.

.

Jul 30, 2021

අප කොතලාවල පනතට විරුද්ධ විය යුත්තේ ඇයි?


🎈පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේද ආරම්භ විය හැකි නිසා.

🎈ඒවායේ භාවිතා වන්නේ ඉංග්‍රීසි පමණක් හෙයින් අපේ ආචාර්‍යවරුන් අති බහුතරයකට ඒවායේ ඇබෑර්තු නැති නිසා.

🎈එවායේ උගන්වන නවීන විශයයන් පිළිබඳ ප්‍රවීනයින් අප රටේ නොමැති නිසා.

🎈එවන් විශ්ව විද්‍යාල සියල්ලම අපේ රටේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතියට හා රෑන්කින් වලින් ඉහළ නිසා.

🎈ඒවායේ ඉගෙනගැනීමට දුප්පත් දරුවන්ට පවා ණය පහසුකම් සලසන නිසා.

🎈ඒවායේ ඉගෙනීම සඳහා විදෙස් දරුවන්ද මෙහි පැමිණීමෙන් ආර්ථිකය දියුණුවී රට ගොඩ යන නිසා.

🎈වෙන රටවල් වල දියුණුව ගැන කතා කිරීමට ගෝත්‍රික වාමාංශික වහලුන්ට රටක්  නොමැතිවන නිසා.

🎈සුළු කළෙකින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතියට අනුගත නොවුනහොත් ගල් වැද්දන්ගේ ගල් ගුහාවලට කෙලවෙන නිසා.

🎈3% පමණ වන ලාංකීය වාමාශික දේශපාලණයේ දේවාලයට හෙන ගහනා නිසා.

🎈එවා තුල ගොඩනැගී ඇති පරිපාලන මාෆියාවට කෙලවෙන නිසා.

🎈තමන් හා යහන්ගතවීමෙන් පමණක් ශිෂ්‍ය ශිශ්‍යාවන්ට උපාධි ප්‍රධානය කිරීමට නොහැකි වන නිසා.

🎈රාජකාරි වෙිලාවෙි එලියට පැන, ඕන වෙලාවක් ගතකර නැවත පැමිණීමට නොහැකි වන නිසා.

🎈උගතුන් බව පෙන්වා මෙතෙක් ගොඩනගාගෙන උන් සිවිල් බලයට කෙලවෙන නිසා.

🎈උද්ඝෝෂණ වලට වර්ජන වලට සහභාගී වී වොයිස් කට් දීමේ අවස්ථාව අහිමි වන නිසා.

🎈ජනාධිපතිට අත වැනීමට නොහැකි වන නිසා.

🎈අමාත්‍යවරුන්, අගමැති හා ජනාධිපති සමඟ එකම මේසයේ ඉඳගෙන තරු පහේ හෝටල් වලින් ලබා දෙන, ප්‍රේස්ට්‍රී, පැටිස්, කටලස්, රෝල් හා කෝපී බීමට නොහැකි වන නිසා.

🎈වර්ජන හා උද්ඝෝෂණ කිරීමට නොහැකි බැවින්, බටහිර රටවලින් පැමිණි ඩොලර්, යූරෝ හා ස්ටර්ලින් පවුම් නොලැබී යන නිසා.

🎈තමන්ගේ දරුවන්ට පමණක් පක්ෂයේ අරමුදලින් හා NGO සංවිධාන වලින් ලද ශිෂ්‍යත්ව, මෙරට දරුවන්ට මෙරටදීම අඩු මුදලකට ලබා ගත හැකි වන නිසා.

🎈නවක වදය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි නිසා.

🎈නේවාසිකාගාර, සම්මන්ත්‍රණ ශාලා හා කැම්පස් භූමියේ රමණය කිරීමට නොලැබෙන නිසා.

🎈ඒවා තුල, ගංජා පානය, මත්පැන් පානය කිරීමට නොලැබෙන නිසා.

🎈කැන්ටින් වලින් හොඳ ආහාර වේලක් ලැබීමට නියමිත නිසා.

🎈දිනපතා නෑමට, දත් මැදීමට, මුහුණ සේදීමට සිඳුවන නිසා.

