.

.

Jun 4, 2011

ගමෙත් කචල්, ලොක්ක මැදමුලන යයි - Fussy situation at Medamulana


සුගිය දවස් ටිකේ සිඳුවීම නිසා ජනාධිපතිතුමා සිටියේ තරමක විඩාබර ගතියකනි. සෙනසුරාදාවක් බැවින්, උදැසනම එක්සයිස් පාරක් එහෙම දමා පැමින, කුරහන් සැන්විච් කීපයකින් සප්පායම් වී පත සයිස් එළකිරි කෝප්පයකටත් වගකිව් එතුමා හාන්සි පුටුවේ දිගාවි ලංකා පුවත් පත අතට ගත්තේය. මුල් පිටුවේ මල් කුමාරයා පොඩි එකාගේ ලියුම වගේ ලේක්-හවුස් පත්තර, දැන්වීමුත් එක්කම ටපලා ටපලා කියවන බැවින්, නිවුස් සමග පොඩි ෆන් එකකුත් ගන්නා ජනාධිපති තුමා කළක පටන් එම පත්තර කියවන්නේම නැත.

කොලුවා බේරගැනීම සඳහා උපරීම උත්සායක් ගත්තද ඉන් පලක් නොවීම ගැන කවදත් කම්කරුවන් සමග සිටි එතුමා අවංකවම කනගාටු විය. එතුමා වඩාත් කනගාටු වූයේ පොලිසීය කනපිට පෙරලු ආචාර්ය පට්ටමකුත් තිබූ කාර්යක්ෂම නිලධාරියෙකුට සේවා දිගුවක් ලබා දීමට නොහැකිවීම ගැනයි. තව දුරටත් සේවයේ සිටින්නැයි කොතරම් ඇවටිලි කලද යන්නම ඕන කියු නිසා, "ඉන්නම බැරිනම් ඉතින් ඔහේ යන්න, හැබයි ඉඳල හිටල හරි මේ පැත්තෙ ඇවිත් යන්න" යයි කියූ මොහොත, කේ.පී. රජීව් ගාන්ධිගේ ළමයි ගැන මතක් වී, කඳුළු සැලූ මොහොතටත් වඩා හැගීම් බර වූ බව මතක් වූ එතුමා. පව් අහිංසකය පිට රටකට හරි යවන්න ඕන යයි සිතා හිත හදා ගත්තේය.

ජෙප්පෝ මරාගෙන කන්න හදන පියසිරි විජේ නායකයා, උන්ට එන්.ජී.ඕ. කාරයොන්ගෙන් කන ඒවූන් කියන්නේ, ඒ ජී මූත් කා ඇතැයිද, මෙහේ ජී නැත්නම් තාමත් ඌ කන්නෙත්  ඒ ජීම නේදැයි සිතුනු විට එතුමාට සිනා ගියේය. ඒ අවස්ථාවේදීම එතනට පැමිනි ශිරන්ති නෝනා ජනාධිපති තුමා තනියම සිනාසෙනු දැක පුල් අප්සෙට්ම ගියාය.
"ඇයි අනේ ඔයා තනියෙම හිනාවෙන්නේ" කියා ඇසූ ශිරන්ති නෝනාට ජනධිපති තුමා කීවේ
"නෑ... මේ මට අර ජැකාගේ බුදුහාමුදුරුවොන්ගෙයි දුටුගැමුණුගෙයි කාතාව මතක් වුනා" කියා, උදේ පාන්දර නෝනට ජී කතවක් කියන්න වෙන එක ෂෙප් කොර ගත්තේය.

"මර්වින් සිල්වටත් ඕක ඔය කතාවම කිව්වද දන්නේ නෑ" යි නෝන කී විට,
"සමහර විට වෙන්නත් පුළුවන් මම දැක්ක ඕක ටී වී එකේ මිහින්තලේ කැලේ පිස්සෙක් වගේ දුවනව. මම හිතන්නේ ජීවකයට කියල ඉස කුඩිච්චියක් දැම්මොත් හොඳයි... නැත්නම් අපිටත් පිස්සු හැදිල තමයි නවතින්න වෙන්නෙ.." යි ජනාධිපති තුමා කීවේය.

"කරන එකක් ඒ යකාගේ ගෙදර ගිහින් කරන්නේයි කියන්න. මේ පලාතේ නම් ගේන්න එපා මට ඕක පෙන්නන්න බෑ.." යි නෝනා කියු විට ජනාධිපති තුම ඇසුවේ
"ඒ අර මක්ක වෙලයි නෝනේ .."කියලාය.
"ඇයි ඔහේගේ නෑනටත් මූ ආර්යව කිව්වෙ .." කියා නෝනා කියු විට. හ්ම් හ්ම් ගා මන්ඩලේ කචල් එකක් බව දැනගෙන තව දුරටත් ඒ ගැන නොවිමසා සද්ද බද්ද නැතුව සිටියේය.

