.

.

Sep 23, 2020

ගව මන්ට් (that) "ස" විෂ්

 


රාජ්ජ සේවයට ඉන්ගිරිසියෙන් කියන්නේ ගවර්මන්ට් සර්විස් කියාය… සමාර විට සුද්දා මේ නම දාන්න ඇත්තේ අම්මට සිරි ලංකාවේ රාජ්ජ සේවය දැකලා ඊට උපහාර දැක්කීමක් ලෙස විය හැකිය. ගව යන්න ඉදිරියට යෝදා තියෙන්නේ ඒකය.

ගවයා කියන්නේ පට්ට කම්මැලි සතෙක්ය. උගෙන් වැඩ ගන්න නම් ඌ කෝටු මස් කරන්න ඕනෑය. ගොම්පස් ඇල්ලුවේ නැත්නම් ඕන තැනක වලිගය උස්සා ගොම දමන්නේය. උදේ ඉඳන් රෑ වෙනකන් චුවින් ගම් කනවා වගේ මක්කා හෝ කකා සිට රෑට වමාරා කන්නේය. ඒ සාමාන්‍ය හරක්ය.

එක හරකෙකුට හරකා කිව්වාට, හරක් දෙන්නෙක්ට කියන්නේ හරක් බාන කියලාය. ටිකක් වැඩිපුර ඉන්නවා නම් සෙට්ටෙකට කියන්නේ ගව ගාලක් කියලාය. එහෙම ගවගාලක් දියවන්නාව මැද්දේත් තියෙනවා කියා සමාර වේසා කොල්ලෝ කියනවාය.

එහෙත් විශේෂිත හරක් හදන්නේ ෆාම් හෙවත් ගොවිපලවලය. එයාලාට දෙන්නේ රට තනකොලය, වෙලාවට විටමින් වගේම පුනක්කුත් දෙන්නේය. සමාර එවායේ හෝමෝනත් දෙන්නේය. ඒවායේ පට්ටි හරක් කියා සෙට්ටෙක්කකුත් ඉනවාය. එයාලාට අරේටත් වඩා සැලකිලිය. එච්චර තප්පුලන්නේත් නැතිය. ඒත් ඉන්නේ අන්තප්පුරේ සජ්ජුරුවෝ වගේය.

අපේ රටෙත් එහෙම පවත්වාගෙන යන මහා පරිමානයයේ හරක් ගාලක් තියෙනවාය. ඒකට කියන්නේ “රාජ්ජ සේවය” කියලාය. මේ ළඟදිත් අපේ ජනාධිපතිතුමා ඒකට අලුතෙන් වස්සන් හා වැස්සියන් එකෙක් දෙන්නෙක් නොව එක් ලක්ෂ හැටදාහක්ම (160,000) බඳවා ගත්තේය.

ඔතනට එන හැම එකාම එන්නේ වැඩ කරන්න නෙමේය. ආතල් එකේ ඉන්නය. රාජ්ජ සේවා කොමිසමකුත් දමා උන්ට රැකවරණයත් දීලා තියෙනවාය. ඒ නිසා රටේ හැම එකාම ඉල්ලන්නේ ඔය ගව ගාලට එන්නටය. ප්‍රයිවට් සැක්ටර් එකේ රස්සාවක් කරපු එකාත් චෑන්ස් එකක් ලැබිච්ච ගමන් කරන්නේ පඩි අඩු උනත් ගවගාලට පනිනා එකය. ඒ අයිස් ගහන්නටය.

කසාදයට උනත් හොයන්නේ ගවගාලේම උන්ය. මොකෝ රටට හැමිනිලා ගියත් පඩියයි දීමනායි පැන්ෂොන් එකයි බුදු ෂුවර්ය.

රාජ්ජ සේවයේ උද්දෘත පාඨය අවිල්ලා “පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපල්ලා” කියනා එකය”

වාසනාවකට ඊයේ ජනාධිපතිතුමා ගියපු වෙලේ එකෙක්කත් නිදාගෙන උන්නේ නැතිය. සමාන්‍යයෙන් දවල් කෑවායින් පස්සේ ඕකුන් කරන්නේ නිදා ගන්නා එකය. එහෙම නත්නම් ෂොපින් යන එකය. නැත්නම් කැන්ටිමේය.

එකෙක්කත් මේසවල නැතිය. මේස ඔක්කෝම හිස්ය. එකෙක්ගේ මේස උඩ පත්තරම දෙකක්ය. සමාර විට ජර්නලිස්ට් කෙන්ක් හෝ, කලාකාරයෙක් වෙන්නට ඇතිය.

