.

.

Dec 21, 2022

අයිස් හරහා මතුවන රාජපක්ෂ ෆෝබියාව

 


අයිස් හරහා මතුවන
රාජපක්ෂ ෆෝබියාව
➖➖➖➖➖➖👍➖

අයිස් යනු අති භයානක මත් ද්‍රව්‍යයක් බව මෙහේ ඉන්නා ළිං මැඩි බයියන් අද දැන ගත්තාට, ලෝකය ගැන දන්නා උන්ට ඕවා අළුත් දේ වෙන්නේ නැතිය.

එය කොතරම් භයානක මත් ද්‍යව්‍යයක් වන්නේද යත්, අරගල ආරච්චිලාගේ ලිබරල් හිකනල්ලුන්ගේද, ජෙප්පන්ගේද, රාජපක්ෂ විරෝධීන්ගේද ජීවිත, විනාශ කර, කුඩු පට්ටම් කර අවසානය.

එය එසේ වන්නේ ඇයි? 

මැයි 9 වනදා අමරකීර්තී අතුකෝරාල හා 13 දෙනෙකු කුරීරූ ලෙස ඝාතනය කොට, පෝට්ටුවන්ගේ නිවාස දේපල ගිනි තබා, බයියන් බේරේ නාවා, ඉන් නොනැවති, විධායක ජනාධිපතිවරයාද එලවා දමා රාජපක්ෂලා ඉවරයි කියමින් ෆැන්ටසියක උන් පිරිසගේ සිහිණ ලෝකය බැසිල්ගේ පුනරාගමනයෙන් කුඩු වෙලා යාම නිසාය.

කලින් සඳහන් කළ සිද්දීන් වලින් පසු රාජපක්ෂලාගේ අනාගතය රැදී තිබුනේ බැසිල් ලොක්කා මතය. එහෙත් බැසිල් ලොක්කා නිවාඩුවකට ඇමරිකා යාම රාජපක්ෂ විරෝධීන්ගේ සුරතාන්තය අත්කර දීමම උනේය.

මාතලන්ගෙ හිතවත් අලි පාටියේ උනුත් මාත් එක්ක තර්ක කළේ බැසිල් ලොක්කා ආයේ එන්නේ නැතෙයි කියලාය.. රාජපක්ෂලා ඉවර බවත්, පෝට්ටුව රනිල්ගේ බවත්, උන් සිතුවේය. පෝට්ටු බයියන් කිව්වේ ලබන ජනවාරියේ අනිවාර්‍යයෙන් එනවාය කියලාය.

කෙසේ හෝ දෙගොල්ලන්ගේම අනාවැකි බොරු කරමින්, බැසිල් ලොක්කා බජට් එකට කලින් කටුනායකින් බැස කෙලින්ම නෙළුම් මාවත කාර්‍යාලයට ආවේය. ඊට විශාල හේතුවක්ද තිබුනේය. 

පෝට්ටුවේ මීට  කලින් කැබිනට ඇමති කම් කර, ඒවා නැතිව ජීවත් වී කුමටද කියනා පිරිසක් මෙන්ම, රනිල් ඉන්න ඕනා අපි කියන විදියටයි කියනා එක්ස්පීරියන්ස් නැති බයියන් පිරිසක්, විපක්ෂය සමඟ එකතුව, අයවැයට විරුද්ධව චන්දය දෙන බවට හා හෝවක් යාම ඊට ප්‍රධානම හේතුව විය.

මාතලන් දන්නා දේශපාලනය අනුව නම්, බැසිල් ඉක්මනින් ගෙන්වන්නට ඇත්තේත් රනිල්ම වන්නට ඕනාය.

මේ දේශපාලන ගණුදෙනුත් හරියට දිනේෂ් ෂාෆ්ටර්ලාගේ, බ්‍රයන් තෝමස්ලාගේ, තිලිනි ප්‍රියමාලිලාගෙ මුදල් ගනුදෙණු වගේමය. සාමාන්‍යයෙන් ඉහළ පෙලේ ව්‍යාපාරිකයින් ගණුදෙණු කරනුයේ තරු පන්තියේ හෝටල්වල ලොබියේ හෝ මීටින් රූම් වල වුවත්, මෙවන් ගල් ආඳා ගණුදෙණුවලට කනත්ත යොදා ගන්නවා වාගේමය. 

පොහොට්ටුවේ බයියෝ මෙන්ම රනිල්ගේ ටොයියෝද නොදන්නවා වුනාට, දෙදෙනා එක්ව ගමනක් නොගියහොත්, දෙදෙනාගේම දේශපාලනය මෙයින් නිමාවන බව රනිල්, බැසිල් මෙන්ම මහින්ද මහත්තයාත් දන්නවාය. මෙතනදී මේ මයිනන්ට මොන අනාගතයැක්දැයි කිය විමසන නොදරුවෙකුට මට කීමට ඇත්තේ, ඔවුන්ගේ අනාගතය, නාමල් හා රුවන් බවය.

බැසිලාගමනයත් සමඟ මේ කඳවුර ශක්තිමත් වීම සියල්ලන්ට දරා ගැනීමට මෙන්ම උහුලා ගැනීමට බැරි වී තිබෙනා බව හැම අතින්ම නැගෙනා අඬෝවැඩියාවලින් පැහැදිලිවම පේනවාය.

අනාගත චන්දයකදි අත්වන නියත පරාජයට පිළිතුර, අයිස් හරහා සමාජ ගත කිරීම පාස්කු දඩයම් ප්‍රොපගැන්ඩාව මෙන්ම අපූරුවට සමාජ ගත වන්නේ ඒ අනුවය.

කැළණි ගඟෙන් නයෙක් මතු වූ නිසා උන් පැරදුනා යැයි කියූ උන්, මීළඟ මාර පරාජය වසා ගැනීමට යන්නේ අයිස් ගහලාය. රාජපක්ෂලා මීළඟට දිනන්නේ අයිස් වලින් රට බේරාගන්නා බව කියමින් බවට රාජපක්ෂලාගෙ මීළඟ ජයග්‍රහණය තහවුරු කරන තරමටම මුන් දැන් අයිස් වලට ඇබ්බැහි වෙලාය.

දැන් මුන් ගෙනෙනා ප්‍රොපගැන්ඩාවන්වලට, ලෝකල් ගොබෙල්ස් වූ මංගල සමරවීරගේ ප්‍රොපගැන්ඩා තරම් ආයුෂ පවතින්නේ නැතිය.

දැන් ගෑස් ටැන්කි පුපුරන්නේ නැතිය. දරුවන් කලන්තේ දමා වැටෙන්නේ නැතිය, සාරිය ගලවා ගන්නටත් බැරි වී දැන් හෙලිවැල්ලෙන්ම යන්නේය. අලුත්ම එක අයිස්‍ ගැහිල්ලය.

රාජපක්ෂලා ඉදිරි චන්දයකදි කියන්න යනවා යැයි කියන කතා නිර්මාණය කර දෙන්නේ ඒ ප්‍රොපගැන්ඩා කාරයෝය. මංගලගෙන් පසු ඒ කාර්‍යය ඉතා සිත්ගන්නා සුළු ආකාරයට නිර්මාණය කරන්නෙක් දැන් ජෙප්පන්ට ලැබී තියෙනවාය.

ඌ මගේ බුකි හිතවතෙක් නිසාත්, වැදගත් එකෙක් නිසාත්, මාතලන් ඌගේ නම කියන්නේ නැතත්, දේශපාලන සෙන්ස් එකක් ඇති එකෙකුට ඌ කව්ද කියලා වටහා ගැන්ම මහ ලොකු දෙයක් නෙමේය.

ඌ කියන්නේ අයිස් හරහා කරන්නේ රටේ නිදහස් අජ්ජාපනය කඩා කප්පල් කර දමනවාය කියලාය. ඇත්තටම එහෙම එකක් වෙනවා නම් වැඩියෙන්ම සතුටු වෙන්න ඕනා ජෙප්පෝය. මන්ද නූගත්ම හා නිර්ධනම පන්තිය නියෝජනය කරන්නේ උන් නිසාය.

ඉදින් ඒ ප්‍රොපගැන්ඩාවම මාකට් කර බයියෝ බලය ගත්තාම, උන්ට දොස් කියනා එක හරිද කියලා රාජපක්ෂ විරෝධින් මේ වෙලාවේ කල්පනාවට ගන්නේ නම් ඉතා හොඳය.

එහෙම ඈන්ගල් එකකින් බැලුවාම මේකත් බැසිල් විසින් ජෙප්පන්ට මුදල් ගෙවා කරනා වැඩක් වෙන්න බැරිදෝ කියා මට නිකමට හිතෙනවාය. ඔහේලාට එහෙම හිතෙන්නේ නැත්නම් අයිස් ටිකක් ගහන්නය. 

එතකොට සමහර විට මට වාගේ හිතෙන්න ඉඩ තියෙනවාය...

අනික, විශේෂයෙන්ම කියන්නට ඕනෑ කාරනාව නම්, විධායක ජනාධිපති කෙනෙක් පුපට පයින් ගසා එලවා දැන් ඉන්න එකාත් එලවන්නට රෙඩි වී කන්ජිපානිත් අත්පොලසන් දී එලියට දැමූ ඔහේලාට අයිස් ගේන උන් ටිකට ගේමක් දෙන්න බැරි වීම නම් අපටත් විවිලිලැජ්ජාවක් ඇති කරනා කාරනයක්ය කියලාය....


28 comments:

  1. කියනවාට වඩා මොකුත්
    නොකියා ඉන්නව යහපත්!

    ReplyDelete
  2. කතාව ඇත්ත තමයි ඉතින්, කට්ටිය දැනටම ඇඟ බේරා ගැනීම සඳහා ප්‍රමාණවත් සැලැස්මක් සකස් කර තියෙනවා වගේ නේද පේන්නේ මාතේ?

    ReplyDelete
  3. ඇත්තටම මාතේ පහුගිය සතිය පුරා රටේ සිදු වුන නොයෙකුත් සිද්ධි අතුරින් මාව වැඩියෙන්ම කුතුහලයෙන් අවුළුවා තබන්න පුළුවන් උන සිදුවීම උනේ " කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ඝාතනය "

    අපරාධ විද්‍යාව ගැන හදාරන / උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට මට හිතුනා මේ ඝාතන සිදුවීම සිදු වෙන්නට ඇත්තෙ කිනම් ආකාරයෙන්ද කියන කාරණය ගැන මගෙ උපකල්පන කිහිපය ගොඩ නංවන්න.. අපි පොඩ්ඩක් මේ ගැන කථා කරමු .

    සිදුවිය හැකි යැයි සැක කල හැකි "මට පෙනෙන සිදුවීම් හැම එකකම උපකල්පන මම මෙතනදි ඉදිරිපත් කරනවා . මට නොපෙනුන නමුත් සිදුවෙලා සිතිය හැකියි ඔබ සැක කරන යම් යම් සිදුවීමුත් තිබිය හැකියි . ඔබට පුළුවන් ඒ උපකල්පනත් මෙතනදි ඉදිරිපත් කරන්න. ඒ වගේම මම ඉදිරිපත් කරන උපකල්පන හා තර්ක බිඳ වට්ටන දෝශ සහගත තැන් ඉදිරිපත් කරලා මගෙ උපකල්පනයන් බිඳ වට්ටන්නත් ඔබට පුලුවන්. 😃

    අන්න එතකොටයි මේක සිත්ගන්නාසුළු සංවාදයක් වෙන්නෙ..

