.

.

Dec 1, 2018

සිරිසේන පිස්සෙක්ද? - Is it Siresena or The constitution



රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)

රට හදන්නට ආ හැත්ත කළේ කුමක්ද කියා අද වන විටත් නොතේරෙන ගොනෙක් ඉන්නවා නම්, ඌ මී හරකෙක් විනා වෙන මොකෙක්කත් නොවන්නේය. රනිල් හා සැටලයිට් නෝනා නටන්න යන සෙල්ලම හොඳින්ම අවබෝධ කොට ගත් සිරිසේන, මේ ගේම අත ඇරියේ නැතිය. ගේමට මුහුණ දීම සඳහා රනිල්/සැටලයිට් පන්තිය හා සිවිල් බුවාලාට එදිරි සෑම කෙනෙක්ම සිරිසේන ඉතා ආසාවෙන් වැළඳ ගත්තේය. 

මාතලන් මේ ලිපියෙන් ලියන්නට අදහස් කරන්නේ, සිඳු වූ සිද්ධි දාමයවත් විය හැක්කේ කුමක්ද කියාවත් ලියන්නට නොවේය. මා ලිවීමට උතසාහ කරන්නේ, 2015 ජනපතිවරණ දේශපාලන වේදිකාවේත් නොගැසූ පරිදි, මේ අවස්ථාවේ සිරිසේන වෙත දමා ගසමින් තිබෙනා මඩ කන්දරාව ගැනය. 

2015 වේදීකාවේ සිරිසේනට මඩ ගැසූ උන්ගේ ප්‍රධාන ප්‍රහාරයන් වලින් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ, සිරිසේන පෙන්දෙකු මෙන්ම රාජ්‍ය නායකත්වයට  නුසුදුසු, පෞර්ෂයක් නොමැති පුද්ගලයකු යැයි කියනා එකය. ඒ හැර ඔහුගේ පෞද්ගලිකත්වයට එල්ලවූ චෝදනවා වන් වූයේ හොර අඹුවක් පිළිබඳ ගොසිප් එක පමණය. 

අද මෙන්, ඔහුගේ ජන්මය ගැනවත්, ඔහුගේ පවුල් පසුබිම පිළිබඳවත්, ඔහුගේ හැසිරීම පිළිබඳවත්, ඔහුගේ ඉන්ගිලිස් නොලේජ් එක පිළිබඳවවත්, ඔහුගේ උගත් කම පිළිබදවවත්, ඔහු කළ රැකියාවන් පිළිබඳවවත්, ඔහුගේ දරුවන් කෙරේවත් කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට, එජාපයේ ගොබ්බ අලීන්ට වඩා මුඛරි බවෙන් අනූන, මඩ කරියන් වත් එදා පෙලඹුනේ නැතිය. අද මඩ ගසනා මේ සියල්ලන්ගේම සුපර් මෑන්ද, ඉස්පයිඩර් මෑන්ද, මෑන් ඔෆ් ද මැච්ද වූයේ පොලොන්නරුවේ ගමරාළය. 

එහෙත් අවුරුදු හතරකට කිට්ටු කාළයක් කිසිවක්ම රටට නොකොට, "රාජපක්ෂ ජීවිත" ගත කරන්නට ගිය ගොබ්බ අලින්ට කෙළ වූවාට පසු, වැදගත් දේශපාලකයෙක් යැයි කියන මංගල, රටේ නායකයා හඳුන්වන්නේ "පර බල්ලෙකු" ලෙසය. ඒ තමන්ගේ ආතල් කුඩු වූ නිසාවෙන්මය.

ඔවුන් සිතුවේ සිරිසේන නොම්මර එකේ මෝඩයෙක් යැයි කියලාය. ඔවුන් උත්සාහ කළේ සිරිසේනගේ තටු කපා දමමින්, අප රටට කිසිඳු උදව්වක් උපකාරයක් නොකරන, බටහිර බලවේග හා දෙමළ දේශපාලුවන්ට අවශ්‍යව තිබෙනා, න්‍යායපත්‍රය ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමය. 

