.

.

Jan 12, 2021

රන්ජා, වන් ෂොට් හා මී හරකා


විජය කුමාරතුංග මුලදී මා(තලන්) ප්‍රියකල නලුවකු නොව්ය. එහෙත් ඔහු මගේ ඒ කාළයේ බොක්කෙකුගේ ප්‍රියතම නළුවා විය. ඌ කොතරම් පිස්සෙක්දැයි කියනවා නම් දිනක් මාවත් රැගෙන බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිනමා උළෙලකට ගියේ.., උළෙල නැරඹීමට නොව විජය හා කතා කිරීමටය. උත්සවය අවසන් වී, විජේ එලියට එන තෙක් සිටි අප, විජය වටකරගත් පිරිස අතරට එකතු උනේය. ඔහු කොතරම් ආකර්ෂණීය පුදගලයෙක්ද යත් එවන් පුද්ගලයකු ලෙස මා ඉන් පසු දැක ඇත්තේ දැක ඇත්තේ රෙනෝ ද සිල්වා පමණය.

ඔහු කෙතරම් සුහදශීලී පුද්ගලයෙක්ද යත්.., එදා සිට මා(තලන්)ද විජය පිස්සෙක් විය. මේ ඔහු දේශපාලනයට පැමිණීමට පෙරයි.. ඉන්පසු විජය කුමාරණතුංග නම් දේශපාලකයාටද අප පෙම් කළේය.. ඔහුගේ හදිසි කුරීරූ මරණය අප කම්පා කලේය..

එමෙන්ම රන්ජන්ද මා ප්‍රිය කළ නලුවෙක් නොවේ.. ඊට හේතුව ඔහු පෞද්ගලික ජීවතයේ හැසිරීම කිහිප අවස්ථාවකම මා(තලන්) දැක තිබූ නිසාවෙනි. ඔහු මිනිසුන්ට ගරු කරන්නේ නැත. කාන්තාවන් සියල්ලම සලකන්නේ පහසුවෙන් පරිහරනය කළ හැකි ගණිකාවන් ලෙසය.. අද සිනමා ක්ෂේස්ත්‍රයේ එකෙක්වත් ඔහු වෙනුවෙන් පෙනි නොසිටින්නේ ඒ නිසාය.. මෙය කළා ලෝකයේ කවුරුත් දන්නා දෙයකි.. එහෙත් කිසිවකු මෙය එලිපිට කතා කරන්නේ නැත.. ඒ රන්ජන් ජනප්‍රියම නළුවා නිසාය.. මේ ගැන යම් පමණක් හෝ දැනුවත්කමක් ඇත්නම් ලියන්නට සිටින්නේ එකම එක පුද්ගලයකු පමණි.., ඒ සහන් කසීර වික්‍රමසිංහ පමණය.

එහෙත් වන් ෂොට් අපේ පොඩි මෑන්ගේ ප්‍රියතම නළුවා වන්නේය. ඔහු කුඩා කාළයේ ප්‍රියතම කළ චරිතය වූයේ.., සුපර්මෑන්, බැට්මෑන්, ආනෝල්ඩ් සුබසිංහ හෝ රැම්බෝ නොව අපේ වන් ෂොට්ය.. පොඩි එකාගේ වීරයා ඉබේම මාගේ ප්‍රියතම නළුවකු වන්නේ ඒ ආකාරයෙනි. ඉදින් ඒ නළුවා අද මෙසේ සිරගත වීම කනගාටුවකට කරුණකි. එහෙත් රන්ජන් රාමණායක නම් දේශපාලුවා කලේ ඉල්ලාගෙන කෑමකි.

රන්ජා ඊයේත් කෑ ගැසුවේ මම හොරකම් කරලා නෑ.. කුඩු විකුනලා නෑ… මේ ආන්ඩුව දූෂිත ආන්ඩුවක් කියලාය… එහෙත් රන්ජා මෙන්ම රන්ජන් වැනිම අනෙක් ගොන්ජලාද නොදන්නා කාරනය.., රන්ජන් ඇතුලට ගියේ ඒවාට නොවන බවය…

රන්ජන් හිරේ යන්නේ අධිකරණයට අපහාස කිරීමෙනි.. රන්ජන් සිඳුකල ප්‍රකාෂය ගැන අප මෙන්ම අති බහුතර පිරිසද.., ඔහු සමඟ එකඟ වූවද… එය ලංකාවේ නීතිය අනුව හිරේ විලංගුවේ යන ක්‍රියාවකි…

