.

.

Jun 12, 2011

බර අඩුකර ගැනිමේ නවතම ක්‍රමය - Reduce your Weight



බඩ ගෙඩිය ලොවි ගෙඩිය වගේ ආවත් දැන් කට්ටියට සෑහෙන ප්රශ්නයක්. මොකද දැන් ඉන්න කෙල්ලො කැමති නැහැ මහත් වෙන්න. වගේම එයාල මහත කොල්ලන්ට කැමතිත් නෑ. හින්ද ෆිට්නස් සෙන්ටර් වලට හොඳ කළ දසාවක් ලබල තියෙන්නෙ.

පොඩි පොඩි මිළ ගනන් වල ඉඳල ළොකු මිළ ගනන් වල ට්රෙඩ් මිල් දක්වා, එක එක උපකරණ විකිනෙන්නේ උණු පාන් වගේ.

වගේම අළුත් උපකරණ, බෙහෙත් වර්ග, කටු චිකිත්සා ක්රම වගේම, කෑම බීම කොන්ට්රෝල් කරණ ක්රම වගේ ක්රම වලටත් හොඳ මාර්කට් එකක් තියෙන්නෙ.

අපේ කාළේ නම් තිබුනේ මේකේ අනිත් පැත්ත. දවස් වල මහත් වෙන්න බෙහෙත් ජාති වල ඇඩ්ස් වලින් තමයි පත්තර පිටු පිරිල තිබුනේ.

මේ අතරේ සිත් ඇදගන්නා සුළු දැන්විමක් තිබුනලු පත්තරේ පුරුෂ පක්ෂය සඳහා ඉතා කෙටි කළකින් බර අඩු කර ගන්න පුළුවන් බවත් සඳහා කන්ටැක්ට් කරන්න අවශ් දුරකථන නොම්බරත් එක්ක.

ඉතින් මැදි වයසෙ මහත දෙහෙත පොරක් කෝල් කරාලු මේ නොම්බරේට . එහා පැත්තෙන් මිහිරි කටහඬක් ආවලු.

මෙහෙමයි සර් අපේ ගාව තියෙන්නේ,… බර අඩු වෙන ප්රමාණය අනුව චාජ් කරන සිස්ටම් එකක්. හැබැයි එක දවසකින් රාත්තලක් අඩු කරන්න රුපියල් 2000 චාජ් කරණව. ඒක තමා අඩුම පැකේජ් එක….. සර් කැමතිනම් ට්රයි කරල බලන්න පුළුවන් ... මනී බැක් ගැරන්ටී"

පොර බැලුවලු ට්රයි කරන්නත් එක්ක කමක් නෑ කියල ඇග්රී උනාලු වැඩේට...

"එහෙනම් සර් හෙට උදේම ට්රැක් කිට් එකක් එහෙම ගහල ලැස්ති වෙල ඉන්න අපේ ඉන්ස්ට්රක්ටර් කෙනෙක් සර් ලගේ ගෙදරටම ඒවී….”

කිව්ව වගේම උදේ පාන්දරම දොරට තට්ටු කරනවලු.. අපේ පොර දොර ඇරල බැලුවහම අවුරුදු 25 විතර සෙක්සි කෙල්ලෙක් ඇඟටම හිරවෙන ට්රැක් කිට් එකක් ගහල දොරකඩලු.. මහත්තය කරකවල අත ඇරියලු..

සර් මෙන්න මේ නෝට් එක කියවන්නකො කියල ලයාන්විත හඬින් කිව්වලු අර සෙක්සි කෙල්ල.

පොර නෝට් එක කියෙව්වලු... "මාව ඇල්ලුවොත්, මම ඔයාගේ.." හොල්මන් වෙච්ච පොර නෝට් එකෙන් ඇහ අරන්…. කෙල්ල දිහා බලන කොට කෙල්ල දුවනවලු..

පොරත් ඇරියේ නැතුව පස්සෙන්ම එලෙව්වලු... එදා හවස, බර මැනල බලන කොට රාත්තල් දෙකක්ම අඩුවෙලාලු.. ගැන සඳහන් කොරන්නේ නැතුව.. පොර ගත්තලු කෝල් එකක් කොම්පැනියට..

ඔයාලගේ ඊළග පැකේජ් එක කීයද..? ”

සර්…. අපේ නෙක්ස්ට් පැකෙජ් එක රෙඩුයුසින් 2 පවුන්ඩ්ස්.. බට් ප්රයිස් ඉස් 4000.. මේක හරි ඇට්රෑක්ටිව් පැකෙජ් එකක් සර්. මේක තමයි ගොඩක් පොපියුලර්...” 

ඇග්රී වෙච්ච විදියටම ඊළඟ දවසේ උදේම දොරට තට්ටු කරනවලු.. පොර හොල්මන්ද බේරේ පොල් කොළ උනාලු අවුරුදු 18+ ගැටිස්සියෙක් කොට කලිසම් ට්රැක් කිට් එකකුත් ගහගෙන දොරකඩලු..


