.

.

Jul 30, 2020

රට කන NGO කාක්කෝ හෙවත් සිවිල් සමාජ මාෆියාව



NGO කාරයෝ ලංකාවෙ ඉන්නේ බොහෝ කාළයක සිටය. ඒ කාළේ එයාලාගේ තිප්පොල වෙලා තිබුනේ ලිප්ටන් වට රවුමය. වැඩියෙන් උන්නේ කොළඹ හතේ නෝනලාය. ඉටි කිරිස් වාගේ ඇන්ටිලාය. මේ කියන්නේ 1983-84 වගේ කාළයේය.

එයාලාගේ ඇඳුම අනෙක් අයගෙන් ටිකක් වෙනස්ය. ගොඩාක් අය ඇන්දේ සල්වාර් කිට් එකය. පොල් ගෙඩි සැයිස් සන් ග්ලාස් දෙකක් ඔලුවේ දාගෙන උන්නේ, අව් රශ්මියෙන් එයාලාගේ චූච්චන් මොළයට හානි වෙන්න ඉඩ ඇති නිසා වෙන්න ඇතිය. අනික.., මූණට ඒක දමා ගත්තොත් පොටෝ වලට මූණ අහු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇතිය.

ෆෝටෝ එකේ කතාව මොකක්ද කියා මුන් ගැන නොදන්නා සම හරක් අහන්නට පුළුවනිය. ඒ කාළේ මෙයාලට උන්නේ සුලු පිරිසක්ය. මෙයාලා ලිප්ටන් වට රවුමට ඇවිත්, දෙන්නෙක් බැනර් එකක් අල්ලාගෙන සිටිනවාය. අනික් අය විරෝධතා පුවරු අල්ලාගෙන සිටිනවාය. වැඩිම ඉන්නේ විනාඩි 10 ක් හෝ 15 කි. ඒ අර කුරුඳුවත්තේ මනෝරිලා අව්වේ උන්නොත් කලු පැහැ ගැන්වෙන නිසාය.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට හා ඇලෙක්සැන්ඩ්‍රා එකේ ටියුෂන් ක්ලාස් ගියත් මෙයාලා මේ කරන්නේ මොකක්ද කියලා දැන ගත්තේ, දවසක් මේ ඇන්ටිලා බස් ඉස්ටෑන්ඩ් එකේ සිටී අපටත් බෝඩ් ටිකක් දී උස්සාගෙන ඉන්න කියලා පොටෝ එකක් ගහපු දවසේය.

ඔතන අපිත් එක්ක උන්නු එකෙක් එක්ක අර ඇන්ටි කෙනෙක් සිරිස් බුරුස් ගා කඩු පයිට් එකක් ගියේය. පස්සේ ඌගෙන් ඇහුවාම, ඌ කිව්වේ, මෙහෙම උන්නාම එයාලට පිට රටින් සල්ලි එවන බවත්, ඒ නිසා ඔකුන්ගෙන් කීයක් හරි කඩා ගනින් කියලාය. අර ආන්ටි ඌගේ නේබර් කෙනෙක්ය.

අපරාදේ කියන්නේ, ඉල්ලපු ගමන් එක ඇන්ටි කෙනෙක් එයාගේ ගෝනියක් ඉතර ලොකු හෑන්ඩ් බෑග් එකෙන් ඒ කාළේ හැටියට හිතා ගන්නවත් බැරි මුදලක් දුන්න බවත්, ඒකෙන් රහිමා එකට ඇවිත් බුරියානිම කෑ බවත්, ඒ ඇන්ටිලාට ගෞරවයක් වශයෙන් ලියලා තියන්නත් ඕනෑය.

පස්සේ කාළෙක මේවා කැම්පස්වල පොපාලා හා ලෝයර් කාරයන් විසින් අටවා ගත් අතර, උන් කෙලින්ම අභියෝග කළේ ලංකාවේ රජයටය.
ඒ උතුරේ ත්‍රස්තවාදය හේතු කොට ගෙනය. උන් සියල්ලෝම පෙනි උන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ය. හමුදාව උන්ට වහ කඳුරු විය.