හැබයි ඇහුවොත් කියන්නේ… ගව මන්ට් ඔපීස් වල ඕවර් ඉස්ටාප් කියලාය. ඈදීගන්න පුටු මේස නැතෙයි කියලාය. ඉන්නේ එලියේ ගස් යටයි කියලාය.

මුන් රස්තියාදු කරපු ගෑණූ මනුස්සයා ඇවිලා තියෙන්නේ සල්ලි ගෙවන්නය. අඩු ගානේ මේ කාළකන්නින්ට සේවා කෙසේ වෙතත්, සල්ලි අරගන්නවත් කිසිම උවමනාවක් ඇත්තේ නැතිය. කැෂියර් නැත්නම් අනික් උන් සල්ලි ගන්නේ නැතිය. එයා නැති දවසට එන මිනිස්සුන්ට වෙන්නේ හැරිලා යන්නය.

කැෂියර් නැත්නම් අනෙක් උන් සල්ලි ගන්නේ නැතිය. මේ සීන් එක පෞද්ගලිකව මාතලන්ද අත් විඳ තියෙනවාය. එයා කෑමට ගිහිල්ලා නම් එයා එනකන් අපි බලාගෙන ඉන්න ඕනාය.

ඕකුන් සල්ලි එකතු කලත් නැතත්. ආයතනය ලාබ ලැබුවත් නොලැබුවත්, ඕකුන්ගේ පඩිය නියමිත් දිනට බැංකුවේ එකවුන්ට් එකට වැටෙනවා කියා උන් දන්නවාය.

ජනාධිපති තියා දෙයියන්නාන්සේ ආවත් ඕකුන් ගනන් ගන්නේ නැතිය. අද ගියත් ඔතන තත්වය එසේමය. එතුමා ගියායින් පස්සේ… එයා ආවා අපිට කියා දෙන්න… කවදා ආන්ඩුවේ වැඩ කරපු වාහේ කෙනෙක්ද අපිට උගන්වන්න එන්නේ… මෙයා දන්නේ නෑ රාජ්ජ සෙවේ මොකක්ද කියලා …. කියා…. ඕකුන් උන්නැහේට පුකෙන් හිනා වෙන්න ඇතිය.

මොකෝ…. උන්ව එකෙක්ටවත් පනිෂ් කරන්න බෑ කියා ඕන එකෙක් දන්නවාය. ලොක්කා උනත්, එතන ලොක්කා හොයා හොඳ දේශනාවක් දුන්නේ නැතිය. මොකෝ ඕනෑම තැනක සර්විස් එකේ කොලිටිය රඳා පවතින්නේ, එහි මහ එකාගේ කෙරුවාව අනුව නිසාය. සම හරක් විට මහ හරකා හෙවත් පට්ටි ගොනා රේස් දමන්න හෝ ශාලිකා එකට අඩියක් ගහන්නට ගියා වෙන්නත් ඇතිය.

ලොක්කා කරන මේ වැඩේ ඒ කාළේ රණසිංහ ප්‍රේමදාසත් කලේය. උන්නැහේ කළේ හරක් ටික නැට්ට පුකේ ගසාගත් බල්ලන් හා බැල්ලියන් කරනා එකය. එයාගේ හැටි දන්නා උන් නැටි පුකේ ගහගෙන වැඩ කලේ උන්නැහේගේ ඔත්තු කරුවෝ හැම තැනම උන්නු නිසාය.

නාගරික හා නිවාස සංවර්ධන අධිකාරිය කියන්නේ ඒ කාළේ සොලිඩ්ම ආයතනයක්ය. එහි තුබුනේ පෞද්ගලික ආයතනයක පරිසරයය. එහෙත් අද ඒවා නියම හරක් ගාල්ය. මිහිපිට අපායන්ය.

කරන්නට ඕනෑ ඕවාට කඩා පැනලා තමන්ගේ තත්වය නැති කර ගන්නා එක නෙමේය. වෙනම ආයතනයක් පිහිටුවා කම්ප්ලේන් එක ගැන සොයා බලා එතන මහ එකාගේ පඩියට කෙලිනා එකය. එහෙම නැත්නම් ඩිමෝට් කරනා එකය. එහෙම නැතිව ඕවා හැදිලි බොරුය.

