.

.

Dec 7, 2021

අල්බොරාදා, නෙරුදා හා අපි - Neruda, Alborada and SL

 


කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය. ඒවා ආර්ථික අතින් සාර්ථක වූවද, එහි සිනමාවක් තිබුනේ නැත. ඩොකියුමෙන්ට්‍රි හෙවත් වාර්ථා චිත්‍රපට කියන්නේ එකක්‍ය. සිනමාව කියන්නේ තව එකක්‍ය. ඒ ජාතියේ වාර්ථා චිත්‍රපට ටෙලිවිෂන් නොතිබූ හත් වසක සාපය පැවති, සිනමාවේ වසන්ත සමයේ, චිත්‍රපටය පෙන්වීමට පෙර ප්‍රදර්ශනය කළ අතර, ඒවා මෑත කාලයේ ආ ජාතක කතා හා ජාතික කතා වලට වඩා බොහෝ උසස් තත්වයක තිබුනේය.

මාතලන්, චිත්‍රපටයක් බලන්න යන්නේ, සිනමා පටයක් නැරඹීමට මිස, ටෙලි නාට්ටියක් බැලීමට නොවේය. විශාල තිරයක ප්‍රදර්ශනය කලද, ටෙලි නළුවන් හා නිලියන් පිරි සිනමා පට තවත් ටෙලියක් බැලුවා වාගේය. ප්‍රංශ සිනමාවට බොහෝ සේ ආදරය කරන්නෙකු ලෙස හඳයාගේ නවතම නිර්මාණය වන අල්බොරාදා කලෙකින් මා අමන්දානන්දයට පත්කල චිත්‍රපටයක්ම වූයේය.

එක් ප්‍රංශ චිත්‍රපටයක රඟන බොහෝ නළු නිලියන් බොහෝ විට තවත් චිත්‍රපටයක දැකීමට සිඳුවන්නේ බොහෝ කලාතුරකින්‍ය. එවිට සිනමාවේ නැවුම් බව රැඳෙනා බව මගේ විශ්වාසයයි. ඒ අතින් රිතිකා කොඩිතුවක්කු (Rithika Kodituwakku) හා මැල්කම් මචාඩෝ (Malcolm Machado) ටෙලි නළු නිලියන් නොවීම, සිනමාවේ, හඳයාගේ, මෙන්ම අපගේද වාසනාවක්‍ය.

බොහෝ අය මැල්කම් මචාඩෝගේ රංගනය පමණක් අගය කර තිබුනද සෑම චරිතයක්ම තම චරිතයට උපරිම සාධාරාණය ඉටු කර තිබුනේය. එමෙන්ම අනෙක් සෑම අංශයකම සුළු සුළු අඩුපාඩු තිබුනද ඒවා නොපෙනෙන නොදැනන තරමට, රංඟනය ප්‍රභලව ඉස්මතුව තිබූ බව කිව යුතුය.

චිත්‍රපටයක් නාට්‍යයක් හෝ චිත්‍රයක් නැරඹිමෙන් අනතුරව එය මනසේ හොල්මන් කරයි නම් එය සාර්ථක නිර්මාණයක්‍ය යන්න මගේ විශ්වාසයය. චිත්‍රපටයේ නම අල්බොරාදාය. එය ස්පැනිෂ් නමකි. ඉංග්‍රිසියෙන් වචනය "Dawn" යන්නයි. එහි සිංහළ තේරුම අරුනෝදය හෝ පාන්දර ලෙස ගත හැකිය. එය චිත්‍රපටයට විශාල අරුතක් ගෙන එනවා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ලයනල් වෙන්ට්ඩ් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ නිවසේ නමයි. අද ලයනල් වෙන්ට්ඩ් රඟහල පිහිටා තිබෙන්නේ ඒ නිවස තිබූ භූමියේය. නිවසට නම තබා ඇත්තේ ලයනල්ගේ ළඟම මිතුරකු වූ පැබ්ලෝ නෙරුදාය. 



පැබ්ලෝ ඒ නම දැම්මේ චිත්‍රපටයේ මූලික තේමාව වන සෑම හිමිදිරියකම, නෙරුදාට පමණක් වෙන් වූ වැසිකිලිය පිරිසිඳු කිරීමට පැමිනෙන සෙක්සි සක්කිලි කෙල්ලට පෙම් කරනා (ඇයගේ පහස විඳීමට උත්සාහ කරනා) කාළයේද , එසේ නැත්නම් ඇය හා සංවාසයේ යෙදීමෙන් අනතුරුවදයි අප දන්නේ නැතිය. කෙසේ හෝ මෙම සිඳුවීම නෙරුදාගේ ජීවිතයේ අමතක නොවනා සිඳුවීමක් බව එයින් මනාව පැහැදිලි වනවාය.

මා කියවා ඇති ආකාරයට පැබ්ලෝ නෙරුදා ඇය හා එක්වීමේදි කිසිඳූ විරෝධයක් මෙන්ම කිසිඳු ප්‍රතිචාරයක් ඇයගෙන් නොලද බව කියා ඇතත්, හඳයා එම සිඳුවීම අමුවෙන්ම ඉදිරිපත් කර ඇත. මා ඉන්නේද ඒ මතයේමය. නෙරුදා තම චරිතයට සිඳුවන හානිය හේතුවෙන් එය ලියා නොතැබුවද, තම කැමැත්ත කිහිප ආකාරයකින් ප්‍රකාශ කලද, ඒවා පයිසයකට මායිම් නොකළ සක්කිලි යුවතියට අත්වන්නට ඇත්තේ මේ ඉරණමය. 

ඇය වෙනුවෙන් මඟ තබන රෝස මල කක්කා බාල්දියට දැමීම මෙන්ම, සාරිය ප්‍රතික්ෂේප කිරීම තුලින් ඇය ඔහු එන්නේ මොකාටද යන්න තේරුම් ගත් බව ප්‍රකාෂ විමද, එම ප්‍රතික්ෂේප කිරීම් වලින් ඇතිවන ඉච්ඡාභංගත්වය, නෙරුදා විසින් එය රැගෙන වේගයෙන් දිවීමෙන් මෙන්ම සාරිය ඉරා දෙවගනගේ පිලිමය සැරසීමෙන්ද අපූරුවට පෙන්වයි.


චිත්‍රපටය හඳුන්වා දීමේදී, "The poem Neruda never wrote" කියා හඳයා කියන්නේ, මේ කවිය විය හැකි වුවද, චිත්‍රපටය පුරා නෙරුදා නොලියු කවි බොහෝමයක් තිබෙන්නේය. ඇත්තටම "ජොසී" (මියන්මාරයේ යක්ෂණිය) ලංකාවට එන්නේ නැතිය. ඒ හඳයාගේ අපූරූ කවියකි. නිවසේ සේවකයා වන මැල්කම් මචාඩෝ හරහා කියනා කවි බොහෝමයකි. ලයනල් වෙන්ට්ඩ්ගේ අපූරූ ලිංගික ආශාවන් ගැන වක්‍රාකාරයෙන් කියනා කවි බොහෝ අපූරුය, එය අවබෝධ වුවහොත් මල මූසල රැඟුම් පාලක මන්ඩලයෙන් අක්ෂරය මෙන්ම ඇපීල් කරන්නට විය හැකි චිත්‍රපටයක් වීමටත් බොහෝ ඉඩකඩද තිබෙන්නේය.

නිවසේ සේවකයා සක්කිලි යුවතිය දූෂණයට ලක්වන මොහොතේ එය වැලකීමට උත්සාහ කරනුයේ කුල බේදය පසෙක තබා ඔහුගේ මිනිස්කම හා කුලයෙන් පහත් වුවත් තමාගේ  එකෙකුට විනාශය නිසා බව තවත් අපූරූ කවියකි. අසල්වැසි කාන්තාව නෙරුදා කෙරෙහි ඇති ආශාව වක්‍රාකාරයෙන් පෙන්වීම තවත් අපූරූ කවියකි. සක්කිලි පඩි ගත්තා වාගේ යන කවිය ඉදිරිපත් කිරීමද අපූරුය. 

"You are a Basterd" නැතකොත් "තෝ මහා අමනයෙක් ..." කියා, හඳයා නෙරුදාට කියන්නේ  නැතිය. නොබෙල් සාහිත්‍ය සම්මාණයෙන්ද පුදලද මහා කවියකු අමනයෙක් බව කියන්නේ ලයනල් වෙන්ට්ඩ් ලවාය. ඇත්තටම මෙවන් අමන සල්ලාල කළාකාරයෝ ලංකාවෙන්ද ලෝකයෙන්ද කොතෙකුත් වාර්ථා වුවද ඔවුන් තවමත් මහා කලාකාරයෝ වනාතර වින්දිතයෝ වෙට්ට පාසියෝය. මෙය කළාකරුවන්ට පමණක් බැහැර කර අපට අත සෝදා ගත හැකිද?

