.

.

Jul 23, 2020

පෝට්ටුවෝ, උකුස්සන්ගෙන් මෙන්ම වඳුරන්ගෙන්ද ප්‍රවේශම් විය යුතුය.



ජේ ආර් සමානුපාතික ක්‍රමය ගෙන ආවේ හැමදාම එජාපය බලයේ ඉඳියි කියලාය. ඇත්තටම ඩී බී විජේතුංග ලොක්කා වගේ පෙන්දෙක් බලයේ සිටීමත්, අවාසනාවන්ත ලෙස ගාමිණී දිසානායක මිය යාමත් නොවන්නට, අදටත් පාලනයේ ඉන්නේ එජාපය වෙන්නට බොහෝ ඉඩ තිබුනේය. එජාපයට වඩා සමානුපාතික ක්‍රමයෙන් ප්‍රයෝජනය ගත්තේ සිරි ලංකා නිදහස් පක්ෂයය. හරි විදියට බැලුවොත්, එදා ඉඳන් අද වෙනකන් රටේ නායකයා පත් වුනේ එම බලවේගයෙන්ය.


එය එසේ වුවද, අද වන විට මහ පක්ෂ දෙකම කුඩු පට්ටම් වී තිබෙන්නේත් ඒ සමානුපාතික ක්‍රමය නිසාය.

ජේ ආර්, සුළු ජාතීන්ට හා පක්ෂවලටත් ව්‍යවස්ථාදායකයට දායක වීමේ අවස්ථාවක් ලබා දුන්නේ, ඔවුන් තමන්ගේ පදයට නටනා සෙට් එකක් කර ගන්නටය. ලොක්කා රට පාලනය කළේ, පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගේ අස්වීමේ ලිපිය සාක්කුවේ දාගෙනය. ඒ.., ජේ ආර් මොළ කාරයා නිසාය. එහෙත් ප්‍රේමදාසට ඒ සෙල්ලම් කරන්න හම්බ උනේ නැතිය. අන්තීමට උනේ දෝශාභියෝගයක් සමඟ පක්ෂය කුඩු වී යාම හා බලවත් නායකයින් පක්ෂයට අහිමි වී, රනිල් වැනි හාල්පාරුවන්ගේ අතට පක්ෂය පත් වීමය.

ජේ ආර්ගේ බලාපොරොත්තුව වූ බල්ලා විසින් වලිගය වැනීම වෙනුවට, අද සිද්ද වෙලා තියෙන්නේ, වලිග විසින් බල්ලා හතර අතේ වනනා එකය. විශ්ලේශනාත්මකව බැලුවොත් එජාපය හා සිරි ලංකා පක්ෂයට කුඩු කර දැමුවේ සුළු පක්ෂ විසින් බව ඉතා පැහැදිලිය.

ඇත්තටම මොලේ තියෙන උන් කළේ…, තම තමන් වෙන වෙනම පක්ෂ පිහිටුවා ගැනීමය. ඉන් පස්සේ උන් කළේ සුළු ජාතීන් මෙන්ම හැම ආන්ඩුවේම කැබිනට් ඇමතිකම් අරගෙන පරම්පරා පිටින් ගොඩ යන එකය. අද මේ කාළකන්නි පක්ෂ බිහි වීම ජාතික ව්‍යසනයක් බවට පත් වී ඇති බව ඕන ගොනෙකුට තේරෙනවාය.

උන් කෙලලා ඇරියේ මහා පක්ෂවලට කඩේ යන උන්ගේ මනාපයට පමණක්ම නොවේය. ජාතික ලැයිස්තුවටද උන්ගේ උන් රිංගවා ගැනීමට තරම් උන් සියල්ලෝම බලවත් උනේය.

මහ පක්ෂ වෙනුවෙන් දරදිය අඳින උන්ට සිඳු වූයේ, අන්තීම ඕවරේ බැට් කරන්න එන මේ අයියලාගේ හයේ පාර්වල්වලට චියර් එකදී.., දෙන දේ කා… වෙන දේ බලාගෙන සිටින්නටය. උන් අන්තීමේ අරුන්ට වතුර අදිනා අතිරේක ක්‍රීඩකයෝ උනේය.

ඇත්තටම එජාපය කුඩු කළේ එවන් සුළු පක්ෂ වලින් ආ පාඨලී චම්පික රණවක රාජිත සේනාරත්න හා ඇන් ජී ඕ … සිවිල් පොරවල්ය.

දැන් අප බැලිය යුත්තේ 2015 මහින්ද පැරදුනේ ඇයිද කියනා එකය.

