.

.

Oct 18, 2023

සාමය.. අද නොවේ හෙට

 



සාමය.. අද නොවේ හෙට

➖➖➖➖➖➖➖💀➖


ලෝක සාමය කියන්නේ පට්ට පල් බොරුවක් වගේම... ජාතීන් අතර සාමය කියන්නේ සාපයක් හා විහිළුවක්ම බව දැන් මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා...


ඒ නිසා දැන් දේශපාලන නායකයින්ට හා රාජ්‍ය නායකයින්ට තව දුරටත් මින්ස්සු අන්දන්න බෑ... දැන් කියන්නේ ගේම නම් ගේමෙන්ම ඉඳපන් කියලා...


ඒ නිසා ඊජිප්තු, ජෝර්ඩාන් හා මැද පෙරදිග රාජ්‍ය නායකයින්ට ජෝ බයිඩන් එක්ක දාගත්ත මීටින් රැස්වීම් ඔක්කොම කැන්සල් කරන්න වෙනවා...


ඒ වගේම ලෝක සාමය වෙනුවෙන් අටවා ගත්තය කියන ත්‍රස්තවාදීන්ගේ මහගෙදර වන එක්සත් ජාතීන්ගේ සංවිධස්නයේ දෙබිඩි පිලිවෙත හා නිරුවත දැන් හොඳටම පේනවා..

ඒ නිසාම තමා ඊශ්‍රායලය ඔය ඉලව් සංවිධානයේ නැත්තේ..


ඊශ්‍රායලය පලස්තීනූවන්ගෙය කියලා කියන උන්ට මට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉතිහාසය හදාරන්න කියලා විතරයි.. පුලුවන්නම් The Ten Commandments කියන චිත්තරපටිය හරි හොයාගෙන බලන්න....


ඇමරිකාව... ඊශ්‍රායලට වගේම පලස්තීනයටත් ජෝර්දානය හා ඊජිප්තුවටත් වාර්ෂිකව විශාල මුදලක් හෙවත් ජරාවක් ලබා දෙනවා.. ඒ ඊශ්‍රායල ජනතාවගේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන්...


ඒ වගේම .. ඇමරිකාව වගේම බලවත් අනෙකුත් රාජ්‍යයන්.... ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කරන්නත්, ඒවා පවත්වාගෙන යන්නත්, පුහුණු කරන්නත්, විශාල මුදලක් පොම්ප කරනවා...


හමාස් කියන්නෙත් යසර් අර්පත්ට විරුද්ධව ඊශ්‍රායලය හා ඇමරිකාව එකතු වෙලා හදපු එහෙම ත්‍රස්තවාදී සංවිධානයක්... 

දැන් උන්ගෙන් ඉල්ලගෙනම කන එකත් දෛවයේ සරදමක්...


අද උන්ට ඇමරිකාව දෙනවට වඩා ආධාර යුරෝපයෙන් හා මැදපෙරදිගෙන් ලැබෙනවා... ඒ ඊශ්‍රායලය ආක්‍රමණයට හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට.. අද උන් ඉන්නේ අයිසිස් මතයෙමයි...


හමාස් නෙමේ.... ඉස්ලාම් මූලධර්මවාදයේ ආරම්බය හෙවත් තලෙයිබාන් බිහිකලෙත්... ඔසාමා බින් ලාඩන් බිහිකලෙත් ඔය බලවත් බටහිර රාජ්‍යයන්ම තමයි...


ලෝකේ තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් වල මූලස්ථාන සියල්ලම තියෙන්නෙත් යුරෝපයේ, එංගලන්තයේ හා කැනඩාවේ... 


එයාලට ළඟදීම තේරෙයි ඕවයේ ආදීනව... මොකෝ එයාලට විරුද්ධ බල කඳවුරක් දැන් බිහි වෙලා ඉවර නිසා...


ඉදින් කවදාවත් මේ වර්ගවාදය... ආගම්වාදය... කුල මල බේද, දේශසීමා අරගල... ආක්‍රමණ... මේ ලෝකෙන් තුරන් වෙන්නේ නෑ... ලෝකය පවතින තුරා ඒවත් පවතිනවා...


ඊට හේතුව තමා ප්‍රේමය වපුරන මිනිසුන්ට වඩා... වෛරය කර තබාගෙන යන ත්‍රස්තවාදීන්ට මිලේච්ඡත්වයට මිනිසුන්ගේ උපතින්ම ඇති කැමැත්ත... 


මිනිසා කියන්නේ මනසින් උසස් කිව්වට... මේ පිරිස තාමත් අමු තිරිසන්නු... ඔවුන්ගේ බලය වැඩියි... පිරිස වැඩියි...


ඒ නිසා තමයි ඊශ්‍රායලයේ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපකාරයින් ලෙස තබාගෙන අහිංසක පලස්තීන ජනතාව මිනිස් පලිහක් ලෙස තබාගෙන ඔවුන් අතරේම ඉඳගෙන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට රොකට් ගහන්නේ... පලායන මිනිස්සුන්ට ඊජිප්තුවට පලා යාමට ඉඩ නොදී හමාස් ත්‍රස්තවාදීන් "රෆා" බෝඩර් ක්‍රොසින් ගේට් එක වහගෙන ඉන්නේ..


ගොඩාක් අමණයින් නොදන්නා දෙයක් තමා... පලස්තීන සම්බවයක් සහිත අරාබි ජනතාව විශාල ප්‍රතිශතයක් ඊශ්‍රායලය තුල යුදෙව්වෝ වගේම උසස් ජීවන රටාවක් සහිතව ජීවත් වෙනවා කියනෙක.. ඒ වගේම ඔවුන්ගේ නියෝජිතයින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව වන කෙනසෙට් එකෙත් ඉන්නවය කියන එක.


ඒ බුද්ධියක් තිබුන උගත් පලස්තීන මිනිස්සු... හමාස් එකට එකතු වෙන්නේ දරිද්‍රතාවය අඩියෙම ඉන්න පලස්තීනුවෝ... ගාසා එකේ පාලනය තනිකර තියෙන්නේ උන්ට... ගාසා තීරයේ ඉන්න සියලුම පලස්තීන ජනතාව උන්ගේ ප්‍රාණ ඇපකාරයෝ...


ඒ වගේ මිලේච්ඡයින්ට තමා... මිනිස්සු මිලේච්ඡ ලෙස ඝාතනය කරලා... ඒ මළකදන් මැද්දෙ පෝඩියම් එකක් තියලා... ඩොක්ඩර්ස්ලා ලව්වා මාධ්‍ය සාකච්ඡා තියන්න පුලුවන්... උන් ඒ තරම් මිලේච්ඡයින් 


ඒවා ලෝකයට පෙන්වන මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වගේම ආයතනත් ඔවුන් සතුයි... අල්-ජසීරා කියන්නේ එවන් ආයතනයක්... කටාර් ෆන්ඩ් කියන්නේ ජිහාඩ්කරණය වෙනුවෙන් ඕන තරම් වියදම් කරන ආයතනයක්...


