.

.

Jan 21, 2021

ආන්ඩුවට උතුර දකුණ පැටලුන නැගෙනහිර ජැටිය

නැගෙනහිර ජැටිය ගැටලුව නිසා ආන්ඩුව දැන් ඉන්නේ උතුර දකුණ මාරු වෙලාය. එයට පක්ෂපාතිව සිටින්නේ ආන්ඩුවේ පාර්ෂවය පමණය.. ආන්ඩුවෙත් රියල් බයි ප්‍රජාව ඉන්නේ ඊට විරුද්ධවය… ඒ චන්ද ගන්න ඇද ඇරිය කෙප්ප නිසාය..

අපරාදේ කියන්නේ රනිල්ලා උන්නා නම් සද්ද නැතිව ගේම දීලා අහවරය.. උන් කරන්නේ යුනියන් කාරයන්ට හා ජෙප්පන් පොඩි ගානක් දෙන එකය… සංඝයෝ අදාලම නැතිය…

ඊට විරුද්ධ පිරස අතර මුලින්ම ඉන්නේ හූනියන් කාරයෝය.. ඊළඟට ජෙප්පෝය.. දැන් ආන්ඩුව බලයට ගෙනාවා යැයි කියනා මහා සංඝරත්නයද ඊට එක් වී ඇත…

මේ සියල්ලෝම ෂිපින් ඉන්ඩස්ට්‍රිය හෙවත් නාවුක වෙළඳ ක්ෂේස්ත්‍රය පිලිබඳ දැනුමක් ඇත්තෝ හෝ ඒ බිස්නස් එකේ පාර්ෂව කරුවන් නොවේ.. උන් දන්නවා නම් දන්නේ.., කොළඹ වරාය ගැන හූනියන් කාරයෝ දෙන දත්ත හා සංඛ්‍යා ලේඛන පමණමය… ඒ ළිං මැඩි මානසිකත්වයයි…

බිස්නස් කල යුත්තේ බිස්නස් කාරයෝ සමඟ මිස සේවකයෝ හා පින්ගුත්තරයෝ සමඟ නොවේ…

එය හරියට අවුරුදු දෙදාස් පන්සීයක අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන කියනවා වාගේ වැඩකි…

එසේ වසර 2500 ක ඉතිහාසයක් තිබෙනා ශ්‍රේෂ්ඨ ජාතියක ඒක පුද්ගල ආදායම වසරකට ඇමරිකාණු ඩොලර් 3,927 කි..

අවුරුදු 250 ක පමණ ඉතිහාසයක් ඇති ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකාණු ඩොලර් 65,281..

අපට නිදහස ලැබෙන විට අපට වඩා පහළින් උන් ජපානයේ එය ඇමරිකාණු ඩොලර් 40,733..

අපේ ගොබ්බ හූනියන් කාරයෝ නිසා 1950 ගනන් වලදී අපේ කොළඹ වරාය මගහැර සිංගප්පුරුව බලා ගිය නැව් නිසා ගොඩගිය රටේ එය $ 62,115 කි…

මේ රට ගොඩ ගැනීමට නම් මේ කාළකන්නින් පිරිසගේ ගොබ්බ තර්ක අමතක කොට රියැලටියට මුහුණ දිය යුතුය. මුන් හදන්නේ තවත් සිංගප්පූරුවක් බෙංගාල බොක්කේ අන්දමන් දූපත් වලට අයත් නිකොබාර් දූපතේ හදන්නටය…

ඒ හැරෙන්නට නැගෙනහිර ජැටියට ලෝකේ ලොකුම නැව ආවායැයි කියනා MSC නැව් සමාගම…, අබුඩාබී රජය හා එක්ව අලුත් වරායක් අබුඩාබියේ ගොඩ නගමින් සිටී…

නිකොබාර් දූපතේ වරාය ගොඩ නගන්නේ අදානි සමාගම සිංගප්පුරූ සමාගම් හා ඒකාබද්ධවය…

මුන් හිතන්නේ හම්බන්තොට පෙනි පෙනි මූදේ යන නැව් ලංකාවට එන්නම ඕනා කියලාය.. ලංකවේ හාබර් හැර ලෝකයේ වෙනින් හාබර් නැතෙයි කියලාය.. ඒ මුන්ගේ නොදැණුවත් කමය… ඒත් සිංගප්පූරුව.. මලයාසියාව. ඉන්දුනීසියාව… ඩුබායි.. වලත් හාබර් තියෙනවාය… ඒවායේ කාර්යක්ෂමතාව අපේ ඒවාට වඩා ඉතා ඉහළය…

ලංකාවේ නවුක වෙළඳ ක්ශේෂ්ත්‍රයේ ඇති වෙළඳාම් කටයුතු වලින් අප සිඳු කරන්නේ… කෙටියෙන් කියනවා නම්.., කන්ටේනර් ප්‍රතිඅපනයනය කිරීම පමණි… එයිනුත් 80% ඉන්දියාවේ කන්ටේනර්ය… සුද්දා හදා දුන් තෙල් ටැංකි තිරිකුණමලයේ දිර දිරා යනවාය… නැව් වලට තෙල් ගහන්න අපි තවම හිතලාවත් නැතිය…

සේද මාවතේ ගමන් ගන්නා චීනයට අයත් නැව් හම්බන්තොටට මිස කොළඹට එන්නේ නැතිය.. රනිල් ලොක්කා ඒක චීනාට 100% ක්ම ලියලා දුන්නේය… වරාය අධිකාරියේ උන් ඒ කාළේ උන්නේ කට පුක වහගෙනය… ජෙප්පෝ බොරු සද්දයක් දමා ගානක් කඩාගෙන… පස්සේ පරම්පරා බූදල් කාරයෝ බව කියා ෂෙප් උනේය… මහා සංඝ රත්නය උන්නේ රහත් බව ලබා වෙන්න ඇතිය… ඕනම නම් අපට 15% ක හිමිකමක් ඇති කොළඹ වරායේ CICT පර්යන්තයට එන්නට ඉඩ ඇත…

මීට අමතරව ඉන්දියාව ජපානය හා ඇමරිකාව අතර ෂිපින් ලයින් එකක් පිළිබඳව මේ වන විට සාක්ච්ඡා පැවත්වෙමින් ඇත… ඉන්දියාව සීග්‍රයෙන් ලොව ආර්ථික බලවතෙක් වෙමින් පවතින අතර… ඔවුනට ඉඩ දෙන්නේ නම් ලංකාවට එයින්ම දියුණු විය හැකිය… පුහු ඉන්දියන් විරෝධය නිසා අහිමි කර ගන්නට යන්නේ රටක අනාගතයයි..