ගේම පටන් ගන්නේ විමල් වීරවංශය… ඒ කරුණු 12 ක් අඩංගු ආර්ථික ඝාතක ලියවිල්ලක් උස්සාගෙනය. ඇත්තටම මෙහිදි සිඳුවන්නේ පී බී ජයසුන්දර විමල්ලාගේ හොරා කෑම් වලට එරෙහි වීමය. එය මහින්ද රාජපක්ෂ ආන්ඩුවට කල ඩැමේජ් එක සුළු පටු නොවේය. ඉන් පස්සේ පෙරහරට එකතු උනේ පාඨලී හා රාජිත යන සුළු පක්ෂ කාරයෝය. අවසානයේ වාසි පිලට හෝයියා කියන්නා සේ… සුළු ජාතින්ගේ සුළු පක්ෂත් ඉල්ලන ඉල්ලන දේ දුන් මහින්දට පස්ස පෙන්නා සෝභීත හාමුදුරුවන්ගේ කෝට්ටේ පන්සලට එකතු උනේය.

හැබයි… විමල් නොගියේය…. අප දැන් කල්පනා කළ යුත්තේ ඒ ඇයිද කියාය..

විමල් යනු සුපිරි සිහිණයක ජීවත් වන්නෙකි.. ඒ සිහිණය ඔහු දකින්නේ ජවිපේ තුල සිටියදීමය. පක්ෂයට මුදල් හදල් දෙන උන් සියල්ල උන්නේ විමල් සමඟය. විමල් මේ සිහිණය පක්ෂයේ බල මණ්ඩලයට ඉදිරිපත් කළේය. ඒ 2004 චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මන්ත්‍රී කම් 39 ක් හා කැබිනට් ඇමතිකම් 3 ක් ලද වෙලේය. ඒ සිරි ලංකා නිදහස් පක්ෂය ගිල ගැනීමය.

වාසනාවකට මහින්ද රාජපක්ෂ මේ අනතුර ඉතා හොඳින් තේරුම් ගත් අතර, ඔහුට ජවිපේ හා එම පිරිස වහ කඳුරු උනේය. එමෙන්ම විමල් බලවත් වීම නොදිරවූ අධි මාන්නයක උන් ජෙප්පෝ කලේ, ඇමති කම් වලින්ද ඉවත්ව ඊළඟ මැතිවරණය තනිව තරඟ කිරීමය.

ඉන් පසු ජෙප්පන් අත් වූ ඉරණම කවුරුත් දන්නවාය. බල මණ්ඩලේඩ්ද කචල් උනේය.. විමල්ට තව දුරටත් එතන තැනක් නොමැති බවත්, තම සිහිණිය ඔවුන් හා කිසි විටකත් ඉටු නොවනා බව දැනගත් විමල් කළේ…. මහ රජතුමා හා එක්ව සීගීරි බලන්න යන එකය. අවාසනාවකට මහින්දට තමන්ගේ එකාටත් වඩා විමල් විශ්වාසී විය. එය විමල්ගේ ටැලන්ට් එකය. එහෙත් විමල් ඔහුගේ සිහිණය අත් හැරියේ නැත. කොතරම් ගේම් ඇද්දත් මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණේයයි ඔහු සිතුවේය. එහෙත් වැඩේ හබක් විය.

විමල්ගේ සිහිණය සැබෑ කර ගැනීමට එජාපය තුල කිසිඳු ඉඩක් නැති බවත්, අමු බයියකු වන තමන්ට එහි ඉඩක් නොමැති බවත්, එහි බලය ඇල්ලීමට පාඨලීගේ ඔපරේසොන් එක යන බවත්, තමන්ගේ රසික පිරිස ඉන්නේ රාජපක්ෂ සමඟ බවත් ඉතා හොඳින් දන්නා විමල් මැදමුලනට ගොස් මහින්ද නුගේගොඩට ගෙන ඒමේ මහා විරුවා වන්නේය.

එහෙත් ඒ සෙල්ලම් සියල්ල දමන්නේ… ඔහුගේ කිසි බලයක් සමඟ නොව, ජොනීලාගේ සල්ලි වලින්… ප්‍රසන්න රණතුංගලාගේ ධනසිරිලාගේ ජනම් සමඟින් බව දන්නේ දේශපාලනේ දන්නා උන් පමණය.

විමල්ගේ ගේම දන්නා තවත් සුපිරි පොරක් සිටී. ඒ තවත් සුළු පක්ෂයක් අටවාගෙන රට ගිනි තියනා ගොම්මන්පිලය. අද විමල් තමන්ගේ සිහිණය දොලදුකක් ලෙස ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කරමින් සිටී.

ඒ කොළඹින් වැඩිම මනාප ප්‍රතිශතය ගෙන ඝෝඨා හා පොහොට්ටුවේ උන් බය කිරීමය. පොහොට්ටුවේ ගොන් බයියනුත් අනිවාර්යයෙන් ඒ පැතුම ඉටු කරනවා නොඅනුමානය. එපමණක් නොව දැන් ඔහු ගෝලයන් ලවා කැම්පේන් එක ගෙනයන්නේ අගමැති වීමටය.