    මුලින්ම කියන්න ඕනෙ අනික් හැම රාජකාරියම අහකට දාලා ශාප්ටර්ගෙ මර්ඩර් එක ගැනම කට පුම්ප ඇරන් බලන් ඉන්න / කතා කරන්න තරම් ශාෆ්ටර් කියන්නෙ ජාතික වීරයෙක්වත් , මේ රටට අම්මට සිරි වෙන සේවයක් සිදුකල පුද්ගලයෙක්වත් වගෙ කාරණා හේතු භූත වෙන්නෙ නෑ. ශාප්ටර් කියන්නෙ කොච්චර කෝටිපතියෙක් උනත් ඔහුත් මිය ගියාට පස්සෙ තවත් එක ඝාතනයට ලක් උන වින්දිතයෙක් පමණයි.

    දිනපතා අපේ රටේ කිහිපදෙනෙක්වත් යම් යම් සිද්ධි වලින් / ක්‍රම වලින් ඝාතනයට ලක් වෙනවා . හැබයි රටක් හැටියට එකින් එක මේ හැම ඝාතනයක් ගැනම අපි කතාබහ කරන්නෙ හෝ උනන්දුවක් දක්වන්නෙ නෑ. කාලාන්තරයකින් සිදුවන යම් යම් සුවිශේශි ඝාතන සිද්ධි ගැන තමයි සාමාන්‍යයෙන් රටේම අවධානය යොමු වෙන්නෙ.. ඒක තමයි ස්වභාවය..

    උදාහරණයකට ලංකාවේ වසරකට බොහෝ ප්‍රමාණයක් දරුවන් පැහරගෙන ගිහින් ඝාතනයට ලක් කිරීම / අපයෝජන කිරීම වගේ දේවල් වාර්තා වෙනවා. නමුත් සේයා සදෙව්මි සිදුවීම ගැන වගෙ ඒ හැම එකක්ම රටේම අවධානයට පාත්‍ර වෙන්නෙ නෑ.

    අපි මුලින්ම බලමු යම් ඝාතනයක් අනික් ඝාතන වලට වඩා රටේම ආන්දෝලනයට පත්වෙන්න බල පෑ හැකි හේතු මොනවද කියලා?

    * ඝාතනයට ලක් උන පුද්ගලයා රටේ ප්‍රබල/ ජනප්‍රිය සූරූපි / කඩවසම් පුද්ගලයෙක් වීම

    * ඝාතනය සිදුවුන ක්‍රමයේ යම් යම් සුවිශේශි කාරණා ( ex - සූට්කේස් සිද්ධිය වගෙ )

    * ඝාතනය සිදුවුන ස්ථානයෙ යම් යම් සුවිශේශි කාරණා

    * ඝාතනය සිදු උන වෙලාවේ යම් යම් සුවිශේශි කාරණා

    * අදාල පුද්ගලයා ඝාතනය වීමෙන් පසු ඇතිවිය හැකි after effect එකේ යම් යම් සුවිශේශි තත්ව

    * මියගිය තැනත්තාට ජනප්‍රිය සතුරෙක් සිටීම

    වගේ දේවල්... තවත් හේතු තිබිය හැකියි. කොහොම හරි බැලු බැල්මට අපිට පේනවා මෙතනින් කාරණා එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම දිනේශ් ශාප්ටර් ඝාතනය මෙතරම් ආන්දෝලනාත්මක එකක් වීමට බලපාලා තිබෙන බව

    මම හිතන්නෙ මේක මේ දශකයේ සිදු උන අභිරහස් ඝාතන සිදුවීම් අතරින් ඉතාම වැදගත් තැනක් ගනිවී කියලා පැහැදිලිවම පෙනෙන එකක්. ඒ වගේම අපේ රටේ අපරාධ විද්‍යාව හදාරන / නීතීය හදාරන අයට අනාගතයේ දවසක වැදගත් වේ යැයි සැලකිය හැකි ඝාතන සිදුවීමක්.. එහෙම වෙන්න හේතුව මේ ඝාතනය වටා තියෙන අතිශය අභිරහස් සිද්ධි දාමය තමයි ! මේවා බොහොම අමුතු අමුතු ඒවා බව ඔබටත් පේනෙවි..

    ReplyDelete
    Replies
    1. සමහර අපරාධ පරීක්ෂණ ඔස්තාර්ලා කීපදෙනෙක් කියලා තිබුනා මේ ඝාතනය බොහොම අසාර්ථක තිරපිටපතක් කියලා. ඝාතනය වෙලා සතියකට කිට්ටුයි. තවම සෘජු ලෙස යමෙක් කෙරෙහි සැකයක්වත් එල්ල කරන්න පොලීසියට බැරිවෙලා තියෙනවා. ඒ කියන්නෙ මේක ඒ ඔස්තාර්ලා කියන තරම් අසාර්ථක තිර පිටපතකුත් නෙමෙයි.

      මගේ මේ ප්‍රකාශය ටිකක් අමන විය හැකියි නමුත් සමහරවිට ශර්ලොක් හෝම්ස් හිටියා නම් උන්දෑත් කියාවි අහා වොට්සන් !මෙන්න මේ තඩිම තඩි බෝරිං ලෝකෙ ඔන්න කාලෙකිං අපිට හම්බුනා කුතුහලය ඇතිකරන සුළු යමක් කියලා. හෝම්ස්ගෙ දායක සභාවෙ සාමාජිකයෙක් හැටියට මේ ලෝකෙ too much සාමකාමී නොවී මේ වගෙ එකක් ඉදහිටවත් වෙනවා කියන එකත් .... නෑ එක්කො ඒක ඕන්නෑ

      සිද්ධිය නොදන්න අයත් ඉන්න පුළුවන් නිසා ( ඔව් ඔව් බන් එහෙම උනුත් ඉන්නවා) අපි මුලින්ම සංක්ෂිප්තව key points එක්ක සිද්ධිය ලියාගමු.

      ඉන් පස්සෙ උපකල්පන ගොඩ නංවමු..

      දිනේශ් ශාප්ටර් කියලා කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා ජනශක්ති රක්ශණ සමාගමේ අධ්‍යක්ෂ වරයෙක්. එයාගෙ තාත්තා චන්ද්‍රා ශාප්ටර්ත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම කාලයක් ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිකමකුත් දැරුවා. ඒ නිසා මේ මුළු පවුලම ක්‍රිකට් ක්‍රිඩාවටත් ඩිරෙක්ට් ලින්ක් වෙනවා. දිනේශ්ගෙ සහෝදරයාත් මට මතක විදියට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක්. පවුල් පසුබිම අනුව මේ පවුල ධනවත් / බලවත් පවුලක් වෙන්නෙ අන්න එහෙමයි..

      සිද්ධිය වෙන්නෙ 15 වෙනිදා. ශාප්ටර් ඔහුගෙ කොළබ 07 මල් පාරේ අංක 39 දරණ නිවසින් ( මේ නිවස මන් ඔෆිස් යන පාරේ තියන මගෙ ඔෆිස් එල කිට්ටුව තියෙන හැමදාම පහු කරන් යන ගෙදරක් ) දවල් 1.55 ට පිටත් වෙන්නෙ පැය බාගෙකිං එනවා කියලා බිරිඳට පොරොන්දු වෙලා. යන්නෙ කොහෙද ? මොනවටද කියලා බිරිඳට කියලා ගිය කතාවක් සමහර මාද්‍ය වාර්තා වල පල වෙනවා. සමහර ඒවායෙ කියවෙන්නෙ යන තැන හරියටම බිරිඳට කියලා නැති බවක්.. කොහොම උනත් ඔහු එදින රාත්‍රියේ විදේශගත වෙන්න ඉදලා තියෙනවා. පැය බාගෙන් එන්නම් කියපු සැමියා පැයකින්වත් ආවෙ නෑ . ඇය කෝල් ගන්නවා. මැසේජ් කරනවා නමුත් දුරකථනයත් ක්‍රියා විරහිතයි . මේ නිසා කතාවෙ කියවෙන හැටියට ඇය යම්කිසි ට්‍රැකින් ඇප් එකකින් GPS තාක්ශණය ඔස්සෙ සැමියා අවසන් වරට සිටින ස්ථානය නීරික්ශණය කරනවා . බොරැල්ල කනත්ත තමයි location එක ලෙස දැක්වෙන්නෙ. ඇය වහාම ක්‍රිශ් පෙරේරා නැමති සමාගමේ විධායක නිලධාරියෙක්ට කතා කරනවා. ඔහුව යවනවා එතනට . ඔහු එතනට යන්නෙ ඔහුගෙ වාහනයේ. නමුත් මාර්ගයේ ඒ මොහොතේ තිබුනය කියන තදබදයක් නිසා ඔහු තමන්ගෙ රථය කනත්තෙන් පිට ගාල් කරලා පයින් තමයි ඇතුලට යන්නෙ. වෙලාව 3.30 යි .

      මෙතනදි බොරැල්ල කනත්ත ගැන වැඩි අවබෝධයක් නැති ඔබට යමක් කියන්නම්. මේ කියන්නෙ වසර දෙක තුනක් බොරැල්ල කනත්තට ආසන්නයෙ බ්‍රිටිශ් ස්කූල් හරියෙ අපාට්මන්ට් එකක හිටපු මගෙ අත්දැකීමෙන් .. සාමාන්‍යයෙන් මන් ඒ හරියෙ සෑහෙන්න තරමක් දන්නවා. බොරැල්ල කනත්ත විශාල වපසරියක විහිදුන අති විශාල භූමි ප්‍රදේශයක්. මේ කියන හරිය උදේ 10 ඉදන් හවස 4 හෝ 5 වනතෙක් නම් ටිකක් ජනාකීර්ණයි. මොකද දවසකට භූමිදාන පහකට වඩා නම් කෙරෙන නිසා සාමාන්‍යයෙන් . හවස 6 න් පස්සෙ නම් ප්‍රශ්නගත කනත්ත භූමිය වගේම කිතුල් වත්ත පාර ,රේමන්ඩ් මල් ශාලා පාර වගෙ තැන් නම් ටිකක් පාළු ස්වභාවයක් ගන්නවා. හවස 3.30 කියන්නෙ කනත්තෙ භුමිදාන කටයුතු කෙරෙන බිසී ටයිම් එකක් . දෙසැම්බර් 15 ත් අවමංගල්‍යය 6 ක් කනත්ත තුල වෙලා තියෙනවා . කනත්ත ඇතුලට මේ කියන ටයිම් එක තුල ඕනෙනම් තමන්ගෙ වාහනෙන් යන්නත් පුළුවන්. ( අන්න ඒ ටික දැනට හිතේ තියාගන්න ) කනත්ත ඇතුලට ගිය ක්‍රිශ්ට *එදා අලුතෙන් භූමිදානය කල මිනී වලක් ( මේක තමයි එදා දවසේ වැඩිම ජනකායක් සහභාගි උන අවමඟුල ක්‍රිශ් එතනට යනකොට ඒ හරියෙ කිසිවෙක් ගැවසිලා නෑ. අවමඟුල ඉවරයි ඒ වෙද්දි) ආසන්නයේදී ශාප්ටර්ගෙ වාහනය හමුවෙනවා . ඔහු ඉන්නවා ඉදිරිපස අසුනෙ ගැටගසා දාලා ඔහුව ගැටගහලා තිබෙන්නෙ වයර් ටයි වලින් .මේක දැකපු ක්‍රිශ් ඔහුගෙ බෙල්ලෙ තදකරපු ගැටය ලිහිල් කරාම ඔහුට පොඩි කැස්සක් ඇතිඋන බව කියනවා. කෑ ගහලා කනත්ත සේවකයෙක් අඬ ගහ ගන්න ක්‍රිශ් කියන කෙනා දිනේශ්ගෙම වාහනයේ පසු පස ආසනයට ඔහුව දාගෙන ඒ වාහනයෙන්ම ශාප්ටර්ව ( අපරාධ ස්ථානයක සාක්ශි සුරැකිමේ මුලික මූලධර්මය අමතක කරලා . මේක අමතක වෙන්නෙ නූගතෙක්ට නෙමෙ.හොඳින් උගත් විධායක නිලදාරියෙක්ට) රෝහලට ගෙනියනවා. දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා පැය කිහිපයකින් ඔහු මිය යනවා

      Delete
    2. පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කරනවා මෙය ගෙල සිරකිරීමෙන් සිදු උන ඝාතනයක් බව..