මෙහේ උන් හැමදාම ඉස්ට්‍රයික් කරද්දි…, අවුට් හාබර් එකේ නැව් නවතාගෙන ගෝල්ෆේස් දිහා බලාගෙන සිටිමේ සිටිමේ පුකේ අමාරුවක් නැව් සමාගම් වලට ඇත්තේ නැතිය. කන්ටේනර් එකක් වරායෙන් එලියට ගන්නට යන කට්ට දන්නේ…, ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නා උන් පමණය… දැන් බිස්නස් කරන උන් ගාන වැඩි උනත් ගේන්න පුළුවන් බඩු ගෙන්වන්නේ එයාර් කාගෝවලය..

ඒ පාර නැගෙනහිර වරාය අධිකාරියටම දෙනවා නම් ඒ එන ආදායමෙන්ම ජැටිය අවුරුදු පහකින් නිම කරලා දෙන්න පුලුවන් කියා ඉන්ජිනේරු බලකායද ගේමට බැහැලාය.. මුන් ඉන්ජිනේරුවෝ වෙන්නට ඇතිය… හැබයි මොළේ කළඳක් නැති හාල්පාරුවෝය.. ජැටියෙන් ආදායමක් එන්න නැව් එන්නට ඕනාය.. ඔය කියන්නේ දැන් එන ආදායම් ගැන සලකා බලලාය..

ඉන්දියාවය කොක්ක ඇද්ද ගමන් ඉන්දියාවේ නැව් ටික එන්නේ නැතිය.. 66% ක ආදායමකට කෙලින්ම බඩු බනිස්ය… ඉතිරි එකට ගේම දෙන හැටි ඉන්දියාව දන්නවාය… ඊට පස්සේ ජැටිය හදන්න වෙන්නේ අපේ ගමේ පන්සල වගේය… අවුරුදු 2500 ක ඉතිහාසයේ සිට අද දක්වාම ඒ පන්සල හදලා ඉවරයක් නැතිය.. තාමත් හදනවාය..

යාපනේට පරිප්පු දාපු උන්ට… රට පලාත් නමයකට බෙදා පලා බබා සුදු අලියෙක් දී වානර හමුදාවක් බලෙන්ම එවු උන්ට ඕවා සුළු දේවල්ය… එවෙලෙට සිද්ද වෙන්නේ හැම එකාටම කට පුක වසාගෙන ඉන්නය.. එදා පලා බබා එපා කියා පිටකොටුවේ බෝ ගහ ලගින් පටන් ගෙන රට ගිනි තැබු…, ගොන් බයියෝ.., ජෙප්පෝ හා චීවර හමුදාව අද ඒවායේ බල්ටි ගසන්නේ නිර්වස්තරයෙන්ය…

මෙ මේ ආන්ඩුවට මේ රට දියුණු කිරීමට ලැබෙනා අනගිතම අවස්ථාවය… අපේ පුහු නම්බුව තිබුනාට අපට ඇති බම්බුවක් නැත්තේය… පේසාලේ තෙල් තාම උනනවාය… පත්තරවලින් රත්තරන් නිදි මතු වෙනවාය… කොරෝනාවලට පැනියෙන් ගේම දෙනවාය.. සුද්දාට විද්ද කොපර් ඊතල මතුවෙනවාය… රාවණාගෙ දඬු මොණරේ ටෙක්නීක් එක හොයනවාය…

එක්කෝ මේ බිස්නස් එකත් ආන්ඩුවම කරන්නට ගොස් තෙල් සංස්ථාව වගේ පාඩු ලබනා ආයතනයක් බවට පත් කොට මහා භාන්ඩාගාරයෙන් නඩත්තු කරන්න පුලුවන්ය.. පෝස්ටර් අලවපු උන්ට ගස් නැගපු උන්ට කඩේ ගිය උන්ට ජොබ් දීලාත් අහවරය… එතකොට ඔය වරායේ හූනියන් කාරයෝ ටික වගේ… දැනට වැඩක් කරනා අනික් උන්ටත්.., අරක්කු ටිකක් බී පරක්කු වී වැඩට ඇවිත් කැරම් ගේමක් හෝ බූරුවා අතක් ගසා සතුටින් විසිර යා හැකිය.

කොළඹ වරාය කටු ගෙයක් කොට උදයංග වීරතුංගගේ සුද්දන්ට පෙන්නා ආන්ඩුවට කීයක් හෝ සොයාගත හැකිය..


ඒ වගත් මෙසේය…


31 comments:

  1. මේ වරායෙ ඉන්ජිනේරුවන් කියන අයියලා කියන්නෙ අර ආණ්ඩුවෙ සේවකයා චුට්ට චුට්ට පගාව ගහලා පඩියෙන් සොච්චම සොච්චම ඉතිරි කරලා අවුරුදු ගානක් තිස්සෙ හදලා යන්තම් රෙටයර් වෙනකොට ඉවර වෙන ගෙයක් වගෙ මේ බිසිනොස් එකත් කරන්න පුළුවන් කියලාය. මුන් එහෙම හදනකොට නෑව් ටික වෙන වරායවල් හොයාගෙන හමාරය. ඔක්කොටම වඩා රෙද්ද උස්සගෙන නටන්නෙ පොහොට්ටු යුනියන් කාරයෝය. උන් ටිකවත් කොන්ට්‍රොල් කරන්න බෑරි නම් ඉතින් කොරලා හමාරය.