මායිම් ගම්මාන ලෙස හැඳින්වූ උතුරු නැගෙනහිර සිංහළ ගම්මාන වලට එල්ල වූ තුඡ්ච මිනීමරූ ප්‍රහාර, දකුණේ සමාන්‍ය ජනතාව එල්ල කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හා නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවට එල්ලවූ ප්‍රහාරයන් හමුවේද කට පුක වසාගෙන උන් මුන්නැහේලා, එක දෙමළ වැසියකුට හෝ ටෝක්කක් ඇන්නත් සෙට් එක පිටින් කොටුව ඉට්ටේසම ඉස්සරහට ආවේ විනාඩි කීපයක් ගතවන්නටත් පෙරය.

එහෙම ආපු උන් කිව්වේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් වලට ඌයියා වෙනවා කියාය. එහෙම කියපු ගමන් ජිනීවා වලින් රිටර්න් ඇක්සොන් සමඟ මෙයාලාගේ බෑන්ක් එකවුන්ට්ස් උතුරා ගියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් උතුරේ සහෝදරත්වය කොළඹට කුරුම්බැට්ටි මැෂින් වලින් කෙලින සයිස් එකටම කොටින්ගේ මානව හිමිකම්ද උතුරා ගලා ගියේය.

මුන්ට එලෝ පොල් පෙනුනේ 2009 මහින්ද මහත්තයා නන්දිකඩාල් වලින් එයාලාගේ සදාදරණිය නායකයා අපායේ ඇරිය වෙලාවේය. බඩේ හැම් බේකන් උඩින් පුඩින් කාපු උන්ට පරිප්පු කන්න සෙට් කල මහින්ද මහත්තයා මුන්ට අරහං වෙන්නේ එදා සිටය. කට්ටියම එකතු වෙලා රාජපක්ෂලාට කෙලින්න පටන් ගන්නේ එදා සිටය.

ඒකෙන් මුලු රටටම කෙලවෙලා ගිය අතර. කිසි අවුලක් නැතිව අරුන්ගේ ගාන වෙනදාටත් වඩා ඉහළ ප්‍රමාණයකින් බැංකුවට වැටුනේය. රාජපක්ෂගේ ගෝලයෝත් මී හරක් වාගේ පිස්සු කෙලිය අතරේ, NGO කාරයෝ තව තවත් බලවත් උනේය. ඒවායේ නායකයෝ සිවිල් පොරවල් විය. විපක්ෂ දේශපාලුවන්ට හා පක්ෂ වලට අත පය දිග හැර වියදම් කරපු උන්, ඒවාට බලපෑම් කිරීමට තරම් පොරවල් බවටත් පත් උනේය.

සෝභිත හාමුදුරුවෝද මුලාවේ දාගත් සෙට්ටෙක, 2015 ආන්ඩු පෙරලියට නායකත්වයද දුන්නේය. චන්ද්‍රිකා මෙයට මුල් උනා කියන කතාව ඇත්ත උනත්, සෙල්ලම් දාන්න සල්ලි දුන්නේ ගොරගොල්ල වලව්වට සම්බන්ධ NGO එකෙන් බව පස්සේ කාලේ ඉතා පැහැදිලිවම ඔප්පු උනේය.

සෙසු පරිවාර NGO කාක්කෝ සිවිල් සංවිධාන වෙස් මූණූ දාගෙන කෙලින්ම ගේමට බැස්සේය. රාජපක්ෂලාගෙ පිස්සු කෙලිලි හමුවේ හෙම්බත් වී උන් ජනතාව මුන් අඹරා දුන් ගුලිය අතින් අරන් විසිල් එකකුත් ගසා කටේ දාගත්තේය.

පක්ෂ පාට ජාති ආගම් කුල බේදයකින් තොරව NGO කාක්කෝ ඒ කාළේ බලවත්ම පිරිස බවට පත් වූ අතර, පාස්කු ප්‍රහාරය මෙන්ම, රාජපක්ෂලාත් ගොනාට අන්දාගෙන නැගෙනහිර විස්ස විජ්ජාල පවා ගොඩනගා, අරාබී රාජ්‍යක් බිහිකර ඇති ලෙබ්බේ මුදියන්සේලාත් නොම්මර එකේ NGO කාක්කෝ බව අද ඔප්පු වෙලා හමාරය.

මෙලෝ රහක් නැති යහපාලන පාන්ඩුවෙන් රට හා ජනතාව මිහිපිට අපායකට ගෙන ගිය අතර, උන්ගේ NGO මාෆියාවට මාට්ටු වූ එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණටද අද හැමිනිලාම ගොස් අහවරය.