🎈කොන්ඩා හා රැවුල් වවාගෙන අපතයන් සේ තවදුරටත් පැමිණිය නොහැකි නිසා.

🎈ආචාර්‍යවරුන්ට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවට ලැක්චර් කට් කිරීමට නොලැබෙන නිස.

🎈පර්‍යේෂණ, සමීක්ෂණ, සංඝණන හා ව්‍යාපෘති වෙනුවෙන් ලබා දෙන මුදල්, නිසි ලෙස පරිහරණය කර ඇත්දැයි අධීක්ෂණයට ලක්වන නිසා.

🎈දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් සඳහා ඉඩ නොලැබෙන නිසා.

🎈NGO කාරයන්ට විශ්ව විද්‍යාල තහනම් කළාප වන නිසා.

🎈උපාධිධාරීන් වැඩියෙන් බිහි වූ විට පොර මානසිකත්වයට කෙලවී යන නිසා.

🎈කොටින්ම සියළුම විශ්ව විද්‍යාලවලට අධීක්ෂණයක්, ප්‍රමිතියක් හා විනයක් ඇති වන නිසා.


මීට

සමස්ත ලංකා මහාචාර්යවරුන්ගේ සංගමයේ නිත්‍ය සාමාජික

මහාචාර්ය මාතලන්


14 comments:

  1. හොඳ විග්‍රහයක් මාතා, මෙම පනතට එරෙහිව ආ අභ්‍යන්තර වාමාංශික කල්ලිවල කුමන්ත්‍රණ වලට නිර්භීතව මුහුණ දී එවකට රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජය එදා එම පනත හරි විදියට ඉදිරිපත් කලේ නම් අද රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදයට මෙය සෑහෙන පිලියමක් වනු ඇති බවත් අමතක කරන්න එපා මාතා.

    ReplyDelete
  2. මෙහෙමයි වැඩේ මාතේ,

    මේ බොහෝ කරුණු කාරණා විස්තර කරලා ලියලා තියෙන පෝස්ට් එක නම් ඉතාම හොඳ වැඩක්. හැබැයි මේකට උදාහරණ විදියට, නොමිලේ ආණ්ඩුවේ පාසල් තියෙන අතරේම පුද්ගලික ගෙවන පාසල්, අර්ධ රාජ්‍ය පාසල් වල අධ්‍යාපනය ලබා දෙන එක ගැන විස්තර කරන්න පුලුවන්. ඊටත් සරලව නොමිලේ ඉස්පිරිතාල තියන අතරම පෞද්ගලික ඒවත් තියනවා, ඒ වගේ තමයි. දැන් මේකට කෑගහන ඔය පණ එපා කියලා උද්ඝෝෂණ කරන ගුරුවරු රටපුරා අධික ගාස්තු අය කරමින් එක එක ටියුෂන් පන්ති කරන ගමන් ඒවා ගැන ඇඩ් වල දානවා ලංකාවේ පළවෙනිය දෙවෙනිය බිහි කරා කියලා. එතකොට ඒ නිදහස් අධ්‍යාපනයද?

    රජයේ මැදිහත්වීමෙන් ශිෂ්‍යත්වේ, O ලෙවල්, A ලෙවල්, open university තියන්න හොඳ නම් යම් පාලනයක් සහිතව පෞද්ගලික මුදල් අයකරන විශ්ව විද්‍යාල තිබුණහම මොකද්ද ප්‍රශ්නේ?

    දැන් බලහන් ලංකාවට පිටරට ගිහිල්ල උපාධි අරන් එන එවුන්ව පිලිගන්නවා, හැබැයි රට ඇතුලේ ඒ උපාධි කරන්න බෑ. මේ කෑගහන ජවිපෙ ජාතික ජන බලවේගයේ කයිවාරුකාර ගොබ්බයන්ගේ ළමයි වැඩි හරියක් ඉන්නේ පිටරටවල ඉගෙන ගන්න ගිහින්.

