.

.

Jul 17, 2018

සහල් මාෆියාව සහ නාමල් කරුණාරත්න.. - Rice Mafia & Namal Karunarathne



ලංකාවේ ප්‍රසිද්ධියට පත් නාමල්ලා කීප දෙනෙක් ඉන්නවාය. එක්කෙනෙක් අපි කාගෙත් අප්පචිගේ ජේෂ්ඨ පුත් කුමරු නාමල් රාජපක්ෂය. අනෙක් එක්කෙනා නාමල් උඩුගමය. එයා ප්‍රසිද්ධ ගායකයෙක් වගේම අළුත් වී ජාතියක් සොයාගත් පර්යේෂකයෙක් ලෙසත් ලක් ඉතිහාසයට එකතු වෙනවාය. ඒ වී ප්‍රබේදය හඳුන්වන්නේ "තනි වී" කියලාය.

අනෙක් එක්කෙනත් වී වලට වගේම හාල් වලටත් සම්බන්ධය. පොර ජීවත් වෙන්නෙත් ඒ දෙකෙන්ය. මේ ඇවිල්ලා ඒ පොර එලිබහිනා කාළයය. වී අස්වනු නෙලනා කාළයට පොර ගේමට බහිනවාය. පොර දක්ෂයාය. පොර ජේ වී පී කොම්‍රඩ්ලා පුක එලියේ දම්මලා අගනුවර ඇවිද්දවනවාය. චීස් වගේ පුකවල් තිබුන උන් එකෙක්වත් ගොවියො නම් නෙමේ කියලා ගොවියෝ දැකලා තියෙන ඕන එකෙක් දන්නවාය. නමුත් පොර ගේමේ ඉන්නවාය. ජෙප්පන්ගේ වටිනාකම එන්නේ එතනදිය.

ගොයියන් ගැන අප පොඩි කාළයේ පටන් දන්නා අපූරූ කතන්දරයකුත් තිබෙනවාය. ඒකෙන් කියන්නේ "මඩ සෝදා ගත් කළ, ගොයියා රජ කමටත් සුදුසු වෙනවාය කියලාය. හැබයි බොහෝ දෙනෙක් නොදන්නා දේකුත්, ඔය පොලොන්නරුවේම ගල් පොතේ කින්(ග්) නිස්සංකමල්ල උන්නැහේ ලියලා තියෙනවාය. උන්නැහේ ලියලා තියෙන්නේ, මලත්, සංසාරේදී ගොවියෙක්ට නම්, රජ කම දෙන්න නම් එපාය කියලාය. ඒ කියාපු කතාව සහතික ඇත්තෙයි කියලා අද වෙන කොට බහ තෝරන එකා පවා දන්නවාය. මෙහෙව් කාළකන්නි කාළයක් ඉතිහාසයේවත් තිබුන බවක්, මහාවංශයේ තබා වීරවංශයේවත් අප නම් අසා නැත්තේය.

හැබයි අර කලින් කී කතාව ධනාත්මක ලෙස කියවා ගත් කීප දෙනෙකුත් ඉන්නවාය. ඒ කියන්නේ මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට උනත් සුදුසුය කියනා එකය. නාමල් කරුණාරත්න මෙන්, මාෆියාවෙ සෙට් එකද අයත් වෙන්නේ ඒ කොටසටය. උන් ගොයියෝ නෙමේය. උන්ගේ ඇඟේ මඩ ඇත්තේ නැතිය. කුඹුරට බහින්නේ නැතිය. නමුත් ගේම ගෙනියන්නේ ගොවිතැනෙන්ය.

නාමල් කරුණාරත්න හැමදාම කියනා බයිලේත් අරගෙන ආයෙත් රූපවාහිනී රංඟනයට පිවිසිලාය. උන්නැහේ දඹරැඟිල්ල දිගු කොට ආන්ඩුවට හැමදාම වොර්නින්ග් දෙනවාය. ඒ උනාට ආන්ඩුව උන්නැහේව පයිසෙකට මායිම් කරන්නේ නැත්තේ, සීසන් එක අහවර උන ගමන් පොර හොයා ගන්නවත් නොලැබෙන නිසාමය.  උන්නැහේ කියනා කතාවේ ප්‍රශ්ණ කරන්න දෙයක් ඇත්තේ නැතිය. කතාව සහතික ඇත්තය. අම්මට සිරි ලංකාවේ දෙශපාලනය ගැන අවබෝධයක් තියෙන ඕනෑම එකෙක් මේ ප්‍රසිද්ධ රහස දන්නවාය. කරුමය කියන්නේ හැමදාම කතා කළත්, ඒකට සොලියුසොන් එකක් නැති වීමය.

2015 පටන් රට කාබාසිනියා කර දමමින් මෙලෝ සංසාර දෙයක් නොකරන ආන්ඩුවකින් සොලියුසොන් ඉල්ලන්නේ, එක්කෝ, උන්නැහේගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනාය. එහෙම නැත්නම් පෙරට්ටෝ කියනවා වගේ, මෙයාලා පොඩි සද්දයක් දමා මාෆියාවෙන් ගාන කපා ගන්නා ගේමක් තිබෙන්නට ඕනාය. එසේ කියන්නේ, හැමදාම ආන්ඩුවට බෝලේ පාස් කොරනවා මිස, පුද්ගලයකු හෝ පක්ෂයක් වශයෙන් මීට කිසිම විකල්පයක් අද වෙන තෙක් අසරණ ගොවියාට දීලා නැති නිසාය.