එජාපය කුඩු කර දැමු උන් බූරූ පුතාට දැල දමා අවසානය. පිරිස දෙකට බෙදී එක් පිරිසක් සජිත් ප්‍රේමදාස අගමැති කිරීමට කඩේ යයි. ඒ නායක පිරිසය. එහෙත් ඒ එකෙක් රනිල්ගේ පිලේ ඉතුරු කරලාය. ඌ කව්ද කියා රටම දන්නවාය.

දෙවන පෙල පිරිස ජනතා විමුක්ති පෙරමුණ ආක්‍රමණය කර අවසානය. ඒ මනාප අපේක්ෂකයින් හා ජාතික ලැයිස්තුවේ බුවාලා ලෙසය. පක්ෂය වෙනුවෙන් ලේ දහඩිය කඳුළු හෙලපු ග්‍රාමිය මට්ටමේ එකෙක් හෝ උන්ගේ ජාතික ලැයිස්තුවේ ඇත්තේ නැතිය. ඔක්කෝම 2015 යහපාලන මාෆියා කාරයෝය.

මේ කාක්කෝ කොතරම් බලවත්ද යන්න ආන්ඩුව බලයට පත් වූ විගස සුවිස් එම්බසිය හා එක්ව නිපදවා සම්භාව්‍ය මණ්ඩලයේ තිරගත කල “ගානියා බැරිස්ටර්” සෝ එකෙන් පෙන්නුවේය. ජාත්‍යන්තර සම්මාණයට පවා පාත්‍ර වූ ඒ සෝ එක ලංකාවේ චොර වෙලා ගියේ, ඝෝඨාගේ රැඟුම් පාලක මණ්ඩලය අරුන්ට වඩා බලවත් උන නිසාය.

අද මුන් සජිත් වැනි හාල්පාරුවෙක් හා 3% ක් වත් නැති බලවේගයක් වෙනුවෙන් කඩේ යන්නේ එවා බලයට පත් වෙන නිසා නෙමේය. ඒවාට සෑහෙන කාළයකට බලයට එන්න බැරි බව මුන් සියල්ලෝම හොඳින්ම දන්නවාය. එහෙනම් මෙච්චර දත කන්නේ අහවල් එකකටද ඕයි කියා සම හරක් මාතලන්ගෙන් අසන්නට ඉඩ තියෙනවාය.

මුන් එහෙම කරන්නේ මේ රටට එරෙහිව හා රාජපක්ෂලාට එරෙහිව ගතු කේලාම් කියා මෙහෙම ක්‍රියාකාරී බව පෙන්නුවාම, උන්ගේ බැංකු ගිණුමේ ඩොලර් ශේෂය ඉහළ ගොස් රටට කෙල උනත් උන්ගේ බඩ කට පිරෙනා නිසා නේ ඕයි කියා…. මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

ඒ වගත් මෙසේය….

17 comments:

  1. නොතේරුම් කමටයි ලියන්නේ මටනම් හිතෙන්නේ යහපලන රජයට කෙලවුනේ මැදමූලමෙන් ග්‍රාමසේවකව කුලියට ගත්නිසා කියලයි.

    ReplyDelete
    Replies
    1. ග්‍රාමයා මොනවා කරන්නද බන් ඌ අවුරුදු 4ක් තිස්සේ පඹයෙක් වගේ එක්සත් ජාතික පක්ෂයේ සහ එන් ජී ඕ කාක්කො ගහන පදේටම නට නටා හිටියේ. ඒක තනිකරම රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ සහ ටී එන් ඒ/ ජවිපෙ සමග රාජ්‍ය නොවන සංවිධාන වල බත් බැලයන්ගේ නොහැකියාව නිසා තමයි ඉතින්. පස්සේ බැරිම තැන මරා කල්ලියේ ඇමට අහුවෙලා තවත් චාටර් වුණා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බැරිකම මිනිහා පිට පැටවූවා. සිරා තමයි නිකන් කිච වෙන්න සිද්ධ වුණ අහිංසක මිනිහා. මෑන් ඇත්තටම පවු.

      Delete
    2. නෑ... රනිල්ට මොකුත්ම බෑ....