    මුන්ට තියෙන ප්‍රශ්නේ මුන්ගේ විෂ බීජ දාගන්න බැරි එකයි, මේ වගේ වඩා පිළිවෙලක් තියනකොට මුන්ගේ ගොන් පාර්ට් වලට සහභාගී වෙන්නේ නැතුව ළමයි ඉගෙන ගන්නවා ඒකයි ප්‍රශ්නේ. එහෙම නෙවෙයිද?

    හැබැයි ලංකාවේ රජයේ සරසවි වලින් කොළඹ වෛද්‍ය පීඨය, පරිගණක පීඨය, එතකොට ලංකාවේ ගොඩක් රජයේ තොරතුරු තාක්ෂණ පීඨ, ඉංජිනේරු පීඨ, තව ගණකාධිකාරී පීඨ වගේ ඒවාට ඒ තරම් බලපෑමක් වෙන එකක් නැහැ මොකද දැනටමත් ඒ ක්ෂේත්‍ර වල පෞද්ගලික විශ්ව විද්‍යාල ආයතන ඕන තරම් තියෙනවා. ඒ උපාධිධාරීන් ලංකාවේ වගේම පිටරටවල පවා තරගකාරීව ඉතා මැනවින් රැකියා අවස්ථා හිමිකර ගන්නා බව පේනවා. ඒ නිසා බොහෝ දුරට ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ, කලා හා වාණිජ වගේ පීඨ වලට තියෙන ඉල්ලුම සහ වැදගත්කම නැති වී ඒ පීඨ වසා දමා එම ආචාර්ය මණ්ඩලයේ අයට ගෙදර යන්න සිදු විය හැකියි. මොකද පෞද්ගලික විශ්ව විද්‍යාල වල උසස් පෙළ ඉහළ සාමාර්ථ තියෙනවා නම් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ශිෂ්‍යත්ව ලබා දෙනවා.

    දැනටමත් ලංකාවේ ගොඩක් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨ A3, A2B නම් සම්පූර්ණයෙන්ම නොමිලේ, A1B2 වගේ අයටත් සෑහෙන දුරට අඩු ගාස්තු වල ශිෂ්‍යත්ව දෙනවා. ඒවගේම මේ වගේ පණත් නිසා අනෙක් පීඨ වලටත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
  3. මගේ අදහස නම් මේ රටේ සෑම පුරවැසියකුටම උපාධියක් ගැනීමට හැකි වන අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතු බවයි.... එමෙන්ම එම අධ්‍යාපන ක්‍රමය විෂය මූලික නොවන රැකියා අභිමුඛ උපාධියක් විය යුතු බවයි..... මේසන් බාස්ට තමන්ගේ වෘත්තීය කුසලතාවය මත උපාධියක් දක්වා යා හැකි සැලැස්මක් තිබිය යුතුයි. මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදී සාධාරණව මේ ගැටළු විසඳා ගැනීමට අප පුරුදු විය යුතුයි.... දොස්තර ගෝත්‍රයේ සිට සියලුම ගෝත්‍රිකයන් වඳ කල යුතුයි..

    ReplyDelete
  4. කෝ මේ පාදෙණිය.
    යකෝ හැංගිලා ඉන්න තැනකින් ඉක්කනට වරෙන් ගිහින් මාතලමට හොඳවයින් දෙකක් කතා කරලා එන්න.
    පොල්බෑමූණ හරි ගුටිකන මූණ හරි ඉස්සරහර දාන් නැතුව උඹම වරෙන් මචෝ දෙමු මාතලමට රෙද්දේ රෙවෙන්න.

    ReplyDelete
  5. සයිටම් එකට විරුද්ධ උන පාදෙණිය ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  6. මට මතක ණෑ. මොකක්ද සයිටම් කියන්නේ.

    මීට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

    ReplyDelete
  7. ගුරුවරුන්ට සැබැවින්ම සිය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ යුතු නම් ඔවුන් කිසිවිටෙක දරුවන්ට ඉගැන්වීමෙන් ඉවත් වන්නේ නැහැ. එය මෝඩකමක්. තමන්ට ඇති එකම සම්පත එයයි. එයත් නැති කරගත් විට සටනට ඉතිරිවන්නේ තමා පමණයි. මා ගුරු සංගමයේ නායකයා නම් මා කරන්නේ මගේ සටනට සියලු ශිෂ්‍යයන් සම්බන්ධ කර ගැනීමයි. නමුත් එය මා කරන්නේ ඉතාම අවිහිංසාවෙන් සහ සූක්ෂම ඥානයෙන්.

