.

.

Feb 20, 2022

කපුටාස් ඇන්ඩ් ක්‍රෝව්ස්

 


කපුටාස් ඇන්ඩ් ක්‍රෝව්ස්

➖➖➖➖➖➖➖➖➖


කපුටාස් කියන්නේ කාක්කන්ටය..


ඒක, ඒක වචනයක් නොව බහු වචනයක් වන්නේය. ඒක වචනය කාක්කාය.. 


ඉන්ගිරිසියෙන් කියන්නේ ක්‍රෝ කියලාය, කාක්කෝ ගොඩක් රෝස් වල ඉන්නකොට කියන්නේ... දෝස් ක්‍රෝස් ඉන් ඒ රෝස් කියලාය. සින්ග්ලීස් වලින් කියන්නේ කපුටාස් කියලාය.


අපේ අක්කා දවසක් ඉන්ගිරිසි පන්ති ගිහින් ඇවිත් එහා ගෙදර ආන්ටිට කිව්වේ.


ආන්ටි අපේ ඉන්ග්ලිස් ක්ලාස් එක හලි සෝක්. ඒකේ ඉස්පෝකන් ඉන්ග්ලිස් වලට ප්‍රයෝ රොටි දෙනවා කියලාය. ඒක අහපු ආන්ටි... ඉන්න පුතේ අපිත් හැන්දෑවට හැදුවේ පොල් රොටි කියා මටත් එක්ක පොල් රොටි දෙකක්ම දුන්නේය.


කෝමත් එයා කතා කරන්නේ සින්ග්ලිස් වලින්‍ය.ඒක තමයි ඕයි ට්‍රෙන්ඩ් එක කියා පොඩි අක්කාත් කිව්වේය. එයා පැටිකිව් මැනිකිව් කරන කම්පැණි එකක දැන් වර්ක් කරනවාය.


ක්‍රෝස්ලා කුණු කන්න රුසියෝය, කුණු වලට කියන්නේ ගාබේජ් කියලාය. 


සෝ සම් කපුටාස් ආෆ්ටර් ඊටින් ගාබේජ්.. දෝස් පකින් කපුටාස් ආර් ප්ලයින් ඕවර් ද ජම්බෝ ජෙට් ඇන්ඩ් හිට් ද රෝල්ස් රොයිස් ඇන්ජින්.... කියා සුද්දෙක් පාටියකදි කියලා තිබුනාය.


කාක්කා කළු උනාට කාක්කාගේ කක්කා සුදු පාටය.. 


කාක්කාගේ සුද පේන්නේ ඉඟිලෙන විටය කියා විසිවන සියවසේ මහා විජ්ජාග්නයකු වූ සේක්ස්පියර් කියලා තියෙනවාය. එතුමා එසේ කියා ඇත්තේ උන්දැගේ කළු කෝට් එකට කාක්කෙක් රිව්ව නිසාය...මේ කතාව එතුමා විසින් අයින්ස්ටයිනට කිව්වාම එයා කියලා තියෙන්නේ ඊට හේතුව ගුරුත්වාකර්සනේ කියලාය. 


මම ඕක  ලොක්කා වගේ අපේ ආච්චි අම්මාට කිව්වාම, උන්දෑ මට කිව්වේ ඇල්බට් උද්දික පුතාගේ අම්මගෙ රෙද්ද,.... කාක්කෝ එහෙම රෙන්නේ සෙනසුරු අපලෙ ලෙසටම ආවාමයි කියලාය. 


එහෙව් කාළෙට උන් ඔලුවට රීලා ඉතරක් නොව ඔලු ගෙඩියටත් කොටලා යනවාය කියා අපේ ආච්චි අම්මා කීවේය. 


ඒකට, පාන්තිරේට එළඟිතෙල් දමා කාක්කන්ට දුන්නාම .... උන් ඒක ගිල්ලාම.. සෙනසුරු අපලේ නැති වෙනවා ඕයි කියා සීයා කීවේය.


සේක්ස්පියර් මාමා, ඇල්බට් අයින්ස්ටයින් මාමා, අපේ ආච්චි අම්මා, සීයා වගේ මෙවන් දේ සොයාගත් අය තවත් බොහෝ අය මේ පින් බිමේ ඉන්නවා කියා දොරමඩලාවේ හසන්ත මමා දවසක් කීවේය. 


කාක්කා හා සෙනසුරු අතර ඇති මේ අපූරූ සංවේදී සන්නිවේදන තාක්ෂණය ගැන නාසා ආයතනයේ පර්‍යේෂණ පවත්වන විද්වත් මණ්ඩලයක් හා දොරමඩලාවේ පැවති ඉන්ටර්වල් එකකදි.... එක විජ්ජග්නයෙක් කීවේ සෙනසුරු දැන් යන්නේ කළු පාට ටෙස්ලා එකක කියලාය.  එයා වාහනේ මාරු කරලා තියෙන්නේ එහෙත් ඉන්ධන අර්බුධයක් තියෙන නිසාය කියලාද කීවෝය.


ඒක ඇහුවාම මට මතක් උනේ ආකිමිඩිස් කියලා මාමා කෙනෙක් හෙලුවෙන් බේසමේ නාද්දි තව මොකක්දෝ හොයා ගෙන සුලේඛා සුලේඛා කියා කියා මහ පාරේ නිර්වස්තරෙන් දිව්වාය කියා ගනං සර් ටියුෂන් පන්තියේ කීව වෙලේ කෙල්ලන්ගේ සුදු මූණූ ඔක්කෝම රතු වෙච්චි එකය. 


කෙල්ලන්ටත් කටුස්සන්ට වාගේ පාට වෙනස් කරන්න පුලුවන් බව මා සොයා ගත්තේ එදාය. ඒ උනාට ඒවා කවුරුවත් අගය කරන්නේ නැතිය. ඕන දෙයක් හොයා ගත්තාම අටපට්ටමට කියන්න ඕන හොඳේ කියන නිසා ඒකට කෝල් කලත් අද වෙනකන් කිව්වේ නැත්තේ ඇයි කියා මා තවම කල්පනා කරනවාය.


අපේ ලොකු අක්කාටත් සෙනසුරු අපලේ තිබූ කාළයේ හැම සෙනසුරාදා උදේම කිරි බත් ගුලි සහ ගිතෙල් පාන්තිර කාක්කන්ට කැව්වේය.


 ගමේ කාක්කෝ අඩු නිසා ඒවා කන්නේ වෙනින් කුරුල්ලෝය. ඒ නිසා අක්කා උන් එලවා දමා කාක් කාක් කාක් කියා කෑ හැහුවාම... මොකාද ඕයි මේ කපුටී කියා රැවටුන කාක්කෝ ඇවිත්.... කාක්කි නැති නිසා මල පැනලා ආයෙත් යනවාය. ඒත් අක්කා උන්ව අල්ලන්න... කපුටු කාක්.. කාක් කාක්... ගොරක දේන්... දේන් දේන්.. කිව්වම උන්ට අනුකම්පා හිතිලා මැගී පිටිකල කිරි බත් මැගී උම්බලකඩ සම්බල් එක්ක ගිලලා ඩෙසර්ට් එකට පාන්තිරෙත් ගිලලා යනවාය.


සෙනසුරු අපලේ අවුරුදු දහ අටක්ම තියෙනවා කිව්වාට අපේ අක්කා කැම්පස් ගිය ගමන් කොළඹ කාක්කෙක් අල්ල ගත්තේය ඒත් බඳින්න හොයන කොට මූත් කොළඹගේ ආර කියන පැත්තේ එකෙක්‍ය. මූ අක්කට ගම කොහේද ඇහුවාම කියලා තියෙන්නේ අන්තිම හරිය ගිලගෙනය.