      දැන් උන්ගෙම උන් කියන්නේ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කොයි රටෙත් එහෙමයි

      Delete
    2. ඔය අරූ විකිනුවා මූ විකිනුවා වගේ දේවල් කියන උන් තමා එහා ගෙදර ඉන්න වයසක ජෝඩුවගෙ දේවල් පවා ඒ මිනිස්සුන්ට හොරා විකුණන්
      කන්නෙ

      මම දන්න ඔය වගේ එකෙක් ලංකාවේ උසස් පෙල ෆේල් උනත් පන්දමක් අල්ලල රටකට පැන් ගත්ත. පස්සෙ කාලේක රාජිතයගෙන් සල්ලි අරන් සේනක බිබිලේ ව නූතන බිබිලේ කරල ප්‍රා-රාජිතට වික්කා

      Delete
  3. ඔය විදියට ඩොලර් දෙන එන්ජීඕ එකක් අපිටත් සෙට් කරපල්ලා ගුතලන්. පඩියෙන් භාගයයි හම්බෙන්නෙත් මේ ටිකේ. දැන් නං වෙන්නේ එන්ජීඕ එකකටම සෙට් වෙලා හම්බෙන කීයක්‌ හරි ගන්න තමයි.

    ReplyDelete
    Replies
    1. සෙට් උනොත් මටත් කියහන්

      Delete
  4. ජිනීවා වන්දනාවේ
    මහින්දත් ගිය කාලේ
    නිමල්කා හොඳයි
    NGO හරි හොඳයි

    ReplyDelete
  5. මාතේට මතක ඇති දී අයිලන්ඩ් පුවත්පතේ කියූ පරිදි පසුගිය 2009/10/11 වසර තුනක කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රු. කෝටි 27කට වඩා ද, ජාතික සාම සභාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රු. කෝටි 21 හා කෝටි 17කට වඩා බැගින් ද විදේශ අරමුදල් ලැබී ඇති බවයි.

    අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩියෙන් ම ආධාර කරන්නේ නෝර්වේ රාජ්‍යයයි. මේ ගණන් හිලව් ලොකුවට පෙන්නුවාට, ඇත්තෙන් 2009 යුද්ධයේ නිමාවත් සමග සාම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙමින් පවතින ආධාර අඩු වෙමින් ඇති අතර, ලංකාව ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක මට්ටමට පැමිණීම ද රාජ්‍ය නොවන සංවිධානවලට හෙනහුරා ඇඬීමට හේතු වී තිබේ.

    මේ එන්ජීඕ සංවිධාන වලට ලැබෙන අරමුදල්වලින් බොහොමයක් බටහිර රටවල ධනවත් පුරවැසියන් විසින් ලබා දෙන පුණ්‍යාධාර ‍‍‍‍‍කියල තමයි කියන්නේ නේද?

    ReplyDelete
  6. අද මාතෘකාව NGO හෙවත් රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු ගැන නිසා ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල කලකට පෙර ක්‍රියාකාරීවූ මාගේ අත්දැකීම් සටහන් කරන්නම්. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුළු අරමුදල්වලින් අති විශාල ප්‍රතිශතයක් වියදම් වන්නේ එහි ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් ඇතුළු සේවක වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැඩකුත් නැතිව (ඇත්තටම කිසිම වැඩක් නැති තරම්) අධි සුඛෝපභෝගී වාහනවලින් එහෙ මෙහෙ ඇවිද ඇවිද, හොඳ හෝටල්වලින් කණපැලෙන්න කා, මිල අධික විදෙස් විස්කි බී, විදේශ චාරිකා ‍ගොස් ආතල් ගෙන එන්නට හා සුඛෝපභෝගී ජීවිත ගෙවන්න‍ට රාජ්‍ය ‍නොවන අංශයේ ඉහළ රැකියාවකින් පුළුවන. එහෙත්, රාජ්‍ය නොවන අංශයේ පහළ ස්ථරයේ රැකියා බොහොමයක් රැකියා සුරක්ෂිතභාවයක් හෝ කිසිදු නීතිමය ආරක්ෂාවක් නැති හයර් ඇන්ඩ් ෆයර් හෙවත් ගත්තා-දොට්‍ට දැම්මා ටයිප් රස්සාය. පහළ මට්ටමේ රැකියාවලට ඇතැම් විට ව්‍යාපෘති යෝජනා අනුව ගෙවිය යුතු අවම වැටුප හෝ නොගෙවා වංචා කරන අමන ලොක්කන් ලාංකීය එන්ජීඕ වල සුලභය. එමෙන්ම ඇතැම්විට ස්වේච්ඡාවෙන් සේවය කරන දේශීය මිතුරු සංගම් වැනි ඒවා අල්ලාගෙන උන්ව නොමිලේම කඩේ යවමින් උන්ගේ වැඩ පිටරටවලට පෙන්වා ගාන කැපීම් ඉතාම සුලභය. මේ පිළිබඳව කලකට පෙර එක්තරා බ්ලොග් සම්මාන උළෙලකටද චෝදනා එල්ල වී තිබූණේ මේ පදනම තුළ සිටයි.