හඳයා තවත් අපූරූ කවියක් කියයි. මම මේ චිත්‍රපටයේ කැමතිම චරිතය, නිමායා හැරිස් (Nimaya Harris) පන පොවනා  පැට්සිගේ  (Patsy) ගේ චරිතයයි. යටත් විජිත  ව්ක්ටෝරියානු යුගයේත්, මානුෂික හැගීම් වලින් යුත් නිදහස් නිවහල් ලිබරල්, "ලයනල් වෙන්ට්ඩ්" වැනි පිරිමින් මෙන්ම, පැට්සි වැනි කාන්තාවන්ද වූ බව ඇය අපූරුවට ඉදිරිපත් කරයි. ඇය පෙම් කරන්නේ නෙරුදාට නොව ඔහුගේ කවියටය, මියන්මාරයේ ත්‍රස්ත්වාදිනියට මෙන් නෙරුදා තමන්ගේම කර ගැනිමේ ගායක් ඇයට ඇත්තේ නැතිය. ඇය ඒ වෙනුවෙන් විඳවන්නේ නැතිව නෙරුදාගේ කවිය, නෙරුදා මෙන්ම ඇයගේ ජීවිතයත් විඳගන්නීය.

ඇය හිස දරාගෙන සිටින්නෙ ඉන්ගිරිස් හිස් වැස්මකි. මියන්මාරයේ යක්ෂනිය එන්නේ හිස මත හාල් මල්ලක් රැගෙනය. ඇය සිතන්නේ හාල් තියෙන්නේ මියන්මාරයේ පමණකැයි කියාය. මිරිමින්ට ඉන්නේ තම පතිවත බිලිගත් නෙරුදා පමණක් යැයි සිතාය. සක්කිලි යුවතිය හිස දරාගෙන යන්නේ තම රැකියාවයි. එහි ඇත්තේ අශූචිය. අවසානයේ ඒ බාල්දිය රැගෙන යන්නේ නෙරුදාය.

අප සියල්ලන්ම අශූචී බාල්දියක් හිසින් ගෙන ඉලපතක් අත රැගෙන යන්නෝ නොවෙමුද?

ඉලපතින් හතුරාට බැට දීමට මෙන්ම තම පරිසරය පිරිසිඳුව තබා ගැන්මටද පුලුවන.

වික්ටෝරියානූ යුගයේ අනුන්ගේ පව් සේදීමට මුහුදේ කිමිදෙන සක්කිලි යුවතිය "අද" මතුවන්නේ....  තාමත් පව් කාරයන් සිටිනා නිසාද, වික්ටෝරියානු යුගය තවමත් පවතින නිසාද?

59 comments:

  1. ඔය සො එකෙ ජොතිගෙ ස්ටයිල් එකෙ සින්දු නැතෙයි

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ මචන්,

      පැහැදිලිව රස දෙකක් ... පැරණි සිංදු සහ නව පරපුරේ සිංදු වගේ තමයි අද කාලේ ෂෝස් ගත්තමත් .. තරුණයෙක් විදිහට නව රැල්ලේ ගීත වැඩ්පුර ඇහුවත් අද අහපු සිංදුව තව මාස 4ක් 5කින් අහනකොට ඒකේ රස අඩුයි... ඒ වගේම නිතර නොඇසෙන නිසා ද කොහෙද ජෝතිපාලගේ හරි කපුගේගේ හරි සිංදුවක් පොඩි කාලේ ඇහුනු රහමයි අද ඇහුවත්... වෙනසක් නෑ..

      තව උදාහරණයක් විදියට ටීවී සීරීස් වල BBයි (Breaking bad) MH එකයි (Money Heist) දෙකත් එහෙමමයි.. MH එකත් අර යොහානිගේ මැණිකේ මගේ හිතේ සිංදුව වගේ... ලොකු Hype එකක් එක්ක උඩ ඇවිත් එක පාරටම බැහැලා අමතක වෙලාම යනවා... ඕකට හොඳම උදාහරණේ තමා Squid Game එක... ඒක Netflix එකේ most watched series එක උනා විතරයි ඒ ගැම්මටම ඊලඟට ආපු අනිත් කොරියන් series එක Helbound එකත් ඒ රැල්ලටම කට්ටිය බලාගෙන බලාගෙන ගියා... MH එහෙමම තමයි.. රැල්ලට බලනවා... රැල්ල ඉවර උනහම ආගිය අතක් නැති වෙනවා.. ඕකයි කතාව

      Delete
    2. නිර්මාණ හා නිර්මාණකරුවන් අඩු යුගයක අපේ රසාස්වාදයත් වැඩවසම් මානසිකත්වයක තිබුනේ

      Delete
  2. ඉතා හොඳ පැහැදිලිකිරීමක්.....

    ReplyDelete
  3. පැට්සි හා ජොසී ඈඳමින් ඔබ ලියු දෙයට මා වඩාත් කැමතියි

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හොඳ පෝස්ට් එකක් මාතා, රහට ලියල තියෙනවා සිරා විචාරයක්.

    මේ ගැන හඳයා ඒ දවස්වල අපට කියපු විදියට නෙරූදාගේ මේ සිදුවීම පොරට හමුවෙන්නේ තිස්ස අබේසේකරගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ පොතෙන්. මමත් හිතන්නේ ඒ පොතේ තමයි මෙය මුල්වරට පළවන්නේ. තිස්ස අබේසේකරයන් මේ සිදුවීම ගන්නේ මෙමූවා කියන නෙරූදාගේ මතක සටහන් ලියපු පොතෙන්. ඒ පොත ලංකාවෙ තිබුණේ නැහැ. හඳයා ඒ පොත ගෙන්වාගෙන කියැවූ බවත් එසේ කියැවූවාට පසුව ඒ සිදුවීම ආශ‍්‍රිතව චිත‍්‍රපටයක් කළ යුතුයි කියන අදහසක් මෑන්ගේ සිතට ආ බවත් ඊට හේතුව නෙරූදා කියන්නේ ලෝකයේම ආදරයට පාත‍්‍ර වුණු චරිතයක් (ඔහු හඳුන්වන්නේ ආදරයේ කවියා කියලනෙ) ඒ වගේම විප්ලවවාදියෙක් සහ දැවැන්ත දේශපාලන ක‍්‍රියාධරයෙක් නිසාත් ඒ කාලෙ ලෝකයේ සිදු වූ දරුණු විප්ලවීය අවස්ථාවලට මුහුණ දුන් කෙනෙක් ලෙස ඔහු දෙවන ලෝක යුද්ධය ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අත්වින්දා වගේම චිලියේ විමුක්ති ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටි කෙනෙක් ලෙස එවැනි අයෙක් ලංකාවේ ටික කලක් ජීවත් වූ අවස්ථාවක විශේෂ සිදුවීමක් ප‍්‍රස්තුතය කරගැනීම හරහා විශාල වශයෙන් විදේශ අවධානය යොමු කර ගැනීමට හැකි නිසා බව තමයි මට ඔහුගෙ කතාවෙන් වැටහුණේ.

