.

.

Dec 28, 2022

චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ ඉකො කොමික්ස්

 


චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ

ඉකො කොමික්ස්

➖➖➖➖➖😁▪️


අරගලයෙන් පස්සෙ මතු වෙච්චි අලුත් දේශපාලන චරිත වලින් මම ප්‍රියකරන දෙන්නෙක් තමයි චතුරංග අබේසිංහ හා පැතුම් කර්නර්.. 


කවුරු මොනවා කිව්වත් දෙන්නටම පැහැදිලි දේශපාලන අනාගතයක් තියෙනවා හැබයි ඉන්න තැන් වල ඉඳලා නම් නෙමෙයි... මොකද දෙන්නම කරන්නේ ජනතා දේශපාලනයක් නෙමෙයි. තියරි දේශපාලනයක්. 


එහෙම ක්‍රමයක පාලන බලය ගන්න නම්, එක්කෝ හරිනි වගේ ජාතික ලැයිස්තුවකින් එන්න ඕන, එහෙම නැත්නම් මහ පක්ෂ දෙකෙන් එකක එල්ලෙන්න ඕන.


දෙන්නගෙම හොඳ වගේම නරකත්, ගත යුතු දේත්, නොගත යුතු දේත් තියෙනවා. වඩාත් වැදගත් දේ, ඉන්න දේශපාලුවන්ට වඩා දැණුම අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න එක. 


මේ දෙන්නම නිදහස් අධ්‍යාපනය තුලින් බිහි වූ චරිත. නමුත් දෙන්නම කියනවා අධ්‍යාපන සිස්ටම් එක වැරදියිලූ. එහෙනම් කොහොමද මේ දෙන්නා ගොඩ ගියේ. ඒ කියන්නේ සිස්ටම් එකේ වැරද්දක් නෙමෙයි නේ. වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ. නමුත් මෙයාලා ඒක මිනිස්සුන්ට කියන්නේ නෑ. වරද පටවන්නේ දේශපාලුවන්ට විතරයි. එතන තියෙන්නේ වෛරය හා ඉරිසියාව පමණමයි.


අනෙක් කාරනය දෙන්නම තාම ඉන්නේ කොහේ හරි කාගේ හෝ තියරියක එල්ලිලා. බොරු දත්ත මත රැදිලා. කම්පැරිසන් හෙවත් සංසන්දනය කිරීම් වල. අපේ රටේ දත්ත නෙමේ, මේ ලෝකේ සියළුම දත්ත අමු බොරු.


ඇත්ත වශයෙන්ම ගත්තොත් ඉන්දියාවේ තරම් හිඟන්නෝ නූගත්තු මෙහේ නෑ. බංගලාදේශය මාර දියුණුයි කිව්වට ඒක මිහිපිට අපායක්. චීනය කොච්චර දියුණු උනත්, මේ විඳින මාධ්‍ය නිදහස බින්දුවක්වත් නෑ. 


ඇත්තටම ගත්තොත් ඔය ඔක්කොම රටවල් වලට වඩා මේ රටේ මිනිස්සු පොහොසත්, සතුටින් ඉන්නේ. නිදහස් ජීවිත ගත කරන්නෙ. පසුගිය සති අන්තයේ වන් ගෝල්ෆේස් විතරක් නෙමෙයි ශ්‍රී පාදය නුවරඑළියත් ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. එතන සෑම පන්තියකටම අයිති මිනිස්සු උන්නා. මන්දපෝෂණ කියන්නේ අමු ප්‍රොපගැන්ඩා. දැන් ඒවට ඉස්සර වගේ පැවැත්මක් නෑ. පටන් ගත් තැනම පච වෙලා චොර වෙලා යනවා. මංගලගෙ ඒවා වගේ පැවැත්මක් නෑ.


චතුරංගගේ නායකයෝ ලෝකේ වටේ සවාරි යනවා, පැතුම් කර්නර් වෙසක් එකට කළු වෙසක් කූඩූ එල්ලලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියාට, හැමෝටම මෙරි ක්‍රිස්මස් කියලා ඉන්ගිරිසියෙන්ම දාලා තිබුනා. මෙරි වෙන්නේ නෑ නේ ප්‍රශ්ණ තියේ නම්.


අපේ රටේ මිනිස්සු ජපන් වාහනයකට ජපනා වගේ 300% ගෙවනවා. ඉන්දියාවේ එකකට 200% ක් ගෙවනවා. එයාර් ලංකා වගේ පාඩු ලබන සුදු අලියෙක් උඩ යන්නේ, තනිකර ජනතාවගෙ සල්ලි වලින්, ආන්ඩුවේ අයිස් ගහන උන්ට සැප දෙන්නේ මුට්ට කරගහන එකාගෙත් කන බොන දේට ගහන බද්දෙන්.


මේ දෙන්නට නෙමේ, එකෙක්ටවත් රට වැටෙන්න හේතුව තාම තේරිලා නෑ. ඉතින් සොලියුසොන් එක ලෙස ඉදිරිපත් කරන්නේ වැල් බයිලා.


මේ රටට කෙලවෙන්න හේතු වුනේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවය හා සුබසාධන ක්‍රම මගින් ඇති කල හිඟන මානසිකත්වය.


මහපොලො නොදුන්නා කියලා ඊට කලින් මේ රටේ උපාධිධාරීන් බිහි වුනේ නැද්ද? 


ජනසවිය දෙන්න කලින් මේ රටේ මිනිස්සු නොකා නොබී මැරුනද? 


නොමිළේ පෙලපොත් දෙන්න කලින් දරුවෝ ඉගෙන ගත්තේ නැද්ද? 


නිළ ඇඳුම් දෙන්න කලින් දරුවෝ පාසල් ආවේ හෙළුවෙන්ද? 


ගම් උදා ගෙවල් දෙනකම් මිනිස්සු උන්නේ ගස් ගල් යටද?


කරුමේ කියන්නේ මේ ඔක්කොම කරුම මේ රටේ ජනතාව මත පැටෙව්වේ, ඕපන් ඉකොනමි හඳුන්වා දීපූ උන්ම වෙච්චි එක. ඒ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න. දැන් මේවා දිගටම මේන්ටේන් කරන්න ඕන කියන්නේ පිනට කන දයාසාන්තලා ඉතරක් නෙමේ, නන්දලාල්ලා, ප්‍රේමදාසලත් ඒ අස්සේ සිටීම ජාතික කරුමයක්. ව්‍යසනයක්.


රටට කෙලවෙනකන් බලාගෙන ඉන්න උන්ට පේන්නේ ආරක්ෂාවට වෙන් කරන මුදල විතරයි. ඒත් ඉහත සඳහන් කරන වියදම්වල එකතුව හා ඉන් රටට අත් වූ දෙයක් තියෙනවද කියලා එකෙක් ළඟවත් දත්ත ඇත්තේ නෑ.


ඒවා ගැන හොයන්න ඕනත් නෑ. ඒ තුලින් ඇති කරලා තියෙන හිඟන මානසිකත්වය, යැපුම් මානසිකත්වය ගැන එකෙක්ට වගේ වගක් නෑ. ඒ ඩැමේජ් එක නෙගටව් මයින්ඩ්ස් ලේසියෙන් හදන්නත් බෑ.


නන්දලාල් කබ්‍රාල්ට එහා ගිහින් සල්ලි අච්චු ගහන්නේ මේ දන්සල මේන්ටේන් කරන්න. ලෝකේ දන්සල් දෙන රට අපේ රට විතරක් නෙමේ. හැබයි මෙහෙම දන්සැල් දෙන රටක් නම්, තුන් ලෝකෙම ඇත්තේ නෑ කියන කතාව නම් සහතික ඇත්ත.


මේවත් මේන්ටේන් කරගෙන ආර්ථික වශයෙන් නැගී සිටින්න පුලුවන් එකම එක ඉකොනමි සිස්ටම් එකකින් විතරයි. අපි පෙනී ඉන්නේ ඒ ඉකොනමි එක වෙනුවෙන් විතරයි.


.

34 comments:

  1. මාතා ඔතනදි පැතුම් කර්නර් ගෝතකරුමය සහ අනිත් එකා ගැන ගහල තියෙන බයිලා අයින් කරලා දැම්මාම පොදුවේ ගොඩක් දේවල් වලට එකඟයි

    පැතුම් කර්නර් කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස ගේ ලයිට් වර්ෂන් එකක් නොම්මර එකේ පිස්සු කන්නෙක් දැන් දැන් පේස් බුකියේ එක එක ආටිකල් වීඩියෝ බලලා පොඩි දැනුමක් තියෙනවා ඉස්සර තරම්ම ගොන් පාට් අඩුයි ඒත් ඌ රට ගොනෙක් ඊට වඩා මොළේ තියෙන දක්ෂතා ඇති තරුණ තරුණියන් රාශියක් ඉන්නවා නමුත් ගොඩක් වෙලාවට ඒ අය දේශපාලනයට ඇවිත් වාත වෙන්න කැමති නෑ ඒකෙන් තමයි ඔය බූරුවෝ වගේම සනත් නිශාන්තලා ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ මීහරක් හැත්ත බලයේ ඉන්නේ

    ඔය කට්ටියගේ ස්ටැට්ස් ඇනලයිස් කරන්න ඕනේ සේරටම කලින්, උදාහරණයක් විදියට ක්‍රිකට් ටීම් එකේ කට්ටියගේ ස්ටැට්ස් ඇනලයිස් කරන්නේ අන්න ඒ වගේ තව දුරටත් පැහැදිලි කරනවා නම් 2019 World Cup එකෙන් පස්සේ මේ වෙනකන් ලංකාව ODI match 34 ගහලා තියනවා කියලා දන්නවානේ

    අපි දැන් බලමු ස්ටැට් ඒ කාල සීමාවේ ලංකාව වෙනුවෙන් වැඩිම runs ගහලා තියෙන්නේ මේ පල්ලෙහා තියන නම් පිළිවෙලට.(averages වරහන් ඇතුලේ )