නාමල් කරුණාරතන කියන්නැහේ, මේ මාෆියාවේ ඉන්නේ පොලොන්නරුවේ ප්‍රබල පුද්ගලයින් තිදෙනෙක්ය. එකෙක් ජනාධිපති තුමාගේ මල්ලිය. අනිකා ඉන්නේ එකාබද්ධයේය. ඉතිරි එකා පොලොන්නරුවේ සිරි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයාය. කස්ටිය ගේම දෙන ආකාරයත් නාමල් සහෝදරය අපූරුවට විග්ගරහ කොරන්නේය. කරුමය කියන්නේ මේ මාෆියාවට එරෙහිව ගේමක් ගහන්න කොම්‍රඩ්ලාට බැරි වීමය.

හාල් මිළ අහස උසට යන්නේ මේ තුන්දෙනාට ලැබෙනා රාජ්‍ය අනුග්‍රහය නිසාමය. තිදෙනෙකු එක්ව ගොයියා සහ පාරිභෝගිකයා සූරාගෙන කනවාය. මීට වඩා ලාබයට රටින් ගෙනත් හාල් දෙන්න පුලුවන්ය. ඒත් එකට වැට බැඳලා තියෙන්නේ බදු ගහලාය. තමන්ගේ සනුහරේ එකා ආරක්ෂාකර ගනිමින් රටේ ජනතාවට කෙලින්නේ එහෙමය. අද හාල් මිළ අහස උසටය. සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමේය. එහෙත් කාළකන්නි බදු අයින් කරනවා නම්, මිනිස්සුන්ට හැමදාම බාස්මති කන්නට පුළුවන්ය.

නාමල්ලා මේ මාෆියාවට එරෙහිව බයිලා ගැසීමෙන් කිසි පලක් ඇත්තේ නැතිය. උග්ගෝසන හා පෙලපාලි පැවැත් වූවා කියා, මාෆියාව නැති වෙන්නේ නැතිය. මේවාට ප්‍රායෝගිය විසඳුම් ලබා දිය යුතුය. සාම්ප්‍රදායිම් ගෝත්‍රික මතවාද කර තබාගෙන, මෙලෝ රහක් නැති ගොවියා සැමදා හිඟන්නා කරනා, වී ගොවිතැනට තිත තබා ගොයියා ආර්ථික භෝග වගාව කෙරෙහි යොමු කිරීම කළ හැකි මූලිකම දේය.

ඒ පිළිබඳ දැණුම්වත් කිරීම හා වෙළඳපොල සොයා දීම ඔවුනට ඉතා පහසුවෙන් කළ හැකිය. නාමල්ලා ආදර්යසොයට ගත යුත්තේ, ලොවෙන් ප්‍රතික්ෂේප වූ වනපොත් වල තිබෙන තියරි නොව, මෑතකදි වට්ටක්කා අස්වැන්නට එක පුදගලයකු ලබා දුන් සොලියුසොන් වැනි සොලියුසොන් ලබා දීමටය. වී වගාව යනු රටේ ජළ සම්පත මෙන්ම ජන සම්පතද හූරගෙන කන අසාර්ථක වගාවක් බව මේ එකෙකුටවත් තේරෙන්නේ නැතිය.

ඒ වෙනුවට කුඹුරු වල අඩු ජල පරිභෝජනයකින් වගා කළ හැකි ආර්ථික භෝගයන් ඕනා තරම්ය. පොලොන්නරුවෙම සිටිනා, ගර්කින් හා ස්වීට් මෙලන් වගා කරනා ගොවින් ඊට උදාහරණයන්ය. කරුමය කියන්නේ, මෝඩ ගොවියා මෙන්ම, වනපොත් කට පාඩම් කර ටයි පොලු එල්ලාගෙන නිළධාරින් ලෙස ඉන්නා මී ගවයින්ද මේ කිසිවක් නොදන්නා එක හා දැන ගත්තත් උන්ගේ පඩිය හා වරප්‍රසාද ආනුඩුවෙන් නොවරදවා ලැබෙනා නිසා, ගොවියාට හැමිනිලා ගියත් උන්ට වගේ වගක් නැති එකය.

එහෙත් ගොවි සංවිධාන වල නායකයෙක් ලෙස නාමල් කරුණාරත්නට එසේ සිටිය නොහැකිය. අස්වැන්න කපනා කාළයට පමණක් කොහේ හෝ සිට පැමින පැරණි බයිලාවම ගැසීමෙන් උන්නැහේ ගොඩ ගියද, මරි මෝද ගොයියා සැමදා අනාතය. එම නිසා කළ යුත්තේ ඊළග කන්නයේ පටන් ගොයියා සාම්ප්‍රදායික වී ගොවිතැනෙන් ඉවත් කොට, ආර්ථික අපනයනය ප්‍රමුඛ කොට ගත් ආර්ථික භෝග වගාව කෙරෙහි යොමු කිරීමය.

රට පුරා කුණු ඉවත් කිරීම්, අපාදා අවස්ථාවල පිලිසරණ වීම් මෙන්ම, තමන්ගේ රතු තරුව කාඩර් එක මේ සඳහා යොදා ගැනීම ලේසියෙන් කළ හැකි දෙවල්ය. මෙවන් සද් කාර්යයකදී, මේ පිලිබඳ දැණුවත් පුදගලින්ගේ දැණුම හා දායකත්වය උන්නැහෙලාට නොඅඩුවම ලැබෙනවාමය. බොහෝ විට කෘෂි ඩිග්‍රි ගත්ත උන් ඔය පක්ෂය ඇතුලේම අන්නන්තවත් ඉන්නවාත ඇතිය. එපමණක් නොව නොරට ඉන්නා උන්ගේද සහයෝගය අනිවාර්යයෙන් ලැබෙනවාමය.

මෙවන් විප්ලවයක් සිඳු කළ හැකි නම්, නාමල් කරුණාරත්නත් ගොවියන්ගේ වීරයෙකු ලෙස ඉතිහාස ගත වනවා නොඅනුමානය.