    ReplyDelete
  2. මෙහෙමයි මාතෝ, මේ දවස්වල සී. එම්. පෝට් (China Merchants Port) සමාගම හම්බන්තොට වරායේ බහාලු මෙහෙයුම් (container operations) කටයුතු ඇරඹීම වේගවත්ව කරමින් තියෙනවා වගේ, ඒ බව ඒ සඳහා පලපුරුදු නිළධාරීන් බඳවාගැනීමට කටයුතු කිරීම වගේ දේවල් වලින් පැහැදිලි වෙනවා නේද? ��

    සී එම්ලා කොළඹ නැගෙනහිර පර්යන්තය (ECT Colombo) අල්ලපු රටේ සමාගමක් (ආදානි පෝට්ස් & එස් ඊ ඉසඩ්) ඩැහැගනු ඇති බවට පුරෝකථනය කරල තියෙනවා වගේ, ඒ වගේම සීඑම් Ports සමාගම 2016 / 17 කාලේ රනිල් වික්‍රමසිංහ එක්ක ටෝක් කරලා රනිල්ට, පොහොට්ටු කල්ලියේ ලොක්කන්ට සහ ජවිපේට අත යටින් ගානක් දීල හම්බන්තොට වරාය පවරා ගැනීමේ මුල් ගිවිසුමේදී, කොළඹ වරායේ බටහිර පර්යන්තය WCT ලබාදිය යුතු බවට මූලික කොන්දේසියක් ඇතුලත් කර තිබුණට පස්සෙ ඒ වගන්තිය විරෝධතා නිසා ඉවත් කෙරුණේ.

    ඒකෙන් පේන්නේ චීනය කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැනත් ලොකු උනන්දුවක් දක්වන බව නේද?

    තව නැගෙනහිර පර්යන්තය ඉංදියාවේ සමාගමකට ලබා දුන්නොත් චීන සමාගමකට බටහිර පර්යන්තය ලබා ගැනීමට චීන බලපෑම් කරන බවට ගෙස් කරන්න පුළුවන්. ��

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් නැගෙනහිර පර්යන්තය ඉන්දියා සමාගමකට ලබාදීම හරහා ඉන්දියන් පාලනයට යටත් කොළඹ වරාය සහ චීන සමාගමක පරිපාලනය යටතේ ඇති හම්බන්තොට වරාය අතර දරුණු තරඟකාරීත්වයක් නිර්මාණය වීමේ අවධානමක් තියෙනවා, කොළඹ සහ හම්බන්තොට වරායන් සහයෝගයෙන් කටයුතු කරන එකක් නැති උනත් තරඟයක් නිසා ලංකාවට වාසියක් වෙන දෙයක් වුණොත් හොඳයි ඒත් ඉතින් ඒ ගැන තව ඉස්සරහට බලන්න ඕන ��

      Delete
    2. අපි නේ එහෙම හිතන්නේ... ඉන්දියාවයි චීනයි අගේට බිස්නස් කරනවා

      https://www.bloombergquint.com/economy-finance/six-things-to-know-about-india-china-economic-relations

      Delete
  3. අයිසේ මාතලන්, තවුසේ දන්නවා ඇතිනේ ලෝකයේ ලොකුම වරායවල් 50න් 70% ක් විතර තියෙන්නේ චීන සමාගම් යටතේ බව. මේ ඇමරිකන් එක්සත් ජනපදයේ තියෙන වරායන් වලින් ඇමරිකානු පුද්ගලික සමාගම් වල කළමනාකරණය යටතේ තියෙන්නේ වරාය 08 ක් විතරයි. එක සමාගමක් 07 සහ තව අනිත් එකකට 01 ක් විතරයි. එතකොට අනිත් අති බහුතරයක් වරායන් 80 කට වඩා චීන, දකුණු කොරියානු, එක්සත් අරාබි එමිරේට්ස්, යුරෝපීය, වියට්නාම් සමාගම් යටතේ තියෙන්නේ ඕයි. මාර වැඩේ අපිට (ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්න) වෙලා තියෙන්නෙ නේද?

    මේ බලපන් මචන් මේ ඇමරිකානු ජාතිවාදීන් බයවෙලා ඉන්න හැටි? ලොල්

    https://www.freightwaves.com/news/experts-warn-of-chinas-influence-at-us-ports

    තවත් පැත්තකින් ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ ලොකුම ලොකු වරායන් වන ලොස් ඇන්ජලීස්, ලෝං බීච්, සියාත්ල (Seattle) වගේ වරායන් තියෙන්නේ චීන්නු භාරයේ, ඒ නිසා ආදානිලට (Adani Ports & FEZ) ලේසි වෙන එකක් නෑ ඉතින් හැබැයි ආදානි මේ වෙනකොට අල්ලපු රටේ දෙවෙනි ධනවතා නිසා සහ මේ දවස් වල ගොඩක් වේගයෙන් වර්ධනය වන නාවුක ක්ෂේත්‍රයේ සමාගමක් නිසා හොඳින් ගේමක් දෙයි මොකෝ නැතෙයි? ��

    https://www.logisticsmgmt.com/article/top_30_u.s._ports_trade_tensions_determine_where_cargo_goes_next

    ReplyDelete
    Replies
    1. බිස්නස් වලදි කුල මල හොයන්නේ ගෝත්‍රිකයෝ... බිස්නස් කාරයෝ ඔක්කොම අවසානේදි එක පොකුරේ ඉන්නේ...

      Delete
  4. සිස්ටන් එක චේන්ජ් කරන්න වියතුනුත් ආව. 69ම දුන්න
    මල්ලියෙ ඕනැයි කිව්ව නිසාම තුනෙන් දෙකත් ඉහලින්ම දුන්න.
    කටවචනේ ස'කියුලර් කිව්වම ඒකටත් රෙස්පට් ස' කිව්වා

    දැන් ඉතිං මල්ලියෙ අපිද ඔය වරායෙ පස්නෙත් විසඳලා දෙන්න ඕනේ
    ඒකටත් ඕනේ නං ක්‍රමේ කියන්නං
    හුනියන් කාරයොන්ට තුවක්කු ටිකක් දීල යුද්ද කරන්න කියමු
    එතකොට දෙන්නං වැඩේ. හෙහ්! හෙහ්!