කිසියම්ම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදි කැටගරියට නොවැටෙනා, 19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ගෙන එන අවුරුදු 4 ක් හා මාස 6 ක් යන තෙක් ආන්ඩුව විසිරුවා හැරීමේ බලය, ජනපතිගෙන ඉවත් කිරීමේ යෝජනවා සම්මත කර ගත්තේ, සිරිසේනට කෙලීමටත්, තමන්ට ආතල් ගැනීමටත් බව හොඳින්ම වැටහෙන්නේ, තමන් බලයට පැමිණි දිනක අවශ්‍ය නම් එහෙම එකක් නැතයි කියා ඔප්පු කිරීමටද ව්‍යවස්ථාවේම තුලම ඉඩ කඩ සලසා දී තිබෙනා නිසාවෙන්මය.

සිරිසේනගේ සදාචාරය ප්‍රශ්ණ කරනා අමු මී හරකුන්ගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ, මේන් මේ වගන්තිය කැඩුවේ කොහොමද කියනා එකය. මහ මැතිවරණ වලට මුදල් නාස්ති කරන්නේ කෙසේද කියනා එකය. එහෙම නම් හැමදාම මැතිවරණ තියන්න් ඕනාද කියනා එකය. රටට ජනතාවට මෙලෝ හසරක් නොකර තමන්ගේ ආතල් වලට පමණක් සියළු මුදල් භාවිතා කරමින් රාජපක්ෂ පන්නයේ පාලනයක්ම ගෙන යන්නේ නම්, උන් රාජපක්ෂලා නොව වික්‍රමසිංහලා වූවත් අනිවාර්යයෙන් එලවා දැමිය යුතුමය. 

මේ ප්‍රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැණීමක් නැති සියල්ල දත් කියා සිතා රඹ ටෝක් ඉෂූ කරනා පොල් බූරුවන්ට කීමට ඇත්තේ, මෑත ඉතිහාසයේ ජපානය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේම මැතිවරණ ගැන විපරමක් කරපල්ලා කියනා එකය. අනෙක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය. 

එයට ව්‍යවස්ථාව ප්‍රතිපාදන නැත්නම්, අලුතෙන් නීතී පනවා හෝ ඔවුන් එලවා දැමිය යුතුමය. තමන්ට වසර දෙකක් තිබෙද්දි මහින්ද ජනපතිවරණයකට යන්නේත් මේ නිසාමය. තම රජය ජනතාව අතර අප්පිරිය වී ඇති බව තමන්ට හොඳින් වැටහුන නිසාවෙන්මය. ඒ අනුව ජනාධිපති වරයා කර ඇත්තේ සධාචාර නොවූවත් ඉතාම නිවැරදි ක්‍රියාවක්ය. 

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන රඹ ටෝක් දෙන ජෙප්පෝ, ඔක්තෝබර් 23 වනදා පක්ෂයේ සියල්ලෝම කොටුව ඉට්ටේසම ඉදිරයට ගෙනවිත් සිරිසේනට කිව්වේ, කිසිවක්ම නොකරන, රට විකුණන, පට්ට ෆේල් ආන්ඩුව ගෙදර අරින්නෙයි කියලාය. එහෙම කියපු උන් අද කතා කරන්නේ පුකෙන්ද කියා ජෙප්පන්ගෙන් අහන්න වෙන්නේ, බොහෝම කනගාටුවෙන්ය. 

සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් මාතලන්ගේ හිතවතුන්ය. ඒ අතරින් සිරිසේනගේ පෞද්ගලිකත්වයට පහර ගහන පිරිස හොඳින් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ, මේ පිරිසම ප්‍රේමදාස මහතාටත් මෙලෙසම පහර ගැසූ පුද්ගලයන් බවත්, ඔවුන් සමාජයේ නියෝජනය කරන්නේ සිරිසේනගේ හා ප්‍රේමදාසගේ පන්තිය බවත්ය. 