    මේ වගේ පාරේ වේලෙමින් පෙළපාලි යෑමෙන් කටුව කන්නේ තමන්මයි. ඒවා යල්පැනගිය වැඩ. මා කිසිවිටෙකත් ඉගැන්වීමෙන් ඉවත් වන්නේ නැහැ. මන්ද එසේ කළ ගමන් මගේ ශිෂ්‍යයන් සමග තිබෙන සම්බන්ධය මට නැති වෙන නිසා. ශිෂ්‍යයන් වෙනුවෙන් තීරණ ගන්නා දෙමව්පියන් සමග තිබෙන දෛනික සම්බන්ධය මට නැති වෙනවා. ඒ වගේම ඔවුන්ට මා ගැන ඇති විශ්වාසය සහ ගෞරවය නැති වෙනවා. ඉල්ලීම් ලැබුණත් නැතත් මට මගේ දරුවන් ඉදිරියේ ඔවුන්ගේ මුහුණු දෙස බලා ලැජ්ජාවක් නැතිව ඉගැන්වීමට හැකි විය යුතුයි. ඒ හැකියාව නැති කරගන්න මා මෝඩ වෙන්නේ නැහැ.

    ඒ නිසා ගුරුවරයෙකු ලෙස මගේ පළමු වගකීම දරුවන්ට ඉගැන්වීමයි. මා කරන්නේ අලුත් විෂය නිර්දේශයක් ඉගැන්වීමයි. එය නූතන දැනුම සහ කුසලතාවය ලබා දෙන විකල්ප නිර්දේශයක්. රාජ්‍ය නිර්දේශයට සපුරා වෙනස් එකක්. ඒ සඳහා මම දක්ෂ ගුරු මඩුල්ලක් එකතු කර ඔවුන් හරහා එය නිර්මාණය කරනවා. ඔන්ලයින් ඉගැන්වීම කරන හැටි ගැන සියලු ගුරුවරුන්ට වෙබිනාර් තියා උගන්වනවා. ලංකාවේ දරුවන්ට කිසිදා නොලැබුණ අධ්‍යාපන අත්දැකීමක් ඔවුන්ට ලබා දෙන්න මම කටයුතු කරනවා. “අධ්‍යාපනය යනු මෙයයි දරුවනේ” කියා මා මගේ දරුවන්ට අලුත් ලෝකය පෙන්වනවා. අලුත් දැක්මක් දෙනවා. අලුත් බලාපොරොත්තුවක් දෙනවා. දුරකථන සමාගම් සමග මම සාකච්ඡා කර සියලු දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා. මාධ්‍යජාල සමග එකතුව මම අධ්‍යාපන විප්ලවයක් ඇති කරනවා. සමස්ත අධ්‍යාපනයම ගුරුවරුන්ගේ අතට ගන්නවා! ආණ්ඩුවට කරන්න බැරි දේ ගුරුවරුන් එකතුව කරනවා. හරියට අලුත් ආගමක් ප්‍රචාරය කරනවා වගේ මගේ දීපව්‍යාප්ත ගුරු-ගෝල-මව්පිය ජාලයම මම අවිහිංසාවෙන් සක්‍රීය කරනවා. එතකොට බලාගන්න පුළුවන් ආණ්ඩුව ඒක නවත්වන හැටි. කොහොම උනත් මේ ගුරුවරුන්ට නායකත්වය දෙන මෝඩ වෘත්තීය සමිති කේවට්ට රැලට ඒ වගේ ඇඩ්වාන්ස් දේවල් ප්‍රායෝගිකව කරන්න තරම් ලෝකය සමග අප්ඩේට් වෙලා නෑ ආදි කාලේ හර්තාල්, කෝලාහල සහිත වර්ජන, උද්ඝෝෂණ මානසිකත්වයක් විතරයි, නොදකින්.