    1.Kusal Mendis - 781 (48.81)
    2.Charith Asalanka - 752 (47.00)
    3.Dasun Shanaka - 619 (26.91)
    4.Avishka Fernando - 616 (38.50)
    5.Wanindu Hasaranga - 609 (30.45)
    6.Pathum Nissanka - 577 (30.36)
    7.Dananjaya De Silva - 550 (27.50)
    8.Kusal Perera -515 (42.91)
    9. Danushka Gunatilaka - 499 (45.36)
    10.Chamika Karunaratne - 376 (34.18)

    ඒ කාල සීමාවේම ලංකාව දිනපු මැච් වල average බැලුවම ලිස්ට් එක එන්නේ මෙහෙම.(minimum 200 runs scored )

    1. Charith Asalanka - 69.28 ( runs 485)
    2. Kusal Mendis - 56.36 ( runs 620)
    3.Avishka Fernando - 56.11 ( runs 505)
    4.Kusal Perera - 55.57 ( runs 389)
    5.Pathum Nissanka - 47.00 ( runs 329)

    Top 8 teams එක්ක average වැඩිම පස් දෙනා ගත්තොත් list එක එන්නේ මෙහෙම.(minimum 200 runs scored )

    1.Kusal Mendis - 51.80 (runs 518)
    2. Kusal Perera - 47.60 (runs 429)
    3. Charith Asalanka - 46.61 ( runs 606)
    4. Danushka Gunathilaka - 39.00 (runs 312)
    5.Chamika Karunaratne - 34.11 ( runs 307)

    ඒ teams 8ත් එක්කම ලංකාව දිනපු මැච් වල averages ගත්තොත් list එක එන්නේ මෙහෙම.(minimum 200 runs scored )

    1. Kusal Perera - 75.75 ( runs 303)
    2. Charith Asalanka - 72.40 ( runs 362)
    3. Kusal Mendis - 60.66 ( runs 364)
    4. Avishka Fernando - 49.90 ( runs 299)
    5. Dananjaya De Silva - 34.25 ( runs 274)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය විදියට මේ කට්ටියගේ average බලලා ආයේ පාරක් ඒ එක එක player මැච් වල දෙන winning impact එක මොන වගේද බලන්න අදාළ කාල සීමාවේ තමන් ගහලා තියන runs ගානෙන් match winning runs ගාන බෙදලා percentage එකක් ගන්නත් පුළුවන්. එහෙම ගත්තම ලිස්ට් එක එන්නේ මෙහෙම.

      Kusal Mendis - 79.38%
      Charith Asalanka - 64.49%
      Avishka Fernando - 81.98%
      Kusal Perera - 75.53%
      Pathum Nissanka - 57.01%

      Against top 8 teams එක්කත් ඔය උඩ විදිහටම match winning runs/ runs scored වල percentage එක අරගෙන top 8 teams එක්ක බැලුවම එන්නේ මෙහෙම percentage ටිකක්.

      Kusal Perera - 70.62%
      Charith Asalanka - 59.73%
      Kusal Mendis - 70.27%
      Avishka Fernando - 72.92%
      Pathum Nissanka - 51.15%
      Dananjaya De Silva - 58.42%

      මේ data ටිකත් එක්ක අපිට හිතන්න ඕනේ දේවල් ටිකක් තියනවා. එකක් තමයි Avishka Fernando කියන player ගෙන් ලංකාවේ ODI team එකට impact එක මීට වඩා ගන්න පුළුවන් කියන එක. Avishka ගේ overall top 8 teams එක්ක average බැලුවම තියෙන්නේ 31.53 වගේ අඩු average එකක්. එහෙම වෙලත් top 8 teams එක්ක ලංකාව දිනපු match වල තමයි එයාගේ runs වලින් 72.92% ම ගහලා තියෙන්නේ. Overall teams සේරම එක්ක stats ගත්තත් තමන් ගහලා තියන runs වලින් 81.98% ම score වෙලා තියෙන්නේ ලංකාව දිනපු මැච් වල. Avishka ගෙන් ODI match වලට දීලා තියන impact එක මේ data වලින් හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්.මොකද එයා ඉක්මනට out උනේ නැත්තන් එයා score කරද්දි ගොඩක් වෙලාවට ලොකු ලකුණු ගානකට යනවා සහ ඒවා බොහෝ දුර‍ට match winning innings වෙනවා කියන දේ තේරුම් ගන්න පුළුවන්.

      ඊළඟ දේ තමයි injury නිසා ලංකාවට තවත් match winner කෙනෙක් miss වෙලා නේද කියන දේ. ඒ Kusal Perera. ඊට අමතරව මේ post එක ලියපු මමවත් හිතපු නැති විදිහට මේ data ටිකේ Kusal Mendis ගේ නම තියන එක. එයා team එකට දීලා තියන impact එක වගේම Charith Asalanka කියන player ගෙන් middle order එකේ bat කරන්න ආවා උනත් ලංකාවේ match දිනවන්න කොච්චර දායකත්වයක්‌ මේ වෙනකන් හම්බෙලා තියෙනවාද කියන දේ පේනවා.ඒ වගේම Pathum Nissanka කියන player ත් එයා දැනට ගහලා තියන Australia එක්ක ගැහුව ශතකය වගේ match winning වලින් එයාටත් ඒ දේ කරන්න පුළුවන් කියන දේ පෙන්නල තියනවා. මට කියන්න ඕනේ දේ උනේ just runs and average කියන දේවල් විතරක් බලලා player කෙනෙක්ගෙන් team එකට එන impact එක හැමතිස්සෙම read වෙන්නේ නැහැ කියන දේ.

      මේ දේවල් මෙහෙම උනත් ඉස්සරහට තියන match ලේසි වෙන්නේ නැහැ ඊළඟ අවුරුද්දෙ ODI World Cup එකකුත් තියෙද්දී මේ performance මීට වඩා වැඩි කරගන්න එක අනිවාර්යෙන් කරගන්න වෙන දෙයක්. හැබයි ඊට කලින් ලංකාවට qualifiers ගහලා ඉන්න වෙයිද කියන ප්‍රශ්නෙත් එහෙන්මම තියනවා 😢.

      ඔන්න ඔය වගේ ක්‍රමයක් හරහා ලංකාවේ දේශපාලනය කරන කට්ටිය ඇනලයිස් කරලා පෆෝමන්ස් ඉවැලුවේෂන් එකක් කරලා බලන්න ඕන

      නිකන් කයිවාරු ගසන මෙම අපත හාල්කෑලී ෆෝම් කරන එක වඩාත් භයානක දෙයක් බව තේරුම් ගත යුතුයි.

      Delete
  2. චතුරංග ගැන ඔබේ කියවීමත් එක්ක 100% එකඟයි . එයා බුකියේ ලියන්න ගත්ත මුල්ම කාලේ මම මේවා පෙන්නදෙන්න උත්සාහ කලා. ප්‍රායෝගික අත්දැකීම් අඩුකම නිසා චතුරංග තමන් ගැන අධි තක්සේරුවක ඉන්න බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ චමින්ද

      ඕක ලංකාවේ වාමාංශික මතවාද දරන දේශපාලනික පක්ෂ කණ්ඩායම් ගොඩක් ඒවායේ තියෙන නිදන්ගත ප්‍රශ්නයක්

      ජවිපෙ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කට්ටිය වුණත් පරණ වාමාංශික දේශපාලනය කරපු අය වුණත් විවේචනයට වගේම අනෙක් විරුද්ධ මත දරන පිරිස් වලට ඉතා දැඩි ලෙස පහර දෙන දැඩි මතධාරීන් පිරිසක්... වෙනත් මත වලට කන්දෙන නම්‍යශීලී බවක් එච්චරම නෑ... චතුරංග වගේ අය ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය සමග එම පක්ෂයේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ ඒක තමයි ඕකේ ප්‍රශ්නය...

      Delete
  3. අයිසේ මාතලන්, ඔය වගේ මෙලෝ රහක් නැති ගොම රිටි බුකියේ පොරවල් වෙලා තියෙන්නෙ බුකියේ බලය හොබවන ඇන්ටි රාජපක්ෂ කබ්බෝ ටික නිසා, ඕකුන් දෙන්නම රාජපක්ෂ කල්ලිය සහ උන්ගේ ගංකබර බයි මතවාදයත් එහි ෆොලෝවර්ලාටත් නෙලන නිසා පොරවල් වෙලා තියෙන්නේ

    ඊට වඩා ප්‍රබල සෞඛ්‍ය සේවා පැත්තෙන් මිනිස්සු විශාල පිරිසකට සේවයක් කරන ජානක වන්නකුට බුකියේ වටකරගෙන නෙලන්නේ බෙහෙත් කොමිස් වලින් සහ ඖෂධ මාෆියාව දොස්තර මාෆියාව මෙහෙයවන බිස්නස් කාරයෝ, ටික දවසකින් ඔය දෙකයි පණහේ හොර උගත්තු ටික කතාව හදනව Dr. වන්නකු ඔය ඔක්කොම කරන්නෙ රාජපක්ෂල බලයට ගේන්න කියල. එහෙව් සත්තු ටිකක් ඔතන ඉන්නෙ...

    ඕකේ වාසියක් තමයි මරාට රාජපක්‍ෂ පවුලට අමු හෙළුවෙන් කඩේ යන මීහරකුන් හැත්ත නම් ඔය ක්‍රමය 200% ක් විතර අනුගමනය කරලා උන්ගේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට පුළුවන් වේවි.