අංකල් මේ නොට් එක .... කෙල්ල කියල එවරකරන්නත් කලින් පොර ගත්තලු නොට් එක උදුරුලම..

" පුළුවන්නම් මාව අල්ලන්න..... ඇල්ලුවොත් මම ඔයාගේ...." 

එදා හවස බැලුවලු බර.... පොර ෆුල් සප්රයිස් උනාලු.... බර අඩුවෙලාලු 4 ක්ම රාත්තල්...

"ඔයාලගේ තියෙන හොඳම පැකේජ් එක මොකක්ද...?"

"සර්... ඒකනම් ගොඩක් එක්ස්පෙන්සිවි... බට්... රාත්තල් 5ක්ම අඩු වෙනව එක දවසකින්... ගාන රුපියල් 10,000….. හැබැයි ටිකක් අමාරු වෙයි සර්.... "

"ඒකට කමක් නෑ.. මට දෙන්න පැකේජ් එක...."

ඊළඟ දවසෙ උදේ සුපුරුදු විදියට දොරට තට්ටු කරනවලු... ඉවසීමක් නැතුව කඩාගෙන ආපු මහත්තය දොර ඇරියලු... හතර රියන් ආනොල්ඩ් සුභසිංහ වගේ පොරක් ඉන්නවලු දොරකොඩ...

"මේ මොකද මේ...? "

" කියවනව මේ නොට් එක...." තල් අත්තට බොරළු වැටෙන වොයිස් එකක්..

"මම උඹව ඇල්ලුවොත්..... උඹ මගේ......"

"ආහාර මාර්ගයේ ආරම්භය හා අවසානය බේරා ගැනීම සඳහා... පොර දිව්වලු... ඇඩ්රස් නැතිවෙන්නම....."



: ලි:  එදා හවස බර මැනල බැලුවම රාත්තල් 10 ක්ම අඩුවෙලාලු

28 comments:

  1. ඔන්න ඔහොමලු මාතලන් කෙට්ටු වුනේ.
    කොහොමට හිටිය පොරක්ද? දැන් ඇටෙයි පොත්තයි විතරයි.

    ReplyDelete
  2. හැබෑට මාතලන් අය්ය ගත්තෙ මොන පැකේජ් එකද???

    ReplyDelete
  3. @ කතන්දර

    මටත් ලාස්ට් පැකේජ් එක ගන්න වෙයි වගේ..

    ReplyDelete
  4. @ ගිම්හානී

    අහවල් කාරනේටෙයි සත්‍ය වහන් කොරන්නේ... මම කැමති දෙවනි පැකේජ් එකට... හෙහ් හෙහ්....

    ReplyDelete
  5. හික්ස්. හාමිනේ එහෙම දන්නවනම් අද ඉන්න වෙන්නෙ එලියෙ තමා

    ReplyDelete
  6. නියම පැකේජ් ටික

    ReplyDelete
  7. මං හිතන්නේ අන්තිම පැකේජ් එකේදි දුවන්න ඇති පණ එපා කියලා.....

    ReplyDelete
  8. @ ගිම්හානී

    මේ ටිකේම එලියෙ තමයි ඉන්න වෙන්නෙ.. ට්ක දවසක් නැතෝ....

    ReplyDelete
  9. @ ශ්‍රී

    අනේද කියන්නේ....?

    ReplyDelete
  10. @ තීර්ථ යාත්‍රිකයා

    මරු පැකේජ් එක නේ.....?
    ඒවට කැමති අයත් ඉන්නව..... හෙහ් හෙහ්....

    ReplyDelete
  11. මේ ක්‍රමේ කොල්ලන්ටනේ... කෙල්ලන්ටත් ක්‍රමයක් නැද්ද දන්නෙ නෑ... එහෙම වුණොත් ඔය කම්පැණියෙන් එවන්න වෙන්නෙ පැණි බේරෙන නළුවෙක් හරි ගායකයෙක් හරි හෙන සල්ලිකාරයෙක් හරි තමයි. මොකෝ උන් පස්සෙන් විතරනෙ කෙල්ලො දුවන්නේ...

    ඔහොම තඩි කෙල්ලෙක් කම්පැණියට කතා කලාම ආවෙ හෙන ස්මාට් කාර් එකකින් හෙන හැන්ඩි පොරක්ලු... පොර දුන්න කොල කෑල්ලෙ තිබුණෙ මෙහෙමලු.

    කාර් එක පස්සෙ දුවල ඇවිත් කාර් එක ඇල්ලුවොත් කාර් ඔක ඔයාගෙ.

    ReplyDelete
  12. @ hare :-(

    මම ඒ කොම්පැනියට රපොර්තු කොරන්නම් උඹ ගැන....