කොහොම හරි ගං කබරයෙක්ම සෙට් වෙච්චි එක ගැන සෙත් පතා අම්මා කපුටු බෝධියට පඬුරක් ගැට ගැහුවේය. ඒකේ බැසිල් මහතාගේ සියළු අපල දුරු වේවා කියා කොඩි හතක් එල්ලලා තිබුනේය.


හතක් මොකටද අම්මේ කියා ඇසුවාම උන්දෑ කිව්වේ එයාට මොළ හතක් තියෙන නිසා කියා අම්මා කිව්වේය.


තාත්තා නම් කිව්වේ ඔය කොඩි මහන්න බාර දුන්න එකා ඕකෙන් 10% අමතර ගානකුත් කඩා ගන්න ඇතෙයි කියාය.


ඒ නොතේරුන අම්මයි මායි මූණට මූණ බලාන ඉන්න අතරේ තාත්තා මහ හයියෙන් බෝධිය යටම හිනා උනේය.


ඊට පහුවෙනිදා උදේ පාන්දරම කාක්කෙක් ඉස්සරහා ගහේ ඉඳන් කාක් කාක් කීවේය.

ආච්චි අම්මා කීවේ අද නම් නෑයෝ එනවාමයි බත් ටිකක් වැඩියෙන් තියහන් කියලාය.


දවල් පොලීසියෙන් ඇවිත් වරෙන්තු පිට උන් තාත්තා පොලීසියේ වාහනේම අරගෙන ගියේය. 


ආච්චි කිව්වේ කපුටු සාත්තරේ හරියටම හරි දැන් ඉතින් වැල නොකැඩි හත් මුතු පරම්පරාවම මේක අස්සේ රිංගාවී කියලාය.


මෛන්ද මහත්තයාට පණ උනත් දෙන අම්මා කිව්වේ.   ඔය මිනිහට ඔය පලදුන්නේ එදා පන්සලේ හිනා උන එකෙයි කියාය.


පොඩි අක්කා ප්‍රාදේශීයේ සභාපති හම්බ වෙන්න ස්කූටියේ ගියේය.


දේශපාලන පලිගැනීම් හා පැහැර ගැනීම් වහාම නවතනු කියා වමේ ක්‍රියාකාරි පාක්ෂිකයකු වන තාත්තාගේ පොටෝ එකක් එක්ක මම පේස්බුක් එකේ දමපු පෝස්ට් එකට ලැයික් 5000 ටත් වඩා ලැබී තිබුනේය.


චමුදිත මාමා හෙට මාව ඉන්ටවීව් කරන්න එනවා කියා කෝල් එකක් දුන්නේය..


.

40 comments:

  1. මාතලන් මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන බදු අය කිරීම නිසා ආර්ථිකයට වෙන හානිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    https://fb.watch/bhs3_ghWvQ

    ඒ වගේම මේක ගැන හිතන්නේ මොකද මාතා?


    ////පහුගිය යහපාලන රජය සමයේ විශාල වශයෙන් බදු අය කිරීම නිසා කඩා බිඳ වැටී තිබූ ආර්ථිකයට 2020 වසරේ බදු සහන ලබාදී නැවත වතාවක් ගොඩ යෑමට අවස්ථාව ලබා දුන්නත් ආණ්ඩුව එම සහන නැවත වතාවක් රිවස් කරමින් යහපාලන බදු නැවත වතාවක් පැනවීමට කටයුතු කරන නිසා ලංකාවේ ආණ්ඩුවට එරෙහිව පුද්ගලික අංශයේ අය දැඩි ලෙස විරෝධයක් එල්ල කරන අතරම ලංකාවේ ඉහළම ආදායම් ලබන විශාලතම සමාගම් 20ක ප්‍රධානීන් හෙට (පෙබරවාරි 21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතව තිබේ.

    ඒ අනුව එම සමාගම්වල හිමිකරුවන්, සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් මෙසේ ජනාධිපතිවරයා හමුවට කැඳවා ඇති බව සඳහන්.

    මෙහිදී මෙම ව්‍යාපාරිකයින්ට තමන්ගේ අවශ්‍යතා සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තම ගැටලුවලට විසඳුම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

    ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි කොඳු නාරටිය වන්නේ පෞද්ගලික අංශයයි. කිසිදු ආණ්ඩුවකට මෙම ව්‍යාපාරික ප්‍රජාව අත්හැර දැමිය නොහැකි අතර කවුරුන් ආණ්ඩු බලය ලබාගත්තත් සිදුවිය යුත්තේ මෙම ව්‍යාපාරිකයින්ගේ ශක්තිය වඩාත් ඵලදායී අන්දමින් දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා දායක කරගැනීමයි.

    මේ සඳහා අවශ්‍ය පසුබිම හිටපු ලේකම් පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙහි සිටි වසර දෙකක කාලය තුළම කිසිම විදිහකින් සකස් වූයේ නැති නිසා රටේ බොහෝ අවුල් හැදුනු අතරම කෙසේ හෝ නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සිය ධුරයෙහි වැඩ භාරගෙන ඉතාම කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපාරික ප්‍රජාව සහ ජනාධිපතිවරයා අතර සෘජු සන්නිවේදනයක් සඳහා අවස්ථාව සකස් කරදීම සැබැවින්ම අගය කළ යුතු බව පොදුවේ පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් පවසති///

    ReplyDelete
  2. IPL කියන්නේ මේ වෙද්දි ලෝකේ T20 ක්‍රිකට් වල ඉහලම ස්ටෑන්ඩර්ඩ් එක.. ඒ ගැන සැකයක් නෑ..

    එතනට යනවා නම් ප්ලේයර් කෙනෙක් අහන්න දෙයක් නෑ ඒ වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්.

    පහුගිය IPL ඔක්ෂන් එකේ ලංකාවේ ප්ලේයර්ස්ලා පස් දෙනෙක් ගත්තා.

    වනිඳු, මහීෂ්, චාමික, චමීර, භානුක..

    මෙතනින් හතර දෙනෙක් බෝලර්ස්ලා, බෝලිං ඕල් රවුන්ඩර්ස්ලා..

    එකම පිතිකරුවා භානුක.

    හැබැයි IPL තෝරගන්න ලංකාවේ T20 ටීම් එකේ එකම වර්ල්ඩ් ක්ලාස් පිතිකරුවා භානුක නැෂනල් ටීම් එකට ගන්නේ නෑ..

    කුසල් මෙන්ඩිස් ගන්නවා..
    භානුකගේ ෆිට්නස් ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ටෙස්ට් වලින් පාස්.

    එහෙම තියාගෙනත් මේ කැපිල්ල.

    හැබැයි මේ ෆිට්නස් ටෙස්ට් විකාරෙම මෝඩ වැඩක්.

    ඕවර විස්සක මැච් එකක පිතිකරුවෙකුගේ එකම ෆිට්නස් ස්ටෑන්ඩර්ඩ් එක වෙන්න ඕන ඒ පිතිකරුවට ගහන්න පුලුවන් දුර..

    ටෙස්ට්, ODI වලට ගැලපෙන ස්කින් ෆෝල්ඩ්, 2KM රන් වගේ ඒවා මේ ගේම් එකට ගෙනාවම වෙන්නේ යාර තිහෙන් උඩට ගහගන්න බැරි ගෝතයින් ටිකක් ඉතුරු වෙන එක.

    ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ දුර්වලකම තමයි අලුත් දෙයක් ආවම, වඳුරට දැලි පිහිය අහුවුනා වගේ හැම තැනටම ඒක ඇප්ලයි කරන්න යන එක.

    දවස් පහක් අව්වේ ගහන ටෙස්ට් මැච් මැච් එකක ෆිට්නස් රික්වයර්මන්ට් එකයි, බෝල 120ක මැච් එකක රික්වයර්මන්ට් එකයි දෙකක්. ඒක තේරුම් ගන්න ඕන මුලින්ම.

    භානුක IPL ගත්තේ ස්කින් ෆෝල්ඩ් මැනලා නෙවෙයි. ඒ ෆොමැට් එකේ වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන් කෙනෙක් නිසා

    ReplyDelete
  3. මාතලන් අයියේ ඇත්තටම අපි වැඩිය නොකා හිටියත් මහත් වෙනවා. ඒත් සමහර අය ඉන්නවා බත් පිගන් පුරෝලා 2-3 පාරක් එක වේලකට කනවා ඕනිම දෙයක් හැම වෙලේම කනවා. ඒත් ඒ අය කවදාවත් මහත් වෙන් නෑ.ඒක ශරීරයේ අභ්‍යන්තර මොනවා හරි නිසා ද?පැහැදිලි කරන්නකෝ මෙටබොලිසම් නිසා ද?

    ReplyDelete
  4. තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ විසි තුන් හැවිරිදි තරුණයෙකු සමග රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර එම සරාගී දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියාට හා තරුණයාට විරුද්ධව එම විවාහක කාන්තාව පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකාර ස්වාමියා හා තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

    නාගරික ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන හතළිස් තුන් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවලගේ නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් රාත්‍රියේ කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නට බලකර බියවැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් , පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත්එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය උදුරා පොළොවේ ගසා උදෑසන එළිය වැටුණු පසු පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇතැයිද පොලීසිය කියයි.
    මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන් කොළඹ ජනප්‍රිය පාසල් වල අධ්‍යාපනය ලබන බවත් තම ස්වාමියා සමග තම ව්‍යාපාරික ස්ථානයේ දිවි ගෙවන බවත් මෙයට පෙර අවස්ථාවක ද තම ස්වාමියා මඩු පල්ලිය වන්දනාවෙ ගිය අවස්ථාවකදී ද මෙලෙස වෙනත් අයකු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන්න බල කර බවත් එය එදින මගහැරුණු බවත් එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි .

    එම සිද්ධියෙන් පසු පැමිණිලිකාර කාන්තාව රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    ReplyDelete
  5. A cabinet subcommittee has been appointed to further Sri Lanka’s renewable energy agenda, President Gotabaya Rajapaksa said.

    Speaking at a conference held on Saturday (13) in Colombo with professionals representing various sectors, Rajapaksa said the Asian Development Bank (ADB) has provided expertise in renewable energy in the form of two advisors.

    “When we strive for change, there will always be challenges that get in the way. There are many challenges in the way of renewable energy. It is amid those challenges that I’m trying to take this initiative forward,” he said.

    The president said the Ceylon Electricity Board (CEB) has said it is “difficult to balance the grid”.

    Rajapaksa has repeatedly emphasised his vision for 70 percent of the country’s energy needs being met through renewable energy sources by 2030.

    In November 2021, Finance Minister Basil Rajapaksa said Sri Lanka planned to allocate 500 million rupees to facilitate private investment in the renewable energy sector with a view to adding 2,000 megawatts to the national grid in three years.

    Sri Lanka is currently in the midst of a power crisis, with the Public Utilities Commission of Sri Lanka (PUCS) openly requesting consumers to minimise electricity use during night-time peak hours to support the CEB to provide electricity without power shedding.

    According to media reports, power generation at the Kerawalapitiya power station has come to a standstill due to a technical glitch, while the Sojitz station was generating power at a limited capacity also due to a technical glitch Saturday evening which has since been restored.

    The CEB has also called for minimised consumption.

    The PUCSL, the CEB and the Lanka Electricity Company (Pvt) Ltd held a discussion on Saturday where the crisis was discussed.

    “We discussed how to minimise use causing the least inconvenience to consumers. I think the discussions went well. More information will be released to the media on Tuesday,” PUCSL Chairman Janaka Ratnayake told reporters.

    “We have cordially discussed whether we are going to go for long term power cuts, if so how it will be done and the reduced consumption we expect from the public,” he said.

    ReplyDelete
  6. සුද්දන්ටත් ඉංග්‍රීසි වරදින එකේ අපිට වැරදුනාට ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. සමහර අයට කිසිම බාසාවක වචන එක දිගටකියන්න බෑ. එය උපන් ගතියක්. ඒවගේ දේකට හිනා වෙන්නෙ ඉතාම පහත් නිහීන මිනිසුන්. ඒ උනාට මාතේ අර මහින්ද පතිරණලා වගේ වැරද්දක් උනේ නැහැ කියලා, “රජ්ජුරුවන්ට සීතාම්බර පට” අන්දවන්න හදන කේවට්ටයන් ගෙන් නම් පරිස්සම් වෙන්න ඕනෑ, බැසිල් වගේම ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු දෙනාම තමන්ගේ අඩුපාඩු සහ හැකියාවන් ගැන හොඳ අවබෝධයක් සහිතව හැකියාවෙන් වැඩ ගැනීමත් බැරි දේවල් පුළුවන් අයට පැවරීමත් කළ යුතුයි.

    මගේ යෝජනා;

    01. බැසිල් මුදල් ඇමති ධූරයෙන් ඉවත්වී ආර්ථික සංවර්ධන ඇමති ලෙස කතාව අඩුකර වැඩියෙන් වැඩ කළ යුතුයි. ප්‍රශ්න කළමණාකරණය සහ විකල්ප විසඳුම් සෙවීමේ වගකීම ඔහු ගත යුතුයි.

    02. මුදල් ඇමති ලෙස පොදු ජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කළ යුතුයි. ඔහු ආර්ථික විද්‍යා දැනුම සහිත විද්වතෙක් නිසා මාධ්‍ය සාකච්ඡා සහ සමාජ ජාල වල රටේ ආර්ථික ප්‍රශ්න සහ රජයේ සැලසුම් පිළිබඳ ඉතා හොඳින් සන්නිවේදනයක් සහිතව සංවාදයක් ගොඩ නැගිය යුතුයි, කබ්රාල් ද මීට සම්බන්ධ වුණාට කමක් නෑ.

    03. මුදල් අමාත්‍යංශයේ ලේකම් විදිහට ඉක්මණින්ම ධම්මික පෙරේරා පත් කළ යුතුයි, ඔහු විශේෂයෙන් වෙනමම ටීම් එකක් දාගෙන රටේ ආර්ථික ප්‍රශන වලට විකල්ප යෝජනා සහ සැලසුම් සකස් කළ යුතුයි, ඒවා ක්‍රියාත්මක කිරීමට උප්ක්‍රම යෙදීම සහ රජයේ ආයතන වලට ඒවා ප්‍රායෝගිකව හඳුන්වා දීම බැසිල්ට භාර දෙන්න පුලුවන් ඔහුගේ කපටි බුද්ධිය හොඳ වෙයි ඒ වගේ ජල්තර වලට.

    මේ වගේ ආණ්ඩුව පහිගිය වසර දෙක හමාරේම පෙර වැරදි සියල්ල ඇනලයිස් කළ යුතුයි, වියත් මගේ සෙට් එකට සහ වීරවංසලාට ගම්මන්පිලයාට මේ ටාස්ක් එක භාර දෙන්න පුළුවන්.

