.

.

Dec 27, 2020

සවුක්ක බයිලා හා සංඝ බජව්



කොරෝනා වලට රට ලොක් ඩවුන් කිරීමටත් ප්‍රථමයෙන් මාතලන් කිව්වේ මේ කරන්න යන්නේ අමු ගොන් වැඩක් කියලාය. රට ලොක් ඩවුන් කරන්න ඕනා කියා මැරෙන්න හැදුවේ ගොම සංගමය හා විපක්ෂයය. (ඉස්පසොලිස්ට්ලා හෙවත් වෛද්‍ය විශේෂඥ්ඥයින් උන්නේ අප උන් මතයේය.) ඇත්තටම ඝෝඨාභය ජනාධිපතිද උන්නේ අප උන් මතයේය. එහෙත් අරුන්ගේ හඬට බය වී කල ගත් ගෝත කරුමයෙන් අවුරුදු පහක් පුරා කුඩු පට්ටම් කර තිබූ ලාංකීය ආර්ථිකය තව දුරටත් ගොඩ ගත නොහැකි මට්ටමටමට කෙල වී අහවරය.

කොරෝනා ආ දිනයේ පටන් අද දක්වා ඒ රෝගයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා පිරිසක් ඩෙංගු වලින් මිය ගොස් ඇත. එහෙත් අද හැම එකාටම ඩෙංගු අමතකය. දැන්වත් කොරෝනා ඔළුවේ තබාගෙන යාම ආන්ඩුව විසින් නවතා දැමිය යුතුය.

පළමු වටයට වඩා දෙවන වටයේ කොරෝනා පිස්සු කෙලිද්දිත්.., ගොම සංගමය ලොක් ඩවුන් කතා දැන් කියන්නේ නැතිය. සමාර විට එයාලාගේ නෑදෑ හිතවතුන්ද පරිප්පුවේ හොඳම එකෙන් කාලා ඇතිය.

දැන් පිස්සු කෙලින්නේ පොලිස් බලතල ඉල්ලූ පී ඇච් අයි මහත්තයලාය. උන්ට පොලිස් බලතල දුන්නා නම් හෙම මේ වන විට එක්කෝ ජනතාව එක් වී උන් ටික ඉවර කර දමලාය. නැත්නම් උන් විසින් කොරෝනා රෝගීන් අහවර කර දමලාය.

හමුදාව මූලිකත්වය ගැනීම හා පොලීසියේ සහාය නොවන්නට, සවුක්ක කාරයෝ කොරෝනා වලින් අච්චාරු දමා හොඳ කෙලියක් කරලාය.

දැන් සවුක්ක අංශයේ උන් ඉස්ලාම් භක්තිකයින්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදී තවත් ජාතික ප්‍රශ්ණයක් ඇති කරලාය.. සහායට ඩැනීලා සේ ගෞරවනීය මහා සංඝරත්නය මයික් පලනවාය.

අපේ වාසුදේව මහත්තයා නම් කියන්නේ අඩි 30 ක් දක්වා ගියත් ජලය නොමැති ප්‍රදේශ දෙකක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්. ඒ ගැන වාර්ථාවක් සවුක්ක අංශ වෙත ලබා දුන් බවත්ය.

සියල්ලන්ටම එක නීතියක් කියා… මිනී මරණ උන්ට හා කුඩු කාරයන්ට දෙන දඬුවම් මුවෙක් මරණ උන්ට දෙන්නේ නැතිය… මේ විශේෂිත වූ ජන කොටසකි… ඔවුන්ගේ ආගමික හා සඟිස්කුරුතික හැදියාවන් වෙනස්ය.. ලෝකයේ අනෙක් රටවල භූමදානයේ කිසි අවුලක් නැතිනම්.. ඒක මේ රටේදී විතරක් වෙනස් වන්නට ඕනා නැතිය..

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටීම රජයේ වාසනාවකි. බලයට එන්න මොන බයිලා ගැහුවත්, බලය ලද මොහොතේ පටන් ඔවුන් පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම හා රටේ තාවකාලික බාරකාරයෝය.

පොලිටික්ස් හා පොලිට්‍රික්ස් යනු දෙකකි. මහින්ද මහත්තයා මේ දෙකේම කෙල පැමිනියෙකු හේතුවෙන් බයියන්ද, සංඝරත්නයද, අදාල ප්‍රජාවද සමඟින් මෙය විසඳා ගනී යන්න අපේ බලාපොරොත්තුවයි.


No comments:

Post a Comment

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න