ඉදින් මේ හමාස් වෙනුවෙන් පෙනී ඉන්න උන්ගේ ක්‍රියා සාධාරණීකරණය කරන ඕන එකෙක් මට අනුව... අමු ත්‍රස්තවාදියෙක්...


මුන් වෙනුවෙ අඬන වැලපෙන මෙහේ ඉන්න හාල්පාරූ දේශපාලුවෝ ...  අමු නෝන්ජල් පිම්පියෝ...


ඒ නිසා අපි පෙනී ඉන්නේ... ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදයට, එරෙහිව තියෙන එකම වාදය වන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම පමණයි..


ඒක ආරක්ෂා කර ගන්න අප ලියන කියන දේ... ත්‍රස්තවාදීන්ට... ත්‍රස්තවාදය, ආගම්වාදය, ජාතිවාදය ලෙස පෙනුනට, අපට කරන්න දෙයක් නෑ...


මොකෝ තොපේ වෛරී ත්‍රස්තවාදයට වඩා..

අපට ප්‍රේමය හා මිනිසත්කම බොහෝම වටිනවා..

.

20 comments:

  1. අජිත් ධර්මකීර්ති මහතා මෙවර කියා සිටින්නේ සාමයට ඉඩ දෙන්න කියායි.

    සාමයට ඉඩ දෙන්නේ මිනීමරා දැයි කියා අපට ඔහුගෙන් ඇසිය යුත්තේය. මන්ද අජිත් ධර්මකීර්ති මහතා අරගල සමයේ කැමැත්ත දැක්වූයේ ජෙනරාල් ෆොන්සේකා රටේ පාලනය ලබාගන්නවාටය. මෙම බ්ලොග් අඩවියේ ඇති පැරණි ලිපි ඒවාට සාක්ෂි දරනු ඇත.

    ජෙනරාල් ෆොන්සේකා යනු 88/89 භීෂණ සමයේ තරුණ තරුණියන් 60,000 ගේ ජීවිත නැති කිරීම සඳහා වගකිවයුතු ප්‍රධානියෙකි.

    2009 උතුරේ වෙල්ලමුයික්කාල් ඝාතන බිමේ දී උතුරේ නිරායුධ අහිංසක ද්‍රවිඩ කාන්තාවන්/ළමා ළපටින් ඇතුළු මිනිස් ජීවිත ලක්ෂ දෙකක් පමණ සමූලඝාතනය කරන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා ගේ අණ මතය.

    අජිත් ධර්මකීර්ති මහතා දැන් ලන්ඩනයේ පැවැත්වෙන රැස්වීම් වලදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමුවීමට යයි. එනමුත් ජනතා විමුක්ති පෙරමුණද එවකට ප්‍රකාශ කෙරේ උතුරට බර අවිවලින් පහර දිය යුතු බවයි.

    රුසියානු යුක්රේන අර්බුදයේ දී අජිත් ධර්මකීර්ති මහතා සහාය දැක්වූයේ යුක්රේනයටයි. රුසියාවේ අහිංසක ජීවිත ජීවිත දහස් ගණනක් මේ මොහොතේදීත් මිය යමින් පවතී.

    අජිත් ධර්මකීර්ති මහතා ඒ ගැන නිහඬ ඇයි? රුසියාවේ අධ්‍යාපනය ලැබූ ඔබ ඇයි රුසියාව වෙනුවෙන් කතා නොකරන්නේ?

    හමාස් විමුක්ති සංවිධානය කෙරෙහි චෝදනා එල්ල කරන අජිත් ධර්මකීර්ති මහතා ඊශ්‍රායලයේ අධි වෙඩි බලය එරෙහිව ඉදිරියේ මිය යන දරුවන් ගැන කතා නොකරන්නේ ඇයි? ඔබ බටහිරට සහය දක්වන නිසා නේද මේ.

    ඔබ සතුව ඇති මනුෂ්‍යත්වය කුමක්ද? සාමයට ඉඩ දෙන්න කතා කරන ඔබ ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමු වන්නේ කෙසේද? ලන්ඩනයට වී සිටින්නේ කෙසේද?

    ඔබගේ හෘද ශාක්ෂිය ඔබෙන් මෙය විමසන්නෙ නැද්ද?

    ReplyDelete
  2. ලංකාවේත් පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්න ඊබ්රාහීම් හජ්ජ්යාර් සහ පුතුන් සමග දැඩිව සම්බන්ධ වී සිටී තාමත් ඔවුන් සමග සම්බන්ධ වී කටයුතු කරන හිටපු සන්නද්ධ ත්‍රස්ත කල්ලියක් වන දැනටත් බරපතල ලෙස මැරඵලය භාවිතාකරන ජේවීපී මාලීමා ත්‍රස්ත කල්ලිය මෙහෙයවන අයර්ලන්ත ගෙවල් තියෙන,මෝල්ටාවේ මුදල් ආයෝජනය කරලා තියෙන ,බොරු ෆ්යිල් පෙන්නලා වෙනත් පක්‍ෂ වල දේශපාලනය කරන කණ්ඩායම්වලට හොරු කියලා මඩ ගහන, මහා දූශකයකු වන අනුර කුමාර දිසානායකට විරුද්ධව ලංකාවේ කිසිවෙකු අපහාස නඩුවක් නොදමන්නේ හෝ cid එකට පැමිණි නොකරන්නේ මන්ද...? බය නිසාද?

    ReplyDelete
  3. ඉසප්රියා මාධ්‍යවේදනීයව අමානුෂික ලෙස දූෂණය කොට සමූහ දූෂණය කොට මරා දමන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා බලා සිටියදීය.

    ඇයගේ යෝනියට ගිනිඅවි ඇතුල් කරමින් අමානුෂික ලෙස සැලකූ බව කියවේ.

    අඩුම තරමෙන් පනස් දෙනකුවත් ඇයව දූෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

    ධර්මකීර්ති මහතා මේ පිළිබඳව කිඹුල් කඳුළු හෙළීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජෙනරාල් ෆොන්සේකාගෙන් මේ ගැන විමසීම වඩාත් ඵලදායි නේද?

    ReplyDelete
  4. මාත දැක්කා ද ටෙස්ලා මොඩල් 3 ඉලෙක්ට්‍රික් වාහනයක් ඊශ්‍රායල් ජාතිකයෙකුගේ ජීවිතය බේරල කියලා. Gaza අසල පදිංචි කරුවෙක්. ආක්‍රමණය දැනගෙන එයා Model 3 එකෙන් assembly point එකට යද්දි.

    හමාස් ත්‍රස්තවාදීන් එයාව දැකලා තියෙන්නේ අඩි තිහක් පමණ ලඟ. ඔවුන් ඉඳලා තියෙන්නේ toyota pickup truck එකක. ඒ එක්කම ඔවුන් වෙඩි පටන් අරගෙන Russian Kalashnikov සහ මැෂින් තුවක්කු වලින්. වෙඩි තියල තියෙන්නේ විශේෂයෙන්ම එන්ජිම ඉන්ධන ටැංකිය සහ ටයර් ඉලක්ක කරලා. එහෙම දේවල් මේ කාර් එකේ නැති බව වත් ඔවුන් දැනගෙන ඉඳලා නෑ. ඇපල් වොච් එක පවා 06:50 ට නැවතිලා ප්‍රහාර වලින් සිදුරු වීම නිසා.