      දැන් අපි බලමු මෙතෙක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවට මාද්‍ය වාර්තා කරන කරුණු..

      * ඝාතනය කලින් සැලසුම් කරන ලද්දක් බව - cctv රහිත කලාපයක් තෝරාගැනීමෙනුත් ඝාතනයට යොදාගත් අමු ද්‍රව්‍ය වලිනුත් දැනටමත් ඒ කාරණය අපිට පැහැදිලි

      * දිනේශ් ශාප්ටර් නිවසේ සිට කනත්ත දක්වා ගිය ගමනේදි අතර මඟ කෙටි අහාර අවන් හලක නවත්වා දෙදෙනෙකුට සරිලන ආහාර රැගෙන ඇති බව ( දැනට ඔහු නවත්තපු එක තැනයි හොයාගෙන තිබෙන්නෙ. තව තැන් තිබිය හැකියි)

      * ගමනට පෙර ක්‍රිශ් නැමති විධායක නිලදාරියට තමුන් BT ලෙස හදුන්වන අයෙක්ගෙන් ( ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයා) අයවිය යුතු ණය මුදලක් ගැන කතා බස් කිරීමට ඔහු හමුවෙන බව පවසා තිබුනාලු. මෙන්න මේ ක්‍රිශ්ව තමයි ඔහුගෙ බිරිඳ ඔහු සෙවීමට කනත්තට යවන්නෙත්

      * ශාප්ටර්ගෙ වාහනයෙන් රෝම කූප හතරක් සහ ඇඟිලි සලකුණු 13 ක් සොයාගෙන ( එතනදි අපරාධ ස්ථානයක සාක්කි සුරැකිමෙ මුලධර්මය මුල පටන්ම හිතාමතාම හෝ නොසැලකිලිමත්කම නිසා කඩ වී ඇති බව මම මතක් කරන්න කැමතියි)

      * නිවසින් පිටත් වූ ශාප්ටර් වාහනය පසුපසින් තවත් එක් වාහනයක් නිරන්තරයෙන් ලුහුබැඳ ඇති බවට cctv අනුව කීප වතාවක් නීරික්ශණය වෙලා

      * අපරාධය සිදු උනා යැයි සැක කරන කාල සීමාව තුල BT නැමත්තා තමුන්ගෙ නිවසේ සිට ඇති බව cctv දර්ශන වලින් සොයාගෙන තිබෙනවා. ( මෙයින් කියවෙන් නෑ ඔහු මෙයට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවට)

      * දිනේශ් ශාප්ටර්ගෙ දුරකථනයෙන් BT ගේ දුරකථනයට පස්වරු 2.55 ට පමණ යවපු කෙටි පණිවුඩ අනුව BT එනතෙක් තමුන් බලා සිටින බවත් , " ඔයා කිව්ව විදියට මම මැසේජ් ඩිලිට් කලා " යනුවෙනුත් මැසේජ් යොමුකර තිබෙනවා

      එම කෙටි පණිවුඩ තමුන් වෙත පැමිණි පසු ඒවා දැක ශාප්ටර් හමුවීමට තමුන්ට කිසිම උවමනාවක් හෝ කතා කිරීමට කිසිම උවමනාවක් නැති බවත් BT විසින් යොමු කල කෙටි පණිවුඩ වල සදහන් .. ඒ වගේම BT ඔහුට පිලිතුරු වශයෙන්

      " මම කවද්ද ඔයාට මැසේජ් ඩිලිට් කරන්න කිව්වෙ " කියලත් අහලා තියෙනවා

      මෙතනදි ශාප්ටර් ගෙ ටයිප් කරන ස්ටයිල් එකෙ වෙනසක් ඔහු නීරීක්ශණය කරනවා..

      ඝාතනයේ සැකය මුලින්ම නිතරඟයෙන් යොමු වුණ BT නැමති ඉංග්‍රිසි ක්‍රිකට් විස්‍තර විචාරකයා ගැනත් ඔබ දැන ගැනීම වටිනවා. ඔහු මේ ඝාතනය කලා හෝ නොකලා හෝ ඔහු කුප්‍රකට පුද්ගලයෙක් බව නොරහසක්. ඔහු සැරටම විවිධ ධනපතියන්ගෙ, වෘතිකයින්ගෙ , ක්‍රීඩකයින්ගෙ ආදායම් බදු වලට හසු නොවු කළු සල්ලි සුදු කිරීමෙ ව්‍යාපෘතියක නිරතව සිටි බව ප්‍රසිද්ධ කරුණක්. ඔහුගෙ ඉහල පැලැන්තිය , ක්‍රිකට් නිසා ඇති කරගත් සමාජ සබඳතා වගේ දේවල් නිසා ඔහුගෙ මේ කලු සල්ලි ජාවාරමට ලේසියෙන්ම බොහෝ දෙනා ගොදුරු වෙනවා. මුලින් මාස කිහිපයක් ඉහළ ලාභාංශ / පොලි ගෙවන නමුත් ඉන් පස්සෙ දිගටම පොල්ල. කවුරුත් මේ ගැන පැමිණිලි නොකරන හේතුව ඔබට පැහැදිලි ඇති. හේතුව තමයි කළු සල්ලි..මේවා ගැන පැමිණිලි කලොත් මේවා උපයපු මූලාශ්‍ර ගැන පහදන්න ඔවුන්ට සිද්ධ වෙනවා. දිනේශ් ශාප්ටර්ත් මොහුට කෝටි 400 ක් ලබා දී ඇති බව සදහන්.. ඒ ණයක් වශයෙන්ද ? ඒක ආයෝජනයයක්ද යනුවෙන් පැහැදිලි නෑ. කොහොම උනත් මේ BT සහ ශාප්ටර්ලා අතර හිතවත්කම් ඇති වෙන්නෙත් ක්‍රිකට් නිසාම තමයි. ඔබට මතක ඇති මන් කිව්වා දිනේශ්ගෙ පියා ක්‍රිකට් පරිපාලනයේ හිටපු බව

      ප්‍රමාණාත්මකව ගත්තොත් කෝටි 400 ක් කියන්නෙ ප්‍රියමාලි වන් චා කල මුදලටත් වඩා වැඩි මුදලක් . මේ ගණුදෙනුව තුල වැඩිමනත් නීතීමය ලියවිලි තිබිලා නෑ. ඔවුන්ගෙ හිතවත්කම් මත ඇති වු ගණු දෙනුවක්. නමුත් මෙය ආපසු නොලැබීම නිසා උරණ වු ශාප්ටර් පොලිස් පැමිණිල්ලක් යොමු කරලා වසර 2 ට පසුව BT අත් අඩංගුවට පත් වෙනවා . ඔහු ඇප පිට නිදහස් වෙනවා. ඉන් පස්සෙ ඔවුන්ගෙ මිත්‍රකම් නැති වෙනවා. BT ඔහුගෙ ජනප්‍රිය සතුරා වෙනවා..

      Delete
    3. යමෙක් අහන්න පුලුවන් ශාෆ්ටර් ට කෝටි 400 ක් කොහෙන්ද? මේවා ඔහුගෙම සල්ලිද? නැත්නම් ‍රක්ශණ සමාගමේ මුදල්ද?

      මගෙ අදහස නම් මේ කියන කෝටි 400 රක්ශණ සමාගමේ මුදල්.. ඔහු බය නැතුව පොලීසීයට පැමිණිලි කරන්නෙ එනිසා විය හැකියි. ඒ වගේම ඒක ඔහුගෙ පෞද්ගලික ධනයක් නම් ඒ ගැන සමාගමේ නිලධාරින් සමග කතා බස් කරන්නෙත් නෑ.. හැබයි අමතක කරන්න එපා බැංකු/ රක්ශණ සමාගම් සිය සේවාදායකයන්ගෙ මුදල් ආයෝජනය කල යුත්තෙ නීත්‍යානුකූල ආයෝජන ප්‍රභවයන්ගෙ මිසක බ්ලැක් මනී ඩීලර්ස්ලා ගාව නෙමෙ..

      ඒ අනුව මේ මියගිය ශාෆ්ටර්ත් 100% සුදු චරිතයක් නොවන බව අපට පැහැදිලි. ඒ නිසාම ඔහුට සිටි එකම සතුරා BT ලෙස හැදින්වීමත් විකාරරූපීයි..

      හොදයි එහෙනම් දැනට ජනගත වෙලා තියෙන හෝඩුවාවන් සහ මූලාශ්‍ර ආධාර කරගෙන මම මගෙ උපකල්පන ටික කියන්නම්. මුලින්ම කියන්න ඕනෙ ඕනෑම යම්කිසි ආන්දෝලනාත්මක ඝාතනයකදි යම් පාර්ශවයකට හෝ පාර්ශව කිහිපයකට එරෙහිව ප්‍රභල සාක්කි හා සාධක මත සැකයන් යොමු වෙලා තිබීම නොවැලක්විය හැකි කාරණයක්. එයින් අදහස් කෙරෙන්නෙ නෑ මේ උපකල්පන වල හයිලයිට් වෙන අය මේ අපරාධය කලාමයි කියන වග. නමුත් දැනට ඉදිරිපත් වී ඇති සාධක මත සැකය ඔවුන් දෙසටත් එල්ල වීම අපිට වැලක්විය නොහැකියි.. ඒ නිසා යමෙක් මෙයින් අගතියට පත්වෙනවා නම් එය ස්වාභාවික කාරණාවක් මිස අපිට වැලක්විය හැකි එකක් නොවේ.මේවා සිද්ධිය නිරීක්ෂණයෙන් මන් නිගමන වලට එලඹිලා ගොඩ නඟන උපකල්පන පමණයි.

      Delete
    4. සැකයේ ප්‍රබලතාවය අනුව ආරෝහණ පිලිවෙලට බර තියමු..

      උපකල්පන අංක 1

      කීපදෙනෙක් මත ප්‍රකාශ කරලා තිබුනා බොරැල්ල කනත්ත අපරාධය සිදුවු තැන නෙමෙයි dumping site එකක් පමණක් බව. මගෙ උපකල්පනය කනත්ත ඩම්පින් සයිට් එක විතරක් නෙමෙ ඝාතනයේ කූටප්‍රාප්තිය වෙන්නෙත් කනත්තෙදි .