    ඊට පස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 150 ම සමග නිතර නිතර එක් රැස් වී මේ ගැන පුළුල් වශයෙන් සාකච්ඡා පවත්වමින් ඉතිරි කෙටි කාල සීමාවේදී වත් හර්වත් වැදගත් සැලැස්මක් සහිතව රට ගොඩ ගැනීමට ක්‍රියා කළ යුතුයි.

    විපක්ෂයේ පැත්තෙන් එදාවේල ටයිප් ආණ්ඩුවේ උන් කෙළින පිස්සු සහ එක එක ගොන් පාට් අල්ලගෙන තවත් ගොන් පාට් ලේකයක් අත අරිමින් ජනතාවට ජෝක් සැපයීම නවත්වා නුවණ පාවිච්චි කර මුලින්ම රටේ තියෙන සැබෑ ප්‍රශ්න තේරුම් ගෙන ඒවා විසඳීමට කළ යුතු දේ හදාරමින් තමන්ට බලය ලැබුනොත් කරන්නේ කුමක්ද කියන එක ගැන අභ්‍යන්තර සංවාදයක් කළ යුතුයි. ඊළඟට තම්න්ගේ සැලසුම් ඉතා ආකර්ෂණීය ලෙස සමාජ ගත කළ යුතුයි.

    විපක්ෂයේ මේ වැඩේ හරියට කරන්නේ චම්පික රණවක විතරයි, ජවිපෙට හරි හමන් සැලසුමක් නෑ දැන් දැන් වියත් මගේ උන් 2019 විතර ගහපු බයිලා කොපි කරමින් ඉල්මනයිට් වලින් ටයිටේනියම් හදන ඒවා වගේ බයිලා ගහනවා, ඒක කොරන්න රාජපක්ෂලා අවුරුදු දෙකක් දත කාලත් ආයෝජකයෙක් හොයාගන්න බැරි වෙච්චි සීන් එක මතක නෑ.

    විපක්ෂයේ රනිල් පාඨලී සමග සජිත් සහ ජවිපෙ මෛත්‍රීපාල වීරවංශ ගම්මන්පිලලා වාසුදේවලා සහ ආණ්ඩුවේ තවත් කට්ටිය එකතු නොවුණොත් බලය ගන්න ලැබෙන එකක් නෑ. ආණ්ඩුවට ඕල්ටර්නේටිව් විදිහට ඉන්නේ රනිල් සහ පාඨලී දෙදෙනා විතරයි සැබෑ වශයෙන්, ඒ නිසා ගොඩක් මිනිස්සු ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්නේ. මිනිසුන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා රට හැර යාම විතරයි තියෙන එකම විසඳුම දැනට නම්.

    ReplyDelete
  7. විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය ගැටලුකාරී වී ඇති අතර මිල ඉහල නොදැමීම මත තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේ. Petrol 220ක් කරන්න, ඩීසල් 160 වගේ කරන්න, Highway ගාස්තු රු 150කින් වගෙ වැඩි කරන්න කාර් වලට සහ වෑන් වලට. ලොරි වලට වැඩි කරන්න එපා. රජයේ මැති ඇමති සහ නිලධාරීන්ට නොමිලේ දෙන ඉන්ධන තවදුරටත් යම් ප්‍රමාණයක් කපා හරින්න වගේ දේවල් තමයි ඉතින් කරන්න වෙන්නේ.

    ReplyDelete
  8. මට තේරෙන හැටියට (මම කොමස් කරපු කෙනෙක් නෙවෙයි. මට තේරෙන හැටියට කියන්නෙ ඒ නිසා.) ලංකාවේ ආර්ථිකයෙහි ප්‍රශ්න වලට තියන දීර්ඝකාලීන උත්තර තමයි රටට ඩොලර් එන ක්‍රම වැඩි කරන්න ඕනි කියන එක. ඒකට මුලින්ම පොඩි පොඩි දේවල් කරන්න ඕනි. උදාහරණයක් හැටියට freelancing/ Online services කරන අයව දිරි ගන්වන එක වගේ දේවල්. පොඩි පොඩියට උනත් එයාල සමස්තයක් හැටියට ලොකු මුදලක් ගේන්න පුළුවන්කමක් තියන අය.

    අනිත් කාරණය තමයි ලංකාවේ සමාගම් විදේශ වෙළඳපොළට යොමුවෙන එක. හොඳම උදාහරණය වියට්නාමය. එයාලගෙ සන්නිවේදන සමාගම් අද අප්‍රිකාවේ තියනව. අයිතිය වියට්නාම ආරක්ෂක අමාත්‍යංශයට. එමගින් ඔවුන් වසරකට ඩොලර් බිලියන දෙකතුනක් රට තුලට ගේනවා. ලංකාවේ ඉන්න අය ඇත්තටම වැඩ කාරයො හැබැයි නිසි මගපෙන්වීමක් නෑ. ඒ නිසා දැනුම, ශ්‍රමය අයාලේ යනව. ටෙලිකොම් එකට, ඉංජිනේරු සංස්ථාවට පුළුවන් වෙන රටවල් වලට තමන්ගෙ මෙහෙයුම් දිගුකරන්න.

    අනිත් කාරණය නිෂ්පාදනය කරන විදේශ සමාගම් වලට පහසුකම් සපයල ලංකාවට ආකර්ෂණය කරන එක. රජයට ඒ සමාගම්වල කොටස් තියෙන විදිහට වැඩපිළිවෙලක් යෙදුවනම් හරි. එතකොට බදු හරහා ආදායම් උපයනවට වඩා හොඳින් රජයට ආදායම් ගන්න පුළුවන්. (මල නොතලා රොන් ගැනීමක්), හැබැයි වැඩේ තියෙන්නෙ අපේ දේශපාලකයන් ඒ ගැන හිතන්නේ නෑ. පගා සීන් වගේ වැඩ නිසා තමයි ඇත්තටම ආයෝජකයෝ රටට එන්නේ නැත්තෙ.

    ReplyDelete
  9. American English, Kaputaaz...

    මම අන්තර්ජාලයෙන් යෙහෝවා ලිපි කියවනවා, ඔවුන්ගේ සියවසක අත්දැකීම් ගැන වූ වාර්තා චිත්‍රපටයක ඇමරිකාවේදී ඔවුන්‍ට වූ හිරිහැර ගැන සඳහන්වුනා. ඒ අනුව පලමු ලෝක යුද්ධයට ඇමරිකාව සම්බන්ධවූ විට ඔවුන් හමුදා සේවයට යෑම ප්‍රතික්ශේප කලා. එසේම එකල ඇමරිකාවේ පැවැත්වුජාතික අභිමානය වඩවන උත්සව වලට හවුල්වීමත්.
    ජාතිකගීය ගැයීමත්, ජාතික කොඩියට ආචාර කිරීමත් ඔවුන් ප්‍රතික්ශේප කලා.

    එමනිසා ඔවුන්ට දැඩි හින්සාවන්ට මුහුණදෙන්න සිදුවුනා. මැරපිරිස් සහෝදරවරුන්/ සහෝදරියන් කොටුකරගෙන ඔවුන් ලවා ජාතිකගීය ගැයවීමටත්, ජාතිකකොඩියට ආචාර කරවීමටත් තැත්කලා. සමහර සාමාජික පවුල්වල ගෙවල් ගිනිතිබ්බා. ඔවුන් රැකියාවලින් ඉවත්කලා. ගම්වලින් පලවා හැරුනා. සමහර සහෝදරවරුන්ගේ වෘෂණ කපා ඉවත්කලා

    හ්ම්ම්.... ඕකතමයි රංජනී ඇමරිකාවෙ තත්වේ...