    ඩීසල් pickup truck එකකින් හඹා ආපු තස්තවාදීන් පහළොස් දෙනෙක්ගෙන් පැයට කිලෝ මීටර් 180 ක වේගයෙන් ධාවනය කරපු ටෙස්ලා රියදුරා බේරිලා.

    Dual drive Performance ටෙස්ලා එක ධාවනය වෙලා තියෙන්නේ හුලං නැති ටයර් එක්ක, නමුත් වේගය පවත්වා ගෙන. උණ්ඩ සීයකට වඩා කාර් එක සිදුරු කරලා. රියදුරාගේ අතට පාද සහ හිසට වෙඩි වැදුනත් ඔහු රෝහලට එන්න තරම් සිහිය පවත්වාගෙන.

    "The terrorists recognized me from a distance of 10 yards. In addition to their Kalashnikovs, they had a machine gun that fired bullets of a larger caliber. They did not realize that it was an EV, so they shot at the front, hoping to hit the engine that wasn't there, and at the back, trying to set the fuel tank on fire. Of course there was also no fuel tank. They shot my tires. I pressed the accelerator, and they started chasing me."

    In this battle it was a Toyota truck against one driver in a private car. But it was also a chase between a diesel truck with about 150 hp, against an electric sedan with more than 530 hp and dual drive. About 15 well-armed terrorists facing a wounded, but determined driver, who found himself fighting for his life hundreds of meters from his home.

    "They shot my tires, but the acceleration of the Tesla is amazing even in this situation, and the dual drive managed to keep me on the road. I quickly got away from them, but I realized that I had to get to the hospital as soon as possible and I drove at a speed of 112 mph with flat tires. The tires started to crumble, but the dual drive balanced out the wheels, some of which were already on the rims. According to the app, I continued to drive at around 110 mph."

    C had already made the journey from Barzilai Hospital in Ashkelon in an ambulance, after the bullet-riddled Tesla managed to bring him to the hospital gates. Although about 100 bullet holes were counted in the car, the front window remained cracked all the way but did not disintegrate. The windows of the doors were smashed by the rescue teams who rushed to get him out and transfer him to treatment.

    "Bullets hit my legs and hand, got one in the skull and I was also hit by shrapnel. But my head works, and motivation kept me on the road and even now in the hospital. The car continued to drive, the battery didn't heat up, but it took a lot of damage. There is no part that didn't take a bullet. It still drives if you press the pedal, but it seems to me that I should already be thinking about my next Tesla."

    මේක ගැන විස්තර අන්තර්ජාලයෙන් බලල විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete
  5. #අවාසනාවන්ත-සත්‍යය-කතාවක්

    2013 වසරේ එක්තරා දවසක ව්‍යාපාර කටයුතුවලට මාතර ගිහින් ආපහු එන්න රාත්‍රියේ මම මාතර ඉඳන් දෙහිවලට එන්න බස් එකකට නැග්ගා. මගේ මතකයේ හැටියට ඒ බස් රථය මිද්දෙණියේ හෝ වලස්මුල්ලේ ඉඳලා අනුරාධපුරයට හෝ ඉන් එහාට යන බස් එකක්. අතරමගදී මගේ අසුනට යාබද අසුනේ හිටපු මහත්මයා මගෙත් එක්ක කතාවට වැටුණා. ඔහු නඩුවකට පෙනී සිටින්න අනුරාධපුර උසාවියට යන බව කීවා. වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටුනා වගේ දෙයක් නිසා තමයි ඔහුට අනුරාධපුර උසාවියට යන්න සිද්ධ වෙලා තිබුනේ.

    වසර ගණනාවකට කලින් ව්‍යාපාරික කටයුත්තකට තමන්ගේම වාහනයෙන් අනුරාධපුරයට යන අතර වාරයේ කැකිරාවට ආසන්න ස්ථානයකදි පිරිසක් පාර හරස් කර ඔහුගේ වාහනය නවත්වාගෙන තියෙනවා.

    ඉන්පසුව ඒ පිරිස බලහත්කාරයෙන් වාගේ ඔහුගේ වාහනයට අනතුරකට පත්ව අසාධ්‍යව සිටි කෙනෙකුව අනුරාධපුර රෝහලට ගෙනිහින් බාරදෙන්නට යැයි කියා ඔහුගේ වාහනයට දමා තිබෙනවා.

    රෝගියා ව රෝහලට භාර දීමට යාමට එතන එතැන සිටි කිසිම කෙනෙක් කැමැති වෙලා නැහැ. ඉන් අනතුරුව ඔහු බොහොම සද්භාවයෙන් යුතුව අනතුරට ලක් වුන කෙනාව අනුරාධපුර රෝහලට භාර දී තිබෙනවා. රෝහලට භාර දුන් කෙනා ලෙසට ඔහුගේ නම ලිපිනය ඇතුළු විස්තර ද ලබා දීලා තියෙනවා.

    දින දෙක තුනකට පසුව ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිසියේ පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන අනුරාධපුර පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

    එයට හේතුව වී තිබුණේ බොහෝ විසින් රෝහල්ගත කරන ලද තුවාල කරුවා රෝහලේදී මිය යාම. ඔහු මියගොස් තිබුණේ නිකම්ම නෙමෙයි. තමාව රෝහල්ගත කළ පුද්ගලයාගේ වාහනයටමයි ඔහුව හැප්පුනේ කියලා රෝහල් පොලිසියට කට උත්තරයක් දීලා.

    උසාවියට ඉදිරිපත් කළ කල ඔහුව මාස ගණනාවක් රිමාන්ඩ් කරලා. ඔහුගේ වාහනයත් නඩු භාණ්ඩයක් විදියට උසාවිය භාරයට පත් කරලා.
    රිමාන්ඩ් භාරයෙන් ඇප පිට නිදහස් වන විට ඔහුගේ ව්‍යාපාර සියල්ලම බිඳවැටිලා අවසන්.

    වසර ගණනාවක් තිස්සේ ඔහුගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට ඔහු වලස්මුල්ලට ආසන්න ප්‍රදේශයක සිට මාසෙකට දෙකකට වරක් අනුරාධපුර උසාවියට යනවා. වසර ගණනාවක් තිස්සේ මග වියදම් සහ නීතිඥ ගාස්තු දරාගෙන උසාවියට යනවා කියන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඔහු කියන පරිදි ඒ තුවාලකරු අනතුර සිදු වූ ස්ථානය අවට පදිංචි කරුවකුත් නොවෙයි. ඒ නිසයි ඒ අවට සිටි පුද්ගලයන් රෝගියාගේ භාරකරු ලෙස ඉදිරිපත් වීමට පැමිණ නැත්තේ.