බතික් සරමකින් හා අත් කොට කමීසයකින් සැරසී කළබලයෙන් මෙන් කඩාපාත්වුන ලලිත් ගෙන් ජනාධිපති තුමා ඇසුවේ
"මොකෝ ලලිත් මේ පාන්දර... සරමත් අතේ අරන්... ගෙදර කචල් එකක්ද" කියලාය.
"නෑ සර් මේ මගේ ගෙදර නෙමේ... සර්ලයි ගෙදර කචල් එකක්"
"පිස්සුද ලලිත් අපේ ගෙදර එහෙම වලියක් නෑ... ඔය පත්තර කාරයෝ කෙලින තරමක් කෙලින්නේ කෙප්ප නේ."
"නෑ සර් මෙහේ නෙමේ අරෙහෙ මහ ගෙදර මැදමුලනේ මැදමුලනේ"
". මොකක් එහේ කවුද වලි දාන්න එන්නෙ පුල් ගාඩ් දාලනේ තියෙන්නෙ.... අනික ලලිත් ඔහෙත් කැබිනට් එකේ මැට්ටෝ වගේ හැම ප්‍රශ්නෙම මගේ ගාවට ගේන්නද යන්නේ.?.."
"අනේ නෑ සර් මම සෙටල් කරන්න බැලුව... ඒත් උන්නාන්සේ ෆොන් එකට එන්න බෑ කියනව.... සර් පොඩි කාළේ ඉඳලම දන්න කෙනෙක් කියල... ඔබතුමාම.. ඕන්න නම් එන්න කියනවලු. එත් සිකුයුරිටි එකෙන් තවම වත්තට ඇතුල් වෙන්න දීල නෑ.. අනේ සර් ඉකමන් කලොත් හොඳයි...".
"මොකා උන්නාන්සෙ...?"
"ඔව් සර්.... හාමුදුරු නමක්.... බස් තුන හතරක මන්න, කැති, පිහි, උදළු, පොරෝකෙටි, මුල්ලු අරගෙන මාර සේනාව වගේ ලු.

ජනාධිපති තුමාට අසූ හාරදාහට මලේ ගොඳම එක පැන්නේය.
"ඒව කොහෙද ඩෝ මාත එක්ක... මුන්ට මේ තාප්පෙ ගාවටම වඩින්න  දුන්නම, මුන් එනව මගේ රෙද්ද අස්සටත් වඩින්න"  කියු ජනාධිපති තුමා පෙර දිනයේ අන්තර් පිස්සු බල මන්ඩලයේ චීවරධාරින් හා ගේමක් ඉල්ලා කන සාක්කුවේ දමාගෙන පිලිකන්නෙ නිදා සිටි මුතු හෙට්ටියාත් රැගෙන ලලිත් සමග වහාම ගමේ ගියේය.

පිට්ටනියේ කොප්පරක් බාන විටම ජානාධිපති තුමා බව දැනගත් එතුමාගේ මිතුරන් වන පෑලිස්, කරෝලිස්, චාලට්, විල්බට්, මහතුන්, හින්නිය යනාදි සබ්බ හැත්ත බුරුත්තම එතනට කඩා පාත්වී වෙච්ච හුට පටේ කියන්නට පටන් ගත්තේය.
"අපි හිතුව ඔහේ එයි කියල මූ මක්ක දේඩුවත් අහන්නෙ නෑ නේ සෑර්..."
"මොකක්ද බන්.... මටත් එක්ක ලැජ්ජයි නෙවැ... පොරි හැලෙන්න දානයක් දෙන්න එපැයි වළඳපු පින්ඩපාතේ මුඛෙන් වඩිනකන්.... උඹල එතකන් අහවල් කාරියද කලේ ...? කියා මොකක්ද කුනුහබ්බයකුත් ඇද බා සේනාවත් සමග පයින්ම ගිය ජනාධිපති තුමා ඇතදී දුටුවේ සිවුර වැරදියට ඇඳගත් පොරක් ගේමට නායකත්වය දෙන බවයි. ළගට ගිය ජනාධිපති  තුමා ඒ බයිලා ච්ක්‍රවර්ති වහන්සේ බව අඳුනාගත්තෙය.

ඔරොප්පුව පොඩ්ඩක් අඩු කරගත් ජනාධිපති තුමා චක්‍රවර්ති වහන්සේ ඇමතුවේය "හමුදුරුවෝ මේ මක්කයි කොරන්නෙ.? අනික මේ උදළු කැති පොරෝ මුල්ලුත් අරන් කුඹුරු කොටන්නේයි....? හාමුදුරුවො ඒවට මහන්සි වෙන්න ඔනැන්නේ නෑ.... අර උතුරෙ තියෙන දෙමල ගම් වලට සිංහල නම් දාන වැඩේ කොරගෙන, දෙන දානේ වළඳලා වෙන දානේ බලා උන්න නම් ඉවරයිනේ... මේව කොටන්න අපේ ලොකු අයිය ඉන්නව".