    පකේ ආණ්ඩු කෙරුවාව බං
    ඔව්ව වැඩක් ණෑ අර රේනොගේ මල්ලියව එලියට දාන විදියක් කල්පනා කරපන්.
    අන්න එව්වා තමා දැවෙන පස්න

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත... එයාව ළඟදිම එලියට දායි... ඌ වෙඩි තියලා නෑ කියලා නඩුවෙත් ඔප්පු උනා නේ... රන්ජන්ලා ශානිලා පද්මිනීල එක්කහු වෙලා ගහපු ගේමක් නේ...

      Delete
  5. මාතට ආරංචි උනා නේද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව? මිය යන විට අවුරුදු 98 ක් පහු වෙලා තියෙන්නේ, ඒ වගේම අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියල තියෙනවා මේ ගැනත් ලියන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. අනුන්ට කියකිය ඉන්නේ තවුසෙ ලියනවකො

      Delete
    2. නවයුගය පත්තරේ ඊට සාක්කී....

      Delete
  6. ඇත්තටම ළමාතන් අම්මට සිරි ලංකාව යනු Anglo-American බලවේගයේ ග්‍රහණයේ පවතින රටක්. එවන් පසු බිමක එහි මර්මස්ථාන වල නියම අයිතිකාරයා හා නියම පාලකයා Anglo-American අක්ෂයයි. ලංකාවේ කලින් කලට පත්වන ආණ්ඩු මේ සත්‍ය සැගවීමට හදාගත් Cover-up එකක් පමණි.

    එසේ නම් නැගෙනහිර පර්යන්තයේේ 51% ලංකාවට හා 49% ඉන්දියාවට යනුව‌ෙන් ජනාධිපති කරන ප්‍රකාශයේ සැබෑ තේරැැම 51%ක් Anglo-American බලවේගයන් අත රඳන අතර 49%ක් ඉන්දියාව සතුවන බවත්ය. නැගෙනහිර පර්යන්තයේේ 51%ක් නොව 100% ශ්‍රී ලංකා රාජ්‍ය සතුවිය යුතු බවට එජාප-සජබ-ජවිපේ-ටීඑන්ඒ ඒකාබද්ධ දේශපාලන විපක්ෂ කල්ලිය, පොහොට්ටු කල්ලියේ ඇතැම් දේශපාලන උපකල්ලි, ඊනියා වෘත්තීය සමිති, ඊනියා විද්වතුන්, ගු.අමරසේකර, ඇතැම් භික්ෂූන් කරන සටන යට ඇත්තේ එය මුළුමනින්ම Anglo-American පාලනයේම පැවතිය යුතු බවයි. තමන් ශ්‍රී ලංකාවේ ජනතාව වශය‌ෙන් උපායශීලිව ප‌ෙනී සිටිමින් Anglo-American බලවේගය මේ රටේ ජනතාව උපයන හැම සතයක්ම ණය වාරික හා පොලී වශය‌ෙන් පිහිටුවා ඇති ආණ්ඩු යොදාග‌ෙන කොල්ල කමින් සිටී.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ නේ බාප්පේ...

      Delete
  7. ආණ්ඩුවට මුදල් නැතිනම් ඇයි ඔය 49% කොටස් වෙළඳපොළට දමන්නේ නැත්තේ. 25% පමණ ප්‍රමාණයක් පිටරටවල ඉන්න මේ රටේ පුරවැසියෝ අතරේ විකුණන්න පුළුවන් යම් ක්‍රමවේදයකට අනුව, කොටි ඩයස්පෝරාවට ගන්න බැරි විධියට. එහෙම කලොත් අවසානයේ වරාය අයිතිය මේ රටටමයි. මතකතියාගන්න ඕන ඉන්දියාව කියන්නේ මේ රටේ මිතුරකු නොවන බව. මගේ ආයතන වල කිසිම වාහනයකට IOC තෙල් ගහන්න තහනම්, ගැහුවොත් ගහපු රියැදුරා අතින් තමයි, නෝ රීම්බර්ස්මන්ට්ස්...

    ReplyDelete
    Replies
    1. කැත වැඩ කරන්න එපා අයිෂේ.
      ඩ්‍රයිවර්ගේ සල්ලි රීම්බර්ස් කරනවා නිකං ලොකු එක නොදී

      Delete
    2. ඊට පස්සේ ගෙන්නන්නේ එයාලගෙ ට්‍රන්ක් පෙට්ටිද

      Delete
  8. ගොඩාක් වෙලාවට මිනිස්සු කැමති කාට හරි බැන බැන ඉන්න.. කාගේ හරි වැරැද්දක් දකින්න.. හැම දෙයක්ම තමනගේ දේශපාලන කෝනයෙන් බලන්න.. එහෙම කරන මිනිස්සු අනිත් උන්ගෙන් සර්ව සාධාරනය බලාපොරොත්තු වෙනවා.. බොහොම අතලොස්සයි ඉන්නෙ මේ රටේ ආකල්පමය වෙනසක් කරන්න අවංකව උත්සහ කරන.

    තමන්ගේ ප්‍රදේශයේ ඉන්න අවංකව වැඩක් කරන මනුස්සයාට ඉස්සරහට යන්න දෙනවද ? නැහැ.. මිනිස්සු ආස බලය තියෙන, අනාගතයේදි පෟද්ගලිකව වාසියක් ගනන පුලුවන් මනුස්සයාට හෝයියා කියනවා... ලන්කාවේ බහුතරයකගේ මානසිකත්වය ඕක.. ඒ කර කර කාලකන්නි රටක් කිය කිය බනිනවා...

    මම නම් දකින්නෙම මේ හැම දෙයකටම වග කියන්න ඔනේ 225 නෙමේ.. මේ රටේ ජනතාව.. ජනතාව තමන්ගේ පුද්ගලික වාසියට එක එකාව පත්කරගෙන උන්ට කඩේ ගිහින්, විරැද්ද එකා කරනකොට ඇහේ කටු අනිනවා.. තමන්ගේ එකා හොරෙක් උනත් මල් තියලා වදින මානසිකත්වයෙන් ඉන්න කම් මේ රටේ කිසිම දෙයක් පිලිවෙලකට හදන්න බැරිවෙයි..