    මේ වන විට අධිකරණය කුමන තීන්දුවක් ගෙන තිබේද කියා මම දන්නේ නැහැ. බලවත් ම සාක්ෂිය තුවාලකරුගේ සාක්ෂිය නිසා බොහෝ විට ඔහුව වැරදිකරු ලෙස තීන්දු කරන්නට ඇතියි කියා සිතනවා.

    ඒ මහතාට හෝ මෙම සිදුවීම දන්නා ඒ මහතාගේ මිතුරෙකුට හෝ පවුලේ කෙනෙකුට මෙම පෝස්ටුව ඇස ගැටුනොත් මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඒ මහතාට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව කුමක්ද කියා මෙතැන පුංචි සටහනක් තබන්න.

    ඒ එක්කම පහත සඳහන් ප්‍රශ්නවලට ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද කියාත් සඳහන් කරන්න.

    මෙවැනිම අවස්ථාවකට ඔබට සැබැවින්ම මුහුණ දෙන්නට සිදු වුණොත් ඔබ ගන්නා තීරණය කුමක්ද ?

    නන්නාඳුනන තුවාලකරුවකු ගේ භාරකාරීත්වය භාරගෙන ඔහුව රෝහල් ගත කරනවාද ?

    කිසිවක් නොදුටුව ලෙසින් මගහැර යනවාද?

    තුවාලකරුවන් රෝහල් ගතකර තමන්ගේ අනන්‍යතාවය හෙළි නොවන පරිද්දෙන් රෝහලට ව්‍යාජ තොරතුරු සපයනවාද ?

    තීරණය ඔබට බාරයි.

    ReplyDelete
  6. දකුණු අප්‍රිකාව සමග තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්තා.

    ඒක බලන් ඉන්න ආස හිතුනු, පෙරළිකාර ජයක්.

    ලෝක කුසලානය පුරාවටම දුර්වලම කණ්ඩායම විදියට ලේබල් වුණු රට නෙදර්ලන්‍තය.

    හැම කණ්ඩායමක්ම නෙදර්ලන්ත තරගයෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා.

    ඒක නෙදර්ලන්තයත් දන්නවා.

    හැබැයි නෙදර්ලන්තය පිටියට එන්නේ පරදින්න නෙවෙයි.

    ඔවුන් කණ්ඩායම් රැස්වීම් වල පුහුණුකරුවො, විශ්ලේෂකයො ලබා දෙන සැලසුම් කොල වල ලියාගෙන පිටියට පවා ගේනවා.

    ප්‍රතිවාදීන් හොඳ තැනක ඉද්දි, හැමෝම එකතු වෙලා ඒ කොල කියවනවා.

    ප්‍රතිවාදීන්ගේ සෑම පිතිකරුවෙකු පිළිබඳවම ලියූ සැලසුමක් ඔවුන් සතුව තියෙනවා.

    ඔවුන් ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

    නෙදර්ලන්තය ලෝක කුසලානය සරලව අරගෙන නැහැ. ඔවුන් දිනන්න ක්‍රීඩා කරනවා.

    ඊයේ තරගයේ නෙදර්ලන්තය ජයග්‍රාහී තැනක සිටිය දී, විචාරක අසුනේ සිටි සංජේ මංජේකාර් අපූරු කතාවක් කියනවා.

    'නෙදර්ලන්තයේ ඊළග තරගය ශ්‍රී ලංකාව සමගයි, ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය බලමින් ඉන්නවා ඇති. අනිවාර්යෙන්ම ඔවුන් කනස්සලට පත් වී ඇති' යැයි සංජේ මංජේකාර් කිව්වා.

    ඒ මොහොතේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා, තමන්ගේ ලයිව් ස්ට්‍රීමිං මිතුරන් සමග ෆේස්බුක් ඔස්සේ සජීවීව 'පබ්ජී' (PubG) ක්‍රීඩා කරනවා.

    ධනංජය ද සිල්වා ට අනුව ඔහුගේ ප්‍රියතම දේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩා කිරීම.

    නමුත් රැකියාවක් ලෙස ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේත් යෙදෙනවා.

    සිය උප නායකයා සහ කණ්ඩායම් සගයා ක්‍රීඩා කරන අයුරු, හිටපු නායක සහ ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සජීවීව නැරඹූවා.

    ඉතිරි ක්‍රීඩකයන් ද ඒ මොහොතේ එක්කො සමාජ ජාලා වල හෝ සමාජ ශාලාවකට වී ඉන්න ඇති.

    සංජේ මංජේකාර් කියූ ලෙස ඔවුන් කිසිවෙක් නෙදර්ලන්ත දකුණු අප්‍රිකා තරගය නැරඹූවේ නැති බවත්, එහි ප්‍රතිඵල දැක කනස්සලට පත් වුණේ නැති බවත් විශ්වාසයි.

    මේ සමස්ත සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද පත් වී ඇති අර්බුධය හොඳින් පැහැදිලි කරනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතු දරුණුම අර්බුධය නම් ක්‍රීඩකයන්ගේ වෘත්තීමයභාවයේ ඇති මේ ගැටලුවයි.

    මෙරට ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ රට නියෝජනය කිරීම හෝ තරග ජය ගැනීම හෝ ක්‍රීඩාවට ඇති ආසාව නෙවෙයි.

    ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මූල්‍යයමය වරප්‍රසාද වෙනුවෙන්.

    ඔවුන් සියලූම දෙනාගේ ජීවිතයේ පළමු ආදරය ක්‍රිකට් නෙවෙයි.

    ඔවුන් වෙනත් ආශාවක් සංතෘප්ත කරගැනීමට අවශ්‍ය මූල්‍යයමය ප්‍රතිලාභ ලබා ගැනීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

    ධනංජය ද සිල්වා ප්‍රිය කරන්නේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරන්න.

    ඒ වෙනුවෙන් සහ ජීවත් වීමට ඔහුට මුදල් අවශ්‍යයි.

    ඒ මුදල් උදෙසා ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

    සෙසු ක්‍රීඩකයන්ටත් එවැනි ප්‍රිය කරනා දෑ, හීන සහ ඉලක්ක තියෙනවා.

    එම හීන සහ ඉලක්ක සපුරාගැනීමට ක්‍රිකට් වටිනා රැකියාවක්.

    ක්‍රිකට් ක්‍රීඩාව වටා විශාල මුදලක්, ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක්, සිවිල් බලයක් සහ ජීවන ‍රටාවක් බැඳී තියෙනවා.

    මෙරට වත්මන් ජාතික කණ්ඩායමේ අතිබහුතරයක් ක්‍රීඩකයන් බැඳී සිටින්නේ ක්‍රිකට් සමග ලැබෙනා මේ ජීවන රටාවට මිසෙක ක්‍රිකට් ක්‍රීඩාවට නෙවෙයි.

    මිනිස්සු උවමනාවෙන් කරන්නේ, ලැබෙනා හැම මොහොතකම සුදානම් වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන, තමන් ආසා කරන දේවල් වලදී විතරයි.