    ReplyDelete
  10. අනේ මන්දා බන් මාතලන්, රට හැම තැනින්ම කාබනික වගාවෙන් කරපු අස්වනු නෙලනව… අඩු හෝ වැඩි වශයෙන්, වී ගොයියන්ට දැන් අවුලක් නෑ වී මිල අම්බනක වැඩි වෙලා නිසා, හැබැයි පාරිභෝගිකයගේ තමයි පොකට් එකට තට්ටු වුණේ, ටෙලිෆෝන් කබ්බන්ගෙ මේන් ස්පොන්සර් අනුග්‍රාහක භවතුන් වන හාක්‍රොස් කෙමිකල්ස් කියන මහරාජා ගෲප් එකේ ෆන්ඩ්ස් වලින් නටපු සිරසෙන් පබ්ලිසිටි දීපු ටෙලිෆෝන් කබ්බො කියන රට හරක් රැලෙයි පුක් පඬි ජේ වී පී වහල් මීහරක්ගෙයි පදේට නටපු උං පෝර ඉල්ල ඉල්ල පුක දෙන්න ගිහින් පුකත් නැති කරගෙන දැන් කිච වෙලා ගිහින්, ටෙලිෆෝන් කබ්බන්ටයි ගොන් පඩ ජෙප්පන්ටයි තේරිල තියෙන්නෙ මේ යන විදිහට ගියොත් ඇපත් නෑ කියල ….කොහෙං හරි නාඩගමක් හොයාගෙන ඒක පබ්ලිශ් කරල ගොඩ යන්න බලන්නෙ….!

    විපක්ශයේ කට්ටියගෙන් රනිල් ලොක්කා මොළේ පාවිච්චි කරලා ගේම ගහනවා, මිනිහා මේ වගේ ගොන් පාට් වෙනුවට හැමදාම මොකක් හරි හරවත් දෙයක් යෝජනා කරනවා නේද?

    ReplyDelete
  11. මාත කොච්චර ආදායමක් ලැබුනත් ඒක නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ. හෝම් බෑන්ක් එකෙන් බජට් එක සැලසුම් කරන්න පුලුවන්. පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කොරන්න පුලුවන්. අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.

    විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්. ඒ වගේම මෙම software භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

    Link මෙතනින් ගනින්

    http://www.mediafire.com/file/00oty4uu0k84872/Home_Bank.rar/file

    ReplyDelete
  12. ළමාතන් අන්න කොල්ලො වගයක් භානුක රාජපක්ෂ ඉන්දියා ටුවර් එකට දාන්න කියලා SLC එක ඉස්සරහා පිකට් එකක් කරනවා �� උබට වෙන වැඩකුත් නැති එකේ මන්නෙත් දාගෙන ඒ පැත්තෙ ගිහින් ක්‍රිකට් බෝඩ් එකේ ශම්මිය හරි ප්‍රමෝද්‍ය කාරය හරි එලියට එන වෙලාවක් බලලා දෑත බදලා මන්න පාරක් දීපන්. උබට නඩුත් නෑනෙහ් �� මොකද කියන්නෙ? ��

    ReplyDelete
  13. මාතයියේ මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ මම හෙන අපතයෙක් සහ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි මගේ කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5 කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්. බැරිම තැන තම්යි මාතයියාගෙන් අහන්නේ මොකද මේකට කරන්නේ?

    ReplyDelete
    Replies
    1. කෑල්ලගේ නොම්මරේ එවපන්

      Delete
  14. ඇමරිකන් කාරයෙක් නිසා සිංහල බැරිකම ලැජ්ජාවට කාරණයක් නොවන්නේය.
    ලංකාවේ එකෙක් නිසා ඉංග්‍රීසි බැරිකම ලැජ්ජාවට කාරණයක් නොවන්නේය.

    ReplyDelete
  15. මාතා මේක මගේ ළඟම ඥාතියෙකුට වුණ වැඩක්. මිනිස්සු කොච්චර තව කෙනෙක්ව රවට්ටලා දෙයක් කඩා වඩා ගන්න දක්ෂද කියලා හිතුණා මේ කතාව අහද්දි. මේ වගේ නසරාණි වැඩ කරන මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න මේ කතාව අහගන්න

    මගේ නැන්දා නිතරම එයාගෙ පුතාගෙ (මගේ මස්සිනා අයියා) ගෙදර යනවා.උදේ 8ට විතර තියෙන කොළඹ බස් එකේ නැග්ගම පැය 3, 4ක ගමනක්.

    ගිය අවුරුද්දෙ දවසක ඔන්න නැන්දා මස්සිනාගෙ දරුවො බලන්න කොළඹ යන බස් එකට නැග්ගා.සීට් එකක් හොයාගෙන යනකොට හොඳ ලස්සනට ඇඳ ගත්ත තරුණ හාදයෙක් සීට් එකේ ජනේලේ පැත්තේ වාඩි වෙලා ඉඳලා, කොල්ලා ඉතිං නැන්දගේ බෑග් එකත් අරගෙන නැන්දට ජනේලේ පැත්තේ සීට් එක දීලා අනික් පැත්තෙන් වාඩි වුණාලු. අපේ නැන්දත් ඉතිං මගේ පුතාගෙ වයසේ වගේ පුතෙක්නෙ කියලා කතා කර කර ගිහින්.

    මේ තරුණ පුතා නැන්දාගෙ කටින්ම අපේ මස්සිනාගෙ නම ගම එහෙම දැනගෙන, "අනේ ආන්ටි (මස්සිනාගෙ නමත් කියලා, අපි හිතමුකො කමල් කියලා නම) කමල් මගේ හොඳම යාලුවෙක්නෙ ඉස්සර, දැන් කොහෙද ඉන්නේ, ගොඩක් කාලෙකින් හම්බුණෙත් නෑනේ" කියලා දැන් ඔන්න මස්සිනාව හොඳටම දන්න කෙනෙක් විදියට රඟපාලා. අපේ නැන්දත් ඉතිං පුතා ගේ යාලුවා එක්ක බොහෝම කුළුපගව කතාවට වැටිලා. බොහෝ වෙලාවට ගෑණු අය කතාවෙන් රවට්ටගන්න පුළුවන් නේ, ඉතිං අපේ නැන්දත් සියළුම විස්තර කියන්න පටන් අරන්.. මේ මනුස්සයා අපේ අයියගෙ ටෙලිෆෝන් නොම්මරෙත් අරන් "හලෝ මචං කොහොමද, අම්මා හම්බුණා බස් එකේදි... etc...." කිය කියා මහ ලොකු විස්තරයකුත් කතා කරගෙන.

    ඔය අතරේ කොල්ලා අහලා

    "ආන්ටි ලයිෆ් ඉන්ෂූරන්ස් එහෙම දාලා නැද්ද?"

    නැන්දා දාලා තියෙන ලයිෆ් ඉන්ෂූරන්ස් එකේ නම අහගෙන, "මමත් එහෙනෙ ව(ර්)ක් කරන්නේ ළඟදි ලොකු බෝනස් එකක් දුන්නනෙ, ආන්ටිට හම්බුණේ නැද්ද?" කියලා ඇහුවලු.