    ReplyDelete
  6. අයිසේ ළමා තං,

    //කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය. //

    මචන් චිත්‍රපටි වලට වඩා මේ දවස් වල ඔය කියන අර්බුදය වැඩිපුරම බලපාලා තියෙන්නේ ප‍්‍රසාංගික පැත්තට නේද? විශේෂයෙන් වේදිකා නාට්‍යය, ශාලා වල පෙන්වන චිත‍්‍රපට, සංගීත ප‍්‍රසංගවලට ආදියට නේද? හැබැයි දැන් නම් වෙන රටවල් මේ වනවිට මේ තත්ත්වය ජයගෙන තිබෙනවා. මොකද මේක රටක ආර්ථිකයේ විශාල කොටසක්. මේක නොසළකා හරින්න බැහැ. ලංකාවේ අපි වගේ කන බොන ආතල් එකේ ඉන්න මිනිස්සු බහුතරය ගැන කියනවනම් ස්වභාවයෙන්ම අපි ඔය මොනව හරි කාල බීලා ගෙවල්වලට වෙලා ඉන්න ජාතියක් නොවෙයිනෙ. අපිට සංස්කෘතික ජීවිතයක් තිබෙනවා. අපේ රස විඳීම ස්ථානගත වෙලා තිබෙන්නෙ සාමූහික වින්දන අවකාශයක. නැතුව ගෙදර ඉඳලා නෙට්ෆ්ලික්ස් යූ ටියුබ් ඇමසන් ආදී තනි තනිව රස විඳින මාධ්‍යවලට නොවෙයිනෙ අපි හුරුවෙලා තිබෙන්නෙ. ඒ නිසා මචන් මේ සාමූහික රසවින්දනය අපිට අහිමිවෙලා. ඉතින් මේ සාමූහික රසවින්දනය නැවත පිහිටුවන්න ආණ්ඩුවත් කලාකරුවන් ලෙස හඳයලා වගේ සිනමා නිර්මාණකරුවන් වගේම සිනමා රසවින්දනයට ලොල් වූ ප්‍රේක්ෂක රසවතුන් ද එකසේ මැදිහත් විය යුතුයි. රට මේ තත්ත්වයෙන් ගොඩ දාගන්න පුළුවන් නමුත් ඒ සඳහා රට පුරාම මිනිසුන් ප‍්‍රබෝධමත් කරලා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ලංකාවේ සිනමාවේ තියෙන ලොකුම අර්බුදය තමයි තැන්තැන්වල තිබුණු හුදෙකලා සිනමාශාලා මේ තත්ත්වයත් සමග වැහිලා ගිය එක. ඒත් අපිට පුළුවන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න. උදාහරණයක් විදිහට තනිශාලා තිබුණු නගරවල මල්ටි කම්ප්ලෙක්ස් ඇතිකළ යුතුයි. ආයෝජකයන් එයි, ඒ අයට දිරිගැන්වීමක් තිබෙනවානම්. වෙන රටවල මිනිසුන් සිනමාශාලාවලට රංග ශාලාවලට ඇදෙන්න පටන් අරං. මේ දවස් වල එල් පී එල් එක නැගල යන නිසා බලපන් මචන් ක‍්‍රිකට් මැච් බලන්න මිනිස්සු එනවා. තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් මේ ගැන මීට වඩා ගොඩාක් සීරියස් විදියට මැදිහත්වීමක් අවශ්‍යයි මොකද පසුගිය කාලයේ අවුරුදු දෙකක් විතර දිගු කාලයක් තිස්සේ ඔහේ ගෙදරට කොටු වෙලා චාටර් කකා ජීවිතේ විඳින්න නොහැකි වූ දේවල් දැන් දැන් ටිකෙන් ටික ජනතාව විඳින්න පෙළඹෙමින් සිටිනවා. ඒ වගේම මම දැක්කා එක ආටිකල් එකක් තිබුණා දැන් නෙට්ෆ්ලික්ස්වල ජනප‍්‍රියත්වය අඩුවෙලා කියලා හෙළිවෙලා තිබෙනවා කියලා, අපිත් මේ තත්ත්වය ඇති කරගත යුතුයි. මේ ප‍්‍රශ්න එක්ක උදාසීන වෙලා පසුගාමී චින්තනයක සිටින මිනිසුන්ව අවදි කළ යුතුයි. ඒ වගේම මිනිස්සු ශාලාවලට ගෙන්වන්න වටිනාකමක් ඇති චිත‍්‍රපට හැදිය යුතුයි.

      මගේ අත්දැකීම් අනුව නම් ලංකාවේ ඉන්න පේ‍්‍රක්ෂකයන් දැන් විදෙස් සිනමා නිර්මාණ, ටීවී සීරීස් සහ ලංකාවේත් සාපේක්ෂව වඩාත් හොඳ මට්ටමේ නිර්මාණ රසවින්දනය කරමින් සිටින බව පේනවා, ඒ නිසා සමස්තයක් වශයෙන් ගත් විට ලංකාවේ මධ්‍යම පාන්තික ජනයා විශාල පිරිසක් දෙනා උසස් රුචිකත්ව මට්ටමක සිටින්නේ. ඔවුන්ට හොඳ වින්දනයක් අවශ්‍යයි. නිකං ඔහේ දෙකයි පණහේ විහිළු කරලා හරියන්නෙ නැහැ. ඒ ගැන සිනමා නිර්මාණකරුවන් මීට වඩා ගොඩාක් සීරියස් විදියට මැදිහත්වීමක් අවශ්‍යයි. මේ ගැන උඹේ අදහස් මොනවද?

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  7. - මම ලංකාවේ දැකපු හොඳම CEO -

    මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ.

    ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන.

    ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නේ.ඔහු එය මාස 2කහ මාරක් කලා කිව්වා..
    ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ..ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා.ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.
    " මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් "
    මේ ඔහුගේ වචන..
    ඔහු A/L පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..
    ඔහු මට දෙනවා ඇස් උඩ යන උත්තරයක්!
    " මචන් උබ මේ .............. බස් ගැන දන්නවද" ඔහු මගෙන් ඇසුවා.
    "ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේ"
    ඒ මම..

    හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා..
    "අනේ එහෙමද?"

    ඒ මම..

    ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම..
    ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීම.
    මම ඔහුගෙන් ඇහුවා " මේ උඹලගේ බස් එකක්ද"
    "නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි."
    ඔහු පැවසුවා.
    " එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? "

    මෙතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ..

    " ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ.. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන්. මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා.. මුලින්ම tourism පැත්තට.. එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා.. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා.."

    කඳුළු ආවේ නැතුව විතරයි මට!
    බහින තැන ලං වුණා.
    ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.
    ඒත් බහින්නම වෙනවා!
    ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා!
    කතාව ආයේ අහන්න ඕන මට!
    සුභ ගමන්!!!

    ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද? මෙහෙම මිනිස්සු සීයක් අපේ රටේ ඉන්නවා නං....

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  8. අල්බොරදා දැක ගන්නට ලැබ වරම
    මාතා පිස්සු වැටිලා ඇත ඇති තරම
    ලියවිල්ලෙන් පෙනෙයි රස උතුරණ හරිම
    හනික ලැබේවා එය නරඹන වරම

    ලිපිය වගෙම අනගියි දෙන ප්‍රතිචාර
    පුබුදයි නෙක හැඟුම් ගොන්නක් එක පාර
    චිත්‍රපට කිමැයි පහදා දෙන සූර
    කවියකි පෝස්ටුව හරබර ගම්භීර

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක් නිදී,

      ඒ වගේම සිනෙමා නිර්මාණ ගැන කතා කරනවා නම් ඇත්තටම හරි හමන් සිනෙමාවක් නැති ලංකාවේ අපිට මලයාලම් සිනෙමාව සෑහෙන්න වටිනව,මොකද පරිසරය සහ මිනිස්සු නලුවො නිලියො එකම වගේ නිසා. සරල උදාහරණයක් විදියට ප්‍රේමම් වගේම මම්මූට්ටි, මෝහන්ලාල් වගේ ක්ලැසික් මලයාලම් සිනෙමා නිර්මාණ වගේම මෑතකාලීන ප්‍රේමම්, ඕ කාදල් කණ්මණි, කාලි, එතකොට චාලි, ට්‍රාන්ස් වගේ දුල්ඛර් සල්මාන්, පෘථිවි, ෆසිල් වගේ නළු නිළියන් රඟන සිනෙමාපට බලලා තියෙනවා නම් මම කියන දේ පැහැදිලි වේවි.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
    3. ස්තුතියි! ඇත්තටම ගප්පි- ලක්ෂ්මී- මිමී- ජායි භිම් වගේ ඉතා රසවත් ඉන්දියානු films ගණනාවක්ම මටත් දැක ගන්න හැකි වුණා පහුගිය කාලෙ.

      Delete
  9. මාතා මේකත් බලලා මේක ගැනත් විචාරයක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    https://youtu.be/BpLnCh9oJR4

    ReplyDelete
  10. නාඩගම් කාරයො බලන මෝඩ තරිඳු ��

    Confused Unga Banga ��

    ReplyDelete
  11. ලංකාවේ මීට වසර දොළහක් පමණ පෙර පැවති එක්තරා සිවිල් යුද්ධයකදී දිගු දුර මෙහෙයුම් නමැති ක්‍රියාන්විතයකදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා එස් යූ වී රථයක් සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අද මාධ්‍ය වල තිබ්බා.

    එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම මෝටර් රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වැනිදා සොරකම් කර ඇති බව කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියකු වන නජීබුදීන් නමැති අයෙක් ඔහුගේ ඥාතීන් සහ මිතුරන් වන වෙනත් පුද්ගලයන් පිරිසක් යොදවා රථය සොරකම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා වල සඳහන්.

    මේ ගැන මාධ්‍ය හරහා පෙන්වා දුන් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ එක්තරා ස්ථානාධිපතිවරයෙක් ඇතුළු නිලධාරීන් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයන් පිරිසක් සමඟ සොයාගත් බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    කෑලිකර තිබූ කාර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගෙන සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි තව දුරටත් සඳහන් වෙන්නේ.

    ReplyDelete
  12. තලන්,

    උඹ දන්නවද දන්නේ නෑ පහුගිය කාලේ පුරාම ජාලේ පුරා කියල තිබ්බා මහජන ප‍්‍රදර්ශනය සඳහා රැඟුම් පාලක මණ්ඩලය විසින් අනුමත කළ චිත‍්‍රපට 120 කට ආසන්න ප‍්‍රමාණයක් තිරගත කරගැනීමට නොහැකිව එම චිත‍්‍රපටවල නිර්මාණකරුවන් සහ ඒ සඳහා මූල්‍ය පිරිවැය දැරූ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව. එය ඇත්තද?

    කියල තිබ්බ හැටියට නම් එම චිත‍්‍රපට නිර්මාණය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 650 කට වඩා වැඩි මුදලක් වැය වී තිබෙන අතර එම ඇතැම් සිනමා පට නිර්මාණය කර තිබෙන්නෙ චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ නිවාස සහ දේපළ බැංකුවල උකසට තබා ලබාගත් ණය පහසුකම් මත බවද කියල තිබ්බා.

    Heading

    // 2014 වසරේ සිට ප‍්‍රදර්ශනය කරගත නොහැකිව චිත‍්‍රපට 120 ක් පෝලිමේ.... නිෂ්පාදන වියදම මිලියන 650 කට අධිකයි!

    ප‍්‍රදර්ශනයට අවසර ලැබුණද තිරගත කරගත කරගැනීමට අවස්ථාවක් නොලද මෙම චිත‍්‍රපටි ගොන්න අතරට මීට වසර හතකට පෙර : 2014 වසරේ සිට නිෂ්පාදනය අවසන් කළ, අවසර ලබා ගත් සිනමා නිර්මාණද ඇතුළත් වේ.

    මේ වන විට පවතින රෝග තත්වය මෙන්ම අන්තර්ජාලයෙන් සිනමා රසවිඳීම්ද නිසා සිනමා ශාලා දවසින් දවස වැසී යෑම, පවතින සිනමා ශාලාවන්හි චිත‍්‍රපට සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට නොහැකි වීම, චිත‍්‍රපටවල ගුණාත්මක බව පිළිබඳ ප‍්‍රදර්ශන මණ්ඩලවල පවතින රුචි අරුචි බව නිසා දිගින් දිගටම 2014 පමණ සිට 2019 වසර තෙක් මෙසේ චිත‍්‍රපට ප‍්‍රද්ර්ශන පෝලිමක් ඇතිවීමට බලපා තිබෙන අතර පාස්කු ප‍්‍රහාරය සහ කොඩිඞ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් සිනමා ශාලා වසා තැබීමත් මෙසේ ප‍්‍රදර්ශනය කර ගත නොහැකිව චිත‍්‍රපට ගොඩ ගැසීමට හේතුවක් වී ඇත.මෙම ගැටලූවට සාධනීය විසඳුමක් ලබා දීමට ජාතික චිත‍්‍රපට සංස්ථාවට තවමත් නොහැකි වී තිබෙන අතර චිත‍්‍රපට නිර්මාණකරුවන් සහ නිෂ්පාදකයින් චෝදනා කරන්නේ සංස්ථාව මෙම ගැටලූවේදී උකටලි සොබාවයකින් කටයුතු කරන බවය.//

    //කෙසේ වෙතත් ටෙලි නාට්‍ය සඳහා රූපගත කළද එහෙත් ටෙලිවිෂනයේ ප‍්‍රදර්ශනය කාලයක් ලබා ගැනීමට නොහැකිව, පසුව සිනමා නිර්මාණ බවට සංස්කරණය කළ නිර්මාණ කිහිපයක්ද මෙම චිත‍්‍රපට පෝලිමට ඇතුළත් වන බව අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.

    2014 වසරේ සිට ප‍්‍රදර්ශනය සඳහා අවසර ලැබුණ ද මේ දක්වා ප‍්‍රදර්ශනය කරගත නොහැකිව තිබෙන චිත‍්‍රපට මෙසේය.

    ගින්දරී, කතුරු මිතුරු, ආශාවරී, එකගෙයි සොකරි, ගාඩි, මිදුණු විශ්වය, හිතුමතේ ජීවිතේ, කවුරුත් දන්නෙ නෑ, ගජමෑන්, යුගාත‍්‍රා, කන්දක් සේ මා, කදිර දිව්‍යරාජ, ශ‍්‍රී සිද්ධා, දඩඉම, නිහඬ සෙවනැලි, උතුරු සුළග, ශ‍්‍රී වික‍්‍රම, ජංගි හොරා, බුලට් පෘෆ් චිල්රන්ස්, කිඞ්නැප්, ගේම්, අයිස්ක‍්‍රීම්, සිනෙමා, ලව් ස්ටෝරි, ගිරිවැසිපුර, කොරෝනා කාලේ ආලේ, ආයු, ආශු, බහුචිතවාදියා, විසංගමනය නයිට් රයිඩර්, ගුත්තිල, සෙවනැලි, මුරුග සන්නිය, ඉක්කා, වියසිදුර, ක්ෂීර සාගරය කැලඹිණ, මන්දාරා, තුන්දෙනෙක්, රතු සමනල හීනයක්, සහෝ, තේජා, වීර්යා, යාත‍්‍රා, සූවිසි විවරණ, ස්වර, බවතරණ, සුරංගනා ලොවින් ඇවිල්ලා, තුන් වරක් තුන, ආකර්ෂා, මිගෙට්ටුවත්තේ ගුනානන්ද, දෙවෙනි වරම. ආකාස පාලම, ගොවි තාත්තා, පාස්පෝට්, තානාපතිලෑ ගෙදර, ගුරු ගීතය, සෙකන්ඞ් ෂෝ, ටොම් පචයෝ, වස්දඬුරාවය, රහයි ජීවිතේ, නෝනා හරිම සැරයි, බ්‍රේකින් නිවුස්, තුම්පත් රෑන, බාඳුරා, රුහීරේ, සඳ දිය සළු, අතුරු මිතුරු හරි අපූරු, ජොබ්ලස් ඩග්ලස්, ගිනිමල් පොකුරු, ඇද්දා ලණුව දැම්මා කොඩිය, අපායේ තත්පර, අහසින් වැටෙයි, යුරේකා, අනෝරා, මායාවි, සදී, හැපි බර්ත් ඬේ, ජීවා, සීක‍්‍රට් ඔෆ් ද රෝස්, බැක් ටු ද ස්කූල්, අල්බොරාදා, සීරුවෙන්, මාරියා, ප‍්‍රවේසමින් ඉන්න, මරුකතර, අග්නි, සීගිරි, තට්ටු දෙකේ ඉස්කෝලෙ, නම්බර් නයින්, මෝනාලිසා, සදාදර ජෝති, පපාස් හවුස්, මිස්ටර් කපු, රං කොල්ලා, රජදහන, බඔර වසන්තය, විවර්ණ, පියාඔන්න ආයෙත්, එදත් දිනුම් අදත් දිනුම්, ගිනි කඳුළු, දුස්රා, නිමි, ද ලෙටර්, සීඞ්ස්, රශ්මි, අමාවක, ස්පර්ෂ, දිරිය දෝනි, නීලම්, ගිනියම් යාමය.//

    මේවා කවදා දකින්න පුළුවන් වේවිද?

    ReplyDelete
  13. මේකත් පොතක් ඇසුරින් හදල තියෙන ෆිල්ම් එකක් නේද බන් මාතෝ? සාමාන්‍යයෙන් පොත් කියවලා තියනවා නම් මම ඒකට අදාළ ෆිල්ම් බලන්නෑ. ටීවි සීරිස් වලින් නම් sherlock , Anne with an E දෙක හොඳයි, පොත් කියවල තිබුණත්

    පොත් ඇසුරින් කරපු Harry potter වගේ ගොඩක් නිර්මාණ බොහෝ දුරට තරමක් අසාර්ථකයි. මේකත් බලලා පස්සෙ පොත කියවල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... මේ පොතක තිබුන ඉතා සුළු සිඳුවීමක් ගැන හඳයා කරපු වෙනස්ම නිර්මාණයක්....

