රත්වත්තේ, ලොවිනා හා
ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්
➖➖➖➖➖➖➖➖➖➖⭕➖
මාතලන් කියවා ඇති ඉතිහාසය ඇතුලේ.... රත්වත්තේ කෙනෙක් හමුවන්නේ... තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා සමයේය. ආන්ඩුකාරවරයා කියන්නේ සුද්දාගේ කාලයේ ලංකාවේ පාලකයාටය. එහෙත් තෝමස් මේට්ලන්ඩ් උන්නෑහේ යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දාට නතුවී නොතිබුණේය.
මේටලන්ඩ් සුදු මහත්තයා අවිවාහකයෙකි... එයාගේ මාළිගය වූයේ අද ගල්කිස්සේ හෝටලය නමින් ප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හොටේල් එකය. ඕල් සිලෝන් ටුවර්ස් දුවන ආතරයියා සුද්දෝ අරගෙන දිව්වෙත් එතන සිටය. මේට්ලන්ඩ් සුදු මහත්තයාගේ ක්‍රෂ් එක වූයේ ලොවිනාය. මොහාන් රාජ් මඩවල ලොවිනා නමින් ලිව්වේ ඒ ආදර අන්දරයය.
ලොවිනාගේ මව සිංහල වූ අතර.... පියා පුරුතුගීසිකාරයෙක් විය. H R ජෝතිපාලට අනුව...රටවල් අල්ලන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පුරුතුගීසිකාරයන්ට ලොබිනාගේ අම්මා අල්ලන එක එච්චර අමාරු වෙන්නට නැතුව ඇතිය. සංසේචනය කොක්ටේල් එකක් වූ නිසා.... ලොවිනා පට්ට කෑල්ලක් වෙන්න ඇතිය. ඉතින් එහෙම කෑල්ලකට අග්‍රාණ්ඩුකාරවරයා අහුවෙන එක ලොකු දේකුත් නෙමේය. උන්නැහේ ලොවිනා එක්ක සෙට් වෙන්න යන්න....., ලොවිනාගේ නිවස සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මාළිගාව අතර උමගක් තනා තිබුණු බව ප්‍රකටය.
ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වෙන්නේ ඒ හේතුවෙන්‍ය කියා ජනවහරේ එනවාය. මේවා බොරු වෙන්නටත් බැරිය. අශෝක හඳගමගේ අල්බරෝදා චිත්තරපටියේ තිබෙන්නෙත් මෙවන් කතාවක්ය. ඒ ලෝකප්‍රකටට කවියකු වූ..... ලංකාවේ සුළු කාලයක් ජීවත් වූ... නෙරුදාගේ හා සක්කිලි සම්භවයක් සහිත සුරූපී කතකගේ ප්‍රේම වෘත්තාන්තයක්ය. අල්බරෝදා කියන්නේ හිමිදිරියටය. ලයනල් වෙන්ට්ඩ්ගේ නිවසට අල්බරෝදා කියා නම දමන්නේ නෙරුදාය.
මේටලන්ඩ් ආණ්ඩුකාරතුමා ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වෙන්නේ..... ක්‍රිස්තු වර්ෂ 1805 ජූලි මස 19 වැනි දිනය. ඔය අළුත්කඩේ, ගාල්ල, තිරිකුණාමලය, යාපනය, මඩකලපුව, පුත්තලම හා හලාවත ඇති දිස්ත්‍රික් නඩු ශාලා පිහිටෙව්වේ උන්නැහේය.
මේ කාලයේ උඩරට මහ රජුගේ පාලනය අඤ්ඤකොරොස් වී තිබුණේය. සක්කෝරලයේ කැරැල්ල ඇතිවන්නේ ඒ කාලයේය. රජතුමාගේ දෙවන අධිකාරම් ධුරයේ කටයුතු කළ මීගස්තැන්නේ මිය පරලොව යන්නේ 1806 දීය.