විමල්ද හතර අතේ සියල්ලන්ටම නෙලමින් සිටී, ඊට මහින්දගේ හොඳම ගෝලයෝ මෙන්ම ඝෝඨාගේ වියත් මගේ අයද කියා වෙනසක් ඇත්තේ නැතිය. ඔහේ එසේ පොහොට්ටුවේ උන්ට නෙලද්දි…, ඔහුගේ හොඳම ගෝල… ගම්මන්පිල… කුරුණෑගල සිද්දියේ වැරදිකරු මහින්ද නම් එයාට උනත් නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න තරම් බලවත් වෙලා තියෙනවාය.

මොවුන් මෙසේ බලවත් වී තිබෙන්නේ ඔවුන්ට ඇති බලයක් නිසා නෙමේය. වෙන වෙනම චන්ද ඉල්ලුවොත් මෙයාලටත් ලැබෙන්නේ ජෙප්පන්ටත් හා පෙරට්ටන්ටත් ලැබෙනා රිසාල්ට් එකමය. එමගින් කරන්නට වෑයම් කරන්නේ රාජපක්ෂලා කෙටවීමය. එසේ කෙටවූවා කියා පෝට්ටු පක්ෂයට උන්ට එරෙහිව කරන්න පුළුවන් ලබ්බකුත් නැත්තේය. ඒ උන් හා ගිවිසුම් වලට එලඹ තිබෙනා නිසාය.

එම නිසා පෝට්ටු බයියෝ මෙන්ම නායකයෝද ඉතා සිහිකල්පනාවෙන් අනාගතය ගැන සිතා මොවුන් හා කටයුතු කිරීමට අදිටන් කර ගත යුතුය. මන්ද පෙනෙන සතුරාට වඩා නොපෙනෙනා සතුරා වඩා බලවත් නිසාමය.

එමෙන්ම ඔවුන් සිරිසේනගේ උකුස්සන්ගෙන් මෙන්ම…, මේ.. කඩු අතට දී සිටිනා වඳුරන්ගෙන්ද බොහෝ පරෙස්සම් විය යුතුය. ඒ අභියෝගය වැඩියෙන්ම ඇත්තේ මේ රාජපක්ෂ පරම්පරාවට නොව නාමල්ලාගේ පරම්පරාවට බවත් සඳහන් කරමින් මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

14 comments:

  1. මමනම් පොහොට්ටුවෙක් නෙමෙයි.
    මම සිංහලයෙක්!

    ReplyDelete
  2. මම දරණ මතය සිංහලයන්ට වඩා වාසිදායක, ඊස්‍රායලයේ තියෙනවා වගේ බහු පක්ෂ ක්‍රමයක් තිබීමයි.විමල් ගම්මන්පිල පාඨලී වගේ උන්ගෙන් එම කටයුත්ත ටිකක් කෙරෙනවා.
    විමල් ගම්මන්පිල පාඨලී වගේ උන්ගේ වැදගත්කම උන් සිංහල ජාතිකවාදී චන්ද කේන්ද්‍ර ලෙස ක්‍රියාත්මක වීම සහ ඔවුන් ප්‍රධාන පක්ෂ වල පාලනයට යටත්නොවීමයි.
    එයාලා නැතිනම් සිංහල ජාතිකවාදී චන්ද විසිරිලා ගිහින් පාර්ලිමේන්තුව තුල සිංහල හඬ නැතිවෙන්න පුළුවන්.

    ගම්පහ සිංහලයන්ට පොහොට්ටුවට සහ අංක 2ට කතිරය ගහන්න කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇන්තනිය අපේ චතුර මන්ත්‍රීතුමාට කැන්වසින් කරන ගමං මෙතන 2ට ගහන්න කියනවා. ඩබල් ගේම් හොඳම එක.
      චතුර සේනාරත්න අපේ 2020 අගමැති කරමු!

      Delete
  3. එතනොල් බලයෙන්
    ඇතුගල් පුරයම
    දෙවනත් කරනෙමි මම්

    සටන් වදිමි එව
    සටන් වදිමි මම
    කූඩ ජොනිය
    නම් වෙම්

    ReplyDelete
  4. Maathe must be correct, hmmmm I never thought Vimal is a liability (have a diffrent agenda etc)because once he beat RW from Colombo (that is power). Yes, Gammanpila is good for nothing. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. Wijebahu,
      What do you really know, mate?
      just shut up and mind your own, I mean australian, business.

      Delete
  5. උකුස්සන් හා වඳුරන් යනුවෙන් උපහැරණ පෙන්වීම වෙනුවෙන් මගේ බලවත් විරෝධය පළ කරන්නෙමි. ගත යුතුව තිබුනේ රිලවුන්ය.

    රිලවු අර සතුන්ට වඩා වලත්තය; කඩා බිඳ නොදමන- විනාශ කර නොදමන දෙයක් නැත!

    ReplyDelete
  6. Mr Maathalan, Emoticon magula danne nethiwa monwahiri liyapan,

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න