එහෙම දෙයක් කරන්න බැරි නම් අපිට කියන්න තියෙන්නේ, එක්කෝ ඔහෙත් අම්මට සිරි ලංකාවේ අනෙක් දේශපාලුවන් මෙන්ම නොම්මර එකේ බයිලා කාරයෙක්ය කියලාය. එහෙම නැතිනම් පෙරට්ටෝ කියනවා වාගේ, උදේ ගොවියන්ගේ පුක පෙන්නා, හවසට මාෆියාව හා සෙට් වෙන තවත් එක විප්ලව කාරයෙකු කියලාය.  

32 comments:

  1. මාතලන්,

    //මෙහෙව් කාළකන්නි කාළයක් ඉතිහාසයේවත් තිබුන බවක්, මහාවංශයේ තබා වීරවංශයේවත් අප නම් අසා නැත්තේය.//

    කලින් ආන්ඩුව කාලෙ රටේ නීතියක් නෑ කියලා කෑ ගහපු අපි හිතුවෙ යහපාලනේ ආවම හාල් මිළ අඩුවෙයි, වංචාව දූෂණය නාස්තිය නැතිවෙයි, කුඩු නැතිවෙයි, නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි, ආහාර වලට වස විස ගැසීම නවතියි, පාතාලය ඉවරෙටම ඉවරවෙයි, කෑම බීම අඩුවට ලැබෙයි, සල්ලි වලින් සාක්කු පිරෙයි, ගොවියො රජ වෙයි, පඩි වැඩිවෙයි වාගේ දේවල්නෙ.

    දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මිලියන ගනනින් පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගන්නවා උන්ගෙ සුඛ විහරණයට. ඒක රටේ ජනතාවට කරන ලොකුම වංචාවක් නෙවෙයිද?

    වී වගේම හාල් මාෆියාව වගේ නෙමේ රටේ ත්‍රිවිධ හමුදාවටත් පාලනය කරගන්න බැරි කොළම්බියාවෙ වගේ කුඩු හමුදාවක් රටේ රජ කරන්න ගත්තොත් කොහොමට තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකත් පාලනය කර ගන්න බැරි නිසා නේ අවසාන පියවරට යන්නේ...

      Delete
  2. යන්තං අටපාස් ගමාතලන්ගේ අගනා විග්‍රහයක්. මචං මාතේ, උබ නිකං ගැලරියට ජෝක්ස් සපයන විහිළුකාරයෙක් විතරයි. එක්කෝ කමකුත් නැහැ, ෆේස්බුක් එකේ බ්ලොග් එකේ ආතල් දීපන්. උබ වගේ නුගත් ජෝකරයෙක් ඉන්නත් එපයි අපිට ෆන් ගන්න.

    ReplyDelete
    Replies
    1. යන්තං අටපාස් ගමාතලන්,

      සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය යනු මා සාමාජිකයෙකු ලෙස කටයුතු කරන නාට්‍ය කණ්ඩායමක් බව දන්වා සිටිමි.

      අපේ බ්ලොග් අඩවිය:
      https://sydneycolombotheatre.blogspot.com/

      අපේ වෙබ් අඩවිය: http://www.sctp.org.au/

      අපේ ෆේස්බුක් පිටුව: https://www.facebook.com/groups/Sydney.Colombo.Theatre.Project/

      අපේ යූ-ටියුබ් චැනලය: https://www.youtube.com/channel/UCiRzOVsXgFR5ewGapFmMaHg

      උබ වගේ නුගත් ජෝකරයෙක් අප නාට්‍ය කණ්ඩායමට ෆන් ගන්න ඕනා.

      Delete
  3. මාත 2015 පටන් රට කාබාසිනියා කර දමමින් මෙලෝ සංසාර දෙයක් නොකරන මේ මෙලෝ රහක් නැති බයිලා ආන්ඩුව ඇහුවොත් කියන්නේ බදු ගහන්නේ කලින් ආණ්ඩුවේ ණය ගෙවන්න කියලා. ජනතාවට තිත්ත බෙහෙත් දිලා හරි අපි රට හදනවා කියලා.

    ඒත් එහෙම කියන අගමැති බදු ගහලා බදු ගහලා එක්තු කරන මුදල් වලින් තමයි නැති ඇමති කම් මන්ත්‍රිකම් හදලා අලුත් වරප්‍රසාද දිලා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි ඇමති වරුන්ගෙන් එන විරෝධතා මග හැර ගන්නේ. අගමැතිත් නොම්මර එකේ බයිලා කාරයෙක්.

    ReplyDelete
  4. badhu gahana eka hodai. apita permit

    ReplyDelete
  5. දැන් ඔය කියන විසඳුම ගෙනාවොත් ඔය නාමල් කරුණරත්න මාධ්‍යයට ඇවිත් මොනවද කියවන්නේ? එතකොට කාටත් මිනිහා අමතක වෙනවා. ඒකට මිනිහා කැමතිද? නෑ. අනික ඔය නාමල්ට ගැලරිය පිනවන්න කතා කරන්න පුළුවන් විදිහට ප්‍රශ්න හදලා දුන්නම ඒ ප්‍රශ්නේ අන්තිමට මොකක් හරි මරි මෝල් විසඳුමක්, ඒ කියන්නේ බදු මුදලින් හාල් ගමු, අරන් ඔය මෝල්වලට විකුණමු කියන ජනප්‍රිය විසඳුම ගේන්න පුළුවන්නේ. එතකොට ප්‍රශ්නේ විකුණගෙන කාලා නාමලුත් ගොඩ, මෝල් හිමියත් ගොඩ. පාලකයත් ගොඩ. අනික මාතේ, ඔය ගොවි චන්ද කියන්නේ මෝඩ චන්දනේ. චන්දේ ලං වෙලා මොනා හරි නිකං දුන්නම හරි. ගොවියට ඔය වගේ හිඟා නොකා තමන්ම නැඟී සිටින ක්‍රමයක් හදන්න ආවොත් ඌ තමයි ගොවියන්ගේ හතුරා කියලා පෙන්වන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... තුවාල වලින් ජීවත් වෙන හිඟන්නෝ වගේ... උන්ට තුවාලය සනීප කර ගන්න කිසිම උවමනාවක් නෑ..