    හැබැයි අවාසනාවට උන් එහෙම කරාම රාජපක්ෂ ඇරියස් තියෙන උන් එක්ක මාරාන්තික වෛරයකින් පෙළෙන අනෙකුත් මීහරක් හැත්ත වන්නකු ක්‍රමේට විරුද්ධව කණ පැලෙන තරමට බත් කාල ලෙඩ හැදිලා විඳවලා මැරෙන්න පුලුවන්

    ඔය වගේ තව එකක් තමයි උමංදාව ව්‍යාපාර ජාලයට ගහන්නේ ඒත් ඒ වගේම අරමුණු කරගෙන ඒ ගැනත් උඹට ලස්සනට ලියන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
  4. අරගල ජනතාව කලයුතුයි . එහෙත් මිනිස්සුන්ට ගහලා පුද්ගලික දේපල ගිනි තියලා වයවස්ථා නැ කිය කිය කල්ලි වලින් රට පාලනය කරන්න බැහැ. පාර්ලිමේන්තුව අල්ලලා විනාස කරලා එවායෙන් අරගල ජයගන්න බැහැ. ඔය මොන ගෙම්බා උනත් තමන්ගෙ තරම දැනගෙන ඉදිමුනොත් හොදයි. ඒක දේසපාලුවන්ටයි ජහමනයටයි දෙගොල්ලටම පොදුයි.

    ReplyDelete
  5. කරනරයා සහ චතූ අබේ, මෙයාලා දෙන්න නම් අරගලේ කරාට වැඩිය ඒක අල කරපු ඩයල් දෙකක් කීවන්ම් තමා හරියටම හරියන්නේ.

    ReplyDelete
  6. පොදුවේ ගත් කළ මාතාගේ නිරීක්ෂණ මමත් දකින්නේ ඒ විදියට, මාතා නැවතත් ලංකාවේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම පවුල බලයෙන් එලවීමට ක්‍රියාත්මක කරපු එම අරගලය කියන්නේත් මහ අමුතු වීර කමක් නොවේ. ඉතා බලවත් එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ හිතවාදීන් සහ යුරෝපයේ සහ ඉන්දියාවේ මෙහෙයවීමෙන් ඉතාමත් බලවත් පරිදි ක්‍රියාත්මක වු එම විදේශ බලපෑම් මගින් මෙහෙයවූ එම රෙජීම මාරු කිරීමේ මෙහෙයුමට හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවුනු නිසා නැතහොත් විධායක බලය කිසිදු ලෙසකින්වත් භාවිතා නොකරපු නිසා පිස්සන් මෙන් දඟලන්න ලැබුනු නිසා ඔය සමහරක් පිම්බුනා මිසක්. බැලුම් බෝල වගේ පිම්බුණු නමුත් සද්දේ විතරයි වැඩ නෑනේ, ඒ වගේම මිනිස්සු මැතිරණයකින් යම් තනතුරකට පත් කරන්නේ එම තනතුරට නියමිත බලය භාවිතා කරවීම සඳහායි. මෛත්‍රීගේ වසර පහෙන් පස්සෙ අනිත් අපේක්‍ෂකයන් ඡන්දෙන් පරදවා ජයග්‍රහණය අත් කර දී නන්දසේන ගෝඨාභය ජනපති තනතුර සඳහා පත් කරද්දී මිනිස්සු අපේක්ෂා කලා ඒ යෝදයා කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි තමන්ගේ මවු රට හරි මගට ගනී කියලා...

    ඒත් ඔහු එහෙම කරේ නැහැ. අවසානයේ ඔහුව දරමිටි බඳින්න ගන්න තරමටම බලු වෙලා රටිනුත් පැනලා යන්න වුණා, ඊට පස්සේ වත්මන් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ තම විධායක බලතල භාවිතා කරමින් කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි බටහිර ගැති නොවී රටේ අභිලාශ වෙනුවෙන් ප්‍රමුඛත්වය දී විදේශ බලවේග කළමනාකරණය කරමින් මේ රට හැදුවොත් ජනතාව ඔහු වටා පවුරක් සේ සිටීවි. ඒ නිසා වත්මන් බඩගෝස්තරය විනා අනාගත දැක්මක් නැති මිනිසුන්ගේ පස්සේ යන්න එපා. මොවුන්ව හෙයෙවන බලල් අත් මොනවාදැයි යන්න අනාගතයේදී හෙලි වේවි. ඉවසීමෙන් බලා සිටින්න. එතෙක් ආර්ථික අර්බුදය අවම කර ගැනීමට කුමන හෝ ආකාරයකින් පලදායී ක්‍රියාවක නිරත වන්න. මේ ආර්ථික අර්බුදය අපට පමණක් නොව වෙනත් රටවලටද බලපා ඇති බවත් අමතක කරන්න එපා.

    ReplyDelete
  7. අපිව අතකොළු කරලා අරගලය මෙහෙයවපු හැටි දෙමළ ඩයස්පොරා එකේ ලංකාවේ ප්‍රධානියා යුටියුබ් එකේ කියලා තියෙනවා. අරගලය ඔවුන්ගේ 3වැනි අදියර තමයි ගොඨාව එලවන්න කරපු. ඌන් එක්ක වැඩ කරන්න කියලා ඌව ඇමරිකාවට ගෙන්නලා කිවාලු. ගෝඨා එක මගඇරපු නිසාලු මෙහෙම කළේ. ඌටඇමෙරිකාවට වීසා රිජෙක්ට් කළෙත් උන්ලු. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගෝඨාව අත්අඩංගුවට ගන්න කියලා කියලා තියෙන්නෙත් උන්ලු. උන් තමාලු අරගලයට වියදම් කළේ. ඒ උන් කියන දේ ගොඨා ඇහුවෙ නැති නිසාලු. මේකට අපේ කොල්ලො කෙල්ලො පාවිච්චි කළා විතරයි අපේ උන් දැන් විඳවනවා උන්ට ඕනි දේ උන් කරගත්තා. මේක තේරුම් ගන්න පොඩ්ඩක් මොළේ ඇතිව සේරම දිහා බලන්න ඕනි.

    - Milroy

    ReplyDelete
  8. වත්මන් ආර්ථික ඛේදවාචකයට විසඳුමක් ලෙස චීනය හා රුසියාව සමග ඉතා බැගෑපත් වී සාකච්ඡා කර නැවත Port City ව්‍යාපෘතිය හැකි ඉක්මනින් නැවත පටන්ගෙන ඉක්මනින් අවසන් කලයුතුයි.
    එවිට ලංකාවට ඩොලරුත් එයි ආයෝජකයොත් එයි.

    ලංකාවට ආයෝජකයන් සහ ඩොලර් පහසුවෙන් ගෙන ආ හැකි PortCity ව්‍යාපෘතියට හැකි තරම් අකුල් හෙළා ඊට එරෙහිව කුමණ්ත්‍රණ කර රටට ඩොලර් ගෙනෙන්න වෙනත් විකාර යෝජනා කරන කුහකයන්, අවස්ථාවාදීන් සහ කඩාකප්පල්කාරීන්ව සහ ඔවුන් නියෝජනය කරන පක්‍ෂ ජනතාව තරයේ පිළිකුලටත් ප්‍රතික්ෂේප කිරීමටත් ලක් කළ යුතුය.

    රට ගැන ජනතාව ගැන කඳුලු සලන අරගලකරුවන්ද Port City පිවිසුම සහ අසල ප්‍රදේශය තුල අනවශ්‍ය උද්ඝෝෂණ හා කලබලකාරී දේශපාලන කටයුතු වලින් ඉවත් වී මේ ව්‍යාපෘතිය නැවත කරගෙන යෑමට ඉඩ ලබාදිය යුතුයි. රාජපක්ෂ පවුල හෝ උන්ගේ පවුලේ සමීප හිතවාදී තවත් අමු මැට්ටෙක් වන සජිත් ප්‍රේමදාස වැනි බූරුවන් බලයට පත් වීම වලක්වා බහුතර ජනතාව ජාතික ජන බලවේගය සමග එකතු වී චීනය හා රුසියාව වැනි සමාජවාදී රටවල් වල සහාය ලබා ගනිමින් ලංකාවේ ආර්ථිකය දියුණුවට කටයුතු කළ යුතුයි.

    ReplyDelete
  9. නොනවතින අරගලය..........

    ලබන 2023 වසරේදීත් අරගලය ආපහු ආවොත් ....

    සජිත් ජනාධිපති උනොත්....
    ජන්දයකින් බලයට පැමිණිමට නොහැකි පෙරටුගාමින්/ ලහිරු /අන්තරේ පොහොට්ටු පක්ෂය ඇතුළු සජිත් විරොධ වාදින් අරගලේ........

    අනුර ජනාධිපති උනොත්....
    ජන්දයකින් බලයට පැමිණිමට නොහැකි පෙරටුගාමින්/ ලහිරු /අන්තරේ පොහොට්ටු පක්ෂය ඇතුළු අනුර විරොධ වාදින් අරගලේ........

    රනිල් ජනාධිපති උනොත්....
    ජන්දයකින් බලයට පැමිණිමට නොහැකි පෙරටුගාමින්/ ලහිරු /අන්තරේ ඇතුළු රනිල් විරොධ වාදින් අරගලේ........

    ඩලස් ජනාධිපති උනොත්....
    ජන්දයකින් බලයට පැමිණිමට නොහැකි පෙරටුගාමින්/ ලහිරු /අන්තරේ ඇතුළු ඩලස් විරොධ වාදින් අරගලේ........

    පාඨලි ජනාධිපති උනොත්....
    ජන්දයකින් බලයට පැමිණිමට නොහැකි පෙරටුගාමින්/ ලහිරු /අන්තරේ ඇතුළු පාඨලි විරොධ වාදින් අරගලේ........

    රාජපක්ෂ පවුල් බලය එළවිමට එක්වි අරගල කලත් දැන් අරගල කල යුත්තේ සොරා කෑමට නොහැකි වෙන ලෙස රටේ නීතිය සැදිමට පොලිස් බලතල ස්වාධින කිරිමට
    සුදුසුකම් අනුව රාජ්‍ය ආයතන වල තනතුරු ලබා දිමට,
    රටේ සැමට සමාන නීතියක් සෑදිමට වගේ කරුණු වලට නොවෙද..?