මහා ළොකු සභ්‍යත්වයක් සදාචාරයක් කතා කරනා මිනිසුන් කිසි දිනෙක තවත් මිනිසෙකුට ගරහන්නේ නැතිය. පරිබව කරන්නේ නැතිය. එය ඊයේ, ගොම්මන්පිල අනුර කුමාර උපන් ලපයක් සහිත බල්ලෙකුට උපමා කිරීමේ සිට අනෝමා ජනාදරීගේ නිරුවත ගැනත්, ප්‍රේමදාස අඩු කුළේ ලැවරියා කාරයෙක් බවටත්, සිරිසේන නූගත් ඉන්ගිලිසි බැරි ග්‍රාමසේවකයකු දක්වාත් විහිදි යන්නේය. 

මහින්ද යටතේ ජීවත් වීම වැඩවසම් පාලනයක් ලෙස හඳුන්වනා මොවුන්, රනිල්ලා යටතේ ජීවත් වීම සලකන්නේ ආඩම්බරයක් ලෙසය. එයට හේතුව ටොයි මානසිකත්වය හැර වෙන කිසිවක් නොවේය. උන් හිතන්නේ, ටයි කෝට් ඇද, රෙස්ටුරන්ට් වල කා, තමන්ට ඕනෑම දෙයක් කර, ඉහළ පන්තියේ උන් ගැවසෙන තැන්වල බඩට නොකා, වින්ඩෝ ෂොපින් කර, එය පොතක් මගින් හෝ චිත්තරපටියක් මගින් හෝ නාට්ටියක් මගින් හෝ අඩුම තරම ෆේස් බුක් එකේ හෝ දමා, අපි මාර රැඩිකල් ඩෝ අපි ඇවිල්ලා ටොයියෝ කියා පෙන්වීමය. 

මුන්ට රනිල්ලාට සැටලයිට්ලාට වාගේ ඉන්ගිරිසියෙන් හිතා නියමාකාරයෙන් කඩ්ඩ වැනීමටත් බැරිය. ඒ නිසා සිරිසේනගේ දෙපැත්ත කැපෙන කඩුවෙන් වැනුවාම, මුන් කෑළී කෑළී වලට කැපිලා යනවාය.

ඇත්තම කතාව නම්, රනිල්/සැටලයිට් සමාජයට ගොඩ වීමට, රටේ ජනපතිවරුන් වූ සිරිසේන හා ප්‍රේමදාසලාටවත් නොහැකි බවය. එය ඈත අතීතයේ සිට පැවතෙනා උරුමයක්ම පමණි. ඇත්තටම මාතලන් මුන් හඳුන්වන්නේ "පුකේ රැඩිකල්" කාරයෝ කියලාය. උන්ට කොල්ලෙක් පුක එලියේ දමා බුකියේ පොටෝ දැමීමත් මාරම රැඩිකල්ය. උන් දෙන්නාගේ පුක නැති වෙන කොට අර රැඩිකල් කස්ටියගේ පුකත් නැතිය. උන් පැත්ත පලාතේත් නැතිය. 

සිරිසේනට ඉතාම තුච්ඡ ලෙස මඩ ප්‍රහාර එල්ල කරන්නේ, මෙන්න මේ ටොයි ෆැන්ටසියේ ජීවත් වූ නොම්මර එකේ අලි බයියන්ය. උන්, උන්ගේ වෙඩින් දවසේ හෝ හතර අතේ ණයවී, තරු පහේ හෝටලයකින් කා, කුලී ලිමෝසියෙන් හනිමූන් ගොස්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් රට සවාරි ගසා, අපි ඇවිල්ලා මාර ටොයියෝ කියා කියනා නොම්මර එකේ බයි හිඟන්නන්ය. සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම, මේ අලි බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනා කාරණයක් බවට පත් වෙලා තියෙනවාය. 