මේ පරිප්පුව මුලින්ම කෑවේ රන්ජන් නොව එස් බී දිසානායකය.. දෙදෙනාම මේ පරිප්පුව කෑවේ ඔළුව ඉඳිමුන නිසාය. බලය තියෙනා විට මොළය නෑ කියන්නේ නිකමට නෙවේය… මොවුන් දෙදෙනාම දේශපාලන බලය තුල හැසිරුනේ සර්ව බලධාරීන් ලෙසය.. ඒ ඔවුන්ගේ මෝඩ කම මිස වෙන කිසිවක් නොවේ… එස් බී අමාරුවේ වැටුන පසු ඔහු සමඟ උන් කිසිවකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටියේය.. දීප්තිමත් දේශපාලන අනාගතයක් තිබූ එස් බී අත පල්ලෙන් වැටුනු දේශපාලුවකු වන්නේ ඉන් පසුවය.. රන්ජන්ට අත් වන්නේද මේ ඉරණම මිස වෙන කිසිවක් නොවේ.. වසර හතක් දේශපාලනයෙන් ඉවත්ව සිට නැවත් චරිතයක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේමය.

ඕනෑම රටක පුරවැසියකු කැමති හෝ අකමැති වේවා රටේ නීතියට ගරු කළ යුතුය. අපේ රටේ ජනතාව තබා නීතී සම්පාදනය සඳහා පාර්ලිමෙන්තු ගොස් සිටිනා උන්ද රටේ සාමාන්‍ය නීතියවත් නොදන්නා බව ඊයේ මනාව ඔප්පු උනේය. රටේ විපක්ෂ නායකයා ප්‍රකාෂ කර සිටියේ තම කළණ මිතුරා වෙනුවෙන් ගත හැකි සියළුම නීතී ක්‍රියා මාර්ගයන් තමන් විසින් ගන්නා බවය. එසේ නම් ඔහුට යන්නට වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයටය. මන්ද ලංකාවෙ මේ දඬුවමට එරෙහිව ගත හැකි වෙනත් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැති හෙයිනි.

රන්ජන්ට අත් වූ ඉරණම පිළිබඳ මාතලන් සිටිනා මතයේම සිට ඉතා පැහැදිලි කෙටි විශ්ලේෂණයක් කළේ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩය. අද පුබුදු ජයගොඩද එජාප හිතවාදී පිරිසගේ විවේචනයට බඳුන් වී අවසානය.

වන්ෂොට් රන්ජා වීම

රන්ජන් දේශපාලනයට එන්නේ වන්ෂොට් ලෙසය. වන්ෂොට් චිත්‍රපට මාලාවේදී ඔහු ඔවුන්ගේ හොර වංචා එලිකරයි… පාතාල සබඳතා එලි කරයි.. ඔවුන්ගේ බිස්නස් එලිකරයි.. අවසානයේ ඔහු ගූ හුලිජ්ජා පහවන තෙක් දේශපාලුවන්ට බැට දෙයි… පාර්ලිමේන්තුව ඔහුට එකම විහිළුවකි… මේ චිත්‍රපට වල රඟපානා සියල්ලන්ම රන්ජන් මෙන්ම ජෝකර්ලාය.. වැලේ වැල් නැතිව උන් එජාපය මේ සිනමා වීරයා දේශපාලනයට ගෙන එන්නේ රාජපක්ෂලාට ගැසීමටය…

2008 දී පමණ දේශපාලනයට එන රන්ජන් මුලින්ම තේරී පත් වන්නේ සබරගමුව පලාත් සභවටය ඉන් අනතුරුව 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන රන්ජා…, රාජපක්ෂාලාට දිගට හරහට පහර දෙයි.. 2015 යහපාලන ආන්ඩුව පිහිටුවීමට වෙශේෂ දායකත්වයක් දක්වන රන්ජාට රනිල් විකෙමසිංහලා සලකන්නේ නැතිය.. අවසානයේ ඔහුට තනතුරක් ලබා දෙන්නේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන දිනයේ ඉල ඇට කූඩුවට ඇඟිලෙන්න ඇනගත් එකාය. (ඒ රන්ජන්ගේ හැටිය.. කලින් කීවක් මෙන්.., ඔහු කිසිම පුද්ගලයකුට ගරු කරන්නේ නැතිය.. කතානායක අමතන්නේ බජාර් භාෂාවෙනි… ලොක්කා කියාය..)