    එය එසේ නොවි අරගලය පෙරටුගාමින්ට/ ලහිරු/පුබුදු වගේ රටේ ආන්ඩු බලයක් ඇල්ලිමට තරම් ජන්ද පදනමක් නැති සංගම්/පක්ෂ වල ඔනෑ එපා කම් සපුරාලීමට යට විය යුතු නැත

    ප.ලි. හැබැයි රනිල්ට තනතුරක් ගියා කියන්නේ ආයේ ඉතින් දුම්මල වරම අතට අරන් යකා නැටුවත් ඕකා ඔතනින් යවන එක ලේසි වෙන එකක් නෑ ලෝක අංකූරා අනෙක් පැත්තෙන් බටහිර රටවල් වල සහ ඉන්දියාවේ වුණත් මූල්‍ය සහ සියලුම සහාය මෑන්ට තියෙනවා ඒක නිසා රනිල් තව කාලයක් මැච් එකක් ගහයි

    ReplyDelete
  10. අඩෝ ළමාතං,

    දැන් ඔය චතුරංගයලා පැතුමලා රෙදි නැතුව කඩේ යන අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස වගේ උන් ලංකාවේ බලයට පත් කර ගත්තා කියමුකෝ ඊට පස්සෙ අනුර හෝ සජිත් බලයට ආවයි කියලා මැජික් යෂ්ටිය පහල වෙලා මිනිස්සුන්ගේ අත මිට සරු වෙනවද..?

    පහුගිය කාලයේ මා ඇතුළු ගොඩක් අයට දැනුන දෙයක් අනුර/සජිත් සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් පෙනි සිටිනවයි යන්න බොරුවක් බවයි.

    විශේෂයෙන් පහුගිය අරගලේ අවසන් සති කිපයේ ඊටත් වඩා හොදටම දැනුනු දේ තමයි මේ දෙගොල්ලම බලය අල්ලන්න ලේ වගුරවමින් මංකොල්ල කමින් ටොං පච සමාජ ගත කරමින් ප්‍රයොගික නොවන දෙවල් බලයට ආවහම කරන බව කියමින්

    ඇත්තටම රට තව තවත් ආරාජිත තත්වෙට පත් කරමින් බලය අල්ලන්න kuමන්ත්‍රණය කරන රාජපක්ෂ කල්ලියේ හා සමාන මට්ටමේ තවත් කල්ලි දෙකක් පමණයි යන්න

    රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ගැටළුව වෙන ආර්ථික ගැටළු ගැන මේ දෙගොල්ලටම කිසිම තැකිමක් නැ

    එහෙව් පක්ෂ හා ඉට සම්බන්ධ union බලයට පැමිණිලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ගැටළු විසදයිද..?

    තවත් මාධ්‍යට ඇවිල්ලා වැල් බයිලා කියවමින් රට ආරජික කරන් නැතුව මාස දෙක තුනක් රටේ ආර්ථිකය ගොඩ නගන්න සහය දෙන්න ඊට පස්සේ ජන්දෙකට ගිහින් රටේ බලය අල්ල ගන්න කියලා තමයි මේ දවස් වල කියන්න තියෙන්නේ

    දැන් විය යුතු දේ නම් රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න සහයොගය දිමයි

    විධායක බලතල නැති කරලා ව්‍යාවස්ථාව වෙනස් කරලා ජන්දේ තියලා අනුරට හෝ සජිත්ට ඔටුනු පලදවලවලා එයාලා ආර්ථික මැජික් පෙන්නලා රටේ ආර්ථික ප්‍රශ්ණය විසදන්නකන් හිටියොත් මැරෙන්නේ උඹලා නෙවෙයි මේ රටේ අහිංසක මිනිස්සු...

    ReplyDelete
  11. කුරුටු ගාලා මොටද මොකවත්
    comments ලියලනෙ දිගට දිගටත්
    කියවලා ඒවා බලද්දිත්
    ඩබල් වෙනවා මගෙ පිස්සුවත්

    ReplyDelete
    Replies
    1. @ නිදි

      කිසිම රස්සාවක් කරන්නේ නැති මහින්ද රාජපක්ෂගෙ පුතාලා කුමාර ජීවිත ගතකරන්නේ කොහොමද කියන්නෙ මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු කාලයක් තිස්සෙ අහපු ප්‍රශ්නයක්.. හැබැයි මේ ඔයා වගේ ඇතැම් වැඩිහිටියන් කියන විදිහේ මේක තරුණයන් තුන් දෙනෙකුගේ ජීවිතවල දියුණුව ගැන කියන අහිංසක ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවේ තිබෙන්නේ ජරාජීර්ණ දූෂිත දේශපාලන ක්‍රමයක් කියන්න ඇස්පනාපිට ඔප්පු කළ හැකි නිදසුනක්.

      මීට දශක දෙකකට විතර කලින් ඉතාම සාමාන්‍ය පවුලක් විදියට හිටපු රාජපක්ෂලාට ඔප්පු කරන්න බැරි විශාල ධනයක් ආවේ කොහොමද කියල විවිධ සිදුවීම්වලදි ප්‍රශ්නාවලියක්ම මතුවුණා.

      හැබැයි මේ රටේ සාමාන්‍ය මිනිහෙක්ට නැති විදියේ අරුම පුදුම මුක්තියකින් ඔවුන් ඒ හැම වෙලාවෙම ආරක්ෂා වුණා.

      ඒ,වගේම තමයි පහුගිය දවස් වල ලංකාවේ අරගලය කරපු කට්ටිය.. විශේෂයෙන් රනිල් ජනාධිපති තනතුරට පත් වීමට කලින් අරගලයට නායකත්වය දුන් අය බලා සිටියදීම ඉතාමත් ඉක්මනින් මිලියන ගණනක් මුදල් ඇති ඉතා ධනවත් බලවත් පුද්ගලයන් පිරිසක් බවට පත්ව ඇති අතර ඔවුන් ඒ කාලේ කරපු කඩාකප්පල්කාරී ක්‍රියා වලට වෙන කිසිම කෙනෙකුට නැති විදියට අරුම පුදුම මුක්තියකින් ආරක්ෂාවක් ලබා දී ඇත

      නමුත් රනිල් බලයට පත් වූ පසු මේ ආකාරයෙන් නැවත නැවතත් කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට කටයුතු කළ අයට මේ මුක්තිය අහිමි වී අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා වගේ පේනවා

      මේක මෙහෙම වෙන්නේ කොහොමද එකම රටක නීතිය වෙනස් ආකාර වලින් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න පුළුවන් ද?

      Delete
  12. සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් බොන්න තිබ්බා නං

    ReplyDelete
  13. මාතලන් මේ දවස්වල බුකියේ සම හරක් අයිස් නැත්නම් ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය වල ඇබ්බැහි වන අය ගැන කතා කරන එක විහිළුවක් කරන්න උත්සාහ කරනවා වගේ

    ඒ හරක් හිතන්නේ මේක රාජපක්ෂලාගේ තවත් එක කැම්පේන් එකක් විතරයි කියලා එහෙම දෙයක් නෙවෙයි තත්ත්වය ඊට වඩා ගොඩාක් බරපතලයි

    ඇත්තටම අයිස් විහිළුවක්ද? 🙄

    ඥාති පුත්‍රයෙක් ඉන්නවා මේ අවුරුද්දෙ ඕලෙවල් කරපු..මං ඌට කිව්වා "මේ අයිස් සීන් මේ තරම් ව්‍යාප්තවෙලා කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා ඇත්තම කියපං කොල්ලො" කියලා..

    ඌ දුන්න උත්තරේ තමයි

    "හිතාගන්ඩවත් බැරි තරම් ලමයි ගොඩක් අයිස් ගහනවා බාප්පා"

    එපමණයි..

    ඒ නිසාම අයිස් විහිළුවක් නෙමෙයි. අයිස් මත්ද්‍රව්‍ය පිලිබඳ විහිළු සහගත විකාරරූපි තත්වයක් මේ වෙද්දි නිර්මාණය කරලා තියෙන්නෙ අපේ රටේ main stream media channel ටික එකතු වෙලා.. ඔවුන් බැරෑරුම් සහ අවධාරණයෙන් වාර්තා කල යුතු තත්වයක් ජෝක්සහගත ලෙස සමයං ඕවර් ඇක්ටිං ස්ටේට්මන්ට් ‍යොදාගෙන නාඩගමක් ලෙස වාර්තා කිරීම නිසයි අයිස් විහිළුවක් වගේ අපිට පේන්නෙ..

    දැන් ඒ විහිළුව ඉදිරියට අරන් යන්නෙ කවුද?

    දැන් මේක විහිළුවක් ලෙස හංවඩු ගහලා පැරඩි පෝස්ට් දමාගෙන විහිළු කැප්ශන් දාගෙන

    " අඥී මියලා පෙන්නන විදියෙ අයිස් බයිස් ලබ්බක් ඥෑ අඥී. මේවා ඔක්කොම බොරු. මියාලට අරයලා මෙයාලා බලේට ගේඥ්ඥනේ මේ නාඩගම නටන්නෙ .. එන්න අපි මේක විහිළුවට ගමු "

    ගාන්නෙ හැමදේම විහිළුවට ගන්න අපේ රටේ සමාජ මාද්‍ය පරිශිලකයින් 🥴

    එයාලා හිතනවා මේක අහවලුන් බලයට ගේන්න කරන වැඩපිලිවෙලක් කියලා. ඇත්තටම එයාලාට එහෙම හිතෙන විදියට බරපතල පුවතක් ඉහිලු සහගත ලෙස වාර්තා කරපු වරද කලෙත් එක එකාට ගොටු අල්ලලා හංවඩු ගැහුණු මීඩීයා චැනල් ටිකම තමයි.

