.

.

Dec 28, 2020

ස්වයං වින්දනය අතුරු අබාධ ඇති කිරීමට ඉඩ ඇත..


රාජපක්ෂලා බලයට ඒමටත් ප්‍රථම කැම්පේන් වලින් කැපී උන් කහකඩයෝ සැට්ටෙකක් ඊයේ ජනාධිපති ඝෝඨාගෙන් ගේමක් ඉල්ලීය…. උන් ඉල්ලන්නේ ඝෝඨාභය රාජපක්ෂ කෙනෙක් නොව හිට්ලර් කෙනෙකි.

මේ ඉල්ලීම එකාතකින් සාධාරණය.. මේ කහකඩයෝ පමණක්ම නොව.. මහින්දගේ ගෝලයන්ද.. අද විපක්ෂයේ ඉන්නා උන්ද.. ඇපත් නැතිව ගෙදර ගිය උන්ද.. අම්බානක කන්න වෙන බව දැනගෙන දිරා මාරු වූ උන්ද.. සියල්ලෝම බලාපොරොත්තු වෙලා තියෙන්නේ හිට්ලර් කෙනෙක්ය..

එහෙත් බලයට වසරක් ගත වී තිබියදිත්.. ප්‍රජාතන්ත්‍රවාදයට අබ මල් රේණුවක ඩැමේජ් එකක් වෙලා නැතිය… සුදු වෑන් ආවේත් නැතිය… එකෙක්කත් මෝරා ටැංකියට දැම්මේත් නැතිය.. රාජිතගේ කිඹුලන්ට දැම්මේත් නැතිය…

මේ සියල්ලම එවකට විපක්ෂය විසින් නිර්මාණය කල සාර්ථක ප්‍රොපගැන්ඩාය.. අමු කෙප්ප ගජබින්නය.. ඉතින් විපක්ෂයේ උන්ට කාලා ඉන්න බැරිය…

“ස ෆේල්” කියන්නේ මේවා නොකරන නිසාය…

උන් බැලුවේ ආන්ඩුව ආපු ගමන්ම ඝෝඨාට වැඩේ දෙන්නය.. විශාල වියදමක් මෙන්ම කැපවීමක් කොට නිශ්පාදනය කරනා ලද ජාත්‍යන්තර නිශ්පාදනයක් වූ ගානියා බැරිස්ටර් නාඩගම කෙලවර වූයේ සුවිස් එම්බසියත් හත් පොලේ ගාගෙනය..

ඝෝඨා ප්‍රමෝට් නොකල පැණියකින් අරින්න බැලුවේය… රාජපක්ෂලා අනික් උන්ට ආතල් ගන්න දුන්නාට.. එයාලා පැණි බිව්වේ නැතිය… ඒ රාජපක්ෂලාගේ හැටිය…

රාජපක්ෂලාගෙන් දෙවන වරටත් බටර් නැතිව ඇරගත් විදෙස් බලවේග.. (පළවන වර ඇරගත්තේ යුද්දේ නවත්තන්න ගොස් ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසලදීය..) MCC එකත් අකුලාගෙන පැත්තකට වෙන්නේ මේ නිසාය…

එහෙත් ආන්ඩු පක්ෂයේ උන්ගේ ස්වයං වින්දනයේද කිසිම අඩුවක් නැති බවත් කිව යුතුය…

ඒ මහින්දගේ කාළයේ දාපු සෙල්ලම් දැන් දැමීමට බැරි හේතුවෙන්ය…

එහෙත් දේශපාලකයින් කොන් කර ඇති දේශපාලන ගමනක් නැති බවත් කියා සිටිය යුතුමය…

කළ යුත්තේ කැබිනට් මීටීම් වලට අමතරව ඔවුන් හා සංවාදයක් ගොඩ නගා ගැනීමය… නැත්නම් සියල්ලන්ටම වෙන්නේ වාසු කෑ පරිප්පුව කන්නටය..