රන්ජා හීරෝ වීම

මේ යහපාලනයේ ප්‍රධානම කාර්ය බාරයක් වූයේ රාජපක්ෂලා විනාශ කිරීමය.. එයට රනිල්, රාජිත, චම්පික, මංගල මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකද පූර්ණ කාලින දායකත්වයක්, විශේෂ දීමනා හා වරප්‍රසාද සහිතව දැක්වූ බව අද වන විට ප්‍රසිද්ධ රහසකි.

සුමන්තිරන්ගේ හා ශානී අබේසේකරගේ තිර පිටපත් අනුව ඒ සඳහා ප්‍රධානම චරිතයක් ලබා දෙන්නේ ඒ වන විට වන් ෂොට් අතහැර “රන්ජා” ලෙස නමක් හදාගත් හිත හොඳ මෝඩයාය. දේශපාලනය බලයද සමඟ ගේමට බසිනා රන්ජා අමු ගොන්ජෙක් බව හෙලිවන්නේ ඔහු විසින්ම පටිගත කල හඬපට එලියට ආ දිනයේය.

අධිකරණයේ බලවන්තයින් වූ දිරුක්ෂි ඩයස් වික්‍රමසිංහලා, පදිමිනී රණවකලා දාසයයි මාසයේ කෑලී මෙන් ඇඹරෙන්නේ රන්ජාට තිබු බලය නිසාමය.. මෙහිදි එක් විනිසුරුවරයකු හමුවන්න යන්නේ, මහා වීරයකු හා ශුද්ධවන්ත චරිතයක් ලෙස පෙනී හුන් රන්ජන්ගේ මාමන්ඩිය වන කාලෝ ෆොන්සේකා සමඟ බව කිසිසේත් අමතක නොකල යුතු කරුණකි…

කේසේ හෝ මේ සියල්ලන්ගේම රෙදි ගලවා වැලේ වැනූ රන්ජා, ගොන්ජා වන්නේ අධිකරණය පවා තම අල්ලේ නැටවිය හැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුවය..

අධිකරනයේ ඉන්නා නීතීඥ්ඥයින් හා හා විනිසුරන් අන්ත දූෂිත හොරුන් කියා ප්‍රසිද්ධියේ කියන්නේ පුක චූන් වූ රන්ජාය… රන්ජන් ඉල්ලන් කෑ බව දන්නා සියල්ලෝම සෙමෙන් සෙමෙන් රන්ජන් මඟ අරින්නේ මෙතැන් සිටය… ඒ සිද්දියේ බරපතල කම් හොඳින් අවබෝධ කරගත් නිසාය..

රන්ජා ගොන්ජා වීම…

නීතීපති විසින් උපරිමාධිකරණයේ රන්ජන්ට එදිරිව අධිකරණයට අපහාස කිරීමට එදිරිව කේස් එක වැටෙන්නේ යහපාලන කාළයේමය ඒ 2017 දීය.. පරිප්පුව කෑ රන්ජන් වෙනුවෙන් කිසිවෙක් උසාවී ආවේ නැතිය.. ආවේ කාලෝ ෆොන්සේකා පමණය.. සියල්ලෝම රන්ජන් මග හැරියේය.. මුලින් උසාවියේදී “විනිසුරුවන්” ලෙස කීවේ වැරදීමකින් බව පිලිගත් ගොන්ජා.., උසාවියෙන් එලියට ඇවිත් නැවත නැවතත් කීවේ සියල්ලන්ම හොරුන් කියලාය.

කරුමය කියන්නේ වොයිස් කට් නොදී උසාවියෙන් රන්ජා එලියට ගෙනයාමටවත් සුමන්තිරන්ලා ආවේ නැති එකය… ඒ මෙහි බැරෑරුම් කම ඔවුන්ද දන්නා නිසාය..