අනෙක් පිරිස ආර්ථික වශයෙන් ශක්තිමත් වූවත්, තමා කුඩා කළ විඳි දුක්බර කර්කෂ දරිද්‍රතාවයෙන් පිරි කාළකන්නි ජීවිත වලට වෛර කරනා, මානසික අර්බුධවලින් හෙබි පුද්ගලයෝය. සිරිසේනගේ එදා ජීවිතය යලි ඉස්මතු කරමින් පහර ගසන පිරිස අතර මොවුන්ද ඉදිරියෙන්ම ඉන්නේය. අනෙක් පිරිස මක්කුන්ද කියා ගාමිනි වියන්ගොඩ, සරත් විජේසූරිය හා දඹර අමිල හිමි දීලා තිබෙන ගේම් වලින් යස අගට පෙනෙන්නේය. 

සිරිසේන පිස්සෙක් කියනා මුන් සියල්ලන්ටම පුකේ ඉදන් පිස්සුය.

මේ සියල්ලන්ටම මළ පැන ඇත්තේ තමන්ගේ ෆැන්ටසි කුඩු වූ නිසාය. 

සිරිසේන සාමාන්‍ය පන්තියේ මිනිසෙකි. මහා විප්ලව තුලින් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීමය. ඉදින් සිරිසෙන වැනි පුද්ගලයකුට විධායක බලය හෙවත් රජකම ලැබීම ගැන 2015 දී සේම අදටත් අප ආදම්බර විය යුතු දෙයක්මය.

ඔහු පිස්සු කෙලියේ නම් දේශපාලන වශයෙන් ගත හැකිව තිබූ හොඳම තීරණය වූයේ, විපක්ෂයේද සහාය ලබා ගෙන දෝශාභියෝගයක් තුලින් ඔහු ඉවත් කිරීමය. එහෙත් දේශපාලන නූල් සූත්තර වල ජේ ආර් ප්‍රේමදාස හා මහින්දටත් එහා ගිය මෛත්‍රිපාල සිරිසේන, අර සුපිරි පන්තිය පරදා ජග ගත්තේය. එය නීතියට අනුකූලද නැද්ද යන්න, දෙසැම්බර් 7 වනදා ලැබෙනා තීන්දුවෙන් ලොව සියල්ලන්ටම දැන ගනීමට ලැබෙනු ඇත. 

30 comments:

  1. චිත්‍රයක් බලල රසවිඳින්න කියනව ඒකෙ පැත්තක් අතින් වහගෙන.

    ReplyDelete
    Replies
    1. පැත්ත ලියන්න ඕන තරම් ඉන්නෙ බං

      Delete
  2. කවුරුත් කියවන්නේ නෑ බං උබේ පල් හෑලි. පව් තමුසේ නිකං පුක ඉරාගෙන ලියනවා.

    ReplyDelete
    Replies
    1. උඹ කියවනවා නේ .. ඒ ඇති හොදටම

      Delete
  3. මාතා,

    මෙතන වෙන්න ඕනේ දේ සරලයි මහින්දගේ පවුලේ නඩු ඉවත් කරගත්තනම් මහින්ද කිසි කතාවක් නැතිව අවුරුද්දක් ඉවසනවා.

    රනිල් සජිත්ට අගමැති කම දුන්න නම් (පක්ෂ නායක කම නෙමෙයි ) රටේ මේ පවතින ප්‍රශ්නය නැති වෙනවා.

    ඇමරිකාවට සහ ඉන්දියාවට මේ වෙලාවේ ඕනේ චිනේ අතට ලංකාවේ සම්පත් යාම වැලක්වීමයි. ඒ කියන්නේ හිගන මට්ටමේ ලංකාව තබාගැනීමයි.