    නැන්දට එහෙම එකක් හම්බුවෙලා නැති නිසා මේ කොල්ලා දැන් කියනවලු

    "ආන්ටිට මම මේ සල්ලි අරන් දෙන්නම්, අපේ කමල්ගෙ අම්මට මේ වගේ උදව්වක් නොකර කොහොමද, ආන්ටි නුවරින් මාත් එක්ක බහින්න , මම ගිහින් කතා කරන්නම්" කියලා.හැබැයි අපේ නැන්දිට පොඩ්ඩක් හරි මොලේ තිබිලා එයා කියලා දැන් මට මග බහින්න බෑ කියලා. කොල්ලා ආපහු කියනවලු "එහෙනම් ID එක දෙන්න, මම ෆොටෝ කොපියක් අරන් සල්ලි ටික ඔක්කෝම අරන් දෙන්නම්" කියලා.නැන්දා ඉතිං ඒ වෙනකොටත් මේ පුතාට හොඳට ඇන්දිලා හිටිය නිසා හෑන්ඩ් බෑග් එක ඇරලා ID එක හොයලා දීලා.ඒකේ ඒ වෙලාවේ බ්‍රවුන් පේප බෑග් එකක වළලු දෙකක් දාගෙන ඉඳලා. මිනිහා ඕවත් හොදට බලාගෙන..

    පස්සේ මගදිම ටවුමක් ලං වෙද්දි බෙල් එක ගහලා හැඳුනුපතත් අරන් photocopy ය ගහගෙන එන්නම් කියලා ගිහින්. ටවුමකදි දුර යන බස් ටිකක් වෙලා නවත්තන් ඉන්න නිසා නැන්දත් කොල්ලා එනකන් ඉඳලා. බස් එක විනාඩි 5ක් විතර ඉඳලා යන්න හදනකොට නැන්දි කියලා මෙහෙම ළමයෙක් ගියා මගේ identity card එකේ ෆොටෝකොපියක් ගන්න, පොඩ්ඩක් ඉන්න කියලා.එතකොට කොන්දොස්තර තැන කිව්වලු, "අනේ මිස්, නාඳුනන කෙනෙක්ට එහෙම ID එක දෙනවද, මිනිහා හොරෙක් වෙන්න ඇති, දැන් මෙලහකට කොහෙට හරි පැනගෙන ඇති" කියලා. එතකොට තමා මෙයාට දෙලෝ රත්වෙලා තියෙන්නේ, බෑග් එකට අත දාලා බලද්දි වළලු දාපු බෑග් එක මිසින් ලු. බස් එකේ අයත් අහනවලු මොකද වුණේ මොකද වුණේ කිය කියා.. එයාව රවට්ටලා මිනිහා බැහැලා ගිහින් කියලා තේරිලා තියෙන්නේ ඒ වෙලාවේ.

    කොහොමහරි ඉතිං ඔතනින් ගියා ඇති කියලා හිත හදාගත්තලු.

    අද වෙනකන් ID එක හම්බුවුණේ නෑ..කතාව අහපු හැමෝම දොස් කිව්වා ඔච්චර ඔයා මෝඩද කියලා. ඉතිං ඇත්ත නේ, මෙහෙමත් මිනිස්සුන්ට රැවටෙනවද දෙයියනෙ.. හොඳම දේ මොකක්ද දන්නවද? එදා අපේ කමල් මස්සිනාට විනාඩි 5ක් විතර කෝල් කලානේ ඒ මනුස්සයා, අයියා ඒ දවසෙ ලංකාවේ ඉඳලත් නෑ.. කොහොමද ඇන්දිල්ල.. ??

    සමහර විට මේ කතාව කියවන්නත් පුළුවන් ඒ මනුස්සයා.. මටනම් ඌට ඉතිං කියන්න තියෙන්නේ ඕවා නම් මහ පහත් වැඩ කියලා විතරමයි වෙන මොනවද පණ නැති පොන්න මීහරක් කරන දෙකයි පණහේ පීචං වැඩ තමයි ඕවා, එච්චරයි.

    ReplyDelete
  16. මාතා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ ඉතාමත් ප්‍රවීණ මාධ්‍යවේදී "සත්‍යවාදියෙකුගේ දිනපොත" ලියූ පත්තර කලාවේ දැවැන්තයෙකු වූ ද ලංකාවේ ප්‍රධානතම ප්‍රමුඛ පෙළේ විප්ලවවාදී වාමාංශික මතවාද ප්‍රවර්ධනය කළ දක්ෂ දේශපාලනික ක්‍රියාකාරිකයකු වූ ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයා සිය දිවිසැරිය නිම කළ බව ආරංචි වූණා නේද? මේ ගැන පෝස්ට් එකක් දාන්න ඉක්මනට, සුප්‍රකට කවියෙක් වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පුත් සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයාට අපේ විප්ලවීය ආචාරය... !

    ReplyDelete
  17. මාතලන්, ඇත්තටම අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ ඊයේ පැවැත්වූවා මාතලන් ගියා ද?

    එහිදී බන්දුල පද්මකුමාරගේ බිරිඳ වන සමන්මලී පද්මකුමාර සහ මුතු පද්මකුමාර දියණිය ඇතුළු ඥාතීන්, හිතවතුන් සෑහෙන පිරිසක් පද්මකුමාරට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා මාතලන් ට හමු වෙන්න ඇති ඒ ගැන ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බංදුල පද්මකුමාර සමු ගත්තේ විද්‍යුත් ක්ෂෙත්‍රයේ සහ පුවත්පත් ක්ෂෙත්‍රයේ මාවත් දෙකක් විවෘතකරලා. එකක් ඔහුව වැඩි දෙනා දන්නා පරිදී "මුල් පිටුව"හරහා TV එකෙන් පත්තර කියවන්න පුරුදු කල පුද්ගලයා විදියට. අනෙක තමයි කාටත් අමතක සිංහල ඉරිදා පත්තර ඇතුලේ tabloid පත්තරයක් හරහා කලා⁣ ලෝකයේ තොරතුරු රසිකයා වෙත ගෙනියන්න තැනූ මාවත. මේ පිටුවට වැදගත් වන්නේ එම කාරණයයි.ඉස්සර සිනමා තොරතුරු රසිකයා දැනගන්නේ සරසවිය පුවත්පතින්. නමුත් හැමෝම ඒ පත්තරය ගත්තේ නෑ.ඔය අත⁣රේ බංදුල පද්මකුමාර සිංහල ඉරිදා පත්තර අතරට tabloid පත්තරයක් හඳුන්වා දෙනවා ඉරිදා ලක්බිම ත් එක්ක "රිද්ම"කියලා.සීමිත රසිකයන් පිරිසක් බලපු සරසවිය වෙනුවට ලංකාවේ ඉරිදා පත්තර අතරට සඳැල්ල,මීවිත,,රසඳුන වැනි tabloid පත්තර එකතු වෙන අතර ඒ ඔස්සේ සිනමා තොරතුරු වැඩිපුර ලාංකේය රසිකයා අතරට යන්න මාර්ගයක් තැනෙනවා.බොහෝවිට එම පත්තර වල මුල් පිටුව සැරසුණේ සිනමා තාරකාවන්ගේ තොරතුරු වලින්.ඇතුල් පිටු ඔවුන්ගේ gossip වලට ඉඩ තිබුණා.අන්තර් ජාලය පරිහරණය අඩු කාලේ සිනමා තොරතුරු ජනතාව අතරට ගියේ ඒ විදියට.අදත් අන්තර්ජාලය භාවිතා නොකරන වැඩිහිටියන් සිනමා තොරතුරු රස විඳින්නේ ඒ පත්තර කෑල්ලෙන්.ඒ නිසා ලංකාවේ tabloid පත්තර තියෙනා තාක් සිනමා රසිකයන් වන අපි ඔහුට ගරු කල යුතුයි.ඒ වගේම ඔහු කතෘව සිටි"සමුදුර"පත්තරය හරහාද ඔහු ලෝක සිනමාවේ තොරතුරු අප වෙත ගෙන ආවා.
      -----------------------------------------------
      ඒ වගේම ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂණයටත් අත ගසා තිබූ බව ඔබ දන්නේද ?උපුල් ශාන්ත සන්නස්ගල ගේ ප්‍රථම නවකතාව වූ "සරසවි දියණියෝ"ඔහු චිත්‍රපටියකට නගා තිබුණා.හැබැයි ඒ චිත්‍රපටිය පෙන්නුවාද නැද්ද කියලා මම දන්නේ නෑ.ඒ ගැන මම දැනගත්තේ ඒ පොතේ තුන්වෙනි මුද්‍රණයේ තිබුණ මේ රූපරාමු වලින්.