    බහුතරයක් මිනිස්සු රැකියා කරන්නේ, ඉන් ලැබෙනා වැටුපට ඇති ආශාව නිසා මිසෙක රැකියාව කිරීමට ඇති ආශාව නිසා නෙවෙයි.

    අවාසනාවට සෙසු සෑම රටකම ක්‍රීඩකයන්ගේ ආදරය, උවමනාව සහ ආශාව ක්‍රිකට් වෙද්දි, මෙරට ජාතික කණ්ඩායමට එය රැකියාවක් පමණයි.

    නෙදර්ලන්‍ත ක්‍රීඩකයන් සෑම තරගයකම කොල පෙරලමින් ක්‍රීඩා කරද්දී, ඕනෑම පරාජයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිනාසෙමින් සිටින්නේ ඒකයි.

    ක්‍රීඩකයෙකුගේ තාක්ෂණික දුර්වලතාවයක් පුහුණුකරුවන්ට නිවැරදි කිරීමට පුලුවන්.

    නමුත් ක්‍රීඩකයෙකුගේ ආකල්ප දුර්වලතාවයක් පිටස්තර පුද්ගලයන්ට නිවැරදි කිරීමට බැහැ.

    ඕනෑකම, උවමනාව, දේශප්‍රේමය බලෙන් ලබා දිය හැකි දේවල් නෙවෙයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කිසිදා යළිත් ගොඩනැගිය නොහැකි බව තතු දත්තො කීමට ඇති හේතුව ඒකයි.

    ReplyDelete
  7. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිවුස් හා දුෂ්මන්ත චමීර කැඳවා තිබේ.

    ඔවුන් අතිරේක ක්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිතව ඇත.

    ඒ අනුව ඔවුන් ඉක්මනින්ම කණ්ඩායම් සමග එක් වීමට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව අවසාන ස්ථානයේ පසු වන අතර මුල් වටයෙන්ම ඉවතට විසි වී යාමය වැඩිම අවදානමක් ඇත.

    ReplyDelete
  8. ගාසා තීරයට අතිගරු සජිත් පෙම්දස් මැතිඳුන් වහා සිය සිරිමුඛයෙන් වදාරමින් ක්ෂණීක විසදුම් ලබා දෙයි.. වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැදවන්නැයි UN එකට අණ කරයි !

    ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම් වහා නැවැත්වීම සඳහා ආරක්ෂක කවුන්සිලයේ වහා කැඳවන ලෙස ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ශ්‍රී සම්බුද්ධ ශාසන සෝබන සිරි ශාසන ශෝධක මිහින්තල පුජාභූමී ආලෝකපූජිත අතිශය ජනප්‍රිය මිහින්තල සොරගණ පශ්චීම ශෝධක කීර්ති සිරි ශාසන භක්ෂක අතිගෞරවාර්හ පූජනීය වන්දනීය ශ්‍රී මුඛෝපේත ශ්‍රී ගුදාලම්බන අතිපූජනීය වන්දනීය අතිගරු සිරි විපක්ෂ කීර්ති ගරු රණසිංහ පුත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාණන් වහන්සේ එක්සත් ජාතික සංවිධානයේ විශේෂ ඉල්ලීමක් කරයි.

    ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට වැඩි රෝගීන් පිරිසගේ ජීවිත අහිමිවී ඇති බවද පැවසූ ඔහු මේ වන විට යුධමය තත්වය හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 1400ත් පලස්තීන ජාතිකයන් 3000 ප්‍රමාණයක් මියගොස් ඇති බවද ඒ මහතා කෝපයෙන් පෙන්වා දුන්නේය.

    මේ සියල්ල මහා ජන සංහාරයක් ලෙස හැඳින්විය හැකි බවද කී විපක්ෂනායකවරයා තත්ත්වය සමනය කිරීමට වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

    ගාසා තීරයේ සිදුවන ත්‍රස්තවාදය හා ඊශ්‍රායල රජයේ රාජ්‍ය ත්‍රස්තවාදය නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

    ReplyDelete
    Replies
    1. අඩෝ ගොන් ජෙපි ඇනෝ බූරුවෝ

      අර වලකජ්ජ ගහපු ජැක්සන් කාරයා අද හිටියනම් එදා මැදමුලනේ පොල් රැවුල් රටගොන් මෛනාව මුරුංගා අත්තේ තියලා ෆෝම් කළා වගේම මෙදාසැරේ මාලිමා වේදිකාවට නැගලා බොනිකර තරු කෙබර කුමාර කයියනායක රිලවාව වර්ණනා කරයි "එදා ඉතිහාසයේ හිටපු විශිෂ්ටතම රජෙක් වූ චේතිය රජුගේ මීමුණුබුරා නම් මූ මය" කියලා ඔය ගොන් කයියා ගැන බයිලයක් ගසයි. මාලිමාව රෙදි නැතුව කඩේ යන හද්ද ගොන් පොල් බූරු මීහරක් වහල් හැත්තට ඉතින් මෙලවින් මෙලව මොළේ කළඳක් තියෙන එකක්යෑ? ඒ හරක් හැත්ත ෆෝම් වෙලා ගස් බඩගාලා උඩපනීවී "මාලිමාවට ජය වේවා කියලා" පට්ට ආතල් එකක් ගන්න තිබුණා එහෙම නම් 🤣😂😆

      Delete
  9. Saumyage huththata diwa dala juice urala bonna aasayi.

    ReplyDelete
  10. චීන විදුලි වාහන නිශ්පාදනය කරන සමාගම් සහ චීන සූර්ය බල සහ සුලං බල විදුලි බල පද්ධති නිශ්පාදනය කරන සමාගම් සමග ලංකාවේ රජයේ මෙහෙයවීම යටතේ ලාංකික ව්‍යාපාරික නියෝජිතයන් කරන ලද සාකච්ඡා වලට අනුව ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය, විදුලි වාහන සහ පුනර්ජනනීය විදුලි පද්ධති කොටස් නිශ්පාදනය කිරීම සහ පද්ධති එකලස් කිරීම ගැන චීනයේ දී සාකච්ඡා සාර්ථක වී තිබෙනවා

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවෝ පෝට් සිටි දෙවන අදියරට ගිවිසුම්ගත වෙමින් පෝට් සිටි ව්‍යාපෘතියත් සාර්ථකව ක්‍රියාත්මක වන බව පේන්න තියෙනවා නේද? ඉස්සරහට මේවා සාර්ථකව ඉදිරියට යයි වගේ නේද?