    චීනයට ඕනේ ලංකාවේ වැදගත් ස්ථාන අත්පත් කරගෙන ලෝකයේ බලවතා වීමයි. මෙය ලාංකිකයකුගේ පැත්තේ සිට බැලුවොත් චිනේ විශාල ලෙසවිදේශ වෙලදාම් යුරෝපයට සපයනවා නම් ලංකාව ට ආර්ථික දියුණුවක් ලැබෙනවා, මෙහිදී ලංකාවේ සම්පත් දක්ෂ ලෙස පාවිච්චි කරන්න පුළුවන් රජයක් අපට සිටියානම් අපට ලැබෙන ප්‍රතිලාභ දැන් ලැබෙන්න නියමිත ප්‍රමාණයට වඩා 100000% පමණ වෙන්න පුළුවන් නමුත් අපට හොහෙද එහෙම දෙසපලුවෝ.

    කොහොම උනත් ඉදිරි වසර ලංකාවේ පුරවැසියන්ට ඉතා අවාසනාවන්ත කාලයක් වෙයි නමුත් මේ කාලයේ ඉදිරි වසර 3ක පමණ කාලයකදී ශ්‍රී ලංකාව මේ තියන මඩගොහොරුවෙන් එලියට එයි කියල මට හිතන්නේ, ඉදිරි වසර අවසානයේ හොදින් හෝ නරකින් චීනය තම සංවර්දන වැඩ වේගවත් කරන නිසයි.

    ReplyDelete
    Replies
    1. චීනයේ විතරක් නෙමෙයි ඉන්දියාව හා සිංගප්පූරුවේ සහායත් ලැබිලා රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා ලංකාව ගොඩ එයි කියලා මටත් හිතෙනවා..

      Delete
    2. //රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා// යකෝ දැන් රාජපක්ෂලා සිරිසේනලා හිගන්නොද ?

      Delete
    3. Lanka Sithuwili: You are a number one fool. "ඇමරිකාවට සහ ඉන්දියාවට මේ වෙලාවේ ඕනේ චිනේ අතට ලංකාවේ සම්පත් යාම වැලක්වීමයි. ඒ කියන්නේ හිගන මට්ටමේ ලංකාව තබාගැනීමයි.

      චීනයට ඕනේ ලංකාවේ වැදගත් ස්ථාන අත්පත් කරගෙන ලෝකයේ බලවතා වීමයි. " කොහොම උනත් ඉදිරි වසර ලංකාවේ පුරවැසියන්ට ඉතා අවාසනාවන්ත කාලයක් වෙයි නමුත් මේ කාලයේ ඉදිරි වසර 3ක පමණ කාලයකදී ශ්‍රී ලංකාව මේ තියන මඩගොහොරුවෙන් එලියට එයි කියල මට හිතන්නේ, ඉදිරි වසර අවසානයේ හොදින් හෝ නරකින් චීනය තම සංවර්දන වැඩ වේගවත් කරන නිසයි.

      Delete
  4. මනින්දගේ කාලේ 2015 ජනවාරි 08 පෙර සිට සිරිකොතට කඩේ ගොස් 2015 වසරේ හොදම බ්ලොග්කරු වශයෙන් සම්මාන [ නෙලුම්යය ලිකෙලි මගුලෙන් ] අබිශේක ලබාගත් මාතලන් සිරිකොත සමනල පහසින් තමන්ගේ 3 අප්‍රාන කරගෙන දැන් අපි ඕවට නෑ අපිට ඕවා නෑ කියන තියරියෙන් දැන් එලවටත් නැති මෙලවටත් නැති බයිලා කියයි

    ReplyDelete
  5. උඹ හරි බන්..

    කතා දෙකක් නෑ ...

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදත් උන්නෙ හරි පැත්තේ. අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්.

      Delete
    2. මම රටට ආදරේ නෑ මම ආදරේ ගෑණුන්ටයි, සමහර ෂීමේල් ලටයි විතරයි.