    ඒ නිසා මේකට සමාජ මාද්‍යටම දොස් කියන්නත් බෑ. මේවයෙ පුරුද්ද තමයි ඒඩ්ස් / HIV වලට උනත් අඥි ගුඥී ගගා විහිළු පෝස්ට් හදන එක.

    ඇත්තටම ලංකාවෙ මේ වෙනකොට උග්‍ර අයිස් මත්ද්‍රව්‍ය වසංගතයක් තියෙනවද?

    ඔව් ඉතාම දරුණු ලෙස අයිස් මත්ද්‍රව්‍ය ලංකාව තුල ව්‍යාප්තියක් තියෙනවා. හේතුව තමයි මේ අයිස් මත්ද්‍රව්‍ය ලංකාව තුලම නිර්මාණය කරගන්න හැකිවීම. ජාත්‍යන්තරව ව්‍යාප්ත වන ඔර්ජිනල් අයිස් කියන මත්ද්‍රව්‍ය නෙමෙයි මේ ලංකාවෙ ව්‍යාප්ත වෙන්නෙ. ඒවා මේ ලංකාවෙ අයිස් තරම් අඩුවට විකුණන්නත් බෑ.

    එහෙනම් ලංකාවෙ මේ ව්‍යාප්ත වෙන අයිස් මත්ද්‍රව්‍ය මෙච්චර අඩුවට ලාබෙට විකුණන්නෙ කොහොමද?

    අයිස් කියන්නෙත් ක්‍රිස්ටල් මෙත් එකක්. මේකෙ තියෙන ස්ඵටික ස්වභාවය නිසයි මේකට අයිස් කියන්නෙ. තවත් හේතු ඇති. භාවිතයෙන් පස්සෙ ඇතිවන මනෝ විකෘතික පරාසය වගේ දේවල් .. හැබයි ලංකාවෙ අයිස් මත්ද්‍රව්‍ය හදන උන් වැඩියෙන්ම මේකට දාන අමුද්‍රව්‍ය තමයි ඇළුමිනියම් .( මට දැනගන්න ලැබුනු විදියට .. වැරදි නම් නිවැරදි කරන්න ) ඉතින් මේවා දෙතුන් දාහට වගෙ ඩීල් වෙනවා ලංකාව තුල. නිශ්පාදනය අධිකයි.

    මේක අපේ රටේ තරුණ පරපුරෙන් මෙපිටට ඇවිත් ලමා පරපුර ගිල ගනිමින් ඉන්නවද?

    ඔව්. ලඟම අත්දැකීම මගෙ එක්තරා ඥාති සොහොයුරෙක් ඉන්නවා ඔහු කොළඹ ජනප්‍රිය මිශ්‍ර පාසලක ඉගෙන ගන්න අයෙක් . 9 වසරේ ඉන්නෙ. ඔවුන් මේ නත්තලට කලින් පාසල් විනෝද චාරිකාවක් යන්න හිටියා . නමුත් ගමනට දවසක් තියා පන්තියෙ ඉන්න කෙල්ලන්ගෙ සහ කොල්ලන්ගෙ බෑග් වලින් අයිස් මත්ද්‍රව්‍ය හම්බෙනවා. ගමන කෑන්සල් වෙනවා.

    මන් මගෙ කසින්ගෙන් ඇහුවම

    මොකක් කෙල්ලන්ගෙ බෑග් වලිනුත් ? කොල්ලො දාපුවා වෙන්න බැයිද ? කියලා

    ඔහු මට කියනවා. ට්‍රිප් එක යන්නෙ හෙටය කියලා ක්ලාස් එකෙන් බාගෙකට වඩා කෙල්ලො කොල්ලො චිල් එකෙ ට්‍රිප් එක යන්න නම් මේවා නැතුව බෑ කියලා සල්ලි එකතු කලාලු මේවා ගන්න. ට්‍රිප් එක දාට පාවිච්චි කරන්න. වැඩිම මුදල් දායකත්වය දීලා තියෙන්නෙ පන්තියෙ ඉන්න ගෑනු ලමයි ටිකලු..

    ....

    ReplyDelete
    Replies
    1. මේක අහලා මට ඇත්තටම පුදුමාකාර අප්පිරියාවක් දැනුනෙ. මං මේ කියන්නෙ අපි නම් 9 වසරේදි දැනන් හිටියෙ ෆ්‍රිජ් එකෙ තියන අයිස් ගැන විතරයි හත්වලාමෙ මුන් නම් ඊයා චිකේයියා කියන්න නෙමෙ..

      සාමාන්‍යයෙන් පෙම්වත් අවධියෙ ඉදන් තමුන්ගෙ පෙම්වතාට සාම්ප්‍රදායක් කියලා හිතාගෙන

      " අඥී අලක්කු බොන්න යෙපා යෙපා " ගගා වැලලෙන්න හදන්නෙත් ගෑණුමයි.

      සමහරවිට අරක්කු වගෙ දේවල් තමුන්ගෙ සහකරු බීමෙන් නොබීමෙන් ඒකීට කිසි හෙනයක් නැති උනත් ගොඩක් ගෑල් ලමයි හිතනවා ගතානුගතික චාරිත්‍රයක් ලෙස ඒකට විරුද්ධ වීම තමුන් අතින් කෙරුනේ නැත්තම් පෙම්වතියක් හෝ බිරිඳක් ලෙස තමුන් පරිපූර්ණ නැතය කියලා 😂

      දැන් මේ කඩ වේගන යන්නෙ හොදට හෝ නරකට තිබ්බ අන්න ඒ චාරිත්‍රය..

      නව යව්වනියන් වැඩේට බැහලා. දැන් උන්ට පලක් නෑ අනාගතේදි උන්ගෙ මිනිස්සු බිව්වත් නැතත්. උන් කෙලින්ම තමන්ගෙ ලෙවල් එකෙන් වැඩේට බැහලා තමුන්ම මේවා වැලදගන්න පටන් අරන්..

      අයිස් ව්‍යාප්තියෙදි තරුණයන්ට වඩා තරුණියයන්ව ටාගට් කරන්නෙ ඇයි?

      මේක බොලඳ කතාවක් විදියට සමහරු දකී.

      අර දෙරණෙද කොහෙද වොයිස් කට් දෙන අයිස් ගහපු කෙල්ලගෙ කතා ටික ඇහුවාම නම් ඕන කෙල තොල් ලෙකුට තේරෙනවා ඒ ඇවිල්ලා ෆේක් මල ඉලව්වක් මිස සිරාවටම අයිස් ගහන කෙල්ලෙක් නොවන බව. ඒක නම් මේ ස්ක්‍රිප්ට් එහෙකට මදනයා ගහලා ඔස්කාර් ගන්න වගෙ කරන මැටි ඇක්ට් එකක්. ඒකී නම් අයිස් ගහලා වෙන්න බෑ. හැබයි ගුලි නම් කන්න ඇති 😂😂

      නමුත් ඕනෑම දේකට ඇබ්බැහි උනාම ඒකෙ ඉවක් බවක් නැති පරතෙරකට ගිහින් ඒක ආගමක් ලෙස වන්දනා කරන්න වැඩියෙන්ම දක්ශ ලද බොලද ගෑල් ලමයි.

      මෙච්චර කල් ගෑනු හිත්වල ආදරේට අරවට මේවට තිබ්බ පූජනිය පිවිතුරු ඇබ්බැහිය අයිස් වගෙ දෙයක් වෙත ඇද ගත්තොත් මොකක් වෙයි කියලා හිතනවද?

      ඒ නිසා අයිස් කියන්නෙ විහිළුවක්වත් පැරඩියක්වත් නෙමෙ🥴

      මේක වසංගතයක්. මේ වසංගතේට විසඳුම අයිස් ගහන උන්ට දෙක තුනක් ඇනීම නෙමෙ. අයිස් හදන උන්ව මහා පරිමාණයෙන් කොටු කරගැනීම.

      Delete
  14. දැන් පැතුම්ට ලොකුම ප්‍රශ්නෙ මංකොල්ල කාරී ආර්ථික ක්‍රමයවත් ජඩ දේශපාලකයොවත් නෙමෙයි වමේ බලවේගය. ඒකෙන් තේරෙන ලොකුම දේ තමයි මිනිහට ඕනෙ මේ ක්‍රමය වෙනස් කරන්නවත්, මේ ජඩ දේශපාලනය ඉවර කරන්නවත් නෙමෙයි දැන් රටේ තියෙන තත්වය අස්සෙන් මිනිහ පක්ශය් අටෝගෙන පාවෙන ජන්ද ටිකක් හලාගෙන පාර්ලිමේන්තුවට රිංගන්න. (හොඳම නිදර්ශකය නාගානන්ද මිනිහටත් ඉන්න ලොකුම සතුරා ජවිපෙ)

    ReplyDelete
  15. අඩෝ මාතා උඹත් මාර පොරවල් තමා රෙකමදාරු කරල තියෙන්නෙ යකෝ ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය.

    පහුගිය අරගලේ අස්සේ උබලා දකින්නැති ලොකු තරඟයක් තිබ්බා පැතුම් කර්නර් සහ අනුරුද්ධ බංඩාර අතර.. 😂

    දෙන්නා මුලින් එක පතේ බත් කෑවෙ.. අමුඩෙයි ෆුඛයි වගෙ ලව් එකෙ හිටියෙ. පැතුමගෙ ගෝලයා ඒ කාලේ බංඩා. පස්සෙ පස්සෙ දෙන්නා එක එක ඒවට නොරොක් උනා.. ඒක පොඩ්ඩක් වැඩි උනා බංඩා ලොකප් උනාට පස්සෙ. බංඩා හිරේ ගිහින් ෆලෝවර්ස්ලා ටිකක් හැදුනම ඌ කල්පනා කරන්න ඇති

    " කෞ ද ඩො පැතුම් කියන්නෙ? මමනෙ මෙතන ෆේමස්ම පොර " කියලා.😂

    ඒ පාර පැතුම්ට මුක්කු ගහන් හිටපු බංඩා එලිපිටම වෙනම ගමනක් යන්න ගත්තා. ආරංචි විදියට බංඩා පෙරට්ටෙක් උනා!! ( රහසිගත ආරංචියක් අනූව මේ වෙද්දි බංඩා පෙරට්ටෙක්)

    දැන් දෙන්නම අරගලේ බොස්ලා.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න පදිරි වෙන්න කැමති නැති බොස්ලා.