    ReplyDelete
  11. ඔහොම තමයි බන් ඉරානයේ මහජන ඡන්දයෙන් පත්වූ සමාජවාදී අගමැති මො. මුසන්දෙක් එලවලා ෂා ට බලය මාරු කරන්න හදපු අවුලවපු ආගම්වාදී ගින්න ඇවිලිලා ෂාහ්ටත් කෙළලා ලොවෙත් නැතී කුමේනියෙක් හදහා ඉරාන තෙල් නිධි ලෝකයටම අහිමි කර දුන්නා, සෝවියට් හිතවාදී ඇෆ්ඝනි නායක නජිබුද්දීන්ට කෙලින්න හදපු මුජහිදීන්ලා සහ පසූව උන්ට කෙලින්න පකිස්ථාන අයිඑස්අයි හරහා හදපු තාලිබාන්ලා ආපහු ඒ ආයුධවලින්ම රිට්න් එක දුන්නා, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් වල කචල් හදන්න භාවිතා කරපු උසාමා බින් ලාදන් වගේම ඉරාකයේ සදාම් අසුව දශකයේ ඉරාන ඉරාක යුද්ධය කුවේට් ආක්‍රමණය ඔය හැම දෙයක්ම එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික දේශපාලනික බලය අල්ලගෙන කපටිකමෙන් ලෝක බලවතා වෙන්න ගහපු ගේම් වල කොටසක් විතරයි, ලංකාවේත් කොහේ හරි ටවුන් එකකට/ගමකට බාර් එකක් එපා කියලා උද්ත්ගෝෂණයක් යනවා නම් ඒක මෙහෙය වන්නේ

    1. එහා ගමේ/ටවුන් එකේ බාර් එකේ අයිතිකාරයා
    2. ගමේ කසිප්පු බිස්නස් එක රන් කරන එකා

    වීමේ හැකියාව 90% වඩා වැඩියි. ඕව ඉතිං ලෝක ස්වභාවය තමයි.

    ReplyDelete
  12. ආදරණීය විසිඅටක් තිහක් උන තනිකඩ පාඨක සඟයනි,

    ඉංග්‍රීසි ලස්සන කියමනක් තියනව කියන්නම්..

    " Enjoy your season of waiting “. මේ වචන ටික සිංහලට පර්වර්තනය කරලා කියනවට වඩා මෙහෙම ගති. ඒකයි සුද්දගේ භාශාවෙන්ම කියල දැම්මේ. විසිඅටක් තිහක් වෙලා මේ දවස් වල තනියම ඉන්නවා කියන්නේ සම්බන්ධකම් නිසා පදම් වෙච්ච මිනිස්සු පිරිසක් තමයි ඔබ තමුන් වහන්සේලා.
    තමන් තනිකඩව ගෙවන කාලය විනෝදයෙන් , සතුටින් , ආතල් එකෙන් ගෙවන්න කියලයි මේ කියන්නේ. ඔයා ඕනිම වයස් කාණ්ඩයක , ඕනිම තරාතිරමක ඕනිම විදියේ කෙනෙක් වෙන්න පුලුවන් . එහෙම ඔයා තමන්ගේ පපුව මැද්දටම දැනෙන පිරිමියෙක් ගැහැණියෙක් හරියටම හම්බෙනකන් හදිසි නොවී තමන්ගේ තනිකඩ ජීවිතේ විඳින්න. මොකද ඔලුව කන Toxic relationship එකක හදිසිවෙලා පැටලෙනවට වඩා තනියෙන් ගෙවෙන දවස් සෑහෙන්න හොදයි! .

    පොඩ්ඩක් පාළු දැනෙයි, තනිකම දැනෙයි හැබැයි වෙනකෙනෙක් නැතුව මේ ගේම ගහගන්න පුලුවන් . මේක ඔයාගේ අවුලක් නෙවේ. Nothing is wrong with you, it is not just your time. මේ තනියෙන් ඉන්න කාලෙදි ඔයා ඔයාට වැඩිපුර තව ආදරේ කරන්න ගන්න. ඔයාගේ හීනවලට පණ දෙන්න බලන්න. ඔයාව සතුටින් තියන්න පුලුවන් හැමදේම කරන්න.
    ආදරය ඉල්ලන් පස්සෙන් යන්නවත් , ආදරය හොය හොය තැවෙන්නෙවත් නැතුව කාලය සතුටින් ගතකරන්න. දේවල් ඒ ඒ වෙලාවට වෙයි. ඒක අපිට හිතාගන්නවත් බැරි වෙලාවක හිතාගන්නවත් බැරිවිදියකට වෙන්න පුලුවන් .
    මොකද අහම්බක්කාරක මුණගැසීම් තමයි ජීවිතේ පුරවන්නේ.
    මේක කියවලා ඉවරවෙද්දී මෙහෙම හිතුණොත්..
    " උඹ නම් කියයි මට මේ භය ජීවිත කාලෙම තනියෙන් ඉන්න වෙයි කියල " නම් තනියම ගෙවන ජීවිත පවුල් පංසල් වෙච්ච ජීවිත වලට වඩා නිදහස්ව , සාමකාමීව, සතුටින් ගෙවෙන බව මතක තියාගන්න.

    if that someone comes ,

    then good, but if not ,

    then so much better to be honest 🫶🏿

    Kovindu Prabhashwara De Azavedo
    2023/10/19

    ReplyDelete
  13. මාතලන් ඊශ්‍රායල ප්‍රශ්න ගැන කතාවට එන්න කලින් අපි අධ්‍යාපනය ගැන පොඩියට විමසා බලමු. ඇත්තටම මම ශිෂ්‍යත්ව විභාගය ලීව්වේ 2002 වසරේ දී, ජීවිතය ගැන හරියට අවබෝධයක් නැති නොමේරූ ලාබාල සිසුවකු විදියට අනූ දෙකේ සැප්තැම්බර් දහය ඉපදුන මට 2002 ශිෂ්‍යත්ව විභාගෙන් තිබුණෙ ලකුණු 121යි. ඒ වතාවෙ විභාගය සමත්වෙන්න අවශ්‍ය ලකුණු ගණන 134ක්. ඉතිං මං අසමත්.! කුඩා දරුවෙකු විදියට මම සෑහෙන දුරට කඩාගෙන වැටුනා මනසින් !

    ඉන් පස්සෙ එන විභාගෙ ඕලෙවල්, ඒක පාස් වෙන්නනම් ගණන් පාස් කරගන්න ඕන. නමුත් මම හිටියෙ ගණන්වලට S පාස් එකක්වත් ගන්න සුදුසු තත්වෙක නෙවෙයි. මට 10 වසරේ අවසාන වාර පරීක්ෂණය වෙනකම් කිසිම දවසක ගණිතයට ලකුණු 50ට වඩා තිබුණේ නෑ. 8 වසරෙදි මගෙ ලකුණු 10%යි. 9 වසර වෙද්දි යාන්තම් හතලිස් ගාණක් ගත්තා. ඒ කාලෙ ඕලෙවෙල් ෆේල් වෙන නවනිංගිරාවෙන් බේරෙන්න මම නොකරපු දෙයක් නැහැ.

    6 වසරෙ ගණන් පොතෙන් පටන් අරන් හදන්න පුළුවන් හැම ගාණක්ම හැදුවා. හදන හදන ගණන් වැරදුනා.!!

    මම ඕලෙවල් ලීවෙ 2008 අවුරුද්දෙ. ගණිතයට මට A එකක් ලැබුනා.. !