      Delete
  14. මහරජ ගැමුණු චිත්‍රපටිය ගැන කතා කරනවා නම් ඇත්තටම මුලින්ම පොත ඇවිත් ඊට පස්සෙ චිත්‍රපටිය ආවේ, එතනදි ජයන්ත චන්ද්‍රසිරිගේ පොත කියවනකොට හිතේ මැවුනු ගොඩක් දේවල් චිත්‍රපටය බලද්දි අසාර්ථකයි කියලා හිතුනා,, කොටින්ම එම පොතේ සඳහන් කරලා තියෙන හැටියට ඔහුගෙ මහරජ ගැමුණුට ලංකාවෙ සිනමාව කුඩා වැඩියි කියලා තමයි මට හිතුනෙ,, හොලිවුඩ් වල නිර්මාණය උනානම් මහරජ ගැමුණු, රෙඩ්ලි ස්කොට්ගෙ ග්ලැඩියේටර් චිත්‍රපටියෙ වගේ සටන් ජවනිකා, අතිදක්ෂ කලා අධ්‍යක්ෂණ, සුපිරි දර්ශන තල සහ ඒ හා සමාන බොහෝ දේ දැකබලා ගන්න තිබුනා,,, ( මෙය මගේ හුදු මතයක් පමණයි)

    මොකද ජයන්ත චන්ද්‍රසිරි මහරජ ගැමුණු පොතේ ලියලා අපේ හිත් වල මවපු ගොඩක් ජවනිකා චිත්‍රපටියෙ අසාර්ථක වෙලා තියෙනවා දැක්කාම හිතට ලොකු දුකක් ආවා,, ඇත්තටම ඒ වාගෙ මිනිස්සු ඉපදෙන්න තිබ්බෙ එක්කෝ හොලිවුඩ් වල නැත්තං අඩුම තරමේ බොලිවුඩ් වල, මහරජ ගැමුණු සිනමාපටය බලපු දවසේ මටනම් දැනුනේ ඔහොමම තමයි.

    චිත්‍රපටයක් නොවන ටෙලි නාට්‍යය ගැන කතා කරද්දි ස්වයංජාත ටෙලිනාට්‍යය නම් අන්තිමයි. පොතේ තිබුන vibe එක එහෙම්පිටින්ම විනාස කරලා. අන්තිම අසාර්ථක, අසාධාරණ ටෙලිනාට්‍යයක්.

    ReplyDelete
  15. අයිසේ මාතලන්,

    ඇත්තටම හොද ලිපියක් යාළුවා, හැබැයි තව දෙයක් කියන්න කැමතියි ලංකාවේ සිංහල මූවී ෂාන්ර වල ඇඩ්වෙන්චර, ක්‍රයිම්, ත්‍රීලර් වගේ ඒවායේ හොඳම නිර්මාණ ගැන හරි හමන් පරිපූර්ණ විචාරයක් මේ දක්වා මට නම් දකින්න ලැබිලා නෑ. ඒ නිසා ලංකාවේ සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයේ Adventure, crime, thriller වගේ ෂාන්ර වල හොඳම ඒවා ගැන විචාරයක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද? මම හිතන්නේ වැඩේට උඹ හොඳටම හොඳයි කියලා, ලස්සනට ලියන්න පුළුවන් නිසා. ඒ වගේම පෝස්ට් එකේ අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.. මේ හඳගම ගේ ෆිල්ම් එකත් බලන්න ඕන ඉස්සරහට.

    ලංකාවේ සිංහල සිනමාවේ මම දැකපු හොඳ නිර්මාණ වන නිධානය, ජනේ්ලය, නිම්නයක හුදකලාව, ආත්මා, මහගෙදර සහ ස්පන්දන කියන චිත්‍රපටි ටික අන්තර්ජාලයෙන් download කල හැකි වුණත් වැලිකතර, බඹර වලල්ල එහෙම හොයාගන්න නෑ.. ඇත්තටම පරණ චිත්‍රපටි වලින් චූඩා මාණික්‍යය, ගිජුලිහිණියෝ, හාරලක්ෂය, නිම්නයක හුදකලාව, අභිරහස, බැද්දේගෙදර, දඩයම, දියමන්ති, යසෝමා, ගරිල්ලා මාකටින්, ගොළු මුහුදේ කුණාටුව, මදාරා පරසතු වගේ මූවී ගැන හරියට විචාරයක් කරල නෑ නේද? ඒ ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි?

    තව දෙයක් බඹර වලල්ල ඩිරෙක්ටර් අතුල ලියනගේ ඒකෙන් පස්සෙ වෙන ෆිල්ම් එකක් කරපු නැති එක ගැන නම් දුකයි, වෙනමම ස්ටයිල් එකක් තිබ්බ ඩිරෙක්ටර් කෙනෙක් අපරාදෙ.

    අනෙක් අතට ත්‍රාසය... කියන මටිටමට නම් තාම අපේ මාර්කට් 1ක සෙටි නැද්ද මන්දා ...භීතිය පැත්තෙන් පොඩි දෙයක් කරන්න පුළුවං වෙලා තිබිබ බන්ධනය සහ Zoom වගේ මුවී වල.. ඒත් අන්තිම හරිය වෙද්දි චීත්‍රපටිය පුරා කරපු දේ... මහන්සිය විනාඩි 5කින් චොර වුනා.... මොකද ඒ ගැන හිතන්නෙ... උබගේ අදහස් මොනවද ඒ ගැන?

    ReplyDelete
  16. බලන්ඩ හිතං ඉන්නෙ. අර කක්කි මල් පොකුරු වගේ නොවෙන පිච්චර එකක් එනේකත් සතුටුයි 🙄🙄🙄

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඔබ මෙතන කක්කි මල් පොකුරු ලෙස විවේචනයට ලක් කරන්නේ උදයකාන්තගේ ගිනි මල් පොකුරු ෆිල්ම් එක ද?

      කෙසේ වෙතත් ඔබ එම සිනමා නිර්මාණය විවේචනය කරන හේතු සාධක ගැන තව දුරටත් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මගේ හැඟීම නම් මේක මීට අවුරුදු විසි ගානකට කලින් විතර සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු එකක්, කතාවේ හැටියට අත්වැරැද්දකින් සිදුවූ අපරාධයකින් තම ආදරවන්තයා බේරගන්න උසස් රාජ්‍ය නිලධාරියෙකුගේ ග‍්‍රහණයට හසුවන කාන්තාවක් පිළිබඳව තමයි මේ නිර්මාණයෙන් කියැවෙන්නේ. මේක සත්‍ය සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය වූ කතාවක් නිසා මේ වගේ කතා අපේ සමාජයේ ඕන ඕන තරම් තියනවා. ත‍්‍රාසය, කුතුහලය, අනුවේදනය මුසු වුණු මේ කතාව පේ‍්‍රක්ෂකයන්ට අලූත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. මෙහි දී චූලාක්ෂි බොහෝ දුරට ආධුනික ගතියක් තියෙනව වගේ ඉසුරු උනත් ගොඩක් හොඳයි කියලා කියන්න අමාරුයි තමයි ඒත් අධ්‍යක්ෂකවරුන්ටත් නිෂ්පාදකවරුන්ටත් අද තිබෙන ලොකුම අභියෝගය තමයි සිනමා ප්‍රේක්ෂකයා වෙනත් දෘශ්‍ය මාධ්‍යයන්ට ඇබ්බැහි වීම තුළ සාමාන්‍ය අන්දමේ චිත්‍රපටයකින් මේ අභියෝගය ජය ගැනීමට අද කොහෙත්ම බැරි වීම, ඒ වගේම තමයි ලිංගිකත්වය කියන්නේ අපේ ජීවිතය හා බැඳුණූ සාමාන්‍ය සංසිද්ධියක්. එය චිත්‍රපටයක් හෝ වෙනත් නිර්මාණයක් තුළ දකින විඳින ආකාරය තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන දෙයක්. තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන සරාගී දර්ශන කතාවට බද්ධ එක් කාරණවක් පමණයි නේද?

