.

.

Jun 3, 2011

මොහාන් සැලා ගොඩ ගනීද..? - To Rupavahini's New Chairman


මොහාන් සමරනායක කියන්නෙ මගේ ප්‍රියතම නිවේදකයන් කිහීපදෙනාගෙන් කෙනක්. ඒ වගේම ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීන මාධ්‍යවේදියෙක්. ඔහුව අප හඳුනන්නේ විදේශ විත්ති විචාරකයෙක් විදියට. ඉතාමත්ව සමබර විදියට එම ප්‍රවෘත්ති අපට ලබා දෙන්නෙක් විදියට. මොකද අද ඉන්න සමහර විදේශ විත්ති විචාරය කරන අය කරන්නේ, ඒක ලංකාවට ගැලපෙන විදියට හදාගෙන අමු කෙප්ප කෙලින එක. (උදා: ලලිත් ද සිල්වා.) නියම ප්‍රවෘත්තිය බැලුවහම වෙලා තියෙන්නේ වෙන එකක්.

දැන් එතුමට, කාටත් එපාවෙලා තියෙන රූපවාහිනිය බාරදිල තියෙනව. රූපවාහිනීය කියන්නෙ සාඩම්බර ඉතිහාසයක් තියෙන තැනක්. මේකේ කොච්චර වැදගත්, ලස්සන, වටිනා වැඩ සටහන් ප්‍රචාරය උනාද.? කොතරම් ප්‍රතිරූප ගොඩනැගුවද.? නමුත් පසු කාළිනව මොකද උනේ.? අන්තිමේදී ප්‍රවෘත්ති විකාශනයත් අච්චාරු ගොඩක් කරා. දැන් රූපවාහිනිය මගින් ප්‍රතිරූප ගොඩනගනව වෙනුවට, අනෙකුත් ආයතන වල ඉන්න කාලකන්නිගෙන් ඒක පුරවනව. ඇයි මෙහෙම උනේ.? විය යුත්තේ එයද.?

ඉරිදා උදැසන ආයුබොවන් වැඩසටහන කොතරම් වින්දද.? ප්‍රෙමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන වැනි ප්‍රවීනයො මෙන්ම, හේම නලීන් කෙතරම් අපූරුවට ඒව ඉදිරිපත් කළාද..? සමාජය කොතරම් දැනුවත් කළාද..? සාමන්‍ය ජනතාව පවා උසස් වින්දනයක් ඇති අය බවට පත් කළාද..? අද මොනවද කරන්නේ..? පෞද්ගලික නාලිකාවලින් ගත්ත නිවේදිකාවෝ කැබරේ දානව හිපියෝ වගේ සංගීත කන්ඩායම් එක්ක. මහරැ වැඩිහිටියෝ විතරක් බලපු එළිමහන් සංගීත බයිල උදේ පාන්දර දාල පොඩි එවූන්ගේ මොළ කුනු කරනව.

සිනමාවට අභියෝගයක් වන තරමේ සාර්තක ටෙලි නාට්‍ය බිහිවුනේ මෙතනින්. ඒවල රඟපාපු නළු නිළියෝ සිනමා තරුවලටත් වඩා ජනප්‍රිය වුනා. අද මොනවද පෙන්නන්නෙ..? පෞද්ගලික නාලිකාවල තහනම් කරපු, ඉන්දියාවේ කුණු ගොඩවල් වලටත් අන්ත කෝලම්.

ඉස්සර ප්‍රචාරය වුනු සංගීත වැඩසටහන් කොච්චර විඳින්න පුලුවන්ද. කොතරම් සුන්දර සංගීත වැඩසටහන් විකාශය කලාද.? අද මොනවද කරන්නෙ. පෞද්ගලික නාලිකාවල කරනව වගේම, ගිරව් වගේ කෙල්ලො දාගෙන වැඩසටහන් කන එක නේද.? කඩේ යන කලා කාරයො ටික දාගෙනවත් නැවතත් රසාස්වාදයෙන් උසස් නිර්මාන කරන්න බැරිද.? පෞද්ගලික නාලිකාවලට ආදර්ශයක් විය යුතු රූපවාහිනිය එසේ නොකොට ඒව කොපිකරනව විතරක් නෙමෙයි. අඩුගානේ ඒකවත් හරියට කරන්න බෑ කියල ඔප්පු කරපු වැඩසටහනක් තමයි රණවිරු සුපර් ස්ටාර්. මුකුන්ද හිටියේ ඒ නිවේදක නිවේදිකාවොද. මොන්ටිසෝරි ළමයි ඊට වඩා හොඳයි.

සාර්ථක නිවේදකයෙක් කියන්නේ හරියට හිටිවන කවියෙක් වගේ. චතුර වගේ වචන ගලාගෙන එන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒවගේ අය නිශ්පාදනය කලේ මුතුහර වැඩසටහනෙන්. අද ඒක තියෙනවද දන්නෙ නෑ. නමුත් පෞද්ගලික නාලිකාවල වැඩ කාරයො වෙලා ඉන්නෙ එතනින් ආපු අය.