    ReplyDelete
  8. තොරතුරු නිසා මේ ලිපියත් කියෙව්වෙමී
    දෙපැත්තටම දේවල් ඈති බව දනිමී
    කණ්ඩලමේ හෝටලයත් සිහි කරමී
    වෙන වෙන agenda තිබෙතැයි සිතන්නෙමී

    ReplyDelete
  9. මාතලනාගෙ ලියවිලි අපි හැමදාමත් බලනව. සමහර වෙලාවට අලුත් දේවල් පවා ඉගෙන ගන්නව. එන්ජෝයි කරනව.

    ඒත් සාමාන්‍යයෙන් මම ෆේස්බුක් පෝස්ට් එකක වැරැද්දක් දැක්කොත් අදාල කෙනාට ඉන්බොක්ස් තමයි කියන්නෙ. බ්ලෝග් වල ඉතින් කමෙන්ට් කරනවා. අනෙක් අතට මේක එහෙම ලොකු වැරැද්දක් නොවන ගොඩක් අය වරද්දලා කියන දෙයක් නිසා ඕපන්ලි කමන්ට් කරන්න හිතුව අවුලක් නැහැ නේ, කාටත් දැනගන්න හොඳයි.

    උඹ ඔය ටිපර් වෙනවා කියන කතාවේ හරි වචනෙ ටිපර් ( #tipper) නෙවෙයි, ට්‍රිගර් (#Trigger)

    ට්‍රිගර් Trigger කියන එක තියෙන්නෙ අර්ධ ස්වයංක්‍රීය තුවක්කු පිස්තෝල වල තමයි.
    වෙඩි තියන්න ඉස්සෙල්ලා කරන්න ඕනෙ අවසාන පියවර තමයි ටිගර් නැත්නම් කොකා ඇදිල්ල. අර ටිපර් කියන දේ ඉතිං කවුරුත් දන්නවනෙ.

    ඒ වගේම ඕක ෆේස්බුක් එකේ කොමන්ට් කරන ලියන අයගෙන් සිංහල භාෂාවට බිහිවෙච්ච අලුත් කියමනක්.

    අපේ භාෂාවට එකතුවෙච්ච අලංකා‍රයක්.
    හරියටම කිවුවොත් උපමා උපමේය.

    කවුරුහරි යමෙකුගේ ප්‍රකාශයකට කෝපවෙලා නොයිවසිල්ලෙන් බැනවැදීමක් එහෙමත් නැත්නම් ලොකු ආගිව්මන්ට් එකක් වෙලාවක තමයි කියන්නෙ Trigger ට්‍රිගර් කරගෙන දඟලන්න එපා කියල.

    ඕක ඉස්සෙල්ලාම 2010 - 12 වගේ භාවිතයට ආවෙ ලංකාවේ එක්තරා අන්දමක වාමාංශික පක්ෂයක කාඩරයක් ඕනෑම දේකට විරෝධාකල්ප දරාගෙන තර්ක විතර්ක විරෝධාකල්ප නෝක්කාඩු කරපු නිසා.

    එහෙම මේ පෝස්ට් එකට අදාලම නැති විතණ්ඩවාදී කොමන්ට් මේ පෝස්ට් එකේ උනත් ඇති.

    ඒ තමයි ඕනෙ එකටයි එපා එකටයි Trigger එක ඇදගෙනම ඉන්න ඩෑල්.

    "උඹල ඕනෙ එකකට බනින්න කඩාපනින්න Trigger කරගෙනනෙ ඉන්න"

    එහෙමයි පටං ගත්තෙ.

    ඒ කියන්නෙ තුවක්කුවේ කොකා ඇදගෙන මානාගෙන මොකා ආවත් වෙඩි තියන්නම හිතාගෙන ඉන්න කොටසක් කියල තමයි මුලින් ලියවුනේ.

    දැන් අර්ථය ඊටවඩා පොඩ්ඩක් වෙනස් විදියට තමයි භාවිතා වෙන්නෙ. සාමාන්‍යයෙන් භාෂාවක් එහෙමයි. කාලීනව වෙනස් වෙනව.