      Delete
    3. ගෙවලයෝ කවදාද හරි පැත්තේ උන්නේ යහපාලනය ගෙන්න ලියලා ඉවරවෙලා 2015 පාර්ලිමේන්තුවේ චන්දෙදි ලාල් කාන්තට කතිරේ ගහලා ඇවිල්ලා කිව්වේ මොන බයිලාද

      මාමණ්ඩියට පින් සිදුවෙන්න ඉගෙනගත්ත හදහන් බැලිල්ල කරගෙන ඌබෙත් හදහන බලාගෙන ද මේපාර කඩේ යන්නේ ...අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්. අනේ පුක පොඩ්ඩක් පෙන්නපන්කෝ පිදුරංගල යන්න ඕනේ නෑ. ඕක වන වෙලාද කියලා බලාගන්න රටටම

      Delete
  6. තු නොදකින් පුකේ රැඩිකල්

    පක්කලි කම් ලියලා කොමන්ට් මොඩරේට් කරලා අහන ඒවාට උත්තර දෙන්න බැරි පද්දෝ

    ReplyDelete
    Replies
    1. තොපි වගේ කොන්දක් නැති පොන්නයන් ඉන්නා තාක් කොමෙන්ට් මොඩරේට් වෙයි..

      Delete
  7. දඹර අමිල
    වියන්ගොඩ ගාමිණී
    විජේසුරිය සරත්
    මෙපමන කලක්
    අපට පෙන්නුවේ
    ලිට්‍රෝ ගෑස්ද?

    ReplyDelete
  8. මාතලන් 2015 යහපාලන ජයග්‍රහණය පිටුපස ඇමරිකාව, යුරෝපේ වගේ අදිසි බලවේග රැසක් හිටියා. බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.

    ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්‍යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්‍රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා. ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

    නමුත් ඔවුන්ට යමක් වැරදුනා, 33 (2) වගන්තිය අනුව ජනාධිපත්වරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

    අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

    අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි, මේ වෙලාවේ කිසිසේත්ම නැහැ. ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරනයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

    ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණය 2019 එන්නෙ නැහැ.

    අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා. ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දිය යුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට.

    නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ අන පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි.

    ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

    දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව. අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ.

    නමුත් ජනතාවට මහින්ද රාජපක්ෂවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමවත් මේ ආකාරයට බලයේ සිටින්නට අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය මැතිවරණයකට යන්නයි.

    ලංකාවේ ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා ගැනීමටයි අවශ්‍ය.

    //මාතලන් කවදත් උන්නෙ හරි පැත්තේ. අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්.//

    ++++++++++++++++++++++++++++

    Same to us (the majority of silent Sri Lankan citizens)

    ReplyDelete
  9. නියම විග්‍රහ කිරිල්ලක් මාතා, සරළව කිව්වොත් ඡනපති තිබුන මොනයම් හෝ බලයක් නැති කරනවා නම් 2/3 සමග ඡනමත විචාරණයකින් සම්මත විය යුතුය.

    4 1/2 ක් යනකං පාර්ලිමේන්තුව විසුරවන්න බෑ කියන එක කිසිම ඡනමත විචාරණයකි්න් සම්මත කර ගෙන නෑ, ඒ නිසා තමයි 32 (ඇ) වගන්තියෙන් (අමතරව) කියන වචනේ දාලා ඡනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බලය දීලා තියෙන්නේ, මේක ටික නොතේරෙන්නේ මැතිවරණවලට බය බූරුවන්ට විතරයි.

    ReplyDelete
  10. හොරා බව දැන දැන
    රවිය පසුපස ගිය
    දඹර තැන
    ගෑස් ගඳ නාගෙන
    වැඩ සිටී
    ඇඩ්රස්ද නැති තැන

    ගියොත් කවුරුහරි
    රවියගෙ අඩිපාරේ
    ගියාවගෙයි
    උරුලෑවා ගියපාරේ

    ReplyDelete
  11. Machang, you are 100% correct about 'Mr Sirisena ta mada gaseema' Luckily most of these Toyyo can't write in English (else we will be international laughing stock). I am not joking people read these comments to measure up Sri Lnakns.

