.

.

Jun 7, 2011

පුංචි පවුල රත්තරං - New Family Planning Method

දකුණු පත්තේ පොටෝ එකේ ඉන්නේ ළෝකේ උසම නෝනා.

මේ පොස්ට් එක ලියන්න හිතුනේ අපේ වෙද ගෙදර වෙද මහත්තයගෙ ප්‍රතීජීවක ඖෂධ නමින් පලවුනු රසවත් පොස්ට් එක දැකල. ඒ ළිපියේ කොමෙන්ට් එකක් හැටියට මේක දාන්න හදල පස්සේ හිතුන පෝස්ට් එකක්ම දානව කියල. මම මීට කළිනුත් පොස්ට් එකක් දැම්ම මේ මාතෘකාව යටතෙම ඒක මෙතනින් බලන්න පුළුවන්..

උපත් පාලන කොපු ලංකාවට ආපු දවස්වල, ඒක ප්‍රචාරනය කොරන්න නොයෙක් නොයෙක් ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් පඩි පෙල වගේ ළමයි නිෂ්පාදනය කරන එක නවත්ව ගන්න එක මේ වැඩ සටහන් වල ප්‍රධාන මාතෘකාව උනා. මොකද අපේ දෙමව්පියන්ගෙ කාළේ ට්‍රෙන්ඩ් එක තිබුනේ ක්‍රිකට් ටීම් හදන එකයි. සමහර ගෙවල් වල රගර් ටීම් පවා හිටිය. නමුත් මේ ප්‍රචාරන වැඩ සටහන යන කාළේ වෙනකොට වොලිබොල් ටීම් තත්වෙට වගේ ඇවිල්ල හිටියේ. මේ වැඩ සටහනේ පරමාර්ථය උනේ බීචි වොලිබෝල් තත්වෙට ඒක ගේන්න.

මේ සඳහා ජනතාව දැනුවත් කරන එක සෑහෙන අමාරූ කාරණාවක් උනා. මොකෝ අදටත් අපේ සමාජයේ මේ මාතෘකාව ප්‍රසිද්දියේ කතා නොකරනව පමණක් නෙමෙයි, අඩු ගානේ විවාහක යුවලක් අතර පවා කතාවෙනව හරි අඩුයි. (හොඳ වැඩසටහනක් යනව ජනහඬට කලින් ටී ඇන් ඇල් එකේ පුළුවන්නම් බලන්න...නම -  "Adults Only")

*************

ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

"ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ,  හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..

"ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට  දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.

'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.

"නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.." කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..

"ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."

"ඇයි....?  මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...?  ආපු කාරනේ කිව්වනන්  ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..

ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද  මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..

"ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"

"බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'

"එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."

"අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...

"හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."

මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."

"එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"

"අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."

"එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"

"අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි.. ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".

"එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"

"ඒ කිව්වේ මහත්තයෝ....?"

මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...

"ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"

තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...?  ඔය මහත්තුරු අහන දේ......?"

එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.

මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"කියල වැදගත් විදියට ඇහුවලු..

"පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

මල පැන්න මහත්තය  "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට "........." නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...

"ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි "............" තම්යි ඒවට  යන්නෙ.."

"මොනව...!!!  එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."

"ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."

"මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."

"මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."

"මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".

"ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."

"මොකක්....?  පනිට්ටුවක්..."

"ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."

"බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "

"මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම.... ළොකු ළමය කෙළිනව බාල්දියට් පයින්.....".

50 comments:

  1. අම්මප මේ කතාව කියවල හිනා වුනා වේලක්.

    ReplyDelete
  2. හෙහ් හෙහ් වියදමක් නැති ක්‍රමයක්... කොට මහත්තුරුන්ට තමයි ඉතිං. හැබැයි දවසක බෙල්ල ගැලවිල යන්නත් බැරි නෑ...

    මාතුපාල හිතපු තරම් මෝඩයෙකුත් නෙවෙයි වගේ... දැන් පුරස්නෙ අර පැටව් දෙන්න මාතුපාලගෙ පලාතෙවත් නැත්තෙ මොකද කියලයි!