ඒ නැතත් රන්ජා බුකියේ ලයිව් ඇවිත් ගොන්ජාගේ චරිතයට අපූරුවට පන පෙව්වේය.. හඬ පට හුට පටේ එන්නේ මේ අතරේය… රන්ජාගේ රෙදි ගැලවුනේ මේ කතාවෙන් පස්සේය.. රන්ජන් යනු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිසේත් සුදුසු නොවන අමු සල්ලාලයකු බව ඔප්පු උනේ මෙයින් අනතුරවය.. රන්ජන්ට නුගේගොඩ උසාවියේ නඩු වැටිනි… හිරේද ගියේය… නඩුව ඉදිරියට ඇදෙනා අතර එලියේ උන්නේ ඇප පිටය… සජිත් ප්‍රේමදාසද ඔහු මග හැරියේය.. එහෙත් හිරුනිකාට මෙන්ම රන්ජන්ටද නොමිනේෂන් ලැබිනි… හිරුනිකා පරිප්පුව කෑ අතර.. පිරිමියකු වීම හේතුවෙන් රන්ජන් ඇතුලට ආවේය…

මේ අවස්ථාවේ රන්ජන් වෙනුවෙන් සජිත් පවා කතා කරන්නේ විපක්ෂයට සාපයන් පිට සාපයන් පැමිණෙන නිසාවෙන් මිස, රන්ජන් කෑ පරිප්පුවේ තරම නොදන්නා නිසාවෙන් නොවේ.. අධිකරණය දුන් තීන්දුවක්.., දේශපාලන තීන්දුවක් ලෙස ඉස්මතු කරමින් රඟණා රංගනයට අප ඔවුන්ට අනුකම්පා කල යුතුය….

මක්කා කරත් පුබුදු ජයගොඩ සඳහන් කලාක් මෙන් මාතලන්ද රන්ජන්ට කියා සිටින්නේ… මේ වැටුන වලෙන් ගොඩ එන විට මනුස්සයකු වී එලියට පැමිනේවා කියලාය… මොකෝ ගොන්පාට් වලින් වීරයකු වෙන්නට ගොස් පුක බිම ඇනුන පසු එකෙක්වත් නැතිවන නිසාය..

ඉස්සර ලින්ටන් සේමගේ කියා නළුවෙකු උන්නේය… ඔහු සමාජයේ පහළම අඩියෙන් පැමිනි දක්ෂයකු විය… පොර ස්වර්ණා මල්ලවාඅරච්චි සම්ඟ “මී හරකා” නම් චිත්‍රපටයක මී හරකාගේ භූමිකාව නිරූපනය කලේය.. එහෙත්, ඉන් පසු ලද ජනප්‍රියත්වයෙන් ගොඩ ගිය ලින්ටන්.. අද ඉන්නේ බටහිර රටකය… මොළේ තියෙනා උන් රඟපාන්නේ එසේය..

චිත්‍රපට හා සැබෑ ජීවිතය කියන්නේ එකක් නොව දෙකකි.. සිනමාවේ දානා ගොන් පාට් සමාජයේ දාන්න යන්නේ අමු මෝඩයෝය.. වන්ෂොට් චරිතයෙන් රන්ජා චරිතයට ගිය රන්ජන් රාමනායක ගොන්ජා වී අමාරුවේ වැටුනේ ඒ නිසාය…

අනෙක් කරුන නම් තමන්ට බලය ලැබුන පසු රන්ජා බලයට ඒමට පෙර කියූ කෙරු කිසිවක් වෙනුවෙන් කල කිසි දෙයක් නැත… ඔහු බලය ඇති කාළයේ කම්බා හොරුන් වූ ඊ ඒ පී එදිරිසිංහ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ආරක්ෂා කළේය.. මහ බැංකු හොරුන් හා එක පතේ කෑවේය… මැද පෙරදිග කාන්තාවන් වෙනුවෙන් මෙලෝ අල බෝලයක් නොකලේය.. ඒ ගැන කතාවත් කලේ නැතිය.. හොරුන් කුඩු කාරයන් හා සමාගමය නොඅඩුවම කළේය.. තමන් රැවටුන බව නොදත් රන්ජා ගොන්ජා වී දඟ ගෙටම ගියේය…

I feel very sorry for you Ranjan…

Take Care..


ඒ වගත් මෙසේය…


23 comments:

  1. රන්ජන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි බුද්ධිමත්කමේ අඩුව. මේ අඩුව යම් පමණකටහරි නැතිකර ගන්න තිබුණා යම් උසස් අධ්‍යාපනයක් ලබල තිබුණානම්. කොහෙද, ඉතින් මේ හාදයා ඕ ලෙවල් කරන්න හදන්නෙ වෙන මිනිස්සු පැන්ෂන් යන වයසවන 55 පැන්නමනෙ. අඩුම ගානෙ පාලිමන්ට් ගියාට පස්සෙවත් පොතක් පතක් කියවලා, බුද්ධිමතුන් ඇසුරු කළානම්, ඒ ලැබෙන පරිචයෙන් මේ වගේ අමන වැඩවලින් වැලකෙන්න තිබුණා, හොඳම උදාහරණය ප්‍රේමදාස චරිතය. ඉන්න තරමක් ආශ්‍රය කළෙත් ඉතින් මිනිහට හරියන මෝඩ කලාකාරයො ටිකක්නෙ. අනික ෆෝන් එකෙන් කතාකරපුවා record කරනවානම්, ඒවා තමන්ට විරුද්ධ සාක්ෂිබව ඕන පට්ටපල් මෝඩයෙක් දන්නවා, විශේෂයෙන් ඔය නිළියො එක්ක කතාකරන ඕපදූප වගේ නෙවෙයිනෙ, විනිසුරුවො එක්ක, රජයේ ඉහළ ඉනිළධාරීන් එක්ක හෝ පොලිසියෙ ඉහළ නිළධාරීන් එක්ක ඒ අයගෙ රාජකාරිවලට බලපැම් කිරීම. මට හිතෙන්නෙ call recordings එලියට ආවට පස්සෙ රන්ජන් කළේ යහපාලනේ සම්පූර්ණ නිරුවත් කරලා, අධිකරණය, පොලිසිය, අල්ලස් කොමිසම වගේ ආයතන උඩ සම්පූර්ණයෙන්ම වසුරු හලපු එක. මේ නිසා උසාවියෙ විනිසුරුවො ඉන්න ඇත්තෙ හොඳටම කේන්තියෙන්, මේ නිසා තමයි අවුරුදු 4ක්ම, ඇතුලට යන්න වෙන්නෙ. අනික තමන් විසින් කරපු recordings අඩුම ගානෙ සේප්පුවකදාල ලොක් කරල තියන්න තරම්වත් මේ මිනිහට මොළයක් තිබුණෙ නෑනෙ, වෙන රටකනම්, මේ සාක්කිවලින් බොහෝ දෙනෙක්ට හිරේ යන්න වෙනවා, ලංකාවෙ ජෝක් එකක් වුණාට.

    ReplyDelete
    Replies
    1. හොඳ කියවීමක්. මාතලන් සහ ඔබේ කියවීම් දෙකම අනර්ඝයි. ඇත්තටම ඔය ගොන්ජන් එක්ක කුමන්ත්‍රණ වලට කතා කරපු පොලිස් නිලධාරීන් සහ විනි හොරු වගේම ඉස්සර කාඩපක්ෂ රෙජී මය කාලේ දූෂිත පුද්ගලයන් ද අල්ලලා ඉක්මනට හෝ පමා වී හෝ උන්ට දඬුවම් දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් නේද? ඒත් ඉතින් ඒ ගැන බලාපොරොත්තු තියාගන්න අමාරුයි නේද?

      Delete
    2. ආන්ඩුවට විරුද්ධ පිරිස පවා මේ සත්‍යය දන්නවා...

      සියල්ලෝම රන්ජන් මග හැරියේ ඒ නිසා...

      Delete
  2. මාතේ,

    හුග කලකින් කොමෙන්ටුවක් දාන්න ලැබුනේ, උබ ඉතා වැදගත් කාරණයක් මතුකරලා තියනවා. ශ්‍රී ලංකාවේ නිතිය ගැන රටේ මිනිසුන්ගේ දැනුම අවමයි, මොකද බලය නැතිවූ වහාම නිතිය ක්‍රියාත්මක වෙනවා (බලය තියන වෙලාවේ අදාළ බලවතාට විරුද්දව නිතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන නඩුතීන්දු නොදී පුද්ගලික හේතු මත විනිසුරන් ඉවත් වන ක්‍රමයක් මේ රටේ තියනවා ) රටේ පුරවැසියන් බය වෙන්න ඕනේ ඔවුන්ට මුදල් සහ බලය නැත්නම් සහ ඔබ රටේ නිතිය කඩකරලා තියනවනම් ඔබට දඩුවම් විදීම ඉස්තිර බවයි.

    මෙහිදී රන්ජන් මේ චෝදනාව කරන්නේ ඔහු බලයේ ඉන්න රජයකදියි ප්‍රශ්නය තියන්නේ වසර 5 ක් තිස්සේ මේ චෝදනා කිසිවක් ඔප්පු නොකිරීම විතරක් නෙමෙයි අඩුගානේ මිට විරුද්ද පැමිණිල්ලක් හෝ ඉදිරියට ගෙන ඒමට රන්ජන් අපොහොසත් වීමයි, තක්ෂණය දියුණු අද යුගයේ විනිසුරන් බොහෝදෙනෙක් වැරදි කරනවානම් සාක්කි ඇතිව චෝදනා කල හැකිව තිබුන.