    These buggers can't remember yesterday. I did not vote Sirisena in (they did) but he is head of state today, he should be respected. Like you said if he is mad, all the f****rs elected him is even mad.

    Bottom line is Sirisena Samanala Fantasy yata gal kapuwa (eka hari ne machang, neda meya)
    Meeta Sirisen bro.

    ReplyDelete
  12. අපි කවුරුත් පාට කන්නාඩි ගලවලා බලන එක නේද හොඳ?

    ReplyDelete
  13. උඹ කියන දේ ඇත්ත මචන්..
    සිරා මෝඩයෙක් නොවෙයි..

    සිරා වගේ පොරක් එක්ක වැඩ කරන බැරි උන
    රනිල් ගොබ්බයෙක්ම තමයි.

    ReplyDelete
  14. රැඩිකල් මාත 2035 දී නාසා ආයතනයෙන් කරන්න යන අඟහරු ජනාවාසකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස දැනටමත් ‍තෝරාගෙන පුහුණුව ලබන තාරුක රාමසිංහ පුංචි පුතා ගැන මුළු රටේම කතා බහට ලක් වෙලා.

    තාරුක වයස අවුරුදු 5 දී ඇමරිකාවේ කැලිෆෝනියා වලට පිටත් වුණේ ඔහුගේ පියාට එහි සමාගමකින් ලැබුණ ඉංජිනේරු ‍රැකියාව නිසයි. එදා ඉඳන් ඔහු පාසල් අවසන් වීමෙන අනතුරුව පියාගේ සමාගමේ තමයි කාලය ගත කළේ. සුපර්ශීල්ඩ් නැමති එම සමාගම නාසා ආයතනයේ සුපර්සොනික් ජේට් නිපදවන කරන සමාගමක්.

    කතාව දිග් ගැස්සෙන නිසා ඉතිරිය කෙටියෙන් කියන්නම්. අවුරුදු 8 දී සැහැල්ලු ගුවන් යානා ලයිසන් එක ගත්තා. දැන් ඔහුට වයස අවුරුදු 14 යි. එයාර්බස් 380 නැමති දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවේ ලයිසන් ඔහුට දැන් තියෙනවා. කැලිෆෝනියාවේ මිනිසුවිච් යුනිවර්සිටි එකෙන් මේ වනකොටත් ඔහුට ඩිප්ලෝමා එකක් තියෙනවා. වයස අවුරුදු 16 වෙද්දී ඔහු සිය ප්‍රථම උපාධිය B.Eng අවසන් කිරීමට නියමිතයි.

    ඔහුගේ අසාමාන්‍ය හැකියාව ගැන ආරංචි වුණ නාසා ආයතනයේ පයිලට් කමාන්ඩර් ඉන් චීෆ් ඩොක්ටර් ස්ටීවන් ඇලෙක්සැන්ඩර් මහතා තාරුක ගැන අධ්‍යයනය කරලා ඔහුව නාසා ආයතනයේ විශේෂ පුහුණුවකට බඳවා ගත්තා. ඒ අන් කිසිවක් නෙමෙයි 2035 දී අඟහරු ජනාවාසකරණයේ සාමාජිකයෙක් විදිහට පුහුණු වීමටයි.

    වයස අවුරුදු 5 දී ශ්‍රී ලංකාවෙන් පිටත් වුණත් තාරුක ඉතාමත් චතුරව හෙළ බස කතා කරනවා. ඔහු කියල තියෙනවා තමන්ගේ මව් බසින් පළමුවරට අඟහරු ග්‍රහයාගේ සිට මුළු ලෝකයම් අමතමින් විශේෂ ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා.

    හෙළයො කියන්නෙ උපතින්ම අසහාය දක්ෂතාවයකින් හෙබි පුදුමාකාර මිනිස්සු. මේ බව ගොඩක් අය දන්නේ නෑ. එදා අරිසෙන් අහුබුදුවන් හෙළයින්ගේ අසහාය දක්ෂතාවය ගැන කියද්දී මේ රචකයා ඊට සිනා සුණා. ඒත් අද ඔහු එදා කී දේවල් ඇත්ත බව වැටහෙනවා.