      ඒක වෙන්නෙ මෙහෙමයි 1.55 ට ගෙදරින් පිට වෙන ශාප්ටර් කෙලින්ම කනත්තට යන බවක් පේනවා . ඒ අතර තුර නවත්තලා තියෙන එකම තැන හැටියට තවමත් සොයාගෙන තියෙන්නෙ කෙටි ආහාර අවන් හල පමණයි. එතනදිත් ඔහු යසට නිරුපද්‍රිතව නැවත වාහනයට ගොඩත් වෙනවා කෑම අරන්. නැවත කොහෙදිවත් නවත්වපු බවක් පේන්න නෑ. ඒ කියන්නෙ ඝාතකයා ඔහුව ග්‍රහණයට ගන්නෙ අවන්හලෙන් කෑම අරන් ආවටත් පස්සෙයි. එසේ වීමට නම් ඝාතකයා පිටුපස අසුනේ සැඟවි සිටිය යුතුයි. එහෙම නැත්තම් අවන් හලෙන් කෑම අරන් ආයි මගදි තප්පර කිහිපයකට හෝ වාහනය පාර අයිනෙන් නවත්වලා යමෙක්ව නංවා ගත්තා විය යුතුයු ( බොහෝ විට යමෙක්ව cctv නැති තැනකින් වාහනයට නංවා ගත් සම්භාවිතාව වැඩියි )

      මේ උපකල්පනය ‍යටතේ ඝාතකයා සැඟවි සිටියෙ වාහනය පිටිපස අසුනේ නම් ඔහු ශාෆ්ටර්ගෙ ගෙලට වයරයක් පටලවා හෝ තුවක්කුවක් එල්ල කර කනත්ත දක්වා බලහත්කාරයෙන් රිය ධාවනය කෙරෙව්වා විය යුතුයි. කනත්ත තෙක් ඔහු ලවාම රිය ධාවනය කර සෙනඟ වැඩිම අවමංගල්‍යය පැවති ස්ථානයේ පාක් කර තිබු වාහන අතර ශාෆ්ටර්ගෙ වාහනය නවතාගෙන ඔහුගෙ ගෙල එතනදි සම්පූර්ණයෙන් සිරකර, පොලීසිය නොමඟ යැවිම උදෙසා ඔහුගෙම ෆින්ගර් ප්‍රින්ට් එක බලහත්කාරයෙන් තබාගෙන BT නැමති ජනප්‍රිය සතුරාට කෙටි පණිවුඩයක් ඝාතකයා විසින් තිබ්බා විය හැකියි.. ඉන් පසු වාහනයෙන් බැස අවමගුලට සහභාගී වු පිරිස සමඟ එක්වී කනත්තෙන් පිට වූවා විය හැකියි.

      මෙතනදි ඝාතකයා පෙර සිට වාහනයේ සැඟවි සිටියා නම් අනිවාර්යයෙන් සැකය යොමු වෙන්නෙ ශාප්ටර්ගෙ නිවස දිහාවට. ශාප්ටර්ගෙ බිරිඳ හෝ නිවසේ යමෙකුගෙ සහය නැතිව නිවසට ඇතුල්වී ගරාජයේ ගාල් කර තිබෙන ලොක් කරපු වාහනයකට නගින්න අමාරුයි.

      මෙතනදි මම බිරිඳ වෙත යොමු කරන සැකය ඕනෑම හස්බන්ඩ් කෙනෙක් ඝාතනය උනාම බිරිඳව පදනම් විරහිතව සැක කරන සාම්ප්‍රදායික පිලිවෙල අනුව නෙමෙයි කරන්නෙ. යම් යම් සාධාරණ සැකයන් බිරිඳ දිහාවට එල්ල වන නිසයි මම ඇයව මේ උපකල්පනයට ඇතුල් කරන්නෙ.

      මේ තර්කය දුර්වල කරන කාරණයක් තමයි විශාල සුපෝභෝගී කාරයක පිටිපස්සෙ සීට් එක මැද යමෙක්ට එහෙම රියදුරුට හොරෙන් සැඟවෙන්න පුලුවන්ද? ඒකත් දවල් කාලයේ? නමුත් බොහෝ නිවෙස් වල ගරාජය තිබෙන්නෙ අදුරේ. වාහනයට ගොඩවන අවස්ථාවේ ඔහුගෙ අවධානය යමෙක් හිතාමතා වෙනස් කලොත් නම් ඔහු එදෙසට අවධානයක් නොදී වාහනයට ගොඩ වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩියි. 50% ක සම්භාවිතාවයක් තියෙනවා පිටුපස සැඟවි සිටි ඝාතකයාව නොදකින්න...

      Delete
    5. බිරිඳගෙ දෙසට සැකය එල්ල වන අනික් කාරණය තමයි නිවසින් පිටත් වෙලා පැයක් ඇතුලත Gps වලින් පවා හොයලා කෙනෙක්ව ඇරලත් හොයන්න තරම් බිරිඳට තිබ්බ කුලප්පුව මොකක්ද ?

      ඔව් හරි පැය බාගෙන් එන්නම් කියලා ගියා වෙන්න පුලුවන්. නමුත් ධනවත් ව්‍යාපාරිකයන්ගෙ ඉදලා ගමේ ගොඩෙ සිරිපාල දක්වාම ලංකාවෙ බහුතර පිරිමින්ගෙ පුරුද්ද තමයි පැය බාගෙන් එන්නම් කියලා ගිහින් පැය කිහිපයකට නෑවිත් සිටීම. ඒක බොහොම සාමාන්‍යයි. ඔහු නිවසින් පිටත් උනෙ 1.55 ට. විධායක නිලධාරියා ඔහුව සොයාගන්නෙ 3.30 ට . එතන පැය එකාමාරයි වෙනස . විධායක නිලධාරියාට එතනට ලගා වෙන්නත් විනාඩි කිහිපයක් ගත උනා කියමු. එතකොට ශාෆ්ටර්ගෙ වයිෆ් කලබල වෙලා තියෙන්නෙ 3 ට විතර අවම වශයෙන්.

      ගෙදරින් ගිහින් පැයක් ඇතුලත GPs වලින් බලලා කෙනෙක් යවලා බලන්න තරම් කලබල වීම ටිකක් අභව්‍ය නැද්ද?

      අනික ශාප්ටර්ට විදේශගත වෙන්න තිබුනෙ එදින රාත්‍රියේ . ධනවත් ව්‍යාපාරිකයන් අපි වගෙ රට යද්දි පැය ගනන් කල්තියා ගිහින් එයාපෝට් එකේ ලගින්නෙ නෑ.

      අනිත් කාරණාව හස්බන්ඩ්ගෙ ලොකේශන් ශෙයා කරගෙන හෝ ලොකේශන් ට්‍රේස් කරන ඇප් එකක් දාගෙන ඉන්න බිරිඳකට තිබිය හැකි පොදු හේතු මොනවාද?

      1) සැමියාව සැක කිරීම
      2) සැමියාට ජිවිත තර්ජන තිබෙන බව දැන සිටීම
      3) ජොලියට වගෙ හෝ අහේතුකව එහෙම කරන වයිෆ්ලා සුලුතරයක් සිටිය හැකියි.

      බිරිඳ කෙරෙහි සැකය යොමුවන ඊ ගාව තැන?

      මල්පාරේ ඉදන් කනත්තට මහ දුරක් නෑ. ඇයි බිරිඳ තමන් විසින්ම නොයා සමාගමෙ නිලධාරියෙක්ටම මේක කියන්නෙ?

      විධායක නිලධාරියා ඔහු හම්බෙන්න ගිය කෙනා පෙර සිට දැනන් ඉදලා තියෙනවා. බිරිඳ ඒක දැනන් ඉදලත් නැතුව ඒ නිලධාරියාටම කෝල් කරලා සැමියව සොයන්න කීම අහම්බයක්ද?

      ශාප්ටර් බිරිඳ තමන් විසින්ම එතනට නොයන්නෙ ඒ වනවිටත් සැමියා ඝාතනය වී සිටි බවක් ඇය දැන සිටි නිසා සාම්ප්‍රදායිකව බිරිඳ කෙරෙහි එල්ල වන සැකය මඟ හැරීම උදෙසා වෙන්න බැයිද?

      BT සැමියාගෙ ජනප්‍රිය සතුරා නිසා පොලීසීය නොමඟ යවන්න ඇය විසින් සැකයේ වාසිය ගත්තා විය හැකියි

      දෙවෙනි උපකල්පනය

      මෙතනදිත් බිරිඳ සහ අදාල විධායක නිලධාරියාගෙ අවියෝජනීය බැඳිම තමයි ඉස්මතු කරන්න වෙන්නෙ. ශාප්ටර්ව රවට්ටා කනත්ත මැදට ගෙන්න ගන්නෙ විධායකයත් මැදිහත් වෙලා. ඔවුන් තෝරගන්නෙ කනත්තෙ එදා වැඩියම සෙනග ගැවසුන cctv නැති තැන. සෙනඟ යනකල් ඉන්නවා ශාප්ටර්ව දුරකථනයෙන් එන්නම් එන්නම් ගගා රස්තියාදු කර කර ජන ශුන්‍ය උනාට පස්සෙ එතනට ඔහු ඇවිත් . ඔහු හෝ ඔහු රැගෙන ඒයැයි සිතිය හැකි අමුත්තන් කීප දෙනෙක් එනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න ශාප්ටර්ව ඔහු හෝ ඔහුත් සමඟ යන අනික් අයගෙ හිරිහැරයට ලක්වෙනවා. ( විධායකගෙ සහයට එන අය පෙර සිට කනත්‍තෙ යම් යම් තැන්වල සැඟවි හෝ රැදි සිටියා වෙන්න පුලුවන්) අන්තිමෙ ඔහුව මරා දැමීමෙන් පසු සහය වූ අය හෝ කිහිපදෙනා විසිර යනවා. විධායකයා කිසිත් නොවුනා සේ උදව් ඉල්ලා කෑ ගහනවා. මුරකාරයා එනවා ඔහුගෙ උදව් ඇතුව එම වාහනයේම ශාප්ටර්ව දාගෙන රෝහලට යනවා..

      Delete
    6. ශාප්ටර් රෝහල්ගත කිරීමට මැටි ගොඩක් වගෙ එම වාහනයම යොදාගන ඔහුත් ඒකට නඟින්නෙ වැඩි හොදට වෙන්න පුලුවන්. Cctv නෑ. ඇසින් දුටු සාක්කිත් නෑ. තියෙන්න පුලුවන් එකම දේ DNA සාක්කි පමණයි. ඩී එන් ඒ සාක්කි ඵල රහිත කිරිමෙ හොදම ක්‍රමය ඝාතකයා විසින්ම ඝාතනයට ලක් වු අයගෙ ගැලවුම්කරු ලෙස පෙනි සිටීම😂

      ඔහුගේ ඩී එන් ඒ වාහනයෙන් හමු උනත් සැකයක් ඇති උනත් ඒ ශාප්ටර්ව රෝහල්ගත කිරීමේදි ඇති වු ඒවා බව පහසුවෙන් ඔප්පු කල හැකියි..

      අන්න ඒ නිසාම විය හැකි මේ සාක්කි විනාස කිරීමෙ නොසැලකිලිමත් දෙය ඔහු හිතාමතාම කරන්නෙ.

      දෙවනි උපකල්පනයෙදිත් ඒ අනුව සැකය යොමුවෙන්නෙ බිරිද දිහාවට සහ විධායක නිලධාරියා දිහාවට

      තුන්වෙනි උපකල්පනය

      තුන්වෙනි උපකල්පනය මම කරන්නෙම ඔහු මගදි දෙදෙනෙකුට සරිලන්න මිලට ගත් ආහාර මත. හමුවන්නෙ BT ව නම් ඔහුත් එක්ක කන්න ශාප්ටර් කෑම මිලට ගනි කියලා හිතන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු යන්න ඇත්තෙ තමුන්ගෙ සමීපතමයෙක් මුණ ගැහෙන්න. ( එතනදි BT හම්බෙන්න යන බවට විධායක නිලදරුවා කියපු කතාව බොරුවක් බව පේනවා)

      සමීපතමයා ඔහුගෙ වාහනයට නගින්න ඇත්තෙ අවන්හලෙන් කෑම මිලට ගත්තටත් පස්සෙ. ඔහු විසින් ශාප්ටර්ව යම්කිසි බොරුවක් කියලා කනත්ත දක්වා ගෙනිහින් තියෙනවා. මොකද කනත්ත මැදට වෙන වැඩකුත් නැතුව තමන් විසින්ම රිය ධාවනය කරන්න හේතුවක් නෑ. සමීපතමයා කියන්න ඇති මට සහභාගි වෙන්න ෆියුනරල් එකක් තියෙනවා අපි පොඩ්ඩක් එතනට ගිහින් යමු කියලා 😁

      එතනදි ශාප්ටර්ව ඝාතනය කරන ඔහු සෙනග අතරේ අතුරුදහන් වෙනවා ශේප් එකෙ. කලින් නියම කරගත් ස්ක්‍රිප්ට් එකට අනුව එතනට එන විධායක බොරුවට උදව් ඉල්ලා කෑ ගහලා සාක්කිත් විනාශ කරගෙනම ඒ වාහනෙන් රෝහලටම යනවා

      මේ උපකල්පනයෙදිත් බිරිඳ , විධායකයා සහ තව හවුල්කාර ශාප්ටරුත් දන්න සමීපතමයෙක් ඈදෙනවා.