    හැබැයි රන්ජගෙන් එලියට ආපු හඩ පටි වලින් අධිකරණයේ තීන්දු දෙන විනිසුරන්ගේ පැටිකිරිය ලෝකයට එලි උනා

    ඔබ කිව්වා වගේ සජිත් අවංක නම් මිට අන්තර්ජාතික අධිකරණයට ගෙනියල රන්ජන් නිවැරදි කරු උනොත් රජයට බලපෑම් කරලා ඔහුව නිදහස් කල හැකියි වසරකින් හෝ දෙකකින් නමුත් මම හිතන්නේ නෑ සජිත් කියන්නේ එවැනි නායකයෙක් කියල.

    මම රන්ජන් ගේ මෝඩකම් දකිනවා වගේම ඔහුගේ එඩිතර කමුත් දකිනවා ඔහු නොහිටින්න සමාජයේ තියන මේ දුෂණ ගැන සාක්ෂි සහිතව අපිට දැකගැනීමට හැකිවෙන්නේ නෑ කොහොමත් මේ රටේ මිනිසුන් මේවා ඇස් පනාපිට දැක්කත් ඊට විරුද්දව පාරට නොඑන්නේ රටේ පුරවැසියන් ඒ තරමටම දුෂිත නිසයි.

    රන්ජන් මේ හඩපට බලයේ සිටියදී පාවිච්චි කර අදාළ අධිකරණයේ පවතින අඩුපාඩු නිවැරදි කලානම් මම ඔහු ගැන වඩා පහදිනවා නමුත් මේවා ඔහු තියාගන සිටියේ තම දේශපාලන ගමනට උවමනා blackmail කිරීම ට පමණයි.

    හැබැයි ඔහුගේ ක්‍රියාවෙන් විශාල සේවයක් උනා, ඉදිරියේ ඔහුට මුහුකුරාගිය බුද්ධියක් ලබනු ඇතැයි සිතනවා

    Good luck Ranjan

    ReplyDelete
    Replies
    1. රන්ජන් කියන්නේ හැදෙන එකෙක් නෙමෙයි...

      උපන්ගෙයි උද්දච්ඡ මෝඩයෙක්..

      ඔහුට කිසිවකු නැත්තේ ඒ නිසා...

      Delete
    2. රන්ජන් කියන්නේ හැදෙන එකෙක් නෙමෙයි...

      උපන්ගෙයි උද්දච්ඡ මෝඩයෙක්..

      ඔහුට කිසිවකු නැත්තේ ඒ නිසා...

      Delete
  3. මාතේ මේ ගෝතයා ගහන වැල් බයිලා ගැන මොකද හිතන්නේ?

    https://youtu.be/4hYO8tbk7XQ

    ReplyDelete
  4. මාතලන්ගේ කතාව හරි. රන්ජන් රාමනායක ගොන්ජා වී අමාරුවේ වැටුන හැටි ඔබ නිවැරදිව කියා තිබේ.
    ඔහු උසාවියට අපහස කළා, එයට දඬුවම් ලැබුවා.
    නමුත් උසාවියට කෝචොක් දැමූ, අධිකරණයට පමුණුවන්න නොතීසි ලැබූවන් හංගාගෙන සිට පසුව ඒ ගැන කයිය ගහන කොට,විශ්‍රාම ගිය කෝටුවේ රජ්ජුරුවෝ 'මම හිරේ දාන්න ඕන එකා නිදහස් කළා, අනේ මට සමාවෙන්න' කියා ප්‍රසිද්ධියේ කියනකොට, සේවයේ නියුතු කෝටුවේ රජ්ජුරුවෝ 'මට මේ තනතුරේ ඉන්න දෙන්න, සර් කියන විදියට ඕනෙම තීන්දුවක් දෙන්නං ' කියා කියවෙනකොට, කෝටුවේ රජ්ජුරුවෝ ඉස්සර දැමූ නඩු 'ඉදිරියට ගෙන යා නොහැක' කියල තිරිකුණාමලේ රණවිරු මන්ත්‍රීල නඩු අහන්නෙම නැතුව නිදහස් වෙනකොට. සරත් අබ්‍ර්වේල, පිස්සු පූසල සුප්‍රීම් උසාවිවල නඩු අහන කල ...
    අන්න එව්වත් නිවැරදියි, අධිකරණේ නිර්මලයි කියල ලිපියක් ලියපන් බුදු මචෝ.