    ඒ වගේම පසුගිය 2005-14 දූෂිත මර්දනකාර රාජපක්ෂ රෙජීමයේ වෛරයට පාත්‍ර වී තිබූ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍ටයුතු කළේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘෂ්‍යභාවය වැනි අංශවලයි. එහෙත්, විමසා බැලුවහොත් පෙනෙන දෙයක් වන්නේ මේ අංශවල ද මේ සංවිධාන විසින් කර ඇති කිසිම ලබ්බක් නැති බවයි. නිදසුනක් ලෙස පසුගිය 2009-2014 වකවානුවේ මේ රටේ සාම සංවිධාන දේශපාලන විසඳුමක් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා ය, මැදිහත් වනවා ය කියමින් කළේ තනිකර ම පට්ටපල් බොරුවකි. මේ සංවිධානවල ක්‍රියාකාරිකයෝ වැඩිදෙනෙක් අප හොඳින් දන්නා පරිදි සාම ව්‍යාපෘතිවලින් වැටුප් ගන්නා ව්‍යාපාරිකයින් පිරිසක් පමණි.

    වඩාත් විස්මයජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය වෙනුවෙන් පෙනීසිටි මෙම සංවිධානවල දක්නට නො ලැබෙන ප්‍රධාන ම දේ වන්නේ සංවිධානය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවයයි. එසේ ම, කිසිදු අභ්‍යන්තර සාමයක් ද මේවායේ නැත. එහෙත්, ඒවා බාහිරව පෙනී ඉඳින්නේ ම මේ කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරමින් විශාල සේවයක් සපයන ලෙසයි.

    To be cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd...

      ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර මහා යුද්ධයක් ඇති බවක් මතුපිටින් පෙනුන ද ඇත්ත තත්වය එය නොවේ. රාජ්‍ය නොවන සංවිධාන විරෝධීන් ලෙස අපට පෙනෙන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු ඒවා සමග ඉතා ළඟ සම්බන්ධකම් පවත්වති. කුප්‍රකට ලෙමන් පෆ් උපවාසකරුගේ සිට පක්ෂනායකවරු දක්වා මේවා සමග යටින් මිත්‍රකම් පවත්වන ලදී.

      ප්‍රබල රාජ්‍ය නො වන සංවිධාන වල කප්පිත්තෝ ආණ්ඩුවේ මහ තැන්වල ළඟ හිතවත්තු වෙති. රජයේ යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙත් රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර ඉල්ලා සිටින ව්‍යාපාර බටහිර රටවල දියත් කිරීම සඳහා උපකාරී වන සාධක වේ. එසේ ම, මොන දූෂණ විරෝධී බයිලා දෙසූවත්, රජය කිසි දිනෙක රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා හෝ පවත්වන්නේ නැත.

      දැනට වසර 11කට පමණ පෙර ශ්‍රී ලංකාවේ උතුරේ බෙදුම්වාදී යුද්ධය නතර වීම, දුප්පත්කම අඩු වීම ආදී හේතු නිසා රාජ්‍ය නොවන සංවිධාන තව තවත් දුප්පත් වෙමින් පවතී. රටක් ආර්ථික වශයෙන් දියුණු වන විට, ඒ රටේ පුණ්‍ය ආයතන නඩත්තු කිරීමට ඒ රටේ ජනතාව සමත් විය යුතු ය. එහෙත්, ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නඩත්තුව සඳහා රට තුළින් ආදායම් ඉපදවීමට අසමත් වීම හේතුවෙන් මේ වන විට ලාංකීය රාජ්‍ය නොවන සංවිධාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි.

      දැන් මාතලන් දන්නව ඇති ශ්‍රී ලංකාවේ සියයට නමයක් මානසික රෝගීන් සිටියත්, මෙවැනි නීලකාස කම්බා හොර ගුහා නඩත්තු කරන්නට සල්ලි දෙන්න තරම් උග්‍ර මානසික රෝග ඇති අය නැති බව. ලංකාවේ ධනවත්තු පවා රජයට වුණත් කිසිදාක කැමැත්තෙන් බදු නො ගෙවති. රජය කරන්නේ බලෙන් මෙන් නිලධාරීන් යවා වටලා ඇමතිවරුන්ගේ හෙංචයියන් නොවන ව්‍යාපාරිකයින් බියකොට මංකොල්ල කෑමයි. නමුත් රජයේ ආදායම් බදු නිලධාරීන්ට මෙන් රාජ්‍ය ‍නොවන සංවිධානවල‍ට එහෙම කිරීමේ හැකියාව නැත.