    ටොයියෝ බයියෝ ජෙප්පො නොවි මම ලාන්කිකයෙක්. මේ මහපොලොව ගැන හිතලා තීරන ගන්න මහජනතාවක් එනකම් මේ සම්මජාතියෙන් මේ රට හදනවා බොරැ...

    තව අවුරැදු 2500කට පස්සේත් අපිට කියන්න තියෙන්නේ අපි තාම දියුනු වෙමින් පවතින ජාතියක් කියලා.. එදාටත් අපි එක එකාට බැන බැන ඉදි..

    ReplyDelete
    Replies
    1. වරාය ගැන රජය ගන්නා තීරණය අනුව රටේ මෙන්ම රාජපක්ෂලාගේ අනාගතය තීරණය වේවී...

      Delete
  9. //ඊට විරුද්ධ පිරස අතර මුලින්ම ඉන්නේ හූනියන් කාරයෝය.. ඊළඟට ජෙප්පෝය.. දැන් ආන්ඩුව බලයට ගෙනාවා යැයි කියනා මහා සංඝරත්නයද ඊට එක් වී ඇත…//

    ඔය ගොං වුර්තීය සමිති කියන්නේ අයිස් පප්පල මුන් කිසිම දෙයක් වෙලාවට කලාවට හරියට කරන්නෙ නැහැ දේසපාලුවන්ගේ පස්ස ඉඹල තනතුරු ගත්ත හොර රැලක්. සංඝයා දන්න රෙද්දක් නෑ, වුර්තීය සමිති හොරුන්ගෙන් වැදි බණ අහල බයිල ගගහ ඉන්නවා. ඔය අමන ජෙප්පෝ සහ ටෙලිෆෝන් කබ්බෝ රට කෝලම් ටිකක්, උන් දන්නෙ ඕනැම දේකට විරුද්ද වීම පමණයි.

    ලංකාවේ 1999 දි රැජිණ පාලම පෞද්ගලීකරණයට විරුද්දවත් ඔය ගොං වුර්තීය සමිති පෙළ ගැහුනා. හැබයි චන්ද්‍රිකා නෝනා ඒවා පයිසෙකට මායිම් නොකර ඉදිරියට ගියා. එකෙන් කොළඹ වරාය වේගයෙන් දියුණු වුනා. එහෙම නොවුනනම් අදටත් කොළඹ වරාය පැයට කන්ටේනට 10-11 පටවන පසුගාමී වරායක්.

    මෙතනදිත් අන්වාර්‍යයෙන් කළමනාකරණය වත් පෞද්ගලීකරණය වෙන්න ඕන. කොළඹ වරායේ මෙහෙයුම් කරයුතු වලින් 75% ප්‍රතිඅපනයන. ඒවයෙන් අති විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් එන සහ යන. හැබැයි දැන් ඉන්දියාව ඒ ගොල්ලන්ගෙ වරායවල් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරමින් බොහොම වේගයෙන් දියුණු කරගෙන යන හින්දා කොළබට කෙළවෙන ලකුණූ පෙන්නුම් කරණවා. ඒ වගෙ තත්ත්වයක් යටතේ ඉන්දියානු සමාගම කොළබට ආකර්ශණය කරගත්තොත් අපිට අහිමිව යන ඒ මෙහෙයුම් ධාරිතාවෙන සැළකිය යුතු ප්‍රමාණයක් නෑවත අද්ද ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    අනිවාර්‍යයෙන් නැගෙනහිර පර්‍යන්තය පෞදලීකරණය වෙන්න ඕනා. ඒ විතරක් නෙමේ JCT එකත් අනිවාර්‍යයෙන් දෙන්න ඕනා. එයාල කොච්චර පසුගාමිද / මන්දගාමිද කියලා දන්නෙ වරාය එක්ක ගනු දෙනු කරණ අයම තමයි

    ඔය වෘත්තීය සමිති කාරයො කියන ඒවා සතපහකට ගනන් ගන්න එපා. උන් දන්න ලබ්බක් නෑ මාතේ...

    ReplyDelete
    Replies
    1. ලොක්ක ඇයි වරාය විතරක්.
      මුළු ආණ්ඩුවම ප්‍රයිවෙටයිස් කළා නං ඉවරනේ

      Delete
    2. අනිවාර්යයෙන්.... සේවකයෝ පාලනය කරන බිස්නස් ලෝකයේ නෑ...

      Delete
  10. වෙන්නේ මොනවද
    දන්නේ මොනවද
    හොයන්නෙ කොහොමද
    හිතෙන්නෙ මටවද?

    කියති නේක මත
    සඟවති අන් මත
    ඉතිං වියත් මත
    වුවත් කැලේ යත

    ඇත්තම පෙනෙන්ට - කල් ගත වෙනු ඇත
    එතකොට පෙරහර - ගිහින් තිබෙනු ඇත
    හැමවිට වෙන්නේ - උන්ගෙම සුබසෙත
    රට කන එවුන්ගෙ - සම්පත් වැඩි වෙත!

    ReplyDelete
    Replies
    1. ටිපිකල් වාමාංශික මතය....

      Delete
  11. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පාවා දීම සාධාරණීකරණය කරන පඬියො කියන කතාවක් තමයි ආදානිලා වගේ විශ්වකර්මයො නැතිව නූතන වෙළඳ ලෝකෙ රාජ්‍ය ව්‍යවසායකයෙකුට ගොඩ යන්න බෑ කියන එක.. ඒක ඇත්තද කියලා කොළඹ උදාහරණ වලින්ම බලමු..

    කොළඹ වරායෙ චීනයට 85%ක් අයිති CICT නම් මීටර් 18ක් ගැඹුරු පර්යන්තය තමයි දැනට කොළඹ වරායෙ බහළුම් මෙහෙයුමේ වැඩිම පංගුව කරන්නෙ.. ඒ දත්ත අරන් අර ඉහත කී පඬියො කියනවා වේලි වේලි තිබුනු කොළඹට ජීවය ගෙනාවෙ පුද්ගලික අංශයේ චීනා (හැබැයි ඒ සමාගමේ වැඩි කොටස අයිති චීන රජයට.. ඒකත් අමතක කරමු..) ඒ ලෙසම ඉන්දියාවෙන් අදානි ගෙනත් නැගෙනහිර පර්යන්තයේ මල් පුබුදමු කියලා හිටං..

