.

.

Jun 13, 2010

සාරි ගප්පි ටැංකිය - Guppies

පොඩි කාළේ මගේ නොම්බර එකේ විනෝදාංශය තමයි මාළු ඇති කරණ එක. ඊට අමතරව අපි වවමු රට නගමු වැඩ සටහනේ හොඳ සාමජිකයෙක්.

පොඩිම කාළේ තාත්ත හදවල දුන්න ටැංකියෙන් තමයි පටන් ගත්තේ. ඒ කාලේ අද වගේ හැමතැනම සුරතල් මසුන් විකුනන්න තිබුනේ නෑ. අපි මාළු ගෙනාවේ බෞද්ධාලෝක මාවතේ තිබුනු ජාතික පොලෙන්. ඔය චිත්‍රපටි සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය තියෙන තැන තමයි ඒක තිබුනේ. දැන් තියෙන්නේ නාරහේන්පිට.

මුලින්ම හිටියෙ සුපුරුදු පරිදි ගොල්ඩ් ෆිෂ්ල තමයි. තාත්තගෙත් ෆේවරිට් එයා. ටිකක් ලොකු උනාම සල්ලි එකතු කරල තවත් ටැංකී දෙකක් ගත්ත. ඔය අතරේ පොඩි කාලේ ගමෙත් ටැංකියක් තිබුනා ඒකේ හිටියේ අම්මලයි මහ ගෙදරට ඉස්සරහ ඉඩමෙන් ගලාගෙන ගියපු පොඩි කානුවෙන් අල්ල ගත්ත ගප්පි. එහේ ලිඳේත් හිටිය ගප්පි. ඔයින් මෙයින් මම ගප්පින්ට ආදරේ කරන්න පටන් ගත්තා.

ගෙදරට ගත්ත ටැංකී දෙකේ හිටියේ ප්ලේටී, බ්ලැක් මොලිස්, ඒන්ජල්ස්, සීබ්‍රා ස්වෝඩ් ටේල් වගේ කට්ටිය. ලොකු බෝතල්වල ෆයිටර්ස්ල හිටියෙ තනි තනියෙන්. පස්සෙ ටිකක් ලොකුවට පොලොවට අල්ලල ටැංකියක් ගහල ගප්පි වෙනම ඒකේ ඇති කරන්න පටන් ගත්ත.

ගප්පි හෝ ගාලා පැටව් දානවනේ. ප්ලේටිත් ඒ වගේ තමා. ඕන දේක විශේෂත්වයක් තියෙන්න ඕන හින්ද මම හිතා ගත්ත ගප්පි ස්පෙශලිස්ට් හෙනෙක් වෙන්න.

ආරංචි වෙන හැම තැනම ගිහිල්ල එක එක වර්ගයේ ගප්පි ජාති හොයාගෙන එනවා. ෆ්ලැග් ටේල්, ෆෑන් ටේල්, ට්‍රයී ඇන්ගල් ටේල් වගේ විවිධ වර්ග වල වෛවාරන්න පාටවල ගප්පි හෝ ගාලා හිටිය. ඒ කාලේ මගේ ගප්පි ගන්න දුර පැතිවල අයත් ආවා අරංචියට.

ඊට අමතරව ලිඳක් වත්තෙ හදල ඒකේ කාෆ්ල ඇතිකලා, වෙලේ ලිඳේ කොටුකරල කාවයියො බට්ටො මගුරො විතරක් නෙමේ ලොකු ලූල්ලූත් හිටියා. මේ හැමටම වඩා ගප්පි මාකට් එක තමයි නැගල ගියේ.

ගප්පි බෝ කරන්න එච්චර අමාරු නෑ. ගස් වැඩියෙන් වවල හොඳින් කෑම දුන්නම, ලොකු ඒවුන් පැටව් කන්නෙ නෑ. ගප්පි නෝනා ලොකුයි. මහත්තය පොඩියි හැබයි මාර හැන්ඩියා.

කාළයාගේ ඇවෑමෙන් මේ වැඩ කටයුතු නැවතුනත්. මෑතක් වෙනකම් එක ටැංකියක ගප්පි ටිකක් හිටිය. එක සැරයක් වැහැපු වෙලාවේ ඉතුරු කට්ටියත් යන්න ගිහිල්ල. දුකේ බෑ......