මේ කාලයේ දෙමළ සම්භවයක් සහිත රජ්ජුරුවෝ එක්ක රදළයෝ උන්නේ අමනාපයෙන්ය. මීගස්තැන්නේ හා ඇහැළේපොළ දෙදෙනාම කුමන්ත්‍රණකරුවෝ බව දැනගෙන උන් රජතුමා, තමන් හා අවුලෙන් ඉන්නා රදලයින්ගේ සිත් දිනා ගැනීම පිණිස.... ඇහැලේපොළොව දෙවෙනි අධිකාරම් ධුරයට පත් කළේය..... එහෙත් මොල්ලිගොඩ යටතේ පැවති සත් කෝරලය.... ඇහැළේපොළගේ තනි භුක්තියට විඳින්නට නොදී.... එයා ඇහැලේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. එහෙත් කැරැල්ල නැවතුනේ නැතිය.
මේ අතර තමාටත් තම තමන්ගේ බෑනා වන රත්වත්තේටත් සත් කෝරලය බාර දෙන බවට රජ්ජුරුවෝ පොරොන්දු කරවා ගත් පිළිමතලාවේ කැරැල්ල පරාජය කළේය. ඒ අනුව සත්කෝරලයේ ඉහල කොටස පිළිමතලාවේටත් පහළ කොටස රත්වත්තේටත් පවරා දෙන ලදී.
එහෙත් තමන්ට මැඩ පැවැත්විය නොහැකි කැරැල්ල..... පිළිමතලාවේ මැඩ පැවැත්වූයේ ඔහුද මීට සම්බන්ධ බවට සැකකළ රජ්ජුරුවෝ.... පිළිමතලාවේට හා රත්වත්තේටද.... ඔවුන්ගේ යටත් වැසියන්ටද ඉතා කෲර ලෙස සැලකුවේය.
මේ අතරේ නැවතත් සිංහලයින්ට රාජ්‍ය පවරා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක යෙදී වුන් පිළිමතලාව..... උන්නැහේගේ පුත්‍රයා හට රජතුමාගේ අවජාතක මිනිබිරියක් සරණ පාවාදීමේ යෝජනාවක් ගෙන ආවේය.
වැඩේ බනිස් වෙන්නට යන බව දැන දැනගත් රජ්ජුරුවෝ රාජසභාව කැඳවා.... රාජසභාවේ ඒකමතික කැමැත්තෙන් සියලු රාජකාරී වලින් ඉවත් කොට කුමන්ත්‍රණකරුවකු ලෙස නම් කළේ දේශබන්දු තෙන්නකෝන්ට කලා වගේය.
පිළිම තලාවේ ගේම අත ඇරියේ නැත. රජතුමාගේ ආරක්ෂක සේනාවේ උන්.... ජා සම්භවයක් සහිත ඔපිසර් කෙනෙකුට අල්ලස් දී නැවත කැරැල්ලක් ඇති කලත්.... රජතුමා කැරැල්ල මැඩ පැවැත්වූයේය. මෙයින් කෝපයට පත් රජතුමා පිළිම තලව්වේමෙන්ම රත් වත්තේ දිසාපතිතැනදී තවත් බොහෝ රදලවරුන්දමරා දැම්මේය.
ඇහැලේපොළ මහාධිකාරම් ධූරයට පත්වන්නේ මෙයින් පසුවය.
කෙසේ හෝ.... ලෝකෙන් උතුම් රට මුලුමනින්ම යටත් විජිතයක් වීමෙනික්බිති.... සුද්දා විසින් රදළයන් විසින් එතෙක් කරගෙන රාජකාරීන් ඔවුන්ට තවදුරටත් දිගටම කරගෙන යාමට ඉඩ සැලසූ මුත්.... පසුකාලීනව සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු අටෝරාශියක් පැමිණිලි හමුවේ.... ඔවුන්ගේ රාජකාරිය වැටුපට පමණක් සීමා කළේය.
නැතිනම් රදළවරුන් කරේ සාමාන්‍ය ජනතාව හා මුස්ලිම් වෙළඳ ප්‍රජාව පීඩාවට පත් කරමින් බදු එකතු කරනවා කියා කප්පම් ගැනීමය.... ඒ... හරියට අද පාතාලය වගේය. රත්වත්තේලාගේ ලේ හා ජාන තුල ඒ ජන්ම ගති තාමත් තිබුණා වන්නට පුළුවන්ය.
කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද රත්වත්ත පරම්පරාවේ කෙනෙක් වන අතර, සබරගමුවේ මහවලතැන්නේ උපන් කුළ කාන්තාවක් වුනේය. ඇය ද්‍රවිඩ සම්බවයක් සහිත හොරගොල්ල වලව්වේ සොලමන් රිජ්වේ ඩයස් බන්ඩාරනායක හා සරණ බන්දනයට එලැබුනු අතර, ලොව ප්‍රතම අග්‍රාමාත්‍යතුමියද විය. ඔවුනගේ දියණියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ලංකාවේ ප්‍රතම ජනාධිපතිනිය වූ අතර. අනුරුද්ධ රත්වත්තේ ඇයගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වුනේය.
හමුදාවට අත් වූ අන්ත පරාජයන් මෙන්ම ජීවිත හානී සිඳුවූයේ ජනරාල් ධූරයක් තමා විසින් තමාටම ලබා ගත් උන්නැහේගේ කාළයේ වූ අතර. ලොහාන් රත්වත්තේ උන්නැහේගේ පුත්‍රයෙක් විය. උන්නැහේගේ කැරැට්ටුව ගැන බුකියේ ඕසේට ඇති නිසා මාගේ පල්හෑල්ල මින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය..........
අභාවප්‍රාත්ත ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සැප පාර්ථනා කරමු.
ReplyDeleteවැසිකිලියට යන රෝගියා මළ පිට කිරීමට අධික වශයෙන් තටමන විට ගුද මාග_ය ඇතුලත අර්ශස් ගෙඩි ඇත්නම් එ් තුළින්ද මළ බැහැරට ඇද දැමීමට බාධා සිදුවන විට රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්වය අතිමහත්ය. මෙවැනි අවස්ථා වලදී ගුදමාග_යේ අර්ශස් ගෙඩි පැසව ඇත්නම් අධික ලෙස ලේ යාමත් සමඟද සැරවද පිට වෙයි.
Deleteමෙකී අර්ශස් රෝගීන් එම රෝගය නිසා විඳවන වේදනාව මෙසේ ලිපියකින් කෙසේ නම් විස්තර කරන්නද? රෝගියාගේ එම රෝ්ගය උග‍්‍ර වීම හේතුවෙන් කායික මානසික සමතුලිත තාවය සහමුලින්ම බිද වැටේ. මෙකී රෝගීන්ට අධික ලෙස කේන්ති යාම, වැඩ කටයුතු වල නොඉවසිලිමත් භාවය හටගන්නා අතර මානසික අසහනය හේතුවෙන් ඇතැම් රෝගීන් දිවිනසා ගැනීමට පවා පෙළඹෙයි. මේ නිසාම අර්ශස් රෝගීන්ට ගම්මුන් කියන්නේ ‘මූලක්ගාය කාරයා’ කියාය.
මේ කතාව ඇත්ත ද? මේක ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන බොහෝ අය අගය කරන ලියවිල්ලක්. මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
ReplyDelete//ලොහාන් රත්වත්තේ මිය ගියේය. අපි නුවරදී කවමදාක හෝ ලොහාන් රත්වත්තේලාට කිසිම හේතුවක් මත මනාප ලකුණු කල උන් නොවන්නෙමු. අපිනම් කවදත් ලොහාන්ලාට පක්ෂව සිට නැත. උන්ව කිසිම දවසක ඔසවා ද නැත.
ඒත් ඒ මළ මිනියට අප හෙන ඉල්ලන්නේද නැත. ලංකාව අලුත් පාලකයින්ට වඩා අලුත් ජනතාවක් නිර්මාණය කරගත යුතුය.
එහෙත් මහනුවරින් ..
2015 ලොහාන් රත්වත්තේ එක්සත් ජනතා නිදහස් සංධාන ලැයිස්තුවේ මනාප 129,000 ගෙන අංක 01ය.
2020දි 140,000 මනාප ගෙන ලැයිස්තුවේ 03වන ස්ථානයේය.