      මෙතනදි සමීපතමයා ඔහුගෙ වාහනයට ගොඩ නොවී තමුන්ගෙ වාහනයකින් ( තමුන්ගෙම වාහනයක් නොවෙන්නත් ඉඩ තියේ) ඔහුගේ කාරය පිටුපස ආවා විය හැකියි. හැබයි ශාප්ටර්ත් දැනුවත්ව . ඔහු කන්න අරන් තියෙන්නෙ අර සමීපතමයාටත් එක්ක විය හැකියි. නමුත් මිලදි ගත් ආහාර වලට උන දෙයක් ගැන සදහනක් නෑ. මිලට ගත් ආහාර වාහනයේ එලෙසම තිබුන් නැත්තම් ඒ කියන්නෙ ඔහු හෝ ඔවුන් එය ආහාරයට අරන් අවසන් . ඉන් පස්සෙයි ඝාතනය සිදුවෙලා තියෙන්නෙ. සුහද කතාවක් සහ ආහාර භුක්ති විදිමකින් පස්සෙ.

      මේ දෙදෙනෙකුට සරිලන්න කෑම ගත්තා කියලා හොයාගන්න ඇත්තෙ අවන්හලෙන් වෙන්න ඕනෙ..

      දෙදෙනෙක්ට සරිලන්න කියලා ඔවුන් හිතුවේ උදාහරණයකට රෝල්ස් දෙකක් පැටිස් දෙකක් වගෙ අරගත්ත නිසා නම් මේ තර්කය ටිකක් ඵුහු එකක් වෙනවා හතර පස් දෙනෙක්ට සරිලන්න කෑම අරන් ඒවා ඔක්කොම මම තනියෙන් කාපු අවස්ථාත් තියෙන නිසා ශාප්ටරුත් එයාට විතරක් කන්න ඔය ඔක්කොම ගත්තා වෙන්නත් බැරි නෑ

      Delete
    7. හතරවෙනි උපකල්පනය

      - මේක කලේ ඔහුගෙ ක්ශේත්‍රයෙ ඉන්න හතුරෙක් . නමුත් ඒක සිදුවීමෙ සම්භාවිතාව හරි අඩුයි. මේ වගෙ විශාල සමාගම් වල අයිතිකාරයා හෝ අද්‍යක්ශලව ඝාතනය කරලා සමාගමක් වට්ටන්න පොඩ්ඩක් අමාරුයි.

      පස්වෙනි උපකල්පනය

      මේකට දේශපාලන හස්තයක් සම්බන්ධයි. කනත්තට ඔහුව කෙසේ හෝ රවටාගෙන ගෙන්වාගෙන එතනදි කුලී මිනිමරුවන් විසින් ඝාතනය කරවනවා. කනත්තෙ රැකවලට ඉන්නෙ සේනාධිපතිගෙ සමාගමේ අය. ඒ අයගෙත් උපකාර මේකට ලබාගන්නවා . ප්‍රබල දේශපාලන හස්තයක් විසින් බොහෝ පාර්ශව වල ආශිර්වාද යටතේ කර වූ ඝාතනයක් විය හැකියි

      නමුත් එතනදි මට මතුවෙන ප්‍රශ්නය දිනේශ් ශාප්ටර් ඔපමණකට දේශපාලන ක්ශේත්‍රයේ වෛරයට බදුන් වෙන පැහැදිලි හේතුවක් අපට පෙනෙන්නත් නෑ. ( තිබුනා විය හැකියි)

      හයවෙනි උපකල්පනය

      මම බර අඩුවෙන්ම තියන්නෙ ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයා වෙත. හේතුව තමයි ඔහු මේ පිඩා විඳින්නෙ ජනප්‍රිය සතුරා වීමේ සාපය නිසා වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා

      පාතල ලෝකයෙ අය ප්‍රබල සතුරෝ හදාගෙන මාරුවෙන් මාරුවට එලිපිට මරාගන පලිගන්නවා වගෙ වැඩ ඉහල පැලැන්තියෙ උගත් කපටි මිනිස්සු අතර වෙනවා අඩුයි. හේතුව සැකයේ වාසිය තමන් වෙත එල්ල වීමෙ අවධානමක් අරන් ඝාතනයක් කරන්න ඔවුන් එක එල්ලෙ පෙලබෙන්නෙ නෑ. BT ශාප්ටර්ගෙ පස මිතුරෙක් ලෙස හයිලයිට් වෙලා අවසන් මොහොතක ඔහු විසින්ම මේ ඝාතනය කරන්න හෝ යමෙක් ලවා කරවන්නවත් පෙලබේ කියලා හිතන්න අමාරුයි.

      ඒකෙන්BT හොඳ මිනිහෙක් බව කිසිසේත්ම කියවෙන්නෙත් නෑ.

      සමහර විට මුදලේ ප්‍රමාණය ටිකක් විශාල නිසාත් ශාප්ටර්ගෙ මල කරදරේ ඉවසන්න බැරි තැනත් මේ ඝාතනය BT විසින් කෙරෙව්වා වෙන්නත් පුලුවන්..

      හැබයි ඒ කාරනය බිද වැටෙන්නෙ මේ sms හුටපටේ නිසා. ඒ නිසා මේ අන්තිම උපකල්පනය දැනටමත් දුර්වල එකක්

      මගෙ ප්‍රධාන උපකල්පන එපමණයි. මේවා දැනට තියෙන මූලාශ්‍ර මත පදනම් වුන ඒවා නිසා ඉදිරියේදි මේ උපකල්පන එකින් එක බිඳ වැටෙන්නත් පුලුවන්😁

      මේවා බිඳ වැටෙන තැන් / තර්ක මතු කරන්න ඔයාටත් පුලුවන්, ඒ වගේම ඔයාටම කියලා උපකල්පනත් ඇති මෙයින් පරිභාහිර මට නොපෙනුන ඒවා. ඒවාත් සදහන් කරන් යන්න.

      පොලීසිය දුරකථන දත්ත පරික්ශාවකට අවසර ඉල්ලලා තියෙනවා. ඒක නම් එච්චර ඵලදායි වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි. සැලසුම් සහගත ඝාතනයකදි දැන් දැන් ස්මාට් ඝාතකයෝ තාක්ශණික උගුල් මඟ හැර යන්න ඉතා දක්ශයි. මේ නාඩගමට මුල් වුන සිම්පත් ෆේක් සීම් කාඩ් නම් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කොහොමත් අමාරුයි.

      හතර පහ හය යන උපකල්පන මන් ලොකුවට explain කරේ නෑ. ඒ මත මම වැඩිබරක් නොදාපු නිසා ඉතින් කොහොම උනත් මේක අපි හුදෙක් උද්‍යෝගය මත කරන උපකල්පන පමණයි. අඬු ලුහුඩුකම් ඇති..

      මේ අභිරහස මත විශාල ජනතා අවධානයක් තිබෙන නිසා මේක ඉක්මනින් විසඳන්න වගකිව යුතු අංශ වලට තිබෙන පීඩනයත් වැඩියි😁 එයාලාත් මේක අසාර්ථක තිර පිටපතක් කියන නිසා ඉක්මනින් විසඳන්නෙ නැතැයි .. නැද්ද හා? බලන් ඉමු!

      ඇත්තටම මාතේ උඹේ අදහස මොකක්ද මේ ගැන?

      Delete
    8. Wow, what a creative stuff? So much investigative information? Nicely written, I propose you to be a criminal lawyer, crime attorney or crime investigator, you've got the Gene's of Sherlock Holmes and at least write some books, scripts for movies or television shows that belongs to crimewatch genre, best of luck mate, well done 😏✌😊☝️👍👍

      Delete
    9. අඩෝ ළමාතං මේක නම් පට්ටම පට්ට විදියට ලියලා තියෙනවා මරු....

      Delete
  4. ඔයා කියන එකේ සෑහෙන වැදගත් පොයින්ට් එකක් තියෙනවා මාතලන්, ඔය හැම දේශපාලන පක්ෂ හා විපක්ෂ කල්ලි වලට සම්බන්ධ අමන මිනිස්සුන්ගේ පුද්ගලික ෆෝබියාවන් හේතුවෙන් ලංකාවට විශාල වශයෙන් දරුණු හානි සිදු වී ඇති බව පේනවා නේද?

    උදාහරණයක් විදියට අපි හැමදාම කතා කරන්නේ අපේ මවු රට වුණ ලංකාව හදන්න බැරි 225ක් නිසා පමණක් කියලා.

    හැබැයි ඇත්තටම ඔය රට හදන්න බැරි 225 නිසාම විතරද ?

    අපි බලමු, එතකොට තමයි මේ වගේ කාරණා රාශියක් තිබෙනවා කතා කරන්න ඕනේ, පහුගිය දවස් වල ශ්‍රී ලංකා රජය මැදිහත් වෙලා ශ්‍රී ලංකාවේ හෙදියන්ට වැඩි වැටුපකට සිංගප්පූරුවේ රැකියා අවස්තා ලබා ගන්න සමත් වෙනවා.

    මෙහිදි මූලික අදියර යටතේ හෙදියන් 4000කට රැකියා ලබා දෙන්න එරට රජය එකඟ වෙනවා.

    මේ වැඩේ මූලිකත්වය අරගෙන කළේ රජයේ ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක්.

    කොහොමහරි හෙදියන් කිහිපදෙනෙක් සිංගප්පූරුවට ගියාට පස්සේ මේ වැඩේ තාවකාලිකව නවතිනවා.

    හේතුව ?

    ශ්‍රී ලංකාවේ මුල්ලේරියාව රජයේ රෝහළේ අධ්‍යක්ෂකවරයා වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සිංගප්පූරුවට ලිපියක් යොමු කරලා.

    එහිදි ඔහු ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් නොමැති හෙදියන්, ව්‍යාජ සහතික මත සිංගප්පූරුවට පැමිණෙන බව කියලා.

    මේ ලිපියට හේතු වෙලා තියෙන්නේ මුල්ලේරියාව රෝහළේ සේවය කරපු හෙදියන් කිහිපදෙනෙක් අධ්‍යක්ෂක්වරයාට නොදන්වා, ප්‍රධාන මේට්‍රන්වරිය හරහා පමණක් සේවා ලිපි ලබා ගැනීම.

    ඒ වගේම මෙතන දේශපාලනයක් ගෑවිලා තියෙනවද කියලා සැකයකුත් තියෙනවා. ප්‍රියන්ත කරුණාරත්න සජිත් ජලනි (සමගි ජන) බලවේගයේ විපක්ෂයේ දේශපාලකයෙකුට සමීපව කටයුතු කරන පුද්ගලයෙක්.

    සිංගප්පුරු රැකියා වලින් ශ්‍රී ලංකා හෙදියන් ඉවත් කර ගැනීමට ඔහුට දේශපාලනික උවමනාවක් තිබුනාද කියන සැකයත් දැන් පැන නගිනවා.