ප: ලි:

මේක ළියන්න හිතුනේ ළිපියක් දැක්ක ගප්පි බෝ කීරීම මගින් මඳුරු කීටයන් විනාශකළ හැකිය කියා. නමුත් කොළඹ තියෙන ඇල පාරවල්, ජලාශ වලට ගප්පියෙක් තියා බොගක් වත් දාන්න පුළුවන්ද.....?

21 comments:

  1. 'කොළඹ තියෙන ඇල පාරවල්, ජලාශ වලට ගප්පියෙක් තියා බොගක් වත් දාන්න පුළුවන්ද.....'
    නියම කතාව.

    ReplyDelete
  2. මමත් කාලයක් ගප්පි ඇති කල. ගෙදර අය කැමති රට මාලුවෙන්ට (රත්තරං මාලු වගේ උන්) නිසා මම මාලු ඇති කිරිල්ලම අත ඇරලා දැම්මා..

    අන්තිම කතාව කොළඹට වගේම නුවරටත් අදාලයි.. නුවර වැවේ මාලුවෝ මරිලා ඉන්න හැටියට ඒක ඇත්ත කියලා පේනවා.. මොකද නුවර කාණු ගොඩක් වැවටනේ.. හික්ස්

    ReplyDelete
  3. අපි නං දන්න හිංගලෙන් උන්ට කිව්වෙ, බ්ලැක් මොරිස් සහ ප්ලේන්ටි කියලයි. කොච්චර ලාබ උනත් සාරි ගප්පි තමා නියම. පුහ්, බලන්න එපෑ පස්ස වන වන යන අපූරුව.

    ReplyDelete
  4. හික් හික්!! මමත් සාරි ගප්පි ඇතිකරපු කෙනෙක් තමයි!අන්තිමට සාරි ගප්පියි වල් ගප්පියි කලවං වෙලා දෙකටම නැති ගප්පිත් හැදුනා :)

    ReplyDelete
  5. මගෙ මාලු වැඩ ගොඩාක් අඩුයි. මාලු කැවෙත් නැහැ පොඩි කාලෙ. එකත් කැම්පස් එකට ගිහින් පුරුදුවුනෙ. පින් පවු බලලා නෙවෙ නොකා හිටියෙ.මාව හදාගත්තු කෙනා පින් පවු ගොඩක් බලන කෙනෙක් එයාත් එක්ක හැදෙද්දි සත්තුව කොටු කරන වැඩ, අනන් කන වැඩ වලට පුරුදු වුණෙ නැහැ. අපෙ මල්ලිනම් මෙවට රුසියා. ඌ ට තිබුනා ලොකු ටැංකියක්.. මු එකට වතුර පුරවලා. මැද්දෙන් ලස්සනට කියලා ලොකු ගලකුත් දාලා එක මැද්දෙන්ම පුපුරව ගත්තා..

    ReplyDelete
  6. පොඩි කාලෙ මාලු ඇතිකරපු එකේ රස දන්නෙ කරපු උං විතරයි. මාත් සෑහෙන්න මාලු හැදුව. ඒ දවස්වල කොළඹ තිබුන ලොකුම සහ ප්‍රසිද්ධම මාලු කඩේ උනේ "ලුම්බිණි ඇක්වේරියම්". ඒක තිබුනෙ ඔය ඔචාර්ඩ් බිල්ඩින් එක හරියෙ වගේ තමා මතක. ඒත් සෑහෙන කාලෙකට ඉස්සර වැහුන. මේගොල්ලන්ගෙ farm එක තිබුනෙ අපේ පැත්තෙ, අපේ දහම් පාසලට අල්ලපු වත්තෙ. මහ විසාල ඉඩමක හතරවටේම තාප්ප ගහල, ඒ උනාට මැද්දෙන් ලොකු කානුවක් යනව. ටිකක් වැහි දාට දහම් පාසලෙන් කලින් පැනල ඔය කාණුවෙ කොනක දැල් එල්ලන් බලන් ඉන්නව ( දැල් පොදු පහසුව තකා පන්සලේම හංගල තීන්නෙ ) ටැංකි වලින් උතුරන මාලු ගහගෙන එනකල්. ගප්පි නං අනිවාර්යයි. මට එක පාරක් තඩි ස්වොර්ඩ් ටේල් කෙනෙකුත් අහු උනා. ලුම්බිණි කාණුවෙන්් මාලු අල්ලගෙන්, තව මඟ පොඩි කානුවලින් උන්ට කන්න පනුවො ටිකකුත් අල්ලං තමයි දහම් පාසැල් ඇරිල ගෙදර එන්නෙ. හිතා ගන්න පුළුවන්නෙ...