    රන්ජ මැද පෙරදිග කාන්තාවන් වෙනුවෙන් මෙලෝ අල බෝලයක් නොකලේය. හරියටම හරි.
    අනෙක් කරුන නම් තමන්ට බලය ලැබුන පසු රන්ජා බලයට ඒමට පෙර කියූ කෙරු කිසිවක් වෙනුවෙන් කල කිසි දෙයක් නැත.
    මේ සිරි ලංකාවේ ඔව්ව කවුද බං කළේ. රන්ජව විතරක්ම ඕකට අල්ල ගන්න එපා.
    මේ මෝඩයටම ඇඟිල්ල දික් කොරන වෙලේ අපේ මහින්ද මහත්තයල, සිරිසේන උන්නැහේල, රනිල් හාමුල, දැන් කටවචනේ ස'කියුලර් වෙන අතිගරු, අධිබල ස' ල ඒ අය ගැන කතා නොකරන්නේ මචෝ වයසට ගරු කරලා වෙන්නෑති.
    ආඩම්බරයි මාතලන්.

    ReplyDelete
    Replies
    1. වහල්භාවයෙන් ඇහේ සුද ආපු උන්ට ඒ විවේචන පේන්නේ නෑ...

      Delete
  5. මචන් මාතලන් පසුගිය එජාපයේ දූෂිත යහපාලන රජය සහ කැබිනට් මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ. විකිණීමෙන් පසු ඊට අමතරව ජපානයෙන් අති විශාල ණය මුදලක් ලබා ගැනීමත්, එම ණය මුදලින් කොටසක් යොදා ඉදිකිරීම් සඳහා වන උපකරණ ජපන් සමාගම් වලින් මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් විය. ගිවිසුම පිළිබඳව වත්මන් දූෂිත රාජ පක්ෂ රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපති ගෝඨාභය අවධාරණය කළ අතර මේ කතාව ඇත්ත ද?

    ලංකාවේ වරාය වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද, ජනවාරි 13 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ බව සඳහන් කළේ.

    ඒ වගේම පසුගිය යහපාලන එජාපයේ රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව රාජපක්ෂ මෙහි දී පෙන්වා දුන්නේය. මේක ගැන ඔබේ අදහස් අපට කියන්න.

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපති සඳහන් කළ අතර ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපති පැහැදිළි කළා, ඒ නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක කර ගැනීමට සහ 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන් හේතුවෙන්ලු.

    එතකොට ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති පැවසීය. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපති සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපති වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.

    වරාය නැගෙන හිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ කියා සිටි අතර පසුගිය එක්සත් ජාතික පක්ෂයේ රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව බැසිල් රාජපක්ෂ පැවසුවේ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටිද්දී ඔවුන් ඉදිරියේ. මේ කතාව ඇත්ත ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ සාකච්චාව අසාර්ථක උනා...

      මමත් වෘත්තීය සමිතිවල මතය හා ඉන්නවා...

      Delete
    2. "මමත් වෘත්තීය සමිතිවල මතය හා ඉන්නවා..."

      පික්සුද ඈ ??

      ඔය ගොං වුර්තීය සමිති දන්න රෙද්දක් නෑ. උන් දන්නෙ ඕනැම දේකට විරුද්ද වීම පමණයි.
      1999 දි රැජිණ පාලම පෞද්ගලීකරණයට විරුද්දවත් ඔය ගොං වුර්තීය සමිති පෙළ ගැහුනා. හැබයි චන්ද්‍රිකා නෝනා ඒවා පයිසෙකට මායිම් නොකර ඉදිරියට ගියා. එකෙන් කොළඹ වරාය වේගයෙන් දියුණු වුනා. එහෙම නොවුනනම් අදටත් කොළඹ වරාය පැයට කන්ටේනට 10-11 පටවන පසුගාමී වරායක්.