      ලංකා රජයේ දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් වැනි අය සැබෑ ලෙසම රාජ්‍ය නොවන සංවිධානවලට දැඩිව විරුද්ධ වන්නේනම් ඒ අන් සියලු කාරණාවලට වඩා දැඩි ඊර්ෂ්‍යාව නිසා බව අපේ නිරීක්ෂණයයි. ඒ තමන්ට වඩා සෑහෙන වරප්‍රසාදිත තත්වයක් රාජ්‍ය නොවන සංවිධානවල හිමිකරුවන්‍ට ලැබී ඇති බැවිනුත් විශාල වැටුප් සහ ඉතා අඩු වැඩ ඔවුන්ට හිමිවීම නිසයි.

      ධනවත් බලවත් බටහිර රාජ්‍යන්ගේන් ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානවල දූෂිතභාවය ආරම්භ වන්නේ මෙහිදී නොව එම බටහිර රටවලදීමය. ආධාර කරන රාජ්‍යයන් හෝ සංවිධාන ඒ වෙනුවෙන් ඒ රටවල ජනතාවගෙන් හෝ ත්‍යාගශීලීන්ගෙන් එකතු කරන අරමුදල්වලින් විශාල ප්‍රතිශතයක් එමරටවල සිටින මේ ආධාර එකතු කරන හා බෙදා හරින අතරමැදි සංවිධාන නඩත්තු කිරීමට යෙදවේ. එයින් ද වැඩි මුදලක් වැය වන්නේ වැටුප්, විදේශ සංචාර ආදියටයි.

      මේ බොරු ප්‍රෝඩාකාරී "රාජ්‍ය ‍නොවන සංවිධාන" යනු නව ලිබරල් ධනවාදයේ අර්බුද හේතුවෙන් ඇති වන දිළිඳුකම, මානව හිමිකම් උල්ලංඝනය වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ බිඳ වැටීම, යුද්ධ ආදිය හේතුවෙන් මහජන කැළඹීම් ඇති වීම හා ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වන ඔවුන් විසින්ම පවත්වාගන්නා සංවිධාන විශේෂයකි.

      රටක ආර්ථික සංවර්ධනයේදී නො විස‍ඳෙන මහජන ප්‍රශ්නවලදී රාජ්‍යයට විකල්පයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරයි. එසේ ම, මහජන විරෝධයන් ක්‍රම විරෝධී වීම වළක්වා, තාවකාලිකව යටපත් කොට නැවත ක්‍රමයටම ගැට ගැසීමට ද රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ.

      කෙසේ වෙතත් ලංකාව වැනි සංවර්ධනය වන රටවල මහජන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තැරැව්කාර වෘත්තික සංවිධාන ලෙස කටයුතු කරන නව ලිබරල් ධනවාදයේම අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන වෙනුව‍ට ඒ සම්බන්ධයෙන් අවංකවම මැදිහත් වන ආයතන මහජනයා විසින්ම ගොඩනඟා ගත යුතු බව මගේ හැඟීමයි.

      Delete
  7. One more thing NGO did to SL is starting the nightclub couture, most of them were living in Col 7 and had nothing to do (work was done by the locals). Can you remember the vehicles parked in nightclubs at the time? Wijebahu

    ReplyDelete
  8. මමත් NGO එකකට සම්බන්ධයි. හැබැයි ඒකට සල්ලි එන්නෙ යුරෝපයේ රටක පාසැල් ලමයි සති අන්තයේ සුපර් මාර්කට් වල බෑග් පැක් කරලා එකතු කරන සල්ලි (ඩොලර් නෙවේ) ලන්කාවට එවනවා. ඒ සල්ලි වලින් අඩු ආදායම් පවුල් වල ලමයින්ට පොත් අරන් දෙනවා. ඉස්කෝල වල අඩුපාඩු සම්පූර්ණ කරගන්න ආධාර කරනවා. ඔක්කොමවැඩකරන්නෙ ස්වේච්ඡාවෙන්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...

      කොමෙන්ට්ස් වලට තුති

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න