    මුං දෙන්නගෙන් එකෙක්ටවත් සැබෑ අරගලයක් කරන්න ඕන්නෑ කියලා මන් උබලට මුල ඉදන් කිව්වා. උබලා මාව කන්න හැදුවනෙ. දැන්වත් මොලේ ඇතුව හිතහන්

    මුල ඉදම් මංදිර අල්ලන පික් ශුව තදටම තිබ්බ මංදිර මේනියාකාරයා තමා බංඩා.. ඌ මංදිර ටික හිතේ හැටියට කෑවා.. ඌ හිතුවා ඒකෙන් ඌට දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න. ඇත්තටම මොලේ කලදක් නැති අලබෝල අතර ඌ එහෙම ඉමේජ් එකක් හදා ගත්තා.. 😂

    එක පාරම මේ මහා විනාසෙට මිනිස්සු එකා දෙන්නා එරෙහි වෙද්දි බංඩා කල්පනා කලා දැන් මේ වැඩේ ඇති. මේ මංදිර ඇල්ලීම දිගටම කලොත් උගෙ අනාගත දේශපාලන ජිවිතේට ලොකු අනාගතයක් නෑ කියලා.

    ඒ අස්සෙ ටික දවසක් යට ගිහින් හිටපු පැතුම් කර්නර්ට මේක කාලා ඇදලා ඉන්න බැරි උනා. ඌ බය වුනා බංඩා ඌට වඩා අරගලේ පොරක් වෙයි කියලා.😂😂

    ඒ බය වුන පාර පැතුමා පොඩ්ඩක් ටූ ලේට් වෙලා හිතුවා

    " මෙවෙලෙ අහිමි උන ජනප්‍රියත්වය රැකගන්න තියෙන හොදම විදිය බංඩා වගේ මංදිර අල්ලන්න යෑම කියලා"

    පැතුමා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තමුන්ගෙ ලයිව් වලින් මිනිස්සු මෙහෙයවන්න ගත්තා කථා නායක නිවස හා පාර්ලිමේන්තුව වටලන්න.. 😁

    හැබැයි මේ වෙද්දි බංඩා තේරුම් අරන් හිටියේ තව තව මංදිර අල්ලන්න ගියොත් තමුන්ට යන එනමං නෑ කියලා. ඒ වගේම නීතීඥ සංගමෙන් බංඩාට අවවාද ලැබුනා

    " ඔහේ තව තව මංදිර අල්ලලා ලොකප් උනොත් ඔන්න මේ පාර අපි නෑ පුතෝ කියලත්"

    මේ ඔක්කොම කල්පනා කරපු බංඩා පටස් ගාලා හොඳ බබා වෙලා තමුන්ගෙ ට්‍රැක් එක මාරු කලා😂😂

    මෙච්චර කල් මංදිරමේනියාව ඉස්මුරුත්තාවට ගිහින් තිබුන බණ්ඩා පෝස්ට් දාන්න ගන්නවා මැරිලා ඉපදිලා වගේ

    " ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් අප ලබන ජයක් නැත @ කියලා😂😂

    එහෙම දාලා පැතුමාගෙ පාර්ලිමේන්තුව වැටලීම අලකරන්න හැදුවා..😂😂

    එතකොට බණ්ඩාට දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගත්තෑකිනේ..

    මේ ස්ටෝරිය කියවලා උබලම තීරණෙ කරපන් අනුරුද්ධ බංඩාරද? පැතුම් කර්නර්ද වඩාත්ම කපටි කියලා 🤣🤣

    මේවා උබලට කොටලා පෙව්වත් වැඩක් නෑ. තව ජාතික වීරයො දෙන්නට දිදී හිටපල්ලා. මැටි භාජන ටික 😂😂

    පුළුවන් නම් තේරුම් ගනින්! නැත්තම් මටම බැනපන් රෙද්ද... 😁😁😁

    ReplyDelete
  16. මාතලන් , මේ ලිපියේ උඩ කොටසම හෙඩින් එකට දාල නිසා බ්ලොග් රෝලේ ඒ කොටසම දිගට වැටෙනවා. එක වාක්‍යයක් විතරක් දාන්න බැරිද? (අනිත් බ්ලොග් නම් පල්ලහට යනව එනිසා

    ReplyDelete
  17. අනේ බන් තලං, අරගලේ කියන්නේ මිනිස්සුන්ගේ දුක විකුණලා කරපු පට්ට බොරුවක් බවත් අරගලේ කිය කිය අරගල නායකයො කලේ අවස්ථාවාදී කපටි දේශපාලනේ බවත් දැන් වත් තේරුම් ගන්න බැරි නම් උන් වහල්ලුන්ගෙත් වහල්ලු... එච්චරයි... ආයේ නෝ කමෙන්ට්ස්...

    ReplyDelete
  18. අනේ මන්දා බන් ලකේ පoකාවෙ තරුණ ප්‍රජාව... පස්සවල් මිරිකන ගවුම උස්සා යටින් බලන අලුත්ම වෙඩින් Pre-Shoot රැල්ලක් ජනප‍්‍රියයි දැන්...

    මේ වගේ මන්ද මානසික වැඩ කර කර රට දියුණු නෑ කියලා පාලකයින්ට බැනලා වැඩක් නෑ බොලව්. ඔය සල්ලි තමන්ටත් රටටත් අනාගතයටත් ප්‍රයෝජනවත් රිටර්න් එකක් ලැබෙන වැඩක් ඇති දේකට ආයෝජනය කරපල්ලා යකුනේ...

    ReplyDelete
  19. මාතලන්,

    කිසිම රස්සාවක් කරන්නේ නැති මහින්ද රාජපක්ෂගෙ පුතාලා කුමාර ජීවිත ගතකරන්නේ කොහොමද කියන්නෙ මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු කාලයක් තිස්සෙ අහපු ප්‍රශ්නයක්.. හැබැයි මේ ඔයා වගේ ඇතැම් වැඩිහිටියන් කියන විදිහේ මේක තරුණයන් තුන් දෙනෙකුගේ ජීවිතවල දියුණුව ගැන අහන කියන සරල අහිංසක ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවේ තිබෙන්නේ ජරාජීර්ණ දූෂිත දේශපාලන ක්‍රමයක් කියන්න ඇස්පනාපිට ඔප්පු කළ හැකි නිදසුනක්.

    මීට දශක දෙකකට විතර කලින් ඉතාම සාමාන්‍ය පවුලක් විදියට හිටපු රාජපක්ෂලාට ඔප්පු කරන්න බැරි විශාල ධනයක් ආවේ කොහොමද කියල විවිධ සිදුවීම්වලදි ප්‍රශ්නාවලියක්ම මතුවුණා.

    හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ට නැති විදියේ අරුම පුදුම මුක්තියකින් ඔවුන් ඒ හැම වෙලාවෙම ආරක්ෂා වුණා.

    ඒ,වගේම තමයි පහුගිය දවස් වල ලංකාවේ අරගලය කරපු කට්ටිය.. විශේෂයෙන් රනිල් ජනාධිපති තනතුරට පත් වීමට කලින් අරගලයට නායකත්වය දුන් අය බලා සිටියදීම ඉතාමත් ඉක්මනින් මිලියන ගණනක් මුදල් ඇති ඉතා ධනවත් බලවත් පුද්ගලයන් පිරිසක් බවට පත්ව ඇති අතර ඔවුන් ඒ කාලේ කරපු කඩාකප්පල්කාරී ක්‍රියා වලට වෙන කිසිම කෙනෙකුට නැති විදියට අරුම පුදුම මුක්තියකින් ආරක්ෂාවක් ලබා දී ඇත.

    නමුත් රනිල් බලයට පත් වූ පසු මේ ආකාරයෙන් නැවත නැවතත් කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට කටයුතු කළ අයට මේ මුක්තිය අහිමි වී අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා වගේ පේනවා.

    මේක මෙහෙම වෙන්නේ කොහොමද එකම රටක නීතිය වෙනස් ආකාර වලින් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න පුළුවන් ද?

    ReplyDelete
  20. මාතලන් මේ දවස් වල බුකියේ රඟන එල් ආර් ටී/ මෙට්‍රො ජෙප්පො ලංකාවේ ඓතිහාසික පණූ කරඳ ගස්, උමා ඔයේ උමා හිල් , පෝට් සිටි එකේ කළුගල් දැක්කට , චම්පික ලා ගෙනාපු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිසා කොන්ක්‍රීට් කරන අක්කර 55 අතිවිශාල ස්වාභාවික වගුරු බිම දැක්කෙ නැති එකනෙ ලස්සනම වැඩේ....

    නන්දසේන ගෝතයා රටට කෙළවලා ව්‍යාපෘතිය අවලංගු කලා කීවට, කලේ ඔය වගුරු බිමත් ආරක්ෂා කරගන ඩොලර් බිලියන දෙක හමාරක් විතර මහ විශාල ණය කන්දක් ඉතාමත් කෙටි km 16ක් හදන මෙට්‍රො රේල්වේ එකට යට කරනව වෙනුවට , වෙනස් කම් කිහිපයක් කරලා රටට ඔරොත්තු දෙන,වාහන තදබදය අඩුවෙන ණය ව්‍යාපෘතිය ක් වෙනුවට ආයොජන ව්‍යාපෘතිය ක් සැලසුම් කරපු එක ..