      මෙතනදිත් අන්වාර්‍යයෙන් පෞද්ගලී කරණය වෙන්න ඕනා. කොළඹ වරායේ මෙහෙයුම් කරයුතු වලින් 75% ප්‍රතිඅපනයන. ඒවයෙන් අති විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් එන සහ යන. හැබැයි දැන් ඉන්දියාව ඒ ගොල්ලන්ගෙ වරායවල් දියුණු කරගෙන යන හින්දා කොළබට කෙලවෙන ලකුණූ පෙන්නුම් කරණවා. ඒ වගෙ තත්ත්වයක් යටතේ ඉන්දියානු සමාගම කොළබට ආකර්ශණය කරගත්තොත් අපිට අහිමිව යන ඒ මෙහෙයුම් ධාරිතාවෙන සැළකිය යුතු ප්‍රමාණයක් නෑවත අද්ද ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

      අනිවාර්‍යයෙන් නැගෙනහිර පර්‍යන්තය පෞදලීකරණය වෙන්න ඕනා. ඒ විතරක් නෙමේ JCT එකත් අනිවාර්‍යයෙන් දෙන්න ඕනා. එයාල කොච්චර පසුගාමිද / මන්දගාමිද කියලා දන්නෙ වරාය එක්ක ගනු දෙනු කරණ අයම තමා..

      ඔය වෘත්තීය සමිති කාරයො කියන ඒවා සතපහකට ගනන් ගන්න එපා. උන් දන්න ලබ්බක් නෑ...

      Delete
  6. අගනා සටහනක් මාතලන්, දීර්ඝ කාලීන නිරීක්ෂණ ඇසුරින් සද්ද විද්ද පළඟ පතිර රංජන් අඹකුමාර අල්පොන්සෝ (aka රාමනායක) ගැන විස්තර කරලා ලියලා තියෙන හොඳම ලිපිය මේ තාක් මම දැකපු. මෑන් කරපු ගොන් පාට් වල අතුරු ඵලයක් විදියට ලංකාවේ සමස්ත යාන්ත්‍රණයේ ඇති අන්ත දූෂිත ස්වභාවය වඩාත් හිරිකිත අශිෂ්ඨ සහ අපි හැමෝම වගේ කලින් සිතුවාටත් වඩා අන්ත අශික්ෂිත බව රටටම පැහැදිලි වුණා.

    ඒ වගේම තමයි මාතලන් මේවා බුකියේ රඟන පොහොට්ටුවේ, එජාපයේ සහ ජවිපේ, ටී එන් ඒ, මුස්ලිම් කොන්ග්‍රසයේ වහල් අනුගාමිකයන්ට කියල වැඩක් නෑ. ඕවා තේරුම් ගන්න තරං මොළයක්වත් ඒවා ඉගෙනගන්න තරං විවෘත මනසක්වත් නෑ. උන්ගේ ලොකු හාමුලා “මේක කරපං ලොල්ලනේ ” කියපු ගමන් රෙදි උස්සං යුනිකෝඩ් කොටන්න විතරයි ගොං හැත්ත දන්නෙ. ගොඩක් නිදහස් අදහස් දරන පිරිස් දැඩි ලෙස නිහඬ වෙලා. ඒක තමයි ඉතින් අවුල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කවුද? කවුද? මතලන්ට ලොල්ල කිව්වේ?
      කපනවා තොගෙ ...

      Delete
  7. හෙණ වැදිල නම් බුලත් පයියට-කූර
    ඉතිරි වේද හුණු කිල්ලෝටය විතර
    මේ රට මේ තරම් විදිහට වනචාර
    වෙන්නේ ඇයිද අපි විතරද පව්කාර?

    ReplyDelete
  8. රංජන් හෙවත් ගොංජන්,

    උසාවිය ඈතුලෙදි: විනිසුරුවරු දුශිතයි කියලා කිව්වෙ කට වෑරදිමකින්.

    උසාවිය පිටදි: විනිසුරැවරැ දූෂීතයි කියලා කියපු කතාව ඉල්ලා අස්කරගන්නේ නැහැ.

    බලන් යනකොට හොදම දෙබිඩ්ඩා “රංජන්“ හෙවත් ගොන්ජන් පොල්බූරුනායක

    ReplyDelete
  9. මිනිහ ටිකක් මෝඩ පහේ කියල දන්නා නිසා හැමෝම මෑන් ව පාවිච්චි කළා. අන්තිමට හීන් සීරුවේ අත හැරියා. මේ ලිපිය සෑහෙන්න මමත් විජයට කැමතියි. හැබැයි රන්ජන් නළුවෙක් වශයෙන් කැමති නැහැ. විකාර කොමඩි හැටියට මට පෙනුනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න