      හපු⁣තලේ තංගමලේ ආශ්‍රිත ගමක පීඩිත පවුලක ජීවත් වූ පවිත්‍රා විජයානි අඹේගොඩ නම් තරුණියක් කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණීමත් එක්ක ගොඩනැගෙන කතාවක් එම නවකතාවේ අන්තර්ගතයි.89 භීෂණ කාලෙත් එක්ක එදා තරුණ තරුණියන්ට කාකි ඇඳුම එපා වූ කාලයට සමගාමීව මෙම කතාව ලියැවී ඇති බව පෙනෙනවා.⁣සේනාංග පවිත්‍රාගේ ගමේ පෙම්වතා.වජිර campus එකේදි ඇයගෙන් ආදරය ඉල්ලලනවා..විමුක්ති ඇයගේ හොඳම යාළුවා වෙනවා...බෝඩිමේ අංකල් වෙනම චරිතයක්..ආණ්ඩුවට කාකි ඇඳුමට එරෙහිව campus එකේදි අරගල කරද්දි...සේනාංග සොල්දාදුවෙක් වෙනවා..

      මෙම වරිත ..පවිත්‍රා වටේ ගොඩ නැගී තියෙනවා.

      Delete
  18. කපුටාස් ගෝ හිට් ද ප්ලේන්. ඩොලර් ප්‍රොබ්ලම් ගෝ හිට් ද රටේ ඉක්නොමික්ස්. IT,S NOT A GLOBAL PROBLAM, BUT ඉට්ස් නයට කෑමේ පල විපාකස්. මාතලන් Go hit the economics problem and කල දුටු කල වල ඉහගං. AND OLSO 43 සේනාංක නොහොත් දිය යටින් ගින්දරස් HIT සජබ For knock down පුතාණෝ . ආලපාලු kaputas ley eggs පුතාණෝස් nest with out permission .පුතාණෝ KNOW only play පියානෝ. ආලපාලු CRIETE නැවුම් මාවත But now he is in 43 සේනාංක in future ආලපාලු will criate another game How ever ආලපාලු කාගෙ බෙල්ල කඩලා හෝ Wont to get power.

    ReplyDelete
  19. ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රධාන වූ නේටෝ සංවිධානයේ නූල් රූකඩ පාලකයකු යුක්රේන ජනපති වලොද්මීර් සෙලෙන්ස්කි ඇතුලු යුක්රේන ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් දැඩි ලෙස බලාපොරොත්තු වූ පරිදි ඇමරිකානු එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ කිසිම සහයෝගයක් නොලැබෙන තත්ත්වයක් යටතේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී අතිශය අසරණ වෙලා අනාථ භාවයට පත් වූ යුක්‍රේනයේ ජනාධිපති වලොද්මීර් සෙලෙන්ස්කි ජාතිය අමතමින් සංවේදී කතාවක් කර තියෙනවා, ඔහු ඉන් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළේ රුසියානු ජනතාවටයි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    "මම අද රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ගත්තා. එයට ප්‍රතිචාරය වූයේ නිහැඬියාවයි. සබැවින්ම නිහැඬියාව පැවතිය යුත්තේ දොන්බාසයේයි. එනිසයි මට අද රුසියානු ජනතාව අමතන්නට අවැසි ව තිබෙන්නේ. මම ඔබ අමතන්නේ ජනාධිපතිවරයෙකු ලෙස නොවෙයි. මම ඔබ අමතන්නේ යුක්‍රේන පුරවැසියෙකු ලෙසයි.

    කිලෝමීටර 2000ක දේශ සීමාවක් අප බෙදමින් ඇඳී තිබෙනවා. මේ සීමාව දිගේ ඔබේ හමුදාව ස්ථානගත කර තිබෙනවා. 200,000ක පමණ සෙබළුන් ද හමුදාමය යාන වාහන දහස් ගණනින් ද එහි රඳවා තිබෙනවා. ඔබේ නායකයන් අඩියක් ඉදිරියට තබා ඔවුන්ට අන්‍ය දේශ සීමාවකට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. මේ පියවර යුරෝපානු මහද්වීපය මත සිදුවන මහා යුද්ධයක ආරම්භය විය හැකියි.

    අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්‍රත්‍යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරාගන්නට තැත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසාගන්නවා. අප පහර දියත් කරන්නේ නෑ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකිනු ඇත්තේ අපගේ මුහුණයි. අපගේ පසුපස නොව ඉදිරිපසයි.

    යුද්ධය සුවිසල් ව්‍යසනයක්. මෙලොව ඇති සෑම දෙයකින් ම ඉහළ ම වන්දියක් ගෙවිය යුතු ව්‍යසනයක්. මිනිසුන්ට මුදල්හදල්, කීර්තිය, ජීවිතයේ ගුණාත්මක භාවය ඉන් අහිමි වනවා. ඔවුන්ගේ නිදහස ඉන් අහිමි වනවා. නමුත් ප්‍රධානතම කරුණ නම් මිනිසුන්ට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වීමයි. ඔවුනට ඔවුන්ම අහිමි වීමයි.

    යුක්‍රේනය රුසියාවට තර්ජනයන් මතුකරන බව ඔවුන් පවසනවා. අතීතයේ දීත් වර්තමානයේ දීත් අනාගතයේ දීත් එය නොවෙයි සත්‍යය වන්නේ. ඔබ NATO වෙන් ආරක්ෂාව පිළිබඳ සහතික ඉල්ලා සිටිනවා. නමුත් අපත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටිනවා. ඔබගෙන් සහ අනෙකුත් බුඩපෙස්ට් සංදේශ⁣යේ හවුල්කාර රාජ්‍යයන්ගෙන්.

    නමුත් අපගේ මූලිකම අරමුණ යෙදවී ඇත්තේ යුක්‍රේනයේ සාමය පවත්වා ගැනීම හා යුක්‍රේනියානු ජනතාවගේ ආරක්ෂාවටයි. ඒ වෙනුවෙන් ඔබ ද ඇතුළු ව ඕනෑම අයෙකු සමග, ඕනෑම වේදිකාවක, ඕනෑම ආකාරයේ සාකච්ඡාවක ⁣නිරත වීමට අප සූදානම්. යුද්ධය සෑම දෙනෙකුගේ ම ආරක්ෂාව පිළිබඳ සහතිකයන් උල්ලංඝනය කරාවි. ඉන් මතුවට කිසිවෙකුගේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමට නොහැකි වේවි. ඉන් වැඩිපුරම විඳවුම් ලබනු ඇත්තේ කවුරුන් ද?ජනතාවයි. යුද්ධය වැඩිපුරම අනවශ්‍ය දෙයක් වනු ඇත්තේ කාට ද? ජනතාවට! එය වැළැක්විය හැක්කේ කාට ද? ජනතාවටයි. නමුත් එවැනි ඉනතාවක් ඔබ අතරේ සිටිත් ද? සිටින බව මට විශ්වාසයි.