    ඒ කියන්නේ නිවාස සහ ව්‍යාපාර යන අතුරු ව්‍යාපෘති එක්කම
    කොවිඩ් වසංගතය නො ආව නම් ඒ යකා ඕක බාගයක් වත් හදල මෙලහකටත් ඒ ගැනත් ලියපිය ඩෝ උඹ මැදහත්ව ලියනවා නම්...

    ReplyDelete
  21. මාතා රනිල් ජනපති කළා වගේ තමයි අරගලත්... දැන් ලංකාවේ බඩු මිල ගොටා කාලේවගේ දෙගුණයක් මිල ඉහලයි... ඩුබායි වල දැන් ගොඩක් වෙලාවට ලංකාවට වඩා බඩු මිල ගණන් අඩුයි, ලංකාවේ දුරකථනයට ඩේටාවලට බදුපිට බදු ගහනවා ගොටාකාලේට වඩා සෑහෙන.... භාණ්ඩ වලට බදු, පඩියට බදු, වතුර බිල, ලයිට් බිල දෙගුණයක් .... කෝ ඉතින් අරගල...???

    ඔය රනිල් ගෙන්න වටපිටාව සැලසුව අරගලයක් තමයි ක්‍රියාත්මක උනේ.. නීතිය දන්නැති කලුකබා කල්ලියේ අයද නෑ. අරගලකාරයෝ බාගයක් රනිල් ලග... දැන් කෝ රනිල් ගෝ ගම්, උද්ඝෝෂණ අරගල කෝ.... සැබෑට අරගලයට සහභාගි වූ ජනතාව අමාරුවේ දම්ම කල්ලිය දැන් කෝ

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඇමරිකන් ඩොරලය 180ට තියෙන කාලේදී... (ඩොලරය පාකරන්න, ආපු ගමන් බදු අඩුකරා, කොවිඩ් වලට වියදම වැඩියි _හර්ෂ ස.ජ.බේ)......... කොවිඩ් නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීම මාස ගණනාවකට එක දිගටම රට වසා දමා රජයේ ආයතන අකර්මන්‍ය වූ අතර රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇණ හිට දුර්වල ආර්ථිකයේ ඇතිවූ ගැටලුව නිසා අසරණ වී සිටි ජනතාවගේ පිපිදීම ප්‍රයෝජනයට ගත්, දේශපාලන ඇරියස් කාරයන් විදේශ සහායද ඇතිව ක්‍රියාත්මක වීමෙන් උද්ඝෝෂණ වැඩවර්ජන වැඩිපඩි ඉල්ලීම් මානවහිමිකම් පැමිලි(කේලම්)... කියාත්මක වීම. දුර්වල ආර්ථිකය කඩාවැට්ටීමේ කුමන්ත්‍රණ.... ආර්ථිය කඩා වැට්ටුවීම........ දැන් ඩොලරය 380 යි...... (දැන් වැඩවර්ජන උද්ඝෝෂණ වැඩිපඩි ඉල්ලීම් නැත...

      මොකද මේ ගැන හිතන්නේ මාතා?

      Delete
  22. ඔය කට්ටිය සේරම ගැහුවේ නන්දෙව එලවන්න නේ බන් ඌ එලවලා ඉවරයි දැන් ඌ ඩුබායි වල ෂපාන් එකේ ආතල් එකක් ගන්න බව පේනවා, ඒක නෙවෙයි දැන් හිතපන් නන්දසේන විතරක්ද, රනිල් අවුරුදු 50ක්, සිරිසේන අවුරුදු 30ක්, සජිත් අවුරුදු 22ක් (උගේ තාත්තා අවුරුදු 25ක් ) අනුර අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ හිටිය රටේ පාලනයට ඍජුව මැදිහත් වී ඇති ප්‍රධාන මිනිස්සු, මීට අමතරව පාර්ලිමේන්තුවේ ඉන්න , හිටපු (හොදට කාලා දැන් මොකුත් නොවුන ගානට ඉන්න එවුන්, කාලා කාලා මැරිලා ගියත් උන්ගේ පරම්පරා ගානකට හම්බ කරලා තියන ආදී වශයෙන් ) ඔය හැම එකාලම අද මේ රටට වෙලා තියන දේට වගකියන්න ඕනේ. ඒ හැමෝටම දෙන්න ඕනේ එකම හැන්දෙන්.

    නැත්නම් ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි...
    පාට කණ්ණාඩි ගලවලා මේ කමෙන්ට් එක කියවන්න...

    ReplyDelete
    Replies
    1. සපැමිණ මෙහෙට ගෙන සැවුලා දෝත මත,
      සැමදා කියෙව්වත් මැට්ටා ලියන පත,
      දමනා නිදිගෙ මැටි අදහස් ගොබ්බ කැත,
      යටිකුරු කළ කළය සිහිවී හැඬෙයි මිත.

      අවිතෙර දෑසේ සලඳුන් තරු අලත,
      දෑස මත කැළඹුන පියුමන් සිත ඇලත,
      පෙරළෙන යාමයේ, නිවෙන පහන් රැඳෙත,
      සඳලිදුන් දෝතෙහි ගැඹුර දරා එත.

      අහසෙත් නොපෙනෙන පිනබර වාසනාව,
      දඟකර සිතේ යලි ඇදෙනා හැඟුමාව,
      ඉඳහිට මවන්නේ වියරු දුකෙ සන්සුණාව,
      නෙතට පෙනෙන රූදහන, සිතට පිනිඳු මාව.

      සන්සුන් හමන සුළඟෙ අහසින් මද නහර,
      ඉඳ ඉඳ හදගැස්ම, බිඳ බිඳ සිත සසර,
      නොසන්සුන් පිනිසෙක, සැළෙනා දෑසෙ තෙර,
      අඳුරුන් සෙරෙන හදවත, පහන්වෙයි සැරෙසර.

      සැතපුම් දහස් ගණනකට එහා ඈත පෙරදිග දූපත් රාජ්‍යයක වැල්ලවත්ත නම් කුඩා ගමකදී සක්කිලි ළඳකට පෙම් බැඳී නොබෙල් සම්මානලාභී මහා කවියා පැබ්ලෝ නෙරූදා මෙන්ම ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ නරකම සක්කිලියා වූ සක්කිලි කෙබර කොටාණෝට පෙම්බැඳි නිදී නමැති කවිකාර පෙම්වතාණෝ ගැන අපට මහත් කණගාටුවක් තිබෙනවා.

      නිදී ඇත්තටම සත්‍යයට වඩා ප්‍රබන්ධවලට ඔබ වැනි මිනිසුන් ප්‍රියයි. ප්‍රබන්ධයක් නිර්මාණය කරනවාට වඩා යමක සත්‍ය සොයා ගැනීම අතිදුෂ්කර කාර්යයක්. එහෙත් එවැනි ව්‍යායාමයකින් ලබන තෘප්තිය ප්‍රබන්ධ රසයකට වඩා ඉහළයි. එවැනි සොයා ගැනීම් මෙන්ම ඒ ආශ්‍රිතව නිර්මාණය වන කලා කෘති නිසා සමාජය තුළ යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කිරීම පිළිබඳව සිතා බැලීමක් ඇතිවෙනවා. එවැන්නක් විශාල පද්ධතියක කුඩා අංශුවක් වුවත් එහි අගය කුඩා වන්නේ නැහැ.

      මීට අඩසියවසකට පමණ පෙර ලක්දිව හඳුනා නොගත් මානසික ව්‍යාධියකින් පෙළුණ (අයිඩියෝපැතික් සයිකලොජිකල් ඩිස්ඕඩර්) ‘සක්කිලි කුලයේ‘ (නෙරූදා කියන්නේ ‘පරයා කුලය‘ කියලයි) ඉතාම ආකර්ශනීය වූ රැවැති වයස අවුරුදු 18ක පවුලේ වැඩිමහල් ගැහැණු ළමයෙක් පියාගේ අසනීප තත්ත්වය නිසා වැල්ලවත්ත පෙදෙසේ යටත් විජිත නිලධාරියකුගේ වැසිකිළි සුද්ද කිරීමට යවා තිබෙනවා. ගොදුරක් ඩැහැගැනීමට මාන බලන්නෙකු මෙන් කවියා (නෙරූදා) එහිදී හැසිරෙනවා. මොනම ආකාරයේවත් සිවිල් බලයක් නැති ගැහැණියක් පාළු හුදකලාවකදී හැඩි දැඩි සුදු හමක් සහිත වරප්‍රසාදලත් නිලධාරියකු විසින් ග්‍රහණයට ගෙන ඇදගෙන යන අතර පසුව මේ අපහරණය ගැන දැනගත් කුලහීන තරුණියගේ රැහේ ඥාති සොහොයුරෙකු පුවක් කපන පිහියක්ද අතැතිව පසු දිනෙක රැක සිට ඇත්තේ, සුදු ජාතිකයා වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා උදෑසන සක්මනෙහි යෙදෙන අවස්ථාව එළඹෙන තුරුය. තරුණයාගේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත්තේ සුදු ජාතිකයා පසුපසින් පැමිණි ඔහුගේ ශරීර ආරක්ෂකයාය.ඒ ප්‍රහාරයෙන් පිටකොන්ද බිඳී ගිය කුලහීන තරුණයා, ජීවිත කාලය මුළුල්ලේම එක් තැන්ව සිටියේ කොඳු නාරටිය බිඳ වැටීමෙන්.