      Delete
  6. Ethakota rate minissu kanne gerkin water melon da

    ReplyDelete
  7. කොළඹට ගෙනල්ලා
    ජෙප්පන්ව පේලි ගස්සලා

    පුක පෙන්නලා
    ඇඳිවතද උස්සලා

    කොළඹ වැඩට ආ
    අඟනන් හිනස්සලා

    ජෙප්පෝ නටති
    මුළු රටම ගඳ ගස්සලා

    ReplyDelete
  8. වී වගාව යනු රටේ ජළ සම්පත මෙන්ම ජන සම්පතද හූරගෙන කන අසාර්ථක වගාවක් බව මේ එකෙකුටවත් තේරෙන්නේ නැතිය.

    ඒ වෙනුවට කුඹුරු වල අඩු ජල පරිභෝජනයකින් වගා කළ හැකි ආර්ථික භෝගයන් ඕනා තරම්ය. පොලොන්නරුවෙම සිටිනා, ගර්කින් හා ස්වීට් මෙලන් වගා කරනා ගොවින් ඊට උදාහරණයන්ය.

    I used to highlight this fact since my Uni times. Thanks for bringing it forward.

    ReplyDelete
  9. මේ රටට වෙලා තියෙන විපත්තිය මේක. ආණ්ඩු වෙනස් වෙන වෙනස් වෙන සැරේට හැම දේම වෙනස් කරනවා. කලින් ආණ්ඩුව හදාපුවැයි බොරුවට වැරදි කිය කිය එකම දේ ආපහු කරනවා. හැම දේම කරන්නේ කොමිස් ගහන්න. මේක දැන් රහසක් නෙමෙයි.

    ඊළඟ මහ මැතිවරණෙට මේ ඉන්න UNP කාරයෝ බාගයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. සෑහෙන කොටසක් රට යනව. මෙහෙ ඉන්නෙත් නැහැ. ඒ හින්ද මේ ඉතුරු මාස ගානට කරන්න හදන අනවශ්‍ය මහජන මුදල් නාස්ති වලට මහජනතාව විරුද්ධ වෙන්න ඕනේ.

    ReplyDelete
  10. මාතලන්

    "ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි ඉන්නේ හොද හොද ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ"

    යනුවෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගිය දින මාධ්‍ය හමුවක් අමතමින් සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ දී සිදු කරන ලදී.

    "වගකිවයුතු අමාත්‍යවරයෙක් වශයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ඉතා බරපතල ප්‍රකාශයක් වගේම අපහාසාත්මක ප්‍රකාශයක් පසුගිය 13 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී සිදුකරනවා. එහිදී එතුමා සඳහන් කරනවා මේ මොහොතේ වැලිකඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් සිටින පිරිස නොවෙයි ලංකාවේ මුල්පෙළේ අපරාධකරුවන් කියලා. ඒ වගේම එතුමා කියනවා මුල්පෙළේ ජාවාරම්කරුවන් සිටින්නේ කොහෙදැයි එතුමන් දන්නා බව. සිංහ සමාජයේ, රොටරි සමාජයේ, වගේම උපාසක මහත්වරුන් ලෙසින් පන්සල් ආශ්‍රිතවත් මෙම පළමු පෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන බව එතුමා කියනවා."

    "මේ මොහොතේ ජනාධිපතිවරයා ඇත්තට හෝ බොරුවට රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තැනට ප්‍රශ්නය ලොකු කර ගත් අවස්ථාවක, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රධාන පෙලේ පිරිස අමාත්‍යවරයා හොඳින්ම දන්නා නිසා අපි පොලිසියට ආරාධනා කළා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා ඒ මුල් පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා."

    "ඒ වගේම ලංකාවේ වැදගත් මිනිසුන් සිය සමාජ සේවා කටයුතුවල යෙදෙන සිංහ සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් රොටරි සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් ඔබට මේ අගෞරවය දැනුණේ නැද්ද?"

    "විශේෂයෙන්ම නොම්මර එකේ කුඩුකාරයන් ඉන්නේ සිංහ සමාජයේ කිව්වට පස්සේ මෙවැනි සංවිධානවල සාමාජික සාමාජිකාවන් කොහොමද සමාජයේ කටයුතු කරන්නේ?"

    "ඒ වගේම උපාසක මහත්වරුන් කටයුතු කරන්නේ පන්සලත් එක්ක. ඒ නිසා මේ එල්ලන්නට හදන්නේ පන්සලට යන මිනිස්සු නම් මේ එල්ලන්නට හදන්නේ සමාජයේ වැඩදායි මිනිසුන් නම් ඒ අපහාසයටත් එතුමා පිළිතුරු දීම අවශ්‍යයි. මංගල නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන්නේ රනිල්ද? රුවන්ද ?"