    මගේ කතාව ඔවුන් රුසියානු ටෙලි නාලිකා හරහා විකාශය නොකරන බව මම දන්නවා. නමුත් රුසියානු ජනතාව මෙය දැකිය යුතුයි. ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ඒ සත්‍යය නම්, තවත් පමා වන්නට ඉඩ නොහැර මෙය නවතා දැමීමට වේලාව පැමිණ ඇත යන්නයි. රුසියානු නායකයක් අප සමග එක මේසයක හිඳගන්නට නොකැමැති වනු ඇති නමුත් ඔබ සමඟ එකට හිඳගනු ඇති. රුසියානුවන් හට යුද්ධයක් අවැසි ද? මම ඊට පිළිතුරු දැනගන්නට කැමැතියි. නමුත් එම පිළිතුර රඳා පවතින්නේ ඔබ මතයි. රුසියානු ෆෙඩරේෂනයේ පුරවැසියන් මතයි."

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  20. ඇමරිකානු එක්සත් ජනපදයේ ආණ්ඩුවට වඩා ඉතා ධනවත් බලවත් පෞද්ගලික අංශයේ විශාල බහු ජාතික සමාගම් සහ ව්‍යවසායකයන් වන ටයිකූන්ලා ඉතා බලවත්. ආණ්ඩුවට කළ හැකි දේවල් ඉතාම සීමිතයි මේ පුද්ගලික අංශයේ ආයෝජකයන්ට එරෙහිව කටයුතු කළොත් එය ආණ්ඩුවේ විනාශයයි.

    කෙසේ වෙතත් රුසියාව විසින් එක්සත් ජනපදයේ දැනට පාලනය හොබවන අවුරුදු අසූවක් විතර වෙන පණ නැති පෙන්දෙක් වන සිහිවිකල බයිඩන් නමැති කාලකණ්ණි අපත දේශපාලුවා ප්‍රමුඛ නේටෝ මෝඩ රැල නිරුවත් කරමින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ පේන විදියට නම් මේ ආක්‍රමණයේ අවසන් අරමුණ යුක්‍රේනයේ වර්තමාන පාලනය හිමි ලංකාවේ නන්දසේන ගොයියාටත් වඩා පොල් බූරුවෙක් වෙන සිරිසේනගේ ටයිප් එකේ අතිශය විහිලු සහගත, අමනෝඥ විකට තකතීරු පාලකයා ඉවත් කර රුසියාවට හිතැති කොටින්ම රුසියානු රූකඩ පාලකයෙක් පත් කර ගැනීමයි.

    රුසියානු පැත්තෙන් බැලුවොත් භූමියේ වාසිය අතින් රුසියානු ජාතික ආරක්ෂාවට සහ පුටින්ගේ දේශපාලන පැවැත්මට අතිශය වැදගත් සිය අසල්වැසි සරුසාර සම්පත් බහුලව පවතින රටක් මෙන්ම අතීතයේ සිය මහා සෝවියට් සංගමයේ කොටසක් වූ යුක්‍රේනය වත්මන් දෙකයි පණහේ මුග්ධ තකතීරු මන්ද බුද්ධික කාලකන්නි පාලකයා හරහා නේටොවේ බළල් අතක් වීම රුසියාව නොඉවසීම සාධාරණයි කියලා කියන්න බැරිත් නෑ, එය රුසියාවේ ආරක්ෂාවට සහ පුටින්ගේ දේශපාලනික කටයුතු වලට ඇමරිකානු බලපෑම් එල්ල කරන තර්ජනයක් හින්දා.

    ඔය කරුණු කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනයේ සිදු කරන මෙහෙයුම් බටහිර රටවල පක්ෂග්‍රාහී ජඩ මාධ්‍ය මත පදනම්ව විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන රටවල් වලින් හඳුන්වන්නේ "ආක්‍රමණයක්" (Invasion) ලෙස.

    හැබැයි මීට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට මින්පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ලිබියාවේ සහ ඉරාකයේත් මෙවැනි මෙහෙයුම් දියත් කළ විට තමන්ට පක්ෂපාතී නොවෙන පාලකයන් පෙරලා දැමීමට ඒ රටවල් ආක්‍රමණය කර එරට ජනපතිවරු අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ලෙස මහමග ඝාතනය කර තමන්ට සිතැති රූකඩ ටිකක් මගින් මෙහෙයවෙන ගොබ්බ ආණ්ඩු පිහිටවූ බව මතකයි නේද?

    මේ ගැන තවදුරටත් විස්තර කරනවානම් ඔය ලිබියාව සහ ඉරාකය කිසිසේත්ම එක්සත් ජනපදයට දේශපාලනිකව, ඓතිහාසිකව, භූ ගෝලියව කිසිදු සබඳකමක් නොතිබූ රාජ්‍යයන්.

    එක්සත් ජනපදය එම රාජ්‍යයන් ආක්‍රමණය කළේ හුදෙක්ම ඒ රටවල ඛණිජ තෙල් සංචිත සූරා කෑම සඳහා බව හැමෝම හොඳින් දන්නා කරුණක් නමුත් එම ආක්‍රමණය බටහිර මාධ්‍ය හැඳින්වූයේ "ඒ රටවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ විමුක්තිය ලබා දෙන සටනක්" (Liberation) ලෙසින් මොකද කාලකන්නි අමන පාලනයක් සහිත රටක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසය පුරාවටම සිය බලය යෙදවූයේ එලෙසමයි.

    මේ තකතීරු වැඩේ ඔවුන් එය සිරියාවේත් සිදු කිරීමට උත්සාහ කළත් වාසනාවකට මෙන් රුසියාවේ මැදිහත් වීමෙන් එය ව්‍යවර්ථ වුණා.

    ඒ වගේම ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆි ඉතා මැනවින් පෙන්වා දුන් පරිදි ඔවුන් ඉතා සටකපට ලෙස 9/11 සිදුවීම දඩමීමා කරගනිමින් ඉරාකයට සමගාමීව ඇෆ්ගනිස්ථානය ද විනාශ කිරීමට කටයුතු කළ නමුත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඩොලර් බිලියන ගණනක් නාස්ති කරමින් මෑතකදී ඇෆ්ගණිස්ථානයේදීත් පරාජයට පත් විය. ඒ සඳහා චීනයේ මැදිහත්වීම බලපෑ ප්‍රධානතම හේතුව බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මේ රටවල් විනාශ කරන අමන කඳවුරට වඩා සවිමත් චීන - රුසියා කවුන්ටර් බල කඳවුර බිහි වීම ගෝලීය සාමයට සැබැවින්ම යහපතක් බව පේනවා. එතකොට මේ කඳවුරු දෙකේ ඔප්ෂන් දෙකම උපක්‍රමශීලීව මෙහෙයවමින් ලංකාව වගේ ලෝකයේ වෙනත් රටවල් වලට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන් වෙයි. හැබැයි ඇමරිකන් එක්සත් ජනපදය තව දශකයක් ඇතුලත වගේ බිඳ වැටීම සමග ඉන්දියාව බොහෝ දුරට මේ තත්ත්වය මත එම කඳවුරේ නායකත්වය ගැනීම වෙනුවට රුසියාවේ මැදිහත්වීම මත ඉන්දීය- චීන සහයෝගීතාවක් ගොඩ නැගුණොත් එය සම්පූර්ණයෙන්ම වෙනස් ගෝලීය දේශපාලනික කඳවුරක් බිහි කරන්නට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට එහෙම නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න