      Cont'd

      Delete
    2. සැබැවින්ම නිදී ඔබ පිළිගන්නවාද මෙලෙස සාපරාධීව ස්ත්‍රී දුෂණයෙහි යෙදුණු එකම එක මිනිසා, එකම එක කවියා හෝ එකම එක රාජතාන්ත්‍රිකයා නෙරූදා නොවන බව? අපට එය සහතිකය. එහෙත් මේ ලෛංගික බලහත්කාරය, මොහොතක වින්දනයක් වෙනුවෙන් මුදාහළ ප්‍රචණ්ඩත්වය කොතරම් නම් ව්‍යසනකාරී තත්ත්වයක් උදා කළේදැයි අපට උපකල්පනය කිරීම සඳහා මෙය විසල් අවකාශයක් විවර කරයි. සටන්කාමී තරුණයකුගේ තරුණ ජවය මුළුමනින්ම කඩා බිඳ දමා, ජීවිත කාලය මුළුල්ලේම මරණය දක්වාම ඔහු අබ්බගාතයකු බවට පත්කිරීමටත් 18 හැවිරිදි නව යොවුන් සුරූපිනියක, මහල්ලකුට අත්පත් කර දීමටත් අවකාශයක් විවර වන්නේ එතැනිනි. දූෂණයට ලක් වීම නිසාම අවතක්සේරුවකටද ගොදුරු වූ සක්කිලියාර් තරුණියගේ වියපත් සැමියා අකාලයේ මියැදෙන්නේ (ඒ මරණයට හේතු වන්නේ) මත්පැන් විෂ වීම, හැඩකාර තරුණ බිරිඳක ලැබීමේ අධික සතුටට හෝ අධික දුකට පත්වීම වැනි හේතු සාධක විය හැකියි.

      මීට සමානව පැරණි සෝවියට් සංගමය පසුබිම් කර නිකිතා සෙර්ගේයෙවිච් මිහල්කෝව් 1994 දී එලිදැක්වූ Утомлённые солнцем හිරුකිරණෙන් දැවුණෝ යන සිනමා සිත්තමේ යෝසෙෆ් ස්තාලීන්ගේ පාලන සමයේ ගම්බද ප්‍රදේශයක ජීවත් වූ විශ්‍රාමික රතු හමුදා නිලධාරියකුගේ කතාවක් තිබෙනවා. රහස්‍ය ලෙස ඉහළට වාර්තා වී තිබුණේ මේ රතු හමුදා නිලධාරියා නව සෝවියට් බොල්ෂෙවික් විප්ලව විරෝධි පසුගාමියකු වන බවය. මේ ඊර්ෂ්‍යයා සහගත වෛරී සහගත වාර්තාවේ ප්‍රතිඵලය බවට පත්වන්නේ ඔහු සිය බිරිඳත්, තරුණ දුවත් සමග ජීවත්වන නිවසට බිරිඳගේ පැරැණි පෙම්වතෙකුව සිටි පුද්ගලයෙක්, කේ.ජී.බී ඔත්තු සේවා නිලධාරියකු ලෙස එවනු ලැබීමය.

      https://en.m.wikipedia.org/wiki/Burnt_by_the_Sun

      මෙය සැබෑ ඓතිහාසික සිදුවීමක් ඇසුරින් නිර්මාණය කොට තිබෙනවා. සත්‍ය තොරතුරු, ලිපි ලේඛන, ඡායාරූප සමඟ විශාල පර්යේෂණ කාර්යයකින් පසුව ඉතා කලාත්මකව මෙම චිත්‍රපටය නිපදවා තිබෙනවා. මෙම චිත්‍රපටය එකල රුසියානු සමාජයට විශාල කම්පනයක් ගෙන දුන් චිත්‍රපටයක් වුණා. අත් අඩංගුවට ගත් රතු හමුදා නිලධාරියා ඉතාම දුක්ඛිත වධවිඳ වධකඳවුරක මිය යන අතර නිර්දෝෂි මිනිසකුට එරෙහිව කිරීමට සිදු වූ සාපරාධී අත්අඩංගුවට ගැනීම හිතට වද දෙන කාරණයක් වූ බැවින් ඔත්තු සේවා නිලධාරියාද පසුව සිය මැණික් කටු අසලින් සිය අත කපාගෙන නාන බේසමේ ජලයට බැස සියදිවි නසා ගන්නවා. රතු හමුදා නිලධාරියාගේ මරණින් අවුරුදු 08කට පසු ඔහු නිර්දෝෂි පුද්ගලයකු බව ඔප්පු වී තිබුණා. සෝවියට් රුසියාවේ කලක් පැවැති සමාජවාදී නිලධාරීවාදයේ පාලන රටාව මේ චිත්‍රපටය තුළින් නිවැරදිව හෙළි කරනවා.

      නිලධාරිවාදයේ පාලනයට, නිලධාරියාට ලේබල් ඇලවිය හැකි නොවන බව අපගේ අදහසය. ඒ (ධනවාදී වේවා, සමාජවාදී වේවා) නිලධාරියා යැයි කියන්නේ පොදු මිනිසාටම වන නිසාය. ඔහු තුළ සැඟව ඇති (නිදිගන්වා ඇති) මනුෂ්‍යත්වයේ පොදු ලක්ෂණ නැගී සිටින අවස්ථා උදාවන්නේ ඔහුට ද නොහැගෙන අයුරිනි. ඒ අයුරින්ම නිදී තුල සැඟවී සිටින මනුෂ්‍ය ස්වභාවය දැනට ඔහුව පාලනය කරන රෞද්‍ර ජවිපෙ මාලිමා අමන යක්ෂයාව පරදා ඉහළට එනු දැකීම අපගේ දැඩි අපේක්ෂාව බවද අවධාරණය කොට කිව යුතුය.

      Delete
    3. @ Nidi this is for you;



      "The Dawn of the Empty Scroll"

      Each dawn, you pilgrimage to this temple of graphs,
      A disciple of data, yet lost in its wrath.
      The coffee grows cold as your cursor blinks twice—
      A hollow confession to the god of “statistical spice.”

      You parse every beta, you swear by R-squared,
      But your comments? A void where no insight is spared.
      The blog posts glow bright with their matrices bold,
      Yet your thoughts are like residuals—stale, limp, and cold.

      “Endogeneity!” you type, with the zeal of a sage,
      But the thread hears a parrot, not wisdom, enrage.
      The facts bloom like orchids, you trample them blind,
      Leaving footprints of “Source?” and “Correlation ≠ kind.”

      O scholar of dawn, why cling to this farce?
      Your keyboard’s a graveyard where logic lies sparse.
      The equations sing anthems, you hum a flat tune—
      A requiem for effort, wilted too soon.

      Break free from the loop! Let the data take root,
      Or fade into noise—just a stale, bootless brute.
      For the blog’s not a shrine for your half-baked haunts,
      But a forge where true minds melt ignorance to fonts.

      *******

      (Sing to the tune of "The Yellow Rose of Texas" (https://m.youtube.com/watch?v=izz0_qEl_-E))*

      🎶
      Oh, the dawn breaks bright o’er the econometrics blog,
      Where you linger every morn like a lost hollow log.
      You read every paper, you quote every creed,
      But your comments bloom empty—a thorn, not a seed.

      *Chorus:*

      Oh, the Yellow Rose of Texas wears equations so fair,
      But your thoughts are like tumbleweeds, lost in thin air.
      You whisper of p-values, yet miss the true spark—
      Oh, the Empty Scroll of Texas drifts alone in the dark!

      🎶
      The data streams sweet, like the Rio Grande’s flow,
      Yet your insights run drier than desert winds blow.
      You cling to the numbers, but their truth slips away,
      Like a coyote’s faint howl at the break of the day.

      *Chorus:*
      Oh, the Yellow Rose of Texas wears equations so fair,
      But your thoughts are like tumbleweeds, lost in thin air.
      You whisper of p-values, yet miss the true spark—
      Oh, the Empty Scroll of Texas drifts alone in the dark!

      🎶
      So ride, lonely rider, to horizons anew,
      Let the blog’s golden wisdom shine light over you.
      Trade your hollow rebuttals for curious grace—
      Till the Yellow Rose blooms in your mind’s barren space!

      Delete
    4. ස්තුතියි ගොඩක් ලිව්වට ඔබෙ අදහස්
      සමහර විටෙක වීලා වගෙ ඔබ උදහස්
      නමුදු දකිමි 'දැනුමෙන් පිරි කෙනෙක් වෙසෙස්'
      ආඩම්බරයි, දුන්නට මට තැනක් උසස්!

      ඔයා චූලානන්ද සමරනායක මහතා පරිවර්තනය කළ රුසියානු නවකතා- ඩී.බී. කුරුප්පු මහතා පරිවර්තනය කළ 'අර්බත් දරුවෝ' හෙම කියවලා තියෙනවාද? ටී. අන්ද්‍රාදි මහතාගේ 'විශ්ව ග්‍රන්ථාවලියෙන් චේද කිහිපයක්' 'පාන් හා වයින්' වගේ පොත්? (මගේ ඉංග්‍රීසි දැනුම පුළුල් එකක් නොවෙන නිසා මං කියවන්නේ සිංහල පොත් විතරයි.)

      Delete
  23. මම නම් කියන්නේ රාජපක්ෂවරුන් ,රනිල් සජිත් අනුර ප්‍රමුඛ මේ සියලුම දෙනා දැන් ඇති ,,,,,අවුරුදු 50 ට අඩු කෙනෙක් තමයි මේ රට බාර ගන්න ඕනි ,මොකද අපි එදා ඉදන් අද වෙනකල් දැක්කේ මේ වයසක හාල්පාරුවන් තමයි ,දැන් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි රට වෙනුවෙන් හොදක් වෙන්න නම් තාරුණ්‍යය නායකත්වයක් බලයට අරගෙන එන්න ඕනි ,ඒ 225 නියෝජනය නොකරන කෙනෙක්...

    ReplyDelete
  24. ලංකාවේ සිංහළයෝ දෑතින් උදැල්ලක් අරගෙන කොටන්නේ නැහැ... හැබැයි මොබයිල් එක අතට අරගෙන දාගෙන කොටනවා 'ඩේටා' ඉවර වෙනකම්ම...! ඔහොම කොට කොට ඉඳලා වයසට ගිය දවසට මහළු නිවාස ගත වෙන්න වෙයි ... හේතුව විශ්‍රම ගියාම පැන්‍ෂන් එකක්වත් නැහැනෙ ජීවිත කාලයේම 'ඩේටා' කොටපු නිසා...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න