    ReplyDelete
  3. හත්ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු... මෙහෙම එකක් මේ ඇහුවමයි... පුදුමයි මාතුපාලය තාම අතක් පයක් කඩාගන්නෙ නැතුව ඉන්න එක...

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා ලොක්කා!!!! තාම හිනා

    ReplyDelete
  5. බාල්දි ක්‍රමය තමා ක්‍රමය.. :D

    ReplyDelete
  6. හික්.. අර එක එක ෆ්ලේවර් ඕනෙම නැහැනේ...

    ReplyDelete
  7. @ JHOTHISHALANKA

    මොන ක්‍රමේකින් හරි වේලක් මග ඇරව ගන්නව කියන්නෙත් ළොකු දෙයක්නේ මේ කාළේ...

    ReplyDelete
  8. @ HARE :-)

    ඒක ඉතින් ළොකු ළමයගෙන්ම තමයි අහන්න වෙන්නේ..

    ReplyDelete
  9. @ සාතන්

    කුඹුරු කොටන එකාලට ඕව ලොකු ගේම් නෙවෙයි මහත්තයෝ..

    ReplyDelete
  10. @ රොබින්

    උබැහෙට නම් ;-)
    මහත්තුරුන්ට නම් :-@

    ReplyDelete
  11. @ රවින්

    මෙව්ව ඇවිල්ල පින් සිද්ද වෙන වැඩ.. එකෙක්ගේ හරි ලේ පිරිසිඳු වෙනවනේ...

    ReplyDelete
  12. @ sameerausa

    ඕකට කියන්නෙ බාල්දි ෂොට්..
    ඉයර්ෆෝන් සිස්ටම් එක දන්නව ඇතිනේ...

    ReplyDelete
  13. @ ප්‍රියන්ත කරුණාරත්න

    තෑන්ක්ස්... කොඳුයි...!!!

    ReplyDelete
  14. @ prasanna86k

    ගමේ අයියලට ඕව ඕන නෑ.. වෙද මහත්තයගේ ක්‍රමේ බැලුවයි.. උන්නැහෙත් මරු ඒව ලියනව

    ReplyDelete
  15. කියලා වැඩක් නැහැ. කියන්න වචන නැහැ. නියම ක්‍රමේ මට නම් හරියන් නැහැ. මාත් කොටා. වෙදහාමිනේත් කොටයි. මේ කථාව ඇහුවම මට හොද පෝස්ට් එකකට මාතෘකාවක් මතක් වුනා.

    ReplyDelete
  16. @ වෙද මහත්තය

    එහෙනම් ඉතින් විනාකිරි හරි බුලත් වල පිහිට තමයි.....

    ReplyDelete
  17. ඔන්න බනින්ට එපා මාත් බැලුවා..
    ඔය පනිට්ටුව හැබෑට මොනවැයින් හදපු එකක්ද අයියෙ.අර ගෑණු
    ලමයගෙ කකුලෙ ඇගිලි ටික යහතින් තියෙනවද?

    ReplyDelete
  18. හෆොයි . . . . මම හිතුවෙම අර කොහු මිටට හරි මහපොට ඇඟිල්ලට හරි දාපු ජාතියේ එකක් කියලා . .

    අලුත්ම එකක් නොවැ . . . හික් හික් හික්

    දැන් කියන්න බලන්න මාතලන් ගොයියගේ උන්දෑ බොට වැටිය උසද කොටද?? හා කියමු බලන්ට . .

    ReplyDelete
  19. @ ගිම්හානී

    ගහෙන් වටිලනං බැලුවට කාරී නෑ..ඇයි වදේ බලල නොවෙයිද කොමෙන්ට් ලියන්නෙ.. මල වදේ... යකඩෙන යකෝ යකඩෙන්... ඇස්වහක් කටවහක් නෑ නෝනේ කකුල තියා නියපොත්තකටවත් හානියක් නැතිවෙන්ඩ තමයි වැඩේ කොරන්නෙ.. ආයේ ඉතිං බත් කනව වගේ වැඩේනේ...

    ReplyDelete
  20. @ දුකා

    අපෙ හාමොනේ උසින් අඩුයි.. වයසෙන් වැඩියි..

    හික් හික්... ලැජ්ජාවේ බෑ.. ඔන්න මාත් අමුඩ ලේන්සුව හැපුව.....