    – තුෂාර දිසානායක

    "අපරාධකරුවෙක් පිළිබඳව දැනුවත් වෙලා අපරාධයක් සැඟවීම සහ අපරාධකරුවෙකු සැඟවීම වරදක් ලෙසයි අප දකින්නේ. ඒ අනුව මංගල පි. සමරවීර ඇමතිවරයා විසින් නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් පිළිබඳ දැනගෙන ඒ පිළිබඳ මාධ්‍ය හරඹයන් කරනවට වඩා මීට අදාළ ආයතන වලට එම තොරතුරු යොමු නොකළේ ඇයි කියන ප්‍රශ්නය අප සතුව තිබෙනවා.

    අපරාධයක් වසන් කිරීමේ වරදට මංගල පී සමරවීර අමාත්‍යවරයා වරදකරුවෙකු වන නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අද පොලිස් මූලස්ථානයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

    ඒ වගේම මගේ දැනුවත්වීම අනුව මේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ‍ෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා බියගම සිංහ සමාජයේ සාමාජිකයන් දෙදෙනෙක්. ඒ අනුව මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා දන්න නොම්මර එකේ කුඩු ජාවාරම් කරුවන් ලෙස හඳුන්වන්නේ මෙතුමන්ලා ද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා.

    ඒ නිසා අපි මංගල සමරවීර ඇමතිතුමා මෙලෙස වගකීම් විරහිතව රටේ සම්භාවනීය මිනිසුන් අරබයා සිදුකරන ලද මේ චෝදනාව හෙලාදකින අතරම මේ රටේ අපරාධකරුවන් ගැන දැනුවත් වී අපරාධයන් ගැන දැනුවත් වී ඒ පිළිබඳ අදාළ අංශ වෙත තතු නොකීම පිළිබඳව වූ චෝදනාව අපි ඔහු වෙත එල්ල කරනවා. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා."

    – අරවින්ද අතුකෝරල

    මාතලන් හැම දවස් කීපයකටම සැරයකම ආන්දෝලාත්මක නිව්ස් එකක් මවන්න කියලා මොවුන්ට බටහිර think tankers ලාගෙන් උපදෙස් ලැබිලා. ජනතාවගේ අවධානය වෙන අතකට යොමුකර ජනතා ප්‍රකෝපය සමනය කිරීමේ උපක්‍රමක් මෙය.

    නොරැවටෙන්න මාතලන් !!!!! වහාම මුං සියල්ල පලවා හරිමු !!!!

    මේ රටේ ඉන්න අලි, වඳුරො පිටරට පටවමු කියල ගොන් පරන විතාන කී ආකාරයටම ඔය නිවුස් මවන මොන්ගල, රන්නිල්, ආලාපාලු රනවක වැනි අපතයන් මෙරටින් පන්නමු.

    ඇත්ත නම් මොන්ගල මාධ්‍ය හමු එකක් නොව සියයක් තැබුවත් මෙම දේශද්‍රෝහී, සමාජ විරෝධී ජඩපාලනයට එරෙහිව නැගෙන ජනතා විරෝධය දිනෙන් දිනම වැඩිවනු මිස අඩු නොවනු ඇත.

    මේව ඔක්කොම දැන් අපිට කියන්නේ හරියට නිකන් ජනතාව මුන්ව ආන්ඩු කරනව වගේනෙ

    ReplyDelete
    Replies
    1. රනිල් සහ සිරිසේන යනු මෙරට පහළ වූ අසාර්ථකම නායකයින් දෙදෙනාය..

      Delete
  11. ///අගමැති බදු ගහලා බදු ගහලා එක්තු කරන මුදල් වලින් තමයි නැති ඇමති කම් මන්ත්‍රිකම් හදලා අලුත් වරප්‍රසාද දිලා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි ඇමති වරුන්ගෙන් එන විරෝධතා මග හැර ගන්නේ. අගමැතිත් නොම්මර එකේ බයිලා කාරයෙක්///

    අති උතුම් රනිල් වික්කාම-සින්හ සුදුහුම් පියතුමා ගන්ගාරාමයේ ප්‍රධාන දායක තුමයි.

    උන්නැහේට එහෙම බොරු චෝදනා දාන්ඩ ඇවිත් ජීසස්ගේ උදහසට ලක් නොවනු!

    ReplyDelete
  12. ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙතෙක් කල් හෙලි නොවී තිබූ රජකයා කවුදැයි හෙලි වූ බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

    මේ බව සදහන් කරමින් මහාචාර්ය චන්න ජයසුමන සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

    //අප්පමාදෝ අමත පදං: ව්‍යවස්ථා පෙරළිය සූදානම්

    දින දෙකකට වරක් කරලියට එන අලුත් මාතෘකා හමුවේ අප බොහෝ දෙනාට අමතක වූ ව්‍යවස්ථා නාටකය එහි නිර්මාපකයන් අමතක කර නැත. එහි අධ්‍යක්ෂකයෝ නළු නිළියන් මනා කොට පුහුණු කර නාටකයේ මුහුරත් උළෙල සුදානම් කර ඇත. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ දී කපටි ලෙස නව ව්‍යවස්ථාව එළි දැක්වීමට සුදානම් කර තිබුණ ද දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මහතුන්ගේ මැදිහත්වීම නිසා එය සති කිහිපයකින් කල් ගත වී ඇත.

    වැදගත්ම දේ නව ව්‍යවස්ථාවේ රචකයා ඊයේ දිනයේ හෙළි වීමයි. දැන ගන්නට ඇති පරිදි ඔහු හතලිස් ඇඳිරියට කන්නාඩි පැළඳීමේ අවශ්‍යතාවක් හෝ මතු වී නැති පුද්ගලයෙකි. ඔහුගේ පියා සහ සීයා ද නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව පැවසෙති. මේ පුද්ගලයාට සහාය වී ඇත්තේ බටහිර රටක තානාපති කාර්යාලයක සේවය කරන නීති උපදේශක ගැටිස්සියක බවත් පැවසේ. ඩබලට අරලිය ගහ මන්දිරයේ ව්‍යවස්ථා රචනයට කාර්ලයාලයක් වෙන්ව ඇති බව ද පැවසේ. ඊයේ මේ ගැන හෙළි වූ විට ජවිපෙ මන්ත්‍රීවරුන් රා බිවු උගුඩුවන් සේ හැසිරුණු බව ද පැවසේ.