    ReplyDelete
  7. Dahampasal gihin malu allanna dan okkotama puluvan hehe.

    ReplyDelete
  8. ඒයි මාතලන් ගොයියො.. උඹ ඉන්දිකට අකුරු ලොකුකරන්න කියලා උඹේ බ්ලොග් එකේ අකුරු පොඩිකලේ දෙපැත්ත බැලන්ස් කරන්නද..?? තිබුන ගානටම ආපහු ගෙනාවනං එළ, අපටත් හතලිස් ඇදිරිය තියෙනවා.. :)

    පලි: මටත් පුංචිකාලෙ මාළු ඇතිකරන ආසාව තිබ්බට ගෙදරින් කොක්ක දැම්මා සත්තු කොටුකරන් හදන්න එපා කියලා. ඉතිං මට හිටියෙ බල්ලො පූසො විතරයි..

    ReplyDelete
  9. බුරම්පියගෙ කථාව මමත් ඉස්තීර කොරනවා. අර අපූරුවට තිබ්බ තීම් එක වෙනස් කොලේ මොන ඇන්නාවකටෑ?

    දැන් කියනව එහෙම නොවෙයි අරව මේව ඔබලා අකුරු අපටම ලොකු කර ගන්න කියලා. බොලං , කම්මැලිකම අපේ ජාතික උරුමය නොවැ.

    ReplyDelete
  10. මටත් ඉතින් ඒ කාලේ ඔය පිස්සුව තිබුනා නේන්නං . . . . කොහොමත් ගප්පි එච්චර ගානකුත් නැහැනෙ . . . රුපියලයකට සාරි ගප්පි ජෝඩු පහක්ද කොහෙද ගන්න පුලුවන් ඒකාලේ. මගෙ ගාව හිටිය තඩි ස්කැවෙන්ජරයෙක්. ඌ හිටියෙ ලොකු බක්කියක. දවසක් පිලිහුඩුවෙක් ඌව සිටි ටුවර් එකක් එක්කන් යන්න ට්‍රයි එකක් දෙන්න හිතාගෙන ඌව උස්සගෙන යනකොට මග වැටිල බර වැඩි කමටම. කුණු කන එකමනෙ ඉතින් උගේ වැඩේ.කුණු කාලම මහත් වෙලා . . . මම දැක්කෙ දවස් දෙකකට විතර පස්සෙ. . . . මම දකිනකොට කඩි ටිකක් සෙට් වෙලා ඌව බාබකිව් දානවා . . . ! මගේ ගාව හිටපු අන්තිම මාලුවා ඉතින් ඌ තමයි.

    ReplyDelete
  11. අපි සෑහෙන දෙනෙක් මාලු ඇති කරපු කස්ටිය වගේ . . .
    කොහොමත් මම හිතන්නේ 70 - 80 දශක වල ඉපදුනු අය ගොඩක් දෙනෙක්ගේ මේ විනෝදාංශේ තිබුනා.

    දැන් කාලේ ගොඩක් ලමයින්ට ඉතිං කොම්පීටරෙන් තොර ලොවක් නෑ නේ . . .

    මගේ විනෝදාංශේ ඉතිං මේ ඉලව් ලව් කිරිල්ලක් නිසා නැත්තටම නැති වෙලා ගියා දුකේ බෑ . . .

    ReplyDelete
  12. @ Prasanna
    හෙහ්... හෙහ්.. ඇයි බොරුද....?

    @ ළමයා
    ඇත්ත කොලුවෝ... සහතිය ඇත්ත....

    @ Siribiris
    ඒකත් මාර වැඩේ ගප්පි කොල්ලොන්ගේ පස්ස ලස්සනයි
    අපේ කෙල්ලන්ගේ පස්ස ලස්සනයි........

    @ blog gadol
    අපේ ජාතියටත් වෙලා තියෙන්නෙත් ඕකමයි...

    @ රවා
    ඌ පොඩි එකා කියන්න පුලුවන්. අපේ මහ එවුන් කරන්නෙත් ඔය වගේ වැඩ නේ බොළං.... හෙහ් හෙහ්

    @ උපසාන්ත
    පව් දෙකයි.... මම පනුවෝ හොයා ගත්තෙ හරි අමාරුවෙන්.. ආච්ච්ගෙනුයි අම්මගෙනුයි ෆුල් කචල් නිසා.. රාත්‍රී කාලයේ තමයො මේ මෙහෙයුම සිඳුවන්නේ...