මේ කහකඩයෝ කියන්නේ ආන්ඩුව පිහිටෙව්වේ උන් කියලාය…

විමල් හා ගොම්මන්පිල කියන්නේ උන් කියලාය…

සිරිසේන හා එයගේ සැට්ටෙක කියන්නේ උන් කියලාය…

වියත් මග වියතුන් කියන්නේ උන් කියලාය…

චිචී කියන්නේ එයා කියලාය…

දිලිත් ජයවිර කියන්නේ එයා කියලාය…

රෙනෝ සිල්වා හිතන්නේ එයා කියලාය…

සංඛ අමරජිත් හිතන්නේ එයා කියලාය…

චතුර හිතන්නේ එයා කියලාය…

ඉරාජ් කියන්නේ එයා කියලාය…

නිස්සන්ක සේනාධිපති හිතන්නේ එයා කියලාය…

වෙබ් කාරයෝ හිතන්නේ උන් කියලාය…

ෆේස්බුක් එකෙ බයියෝ හිතන්නේ උන් කියලාය…

(එයාලා මෙ වන විට ආන්ඩුවට දරුණු ලෙස වෝනීන් ඉෂූ කොරනවාය..)

මහින්ද හිතන්නේ එයා කියලාය..

බැසිල් හිතන්නේ එයා කියලාය…

කොටින්ම සජිත් හිතන්නේ එයා කියලාය…

එයා කියනා කතා වලින් අපට එහෙම හිතෙනවාය…

හැබයි සිරා හැර ඔය ඔක්කොම ඉඳලාත්… මහින්ද ජනෙල් පොල්ලේ එල්ලුවේ… මේ රටේ මධ්‍යස්ථ මතදාරී නිදහස් බුද්ධිමත් ජනතාවය… ඒ වෙලාවේ රාජපක්ෂලා බලයට පැමිණියේ නම් පිස්සු කෙලීමේ නිමක් නැතිවම යනවාය…

එකාතකින් රාජපක්ෂලා වලේ වැටී මොළේ පෑඅදුන අතර.. මේ රට ගොඩ ගැනිම්මට රාජපක්ෂලාම හැර වෙන එකෙක්කත් නෑ කියනා එකත් මධ්‍යස්ත ජනතාව තේරුම් ගත්තේය…

හැබයි ඝෝඨා හිතුවේ ආන්ඩුව පිහිටෙව්වේ හින්ගල බෞද්ධයෝ කියලාය…

මෙය උන්නැහේට චන්දය ලබා දුන් මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් චන්ද දායකයාට කල අපහාසයකි..

සෑම ආගමකටම ජාතියකටම අයත් මධ්‍යස්ථ මතධාරීන් විශාල පිරිසක් ඝෝඨාභයට චන්දිය ලබා දුන් බව මාතලන් පෞද්ගලිකවම දන්නවාය.. ඒ වියත් මග නිසා බවත් කිව යුතුය.. 2015 කැම්පේන් එකෙන් මේ කැම්පේන් එක වෙනස් වූයේ ඒ නිසාය…

වාසනාවකට උන්නැහේ දැන් ඒ කතාව කියන්නේ නැතිය… එමෙන්ම අවසාන වරට සංඝයා වහන්සේ සමඟ ජනාධිපති ලේඛම් කාර්යාලයේ පැවති රැස්වීමේදී සර්ව ආගමික නායකයින්ගෙන් සැදි කන්ඩායමක් සමඟ ඉදිරියට යෑමට ගත් තීරණය ඉතා ධනාත්මක් එකක් බව කිව යුතුය…

කවුරු මක්කා කීවත්… මෙතෙක් බිහි වූ වඩාත් ජනතාවාදී මෙන්ම.. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස මාතලන් නම් දකින්නේ ඝෝඨාභ්ය රාජපක්ෂ මහතාය…

උන්නැහේ අද වන තෙක් කිසිම විරුද්ධවාදියකු මැඩලීමට ක්‍රියාකර නැත… ලොව කිසිඳු ප්‍රජාතාන්ත්‍රික රටක නොමැති පරිදි… ඝෝඨා විරෝධී ආන්ඩු විරෝධී උද්ඝෝෂණ යන්නේ ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරියේය..