අපි හිතාන උන්නාව වඩා ජනාධිපති තුමා මානුෂික බව පෙනී ගියේය. එහෙත් අපට එතුමාට කියන්න තියෙන්නේ…. කෝටු මස් නොකර හරකුන් ගෙන් වැඩ ගන්න නම් හිතන්න එපා කියලාය.

වෙන ගවගාල්වල හරක්….. කිරි ගොම මෙන්ම මසටත් ගන්නට පුළුවන්ය.

එහෙත් මුන් රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් වෙන්කොට නඩත්තු කරගෙන යනු ලබන මෙලෝ රහක් නැති වන්දනාමාන කිරීමට පමණක් ඇති විශේෂිතම සත්ව කොඨ්ඨාශයක්මය..

ඒ වගත් මෙසේය..





14 comments:

  1. කතාව ඇත්ත තමයි ඉතින් මාතලන් අයියේ ඒ වගේම තමයි කෝප් කාරක සභාවේ කටයුතු වාර්තා කිරීම මාධ්‍යයට අවසර නොදෙනවා නම් ඒකත් සම්පුර්ණයෙන් වැරදියි. පෙර දැනුම්දීමකින් තොරව ජනාධිපති රජයේ ආයතනවලට ගොස්, එහි නිළදාරින්ව ප්‍රශ්ණ කරන්නේ මුළු රටටම පේන විදියට. ඒ හරහා වෙන්නේ, රාජ්‍ය ආයතනවල නිළදාරින් වැරදි කිරිමට බය වීමයි. කෝප් කාරක සභාවේ කතාවත් ඒකමයි. රටේ මිනිසුන්ට පේන්න තමන්ගේ වැරදි කියන්න වෙනකොට, ඒ නිළදාරින් බයයි. හැබැයි, සමහර සුවිශේෂි සිදුවීම් ගැන යම් රාහස්‍යභාවයක් තියාගත්තට කමක් නැහැ. හැබැයි සම්පුර්ණයෙන් මාධ්‍ය වාරණය කරනවානම් එය සම්පුර්නයෙන්ම වැරදියි. එය නොකල යුත්තක් නේද?

    ReplyDelete
    Replies
    1. සියල්ල මාධ්‍යයට විවෘත කරන්න අවශ්‍ය නෑ...

      එහෙම වැදගත් මාධ්‍යකරණයක් මේ රටේ නෑ

      Delete
  2. ජනාධිපති තුමන්ගේ පරිණත බුද්ධිමත් ...සහ සංසුන් නායකත්වය අගයමි...ගෞරවයෙන් ..ස්තුුතියි ජනාධිපති තුමණි ...ජෙසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ජනපතිතුමන්හට.

    ReplyDelete
  3. අයියෝ මාතලන් හැම රාජ්‍ය ආයතනයක් ම ඔහොම නැහැ මම දැන් ටික දවසකට කලින් DMT Department of Motor Traffic RMV වේරහැර කාර්යාලයට ගියා.. එතන දැන් තත්වය ගොඩක් වෙනස්... driving
    License එක අලුත් කරගන්න medical test එක online book කලා.. නුගේගොඩින් ඒක කරගන්න ගිය වෙලාව විනාඩි 35යි... (ඉස්සර උදේ පාන්දර 4.00 ඉඳලා හවස් වෙනකම් පෝලිම්) වේරහැර කාර්යාලයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුලට ගියාට පස්සේ වැඩේ කරගෙන එලියට එන්න පුළුවන් උනා පැය 2යි විනාඩි 30න්....!

    කාලයේ ලොකු ඉතුරුවක් උනා. ඉස්සර වගේ මාස තුනක් හතරක් විතර රස්තියාදු වෙන්න ඕන නැහැ දැන්. දැනගෙන ගියොත් අවුලක් නෑ.

    ReplyDelete
  4. මාතේ.... සර් ට කඩේ යන එක පොඩ්ඩක් අඩු කරපන් බන්. උඹ කලින් ආණ්ඩු හැම එකකටමත් කඩේ ගියානේ. එතකොටත් උඹට හිනා වෙච්ච එවුන් මේ සැරෙත් පුකෙන්ම හිනා වේවි උඹේ කථා වලට.

    ඒ වගත් මෙසේමැයි...

    ReplyDelete
    Replies
    1. ඒකත් ළොකු දෙයක් නේ.....

      මිනිස්සු හිනා වෙලා ඉන්න එක කොච්චර දෙයක්ද...?