    ඇත්තම කතාව නම් CICT එක කොළඹ වරායට කිසිම අලුත් නැව් සමාගමක් ගෙනාවෙ නෑ.. එයාලා කරේ කාලයක් තිස්සෙ කොළඹ ආපු නැව් සමාගම්වල අපේ වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයට (JCT) සහ ජෝන් කීල්ස් සමාගමට වැඩි කොටස හිමි SAGT පර්යන්තයට එන්න බැරි බහාළුම් ධාරිතාවය 10,000ට (TEU) වැඩි නෞකා තම පර්යන්තයට ගෙන්වා ගැනීම විතරයි.. මොකද මේ JCT SAGT පර්යන්ත දෙකටම එන්න පුළුවන් මීටර් 12.5කට වඩා අඩුවෙන් වතුර යටට බහින (Draft) නෞකා වලට විතරයි.. මේ පර්යන්ත දෙකේම උපරිම ගැඹුර තියෙන්නෙ මීටර් 14ට ආසන්න ප්‍රමාණයක්..

    ඒකත් ඒ චීන සමාගමේ සුවිශේෂී දක්ෂතාවයක් නෙවෙයි.. ලෝකෙ නැව් ඉතිහාසයේ කන්ටේනර් 15,000කට වඩා රැගෙන යා හැකි නැව් බිහිවෙන්නෙ ඔය CICT එක හැදුවට පස්සෙ.. මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන මාර්ගයේ (Main Liner) කන්ටේනර් ගෙනයන නෞකා වලින් අති බහුතරය කන්ටේනර් 13,000කට වඩා ගෙන යන්න පුළුවන් විශාල නෞකා.. (අැයි එහෙම ලොකු නැව් මේ ප්‍රධාන සමාගම් වැඩි වැඩියෙන් පාවිච්චි කරන්නෙ කියලා දැනුවත් වෙන්න කැමති අයට මේ ලින්ක් එකේ තියෙන හම්බන්තොට වරායට අදාල පෝස්ට් එකෙන් ඒ ගැන යම් අවබෝදයක් ලබා ගන්න පුළුවන්.. මේ වෙනකොට නෞකාවල විශාලත්වය කන්ටේනර් 23,000+ දක්වා වැඩි වෙලා තියෙනවා..

    දැන් එතකොට ඒ ප්‍රධාන ජාලයේ විශාල නෞකා එන්න බැරි වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයයි ඒ ඕනෑම නැවක් එන්න පුළුවන් CICT පර්යන්තයෙයි පහුගිය අවුරුදු කිහිපයේ වර්ධනය සංසන්දනය කරලා කවුරු හරි පඬියෙක් රාජ්‍ය අංශය ෆේල් කියන්න හදනවා නම් ඒ කතාවෙ තියෙන විහිළුව තේරෙන්න ඕනෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ලංකාවේ රජයට බෑ කියන පඬිවරුන්ට පේන්න රාජ්‍ය අංශය සහ ඔය මාර පෞද්ගලික අංශය සංසන්දනය කරන්න මම ගන්නම් කොළඹ වරායෙන්ම උදාහරණයක්..

      මේ සංසන්දනය රජයට 100% අයත් ජය බහාළුම් පර්යන්තය සහ ජෝන් කීල්ස්ලට වැඩි කොටස අයත් ලෝකයේ ලොකුම නැව් සමාගමටත් (A.P. Moller–Maersk Group) වගේම ලෝකයේ 7වෙනි ලොකුම නැව් සමාගමටත් (Evergreen Marine Corporation) කොටස් තියෙන ඔය කියන මැජික් PPP ක්‍රමයට (Private Public Partnership) යන එකම ගැඹුරකින් යුත් SAGT (South Asia Gateway Terminal) පර්යන්තය අතර සංසන්දනයක්..

      ජය බහාළුම් පර්යන්තය (JCT - SLPA)
      2010 - 2,167,173
      2011 - 2,299,446 (+)
      2012 - 2,316,849 (+)
      2013 - 2,501,863 (+)
      2014 - 2,559,339 (+)
      2015 - 2,252,323 (-)
      2016 - 2,100,117 (-)
      2017 - 2,010,702 (-)
      2018 - 2,304,534 (+)
      2019 - 2,352,765 (+)

      සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT - JKH)
      2010 - 1,970,268
      2011 - 1,963,441 (-)
      2012 - 1,870,271 (-)
      2013 - 1,746,802 (-)
      2014 - 1,661,940 (-)
      2015 - 1,371,245 (-)
      2016 - 1,632,207 (+)
      2017 - 1,809,835 (+)
      2018 - 2,066,758 (+)
      2019 - 2,073,661 (+)

      මේකෙ හොදින් බලන්න යහපාලනය ඒමට පෙර සහ පසු තත්වය.. මේ ප්‍රතිපල එන්න මූලිකව බලපාන්නෙ යහපාලනයට පෙර වරාය අධිකාරියේ හිටපු සුපිරි සභාපති ප්‍රියාත් වික්‍රමගෙ දැක්ම සහ වැඩ පිලිවෙල යටතෙ කියන එකත් මතක තබා ගන්න..

      මේකෙ සුවිශේෂත්වය කියන්නෙ ඒ කාලෙ ඔය PPP යටතෙ කොටස් තිබුනු ප්‍රධාන නැව් සමාගම් දෙකේ වැඩි නැව් ප්‍රමාණයක් ආවෙත් අපේ ජය බහාළුම් පර්යන්තයට..