එවිට දැන් රතු වී ඇති එදා ඔහුටම රෙදි නැතව කඩේ ගිය ලක්ෂ සංඛ්‍යාත දාර බයියන්ට ජොයෙල් ප්‍රේරා හෝ උඩතලවින්න සහෝදරයන් අමතක වූයේ ඇයි?
දැන් ලාල්කාන්තලාට ජගත් මනුවර්ණලාට මනාප ගසා ඇත්තේ ලොහාන්ගේ ඉතිහාසය දැනගෙන ලොහාන්ව ඔසවා තැබූ මිනිසුන්මය. ලාල් ද දඬුවම් නොලබා සුවසේ වෙසෙන හිටපු මිනීමරුවෙකි, මනුවර්ණ ද දැඩි ලෙස මැර ප්‍රහාර දියත්කර දඩුවම් නොලබා සුවසේ සිටින තවත් මැරයෙකි
තව අවුරුදු කීපකින් ලාල්කාන්ත ජනප්‍රිය නොවී මියයන කලක මෙලෙසම මේ මිනිස්සුන්ම ඔහු ජවිපෙ කාලයේ කළ මිනිමැරූම් හැට පහක පමණ ප්‍රමාණය යලි මතකයට ඈදාගනු ඇත. මනුවර්ණගේ මරණය හමුවේ ඔහුගේ නායකත්වයෙන් දියත් කරන ලද ජඩ මැර ප්‍රහාර යලි මතකයට නංවාගෙන ඔහුට අපහාසාත්මකව බැන වදිනු ඇත, ඒ දෙදෙනාම මිය යන දවසක මේ විලසටම මියගිය විට හෙන ඉල්ලනු ඇත.
ලංකාව අලුත් පාලකයින්ට වඩා අලුත් ජනතාවක් නිර්මාණය කරගත යුතුය. අවස්ථාවාදි මිනිසුන් ප්‍රතිපත්තියක් නොමැතිව හැරෙන හැරෙන පැත්ත මත පාට මාරුකරමින් දිව හරවන උන් වෙනුවට ඍජු ප්‍රතිපත්තිමය දේශපාලන ජනතාවක් බිහිකල ගත යුතුය.
කබරගොයා තලගොයා වන කුප්‍රකට දේශපාලනය අවසන් විය යුතුය.
මේ ලොහාන් මියයන විට ලොහාන්ලා සිටිනා ආණ්ඩුවක් තිබුණේ නම් ප්‍රථම අගමැතිනිය සිරිමා ලොහාන්ගේ නැන්දනිය බවත්, ඟාති සහෝදරිය චන්ද්‍රිකා ජනාධිපතිවරිය බවත්, පියා යුද්ධ සමයේ බංකර් වල සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ බවත් මේ මිනිසුන්ම සිහිපත් කරනු ඇත. මේ සනත් නිශාන්තලා ගාමිණි ලොකුගේ ලා ලොහාන් රත්වත්තේලා මියගියේ වැරදි කාලයේය. නැත්නම් මේ මිනිස්සුම උන්ව උඩ දාන දැමිල්ල බලාගන්න තිබුණාය.
අපිනම් කවදත් ලොහාන්ලාට පක්ෂ නැත. ඔසවාද නැත.
ඒත් මිනියට හෙන ඉල්ලන්නේද නැත.
කොටින්ම මිනීමතින් දේශපාලනයක් නැත.
ලොහොන්ගේ මළගෙදරට ආපු මහින්ද රාජපක්ෂ කීවේ ලොහාන්ගේ මරණය රටට පාඩුවක් බවයි. නමුත් මේ මහින්ද රාජපක්ෂ නමැත්තා ද ඇතුලුව ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ කළේ මෙබඳු නපුරු අදහස් උදහස් තිබෙන මිනිසුන් තුල වූ නපුර තවත් වැඩි කර තම දේශපාලන වාසියට යොදා ගැනීම පමණි. ඒ මිනිස්සුන්ගේ නපුරු ගති වෙනස් කරන්න දායක වූයේ නම් ඔවුන් සැබෑ නායකයන් ලෙස බුහුමනට ලක් වන්නට ඉඩ තිබිණි. මෙය එජාපයට, චබකු ගේ පොදු පෙරමුණට මෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගයට ද පොදුය. මේ සේරම එකම වල්ලේ පොල් බව පැහැදිලිය.