එක එකා මොන බයිලා ගැසුවත් අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියට මේ වන තෙක් අත තබා නැත.. විරුද්ධවාදීන් එය උපරීමයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටි…

අප ඝෝඨාභය පත් කර ගත්තේ මෙලෝ රහක් නැති ඒ හාල්පාරුවන්ට උත්තර දීමට නොවේ… යුද්ධයෙන් ගොඩගත් මේ රට ආර්ථික වශයෙන් ගොඩ දැමීමටය…

වැඩේ කිසි අවුලක් නැතිව කොරෝනා මැද්දේත් අපූරුවට සිඳුවනු බව පෙනේ… ආර්ථිකය පිළිබඳ ගත් තීන්දූ තීරණවලද අඩු පාඩු නතිව නොවේ.. අහාරවල මිළ ඉහළ ගියේ එබැවිනි.. මේ ක්‍රියාත්මක කරනුයේ 1970 -77 අතර කාළයේ පට්ට ෆේල් වූ ආර්ථික ප්‍රථිපත්තියක් බවත් මතක් කල දිය යුතුමය…

මේ ලෝකය එකම ගම්මානයක් බව මොනවට ඔප්පු වූ කාරනය නම් කොරෝනා වසංගතයමය.. ඒ නිසා අප ගමන යා යුත්තේ ලෝකයෙන් වෙන් වී හුදකලා වූ අගුපිලක් ලෙස නොවේ…

ආන්ඩුවේ උන් මෙන්ම විපක්ෂයේ උන් කෑ ගැසුවාට ඒවා පයිසයකට මායිම් නොකළ යුතුමය…

මන්ද නව ලිබරල්වාදය සියල්ලන්ටම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට හැක්කේ රාජපක්ෂලාම නිසාය…



16 comments:

  1. මාතලන් ඇතුළුව මාතලන් පෞද්ගලිකවම දන්නා ඝෝඨාභයට චන්දිය ලබා දුන් සෑම ආගමකටම ජාතියකටම අයත් මධ්‍යස්ථ මතධාරීන් විශාල පිරිස පොන්නයින්ය නොකියා කියා හොඳම සැටිපිකෙට් එක දුන්නේ පෝට්ටුවේ න්‍යායායාචාර්‍ය පට්ටම හොබවන පුවක්මන්ඩලේ පතිරණය.
    මාතලන් ඒක නොදැක්කාවගේ ඉන්නේ ඌ අරින එක බටර් මාජරින් හෝ අඩුමතරමේ පිච්චිච්ච ඇන්ජින් ඔයිල් හෝ නොමැතිවම පුක පැලෙන්නම ඇරිය නිසා ඇතිවූ වේදනාවටත් වඩා නැවතත් අරීවීදෝ යන බයටම විය හැකියි.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් එයා ලියලා තිබුනේ නෑ...

      අමු ජාතිවාදීන්ට නම් දීලා තිබ්බා පොරි හැලෙන්නම...

      ඔහු බැසිල්වාදියෙක්...

      Delete
  2. වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
    වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් අපට කෝවිඩ් දැන් මැස්සො වැනී

    ReplyDelete
    Replies
    1. කොවිඩ් වල එල්ලිලා උන්නොත් හොම්බෙන් යන්න වෙන්නේ...

      Delete
  3. අනුන් සතු credit දිගටම අරගන්න
    සිරිතක් තියේ සිරි ලංකාවේ ඔන්න
    ස්වයං වින්දනේ දිගටම නියැලෙන්න
    ඉඩ දී බලා ඉන්නෙමු විමසිලි නෙතින

    ReplyDelete
    Replies
    1. ජයග්‍රහණයට පියවරු බොහෝ වෙත්...

