.

.

Oct 2, 2024

රෝස නෝනා ඇදගෙනම නෑවාය

 


රෝස නෝනා ඇදගෙනම නෑවාය

අලි තාමත් නාන්නේය

➖➖➖➖➖➖🐘🐘🐘


පොඩි උන් රුන්නාම හත් පොලේ ගාගෙන නානවාය. රෝසිත් දේශපාලනයේදී චූටී බේබී කෙනෙක්‍ය. ඇත්තටම මෙයාලා දේශපාලනය දන්නේම නැතිය. මෙයාලා මෙච්චර කල් දේශපාලනයේ උන්නේ පෙර පිනටය. ඒත් ඒ යුගය අවසන් වීගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවාය.


ඇය රූප රාජිනියක්‍ය, නිලියක්‍ය. ඊට පස්සේ මෝටීවේසොන් කල්ට් එකක් ලංකාවේ මුලින්ම හැදුවේ රෝසිය. ඒ ෆිනිෂින්ග් ඉස්කූල් කියලා එකක්‍ය. තා තා කතන්දර ගොඩාක් තිබ්බත් ඒවා අපට අදාලම නැතිය.


රටේ කරුමෙට එයා දේශපාලනයටත් ආවේය. එයා ඉතරක් නොව පබාත් ආවේය. එයා කන කෑම ජාති දියවන්නා ගවගාලේ නැතෙයි කියා... කතානායකට පැමිණිලි කොට.... ඒ කෑම කැන්ටිමට ගෙන්වා ගැනීමේ සටනකින් ඇය ජයගත්තේය. 


ඒ හැර... උන්දෑ දේසපාලනයට ඇවිත් කළ කී දෙයක් වේ නම් ඔහේලා මතක් කර දෙන්නේ නම් බෝ අගේය.


කොළඹ නගර සභාවේ අය වැය විස්තර ටක්කෙටම නිවැරදිව කියා.... ඇය ලෝක වාර්තාවක් තැබුවේය. මම පක්ෂ නායකයා නම්.... ඇය දේශපාලනයෙන් එලවන්නේ එදාය. 


ආර්ථික අර්බුදයක් හා අරගලයක් මැද්දේ පෝට්ටුවේ උන්ගේ පිහිටෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ කළේ.... එවන් පිස්සු විකාරයක් උපදේශිකාවක් ලෙසින් පත්කොට ආන්ඩුවෙන් නඩත්තු කරන්නට පටන් ගැන්මය.


උන්දෑ පමණක් නොව.... ඇපත් නැතිව කෙලවෙලාම ගොස් පින්නවල දමා උන් සාගල, වජිර, අඛිල, ආශූ, රවී වැනි පිරිස්ද දාගැනීමෙන් සිඳු වුනේ.... පෝට්ටුවේ උන් තරහා කොරගන්නා එකය.


ඇත්තටම මෙයාලා ගත්තා කියා.... තඹ සතේක වැඩක් වුනේ නැතිය. තිබ්බ ලක්ෂ 2.5 අමතරව ඉතිරි ලක්ෂ 20 ම එකතු කර දුන්නේ නිමල් ලංසා හා ප්‍රසන්න රණතුංගය.


ඒ වෙනුවට ඔය වියදම් වලින් බැසිල් කීප සැරයක්ම එවූ ලැයිස්තුවේ කීප දෙනෙක්ට ඇමතිකම් හෝ නියෝජ්‍ය හෝ දුන්නා නම්..... දේශපාලනයේ මීට වඩා දෙයක් වෙන්නට තිබුනේය. 


දැන් හදන්නට යන සංධානයකට වුවත්. මේ වගේ අලි ජෝක් එකතු කර ගත්තොත් වෙන්නේ.... ලැබිච්ච චන්ද ලක්ෂ 22 කටත් හොඳ එකෙන්ම කෙලවා ගැන්මය.


කොරන්න තියෙන හොදම වැඩේ.... මේ අනාථ අලි ටික නැවතත් පින්නවලටම ගාල් කරනා එකය... 


රට ආර්ථික වශයෙන් ගොඩ දැමූ රනිල්ට කෙල වෙන්නට එක ප්‍රධාන හේතුවක් වූයේ..... මේ බහුබූත මරගාත ජනාධිපති ලේකම් කාර්‍යාලය අස්සේ දා ගත්තු එකය.


ඒකෙන් සිඳු වුනේ.... අලී සබ්‍රී, කංචන, ෂෙහාන්, ප්‍රමිත හා දිලුම් වැනි පැහැදිලි අනාගතයක් තිබූ තරුණ දේශපාලඥයන්ටද කෙලවෙලා යන එකය.


තා පොඩ්ඩෙන් වේයෝ කාලා මහ විනාශයක් සිඳු වෙන්නට ගිය රෝස නෝනාට අපට කියන්නට තියෙන්නේ මෙච්චරය....


ඔයා ඔය බොරු මරිසි දාන්න එපා...

ඔයා දාන මරිසි අපිට තේරේනවා සුදු නෝනේ...

වොයිස් කට් නොදී...

කට පුප වසාගෙන උන්නා නම් මීට වඩා නම්බුයි කියලාය......


ඒ වගත් මෙසේය.........

.

2 comments:

  1. මේ කතාව ඇත්ත ඒත් මේ කියන කතාව ගැන මාතලන් මොකද ඇත්තටම හිතන්නේ?

    https://youtu.be/di-5C0sMQ_w?si=mtiNIHH61ovHsM-5

    ReplyDelete
  2. රෝසි වගේද නිලන්ති කොට්ටච්චි?

    මේක අහල බලන්න.

    "ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් කොළඹ වරායෙන් ගොඩබානකොට රුපියල් 212 යි.
    ගමේ විකුණන්නෙ 348 යි
    එක ලීටරයකට රුපියල් 102 ක බද්දක් ගහනවා." (22 mins)
    (මේ බොරතෙල් බැරලය ඩොලර් 85-90 ට විතර තිබුන කාලෙ. අද බොරතෙල් බැරලය ඩොලර් 70-75 යි )

    මේ කතාව අහල බලන්න

    https://www.facebook.com/watch/?v=313939247836082

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න