    විශේෂ අධිකරණ මගින් අප අපේක්ෂා නොකරන වේගයකින් වැදගත් පුද්ගලයන් කිහිප දෙනකු සිර ගත කර ඒ අල්ල පනල්ල හමුවේ නව ව්‍යවස්ථාවම හෝ එහි කොටසක් කූට ලෙස සම්මත කර ගැනීම සැලසුම වී ඇත. ක්‍රොයේෂියානු ජනපතිනියගේ අරක සහ තවත් බොහෝ දේ කතා කිරීම නවතා දමා ළඟ ළඟ එන ජාතික ව්‍යසනයට මුහුණ දීමට සියල්ලෝ සැරසෙමු.

    – චන්න ජයසුමන FB//

    ReplyDelete
  13. අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් අංශයේ සේවය කළ සේවිකාවක විසින් එම නගර සභාවේ කාර්ය මණ්‌ඩල වැටුප් සැකසීමේදී සිදුකොට ඇති වැටුප් මුදල් වංචාව රුපියල් කෝටි 05 කට අධික වන බව ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    එම නගර සභාවේ ගණකාධිකාරීවරයා විසින් පසුගියදා මෙම වැටුප් මුදල් වංචාව අනාවරණය කර ගෙන තිබිණි.

    ඒ අනුව උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස්‌ මත එම පළාත් පාලන කොමසාරිස්‌වරියගේ අධීක්‌ෂණය යටතේ අනුරාධපුර මහ නගර සභාවේ විමර්ශන නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මේ සම්බන්ධයෙන් සිදු කර ගෙන යන මූලික විමර්ශන වලදී 2015 වසරේ සිට ඇය විසින් වැටුප් මුදල් වංචාව අඛණ්‌ඩව සිදුකර ගෙන ගොස්‌ ඇති බව හෙළි වී තිබේ.

    එම නගර සභාවේ ආදායම් පරීක්‌ෂකවරයකු ලෙසට සේවයෙහි නියුතු තම සැමියාගේ ද සහයෝගය සහ අනුදැනුම මත ඇය විසින් එකී වැටුප් මුදල් වංචාව සිදුකොට ඇති බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

    මෙම වැටුප් මුදල් වංචාවේ මහ මොළකාරිය විසින් වංචා කරන ලද මුදල්වලින් මේ වනවිට සුඛෝපභෝගී මෝටර් රථයක්‌ මිලදී ගෙන ඇති බවත් ඊට අමතරව රුපියල් තිස්‌ පන් ලක්‌ෂයක මුදලකට අනුරාධපුර නගරයේ ගුවන්තොටුපොළ මාර්ගය අසලින් මෑතකදී ඉඩමක්‌ මිලදී ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මේ අතර 2015 වසරේ සිට ප්‍රධාන සැකකාරිය විසින් සිය නිවසට වරින් වර සුඛෝපභෝගී භාණ්‌ඩ සහ අනිකුත් උපකරණ ආදිය මිලදී ගෙන ඇති බවත් එම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ඇගේ දරුවන් දෙදෙනා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බවත් මෑතකදී තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග නුවරඑළිය ප්‍රදේශයේදී හෙලිකොප්ටරයකින් ගුවන් සංචාරයක ද නිරත වී ඇති බවත් එහිදී උපන්දින සාදයක්‌ ද පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.

    රටේ ඉහල සිට පහලටම හොරකම වංචාව පාලකයාට නිලධාරීන්ට හා රටේ වැසියන්ගේ ලේ වලට දැන් කාවැදී ඇත

    ReplyDelete
  14. මාතලන් ඔය පහල කියන කතා ටික ඇත්තද කියල හොයල බලන්න.

    //රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    5. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි.

    - Ishan Jayasooriya //

    //රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමාවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය.

    රොහාන් පල්ලේවත්ත උපන්ගෙයි බොරු කාරයෙකි. ඔහු කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන හාන්ස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුටය.

    කොටින්ම රොහාන් පල්ලේ වත්ත පට්ට පල් බොරු කාරයෙකි.

    Suranga Edirisinghe //

    ඊට පස්ස‍ෙ විවේචනය කරන්න

    ReplyDelete
    Replies
    1. පල්ලෙවත්ත කියන්නේ රනිල්ගේ ගේමක් . රනිල් දන්නවා දැන් පොරට චන්ද හම්බ වෙන්නේ නැහැ කියල . එතනින් කඩෙන චන්ද ටික මහින්ද පිලට ලීක් නොවී වෙන වෙන ගෝතයන්ට සෙට් කරන එකේ එක කොටසක් තමයි පල්ලෙවත්ත . අනිතිමනට 50% කට වඩා එකෙක්ටවත් ගන්න බැරිවෙලා පොරට වාසියක් වෙන විදියේ ගේමක් තමයි ඔය