      Delete
  4. අයිසේ ළමාතන්, ලංකාවේ ජනපති ගැන වූ විශ්වාසය නැතිවී නැහැ වගේ නේද තාමත්? පේන විදියට රටට අවශ්‍ය නායකත්වය ජනපති ලබාදෙනවා. අවුරැදු 100කට පසුව ලෝකයේ විශාලතම අර්බුදය සමග මෑන්ට විශාල දෙයක් රට වෙනුවෙන් කරන්න වෙනවා. හරියටම කිවුවොත්, ලංකාවේ නම් නිදහසින් පස්සේ කිසිම නායකයෙක්ට මුහුණපාන්න නොලැබුණු අභියෝග රැසකට මෑන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොරෝනා ව්‍යසනය නිසා, ඇති වූ ලෝක ආර්ථික අර්බුදය, රටට විශාල වශයෙන් දායකත්වයක් ලබාදුන් සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම, විදේශ රැකියා ව්‍යාපාරයේ කඩාවැටීම, අපනයන අඩුවීම, රටේ නිෂ්පාදනයන් ඇනහිටිම, වගේම, පහුගිය අකාර්යක්ෂම දූෂිත යහපාලන ජඩ ආණ්ඩුව විසින් රටේ ආර්ථිකයට කල බරපතල විනාශය නිසා ඇති වුණු උග්‍ර ගණයේ ආර්ථික අර්බුදයන් සමග මේ රට සංවර්ධනය කිරිමට සිදුවෙලා තියෙනවා. ගොඩක් අය හිතන තරම් මේ දේවල් කිරිම ලේසි නැහැ.

    හැබැයි ඉතින් කොච්චර අමාරැ වුනත්, පහුගිය මෙලෝ රසක් නැති කාලකන්නි යහපාලන චෞර බලු පාහර කාඩ ආණ්ඩුව වගේ "බුදු අම්මෝ ණය ණය ණය මට බැරියෝ" කිය කියා විලාප තිය තිය කිසිවක්ම නොකරම කාලය නාස්ති කර කර බොරුවට නාහෙන් අඩන්නේ නැහැ. මොන ව්‍යසනයක් ආවත්, රටේ මිනිසුන්ට අවශ්‍ය දේ කරන්න උත්සාහවත් කරනවා. ආණ්ඩුවේ බොහෝමයක් දේවල් අපිත් විවේචනය කරනවා. ඒ හැමදේම කරන්නේ රටේ දියුණුව වෙනුවෙන් සහ ජනතාවගේ යහ පැවැත්ම ආරක්ෂා කිරිමට මිසක් ආණ්ඩුව වට්ටන්න නෙමෙයි. මේ ආණ්ඩුව වැටුනොත්, නැවතත් නැගිටීමක් නැහැ කියලා බොහෝ දෙනෙක් දන්නවා. 2015-2019 කාලසීමාවේ, කිසිම අර්බුදයක් නැතුව තිබිලත්, ඒ ආණ්ඩුව ඉතාම බරපතල ලෙස රට විනාශ කරපු හැටි අපි දැක්කා. අවසානයේදි සාමකාමි රටේ අවුරුදු දහයකට පස්සේ නැවතත් ත්‍රස්ථ්වාදි බියක් පවා ඇතිකලා. ඒ නිසා, ඒ වගේ කාලකන්නි මල පෙරේත පාලනයකට නැවතත් අවස්ථාවක් නොදීමටනම්, මේ ආණ්ඩුව හා ජනාධිපතිවරයාව තියාගන්න වෙන බව තමයි දැනට නම් පේන්න තියෙන්නෙ. ඒත් ඉතින් මේ තියෙන අඩුපාඩු රැසක් හදාගෙන ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒක මේ රජයට කරන්න පුළුවන් වෙයිද ළමාතන්?

    ReplyDelete
    Replies
    1. ඔහුට එය කළ හැකි බවට තවමත් විශ්වාස කරනවා.....