      ඒ වගේම විශේෂයෙන්ම සරාගී දර්ශන ඇතුළත් වූ පමණින්ම එය බාල නිර්මාණයක් වෙන්නේ නැහැ. අපි හැමෝම හොඳින් දන්නවා විශ්ව සිනමාවේත් එවැනි සරාගී දර්ශන ඇතුළත් ගුණාත්මක චිත්‍රපට කොතෙක් තිබෙනවාද කියා? මම හිතන්නේ මේකේදී අලුත් රැල්ලක් හදන බලාපොරොත්තුවෙන් නෙමෙයි උදයකාන්ත 'ගිනිමල් පොකුරු" නිර්මාණය කරල තියෙන්නෙ, මීට ඉහත ඔහු කළ සරාගී දර්ශන ඇතුළත් "බහුභාර්යා" චිත්‍රපටය මෙයට හොඳ උදාහරණයක්. ඔහු එම චිත්‍රපටය නිර්මාණය කළේ නිසරු සිනමා රැල්ලක් පැන නැගී තිබු කාලයක. මා දන්න තරමින් "බහුභාර්යා" චිත්‍රපටයෙන් පසු එම කාම රැල්ල නැවතුණා.

      ඒ වගේම විශේෂයෙන්ම හොඳ වැඩිහිටි චිත්‍රපටයක් තැනීම සාමාන්‍ය කතාවක් සහිත චිත්‍රපටියකට වඩා ඉතාමත්ම ආයාසකර සෑහෙන කාලයක් වැයකර වෙහෙස වී කළ යුතු නිර්මාණශීලී කාර්යයක්, විශාල අභියෝගයක්.

      Delete
  17. අල්බොරාදා හොඳ නිර්මාණයක් වෙන්න පුළුවන් හැබැයි විදූ චිත්‍රපටය හැරුණු කොට මට නම් අසෝක හඳගම සිනමා වේදියා කරන චිත්‍රපට ඒතරම් අල්ලල ගියෙ නැහැ කතාවෙන් කියන්න හදන දේ තේරුම් ගන්න සෙට් වුණේ නෑ. හැබැයි පොදුවේ ලංකාවෙ තත්වය නම් තාමත් රට කිසියම් අයහපත් තත්ත්වයක තිබෙන නිසා වියදම් දරා ආකර්ෂණීය චිත්‍රපට තැනූ බොහෝ නිෂ්පාදකවරුන් තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මැලිකමක් දක්වනවා. ඒ නිසා මේ මොහොතේ ඔය චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය කිරීම අරඹපු එක ගැන නම් ප්‍රදර්ශකයින් හා සිනමා මණ්ඩල වගේම ප්‍රේක්ෂක අපිත් සතුටට පත් වී ඉන්නේ, මොකද වැසී තිබූ සිනමා ශාලා කිහිපයක් මෙම චිත්‍රපටය සමග යළි විවෘත වී තිබෙනවා.

    චිත්‍රපට අධ්‍යක්ෂකලා නිෂ්පාදකයින් මොන මොන දේ කළත් අවසානයේ දී චිත්‍රපටයක වෙළෙඳ සාර්ථකත්වය රඳාපවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් ප්‍රතිචාර මතයි. මේ චිත්‍රපටය සහ මේ කාලයේ එන එවැනි අනෙක් ඒවාත් හොඳ සාර්ථක්තවයක් ලැබුවෝත් එයින් ලංකාවේ සිනමා කර්මාත්තයට කිසියම් ප්‍රබෝධයක් ලැබේවි. ඒ වගේම දැනට 100 කටත් වඩා පෝලිම් වල තියෙන චිත්‍රපට සමග පෙළ ගැසී සිටින අනෙකුත් නිෂ්පාදකවරුනුත් ප්‍රදර්ශනය සඳහා දිරිමත් වේවි.

    රජයේ පැත්තෙන් මැදිහත් වීම ගැන කතා කරනවා නම් සිනමාව කර්මාන්තයක් ලෙස පසුගියදා කැබිනට් අනුමැතියකින් පිළිඅරන් තිබුණා. මේ තත්වය හොඳයි, මොකද සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසයි ලෝකය පිළිගෙන තිබෙන්නේ.

    ලංකාවේ පසුගිය කාලය පුරා දශක හතකට වඩා කාලයක් තිස්සේම සිනමාව ගැන සියලු තීරණ අරගෙන තිබෙන්නේ සිනමාව කියන්නේ අමාරුවෙන් රැක ගැනීමට අවශ්‍ය වාණිජ නොවන කලාවක් ලෙස සලකමින් පමණයි. නමුත් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නා ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් අරගලයක යෙදෙමින් සිටියා. කෙසේ හෝ මෙම සිදුවීම ප්‍රමාද වී හෝ ඉටුවී තිබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. මෙයින් කර්මාන්තයකට ලැබෙන සහන රැසක් සිනමාවටත් ලැබෙනවා. එය ලංකාවෙ සිනමාවේ දියුණුවට විශාල රුකුලක් වන බව මගේ විශ්වාසයයි. නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ අද දවසේ ගෙවී යන ලංකාවෙ සිනමාවේ සැබෑ දියුණුවක් ලැබීය හැක්කේ ගතානුගතික හා රාජ්‍ය බැඳීවලීන් බැහැරව නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් පමණයි කියා මා සිතනවා. එමෙන්ම එය සිදුවිය යුත්තේ වඩාත් විවෘත සහ නිදහස්කාමී රාජ්‍ය නියාමනයකට යටත්වයි. වල්බූරු නිදහස සහ පෞද්ගලික මඩ ප්‍රහාර වගේ දේවල් වලින් ඈත් වෙලා යහපත් නිර්මාණශීලී වාණිජ වශයෙන් ද සාර්ථක උසස් නිර්මාණ කරන්න පුළුවන් අය ලංකාවෙ තව තවත් බිහි කිරීම අත්‍යවශ්‍යයි.

    ReplyDelete
  18. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වාඇත! "Politics & News" කොලමේ දක්වා ඇත! දැනට නොලියවෙන බ්ලොග් 848 ක් ඇතුළුව බ්ලොග් 1140ක් කරා යොමුවිය හැකි අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේනම් එය අපට මහත්වූ උපකාරයක් සේ දැනේ!

    ReplyDelete
  19. නීත්‍යානුකූල ඉන්ටනැෂනල් ලංකට් පෙඩරල් ඩිප්ලෝමැටික් පාස්පෝර්ට් හෝල්ඩර් සයිකොලොජි මාස්ටර් පැරාමෙඩික්

    ReplyDelete
  20. හඳගමගේ 'ඇල්බොරෙදා' චිත්‍රපටිය බලන ඕනෑම පිරිමියෙකුට ආඩම්බරයටත්, බයටත් පත්වෙන්න පුලුවන් ලක්ෂයක් හම්බවෙනව.

    ආඩම්බරය තමයි මහා ප්‍රේමණීය කවි පැබ්ලෝ නෙරූදා ඇතුලේ තමන් ඉන්නවා එයාට පේන්න ගන්න එක.

    ලෝකයම වැඳගෙන පුදාගෙන ඉන්න කවියෙක් ඇතුලෙ තමන් ඉන්නවා පේන එක ආඩම්බරයක් නෙවෙයිද බන් ගෝතලන්.....?

    එතකොට බයවෙන්නෙ...,
    ආ බය වෙන්නෙත් ඒකටම තමයි. ඒ කියන්නේ ඔයා ඇතුලේ නෙරූදා ඉන්නවා ඔයාට පේන්න ගත්තම ඔයා බයවෙයි........ බලන්නකෝ.......

    හඳගමගෙ ගුරුත්වයේ, හඳගමගෙ සෞරග්‍රහ මංඩලයේ, හඳගමගේ ක්ෂීරපථයේ තියෙන 'හඳගමියානු' චිත්‍රපටියක්..........

    මට විශිෂ්ඨම රිතිකාගේ රංගනය....

    රංගනය
    සංස්කරණය
    කැමරාව
    කලා අධ්‍යක්ෂණය
    මියුසික්....

    වගේ ඒවල හැසිරීම සහ හැඩය හඳගම විශ්වය ඇතුලෙන්ම තේරුම් ගන්න පුළුවන් හැඩයන් ටිකක්.....

    මීට එහා ලිව්වොත් උඹල මේක බලන එකක් නෑ....... ෆිල්ම් එක බලල ආවට පස්සේ ඉතුරු ටික ගැන කතා කරමු, මාතලන් බොසා මම නම් ආසම එන්ඩ් ෂොට් එකට.....��

    ReplyDelete
  21. සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගය හරහා නැවතත් විපක්ෂය සමාජගත කරන්න හදන මඩ ගැන මාතලන් හිතන්නේ මොකක්ද?

