් වැඩ වලින් මගහරිනව. ඒත් ජපානෙ එහෙම කරන්න බෑ. පිරිමි අය ගත්තොත් ජපානෙට වඩා අපේ පිරිමි මහන්සි වෙනව. ඒත් ගෑනු අය ලංකාවෙ හුගක් මහන්සි වෙන්නෙ නෑ මොකක් හරි වැඩක් ලේසියෙන් කරල ෂේප් වෙන්න බලන් ඉන්නෙ. ලංකාවෙ ජනගහනයෙන් භාගෙකට වඩා ටිකක් වැඩියෙන් ඉන්නෙ ගෑනු. ඒ කියන්නෙ ජනගහනයෙන් භාගෙකින්ම වැඩක් නෑ අපේ රටේ. ඔය වඩ කරනවයි කියල ඔෆිස් වල පොඩි පොඩි වඩ කරන ගෑනුන්ගෙන් මහ ලොකු දායකත්වයක් නෑ. පිරිමි අය වෙන මහන්සියෙන් තමා මේ රට දුවන්නෙ. රටේ භාගෙක දායකත්වයක් නැති හින්ද තමා අපේ රට දියුණු නැත්තෙ. ඒත් ජපානෙ ගෑනුන්ට ගෙවල්වල ඉන්න බෑ. වැඩකරන්න ගත්තාම අපේ වගේ ගෑනුන්ට කියල වැඩියෙන් සලකන්නෙ නෑ තමා. ඒක හින්ද ජපානෙ වගේ රටවල ගෑනු අය ලංකාවෙ කම්මැලි ගෑනුන්ට වඩා හුගක් ඉස්සරහෙන් ඉන්නෙ. රටේ ජනතාවගෙන් 100% දායකත්වය හම්බ වෙනව. ජපානෙ දියුණුවෙ රහස ඒකයි. ලංකාවෙ අපේ පිරිමිම නැහි නැහි ගෑනුන්ව හුරතල් කරනව. කතාවක් තියෙන්නෙ ලංකාවෙ මොනා කරත් වැඩි තැන සායටයි කියල. ඒත් සුද්ද 'ලේඩිස් ෆස්ට්' අතෑරල හුගක් කල්.

      Delete
    3. AnonymousFebruary 22, 2017 at 3:42 PM
      ගනු කඩුව... එනු සටනට්!!!!
      හුහ්... අපිට එහෙම කියන්ඩ??? හුහ්

      Delete
    4. ලැජ්ජා හිතෙන කුණුහබ්බ කතා කියන්නෙපා ඇනෝ... අම්මට සිරි ලංකාවේ ප්‍රධාන ආධායම් මාර්ග සියල්ලම කාන්තා ශ්‍රමය.. ගෘහ සේවය, ඇඟළුම්, තේ හා වතු වගාවන්... මෙහෙම තත්වයක් තියාගෙන ගෑණු අය හෑල්ලු කරන්නේ මෙලෝ හසරක් නොදන්නා මිනිස්සු...

      Delete
  28. ප්‍රශ්න අමතක වෙන්ඩ මාතලං අයියා චතුර සේනාරත්නගේ කතාවක් බලලා දොයිය ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. අපි බුකියේ වෙනම විප්ලවයක් කරනවා ඒ වෙනුවෙන්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න