    කොහොම උනත් මේකත් දැන් සුලභව විශේෂයෙන් ෆේස්බුක් ෆ්ලැට්ෆෝම් එකේ පරිශීලකයන් අතරෙ භාවිතා වෙන අලුත් යෙදුමක්.

    අර සේනාධිපතිගේ වාහනේ හුළං ඇරපු එක ගැන හිතන්නේ මොකද කියලා කියනවා නම්
    මටත් ඔය ඔය වැගන් ආර් එකකුත් තියෙනවා,
    ඒක අපේ කම්පැනෙයෙ වැඩ වලට කොළඹ අවට දුවන්නෙ. ඒකේ කොහේ හරි වැඩකට ගිහින් නවත්තල දැම්මම මොකෙක් හරි හුළං ඇරියාම මටත් මළ පනින එක සාධාරණයි. තව මගේම කියලා 2018 විට්ස් ලදරමකුත් තියෙනවා ඒක ඉතිං කූල් එකේ මට බෙලිඅත්තෙ පදින්න. ඊටත් එමමයි. හැබැයි ඔය හුගක් වාහන වල හුලං අරින වගේ කඩාකප්පල් කාරි තකතීරු ඔය වෘත්තීය සමිති කියන ගෲප්ස් ගැන මටත් තියෙන්නෙ මාතලනාගේ වගේම අදහසක්.

    ඔය එක එකාට කඩේ යන උන්ට අගේ උගේ හාම්පුතාව තමයි. හැබැයි ඔය මාතලනා කියන බොරු රැඟිල්ල රඟන උන්නම් ඊයා.

    ReplyDelete
    Replies
    1. මේක මම බුකියේ දානවා

      Delete
  10. අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ
    සවුදි අරාබියාවේ හමුදා සෙබළුන් ඒ රටේ සම්පත වේ

    ReplyDelete
  11. මාතා,

    දූෂිත නාමල් රාජපක්‍ෂලාගේ ඩීල් එකක් අනුව හදිසියේ ලංකාවේ පැවති ඉන්දියා-ලංකා ක්‍රිකට් තරගාවලියෙන් පසු මේ වනවිට ඉන්දියාවේ දැඩි අවධානයක් ලබා ඇති වනිඳු හසරංග (සහ දසුන්, චාමික, චමීර වගේ අයත්) IPL යන එක අවදානම් සහගතයි කියන කතාව ගැන එකග වෙනවාද?

    මොකද ලොව පුරා ඇති ක්‍රිකට් ලීග් වලින් කරන්නේ තරුණ කිුඩකයන් හොයා ගැනිම සහ තරුණ ක්‍රීඩකයන්ට ජාත්යන්තර තලයේ අද්දැකිම ලබා දිම සහ පිටරට ක්‍රීඩකයන්ගේ තරග විලාසය අදුනා ගැනිමයි. උදාහරණයක් විදියට IPL එකට පස්සේ ඉන්දියාව ලෝකය පුරාම දිනපු මැච් ගාන බලන්නකො. එතකොට පැහැදිලියි ඉන්දියාව හැම ලෝක කුසලාන තරගාවලියේම ෆයිනල් හරි සෙමි ෆයිනල් හරි ඇවිත් තියෙන බව. ඒත් රාජපක්ෂ කල්ලිය ක්‍රීඩකයන් විකුණා මුදල් හම්බ කරන්න යන කතාව ගැන වෙනම කතා කරන්න ඕන. හැබැයි පහත දේවල් මගේ නිරීක්ෂණයි;

    1. League Cricket අද ගොඩක් තරගකාරී. Coachල බලන්නෙ match දිනන්න, ඒ කියන්නෙ ප්‍රතිවාදීන්ට ගහන්න coach කරන්න මිසක් තමුන්ගෙ team එකේ spinnerට ගහන්න උගන්නන්න නෙමේ.

    2. Coaching Drills ගොඩක් focus වෙන්නෙ match situation හදන්න. එතකොට එක bowler කෙනෙක් වැඩිම බෝල 8ක් දායි. එකපාර අඩුම දෙන්නෙක් ball කරනවා.

    3. Spinnersල ගොඩක් වෙලාවට practice කරද්දි ball කරන්නෙ batsman කෙනෙක් නැතුව විකට් කීපර් කෙනෙක්ට, match situation practice නෙමේනන්.