      Delete
  5. මෙහෙමයි මාතේ විභාගේ ලියල ලකුණු 3 ක්‍ අරන් ෆෙල්වෙච්ච එවුන් – 70 ක්‍ ලකුණු අරන් ඉහලින්ම පාස් වුනු අයට ෆේල් ෆේල් කිය කියා හිඟන සතුටක් විඳිනවා දැක්කම පවු කියලා හිතෙනවා, මුං කොච්චර ගොං ද කියලා කියන්න පුළුවන් මේ ෆේල් එකාට රිපෝට් එක බලපුවහම පෙනෙන්නෙත් ඌ පාස් වගේ කියන කතාව අනුව...

    ReplyDelete
    Replies
    1. //මෙහෙමයි මාතේ විභාගේ ලියල ලකුණු 3 ක්‍ අරන් ෆෙල්වෙච්ච එවුන් – 70 ක්‍ ලකුණු අරන් ඉහලින්ම පාස් වුනු අයට ෆේල් ෆේල් කිය කියා හිඟන සතුටක් විඳිනවා//

      ඒවා පයිසයකට මායිම් නොකළ යුතුමය…

      Delete
  6. මන්ද නව ලිබරල්වාදය සියල්ලන්ටම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට හැක්කේ රාජපක්ෂලාම නිසාය…
    නැතුව... නැතුව...

    යකෝ අන්තිමේ තණකොළ කකා හිටි හරකුත් කඩේ යැව්ව එකේ

    ReplyDelete
  7. මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.

    රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

    ඔහුගේ කේන්දරය ද තමන් ලද ඇතැයිද ඔහු කියයි.

    2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට තමන් පැවසූ බවත් ඒ ජ්‍යෝතිෂයෙන් දැක නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

    එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසීය.

    තමන් කේන්දරයක් බැලීමට පැය භාගයකට රුපියල් පන්දහසක් ගන්නා බවක් කේන්දරයක් හැදීමට 26500 ක් ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    ReplyDelete
    Replies
    1. පිස්සු හුත්තෙක්....

      මොකෙක් හරි මෝඩයෙක් අන්දගෙන කනවා ඇති...

      Delete
  8. යකෝ මාතලන් ලංකාවේ උතුරේ දමිළ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව පහුගිය දූෂිත යහපාලන චෞර රජය විසින් පත්කළ ජාතික මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් මහත්මිය ප‍්‍රකාශ කර ඇත.

    ඇය සිදු කළ මෙම අතිශයින්ම බරපතළ ප‍්‍රකාශය ගැන වත්මන් රජය විසින් විමර්ශනයක් දියත් කර තිබේ.

    එසේම වර්තමාන ම රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැතැයිද ඒ නිසාම ලංකාවේ උතුරේ දමිළ ජනයා සහ වාර්ගික මුස්ලිම් ජනයා ඉන් බරපතල ලෙස අසාධාරණයට ලක්වන බව ද අම්බිතා මැතිනිය ලිඛිතව දැනුම් දුන් චෝදනා වල සඳහන් කර තිබේ.

    අම්බිතා මැතිනිය ඇතුළත්වූ ලංකාවේ පහුගිය ජාතික මානව හිමිකම් කවුන්සිලය එවකට හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 3400 කට අධික ප්‍රමාණයක් යවා තිබිණි. පසුව හිටපු ජනපති ඒ පිළිබඳ සිය කණස්සල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එම මැතිනියගේ වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව ඉතා බරපතළ මට්ටමේ යුධ අපරාධ චෝදනා නගා තිබුණා යයි එකල සිට රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. ලංකාවේ ජාතික මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම සාවද්‍ය වාර්තා ගැනද පරීක්‍ෂණ කරන බව රජයේ එම ආරංචි මාර්ග පළ කළේය. මේ ගැන ඔබ දරන මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා මේ ආන්ඩුව ගනන් ගන්නේ නෑ...

      දැන් ලෝකයා ඔවා ගනන් ගන්නෙත් නෑ... කොරෝනා හැම එකාටම ඇරලා තියෙන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න