    ReplyDelete
  21. ෂා ,වියදම් අඩු වැඩක්නොවැ,ළමයා මනුස්සයට වඩා කොට අයට නැද්ද ඔය වගේ තව කෙරේමයක්.

    ReplyDelete
  22. @ sithuwilimadiya

    මොකැයි නැත්තෙ..... ඕන දෙයකට මැතඩ්ස් තියෙනව ගමේ.. ඒ මැත්ඩ් එක ටිකක් අමාරුයි.. ලේසි කොරොමයක් ඔය වෙද් මහත්තයගෙන් ඇහුවනම් කියයි....

    ReplyDelete
  23. උඹ නම් පට්ටයි බන්..

    ReplyDelete
  24. @ රත්ගමයා

    ඇත්තෙයි... කාටවත් කියනව එහෙම නෙමෙයි ඕං....

    ReplyDelete
  25. Make comments appear right below the post.
    There is a button to change it from appearing in a separate window as it haapens by default.
    Check the settings-->comments.

    ReplyDelete
  26. ela plan 1 thama. condoms walata wiyadamakuth na..

    ReplyDelete
  27. මේ කතාව නම් පට්ටටම පට්ට. ඕන් මන් බුකියේ ශෙයා පාරක් දැම්මා.

    ReplyDelete
  28. හොද වෙලාවට මම කොට උනේ නැත්තේ. එහෙම උනානම් එළිවෙනකම් අහල පහළ එවුන්ගේ නින්ද සැරින් සැරේ කැඩෙනවා.

    කතාව එළ. මතක් කර කර හිනාවෙන්න පුළවන්. හවසට ගෙදර ගිහිල්ලා කියනවා. ඒ ප්‍රතිචාර හොද වෙයිද දන්නෑ.

    ReplyDelete
  29. හිනාව නවත්ත ගන්න බෑ .............
    මරු ක්‍රමේ අයියා.....තාම හිනා....!!

    ReplyDelete
  30. mathalan pel rakina dawas wala reta panittu sadde ahenne loku lamaya linden wathura adinawa maye hithe....

    ReplyDelete
  31. @ පිසාචයා
    ඇත්තෙයි.. ට්‍රයි කොරල බලල කියහන්කෝ

    ReplyDelete
  32. @ නිපුන
    සත පහක වියදමක් නෑ.. පනිට්ටුවයි.. විටෙයි..

    ReplyDelete
  33. @ bckurera

    තැන්කූ කුරේරා මහත්තයෝ...

    ReplyDelete
  34. @ තිසර

    ගෙදර ගිහින් කියල මක්කැයි උනේ ඊට පස්සේ..

    ReplyDelete
  35. @ Thanikada Jeewithe

    හෙහ් එව්ව කොහෙද.. මම පැල් රකින්න යන්නේ.. පනිට්ටුවත් අරගෙන..

    ReplyDelete
  36. නිදිමත යනකම් ම හිනා ගියා....

    ReplyDelete
  37. @ චතුර විජේකෝන්

    දැන් ඉතින් නිදාගනින්..

    ReplyDelete
  38. :D
    කොහු මිටට දැම්මා වගේ තමා

    ReplyDelete
  39. අරව මේවා මාසෙ ගානෙ ගන්න වෙලේ එක පාර හොඳ හයිහත්තිය ඇති බාල්දියක් ගන්න එකයි තියෙන්නෙ ඒ කියන්නෙ....මරු :D

    ReplyDelete
  40. @ ගොර්දෝනියා
    ළමයි ඒත් එනවලු..

    @ නෝටීස් ඉම්ප්‍රෙශන්
    බාල්දි මෙතඩ්..

    @ බුද්ධී
    අන්න බලන්න දෙයක් ඉගෙනගන්න මිනිස්සු

    ReplyDelete
  41. කොටන්නේ කොහොමද ඕයි තාම බඩ අල්ලන් හිනා........ හික් හික්

    ReplyDelete
  42. බැන්දට පස්සේ හාඩ්වෙයාර් එකකට ගිහින් ජීවිත කාලෙටම එකක් වෙන්න හොද බාල්දියක් අරන් එන්න ඕන...සරලයි වැඩේ පහසුයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න