    4. ඕනම bowler කෙනෙක් බෝල 6-10ක් දාලා stretching කරනවා ආයෙ එන්න කලින්.

    5. උදාහරණයකට Kholi ගෙ team එකේනං වනිදු ඉන්නෙ, ඌට එක දිගට වනිදු එක්ක net session හම්බෙන් නැහැ. මොකද උන් practice කරන්නෙ වනිදුට ගහන්න නෙමේ.

    --- උදාහරණ ---

    1. අවුර්දු ගාණක් එකට, එකම රටේ, එකම team එකට ගහලත්, IPL වගේ league වලදී Dilshan, Sanga, Mahela ලා match වලදි Malinga, Muraliට fail වීම.

    2. අවුරුදු ගාණක් England වල county ගහපු Herathට England උන් වෙනසක් නැතුව fail වීම.

    3. පහුගිය වසර පහක විතර කාලේ League වලට අඩුවෙන්ම ක්‍රිඩකයන් යවන ලංකාව T20 ranking වල යටම සිටීම. (IPL මාලිංග විතරයි).

    4. ඕන තරම් league ගහන ක්‍රීඩකයන් එක දිගට සාර්ථක වීම.

    5. IPL ඔච්චර ගහලත් ඉන්දියාවට පළමු වතාවෙන් පස්සෙ T20 ලෝක කුසලානයක් දිනාගැනීමට නොහැකිවීම.

    IPL ගැන බොරු බයක් ඇති කරලා තියෙනවා, ක්‍රිකට් ගැන නිතර මාධ්‍ය මගින් කතාකරන ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දේශපාලනික ජ්‍යෙෂ්ඨයෙක්. ඒක එයාට ඇති ගරුත්වය නිසා බහුතරයක් පිළිඅරන් තියෙනවා. ඒත් ඒක ගොඩක් යල්පැනගිය මතයක්. උදාහරණ ඕනතරම් තියෙනවා. ඔය මතය පිළිගෙන IPL තේරිලාත් නොගිහින් හිටපු දිනේෂ් චන්දිමාල්ට කෙළවිලා ගියාම අද කවුරුත් නෑ. ඒත් බෝඩ් එකට කුණුහබ්බ කියලා බැනලා මුම්බායි ගිය මාලිංග සහ පස්සෙ කෝච් වුණ මහේල නිසා මුම්බායි ටීම් එක ලංකාවේ උන්ටත් සෑහෙන දුරට හොඳින් සලකන තෝතැන්නක් වුණා.

    හැබැයි දසුන් ශානක චෙන්නෛ CSK නායකත්වය සඳහාත් යෝජනා වී තිබේ. මේ ගැන හිතන්නේ මොකද? දැන් චෙන්නෛ වල සිංහල විරෝධී අදහස් සෑහෙන දුරට අඩු වෙලා තියෙන බවත් පේනවා නේද මේවායෙන්?

    ReplyDelete
  12. මාතේ ආතිය බලගොඩ කියන පිලිකා දොස්තර මහත්තයෙක් මගේ යාලුවගෙ චැනල් එකේ ප්‍රැක්ටිස් කලා. බලන්න දවසක් ඒ කෙ වැඩ කරන නර්ස් කෙනෙක් මෙයාට ඩොක්ට කියලා සර් කියන්නෙ නැතුව.ඉතින් මල පනිනෙ නැද්ද මන් අහන්නෙ.ඉතින් එතුමා සමාව ගන්නකන් ඇවිත් නෑ චැනල් එකට. හොදම හොද වැහේ ලෙඩ්ඩුන්ට

    ReplyDelete
  13. pala huththo yanna. tho jeewithetatwath campus thiya piriwenakatawath nogiya moda nuugath baiyekda koheda. ubala wage moda gonnuntai ubalage moda lamaintai ithin ohoma salli gewala dena certificate ekak ganna eka arenna wena widihak nane ube nuugath kama wahaganna. pol buruwa thoge heenamaneta me rate campus okkoma winasha karanna yanne. nariya midi thiththai kiyanawa wage thamai gona

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න