      Delete
  5. මාතා ජේ අර් කියන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අනිත් හැමෝටම කලින් ඇහැරුන මිනිහෙක්. ජේ අර්ගෙ ව්‍යපෘතිවල ක්‍රෙඩිට් එක ගත්තෙ ගාමිණි දිසානායකයි ජේ ආර්ගෙ බෑන වෙච්ච රනිලුයි ඒත් රනිල්ට ඒක මේන්ටේන් කරගන්න බැරි වුනේ රත්තරන් හැන්ද කටේ ගහල කුරුදුවත්තෙ පැටන් එකට දේශපාලනය කරපු නිසා බිමේ වෙනස අදුනගන්න බැරි වෙච්ච නිසා. එහෙම නැතුව ඔය අද මේකෙ එහෙ මෙහෙ යන තරම් පට්ට වැඩ්ඩෙක් නම් රනිල් 2001 න් පස්සෙ කරපුව අරන් එන්න

    රනිල්ට දේශපාලනික විවේචනයක් නෑ වගේ සීන් එකක් බූස්ට් කරල ආයත් හදන්නෙ පරණ පුටුවටම ගොඩ වෙන්න. ඒ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. අපිටයි පක්ෂෙටයි වරදුනේ වැරදුනේ

      මට දුක ආමර් වීදියේ රනිලුත් උන්නේ නැති එක...

      රනිල් කියන්නේ ඇවිදින මලමිනියක්...

      Delete
  6. Mathlan rajapaksha ...!!!

    ReplyDelete
  7. අයියෝ මාතේ ගෝඨා මේ රටේ ජනාධිපති.
    ඉතිං���� රටේ ජනාධිපති විදිහට මිනිහට නිකං පඩියක් ගෙවන්නවත් ෆැසිලිටි දෙන්නවත් අපිට කැසිල්ලක් නෑනේ��......

    මෑන්ස්ව ජනාධිපති කලේ වැඩක් ගන්න......
    ජනාධිපති කියලා පුටුවෙම ඉඳගෙන එකෙව්කාට ඕඩර්ස් දිදී ඉන්ඩෝනා කියල දෙයක් නෑ අර බොලාගේ මහා පූර්වාදර්ශේ කියන හඳුන්නෙත්තියත් (ඌගේ නම කියන්නත් මොකක්ද වගේ ඌ හින්දනේ මගේ ඔරිජිනල් FB එක බ්ලොක්���� උනේ මාසෙකට) ගෝඨා RMV එකට පැන්න වෙලේ කීවා ජනාධිපති කෙනෙක් උනාම පුටුවෙම ඉන්ඩෝනා නෑ මෙහෙම විසිට් කරපු එක ගැන එයාලත් සතුටුයි කියලා හිටං.......

    ඉතිං මිනිහා ගමින් ගමට යනවා / මිනිස්සු එක්ක මුහු වෙනවා / ප්‍රශ්ණ අහනවා දැනුවත් වෙනවා ඉතිං හොඳ නැද්ද ඒක���� ???

    දැන් ඕක පුතානෝගේ කථා එක්ක පටලගන්න එපා.......
    පුතානෝ කීවේ රෑට රෑට ගෙවල්වලට ඇවිල්ලා සතුටින්ද ඉන්නේ බලනවාය / දෙපතුල් ලඟට ඇවිල්ලා වහලෙක් වගේ සේවය කරනවාය������ එයා නිකං මැරෙන් නෑය ජනතාවත් එක්කම මැරෙනවාය වගේ ගොංකථා හරිය......

    ඉස්සෙල්ලාම බාස්ට වාහනේ හදන්න දෙන්න......

    හැදුවට පස්සේ අඩුපාඩු බලලා ආයේ රෙපෙයාර් කරගන්න����.......

    බාස්ගේ වැඩ මදිනම් බාස්ව මාරුකරන්න අපි හැමෝම පෙරමුණ ගමු

    ඉස්සෙල්ලාම ජනාධිපතිට වැඩ කරන්න දෙන්න����.......

    වැඩ ටික කලාට පස්සේ විවේචනය කරන්න��.......

    වැඩ නොකලොත් ඊලඟ පාර වෙන කෙනෙක්ට ජනාධිපතිකම දෙන්න කටයුතු කරන එක අපට එකතු වෙලා කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. A uttho, repetetion of last 72 years? thopi wage mall wahela innakam lankawa goda yanawa boru

      Delete
  8. you should get a job in laundry channels so 69 Lak people can see your valuable ideas
    thought you were a independent guy with a dignity .. but the bitter truth has come out..
    Also it seems now you do full time blogging and may be getting good income for what you do ..
    Good Luck with your new project of cleaning dirty clothes

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න