    ReplyDelete
  13. මට මතක් වෙන්නෙ අර්ජුන රණතුංග කියල තිබ්බ කතාවක්. ඉස්සර ක්‍රිකට් ටීම් එකේ අද වගේ හෙන ඇඩ්වාන්ස් පිසියොල අරුං මුං නෑ ඉන්නෙ එක කෝචයි. ඌ දන්න එකම එක්සයිස් එක වෙන ඇස් ඇස් සී එක වටේ දිවිල්ල තමයි ඉතිං පැය දෙක තුනක්ම කරන්නෙ ප්‍රැක්ටිස් පටං ගන්නකල්. ඉත්ං මේකට දවසක් මලම පැනපු අර්ජුනය කිව්වලු "මේ දුවන විදියට කෙලින් දිව්වනං මෙලහකටත් එංගලන්තෙටම දුවල" කියල.

    ReplyDelete
  14. කෝ මේ මාතලන් අය්යා සද්ද බද්ද නැත්තෙ දුවලා හති වැටිලද??? හික්ස්

    ReplyDelete
  15. මොකද අරූ තාම පස්සෙන් එලවං එනවද?

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත & ගිම්හානී

    පොඩි බෑරක් ගිහින් ඕන් අදයි ආවේ.... තෑන්ක්ස් හෙව්වට....

    අපි දුවපු දිcඉලි දිව්වනම් එංගලන්තෙටත් එහා දුවල.... නැතෙයි...?

    ReplyDelete
  17. මට ඕන 18+ පැකේජ් එක.. ඒක නෙවේ.. ඔය කෙල්ලොන්ව ඉක්මනටම අල්ලා ගත්තොත්????? බර නම් අඩු වෙන එකක් නෑ නේද??

    ReplyDelete
  18. @ රවීන්

    එච්චර ලේසියට කෙල්ලො අල්ලන්න පුළුවන් කියලයි ඔහේ හිතන්නේ...

    දැනට කීයක් අල්ලල තියෙයි...?

    ReplyDelete
  19. පට්ට පැකේජ් ටික... කථාව එළ සහෝ !

    ReplyDelete
  20. @ චතුරංග පෙරේරා

    තෑන්ක්ස් බුවා

    ReplyDelete
  21. ෂැ මාර පැකේජ් නොවැ ඒ කාලේ තිබිලා තියෙන්නේ :D

    ReplyDelete
  22. එලම පැකේජ් එක දෙවනි එක... රිස්ක් එකත් අඩුයිනෙ..

    මේක හෙන පරණ පෝස්ට් එකක්නෙ... ඒත් මට නිව් අප්ඩේට් එකේ පෙන්නුවෙ අදනෙ..

    ReplyDelete
  23. අඩේ පට්ටම පට්ට කතාව .. මේක පරන පෝස්ට් එකක්ද ? මම දැක්කේ දැං ..

    ReplyDelete
  24. ශා..මරු පැකේජ් කට්ට...මාත් මාස ගනන් ඔය ෆිනස් සෙන්ටර් හානෙ යන එක නවත්තන්න ඕන!

    ReplyDelete
  25. @ පූසා, සාතන්, හිස් අහස, චාටර් කොල්ලා

    මේක පරණ පොස්ට් එකක්.. කොහෙමෙයි පැකේජ් ටික.. මම මේ අලුත් ගැජට් කෑලී දාන්න යන අස්සෙ.. වෙච්ච හුටපටයක්.. පට්ට පරණ පෝස්ට් එකක්

    ReplyDelete
  26. Hey there! I just wanted to ask if you ever have any trouble with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no data backup.
    Do you have any solutions to protect against hackers?

    Feel free to surf to my homepage; made a post

    ReplyDelete
  27. ll see much better results with this diet plan than
    you would with others that use some generic formula to calculate your nutrient needs.
    To find out if it is actually true and to understand better if Kyle
    Leon's system is generally for you or not, let's look into a few of the benefits and drawbacks of the product.
    In general, there is no doubt that the program Kyle Leon is a popular muscle building system for a good reason and this is definitely one of the most individual nutrients and online
    training programs today.

    Feel free to visit my web page; Somanabolic Muscle Maximizer Review

    ReplyDelete
  28. ඇයි බං මාමෙ උඹ මේ අහිංසක අපිට මෙහෙම කරන්න්නේ???
    බලහංකො, මේ පැකේජ් ටික කියවලා අවසාන වෙනකොට මට හිනාව නවත්තගන්න බැරුව හුස්මත් හිර වෙන්න ගියා බං මාමේ.
    අල්ලපු කාමරේ ඉන්න එකා ඇවිල්ලා කොනිත්තලා හිනාව නැවැත්තුවේ නැත්නම් ඉතිං සයිබර් දානයක් තමයි ඈ!!

    හම්මේහ්!
    (තවම හිනා වෙන ගමං)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න