.

.

Dec 26, 2024

Voice Sri Lanka Copy Star, Nostalgia & Generation Gap


Voice Sri Lanka

Copy Star, Nostalgia &

Generation Gap

➖➖➖➖➖➖⭕➖


මේ දවස්වල මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ සීන් එකකට අපේ කස්ටිය කෝච්ලා දෙන්නෙක්ගේ පලු අරිනවාය... ඒ හැරුනේ නැතෙයි කියලාය හැරුන දෙන්නත් හැරුනේ අන්තිම මොහොතේය.... (හැබයි සම-හරක් උන් දෙන්නාගෙත් පලු ඇර තිබුනේය.


Voice කියන්නේ ජාත්‍යන්තරයම සහභාගී වන ෆ්‍රැන්චයිස් ෂෝ එකක්‍ය. කලින් තරඟ වටවලදි අපේ අය ජාත්‍යන්තර තරඟ වලටත් ගියේය. මේකෙන් හොයන්නේ අළුත් වොයිස් හා පර්ෆෝමන්ස්ය. ඒ කියන්නේ නැවුම් කටහඬවල් හා ඉදිරිපත් කිරීම්‍ය.


කරුමය තිබෙන්නේ ඔතනය.. බනිනා උන් ඔය කාරනේ දන්නේ නැතිය. අනික් කාරනේ ජෙනරේෂන් ගැප් එකය. මුන් සින්දු දන්නේ නැතිය... ටේස්‍ට් එකක් නැතිය කියා අපේ ජැනරේෂන් එකේ උන් දාර හෑලී ලියලා තිබ්බේ මේ සිද්ධිය හා ප්‍රියා සූරියසේනගේ වෙන්ව යාමත් ඈදලාය.


හැබයි ඇත්ත කතාව නම්.... ඔය කියනා ගායක ගායිකාවන්ට වඩා... විවිධ වූ ශානරයන් හා ඉස්ටැයිල් ගැන මෙන්ම වොයිස් ගැනත් මොවුන්ට ජාත්‍යන්තර තත්වයේ දැණීමක් තිබෙනවාය යන්නය.

ඉස්සරට වඩා පට්ට රස නිර්මාණ දැන් තිබෙනවාය. ඒකට මොළය අප්ග්‍රේඩ් කර ගැන්ම සෑහෙන අමාරු වැඩක්‍ය.


ඒක හරියට දිව්‍ය භෝජන කෑවත්. පොල් සම්බෝලයි බතුයි කරවල කෑල්ලයි දැක්කාම අරවා මක්කැයි කියා හිතෙනවා වාගේය. 


ඒ දොස්තර මහත්තයා ටැලන්ටඩ් බව ඇත්තය.... තනිකරම චන්දන ලියනාරච්චිය.... හැබයි උන්නැහේ මෙතෙන යන වැඩේ හැඩේ අනුව ගේමට ගැලපෙන්නේ නැති එකය. එනයින් නොහැරුන කෝච්ලා දෙන්නා නිවැරදිය. හැරුන උන් හැරුනේ මනුස්සකමටය.


කලින් නම් මොකක් හෝ චැනල් එකක Copy Star කියා වැඩ සටහනක් ගියේය. ඒකට ජිප්සීස් සුනිල් අයියා වගේම එකෙක් ආවේය. තවත් බොහෝ ඩුප්ලිකේට් උන් ආවේය. ඒත් දින්නේ බීන්ට ඇන්ද එකාය.


මෙවන් ආර්ටිස්ට්ලා ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාවේත් ඉන්නවාය. සාමාන්නියෙන් අපේ වහරේ මොවුන් හඳුන්වනේ ඩුප්ලිකේට් කියලාය.


ඩුප්ලිකේට් සාජන්ට් නල්ලතම්බිලා හෝ ගාලා බිහිවුනේය. නිහාල් නෙල්සන් කෙනෙකුත් ඉන්නවාය. බන්දු සමරසිංහත් ඉන්නවාය. ක්ලැරන්ස් අයියත් ඉන්නවාය. ඩුප්ලිකේට් ජෝතිලාත් ඉන්නවාය. දැන් ජිප්සීස් ගෲප් එකේම සුනිල් අයියාගේ පට්ට වොයිස් එකම තියෙන එළම එළ කොල්ලෙක් ඉන්නවාය.


එහෙම අයටත් මාකට් එකක් තියෙනවාය. සමහර විට උන් ඔරිජිනල් ආර්ටිස්ලාටත් වඩා හොයනවාය. ටැලන්ට් එකත් තියෙනවාය.


හැබයි ඉතින් ඕන භාන්ඩයක නම යන්නේ ඔරිජිනල් නේම් එකෙන් පමණමය.


චන්දන ලියනාරච්චි කියන්නේ බ්‍රෑන්ඩඩ් එකය. ජොස්තර මහත්තයා ඩුප්ලිකේට් එකය.


#මාතලන් 

.

 

4 comments:

  1. තාක්ෂණයත්, තම හැකියාවත් එකතුවෙන් කළා නිර්මාණ කරන සීමිත දක්ෂ තාරුණ්‍යයක් ඉන්නව. ඒ අතර දනිත් ශ්‍රී, චරිත අතලගෙ, කාංචනා අනුරාධි වගේ අය උඩින්ම ඉන්නව.

    ඒත් ඔය කියන "පට්ට රස නිර්මාණ" "මොළය අප්ග්‍රේඩ් කර ගෙන" අහන්න කියල කියන්නෙ ආශාන්‍ය වගේ අයගේ සිංදු නම් ලංකාවේ අනාගත ගීත ක්ෂේතයට අබ සරණයි. ඒ වගෙ අයම තමයි ඉතිං මාස් මීඩියා එකත් පුම්බන්නෙ 😆

    ReplyDelete
  2. අලුතෙන් ගයන්නට එන්නන් දැනුවත්ය
    ගැයුමේ නිම්වළලු සපුරා දත්තන්ය
    තාක්ෂනෙත් ඔවුනට ලොකු හයියක්ය
    නව ගී හනික එයි; යයි - එය අවුලක්ය!

    ReplyDelete
    Replies
    1. පච ලපයා සහ උගේ අමන හොර උපාධිකාරයෝ අලුතෙන් ඇවිත් ගූ නානවා වගේ නේද නිමල්?

      Delete
  3. අපි අනුර සහෝදරයගේ ආණ්ඩුවක් යටතේ ඔය කසිකබල් රියැලිටි රෙද්දවල් තහනම් කරණවාය.. අපි යහපාලන ආණ්ඩුව යටතේ බ්‍රසියර් සහ චේන් සෝ තහනම් කරගැනීමට මුල්වූ බවත් මෙහිදී මතක් කර දීමට කැමැත්තෙමි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න