    කොහොම වුනත් මේ නින්දිත ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවේ හෙදියන්ට ලැබෙන්න තිබුනු රැකියා අවස්තාවන් රාශියක් අහිමි වී ගියා.

    ලංකාවේ වසර 13ක් නොමිලේ අධ්‍යාපනය ලබා, ඉන්පසුව වසර ගණනක් නොමිලයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, රජයෙන් රැකියාවකුත් ලබා ගත්තු වෛද්‍යවරයෙක් තමන්ගේ පුද්ගලික ඊගෝ එකක් නිසා රටට ලැබුනු අවස්තාවක් විනාශ කරන්න වුනත් පැකිලිලා නැහැ.

    අපි 225 පමණක් විවේචනය කළාට මේ තමයි මේ රටේ උගත්, සුදුසුකම් සහිත රාජ්‍ය සේවයේ හැසිරීම.

    225 පමණක් වෙනස් කර මේ රට සෑදීම තවත් එක් සුන්දර සිහිනයක් පමණයි. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. @ 11.07

      ඕකෙම අනිත් එක. බන්දුල ගුණවර්ධන බුල්ඩෝග් ගෝතයා අධ්‍යාපන ඇමති වෙලා ඉඳිද්දි ඉංග්‍රීසි ගුරුවරු කොරියාවට යවන්න ස්කීම් එකක් ලෑස්ති කරන් ආවා. ඒදවස්වල ලක්ෂ 5ක් විතර පඩිය. මහින්ද ජෑසිංහ (එතකොට ස්ටාලිං මලපෙරේතයා පොරත් එක්ක සෙට් වෙලා නෑ මතක විදියට) කේස් කලා. එම්බසියටත් ලිව්වා.ලංකාවෙ ඉංග්‍රීසි ගුරු හිඟයක් තියන බව සහ ඉංග්‍රීසි ගුරුවරුන්ට චාන්ස් එකක් දුන්නොත් අනිත් ගුරුවරුන්ට අසාධාරණයක් වෙනව කියල..
      ඒක එතැනින්ම ඉවරයි.. අදටත් ඉන්දියාව ඊට සමාන ස්කීම් එකකින් ඉංග්‍රීසි ගුරුවරු යවල විදේශ විනිමය ගේනවා...

      Delete
    2. @ Ref:

      https://overseas.mofa.go.kr/lk-en/brd/m_2322/view.do?seq=644018&srchFr&amp%3BsrchTo&amp%3BsrchWord&amp%3BsrchTp&amp%3Bmulti_itm_seq=0&amp%3Bitm_seq_1=0&amp%3Bitm_seq_2=0&amp%3Bcompany_cd&amp%3Bcompany_nm

      Delete
  5. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 21) සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී හමුවක් පවත්වා තිබිණි.

    ReplyDelete
    Replies
    1. අදාළ හමුවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණි නිසාවෙන් එහිදී චෝ සුං ලී “වේලාවට වැඩ කිරීම” සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස දැනුවත් කළේ මෙලෙසිනි.

      “මිස්ටර් සමන් සහ මිස්ටර් රංග දැන් දින කිහිපයක් පුරාවට අපි පුහුණු වැඩ කටයුතු කරනවා. විනාඩි 5ක් පරක්කු වුණ ත්… තවදුරටත් හරියට වැඩ කරන්නේ නැතුව ඉන්නවා ද? ඇත්තට ම හරියට වැඩ කරන්න ඕනේ. පොරොන්දු ඉෂ්ට කරන්න බැරි නම් තවදුරටත් මම මුණගැහෙන්න යන්නේ නෑ. මේ බොරුව කියන්නේ මොකක් ද? 9ට මුණ ගැහෙනවා කිව්වොත්, 9.30ට ආවොත් ඒක බොරුවක් නෙවෙයි ද? ඒ වගේ කෙනෙක් මොකට ද මම මුණ ගැහෙන්නේ?

      එංගලන්ත කියමනක් තියෙනවා, බොරු කියන මනුස්සයාගේ සිත තුළ වැසිකිළියක්වත් හදන්න එපා ලු. ඒ අනුව, එංගලන්ත ජාතිකයන් බොරුවක් කිව්වොත් ඒක නිකම් පිහියක් වගේ. එයා කපල ම දානවා. එක විනාඩියක් රක්ෂා කරන්න බැරි වුණොත් වෙලාව, කපලා දානවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඒ වගේ දේවල් බත් කනවා වගේ, සාමාන්‍ය බවට පත් වෙලා. මම හින්දා මේ දේවල් කියනවා මිසක ඔය සාමාන්‍ය ම දෙයක් තමයි පොරොන්දු කඩ කිරීම. ජාතියක් හැටියට අපි ලජ්ජා වෙන්න ඕනේ මේ වගේ දේවල් අහන්න. විදේශිකයෙක් ඇවිල්ල මේ කාරණාව ගැන කියන එක අපිට ලජ්ජාශීලී කාරණාවක්.

      දැන් මේක අපේ සංස්කෘතියක් වෙලා. මේක වෙනස් කර ගන්න බැරි වුණොත් විදේශියකයන් සමග අපිට සම්බන්ධයක් පවත්වන්න බැහැ. බිස්නස් ඉවරයි එතනින්. මේක වෙනස් කරන්න ඕනේ. ඉතා ම වැදගත් කාරණාවක් මේක. මේක තමයි ඒ කාරණාව. අවංකව, සාධාරණව අපි වැඩ කරන්න ඕන. සත්‍යවාදී විධියට. ඒ වගේ ම තමන්ට යුතුකමක් වගකීමක් පැවරිලා තියෙනවා නම් ඒක පිළිබඳව 100% වගකීම, යුතුකම භාර ගන්න ඕනේ. යම් කිසි වැඩක් භාර දුන්නා ම, ඒකට වගකියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.”

      – Mawbima

      Delete
  6. මාක්ස්වාදියෙක් මට පුකේ ඇරලා ගියා.

    මං දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  7. මේකේ මූලික කාරණය තමයි මාතලන් ලංකාවේ සමහරක් ඉන්නවා පුදුමාකාර බයකින් හැම වෙලේම ජීවත්වෙන;

    ☢ හාමුදුරු පොරක් (ජෙපි නොවන) ආතල් එකේ ජනප්‍රිය විදියට බණ කියලා ප්‍රසිද්ධ වුනොත් උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ මුතුගල කාරයා, තිස්ස ජනනායක වගේ චාරයක් නැති දෙකයි පණහේ ටියුෂන් මුදලාලිලා ජනප්‍රියතාවය වෙනුවෙන් ක්ලාස් වලට එන සිසුන්ට සිංහල බෞද්ධ සිරිත් විරිත් කියලා දුන්නොත් උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ මිනිස්සු එකතුවෙලා කුරුන්දි විහාරය, සපුමල්ගස්කඩ විහාරය වැනි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන පිළිසතර කලොත් උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා උන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා අරගල වලට සම්බන්ධ නොවී වෙනත් ක්‍රම වලින් එකමුතු වෙලා සංවිධානය වෙලා කූරගල, නෙල්ලිගල, දෙවනගල හදද්දී උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ ගම්මු එකතුවෙලා පුරන් කුඹුරු අස්වැද්දුවොත්, ගෙවතු වගාකලොත් උන් හිතන්නේ ඒකෙනුත් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ බෞද්ධයින් එකතුවෙලා තමන්ගේ පාඩුවේ පුද පූජාවක් වන්දනාවක් කරගෙන හිටියොත් උන් හිතන්නේ ඒකෙනුත් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ විදෙස් ශ්‍රමිකයෝ එකතු වෙලා රටට සල්ලි ටිකක් වැඩිපුර එව්වොත් මොනවා හරි රජයටත් පරිත්‍යාගයක් කළොත් ඒකටත් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ ප්‍රේක්ෂකයෝ එකතු වෙලා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න බෝඩ් ඉස්සුවොත් උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ රටට සංචාරකයෝ ටිකක් වැඩිපුර ආවොත් උන් හිතන්නේ ඒකෙන් මහින්දලාට වාසියක් වෙයි කියලා.

    ☢ ජනමාධ්‍ය මත් උවදුර ගැන නිව්ස් දාලා නිව්ස් වලට වීව්ස් වැඩි කරගන්න ගේම් ගහද්දී උන් හිතන්නේ ඒකෙන් පවා මහින්දලාට වාසියෙක් වෙයි කියලා.

    කොටින්ම කීවොත් ලංකාවේ කිසිම හොඳ දෙයක් වෙන්න බෑ, අරුන් වපර ඇහින් බලනවා මේකෙන් මහින්දලාට තියෙන වාසිය මොකක්ද කියලා. ඔන්න ඔය මහින්දෆෝබියාව ඔළුවට ආවයින් පස්සේ ඉතින් අර හොඳ වැඩ කඩාකප්පල් කරන්න උදේ ඉඳන් හවස් වෙනකන්ම සමාජ ජාල වල දතකනවා රටට ජාතියය බෞද්ධයින් සහ ආගමික විස්වාස වලට පවා අපහාස උපහාස කරමින්. මේ පිරිසට නොතේරෙන සරල කාරනයක් තියෙනවා; ඒ තමයි ලංකාවේ බහුතරයක් වන බොහෝ ජනතාව කොච්චර තක්කඩි හොරු රැලක් බව දැන දැනත් මහින්දලාට ඡන්ද දුන්නනම් දුන්නේ මෙන්න මේ පිරිසේ තියෙන මෙන්න මේ කම්ඩාප්පල්කාරී කැම්ත ගති ගුණ දැක දැක මේ පිරිස සිටින පැත්තකට ඡන්දයක් දෙන්න තියෙන අප්පිරියාව නිසයි කියලා, ඉතින් මහින්ද රාජපක්ෂ පවුල ලංකාවේ මිනිස්සුන්ට කොච්චර ඇරියත් මිනිස්සුන්ට රාජපක්ෂ හොර පවුල කොච්චර එපා වුණත් අර මෝඩ මීහරක් වහන්සේලාආපහු මිනිස්සු අතරට රාජපක්ෂලා මීට වඩා හොඳ වැදගත් පොරවල් කියලා මතයක් ඇතිකරනවා උන්ගේ තියෙන තකතීරු මන්ද බුද්ධික කාලකන්නි ගතිගුණ නිසා මම හිතන්නේ අලුතින්ම තරුණ බලවේගයක් ලංකාවේ සංවිධානය වෙලා ආවොත් රටට අනාගතයක් තියෙයි නැත්නම් අපි වගේ රටින් පිට වෙන්න විතරයි තියෙන එකම ඔප්ෂන් එක...

    ReplyDelete
  8. අඩෝ මාතා අර අන්තරේ කහකඩ හොරගණ කාලකන්නි හැත්ත වනසපු භික්ෂු සරසවියේ අරක්කු බියර් නාටකයක් යනවා නේද මේ දවස්වල? ආණ්ඩුව අන්තරේ හොරගණ මීහරක් හැත්ත බෙබාලා කියලා ඔප්පු කරන්න ට්‍රයි එකක් දෙනවා එක පැත්තකින් ඒ අස්සේ ඔය ගැන ජෙප්පොයි නිරාගමික මීහරක් හැත්තයි අලගල මැටි හරක් ටිකයි බුකියේ අරුන්ගේ ගූ හෝද හෝද රෙදි නැතුව කඩේ යනවා නේද? මටනම් හිතෙන්නේ මුන් දෙගොල්ලොම එක හා සමාන වූ මීහරකුන් දෙබානක් බවයි, යකෝ ඔච්චර රෙදි හෝදන හෝද දඟලන්නේ, කෙලින් කතා කරනවා නම් උන් බියර් බොනවා, ගන්ජා ගහනවා, කොල්ලොනෙ සිවුරු ඇන්දට අපෙත් පෛ නගිනවා උට්ටෝ.. ඒක උන් පිලිගන්නවා නම් කතාව ඉවරයිනේ. බැරිම උනොත් සිවුරු ගලවලා , සාමාන්‍ය සිසුන් වගේ ඉගන ගන්න විතරයි තියෙන්නේ. සංකෘතිකයි. එකගයි. !!