    ලංකාවට දශක ගණනාවක්ම සිහිනයක් වෙලා තිබුනු අධිවේගි මාර්ගය යථාර්ථයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයයි. ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ අලුත් විප්ලවයක් ඇති කරමින් දක්ෂිණ අධිවේගි මාර්ගය හදන්න පටන් ගත්තුදා පටන්ම විපක්ෂයෙන් දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරන්න පටන් ගත්තා කියන එක අපි කාටවත් අමතක නෑ. මැදමුලනේ සිට ඇඹුල් තියල් ගේන්න හදන කිසිම තේරුමක් නැති සුදු අලියෙක් වෙන මේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කිලෝ මීටරයකට මෙච්චර ගානක් වියදම් කරලා තියෙනවා ඕක හැදුවේ රත්තරං වලින්ද වගේ කතාවන් පවා අපිට ඒ දවස්වල නිතරම අහන්න ලැබුනා. මේ වගේ බොරු දිගින් දිගටම සමාජගත වෙද්දි රටේ ජනතාවත් හිතන්න ගත්තා හප්පට සිරි මාර හොරා කෑමක්නේ මුන් කරලා තියෙන්නේ කියලා. ඒකේ ප්‍රථිඵලය විදියට 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය ලැබුවා.

    හැබැයි ඒ අධිවේගි මාර්ගයන් ගැන දිගින් දිගටම බොරුව සමාජගත කරපු එජාපය බලයට ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ වැය කරපු මුදලට වඩා තෙගුණයකින් වැඩි මුදලක් කිලෝ මීටරයක් වෙනුවෙන් වියදම් කරලා කරපු නාඩගම් එහෙම රටේ ජනතාව හොඳින් දැක්කා. ඇත්තටම එතනින් පස්සේ තමයි රටේ ජනතාවටත් තේරුනේ එජාපයෙන් සහ ජවිපෙන් සමාජගත කරපු බොරුවලට තමන් අහු උනා කියලා.

    ඔය වගේ 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාද කරන්න විපක්ෂය ගෙනගිය ගොබෙල්ස් න්‍යාය දැන් 2020 අගභාගයේ සිට නැවතත් භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා. විපක්ෂය විසින් එදා රටේ ජනතාව ඇන්දැව්වා වගේම නැවතත් ජනතාව අන්දවන්න කටයුතු කරගෙන යනවා. ඒ ප්‍රොජක්ට් එකෙන් එකක් තමයි සෞදි අරාබිය සිට ඕමානය දක්වා ඉදි කරපු අලුත් අධිවේගි මාර්ගය.

    ඇත්තටම මාතලන් ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසරන අය දකින්න ඇති සජබට හිතවත් පේජ් එකකින් පෝස්ටුවක් ශෙයාර් වෙනවා "සෞදිය හා ඕමානය යා කරන කිලෝ මීටර් 740ක අධිවේගි මාර්ගයේ වියදම ඩොලර් මිලියන 506ක් නමුත් අපේ රටේ දකුණු අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 131ක් වෙනුවෙන් වියදම් කරපු මුදල ඩොලර් මිලියන 741ක්. කොහොමද මුන්ගේ ගැහිල්ල" කියලා. ලෝකය ගැන කිසිම දැනීමක් නැති මනුස්සයෙක් දාපු ඔය පෝස්ට් එක ඔය මනුස්සයා වගේම නූගතුන් බර ගානක් ශෙයාර් කරලා තිබුනා. ඒ වගේම ඒ පෝස්ටුවට මාර කමන්ට් ටිකක් වැටිලත් තිබුනා. හැබැයි මැදපරදිග රටවල්වලට විසිට් එකක් හරි ගිහින් තියෙන එකෙක්නම් ඔය වගේ පෝස්ට්වලට අහවල් පැත්තෙන් හිනා වෙනවා මිසක් ශෙයාර් කරන්නේ නෑ.

    ඇත්තටම ඔය පෝස්ට් එක දාපු ගොන් වහන්සේ කියනවා වගේ සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගයේ දුර කිලෝ මීටර් 740ක් නෙමෙයි, සෞදි අරාබිය තුල කිලෝ මීටර් 564ක්. ඕමාන් වල තව කොටසක් තියෙනවා ඒක වෙනමම යන්නේ. ඒ වගේම වියදම් කරපු මුදල ඩොලර් මිලියන 506ක් නෙමෙයි ,ඩොලර් මිලියන 533ක්. ඒ වගේම ඔය අධිවේගි මාර්ගය අපේ රටේ දක්ෂිණ අධිවේගි මාර්ගය තරම්වත් පළල් නෑ. ලේන් දෙක වෙන් කරන බැම්මක්වත් නෑ. නිකන් නෝමල් පාරක් විදියට හදලා තියෙන පාරක්. මැදින් කහපාට ඩබල් ඉරි ඇඳලා වෙන් කරපු තනි පාරක් two way ලේන් එක බැගින් තියෙන්නේ. ඒකට හේතුව තමයි සෞදිය සහ ඕමානය යා කරන්න ඔය අධිවේගි මාර්ගය හදලා තියෙන්නේ මිනිසුන්ට ට්‍රිප් යන්න නෙමෙයි. රටවල් දෙකක් අතර භාණ්ඩවල් හුවමාරු කරගන්න කන්ටේනර් වලට යන්න තමයි ඔය මාර්ගය හදලා තියෙන්නේ. මිනිසුන්ටත් ඕනිනම් තමන්ගේ වාහනේ යන්නත් පුලුවන් හැබැයි ඔච්චර දුරක් වාහනේ යනවාට වඩා ෆ්ලයිට් එකෙන් යන එක ඔවුන්ට පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය අධිවේගි මාර්ගයයි අපේ රටේ දක්ෂිණ අධිවේගි මාර්ගයයි එකට සංසඳනය කරන්න පුලුවන්ද? ඔහොම සංසඳනය කරන උන් දන්නවාද කඩවත ඉඳන් හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය හදන්න සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් හදපු ඕවර්හෙඩ් වයාඩක්ට් පාලම් කීයක් හැදුවද කියලා? බීම් කීයක් උඩද ඔය පාර හදලා තියෙන්නේ කියලා? මොන තරම් කඳු තොගයක් කැපුවද කියලා? ඒ විතරක් නම් මදැයි තව ඊට අමතරව ඔය පාර හදද්දි රජයට පවරා ගත්තු පෞද්ගලික නිවාස ඉඩම් වගාබිම් සේරටම කෝටි ගණනින් වන්දි ගෙවන්නත් රජයට සිද්ද උනා. ඕවට වියදම් කරන ඒවා අධිවේගි මාර්ගයට අයිති නැද්ද? හැබැයි සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගයට ඔය මෙලෝ ප්‍රශ්නයක් නෑ. ඉඩම්වලට වන්දි ගෙවන්න ඕනිත් නෑ, කඳු කපලා පාර හදන්න ඕනිත් නෑ, ලංකාවේ වගේ දැඩි වගුරු බිම්, මඩ පිරුණු මහ වෙල් ගොඩ කරලා අර්ත් පයිල් ගහලා කණු දාලා පාලම් හදන්න ඕනිත් නෑ. ඔවුන්ට කරන්න තියෙන්නේ වියළි කාන්තාරයේ වැලි තලාව උඩින් ඔහේ පාර හදාගෙන යන්න විතරයි.

      සමාන්‍ය අවබෝධයවත් නැති සජබ උන් සමාජගත කරන මේ වගේ බොරුවලට අපි නැවතත් අහුවෙනවාද කියලා දෙපාරක් කල්පනා කරලා බලන්න ඕනි.

      බොරුවක් සමාජගත කරද්දි හරියට හොයලා බලලා සමාජගත කරන්න ඕන එහෙම නැතුව දෙයක් දැක්ක ගමන් මොලේ සෙවිල්ලක් නැතුව ඔහේ සමාජගත කරලා නිකන් පීචං වෙන්නේ නැතුව. මේ ගැන මාතලන් හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් නේද?