      නැව් සමාගම් එහෙමයි.. ඔවුන්ට ඕනැ ලාබය සහ කාර්යක්ශමතාවය.. උන්ට දේශපාලන අවශ්‍යතා වැඩක් නැහැ.. එහෙම එකේ තමයි මේ පඬිවරු විහිළු කරන්නෙ මෝදිතුමා උදහස් උනොත් ඉන්දියාවට යන එන කන්ටේනර් පටවන් එන ලෝකෙ ප්‍රධාන නැව් සමාගම් දහය පහලොව ලංකාවට එන එක නවත්තයි කියලා.. මේ කලාපයේ ලාබදායීම වරාය මග ඇරලා ඒ නැව් සමාගම් වෙන තූත්තුකුඩියක යවන්න මෝදිතුමා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙන්න ඕනැ.. අඩු ගානෙ ඉන්දියාවට හරි හමන් නැව් සමාගමක්වත් තිබුනා නමි ඒත් බැරියෑ.. අහලකවත් නෑ..

      ඇත්ත.. ලෝකෙ බොහොමයක් වරායවල් ගොඩ දාන්න ලෝක මොලකාරයො සමාගම් ජාල ඕනැ වෙනවා තමයි.. හැබැයි කේන්ද්‍රීය වරායකට අවශ්‍ය සියළු අවශ්‍යතා ඉතා දුර්ලභ ලෙස ස්වභාවිකවම ලැබිලා තියෙන ලංකාවට එහෙම රොකට් සයන්ස්කාරයො අවශ්‍ය නෑ.. ජාතික දේපල කාබාසිනියා කරලා සාක්කු පුරෝ ගන්න කෙල හලන තක්කඩියො නොවන හොඳ දැක්මක් සහිත පුරවැසියො ටිකක් හිටියම හොඳටම ඇති..

      ඔය පොඩි ක්‍රේන් 3ක් තියාගෙන සේවකයො අරගල කරලා බල්ලා නාවන්න අරං යනවා වගේ බොහොම අමාරුවෙන් යන්තමින් නැගෙනහිර පර්යන්තයේ වැඩ පටන් ගත්ත ගමන් ඒකට පෝලිමේ එන්න ගත්තෙ ලෝකෙ එසේ මෙසේ ප්ලේයර් කෙනෙක් නෙවෙයි.. ලෝකෙ දෙවනි ලොකුම නැව් සමාගම MSC (Mediterranean Shipping Company). ඒවා ගෙන්නන්න විශ්වකර්මයො අවශ්‍ය උනේ නෑ උන්ම හොයා ගෙන ආවා..

      Delete
    2. ඊළඟට මේ පඬිවරු කියන තවත් කතාවක් තමයි ඉන්දියාව තරහ උනොත් උන් ගැඹුරු වරායවල් හදලා කොළඹ වට්ටවාවි කියන එක.. එහෙම පුළුවන් නම් මෙච්චර කල් නොකර ඉදීවි.. ඔය ලොකු නැව් එන්න කලින් ඉන්දියාවෙ තිබුනා අපේ කොළඹ පැරණි වරායට සමාන ගැඹුර තියෙන වරායවල් ඕනැ තරම්.. නමුත් කවදාවත් කොළඹ පරයා යන්න ඒ කිසිම ඉන්දීය වරායකට හැකි උනේ නෑ.. මේ කලාපයේ ට්‍රාන්සිට් වලින් 30%ක් අපි කරන කොට ඉන්දියාවට පුළුවන් උනේ 4%යි උපරිමෙන්ම කරන්න.. ඒක තමයි නැව් මාර්ගයේ පිහිටීම අනුව අපේ විශේෂත්වය.. ලෝක ගෝලය වෙනස් කරන්න නරේන්ද්‍ර මෝදිලාට බෑ..

      මේ කලාපයේ ට්‍රාන්සිට් වලින් අපියි ඉන්දියාවයි දෙකම කරන්නෙ තවම 35%කට අඩු ප්‍රමාණයක්.. ඉතුරු 65% සිංගප්පූරුව මැලේසියාව සහ මැද පෙරදිග වරායවල් වලින් දැනුත් වෙන්නෙ.. ඒකට හේතුව අපේ වරායවල ඉඩ නැතිකම.. ඒ නිසා ඉන්දියාව එකට වරායවල් 5ක් හැදුවත් මේ කලාපයට ප්‍රමාණවත් නෑ..

      අපේ වරාය අධිකාරිය කියන්නෙ මේ කලාපයේ ඕනැ කෙරුමෙක් එක්ක කරට කර මෙහෙයුම් කරන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියන එක පෙන්නන්න දෙයක් නෙවෙයි පෙන්නලා ඔප්පු කරපු දෙයක්.. ඒකට ඕනැ අර ප්‍රියාත් වික්‍රමලා වගේ නිර්මාණශීලී දක්ෂයො මිසක් දැන් ඒ පුටුවල ඉදං තමන්ගෙ ආයතනයටම වින කරන කාලකණ්නි හොරු නෙවෙයි.. අපි ගෝඨාභය ජනාධිපතිගෙන් බලාපොරොත්තු උනේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුන් ගෙන් වැඩ කර ගන්න පාලනයක් මිස හොරු තක්කඩි හුරතල් කර කර රටට පශ්චත්භාගය පෙන්වන මේ වගේ නිවට පාලනයක් නොවේ..

      මේ ආණ්ඩුවේ නියම ස්වරූපය පෙන්වන කැඩපතක් බවට මහින්ද රාජපක්ෂලාම ගොඩ නැගූ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය නම් ජාතික සම්පතම පත්වීම දෛවයේ අපූරු සරදමක් නොවේද..

      මේ සටහන ඉවර කරන්න කලින් දැණුමට හොයලා බලන්න වටින ඉඟි දෙක තුනක් දීලම නවත්තන්නම්..

      1. අප්‍රිකාව කියන්නෙ ලෝකයේ වේගයෙන් ගොඩ නැගෙන වෙළඳ පොලක්.. ඒ වෙත යන එන නෞකා ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ යමින් තියෙන්නෙ.. මේ අප්‍රිකා - ආසියා නැව් මාර්ගය ආසියා - යුරෝප නැව් මාර්ගයට සම්බන්ධ වෙන ලාබදායීම හුවමාරු මධ්‍යස්ථානය වෙන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව..