    ඒත් රාජපක්ෂලා වගෙ, මොකක් හරි නෝන්ඩි උනු ගමන් ජෙපි පේජ් ඔක්කොම එකතු වෙලා තමුන්ගෙ එකාලගේ ගොබ්බ වැඩ සාධාරණීකරණය කරන්න පටන් ගැනීම නම්... පිරිහීමෙ ඇරඹුමයි😊

    ReplyDelete
  9. මාතලං පහුගිය දශක එක හමාරක් විතර කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනය තුල මූලික වශයෙන් කල්ලි දෙකයි තිබුනෙ ඒ රාජපක්ෂ කල්ලිය සහ රාජපක්ෂ විරෝධී කල්ලිය ලෙස එජාපය ජවිපෙ ටී එන් ඒ මුස්ලිම් පක්ෂ සහ වෙනත් කණ්ඩායම් ලෙස, නමුත් දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා රනිල් රාජපක්ෂ බයි පූට්ටු කණ්ඩායම සහ සජබයි (සජිත් ජලනි බලවේග) කල්ලිය සහ ඊට අමතරව ජවිපෙ විසින් වෙනමම කණ්ඩායමක්, ඉතා කුඩා සජබයි හිතවාදී පිරිසක් හැරුණු කොට එසේ නොවන වෙනත් සුළු සුළු කණ්ඩායම් සහ ස්වාධීන පුද්ගලයන් වශයෙන් බෙදිලා තියෙනවා

    මූලික වශයෙන් කණ්ඩායම් හතරක් පමණ තියෙනවා ඔය රනිල් රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායම, සජබයි කණ්ඩායම, ජවිපෙ ජාතික ජන බලවේගයේ කණ්ඩායම සහ ඔය සේරටම විරුද්ධව සටන් කරන අලුත් ස්වාධීන වෙනත් තනි පුද්ගලයන් රැසක් ඇතුලත් කුලකය ආදී වශයෙන්

    ලංකාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන සජබ නායක සහ ලංකාවේ නිල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ තනිකරම ජෝක් එකක්... කැපී පෙනීමේ පුදුම අමාරුවකින් පෙළෙන මානසික ලෙඩෙක්… බොරුවට පොඩි මිනිහා එක්ක ඉන්නවා කියලා ව්‍යාජයක් මවා පෙන්වන නමුත් සැබෑ ජීවිතේදි උන්ව ඉතා අසික්කිත ලෙස පිළිකුල් කරන අපත ගෙවලයෙක්… සජිත් ප්‍රේමදාස වගේ පතෝල මී හරකෙක් විපක්ෂ නායක උන එකත් ලංකාවේ දැනට පවතින බරපතල ආර්ථික දේශපාලනික අර්බුදකාරී තත්වයට ප්‍රධානතම හේතුවක්.. මොළයක් නැති මානසික රෝග වලින් පිරුණු කමකට නැති නිකමෙක් විපක්ෂයේ නායකත්වයට පත් වීමෙන් ආණ්ඩුවට නිසි පරිදි පීඩනයක් එල්ල කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේම ඊටත් වඩා දැනට තියෙන ගොබ්බ ආණ්ඩුව පෙරලලා හරි හමන් ආණ්ඩුවක් පත් කර ගන්න කිසිම ඔප්ෂන් එකක් නෑ

    එකම ඔප්ෂන් එක තියෙන ආණ්ඩුවට පුළුවන් තරම් බලපෑමක් ස්වාධීන පුද්ගලයන් වශයෙන් එල්ල කිරීම පමණි ඊට අමතරව අර අලුත් ස්වාධීන තනි තනි වශයෙන් සීටින පුද්ගලයන් පිරිස එකතු කරලා වෙනමම පක්ෂයක් ලෙස සංවිධානය කරන්න කටයුතු කළ යුතුයි එහෙම නේද?

    ReplyDelete
  10. සජිත්, ජලනි, විතරක් නෙවෙයි එරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, හර්ෂද සිල්වා, සාලිය පීරිස් ඇතුළු සජබ කට්ටිය ගොඩක් අය බෝන් අගේන්…. කාවින්ද ජයවර්ධන තමයි කෝඩිනේටර්, එරාන් ගේ තාත්තා පාස්ටර් කෙනෙක් වගේම එරාන්ගේ සහෝදරයා ෂෙරාන් ඒත් පාස්ටර් කෙනෙක් මම හිතන්නේ බෝන් අගේන් කණ්ඩායම මෙහෙයවීම කරන්නේ එක්සත් ජනපදයේ බුද්ධි අංශ වල පිරිසක් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙන ටීම් එකක්

    ඒ වගේම තමයි රාජපක්ෂ පවුල ගත්තොත් ඒත් ශිරන්ති සහ ලේලියන් තුන් දෙනා ගත්තොත් එතනත් බෝන් අගේන් තව ලංකාවේ නිරාගමික කණ්ඩායම් මෙහෙයවීම කරන්නේත් එක්සත් ජනපදයේ බුද්ධි අංශ වලින්. වාමාංශික කණ්ඩායම් දැන් එක්සත් ජනපදයේ හෝ වෙනත් රටවල අතකොලු වෙලා තියෙන්නේ එහෙම නැති කණ්ඩායම් ත්‍රී වීල් පක්ෂ වලට සීමා වෙලා. පොහොට්ටු පක්ෂයේ ඇමරිකන් බළල් අත් වන බැසිල්ලා ඩලස්ලා ගෝඨලා (රිපබ්ලිකන්) වගේම භාරත රිසර්ච් ඇන්ඩ් ඇනලයිසිස් විං වලට අමතරව චීන එම් එස් එස් අතකොලුත් තදට ක්‍රියාත්මක වෙනවා

    සජිත් ප්‍රේමදාස නම් බෝන් එගේන් කියලා මුණටම රනිල් කීවා පාර්ලිමේන්තුවේදි. මතකද යම් කෙනෙක් වෙන ආගමක නායකයෙක්ගේ සරණ යනවා නම් ඔහු පිරිහෙනවා කියා පරාභව සූත්තයේ තියෙනවා කියා රනිල් කීවා සජිත්ට, තව සරත් ෆොන්සේකා ඡන්ද කාලේ කිරිල්ලපොන පල්ලියකට රිංගුවා, ඔය ගැන ඩයනාත් කීවා ඒ දවස්වල ඇත්තටම සජබේ පාලනය කරන්නේ ජලනි හරීන් කාවින්ද ඇතුලු බෝන් එගේන් කණ්ඩායම, ඔය බෝන් අගේන් කේස් එක ලංකාවට මොන විදියට බලපායි ද දන්නේ නැහැ නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    නුඹට ලංකාවේ ඇමරිකන් ඇජෙන්ඩා එක ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ලංකාවේ වෙසෙන අය අනාගතය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  11. මාතලන් මේ දිලාන්ට පහර දී ඇත්තේ කවුද? මේක රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණයක් විය නොහැකි ද?

    //ලංකාවේ 2022 රෙජීම් චේන්ජ් අරගල ව්‍යාපාරයේ ප්‍රධානතම කැඳවුම්කරුවකු වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු ඇතුලූ සිව් දෙනාම පසුගිය සමයේ ගාළු මුවදොර අරගල භූමියේ පූර්ණකාලීනව ක්‍රියාකාරීව සිටි ප්‍රබල පිරිසක් බවයි.

    එම ප්‍රධාන සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් අරගල භූමියේදී දැක දැන හඳුනාගත් තරුණියන් පිරිසක් සමග අඹු සැමියන් ලෙස හැසිරුණු බවත් ඉන් එක් තරුණියක් සමග දැඩි ලෙස ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත් ඇයව එහිදී සිප වැලඳ ගනිමින් සිටි මොහොතක හදිසියේ තවත් බීමත් මැර පිරිසක් සමග එම අරගල බිමට පැමිණි ඩිලාන් සේනානායක ඇතුළු පිරිසක් ඉතා අපහාසාත්මක අසභ්‍ය වචන පාවිච්චි කරමින් තමන්ටත් ඇයටත් දැඩි ලෙස නින්දා අපහාස කිරීම නිසා තමන් ඊට එරෙහිව නැගී සිටි බවත් එතැනදී එම මැර පිරිසගේ සහයෝගය සහිතව ඩිලාන් සේනානායක තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත් ඒ නිසා මාස තුනක් හතරක් විතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් එයට පළිගැනීමක් ලෙස ඔහු සිටින තැන සොයා ගොස් තියුණු ආයුධයකින් පහර දුන් බවත්ය.

    කෙසේ වෙතත් ඩිලාන් සේනානායක සඳහන් කරන්නේ තමන්ට කිසි විටෙක තරුණියකට උසුළු විසුළු නොකළ බවත් එවන් පහර දීමක් හෝ ගැටුමක් සිදු නොවූ බවත් ය.

    පසුගිය සතියේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඩිලාන් සේනානායකගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඩිලාන්ට පහරදීමක් මත තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබිය.//

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ දෙසැම්බර් 26, 1.39 AM

      බීමත් නෙවෙයි ඕයි උන් අයිස් (ක්‍රිස්ටල් මෙත්) ගහලා මොළේ කචල් වෙලා විකෘති විදියට මරා ගන්න පාදඩ හැත්තක්

      ඕකා විතරක් නෙමෙයි ඔය අරගලයේ ඉදිරියෙන්ම හිටියේ සංගගේ ගෑණි වගේ පට්ට වේසියෝ, අද ඒ වේස ගෑනි මොනතරම් ප්‍රභලද කියනවනම් මරණ දඬුවම් නියම වී ඇති මිණීමරුවන් පවා නිදහස් කරගන්නවා .අද මිණීමරල සංගගෙ ගෑණි මුනගැසුනානම් හරි .මේ රටේ අධිකරණ ඇමති කියල එකෙක් ඉන්නව නේද .ගෑනිගෙ කටින්ම මිණීමරුවෙක් නිදහස් කලා කියන වීඩියෝ පට සමාජ මාද්‍ය හරහා ප්‍රචාරය උනා,

      කලු කෝට් කාර කාලකන්නි හැත්ත උඩපැන්නේ ඕකටනේ ඇත්ත තමයි මටත් කියන්න තියෙන්නේ ඔය රටට දැන් අධිකරණ අවස්‍ය නෑ .මේව ගැන සොයා බලන්ඩ එකෙක් නෑ

      බලහන් දැන් අර සාප්ටර් කේස් එක යන විදිය? ගෝට පන්නගත්තේත් ඕකට තමයි, උන්ට ඕනේ විදියට වල්බූරු විදියට රට විනාශ කරන්නයි යන්නේ...

      Delete
  12. අඩෝ මාතෝ තෝ ළඟදි බ්ලොක් වුණේ නැතෙයි? හැබැයි මේ වගේ හෙන ගහන ඇත්ත කියලා බේරිලා ඉන්න නම් බැරි වෙයි මොකද තෝ ඉන්නේ ලංකාවේ නේ? විශේෂයෙන් ජවිපෙ සහ පෙරටුගාමී වගේ ගෝත්‍රිකයින් ඒ වගේම සජබ සහ එක්සත් ජාතික පක්ෂය, තව පොහොට්ටු බයියො වුණත් ටිකක් විතර aggressive ඩෑල්නේ නැද්ද?