    @ ඇනොනිමස්
    අම්මප ඇත්ත බොලන්..

    @ Buratheno
    මළ වදේ මේ නාකිත් එක්ක.. කිසිම දෙයක් කරන්න බෑ..
    ඔන්න වැඩේ කොළා.....

    @ Siribiris
    ඉට්ටයිල් එකට ඉන්න හැදුවේ අලුත් කිට් එකක් එහෙම ගහල...
    ඉරිසියාකාර හැත්ත... ඔන්න මළදානේ.. කාපිය ඉතිං තීම් එක...

    @ දුමී
    දුක් වෙන්න එපා කොලුවෝ.. ඔය ඉන්නෙ ඕන තරම් ස්කැවේන්ජර්ස්ලා... උඹට ඕන තරම් දෙන්නම්... අර සව්ක්කිය කාපූ එකානම් හොඳට ජරාව කාලා තියෙනවා... බලහංකෝ සයිස් එක....

    @ දුකා
    ඒ උනාට .. මාළු කෑල්ල ලස්සනයි.. අපි දැක්කනේ.. උපන් දිනේ දවසේ...

    ReplyDelete
  13. අනේ බොලේ උඹයි මමයි දන්න ඉස්ටැයිල්. ඔන්න ඔහේ දන්න කරුමාන්තයක් ( වක්කඩේ මාලු බෑම වගේ) කොරගෙන , දුංකොල වැඩියෙන් දාපු විටක් හපල හි‍ටු.

    ඒක නොවෙයි මලේ, මොකෑ මේ තීම් පොජ්ජෙ ඉන්න කාල ගෝල සැට් එක අපට පස්ස පෙන්නං ඉන්නෙ?

    ReplyDelete
  14. @ Siribiris
    ඕක දිග කතාවක් ගොයියො, කෙටියෙන් කියන්නම්.. අපෙ උන්ට මනුෂ්‍ය රුවක් හරියට අඳින්න, අඹන්න බැරි නිසා ඉන්දියන් කාරයෝන්ට කන්ට්‍රැක් දීලා තමයි කරගෙන තියෙන්නෙ. ඉතිං ඒවල සේවය කරපු කලා කාරයෝ ඔරොප්පුවට තමයි ඔය විදියට නෙළල තියෙන්නෙ. පොළොන්නරුවේ ගිය වෙළාවක තිවංක පිළිම ගෙයි බලහං නියම වැඩ දෙකක් කොරළ තියෙනව... කිව්වොත් අගයක් නෑ...

    ReplyDelete
  15. මමත් ඒක තමා බැලුවෙ, ඔහොම අසමජ්ජාති වැඩක් කොලොත් අපේ එකෙක් වෙන්න බෑ තමා. අම්මපා මේහෙමත් නොසන්ඩාල ඉන්දියන් කාරයො.

    මෙහේ හිම වලස්සුත් එක්ක ජිල් බෝල ගහන මට, ආයෙ කොයි කප්පරේ පොලොන්නරු මංගච්චන්න ඇහැක් වෙයිද දන්නෑ. ඔන්න ඕක කියලා දාහන්, මෂ්ෂිනේ.

    ReplyDelete
  16. @ Siribiris
    එකක් නම් මේ වගේම පුක හරවන් ඉන්න එකක්. අනික දේවතාවියක්ගේ අරකෙ තඩි මකුනෙක්. තව තියෙනව ඒ වගේම ඒවා. මේකේ ටිකක් හොඳ ච්ත්‍ර ටිකකුත් තියෙනව ඉතුරුවෙලා.

    ReplyDelete
  17. සාරි ගප්පි පැටව් දැම්මම පැටව් මුල්ම දවස්වල මොන වගේද

    ReplyDelete
  18. සාරි ගප්පි පැටව් දැම්මම පැටව් මුල්ම දවස්වල මොන වගේද

    ReplyDelete
  19. පැටව් දුඹුරු පාටයි ොකුවෙද්දි පාටවෙන්න

    ReplyDelete
  20. MaMA EDATH ADATH HETATH KAWADATH MALU HADANA KENEK

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න