කෙටියෙන් කියන්නෙ පුලුවන්නම්, රූපවාහිනිය ඔය තත්වෙන් වෙනස් කරල, වැඩක් තියෙන තැනක් කරන්න. රූපවාහිනය කියන්නෙ සල්ලි නැති තැනක් නොවෙයිනේ. ප්‍රවෘත්ති විකාශයෙන් පටන් ගන්න. වැඩි මුදලක් අරන් දැන්වීම් දෙක තුනක් දැම්මම හොඳටම ඇති. හෙඩ් ලයින් කියල ඉවරවෙල, ප්‍රවෘත්ති පටන් ගන්න කලින් නිවේදන දාන්නේ ඒකේ විතරයි මගේ හිතේ. එහෙම කරන්න තරම් අහෙනියක් නෑනේ. ඓශ්චර්යය කරා යන ගමනට රූපවාහිනියේ සතියේ දිනවල උදේ වරුව යොදාගන්න, අපි වවමු වැඩ සටහන, ස්වයං රැකියා (රූපලාවන්‍ය නොවේ)වලට උපකාර කරන, සමාජය දැනුවත් කරන වැඩසටහන් ප්‍රචාරය කරන්න.

නක්ෂශ්ත්‍ර කාරයොයි. කුක්ලයි, පතොරොම් කපන එවූනුයි, මේක් අප් දාන එවුනුයි ගේන එක නවත්තන්න. හැමදාම දොස්තරල ගේන්න මුලු ලංකාවම ලෙඩවෙලා නෑ තාම. මේ වටිනා කාළය, එවැනි කාළකන්නින්ගෙන් පුරවන්නේ නැතුව. වැදගත් වැඩසටහන් ප්‍රචාරය කරන්න.

බොරු උත්සව නැතුව චාම් ලෙස වැඩ බාරගත් ඔබට,රූපවාහිනිය රටටත්, ආන්ඩුවේ වැඩපිලිවෙලටත්, සමාජයටත්, දරුවන්ටත් වැඩක් ඇති සත්‍යවාහිනියක් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවායි අවංකව ප්‍රාර්ථනා කරමි.

සුභ අනාගතයක්....!!!

23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මාතලන්.. අපි බලාපොරොත්තු තියාගෙන බලන් හිඳිමු.

    ReplyDelete
  3. මමත් හිතනවා මොහාන් සමරනායක මහත්තයා මහත්මයෙක් විදියට වැඩ කරාවි කියලා.. කලින් හිටපු එකා(කොංගහගේ) ඕක කාලා ඉවරයි. එත් ඌට තානාපති පට්ටමක් දිලා යැව්වා රට... වැරදිවලට මේ වගේ දඩුවම් දෙනවනම් මොකාද වැරදි නොකර ඉන්නේ...

    ReplyDelete
  4. මමනං ටීවී බැලිල්ල අතෑරලා ගොඩක් කල්. නමුත් මොහාන් සමරනායක මහත්තය ආවයි කිව්වම පොඩි සතුටක් දැණුනා. තවමත් රැල්ලටම නොගිය පුද්ගලයෙක් නිසා. බලමුකෝ නේද?

    ReplyDelete
  5. රූපවාහිනියේ මුල් පුටුවට ඕනෑ කර ඇත්තේ දක්ෂ පරිපාලකයෙක් මිස අතිදක්ෂ මාධ්‍යවේදියෙකු නොවේ!

    ReplyDelete
  6. මොහාන් සමරනායක ඇත්තටම තනතුරට සුදුස්සෙක්.
    ඒත් මේ පෝස්ට් එක ලැබෙන්නෙ පිවිතුරු ගමනක් ආපු අයට නෙවෙයි අද කාලෙනම්. මොහාන්ට මේ චාන්ස් එක ලැබුණෙ පසුගිය සමයෙ ළාවට වගේ හෙමන් හෙමින් ලොක්කට සපෝට් කරපු නිසයි. මම දන්න ආයතනයක පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙතුමා ඇවිත් දේශණයක් පවත්වල නොකියා කිව්ව වත්මන් ජනාධිපතිවරයා දිනවන්න කියල.
    ඒ වගේම මේ ලාභ ජනප්‍රිය සංස්කෘතිය හරහා අද රූපවාහිණිය කරන්නෙත් මුදල් උපයන ව්‍යාපාරික ආයතනයක් කරන දේමයි. ඒ මුදල් රජයට අත්‍යාවශ්‍යයි. මෙවැනි පසුබිමක් තුළ අවංක වුවමනාවක් තිබුණත් මෙතුමාට උඩුගම් බලා යන්න හැකිවෙයිද කියන එක හිතන්න අමාරුයි.
    පුද්ගලිකව මම ටීවී බැලිල්ල අතහැරැල ගොඩක් කල්.

    ReplyDelete
  7. ඇත්තම කියනවනම් රූපවාහිනියෙ පම්පෝරි බලල එපා
    වෙලා අනේ ඉන්නේ.ඔතනට එන කාටත් එකමදේ තමා සිදුවෙන්නේ.ඉහලින් එන නියෝග පිලිපදින්න එපායැ නේද??