    ReplyDelete
  15. මාතේ උඹ 'අනිද්දා' පත්තරේට ලිපි ලියනවද ප්‍රියන්ත හේවගේ නමින්..

    ReplyDelete
  16. ඔයා හරි මල්ලි

    ReplyDelete
  17. මාතලන්ගේ අනාවැකිය : http://maathalan.blogspot.com/2016/10/yapalana-funeral-will-be-notified-later.html හි කොමෙන්ටුවක් ලෙස ඇත!!
    "ස්තූතියි... එච්චර දුර අනාවැකියක් දැන්ම කියන්න බෑ... නමුත් එක දෙයක් පැහැදිලියි... මේ වගේ වාතාවරනයක ආයෝජකයෝ එන්නේ නෑ.. රට දරුණු ආර්ථික අහේනියකට යයි... ඒ වගෙම මෛත්‍රි මහින්ද එකතු වෙලා රනිල් එලෙව්වත් පුදුම වෙන්න එපා.. මොකෝ මෛත්‍රිට හුරු ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ගෝත්‍රික වැඩවසම් එකාධිපති ක්‍රමය.. එයා කෑ ගහලා අඬන්නේ ඒකයි.. "

    ReplyDelete
  18. "අනෙක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය."

    එහෙනං උඹ කියපන්කො අහවල් පකටද රටකට 'ව්‍යවස්ථාවක්' කියල ලබ්බකුයි, නීතියකුයි උසාවියකුයි තියෙන්නේ.

    ReplyDelete
  19. මෝඩයිනේ, මහමැතිවරණයේ යූඑන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එයා එන්නේ රනිල් වික්‍රමසිංහ නායකයා ගේ ආශිර්වාදය එක්ක.. ඉන් පසු වහාම ජනාධිපතිවරනයක්.. එතෙන්දි රනිල් වික්‍රමසිංහ වාර්තාගත ජයග්‍රහණය ලබනවා, සියලු ජාතීන්ගේ සහායෙන්...

    ඒ නිසා සාටකයේ එල්ලිලා ඝෝෂා දාලා සවුත්තු වෙන්න එපා... යූඑන්පී plan හදලා ඉවරයි ..
    මඩ ගහලා , කුනුහරුප කියලා මෙතිවරන දිනන්න අමාරුයි ,.. මේවා ලියන්නෙ, කියවන්නේ වයස කීයේ අයද...සමච්චල් සහ කුනුහරුප වලින් සටන් කරන්න ආසානම් යන්න, මරියකඩේ, සිරිපිනා මුඩුක්කුව දිහාට... අපි හමුදාවේ ඉන්න කාලේ ඕවා raid කලා, ඒකයි දන්නේ.. නැත නම් කියයි මම එහේ කියලා...

    ReplyDelete
  20. රටටම පිස්සු හැදිලා තියෙන අවස්තාවක, මාතාට පිස්සු හැදීම සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා. ඉක්මනට දොස්තර කෙනෙක් හොයා ගනින්. උඹේ ලෙඩේට නෙමේ , රටේ සහ අපේ ලෙඩේට. මේක මාර විනාසයක් සහ වින්‍යාසයක්. මේක කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරමු.

    ReplyDelete
  21. රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.
    මහින්දට කඩේ යන එකාද එලෙසමය.
    මහින්දගේ වුනත් රනිල්ගේ වුනත් වරද දැකිය හැකි එකාට දෙගොල්ලෝම බනිති.
    සාපේක්ශව අප තුල එක් පාර්ශවයකට බරවීමක් තිබිය හැක ඒත් ඒ නිසා තමන් පක්ෂ කණ්ඩායමේ හෝ වරද වරද ලෙස දැකීමට බාධා විය යුතු නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න