    හැබැයි, ඒලෙවල් පංතියේදී ජීව විද්‍යා විශය ධාරාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලෙට යන්න මට තුන්පාරක් විභාගෙ ලියන්න උනා.

    ශිෂ්‍යත්වෙන් හොඳම ලකුණු අරගෙන කැම්පස් යන්න බැරිවුනු අය හිටියා. ඒ වගේම සාමාන්‍යපෙළ මටත් වඩා අඩු සාමාර්ථ ගත්තු නමුත් මටත් කලින් කැම්පස් ගිය අය හිටියා.!!

    ඒලෙවල්වලදී මට වඩා අඩු z-scores තිබ්බ සමහර අය මාත් එක්කම කැම්පස් ඇවිල්ලා, කැම්පස් එකේදී මටත් වඩා ලකුණු ගත්තා.

    ඒලෙවල්වලින් යාන්තම් cut-off එකෙන් කැම්පස් ඇවිල්ලා කැම්පස් එකේදී 1st class ඩිග්‍රිය ගත්තු අය හිටියා, ඒලෙවල්වලින් වැඩිම Z- scores අරන් කැම්පස් එකේ repeat වුන අයත් හිටියා.

    බොහොම අමාරුවෙන් ගණන් ටික හදලා ඕලෙවල් පාස් කරගෙන, තුන් පාරක්ම ඒලෙවල් ලියලා විශ්ව විද්‍යාලෙකට ගිහින් උපාධිධාරියෙක් විදියට එලියට එද්දී ඕලෙවල් ෆේල් උනු මගේ සමහර යාලුවො ගෙයක් හදල, කසාදයක් බැඳලා, කාර් එකකුත් අරන් ළමයින්ටත් ඉතිරිකරන තරමට ධනය උපයලා තිබුනා.!!

    අපි උපාධිධාරීන් විදියට එලියට එද්දී ඒලෙවල්වලින් ඉගෙනීම නවත්තපු සමහර අය සමහර ආයතනවල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් හිටියා.

    මම කැම්පස් එකේදී කිසිම විභාගයක් repeat වෙලා නැහැ. නමුත් අපි උපාධිය ගත්තට පස්සෙ විශ්ව විද්‍යාලයේදි repeat උන මගේ සමහර යාලුවන්ට මටත් කලින් රැකියා ලැබුනා.

    කැම්පස් එකේදී 1st class ඩිග්‍රිය ගත්තු සමහරුන්ට වඩා සමහර general degree holders ලා වෘත්තීයෙන් ඉහලට ගිය අවස්ථා තිබුනා.

    Class එකක් ගත්තු සමහර අය පළවෙනි උපාධියෙන් අධ්‍යාපනය නතර කරද්දී MSC, එක කරලා එතනින් Phd කරන්න තරම් අධ්‍යාපනය ඉදිරියට අරගෙන ගිය general degree holdersla හිටියා.

    ඒ සමහර ආචාර්‍යවරු, මහාචාර්‍යවරුන්ගෙ ශිෂ්‍යත්වය ප්‍රතිඵල බැලුවාම එයාලා ෆේල්..!!

    මමත් ශිෂ්‍යත්වය ෆේල්..!!

    ඒ හින්දා ශිෂ්‍යත්වය කියන්නේ මට විභාගයක් නෙවෙයි.!!

    හැම මනුස්සයෙක්ටම තමුන්ගේ ජීවිතය විසින් ලියන කතාවක් තියෙනවා. මේ කතාව එක එකාගෙන් වෙනස්. එක් තැනක සාර්ථකත්වයෙන් හෝ අසාර්ථකත්වයෙන් අර සමස්ථ කතාවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ගැන අපට නිගමන දෙන්න බැහැ. ජීවිතය කියන්නේ මේ මොහොත, ඒ කියන්නෙ ඔබත් මමත් ගතකරන මේ තත්පරය. එතනදී අතීතය හෝ අනාගතය මත අපට රඳා පවතින්න බැහැ..!!

    ඒ වගේම ලියන හැම විභාගයක්ම පාස් වෙලා, රැකියාවෙනුත් ඉහලටම ගිය, නැත්නම් විභාග මොනවත් නොකර ව්‍යවසායකත්ව දක්ෂතාවයෙන් ව්‍යාපාර ගොඩනගලා කෝටිපතියෙක් උනත්, ඒ අය පවා මේ ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ජීවිතේ මොනවා හෝ යමකින් " "ෆේල්" වෙන්න පුළුවන්..!!

    අපි කාටවත් හැමදෙයකින්ම "සමත්" වෙන්න බෑ..! අපේ කොතැනක හරි මොනයම්ම හෝ failure එකක් තියෙනවා. මේ නිසා සාර්ථක මිනිස්සු හෝ අසාර්ථක මිනිස්සු කොහේවත් නැහැ. හැම මනුස්සයෙක්ම මොන අංශෙකින් හරි සාර්ථකයි..!!

    නමුත්,

    සාර්ථක වැඩ දහයකින් පස්සෙ එක වැඩක් අසාර්ථක උනාම තමුන් අසාර්ථකයි කියල හිතන මනුස්සයෙක්ට වඩා, අසාර්ථක වැඩ දහයකට පස්සෙ එක වැඩකින් සාර්ථක උන තමුන් සාර්ථකයි කියල හිතන මනුස්සයෙක් සතුටින් ඉන්නවා..!!

    ඔය පුද්ගල සාර්ථකත්වය වගේම රටක වුණත් සාර්ථකත්වය වගේම ගෝලීය භූදේශපාලනය තුල පිලිගත් සාර්ථක රටක් විදියට අන්රටවල පිලිගැනීම සහයෝගය සහ හොඳහිත දිනාගෙන රටේ පුරවැසියන්ට ලෞකය පුරා සතුටුදායක සහ අභිමානවත්ව යන්නත් තම රටේ තෘප්තිමත්ව ජීවත් වෙන්නත් ඉඩ විවර කරන එක රඳා පවතින්නේ අනෙක් අයගේ හෝ අනිත් රටවල අදහස් අවශ්‍යතාවන් හෝ න්‍යාය පත්‍ර මත නෙවෙයි. කෙනෙක් වගේම රටක් වුණත් සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ එම රටේ වැසියන් තම රට දිහා බලන ආකාරය අනුව නිසා අපිත් අපේ රට ගැන මොන ප්‍රශ්න තිබුණත් එය වෙනස්කර ගත හැකි බවට දැඩි විශ්වාසයකින් සුභවාදීව බැලිය යුතුයි නේද?

    ReplyDelete
  14. යුද්දේ වහකදුරු වගෙ යැයි කියාගෙන
    සාමය උඩ දදා- ඉහළට උස්සගෙන
    ලොවම නසන්නට හැකි අවි තනාගෙන
    වෙළෙඳ පොළ සොයති; බලවන්තයො අමන!