"එහෙම කතා කරන්න එපා සර්... මේවල තියෙන පුරා විද්‍යාත්මය වටිනාකම ඔහේලට තේරෙන්නෙ නෑ... ඔබ තුමා බුදු හාමුදුරුවොන්ගෙත් නෑය.... ඒ කාළේම තම්යි මේ ගිරිවාපත්තුවට ඇවිල්ලා තියෙන්නේ, මුල් කිරි ගල කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටන් තියෙන ගලක්.... මේ මැදමුලනේ සැගවිච්ච ඉතිහාසය ගොඩදාන්න තමයි මං මේ පුරා විද්‍යවේ මහත්තුරු,යි සේවකයොයි ඔක්කොම එක්ක ආවේ අනිත් කැනිම් ඔක්කොම නවත්තල...."

"අනේ හාමුදුරුවනේ... මන් හිතන් උන්නේ අරූට විතරයි පිස්සු කියල.. බලාගෙන ගියහම හාමුදුරුවොන්ටත් පිස්සු... ආයෙත් මහින්ද බාලසූරිය සේවයේ පිහිටවන්නේ නැතුව වඩිනවැයි ආපු අතක් බලාගෙන... මගේ යකා වඩ්ඩන්නේ නැතුව..." කියා කියු ජනාධිපති තුමා. ජැකාගේ අම්මා සහ ච්ක්‍රවර්තිගේ මෑනියන් වහන්සේලාවත් මතක් කර ලලිත් හා මුතුහෙට්ටියා සමග සියාතු ලයි අහින් දවල්ට ඇදබා කොළඹ බලා පිටත්විය......

24 comments:

  1. මේකනම් පට්ටයි හොදේ... ඇඬෙනව...

    ReplyDelete
  2. ලොක්ක ඔහේ මේ කොහේය යන්නෙ?

    ReplyDelete
  3. @ සාතන්, රත්ගමය, ගිම්හානි

    තෑන්ක්ස් හොඳේ....

    ReplyDelete
  4. @ ඉන්දික උපශාන්ත..

    පොඩි වෙනසක් කරන්න හිතුව... (ඇඩ් එකක්..)

    ඊළග එක සම්පූර්න වෙනස් මාතෘකාවක්..

    ReplyDelete
  5. @ අනොනිමස් 1

    ෂොරි කොමෙන්ට් එක ඩිලීට් උනා... ලොක්ක හොඳට ජෝකස් දන්නව..

    ReplyDelete
  6. බලන්න අනෙ, අපේ රජතුමාට දැහැමෙන් සෙමෙන් රාජ්ජ විකාරන්ට නොදී මේ නෝටි ළමයි නෝටි වැඩ කරන හැටි, නේද මෙයාලා?

    ReplyDelete
  7. @ කතන්දර

    අලේ... බලල්ලකෝ.... අලේ...
    ඒක.. ලේ..

    ReplyDelete
  8. පිස්සු හෑදෙනවා,නියමෙටම ලියලා තියන්වා,එකෙන්ම විශිශ්ටයි....

    ReplyDelete
  9. @ අසංක

    තෑන්ක් ඌ බුවා....

    ReplyDelete
  10. එළ කතාව.
    ඒත් ඇත්ත කතාව නම් මේ අපතයන්ට කිරි පොවල හදල වඩල දාර අපතයෝ කරන්නෙ රජතුමාමයි.

    ReplyDelete
  11. @ Outsider

    ඇත්තක් නැත්තෙම නෑ. ඒ උනාට ඕවර් ගිහිල්ල. අම්බානක කන අවස්තාත එමට ඇත.

    ReplyDelete
  12. නියමය්...අගේ කොරන්න වචන නැහැ....

    ReplyDelete
  13. @ Observer

    තෑන්ක්ස් ලොක්කො...

    ReplyDelete
  14. හෙට අනිද්දා වෙනකොට මේකත් හැබැහින් වෙන්න පුළුවන් අශ්චර්යවත් යුගයක් මේ.

    ReplyDelete
  15. @ Vipul Pathiraja

    අම්මප ඇත්ත කොලුවෝ...

    ReplyDelete
  16. අම්මපා සිරාවට ලියලා තිබේ . . සුපිරියි ඈ . .

    ReplyDelete
  17. තෑන්ක්ස් දුකෝ....

    ReplyDelete
  18. හා හා :D
    මේ විදිහටම ලියන මම ගොඩක් ආසා බ්ලොගර්ස්ලා දෙන්නෙක්ම හිටියා. ඒ දෙන්නා දැන්නම් ලියන්නේ නැති පාටයි ;)

    ReplyDelete
  19. @ malansamarawickrema

    තෑන්ක්ස් ... කවුද අනේ ඒ දෙන්නා.....???

    ReplyDelete
  20. 1. Sam - Unprotectedthoughts
    2. Kolu

    ReplyDelete
  21. අනතුරු ඇගවීමක්ද ?

    ReplyDelete
  22. @ ලොකු ජෝන්
    නෑ වෙන්න පුළුවන් දෙයක්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න