    ReplyDelete
  8. මා කලින් දාපු කොමෙන්ටුවේ තියෙන පැය බාගේ කතාව බැලුවම හිතෙනවා;

    - පොරට ලෝකය ගැන පුළුල් දැනුමක් තියෙන බව.
    - මාධ්‍ය වල සමාජ කර්තව්‍යයක් ඇති බව සිතන්නෙකු වීම [හුදෙක් මැටි වින්දනය ඉක්මවූ]
    - රැල්ලේ මාධ්‍යකරණය පිළිකෙව් කිරීම.

    හැබැයි මෙව්වත් හිතෙනවා;

    - රැල්ලට ඇමරිකාවට බැනීම
    - අතීතයේ ජාත්යන්තරත්වය මත දියුණු වූ ජාතියක කවදාවත් නොතිබිච්ච දේශීයත්වයක් ගැන සිහින මැවීම
    - දේශපාලනික ව පැත්තකට එනම් වමට බර වීම
    - ෆන්කි ජොලි වැඩ ප්‍රතික්ෂේප කිරීම. [24 * 7 ඩොකියුමෙන්ටරි දැම්මොත එකත චාටර් නේ]

    මට බය තියෙන්නේ රුපවාහිනියේ ඇමරිකන් ෆිල්ම් එකක් නොපෙන්නන ඉඳල හිටලා වත් ඉංග්‍රීසි සින්දුවක් නොයන වසර විස්සක් විතර පරණ කලුසුදු ලෝකෙකට නැවත යාවිද කියන එක.

    හැබැයි ඇමරිකන් රැල්ලෙන් බෙරිච්ච රටවල හොඳ සිනමාව ගෙනාවොත් එක නම පට්ට.

    ඉන්දික හරි. දක්ෂ පරිපාලකයෙකුයි අවැසි. හැබැයි ඔය කරන ඇඟිලි ගැහිමුත් එක්ක ඔහුට වැඩ කල හැකි වෙයි ද? කොටින් ම සලා අපක්ෂපාති වෙයි කියා හිතන්න අමාරුයි මොකා ආවත්. හැබැයි බැලුවම ඔලුව බිත්තියේ ගහ ගන්න හිතෙන මෝඩ පම්පෝරි වලින් නිදහස් වෙලා නරඹන්නාට යම් හරයක් ලබා දුන්නොත් ලොකු දෙයක්.

    මගේ වීඩියෝව මොහාන් ගැන උපදවන්නේ ද සැකයක් නොවේද?

    ReplyDelete
  9. හොඳ ලිපියක්... මොහාන් සමරනායක මහත්තය කියන්නෙ මම ගොඩක් කැමති පුද්ගලයෙක්...

    බලන් ඉමු... පහුගිය කාලෙ ලොක්කට ලාවට වගේ සපෝට් එකක් දුන්න වුනත් මම පිළිගන්න දෙයක් තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙයක් දන්න මොලයක් තියෙන මනුස්සයෙක් කියල...

    (මම හිතන්නෙ මේ බ්ලොගේට අද තමයි මුලින්ම බැල්ම වැටුනෙ... )

    ReplyDelete
  10. @ හිතමිතුරු

    බලාපොරොත්තු තමා අපිව ජීවත් කොරවන්නේ...

    ReplyDelete
  11. @ ඇනොනිමස් 1

    නියම පනිස්මන්ට් බොලන්. ඕන් ගියපු ලොකු කොස්සටත් දෙනවලු...

    ReplyDelete
  12. @ Sujeewa Kohuwala

    We report
    You MUST follow...

    ReplyDelete
  13. @ hare :-)

    ඉඳල හිටල හොඳ ඒවත් යනව....
    බලමු බලමු...

    ReplyDelete
  14. @ ඉන්දික උපශාන්ත

    මම දන්න විදියට එතුම හොඳ පරිපාළකයෙකුත් වෙනව...

    ReplyDelete
  15. @ Outsider

    අඩු ගානේ... පොඩි වෙනසක්වත්....

    ReplyDelete
  16. @ Gimhani

    කරුමේ ඒක තමා.. ලොක්ක හෙළුවෙන් කියල කියන්න එකෙක් නෑනේ...

    ReplyDelete
  17. @ Sujeewa Kohawala

    ඔබේ අදහස් හා සම්පූර්නයෙන් එකඟ වෙමි. මට ඇත්තේ බලාපොරොත්තුවක් පමණි....

    ReplyDelete
  18. @ සාතන්

    විල් හෝප් ෆෝ ද බෙස්ට්,,,,
    ආවට තෑන්ක්ස් හොඳේ... ආයෙත් ඇවිල්ල යන්න එන්න...

    ReplyDelete
  19. ඔබත් සමග මමත් එකගයි මිත්‍රයා.

    ReplyDelete
  20. @ ජය ශ්‍රී

    තෑන්ක්ස් ලොක්කො....

    ReplyDelete
  21. කරන්න දීලා බලමු.

    ReplyDelete
  22. තිබුනටත් වඩා අන්තයි වගේ.... ප්‍රවෘත්තී නානව...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න