    "ඔබට සතු රන් ඇතිකරගන්නට නම්, යුද්ධයක් ආරම්භ කිරීමම අවශ්‍ය නැත, ඔබ සිතන දේ ඍජුව සහ විවෘතව පැවසීම පමණක් ප්‍රමාණවත්."

    - මාටින් ලූතර් කිංග් ජූනියර්

    ReplyDelete
  13. අනේ බන් මාතේ, තම රටේ පොදු මහජනයාට අයත් පොදු දේපළ ගිනි තබා විනාශ කරන, රටේ දේ පහත් කර සලකන ඉතාම පහත් තත්වයේ මිනිසුන් පමණක් සිටින රටක ඔබ කෙසේ දියුණුව දකින්නද?

    කීමට ඇත්තේ මෙපමණයි...

    " ඔබ ලාංකීයයෙක් නම් රටින් පිට වී සතුටින් ජීවත් වෙන්න, ලංකාව කවමදාවත් හැදෙන රටක් නොවේ"

    ReplyDelete

  14. ගෝඨාභය රාජපක්‍ෂ පවුල පිටින් ඇමරිකා එක්සත් ජනපද බලා පිටත් වූ බව වාර්තා වෙනවා. එය නිවැරදි කියා හිතන්න පුළුවන්. ඒ සමග බටහිරයන්ගේ සැලසුමේ එක් අවස්ථාවක් අවසන් වෙනවා. ඊළඟ අවස්ථාව ජ වි පෙ හා රනිල් මගින් ක්‍රියාත්මක කෙරේවි. එය සාර්ථක වුවහොත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරට ම ඉවර වෙන්න ඉඩ තියෙනවා. රනිල් හා රනිල්දාස ඉන්නෙ එක ම පිළේ. මාක්ස්වාදයත් ලිබරල්වාදයත් අවසානයේ දී ජාතිකත්වයට විරුද්ධ පැත්තෙ එකට ඉන්නවා.

    බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න ක්‍රියාත්මක වුණෙ පෘතුගීසීන් පැමිණි දිනයේ සිට. ඉංගිරිසින් එය සියුම් ව කරගෙන ගියා. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ශක්තිය ඉදිරියේ ඇංග්ලිකන් සංස්කෘතියට කල් බලන්න සිදු වුණා. අද වන විට අවුරුදු පන්සිය දහසයකට පසු බටහිරයන් ශක්තිමත් ව සිටිනවා. ගෝඨාභයගේ නික්ම යෑමෙන් මෙන් ම ඊනියා උගත් ගැමි තරුණ හාමුදුරුවරුන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි.

    ඊනියා මානව හිතවාදීන් කියනවා සියලු ආගම් සමානය කියා. එය පට්ටපල් බොරුවක්. මාටින් ලූතර්ගේ කාලය වන තෙක් තිබූ ආගම් හා ක්‍රිස්තියානි ආගම් අතර වෙනසක් තියෙනවා. මා ක්‍රිස්තියානි ආගම් ලෙස හඳුන්වන්නේ ඊනියා පුනරුදයෙන් පසු බිහි වූ ප්‍රොතෙස්තන්ත ආගම්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙතෝදිස්ත වැනි ආගම්. ඒ ආගම් සාමූහිකත්වයට එරෙහින ව පෞද්ගලිකත්වය ඉස්මතු කළා. කලින් තිබූ ආගම් යම් ආකාරයකට සමස්තයක් ගැන කතා කළා. දෙවියන් වහන්සේ හරි බ්‍රහ්මන් හරි සමග මනුෂ්‍යයා ඒකාත්මික වන බවයි ඒ ආගම්වල කිවුවේ. අද්වෛත වෙදාන්තයේ පමණක් නොව ඉස්ලාම් ආගමේත් කතෝලික ආගමේත් ඒ සංකල්පය විවිධ ආකාරයෙන් තියෙනවා. පෙරේදා කතෝලිකයන් නත්තල සැමරුවේත් පියා පුතා හා ස්ප්‍රිතුව එකයි යන අර්ථයෙන්. ඒ ආගම්වල සාමූහිකත්වය දකින්න පුළුවන්. කතෝලික යන්නෙහි තේරුම ම සාමූහිකත්වය යන්නයි.

    එහෙත් මාටින් ලූතර්ගෙන් පසු මේ සියල්ල වෙනස් වුණා. දෙවියන් වහන්සේ වෙන් කෙරුණා. පෞද්ගලිකත්වය ඉස්මතු වුණා. අද ඇති ක්‍රිස්තියානි නූතනත්වය සමග එය බැඳිලා. අද ලෝකයේ රජයන්නේ ආධිපත්‍යය දරන්නේ ඒ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සභ්‍යත්වයයි. ධනපති ක්‍රමය බටහිර විද්‍යාව ඒ නූතනත්වයේ ප්‍රතිඵල. යටත්විජිතවාදය ඇරඹුණේ ස්පාඤ්ඤය ඒ නූතනත්වයට මාරුවීමත් සමග. අද පාප්වහන්සේ අටවැනි හෙන්රි කල පාප්වහන්සේටත් වඩා දුර්වලයි. පාප්වහන්සේට බයිඩ්න්ට අණ කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. බුදුදහම ආගමක් නො වෙයි. බෞද්ධයන් කතෝලිකයන්ට කිවුවෙ ආගම්කාරයන් කියා. බුදුදහමෙහි ඇත්තේ දැනුම අත්හැරීම. දැනුම නොදැනුම කිරීම. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා ඉස්ලාම් ආගම වැනි ආගම් අතරට වඩා විශාල වෙනසක් ක්‍රිස්තියානි නූතනත්වය හා බුදුදහම අතර තියෙනවා. බුදුදහමෙහි එකී කතාව කියැවෙන්නේ ථෙරවාදයෙහි. ථෙරවාදීන්ට දාර්ශනිකයන් අවශ්‍ය වුණේ නැහැ. දැනුත් අවශ්‍ය නැහැ.

      මේ පූර්විකාව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය දැක්වීමටයි. එය නැති කිරීමට සියලු ආගම්වලට එකතු වෙන්න පුළුවන්. මා එයින් අදහස් කරන්නේ ඒ ඒ ආගම් අදහන අය නොවෙයි. ඒ ආගම්වල ප්‍රධානීන්. බටහිරයන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට අවශ්‍යතාව තිබුණත් එය කරගන්න බැරි වුණා. දහනවවැනි සියවසේ අගභාගයේ ඇති වූ බෞද්ධ පුනර්ජීවනය ඉන් පසු ධර්මපාලතුමාගේ ව්‍යාපාරය පනස්හය ඒ බැරි වීමේ සංකේත. එහෙත් එයට විරුද්ධ බලවේහත් ඒ සමග ඇති වුණා. ඕල්කට්තුමාගේ ව්‍යාපාරය බෞද්ධ පුනර්ජීවනය පීලි පැන්නීමට සමත් වුණා. ආනන්ද විදුහල හුදෙක් බෞද්ධ සායම් ගෑ රාජකීය විදුහලක් පමණයි. එය ආරෝපණයක් පමණයි. අවශෝෂණයක්වත් නො වෙයි.

      ක්‍රිස්තියානි අධ්‍යාපනය විසින් ඊනියා තාර්කික විද්‍යාත්මක බෞද්ධයන් පිරිසක් බිහිකරණු ලැබුවා. බෞද්ධයන් කාළාම සූත්‍රය තර්කානුකූල ධර්මයක් බවට පත් කෙළේ එකී සූත්‍රය තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් යමක් පිළිගන්න එපා කියා තිබිය දී! අදවත් කාළාම සූත්‍රය හදාරනවා නම් හොඳයි. අපට වැඩිම වුවහොත් හැකි දෙකයි පනහේ විද්‍යාඥයන් වීමට පමණයි. මා එය තේරුම් ගෙන අවුරුදු පනහකට වැඩියි.

      මෙරට ජාතිකත්වය පනස්හයේ ඉස්මතු වුණත් විජාතිකත්වය නැති වුණේ නැහැ. ඊනියා ප්‍රතිජාතිකත්වය යනු විජාතිකත්වය හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්වය පමණයි. ඒ වෙනුවෙන් පෙනී සිටියේ පෙනී සිටින්නේ දෙකයි පනහේ බුද්ධිමතුන්. ඔවුන්ට කිසිවක් අලුතෙන් කියන්න බැහැ. බටහිරයකු කී දෙයක් තමන්ට තේරෙන ආකාරයට සිංහලෙන් කීම පමණයි ඔවුන්ට කරන්න පුළුවන්. එහෙත් ඔවුන් තමන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ශක්තිය විවිධාකාරයෙන් ලැබෙන නිසා පවතිනවා.

      විජාතිකත්වයට පුළුවන් වුණා හැටපහේ දී ඩඩ්ලිගේ නායකත්වයෙන් හත්හවුල් ආණ්ඩුව හදන්න. එහෙත් ඔවුන්ටත් සිදු වුණා ජාතිකත්වය සතුටු කරන්න මෙන් පෝය නිවාඩුව ඇති කරන්න. එය හොඳ ද නරක ද යන්නට වඩා වැදගත් වන්නේ ඩඩ්ලි සේනානායක ජාතිකත්වය හඳුනාගත් ආකාරය හා ඒ ජාතිකත්වය රැවටීමට ගත් පියවර. හැත්තෑවේ දී ඒ ආණ්ඩුව පෙරළා දමනු ලැබුණා.

      මේ ජාතික විජාතික ගැටුමට ලෝකයේ මෙතෙක් බිහි වී ඇති ලොකු ම මිථ්‍යාව වූ මාක්ස්වාදය විජාතික පැත්තෙන් පැමිණියා. මා මිථ්‍යාව යන වචනය යොදා ගන්නේ වැඩ නොකරණ හිතළුවක් යන අර්ථයෙන්. එතෙක් මෙතෙක් මාක්ස්වාදී රාජ්‍යයක් ලොව කොහේවත් බිහි වී නැහැ. මා සමසමාජ පක්‍ෂයේ සිටි කාලයේ ඔස්මන්ඩ් ජයරත්න සමග පාසල්වල දේශන සඳහා ගියා. අප කෙළේ ඊනියා විද්‍යා කතා මගින් මාක්ස්වාදය සිසුන්ට කියා දීම. ඔස්මන්ඩ් ඒ දවස්වල කී කතාවක් වුණේ විද්‍යාවට අනාවැකි පළ කිරීමට පුළුවන් බවත් මාක්ස්වාදයෙන් සමාජවාදී රාජ්‍යයන් ඇති වන බවට පළ කළ අනාවැකිය සෝවියට් දේශය බිහිවීමෙන් ඵල දැරූ බවත්. ඔහු සෝවියට් දේශය බිඳ වැටෙනු දුටුවා. ඒ වන විට ඔහු දේශන පවත්වන්න ගියේ නැහැ. මාක්ස්වාදය අසමත් වී ඇති නමුත් මෙරට වෙන රටකට වඩා මාක්ස්වාදී කුණුහරුප පිළිගන්නා ඊනියා උගතුන් පිරිසක් ඉන්නවා. ඉන් පෙනී යන්නේ සමස්තයක් ලෙස මෙරට දෙකයි පනහේ අනුකාරකයන්ගේ තරම. බටහිරයන් ගෝඨාභය එළවීමට ඔවුන්වත් යොදා ගත්තා. (මතු සම්බන්ධයි)

      ප. ලි. ගෝඨාභය රාජපක්‍ෂ නිවාඩුවකට ඩුබායි ගිය බවයි දැන් කියැවෙන්නේ. මේ ලිපියේ සඳහන් වන වාර්තාව වැරදියි. ඒ ගැන මගේ කණගාටුව. එහෙත් ලිපිය දිගට ම පළ වේවි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න