      Delete
  15. Sa rasaAugust 11, 2014 at 6:48 AM
    චානුක තුමා ආර්තික විද්යා උපදෙසයක් දුන්නේ චම්පක තුමා ගේ කතාව කිච කරලාය. මහාචාර්ය මාතලන් තුමා ද මාතලන් ආර්තික ක්‍රමය කියාදුන්නේය. ඉන්දික Lion තුමා රජය වියාපාර කරන නොකරන විදිය මහජනතාවට කීයාදීමට විරුද්දය.
    ඉහත තුමන්ලාගේ කතා ඇසුවාම මං තුමා ගේ ආර්තික උන්ඩුකපුච්චය ටියුන් විය. මෙනා මහත්වරුනි මගේ සිරි ලංකා ආර්තිකය නැංවීමේ ක්‍රමවේදය:
    අපි අපිට තියනා දේ විකිනීමට උත්සාහ කරමු. තියෙනා දේවල් අතුරෙන් වඩිම ඉල්ලුමක් ඇති දේ වැඩි වැඩි වැඩියෙන් විකුනමු.... මා දන්නා පරිදි විදෙශිකයන් ගෙන් වැඩිම ඉල්ලුමෙ ඇති ශ්‍රි ලාංකික නිශ්පාදනය නම් ගංජා ය.
    රජය විසින් නීති සම්පාදනය කර මොනරාගල අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නිදහසේ ගංජා වගාකිරීමට ඇති නීතිමය අවහිරතා නැති කල යුතුය. එම දිස්තික් වල නේවාසිකව සිට ගංජා පානය කිරීමට නීතියෙන් අවසර දිය යුතුයමේ ක්‍රමවේදය අනුගමනය කලොත් සන්චාරක වියාපාරය අහස උසට දියුනු වනු ඇත.
    විදේශික ගංජා ලෝලීන් මත්තලින් මෙරට පැමින මලක් දෙකක් ගසා සැප විඳිනු ඇත. මීට අමතරව terminal illness වලින් පෙලෙන රෝගීන් ද better pain management ලබාගැනීමට මෙහි එන බැවින් පුද්ගලික රෝහල් කීපයක් ද එම එකේ පටන් ගත හැකිය...

    මෙන්න සරස තුමා ගේ ප්‍රායෝගික ආර්තික ක්‍රමවේදය....

    ReplyDelete




    Sa rasaAugust 11, 2014 at 8:39 PM
    ඔබ තුමා කියන්නේ විදෙශ සන්චාරකයින් එන්නේ ඇක්ටිවිටීස් සොයාගෙන කීයලා.... අපි ගංජා නීත්‍යානුකූල කලොත් මෙතෙක් ලංකාව දෙස නොබලපු ganja smokers ටික මෙහේ එන්න පටන් ගන්නවා.... ඔය Holland වල වගේ....

    සැබෑවටම මෙම නීතිය ක්‍රියාත්මක උනොත් එක රැයකින් ලංකාවේ ඇති සියලුම හෝටල සන්චාරකයන් ගෙන් පිරෙනවා...
    අනෙක් අතට ගංජා වගෙ වල් පැලාටියක් ලේස වැවෙන දෙයක් මිස බොහෝ ශ්‍රමය කැප කර සාදන බෝගයක් වැවීමට තරම් අපෙ කස්ටිය කැපකිරීම් කරන්නේ නැහැ... අපි ඉතින් සොබාවයෙන් ම කම්මැලියි නේ...ඉතින් මේක win win situation එකක්


    විලෙන් තන මල්
    නෙලා වන මල්
    ගසන මන කල්
    ජීවිතේ ....මල්!

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම ගැන කතා කළොත් රටක් දියුනු වෙන්න නම්, සමාජයේ විනය, නීතිය හැමෝටම ඉහලින් තිබිය යුතු වීම අනිවාර්යයි. එහෙම නොවුනු රටක්, කවදාකවත් ඉදිරියට යන්නෙ නැහැ. දැන් ලංකාවෙ නැත්තෙම ඒ දේවල් නේද?

      Delete
    2. කුමාර මට නම් හිතෙන්නේ කෘෂි ආර්ථිකය කෙරෙහිනම් ලොකු විශ්වාසයක් තියන්න බෑ. මොකද කාලගුණය වගේ අපට වෙනස් කල නොහැකි සාධක සෘජුවම කෘෂිකර්මාන්තයට බලපානවා. ඒ වගේම ශාක වලට වැලදෙන රෝග (පොල් වලට හැදුනු මයිටා රෝගය, පලතුරුවලට හැදුනු පිටි මකුණන්ගේ උවදුර) නිසා බොහෝ සේ අස්වනු හානි සිදුවිය හැකියි. කෘෂි ආර්ථිකයක් මත පදනම්ව සිටියහොත් ඉහත කී තත්වයන් නිසා ආර්ථිකයට ලොකු බලපෑම් වෙන්න පුළුවන්.

      ඒ වගේම කාර්මික අංශය කොහෙත්ම අමතක කරන්න බෑ. යම් තරමක් දුරට කාර්මික අංශය කෙරෙහි අවධානය යොමුකල යුතුයි. මම ඉන් අදහස් කරන්නේ නෑ අප මෝටර්රථ, ගුවන්යානා නිපදවිය යුතුයි කියල. ඉදිකටුවේ සිට අප චීනයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන්නට පටන්ගතහොත් (එය යම්තාක් දුරකට සාපේක්ෂ වශයෙන් වාසි වුනත්) එය අහිතකරලෙස ගෙවුම් ශේෂයට බලපෑ හැකිය. (මන්ද දැනටමත් ගෙවුම් ශේෂලේඛණයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතා විශාල වශයෙන් වැඩි වීමයි. එය රුපියලේ වටිනාකම අඩුවීමටද හේතුවේ) එම නිසා අප යම්තාරමක් දුරට කාර්මික අංශය කෙරෙහි අවධානය යොමු කලයුතුය. (නමුත් කාර්මික අංශය ආර්ථිකයේ වැදගත්ම අංශය නොවිය යුතුය).