සිනා මුහුණින් මිනීවලට පොරකන මාලුමාවෙනි, දැන් රතු මාලිමා වී සුදු මිනිසුන් වුවද
ඔය මහින්ද අනුගාමික දාර බයි ගතියමය. ඒ කොටි පුල්ලි තාම මාරු වී නැත.
ශිෂ්ඨවීම තෝරාගැනීමකි, භාවිතාවකි.
පක්ෂ මාරුවෙන් එය අත්කරගත් නොහැක.///
@ Annonymous
Deleteඔබ ඉහත උපුටා දක්වන මෙම ලියවිල්ලේ සඳහන් කරුණු බොහොමයක් යථාර්ථය මත පදනම් වූ ඒවාය. එය හුදෙක් එක් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු විවේචනය කරනවාට වඩා, ලංකාවේ සමස්ත දේශපාලන සංස්කෘතිය සහ ඊට සහභාගී වන ජනතාවගේ චර්යාවන් පිළිබඳව ගැඹුරු විචාරයක් ඉදිරිපත් කරයි. මෙය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වී ඇත්තේ, බොහෝ දෙනෙකුගේ සිතේ ඇති කණගාටුව සහ කලකිරීම මෙම ලියවිල්ල මගින් පිළිබිඹු කරන නිසා විය හැකිය.
මහත්මයා, මානසික ව්‍යාධියකින් පෙලෙනවද?
Deleteමෙහෙම දෙයක් තියෙනවා ඕක මහින්ද රාජපක්ෂ අලුතෙන් කරපු එකක් නෙවෙයි ලොහාන් රත්වත්තේ කියලා කියන්නේ හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ඔහු පාර්ලිමේන්තුවට ආවේ පියාගේ ආභාෂය ඇතුව නමුත් එක්සත් ජාතික පක්ෂය ගෝනවල සුනිල් සොත්ති උපාලි වගේ නම්දරාපු පාතාල මැරයෝ දේශපාලනයට ගෙනල්ලා රටේම දේශපාලන සංස්කෘතිය විනාශ කලා චන්ද්‍රිකා බණ්ඩාරනායක බැද්දගාන සංජීව වගේ පාතාල මැරයො දේශපාලන ඝාතන වලට යොදාගත්තා
Deleteලොහාන්ලාට චෝදනා එල්ල වුණේ 2001දී උඩතලවින්න දස පුද්ගල ඝාතනය ගැන එතකොට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට පස්සේ 2006දී ලොහාන් රත්වත්තේ ඒ නඩුවෙන් නිදහස් වෙලා ඔහුගේ ආරක්ෂාවට හිටපු අය වරදකරු වෙලා හිරේ ගියා.
නමුත් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදියට හිටපු කාලේ ගත්තම සහ ඊට පස්සේ වුණත් ලොහාන්ලාට විරුද්ධව එහෙම ලොකු චෝදනාවක් එල්ල වුණේ නෑ නේද? මහින්ද රාජපක්‍ෂ ඔහු තම පාක්ෂික මිනිසෙක් විදියට රටට පාඩුවක් කියලා කියන්න ඇති ඒත් මහින්ද රාජපක්ෂ ලොහාන්ව එහෙම මැර ප්‍රහාර වලට යොදාගත්තා කියන එක වැරදියි නේද? එහෙම වුණේ නෑ ඔහු මන්ත්‍රී කෙනෙක් විතරයි අර එක වතාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙලා හිටිය කාලේ හිරගෙදරකට ගිහිල්ල එතන එල්ලුම් ගහ පෙන්නලා පොඩි ගොන් වැඩක් කලාට එහෙම ලොකු අවුලක් නෑ නේද?
(වාසියක් ඇත්නම් මීනීමරුවා වුවද යහපත්ය)
ReplyDelete-2001 දි දස පුද්ගලයෝ ඝාතනය කලාලු කියනවා.
-2006 දි සාක්ෂි නැතිව සැකකාර ඝාතකයා නිදහස් වුනාලු.