      Delete
  22. ඇත්තටම මාතේ ලංකාවේ බහුතර මිනිස්සුන්ට හැදෙන්න කිසිම වුවමනාවක් නැ.. උන්ට ඕනි කාගෙ හරි කුණු, අතාල් ටිකක් එක්ක රැල්ලට යන්න ඒකටම ඔබින ලංකාවෙ මෙලෝ රහක් නැති ජඩ මාධ්‍ය කරන්නේ කුණු රසයට මාකටින් වලින් ලොකු වෙළඳ පොළක් හදලා හෝල් සේල් මිනිස්සු ඉල්ලන දේ දෙන එක

    මාධ්‍ය වලට හරි පාර්ලිමේන්තුවේ පවා හරවත් තේරුමක් ඇතිව තර්කානුකූල දේවල් කීවම (ජඩ) මාජ්ජවේදියට තේරෙන්නෙත් නෑ. ජනතාවට අහන් ඉන්න විනයකුත් නෑ. මොලේටත් කරදරයිනෙ.

    ඒනිසා ඔහේ සෝඩා බෝතල් සෙනික වින්දන ආතල් වලට තමයි කවුරුත් රිඇක්ට් කරන්නේ. දියුණු රටක් ඕනෙලු. කොහෙද ඉතිං රටවල් හදන්නෙ.

    උදාහරණයක් විදියට මේක බලපන් බන් මාතේ;

    https://fb.watch/9Q2trfy6u5/

    ReplyDelete
  23. මාතා මේක රිපෝට් කරලා බ්ලොක් කරලා දාන්න;

    https://www.facebook.com/78094558443/posts/10159429874893444/?app=fbl

    ReplyDelete
  24. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්. ම්ම්..

    ReplyDelete
  25. මාතා, පහුගිය දවසක තම වටිනා දිවි සැරිය නිම කළ ලංකාවේ වාණිජ සිනමාවේ බොක්ස් ඔෆිස් රජකු ලෙස ජනහද දිනූ චිත‍්‍රපට රාශියක් හෙළ සිනමාවට දායාද කළ ප‍්‍රවීණ සිනමාකරුවකු වූ අප හිතමිත්‍ර සුනිල්සෝම පීරිස් ගැන ලියන්න අදහසක් නැද්ද?

    සිනමාවේ ඕනෑම අංශයක් පිළිබඳව යම් නිපුණතාවයක් තිබි සිනමාවට තිබූ දැඩි ආදරය නිසාම ඉතාම කුඩා තැනකින් පටන් ගෙන විවිධ අධ්‍යක්‍ෂවරුන්ගේ මග පෙන්වීම මගින් විවිධ ප‍්‍රධාන කාර්මික ශිල්පීන්ට අත් උදව් දී, දැවැන්ත නළු නිළියන් සහ නිර්මාණකරුවන් සමග වැඩ කිරීමෙන් සහ ඒ ආශ‍්‍රය තුළින් ලබාගත් අත්දැකීම් ඔහු තම ජීවිතයට දැඩි ලෙස බද්ධ කර ගැනීම නිසා දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් රඳවා ඉතිරි කර තැබීමට ඔහුට හැකි වුණ බවත් දැඩි උත්සාහය, උනන්දුව කැපවීම, කාලය අමතක කර වැඩ කිරීමට දැරූ උත්සාහය මත ඔහු මෙම තත්ත්වයට පත් වූ බව මා පවසනුයේ ඊට දස දහස් තරම් නිදර්ශන පෙන්වා දීමට හැකි බැවිනි.

    ලංකාවේ සියලුම ප‍්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් අධ්‍යක්‍ෂවරුන්, කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන්ගෙන් ඔහු පිළිබඳ විමසුවහොත් අපට අසන්නට ලැබෙන්නේ ඔහුගේ දක්‍ෂතාවය කැපවීම තැනට සුදුසු නුවණ, නිෂ්පාදන අධ්‍යක්‍ෂණයේ ඇති කළමනාකරණය සහ පළපුරුද්දේ විශිෂ්ටත්වය සහ නිසගයෙන්ම ඔහු තුළ පිහිටි මනුස්සකම පිළිබඳ අවංක තක්සේරුවයි. බැලූ බැල්මට එය වර්ණනාවක් සේ පෙනුණත් ඒ සියලූ ප‍්‍රකාශන තුළ ඔවුන්ගේ හෘදසාක්‍ෂිය සත්‍ය ගරුකරමින් සුනිල් පිළිබඳව සුනිල්ගේ දක්‍ෂතා පිළිබඳ මතකය අලූත් කිරීමක්.

    ඇත්තටම ලංකාවේ හෙළ වාණිජමය සිනමාව වෙනුවෙන් සුනිලුන්, නැත්නං සුනිල්සෝමයන් කළ කී දෑ කිසිදිනක සිනමාවට ආදරය කරන්නවුන්ගේ හදවතින් නොමියෙන බව මට විශ්වාසය. ආදරණීය සිනමා සිහිවටන රාශියක් අපට ඉතිරි කර අවසන් ගමන් යන සුනිල්සෝමයන්ට අපි අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  26. මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?

    https://youtu.be/SPAArv9B__8

    ReplyDelete
  27. වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

    ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

    සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.

    කාදිනල්තුමෝ එහිදී මෙසේ ද කීහ.

    “නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.

    2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ.

    ReplyDelete
    Replies
    1. @ anonymous 9.17

      //වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් //

      උත්සව කාලයේ ඔය මත්පැන් විකුණන එක තහනම් කරල තියෙන්නෙ පොලිටික්ස් කරන සිවුරු කාරයෝ ටික දෙනෙක්ගේ බලපෑම් මත, හැබැයි කොහෙද බුදුහාමුදරුවො එහෙම කියල තියෙන්නෙ...?

      ඇත්තටම බුදුන්වහන්සේ වදාරල තියෙන්නෙ

      'සුරාමේරය මජ්ජපමාදට්ඨාණා වේරමණී සික්ඛාපදං ....'

      කියලා...

      ඒ කියන්නෙ ප්‍රමාදයට හේතුවන අයුරින් සුරාමේරයෙන් වැලකීමේ සිල් පදය රකිමි කියලා...

      කිසිම විටෙක සුරාවට කිසි ලෙසකින් හෝ පමා නොවන සියලු බෞද්ධයන්ද, සුරාව නිසා කිසිදු පමාවක් නොමැති අප සියල්ලෝමද වෙනුවෙන් වසරේ සියලු දිනයන්හි සුරා සැල් ඇර තැබිය යුතුයි ..

      මේක වැරදී කියලා කියනවා නම් ඔප්පු කරල පෙන්නපීය...

      Delete
  28. මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?


    https://youtu.be/HMQrdEMBbW4

    ReplyDelete
  29. ලංකාවේ නවතම ප්‍රගතිශීලී බලවේගයක ප්‍රවේශයක් මිස මේ දේශපාලන මඩ ගොහොරුවේ එරී සිටින තවත් දේශපාලන පක්ෂයක් වන ජවිපෙ වැනි සමාජවාදය විකුණගෙන ජීවත් වන වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ පැටිකිරිය පළමුව සොයා බලන එක ආයේ වතාවක් රැවටීමට පෙර කරන එක නුවණට හුරු ය.


    මා මෙය පැවසීමෙන් අදහස් කරන්නේ වත්මන් බලයේ සිටින සහ මෙතෙක් බලයේ සිටි අනෙකුත් දේශ දේශපාලඥයන් උන්ට වඩා හොඳයි කීම නෙවෙයි. ඉස්සර කිව්වේ උනුත් එකයි මුනුත් එකයි කියලා. දැන් කියන්න තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි මේගොල්ලෝත් එකයි කියලා.
    එහෙම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ නායකයන් හිටි අඩියේ මහා ධනවතුන් වූ ආකාරය දකින විටයි. එසේ උන් හිටි අඩියෙ මහා ධනවතුන් වී ඇත්තෙ ඉතාමත් කෙටි කාලයක් තුළදී වන අතර යහපාලන කාලය තුළ අරලියගහ මන්දිරය තුළ ගැවසීම හැරුණුකොට ආණ්ඩු බලයක් හෝ තම අත කිසිදා නොතිබුණු පසුබිමක් යටතේය. ඔවුන්ගේ මෙම එක සනින් පහළ වූ ධනය ගැන ඔහුන් කිසිදු තර්කානූකූල පැහැදිලි කිරීමක් අද වන තුරු කර නැති අතර එම ධනය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ බව පමනක් නම් ඔවුන් පිළි අරගෙන ඇත. ඔවුන්ගේ එම බොළඳ සහ හාස්‍ය සහගත අර්ථ දැක්වීම අසනවිට කෙනෙකුගේ මතකයට එකවරම එන්නේ නාමල් බේබි කිව්ව ඩේසි ආච්චිගේ මැණික් මල්ලයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න