      අපි වැඩි වශයෙන් අවධානය යොමු කල යුත්තේ සේවා අංශයටයි. සේවා අංශයේ මූලික වශයෙන් තොරතුරු තාක්ෂනය කෙරෙහි අවධානය යොමු කලයුතුබව මගේ මතයයි. මන්ද එය සදහා යටිතල පසුකම් වෙනුවෙන් යන වියදම (හෝටල් හා සංචාරක කර්මාන්තයට සාපේක්ෂව) අඩු බවයි. එමෙන්ම අධ්යාසපන සේවා,සෞඛ්‍ය සේවා, හෝටල් හා සංචාරක සේවා දියුණු කලයුතු බවයි. (බොහෝ රටවල අධ්‍යාපන,සෞඛ්යව සේවා ඉතා ලාබදායක විදේශ විනිමය උපයන සේවා අංශයි. නමුත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්යායල ආරම්භ කරන්න හදනකොට රෙද්ද උස්සන් එනවා නේ හැටහුටහමාරක් එවුන්) ඒ වගේම අප නුපුහුණු ශ්රමිකයන් විදේශ ගතකරනවට වඩා පුහුණු ශ්රමිකයන් විදේශ ගත කරනවානම් විශාල විදේශ ආදායමක් අපට ලබා ගත හැකි බව මගේ අදහසයි. (නමුත් අපේ රජය නුපුහුණු ගෘහසේවිකාවන් යවනවට වඩා ඉන් ඉහලට දෙයක් ගැනනම් හිතන්නේ නෑ.අඩු තරමේ වැඩිම විදේශ විනිමයක් රටට ලබාදෙන ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව ගැනවත් සොයා බලන්නේ නැතිකොට) මේ අනුව මගේ මතය නම් රටේ වැදගත්ම අංශය විය යුත්තේ සේවා අංශය විය යුතු බවයි. අවසාන වශයෙන් ඔය මොන රෙද්ද කරත් වැඩක් නෑ රටේ යහ පාලනයක් නැත්නම්.

      මුලින්ම රටේ යහපාලනයක් ඇතිකොට ඉහත කරුණු ගැන අවධානය යොමු කල යුතුයි. කාළගුණයට අභියෝග කළේ අවුරුදු 2000 ගනනකට කලින් හිටපු මිනිස්සු. අපේ උන්ට ඒ ටික මේන්ටේන් කර ගන්නත් බෑ. ලෙඩ රෝග වලට බේත් හොයන්න. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන බව බෝග වවන්න තමයි ගොවි පර්යේෂණ කටයුතු ආයතන තියෙන්නේ. මොන ලබ්බක්ද ඒවයෙන් කරන්නේ. නොකල හැක්කක් නොමැත කියලා අපි යුද්ධයෙන්ම ඔප්පු කලා නේ. වෙලා තියෙන්නේ අවශ්‍යතාවයක් නොමැති කම හා කැපවීමක් නොමැතිකමයි.

      ගල් ගොඩවල් වැලි ගොඩවල් බහුල ඊශ්‍ර්යලයේ නිශ්පාදනය කර අපනයනය කරන එළවළු පලතුරු, එතකොට සෞදි කාන්තාරයේ දිනකට කිරි ලිටර් 40-50 ගන්නා එළදෙනුන් (Almarai Al Badiah farm in KSA) ලංකාව කොපමන සම්පත් තියෙන රටක්ද .1948 ඉදන් කොමිස් කාක්කො රට කෑවා. කුමාරලා දැන් ආර්ථික න්‍යායන් හොයනවා රට ගොඩගන්න පුක තමයි.

      රටක් නගාසිටුවිමට අංක 1 ආත්ම අභිමානයක් ඇති මිනිස්සු සිටිය යුතුයි ! දැන් නම් ඉතින් අභිමානේ ගන්න වෙන්නේ ජැකීගේ ආප්ප කඩෙන් තමයි.

      ඒක නැති නිසා තමයි ඔක්කෝම රට රටවලට පනින්නේ, ලංකාවට ගරගමින් එහෙ ගිහිල්ලත් බ්ලොග් පඩංගු අටෝගෙන ලංකාවට ගරහමින් ඒ රටවල් අතිශයෝක්තියෙන් වර්ණනාකරමින් තමුන්ගේ හීනමානය වසාගන්න එක තමයි එක තමයි කොරන්නේ.

      Delete
  16. මාතලන්,

    මැති ඇමැතිවරුන් පාවිච්චි කරන අධි සුඛෝපභෝගී වාහන වෙනුවට මිළෙන් අඩු, සාමාන්‍ය වාහන පාවිච්චි කරන්න කියල ජනාධිපතිවරයා නියෝගයක් කරල තියෙනව. එ් වගේම විදෙස් ගමන්වලදි ගුවන් යානාවල සුපිරි ව්‍යාපාරික පන්තියෙ (Business Class) ආසන වෙනුවට සාමාන්‍ය පිරිමැසුම් (Economic) පන්තියේ ආසන යොදාගන්න කියලත් කියලලූ. කෑම බීම ඇතුළු ජීවන රටාවෙදි පවා බොරු ආටෝප නැති සාමාන්‍ය රටාවකට හැඩ ගැහෙන්න කියලත් උපදෙස් දීල තියෙනව. මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය උත්සව පැවැත්වීමත් වහාම නතර කරන්න ඕන කියල නියෝග කර ඇති බව සැලයි. මැති ඇමැතිවරුන් හැමෝම බහුතරයක් සාමාන්‍ය වැසියන් වගේ සරළ, අල්පේච්ඡ ජීවිත ගත කරන්න පුරුදු වෙන්න කියලත් කියල තියෙනව.
    .
    .
    .
    .
    .
    ........... හැබැයි පිලිපීනෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න