-ඉන්පසු 2010,2015, 2020 වසර වලදි ජනතා චන්දයෙන් පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් වුනාලු.
-පසුව ජනතා චන්දයෙන් පැරදුනාලු.
2025දි ඔහු මියගියාට පසු නැවත ඔහු පිලිබඳ සංවාදය 2001ට ගියාලු.
දැන් ඔහු ඝාතකයෙක් ලෙස සාක්ෂි දීම ආරම්භ වී ඇත. 2006 දි ඒ සාක්ෂි තිබුනා නම් උසාවියේදි ඔහු වැරදිකරුය. නමුත් සාක්ෂි නොතිබීය.
(දැන් ඔහුගෙන් වාසියක් නැති අතර ඔහු ඇතැම් ජනතාවට අනුව ඝාතකයකු ලෙස මියගොස් ඇත.)
Deleteනොවදිනා දුක් විඳලා එක වසරට තමන්ගේ පොඩි එකා ඇතුල් කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න.නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩ ගැහිලා තියෙන හැටි! ඊට පස්සේ අර ටියුෂන් මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරුම විභාගේ වෙච්චි උසස් පෙළ කලාට පස්සේ හැමෝම දත කට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න!
හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකට! ලංකාවේ තියෙන නිදහස් විශ්ව විද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම විම මේකට හේතුවක්.
මාර වැඩේ...Exam කළා! ඒත් කැම්පස් යන්න ලකුණු මදි..ආයේ පාරක් කළා...ඒත්..... ආයේ මදි..මොනවා කරන්නද? දොස්තර ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ! ඒ වෙලාවේ තමයි පුත්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ!
මාතා වසන්ත සමරසිංහ අද අනුරාධපුර වැව් ප්‍රතිසංස්කරණය කරන එක ගැන පැවති රැස්වීමකට ගිහිල්ල එතන කැඩිච්ච ඉංග්‍රීසියෙන් විකාර බහුබූත දොඩවලා ආයේ වතාවක් රටම හිනස්සපු එක ගැන මොකද කියන්න තියෙන්නේ?
ReplyDeleteඇත්තටම මට පේන්නෙ මේක මේ පක්ෂෙ ඇතුලෙම පොඩි ගේමක් වගේ. එකෙක් ඉංග්‍රීසි කතාකරල ඇනගත්තහම තව එකෙක් ඉංග්‍රීසියෙන් කතාකරනව ඌට බැරි උනාට මට පුලුවන් කියල පෙන්නන්න. ඌත් ඇනගත්තහම තව එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් දානව උන් දෙන්නටම බැරි උනත් මට පුලුවන් කියල පෙන්නන්න. හැබැයි හොදට ඉංග්‍රීසි පුලුවන් අයත් NPP / JVP දෙකේම ඉන්නව. පින් සිද්දවෙයි ජාත්‍යන්තර සමුලුවකට එහෙම ගිහින් ඉංග්‍රීසීයෙන් කතාකරනවනම් පුලුවන් එවුන් යවපල්ල. ලංකාවේ සිංහල දන්න මිනිස්සුන්ට සිංහලෙන් කතාකරපල්ල කියල තමයි අපිට ඔය ගැන කියන්න තියෙන්නේ.
අධෝ වාතය පිටවීම සාමාන්‍ය සිදුවීමක් වන අතර බොහෝවිට පුද්ගලයෙකු දිනකට 5 සිට 15 වතාවක් පමණ එය සිදු කරයි. ඇත්ත වශයෙන් ම, ඔබ කිසිදු අපහසුතාවක් ගැන තැකීමක් නොකරන තෙක්, දිනකට අධෝ වාතය විශාල ප්‍රමාණයක් පිටවීම ඔබේ ශරීරයේ නිරෝගී බවට සලකුණක් විය හැකි ය.
Deleteඅධෝ වාතය ඇති කරන ආහාර හදවතට හිතකර, තන්තු බහුල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වන අතර ඒවා ඔබේ ශරීරයට බිඳ දැමිය නොහැකි නමුත් ඔබේ බඩවැලේ ඇති බැක්ටීරියාවලට බිඳ දැමිය හැකි ය.