      2. ඉන්දියාවෙ භූ ගෝලීය පිහිටීම ලංකාව හරහා දෙකට බෙදිලයි තියෙන්නෙ.. ඒ නැගෙනහිර කලාපය සහ බටහිර කලාපය ලෙස.. ඉතින් ඔය නැගෙනහිරටයි බටහිරටයි දෙපැත්තටම යන කන්ටේනර් පටවන් එන අර තඩි නැවකට එන්න පුළුවන් ලාබදායීම වරාය පිහිටන්නෙ ඉන්දියාවෙ නැගෙනහිර වෙරළෙවත් බටහිර වෙරළෙවත් නෙවෙයි අපේ මේ ලංකාවෙ.. ඉන්දියාවෙ ඔය මොන පැත්තකට ගියත් අනිත් පැත්තට ඒ කාගෝ ට්‍රාන්සිට් කරන්න අමතර වියදමක් සහ කාලයක් යොදවලා ඕනැ කෙරුමෙකුට ලංකාව වටේ යන්න වෙනවා..

      3. කොළඹ වරායට තරඟ කරන්න ඉන්න ලොකුම තරඟකරුවා ඉන්නෙ වෙන දීපයක නෙවෙයි.. අපිට අහිමි කරපු අපේම හම්බන්තොට වරාය.. කරුමෙට ඒ තරගෙ ඉදිරියට මතු වෙන්නෙ අපි සහ චීනය අතර.. භූ ගෝලීය පිහිටුම අනුව හම්බන්තොට කොළඹටත් වඩා ඉදිරියෙන්..

      Delete
  12. වරාය කේස් එක ගැන දෙරණ අළුත් පාර්ලිමේන්තු වැඩ සටහන් බලන්න කියලා ගත්තා... හැමිනේෂන්... කතාව පටන් ගද්දිම මෙන්න ඉන්නවා දන්න කියන බුවෙක් මුල් පුටුවක් අරා...

    කතාව බලන්න ඉතුරු කාලය නාස්ති කරන එක මං නැවැත්තුවා... සතාව දන්න හින්දම...
    සරත් ප්‍රේමචන්ද්‍ර... එහෙමත් නැත්තං සිංහල බ්ලොග්කරුවන් හොඳින් දන්නා නාමය "ජයියා"

    බුවා 2015 ආණ්ඩු පෙරළියට කලියෙන් කොහේ හෝ රටක ඉදගෙන සිංහල බ්ලොග් එකක් ලියන ගමන් පට්ට සුදු චරිතයක් මවාපෙන්නලා මහින්ද රජය කාලයේ වරාය විනාස කරලාය... තමන් ඊට කලින් වරායේ ඉහල පුුටුවක ඉන්න කාලේ වරාය රැක ගන්න දුන්න ගේම් සහ පොරට වඩා මැනේජ්මන්ට් දන්න එකෙක් මේ සක්වල ගලේ තවත් නැතය වගේ අස්ප ටෝක් දිදී මහින්දව පතුරු ඇර ඇර හිටිය හාදයෙක්...

    අන්තිමට මෙන්න ආණ්ඩුව පෙරළුනා විතරයි දුවං ඇවිත් අර්ජුන යටතේ වරායේ ආයෙම පට්ටම හදාගත්තා... ඒ එක්කම අර කලින් ලියාපු බ්ලොග් එක එහෙම දැන් හොයාගන්නත් නැහැ...

    එයින් පස්සේ පහුගිය කාලේ දර්ශන හදුන්ගොඩද කවුද මංදා අර යූටියුබ් චැනල් එකක් කරන හාදයෙක් මිනිහා ගැන පතුරු ඇරලා වැඩ සටහනක් හෙමත් කරලා තිබුනා මතකයි...

    කොහොම නමුත් අද වරායේ තියෙන ප්‍රශ්න ගොඩකට මුල් උන දූෂිත අර්ජුන රණතුංග ඇමති කාලේ... අර්ජුනට යටින් ඉදන් ගේම ගැහුව එවුන්ගෙන් උඩම හිටිය එකෙක් මේ...

    ඇත්තටම මං හිතං හිටියේ ආණ්ඩු මාරුව එක්ක මුං දිරා මාරු වෙලාය කියලා... ඒ වගේම මට මිනිහා ගැන හොයන වෙලාවක අපේ හිතවතෙක් වැරදි තොරතුරක් දීලා තිබුනා දැන් මිනිහා වරායේ නෙවෙයි ලාෆ්ස් එකේද කොහෙද කියලා... මං එයින් එහාට මේක පැන්නුවේ නැහැ...

    තවත් ඉතිං මෙයින් එහාට ඔය වරාය කේස් එක ගැන හොය හොයා නහින්න දෙයක් නැහැ... ඕඩර් කරලා තිබුන දොඹකර ටික කැන්සල් කරලා වරාය අවුල හදපු ලිස්ට් එක අරං බැළුවොත් මේකා ඇති ඒකේ මුලටම...

    තාමත් අපි යන්නේ මුංව ඒ ඒ තනතුරුවලම තියාගෙනනං හිතවතුනි... එයිට වඩා හොදා බටර් රාත්තල් කීපයක් හොයාගෙන ගෝඨටයි මහින්දටයි එයින් රාත්තල් බාගය බැගින් බෙදලා දීලා... අපිත් රාත්තලක් විතර ගාගෙන දෙකට නැවිලා ඉන්නවා... එයින් එහාට කියන්න දෙයක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඌ මොකද දැන් කියන්නේ....

      Delete
    2. https://www.youtube.com/watch?v=gA2aGQ8StgY&t=6682s

      Delete
    3. වරාය ගෑනත් ඔය බුවා ගෑනත් දෑනගන්න වරාය පාවිච්චි කරන අයගෙන් අහන්න. මමත් එහෙම කෙනෙක්. උගෙ වෑරෑද්ද ඌ ඈත්ත ඈතිහෑටියට කියන එකයි. ඔය උඩින් තියෙන එක ලියපු එකාත් වරායෙ නිකන් ඉඳන් පඩ් ගන්න බුවෙක්. ඒ වගෙ උන්ට අරූ පෙන්නන්න බෑ...ඌ කියන්නෙ මොකද්ද කියලා උඩ තියෙන වෑඩ සටහනෙන් පෙනෙනවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න