    ReplyDelete
  15. මාතා සහ නිදිගේ දැක්කද ගාසාවේ සුපිරි ඇමරිකන් ලක්ෂරි වාහන චෙවි ටාහෝ ජීඑම්සී යුකෝන් ටොයොටා ප්‍රඩෝ, ලෑන්ඩ් කෲසර V8 නේ දුවන්නේ, ඇම්බියුලන්ෂ් පවා විසාල ඇමරිකන් භාන්ඩ ඒවා දුවන්න ලොකු හයිවේ තියා පාරවල ඉඩක්වත්, ගාසාවන්ට වතුර, බේත්, ආහාර නැතිවුනාට... මේච්චර ආපහු එන්න කියද්දී ලංකාවේ17කුත් දාල යන් නැතිව...එහෙටම වෙලා ඉන්නව කියන්නේ

    ආර්ථිකයක් නැති රටේ..

    මෙහෙට වඩා එහෙ ආතල් ඇති.

    "පුදුමයි නේ - දසුන් සානක"

    ReplyDelete
  16. ලෝකයේ දේශපාලන ගේම් වලට ආගමත් දඩමීමා කරගෙන තමයි ගොඩක් වෙලාවට ගේම් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න තියෙන්නේ

    " ආගම ඔබේ අහවල් දේ වැනිය.
    ඔබට එකක් තිබීම හොඳය
    ඒ ගැන ඔබ ආඩම්බර වීමද කමක් නැත.
    නමුත් එය ප්‍රසිද්ධියේ වැනීම නොකල යුතුය,
    එසේ කිරීමට යාම ඔබ මානසික රෝගියෙකු බව ලොවට කියා පෑමකි. "

    කියල තමයි ඉතින් 😊

    ReplyDelete
  17. මාතේ, මම අපේ මිතුරු ඩීජීඑම් බස්සාගේ කමෙන්ට් එකකින් ගත්ත කෑල්ලක් මේකට දාන්නම්

    "යුදෙව්වොත් එච්චරම සාධාරණයි කියන්න බෑ. ඒත් අපේ ඇස් පනාපිටම "දරුණු මිලේච්චත්වයක් " පෙන්නුම් කරන්නෙ අන්තගාමී මුසල්මානුවො. ඒ බව, සරණාගතයො වගේ බටහිරට ඇවිත් කරන දේ වලින්ම පෙන්නුම් කරනවා. කැමති නං, ලංකාවටත් පලස්තීන සරණාගතයො ටිකක් ගෙනැල්ලම බලතෑකි. අරියි කොහොමද දන්නවද, සබන් නැතුවම."

    මේකයි මටත් කියන්න තියෙන්නේ

    ReplyDelete
  18. කොල්ලෙක් සල්ලිකාරයෙක් වෙන්නයි තව එකෙක්ට ඩෙනිමක් ගන්නවත් බැරි වෙන්නයි හේතුව ප්‍රායෝගිකව කතන්දරයකින්.

    එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

    මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -
    "හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

    ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

    ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

    ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,

    "ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

    අවසානයේදී ඔහු මෙහම කියනවා,

    " කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

    රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,
    රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

    මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න.

    සටහන - Binura Yasas

    ReplyDelete
  19. අජිත් ධර්මකීර්ති මහතා විරෝධයක් දක්වුවාත් නැතත් ගාසා තීරයේ ගැටුම සදහා මුදල් ලබා දෙන්නේ ඉරානය සහ ඇමරිකාව විසිනි.

    අජිත් ධර්මකීර්ති මහතා වාසය කරන, පුරවැසිබව ලබා සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරයාද පසුගියදා ඊශ්‍රායිලය වෙත ගොස් සිය සහය දැක්වූයේය. දැන් අජිත් ධර්මකීර්ති මහතා සිටින්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් මෙන් යැයි කීම උගුඩුවොන්ටත් කරන අපහාසයකි. මෙවැනි නිර්ලජ්ජිත සටහනක් පල කිරීම මගින් ඒම ජන කොටස් වලට සිදු වූ අපහාසය කොතරම්ද?

    අජිත් ධර්මකීර්ති මෙවැනි නිර්ලජ්ජිත ප්‍රකාශ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොකිරීම මගින්ම ඔහුගේ දෙබිඩි පිළිවෙත පෙන්වයි. කොළඹදී සිංහල භාෂාවෙන් එකක් කියා ජාත්‍යන්තරට ගොස් ඉංග්‍රීසියෙන් තවෙකක් කියන වික්‍රමසිංහ ජනපති මෙනි.

    ඒ තබා වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මානු මාධ්‍යවේදීයෙක් හට තග දමමින් කතා කෙරු විටවත් අජිත් ධර්මාමහතා එහාට එරෙහිව වදනුකුත් සටහන් කලේ නැත. ඒ බියටද? නැතිනං තක්කඩි කමටද?

    දීප්ති කුමාර සහ නිර්මාල් දේවසිරි අතර අයිටීඑන් සාකච්ජාවෙදී අජිත් විසින් දීප්තිට ඉංග්‍රීසි බැරි බවට සටහන් කෙරු බ්ලොග් ලිපිය ගැන කතාබහක් ආවේය. එය සිදුකරන ලද්දේ අජිත් සහ දීප්ති අතර පවතින දීර්ඝ කාලින බල අරගලයක ප්‍රතිපල ලෙසය. කොළඹ මහජන පුස්තකාලයේ පාඩම් කරන අවදියේ පටන් ගත් ගැටුමකි එය. වාසනාවකට සුදර්ශන සභාපතිවරයා ගැටුම සමතයකට ලක් කළේය.
    නැතිනම් අජිත් ධර්මකීර්ති මහතාට සිය වස්ත්‍ර උනා දමන්නට සිදුවන්නේ එදාය.

    දැන් ඉහත ලිපිය සලකා බැලීමේදී "මම කුමක් ලියන්නද? එය බිම් බෝම්බ සහිත බිමක් නේ . මම කාගේ හෝ සිත රිදවන බව මට විශ්වාසයි.මේ බෙදීම කොතරම් විශාලද යත්, ඔබ කුමක් කීවත්, ඔබ එක් පැත්තක හෝ තවත් පැත්තක දෝෂ දර්ශනයට ලක් වනු ඇත." යන ජේද වල කිසිදු පැහැදිලි බවක් නැත. මෙයින් පෙනෙන්නේ අජිත් ධර්මකීර්ති මහතාගේ මනසේ ඇති අවුල් බවය.

    යමක් පැහැදිලිව නිරවුල්ව ලිවීමේ, කීමේ හැකියාව අජිත් ධර්මකීර්ති මහතාට නැත. ඒ බව නොදන්නා ඇතැමුන් ධර්මකීර්ති මහතාගේ සටහන් වල අමුතු දෙයක් ඇතියැයි සිතා අනුගාමිකයන් වෙයි. එනමුත් ඔවුන් නොදන්නේ අජිත් ධර්මමහතාද කිසිවක් නොදන්නා බවයි. අඩුම තරමේ අජිත් ධර්මමහතා තමා කිසිවක් නොදන්නා බව හෝ නොදනී. මෙම ලිපියද නැවත නැවතත් තහවුරු කරන්නේ එයයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න